25 January 2012

මාරයාට තවත් මඩක්...


පැය 48ක් තුළ තිත් 36ක් වූ හැටි...

අපට දිවැස් නැත. එනිසා ඇහෙන පෙනෙන දෙයින් කතාව ගලපාගත යුතුව ඇත.
"සෑහෙන දවසකට පස්සේ හුගාක් දේවල් කල අති සාර්ථක දවසක්..."
"කළ" යන්නෙහි වැරදි ල යන්න අමතක කොට මේ ප්‍රකාශය සළකා බැලූ කල්හි පැය 48කට පෙරාතුව මාරයා කෙතරම් ප්‍රීතියෙන් සිටින්නට ඇත්දැයි සිතාගත හැක. හෙතෙම "හුඟාක් දේවල්" එදින කර ඇත. ඒ සියල්ලම "අති සාර්ථක" වී ඇත. දවසම අති සාර්ථක වී ඇත්තේ එහෙයිනි. මාරයෙකුගේ දවස අති සාර්ථක විය හැක්කේ බොහෝ දෙනෙකුට මරු කැන්දීමෙන් විය හැක. එහෙත් ඒ සඳහා හුඟාක් දේ කිරීමට සිදු වූවානම් එය මාරයෙකුට තරම් නොවේ. අනෙක් අතට "සෑහෙන දවසකට පස්සේ" යන යෙදුමෙන් ගම්‍ය වන පරිදි මේ "දේවල්" මරු කැඳවීම් වීමට ඇති ඉඩකඩ අඩුය. මන්ද, ලෝකයේ දිනකට බොහෝ දෙනා මරු දකින හෙයිනි. එසේනම් මේ කියනුයේ වෙනත් දේවල් ගැන විය යුතුය; සාමාන්‍යයෙන් මාරයෙක් නොකරන දේවල් ගැන විය යුතුය. කෙසේ වුවද, මේ "දේවල්" මොනවාදැයි මේ ප්‍රකාශයෙන් පැහැදිලි නොවේ. ඒ නිසා මාරයාගේ දවස අති සාර්ථක කළ "දේවල්" මොනවාදැයි සොයනු පිණිස අපි ඉදිරියට යමු.
ඔහුගේ ඊලඟ ප්‍රකාශය "එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..." යන්නය.මෙය පැහැදිලිවම ඇණවුමකි. ආදරයෙන් කියන ලද්දක්ද නොවේ.මෙය කාහට පවසන ලද්දක්ද? එක් අයෙකුටද, එසේ නැත්නම් දෙන්නෙකුට හෝ ඊටත් වැඩි ගණනකට වරින් වර පැවසූවක්ද? (එකම ඇණවුම කිහිප දෙනෙකුට කොපි පේස්ට් කළා විය හැකිය.)එසේත් නැත්නම් දෙබිඩි චරිතයකින් යුත් මානසික විකෘතියක් නිසා තමන්ගේම එක් චරිතයක් විසින් අනෙකාට පවසන ලද්දක්ද?
අති සාර්ථක දිනයක අවසානයේදී මෙලෙස පවසන බැව් අමතක කළ නොහැක.

ඊලඟ ප්‍රකාශය ප්‍රශ්නයකි. "හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"
ගැටළුව ලිහා ගනු වස් මුල්ම සාධකය සැපයෙන්නේ මේ පැණයෙනි. මාරයා බිලි පූජාවක් සඳහා සූදානම් වෙයි. "මේ වතාවේ" යන්නෙන් ගම්‍ය වන පරිදි මීට පෙරද ඔහු මේ බිලි පූජාවේ නිරතව ඇත. මේ පැණයේ සිට පෙර ප්‍රකාශයන් දෙස බැලූ කල්හි සිද්ධි දාමය මෙලෙස පෙළ ගැස්විය හැකිය:
මාරයා බිලි පූජාවකට සූදානම් වෙයි. ඒ මීට ප්‍රථම කරන ලද බිලි පූජාවන්ගෙන් සෑහෙන දවසකට පසුවය. බිල්ලට දෙනුවස් හුඟාක් මිනිසුන් අල්ලාගෙන පැමිණ ඇත. (බිලි පූජාව ඇතැම්විට ආසනික් දෙවියන් උදෙසා විය හැකිමුත් ඒ පිළිබඳව පැහැදිලි සඳහනක් සොයා ගත නොහැක.)අනතුරුව පූජාව උදෙසා අල්ලා ගන්නා ලද මිනිසුන්ට මෙසේ කියයි: "එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..."
පසුදා උදෑසන, පූජාව අරඹන මාරයා, සිය අසරණ ගොදුරුවලට ඔච්චම් කරයි: "හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"
මෙතෙක් කතාව මෙලෙස ගලපාගත් පසු ඉදිරි ප්‍රකාශ නිරවුල්ව තේරුම් ගත හැක.
"මිනිසුන්ගේ අරමුණු පිටතින් බලා වටහාගත නොහැක.කියන්නේ එකක් වූවත් කරන්නේ තව එකකි.. "හා" කිව්වට එහි ඇත්තේ "බෑ"යන්නද විය හැක.සුද්දවන්තයින් නොමැත..අඩු වැඩි වශයෙන් සෑම දෙනාතුලම හොඳ නරක මිශ්‍රව ඇත..."
පලවෙනි බිල්ල ලෙස යම් අයෙකු කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්නට ඇත. ස්වයංපූජාවකට ඉදිරිපත්වන්නා සුද්දවන්තයකුයයි සිතා මාරයා රැවටී ඇත. එහෙත් එලෙස ඉදිරිපත් වූ පුද්ගලයා කර ඇත්තේ කපටිකමකි. "හා" කියා කැමැත්ත ප්‍රකාශ කොට ඉදිරිපත් වී, අනතුරුව පැන ගොස් ඇත. ඉන් අසතුටට පත් මාරයා විසින් ඉහත ප්‍රකාශය කර ඇත.
"මූට ටිකක් විතර පිස්සු... මතක තියාගන්න අපිටත් එහෙමම තමා..."මේ ප්‍රකාශය මාරයා පළ කරනුයේ තමන්ගේ බිත්තියේ නොව, වෙනත් අයෙකුගේ බිත්තියෙහිය. මෙහි මූ යනුවෙන් අදහස් කරනුයේ, ඉහත ප්‍රකාශයේ කියැවුණු පැන ගිය සුද්දවන්තයා පිළිබඳවය. ඉතිරි ගොදුරුද පැන යාම වළකනුවස් මාරයා උන්ට දේශනාව දෙයි: ඌට පිස්සු, අපිටත් එහෙමම තමා; එහෙම පැනලා යන්න හිතෙයි. ඒත් යන්න එපා...
එහෙත් ඒ වෑයම සාර්ථක නොවේ. මාරයා විසින් අති සාර්ථක දවසක් පුරා එකතු කරගන්නා ලද ගොදුරු සියල්ල ඔහු රවටා පැන යති. කණස්සල්ලට පත්වන මාර තෙමේ මෙසේ කියයි: "මට ලෝකය හදන්නට බැරි බව මා අවබෝධ කරගත්තේ හුග කලකට පෙරදීය..එයින් පසුව මම අනුන්ට බණ කීම නවතා දැමීමි.
එහෙත් මගේ වරද මට එය හිටි හැටියේ අමතක වීමය..."
මාරයාගේ කණස්සල්ලට හේතුව කුමක්ද? ආසනික් දෙය්යන්ට පොරොන්දු වූ බිලි පූජාව නිසි අයුරින් පැවැත්වීමට නොහැකි වන සේ සියලුම බිලී පැන ගොස් ඇත. එම නිසා ආසනික් දෙවියන් මාරයාව බිල්ලට ගැනීමට ඉඩ ඇත. මේ අනතුර දකින හෙතෙම අපට මෙසේ කියයි: "හරි එහෙමනං..අද දවසත් අහවර කරමු.. හෙට උදේ මැරිලා නොහිටියොත් ආයේ එඤ්ඤං..."
පසුදා උදෑසන එළඹෙයි. මාරයා සිතූ පරිදි ඔහුව බිල්ලට හසුවී නොමැත. ඔහු තවමත් ජීවත් වෙයි. ඉන් අමන්දානන්දයට පත්වන මාරයාට මෙලෙස කියැවෙයි: "මල් පිබිදෙන එක වසන්ත සමයක..."
මල් මතක් වුණු මාරයා, පණ බේරුණු ප්‍රීතිය සැමරීමට මලක් ගැසීමට ගොස් ඇත. එහි ප්‍රතිපලය ඊලඟට: "...................................."

----------------------------------------
ඉහත සඳහන් ලිපිය රචනා වූයේ මට කෙලින්ටය... නොඑසේනම් මඩ ගසන්නටය..ඒ සඳහා මුල් කරගත්තේද මාවිසින්ම ලියූ දෑය..ඒ මා විසින් පසුගිය පැය 48 තුලදී බුකියේ දමන්නට යෙදුන ස්ටේටස් අප්ඩේට් ඇසුරිනි... මෙයට පෙර රසවත් රෝස් පාන් හදා ගන්නා කෙටි ක්‍රම කියා දෙමින් මගේ මාර සරණීයට අභීයෝගයක් කල අය විසින්ම මෙයත් ලියා එවන ලදි..
පහත දැක්වෙන්නේ මාගේ ප්‍රකාශයන්ය...

1-"සෑහෙන දවසකට පස්සේ හුගාක් දේවල් කල අති සාර්ථක දවසක්..."
2-"එහෙමනං දැන් ඉතිං නිදා ගනින්..."
3-"හා කියන්න බලන්න කවුද කැමති පලවෙනි බිල්ලට යන්න මේ වතාවේ..?"

4-"මිනිසුන්ගේ අරමුණු පිටතින් බලා වටහාගත නොහැක.කියන්නේ එකක් වූවත් කරන්නේ තව එකකි.. "හා" කිව්වට එහි ඇත්තේ "බෑ"යන්නද විය හැක.සුද්දවන්තයින් නොමැත..අඩු වැඩි වශයෙන් සෑම දෙනාතුලම හොඳ නරක මිශ්‍රව ඇත..."

5-"මූට ටිකක් විතර පිස්සු... මතක තියාගන්න අපිටත් එහෙමම තමා..."
6-"මට ලෝකය හදන්නට බැරි බව මා අවබෝධ කරගත්තේ හුග කලකට පෙරදීය..එයින් පසුව මම අනුන්ට බණ කීම නවතා දැමීමි.
එහෙත් මගේ වරද මට එය හිටි හැටියේ අමතක වීමය..."
7-"හරි එහෙමනං..අද දවසත් අහවර කරමු.. හෙට උදේ මැරිලා නොහිටියොත් ආයේ එඤ්ඤං..."

8-"මල් පිබිදෙන එක වසන්ත සමයක..."
9-"...................................."


40 comments:

  1. දැන් මොන බිල්ලද ඕනේ ?????

    ReplyDelete
  2. අපොයි බිල්ලක් ඕනෙමද ?

    ReplyDelete
  3. මොන කෙහෙම්මලකටද ඔය බුකියේ ස්ටේටස් අප්ඩේට් කරන්නේ.. ? මටනම් එපාම කරපු දෙයක් තමා ඔය බුකිය සහ ඒවගේ තවත් ඒවා..

    මොන සංකල්පයක් මත හැදිච්ච ඔල්මොරොන්දමක්ද දන්නෑ ඕක...

    ReplyDelete
  4. ඒත් මම මේ බැලුවා මාරයිය ඊයේ බුකියේ මොකාටද එන්න හැදුවේ කියලා.
    දැන් බිල්ලෙ වැඩේට මොකැයි කොරන්නේ ....
    අදටත් පොඩි ශෙප්මන්ටුවක් දාගන්න ආසනික් දෙයියොන්ගෙන් ... D

    ReplyDelete
  5. මට නම් මලක් ගැහුවාක් මෙන් දැනේ...#$@%^$^$&@#%#$

    ReplyDelete
  6. මෙන්න මාරයා මරු කියවනවා....! මට නම් උතුර දකුණ නිකං වයඹයි ගිණි කොණයි වගේ දැන්....!

    ReplyDelete
  7. බුකිය සරණං ගච්චාමි...

    මොන බිල්ලක් ද දන්නේ නැ හොයන්නේ ගැණු පරාණයක්ද?

    ReplyDelete
  8. බිලි ගන්න උන් තමන්ට ඕනේ කරන බිල්ලට මුලින් පැනල යන්න දෙනවා ලෝකෙට පේන්න,
    ඊට පස්සේ හොරෙන්ම හොයාගෙන ගිහින් කාටවත් නොපෙනෙන්න බිලි ගන්න ලෝකයක් බං මේක....

    උඹ මාරයා වෙච්ච එකේ මෙව්වා ගැන නොදන්නවා වෙන්න බැහැ

    බුකි වල වැඩ වලටනම් මමත් වැඩිය මනාප නැහැ

    ReplyDelete
    Replies
    1. බුකිය හොඳයි බං මේ යන හැටියට...

      Delete
  9. මමත් ඔය කියපු ඔක්කොම ස්ටේටස් දැක්කානේ.. මට නම් හිතෙන්නේ මේ ලිපිය මලක් ගහලම ලියපු එකක් වගේ..

    ReplyDelete
  10. අම්මෝ යාපනේ ගිහින් එද්දි මොකක්දෝ වෙලා මාරයියට.......

    ReplyDelete
  11. යාපනේදි තොට ජොනි බට්ටෙක්(එලවලු කූඩ ගේන එකා නෙවෙයි ) වත් පැගුණාද ?

    ReplyDelete
  12. මටත් දැනෙන්නේ මලක් ගැසුවාක් වැනි හැඟීමකි. මාරයත් රවා සහ අමිලගේ අඩි පාරෙ යයිදො හිතෙන්නේ මේ වෙලාවටය. මෙලෝ බෝලයක් නොතේරේ

    ReplyDelete
  13. එක අතකට ඔහොම අවධානයෙන් ඉන්න සහෘදයෝ ඉන්න එකත් කොච්චර සතුටක්ද ලොකු අයියා

    ReplyDelete
  14. ෂික්.. මොන මගුලක්ද මන්දා...

    ReplyDelete
  15. මොකවත් ටේරුනේ නෑ

    ReplyDelete
  16. කිසිවක් නොවැටහේ . ( නෑ නෑ නොවැටහුනාසේ සිටිමි)

    ReplyDelete
  17. අති අසාර්ථක පෝස්ටුවක නිමාව....

    ReplyDelete
  18. අද රෑට බොන්න ඕන නෑ.. රෑට මේක කියෙව්වම හරි...

    ReplyDelete
  19. ඔලුව විකාර වෙලා ඉන්නේ . විකාර මදිවට තව විකාරයක් :D

    ReplyDelete
  20. මටත් මේක තේරෙන්නෙ නෑ... මොන මඟුලක් ද මූ මේ කියන්නෙ...

    ReplyDelete
  21. මේ ඉල්ලන්නේ නර බිල්ලක්ද ?

    ReplyDelete
  22. අනේ මන්දා මදැයි කියවන්න ආව.. හිත හොල්මන් උනානේ..

    ReplyDelete
  23. මූට බඩු හරි වගේ....

    ReplyDelete
    Replies
    1. වගේ මොනාද හරි තමා.... පේන්නැද්ද?

      Delete
  24. තේරුනේ නැද්ද මංදා

    ReplyDelete
  25. මේලෝකෙ දෙයක් තේරුනේ නෑ, නරබිල්ලක් නැතුව කුම්බලාවෙකුයි කුකුල් හං කෑල්ලකුයි දීල වැඩේ ගොඩින් බේරගන්න බැරිවෙයිද බං ?

    ReplyDelete
  26. තේරුන් නැ..ආයේ කියවලා කොමෙන්ට් ටිකත් කියවලම බලන්න ඕන.

    ReplyDelete
  27. මටත් තේරුනේ නෑ,,බිල්ලට කුකුලෙක් හොදයිද

    ReplyDelete
  28. දෙපාරක් කියෙව්වා තාම තේරුනේ නෑ අෆ්ෆා ආපහු කියවන්න ඕනේ

    ReplyDelete
  29. අදමයි හරියට මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් කියෙව්වේ...
    ම්හ්..... මෙලෝ ම්ඟුලක් තේරුණේ නෑ. නිකන් කැරකිල්ල වගෙයි දැන් නම් මට.......

    ReplyDelete
  30. රවාගෙ පොස්ට් හොඳයි වගේ.... ;)

    ReplyDelete
  31. තේරුනා මදි...... යමක් ව්‍යංගාර්ථයෙන් කියන්න හදනවානම් ටිකක් විතර හිතා ගන්න පුලුවන් මොකක් ගැනද කියල....( 4 ) ඒත් සැකයි.....

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මං හිතන්නේ මට ටිකක් විතර තේරුණා කියලා.... සමහර විට වැරදි වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  34. කරකවලා අතෑරියා වගේ...

    ReplyDelete
  35. මේ මොකක්ද මේ.මේක ලියවුනේ කොතැනද කියලා මුලින්ම කියන්නකෝ.

    ReplyDelete
  36. මේලෝ දෙයක් තේරුනේ නැති මාර සිරා සම්භාව්‍ය පෝස්ට් එකකි . . ..

    ReplyDelete