30 January 2012

මාරයාගේ පුක නැති උනේ මෙහෙමයි...

හුග දෙනෙක් කලින් කතාව කියවන්ට නැතෑ.. ඒත් ඒකෙන් මං අරමුණු කොල කාරණාව ඉස්ට නොවුනය කියලයි මං හිතන්නේ.. මොකද එතනදී මං හැදුවේ එහෙං පිටිංම මගේ පුරාජේරුවයි මගේ ලොකුකොමයි මගේ අරකයි මගේ මේකයි ලොකු කරලා පෙන්නන්න තමා.. ඒත් මේ බ්ලොග් කියවන උන්දලා දන්නවද එච්චර හරියක්.. උන්දලට අහු වෙලා තිබුනේ "පුක ලෝකෙට බිහි උනේ කොහොමද..?" කියන කතාව වගේ දේවල් විතරයි.. යකඩෝ මං ලියන්න ගියේ මං ගැන.. ඒත් අන්තිමට මුංට ලොකු උනේ පුක.. ඒකත් මගේ එකනං ඉවසන්න බැරියෑ.. ඉතිං මොටද මෙහෙම රෙද්දවල් ලියලා..

ඒ අස්සේ අර දුමියා ඒක බලං ඉඳලා පුක බිහිඋන හැටි දැකලා පිකප් වෙලා ආන්න ගිහිං නැට්ට පුකේ ගහ ගන්න හැටියි නැටි පුකේ ගහ ගත්තම ලැබෙන වාසියි කියලා තියෙනවා.. අනේ මංදා මුංවනං හදන්න බැහැ.. මං මේ දහ අතේ කල්පනා කොරනවා කොහොමද මේ බ්ලොග් කඩ මල්ලෙන් මේ ලෝකේ හදන්නේ.. මේ සමාජය යහපත් තැනක් කරන්නේ.. වාගේ ලොකු ලොකු දේවල්.. ඒත් මුං එව්වට කිසිම උනන්දුවක් නැතිව පුකක් බදං දගලනවා.. ඒ පාර මාත් හිතුවා මගේ සම්බාවිය සිහිනයට පොඩි ඉස්ටොප් එකක් දීලා.. මගේ පුක ගැනත් ලියන්න...

කතාව තියෙන්නේ මගේ පුක නැතිවීම ගැනයි.. ආ ඒවගේම කල් ඇතිවම කියන්ට ඕන මේවා මේ හිනා යන කතා එහෙම නෙවෙයි.. ඇයි ඕයි පුක නැති වීම විහිළුවක්ද..? ඒ හින්දා හිනාවෙන්ට බලං එහෙම කියවන්ට එපා අවසානෙට ඇඩෙයි...

හැබැයි මේක ලිවීමේ තව අරමුණක් තියෙනවා... ඒ තමා ඔය කස්ටිය කියන්නේ මං මහින්දට ඕක දෙනවා කියලා.. ඔන්න බලන්න පින්වතුනි දෙන්න කලින්ම ඕක මට නැති උනා කියලා නොදැනනේ මුංදලා එහෙම කතා කියන්නේ.. කඩේ යෑමයි ඒකයි අතර පැහැදිලි වෙනසක් දන්නේ නැති හාදයෝ.. සික් ඉතරක්...

හරි මෙන්න මෙහෙමයි මේ කතාව සිද්ධ උනේ.. ඒ එකදහස් නවසිය බරගණන්වල කතාවක්..

එතකොට මං හිච්චි එකා.. කොටින්ම කිව්වොත් ඉස්කෝලේ යන්ටවත් වයසක් නැහැ.. ඕනනං අවුරුදු හතරක් විතර යන්තමට ඇති.. දන්නවනේ ඉතිං ඒ දවස්වල අපි බොහෝම දුක සේ ජීවත් වෙච්ච කාලේ.. මං ඒ ගැන කොහොමටත් ලිපි පෙලක් කියාගෙන යන නිසා ඒ ඒ ලිපිවලදී හොයා ගන්ට ඇහැකි වෙයි මට අවුරුදු හතරක් වයස වෙද්දී අපි හිටිය තත්තේ කොහොමද කියලා.. ඒ හින්දා දැනට හිතා ගන්ටකෝ ටිකක් අමාරුකාල සීමාවක් කියලා..

එදා මහ අඳුරු දවසක්...හතර අතින් කළු කොරගෙන වහිනවා.. ඒ මදිවට එක සීරුවට අකුණු ගහනවා.. අහල පහල අන්දකාරේ හරියට... මහා මූසල පෙනුමක් තමා තිබුනේ...

අපේ ගෙදර සාමාජිකයෝ හතර දෙනෙක් නෙව.. තාත්තයි.. අම්මයි.. මමයි.. මල්ලියි.. මට වයස හතරනං මලයට වයස එක හමාරයි.. ඌ එතකොටත් අම්මගෙන් කිරි බොනවා.. කොටින්ම මේ මහා විනාසේ වෙච්චි වෙලාවේත් ඌ කිරි බිබී තමා හිටියේ...

මෙන්න මේ වගේ පරිසර තත්වයක් තියෙද්දී අපේ තාත්තයි මමයි හිටියේ ගෙයි තිබුන කුස්සි කෑල්ලේ... ඒක බොහෝම පොඩි තැනක්... මං හිටියේ මිරිස්ගල තියලා තිබ්බ සිමෙන්ති බැම්මට හේත්තුව දාගෙන අත් දෙකත් බැඳගෙන.. තාත්තා කොරන වැඩේ දිහා බලං.. ආ එතකොට තාත්තා කොරපු වැඩේ කියන්ටත් එපෑ..

උන්දෑ ඒ වෙලාවේ හිටියේ වංගෙඩියක් කොට කොටා.. වංගෙඩියක් කොටනවා කියන්නේ ආයිබෝං වංගෙඩියේ දාලා ඔය හාල්.. කෝපි වගේ දෙයක් කොටනවට නෙවෙයි.. අළුතින් වංගෙඩියක් හදනවට... අපේ තාත්තා ඒ දවස්වල ඔය කොහෙන් හරි කොස් කොටයක් උස්සං ඇවිත් තිබුනා.. ඒක අඩි දෙක හමාරක විතර එකක්... ඉතිං එකේ වටේ හොදට සුද්ද කරලා කපලා කොටලා රවුම් හැඩේ එහෙම අරං.. තව අර මැදින් වගේ වෙන්ට පොඩි කට්ටයක් එහෙම හිටින්ටත් කපලා පිටත හැඩේ අරගෙන ඊට පස්සේ තිබුනේ වංගෙඩියේ වල හාරන්ට.. ඔය කිසිම වැඩකට අපේ ගෙදර ඒ කාලේ හරි මහන් ආයුධයක් තිබුනේ නැහැ.. වංගෙඩියේ පිටත හැඩ තල ඔක‍්කෝම සකස් කලේ මන්නා පිහියකින්.. උඩයි යටයි විතරක් කාගෙන්දෝ ගෙනාව අත් කියතකින් බොහෝම අමාරුවෙන් දවස් ගානක් තිස්සේ හෙම හෙමිහිට කපලා මට්ටමට අරගෙන තිබුනේ.. මේකේ වල හාරන්ට භාවිතා කලෙත් එහෙමම උපක්‍රමයක් තමා..

මුලින්ම පොල් කටු කිහිපයක් ලිපට දාලා අවුලෝලා ඒ ගිනි අඟුරු අරගෙනඅර වංගෙඩි කොටේ වල හාරන්ට ඕන කියලා පැන්සලකින් සලකුණු කොරලා තිබුන රවුමේ මැදට දානවා.. ඊට පස්සේ ඔය කාඩ් බෝඩ් කෑල්ලක් අරං ඒ අගුරු ටික තව තවත් හොදට ඇවිලෙන්ට හුලං ගහනවා.. එහෙම ඇවිලෙනකොට බොහෝම සුළු ප්‍රමාණයක් කළු වෙලා අගුරු වෙලා ඇවිලිලා ගියාම පරණ පිහි තල කෑල්ලකින් ඒ අගුරු වෙච්ච ලී කෑලි හූරලා අහක් කරනවා.. එහෙම ගිනි අගුරු බස්ස බස්ස මේක තරමක් ලොකු වලක් හාර ගත්තට පස්සේ අර පිහිතලෙන් හූරන එක නවත්තලා වෙන විදියක් පටන් ගන්නවා..

ඒ තමා මෝල් ගහෙන් කොටන එක.. එතනදිත් අර විදියටම අගුරු බස්සලා වල පුච්චලා ඊට පස්සේ ගිනි අගුරු අහක් කරලා මෝල් ගහෙන් කොටනවා නිකං හාල් කොටන්නැහේ.. එතකොට වලේ තියෙන සුන් බුන් එහෙම අහක් වෙලා හොද රවුමට වල හැදෙනවා ටික ටික.. ඕක මේ මං මෙහෙම කිව්වට එක විනාඩි දහයෙන් කොරන්ට ඇහැකි දෙයක් නං නෙවෙයි.. බොහෝම නිවි හැනහිල්ලේ ඉවසීමෙන් යුක්තව දින ගණනාවක් කරන්ට ඕන දෙයක්.. මට මතක හැටියට අපේ තාත්තණ්ඩි ඔය විදියට වංගෙඩි හත අටක්ම හදලා තියෙනවා.. ඒත් ඉතිං උන්දෑ හදනවා.. අහල පහල දන්න කියන උන්දලා ඇවිත් "අනේ අපූරු වංගෙඩි පොඩ්ඩ" කියලා තෙපර බානකොට ආ එහෙනං අරං පලයං කිව්වම අරකත් අරං යනවා.. ආයේ ඉතිං ඒ ගැන එච්චරයි.. ඒත් උන්දැට ඔය වගේ වැඩ කොරන්ට තිබුන ආසාව හින්දා එව්වා ගානකට ගත්තේ නැහැ...


ඉතිං මේත් කොර කොර හිටියේ එහෙම වැඩක්.. උන්දෑ එදා වංගෙඩියක් කොටනවා මං ඒක බලං ඉන්නවා.. ඔය රූපේ තියෙන්නේ කහ පාටට ඇදක් හරිද..? ආන්න එකේ අපේ අම්මයි මල්ලියි ඒ වෙලාවේ හිටියේ.. මල්ලිට කිරි දිදී..
ඔය නිල්පාටට පේන සිමෙන්ති බැම්මට හේත්තුව දාං කොළපාටට පේන්නේ මංතුමා.. එතකොට අළු පාටට පේන්නේ තාත්තා හිටිය තැන.. එතනම තියෙන අහස් නිල් පාට තිත තමා වංගෙඩිය.. දැන් හරිනේ...

ඔව් මං දැන් දන්නවා අර රතුපාටට දුවන ඉර මොකක්ද කියලනේ අහන්නේ.. ආන්න ඒක තමා "හෙනේ.."

ඔව් එදා ඒ මූසල හැන්දෑවේ අපේ ගෙදරට හෙන ගැහැව්වා... වෙලාව හවස පහට විතර කිට්ටු ඇති.. වැහි අඳුරත් රාත්තිරිය ආසන්නවත් තිබුන ඒ වෙලාවේ එළීයේ මහ වැස්සක් කියලා මං කල් ඇතිවම කිව්වනේ.. ආන්න ඒ වේලාවේ එක පාරට අහල පහල ගිගුරුම් දෙවමින් පොලවට කඩං පාත් උන හෙනයක් අපේ ගෙයි ඉස්සරහ බිත්ති මුල්ලක් බිමට කඩා ඉහිරවමින් ඇද වැටුනා.. ඒත් එක්කම ඒ හෙන ගෙඩියෙන් නිකුත් උන විදුලි සැරයක් වගේ එකක් ඔය රතු පාට ඉර ගමන් කරන ආකාරයට ඉස්සරහ දොරින් ඇතුළු වෙලා.. කුස්සියේ දොරින් එළීයට ඇදිලා ගියා.. ඒ ගියේ මගේ ඇස් දෙකට පෙනී පෙනී අපේ තාත්තගේ දණ හිසට ටිකක් පහලින් කකුල් දෙක මැද්දෙන්මයි.. එක පාරට කහ පාටත් රතු පාටත් මුහු වෙච්ච ගිනි දල්ලක් ඇදිලා යනවා දැක්ක මට කතා කරගන්නත් බැරි උනා.. මට ඇහුනා අම්මා හයියෙන් කෑගහනවා... එයා දැකලා තියෙනවා ඒ ගිනි දල්ල ගේ ඇතුලට එන ආකාරය.. බය වෙච්ච පාර මල්ලිවත් උස්සං උන්දෑ කෑ ගහගෙන දුවං ආවා කුස්සියට.. ඒත් තාත්තා කලබල උනේ නැහැ...

උන්දෑ අම්මා දිහා බලලා ඒ දෙන්නා හොදින් කියලා දැක්කට පස්සේ මං දිහා බැළුවා..

"ලොකු පුතේ..ලොකු පුතේ..ලොක්කෝ..උඹට කරදරයක් නැහැ නේද..?"

මට කතා කරගන්න බැහැ... කට අරින්න හැදුවට වචන පිට වෙන්නේ නැහැ.. ඒ මදිවට මට දැනෙනවා මගේ ඇ‍ඟේකෑල්ලක් නැහැ වගේ.. කොටින්ම කිව්වොත් මගේ පුකට පොල්ලකින් ගහනවා වගේ දැනුනා අර එළීය ගිය වෙලාවේ.. ඒ වෙලේ ඉදන් මට පුක තියෙනවද කියලවත් දැනෙන්නේ නැහැ.. පස්ස පැත්තම ගල් වෙලා.. තාත්තා යන්තමින් දැකලා තියෙනවා මං හේත්තු වෙලා හිටිය මිරිස් ගල පැත්තටත් ගින්දර විසි වෙනවා..ඉතිං කොහොම හරි පැයක් විතර යද්දි තමා මට යන්තං තතන තතන කතා කරන්ට පුළුවන් උනේ.. ඒ කතා කරපු ගමන් මං කිව්වේ "තාත්තේ මගේ පුක නැහැ" කියලා තමා ඕං..

ඔන්න ඒ වෙලාවේ කට්ටිය කලබල වෙලා හොයලා බැළුවා..‍ ඊට පස්සේ දන්න කියන අය.. ඒ කියන්නේ මේ හෙනේ පාත් වෙච්ච බලන්න ඇවිල්ලා හිටිය මුළු ගමේම අය අතරින් දන්න කියන අය නොයෙකුත් ප්‍රතිකර්ම කිව්වා.. විදුලි සැරයකදී ඔය විදියට හිරි වැටීමක් වෙන බවත් මද රස්නෙට රත් කරපු යකඩ කෑල්ලකින් තැව්වම ඒක හරියන බවත් උන්දලා තමයි කිව්වේ.. ඉතිං එදා ඉදන් දවස් ගානක් යනකල් තවලා තවලා තමයි මගේ නැති උන පුක යන්තං ගොඩ දාගත්තේ...

අන්න එහෙමයි එදා අපේ ගෙදරට හෙන ගහලා මගේ පුක නැති උනේ... ඒ වෙනකොට බොහෝම අසීරු අඩියේ හිටිය අපිට මේ වෙච්ච හානිය හින්දා තවත් තත්වය දුෂ්කර උනා.. ඊටත් පස්සේ තමා අපේ අම්මා ගෘහ සේවය සඳහා රට යන්න තීරණය කලේ..හරියටම කිව්වොත් එයින් පස්සේ තමා අපිට ඇත්තටම හෙන ගැහැවුවේ...

158 comments:

  1. හොඳටම විශ්වාසද ඕක හිරි වැටුනෙ හෙන ගැහුව නිසා කියලා......අර පිටිපස්සෙන් ඇවිත් ගේම දෙන අහවලා අහල පහල හිටියද..?

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ ඔය උන්දෑ එන ටයිම් එක නෙවෙයිනේ...

      Delete
  2. මම හිතාගන හිටියේ ඕක නැතිවුනේ පන්සලේ හිටපු කාලේ කියලා :D

    ReplyDelete
    Replies
    1. අම්මපා..එහෙමත් වෙනවද..? මං හිතන්නේ මලයා පන්සල් ගිය වෙලාවක මොනවා නමුත් අකරතැබ්බක් වෙලා කියලා..:D

      Delete
    2. මොන ‍බොරුද ඕන වෙලාවක රේඩියෝවක බණ යන, 365 දවසේම ධර්මයෙන් ජීවත් වන මේ ධර්මද්වීපයේ පන්සල්වල ඔය වගේ අසමජ්ජාති වැඩ කෙරෙයිද? මට නම් හිතා ගන්නත් බැහැ, එහෙම දෙයක් පන්සල් වල කෙරයිද කියලත්. :D

      Delete
  3. මාරයගෙ මාර කතාවක් ඒක.. මදෑ ඔය තරමින් ගොඩ දාගත්ත.. අර අම්මා රට ගියාම හෙන ගැහුවා කියන කතාවනම් ඇත්ත වෙන්ඩ ඕනා.. අම්මා නැති උනාම ඕනැම් ගෙයක් හෙන ගැහුවා වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ හෙනේ සෑහෙන්න බලපෑවා ඒ දවස්වල...

      Delete
  4. ප්‍රශ්න අංක 01 - රත්කළ යකඩයකින් තැවූ විට පුක ලැබේ නම්, සීතල යකඩයකින් තැවූ විට පුක නැතිවේද ?
    ප්‍රශ්න අංක 02 - රත්කළ යකඩයකින් තවා වෙනත් නැති අවයව ලබාගත හැකිද ?

    අර අන්තිම වාක්‍ය නම් සිරාවට ඇත්ත. අම්මල රට ගිය පවුල් වලින් 99% කටම හෙන ගහන එක තමයි වෙන්නේ. පුළුවන් නම් ඒගැනත් පෝස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. 01-කරලම තමා බලන්ට ඕන..
      02-නැති වෙච්ච දේ හැටියට යම් යම් වෙනස්කංනං වෙන්ට ඇහැකි..
      03-ආ අංක තුනක් නැහැ නේද..?

      කොහොමත් ඒ ගැන ලියවේවී ඉදිරියට...

      Delete
  5. හොඳට රත්කරපු යකඩ කෑල්ලක් තිබ්බනං ඔය නැතිවිච්ච පුක එක පාරිංම ගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ඒකනං නිකං අත්දැකීමෙන්ම කිව්ව කතාවක්ද කියලත් හිතුනා...

      Delete
  6. පුකටත් හෙන ගහනවා එහෙනම් ඈ?

    ReplyDelete
  7. ඒ දවස්වල ඔක ආයෙ ගන්න බැරි උනා නම් හොදා....

    ReplyDelete
  8. මේවගේ කථාවක් අහලා හිනාවෙනවද අඬනවද කියලා හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා අඩන්නත් පුළුවනි අඩලා හිනා වෙන්නත් පුළුවනි..ඒත් හොදම දේ නාඩා හිනා වෙන එකයි...

      Delete
  9. ක කෙසේ වෙතත් ඔහොම ගිහින් ජීවිතේ බේරුන එකම මදෑ
    අර වංගෙඩි පොඩ්ඩ හදන්ඩ ගත්තු මහන්සියක් ........ ඒක නං මැවිලා පෙනෙනවා.. , ඔය වගේ කරමේකට ඉස්සර ඔරු හදපු බවක් නං අහලා තියන්වා .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔරු කෙටීමත් වංගෙඩි කෙටීම වගේම කලාවක්..හැබැයි තව තව දේවල් ඒකේ තියෙනවා...

      Delete
  10. දාන්න හතාන හිටපු කොමෙන්ටුව අන්තිම කැල්ල හින්දා ලියුවෙ නෑ...

    ReplyDelete
    Replies
    1. ගිය පාර හෙන වැදිලා බේරුන එක මේ පාරත් බේර ගන්න ඕන නිසයි ඒ ටිකත් කියලම දැම්මේ...

      Delete
  11. හිතවත් මාරයෝ, අන්තිම පරිච්ඡේදය නොතිබුණා නම් හොඳයි.

    පොඩි දරුවෙකුට තමන් ගේ අම්මා ගෙන් ඇත්වීම තරම් තවත් හෙණයක් කොයින්ද?

    ඇත්තටම මට මේ කතාව බලා ඉතා දැඩි සංවේගයක් ඇති වුණා.

    මේ ගෟහ සේවය සඳහා අම්මලා රට යෑම නිසා ලංකාවේ ජන සමාජයට වුණු අයහපත නම් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ මෙතෙක් දැක්ක හොඳම කොමෙන්ටුව...!!!

      Delete
    2. කතන්දරගේ මම නිරීක්ෂණය කළ එක දෙයක් තමයි. කුඩා ලමුන්ට ඇති ආදරය. එය ඉතා හොද මානව ගුණයක්.

      Delete
    3. කතන්දරගේ සංවේදී බව මම හොඳටම දැක්කේ මෙතනදී...

      Delete
    4. දැන්වත් ඒක නතර නොකර (කලින් කාන්තාවන් මැදපෙරදිග ගිය ගොඩක් රටවලින් යවන එක නතර කරලාලු ) , ගැණු රටයවල විදේශ විනිමය හොයන්න හදන උන්ට .....

      Delete
    5. අන්තිම පරිච්ඡේදය නැති උනානම් හොඳයි තමයි..මාත් එක් පිළීගන්නවා..ඒත් මට ඕක කියන්නත් මෙයිට වඩා ආයේ තැනක් ලැබේවිද කියලා සැකයක් මතු උනා..ඒකයි ඒ ටිකත් කියලම දැම්මේ...
      නැත්තං මං දන්නවා අද මෙතන වැටෙන්නේ හිනාවෙන් පිරුණ කමෙන්ට් ගොන්නක් විතරයි..ඒත් ඒක එහෙම නොවෙන තැනට ඔය අන්තිම ටිකෙන් දෙයක් එකතු වෙයි කියලා දන්න හින්දයි එහෙම කරලා බැළුවේ..ඒක වැරදි වැඩක් උනාද මංදා අවසානයේ බලන කොට..
      ඒ වගේම බොහෝම ස්තූතියි පල කර ඇති සියළුම අදහස්වලට...

      Delete
  12. දැන් ඔය තතන තතන කියන්නේ මාරයාගේ අහවල් එක අනෙක් උංගේ ඒවාට වඩා වටිනවා කියන එකද ?

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගම්පළාත්වල කතාවක් තිබුනා ඔය පොළවට ගහන හෙනයක් පොලව හාරලා ගොඩ දාගත්තොත් බොහෝම වටින ලෝහ ගුලියක් ලැබෙන බව..පස්සේ කාලෙක ඒ ලැබෙන්නේ පිරිසිදු ප්ලැටිනම් ලෝහය කියලත් එක එක්කෙනා කිව්වා.. ඔය හෙන ගොඩ දැමීම ගැන හුගක් කතා ඒ දවස්වල ඇහෙනවා.. දැන්නං කාලෙකින් එහෙම කතාවක් අහන්න උනේ නැහැ..

      ඉතිං අප්පච්චියේ හෙන වල තියෙන්නේ ප්ලැටිනම් නං..ප්ලැටිනම් ඩිංගක් ගෑවුන පස්සක් කියන්නේ ඔය නිකංම නිකං අසුචී විතරක් ගෑවෙන ඔහෙලගේ පස්සට වඩා වටින්නේ නැද්ද හා..?

      Delete
    2. උඹේ බඩේ තිබිල අර පහුගිය දවස්වල අයින් කළේ ප්ලැටිනම් ගුලියක් ද දන්නෑ.

      Delete
    3. කතාව එහෙම නම් මාරයාගේ පුක හාරලා ප්ලැටිනම් ගුලියක් හොයා ගන්ඩ බැරි වෙන එකක් නැහැ....

      Delete
  13. දුප්පත් උඹලා අපි ට තමා හෙනත් ගහන්නේ බන්. මොනවා උණත් සංවේදී කතාවක් බන් .

    ReplyDelete
  14. අපේ අත්තම්මලගෙ ගෙදර තිබ්බ වංගෙඩිය හදන්නැත්තෙත් එහෙනම් ඔහොම තමා.... ඒකෙත් හැඩේ ඔය කිව්වා වගෙමයි... පිච්චිලා කළු ගැහිලා වගේත් තිබ්බා.... ඒකෙන් දෙමෝලෙ වී කෙටුවා මතකයි අත්තම්මයි අම්මයි ගොයම් කපපු කාලෙට....

    අපෙ බාප්ප කෙනෙකුගේ ගෙදරටත් ඔය වගේ හෙනයක් ගැහුවා.... බාප්ප බැංකුවක වැඩ කළ කෙනෙක් නිසා එයාලට කිසිම අගහිඟයක් තිබ්බෙ නෑ... ඒත් ඊටපස්සෙ බලා ඉන්දැද්දි වගේ බාප්පයි, මල්ලියි ලෙඩ උනා.... අන්තිමට බාප්පා මැරුණ... මල්ලිට ෆිට් එක හැදෙන්න ගත්තා... ඊට අවුරුද්දකට විතර පස්සෙ ඒ මල්ලි එල්ලිලා මැරුණා... අන්තිමට පුංචි අම්මා ගෙදර අතහැරල ගියා... ඒක විකුණන්න හැදුවටවත් කවුරුවත් ගන්නෙ නෑ....
    මේක හෙනේ නිසා උනාද කියල නම් මං දන්නෙ නෑ... ඒත් ඒ පවුල නැතිවෙලා ගියේ ගෙදරට හෙන ගැහුවට පස්සෙයි.... මට ඒ සිදුවීම මතක් උනා මේක කියවනකොට....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඕවා ගැන කියන්න ගියොත් දැන් ඉන්න අය හිනා වෙනවා..ඒත් මං හිතන්නේ අපිටත් ඔය හෙනෙන් පස්සේ ආයේ ගොඩ ඒමක් නැති උනා..එයිට කලින් ඉදලම ඒකට අත්තිවාරං වැටී ගෙන ආවා උනත් එයින් පස්සේනං කට උත්තරත් නැතිව ගියා..එහෙම බලනකොට අද මෙහෙමවත් ඉතිරි වෙලා ඉන්න එක ලොකු දෙයක්..පස්සේ අවුරුදු දහයකට විතර පස්සේ ගෙයි ඒ අකුණ වැදුන පැත්ත වෙනස් කරලා හැදුවට පස්සේ ටිකක් විතර හරි ගියා උනත් මං හිතන්නේ අදටත් ඒ බලපෑම ඉවත් වෙලා නැහැයි කියලා..මොකද එක පැත්තක ජනේලයක් තාම තියෙනවා ඔය හෙනේ දවසේ ඉරි තලලා ගිය... මේ ඊයේ පෙරේදකත් මං ඔය ගැන කියලා පුළුවන් හැටියකට ගේ කඩලා අළුතෙන් හැදුවනං හොඳයි නේද කිව්වට මං දැන් ඒ ගෙදර සාමාජිකයෙක් නොවන හින්දා ඒ වගේ අදහස් සලකා බැලෙන්නෙවත් නැහැ...අපි නොදන්න අපට නොපෙනෙන දේවල් හුගාක් තියෙනවා...

      දෙමෝලේ වී හාල් කෙටිල්ල මාත් ඒ දවස්වල හරි හරියට කල වැඩක් නෙව.. මේ මෑතකදිත් දානේ ගෙයක් අහලින් ගිය වෙලාවක ගෑණු මනුස්සයෙක් දාපු ලොකු ටෝකක් හින්දා මෝල් ගහකුත් අරං කොලා පෙන්නුවා මෙන්න මෙහෙමයි දෙමෝලේ කොටන්නේ කියලා.. දැන් ඉන්න ගෑණූ ළමයි ගැනත් දුක හිතෙනවා වෙලාවකට...

      Delete
    2. හෑ මොකක් දෙමෝලෙ?

      Delete
  15. සිංහල බ්ලොග් කලාවට දෙවි පිහිටයි :D

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් "කලාව"..?ඒ මක්කද..?
      අනික දෙයියන්ගේ පිහිට..?

      Delete
  16. කියෙව්වා .......................
    එච්චරයි............................

    ReplyDelete
    Replies
    1. ඒ ඇති බං හොඳටෝම..ඇයි මේ වචන දෙක...ඒක ඉහටත් උඩින්...

      Delete
  17. කතාව මුල ඉඳලම කියෙව්වත් අන්තිම ටිකෙන් උනේ මගේ හිතට මහා මොකක්දෝ අමුතු දුකක් එකතු වෙච්ච එක.

    ReplyDelete
  18. මොනවා උනත් මැදපු කමිස ඉතුරු වෙච්ච එක හොඳයි...!

    හැබැයි උඹේ පුකට අනතුරක් උනාම පවුල තවත් අඝාධෙට වැටිච්චි තැන නම් මට හරියටම තේරුනේ නෑ බොලං.....!

    ReplyDelete
    Replies
    1. අදායම් මාර්ගයක් අහිමිවීම හික් හික්.

      Delete
    2. ඒක ඉතිරි නොවුනනං කාලා හමාරයි..දැන් අහපං ඒ කොහොමද කාලා හමාර වෙන්නේ කියලා..එතනින්ද කෑවේ කියලා..නොදෝමකින් මේ "රිලා පුක් වෛද්‍යාචාරියතුමා"...

      යකෝ ගුණයලා මේක ආදායම් මාර්ගයක කොරගෙනද..?මල විගඩමයි..

      Delete
  19. පුකට හෙණගැහුවම මාරයියේ.. ඒහා තදාසන්න ප්‍රදේශ වලට හෙණයේ බලපැවැත්ම විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියනවනං මල්ලි ඒක කියා දෙන්න මෙහෙම අපහසුයි..මොකද අදාල ගණනය කිරීම් එහෙම නූලට කරන්න ඕන..මේ වගේ සුළු කාලයකදී එවැනි සූක්ෂම ගණනය කිරීම් රැසක් කර දක්වන්න අමාරුයි..මං වෙලාවක ඇවිත්ම මලයට කියා දෙන්නංකෝ ගැහුවම කොහොමද බල පාන්නේ කියලා...

      Delete
    2. නෙද්දකින්... නැතුවට කාරි නැතුවා.. ඔය බලපාන හැටි අයියා පිළිවෙලක් උනාම ඒ දැරිවිටම කියාදෙන්ටකෝ..

      Delete
  20. අන‍්තිම ටික දැන් දැක්කේ... අම්ම ගියාම දුක දැනෙන ඔබව පැත්තක තියමු. අම්ම තාත්තාට වයස උනාම සලකන්න බැරි කාලකණ්නින්ට තමා බන් හෙණගහලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඹත් මුලක් දැක්කම පැනගෙන එනවා මිස අග කියවන්නේ නැද්ද මංදා..?
      ඔය කිව්ව කතාවේ මටත් කොටසක් තියෙනවා..මොකද අද වෙනකොට මමත් ගෙදරින් වෙන් උන් එකෙක්..මං පෙරේදා ලියන්න හිටියා ඔය ගැන ලිපියක්..ඒ මම පෙරේදා ගෙදර ගිහිං ආව හින්දා..ඒත් ආයෙම හිතුනා මේ දවස්වල බ්ලොග්වල යන රැලි අස්සේ ඒවගේ දේවල් ලියන්න ඕන නැහැ කියලා...ඉස්සරහට බලමු.

      Delete
  21. hiri watilanee bola! thama thiyanawada ayya rathwechcha yakadee marks! :D

    ReplyDelete
    Replies
    1. යකඩෝ හං වඩු ගැහැව්වා කියලා හිතුවද..?

      Delete
  22. ඒ කතා කරපු ගමන් මං කිව්වේ "තාත්තේ මගේ පුක නැහැ" කියලා තමා ඕං..///ඔතනිං කතාව ඉවර උනානම් මේකෙ අඳහස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.

    රට යාම ගැන නං ඕනතරම් මිනිස්සු ඕනතරම් තැන් වල කතාකරලා ඇති. ඒහින්දා ඒගැන කියන්න ඕන නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත බුද්ධීයා..අර කතන්දරත් කියලා තියෙන්නේ ඕකම තමා...මං බොලාගේ ආතල් කැඩුවද මංදා...?

      Delete
  23. එහෙම දෙමාපියො වෙහෙසිලා ආරක්ශා කරල දුන්න පුක නෙ පස්සෙ කාලෙක උඹ බැති නාස්ති කරගත්තෙ

    ReplyDelete
    Replies
    1. තොපිත් එක්ක ඉඳලා මෙහෙමවත් මේක තියෙන එකයි පුදුම...

      Delete
    2. ඒ කියන්නේ මාරයාගේ පුක එක පාරකට වඩා නැති වෙලා තියෙනවද?

      Delete
  24. මොනාද කරන්නේ බඩ අල්ලන් හිනා වෙලා අන්තිමේ අපිව අඩවන්වා. විකාරේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි නංගි..
      "දුක සැප දෙක නිති පෙරලේ..රිය සක ලෙස ලෝ කුහරේ.."

      Delete
  25. මුලින් කියවෙන කතාවට වඩා කතාවක් අන්තිම ඡේදයෙන් කියවෙනවා.

    මේකේ නොකිව්වාට හිරි වැටුනේ පුක විතරක්ම නෙවෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් ඉඳුනිල් මෙතන කතා තුනක් විතර තියෙනවා... පුක නැති වීමේ කතාව..වංගෙඩි නිර්මාණය කරන ආකාරය..අර තියෙන අවසන් ඡේදයෙන් දෙන කතාව...

      නැහැ නැහැ බය නැතිව කිව්වැකි හිරි වැටුනේ පුක විතරයි කියලා..එතකොට වයස 4ක් වගේ කියලා මං කිව්වනේ..වෙන මොන හිරියක්ද..?

      Delete
  26. මාරයා ගැන දුකක් හිතන්නට මාරයා අපිට ඉඩක් නොදේ? ඔබට අනුකම්පා කරන්න අපි කවුද?
    දුක් අපි හැමෝම විඳල තියෙනව.
    ඒත් අපි හැමෝම හැමදාම දුක් අනුභව කල යුතුද? එයින් ගොඩට විත් අනුනට එයින් ගොඩ වෙන ආකාරයට යමක් කරන්න පුලුවනනම්?....

    මේ ලඟදී නන්දා මාලිනි ඇගේ ජීවිතය ගැන කල කතාවක් මා කියෙව්වා ඇගේ ධෛර්‍යය පුදුම එලවන සුලුයි.

    ReplyDelete
    Replies
    1. කිසිම තැනකදී කිසිම කෙනෙකු මා ගැන දුක සිතනවාට මමත් විරුද්ධයි..ඇත්තටම මේ කියන්නේ මිනිස් ජීවිතයක් හා සම්බන්ධ සිද්ධි දාමයක් විනා අනුකම්පාවේ ආයාචනයක් නෙවෙයි...

      ඇත්ත අපි දුක අනුභව කල යුතු නැහැ..මේ වන විට දුක කියන තැනින් ටික ටික ඈත් වෙනවා උනත් නියම දුක යනු ආර්ථීක අහේනිය නොව සංසාර දුකය යන්න මත පිහිටා කටයුතු කිරීමේදී හුග දෙනෙක් අදහස් කරන ගොඩ යාම ගැන මගේ උනන්දුව නම් බොහෝම අල්පයි... ඒ එසේ ගොඩ යෑමට තැත් කිරීමට වඩා ඒ අංශයෙන් බැහැරට හැකි තාක් යාම දුක නැති කිරීමට හොඳම මාර්ගය වන නිසා මිස සුලබව කියැවෙන ගොඩ යෑමට ඇති නොහැකියාව මත නොවේ..

      බොහෝම අපූරු කමෙන්ටුවක්..සිත් ගන්නා සුළුයි...ඊට ස්තූතියි..
      ආ අර කිව්ව ලිපිය මාත් කියැව්වා... ඒ ලිපියට එහා ගිය දේවල් ටිකක් පවුලට සම්බන්ධ ඥාතීන් අතින් දැන ගන්නට ලැබීම හරහා ඒ ඇත්තේ සම්පූර්ණම කතාව නොවන බවටත් කුකුසක් තියෙනවා උනත් එය හොඳ කතාවක්...

      Delete
  27. මටත් කතාව කියවලා මොනවද කියන්නේ කියා තාමත් හිතන්නේ. සමහර දේවල් අපේ ජීවිත වලට බලපාන්නේ පුදුමාකාර විධියට. ඒ හැම දෙයින්ම පන්නරයක් ලැබෙනවානම් ජීවිතයට එය වටිනවා. මං හිතන්නේ මාරයාගේ ලිවීම තුල ඇති දෙච් මෙවායින් ලැබූ පන්නරයයි. පිටින් බැලුවම නම් මොකක්ද මේ කතාව කියා හිතෙනවා. ඒත් මෙහි ඊට වඩා දෙයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. අතීතය ප්‍රියා අතීතය..ඕක පන්නරය වගේම බොහෝම අපූරු වින්දනයකුත් ගෙන දෙන දෙයක්...බොහෝම ස්තූතියි සටහනට...

      Delete
  28. මාතෘකාව වෙනස් කොරන්න ඕනෙ 'මාරයා යකෙක් වූ හැටි ' කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනං අපූරු අදහස... කලින් හිතුනනං ඕක තමා දාන්නේ...

      Delete
  29. ඕක ගිනි දැල්ලක්ම නොවේ ඇත්තටම ගිනි බෝලයක්. ඔය මැප්එකේ හැටියට ඕක ගෝල අකුණු හෙවත් ආරෝපිත අංශු වලින් හැදුනු ගෝලයක්. ඒක ගමන් කරන්නේ ආලෝකය විදුලිය වගේ අධි වේග වලින් නොවේ [එහෙත් තරමක වේගයක් තියෙන්න පුළුවන්] ගෝල අකුණ පුපුරනවා කියන්නේ ඒ ආරෝපිත අංශු ඩිස්චාජ් වෙන ඒක. උඹට වෙලා තියෙන්නේ ඒක උඹේ ඇඟ ඇතුලෙන් ගිය ඒක.

    ගෝල අකුණු හරිම දුර්ලබයි. ඒ තරම් දැනුමක් තවම හොයා ගෙන නැහැ ඒවා ගැන [මං දන්නා තරමින්].

    අපේ අම්මලාගේ ගෙදරට එයින් එකක් ඇවිත් තියෙනවා අපි ඉපදෙන්න කලින්. ඒකත් ඔහොම ගේ ඇතුලෙන් ගිහින් ගේ පිටිපස්සේ පිපිරුවා කියලයි දැනගන්න ලැබුනේ.

    [[හරියටම කිව්වොත් එයින් පස්සේ තමා අපිට ඇත්තටම හෙන ගැහැවුවේ...]]

    උඹේ කතාවේ ලොකුම වගන්තිය. මේක මට දෙපාරක් හිතට වදිනවා. එකක් මේක උඹට හා අප වටේ ඉන්න දාහක් අහිංසකයන්ට වෙන මහා හෙනයක් නිසා. දෙවැන්න තමා තාත්ත නැති වෙන කොට අම්මටත් රස්සාවක් නැති නිසා අපටත් මේ හෙනේ පාත්වෙන්න සෙට් වුන වෙලාවේ අම්මගේ නෑදෑයෝ අපේ වගකීම බාර නොගන්න මටත් යන්නේ ඔය කල නිසා. ඒ අසරණකම නම් පුදුමාකාරයි මාරයෝ. දැනටත් ඇඟේ හී ගඩු එනවා මතක් වෙද්දී.

    ReplyDelete
    Replies
    1. සුජීවගේ කතා පෙට්ටිය විවෘත කරවන්න ලැබීමම සතුටක්..ඒ වගේම අර හෙනේ ගැන කල හැකි උපරිම විස්තරයක් කිරීම සම්බන්ධවත් බොහෝම ස්තූතියි...

      කරුමෙට වගේ සුජීව අපිට දෙපැත්තේ කිසිම නෑයෙක්ගෙන් තල්ලුවක් ලැබුනේ නැහැ..පුළුවන් හැම තත්පරයේදීම පයින් ගහන්න බැළුවා මිසක්..ඒ අතින් සුජීවලා එක්තරා අන්දමකට වාසනාවන්තයි කියලා කියන්න පුළුවන්...

      Delete
    2. මහා ලොකු ලොක්කන් නොවුනාට එහෙම නෑයින් පිරිසක් හිඳිම වාසනාවක්ම තමා.

      Delete
  30. පුකේ හිරි ඇරගත්ත හැටි කියවලා අන්තිම කෑල්ල කියවපුවාම හිතත් හිරි වැටිලා ගියා....

    ReplyDelete
    Replies
    1. ඒ හිරිය යවන්න ඉතින් මොනවයින් කියලා තවන්නද..?

      Delete
  31. "අන්න එහෙමයි එදා අපේ ගෙදරට හෙන ගහලා මගේ පුක නැති උනේ... ඒ වෙනකොට බොහෝම අසීරු අඩියේ හිටිය අපිට මේ වෙච්ච හානිය හින්දා තවත් තත්වය දුෂ්කර උනා.."

    යකෝ ඕකට හෙන ගැහුවයින් පවුලට දුෂ්කර තත්වයක් ආවේ කොහොමද . . .

    මට ඇතිඋනු ලොකුම පුරස්නෙත් ඕක. .

    උඹලගේ ගේ තිබ්බේ හික්කඩුවේ හරි ඒ පැත්තේට කිට්ටු පැත්තක නෙමෙයි නේද . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතිං කොරන්න බැරි... තමුන්ට ගෝචර වෙන විදියෙන්ම තමා අල්ලන්නේ..සික්:D:D:D

      Delete
  32. හි හි හොඳවෙලාවට මාරයියා පුක ආපහු ගොඩදාගෙන.....:D

    ReplyDelete
  33. හොඳ වෙලාවට අර බිත්තියට "පුක" හේත්තු කරන් හිටියෙ...

    ................

    සිත්තර කරුමාන්තෙත් දියුණුවේගන එන්නෙ...

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවද..නැත්තං ඒකම හරහට හිටියදත් මන්දා සපා අයියා..මොකද එතනදී පුකට පොළවේ ස්පර්ෂය වැඩියිනේ.. අකුණු ගහන්න ඔය අර්ත් වීමේ පහසුවත් බලපානවනේ..

      ඇත්තම කිව්වොත් මේක බුද්ධියට දීලා කොරගන්න හිතුවේ.. ඒත් අද දවාලේ මේක ලියන්න ගත්ත වෙලාවේ ඕක බුද්ධීයට කියලා අන්දව අන්දව ඉන්න ගියානං මට මේක තව මාසෙකට දාන්න වෙන්නේ නැහැ ඌට කප්පරක වැඩ රාජකාරිනේ...අනික ඕකා මහ මොකාද වගේ එකා..දැක්කනේ අර නවම්ගේ අමුඩෙත් ඇදලා තිබුන හැටි..අන්තිමේදී මට හිතෙන්න ඉඩ තියේ අතින් අල්ලලාම තියා ගත්තා වගේ හැගීමක්..එයිට හොදා පුළුහං හැටියකට ගොඩ දානවා කියලා කෙලලා දැම්මා බලි කරුට්ටක්..වෙලාවේ හැටියට ඔය මදෑ...හැබැයි ඒකත් ආස හිතෙන වැඩේ...

      Delete
  34. දැන් ආබාධයක් නැතුව ඕකා තියනවා නේ,,එහෙනම් එච්චරයි

    ReplyDelete
    Replies
    1. සීයට දෙසීයක් හොඳින්...

      Delete
  35. හිකිස්‌..........,,, :)

    ReplyDelete
    Replies
    1. අනේ නගේ උඩ කමෙන්ට් එක බලලා මේක දැක්කම ඔන්න මටත් නිකංම "හිකිස්" කිය උනා..:D

      Delete
  36. දැන් රාජකීය තත්වයට පත්වෙලා තියෙන්නේ කාලෙකට කලින් හෙන ගහපු පුකක් එහෙනම් !

    ReplyDelete
    Replies
    1. අර උඩින්ම මහින්ද ගැන ඡේදයක් දැම්මෙම බුවාව ගෙන්නවගෙන ඔන්න ඔය ටික කියවගන්න..:D:D:D

      Delete
  37. ප්‍රශ්න කීපයක් තමයි අහන්න තියෙන්නෙ..

    1. අකුණ ඔය වගේ හැරිලා ගියේ කොහොමද?
    2. මම සාමාන්‍යයෙන් අහලා තියෙන්නෙ යම් පළාතක තියෙන උසම තැනටයි අකුණ වදින්නෙ කියලා එහෙම උනොත් ගෙයක් අස්සෙන් යන්නෙ කොහොමද?

    අම්මගෙ කතාව නම් ඇත්ත..පවුලකට අම්ම කෙනෙක්ගෙ අඩුව හොඳටම දැනෙනවා..අම්මා කෙනෙක් වැඩකටවත් යන්නෙ නැතුව ඉන්නවනම් තමයි වඩා හොඳ..ඒත් දැන් කාලෙ එහෙම කරන්න අමාරුයිනෙ..

    ReplyDelete
    Replies
    1. 01-ඇත්තටම ඒ ගැන හරියටම කියන්න අමාරුයි..ඒත් ඕක තමයි ගමන් මාර්ගය..අර උඩ සුජීව විසින් කියලා තියෙන ටික පොඩ්ඩකි කියවලා බලන්න මලේ.. ඒ හැර ඒ ගැන පැහැදිලි අදහසක් දෙන්න මටත් බැහැ...

      02-එහෙමම නැහැ මල්ලි උස තැන් වලට ඇදලා ගන්නවා වගේම කුඹූරුවල හරක් බඳින්න ගිය අයටත් අකුනු වැදිලා මැරිලා තියෙනවා..එතකොට අර ජෙයරාජ් උන්නැහේ අවසන් ගමන් ගිය වැලිවේරිය කාන්ති පිට්ටනියේ පැවති පාපන්දු තරඟයක් වෙලාවේ ගහපු අකුණකින් ක්‍රිඩකයෝ බර ගානක් මැරිලා ගියා..මටත් වඩා ඒ ගැන හොදින් කියන්න අර බුරතීනෝ කොළුවා දන්නවා මයෙ හිතේ.. එයිට අමතරව ගෙවල් ඇතුලට ඇවිත් වැදුන පලවෙනි අකුණ ඕක නෙවෙයි...හරි හරියට ගෙවල් ඇතුලට අකුණු වදිනවා.. හැබැයි සමහරු කිව්වෙ පලවෙනි කෑල්ලේ හරහාට බැඳිලා තිබුන ලෝහ කම්බියට ඕක ඇදෙන්න ඇති කියලයි..

      Delete
    2. ඔය කුඹූරුවල, පිට්ටනිවල ඉන්න අයට අකුනු වැදීමේ ඉඩ වැඩිවෙන්නෙ ඒ තැන්වල උසට ඉන්නෙ මිනිස්සු නිසානෙ බන්...කොහොමත් අකුනු ගහන වෙලාවට විවෘත එළිමහන් තැන්වල ඉන්න එපා කියලනෙ කියන්නෙ. අනික තමයි අපේ පලාතේ විශ්වාසයක් තියනවා උඹ ඔය වැඩකරන ආයෝජන කලාපෙ හැදුවට පස්සෙ ඒවායෙ තියන අකුණු සන්නායක නිසා අහක යන අකුණු ඇදලා අරන් පොළවෙ ගහනවා කියලා...ඇත්ත බොරු මම දන්නෙ නෑ...කෝකටත් උඹ ටිකක් පරෙස්සම් වෙයන්. ඊ ළඟ සැරේ කොහෙට වදීද දන්නෙ නැහැනෙ...:D

      Delete
    3. උඹ කියන කතාව ඇත්ත..මං කොහොමත් ටිකක් බයේ හිටියේ පහුගය දවස්වලනං..මොකද අකුණු වැදැය හැකි ජංගම උපකරණයක් පහුගිය දවස්වල මේ පැත්තේ සැරි සැරුවා..ඒත් හොද වෙලාවට ඒක ආයේ මාස ගානකට අපි ඔටු දේසේට පටෝලා ඉවරයි..දැන් ඉතිං පරිස්සං වෙන්න ඕන අරාබිකරේ ඇත්තෝ තමා..:D:D:D

      Delete
    4. එළිමහනෙ මිනිස්සුන්ට වදින්නෙ ඒ තැන්වල උසට ඉන්නෙ ඒ මිනිස්සු නිසා තමයි..

      මම අකුණු ගැන ලබපු ලොකුම අත්දැකීම තමයි ලොකු අම්මලාගෙ ගෙදරට අල්ලපු ගෙදර පොල් ගස් හත අටකටම අකුණු වැදුණු සිද්ධිය..බල්න් ඉද්දි පොල් ගස් ගිනි ගත්තෙ කොහෙ හරි ඉඳන් මෝටාර් ගහනවා වගේ..එතකොට මම දෙක වසරෙද කොහෙද

      අපේ පැත්තෙ රේඩියෝ සිලෝන් එක හැදුවට පස්සෙ අකුණු ගැහිල්ල වැඩී කියලා මිනිස්සු කියනවා..ඒකෙන් අකුණු ඇද්ලා අරන් විසි කරනවලු.. මම නම් හිතන්නෙ ඕක බොරු කතාවක් අකුණු සන්නායකයකින් අකුණු භූගත කරනවා මිසක් විසිකිරීමක් කරන්නේ නෑනෙ..

      Delete
    5. ගෝල/බෝල අකුණු ගැන:

      Ball lightning is an unexplained atmospheric electrical phenomenon. The term refers to reports of luminous, usually spherical objects which vary from pea-sized to several metres in diameter. It is usually associated with thunderstorms, but lasts considerably longer than the split-second flash of a lightning bolt. Many of the early reports say that the ball eventually explodes, sometimes with fatal consequences, leaving behind the odour of sulfur.

      Laboratory experiments have produced effects that are visually similar to reports of ball lightning, but it is presently unknown whether these are actually related to any naturally occurring phenomenon. Scientific data on natural ball lightning are scarce owing to its infrequency and unpredictability. The presumption of its existence is based on reported public sightings, and has therefore produced somewhat inconsistent findings. Given inconsistencies and the lack of reliable data, the true nature of ball lightning is still unknown.

      වැඩිපුර: http://en.wikipedia.org/wiki/Ball_lightning

      මේ ආටිකල් වල නම් කියන්නේ නිකම් යු එෆ් ඕ වගේ.ඒත් ලංකාවේ මේවා මීට වඩා සුලබ බව තමා මට හිතෙන්නේ. සමකය අසල සුලබ වෙන්නත් පුළුවන්.

      අකුණු ගැන සොයා නොගත් කරුණු හා විවිධ මිත්‍යා මටත් හරියට තියෙනවා. ඒවා ගැන හොඳ හැදෑරීමක් නොකර මත පල කිරීම භයානකයි.

      Delete
    6. අකුණු සන්නායක විසින් අකුණු ඇද ගන්නවට අමතරව වායුගෝලයට අයන එකතු කරන බවක් අසා තියෙනවා. විසික්කිරීමට කොහෙන් ගලපන්නද මන්දා.

      Delete
    7. කියන්න අමතක වුනා. ගෝල අකුණු රේඛිය මෙන්ම වක්‍ර මගකත් යන්න පුළුවන්. ඒක පල්ස් එකක් නොවේ ආරෝපණ ගුලියක්.

      Delete
    8. ග්ලබ්..මට ආයෙත් අකුනක් වැදුනා වගේ දැනුනා...

      බොහෝම ස්තූතියි සුජීව මේ අතරෙන් මතුවෙලා කට්ටියට වැදගත්ම දේවල් හොය හොයා දෙනවට...

      Delete
  38. හෙන ගහපු පුකක්....සෙල්ලං නෑ...

    ReplyDelete
  39. ඔන්න ඔන්න ඒ පාර නයෙක් ඇරල නේද මේ....''හෙන වැදිලත් බේරුන මගෙ _ _'' ගැන කියල?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ..නගාට ෂුවර් නැහැ..ඔන්න ඔය වෙලාවට තමා පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ...

      Delete
  40. අපොයි දෙය්යනේ

    ReplyDelete
  41. කතාව කියෙව්වා... පුකට වැදිලා බේරුනා මදෑ... අන්තිම වාක්‍යය විසින් හිතේ හටගත් සියලුම සතුටු සිතුවිලි ගිල දමන ලදී...

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ ෆන් එක කනවා කියලා..එහෙමත් නැත්තං ආතල් එක කේවා කියලා.. අර මං කලින් ලිපියෙත් ඒක ගැන කියලා ඇති කොහේ හරි...

      Delete
  42. අර අන්තිම පේලි කීපය නොතිබුනානම් මම ලියන්න්නේ වෙන අදහසක්.. ගොඩක් පවුල් වලට ඔය හෙණය වැදිල තියෙනවා අයියේ..

    ReplyDelete
  43. අනේ මන්ද මෙහෙම කතාවක්නම් මම ඇහුවමයි. බලනකොට සලකනව මදි වගේ ..

    අම්ම කෙනෙක් කුඩා දරුවන් දමා රට ගියාම ඒ ගෙදරට හෙන ගැහුවා වගේ තමා. මේ ගැන වැඩිය කතා කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මං හැමදාමත් කියන්නේ ඕකනේ ඔයාලා ෂලකනවා මදි...:D:D:D

      Delete
  44. හැබැයි ඉතින් ඕක නැති වුණාමත් හොඳයිනේ මාරයියේ . බයික්කේ යනකොට රිදෙන්නෙත් නෑ . බර දැනෙන්නෙත් නෑ . කොයිතරම් පල පොරෝජන පුක නැති වුණාම සිද්ද වෙනවාද ?

    ReplyDelete
    Replies
    1. උඹට පයිත්තියංද බං? එතකොට කොහොමැයි අර අහවල් වැඩේ කරන්නේ? :D

      Delete
    2. සඳුරුවා මගුලක් කියනවා..ඔය අහගනිංකෝ පූසා කියන කතාවම..කෙලල තියෙයි නේද මලේ තාප්පෙට..නිකමට හිතලා බලහං අර නයා මහතැන් ඇවිත් බොලාට කිරි පොවපු වෙලාවේ ඕක නොතිබ්බනං බොලාට වෙන්නේ මොකක්ද..?

      Delete
    3. පුකක් නොතිබා නම් අපට බඩ යන්නේ නෑනේ අයියන්ඩි..

      Delete
    4. අඩේ මලයා..ඒ උනාට බඩක් තියේනේ..එතකොට ඒක වෙන කොහන් කියලා යන්ටද.. පුක නැති උනොත් ඔක්කෝම කෙලි හමාරයි..කලින් ලියුමේ මං ඕක කිව්වනේ..ඒක මග ඇරුනවද්ද..?

      Delete
  45. තව පොඩ්ඩෙන් ඕන පුකක් තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං මොනවා කොරන්ටද..
      "ප්‍රීති වෙසක්" කියලා ඉන්නවා මිස...

      Delete
  46. පුකට හෙන ගහන්න ඇත්තේ උබ ගිය ආත්මේ කරපු පාපකර්මයක පඩිසන් දීපු නිසා වෙන්න ඇති මාරයියේ...

    ReplyDelete
    Replies
    1. හැම දේම කරුමයමත් නෙවෙයි..ඒත් එහෙම නෙවෙයි කියලා කියන්නත් බැහැ...කොහොම හරි ගහන එක ගැහැවුවා...

      Delete
  47. මාරයියත් දැම්මා පුකක්... දැන් ඔක්කොම පුක ගැන ලියයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ආං දැනටම දුමියා පටන් අරං..දැක්කේ නැද්ද..?

      Delete
    2. දැක්කා දැක්කා.... තව කීයක් කතා එයිද දන්නේ නෑ.

      Delete
    3. දුමියම තව කිහිපයක් ලියයි මං හිතන්නේ මටත් තව එක කතාවක් තියේ..ඒත් ඒක සම්බාවිය විදියට ලියන එක තමා අවුල...

      Delete
  48. තව ඩිංගෙන් එලි බහින්න පුකක් හොයන්න වෙනවා.

    ReplyDelete
  49. බොරු කිව්වම කටට හෙන ගහනවා... වෙන වෙන වැඩ වැඩ වලට වෙන වෙන ඒවාට හෙන ගහනවා.... පස්සට හෙන ගහන්නේ මොනා කලාටද හැබෑට.....

    තොට ඕකට හෙන ගහලත් මදි..... :D :D

    ReplyDelete
    Replies
    1. දැන් ඔය කියනවා ඇත්තේ ඇහැට ඇහැ..ලෙයට ලේ වගේ දෙයක් නේද..? මොකද බෞද්ධ කර්ම සංකල්පේ එහෙමම වෙන්න විදියක් නැහැනේ..

      දැන් ඔය සිස්ටම් එකට බැළුවොත් හිතහං අපි යාළුවෙකුට වංචා කරනවා කියලා..එතකොට හෙන ගහන්නේ තමන්ටද..එහෙමත් නැත්තං අර යාළුවටමද..?එහෙමත් නැත්තං තමන්ගෙත් වෙන කාටවත්ද..? ඔය කියන සිස්ටම් එකට වැඩේ ටිකක් සංකීර්නයි වගේ නේද..?:D:D:D

      Delete
  50. පුකට හෙන ගැහුවා කියලා ඇහුවමයි අප්පා ඕක පරිස්සම් කරගන්න මාරයියේ නැත්තම් අර කිව්වත් වගේ ඕක හාරලා ප්ලැටිනම් හොයන්න බ්ලොග් ලෝකෙම එන්න බැරි නෑ......අම්මා රට ගිය එක ගැන නම් මට ගොඩක් දුකක් දැනුනා මම නම් දන්න කියන කාටවත් රට යන්න තියා හිතන්නවත් දෙන්නේ නෑ.....පිට රටවල් වල අමනයන්ගේ ඉඳුල් පිඟන් හෝදනවට වඩා ලංකාවේ පාරක් පාරක් ගානේ හිඟා කාහල්ලා කියලා තමයි කියන්න වෙන්නේ....

    ඕනයා කිව්වා වගේ ඔයි තරම් අමාරුවෙන් පරිස්සම් කරගත්තු පුක කාටවත් දීලා නාස්ති කරගන්න එපෝ....

    ReplyDelete
    Replies
    1. සික් මගෙත් කට හොඳ නැහැ බං..බලහං කිය වෙන දේවල්..ඔය ප්ලැටිනම් කතාව කිව්ව මෝඩකම කියලා දැන් හිතුනේ..

      රට රස්සාවල් ගැන කියනවනං මලේ අපි කියන තරංම ලේසිනං ඕවට ඔයාකාර දුවන්නේ නැහැනේ ගෑණු..ඒත් නැති බැරිකං හැම පැත්තෙන්ම අත වනද්දී ඔහොම නෙවෙයි ඔයිට හපං දේත් කරනවා මිනිස්සු...

      අනිත් උන්ගෙන් නෙවෙයි ඔය ඕනයගෙන්ම තමා මේවා බේරගන්න අමාරු...

      Delete
  51. මොකක් හරි කුජීත වැඩක් කරන්න ඇති. නැත්තං ඉතිං දෙයියෝ ඉස්සරහා දොරෙන් ඇවිත් පුකට මොකක්දෝ එකක් කරලා පස්ස දොරිං යයියැ :D

    ReplyDelete
    Replies
    1. දැන් උඹ කියන්නේ මේ දෙය්යෙක් පුකට කෙලියා කියලද..?
      අනේ මලේ උඹ තාමත් ඔය පුංචි කාලේ කිව්ව කතාවිස්වාස කරනවද..? අර දෙයියෝ පුට් බෝල් ගහනකොටයි අකුණූ ගහන්නේ වගේ කතා..?

      Delete
    2. නෑ නෑ දෙයියෝ පුට්බෝල් ගහනකොට අකුණු වදින්නේ කොහොමද ඒකනම් පට්ටපල් බොරුවක්. දෙයියෝ චූ කරනකොට වහිනවා උනාට අකුණු ගනවා ඇත්තේ වෙන මොකක් හරි නිසා :D

      Delete
  52. මාරයියේ හැබෑට දැන් පුකට කිසි අතුරු ආබාදයක් නැත්ද?..

    ReplyDelete
    Replies
    1. කිව්වම මොකද ඇස් වහක් කටවහක් නැහැ ඔය තියෙන්නේ යස අපූරුවට...

      Delete
  53. අර සිත්තර ටික නම් ලෙසටම ඇඳලා තියෙනවා. බුද්ධියා අදින්නෙ මොන කුනුහරප ද කියලා හිතෙනවා. පුකට විතරමනෙ හානි වුණේ නේද? වෙන තදාසන්න ප්‍රදේශ ආරක්සිතයි නේද පුතේ?

    ReplyDelete
    Replies
    1. අනේ බාප්පේ හැම තැනම ආරස්සාවයි...

      කෑ ගහන්ට එපා බුද්දියා කෝප උනොත් මොන කෙහුරක් අඳීද දන්නේ නැහැ..අන්න සඳරුවගෙත් සරම ගලෝලා තිබුනා...

      Delete
  54. කෝකටත් එක්ස් රේ එකක් වත් ගත්තොත් නරකද..? :D :D

    ඇත්තටම හෙන ගහපු කතාව ගැන හිත අඳුරු කරනොගෙන ඉන්නේ "අපේ කතාවේ" හිතේ හැටියට අඬන්න තැන් ඉස්සරහට ලියවේවි යැයි හිතන නිසා...

    ReplyDelete
    Replies
    1. එදා එහෙම උනාට පස්සේ හෙන ගහනකොට බය එහෙම හිතුනේ නැද්ද මමනම් බයයි ගොරවන වේලාවට.

      Delete
    2. ඇයා බං බීටලේ ඇක්ස්රේ එකෙන් අහවල් එකක් කියලා බලන්ටද..?

      එහෙමත් කියන්න බැහැ බං..අඩන්නද හිනාවෙන්නද කියලා නැහැ ඒ හැම දේම දැන් වෙලා ඉවරයි..අතීතයට අඩලා වැඩක් නැහැ..ඒත් අපි බලමු මං ලියන්නං..මොනවා උනත් උඹ කතාව අල්ලගෙන කියන එක තේරුනා..

      @නඳුන්...

      මල්ලි බය වෙන්න එපා මල්ලි..ගොරවන තරමට වහින්නෙත් නැහැ අකුනු ගහන්නෙත් නැහැ...:D:D:D

      Delete
  55. මාරයා දවස් 3 යනකං සරමක් ඇඳන් ඉඳලා තියෙන්නේ...ගමේම මිනිස්සු ඇවිල්ලා මූව බලන්ට..එන උංට පුක පෙන්නන්න ලේසියට සරමක් අන්දලා....

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4ක එකාට මොන සරංද බොල... ඒ කාලේ සරං ඇන්දනං කොහොමත් කොයි වෙලෙත් හෙළුවෙන් වගේ තමා..කාටද පුළුවන් ඒ කාලේ ඕක පටලෝ ගෙන ඉන්ට...

      Delete
  56. විදුලියක් කොටනකොට යකඩයක් එලියට වීසි කිරීම අපේ රටේ සිරිතක්.. ඉතින් ඊට පස්සේ විදුලි කොටන වෙලාවට එලියට වීසි කලේ මාර මල්ලිගේ පු**ද ? අනේ මල්ලී උඹ දැන් නම් ඔය විදුලි කොටන වෙලාවට එක පුලිඉයේ දාගෙන ඉන්න නම් එපා. අපිට තව කාලයක් උඹේ කතා කියවන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. අයියට කියන්ට අයියා..ඒ හෙනෙන් පස්සේ අද මේ වන තුරාවට හෙනේකින් මට ආපදාවක් වෙලා නැහැ..ඒ වගේමයි ඔය අකුණ ගහන ගොරවන වෙලාවට ටැලි විසොං බැලිල්ල මේ කොම්පීටර් වාඩ වගේ කිසිම දෙයක් මං නවත්තන්නෙත් නැහැ..පුකට හෙණ ගැහැවුවට පස්සේ ආයේ තව මොන ආරස්සාවක්ද අයියා..:D:D:D

      Delete
    2. හික් හික් හික් මරු ටෝක් එක...ඔෆීසියේ මේ තනියෙන් හිනාවෙන එක නිසා ගොඩක් උන් හිතන් ඉන්නේ ලංකාවේ එකාට පිස්සු කියලා...

      Delete
    3. ඉතින් උන් හිතන විදිය වැරදිද..?:D:D:D

      Delete
  57. මීට කලින් ලිව්ව පොස්ට් එකෙනුත් මාරයා පුක ගැන ලියලා තිබුනා, මේ පොස්ට් එකෙනුත් පුකට තැන දීලා තියෙනවා. මම මේ කල්පනා කරන්නේ ඇයි මේ මාරයාට පුක ගැනම ලියන්න හිතෙන්නේ. මූට පුක සම්බන්ඳ කටයුතු පිළිබද විශාරදයෙක් වෙන්න හදනවාද මන් දන්නේ නෑ? මූ මාරයාගේ හෝරාව, මාරයාගේ පුක කියලා වෙනස් කරයිද දන්නෙත් නෑ?

    ReplyDelete
    Replies
    1. පුක ගැන විතරක් නෙවෙයි තව හුගක් දේවල් මේ ටිකේ ලියවෙයි..ඒ ආවට ගියාට නෙවෙයි ලොකු අරමුනක් වෙනුවෙන් කරන දෙයක්..මම හෙට අනිද්දටම කියඤ්ඤං...

      Delete
  58. හෙන ගැහුවා කියලා ගෙයක් විනාශයට යනවා කියන එක මම නං විශ්වාස කරන්නේ නැහැ... මං පොඩි කාලේ අපේ ගෙදර ඉස්සරහ ජනේලෙන් ඇතුළු වෙච්ච අකුණක් පිටිපස්සේ කුස්සියේ බිත්තියත් හිල් කරන් කුකුල් කොටුවට වැදිලා හිටපු කුකුල්ළු සේරම මැරුණා... ඒහෙම වුණත් අපි ඊට පස්සේ කාලෙක ගේ තිබුණාටත් වඩා හොඳට හදා ගත්තා....

    ReplyDelete
    Replies
    1. "කුකුල් කොටුවට වැදිලා හිටපු කුකුල්ළු සේරම මැරුණා"

      බොරු කියන්න එපා බං...එහෙමනං අද ඔය කමෙන්ට් එක ලිව්වේ කවුද..?

      Delete
  59. පුකටත් හෙන ගහනවා එහෙනම් ඈ?
    මම හිතන උන්නේ දුකට පුන් විතරයි ගහන්නේ කියල... හිකිස්‌.

    ReplyDelete
  60. නිකං යෑ.... මාර මලයෝ "හෙන ගැහැව්වා වාගෙ" කියන්නෙ. මම අහල තියෙන විදිහට නම් අකුනු වැදෙන්නෙ නරක කාල, අපල ග්‍රහචාර තියෙන කොටලු. මේ කියන දේ ඇත්තද කියල බලන්න මාර මලයටම පුලුවන්. තියෙනවනම් අම්මගෙයි තාත්තගෙයි මල්ලිගෙයි කේන්දර සටහන් විශ්ලෙශනය කරල බැලුව නම්.

    මම මිගාර

    ReplyDelete
  61. පුක නැති උනා කිව්වම මම හිතුවේ මේක කොල්ල කාලේ වෙච්ච සීන් එකක් කියලා
    බලාගෙන යද්දී හිච්චි එකා සන්ධියෙම තමයි වැඩේ වෙලා තියෙන්නේ
    රත් කරලා හරි සීතල කරලා හරි පුක නැවත ලබාගත්තු එක ලොකු දෙයක්
    නැත්නම් කාගෙන් හරි නයට ගන්න කියලද

    අර විදිහට කොටපු වංගෙඩියක් තමයි බං තාමත් අපේ ගෙදර තියෙන්නේ :)

    ReplyDelete
  62. පුක හිරි වැටුනට බඹසර බිඳුනෙ එදා නෙමෙයි නේද?? හික් හික්.

    අන්තිම පේලිය නොබලා හිටියා.........

    ReplyDelete
  63. පුක නැත්තං යකා ය කියනවනෙ...
    මාරයාත් එක්තරා යකෙක් නෙවෙන්නං..!!

    ReplyDelete