29 January 2012

මුරකරුවාගේ ලොකු ටෝක නොහොත් පරුමකලාගේ වර්ථමානය...ළමයින්ට සුදුසු නැත...

ලිච්ඡවී රජ දරුවන් එහා මෙහා පේනවායි කියා කොහේදෝ තිබී කියැවීමි. ඒ කියන්නට යෙදුනේ ඔවුන් විනිවිද පෙනෙන සුළුය කියනා කාරණාවයි.. එසේත් නැතිනම් ඇඟ මස සියුම්ය යනුයි. හරියට නිකං වීදුරු වගේය... මට ඔය ලිච්ඡවීයන් හා ආබස්සරයන් නිතරම මාරු වේ... හෙවත් ටැපලෙයි... එහෙත් අමාරුවෙන් මතක් කර ගත් විට ආබස්සරයන් ආලෝකය විහිදුවන්නන් බවත් ලිච්ඡවියන් විනිවිද පෙනෙන්නන් බවත් යන්තමින් මෙන් සිහිපත් කර ගත හැක..

ඕනවට වඩා බණ කතා මතක තියා ගන්නට ගියහොත් මොලේ අවුල් වී යනු ඇත.. එහෙයින් ඒ වැඩි පණ්ඩිතකම් උවමනා නැත.. පණ්ඩිත කම් වැඩිය නැතත් දැනටත් මොලේ වයර් මාරු වී ඇති බව සමහරුන්ට මා දෙස බැලු විට එක පාරින්ම කියත හැක.. ඒ මාගේ වරදක් නොව ඔවුනගේ බැල්මේ ඇති වරදක් බව මා සහසුද්දෙන්ම දනිමි..ඒ මා සියල්ල දත් එකා නිසාය... අනිවාර්යයෙන් ඔවුන් දන්නවා ඇත්තේ මට වඩා එකක් හෝ අඩුවෙන් විය හැක.. එසේ සිතා මා ප්‍රීති වෙමි...

අද ඉරිදාය.. නිවාඩුය.. ඒ මට නොවේ මෙහි සේවය කරනා අනිකුන්ටය... මා මෙහි මුරකරුවාය... මට නිවාඩු අද නැත.. එහෙයින් මා මෙය මුර කල යුතුය.. පැයකට එක හමාරකට වරක් කර්මාන්තශාලාව වටා රවුමක් ගසා පැමිණීය යුතුය... ඒ සොර සතුරන් ඉන්නවාදැයි කියා බැලීමටය... ඉන්නවනං ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට දිය යුතුය.. මක් නිසාද යත් ඔවුනට පහර දී මැඩලීමට මා බෲස් ලී හෝ ජැකී චෑන් නොවන හෙයිනි. අඩුම ගානේ ඩෝං කියා පත්තු කරන්නට තුවක්කුවක් තියා රතිඤ්ඤයක්වත් මෙහි නැත. ඉතින් වැඩි සෙල්ලම් හොඳ නැත. සද්ද නැතිව මාරු වී පොලෝසියට කෝල් කල යුතුය.. එයින් එහාට කල හැක්කක් නැත.මේ මාගේ රාජකාරියයි...

මේක ලියන්නට හිතුනේ එසේ මෙය වටා රවුමක් ගහන්නට යන අතරේදීය... කර්මාන්තශාලාවේ ජනේලයක වූ වීදුරුවකින් මම මගේම රුව දුටිමි... එය එතරම්ම අජූව නැත.. තාමත් ඒ දෙස බලා බත් ටික කෑමට අප්පිරියාවක් නොසිතෙන තරමට දැකුම්කළුය.. මනරම්ය.. සිත්කළුය.. හැඩකාරය... ඔය ඇතිය.. මෙයට වඩා වනන්නට යා යුතු නොවේ.. වටින දේවල් කොහොමටත් වැඩිය වර්ණනා කරන්නට හොඳ නැතිය.. අනිත් එව්වෝ ඉරිසියා කරනවාය.. මා අනිකුන්ගේ ඉරිසියාවට ලක් විය යුතු නොවේ. හැකි තාක් පරිස්සම් විය යුතුය.. එහෙත් මට මාවම වනන්න උවමනා වූ විට එයට ඉස්ටොප් එකක් නැත. එහෙත් ආයාසයෙන් හෝ එය කල යුතුව ඇත. නැතිනම් මෙයිට එහා මෙය කියවීම අසීරු වී කියවන්නාට අජීර්ණ වැනි තත්වයන්ට මුහුණ දිය යුතුවේ.. මං එයට කැමැති නැත. ලෝකයේ බිහි වූ මහා පුරුෂයෝ එසේ අනිකුන් හට නිතරම අනුකම්පා කෙරෙති. ඉතිං මාත් එසේ කල යුතුය. මක් නිසාද යත් මාද මහා පුරුෂයෙක් වන නිසාය... මහා පුරුෂයින් වන්නේ උත්තමයෝය.. මාත් උත්තමයෙක්මි.

සිංහලය උගැන්මේදී පුරුෂයින් තිදෙනෙක් ගැන කියැවේ..

ප්‍රථමා පුරුෂ
මධ්‍යම පුරුෂ හා
උත්තම පුරුෂ යනු ඒ තිදෙනායි... මම යන්න අයත් වන්නේ උත්තමයටය... එසේ හෙයින් මා උත්තම වෙති.. ඉතින් එසේ උත්තම වූ මා විසින් අනිකකු හට විපතක් නොකල යුතුමය...

කතා වෙන් කතාවෙන් කියන්නට ආ දෙය නොපිට පෙරැළී යන්නට විය.. මා කියන්නට ගියේ මාගේ උත්තම භාවය ගැන නොවේය... එය බොහෝ දෙනා දන්නා නිසා තව තවත් එය හුවා දැක්විය යුතු නොවේ.. මා කියන්නට ආවේ ජනේල වීදුරුවෙන් මාගේ රුව දුටු කල මා චිත්ත සන්තානයෙහි නැගී ආ සිතිවිල්ලය...

මා දුටුවේ මාගේ රූපය පමණක් නොවේය..ඒ තුලින් මා මුරකරුවා දුටිමි. තද දුඹුරු පැහැ කලිසමත්.. ක්‍රීම් පාට කමිසයත් හැඳ අද ඉරිදා හෙයින් සපත්තු කුට්ටම මෙසය යටට විසිකොට නිදහසේ පැළ‍දගෙන ගිය රබර් සෙරෙප්පු කුට්ටමත් සහිත මාගේ රුව දුටු කල මුරකරුවා මට හසු විණී... ඒ දුටු මාගේ සිත තුල උපන් හැගීම විස්තර කරලීමට මට පහසු නොවේ.. දුකක්ද.. සතුටක්ද නැතිනම් කෝලමක් දුටුවාක් වැනිද වූ හැගීම් ජාලයකින් මසිත වෙලී යන ලදි... ඒත් සමඟම මට මුරකරුවා යනු කවරෙක්දැයි සිතිණි.

වර්ථමානයේ මුරකරුවන් වර්ග බොහෝය.. සමහර තැන්වලදී ඔවුනට බොහෝ ගරුසත්කාර ලැබෙති. ලොකු ලොකු වාහන වලින් යති එති.. හොඳ හොඳ දෑ කති බොති.. අනිකුත් දේත් එසේම කරති. ඒ අල්පයක් වූ මුරකරුවන්ටය.. බහුතරය මා මෙන් වෙති... ශි‍ෆ්ට් ක්‍රමයට සේවය කරති... නිතර නිදි කිරා වැටෙති. යන්තමින් බඩට කති. හැකි පමණීන් අඳිති පළදිති.. දුක සේ දිවි ගැට ගසා ගනිති. විවාහකයෙක් නූවූ හෙයින් මට එතරම්ම දුකක් නොවූවත් මේ හා සමානව වැටුප් ලබනා අනිකුත් බොහෝ මුරකරුවන්ගේ තත්වය සෝචනීයය.

එහෙත් මුරකරුවාටද අභිමානයක් තිබිය යුතුය.. එහෙයින් මා එම අභිමානය සහිත කතාව සිහිපත් කර ගතිමි.

මුලින්ම මේ ලෝකයට ලෑන්ඩ් කලේ ආබස්සරයින්ය... ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්ය.. ඔවුන් මා පෙරදී කීවාක් මෙන් ආලෝකමත්ය.. හදිසියකට රෑකට ගමනක් යන්නට ටෝච් උවමනා නැත... ඔව්වා කියන්නේ මා නොවේය.. පොත පතය.. අග්ගඤ්ඤ හෝ බ්‍රහ්මජාල සුතුරෙහි මේ වගක් සදහන් වී තිබී බව යන්තමින් මතකය.. එහෙත් හරියටම නොවේය.. මගේ මතකයන් එසේය.. කිසි කමකට නැති.. එහෙත් එහි යමක් නැත්තේද නොවේ...

මුලින්ම ලෑන්ඩ් කල අය අද ඉන්නා මිනිසුන් මෙන් නොවූහ.. ඔවූහූ ඉතා පිරිසිදු ජාතියක් වූහ.. සිතිවිලි පිරිසිදුය... ලිංග බේදයක් නැත්තෝහ... අවශ්‍යතා රහිත වූවෝය...ඔවූහු සතුටම ආහාරය කොටැගෙන ජීවත් වූහ..

එහෙත් එසේ කාලයක් යන විට ඔවුන්ටත් එක එක අසනීප වැළඳිණි..මේ ජරා පෘතුවිය ඔහොමමය.. ගෑවුනොත් විසබීජමය.. කරුමෙට ඒ කාලේ ඩෙටෝල් තිබුනේත් නැත. එසේ වූවානම් මේ එක වදයක්වත් නැත. ඉතිං ඩෙටෝල් නොමැති අබස්සරයෝ ටික කලක් යන විට එක එක පිස්සු නැටූහ... මුලින්ම එකෙක් නිකං ඉන්නට බැරිව පොලව ලෙවකා බැලූහ.. අම්මට හුඩුය... පොළව රසය.. එයට රස පොලව යැයි කියති.. අදටත් ඇතැම් විට බල්ලන් පොලව කනවා ඔබ දැක ඇත.. පස් හාරහාරා කන විට අප කරන්නේ තඩි ගලක් අරගෙන "දුප් බල්ලා" යැයි කිය ඌට ගැසීමය.. එයින් පසු මෙසේද කියති... "වල් බල්ලා පණු අමාරුවටද කොහේද පස් කනවා.. මිදුල ගන්න දෙයක් නැහැ"

එහෙත් අපට වැරදී ඇත ඒ බල්ලා උලා කන්නේ තවමත් ඉතිරිව ඇති රස පොළවයි... නැවුම් වළඳකට දිව තබා බලන්න යම් කිසි රසයක් ඔබට දැනෙනු ඇත... ඒ තවමත් ඉතිරිව ඇති පොළවේ රස අපට දැනෙන හැටිය.. ඉතිං මෙසේ වූ රසයක් දිව ගා බැලූ මුල්ම එකා එයට ලොල් විය.. හරියට අද අපේ උන් කුඩු ගසන්නාක් මෙනි...

එකෙක් එකක් කරන්නට ගත් විට අනිත් උනුත් එයම කිරීම වනාහී ඒ කාලේ සිටම පැවත එන්නකි. අනිත් උන්ද එයම කරන්නට පුරුදු වූහ.. අදෝමැයි.. මෙතෙක් කලක් ප්‍රීතිය ආහාර කොටගෙන හිටි උන්ට නිතර බඩගිනි වන්නට විය.. ඒ හා සමගම වැඩි වැඩියෙන් පස් කන්නට වූහ.. අද මහ පොලව හූරා කන අපේ ඇත්තන්ට දොස් කියන්නට නොහැක්කේ උන්ද පැවත එන්නේ අරුන්ගෙන්ම නිසාය... ආබස්සරයෝ කලකදී පොලව කන එක අතෑරියත් මුං තාම කති...

පස් කෑවාට එයත් හරහට හිට්ටේය.. ඒ අනිකක් නිසා නොව මෙතෙක් කලක් ප්‍රීතිය ආහාර කොටගෙන ජීවත් වූ ආබස්සරයෙන් මෙහාට ලෑන්ඩ් කල වුන්ට මල මුත්තරා කරන්නට අවශ්‍යතාවයක් නොවූ හෙයින් ඊට අදාල සරීරාංග පිහිටා නොතිබිණී.. එහෙත් දැන් කන පස් කොහේ හෝ යා යුතු නිසා පස්සා පැත්ත පලාගෙන අදාල මාර්ග ඇති විය.. පුක බිහිවූයේ එසේය.. ඒ පුකේ උපතයි... ඒකනං ලේසි නැත.. බඩ වේලවා සිටියදී මල පහ කරන වේදනාව දන්නා එකෙකුගෙන්ම එය ඇසිය යුතුය... එය මාරාන්තික වේදනාවකි.. කෙසේ හෝ පුක ඉරාගෙන ඒ වැඩේටත් මේ හාදයින් ටික හුරු විණි...

වැඩේ එතැනින් නැවතුනේ නැත.. කලක් යන විට පොලෙවේ රස ගතිය අඩු විය... එහෙත් මොනවාදෝ මංදා පැල ජාතියක් හැදෙන්නට පටන් ගති.. ඒවා පීදී අමුතුම ආකාරයක බීජ වර්ගයක්ද පල දැරීය..මේ කියන්නේ වී වර්ගයක් ගැනය..ඉබේ හටගත් නිසා ඒවාට ස්වයං ජාත යැයි කියති..මොන මගුලක් හෝ නිසා හැල් වී යනුවෙන්ද මෙයම හදුන්වති..එසේ හෙයින් "ස්වයංජාත හැල්" බිහි වුනේ ඔන්න එහොම කාලයකදී..

ඒ අස්සේ තව බොහෝම දේ කෙරී තිබිණි.. අර කලින් කියූ අංගය වැනිම අංගයක් මොවුන්ට ඇති වීමට පටන් ගති.. ඒක වී ඇත්තේ අර රස පොලව කන්නට ගත්තාට පසුවය.. ඔවුනගේ සිතේ අමුතු අමුතු හැගීම් පහල වන්නට පටන් ගෙන තිබේ.. නිකං ඉන්න ගමන් තමුන් ඉදිරියේ සිටින අනිත් උන් දිහා ආසාවෙන් බලාගෙන ඉන්නට පුරුදු වූ පසුව ලෝකයේ ප්‍රථම වතාවට ලිංගයක් කියා දෙයක් පහල වන්නට විය.. මොන හේතුවක් නිසා හෝ සමහරුන්ට පුරුෂ ලිංගයත්.. තවත් අයට ස්ත්‍රී ලිංගයත් පහල වී ඇත.. අදටත් ඔය දෙකටම නැති අය මා හිතනා ආකාරයට වඩාත් සමීප මිනිස් කොට්ඨාශයට වඩා පූර්ව ආබස්සරයින්ට විය යුතුය.. එසේ හෙයින් එසේ වූ අයට විහිළු නොකට යුතුය...

නිකං ඉන්නට බැරිව පොලව කෑවා වගේ නිකං ලැබුන ආයුධ වලින් ප්‍රයෝජන ගන්නටද මොවුන් කෙසේ හෝ පුරුදු වී ඇත. මොන විදියකින් ඒක හුරු උනාදැයි දන්නේ උන්හා උඩ ඉන්නා දෙයියන් පමණකි...

මුලින් මුලින් එලි පිටත්.. පසුව ගෙවල් දොරවල් හදාගෙන ඒවා තුලත් ඔය කියන අපූරු කෙලිය හෙවත් රති කෙලිය කරන්නට මොවුන් හුරු වූහ.. මුල පටන්ම ඕක මහා රහස් වැඩක් බවට පත් වූයේ එසේය.. මුල්ම කාලයේ ගෙවල්වලට දොරවල් තිබී නැත.. එහෙත් පස්සෙන් පහු දොරවල් දාගෙන ඇත්තේ ඕක කරන වෙලාවට අනිත් උන් ඇවිත් එබී බලන එක නවත්තන්නටය.. ඒ කියන්නේ ඒ කාලයේ සිටම අනිත් උන් ඕක කරනා විට ඒක බලන්නට ආසා කල උන් සිට ඇත... අදටත් උන් එය නවතා නැත... ඉංගිරිසි ඇක්ස් අකුරු තුනකින් සමන්විත බොහෝ දෑ තිබෙන්නේ ඒ අතීත උරුමය අදටත් අපට ලබා දීම පිණීසමය... ඒවාට ගැරහීමත් නොකට යුතුය...

කෙසේ හෝ මෙසේ කලක් යන විට ස්වයං ජාත හැල්ද ඉබේ හට ගැනීම නැවතී ඇත.. මුලදී පොත්ත රහිත වූ හාල් ඇට වටා කාලයත් සමග පිට පොත්තක් ඇති වන්නට විය.. ආබස්සරයින් ටික ටික ලෝභ උපදවන.. පෙරෙතකං කරන ජාතියක් බවට පත් වෙමින් සිටියාහ.. ඒ හා සමානවම ඔවුනට ලෝකය දුෂ්කර තැනක් වෙමින් පැවතියාහ.. අදටත් එසේමය.. උවමනාකං වැඩි වන්නට වන්නට උන්හට ලෝකය දුෂ්කරය.. සුළු දෙයින් යැපෙන්නා හට මෙය තවමත් මුල්ම කාලයේ ලෝකය මෙන් සැහැල්ලුය...

මෙහෙම කලක් යන විට මුලින් මුලින් ඉබේ හැදුන හැල් ඒ ඒ තැන්වලට ගොස් ආහරයට ගන්නට පුරුදු වී සිටිය උන්ට එය වවාගෙන කන්නට සිදු විය.. පොතු ඇරගෙන කන්නට සිදු විය.. එපමණක් නොව මුංගේ තියෙන කුම්මැහිකමේ මහතක තරම කියන්නේ කුඹුරට ගොස් බඩගින්නේ තරමට කා ආව එක නවතා ගෙවල්වලටත් ගෙනැවිත් ගබඩා කොට ගෙන කන්නට වූහ.. තමාටය කියා කොටු කරගන්නට වූ කුඹුරු විය.. තමාගේ කොටස තිබියදී අනිකාගේ කොටසට පැන හොරකං කරන්නටද පුරුදු විය.. වැඩේ අමාරු වන්නට විය.. අවසානයේ සියළු දෙනාටම මේවා ආරස්සා කර දෙන එකෙක් ඕනෑ විය...

බේරෙන්නට බැරිම තැන සියල්ලන්ම එකතු වී කතිකාවක් සාදාගත්තෝය.. ඒ අනුව එවකට සිටි හැඩි දැඩි පොරක් තෝරාගෙන ඌව ආරක්ෂකයා කරන ලදි.. සියළු දෙනාම ඔහු හට සිය වගාවන් ආරස්සා කරදෙන හෙයින් යම් බද්දක් ගෙවන ලදි.. ඒ ඔහුගේ වැටුපයි... ලෝකයේ මුල්ම මුරකරුවා පහල වූයේ එසේය... ඔහුට නාමයක් තිබිණී.. ඒ "පරුමක" යන්නයි.. ඔය කතාව මා හට මුලින්ම කියා දුන්න සාමණේර හිමි නම එම නාමය මා හට මතක තබා ගැනීමට පහසුවන පහසු ක්‍රමයක්ද කියා දෙන ලදි.. ඒ එම නම අනිත් පැත්තට මතක තබා ගැනීමයි...

හරි එය අනිත් පැත්තට කියවා මතක තියා ගත්තනං දැන් ඉතිරි ටික කියවමු...

එසේ බලන කල්හී මුරකරුවන් යනු ඒ කාලයේදීත් සුවිශේෂ පුද්ගලයෝ වූහ... එහෙත් කලක් යන විට එකාටම මේ කාරිය කල නොහැකි විණි එහෙයින් ප්‍රධාන පරුමකයා යටතේ තව තවත් පරුමකයින් බිහි විය.. විධිමත් පාලන තන්ත්‍රයක් ලොකයේ ඇති විණී.. අවශේෂ පරුමකයින් හරහා ගොඩනැගෙන බලය කරණ කොටගෙන ප්‍රධාන පරුමකයින් බලවත් විය.. උවූහූ අද රට රටවල ජනපතිවරුන් වෙති.. එයට පහලින් විවිධ මට්ටම්වල පරුමකයින් වෙති.. අප එහි අවසාන පුරුක් වෙති..

මෙසේ බලනා කල්හී පරුමකයින් යනු සුළු කොට තැකිය යුත්තහු නොවෙති.. ඔවූහූ ලෝකයේ සුවිශේෂ පුද්ගලයෝ වෙති...

ලෝකය පාලනය වන්නේ ඔවුන් අතිනි.. මුලින්ම ලෝකයේ නමක් කියා දෙයක් ඉස්මතු වී ලැබෙන්නේ ඔවුනටය.. මුල්ම වැටුප් සහිත රැකියාව ලැබෙන්නේද ඔවුන්ටය...

කොටින්ම කිව්වහොත් ලෝකයට ලොක්කන් වන්නේ පරුමකලාය... පරුමකලාගේ වර්ථමාන නියෝජිතයින් වන අප එසේ හෙයින් කුමකට සුළු වෙන් අප ගැන තකත්ද..? නැත එසේ විය යුතු නැත..

මමද සාඩම්බර පරුමකයෙක් වෙමි... පරුමකයින්ගේ පරපුරේ වත්මන් සාමාජික මුරකරුවකු වෙමි..

ඔන්න ඔහොමයි මුරකාරයෙක් වෙච්ච මං මගේ රස්සාව ගැන මහා පරිමාණයේ කතා කියා ස්වයං මෙව්වා එකක් ගන්නේ...

143 comments:

  1. මං එක. :D කාලෙකට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ලකියා ඊයේ ආපහු ඔටු දේසෙට ගිහිං තිබුනා... පුදුමයි මෑන්ට අතෑරුනා...

      Delete
    2. අනභිභවනීය ලිපියත් බුද්ධිමය සංවාදෙත් දෙකම කියෙව්ව, ඒත් මොකද මන්ද කමෙන්ට් කරන්න තෑනක් එන්නෙ නෑ නෙ.. රිප්ලයි විතරයි එන්නෙ...

      Delete
    3. එහෙම වෙන්ට හැටියක් නැහැ නෙව චේජනා නගේ..ඔය ඔයාට පස්සෙත් කස්ටිය කොමෙන්ට් දාල තියෙන්නේ.. පහල

      Delete
  2. මේ වයර්ලස් තාක්ෂණය තියෙන කාලෙ
    වයර්ලස් මොළයක් ගම්මු
    එතකොට වයර් මාරු වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඊට ලේසියි‍ නෙව මොලලස් විදියට මෙහෙමම ඉන්නවා..

      Delete
  3. මොකක්ද බං මේ හරුපේ? තේරුණේ නෑ O_o

    ReplyDelete
    Replies
    1. පුදුම සංතෝෂයක් බං දැනුනේ... මට මේ සම්භාව්‍ය පෝස්ට් එකක් ලියා ගන්න විදියක් නැතිව හිටියේ..අදනං ඒක වෙලා ඕං...

      Delete
    2. මාරයා නොකියා කියන්නේ මාරයාද පරුමකයෙක් බවය
      (ඔන්න ඕක අනිත් පැත්ත හරව ගන්)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සාදු සාදු සාදු.....! අද උදේ පාන්දරම ඔන්න බණ කතාවක් අහ ගත්තා. කතන්දර විසින් පුක කියන්නෙ කුණු හරුපයක් නොවන වග කියලා දුන්නට පස්සෙ ඔන්න මාරයා සාදු විසින් පුක බිහිවෙච්ච හැටි කියලා දුනා.....! ඔන්න බොලේ මටත් දැන් පුක සම්භන්ධ කතා ටිකක් මතක් වීගෙන වීගෙන එනවා....!

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ඉස්සරහට පුක නැති වෙන පෝස්ට් එකක් එයි වගේ...

      Delete
    2. ඔව් ඔව්.... ඊලඟ පෝස්ට් එක පුක ගැන.....! මම ලියන්න හිට්යේ වෙන එකක්....! උඹ මේක දැම්මට පස්සෙ පුක ගැන ලියන්න හිතුනා.....! හැබැයි ඉතින් ඒකත් මට දාන්නෙ වෙන්න අර උඹ උඩින් දැම්මා වගේ 'ළමයින්ට සුදුසු නැත' කියලා තමයි...

      Delete
    3. කොහොම කොහොම හරි කට්ටියගෙම "නකපූස්ති" වෙන එකක් ලියහංකෝ...

      Delete
  6. අපිත් කොරන්නේ ඔහොම එකක්ය. ඔබ පරුමක් වී ඇත්තේ භෞතික දේ ආරක්ෂා කරන්නයි. අපිද පරුමකයෝ වන්හ. ඒ ශරීරක්ෂාව සඳහාය. වඩා පැහැදිලිව කිවහොත් අපි ජීවිතය පිළිබඳ පරුමකයෝ වම්හ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ වෙද අයියා අපිට තනියම පොර ටෝකක් දෙන්න දෙන්නේම නැහැනේ.. මගෙ ආතල් එක කැඩුවා..:D:D:D

      Delete
    2. අනේ මම කල්පනා කරන්නේ මම කව්ද කියල

      Delete
    3. ඔව්වා ඔච්චර කල්පනා කරන්න එපා නංගි...

      Delete
  7. රාජකාරී කරන ස්ථානයේ මල් තිබේදයි සැකයක් ඇති වන්නේය..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..එහෙම සුවඳක්වත් දැනෙනවද මේකේ...

      Delete
  8. ෂාහ් . . මාර සම්භාව්‍ය ලිපියක් . . . විශිෂ්ඨයි . . උත්කෘශ්ඨයි . . (මෙලෝ දෙයක් තේරුනේ නෑ බන් . . ඒකයි සම්බහයියයි කිව්වේ . . )

    ReplyDelete
    Replies
    1. යකෝ මින් ඉදිරියට මං ලියන්නෙම මෙව්වා..කොහොම හරි මං සම්බාවිය පොරක් වෙන්නයි මේ යන්නේ...

      Delete
    2. එහෙනම් උබේ පොස්ට් කියවලා හමාරයි.

      Delete
    3. අනේ එහෙම කරන්ට එපා..සම්බාවිය එව්වා ජනප්‍රිය වෙලා තියෙද්දී මං විතරක් කොහොමද නොවැදගත් එව්වා ලියන්නේ..

      Delete
  9. අනේ මන්ද මේ වගේ එකක් තේරෙන් නෑ කියන්නෙ මුන්ට තේරෙන්නෙ අර ඇක්ස ඇක්ස් ඇක්ස් වගේ ආව ගැලෙව්ව එක්සයිස් එක විතරද දන්නෙ නෑ...
    කොහොම උනත් හොඳ නිදාන කතාවක්...තමුන් කරන රැකියාව ගැන සතුටින් සිටීම වැදගත්..සමහර අය තමුන්ට කොයි තරම් වැටුප් ලැබුනත් කොයි තරම් වරප්‍රසාද ලැබුනත් රැකියාව ගැන ඉන්ෙන බොහොම අවුලෙන්..හැමදා කචල්..
    මාරතුමාට ඔය රැකියාව නොලැබි කොම්පැනියක රස්සාව ලැබුනනම් මේ විදියට අන්තර්ජාලෙ ඉන්ට ලැබෙන්නෙ නෑනෙව..

    ReplyDelete
    Replies
    1. හප්පා ඒක ඇත්ත..මේ රස්සාවට කලින් මං මේ ජාලෙ ගැන දැන කියා ගත්තට මේක හින්දා තමයි මෙහෙම නිදහසේ මේ අඩව් අල්ලන්න පුළුවන්කම ලැබුනේ...

      Delete
  10. //මුලින්ම මේ ලෝකයට ලෑන්ඩ් කලේ ආබස්සරයින්ය... ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන්ය..//

    උබ මොකක් හරි වැරදි පොතක් කියවල තියනව මට පේන්නේ ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ටත් ඇහැකි..නැත්තං වැරදි එකෙක් වැරදි පෙතක් ලිව්වා වෙන්ටත් ඇහැකි...

      Delete
  11. උදේ පාන්දරම සම්භාව්‍ය සුපිරි පොර ටෝක් එකක් කියවීමට ලැබුන...හෆ්ෆා...මාරයිය 'පරුමකයෙක්' බව දන්නෙ දැන්නෙ........හීහ්හ්හ්හ්හ්හ්හ්...!! ඔන්න ඇනෝලා එනවෝ....දුවපියෝයෝයෝයෝයෝයෝ............................

    ReplyDelete
    Replies
    1. පිස්සුද නංගි..මේ බය නැතිව පොර ටෝක් දෙන්නේ ඇනෝ වහගෙනනේ.. නැත්තං කන් වෙන්නේ බඩකට පුරා... ඔයා බය නැතිව ඕන දෙයක් කියන්න...

      Delete
    2. හම්මේ...දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ......

      Delete
  12. pattaya, pattama pattaya,
    athisayenma sambavyaa

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මල්ලි... දිගින් දිගටම සම්බාවිය ලියන්න තමයි හිතං ඉන්නේ...

      Delete
  13. එහෙමනං මටත් ඔය ජාතියේ රස්සාවක් හොයල දීපන්කෝ.... මේ දවස් වල කකා බිබී ගෙදරට වෙලා ඉන්න හින්දා...

    ReplyDelete
    Replies
    1. ආපහු පලයං යකෝ වද දෙන්නේ නැතිව...
      (ඕක මං විතරක් කියන එකක් නෙවී ඕං...)

      Delete
  14. මාර විග්‍රහ කිරිල්ලක්නෙ.

    මොකක් නැති උනත් අර 'යන්තමින් බඩට කති' කියන එකනං උඹේ ෆේස්බුක් ෆොටෝස් බැලුවමනං ඔප්පු වෙනව.

    ReplyDelete
    Replies
    1. "විවාහකයෙක් නූවූ හෙයින් මට එතරම්ම දුකක් නොවූවත්"

      කොහේද ඉතිං ඔව්වා පේනවයෑ..

      Delete
  15. හොඳ විස්තරයක්... මම අහලා තිබුනේ ලෝකේ පළවෙනි රස්සව වෙන එකක් කියලා.. දැන් බලාගන ගියාම පරුමක ලා තමා එක..

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කරලා නෙව තියෙන්නේ..අපිම ඉන්න ඕන මේවා සුද්ද බුද්ද කරලා දෙන්න...

      Delete
    2. මම නම් තාම හිතන්නේ පලවෙනි රස්සාව පරුමක නෙමෙයිය පරණ එකමයිය කියලා මොකෝ දන්නවද කතාවේ හැටියට කට්ටිය හැංගි හැංගි මෙව්වා කරන්න පටන් අරන් තියෙන්නේ පරුමකලා පත් කරගන්න කලින්නේ....ඒ කියන්නේ ඒ කාලේ මුල් රස්සාව කරපු ඈයෝ ඉන්නම ඕනේ.... එතකොට පරුමක දෙක වෙනවාය

      Delete
    3. නැහැ නැහැ ඒ වෙනකොට ඕන තරං තමන්ගේම කියලා ඈයෝ ඉඳලා තියෙනවා..ඔය කියන අනික කොටු කොරගත්තා විතරයි..කොටු පැන්නාය කියලා නැහැනේ.. ඒ හින්දා පලමුවෙනි එක "පරුමක" ඔය කියන එක දෙක හෝ ඊටත් පස්සේ එකක් වෙන්ට ඇති..මොකද ඔය ඉතිහාසය විකෘති කොරපු හින්දා කවුරුත් කියන කතාවක්නේ...

      Delete
    4. ආ දැන් තේරුණා මාරයියේ....එතකොටම තවත් ප්‍රස්නයක් ආවා එතකොට අර මම කියපු රස්සාව ඇතිවෙන්න ඇත්තේ මුදල් එහෙම පරිහරණයට ආවාට පස්සේ වෙන්නැති නේද නැත්තම් භාණ්ඩ හුවමාරු ක්‍රමයට ඒ රස්සාව අරන් යන්න බෑනේ

      Delete
    5. ඔව් ඔව්..ඒ කාලේ වෙනකොට යන්තං කන්න තියෙන වී ටිකෙන් ගාස්තුව ගෙව්වේ..ඉතිං කොහොම අරෙහම දේකට යන්නේ වී ගෝනියකුත් කරේ තියං...

      Delete
  16. සම්භාව්‍ය වැඩී වගේ....

    ReplyDelete
    Replies
    1. අම්මපා..එහෙමනං තවත් හොදා..මං ඒත් හිතුවා තව මේකේ වචනවල බර ගතිය මදිවත්ද කියලා...

      Delete
  17. පිස්සු වගේ.....

    ReplyDelete
    Replies
    1. වගේ නෙවෙයි..වගේ නෙවෙයි..ඕක කලක් ඉදන් තිබුන එකක්...

      Delete
  18. මුරකරු පරපුරේ සුභ ලාලකතිස්ස(*) ද සිටි බව අමතක කරන්න එපා.

    (*) ලාලකතිස්ස සුභ ගේ වාසගමය.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ටෙම්පරි මුරකරු උන වඳුරෙකුත් හිටියේ...අර කඩුව වැනුවේ මැස්සට...

      Delete
    2. ලාලකතිස්ස යනු සුභ ගේ වාස ගමද ? යසගේ වාස ගමද ?

      Delete
    3. ඔන්න ඔය කතන්දර මහත්තයගෙන්ම අහලා බලන්ට මං මොකටද නොදන්න එව්වා කියලා මගේ වරිගේ නහගන්නේ..මොනවා නමුත් හේතුවක් ඇතිව නෙව ඔය කියලා ඇත්තේ...

      Delete
    4. සුභලාලක නෙවෙ යසලාලකතිස්ස

      Delete
    5. මේ කට්ටිය සයිමන් නවගත්තේගමයන් ගේ "සුභ සහ යස" නාට්ටිය බැලුවනං ඔය කතන්දර උන්නැහ කියන වාසගම් කතාව තේරුම් යයි.

      Delete
  19. පරණ සෙල් ලිපිවල තියෙනවා 'පරුමක අබය පුත' යනාදී වශයෙන්.

    මෙතන ඉන්නේ පරුමක මාරපුත!

    ReplyDelete
    Replies
    1. ඔය පරුමක කියන වචනය ගැන ලිය උන දඩෝරියං සයිස් පොතක් එක පාරක් කියවන්න හම්බ උනා..කරුමෙට ඒකේ තිබුන දේවල් මට තේරුනෙත් නැහැ..දැන් මතකත් නැහැ...ඒකෙත් ඔය පරුමක අබය පුත වැනි පැරණී උධෘත ගැන වටිනා සටහන් තිබුන කියල විතරක් මතකයි...

      Delete
  20. ෂැහ්... මම හිතුවේ නන්ද පරුමකයා කියලනේ!

    ReplyDelete
    Replies
    1. ඔය එක එක ජාති හිතන්න එපා මල්ලි...

      Delete
  21. පොඩ්ඩක් තේරුනා,පරුමුක,මරුපුක ඒකෙත් හැටි නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං වචනේ වරද්ද ගත්තා.."පරුමුක" නෙවෙයි බං.."පරුමක..පරුමක.."

      Delete
    2. @ ItalyDilan
      මේක මාරයා ගේ ඇඩ්වර්ටීස්මන්ට් එකක්. වරද්ද ගන්න එපා!

      Delete
    3. අන්න ඒකනේ..කොහේද මේ පොඩි උන්ට මේවා ඇගිල්ලෙන් ඇන ඇන කියා දෙන්න වෙලා..

      Delete
    4. ඒ උනාට බන් ඒක මම ලස්සන වචනයක් එන්නයි මොඩ් කලේ,,උබටයි වැරදුනේ

      Delete
    5. අප්පද බොල ඒකත් එහෙමද..ඔව් ඔව් මාර ලක්ෂණ වචනේ ඈ..හෙක් හෙක්...

      Delete
  22. මාරම සම්භාව්‍ය ලිපියක්නෙ.... මමත් අදයි දැනගත්තෙ මාරයා 'පරුමක' කෙනෙක් කියල..... නියම ස්වයං මෙව්වා එකක්....හැබැයි මේ දවස්වල මාරයගෙ සමහර පෝස්ට් නම් මාරම අමුතුයි...........හික්ස්...

    ReplyDelete
    Replies
    1. කාට කාටත් දැනගන්න මෙව්වා ලියන්න එපැයි මියුරු..මං නොකිව්වොත් මොකද වෙන කෙනෙක් කටක් ඇරලා කියයිද ඕක...

      පොඩි අමුත්තක් තියෙන්නත් එපෑ අප්පා..නැත්තං නිකං අර නිතර දකින චිකන් වගේ වෙනවනේ..(හරි නේද වචනේ..?)

      Delete
    2. අර ඔබා මාමට නම් උපහාරයක් දාල තිබුණ නේද කවුදෝ..... ඒක දැකල වෙන්නැති එහෙනං.... :D
      හර් හරී.... එක තමයි නියම සිංහල වචනෙ.... :D :D

      Delete
    3. අපෝ මතක් කරන්න එපා එය හාදයා ගැන..කට ඇරියොත් හබ්බයක්..අපි එහෙමද..අහිංෂකයි...

      මට ඒත් හිතුනා ඒකම තමා හරි වචනේ කියලා..තැන්කූ ඈ...

      Delete
  23. මෙලෝ දෙයක් තේරුනේ නෑ මාරයෝ.
    ඒත් කමක් නෑ. කොහොමත් කියෙව්වානේ.

    ReplyDelete
    Replies
    1. මෙලෝ දෙයක් තේරුනේ නැහැ නම් තමා මේක සාර්ථක..තේරෙන්න ලිව්වනං ඒක සම්බාවිය නැහැ..දැන් මට සංතෝසයි...

      Delete
  24. කියවන්න ආවේ.. ඒත් "ළමයින්ට සුදුසු නැත... " ලුනේ.. කියෙව්වෙ නෑ.. ඕං මං ගියා.. ආයෙ සුදුසු 1ක් ලීවාම එන්නා ..

    ReplyDelete
    Replies
    1. හුටස්..හිමී තාම ළමයෙක්ද..කවුද දන්නේ..ඉන්ටකෝ හෙට අනිද්දට මං සුරංගනා කතාවක්වත් ලියලා කතා කොරන්ට...

      Delete
    2. ඒයි මේ මේකේ මාතෘකාවේම තිබුනනේ ළමයින්ට සුදුසු නැත කියලා...මමත් ඊයෙට එලිවෙන්න කලින් නම් ලමයෙක් වෙලා හිටියේ දැන්නම් මේවා කියවන්න සුදුසු ලමයෙක් හි හි...මෙහෙම එපා කියලා තිබුුනොත් මම නම් පැනලා යන්නේ කියවන්න

      Delete
    3. නැහැදිච්ච ළමයි උනාම ඔහොමම තමා...සික්

      Delete
  25. Replies
    1. නැතිව බැහැ මල්ලි...හැමදාම පීචං වෙන්න පුළුවන්ද..මෙහෙම ලොකු ටෝකක් නුදුන්නොත් මේකේ වසලා හමාරයි...

      Delete
  26. මමත් යන්න ඕන ශාස්ත්‍රීය භාෂිවෙන් ලියන්න ඉගෙන ගන්න පන්තියකටවත්. නැත්නම් ඉතිං හිතට එන ඒවා අර ඩොටේ භාෂාවෙන් මේකේ ලියලා නොන්ඩි වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැත්තං තත්තෙට හොඳ නැහැ...මොනව උනත් අපි තත්තේ මේන්ටේන් කොරන්න ඕන...

      Delete
  27. මං මේ කම්පනා කොලේ පෝයට තව කල් තියෙනව නේද බොලං කියල... මාර අඩවිය සම්බාව්ය වේගෙන එනව වගේ නෙ...

    ReplyDelete
    Replies
    1. දැන්ම මෙහෙමනං පෝය ලං වෙද්දි කොහොමට හිටීදද..අතිශයින්ම සම්භාවිය වෙලා තමා මෙදා පොටේ මේක අහවර වෙන්නේ

      Delete
  28. මටනම් හිතෙන්නේ මාරයා තමන්ට තියෙන දේ ගැන ස්වයං වර්ණනාවක යෙදිලා වගෙයි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල ඉතිං මං කිව්වනේ මේක එහෙං පිටිංම මං ගැනම වැනුමක් කියලා...

      Delete
    2. ඕක ඉතිං නිකං තියාගෙන වැඩක් තියෙනවැයි. ප්‍රයෝජනයක් ගන්න එපැයි.

      Delete
    3. වැඩ ගන්න ගමන් ටිකක් වනලත් පෙන්නන්න ඕන...

      Delete
  29. හෙහ් හෙහ්.. අතිශය සම්භාව්‍ය ලියමනක් නෙව මෙක. තත්වෙ තියාගන්න නං ආයෙ මෙහෙම තමයි ලියන්න ඕන. පොඩි පස්නයක්, කෝ ඇනෝ, මන්දැයි පමා ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ බබාලගේ විශිෂ්ඨ අදහස් නවත්තලා තියෙන්නේ නවම්..මොකද මගේ තියෙන ලොකු කොමට ඔය වගේ අදහස් අරං හැදෙන්නෙම නැති එකේ හොද නැහැනේ ඒ අය මහන්සි කරවන්න...

      මෙයින් පස්සේ ඉතිං මෙහෙම සම්බාවිය ඇර වෙන දෙකයි පණහේ ඒවා නොලියම ඉන්ට තමා අදහස..පොඩි කාරණාවක් කියහං..උඹට තේරුනාද මේකේ තියෙන මොනවා හරි..?

      Delete
  30. අපොයි.....මාරයටත් මාර අදහස් නෙ තියෙන්නෙ.... ඒකත් ඇත්තනෙ.. එහෙම නැතුව වෙන මොනව තියෙන්නද? මම කිවුවෙ පරුමක ගැන... ;)

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව...එහෙම අදහස් නැතිනං කොහොම වසන්ටද මේ යන තාලෙට...

      Delete
  31. මාරෙ . . . කොහොම හරි ඇඩ් එකක් හංගල ගැහුව නේද ????

    ReplyDelete
    Replies
    1. ඒකත් කලාවක් මස්සිනා... අමු අමුවේ කරන්න හොද නැහැ කිසිම දෙයක්..:D:D:D

      Delete
  32. බ්ලොග් අවකාසෙම ලිංගික වෙච්ච වෙලේ... ඕක මුල පටන්ගැන්ම ගැන හොඳ බණ පදයක් කියපු එක හොඳා....

    ඔය ස්වයංජාත හැල් වලට කලින් ... තව තිබුණලු බදාලතා වැල් ද මොනවද කියල හත්තිලව්වක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙමත් තිබුනා නේන්නං..ඒත් ඕක මේ පරුමකලට මුර කරන්න උන එක නොවන හින්දා මං ලග නැවුවා..නැත්තං ඔය කතාව අද කියලා අහවර කොරන්ට වෙන්නේ නැහැ නෙව...

      Delete
  33. මොකද බොලේ ටෙම්ප්ලේට් එකට වෙලා තියෙන්නෙ... කියවන්න චීනක්කන්නාඩි ඕනැ... මට විතරක් පේන හැටිද අනෙක් භවතුන්ටත් එහෙමද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සපා අයියේ මටනං එහෙම වෙනසක් වෙලා නැහැ..තාමනං වෙන පැමිණිල්ලක් ආවෙත් නැහැ..මොනවා හරි අවුලක්ද..?

      Delete
    2. නෑ... නෑ... හරි.. මෙහේ අවුලක්... පොඩි එකා ලැප කාල් ගාල...( දැන් උන් මෙහේ නොවැ.. ) දැන් හරි...
      -සපා

      Delete
    3. අහ් ඒක මිසක්..ලැප කාල් ගෑවත් මොකද කස්ටිය අහල පහලනං..අඩුම ගානේ කරෝල කෑල්ලක් එක්ක හරි බත් ටික ලැබෙනවා නැතෑ දැන්...

      Delete
  34. පිරිමි සිරකුටිලා පරුමක නම් ගෑණු සිරකුටිලා මොක්කුද?

    ReplyDelete
    Replies
    1. ඒ අය පහල උනේ පස්සෙන් පහු කාලෙක නෙව..එතකොට පරුමකලාගේ හොඳ කාලේ ගිහිං... ඒ හින්දා එයාලට එහෙම විශේෂණ නාම පද නැහැ...

      Delete
  35. මටත් මතක හැටියට ඕක තියෙන්නෙ අග්ගඤ්ඤ සූත්‍රයේ තමා... මට මතකයි ඒ දවස්වල චන්දන ජයරත්න මහත්තයා රූපවාහිනී වැඩසටහන්වලදි ඔය ගැන කියනවා...

    ඕකේ හැටියට එකක් පැහැදිලියි... අපි ඔක්කොම පිටසක්වළයින්ගෙන් පැවතෙන කටිටය කියන එක... මොකද ආභස්සර කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයක්නේ..... සමහර වෙලාවට මටත් හිතිල තියෙනවා අපිටත් සතුටම ආහාර කරගෙන ජීවත්වෙන්න තිබුණ නම් කියල......

    මොනව වුණත් මාරයියගෙන් සම්භාව්‍ය ගණයේ ලිපියක් ! නියමයි ඈහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ..අග්ගඤ්ඤ සූත්‍රයේ තමා..ඔය වග මේක ලිව්වට පස්සේ කතා කරපු කෙනෙකුත් ටක්කෙටම කිව්වා...

      තාමත් සෑහෙන දුරට සතුට ආහාරය කරගෙන ජීවත් වෙන්න අපට පුළුවන්..ඒත් කෝ මේ අපේ අයියලා අපේ සතුට කනවනේ..ඉතිං අපි කොහොමද සතුට ආහාර කොටගෙන ජීවත් වෙන්නේ..?

      තැන්කූ මලයා ඈ...

      Delete
    2. ෆන් කනව කියන්නෙ සතුට ආහාරයට ගැනීමද ???

      Delete
    3. අන්න හරි..ඒ අපේ ෆන් එක තව එකෙක් කනවනං එතකොට අපි කොහොමද සතුට ආහාරයට අරං ඉන්නේ..අරුං අපේ ෆන් එක කාලනේ...

      Delete
  36. හප්පේ... උපරිම සම්භාව්‍යයි... [ ඉතුරු ටික හිතාගන්න... ]

    ReplyDelete
    Replies
    1. හරි හරි හිතා ගත්තා..ඔය කිව්වේ අර උත්කෘෂ්ඨයි..අනගිභවනීයයි වගේ ඕකට පිටිපස්සෙන් ලියවෙන අනිත් වචන සැට් එකනේ..හරි හරි අඩුවක් නැතිවම හිතා ගත්තා ඕං...

      Delete
  37. මාර අයියාගෙ පරු+මක ගැන...

    ReplyDelete
    Replies
    1. මරුට හිමිනං ඉතිං කුමන කතාද..?

      Delete
  38. මෙලෝ මලදානයක් තෙරුනේ නෑ මෙක මයෙහිතෙ ප්‍රබුද්ධ ඝනයට අයත්වෙන එකක්

    ReplyDelete
    Replies
    1. ඔහොම කිව්වම මට දැනෙන සනීපේ...

      Delete
  39. මාරයියා මරු......... ආ නෑ නෑ වැරදුනා
    මාරයියා පරුමකයෙක් නේ! :D

    ReplyDelete
    Replies
    1. පූසා මලයා කැමති නැද්ද මරු..මං මේ කිව්වේ පරුමකයෙක් එහෙම වෙන්ට...

      Delete
  40. හප්පේ මෙච්චර කල් ලෝකේ පලවෙනි රස්සාව කියලා හිතං හිටියේ වෙන එකක් නේ ....

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ වැරදි මතනේ අප්පා...

      Delete
  41. නජජ්ජා වස්ලෝ හෝති- නජජා හෝති බ්‍රහ්මණෝ”
    http://nihalw.wordpress.com

    ReplyDelete
    Replies
    1. කම්මනා වසලෝ හොතී.. කම්මනා හොතී බ්‍රාහ්මණො කියලත් කියන්නේ..

      Delete
    2. මාරයා එක්ක ඉතින් බණ කියනව බොරු....

      Delete
    3. හනෙ හම්මෝ නැහැ..ඔය අරකේ ඊ ළග පද දෙක විතරයි....

      Delete
  42. අපි ඔක්කොම පැවතගෙන එන්නේ පණුවන්ගෙන් කියල කෙටියෙන් කියන්න ඇහැකි නැද්ද මලයෝ ? පණු ගති තාම එහෙමමයි .. උපන් මහා පොළොවම කාල විනාස කරන්න හදනවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියට කියන් ඕන නැහැනේ අපේ උං පොලව උලා කන හැටි..ආයේ දෙකක් නැහැ..පණූවොන්ගෙන්ම තමා පැවතගෙන එන්නේ... ඒ අස්සේ මං වගේ කොල කන පණූවොත් ඉන්නවා...

      Delete
  43. ඇත්තටම මොකක් ගැනද බං මේ ලියලා තින්නේ? මෙලෝ දෙයක් තේරුනේ නැහැනේ. පරු මකයා කියන්නේ මුර කාරයාට කියන තවත් නමක්ද බං

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං උඹ කියෙව්වද මේක.?

      Delete
    2. නැතුව නැතුව. මාත් දානවා පරු මුකයා ගැන අම්බානක් සම්බාව්‍ය පොස්ට් එකක් මෙලෝ දෙයක් තේරෙන්නේ නැතිවෙන්න

      Delete
    3. පොඩ්ඩක් වැරදුනා පරු මුකයා නෙවේ. පර මුකයා

      Delete
    4. සික් ඉතරක් ඒක කිව්ව කැත...

      Delete
  44. පරුමුක ලා ගැන විතරක් නෙමේ තවත් ජාති මේකෙ තියෙනවානේ.... සික් පරක්කුයි හොඳටම.... බුද්ධිමය සංවාදේ ගොඩනැගිලා අහවරත් වෙලානේ මම එද්දි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලං ගියාම මේකේ නැත් අච්චරුවක් නැහැ..හරි දැන් බුද්දියා ආවනේ..පටන් ගතෑකි බුද්ධීමය මොකක්ද එක...

      Delete
  45. භාෂාව අති විශිෂ්ටයි .....
    හිතා ගන්න පුළුවන් මාර අයිය එක දවසින්ම දහම්පාසලේ ජනප්‍රියම ගුරුතුමා උනේ කොහොමෙයි කියල ....
    මන් හිතන් හිටියේ මහා සම්මත රජතුමා තමයි කප්පන් දීල ආරස්සාවට තියාන හිටියේ කියල ???
    ඒක වැරදිය ????

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ මලේ..මේ ඇවිත් මුල්ම කාලේ කතානේ..මහා සම්මත කාලෙට එනකොට ලොකේ බොහෝම දියුණුයි... එතකොට පරුමකලා නිකංම රජ පැමිණීලා...

      ඔව් මලේ..ළමයින්ට කතන්දර කියාදීම හරහා ඉගැන්වීම හරි අපූරු වැඩක්..ඒත් දැන් තියෙන සිලබස් කවර් කිරිල්ලත් එක්ක ඒවා වෙන්නේ නැහැ..අනික කතා දන්න උනුත් හරි අඩුයි..දැන ගත්තත් ඕවා පාඩං අස්සෙන් ඔබන කලාව දන්නේ නැහැ...

      Delete
  46. උඹත් මාර පොරක්නේ....
    වැරදුනා මාර පරුමක කෙනෙක්නේ....:DDD
    මොනවා උනත් පෝස්ට් එක නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කිව්වා...

      Delete
  47. අය්යෙ කතාව එල. චක්ක්වත්තිසීහනද සූත්‍රයෙත් ඔය අතීත කතාව තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හරියටම මතකයක් නැහැ මලේ..මට ඔය එක සූත්‍රයක්වත් දැන් මෙහෙමයි කියන්න තරං මතකයක් නැහැ...

      Delete
  48. මට මතක විදියට ඔය ආබස්සරයින් ආපු කාලේ පොලවේ පස් තිබුනේ නෑ. යොදයක් වගේ සොෆ්ට් එකක් තමා තිබිලා තියෙන්නේ. පොලවේ ගනකම් වෙලා පස් හැදුනේ ඊට සෑහෙන කාලයකට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මේක හෙන දිග කතාවක් නෙව..මේ ඇවිල්ලා කොට කරලා උණ්ඩි කොරපු එකක්...

      Delete
  49. සම්භාව්‍ය හෝ නැතුව හෝ කතාව එළ. ඔය වගේ පරණ බණ කතා අහන්න ලැබෙන්නෙ නෑ ලේසියෙන්.

    ReplyDelete
    Replies
    1. මේවා ඇදලා කියනවට වඩා කොච්චර ලේසිද ඒසී ඩුවෙල් එසී ගැන බණ කියන එක..ඒකනේ දැන් නැගලා යන්නේ...

      Delete
  50. මෙහෙම කතාවක් මම අදමයි ඇහුවේ
    මම කිව්වේ ජිවය ඇති උනා කියන විදිහ ගැන

    බොහොම ස්තුතියි මාරයා මේ විස්තර වලට

    ReplyDelete
  51. aiya oye remix karala mod karala kiyala thiyenne අග්ගඤ්ඤ soothrayamai neda....monawa unath niyama wadak.warthamana parapura bana ahanne nathi eke remix karala hari bana tikak kiyana ekanam loku deyak

    ReplyDelete
  52. මේ කව්රුවත් සුගතපාල ද සිල්වා ශූරීන් ගේ "පවර නිරිඳෙක් වීය බඹදත්" කියවල නැද්ද?
    ඔය පොළොවේ සාරයට ඒ පොතේ හැටියට නං කියල තියෙන්නේ පප්පටක ඕජාව කියලයි.
    ඉතාමත් රසවත් නවකතාවක්. අඩුම ගානෙ මාරයා වත් කියවල නැද්ද?

    ReplyDelete
  53. පරුමකයන් එකල බලවත් අය තමයි.පරුමකයන් රාජ්‍ය බලය අල්ලාගත් අවස්ථා එමටයි.ප්‍රංශයේ කැරොලින්ගියානු හා මෙරොවින්ගියා අධිරාජ්‍ය උදාහරන ලෙස දැක්විය හැකියි.ලංකාවෙත් යසලාලකතිස්ස කථාව එවැන්නක්.හැබැයි මේවා දකින කොට මට හිතෙනවා මගෙ බ්ලොග් එකටත් මගෙ අත්දැකීම් ලියන්න.ඒත් මම මාරය වගෙ ධනපතියෙක් නොවෙයි බ්ලොග් වලට කාලය නාස්ති කරන්න පුලු පුලුවන් හැටියට ලිපි ලියනවා

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු... මං ඒ පාර ධනපතියෙකුත් උනාද..? වසලා හමාරයි...:D:D:D

      Delete