23 January 2012

මෙතනට නොගියනං යාපනේ ගියේ නැහැ වගේ තමා... බයිසිමොටෝවෙන් යාපනයට...

මම යාපනයට ලගා උනේ 12 වෙනිදා රාත්තිරියේ..ඊට පහුවෙන්දා තමා කඳුරුගොඩ විහාරයයි..කීරමලෙයි..නිලාවර ළීඳයි බලලා පේදුරු තුඩුවටත් වාර්ථා කලේ..එයින් පස්සේ ඉර යාපන කලපුවේ ගිලිලා මියෑදෙද්දී යන්තං යාපනයේ දුම්රිය ස්ථානයත් දැක බලා ගත්තා... එයින් පස්සේ මට තිබුනේ එකම එක තැනකට යන්ට විතරයි...

කොහොම හරි ඒ තැන හොයාගෙන යන්ට තිබුනේ මගේ නවාතැන් පොල අහලටමයි.. ඒ කියන්නේ මං නැවතිලා හිටිය තැනට නුදුරින් තිබුන නල්ලූර් කෝවිල අසලම තමා ඕං... ඒත් ඒ අහලට යද්දී ඇහැ රවටන තැන් බොහෝමයි.. ඒ කිව්වේ මං හොයං ගිය තැනට.. ඒ නමට සමාන වෙන්න හදපු ව්‍යාජ තැන් කිහිපයක්ම ඒ අවට තියෙනවා.. ඒත් මං තව ටිකක් ඉදිරියට ගියා..අනෙ අම්මේ මේ තියෙන්නේ දිලිහි දිලිහී...
ඔව්..මේ තමා යාපනයේ නල්ලූර් කෝවිල අසල ඇති රියෝ අයිස්ක්‍රීම් වෙළඳ සැල... මට යාපනේ යන්න කලින් මේ ගැන මුලින්ම කිව්වේ අපේ ගිම්හානි නගා තමා.. ඒත් ඉතිං ඔය ගෑණු ළමයි අයිස් ක්‍රීම් ගැන ලොකුවට කිව්වට අපි ඒ හැටි ගණන් ගන්නවයෑ..එයාල ඉතිං චොකලට් වලට අයිස්ක්‍රීම්වලට පණ ඇරලා නෙව..ඒත් ඉතිං කෝකටත් කියලා ඔන්න මාත් ගියා බලන්න..

හත් ඉලව්වේ එතනනේ වැඩේ තියෙන්නේ... මං කොර වෙලා ගියා ඒක දැකලා... පේන පේන හැම තැනම පුටු මේස පුරෝලා..මං එත් බැළුවා මෙච්චර එව්වෑ වාඩි වෙලා අයිස් කිරිං කෙලින්ට මිනිස්සු එනවද කියලත්..ඒත් ටික වෙලාවක් යනකොට එතනට එන පිරිසත්..ඇවිත් ආපහු කාලා බීලා පිටව යන පිරිසත් දිහා බැළුවම ඇත්තටම පුදුම හිතුනා..යාපනයේ තියෙනවා අපේ නැති ආකාරයේ වෙනම අයිස්ක්‍රීම් සංස්කෘතියක්... මං කලිනුත් කිව්වනේ අර කීරමලේදී මං කාපු අයිස්කිරිම ගැන..එතනදී අත්විඳපු දේ දස දහස් ගුණයකින් වැඩියෙන් මට මෙතනදී දැනුනා...

එළී මහනේ වගේම ඇතුලත් බොහෝම පිරිසිදුවට සහ ක්‍රමානුකූලව සකස් කරපු මේස පිරිලා... වට පිටාව බොහෝම සන්සුන්... මුලින්ම යන්න තියෙන්නේ කැෂියර් එක ලගට..එතන තියෙනවා එයාලගේ නිශ්පාදන සියල්ලෙහිම වගේ පින්තූර සහ මිල සඳහන් කාඩ් පත්.. අපිට තියෙන්නේ එම කාඩ් පත් බලලා අපට කැමති ආකාරයට තෝරා ගන්නයි..අපි තෝරාගන්නා දේ බිල්පත් දමන කෙනාට කිව්වම එයා පරිගණකය ආශ්‍රයෙන් තත්පර ගානක් ඇතුලත එම භාණ්ඩවලට ආදාලව කොපි දෙකකින් යුක්ත බිලක් නිකුත් කරනවා.. එම බිලට අදාල මුදල ගෙවලා අපිට පුළුවනි අපි කැමති ඕනම තැනකින් වාඩි වෙන්ට..එතකොටම එයාලගේ සේවක මහත්මයෙක් අපි ගාවට ඇවිත් අපි සතුව තියෙන බිල්පතෙහි කොපිය රැගෙන යනවා.. එයිට විනාඩි කිහිපයකට පසුව අපි ඉල්ලපු දේවල් අපේ මේසෙට ගෙනල්ලා බොහෝම පිරිසිදුවට තැන්පත් කරලා ඔවුන් පිටව යනවා.. එච්චරයි හරිම සරලයි..

අපිට ආයෙමත් මොනවා හරි උවමනානං කම්මැලි නැතිව ආයේ යන්න වෙනවා අර කවුන්ටරේ ලගට.. ආයෙම ඇනවුම දීලා පෙර විදියටම කරන්න තමා තියෙන්නේ..මං මේක කිව්වේ ඉතිං මට ඒක කරන්න උන හින්දා..එක දවසක්නං මදෑ දවස් දේකේම...ඒ වගේම අපි රෝල්ස් කනකන් ඕන නම් ආයෙමත් අයිස්ක්‍රීම් එක ශිතකරණයේ තැන්පත් කරලා තියලා පසුව ගෙනත් දෙන්නද අහන තරමට එතන සේවක මහතුන් කාරුණීකයි...

ඉතිං මෙතන කෑමටනං ගොඩාක් ජාති නැහැ..ප්‍රධානම දේ තමා රෝල්ස්... ඒ කියන්නේ වෙජිටබල් රෝල්ස්... ගානත් හරිම පහසුයි..රුපියල් විස්සයි..උණූ උණූවේ දුම් දදා තමා කන්න වෙන්නේ.. ඒ තරම් රස්නෙන් ඔවුන් ඒක දෙනවා..තව පාට කරපු නිකං ලොකු පොල් ටොපී වාගේ ඒවයි..ලඩ්ඩු වගේ දේවලුයි තිබුනා උනත් ඒවා කන්ටනං මං ගියේ නැහැ... මුලින්ම ගත්තා රෝල්ස් දෙහෙකුයි බලලා බලලා අයිස් ක්‍රීම් එහෙකුයි...
අපරාදේ කියන්න බැහැ රෝල්ස් කන්න සෝස් ටිකයි..පේපර් සර්වියට් එකයි..වතුර වීදුරුවයි ඇතුළු හැම දේම ලබා දෙනවා.. එක රෝල්ස් එකක් ගත්තත් ඒ ටික අඩු නැතිවම එයාලා දෙනවා..රුපියල් විස්සකට එච්චර දෙයක් අපිට මෙහෙදී කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ...


රෝල්ස් එක ගැන කිව්වනේ..දැන් යං අයිස් ක්‍රීම් ගැන කතාවට...ඒත් ඒක ලියන්න ලේසි නැහැ.. මොකද එතන හදන සියළුම අයිස් ක්‍රීම් වර්ග කාලා රස ගුණ කියන්නනං මට මාසයක්වත් එහෙ ඉන්න වෙනවා..ඒ තරමට තෝරා ගන්න ජාති ගොඩයි.. ඒ වගේම ඒ අයිස්ක්‍රීම් පිළී ගන්වන්න සකස් කරන ආකාරය බලා හිඳිමත් හරි අපූරු වැඩක්..ඔබ කැමතිනම් එය බලං ඉන්න පුළුවන්...ඒකත් වෙනම පැත්තක අපිට පේන විදියටම කරන දෙයක්..

ඉතිං මං කියන්නම් මම කාපු වර්ග ගැන ටිකක් විතර විස්තර..
මේ තමා එයාලගේ ප්‍රධානම අයිටම් එක..ඔරිජිනල් රියෝ අයිස් පැක් එක..මිල රුපියල් 80/=යි... ඕක සකස් වෙලා තියෙන්නේ ඔය කප් එකේ පතුලෙම පලතුරු සලාද තට්ටුවක්..ඊට උඩින් ජෙලි තට්ටුවක්..එයිටත් උඩින් වර්ග තුනක රසවත් රියෝ අයිස් ක්‍රීම් බොල් තුනක්..ඒ මතින් තැවරූ චොකලට් ද්‍රාවණයක් හා මතුපිටින් ඉසිනු ලැබූ කජු කැබලිවලින්..මේ කජු කිව්වේ රට කජු නෙවෙයි නියමම කොට්ට කජු...

දැන් මේකේනං පෙන්නේ අයිස්ක්‍රීම් බෝල දෙකයිනේ..ඇයි අප්පා කන අතර මැද්දෙනේ පොටෝ ගහන්න මතක් උනේ..ඒ හින්දා ඕකේ තිබුන කොලපාට අයිස් බොලේ මගේ බඩේ ඒ වෙනකොට... කොල පාට කියන්නේ අඹ රස අයිස්ක්‍රීම්..කහ පාටට කෙසෙල් රසයත්..දම් පාටින් මිදිත්..සුදු පාටින් වැනිලාත්ආදී වශයෙන් වර්ග කිහිපයකින්ම අයිස් ක්‍රීම් ඔවුන් මේ සඳහා යොදනවා..

මේ තියෙන එක වැනිලා/අඹ/කෙසෙල් කියන වර්ග තුනෙහි එකතුවක්..අර මං උඩින්ම දාලා තියෙන කප් එකේ තියෙන්නේ අඹ/මිදි/කෙසෙල් කියන රස තුනෙන් අයිස් ක්‍රීම්.. මේක බොහෝම රසවත් වගේම ලොකු අයිස්ක්‍රීම් පැක් එකක්... කරුමෙට මට ඒක මදි මදි වගේ උනාට..ඇයි යකඩෝ මං ජීවිතේට කාලා නැහැ එහෙම රස අයිස්ක්‍රීම් එකක්... මං හිතන්නේ මෙහෙ හදන අයිස්ක්‍රීම් හදන තරමක් හදන්නේ පිටිකිරි දියකරලා හින්දා වෙන්න ඕන..අරකනං එලකිරි රස දිවට දැනෙනවා නියම විදියට...

මේ තියෙන්නේ චොකලට් නට්ස් කියන එක..රුපියල් 60/=යි
මෙන්න චොකලට් ඩබල් නට්ස්..මිල 90/=යි
ආ තව එකක් කියන්ට එපෑ..ඔය උඩින්ම ගහලා තියෙන බිස්කට් එක සෝස් එක්ක මාර රසයි ඈ... කොහේද යාපනේ ගියත් මගේ තියෙන ජහර වැඩ අතාරින්න පුළුවනෑ...ජොලියටත් එක්ක බිස්කට් කෑවා සෝස් එක්ක..

මේ පහතින් තියෙන්නේ ෆෘට් ඇන්ඩ් නට් ඩබල් කියන කප් එක..ඒකත් 90/=යි...
තව ජාති කිහිපයක්ම කෑවා සමහර ඒවයේ පොටෝ ගන්ටත් බැරි උනා...එයින් එකක් තමා කිතුල් නට්ස් කියන එක..ඒකත් රුපියල් 60යි.. අර චොකලට් නට්ස් එකමයි අඩියට කිතුල් පැණී දාලා..

එතකොට ෆෘට් සැලඩ් අයිස්ක්‍රීම් එක රුපියල් 70/=යි..

ඔන්න ඔහොම ජාති හැට හුට හමාරක් කාලත් වැඩේ ගොඩ දාගන්න බැරි උනා කියමුකෝ..ආයේ මං යාපනේ යන්නේ තුන් වේලටම අයිස්ක්‍රීම් කන්න බලං තමා ඒං.. ඒ තරමට මට මේ වැඩේ අල්ලලා ගියා..එදා විතරක් නෙවෙයි මං පහුවදා රෑත් සෙට් උනේ මෙතනටම තමා... යාපනේ හිටිය රැයවල් තුනෙන් දෙකක් අයිස්ක්‍රීම් සහ රෝල්ස්වලින් තමා දිව්වේ කියමුකෝ... මට දුක පලවෙනි දවසේ මෙතනට යන්න බැරි උන එක ගැනයි...

මෙතන තියෙන වැඩිම ගණන් අයිස්ක්‍රීම් එක රුපියල් 150ක් වගේ මට මතක.. ඒ වගේම රුපියල් 50හේ ඉඳලා ඉහලට තියෙනවා... මිල ගණන්වල හැටියටනං ඒ ගානට අරං ඇවිත් කොලඹ ඒ වගේ දෙගුනයක් මිලට වික්කත් විකිණෙයි ඒ තරම් ලාභයි... කොහොම හරි මං එක වේලකට රෝල්ස් තුනකුත් අයිස් ක්‍රීම් වර්ග තුනකුත් වගේ වෙන්ට නෙළුවා කිව්වොත් ඔයාලා ගණන් ගන්ට එපා.. ඒම නොකෑවනනං මං කෝමද ඔයාලට මේවායේ විස්තර සපයන්නේ..ආන්න ඒ හින්දා හිතන්ට එපා මගේ පෙරේත කම කියලා එහෙමනං..මේක තනිකරම මං හුදී ජන ලාම්පු මෙව්වා එක හින්දාම කොරපු එකක්..

එහෙමනං යාපනේ කවදා කොහොම ගියත් මතක ඇතිව රියෝ එකට ගිහින් අයිස්ක්‍රීම් එහෙක රස බලන්න අමතක කරන්න එපා..මුළු යාපනේ ගමනත් හරි රියෝ අයිස්ක්‍රීම් එකත් හරි කියලා මං බොහෝම මනාපෙන් කියන්නේ ඒකේ ඇති වැදගත් කම වගේම රසයත් නිසාමයි ඕං...


ආ මේක ඉතිං මං ඔහේ ගියා කියන්ට ගන්න සාක්කිය නෙව...

43 comments:

  1. පට්ටම පට්ට මරයියේ .... දැක්කම කියන්න පුළුවන් රස කොහොම ඇතිද කියල.
    දැන් ඉතින් යන්නම වෙනවා අනිවා ...

    ReplyDelete
    Replies
    1. අඩේ මම ඒක නේද. ;ලොල්

      Delete
    2. අච්චර දේවල් කිව්වා ..ඒත් තොපිට කෑමක් කිව්වම තමා ගාල කඩං දුවන්න හිතෙන්නේ නේද..? හැක් හැක්...

      Delete
    3. අනේ, ඒක දැක්කම කමෙන්ට් දානතැනත් හොයාගන්න බැරිව ගියා...

      Delete
  2. හරි මොනිටරේ ලෙව කෑවා. දැන් රෑට කන්න ඕනේ නෑ. :D

    ReplyDelete
    Replies
    1. එහෙනං දැන් කාලෙකට පස්සේ පින්තූර පැහැදිලිව පේනවා ඇති...

      Delete
  3. අපරාදේ පොටෝ එකේ යාපනේ කියලා දැම්මේ. නිකන් පිටරටක වගේ. සම්බන්ධන්ල අමු කෙප්ප නේ කෙලින්නේ බලාගෙන ගියාම..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා මාතේ... දකුණු මූදු තීරේ කිලෝ මීටර් 200ක් ගියාම තාමත් අර සුනාමි කූඩාරමක් දෙකක් බලාගන්න පුළුවන්..නිකං ඉරිලා වැල් වෙලා හරි... ඒත් මං යාපනේ ඇතුලත ඇවිද්ද දුර පුමාණය කිලෝ මීටර් 300කට වැඩියි වගේ ගණන් හදලා බැළුවම.. ඒත් සමහරු කියන විදියේ අවුලක්නං මට පේන්න තිබුනෙම නැහැ. අපිට වඩා හොඳින් කට්ටිය ඉන්නවා වගෙයි පේන්නෙ නම්..මම කලින් ලිපියකත් කිව්වේ..එක හිඟන්නෙක් නැහැ බෙහෙතකටවත්... මිනිස්සු පුදුම කඩිසරයි..හොඳින් හිනා වෙනවා..අපිත් එක්ක කතා බහ කරන්න උනන්දුයි.. උදව් කරන්න උනන්දුයි... යුද්ධයක් ගැන පරිසරයේ මැකී යන මතක සටහන් ඇර‍ වෙනනං කියන්න දෙයක් නැහැ.. ආ තව එකක් කොළඹ ගම්පහ පැතිවල ඉන්න තරමටවත් එහෙ නැහැනේ ආමි එකෙන් පොලිසියෙන් ප්‍රධාන නගරවල පේන්නේ.. මං හිතං ගියේ හන්දියක් හන්දියක් ගානේ ආමි එකෙන් ඇති මට පාරවල් අහං යන්න කියලා..මොන..? මුළු ගමනටම ප්‍රධාන කඳවුරු තිබුන තැන් ඉස්සරහා ඇර අනිත් තැන්වලදි මට ආමි එකේ විස්සක්වත් ඉන්නවා දකින්න හම්බ උනේ නැහැ..එයිට වඩා ඉන්නවා මෙහෙ වටරවුං වල අම්බානකට... කවුරු ඇත්ත කියනවද..කවුරු බොරු කියනවද කියලා දැන ගන්න මංනං හිතන්නේ වටයක් දාන්නම ඕන...

      Delete
  4. මේ ළමයා යාපනයෙ ඉට්ටයිල් එකට හදපු ඉස්පෙසොල් අහාර වේලක් අරගෙනම නැහැනෙ බලනකොට. අයික් කිරිම් ම ගිලලා ඇවිත්. චැහ්! මම බලං උන්නෙ ඒක. දැන් ඉතින් ඩෙල්ෆ් වෙරළෙ පින්තූරු ටික විතරයි ඊළඟට එන්න තියෙන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. කියන්න කණගාටුයි..ඒක තමා අතෑරුන දේ.. ඒත් ඒකට සාධෘරණ හේතු ගොඩයි..එකක් කන බොන වෙලාවල් එනකොට මං ඉන්නේ එහෙම කෑම වේලක් ගන්න පුළුවන් අන්දමේ තැන්වල නෙවෙයි කොටින්ම කිව්වොත් මහ පාරේ... යාපනයට කිලෝමීටර් බර ගානක් ඈතින්...

      එයිටත් වඩා දෙයක් තමා යාපනයේ නගරය මැදින් ඉව අල්ල අල්ල බයික් එක පැදං ගියත් ඔබත් කියන..මමත් හිතපු ආකාරයේ සම්ප්‍රධායික ආහාර වේලක් ගන්න තැනක් ගැන හෝඩුවාවක් ලැබුනෙම නැහැ... හැම තැනම මෙහෙ වගේ.. මං හිතන්නේ නම් වැල්ලවත්තේ ඇර යාපනෙත් දැන් ඔය කියන විදියේ තැන් නැද්ද මංදා...?

      Delete
  5. දැක්කම කටට කෙළත් උනනවා. අයිස් කිරිම් වල ගාණ නම් ශේප් වගේ නේද? පට්ටම ලාභයි..
    නිකනුත් ගන්න තිබ්බා.. පබ්ලිසිටියක් දෙන්නයි යන්නේ කිව්වානම්... :)

    අයිස් ක්‍රිම් හදන හැටිත් පොටෝ ගන්නයි තිබ්බේ.. සිහියක් තියෙන්න නැතුව ඇති..

    ඔන්න අද තමයි මම බස් පළු කතා ටිකයි බණ කතා ටිකයි කොණක ඉඳන් බැලුවෙ..බණ කතාව ඉවරද? මඟ හිටලද?

    ReplyDelete
  6. අම්මෝ මේං මගේ ජාතික ආහාරය..යුද්දෙ ඉවරවෙලා ටික කාලෙකට පස්සෙ අපිත් ගියා යාපනේ.නල්ලූර් කෝවිල ළග මෙහෙම කඩයක් තීනව කියුවෙ අපේ මාමා.එයා හමුදාවෙ,හැමදාම වගේ මෙතනින් අයිස්ක්‍රීම් කනවලු.මෙහෙම තැනක් කියුවට මාත් විස්වාස කලේ නෑ.පස්සෙ මාමා අපිව එක්කන් ගියා.ගිහින් බලපුවමනේ රඟේ තේරුනේ අපි යාපනේ දවස් 6ක් ඉදියා දවස් 5ක්ම මාමාට රාජකාරි අස්සෙ මාවයි මල්ලිවයි(අම්මගෙයි තාත්තගෙයි බැනුම් අහගෙන)අයිස්ක්‍රීම් කන්න එක්කන් යන්න වුණා.අපි ගියපු දවස් වල මෙතන මේ තරම් ලස්සනට තිබුනේ නෑ වගේ මතකයි.අය්යගේ ලිපි ඔක්කොම කියෙවුවා ආයෙත් යාපනේ යන්න ආසාව වැඩි වුණා.ඉක්මනට යන්න ඔනි අයිස්ක්‍රීම් කන්න.(එතකන් අය්යගෙ ට්‍රිප් එකටයි පොටෝ වලටයි ඉරිසියා කර කර ඉන්නවා)සුබ පැතුම් අය්යා තවත් මේ වගේ ගමන් යන්න මග පෑදේවා..!

    ReplyDelete
  7. අවංක වෙළෙන්දෝ!!

    ReplyDelete
  8. ඇයි අප්පේ හන්දෑවට ඔතෙන්ට බයිසිකල් වලින් එන දැරිවියන් දිහා බලන් ඉන්න එකත් අයිස් ක්‍රීම් කනවා වගේම රසවත් වැඩක්. පුදුමත් හිතෙනවා වෙලාවකට කොළඹ ගෑනු ළමයිගෙ නැති අව්‍යාජ සුන්දරත්වයක් ඔවුන් තුල දුටුවාම. ඔය පලාතෙන් කිසිම විටක බලාපොරොත්තු නොවෙන ආකාරයේ සුන්දර මුහුණු ඒ අතර තිබුනා මට මතකයි. මමත් ඔය පලාතේ මාස 2ක් විතර කරක්ගැහුවනෙ ඔය යුද්දෙ ඉවර වුන මුල් දවස් වල... ඒ දවස් වල නම් ඔය කඩේ ඉස්සරහා තිබුනා කොටි සාමාජිකයෙකුගෙ පිලිරුවක්. දැන් නම් තියෙනවද දන්නෙ නෑ(තිලීපන්ගෙ වගෙයි මතක)

    ReplyDelete
  9. උඩ තට්ටුවෙත් අයිස් ක්‍රීම්ද බන්..?

    ReplyDelete
  10. අනේ ඉතින් ඇඬෙනවා අප්පා... මාරයියෙ දිල් යාපනෙ යන්නෙ නැති එකමයි හොඳ...ගියා නම් ඔතනින් වෙන තැනකට එක්ක යනවා බොරු...ඇයි දෙයියනෙ ගාණ බලන්නකෝ...කොච්චර ලාබද ?

    ReplyDelete
  11. රියෝ අයිස් අපිත් කෑවා... රසායි..

    ReplyDelete
  12. මාරයියා...... ඔතන තියන ගාන වැඩිම එකයි අඩුම එකයි කියනවද?

    ReplyDelete
  13. හප්පට සිරි.. ඉතාලියේවත් නෑනේ මාරයියේ මෙහෙම අයිස්ක්‍රිම්.. නැත්තේ නෑ ඒත් වැනිලා/අඹ/කෙසෙල් ඔක්කොම එකට.. ඔන්න අපි කෙල ගිල්ලා හොදේ... :)

    ReplyDelete
  14. පොදු පරිගනක වලින් යාපන ගමනෙ විස්තර කියෙව්වට කොමෙන්ටුවක් වත් දාන්න බැරිවුණා...

    ට්‍රිප ගිය එක නම් හොඳයි.. තව කවුරුහරි පිටිපස්සෙ සීට් එකෙත් එල්ලගෙන ගියානම් ෆන් එක තවත් වැඩි නැද්ද ....
    ...................................

    //මිල රුපියල් 80/=යි... ඕක සකස් වෙලා තියෙන්නේ ඔය කප් එකේ පතුලෙම පලතුරු සලාද තට්ටුවක්..ඊට උඩින් ජෙලි තට්ටුවක්..එයිටත් උඩින් වර්ග තුනක රසවත් රියෝ අයිස් ක්‍රීම් බොල් තුනක්..ඒ මතින් තැවරූ චොකලට් ද්‍රාවණයක් හා මතුපිටින් ඉසිනු ලැබූ කජු කැබලිවලින්..මේ කජු කිව්වේ රට කජු නෙවෙයි නියමම කොට්ට කජු...//

    ඕක මෙහේ කෑවනම් හෙම රුපියල් 1200 ( දිරාම් 39 ) කට වැඩි වුනොත් ම්සක් අඩු නෑ...

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් අඩුයි..

      [ ටික දවසක් ජාල පහසුකම් නැතුව හිටිය..ගෙවල් මාරුකරන්න වුන නිසා... ]

      කියල මුලට එක්තු වෙන්න ඕන..

      Delete
  15. හප්පේ පින්තූර ටික දැක්කම ආපහු යන්ට හිතෙනවා. හොඳ වෙලාවට ඔයා රියෝ එකම මතක තියාගෙන ගියේ සමහර අය ඒ වගේම තියෙන අනිත් අයිස් ක්‍රීම් පොලවල් වලින් කාලා එච්චරම රස නැති බවක් කීවා. යන අය මතක ඇතුව රියෝ එකටම යන්ට.

    ReplyDelete
  16. මමත් මතක තියා ගන්න ඕනා තැන,, මමත් සමහර දවස් වලට වේල පිරි මහ ගන්නවා අයිස් ක්‍රීම් වලින්,,ඒ සිසිලි අයිස් ක්‍රීම් වලින්,,

    ReplyDelete
  17. මාරයිනෙ මාරයෝ.... යාපනේ මෙහෙම තැනක් තියෙනව කිව්වම.... ඊළඟ සැරේ ආවම යනවා...මයි...

    ReplyDelete
  18. සෑමා හිතං හිටියේ කොළඹ තමා කොළඹ කියලා.. ඒත් මෙවා ලාබයි, ලස්සනයි, මාරයියා කියනවා නම් රසත් ඇති බොල...

    කොළඹට ගෙනත් බිස්නස් එකක් කලානම් ගොඩ ‍වගේ :)

    ReplyDelete
  19. ඊළග පාර මාසයක් විතර රියෝ එක ඉස්සරහ කූඩාරමක් ගහගෙන ඉඳල අයිස්ක්‍රීම් ගිලල එන්න පුලුවංනෙ.

    ReplyDelete
  20. අම්මපා අයියෙ මට නම් ඔය ඔක්කොම පෝස්ට් වලට වඩා මේක තමා වටින්නෙ. මේක එනකල් තමා මම නම් බලාගෙන හිටියෙ. හලේ මම නම් යාපනේ ගියොත් යන්නෙ මේක හොයාගෙන මිසක් වෙන දේකට නම් නෙමෙයි. බඩේ අමාරුවක් හැදුනෙ නැද්ද ඔය තරම් අයිස්ක්‍රීම්ම කාලා.

    ReplyDelete
  21. ඉතිං එහෙ ඉදං අයිස් කිරිං මෙහෙ ගෙනල්ලා විකුනමුකෝ. අයිස් පලං නැද්ද? කෝට්ටෙං අල්ලං ආවැකිනෙ යාපනේ ඉදංම

    ReplyDelete
  22. මඩු පල්ලි ගිය වෙලාවේ මමත් ඔය වගේ අයිස්ක්‍රීම් එකක් කෑවා මතකයි

    ReplyDelete
  23. මාගේ ප්‍රියතම ආහාරයක් පිළිබඳව මෙවැනි පොස්ට් එකක් දුටුව විට.. .. කෙල ගිලේ... තනි ඇහැට ඇඬේ.... ඉවසා ගත නොහැක.... අයි බං උඹ අපිට මෙහෙම කරන්නේ...?

    ReplyDelete
  24. අයියෝ දැන් නං මේවයින් එකක් කන්නම ඕනෙ... කාගෙවත් නැද්ද දන්නේ නෑ අදහසක් යාපනේ අයිස්කිරිම් මෙහෙ ගෙනත් විකුන්න...

    ReplyDelete
  25. මාත් ලංකාවට ආවාම යාපනේ ගිහින් අයිස් ක්‍රීම් කනවා කනවා මයි!
    මගේ ෆ්ලැට් මේට් නංගියාගේ ගමත් යාපනේ. ගම කිව්වට ඉතින් පොඩි කාලේ ඉඳන් කොළඹ ලු හැබැයි. එයාටත් ගිහින් කියන්න ඕනේ මේ අයිස්ක්‍රීම් සිද්ධිය.

    ReplyDelete
  26. සෝස් සමග බිස්කට් කෑව කිව්වම මගේ ෆේවරිට් කෑම ජාති වගයක් මතක් වුනා.

    සීනි සම්බෝල සමග ක්‍රීම් ක්‍රැකර්
    ලුණුමිරිස් + කිතුල්/පොල් පැණි සමග කිරිබත් හෝ ආප්ප
    වඩේ සමග කෙසල් ගෙඩි
    ඕනෙම හොදි ජාතියක් එක්ක සීරියල්

    ReplyDelete
  27. මේක මිස් උනානෙ දැන් ඉතින් ආපහු යන්ට වෙනවා ......

    ReplyDelete
  28. අයිස් ක්‍රීම් දැක්කම කෙල ගිලුනේ මුළු ලංකාවත් එක්කම මතක් වෙලා.

    ReplyDelete
  29. බුකියෙ මදිවට මෙතනත් දාලා.... අනේ මන්ද මේ මනුස්සය අපිත් එක්ක පේර තරහක් වත් තියෙද කියල.

    ReplyDelete
  30. මේවා දැක්කම යන්නම හිතෙනවනේ

    ReplyDelete
  31. niyama trip eka machng.Mamath nitharama yewenawa oya peththe.

    ReplyDelete
  32. අයියෝ... ඇඬෙනවා තනි ඇහැට.... මලාට කෑමක් බීමක් මිස් වෙන්නෙ නැති මට මේක මිස් උනානෙ.. ආයෙත් වංගියක් යාපනේ ගිහින් අයිස් ක්‍රීම් කාල එන්ට හිතෙනවා

    ReplyDelete
  33. අයිස්ක්‍රිම් නෙ ? ම්ම්ම්

    ReplyDelete
  34. යම්ම්ම්ම්ම්.....මම හිතුවා අයියා යන්න ඇත්තේ මෙතෙන්ට වෙන්න ඇති කියලා....
    මම දැක්ක ප්‍රධානම දෙයක් තමා යාපනේ මිනිස්සු ලෝබ නෑ.බිස්නස් කරත් පුදුම සාධාරණයි....උදාහරණ විදියට කිව්වොත් ඔහොම ICE Cream එකක අවම මිල මෙහේ 50*3..... නියම චාරිකාවක් අයියේ.....මමත් යනවා මේ ඉගන ගන්න වැඩ අහවර වුන ගමන්....

    ReplyDelete
  35. අපි යාපනේ ගිය දවස්වල මේවා තිබුනෙ නැද්ද කොහෙද.. මතක විදියට සාම ගිවිසුම් ගහපු දවස් වල ගියෙ. ඒ දවස්වල කැමරාවක්වත් තිබුනෙ නෑ නෙව..

    ReplyDelete