18 January 2012

බයිසිමොටෝවෙන් යාපනේ චාරිකාව... ජැටිය පාර හා කඳුරුගොඩ විහාරය...

හනේ ඉතිං රෑ ඇඳට වැටිලා දොයිය ගත්තේ උදේ රැයින් අවදි වෙලා යන්ට නෙව ඩෙල්ෆ් දූපත බලන්ට... ඔය බ්ලොග් වලින් කියෝපු ලිපි වලට අනුව උදේ නවයට එක බෝට්ටුවක් පිටත් වෙන්ට නියමිතයි ඩෙල්ෆ් දූපතට...ඒකේ ගෙහුං ආයේ හවස 3ට එහෙන් පිටත් වෙන්ට තියෙන බෝට්ටුවේ එන්ට කියලා හිතං තමයි මම හිටියේ...
ඒත් දෙයියනේ කලින් දවසේ තිබුන ඇගේ පතේ කැක්කුම් වලට මට හොඳ ටෝම නින්ද ගෙහුං නැගිටිනකොට උදේ 7ට විතර ඇති.. ඉතිං මක් කොරන්නද කොහොම කොහොම හරි උදේම නාලා කරලා ලෑස්ති වෙනකොට අටටත් කිට්ටුයි.. ඊටත් පස්සේ ආයේ බයිසි මොටෝවත් ඉට්ටාට් කොරගෙන ගියා ඩෙල්ෆ් හොයන්ට... ඒක ලේසි නැහැ කවදාවත් යාපනේ නොගිය මට..ඒත් කොහොමින් කොහොම හරි පාරවල් හොයාගෙන යන්තං ජැටියට යන්න තියෙන පාරට වැටුනා...
ඒ පාර කිලෝ මීටර් 25ක් විතර දුර පාරක්... ඒකෙත් තැනින් තැන හැරෙන්න තැන් වගේම අබලන් හරියවළුත් බොහෝමයි.. ඉතිං ගමන ටිකක් හෙමින් නෙව..ඒත් ඒ හැම දේටම වඩා ගමනට බාධාව උනේ අවට තිබුන සොබා අලංකාරේ... පේන තෙක් මානේ හතර වටින්ම කලපුව... ඒ කළපුව මැදින් ඉද්ද ගැහැව්වා වගේ තනි කෙලින් පාර අනන්තයට දුවනවා... මගේ වම් අත පැත්තෙන් ඉරපායාගෙන එනවා... ඒ පැත්ත බලන්න අමාරුයි..ඉරේ එළීය කලපු දිය මතට වැටිලා පරාවර්ථනය වෙනකොට කලපුවේ ඒ පැත්තම රිදී පාටට බබලනවා..අමාරුවෙන් හරි බැළුවාම ආයේ ඔළුව හරවන්න හිතෙන්නේ නැහැ.. ඒ විතරක්ද පාර දෙපැත්තේ නොගැඹුරු දියේ හැම තැනම එක දිගටම මාළු දැල් හිටවලා...
ඒ අතරේ තැනින් තැන හමුවන කුරුළු රෑන්..උන් කොක්කුමත් නෙවෙයි එක එක හැඩේ උන්.. ඒ විතරක්ද කුඩා උකුසු වර්ගයක් අර කලපුව පුරා අතුරලා තියෙන මාළු දැල්..මාළු කොටුවල වහලා..උන් බලං ඉන්නේ දැලට මාළු අහුවෙනකල් උන්ගේ බඩ කට පුරෝගන්න... ඒ අතරේ හෝඩි පොතේ දැක්කට පස්සේ හැබැහින් හුගාක් ළගින් දකින්න හම්බ උන රුවල් ඔරු... සමහර ඔරු රුවල විදාගෙන ඇවිත් කලපුව මැදින් දිවෙන මා යන පාර හරහා කලපුවේ අනිත් පැත්තට මාරු වෙන්නේ පාර යටින් තියෙන බෝක්කුවක් යටින්..ඒ බෝක්කුවට ලං වෙද්දිම ඔවුන් ඔරුවේ රුවල් පාත් කරනවා.. ඊට පස්සේ දිග රිටි වල උපකාරයෙන් දිය දෙබෑ කරගෙන පාරේ වම්පසින් බෝක්කුව යටට ඇතුල් වෙනවා..ඊටත් පස්සේ දකුණූ පසින් මතු වෙනවා... ටික දුරක් රිටි ගහලා ඉදිරියට ඇදෙන ඔවුන් නැවතත් රුවල් ලීය කෙලින් අතට සිටුවලා රුවල් සකස් කරනවා.. ඊට පස්සේ හුළගේ ආධාරයෙන් වේගෙන් ඇදිලා කලපුවේ ඈතකට යනවා..




මේවා බල බල කොහොමද හයියෙන් යන්නේ... යන්න ගිය ගමනත් අමතක වෙනවා..ඒත් කොහොම කොහොම හරි ගිහින් මම කියා ජැටියට... එතනින් තමයි ඩෙල්ෆ් වලට වගේම නාගදීපේටත් යන්න බෝට්ටු පිටත් වෙන්නේ..නාග දීපයටනං කොයි වෙලෙත් බෝට්ටු ඕන තරං..ජැටියේ ඉඳන් පැය කාලක ගමන.. ඒත් ඩෙල්ෆ්වලට ජැටියේ ඉඳන් පැයක ගමනක් තියෙනවා.. හරියටම කිලෝමීටර් 12ක පමණ දුරක්... ඒත් මුහුද රළු වෙලාවට පැයකුත් මදි ගමනට...
මම ජැටියට යන විට නවයයි දහයට විතර ඇති.. ඔව් ඒ වන විට ඩෙල්ෆ් වලට යන්න නියමිත ‍‍බෝට්ටුව පිටත් වෙලා... සැලසුම වෙලා ති‍බුනේ 13 වෙනිදා ඩෙල්ෆ් ගිහිං 14 යාපනය බලලා ආපහු එන්න.. ඒත් බෝට්ටුව මග ඇරුනට පස්සේ සැලසුම වෙනස් උනා.. ආයෙම එන්න පිටත් උනා යාපනය අර්ධද්වීපයේ ඇති අනිකුත් ස්ථාන නැරඹීමට... එතකොට නාගදීපේ..?

ම්හූ..මගේ කොහොමත් සැලසුමක් තිබුනේ නැහැ ඒක බලන්න යන්න.. මම ගියේ වන්දනා ගමනක් නෙවෙයිනේ... වන්දනා ගමනක් වෙනුවෙන් මිස නාගදීපේ යෑම හරහා වෙනත් නැරඹීය යුතු ලොකු දෙයක් ගැන කිසිම තැනකදී මං විස්තරයක් දැකලා තිබුනේ නැහැ..ඉතිං ඒක මගේ ගමනේ කෑල්ලක් නෙවෙයි.. ඉතිං මම ආයේමත් ආවා යාපනයට..

ඒ එන අතරදී තමයි උදේට බඩට මුකුත් දාගන්න උනේ... ඒකත් ලොකු ආහාරයක් නෙවෙයි වඩේ එකයි ප්ලේන්ටියයි..ඇත්තටම ඒ වඩේ එක ඇති උදේ වේලකට... තූනියට හදලා හොදින් බැදපු රසවත් පරිප්පු වඩේ එකක්... මේ පැතිවල තියෙන ඒවා වගේ මැද අමු වඩේ නෙවෙයි...හොදින් කරවෙන්න බැදපු වඩේ..ඒ විතරක් නෙවෙයි ඒකට එකතු කරලා තිබුන සූදුරු වලින් අමුතුම රසයක් එකතු උනා.. කොහොම හරි වඩේ කාලා ප්ලේන්ටියක් ගහලා ආයෙම ඇදුනා යාපනය පැත්තට.. ආ කියන්න අමතක උනානේ..අතනට ගියේ රුපියල් 30 යි..වඩේ එකට 20යි..ප්ලේන්ටියට 10යි...

ඒ ගමන යන්තං දවල් 11ට කිට්ටු වෙද්දී ආයෙමත් මං යාපනේ කොටුව සමීපයේ.. දැන් කල්පනාව කදුරුගොඩ විහාරය බලන්න යන්න...ඒත් එයිට කලින් මොනවා හරි හරි හමන් විදියට කාලා ගියොත් හොඳයි කියලා හිතුන හින්දා ගියා යාපනය නගර මධ්‍යයේ ඇති කඩයකට... කෑවා තෝසේ... තෝසේ 3ක් ගිලලා ප්ලේන්ටියක් ගහලා ආවා එළීයට... බිල රුපියල් 70ක්ද කොහේද..? මෙහෙන් කෑවනං තෝස 3ටම 90යි.. ඇත්තටම යාපනේ කෑම බීම සාධාරණ මිලකට පවතිනවා...මම පස්සෙන් පහු මේ ගමනේ කෑම බීම නවාතැන් ආදි හැම දේ ගැනම වියදම් විස්තරයක් දක්වන්න හිතං ඉන්න හින්දා ඒ විස්තර අපි පස්සට දාමු...

බඩත්පිරුන එකේ යන්න පටන් ගත්තා කදුරුගොඩ හොයන්න..සිතියම් වලට අනුව ඒකට යන්න ඕන KKS පාරේ..ඒ කියන්නේ කන්කසන්තුරේ පාරේ... කොහොම හරි එහෙං මෙහෙං අහගෙන KKS පාරටත් වැටුනා.. එහෙම කිලෝ මීටර් 16ක් විතර ඇවිත් චුන්නාකම් හන්දියෙන් වමට හැරිලා තවත් කිලෝ මීටර දෙකක් පමණ යද්දි ආයෙමත් වම් අත පැත්තට ඇති අතුරුපාරක් දිගේ ගියාම හම්බ වෙනවා කදුරුගොඩ විහාරය... මේක යාපනය අර්ධද්වීපයේ ඇති ඉපැරණි විහාරයක්..මෙහි ඇත්තටම ඇත්තේ ‍කුඩා චෛත්‍ය සංකීර්ණයක්... පෙර කලක විසූ රහතන් වහන්සේලා 60 නමකගේ ධාතු නිධන් කොට සෑදූ චෛත්‍යය 60ක් මෙහි තිබිය යුතු වූවත් තවමත් පුරාවිද්‍යා කැණීම් වලින් හදුනාගෙන ඇත්තේ එයින් 56ක් විතරයි කියලයි එහි තිබූ පූවරුවක දිස් උනේ... ටිකක් ලොකු කරලා බැළුවොත් මෙම පූවරුව ඔබටත් කියවන්න හැකි වේවි..මම කියනවට වඩා සෑහෙන විස්තරයක් එහි සඳහන් වෙලා තියෙනවා...
එහෙමනං අපි බලමු කඳුරුගොඩ විහාරයෙහි දැනට ඇති දා ගැබ් සමූහය...ඒත් එක්කම කියන්නට ඕන වැදගත් දේ තමා දැනටමත් මෙම විහාරයට අයත් ඉඩම අවට වැසියන් විසින් අල්ලාගෙන ගෙවල් හදාගෙන නිසා තව බොහෝමයක් දැ ගැබ් අපිට කවදාවත් දකින්න වෙන එකක් නැති වග...

කඳුරුගොඩ විහාරය දැක බලා ගැනීමෙන් පසුව මම පිටත් උනේ කීරමලේ ඖෂධ පොකුණ දැක බලා ගන්ට තමා ඕං..එව්වා ඊ ළග ලිපියෙන්...

මෙන්න මේ සබැඳිය හරහා ගොස් මූණූ පොතේ ඇති පොටෝ 50ක පමණ ඇල්බමයක් දැක බලාගන්නටත් ඔබට හැකියාව ඇත...

90 comments:

  1. සිරා ගමනක් නේ අයියේ
    අපිටත් යන්න අසයි
    ඔහොමතමා ට්‍රිප් යන්න ඕනේ කිසිම පැලැන් එකක් නැතුව හිතෙන තැනට යන්න

    ReplyDelete
    Replies
    1. ආස නම් කොහොම හරි ඒ ආසාව ඉටු කරගන්න හැටියක් ගැන බලන්න මලේ.. හැමදාම ඕවා කරන්න වෙන්නේ නැහැ බොහෝම ටිකකාලයයි අපිට ඇත්තේ...

      Delete
  2. මාර අය්යා ගෙ ගමන් විස්තර අසාවෙන් කියවනවා තව පින්තුර දන්න ගමනෙ යන්න අසාවක් ඇතිවුනා සුබ ගමන් මාර අය්යා

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක යටම ඇති මලේ දැන් ලින්ක් එකක් දීලා පින්තූර ඇල්බමයට... එතැනින් ගෙහුං බලන්ට...

      Delete
  3. සාදාරණ මිල ගණන් දැනට තිබ්බත් තව ඉදිරියට මිළ ඉහල නගීවි.

    ඔය අවට වැසියන් අල්ලා ගත්තා කියපු ස්ථානත් ඉදිරියට නැවත පොදු වෙයි මට හිතෙන විදිහට.

    ලස්සනයි, නිස්කලංකයි. මමත් අනිවා යනවා.
    ඉතුරු ටිකත් බලමු හිමිහිට.... (ටැන්කූ අන්තිම පොස්ට් එකට තියාගමි) ;)

    ReplyDelete
    Replies
    1. අපොයි මං ඉල්ලගන්න හිටිය ටැංකිව් එක..?

      සමහර විට මිල ගණන් පහත බහින්නත් ඉඩ තියෙනවා කියලත් හිතෙනවා..විශේෂයෙන්ම නවාතැන් පහසුකම්වල එහෙම..මුල් කාලෙට වඩා මේ වෙනකොට නවාතැන් ගත හැකි ස්ථාන වැඩි වීම මත පොඩි තරඟකාරී ගතියක් එකතු වෙන හැඩක් පේන්න එහෙම තියෙනවා..

      Delete
  4. අනිවා මාරයියේ මමත් ලංකාවට අවම යනවා ඔය වගේ රවුමක්.
    ඇත්ත බොහොම පොඩි කාලයක් තමා අපිට තියෙන්නේ අපිට උවමනා දේවල් කරන්න මොකද පස්සෙන් පහු අපිට කරන්න වෙන්නේ අනුන්ට උවමනා දේවල් නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව් හැකියාව ඇති විට තමන් ආස කරන දේවල් නොකලොත් ආයේ කවදා කරන්නද..? දවසක ඉතිං නොකරපු කල හැකිව තිබූ දේ ගැන හිත හිත දුක් වෙන්න තමා වෙන්නේ...

      Delete
  5. නියමායි...... ගිය සැරේ ගියේ බස් එකේ නෙ අනිත් පාර අනිවා යනවා බයික් එකක....ඒ පැත්තේ තිබුණු තඩී කෝවිල් වලටත් ගියාද?

    ඔයා දැක්කෙ නැද්ද චුන්නාකම් හන්දියේ තිබුණු මේ බෝඩ් එක...

    https://www.facebook.com/photo.php?fbid=252912034781666&set=a.138486352890902.30114.100001886139455&type=3

    ReplyDelete
    Replies
    1. දීලා තියෙන ලින්ක් එක වැඩ නැහැනේ මලේ..

      අනිවා යන්න බයික් එහෙක..ඒක වෙනස්ම අත්දැකීමක්...
      මං නැවතිලා හිටියෙත් නල්ලූර් කෝවිල ලග..ඒත් ඇතුලට බලන්නනං ගියේ නැහැ..කමිස ගලවගෙන කෝවිල් ගානේ යන්න තරං වෙලාවක් තිබුනේ නැහැ බලන්න හිතං හිටිය දේවල් වැඩි හින්දා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ චුන්නාකම් හන්දියේ තියන වලිකාමම් දකුණ ප්‍රාදේශිය සභාවේ බෝඩ් එක....

      http://www.picpaste.com/Picture_054.jpg

      Delete
  6. අම්මප.. යන්න හිතෙනව මේ ගමන.... ඔය වගේ ප්ලෑන් නැති ට්‍රිප් ඕනෙ තරම් ගිහින් තියෙනවා... ඒත් තනියම ගිහින් නෑ.. යන්න ඕනෙ තනියම,,,,

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. බයික් එහෙකම පලයං මලයා...

      Delete
  7. ෂාහ් නියම ට්‍රිප් එක අයියේ. දැන් යන ගමනක් තමයි ඉතින් නේද?

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව..අතේ පයේ හයිය තියෙනකල් යන්න ඕන තැන්වලට යාගන්න ඕන...

      Delete
  8. විස්තර සේරම දාපන් මාරයියේ

    ReplyDelete
    Replies
    1. දානවා ඩිලා දානවා..නොදා කොහොමෙයි...

      Delete
  9. මාත් මේ සුන්දරත්වයට වශී උනා. ඒ නිසයි නිතරම මම අය්යව උනන්දු කලේ යන්නම කියල. මම අනිත් අයටත් කියන්නෙ යන්න කියල. අපි මේවා බලගන්න ඕනමයි. ගමන ටිකක් දුශ්කරයි. ඒත් කොහොමහරි ගියොත් කවදාවත් අමතක කරන්නනම් බැ. මමනම් ආපහු යනවා. මගහැරුන ස්ථාන ටික බලාගන්න.
    අය්යාට විඩාව දැනෙනවා ඇති බයිසිමොටෝ එකේ ගිය නිසා. පාරවල් හදල ඉවර උනාමනම් පහසුවට යන්න පූළුවන්වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම්හානි මුල ඉඳන්ම මේ ගමනට මට සෑහෙන්න සහයෝගයක් දක්වපු කෙනෙක්..ඇත්තටම ඒ සහයෝගය හුගක් පහසුවක් උනා ගමනෙදි.
      ගමන් විඩාවනං ටිකක් තියෙනවා තමයි..ඒත් ආයෙම යන්න කැමතියි හෙට උනත්..ඒත් ඉතිං ආර්ථිකේ ආයමත් හදා ගන්න එපැයි... පාරවල් ටික හැදුව ගමන් ආයේ යන්න ඕන...

      Delete
  10. ඒ පැත්තෙ ඉස්සො වඩේ තිබුනෙ නැද්ද මාරයියෙ?.

    ReplyDelete
    Replies
    1. නැති වෙන්ටනං බැහැ..මොකද කලපුව කියන්නේ ඉස්සෝ අහුවෙන තැනක්නේ..වඩෙත් හැම තැනම තියෙන කෑමක්.. ඒත් මට දකින්නනං ලැබුනේ නැහැ...
      කෑමම තමා නේද..?

      Delete
  11. යාපනේ ගිය පාර මමත් කදුරුගොඩ විහාරේ බලන්ඩ ගියා.

    ReplyDelete
    Replies
    1. නදීලටනං අපිට වඩා ගමනෙන් බාගයයිනේ දුර...නිතර නිතර උනත් ගෙහුං එන්ට ඇහැකි.

      Delete
  12. අපිට නම් මීට වඩා නිවී හැනහිල්ලෙ බලන්න පුළුවන් වෙයි. අනුන්ගෙ වාහන වල යන නිසා !

    ReplyDelete
    Replies
    1. මොන නිවී හැනහිල්ලක්ද..අනුන්ගේ දේවල් අනුන්ට ඕන හැටියට නෙව...

      Delete
  13. නියම විස්තර ටික බං මාරෙ.
    තව මොනවහරි තියෙනවනං ඒවත් දාමු බලන්න.

    උඹේ ෆොටෝනං නැතුවට කමක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. පොටෝ නැතිව බැහැ..පොටෝ නැතිව බැහැ..ලකියා තාම ගෙදර..ඌ ආව ගමන් අඩුපාඩු හොයනවා...

      Delete
  14. අම්මේ මාර ට්‍රිප් එකක්නේ. මමත් යාපනේ ගිහින් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතිං යමුකෝ මහ දුරක්යෑ...

      Delete
  15. එල ට්‍රිප් එකක්නේ ගිහින් තියෙන්නේ. මාත් ආසයි මෙහෙම යන්න.මටත් තාම යාපනේ යන්න බැරි උනානේ. FB එකේ තිබුන අයිස්ක්‍රීම් එක තමා මගේ නම් හිතට ඇල්ලුවේ...:D

    ReplyDelete
    Replies
    1. යකඩෝ බයිසිමොටෝ එහෙකුත් තියෙන එකේ..බොට ඒක පදින්න මට වගේම ඇම්මකුත් තියෙන එකේ..යමකෝ...

      Delete
  16. මමත් කාලෙකට කලින් බයික් එකේ වව්නියාව වෙනකම් නම් ගිහින් තියෙනවා. භාසා ප්රකස්නෙයි යුද්දෙයි හින්ද තමයි ඉතුරු ටික බයික් එකේ නොගියේ ලගදීම යනවම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මාත් එක්කන් පල....

      Delete
    2. යුද්දේ අවුලකුත් නැහැ දැන්.. භාෂාවත් ගොඩ දාගතෑකි.. එහෙ මිනිස්සුත් හරි කැමතියි අපිත් එක්ක කතා බහ කරන්න... මාත් ඔය වැඩි හරියක් අය එක්ක අතින් පයින් තමා කතා කලේ.. යාපනේ ටවුමෙනං අවුලක් නැහැ හුග දෙනෙකුට සිංහල පුළුවන් යම් තරමකට..

      අනේ අර පොඩි මෑන්වත් අරං පල

      Delete
  17. පරිස්සමින් කොල්ලෝ

    ReplyDelete
  18. ආයෙ කියවන්න ඕනෙ දැන් වැඩට යන්න තියෙනව. පස්සෙ එන්නං එතකන් ටටා

    ReplyDelete
    Replies
    1. මේකගේ දැන් කොයි වෙලෙත් තියෙන්නේ ඔය කවියම තමා...

      Delete
  19. පුදුමයි අර දාගැබ් ටිකවත් බේරිලා තියෙනවා පහුගිය කාලෙ හැටියට

    ReplyDelete
  20. නියමයි අයියා....අර කදුරු ගොඩ පන්සලේ ෆොටෝ එක එල.....නාගදීපෙ නම් වන්දනාවට යන්නේ නැත්තම් යන එක තේරුමක්ම නෑ....මම ගිහින් නිකම් කට්ටක් කාලා ආවා.... :P

    ReplyDelete
    Replies
    1. ඒක මට කල් ඇතිව තේරුනා... ගිය කවුරුවත්ම නාගදීපේ බලපු දෙයක් නැහැ පන්සල ඇර..
      ඒත් ඉතිං අර මුහුදේ ගමනක් තියෙන හින්දා හුග දෙනෙක් යනවා...

      Delete
  21. මාරෙගෙ විස්තරේ බැලුවම නිකන් ගියා වගේ තමයි. තෑන්ක්යු වේවා.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහේටත් බොහෝම ස්තූතියි කිව්වා..ඕං...

      Delete
  22. පින්තූරත් එක්ක තිබුණු නිසා කතාව තවත් ලස්සනට කියවගන්න පුළුවන් උනා.(පුවත්පත් ලිපියක් වගෙයි.)
    අර FB දාලා තියෙන පින්තූර බලන්න වෙන විදියක් නැද්ද අයියේ?(මං බුකියේ නෑනේ)

    ReplyDelete
    Replies
    1. බුකියට ජොයින් වෙන එක අමාරු රාජකාරියක් නෙමේ.

      Delete
    2. බලමු මිතුරු මේ පෝස්ට් ටික ඉවර කරලා ඊට පස්සේ පොටෝ සේරම එකම තැනකට අප් කරලාවත් දෙන්න...
      ඒත් ඉතිං බුකියට එකතු වෙන එක මහ වැඩක් නෙවෙයි නෙව... නිකං ඉන්න ගමන් බලන්නකෝ උත්සහ කරලා විනාඩි පහේ වැඩේ නෙව...

      Delete
  23. මමත් යාපනේ ගිහිං නැහැ...
    ලංකාවට අවහම යන්න ඕනේ
    ගමන් විස්තරේ කදිමයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් අවහම යන්ට... ඕන කරන විස්තරයක් තියේනං ආවට පස්සේ කතා කරලා ඉල්ලන්ට දන්න දෙයක් කියා දෙඤ්ඤං...

      Delete
  24. ලබන මාසේ අපිත් කාර් එකේ යාපනේ බලා......

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි බයික් එකේ ගිහිං අර කෙලීගේ ලේ පුච්චන්නේ නැතිව

      Delete
  25. දැන් නම් යාපනේ ගියා වගෙයි දැනෙන්නෙ.ස්තූතියි අයියා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා මදි..නිසූපත් යන්ට බලන්ට..එතකොට අපිට මග ඇරුන දේවලුත් බලා කියා ගතෑකි...

      Delete
  26. //පේන තෙක් මානේ හතර වටින්ම කලපුව... ඒ කළපුව මැදින් ඉද්ද ගැහැව්වා වගේ තනි කෙලින් පාර අනන්තයට දුවනවා... මගේ වම් අත පැත්තෙන් ඉරපායාගෙන එනවා... ඒ පැත්ත බලන්න අමාරුයි..ඉරේ එළීය කලපු දිය මතට වැටිලා පරාවර්ථනය වෙනකොට කලපුවේ ඒ පැත්තම රිදී පාටට බබලනවා.//

    ඇඩෙනවා අය්යෙ. හික් හික් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, ඇත්තටමයි කියන්නෙ, කොහොමද පස්සෙන් ඉන්දන් යන්න කෙලි පැටික්කෙකුත් හිටිය නම් ...

    ReplyDelete
  27. ලංකාවට ආපු වෙලාවක යන්නද කියලත් හිත හිත හිටියෙ, දැන්නං ඕන නෑ කියල හිතෙනව. ෆේස් බුක් පින්තුරත් බැලුවම ඇති. :- ද

    ' මේ පාරෙන් එන්න ' ටෙලියෙන් යාපනේ පැත්තයි, ' නැගෙනහිරෙන් ඇසෙන ' ටෙලියෙන් නැගෙනහිරයි බලාගත්ත ලඟදි.

    ReplyDelete
    Replies
    1. ඒ එකකවත් නියම යාපනයවත්..නැගෙනහිරවත් නැහැ ඔබා අයියා...
      මං ඒකට එක දෙයක් කියන්නං.. ඔය ජාත්‍යන්තර පුරස්න වලදී හැම වෙලේම ආණ්ඩුවේ ලොකුකෝ කියනවා නේද ඇවිත් බලන්න කියලා..
      මටත් ඒ ඇවිත් බලන්න කියන දේ තේරුනේ එහෙ ගියාමයි... ඒවා ඇස් දෙකෙන් බලලා කියන්න ඕන දේවල් මිස මෙහෙ ඉඳන් කියන්න තියා හිතන්නවත් බැරි දේවල්...

      Delete
  28. ලස්සන පින්තූර ටික..ඒ වගේම යාපනේ ගියත් දැනගන්න නොලැබෙන තරම් දැනුමක් පෝස්ට් එකෙන් ලැබුනා..ගොඩාක් වටිනවා අපේ රටේ අපි නොදන්න දේවල් මේ ආකාරයෙන් බෙදා ගැනීම..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඒ වචන ටිකට...

      Delete
  29. //.මම පස්සෙන් පහු මේ ගමනේ කෑම බීම නවාතැන් ආදි හැම දේ ගැනම වියදම් විස්තරයක් දක්වන්න හිතං ඉන්න හින්දා //

    එළ එළ, ජයවේවා !!!

    පොඩි ඉරිසියාවකුත් එන්නැතුවම නෙවෙයි. ඒත් අයියේ උඹ කියපු පාර දිගේම මමත් දවසක යනවා... හොඳට ඉන්න පොඩි උන් නරක් කරනවට උඹට බොහොම ස්තුතියි කිව්වා ඕං !!!

    ReplyDelete
  30. යකෝ දැන් අපිට රේඩියෝ නෙමේ ටීවී චැනල් එකක් උනත් පට ගන්න පුලුවන්. වැපාව නිවුස් කියන්න ඉන්ටවිව් කරන්න දාල උඹව දාන්න පුලුවන් ඔය ගවේශන චාරිකා වලට. සිංදු ප්‍රෝග්‍රෑම් ටික නම් සර්ප්‍රියා ගොඩ දාවිනෙ

    ReplyDelete
    Replies
    1. එතකොට බොලාව දාන්නේ මොනවගේ එව්වටද..?
      ආ හරි ඔය ජබොස් ලේන්..එතකොට ඇන්ඩ් කොම්පැණී වගේ එව්වටද..?

      Delete
  31. machan, onna oka thamai ubata kiyanne api wage travel agent kenekuta katha karanna kiyalaa... uba katha kalaanam saha ochcharama aasanam mama navy official boat ekaka dhaala yawanawaa ara salli gewana boat eke aapahu enna... dhen ithin me gena katha karala wedak ne..

    ReplyDelete
    Replies
    1. අඩේම් මාරේ, මේ කමෙන්ට් එක මම දැම්මේ.. වෙන එකෙක් ලොග් වෙලා ඉඳලා.. සමාවෙයන්...

      Delete
    2. ඩෙල්ෆ් යන බෝට්ටුවට සල්ලි ගන්නේ නැහැ බං... මං ඒත් බැළුවා කවදාවත් දැකලා නැති ගොයියෙක් කමෙන්ට් කරන කොට මොකක් හරි බිස්නස් කාරයෙක්වත්ද කියලා..බැළුවම හරි..:D:D:D

      නේවි බෝට්ටුවල ගමනනං පහසු ඇති..ඒත් අර පොදු සේවා බෝට්ටුව එළම ආතල් වැඩක්.. අල ලූණූ ගෝනි එක්ක යන ගමන..ෂහ්...

      Delete
  32. මූනු පොතේ ඇල්බමය නම් උදේම බැලුවා. උබ හරි.. වැඩි කාලයක් නෑ අපිට ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි. තනියම කොහේවත් යන්න හිතෙන් නැති එකනේ අප්ප

    ReplyDelete
    Replies
    1. තොට තනියම රට රාජ්ජවල යන්ට පුළුවනි..මේ අඩි දෙක යන්ට තමා බැරි නේද..හනේ බොල..:D:D:D

      Delete
  33. ස්තුතියි එහෙනං පොටෝ කෑලි වලට...මටත් තිතෙනවා වීලර් එක්ක හරි ගිහින් එන්න

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් එළම ගමනක් තමා..මං දෙපාරක්ම ගියා හුටු හුටුවල කතරගම..ඒකත් රටවටේ පාරවල් වලින් දමං ගියේ..කියලා වැඩක් නැහැ නියම ගමන...

      Delete
  34. ඔහොම දානකොට අපිටතනිඇහැට ඇ...වා, කවදා බලන්න කියලද?

    ReplyDelete
    Replies
    1. හා හා දෙකෙන්ම දෙකෙන්ම..තනි ඇහෙන් හොඳ නැහැ...

      Delete
  35. කට්ටියක් එක්ක යනකොට වඩා තනියම ඒ විදිහට බයිසිකලේක යද්දී ඒ ගමනේ සුන්දරත්වය වැඩියෙන් විදින්න පුළුවන්.. ඒ ගැන දන්නේ මොකද මාත් එක පාරක් මෙහේ තියෙන ගිණි කන්දක් බලන්න නැග්ගා බයිසිකලේ..

    ReplyDelete
    Replies
    1. යකෝ මෙහෙ නැහැනේ ගිනි කඳු..නැත්තං යන්ට තිබ්බා...

      Delete
  36. මූනු පොතේ ඇල්බම් එකත් බැලුවා ඔන්න . බයිට් ටික වැය වෙන නිසා මම පහුගිය ටිකේ මේ පැත්තේ එන්න බයෙන් උන්නේ ඔන්න අලුත් ඩිලයිට් එකක් දාගෙනම මේ පැත්තේ ගච්චන්න ආවා . බයිසිකලේ කියන්නේ ඉතින් පිරිමි දිවියේ පන නල නෙව .

    අපිත් කාලයක් සිරීපාදේ යන්න තීරණය කලා පුට් සයිකල් වලින් ඒත් පස්සේ අල්ලපු ගමට යනකම් ගිහින් ආපහු හැරිලා ආවා ..

    ReplyDelete
    Replies
    1. හිටිංකෝ වෙලාවක මං එනවා තෝ බලන්ටත් බයිසිමොටෝවෙම...

      Delete
  37. අර හෙල්මට් කැමරාවත් ලෑස්ති කර ගමු ඊ ළඟ වතාවේ..

    ReplyDelete
    Replies
    1. ඒක ලොකු වැඩි හීනයක් මලේ...දැන්ට මේ ෆෝන් කට්ටෙන්ම තමයි දුවන්න වෙලා තියෙන්නේ...

      Delete
  38. මාර ආතල් නේද ඔහොම යනකොට...හිතුනා ගියා... අරූ කෝ, මූ කෝ, අරුන් ආවද, මුන් කෑවද මුකුත් නැහැ...

    වැඩි වැඩියෙන් ඔය වගේ ට්‍රිප් ගිහින් මාර අඩවිය අප්ඩේට් වේවා.. අපිට ඒවා බලලවත් ආතල් එකක් ගන්ඩ පුලුවන් එතකොට..

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් ඉස්සර බස්වල වන්දනා නඩ එක්ක ගමන් ගියාම සංසාරේ කලකිරෙනවා. එක එක්කෙනාට එක එක දේවල් ඕන..අපිට ඕන හැටියකට කිසිම දෙයක් කරන්න බැහැ..දුක් විඳගෙන ගිහින් එනවා විතරයි.. ඒත් මෙහෙම යන කොට හුගාක් නිදහස්...

      Delete
  39. අපේ රට කොච්චර පුංචි ද? ඒත් බලන්න බැරි උනු තැන් කොච්චරක්ද ?
    මම මීගමුවෙ අවුරුදු දෙකක් හිටිය. හලාවතට යන්න බැරි උනා. ඉතින් කවර කතාද ?
    බලමු මේ අවුරුද්දෙවත් පුළුවන් වෙයිද කියල යාපනේ පැත්තෙ යන්න. ඔබගේ පින්තූර බල යම් තරමකට රසයක් වින්ද .

    ReplyDelete
    Replies
    1. කාරණාව ඇත්ත... මෙච්චර පුංචි රටෙත් කොච්ච දේවල් අපට බලන්න බැරි වෙලාද..?

      ඒත් අර එක පාරක් කියපු පාලම දාලා යන්න පුළුවන්කම තිබුනනං මං කැමතියි යාපනය හරහා ඉන්දියාවටවත් බයික් එකේ යන්න දිග ගමනක් හැටියට...ඒකට මං ලංකාව පුංචි වැඩියි... හිගා කකා හරි එහෙනං මං යනවා ඇවිදින්න අනිත් හැම එකම පැත්තකින් දාලා..

      Delete
  40. ජෙනරාල් සරත් ෆොන්සෙකා දිවා රැ යුද්ධ කරලා දිනලා දුන්න රටෙ ... අද අපි හැමතැනම පින්තුර ගගහා ඇවිදිනවා.. එත් එතුමා හිරකූඩුවේ... නිකන් වචනෙකින් මතක් කරපන්..

    ReplyDelete
    Replies
    1. ආ රවා...:D

      මෙහෙමනේ මචං මං තාම මේකේ අවසානෙට ආවේ නැහැනේ..අවසානේ මං හිතන් ඉන්නේ සම්පූර්ණ මේ ගමන සාර්ථක කරගන්න හේතු උන හැමෝටම ස්තූති කරන්න..ඒකයි උඹ ඔය කියන එක පරක්කු උනේ..එතනදී මං ජනාධිපතිතුමාගෙන් පටන් අරං අරක්ෂක ලේකම්වරයා ඇතුළුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් එතන සිට සාමාන්‍ය සෙබල සහෝදරයින් විතරක් නෙවෙයි ඔය යුද්දේ දිනන්න හේතු උන සියළු දෙනාම මතක් කරන්නං මචං... ඒ හින්දා පොඩ්ඩක් හිටිං ඉවසලා හොඳද..?

      Delete
    2. කෝ....තව ඉස්සරහටද ?

      Delete
  41. ඔන්න අදයි මාර චාරිකාව බලාලා අහවර කලේ. සුන්දර චාරිකාවක තතු අපිත් එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි.

    ReplyDelete
  42. උඹගෙ කතා බැලුවම අනිවා යාපනේ යන්න හිතෙනවා

    ReplyDelete