20 January 2012

නිලාවර ළිඳ හා දමිළයින්ගේ පරම හතුරා...බයිසිමොටෝවෙන් යාපනයට...

ඔන්න ඉතිං කීරමලෙන් ආපහු හැරිලා මගේ ගමන් මාර්ගය ආයේ යොමුවෙන්ට ගත්තේ පේදුරුතුඩුව පැත්තට..ඇයි යකඩෝ යාපනේ ගිහිල්ලත් රටේ එක කෙරවලකට නොගියොත් ඒකේ ඇති වැඩක් තියේද..? ඒත් පේදුරුතුඩුවට යන අතරවාරයේ මට උවමනාව තිබුනා අපේ ප්‍රභාකරන් උන්නැහේගේ ගම්පළාත වෙච්ච වැල්වැටිතුරේ හරහා යන්න වගේම පලාලි කෑම්ප් එක එහෙමත් දැක බලාගන්න..එතකොට කොටින්ගේ පාලනය යටතේ තිබුන බැංකු උසාවි ආදි දේවලුත් පොඩිත්තක් බලා කියාගෙන යන්ට.. ඒත් ඒ සිහිනය ටිකක් අප්සෙට් උනා අතර මගදි හම්බ උන රථවාහන අංශයේ පොලිස් නිලධාරී මහතැන් කෙනෙක්ගෙන් ඒ සම්බන්ධව පාරවල් එහෙම අහපුවාම...

"පලාලි කෑම්ප් එක පාර අධීආරක්ෂිත කලාපයක් කරලා තියෙන්නේ ඒ පැත්තේ පාර වහලා යන්න දෙන්නේ නැහැ.."
"වැල්වැටිතුරේ කියලා බලන්න අමුතුම දෙයක් නැහැ..ඔහේ ගෙවල් තියෙනවා මැද්දෙන් ගියැකි එච්චරයි."
"කොටින්ගේ ගොඩනැගිලි සංකීර්ණ පැත්තත් දැනට වහලා තියෙන්නේ ඒ හරියට යන්න දෙන්නේ නැහැ."

"ඔයාට එයිට වඩා හොදයි යන්න නිලාවර ළඳ බලලා ඒ පාරෙන්ම පීපීඩී(පේදුරු තුඩුව ඈ..)"

ඔන්න ඔය වගේ කියුං ටිකක් හින්දා මං මගේ අදහස වෙනස් කරගත්තා... කීරමලේට ගිය වෙලාවේ එතන හිටිය ‍පොලිස් ප්‍රධාන පරීක්ෂක වරයෙකුත් ඔය කතාව තහවුරු කලෑයින් පස්සේ මමත් හිතුවා නිලාවර ළීඳ බලාගෙන ඒ පැත්තෙන් යන්න..අනික අර මං කලින් පාර අහපු රථවාහන අංශයේ පොලිස් නිලධාරී මහතැන් මට බොහෝම පැහැදිලිව නිලාවර ළීඳ බලන්න යන්නත් ඒ හරහා පේදුරුතුඩුවට යන පාරත් කියා දුන්නා..ඇත්තටම උතුරේ සේවය කරන හමුදා සහ පොලිස් නිලධාරී මහත්වරුන් බොහෝම උනන්දුවෙන් සහ ආසාවෙන් මේ පාරවල් කියන වැඩෙත් ආ ගිය තොරතුරු කතා කරන වැඩෙත් කරනවා.. ඒ ගැනත් නොකියාම බැහැ.

ඉතිං ඒ අනුව මං ඔන්න ආපහු හැරුනා කීරමලෙන්..ඒ හැරිලා අපහු ආවා අර මං කලින් කදුරුගොඩ යන්න හැරුන හන්දිය මතකයිනේ අන්න එතනට..ඒ කියන්නේ චුන්නාකම් වලට..එහෙම ඇවිත් ආයෙම හැරුනා කලින් කදුරුගොඩ යන්න හැරුන පැත්තට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට...ඔය සිතියම බලන්ටකෝ ඒකේ තියෙනවා මගේ ගමන් මාර්ගය බොහෝම පැහැදිලිව...

ඔය සිතියමේ අංක අනුව කියනවනං..
0=යාපනය
1=කඳුරුගොඩ
2=කීරමලේ
3=නිලාවර ළිඳ
4=පේදුරු තුඩුව
ඕං ඉතිං "චුන්නාකම් හන්දියෙන්" හැරුනා කියමුකෝ නිලාවර ළිඳ පැත්තට..අහ් මට කියන්ට අමතක උනා ඔය පාරට කියන්නේ "පුත්තූර්" පාර කියලා...ඉතිං ඔය පුත්තූර් පාරේ හැරිලා ඔන්න මං එන්ට ගත්තා..හැබැයි ර‍ජෝ ඔය පාරනං ටිකක් විතර අබලන්..මේ පේනවනේ..ඔය යන්තං බයිසිමොටෝවේ යන ගමන් පොටෝවක් ගන්නට තරං පාරේ ගැස්සිලි අඩු උන ගමන් ගත්ත එකක්...
අනිත් හරිය ඔයිට වඩා බොහෝම දුෂ්කරයි..වලවල් දස අතේ..මාත් ඉතිං අර මොකාද එකා වගේ වලවල්වල බැහැ බැහැ සමහර තැන්වල උඩින් පන්න පන්න බයිසිමොටෝවත් ආංබාං කරගෙන ආවා කියමුකෝ...ඔන්න ඔහොම එනකොට තමයි මං මේ ගමනේ දැකපු සුන්දරම දර්ශන ටික දැක්කේ...

ඔය පාර ටිකක් විතර කැලෑ පාරක්...හත් ඉලව්වේ ඒ පාර දිගටම එක සීරුවට වගා කොරලා නෙව..දන්නවනේ ඉතිං මටත් ඔය එළවළු ජාති..පලා ජාති.. එහෙම පේනකොට නලියන ගතියක් තියෙන එකානේ.. සමහරු කියන්නේ මං ඉන්න ගේ හතරවටේට එක ගහක කොලයක් නැති වෙන්ටම මං ඒවා මලවං කාලා කියලනේ.. අන්න ඒ වගේ එළවළු පලාවලට රුචි මංතුමාට මේ දැකපු දර්ශන ටිකනං නිකං දිවිය ලොකේ දැක්කා වගේ...
මෙන්න බලන්ටකෝ...
ගෝවා වගාව ඇහැට ගේන්නේ පුදුම සිහිලසක්..ප්‍රදේශය පුරාම තිබුන දූවිලි නැහැවුන කාස්ටක ගතිය මැද එක පාරටම මෙහෙම හරියක් දැක්කම නිකං නුවරඑළි ගියා වගේ හැගීමක් දැනෙනවා...
ඒ අස්සේ ළුණූ වගාව.. ඇහැට පේන හැම බිං අගලකම එක දිගට යාය පුරා වවලා...
ඒ මදිවට මඤ්ඤොක්කත් තියෙනවා කියහංකෝ..එයිට එහායින් කෙසෙල්...හරියට අපේ ගම්පළාත් වගේමයි...
එතනින් ගියාම මේ ළුණු පාත්ති සකස් කරලා තියෙන ආකාරයත් හරිම අපූරු දසුනක්... බලන්ටකෝ මේ පසේ තියෙන සාරවත් පෙනුම...
ඔන්න බලන්ට එයාලා වතුර දාන හැටිත්...
ඇඩෙනවා නේද..? මං ආ ගිය කිසිම තැනක කිසිම මනුස්සයෙක් නිකං හිටියේ නැහැ..මොනවම හරි වැඩක... එක්කෝ පොළව කොටනවා...වගාවේ අඩු පාඩු බලනවා...මුහුදු යනවා...නැත්තං මාළු දැලක් සුද්ද කරනවා... කඩේකට ගියත් අපේ වගේ නෙවෙයි පුදුම උනන්දුවකින් දුවං ඇවිත් අහලා බලලා හැම දේම ලගට දෙනවා.. පුදුම කඩිසරයි... ඒ විතරක් නෙවෙයි සිංහල කියලා දැන ගත්තම පුළුවන් හැටියට කැඩි කැඩි හරි සිංහලෙන් කතා කරනවා..ඒ නැතත් දෙමලෙන් කතා කරන ගමන් අතින් පයින් පෙන්න පෙන්න විස්තර අහනවා... ගම් පළාත් කොහේද කියලා අහනවා..කට පුරා හිනා වෙනවා..මේ ජාතී දෙකක් අතර යුද්ධයක් තිබුනද කියලවත් හිතන්න බැරි තරමට සුහදතාවයක් තියෙනවා...

කොළඹ ඉඳලා අපේ අය මොනවා කිව්වත් ඒ අය දවසින් දවස ඔළුව උස්සන්න කැපවීමෙන් වැඩ කරනවා... ඒ වගේමයි අනුන්ට අතපාන ස්වභාවයක් ඇත්තේම නැහැ... සුනාමිය කියලා අදටත් හිගාකන අපේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් සහ පිළීකුලක් ඇති වෙන්නේ මහා යුද්ධයකින් සෝදා පාළු වෙලා ගිය ඒ පළාත්වල අය නැගී ඉන්න දරන උත්සහය දැක්කමයි... යුද්ධයක් තිබුන පළාතක අතපය කකුල් අහිමි වෙච්ච උදවිය කොයි තරම් ඉන්න ඕනද..? ඒත් මේ ගමනටම මම එහෙම කිසිම කෙනෙක් දැක්කේ නැහැ..මෙහෙ වගේ පාරක් පාරක් ගානේ හන්දියක් බස් නැවතුමක් පෙට්‍රල් ෂෙඩ් එකක් ගානේ හිගා කන කිසිම කෙනෙක් එහෙ නැහැ. අපේ අයනං ඔහොම යුද්ධයක් මෙහෙ තිබිලා ඉවර උනානං හ‍ඳෙන් ගෙනත් දෙනකල් උඩ බලාගෙන අරයට මෙයාට ආඩපාලි කිය කිය ඉඳි..ඒත් යාපනේ තත්වය වෙනස්... ඒ මිනිස්සු හිගන්නෝ නෙවෙයි...උත්සහවන්ත මිනිස්සු...

මං දැකපු දේවල් බොහෝම පොඩ්ඩයි වෙන්න පුළුවන්..ඒත් ඒ පොඩ්ඩ ඇතුලෙත් හිතන්න දේවල් හුගාක් තියෙනවා... මෙච්චර හරියක් වෙලත් නැගිටලා කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ජාතියට ඔය යුද්ධය උරුම උනේ නැත්තං අද කොතැනක හිටීද..? භාෂා ප්‍රශ්නයක් ඇදගෙන වෙනම රටවල් සංකල්ප ඇඳගෙන ඒ මිනිස්සුන්ට යුද්ධයක් උරුම කරලා දුන්න තකතීරු නාය‍කයෝ ටිකයි..ඒ නායකයින්ගේ අදහස් එක දෙක කරලා ඇගට අරගෙන වසර තිහක් තමන්ගේ ජාතිය ආපස්සට ඇදලා දාපු ප්‍රභාකරනුයි නැති උනානං අද මේ වෙන කොට ඔය කියන භාෂා ප්‍රශ්න සහ වෙනම රටවල් කතාවක් නැතිවත් ඔවුන් මෙහි ප්‍රභල ජාතියක් හැටියට ජීවත් වෙන්න ඉඩ තිබුනා කියන එකනං අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙම බැළුවම ප්‍රභාකරන් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය විතරක් නෙවෙයි පරපුරක්ම විනාස කරලා ආපස්සට ඇදලා දාපු ජාතියේ කරුමෙට පහළ වෙච්ච මනුස්සයෙක් විතරයි... සිංහල ජීවිත බර ගාණනක් බිල්ලට ගත්තා උනත් ප්‍රභාකරන් කරපු දේවලින් සිංහල ජාතියට උන හානියට වැඩි හානියක් තමන්ගේම දෙමළ ජාතිකයින්ට කරලා තියෙන හානිය වැඩියි කියන එකයි ඒ දැකපු දේවල් හරහා මට හිතෙන්නේ.. මේක එහෙම නෙවෙයි කියලා කියන අයත් හිටිවී...ඒක ඉතිං ඒ ඒ අය දකින විදිය..ඒත් මං කැමතියි කාට උනත් කතා කරන්න කලින් එහෙ ගිහින් සාමාන්‍ය ජන ජීවිතයට පොඩ්ඩක් ඔළුව ඔබලා බලලා එන්න කියලා... ඇත්තටම මට දෙමළ බැරිවීම ගැන කණගාටුයි නැත්තං මීටත් වඩා දේවල් අසා දැනගෙන ඇවිත් කියන්න තිබුනා...

හරි අපි යමු ආයෙමත් ගමනට...

ඔය කියන වගා බිම් මැද්දෙන් යනකොට තමා ඉහත අංක 3 සඳහන් ස්ථානයට මම යන්නේ... ඒ තමා නිලාවර ළිඳ...
මෙතන තුන්මන් හන්දියක් තියෙන්නේ ඒ වගේම මෙයිට යාබඳ ඉඩමේ කෝවිලක් එහෙමත් සරුසාරෙට ඉදි වෙලා තියෙනවා..අනිත් පැත්තේ බොධියක් තියෙනවා... ආගම් දෙහෙකට මැදි උන තැනක්...

නිලාවර ළිඳ ගැන කියනවනං මේක ප්‍රසිද්ධ පතුල නැති ළිඳක් හැටියට..ඕක ඉතිං ටක්කෙටම මට කියන්න බැරි මං ඒකට බැහැලා බැළුවේ නැති හින්දයි... එතකොට තව කතාවක් තියේ මේක පොළව යටින් අර මං කලින් ගිය කීරමලේ පොකුනට සම්බන්ධයි කියලත්... කොහොම උනත් කළුපාට ජලය නිසා අඩියක් පැහැදිලිව පේන්ටනං නැහැ..එයිට වඩා මට ඔය ළීඳ ගැන පිටින් බලලා මුකුත්ම කියන්ට විදියකුත් නැහැ..ඒත් ඔන්න ඔහොමයි ඒකෙ බලන්ටකෝ ඔයාලත් කොහොමද කියලා නිලාවර ළි‍‍ඳේ වගතුග...

හරි එහෙමනං අපි දැන් ආයෙම යං මෙතැනින් ඉස්සරහට..ඔව්..පුත්තූර් හරහා පේදුරුතුඩුවට...

62 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ ලිද බලන්න මම ගියපු වෙලේ එතන හිටපු හමුදා නිලදාරියෙක් මේක ගෑන ලස්සනට විස්තර කරා,මාරේ අයියා කීවා වගේම මේක පතුලක් නෑති ලිදක්,මේකේ ඉතිහාස කතාව කිවේ,රාමා රාවානා කාලෙට යන්වා,සීතව කුදලන් එද්දි සීතට වතුර තිබහක් හෑදිලා රාවනා සීතට වතුර දෙන්න ඊතලෙන් පොලවට ඇනලා ඔන්න එතනින් ඔය ලිද මතු වෙලා,
    තව සීන් එකක් කීවා පිටරට සෙට් එකක් ඇවිත් ඔය ලිද චෙක් කොරන්න,ඒ අය 300 m වෙනකන් ගෑබුර මෑනලා ඊට පස්සේ යවපු ගෑජමෑටික් එක මිසින් ලු,තව පාරක් සුද්දෝ සෙට් එකක් කිම්දෙන්න ගොහින් ඒ සෙට් එකත් මිසින් ලු.

    ReplyDelete
    Replies
    1. ඕක ගාවට යනකොට මං ඔය ගැන මෙලෝ දෙයක් දැනං හිටියේ නැහැ..ඒත් දැන් තමා කරුණු මතු වෙවී එන්නේ..බොහෝම ස්තූතියි..

      Delete
  3. නියමයි,හැබැයි ඔය මේටිකට ලබාගත්ත දියුණුව අපේ සම-හරක්ට තේරෙන්නෙත්නැ,තේරුම් ගන්නේත්නැහැ

    ReplyDelete
  4. මමත් නීලාවර ලිද බලන්ඩ ගියා.දෙමළ අයගෙ උත්සවයක් තියෙද්දි පොඩි බබාල මේ ලිදේ පාකරනවලු ගිලෙන්නෙ නෑලු.එතන හිටපු අය කිව්වෙ.කීරමලේ පොකුණත් එක්ක මේ ලිදේ සම්භන්දයක් තියනවලු,ඒවට මාතලේ පැත්තෙ මොකද්ද ගගකින් මේකට වතුර එකතු වෙනවත් කියල කිවෙ එතන හිටපු නේවි එකේ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය කතා හැම එකම දැන්නේ අහන්ට වෙන්නේ..කොහේද යන්ට කලින් දැනං උන්නේ නැහැනේ..නැත්තං මාත් පාවෙලා බලනවා...මොකද මාත් තාම බබානේ...

      Delete
  5. හ්ම්...වගාව තිබ්බ සෑහෙන පලාතක්,ආසාවේ බෑ.බලන්ඩකෝ ඒ මිනිස්සු නැගිටින හැටි අපේ උන්ට උනා එහෙම නම් අනේ අප්පේ... අපිට වෙච්චදේ.... කිය කිය පාර දිහා බලාගන ඉදී.ඔච්චර තමා.

    ReplyDelete
    Replies
    1. එව්වනං කියලා වැඩක් නැත...

      Delete
  6. මාරයියේ මම ඔය පොකුණ ගැන කියවල තිබ්බ.
    ඕක ඊතලෙන් පොලවට ඇනපු එකක් නෙමෙයි ත්‍රීශුලෙන් පොලවට ඇනපු එකක් කියල තමා ජනප්‍රවාද වල තියෙන්නේ.
    ඕකට කාර්බන් පරීක්සනයකුත් කොරල තියෙනවා සුද්දෝ ටිකක් වයස හොයන්න එකේ විස්තර නම් වැඩිය දන්නේ නැත.
    පොස්ටුවයි ෆොටෝ ටිකයි මල් හතය.

    ReplyDelete
  7. උඹ ඔය දෙමළ මිනිස්සු ගැන කියල තියෙන දේට මම 100% ක් එකඟයි. ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්න ප්‍රධානම හේතුව තමයි භාෂාව නොදැනීම. මටත් ඔය දේ වෙලා තියෙනව හැටන් පැත්තෙදි. නමුත් ඒ මිනිස්සු තමන්ට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නව. උඹ ආඬියා ළිඳක් එහෙම දැක්කෙ නැද්ද.

    අපරාදෙ අර නිලාවර ළිඳට බැහැල බැලුවෙ නැත්තෙ. :D

    ReplyDelete
    Replies
    1. බෙහෙතකට ආඩියා ළඳක් නැහැ බං... ඒ යාපනේ නෙවෙයිද මංදා මේ..?

      Delete
  8. සික් අපරෙදේ පතුල බලන්න ටිකක් බහින්න එපයි ..!! මොනා උනත් පොස්ටුව මල් 7 යි ..!!

    ReplyDelete
    Replies
    1. මොන බැහිලිද..?පහලට බැහැලා බලන්න හැදුවමත් පොලිසියෙන් විසිල් ගහනවා...

      Delete
  9. යුද්දයක් නොතිබුනා නම් අද දෙමල ජාතිය ඉන්න තැන හිතා ගන්න බෑ යුද්දයක් නැතුව සාමෙන් ඔය මිනිස්සු ගියා නම් රට වෙන් වෙලා අද වෙනකොට, මේ යන විදිහටත් ඔය මිනිස්සු හරි වේගෙන් යයි,ඒ වගේම අපේ රජයත් දැන ගන්න ඕනා ඔය මිනිස්සුන්ගෙන් ප්‍රයෝජනේ ගන්න

    ReplyDelete
    Replies
    1. ඒ කතා ටික අකුරක් නෑර ඇත්ත මලේ...

      Delete
  10. යාපනේ මිනිස්සු යුද්ධයක් තිබුනද කියාවත් මතක නැති විදියට උද්යෝගීව වැඩ කරන හැටි දැක්කම හරිම පුදුමයි . වගාවන් දැක්කම පුදුම ආසාවක් ඇති උනා .

    අය්යට අධි ආරක්ෂිත කලාපෙට යන්න බැරි උන එක ගැනනම් කනගාටුයි . අපි ඒ ඔක්කොම බැලුවා . මේ සඳහා යුධ හමුදාවේ උසස් නිලධාරියෙක්ගේ සහය අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ නගේ..නිකං හිටියේ නැහැ එක තත්පරයක්වත්..එක දිගට ඇවිද්දා... එහෙවු එකේ ඔය ටික මගෑරුනාට කමක් නැහැ..බලපු ටික ගැන හිතලා සතුටු වෙනවා ඇර...

      Delete
  11. අපුරුයි මලේ.. කතාවටත් වැඩිය මන් අර ලියලා තියෙන මසුඋරන් කතා ටිකට තන්තෝසයි.. කම්මැලි කමේ පතුලේ ඉඳන් අනුන්ට අතපාන මිනිස්සු දකුණු පැත්තේ වැහි වහැලා. අපේ බුරු පොලිටික්කෝ අපි අතරේ සාමය නැතිකළා එක සැටිපිකෙට් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා දැනුං තේරුං ඇති වැඩි හිටියා..අපිට වඩා ඉතිහාසේ ඇස්වලින් දැකපු උන්දෑ නෙව...ආයේ ඉතිං කියන්ට දෙයක් ඇතෑ...

      Delete
  12. මම පොඩි කාලෙ මට මතකයි තාත්තා කියනවා යුද්දෙට කලින් යාපනේ මිනිස්සු කළුගල් උඩ උනත් වගා කරනවා කියල. යුද්දෙට පස්සෙත් ඒ මිනිස්සුන්ගේ උත්සාහය කැපවීම ඉස්සර වගේම තියනවා කියන එක මාරයාගේ විස්තරය දැක්කම ඔප්පුවෙනවා. අපේ පැතිවල අනුන්ට ඇඟිල්ල දික්කරකර ඉන්න සමහර මිනිස්සුයි යාපනය පැත්තේ මිනිස්සුයි ගැන උඹ දකින විදිහට මම සම්පුර්ණයෙන්ම එකඟයි. මාරෙගේ මේ පොස්ට් එකේ මිනිස්සු ගැන කරලා තියන විස්තරය මාරම මාරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... දැනටත් හුණු ගල් උඩ ඒ මිනිස්සු හිටෝනවා.. ඒ වගේමයි අස්වැන්නත් බැළු බැල්මට සාරයි... කම්මැලියන් අතින් නඩත්තු වෙන වගාවල් නෙවෙයි කියලා එක පාරින් කියතහැකි..

      Delete
  13. පොඩ්ඩක් එහෙ බලලා මෙහෙ බලන ටිකට මූ ගිහින් තියෙන දුරක්... ට්‍රිප් එක ගැන පළවෙනි පෝස්ට් එකෙන් පස්සේ අදයි ආවේ... සේරම කියෙව්වා... නියමයි... :)

    ReplyDelete
    Replies
    1. ආන්න ඊ ළග එකත් දැම්මා..

      Delete
  14. අපි පොඩි කාලේ යාපනේ ගිය වෙලාවේ දැක්ක තව දෙයක් තමා, වතුර පොදක් වත් අපතේ නොයැවීම. අපි නැවතිලා හිටිය දුම්රිය නිල නිවාසෙ උයන මනුස්ස, පිටිපස්සෙ එළවලු සහ කෙසෙල් වවල තිබුන. නාන කාමරෙන් සහ කුස්සියෙන් එන වතුර ඒ පාත්ති වලට යන්න ලස්සන කාණු පද්ධතියක් හදල තිබුන මෑන්.

    ReplyDelete
    Replies
    1. ඔය ළුණු පාත්තිවලත් කාණු ටික බලන්න ඔබා අයියේ..අදටත් එහෙමමයි...

      Delete
  15. ඔය ගිහින් තියෙන්නෙ...... ඔන්න ඕක තමයි මම කියපු පතුල පේන්නෙ නැති ළිඳ, යාපනේ තියෙන්නෙ හුණුගල් තට්ටුවක් නෙ ඉතින් ඒ හුණුගල් තට්ටුව යටින් ඒවා එකිනෙක සම්බන්ධ වෙලා තියෙන්න පුලුවන් , ඒක වෙන්න ඇති සමහර විටමේ පොකුණ කීර මලේ පොකුණ එක්ක සම්බන්දයි කියන්නෙ......

    ReplyDelete
    Replies
    1. පිටින් බැළුවට පේන්නේ නැති කතා බර ගානක් තියෙනවනේ මලේ මේ ළිඳත් එක්ක බලං ගියාම...

      Delete
  16. ඒ ගොල්ලන්ගෙන් අපේ අය ඉගෙන ගත යුතු දේ බොහොයි කියල තමයි හිතෙන්නෙ.. එක හුස්මට කියවන් ගියා.. පෝස්ට් එකම ..

    ReplyDelete
    Replies
    1. අපේ අය ඉගෙන ගනී මේන් කියලා අයියේ..ඒක තමා බය...:D

      Delete
  17. කොටි ඉන්න කාලෙ ගියාට ඊට පස්සෙ ඔය පැත්තෙ යන්න බැරිවුනානෙ..
    අපේ සෙට් එක පස්සෙ කාලෙ යාල්පානම් යද්දී මම ගෙදර ඉඳන් පැපොල් කඩ කඩ හිටියේ..

    ළඟදී දවසක යන්න ඕනා..මාරයියගෙ විස්තරත් ප්‍රයෝජනේට ගන්න බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල පැපොල් වගාව සරුවට තිබුන වගක් මලයා කලින් කියලත් තිබුනා මං දැක්කා...

      Delete
    2. ඒ පැපොල් නෙවෙයි ඇඟේ එන එව්වා...

      Delete
    3. ඉතිං ඒ පැපොල්ම තමා මාත් කිව්වේ..බොලා වෙන පැපොලක් ගැන කියලා නැහැ නෙව..

      Delete
  18. ඔය ලිඳේත් කීරමලේ පොකුණේත් සම්බන්ධයක් තියෙනවාද කියලා හොයන එක අපේ විස්සවිජ්ජාල මහතුන්ලට පැහැදිලිවම පුළුවන්. ගැඹුරත් එහෙමම තමයි.දන්න තරමට මහා වියදම් යන ප්‍රොජෙක්ට් නොවෙයි. ඒත් උන්නැහේලට ඔය වගේ දේවල් හිතෙන්නෙම නැහැනේ.

    ReplyDelete
    Replies
    1. එයිට වඩා හිතන්න දේවල් ඇති බං එයැයිලට...

      Delete
    2. ගොඩක් උන් හිතන්නෙම නැහැනේ..

      Delete
  19. චාරිකා සටහනට වඩා මට අද හිත ගියේ යාපනේ මිනිස්සුන්ගේ දියුණුව ගැන අයියා ලියලා තිබුන පුංචි සටහනට.. ඇත්ත කාටවත් අත නොපා තම්නේගේ ජීවිතේ ගොඩ නගා ගන්න පුළුවන් කම තියෙද්දි අරවා මේවා නෑ කිය කිය ඉන්නේ නැතුව උත්සාහවන්තව වැඩ කරන එක අගය කරන්න ඕන දෙයක්..

    ReplyDelete
    Replies
    1. තාම දකුණු පළාතේ සුනාමි කූඩාරං තියෙනවා මයේ හිතේ...

      Delete
  20. සැරිසර සටහන බොහොම අගෙයි..මටත් යන්න හිතෙනවා ආයෙත් කාලෙකට පස්සේ

    ReplyDelete
    Replies
    1. අඩුම ගානේ අවුරුදු දෙකෙන් දෙකටවත් යන්න ඕන දිහාවක් මලයා..යාපනේ දියුණූ වෙන හැටි බලන්ට...

      Delete
  21. //සිංහල ජීවිත බර ගාණනක් බිල්ලට ගත්තා උනත් ප්‍රභාකරන් කරපු දේවලින් සිංහල ජාතියට උන හානියට වැඩි හානියක් තමන්ගේම දෙමළ ජාතිකයින්ට කරලා තියෙන හානිය වැඩියි කියන එකයි ඒ දැකපු දේවල් හරහා මට හිතෙන්නේ.//

    ප්‍රශ්නේ තියෙන්නෙ එහෙම වෙලත් දෙමල මිනිස්සු ප්‍රභාකරන් ගොය්යට දෙවියෙකුට වගේ සලකන්නේ ඇයි කියන එකයි .දෙමල මිනිස්සුන්ගෙ ආකල්ප තමන්ගේ තිරිසක් දේශපාලන්ක අරමුණු වෙනුවෙන් ප්‍රභාකරන් කොච්චර ලස්සනට භාවිතා කරල තියනවද කියල ඒකෙන් පේනවා . එක දෙයක් වඩාත් දරුණු මට්ටමෙන් ප්‍රභාකරන් කලේ අපේ රටේ සුලභව දකින්න ඉන්න දේශපාලකයො කරල තියන දේමයි !

    ReplyDelete
    Replies
    1. එකඟයි...

      හැබැයි එහෙත් මෙහෙම වගේමයි... ප්‍රභාකරන් දෙයියෙක් නෙවෙයි කියලා හිතන අයත් ඉන්නවා...ඒත් හැමෝමත් නෙවෙයි...

      Delete
    2. මම ඇහැටම දැකලා තියෙනවා ප්‍රභාගේ රූපයට පහන් හඳුන්කූරු පත්තු කරන උතුරෙ මිනිස්සු..

      Delete
    3. හත් ඉලව්වේ මලයෝ එහෙ විතරක්ද..? ඇයි මෙහෙත් ඉන්නවා...

      Delete
  22. අපේ මිනිස්සුත් මේ වගේ කම්මැලි නැතුව වැඩ කරනවානම් කියල හිතුන මේ පෝස්ට් එකේ තියෙන විස්තර ටික දැක්කහම
    යාපනේ විතරක් නෙමෙයි නුවරඑළියේ පැත්තේ ඉන්න දෙමල මිනිස්සුත් බොහොම උනන්දුවෙන් තමන්ගේ වගා කටයුතු ගැන සොයා බලනවා
    ඒත් අපේ මිනිස්සු ඊට සාපේක්ෂව කම්මැලියි කියල දකිද්දී හිතට දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් මට එක පාරක් වගාවට අත් උදව්වට දෙමළ මනුස්සයෙක් ලැබුනා... මං උදේ හයට නැගිටිනකොට මෙන්න මේ මනුස්සයා වැඩ... හවස පහට හයට මං නාලා කරලා පුටුවක් උඩ ඉද්දි මෙන්න ඒ හාදයා නාලා කරලා බීඩියකුත් කටේ ගහං ගිහින් කැලෑ කපපුවා කුණු රොඩු ගිනි තිය තිය ඒ දිහා බලං ඉන්නවා...

      Delete
  23. මමත් තන්තිරිමලේට යනකමි මොටෝ බයිසිකලේ ගිහින් තියෙනව නියම ගමන නේද? යාපනයෙ නමි ගියේ බස් එකේ මටත් හිතෙනව මොටෝ බයිසිකලේ යන්න.

    ReplyDelete
    Replies
    1. තන්තිරි මලෙත් ගිය මාසේ ගිහිං ආවා..ඒත් ඒ ගියේ නං රෝද හතරක් උඩ නැගලා.. ගමන් යන්න හොදම වාහනේ බයිසිමෝටෝව කියලා මං හැකක් නැතිව සහතික කරනවා...

      Delete
  24. yapane higgano naha kiyala U.K wala inna LTTE karayekuth mata dawasak nondi damma.........

    ReplyDelete
    Replies
    1. ඌ කියල තියෙන්නේ ඇත්තක්...

      Delete
  25. මම කිව්වෙ මේ ෆොටොස් ටික fb දාලා නැහැ කියල. මටනම් පේන්නෑ..

    ReplyDelete
    Replies
    1. http://www.facebook.com/media/set/?set=a.2196771297168.79918.1783813709&type=1
      දැන් බලන්න

      Delete
  26. අහ් ඇත්ත නේන්නං මේ ටික මගෑරිලානේ ඉන්ට දාන්ට

    ReplyDelete
    Replies
    1. ටැන්කූ... අර ළිඳ බලන්නත් බයයි වගේ..

      Delete
  27. මට පහුගිය දවසක අපේ කැම්පස් එකට ආපු සර් කෙනෙක් හම්බුනා..මහාචාර්ය නිරංජන් මහේෂන් කියලා...යාපනේ ඉඳලා ඉංජිනේරු පිඨයට ඇතුලත් වෙච්ච කෙනෙක්...ඒ සර් කිව්ව විදියට උතුරේ මිනිස්සුන්ගේ ජීවිත වල අවුරුදු 30ක කාල පරාසයක් නෑ කියලා....ඇත්ත තමයි...අයියා කියලා තියෙන විදියට ඒ අවුරුදු 30 තිබ්බ නම් යාපනේ මිනිස්සු දියුණු වෙනවා හිතාගන්න බැරි විදියට...හැබැයි අපි සිංහල ජාතියක් විදියට ලැජ්ජා වෙන්න ඕනේ...අපිට ඕන හැම මගුලම තිබිලත් අපිට එතෙන්ට එන්න බැරි එක ගැන....ජාතිවාදී වෙන්නේ නැතුව ශ්‍රී ලාංකිකයෙක් වෙන්න පුළුවන් නම් ඒක තමා වටින්නේ....හි හි හි....දිගටම යමු බලන්න PPD :D

    ReplyDelete
  28. "මං ආ ගිය කිසිම තැනක කිසිම මනුස්සයෙක් නිකං හිටියේ නැහැ..මොනවම හරි වැඩක... එක්කෝ පොළව කොටනවා...වගාවේ අඩු පාඩු බලනවා...මුහුදු යනවා...නැත්තං මාළු දැලක් සුද්ද කරනවා... කඩේකට ගියත් අපේ වගේ නෙවෙයි පුදුම උනන්දුවකින් දුවං ඇවිත් අහලා බලලා හැම දේම ලගට දෙනවා.. පුදුම කඩිසරයි... "

    වටිනාම කොටස තමයි මේක. අපි හැමෝටම මේක ආදර්ශයක්

    ReplyDelete