19 January 2012

කීරමලේ ‍ඓතිහාසික ඖෂධ පොකුණ..බයිසිමොටෝවෙන් යාපනයට...

හරි මං කලින් කිව්වනේ කදුරුගොඩ විහාරයට ගියයි කියලා... එතැනින් පස්සේ මගේ ඊ ළග අරමුණ උනේ කීරමලේ ‍‍ඖෂධ පොකුණ දැක බලාගන්න...ඒ සඳහා මම නැවතත් කඳුරුගොඩ යෑමට හැරුන චුන්නාකම් මංසන්ධිය කරා ආපසු ඇවිත් එතැනින් වම්පසට..ඒ කියන්නේ කන්කසන්තුරේ පැත්තටම හැරුනා...චුන්නාකම් ඉදලා කිලෝමීටර් 12ක් පමණ කන්කසන්තුරේ දෙසට යන විට හමුවන මාවිද්දපුරම් හන්දියෙන් නැවතත් වම් පසට හැරී කිලෝ මීටර් තුනක් පමණ ගමන් කලාම හමුවනවා ඔය කියන තැන... ඇත්තටම එතන මම බලන්න ගිය ඖෂධ පොකුණට අමතරව නගුලේෂ්වරම් කියන ඉපැරණී කෝවිලත් තියෙනවා... යාපනයේ ප්‍රසිද්ධ කෝවිල් කිහිපය අතරින් එකක් මේ නගුලේෂ්වරම් කෝවිලත්...
ඔය සිතියමේ තියෙන්නේ මගේ ගමන් මාර්ගය වැටී තියෙන ආකාරය තමා..රෝස පාටින් අංක බින්දුව හැටියට තියෙන්නේ යාපනය නගරය ..ඒ ළගින්ම ඇති කොලපාට තිත මම නැවතිලා හිටිය නල්ලූර් කෝවිල අසල නවාතැන් පල පිහිටි ස්ථානය..
එතකොට අංක එකෙන් පේන්නේ කලින් මම ගිය කඳුරුගොඩ විහාරය...
කීරමලේ තියෙන්නේ අංක දෙක යටතේයි.. පැහැදිලියි නේද..?
ඔන්න කීරමලේට ගිය ගමන් පේන්න තියෙන සුවිශාල වාහල්කඩ..මේක අළුත් නිර්මාණයක් වගේ පේන්න තියෙන්නේ... ඔය කෙලින්ම ගියාම නගුලේෂ්වරම් කෝවිලට යත හැකි..දන්නවනේ ඉතිං මට ඔව්වාට කමිස ගලව ගලව යන්න තරං වෙලාවක්වත් ඒ හැටි කැමැත්තක්වත් නැහැ කියලා.. ඒ හින්දා මං ගියා මගේ අරමුණ ඉෂ්ට කරගන්න..ඒ කියන්නේ කීරමලේ ‍ඖෂධ පොකුණ බලන්න..ඒක තියෙන්නේ ඔය වාහල්කඩින් දකුණු අත පැත්තට මීටර් සීයක් එකසිය පණහක් වගේ ගියාම තමා...
දැක්ක ගමන් පිස්සු හැදෙන දර්ශනයක්... නොගැඹුරු මුහුදු ජලය පිරි පැහැදිල් ජල තටාකයක්..මිනිස්සු හිතේ හැටියට එකේ බැහැලා නානවා...ඒත් එක්කම එයට යාබදව බිත්තිවලින් වට කරපු තවත් පොකුණක් තියෙනවා..ඒක අපිට බලන්ට තහනං නෙව..ඔව් ඔව් ඒක අයිති කාන්තා පාර්ෂවේට..උන්දලා නාන්නේ ඒකේ.. ඔන්න ඔය කාන්තාවෝ නාන එකෙත් ‍කියන්ට කතාවක් තියෙනවා නෙව... ඔය ‍කෝවිලත් නාන පොකුණත් බොහෝම ප්‍රසිද්ධයි කියනවා නෙව මේ දරුවන් නැති ගෑණු උදවියට දරුඵල ලබා දෙන්න..

දරුවෝ නැති කාන්තාවෝ ඔය ඖෂධ පොකුණෙන් නාලා ඒ ළගම තියෙන කෝවිලට ගිහිං එතන තියෙන ශිව ලිංගේ ස්පර්ෂ කරමින් එය සේදුවාම ඒ අයට දරුවෝ ලැබෙනවයි කියලා කියනවා..මංනං ඉතිං ඔව්වා දන්නේ නැහැ..ඒත් මේ ළගකදී අපේ මහ වෙදනත් ඔය වගේ කතන්දරයක් කියලා තිබුන හින්දා වැඩේ ඇත්ත වෙන්ටත් ඇති කියලා මට හිතුනා...

අනිත් දේ තමා මේ පොකුණු දෙකට ලොකු ඉතිහාසයක් තියෙනවයි කියලත් කියනවා..කොටින්ම කිව්වොත් රාවණා රජුගේ කාලෙත් මේක තිබුනාය කියලත් පුරාණ කතා පවතිනවා... ඒ ගැන හොයන කෙනෙකුට බැරියෑ ඕනනං ඔය කාබන් පරීක්ෂණයක් එහෙම කොරලා මේකේ වයස එහෙම හොයාගන්ට..මට මොන පරීක්ෂණද..?

ඊළගට තවත් කියනවා මේකේ වතුර ලුණු රස නැතැයි කියලා... මේ පොකුණු දෙකෙන්ම පිටාර ජලය යන්නේනං මුහුදට... මෙයට වතුර පිරෙන්නේ උල්පත් වලින්... ඒ උල්පත් වලින් පිරෙන ජලය වැඩි වෙන කොට පිටාර ගලලා මුහුදට යන විදියට තමා සකස් වෙලා තියෙන්නේ...මුහුද අයිනෙම තියෙන මුහුදට සම්බන්ධ පොකුණේ වතුර ලුණු රස නැහැ නං ඒකත් අරුමයක් තමා.. ඒත් ඕං මංනං නැහැ ඔය වතුර රහ බලන්ට ගියේ...

අපරාදේ කියන්ට බැහැ කස්ටිය නානවා හෝ ගාලා... මටනං ඒකට වෙලාව තිබුනෙත් නැහැ..මොකද ඒ වෙනකොටත් කාලය මදි වගේ අනිත් තැන් බලන්න යන්න..මොකද උදේ ගිය ගමනත් වැරදිලානේ මෙතනට කඩං පාත් උනේ...
හැබැයි නාන අයට නාලා ඉවර වෙලා පිරිසිදු වතුරෙන් නාගන්නත් මෙතන පහසුකම් තියෙනවා..මං ගෙහුං ඒ නාන කාමරනං පරීක්ෂා කලා.. ඒවයේ ෂවර් හයි කරලා තියෙනවා වගේම වතුරත් එනවා..ඇඳුම් මාරු කර ගන්නත් පහසුකම තියෙනවා... ඉතිං මෙතනට යන කෙනෙකුට බය නැතිව ගෙහුං නාලා කරලා එන්ට ඇහැකි...

ඔය ටික බලලා ඉවර වෙලා එතනින් ආපහු එන්ට කලින් අයිස් කිරිමක රස බලන්නත් මං අමතක කලේ නැහැ... අයිස් කිරිමක් රුපියල් 20යි.. ඇත්තටම ලාබයි... කෝන් එක පුරෝලා අයිස් ක්‍රීම් දෙනවා..ඒකත් පාට පාට ඒවා... මම කෑවේ කොළපාට මිදි රස වගේ තිබුන අයිස්කිරිමක්..ඒකට උඩින් ජෙලි කෑලි එහෙමත් ඉහලා..තව පැණී පාට සිරප් එහෙකුත් වක්කරලා තමා දෙන්නේ..හොඳ රස අයිස්කිරිම... මොනවා නැතත් යාපනේ අයිස්කිරිමක්නං කවදාවත් අපිට මේ පැතිවලදී කන්න වෙන්නේ නැහැ... ඒ තරමට ඒ පැත්තේ අයිස්ක්‍රීම් සුපිරියි කියලා බය නැතිව කීවැකි.

හරි ඊට පස්සේ මං ආයෙම එන්ට පටන් ගත්තා මගේ ඊ ළග අරමුණට..ඒ කියන්නේ වැල් වැටි තුරේ පැත්තට යන්න කියලා.. ඒත් ඒකට පොඩි ප්‍රශ්නයක් මතු උනා...

45 comments:

  1. මමත් ගියා මෙතන්ට.

    ReplyDelete
    Replies
    1. හුටස් එහෙමද..? වැරදිලාවත් නදී එහෙම ඔය අනිත් පොකුණෙන් නාලා කෝවිල පැත්තේ ගියේ නැහැ නේද..? අරවා මේවා අත ගාන්ට...:D

      Delete
    2. පිරිමි අය නාන පොකුණ වගේ නෙමේ අනිත් පොකුණ ජරාවාස වෙලා තියෙන්නෙ ඒ කාලෙ අපි යද්දි ඒ කියන්නෙ 2010 මුල හරියේ.මම් හිතන්නෙ ඒ කෙ ගෑණු අය නාන්නෙ නැතුව වෙන්ඩ ඔනේ.නෑ නෑ...මම් ගියෙ නෑ ඒ කෝවිලට, මොක්ටෑ අපි තාම පොඩි උන් නේ.:)

      Delete
    3. දැන්නං මං හිතන්නේ ඒක පිරිමි නාන එකටත් වඩා හොඳින් තියෙනවා කියලයි... එතන හිටිය ගෑණු මනුස්සයෙකුගෙන් මං විස්තරේ අහගත්තා..ඒත් ඉතිං ඔව්වා මෙතන කියන්ට ගියේ නැත්තේ ඊ ළගට තව තව කයි කතන්දර අහන්ට වෙනවනේ ඒකයි...:D

      Delete
  2. හරි හරි උඹ නෑවෙ ගෑනු නාන එකෙන් කියල කියන්න ඕන නෑ. :D

    යකෝ යාපනෙන් අයිස්ක්‍රීම් ගෙනල්ල මෙහේ වික්කත් ලාබයිනෙ.

    ReplyDelete
    Replies
    1. නාන්න තියා ඒ පැත්තට අපිට යන්නවත් දෙන්නේ නැහැ බං..ඒක තියෙන්නේ ගෙයක් ඇතුලේ.. එහෙම ගියානං මං උඹලට මෙයිට වඩා කොයි තරංනං ලස්සන පිංතූර දෙනවද බල බල ඉන්ට..:D

      ඔව් බං..හිටිංකෝ ළගදිම පෝස්ට් එකක් එනවා යාපනේ අයිස්කිරිං ගැන...

      Delete
    2. යන යන තැනින අයිස් ක්‍රීම් කෑවද ? ශුගර් ටෙස්ට් කරගන්න වෙයි :D

      Delete
    3. ඒ අයිස්කිරිං දැක්කම නොකා කොහොමද..?ඔව්වට ඔයත් වග කියන්න ඕන...

      Delete
  3. පොකුණ ගැන කතාව රූපවාහිනියෙත් ඔය විදියටම තමයි කිව්වේ.

    ReplyDelete
    Replies
    1. එහෙමද..?කවුද දන්නේ ඒ වගක්..මට ඉතිං රූපවාහිනී නැහැ නෙව...

      Delete
  4. අපරාදෙ නෑවෙ නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත..ඒත් ඉතිං කාලෙ එක්කතං පොඩි හටනක් දෙන්ට වෙලානේ තිබුනේ...

      Delete
  5. අපිත් ගියා මෙතනට .අපි ටිකක් වෙලා ගත කලා මෙතන . මේ ස්ථානයට හැරෙන තැන තියනව නේද තල් හකුරු තියන කඩ . අන්න ඒ කඩයකින් ගත්ත ලොකු තල් කොල ව්ල ඔතපු හකුරු වගයක් . ඒකනම් හරිම රසයි . මීට පෙර කවදාවත් කාලා තිබුනෙ නෑ .

    ReplyDelete
    Replies
    1. ආ ඔව් ඔව්..එහෙම තැනක් තිබුනා..මමත් එතනින් අර මොකක්ද මංදා ගුලි ගුලි වගේ තියෙන තල් කොලවලද කොහේද ඔතපු ජාතියක් අරං කෑවා..ඒකත් මරු කෑමක් තමයි...ඒ කාලා තමයි අයිස් කිරිං කෑවේ..අයිස් කිරිමේ රහට මට අරක කියන්ට අමතක උනා නෙව...

      Delete
  6. දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙනනෙ ඇවිත් තියන්නේ. මම දන්නේ නැහැනේ යාපනේ ජනතාවත් ඔය දරුවො නැති එකට අර ඔබ කියපු ප්‍රතිකර්මේ කොරනවා කියලා. මදෑ කොලා... කට්ටිය යාපනේ යන්න යයිද දන්නේ නැහැ. මාරයත් කොරන වැඩ අම්මාපල්ල. නියම ගමනක් ගිහින් වගේ මට නම් පෙන්නේ. ආසාවේ ඊරිසියාවේ බැහැ.

    ReplyDelete
    Replies
    1. ඊරිසියා කර කර ඉන්න එපා . ඕන කෙනෙක්ට දැන් යන්න පුළුවන් .
      …ඒ වගේමයි පුදුම දේශගුණයක් තියෙන්නේ . හරිම සනීප දායක .
      …මෙච්චරකල් හිතේ මවා ගෙන හිටිය යාපනය නෙමේ . ගියාම පුදුම හිතෙනවා.
      …ආපහු යන්නමයි හිතෙන්නේ .

      Delete
    2. මටත් ඔය කතාව දැනගත්තම මතක් උනේ වෙද උන්නැහේව...

      අර කිව්වත් වගේ ගියානං මක්කද වෙන්නේ..?

      Delete
  7. ඔක්කොමත් හරි අයිස්කිරිමුත් හරි. මම මේ ඉන්නෙ ඒ පෝස්ට් එක එනකල්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් දානවා නගේ ඔහිටු...

      Delete
  8. කොහේ ගියත් මාරයට කෑමක් නැතිව පෝස්ට් එකක් දාන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. කෑම කොතනද මාරයා එතන.

      Delete
    2. යකුනේ කන්නයි බොන්නයි නිදියන්නයි නැත්තං ඒකත් ජීවිතයක්ද..? බොලා කියන්නේ හැමදාම එකම දේ ගිල ගිල ගේ අස්සට වෙලා ඉන්ට කියලද..? හුහ්...

      Delete
  9. නෑවෙ නැති එකනම් අපරාදයක් තමයි... මමනම් ට්‍රිප් එකක් ගියොත් වතුර වලකවත් බැහැල තමයි එන්නෙ.... කාලය ගැනත් ප්ලෑනක් නැති ට්‍රිප් එකක් යන්න ඊලග සැරේ...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි..ඒත් ඉතිං නොවැලැක්විය හැකි හේතු මත එහෙම කරන්ට උනා...

      Delete
    2. මොන කාල සටහන්ද පොඩි එකෝ, යමන් බයිසිකලයක් හොයා ගත්ත ගමන් අපිත් යාපනේ

      Delete
  10. අපිත් ඔතනට ගියා හැබැයි නෑවෙ නෑ........ නාන්ඩ වෙලාවක් නැති උනා කීවාම....

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්ටද..ආයේ ගෙහුං නාලා එන්ට ඕන නිවාඩු පාඩු වෙලාවක...

      Delete
  11. මාරයියේ ඉඳල හිටලා හරි නාගන්න. හික්
    ලස්සන වටිනා කියන තැන් ගැන ලස්සනට ලියල තියෙනවා ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අෆි නානවා තමයි ඩෝ...

      තැන්කූ තැන්කූ...

      Delete
  12. අපරාදේ ලුණු රහත් නැහැයි කිවුව එකේ නාන්න තිබුනේ..

    අයියා මේ පොකුණ ඉස්සරහා ඉදන් ෆොටෝ කෑල්ලක් අරගෙන නෑනේ..

    ReplyDelete
  13. එක්කෙනෙක් ගියපු හැම තැනින්ම අයිස් ක්‍රීම් කාලා...ඒ මදිවට ඒ ගැන මූණු පොතෙත් දාලා කියලා උදේම නිව්ස් වලට කිව්වා..ඇත්තද අයියේ ඒ කතාව...??

    මොනා උනත් ගියපු ගමන නම් මල් 7 යි වගේ :P.... කොහොම උනත් කාරි නෑ...යාපනේදිවත් නා ගත්තනෙ

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ තියෙන රස්නේ හැටියට මාරයියා අයිස් ක්‍රීම් එකක් විතරක් කාල ආව නම ඒක තමයි පත්තරේ දාන්න ඕන නිවුස් එක.

      Delete
  14. කීරමලේ හරිම ලස්සන තැනක්....මගේ පළමු සහ අන්තිම කීරමලේ ගමන 1983 පෙබරවාරි. යාපනයේ හිටපු දෙමළ යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවේ ගියේ... ආයම යන්න හිතුනා කතාවයි ෆොටෝ ටිකයි දැකලා....

    ReplyDelete
  15. ලිංගේ ස්පර්ශ කලාට නම් ....... අනේ මන්ද ?

    සිරාවටම යාපනේ ගිය ගොඩක් උන් කියන දෙයක් තරම් යාපනයේ හිමකිරම බොහොම රහයි කියන එක .ඒවා කන්නම යාපනේ යන්න හිතයි , මොකද ඕක තමයි මගේ ප්‍රියතම කෑම

    ReplyDelete
  16. කීරමලේ මුහුද අයිනේ නියම පොට් එක.මාර අයියා, අර පතුල නොපෙනෙන ලිද පැත්තේ එහෙම ගියේ නැද්ද? මමත් කීරමලේ ගිහිල්ල ආවට ඔය විස්තර නම හොයා හොයා හිටියේ නැ.පොකුණ ලගට ගියා. හෙන සෙනගක් ඇවිත් නනා හිටියා. අයෙම හැරිලා ආව. අපට මොන කෝවිලද? මම නම නල්ලුර් කෝවිල පැත්තේ වත ගියේ නැ. ඔතනදි කන අයිස් ක්‍රීම් වල රස වැඩි පරිසරේ තියෙන උෂ්ණත්වය වැඩි හින්දද මන්දා.

    ReplyDelete
  17. මං පොඩි කාලේ කීරමලේ පොකුණෙන් නාල තියෙනව. වැඩියෙන්ම මතක ඒ ළඟ කඩේකින් බීපු කිරි කෝපි එකක්. මං හිතන්නෙ කෝපි කුඩු වලට කොත්තමල්ලි කුඩු කළවන් කරලද කොහෙද. කිරි කෝපි එකේ යාන්තමට කොත්තමල්ලි රස එනකොට මාර ගති.

    75 - 76 කාලෙ විතර කීරමලේ ගිය වෙලාවෙ සිදු වුන දේවල් ගැන කියල post එකක් ලියන්නම්.

    ReplyDelete
  18. දැන් තමයි චාරිකාවේ විස්තර කියෙව්වෙ... විස්තර වලිනුයි පින්තූර වලිනුයි නං පේන්නෙ එල ට්‍රිප් එකක් වගේ... හැබැයි අපරාදෙ අර තරං ලස්සන වතුර ටිකකින් නා ගත්තෙ නැත්තෙ...

    අයිය මේ.. අර කියපු හිම කිරමෙ පින්තූරයක් නැද්ද බල බල කෙළ ගිලින්න... :D

    තැන්කියු ෆො ද පෝස්ට් හොඳේ.. යන්න ආස හිතෙනව...

    ReplyDelete
  19. ඔය කියන පොකුන ගැන මම ත්‍රිවිධ හමුදාවේ සෙබලෙක් කියපු කතාවක් අහල තියෙනවා.

    ඔය පැත්තෙම ලිදක් තියෙනවලු. පතුල නොපෙනෙන ලිද කියල. අන්න ඒකේ පතුල බලන්ට කියලා සුදු මහත්තෙක් ස්වසන උපකරන වගේ ගැජට් ගහගෙන බැහැල තියෙනවා කලෙකට ඉස්සර. පොර අස්ථාන ගතවෙලා මතුවෙලා තියෙන්නේ ඔය පොකුනෙන්ලු.

    මාරයියා එහෙම කතාවක් ඇහුවද ???

    ReplyDelete
  20. ෆොටෝ වලින් පෙනෙන විදියට නම් නාන්න බලාගෙනම යන්න ඕනි !

    ReplyDelete
  21. වැරදිලා ගෑණු කට්ටිය කෝවිල ඇතුලට ගිහින් වෙන මුකුත් අත ගෑවානං....

    ReplyDelete
  22. ෂිහ්.. මට තාම බැරිවුණානෙ යාපනේ පස් පාගන්න.. නිවාඩු හදාගන්න එකනේ ප්‍රශ්ණේ.. ඒත් දැන්නං කොහොමහරි යන්න ඕනා..

    ReplyDelete
  23. අපෝ මාරයියෙ කීරමලේ පොකුණෙ වතුර ලුණු රහ නැහැ කියන්නෙනම් පට්ට බොරු.. අපි 2010 යාපනෙ ගිහින් ඔය පොකුණ බලන්ටත් ගියා.. මමත් පැනපු ගමන් නෑව ඕකෙ.. එතකොට වෙනම නාන්න පිරිසිදු වතුර තිබුනෙත් නෑ..හපොයි නාල ඉවර උනාම යාපනේ ගිනි රස්නෙට මුලු ඇඟෙම ලුණු මිදුණා වගේ .. මට ට්‍රිප් එකත් එපා උනා.

    ReplyDelete
  24. ඔහොම පොන්ඩ් එකක් තියනවාය කියලා මම දැනං හිටියෙත් නෑ අප්පා උඹ නිසා තමයි යන්තම් හරි ඒකත් දැනගත්තේ . බලමු බැන්ද දාකට දරුවෝ නැති වුණෝතින් ඔයි දීපංකරේ පද්දන්න වේවි

    මොකද්ද දැන් ඇති වෙච්ච කේස් එක ?

    ReplyDelete
  25. මම මේ අහන්නම හිටියේ ට්‍රිප් විස්තරේ අස්සටත් කොහොම හරි රෙසිපි එකක් රිංගවගන්න බැරිවෙයිද කියල

    ReplyDelete
  26. අලේ දැන් නම් තව පාරක් යාපනේ යන්න ඕනේ....හි හි හි

    ReplyDelete