16 January 2012

බයිසිමොටෝවේ යාපනයට... පළමු දිනය දුහුවිලි මැදින්...


ගමන ආරම්භයේදී වූ යම් තරමක පමාවත් අතර මගදී නැවතී ගමන් කිරීමත්.. හැරුන කොට තලාවේ සිට අනුරාධපුරය තෙක්ම දිවෙන මාර්ගය නඩත්තු කටයුතු නිසා හා වව්නියාවෙන් එහාට මාර්ගය තැනින් තැන සිදුවන මාර්ග සකස් කිරීම් හෙයිනුත් ගමනාන්තය සිතුවාට වඩා ප්‍රමාද වූ මුත් රාත්‍රි 8 වන විට සම්පූර්ණ දුර කිලෝමීටර 360ක් පමණ පසුකර යාපනයේ පිහිටි උදයන් ගෙස්ට් හවුසය වෙත ලගා වීමට හැකියාව මා හට ලැබිණී.
උදෑසන නිට්ටඹුවෙන් ආරම්භ කල ගමන් මාර්ගය යෙදී තිබුනේ කොළඹ නුවර පාරේ පස්යාල හන්දියෙන් වම් පසට හරවා මීරිගම නගරය හරහා ගිරිඋල්ල,නාරම්මල,කළුගමුව හරහා වාරියපොල නගරය පසුකර පාදෙණිය හන්දිය දක්වාය..එයින් පසුව තඹුත්තේගම හරහා අනුරාධපුරයටත් එතැනින් මැදවච්චිය හරහා වව්නියාවටත් ගොස් දවල් ආහාරය ගැනීමට සැලසුම් කර තිබුණි... ඒ අනුව නිට්ටඹුවෙන් උදෑසන ආහාරය රැගෙන නිට්ටඹුවේ සිට කිලෝමීටර් 157 ක් පමණ ගෙවා අනුරාධ පුරයට ලගා වෙද්දීම දහවල් 12ට ආසන්න වූ අතර උදෑසන ආහාරය පාන්දරින්ම ගැනීම නිසා බඩගින්න යහමින් දැනුන හෙයින් පෙර ගමන්වලදී අනුරාධපුරයට පැමිණී විට කෑම ගැනීමට පුරුදුව සිටි නම නොදන්නා තැන පමණක් දන්නා බොජුන්හලට ගොස් දහවලට ආහාරය ගෙන වැඩි වේලා නොසිට එතැනින් පිටත්ව නැවතත් ගමන් ආරම්භ කලෙමි...

අනුරාධ පුරය දක්වා ගමනට සිතුවාට වඩා අමතර පැය දෙකක් පමණ ගත වී තිබිණී. ඒ මාර්ගය අළුත් වැඩියා කිරීම් හේතුවෙනි... නැතහොත් දඹුල්ල පැත්තෙන් යනවාට වඩා මෙම මාර්ගය කිලෝමීටර් 10ක පමණ කෙටි මගකි. ඊටත් වඩා හරියට තිබුණා නම් අනික් පැත්තේ පාරට වඩා වාහන තදබදය අඩු පාරකි. එහෙයින් එම මාර්ගය තෝරා ගත්තද එහි කෙරෙන නඩත්තු කටයුතු නිසා සම්පූර්ණයෙන්ම තලාවේ සිට අනුරාධ පුරයට යන තෙක්ම පැයට කිලෝ මීටර් 20ක වේගයක්වත් ලබා ගැනීම දුෂ්කරය... අපහසුවෙන් යා හැකි මුත් දුර ගමනක් යන හෙයින් බයිසිමොටෝවේ ආරක්ෂාව ගැනද සිතා උපරිම හෙමින් ගමන් කරන්නට සිදු විය...

අනුරාධපුරයේ සිට මැදවච්චියටත් එතැනින් වව්නියාවටත් තිබූ කිලෝමීටර් 50ක පමණ දුරයෑම කිසිදු අපහසුවක් නැතිව කෙරුණි. වව්නියාව පසු වී කිලෝමීටර් 13ක් පමණ ගොස් ඕමන්ත වන තෙක් මාර්ගයත් හොදින් තිබූ අතර ස්ථාන දෙකකදී පමණ නඩත්තු හේතුවෙන් තරමක් දුෂ්කර වී නමුත් එයින් ගමනේ වේගයට එපමණ බාධාවක් නොවුණි. දුෂ්කර ගමන උදා වූයේ ඕමන්තෙන් පසුවය... ඕමන්ත සිට කිලිනොච්චිය හරහා අලිමංකඩ දක්වාම මාර්ගය පුළුල් මාර්ගයක් සේ සකස් කරමින් පවතින හෙයින් තැනින් තැන පාර දුෂ්කර විය. ඇතැම් තැනකදී කිලෝමීටර් කිහිපයක් ඉතා හොඳින් තිබීමත්..නැවතත් එවැනිම වූ දුරක් අබලන්ව තිබීමත් හේතුවෙන් එම ප්‍රදේශ පසුකර යෑමේදී ස්ථාවර වේගයක් පවත්වා ගැන්ම දුෂ්කර විය..සමහර තැන්වලදී පැයට කිලෝමීටර් 80ත් 90 ත් අතර වේගයකින් ගමන් ගත්තද දුර්වල ස්ථානවලදී එම වේගය පයින් යන තරමටම බාල කිරීමටද සිදු විය.

ගමනේදී සිදු වූ නොසිතූ ප්‍රමාදය හෙයින් යාපනයට යන අතරතුරදී එතරම් ඡායාරූප ප්‍රමාණයක් ගැනීමට නොහැකී වූ මුත් හැකි තරමින් ඡායා රූප ගැනීම සිදු විය. ඡායාරූප ගැනීමට මා සතු නොකියා 3120 වර්ගයේ දුරකථනය මෙන්ම මාගේ මිත්‍ර ඉබ්බා මහතාගේ කාරුණික අනුග්‍රහය යටතේ ලැබුනු ඩිජිටල් කැමරාවද උපයෝගී කොට ගතිමි. එම කැමරාවෙන් ලබාගත් ඡායාරූප ගමනේ මුල් කොටසේදී වැඩිපුර තිබූ අතර එහි වූ ඡායාරූප ඉබ්බා මහතාට කැමරාව බාරදීමෙන් අනතුරුව මා හට ලැබෙන්නට සලස්වනු ඇති හෙයින් එම ඡායාරූප ඉදිරිපත් කිරීමට තරමක් කල් පසුවිය හැක.
කෙසේ හෝ ඕමන්ත පසුකොට කිලිනොච්චි නගරය වෙත එද්දීම වෙලාව සවස පහට පමණ වූ අතර "කිලිනොච්චි" නගරය සම්පූර්ණයෙන් පසු කිරීමටත් කිලෝමීටර කිහිපයක්ම යා යුතු විය..එය එතරම්ම දිග නගරයකි. ඒ නගරය අතර මැදදී යුධ සිහිවටනයක් ලෙස තැනූ නිර්මාණයක් වූ ‍වෙඩි උණ්ඩයක් සිර වූ බිත්තියක දසුනත්.. එයිට තරමක් එහායින් කොටි ත්‍රස්ථවාදීන් විසින් විනාශ කොට ගිය කිළීනොච්චි වතුර ටැංකියත් දැක බලා ගත් අතර වේලාව ඉතිරි කර ගැනීම පිණීස වැඩි වේලා නොයිද එයින්ද පිට වීමි... ‍කිලිනොච්චිය පසුකර යද්දීම මට සිතුනේ පැමිණී පසුව එම නගරය ගැන ලිවීමේදී දුහුවිල්ලෙන් වැසුන නගරය ලෙස එය හැදින්විය යුතුය කියා වූවත් එයින් පැය කිහිපයකට පමණ පසුව "මීසාලේ" පසුකොට "චාවකච්චේරියට" යද්දී "කිලිනොච්චි" දුහුවිල්ලට නොදෙවෙනි දුහුවිල්ලක් එහිදී දැක ගන්නට ලැබුණු හෙයින් පෙරදී සිතූ දේ වෙනස් කර ගතිමි.. එහෙත් "කිලිනොච්චි" නගරය පුරා ගැවසී ගත් දුහුවිලි වළාව ගැන සඳහන් නොකොට බැරිය... එය එතරම්ම පීඩාවක් ගමනේදී මා හට ලබා දී තිබුණි...
"පරන්තන්" සහ "අලිමංකඩ" යන ස්ථාන දෙකෙහිදිම සුළු වේලාවක් නැවතී සිට එම ස්ථාන වල පිහිටුවා ඇති හමුදා මුර කපොළුවලට මාගේ විස්තර ලබා දීමද සිදු කල යුතු විය. එයට ඒ හැටි කාලයක් ගත නොවූවත් තවමත් ආරක්ෂක ප්‍රශ්න ඇති බවට එයින් යම් සලකුණක් ලැබිණී. විශේෂයෙන්ම උතුරේ තවමත් ඇති ආරක්ෂක හමුදා භාරයට නොගැනුන අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ආදිය කොළඹට පැමිණීම වැලැක්වීමට මෙම තත්වය ඇවසි වගත් සඳහන් කිරීම වටී...
"අලිමංකඩට" පැමිණෙන විට සැඳෑ හිරු කලපුවේ ඈත කෙළවරින් සැගවී යමින් පැවතිණ... එහි නැවතී ඡායාරූප කිහිපයකුත්... හමුදාව විසින් පවත්වාගෙන යන ජන අවන්හලකින් එළවළු රොටියක් සමඟ කිරි කෝපි කෝප්පයක්ද බී නැවතත් ගමන් අරඹන විට යතුරු පැදියේ ප්‍රධාන ආලෝක එළී දැල්වීමට අවශ්‍යවන තරමේ අඳුරක් පැවතිණී.එතැන් පටන් මාර්ගය මද දුරක් යන තෙක් අබලන් වූ අතර නැවතත් "අයියකච්චි" සිට "පලෙයි" දක්වා හොඳින් ඇත. එයින් පසුව "මීසාලේ" දක්වා කිලෝ මීටර් 14ක් පමණ තැනින් තැන කැඩී බිඳී තිබූ මුත් වැඩි හරියක් අළුතින් සකස් කර ඇත. මීසාලෙයි වලින් පසුව නම් පාරවල් ගැන කතා කිරීමත් තේරුමක් නැත. ඒ එහි කෙරෙන නඩත්තු කටයුතු හෙයිනි... අධීක දූහුවිල්ලත්... පාරේ සෑම තැනම අළුත් වැඩියා කිරීම් පිණීස කරගෙනයනු ලබන කටයුතුත් නිසා යෑමට නොහැකි තරමටම දුෂ්කරය.. විශේෂයෙන්ම ඉදිරියෙන් එන රථවාහන කිසිදු අවස්ථාවක හෙඩ් ලයිට් නිවා දමා ඩිම් ලයිට් වලින් නොයන නිසාත් දුහුවිල්ලට පාරේ යන එන අතක් හොයා ගැනීමට නොහැකි නිසාත්... පාලම් තැනීම පිණීස හාරා ඇති වලවල් බොහෝමයක් ඇති නිසාත් මීසාලෙන් ඉදිරියට යාපනය දක්වාම මාර්ගය බයිසිකල් කරුවන්ට එතරම් හොඳ මාර්ගයක් නොවේ.. එහෙත් සුභ ආරංචියක් හැටියට කිව හැක්කේ තව ටික දිනකින්ම එම සකස් කෙරෙන පාරවල් වැඩ අවසන් විය හැකි බවත්එයින් පසුවට නම් කොළඹ ප්‍රදේශයේ බයිසිකල් ධාවනයට වඩා සිය දහස් ගුණයක් හොඳින් හා පහසුවෙන් එහි යා හැකි බවය... තනා නිම කර ඇති පාරවල්වල පලලත් තත්වයත් ඉතා හොඳින් පවතී... ගැටළුවකට ඇත්තේ තවමත් වැඩ නිම නොවූ පාරවල් නිසා ඇතිවන දුෂ්කරතාවයන්ය.. ඒ හැර යාපනය දක්වා ගමනෙහි වරදක් නැත...
කෙසේ හෝ "චාවකච්චේරි" නගරය මැදින් ඉතා දුක්බරව ගමන් කල යුතුව තිබුණි..චාවකච්චේරි යයි සඳහන් බෝඩයක් මුලින්ම දැක සිතට සතුටක් ඉපදුනේ යාපනයට තව ටිකයිනේ කියා සිතුනු බැවිනි..එහෙත් තවත් සෑහෙන දුරක් ගිය පසුත් "චාවකච්චේරි පොලිසිය" කියා දුටු පසුව චාවකච්චේරියේ දිගත් සිතා ගත හැකි විණී... එයින් පසුව බොහෝම අසීරුවෙන් රබර් කිලෝමීටර් බර ගානක අවසානයේ යාපනයට සේන්දු වීමට හැකි විය...

යාපනය නගරයේ කලින් කතා කරගත් නැවතුම් පලක් මා හට විය. ඒ "උදයන්" පුවත්පත් ආයතනය සතු ලැගුම් හලයි. එහි භාරකාර තැනත් සමග දුරකථනයෙන් කල කතාබහ ඔස්සේ කල් ඇතිවම කාමරයක් වෙන් කරගැනීමට හැකියාව ලැබුන අතර යාපනයට ගොස් ඔහුට අමතා තැන සොයාගෙන රාත්‍රී 8 වන විට එම ස්ථානයට ඇතුළු වීමට හැකියාව ලැබිණී...

මාසිතුවාටත් වඩා ප්‍රිය මනාප පෙනුමකින් යුතු තරුණ මහතකු පැහැදිලි සිංහලෙන් කතා බස් කරමින් සුහදව මා හට හිමි කාමරය පෙන්වූ අතර එය ඉතා සුවපහසු ස්ථානයක් විය... කෙසේ හෝ රැගෙන ගිය බඩු බාහිරාදිය කාමරයට දමා..බයිසිකලය ආරක්ෂිතව නවතා තබා හොඳින් නාගෙන නැවතත් පාරට පැමිණ රාත්‍රී ආහාරය සඳහා කොත්තු රොටියක් මිලදී ගෙන කාමරයට ගොස් කොත්තු රොටී ගිල දමා මඳ වේලාවක් කාමරයේ වූ රූපවාහිනී යන්ත්‍රයද නරඹා නින්දට වැටුනේ පසුවදා පාන්දර 6ටවත් අවදිවී ඩෙල්ෆ් දූපත බැලීමට යාමටය...එහෙත් උදේ අවදිවන විට වේලාව උදෑසන 7ට පමණ විය.. අහෝ "ඩෙල්ෆ්"...

102 comments:

  1. මාරයියා ආපසු ඇවිත් වගේ....මම අයියට පටන් ගනිද්දිම තලාව පාර ගැන කිව්වා... :)
    ඉදිරි චාරිකා සටහන් ටික කෝ.....මරු ට්‍රිප් එක්ක නේද මාරයියේ....තව සටහන් කරන්නකෝ අපිටත් කියවලා අයියගේ චාරිකාව කොයිවගේද කියලා බලාගන්න.........

    ReplyDelete
    Replies
    1. ආවා ආවා මලේ... තලාව පාරේ ඔයිට කලින් ටික දුරක් යන්න ලැබිලා තිබුනා මීට මාසෙකට විතර කලින්..ඒත් ඒ හරියේ පාරේ එක පැත්තක් ඇරලා අනිත් පැත්තේ වැඩ කෙරෙන හින්දා මං හිතුවේ එහෙම තියෙයි කියලා..ඒත් තලාවෙන් එහාට පාරක් කියලා එකක් නැහැ..

      හෙට තව ටිකක් දාන්න බලන්නං වෙලාව තිබුනොතින්

      Delete
  2. ඉතින්, වෙන කා එක්කද ගියේ,...?? :D :D

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං උඹ ආවේ නැහැනේ..? නැත්තං කියන්ට තිබුනා කාත් එක්කද ගියේ කියලා...

      Delete
    2. මුන්දැ කොහෙන්ද පාත් උනේ... දැක්ක කල්

      Delete
    3. ඔය හිටි හැටියේ කඩං පාත් වෙලා මොනවා හරි දොඩවලා යනවා මිස කොහෙන් පාත් වෙනවද කියලා කවුරුවත්ම දන්නේ නැහැ...

      Delete
  3. ගමනේ විස්තර සේරම දෙන්න මාරයියේ පොටෝ එක්කම ,,මම බලන් හිටියේ මේ විස්තර එනකන්, හුරේ අද මම 1 ද මන්දා

    ReplyDelete
    Replies
    1. මොන එකද බං ඩිලෝ යන්තං 3..:D:D:D

      අනිවා සියළුම දේවල් දානවා විස්තර ඇතිවම..පොටෝනං බුකියේ දානවා එකක් නෑර..මේකේ නැති එව්වත් එක්කම...එතනින් බලමු...

      Delete
  4. යකෝ.. ගියාට වැඩිය වේගෙන් ලියලා තියනවනේ....

    මටත් ආස හිතුනා ඔය වගේ ගමනක් යන්ඩ...

    ReplyDelete
    Replies
    1. ආස හිතුනනං බල බල ඉන්න එපා කොහොම හරි යන්ටයි තියෙන්නේ..හැමදාම ඕවා කරන්ට හිතෙන්නෙත් නැහැ..එහෙම කොරන්ටත් බැහැ...

      Delete
  5. ඉතුරු ටික එනකම් නොයිවසිල්ලෙන්....

    ReplyDelete
    Replies
    1. හෙටත් කෑල්ලක් දෙන්න බලන්නං...

      Delete
  6. නියමයි අයියා.... පොටෝ එක්කම කතාව ලියන්න (මේ.. ඔයාගෙ මූණ තියන ඒවා ඕන නෑ)... ආසාවෙන් බලාගෙන ඉන්නෙ කියවන්න....

    ReplyDelete
    Replies
    1. මූණූ නොදා කොහොමද බං අර ලකියා වගේ උන් ඉන්නවා බලාගෙන මාව වළඳන්න

      Delete
  7. වැඩිපුර පොටෝ ටිකක් දැම්මනම් යස අගෙයි....

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකට අඳාළ සියළුම පොටෝ කෑලි ටික බලන්න තැනක්...

      http://www.facebook.com/media/set/?set=a.2175246239055.79432.1783813709&type=1&l=e18abfe9bc

      Delete
  8. තයිපොන්ගල් අල්ලලා යාපනේ ගොහින් ආවේ විශේෂ ආරාධනාවක් එහෙම තියෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. හපොයි මට ඔය තෛපොංගල් කතාවක් මතක් උනේම නැහැ..ඒත් පහුවදා හතරවටින් රතිඤ්ඤා ගහද්දි තමා කල්පනා කලේ මේ මොකද කියලා..කොටින්ම ඔය පොංගලේ හින්දා 15 උදේ කන්න ටිකක් හොයාගන්න කිලිනොච්චියට එනකල් එන්න උනා...

      Delete
    2. තන්ගච්චි කිලිනොච්චියේද ඉන්නේ ? :D

      Delete
    3. නොදෝමකින් මෙහෙමත් එවුවෝ...

      Delete
  9. දැක්කම අපිටත් යන්න හිතෙනවා.
    නියම අත්දැකීම් ටිකක් ලබන්න ඇති නේද.
    එක නෙමෙයි තෛපොංගල් වලට තන්ගච්චි කෙනෙක් සෙට් උනේ නැද්ද ??? DDD

    ReplyDelete
    Replies
    1. එහෙම අත්දැකීමක් ලබන්න ඉතිං ලේසි නැහැ.
      අර මොකටෙයි තෛපොංගල්වලට තංගච්චිලා..?

      Delete
  10. නියමයි අයියේ.. යාපනේ ඇවිදපු තැන් ගැනත් ලියන්නකෝ එහෙනම්.. මාත් තාම යාපනේ ගිහින් නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඊ ළග ලිපියෙන් කියන්නම් ගිය තැන් ගැන..දැන්ම යන එකේ පොඩි හොඳක් තියෙනවා..ඇත්තටම මමත් පරක්කුයි එක අතකින් බලද්දි. මොකද තව ටික දවසකින් යාපනේ අපිට දකින්න වෙන්නේ කොළඹටත් වඩා දියුණු නගරයක් හැටියට මිස යුද්ධයක් තිබුන තැනක් හැටියට නෙවෙයි...

      Delete
  11. හිත හිත හිටි සිහිනයක් සැබෑ කර ගත්ත නේද? සන්තොසේ බැරුවා. බයිසිමොටෝ එකේ නිසා කොන්ද රිදෙනව ඇති. මමනම් මේ අවුරුද්දේ ආපහු යන්න ඉන්නේ.
    එතරම් හිත ගියා මට.

    ReplyDelete
    Replies
    1. ගිම්හානිටත් බොහෝම ස්තූතියි ගමන ගැන දැන ගත්තට පස්සේ යාපනේ ගැන තොරතුරු හැකි පමණීන් දැන්වීම ගැන...

      Delete
  12. මේ පාර ලංකාවට ගියාම අපිත් යනවා......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් යන්ට ඕන..නගා ආව වෙලාවක කියන්ටකෝ...

      Delete
  13. ලස්සනට ගොඩ නැගෙන මං මාවත් වලින් හැරී ඇතුලුට ගොස් ගම්මානවල ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ගෙවෙන ලස්සනත් අහන්නට අනාගතේදී ඉඩක් ලැබෙයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. අනාගතේ නෙවෙයි දැන්ම තියා එයාලා ගැන කියන්ට කතන්දර බොහෝමයක් තියෙනවා..මං දැකපු දේට වඩා නොදැකපු දේ හුගාක් ඇති. ඒත් ඇත්තටම දැකපු දෙයිනුත් මං පුදුම උනා.. එහෙම උත්සහවන්ත මිනිස්සු ඉන්න පළාතක් ඒක...

      Delete
  14. ඔන්න යාපනෙ නොගිය ඒත් ළඟදිම යන්න හිතා ඉන්න අපිත් හිතෙන් යාපනේ යනවා මාරයා එක්ක !!! නියමයි..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා ගැනත් වචනයක් මං කියන්නංකෝ ඉස්සරහට..හැබැයි පස්සේ කෑ කෝ ගහන්ට ඔට්ටු නැහැ...

      Delete
    2. ඈහ් ????!!!! හත්දෙයියනේ.. මල්ලියෙ පහුගිය කාලෙ විහිළු කලාට ඒවා සීරියස් ගන්ඩ එපා අෆ්ෆා.. වරදක් කලත් සිතකින් නොවේ නෙ...

      Delete
    3. බය වෙන්ට කාරි නැහැ අයියා..මං මේ පලවෙනි දෙයියා ගැන ලියන්ටයි හිතං උන්නේ...

      Delete
  15. නියමයි! යාපන ගමන ගැන තව විස්තර අහන්න බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඊ ළග ලිපියත් බලන්න මලේ...

      Delete
  16. ෆේස් බුකි පැනෝ ෆොටෝ එක දානකොට මට හිතුනා අද පෝස්ට් එකක් ෂුවර් කියලා :)

    //අපහසුවෙන් යා හැකි මුත් දුර ගමනක් යන හෙයින් බයිසිමොටෝවේ ආරක්ෂාව ගැනද සිතා උපරිම හෙමින් ගමන් කරන්නට සිදු විය...//

    සෑමා ගියානම් මේ ටික හිතන්නේ නැතිව, ඉගිල්ලිලා යන්න ගහින් කෙලව ගන්නවා ෂුවර්ය. ;)

    ReplyDelete
    Replies
    1. අපොයි මගේ පැනෝ පොටෝ...

      මාත් ඉතිං යන්න ගත්තම පුළුවන් උපරිමේ යනවා..ඒත් ඉතිං හිතන්ට කාරණා බොහෝමයයිනේ වේගයට වඩා...

      Delete
  17. අනුරාධපුරේ ටවුමටත් ඇවිත් නේ.අපරාදේ අපිත් ඉන්නෙ ටවුන් එකේ.ඉතුරු විස්තර ටිකත් ඉක්මනට දාන්න.මේ ටිකේ පාරවල හදන නිසා වැඩි වෙලාවක් ගත වෙන්නැති ගමනට.

    ReplyDelete
    Replies
    1. මට යන්ට කලින් නදීගෙන් අහගන්ට බැරි උනානේ කොහේද හරියටම ඉන්නේ කියලා..නැත්තං ඇවිත් ඇණයක් වෙන්ට තිබුණා...

      Delete
    2. සෑහ් ඒකනේ... ආය එනව නම් අනිවාර්යෙන් කියන්ඩ හරිද?

      Delete
    3. අනිවාර්යයෙන් කියලා එන්නංකෝ...කෑම බීම හදන්ට වැඩිය මහන්සි වෙන්ට කාරි නැහැ..ඔය බතක් උයලා වෑංජන හතරක් පහක් හදලා තිබ්බම මදෑ... තේ බොන්ටනං සුළු සුළු කැවිලි ජාති වර්ග දෙක තුනක් තිබුනත් ඇති... කරදර කරන්න හොඳ නැහැ නෙව...

      Delete
  18. කිලිනොච්චි කියලා මැදවච්චි ගියේ නැහැනේ :)

    ReplyDelete
    Replies
    1. යන්තං මැදවච්චිය හරහා කිලිනොච්චියටනං යා ගත්තා හසිත මලයෝ.. ඒත් බලහංකෝ අලිමංකඩ යන්න කියලා පාමංකඩ යන්න බැරි උන හැටි...

      Delete
  19. ෂා....මරු ගමනනෙ බං අයියේ...
    කොන්ද යහතින් තියෙනවැයි???

    ReplyDelete
    Replies
    1. කොන්දනං කිසිම අමාරුවක් නැහැ නගේ..ඒත් බං මේ පෂ්ෂ පැත්ත තමා තාම රිදෙන්නේ..හප්පා...

      Delete
  20. යාපනේ ටවුමේ ෂොපින් යන්න එහෙම හිතුනේ නැතුව ඇති. මම නම් ගියා දැන් ඔය හැම කඩේ කම වගේ සිංහල දන්නා කවුරුම හරි කෙනෙක් ඉන්නවා. ඒ නිසා වැඩේ ගොඩ දා ගන්න අමාරුවක් නැ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම භාෂා ප්‍රශ්නයක්නං උනේම නැහැ යාපනේදී..ඒත් ඩෙල්ෆ් වලදී ඒක ලොකු ප්‍රශ්නයක් උනා...
      මට මොන ෂොපින්ද අප්පා..?

      Delete
  21. අම්මෝ අයියා ආවද කියලා දැන ගන්න තිබුණ අමාරුවක්.
    හරි හරි මම ඉල්ලපු ඒව ගෙනාවද?

    ReplyDelete
    Replies
    1. මොම් මොනවද..? ආ මුහුදු වැලි නේද..? ගෙනාවා ගෙනාවා...

      Delete
    2. ‍මුහුදු වැලි මොකටද බං අයියේ දැන්ම. ඇරත් ගෙයක් හදන දවසට ඔය මුහුදු වැලි ටිකක් ගන්න අපිට යාපනේ යන්න ඕන නෑනේ. :D
      මම කිව්වේ මේ කොට්ට කිලංගු ගේන්න කියලා. හැබැයී ඉතිං ඒවා ඉල්ලලා කමෙන්ට් කලේ ගියාට පස්සේ නේ.

      Delete
    3. ආ ඔව් බට්ටි ඉන්නේ වැලිගමනේ..ආයේ මොටද යාපනේ වැලි..පරක්කු වෙලා ඉල්ලුවම ඒක දකින්න මට දිවැස් තියෙනවද..?
      (තිබ්බත් මංනං ගේයි මේන් කියලා..හැක් හැක්..)

      Delete
  22. යහතින් පැමිණිම ගැන සංතෝසයි.
    ඉතුරු විස්තරත් දාන්න.

    ReplyDelete
    Replies
    1. දානවා දානවා පසා..නොදා කොහොමෙයි...

      Delete
  23. පොඩ්ඩක් විතර කටුක වුනත් සුන්දර අත්දැකීමක් විදිහට තමයි මටත් දැනෙන්නේ. ගොඩක් දුර ගමනක් යතුරු පැදියකින් යනකොට සී‍ට් එක උඩට ටිකක් ඝණකම තුවායක් එලාගත්තානම් "පස්ස දන" ‍ලෙ‍ඩේ ඇතිවෙන්නේ නැහැ. කොන්දේ අමාරුවටනම් බෙහෙත් පූජා නගර හැරෙන්නට ඔය හැම නගරයකම වාගේ තියෙනවානේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඒ බෙහෙත් නවත්තලානේ... ඒ සල්ලි තමා ගමන්වලට යොදන්නේ...

      අර කිව්ව තුවා සීන් එකනං ඊ ළගපාර නැගෙනහිර යද්දී අත්හදා බලන්න ඕන...

      Delete
  24. අප්පේ මේ විස්තරේ දැකීමත් සතුටක්... මාරේ අයියේ... යාපනේ යන්න ඉන්න අයට ගයිඩ් එකක් විදියට මේ පෝස්ට් මාලාව පළ කලොත් නරකද ? යන්න ඕනේ පාරවල්, කන්න පුළුවන් කඩ, බලන්න නතර වෙන්න ඕනේ තැන් ගැන සඳහන් කලොත් ඒක් පහසුවක් වේවි...

    චාරිකා සටහන් නම් ආසාවෙන් කියවනවා. අපිවත් යාපනේ එක්ක යන්නකෝ ඒ නම්... ඉතුරුවත් දාන්නෝ....

    ReplyDelete
    Replies
    1. පුළුවන් උපරිමයෙන්ම ලියනවා මලේ...

      Delete
  25. ෆොටෝ වලින් පේන විදියටනම් තව කව්ද ගිහින් තියනව මාරය එක්ක..

    ReplyDelete
    Replies
    1. යකෝ මුංට පේන්නේ මාරම දේවල් නෙව... බොහොම අමාරුවෙන් මංම මාවත් එක්ක හිටින්න ගහප් පොටෝ ටිකයි.. ටයිමරේ සෙට් කරලා ගත්තුවයි දිහා බලලා කොහොමෙයි බං ඔහොම කියන්නේ..?

      Delete
  26. යාපනයට ගොස් ඔහුට අමතා තැන සොයාගෙන රාත්‍රී 8 වන විට එම ස්ථානයට ඇතුළු වීමට හැකියාව ලැබිණී//

    මේ වගේ වාක්‍ය කෑලි ඉස්සර තිබුනේ පරණ නව කතා පොත් වල විතරයි නේද මාරයො... දෙයියන්ගෙ පිහිටෙන් දැං ඇත්තටම එහෙම ලියන්ඩ පුලුවන්...

    උඔගේ දේසාටන විස්තරේ මරු. වැඩිත් නෑ කෙටිත් නෑ, මෙන්න නියම දේශාටකයෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහොම ලියන්ට හම්බ වෙන එකත් මරුම තමා ඈ...

      යාපනේ ගැන සම්බන්ධ නවකතා කොටි කතා වගේම අල්පයක් චිත්තරපටිත් මං ඉස්සර ඉඳන්ම ආසාවෙන් බැළුව දේවල්.. ඒත් එක්කම ඇත්තම යාපනය දෑහෙන් දැක ගන්න එක හීනයක් වෙලත් තිබුන හින්දා මේක හුගක් වටිනවා..
      තැන්කූ කිව්වා චූටි මහත්තයා...

      Delete
  27. තනියමද බන් අයියේ ගියේ ? සිරාවට ඇහුවෙ ඕන් ඒක.. ඔච්චර දුරක් බයික්කෙන් අනේ අම්මේ... මට නම් මාසයක් ඩව්න්.. මොටෝ බයික්කෙ ගමන අල්ලනෙම නෑ නෙව මට.

    ඔහොම යන එකෙත් ආතල් එකක් තියෙනවා නේ.. ඉරිසියත් එක්ක

    ReplyDelete
    Replies
    1. තනියම බං තනියම...
      බයික් ගමන් එහෙමට අමාරු නැහැ බං... අපි ඒ ගැනහිතනකොට නිකං බය වෙන්නේ.. හුගක්ම ජීවිතේට බයික් එහෙක දුර නොගිය අය අපිව බය කරන බයකිරිල්ලට තමා ඔහොම වෙන්නේ..එහෙම නැතිව ඕක මහ අමාරු දෙයක් නෙවෙයි... ෆුල් ආතල්..

      Delete
  28. කොහොම හරි මතකයේ හැමදාම රඳවා ගන්න පුළුවන් ගමනක වග...ඊරිසියා නෑ අපිට ඔන්න... :P

    ReplyDelete
    Replies
    1. හික් හික්..ඊරිසියා නැහැනං එච්චරයි...

      ජීවිතේ හුගක් වටින මතකයක් මේකත්...

      Delete
  29. හරි සෝක් ගමනක් නෙව...පංකාදුයි..

    ReplyDelete
  30. රස්තියාදු ආතල්. මරු අප්පා. හිටපු ගමන් අපි දෙන්නත් යනවා බයික් එකේ ඔහොම. යාපනේ නම් නෑ. ළඟ ළඟ තමා තාම ඉතින්.

    ReplyDelete
    Replies
    1. හැමදාම ළග පැද පැද ඉන්නේ නැතිව ඉඳ හිටවත් වෙනසක් දකින්න පලයං නගේ දුරක...

      Delete
  31. අපූරු ගමනක් නෙවැ..අනේ අපේ ගෙදර අය ඔක්කොම ගියා මට එක්සෑම් එකක් නිසා යන්න බැරි උනානෙ..ආයෙ ඉතින් කවද යන්න ලැබෙයිද දන්නැහැ..යාපනේ මේ දවස් වල නම් තද රස්නෙ ඇති..බයික් එකේ යද්දි ගොඩක් වෙහෙසයිනෙ..ඒත් ඉතින් ගමනෙ සුන්දරත්වයයි ආශාවයි එක්ක බැලුවම අව්ව වැස්ස මොනාද නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් රස්නෙයි..ඒ වගේම හුගාක් දූවිල්ල..පාරවලුත් හුගක් තාම හදනවා..ඒත් ඒ හැම දේම අතරින් යන එක තමා වටින්නේ.. අනික හොඳට හදපු පාරවල්වලම යන්න ගියාම නිදිමතත් එනවනේ..මෙහෙම යනකොට නිදාගෙන බැහැනේ..පාර ගැන අවධානයෙන් යන්න ඕන..

      ආයේ පුළුවන් වෙච්ච වෙලාවක ගෙදර අයත් එක්ක යන්න..වටිනා කියන අත්දැකීමක්...

      Delete
    2. ඒකත් ඇත්ත තමා..මේ පාරවල යද්දි කොහොම නිදාගන්නද අවදානෙන් යන්න වෙනවනෙ..ඔව් අයියෙ කොහොමහරි යන්න ඕනෙ යාපනේ ..මේ ගමන දැක්කම තවත් ආසාව වැඩිවුනා..

      Delete
  32. අනේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නකෝ.මං කවදාවත් එහෙ ගිහින් නැතෝ.
    බයික් එකේ යාපනේ යනකොට මහන්සි හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් දානවෝ..ටිකක් ඉන්ඩෝ...
      මහන්සිද..නැහ් මහන්සි නැහැ..
      (හපොයි මගේ පශ්චාත් භාගේ..)

      Delete
  33. මම නම් කැමති මීට වැඩිය විස්තර ඇතුව ලිව්වනම්... කොළඹ ගියත් ඔයටික ලියනවනේ... යාපනේ යද්දී කොච්චර දේවල තියෙන්න ඇතිද ලියන්න :)

    ReplyDelete
    Replies
    1. අපි ඔය ගැන චැට් එකෙනුත් කතා කලා නෙව..බලමු ඊ ළග කොටසේදී එහෙම ලියන්න...

      Delete
  34. පව් කියල හිතුන.....අර මෝට බයිසිකලේ ගැන......

    ඉතුරු ටිකත් ලියමු බලන්න... ෆේස් බුක් පැත්තේ යන්න ඕනේ අනිත් පින්තුර ටිකත් බලන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මගෙ කට... ඇයි යකඩෝ අපි ඔටුවොද..?

      Delete
  35. අඩේ මම මෙහෙ ගිහින්ම නෑනේ ඔන්න ඉතින් යන්න හිතෙනවා බයික් එකක නම් බැරිවෙයි හැබැයි මම අම්බානක බයයි

    ReplyDelete
    Replies
    1. බයෙන් බයෙන්නං මොනවත්ම කරන්න යන්න හොඳ නැහැ..මුලින්ම ළග ළග ටිකක් පැදලා හුරු වෙලා ගියානංහරි...

      Delete
  36. අය්යෙ ට්‍රිප නම් පට්ට. පින්තූර වල පේන විදියට පාරේ වැඩිය වාහන එහෙම නැති පාටයි නේද ?

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් ඒක තමා තිබුන ලොකුම සහනය...ඒත් එද්දි ආවේ දඹුල්ල පැත්තෙන්නේ ආයේ ඕනම නැහැ පාරෙන් එකයි වාහන..එපා උනා...

      Delete
  37. නියම ගමන, මාරය තුමා සැහැල්ලුවෙන් ජීවිතය විඳින විදිහ දකින්නත් ආසයි. ලියන විදිය නම් ටිකක් විතර වෙනස් කරල. හොඳ වෙනසක්. ඒත් පරණ පුරුදු විදිහ නම් මරු.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු..කිහිප දෙනෙක්ම ඔය කතාව කිව්වා..‍චැට් එකෙන් එහෙම ඇවිත් අපි බලමු වෙනසක් කරන්න පුළුවන්ද කියලා..ස්තූතියි

      Delete
  38. නාගදීපෙ ගියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ නාග දීපේ මං මගේ ගමන් සැලසුමට ඇතුලත් කලේ නැහැ... එයිට වඩා ඩෙල්ෆ්ට් වැදගත් නිසා...

      කාලෙකින් දැක්කේ..මොකද පහු ගිය දොහේ වෙලාතිබුනේ..?

      Delete
  39. කිසිදු අතුරු අන්තරාවක් නැතුව ගොසින් පැමිණීම ගැන සතුටු වෙමි.....මම මේ කිව්වේ සයිකලේ ගැන හොදේ...

    ReplyDelete
  40. හොඳ රවුමක් ගහල නේද? තනිකඩ නිසා හොඳයි ඉතින්.;) මේ අර මුලින්ම දාල තියන ෆොටෝ දෙක A14 පාරේ ෆොටෝ දෙකක්ද? දැකල පුරුදුයි.

    ReplyDelete
    Replies
    1. නැහැ කසුන් ඒ තියෙන්නේ A-9 පාරම තමා...

      Delete
  41. මෙන්න මාරයාගෙ හෝරාවේ මම ආසම ජාතියේ ලිපි... කමෝන් මාරයියා... ඉතුරු ටිකත් දාමු....

    ReplyDelete
    Replies
    1. දානවා දානවා පොඩ්ඩෝ හිටු ඉවසලා...

      Delete
  42. මූණු පොතෙන් බලල හරියන්නේ නැහැ මාරයා අයියේ විස්තරේ කියවපු ගමන් බලන්න ෆොටෝ ටික මෙතනම දාන්න

    ReplyDelete
    Replies
    1. එහෙම දාන්නනං පුළුවන් ඒත් ඔක්කෝම පොටෝ 200ක් විතර ඇති මයෙ හිතේ... එතකොට පොස්ට් එක ලෝඩ් වෙන්න හුග වෙලාවක් යනවනේ...ඒක බලන අයට ටිකක් අමාරු වැඩක් නෙව... ඒකයි මෙහෙම කලේ...

      Delete
  43. මමත් තාම යාපනේ පැත්තෙ ගිහින් නෑ ..[ලැජ්ජයි]
    මේ විස්තරේ බැලුවම නම් යන්නම හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ වෙන්ට දෙයක් නැහැ අයියා..මොකද අනිත් තැන්වලට වගේ හිතුන ගමන් යන්න පුළුවන් තත්වයක් තිබුනේ නැහැනේ..අනික පොඩි දුරකුත් නෙවෙයිනේ..අනිත් ගමන් වගේ දවස් දෙකේ ප්ලෑනකට යන්නත් බැහැ.. ඒ හින්දා දැන්වත් යන්න බලමු..හැබැයි ටොප් වැඩක් තියේ..මට මතක හැටියට අයියට තුන්රෝද රථයක් තියෙනවද කොහේද..ඒකේ ගියානං හරි...

      Delete
  44. චාරිකාවම තමයි ඉතින් නේද

    ReplyDelete
  45. අදයි කියවන්න ගත්තේ . ෂා නියමයි .අපි ඇර අපේ පවුල් වල හැමෝම දැන් යාපනේ දැකල තියෙනවා . ගෙදර උන්දැත් පොඩි කාලේ ගියාලු . ඔන්න මෙව්වා දැකල එයාටත් තනියම ඇවිදින්න ඕනලු ලංකාව වටේ . එව්වා කොහෙද දැන්

    ReplyDelete