21 January 2012

උතුරුකොනට ගියෙමි...බයිසිමොටෝවෙන් යාපනයට...

ඔන්න ඉතිං නිලාවර ළිඳ පහු කරලා ආයෙමත් පාරට වැටුනා...එතැන් සිට පූත්තූර් දක්වාත් අර කලින් කිව්වා වගේම දුෂ්කර මාර්ගය..හැබයි තව බොහෝම ටිකයි..කිලෝ මීටර් හයක් වගේ දුරක්.. එයින් පස්සේ මට හමුවෙනවා යාපනයේ සිට පේදුරුතුඩුව බලා දිවෙන AB20 ප්‍රධාන මාර්ගය...
ලංකාවේ මාර්ග අතරින් හම්බ උන හොඳම මාර්ගයක්... තව ඒකේ යාපනයේ සිට කිලෝමීටර් 8ක් පමණ වැඩ ඉවර නැති උනත් හදලා ඉවර හරියනම් හොඳටම තියෙනවා... මගේ බයිසිමොටෝවේ උපරිම වේගය ලබා ගන්න ඒ හරියෙදි පුළුවන්කම ලැබුනා කිව්වම..ඔව් ඉතිං මේකේ මොන වේගද..? යන්තං 90 පන්න ගත්තා එයිට එහා යන්ට ඇහැකි එහෙකනං විදිල්ල වගේ යන්ට පුළුවන් පාර.. ඉතිං කොහොම හරි අර කොට කොට ආව පාරෙන් මේකට ආවට පස්සේ නිකං කෙලින්ම අපායේ ඉඳින් දිවිය ලෝකෙට උසස්වීමක් ලැබුනා වගේ උනා...

ඇත්තටම ඒ පාර දෙපැත්තත් බොහෝම ලස්සනයි.. ඒක ඉතිං ගිහින්ම දැක්ය යුතු දෙයක් තමා..ඒ විතරක් නෙවෙයි බොහෝම සරුසාරෙට පැසෙන කුඹුරු...
විතරක් නෙවෙයි හිටි හැටියේ අර කොයි වෙලෙත් පෙනෙන තල් ගස්වලට අමතරව මෙන්න බොලේ පොල් ගසුත් තියෙනවා...අඩුවක් නැතිව තියෙන කෝවිල් අතරේ මෙන්න මෙහෙම කෝවිලකුත් තිබුනා..ඔය කෝවිල හරියේනං පාර කැඩිලා තිබුනේ... ඕක දිහා බලං ගෙහුං වලකින් වැටිලා මගේ බයිසිමොටෝවේ එක පැත්තක හයිකරලා තිබුන පෙට්ටියක ඇතුලේ තිබුන වතුර බෝතලයක් වේගෙන් ඇවිත් පියනේ වැදිලා පියන උඩට ඇරුනේ එකේ තිබුන අගුලත් කඩාගෙනයි..ඒ පාර නැවතිලා කෝවිලේ පින්තූරයකුත් අරං වයර් කෑල්ලකින් පෙට්ටි පියනත් බැඳලා දාලා ආයේම පිටත් උනා...ඔය පාරේ අවසාන හරිය.. ඒ කියන්නේ පේදුරුතුඩුව නගරයට ආසන්න හරියත් ආයේම පාර ඒ හැටි හොද නැහැ.. කොහොම හරි පේදුරුතුඩුව නගරය හරහා ගෙහුං මුහුදු බඩ මාර්ගය හොයාගෙන එහි වම් අත පැත්තට කිලෝමීටර් තුනක් විතර ගමන් කරද්දි හරියටම මට පේදුරු තුඩුව හම්බ උනා...අර උඩින්ම තියෙන්නේ එතන නෙව..ඔය යටින් දාලා තියෙන්නේ ඒකේ සඳහන් තොරතුරු ටික...ඔන්න කොහොම හරි රටේ උතුරු කොනත් මාරස්පාදස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත් කලා...(ඕක කියවන්න ගිහින් හක්ක පැන්නොත් මං නැහැ ඕං..) ඉතිං එතනටත් ගිහිල්ලා ඔය බෝඩ් ලෑල්ල එහෙම අල්ලලා කරලා ආයෙම අවට සිරි නරඹමින් එන්න පිටත් උනා...මේ වෙරළ තිරයම ධීවර කටයුතු ඉතාමත් හොඳින් කෙරෙන හරියක් කියලා කියන්න පුළුවන්..එක දිගටම ධීවර බෝට්ටු පේළීයට නවත්තලා..වෙරළ දිගට කරවල වේලනවා.. ඒ අතරේ කවදාවත් දැකලා නැති දේකුත් දැක්කා උනත් ඒක පොටෝ ගහන්න ගියේ නැහැ..ඒ තමා කරවල වේලන තැන්වල කපුටෙක්ව මරලා කෝට්ටක එල්ලලා තැබීම..මං හිතන්නේ එහෙම කලාම අනිත් කපුටෝ ඒ හරියට එන්නේ නැද්ද කොහේද.. ඒත් ඉතිං දවසට එකා ගානේ කපුටෙකුට අවසන් ගමන් යන්න වෙනවා කරවල පැදුරු හත අටක් වෙනුවෙන්...ඔන්න ඔය කරවල පැදුරු බල බල එන අතරේම තමයි මං දැක්කේ බොහෝම අපූරුදර්ශනයක්.. මේ බලන්න මොනව හරි පේනවද..?වම් අත පැත්තේනං මහ මුහුද කියලා යන්තමට පේනවනේ... එතකොට දකුණු අත පැත්තේ..ම්හූ මෙහෙම බැළුවට පේන්නේ නැහැ..සමාවෙන්න මගේ අසරණ ෆෝන් කටුවෙන් ගන්න ඡායාරූප වෙනුවෙන්..එහෙමනං බලමුකෝ පහල පිංතූරය...දැන් පේනවද..? ඒ තමා මුහුදට මීටර් පණහක් නුදුරෙනුත් යාපනේ මිනිස්සු වගාකරන හැටි...ඕය වගා බිම මම යනකොට සකස් කරමින් තිබුනේ..ලියදි ගහලා තිබුනේ අර මං කලින් දැකපු තැන්වල ආකාරය හින්දා වවන්න හදන්නේ ළුණු කියන එක පැහැදිලි උනා.. හිතල බලන්නකෝ මුහුදු තීරය දිගට ධීවර කර්මාන්තය කරන අතරේ එයිට මීටර් පණහක් ගොඩ බිමේ ඉඳන්ම වවන්න පටන් ගන්න මිනිස්සු ගැන..හරියට බැළුවොත් පෙනෙයි මුහුදු මට්ටමෙයි..ඔය වගාබිමේ මට්ටමෙයි කිසිම වෙනසක් නැහැ..සමහර විට මුහුදු මට්ටමටත් වඩා ඩිංගක් පහත් බිමක් වෙන්නත් ඇහැකි..ඒත් උන්දලා ඒකෙත් වවනවා... ඒත් අපි..?මෙහෙ තිබුන විශාලම වෙල් යායක් උන "මුතුරාජවෙල"..එක්කෝ ඕන නැහැ අපි ඒ ගැන කතා නොකර ඉමු...අපි යං ආයෙත් ගමනට...

ඉතිං එහෙම ඇවිත් ආපහු පේදුරු තුඩුව නගරය පැත්තට හැරිලා ආපු පාර දිගේම එනකොට හැරෙන්න ඕන තැන මග ඇරිලා තව ඩිංගක් ඉස්සරහට ගියාම තමා මේක දැක්කේ...
පේදුරුතුඩුව ප්‍රදීපාගාරය..ඒත් කියන්නත් කණගාටුයි වෙන හයිකරන්න තැනක් ඇත්තේම නැතිව වගේ එතනම හිටෝලා තියෙන අනිත් කුළුනත් බලන්ටකෝ...

පොඩ්ඩක් ඕක මීටර් සීයක් දෙසීයක් අහකට ගෙනිච්චනං හෙන ගහනවද..? ඒ ගැනත් හිත හිත ආපහු එන්න ආවා නගරය පැත්තට පාරත් හොයාගෙන...ඒ එනකොට ආවේ පුත්තූර් හරහා කෙලින්ම යාපනය පැත්තට තියෙන පාරෙම තමයි.. ඒ ඇවිත් බලන්න ගිය තැන ගැන ඊ ළග ලිපියෙන් කියන්නම්... හැබැයි එතකොට හොඳටම කරුවල වැටිලා...

32 comments:

  1. ඔය වගාකොරන වැඩේටනං මමත් බොහොම මනාපයි. දැක්කහම අසාවෙ බැහැ...දැන්නම් යන්නම හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං ගොයියා දෙයියාය කියලා හිතන එකෙක් නෙව... යමු යමු කොහොම හරි

      Delete
  2. මාර වටයක් ගිහින් තියනවා නේ,,මරු ට්‍රිප් එකක්

    ReplyDelete
  3. ඔය ප්‍රදීපාගාරය උඩට නැගලා බැලුවේ නැතයි?

    ReplyDelete
    Replies
    1. ඒක වට කරලා යන්න දෙන පාටක් තිබුනේ නැහැ..අනික එන්න පරක්කු වෙලා..වෙලාව රත්තරං දවසක්නේ...

      Delete
  4. නියමයි! තව කියන්න..තව කියන්න

    ReplyDelete
    Replies
    1. කාක්කෝ මරලා එල්ලලා තියෙනවානම් දැකලා නෑ..හැබැයි කාක් තටු නම් එල්ලලා තියෙනවා දැකලා තියෙනවා..තව පොල්කොල බිම ගැහුවත් කාක්කෝ කිට්ටු වෙන්නේ නෑලු...

      Delete
    2. මෙහෙනං කපුට පිටින් එල්ලලා තිබුනා මලේ..පොල්කොල කේස් එකක්නං හරියටම දැක්කේ නැහැ...

      Delete
  5. අඩේ මාරයිනෙ බං වගාව. අපේ මිනිස්සුත් ඔය ස්විමිං ෆූල් හදන්නෙ නැතිව ඔය වගේ දෙයක් කරනවනං ලොකු දෙයක්නෙ.

    කොහොමහරි පෙට්ටියත් කඩාගෙන නේද? :D

    ReplyDelete
    Replies
    1. පෙට්ටිය නේද..? ආ ඔව්නේ...
      මං එක පාරක් ඔය එළවළු බිස්නස් එහෙකට අත ගහන්න හිතං ඇවිද්දා නුවරඑළිය..කැප්පෙටිපොල..නාවල පැතිවල පයින්ම වතු ගානේ..ඒ වැවිල්ලයි..මේ වැවිල්ලයි දෙකම දැක්කම තේරෙනවා අපේ අය කරන විදියෙයි අර අය කරන විදියෙයි වෙනස...

      Delete
  6. කිසි සැලැස්මක් නැතුව හදල තියන සිග්නල් කණු ලංකාවේ ගොඩක් සුන්දර තැන් අසුන්දර කරලා තියනවා තමා.
    තවත් යනවනං ගමනක් පුත්තලම, විල්පත්තු කැලේ මැදින්, සිලාවතුර හරහා මන්නාරම

    ReplyDelete
    Replies
    1. ඒ පාරෙ නෝමල් යන්න පුලුවන්ද?.. මම හිතුවා අවසර ගන්න ඕනා කියලා..

      Delete
    2. ඇත්තටම මේ ගමනේ ආපසු මාර්ගය හැටියට මං යොදාගන්න හිටියේ සංගුපිටිය පාලම හරහා මන්නාරං පාරේ පුත්තලම පැත්තට..ඒත් පාර තවම හදලා ඉවර නැහැ නේද..?

      Delete
    3. මම නම් ගියේ නෑ. එත් 2,3න් පාරක් ගියකෙනෙක් කිව්වා එළකිරි කාපට් පාරක් කියලා . විල්පත්තුව මැද්දෙන් යන්න තියන හරියේ තාර දාල නෑ කිව්වා. කැලෙන් පස්සේ සිලාවතුර මන්නාරම හරියේ හොඳට හදල තියනවලු.

      Delete
    4. පොඩ්ඩක් හොයලා බලලා කියහංකෝ මලේ පුනරීන්වල ඉඳන් පරන්තන් වලට එනකල් තියෙන පාර කොහොමද කියලා..ඒකවත් හදලනං අඩුම ගානේ ආයේ වතාවක් ඒ නයින් එකේ ගිහින් සංගුපිටිය පැත්තෙන් යාපනයට දාතැකි... කොහොම හරි එක පාරක් හරි පුත්තලං පැත්තෙන් සිලාවතුර හරහා යන්න ඕන ඔය මන්නාරම පාරේ

      Delete
    5. ඔය පාරෙ යන්න පුලුවන් නම් අපිට කිලෝමීටර් ගාණක් අගඩු කොර ගත්තැකි..

      Delete
  7. පොල් ගස් වල පොල් ගෙඩි නැහැ වගේ. පොහොර දාලා ගත්තනම් ටොප්.
    අර පහත තියෙන පොස්ට් එකේ පින්තූරු ටික මුහුණ පොතට දැම්මෙ නැහැ නේද? මේකෙ ලොකු කරල බලන්ට බැත. එතකොට ඔය Delft දූපතේ විස්තර සහ පින්තූරු තාම ආවෙ නැහැ ද මට මිෂ් උනාද එහෙන් මෙහෙන්?

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා ඩී.. බලන්න බුකියේ ඇති... නැහැ තවම ඩෙල්ෆ් ඒවා දැම්මේ නැහැ...මිෂ් වෙලා නැහැ..

      Delete
  8. /* රටේ උතුරු කොනත් මාරස්පාදස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත් කලා */
    දිවා ගුහාවත් එක්කද?

    ReplyDelete
    Replies
    1. දිවා ගුහාවක් අහු උනේ නැහැ නෙව...

      Delete
  9. ඔක්කොම හොඳයි කතාව පින්තුර සහ ගමන මල් හතයි ...
    පොඩි කොස්සකට තියෙන්නේ අර මාරස් පස් පස් ඒක තමා...:D(කියෝගන්න අමාරුයි නෙව)

    ප/ලි : මෙයට වඩා විස්තර සහ පින්තුර බලාපොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. තවම එක දවසක් ඉවරත් නැහැනේ..ඉන්න දෙන්නං මදි නොකියන්න පොටෝ

      Delete
  10. ආසාවේ නැහැ මාරා අයියේ. මම කවදාවත් ගිහින් නැහැ. අනේ ඔයාට මාවත් එක්කගෙන යන්න තිබුනා නේද :/

    ReplyDelete
    Replies
    1. අනෙ මාරයියෙ මටත් ආසාවෙ බැහැ. මටත් චැන්ස් එකක් දෙන්න තිබුනා නෙද ඔයාට.

      Delete
    2. ආ ඔය නංගිලා මල්ලිලා පොරකන්න එපා..කලින් කිව්වනං දෙන්නවම හරි එක්ක යනවා..දැන් ඉතිං මං ගිහින් ආවනේ..ඉන්නකෝ මං ඔය දෙන්නටවත් ඔය ගමන යන්න විදියක් පිළීයෙල කරලා දෙන්න.

      Delete
    3. අනේ හොදයි ශෝක්

      Delete
  11. ලංකාවෙනේ අයියා...ගණන් ගන්ට නාකයි...අපේ මිනිස්සුන්ට පොඩ්ඩක් විතර ඔළුව දෙන්න බ්‍රහ්මයාට අමතක වෙලා....

    දැන් ‍එතකොට PPD මාරපාදස්පර්ශය ලබලා තියෙන හින්දා පස්සේ යන අයට මොන වගේ ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙයිද දන්නෑ නේද?:D

    ReplyDelete
    Replies
    1. අහ් මීට පස්සේ යන අය මගේ නම හත්පාරක් සිහිකරලා ඊට පස්සේ දෙයියෝ බුදුන් සිහි කරලා ගියාම හරි...

      Delete
  12. දැං මේ තාම ට්‍රිප් එකේ දෙවෛ දවස නේ අයියේ.. අර "මාරස්පාදස්පර්ශය" මට එකපාරම තේරුනෑ නෑ නෙවැ...

    ReplyDelete
  13. අනේ අර කුළුණ දැක්කම මටත් හිතුනා නෙද්දකිං කියල.... ඒත් එක්කම මතක් උනා මෙහේ ප්‍රදීපාගාරයකට ගියපු ගමනත් එතන වටාපිටාව තියාගෙන ඉන්න විදියත්.... අනේ අපේ ලංකාව..... :(

    ඔය වගා කිරීම ගැන මාත් අහලා තියෙනවා... අර කඳවුරුවල ඉන්නකොටත් තමුන්ට තියෙන පුංචිම පුංචි ඉඩෙත් වගා කරපු මිනිස්සු හිටියා නෙව.... ලොකුම වෙනස ඒ මිනිස්සු කම්මැලි නැති එකයි කියලයි මට හිතෙන්නෙ....

    ReplyDelete
  14. නියම ට්‍රිප් එකක් ගිහින් වගේ...
    කමෙන්ට්ස් නොදැම්මත් හොරෙන්ම ඇවිත් යනව ඕං.. ඉතිරියත් දාන්ටෝ..

    ReplyDelete