31 January 2012

සත දහයේ කොන්ඩමයෙන් රත්ගම බුවාට වූ විපත...

මෙව්වා කියලත් බැරිය.. නොකියත් බැරිය..කිව්වොත් මා මහා කුපාඩියෙක් යැයි හංවඩු ගැහෙනවාය..එහෙත් මා එහෙම නැතිය..ඉතා හොඳය..අහිංසක..විනීතය..කාරුණිකය..සංවරය..මනාව දමනය කරණ ලද ඉඳුරන් ඇත්තාහුය..හිටි හැටියේ දමනය ලිහී යැම මාගේ වරදක් නොව සමාජයේ වරදක්මය..සමාජය විසින් මා කුපිත කරන්නාහුය..එවිට මාගේ දමනය වූ එව්වාද..මෙව්වාද දමනයෙන් මිදී රිසි සේ හැසිරෙන්නෝය..එසේ වූ කල සිදුවන අකටයුතුකං මගේ වරදක් නිසා නොව එහෙං පිටිංම සමාජයේ වරද මතම සිදු වන ඒවා බව සියල්ලෝම දත යුතුය...එසේ නැතිව මා අසංවර එකෙකැයි කිසි සේත්ම නොසිතුව මනාය...

දැන් දෙඩෙව්වා ඇතිය..කියන්නට ආ හරුපය කිවිය යුතුය..සියල්ලෝ සාවධානව ඇසිය යුත්තාහ...

මේ කියන්නට යන්නේ රත්ගම බුවාගේ කතාවක්ය..ඌ ගැන නොදන්න එකෙක් වී නම් මෙතැනින් බලා ඌ හඳුනා ගත යුත්තාහ... හඳුනනවා වූවද මෙතැනින් බැලිය යුතුමය..මන්ද යත් එතැන බැළු කල මෙතැන ලිවීම මට පහසු වන නිසාමය..

ඉඳින් එකල්හී මා වැනි මානවකයෝ බොහෝ පිරිසක් අභීමානවත් ලෙසින් කුරුළු හමුදාවෙහි සේවය කරමින් උන්නාහුය... අප සියල්ලෝම රට රැක ගන්නට දිවි නොතකා කටයුතු කලාහුය.. නිතර එඩියෙන් ඉදිරියටම යන්නට එකා මෙන් පෙල ගැසී සිටියාහුය.. සතුරා නැසීමටත් යුධ බිමේ දිරියෙන් ඉදිරියටම යාමටත් කිසිදු බියක් ඒ වන විට අප වෙත නොතිබුනාහුමය..එහෙත්...

කරුමයකි..යුධ බිම අපගෙන් කිලෝමීටරයන් දෙතුන් සීයයකට ඔබ්බෙන් වීම කරණ කොටගෙන කිසිදා අපට එයට අවස්ථාවක් නොලැබුනාහුමය... එසේ නොම වී..යුධ බිම අප අත පොවන මානයේ වී නම් ඉතිහාස කතාව මෙයට වඩා බොහෝ සේ වෙනස් වන්නාහුමය... අපගේ වාසනාවටත් තොපගේ අවාසනාවටත් එය අපගෙන් ඈතකම වීමට අප කුමක් නම් කරමුදැ..?

හරි හරි සම්බාවිය විදියට ලිව්ව මදෑ..ඒක කියවන්න ගිහින් බොලාටත් අමාරු වෙනවා..මගෙත් හක්ක පයිනවා..

මෙන්න මේකයි සිද්ධිය..

ඒ කාලේ ඉතිං අපි ඔය කුරුළු හමුදාවේ කඳුවුරකට වෙලා ඒක මුර කොරගෙන හිටිය කාලේ... ඇත්තටම ඒ අපේ වෘත්තීය පුහුණු කාලේ උනත් කඳවුරු රාජකාරිත් අපිට පැවරිලා තිබුනා.. ඉතිං ඩියුටි යන දවසට 150ක් විතර පිරිසක් ඒකට දෙන්න ඕන.. ඒ දෙන 150ත් කඳවුරේ කුරුළු හමුදා රෙජි‍මේන්තු භාර නිලධාරීන් විසින් කණ්ඩායම් වලට බෙදලා ඒ ඒ කොටසේ ආරස්සාවට යවනවා.. 40ක් ග්‍රවුන්ඩ් ඩිපෙන්ස් සෙක්ෂන් එහෙමත් නැත්තං ජීඩීඑස් කියලා යවයි.. තව 65ක් වී ඒරියා කියයි.. තව ටිකක් අර ඒරියා කියයි.. ඔහොම කිය කියා කෑලි කඩනවා...

ඔතනින් අමාරුම කෑල්ල උනේ අර ප්‍රහාරක යානා තියෙන පැත්ත.. මගෙ අම්මෝ පණ යනවා.. කාස්ටක අවුව.. ඒ මදිවට කොයි වෙලෙත් අර යානාවල කණ දෙ‍දරවන සද්ද.. පොඩ්ඩක්වත් හෙලවෙන්න බැහැ.. ඈත ඉන්න නිලධාරීන්ටත් පේනවා ඒ හරියේ රාජකාරි කරන අය පොඩ්ඩක් හෙලවූනත්.. පුංචිම වැරැද්දක් දැක්කත් පටස් ගාලා අඩ ගහලා පනිෂ්මන්ට් දෙන්නේ.. ඒ හින්දා ඔය හරිය මාරාන්තික පෙදෙසක්.. ඉතිං හැමදාම ඔය ටික වැටෙන උන් පුදුම කරුමයක් තමා ගෙවන්නේ... ජූනියර් කාලේ ඉතිං ඔය වගේ අමු කටු කන හරියම තමා අපට සෙට් වෙන්නේ... පරණ උන් හරි ආතල් එකේ යනවා සැප කලාප හොයාගෙන..

කොහොම හරි කාලේ ගෙවිලා අපිත් ටිකක් ඕක ඇතුලේ පොරවල් උන කාලේ ආවට පස්සේ අපිටත් අර සැප කලාප උරුම උනා... කොහොම උනත් අවුරුද්දක් ඔකේ ඉන්නකොට මුළු කඳවුර වටාම තියෙන සෑම බිං අගලක්ම දැන හදුනා ගන්න අපට පුළුවන් වෙනවා.. ඒ කියන්නේ හැම පොයින්ට් එකකම ඩියුටි කරන්න වෙනවා...

ඉතිං ඔහොම ගිහිං අපේ සීනියර් කාලේ ආවට පස්සේ අපිත් දැන් යන්නේ අර සැප කලාප වලට.. ඒත් මට ඒ හැටි දවසක් එහෙම කලාප වල ඩියුටි ඇද ඇද ඉන්න උනෙත් නැහැ කලින් අපේ පුහුණූ පාසලේ ඇඩ්මින් වැඩ කොර කොර හිටිය බුවා ඒකෙන් අහක් වෙලා මල් සංගමේ සදා කාලික සාමාජිකත්වය අරං ඒ තනතුර අපේ කණ්ඩායමට දැම්මම ඒක පැටළුනේ මගේ කරේ.. ඉතිං ඊට පස්සේ ඩියුටි යෑමක් නැහැ.. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ඩියුටි යන අයට වෙපන් ගන්න අවශ්‍ය ලිය කියවිලි සකස් කිරීමයි.. ආමරිය ගාවට ගිහින් කට්ටියට වෙපන් අරං දීලා අර කලින් කිව්ව විදියට ඒ ඒ කොටස්වලට කට්ටිය බෙදලා පවරලා දීමයි තමයි.. ඊට අමතරව ඔය නිවාඩු යැවීම්.. කඳුවුරු පවිත්‍ර කිරීමේ වැඩවලට පිරිස් ලබා දීම් ආදී දහසකුත් එකක් රාජකාරිත් පැවරෙනවා..

මං ඉතිං ඔය විදියට දැහැමෙන් සෙමින් රාජ්‍ය විචාරගෙන..අහ් නැහැ අපේ කොල්ලන්ව විචාරගෙන කල් යවන කාලේ තමා මේක උනේ... දැන් රත්ගමයා ගැන කියවන්න ඇතිනේ.. තමුන්නැහේලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. ලොක්කා උනාම ඥාති සංගරහා හිත මිත්තර සංග්‍රහා අනිවාර්යයෙන්ම කොරන්න එපැයි.. අහක ඉන්න ඈයෝ ඔය ඉරිසියාවට මොනවා කිව්වත් එව්‍වා නොකර හිටියැකිද ආයිබෝං.. ඔය කෑ ගහන උදවිය උනත් ‍එහෙම කෑ ගහන්නේ තමුන් තැනකට එනකල් විතරයි.. තමුන් තැනකට ආව ගමන් තමුන්ගේ උන්ට අස්වද්දන්න වේලිලා ගිය වැවක් හරි ගොඩ දා ගනී.. එහෙවු රටේ ඉතිං මං තුමාත් මගේ යාළු මිත්තරයින්ටත් සමකාලීන වෘත්තීය සගයින්ටත් අර කිව්ව සැප කලාප වෙන් කරනවා කියන එක අහන්ට දෙයක් නැහැනේ... අනික එතැනට එනකල් මේ මාත් එක්කම අර කාස්ටක කොන්කිරිට් කලාපවල මාස හයක් විතර එකට කටු කාපු උන්ට නොසලකා කොහොමද..?

ඉතිං අපේ කඳවුරේ සැපම කලාපය තමා "ඇස්" කලාපය කියන්නේ.. ඒ පැත්තට යවන්නෙ 22කක් විතරයි..ඒ කියන්නේ ඩියුටි පොයින්ට් 11යි තියෙන්නේ..එකකට දෙන්නා ගානේ තමා ඔය 22ක හැදෙන්නේ..

ඒ හරිය බොහෝම සාමකාමීයි.. ඒ වගේම පිටත ආරක්ෂක වලල්ලක් උන නිසා හුගාක්ම අවධානමක් තිබුනෙත් නැහැ.. තනිකරම පොල්වත්ත... පොයින්ට් එකෙන් පොයින්ට් එකට මීටර් දෙසියක පමණ දුරක් තිබුනා.. පිටි පස්සෙන් කඳවුරු බිමට අයත් පොල් වත්ත.. ඉදිරියෙන් කම්බි වැට හා පාළු ඉඩං... ඒ ඉඩංවල අතරින් පතර ගෙයක් දෙකක් තියෙනවා..

කොහොම උනත් මේ හරියට රාජකාරියට යන උදවිය ඒ හරියේ රාජකාරි කලේ තමුන්ගේ ගෙදර දොරේ ඉන්නවා වගේ තමා.. මුර කුටි බොහෝම පිරිසිදුවට තියාගෙන.. පුංචියට වගේ ගොවිතැන් වැඩත් කරගෙන තමා උන්නේ.. ගොවිතැන් කිව්වේ ඉතිං වැඩි හරියක්ම ඔය මල් වැවීම වගේ දේවල් තමා කලේ.. හැබැයි ඉතිං ඔය මල් දැකලා කට්ටිය ඇස්වහ කට වහ ගනී කියලා ඒ මල් වැවුවෙත් හොඳටම හංගලා.. කාටවත් නොපෙනෙන විදියට..

ඒ විතරක්ද සත්ව පාලනයත් හරි හරියට කලා. සත්තු කිව්වේ මේ හාවන්ට තමා අපේ උන් වැඩියම ආදරේ.. ඉතිං මුලින්ම රාජකාරියට අදාල තැනට ගියාම කරන දේ තමා එකෙක් රාජකාරිය කරන අතරේ අනිකා අවට බිම පරීක්ෂා කිරීම.. එහෙම පරීක්ෂා කරලා ඒ අවට බිම වැටී ඇති හා බෙටි එකක් නෑර අහුලලා ඒවා ගලක් උඩින් තියනවා වේලෙන්න.. පස්සේ කර වෙන්න වේළුනාම හොඳට කුඩු කරලා කොලයක ඔතලා අරං තියනවා පර්යේෂණ කටයුතු වලට ගන්න කියලා.. ඉතිං මල් වගාවත්.. මේ හා බෙටි වේලීමත් වැනි කටයුතු කරගෙන හොඳින් අපේ උදවිය ඔය පැත්තේ ජීවත් උනා... කවුරුවත් දැන් මගෙන් අහන එකක් නැහැ මොකටද මල් වැව්වේ සහ "හා බෙටි" සංරක්ෂණය කලේ කියලා..

ඉතිං ඔය දේට අමතරව තව අමතර වාසියක් ඔය පැත්තේ රාජකාරි වලට යන අයට ලැබුනා... ඒකට පුරුදු වෙච්ච උන් වෙනමම වැඩක් කරනවා ඩියුටියට ගිය ගමන්ම.. ඒ තමා අවට වැටිලා තියෙන පොල් ගෙඩි ටික ඇහිදලා ගෙනත් මුර කුටිය අසල ගොඩ ගහන එක.. බලන්නකෝ කොයි තරං හොඳ ළමයිද අපේ හිටියේ කියලා... මල් වවන.. සතා සීපාවගේ බෙට්ටත් ආරස්සා කොරන.. පොල් ටික අහුලලා ගොඩ ගහන බොහෝම හොඳ ළමයි තමා හිටියේ...

ඒත් ඔය පොල් ඇහිලිල්ල හැමෝම කරන්නේ නැහැ..ඒකට හුරු උන කිහිප දෙනෙක් තමා හිටියේ..එයින් එකෙක් තමා ඔය රත්ගමයා... ඌ හරි හරියට මල් වැවුවා.. හා බෙටි ඇහිළුවා.. පොල් එකතු කලා.. බොහොම හොඳ භටයා...
ඉතිං ඇයි මේ පොල් ඇහිදින්නේ..?අන්න වැදගත් ප්‍රශ්නයක්...

ඔය ඉස්සරහා කම්බි වැටෙන් එහා හිටියා එක්තරා සුවිශේෂී චරිතයක්.. ඒ තමා "පොල් අක්කා.."

අක්කා කිව්වට මොකද කුරුළු හමුදාව ආරම්භ කරපු කාලේ පටන්ම උන්දෑ පොල් අක්කාම තමා කියලයි දන්න උන්නං කියන්නේ.. ඉතිං හිතා ගන්ටකෝ වයස කොහොමද කියලා.. ඉතිං පොල් අක්කව දැන අදුරගත්ත අය තමා මේ පොල් ටික අහුලලා තියන්නේ..

හැමදාම ගොම්මන් අඳුර වැටෙන්න කිට්ටු වෙනකොට පොල් අක්කා එනවා ඔය හරියට.. ඒ එන්නේ පොල් අහුලං යන්ට.. ඒත් එළීයේ තියෙන කණාටු ඉඩංවල මොන පොල්ද.. පොල් තියෙන්නේ මේ පැත්තේ නෙව.. ඒත් අක්කා එළියේ...

ඉතිං ඔතනදී හරි අපූරුවට භාණ්ඩ හා සේවා හුවමාරුවක් වෙනවා...

අන්න එතනදී අපේ උන්දලට ඕන වෙන වැදගත්ම දෙයක් තමා කොණ්ඩම් කියන්නේ... දැන් ඉතිං ඕක නොදන්න උන් ඉන්නවනං ඒ අවුරුදු 12කටත් අඩු කෙනෙක් තමා.. ඒ හින්දා ඒක ලිව්වට මොකද..?


ඉතිං ඔය පොල් අක්කා එක්ක ගණූදෙනු තියං හිටිය කිහිප දෙනා ඔය පැත්තට රාජකාරියට යනකොට මතක ඇතිව කොණ්ඩම් පැකට් එකක් අරගෙනම තමා යන්නේ.. අපේ රත්ගමයත් ඔය අක්කගේ හොඳ ගණූදෙනුකාරයා වෙච්චි.. ඒත් බුවාට ඔය කොණ්ඩම් ගෙනියෑම බොහෝම වෙලාවට අතෑරෙනවා.. එහෙමත් නැත්තං ගෙනිච්ච ඒවා දවසෙන් ඉවර උනාම පහුවදාට බඩු නැති වෙනවා...

ඔන්න ඔය වගේ කොණ්ඩම් නැති උන වෙලාවක තමා අපේ බුවා ඔය සත දහයේ කොණ්ඩම් භාවිතා කලේ...

මොනවද මේ සත දහයේ කොණ්ඩම්..? සත දහයට කවදද ඕවා තිබුනේ..නේද..? ඔව් ඒත් ඒ දවස්වල ඔය බත් කොලයක්.. එහෙමත් නැත්තං ලන්ච් ෂීට් එකක් සත දහයයි නෙව... ඔන්න අපේ රත්ගමයගේ සොයා ගැනීම... මේකා එලොවටයි මෙලොවටයි දෙකටම නැති එකා වෙච්චි.. නැති බැරි වෙලාවට කරන්නේ කෑම එක ඔතලා යවපු ලන්ච් ෂීට් එක හෝදලා අරං කෑම ගෑවුන පැත්ත පිටටත් හොඳ පැත්ත ඇතුලටත් හිටින විදියට ඕක පාවිච්චි කරලා අදාල දේ කරන එකයි... අපේ උන් කොච්චර බැන්නා උනත් ඌට ඔකේ ගානක් නැහැ... අනික කවදාවත් බැන්නට ආපහු බයින්නේ නැහැනේ.. කෝකටත් ඌ කරන්නේ හිනා වෙන එකනේ..

ඒත් දවසක් ඌට ඔය හිනාව නැති වෙන්නම වැඩේ සිද්ධ වෙලා තිබුනා...

එක දවසක් රාජකාරියට ගිහිං ආපු වෙලේ ඉදන් රත්ගමයා එහෙට දුවනවා මෙහෙට දුවනවා.. නානකාමරයට යනවා.. ආපහු එනවා.. අයේ දුවනවා.. කොටින්ම එක විදියකට ඉන්නෙම නැහැ... ඒත් මට ඕක හොයන්න වෙලාවක් තිබුනේ නැහැ.. ටික වෙලාවක් යනකොට අපේ බණ්ඩා නොහොත් මල් බණ්ඩා බඩ අල්ලං හිනාවෙනවා... අන්න ඒ වෙලේ තමා මමත් ඇහැවුවේ

"මොකද බං බණ්ඩෝ පෙරලි පෙරලි හිනා වෙන්නේ..?"

"හිනා නොයයිද බං..අන්න රත්ගමයා කෙලෝගෙන..ඌ අද හවස ඩියුටි ඕෆ් වෙලා එන්න ඔන්න මෙන්න තියලත් පොල් අක්කව හම්බ වෙලා ඇවිත් හදිසියට ලන්ච්ෂීට් එකේ දෙපැත්ත මාරුවෙලා.. දවල් කෑම එකේ සැරට උයපු මස් හොදිත් තිබුනාබං.. අන්න දාගෙන පිඹිනවා.. හූවෑහ්.. හික් හික්..."

බණ්ඩා ඇඳක් උඩට වැටිලා හිනා වෙන අතරේ රත්ගමයා කුණූ හරුප වැලක් කියාගෙන ආයෙමත් නාන කාමරය පැත්තට දුවනවා බලං හිටිය අපේ උන් රැලම හූ කිය කිය හිනා උනා ඇර වෙන මොනවා කරන්නද..?

ඔන්න ඔහොමයි සත දහයේ කොණ්ඩම් භාවිතයෙන් රත්ගමයා විපතට පත් උනේ...

මේක කියවන තමුන්නැහේලා එහෙම මෙහෙම දේවල් විහිළුවකටවත් අත්හදා බලන්න එහෙම යනවා නෙවෙයි... ආයේ මොකටද පවුලගෙන් අහගන්නේ..

"මොකද ඕයි බත් පාර්සල් කරන්න හදනවද..?" කියලා...

117 comments:

  1. Replies
    1. කුසපත් ඇදීමට තෝරා ගන්නා ලදි..ස්තූතියි...

      Delete
    2. මාත් ආව පෝලිම කඩාගෙන මෙතනට :D

      Delete
    3. ශ්‍රී ලාංකීය අභිමානය..!
      :D

      Delete
  2. Replies
    1. සතුටුයි..ඔබවත් අදාල තරඟයට ඇතුලත් කර ගන්නා ලදි..:D

      Delete
    2. දිනුමට දෙන්නේ සත දහයෙ එව්වලු. :P

      Delete
  3. අපේ එකෙකුත් හදිසියට ඔය වැඩේට සත 50 ෂොපින් බෑග් එකක් පාවිච්චි කරලා තිබ්බා එකපාරක්..

    ReplyDelete
    Replies
    1. අපොයි අපේ එකත් එක පාරක් මීගමු ගිහින් ඕක කරලා තිබුනා.. ඔය ඉන්නේ වැඩ දන්න අය තවත්...

      Delete
  4. //කෑම ගෑවුන පැත්ත පිටටත් හොඳ පැත්ත ඇතුලටත් හිටින විදියට ඕක පාවිච්චි කරලා අදාල දේ කරන එකයි...// එහෙනං පොල් අක්ක හැමදාම ඇළකදොලක බැහැල ඩන්නව ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. පුරා අඩ සියවසකට ආසන්න කාලයක විශ්වාසනීය සේවයක් සලසපු තැනක් උනාම නිතර ආව ගිය අය වැඩියිනේ රාජ්..ඉතිං එහෙම තැනක පොළව උනත් කකුල් වලට පෑගිලා පෑගිලාම ගන්න දෙයක් නැති වෙනවානේ..ආයේ ඉතිං ඒකේ රහක් ගුණක් නැතිව ඇති...කබර හමට කහඹිලියා ගෑවා වගේ නැතෑ...

      Delete
    2. මම දාන්න හිටිය කමේන්ටුව රාජ් දාලා. කතන්දරේකුත් අහගෙන. මගෙ වෙලාව හොදයි වගේ :)

      Delete
    3. නිතර නිතර විට කෑවම දිවට උනත් කෑමක රහක් ගුණනක් නැතිව යනවනේ මල්ලියේ...

      Delete
    4. හෙහ් හෙහ් හුහුහු මරු

      Delete
  5. නිවැරදි කිරීම-ඩන්නව---ඉන්නව

    ReplyDelete
  6. හපෝයි මෙහෙමත් වැඩක් මම නම් ඇහුවමයි. අම්මේ අපිට තව බොහෝ දේ ඉගෙන ගන්න තියනවනේ.

    ReplyDelete
    Replies
    1. හුටස්..මං හිතුවා මෙව්වා දන්නවා ඇති කියලා...

      Delete
  7. දැන් ඔතන ඉන්න අනික් කට්ටිය හදිස්සියට මොනවද දන්නෑ පාවිච්චි කළේ. :D

    ReplyDelete
    Replies
    1. හදිසියකදිනං ඉතිං කොච්චර හදිසි උනත් හිංගලයෝ වෙච්ච අපට වතුර ටිකක් නැතිව බැහැනේ..නේද ඈ..?

      Delete
  8. අක්කට පොල් දීලද ගනුදෙනුව කරගන්නෙ...?

    ReplyDelete
    Replies
    1. අතීතේ ඉදන් පැවත එන ගනුදෙනුවකට අතීත ක්‍රමයටම ගෙවීම් කටයුතු කරන එකේ වරදක් නැහැ නෙව..නැද්ද මං අහන්නේ..?

      Delete
    2. පරුමක පෝස්ට් එකට මම අහපු ප්‍රශ්නෙට මෑත කාලීන උදාහරණයක් එකක්කම පිළිතුරු ලැබුනා සන්තෝසයි

      Delete
  9. සික් මුන් අහල පහල ගහක පොල් ගෙඩියක් වත් ඉතුරු කරල නෑ.....

    රත්ගමයට උනේ මරු වැඩේ අහ්......
    හිනාවෙනව ඇරෙන්න වෙනමොනව කරන්නද හික්

    ReplyDelete
    Replies
    1. යකෝ මං හිතුවා උඹවත් මේක දැකලා මට බනී කියලා..කුණුහරප දොඩෝනවා කියලා..

      Delete
  10. ඔබා එක්ක කතා කලාද ? අනේ මන්දා මේ ඔබා හින්දා මාරයත් නරක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත සරත් අයියා... නරක ආස්සරේ..කොහේද මේ බෝ පැලවගේ ඉන්න අපිවත් නරක් කරනවා උන්දෑ...

      Delete
  11. අපේ එකෙක් ගිහින් බොරැල්ලේ බත් කඩෙන් අර කන පැලෙන්න කට දන පෝක් එක්ක බත් එහෙම කාලා මසාජ් එකකට. වෙන්දට වඩා මසාජ් කරන කෙල්ල ඇඹරෙනවලු සෑහෙන අමාරුවෙන්. කෙල්ල බැරිම තැන වැඩේ නවත්තලා එලියට යා ගමන් අරූගෙන් අහනවලු "මොනවද අනේ ඔයා දවල්ට කෑවේ කියලා" මේ යකා ඇඟිලි යරියට හෝදලා නෑ..

    ReplyDelete
    Replies
    1. මසාජ් ගන්න ගිහින් ඇඟිලි වලින් මොනාද කරන්නේ කියල තෙරුන්නැනේ. මම බබා.

      Delete
    2. මසාජ් දාන කෙල්ල අරූගෙ ඇඟිලි ලෙවකන්න ගියෙ මොකටද? කට දැවිල්ල හදාගන්න

      Delete
    3. යකෝ සල්ලි දීලා මසාජ් එකත් ඌම දීලා එනවද..?
      ඔන්න ඔහේ මාත් බබා වෙන්නං...

      Delete
  12. "මොකද ඕයි බත් පාර්සල් කරන්න හදනවද..?"

    මරදානෙ පොල් අක්ක කෙනෙක් ඇහුව කියන්නෙ 'මහත්තය ආවෙ හු###ද ? හු## ලුණුමිරිස් දාන්නද ? කියල.

    ReplyDelete
    Replies
    1. වැඩිය නැහැ ප්‍රශ්න 03යි‍‍‍...

      01-ඇත්තටම මොනවද බං අයියේ කලේ..?
      02-ඒකට උත්තරේ දුන්නේ කොහොමද..?
      03-මරදානත් අර කේරි කොලීජියත් අතර දුර කොපමණද..?

      Delete
    2. [1] කොරන්න ගියේ රත්ගමයගේ පිටින් දාල උඹයි, පොල් අක්කයි, කොරාපු වැඩේම තමා.
      [2] උත්තර දෙන්න පොර හිටියද, නැද්ද, කියල ආරංචි වුනේ නෑ.
      [3] පුංචි බොරැල්ල හන්දියට ආවම බොලා දැකලවත් නැති, කරන්ට් එකෙන් දුවපු, ට්‍රොලි බස් එකේ, සත පහේ දුර.

      Delete
    3. මොකෝ බං ඒ පාර හැංගිලා ?

      Delete
    4. අපි යන කාලෙ කොහෙදෑ බං ඔබාඅයියෙ ට්‍රොලි බස්.!!?? අපේ කාලෙ 1.50 දුර.. :)

      Delete
  13. කෑම කොලේ සුටුස් ගාල පිපිරුනානම් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ අවධානමක් ගන්න එපා කියලා...

      Delete
  14. උඹ පොල් ගෙඩි කීයක් දුන්නද බන් . . .හික්ස්

    ReplyDelete
    Replies
    1. මට මොන පොල්ද බං..මං ගියෙ නැහැ ඒ පැත්තේ..
      (මොකට යනවද මගේ ඇසිස්ටොං හැටියට අළුත ආව වුමන් කෝස් එකෙන් සුදුසු ළම‍යෙක් පත් කරගන්න කියලා කිව්වට පස්සේ..අනික උන් ඇඩ්මින් වැඩට පනින්න පොර කනවා..මං ඉතිං කාටවත් අසාධාරණයක් කොරන්න බැරි හින්දා ඒ එකෙක්වත් ගන්න බැහැ කියලා ඒ ඒ වෙලාවට ඕන කමේ හැටියට බලලා කාව හරි ටෙම්පරි ගන්නං කිව්වා..හරි නැහැනේ බං..කෙල්ලොම 250ක් විතර ඉද්දි එක්කෙනෙකුට විතරක් තැන දීලා අෂාධාරණේ කොරන්න))

      Delete
  15. යකෝ එක දවසයි රත්ගමයාට ඉඳුල් පැත්ත සෙට් උනේ... පොල් අක්කට හැමදාම එලොව පොල් පේනවා ඇතිනේ බොලේ....!

    ReplyDelete
    Replies
    1. දුමී අයියා කොහොමද ඒක දන්නේ! අක්කා කිව්වද? හිකිස්!

      Delete
    2. අනේ මංදා දුමී අයියේ මං මොනවත් කියන්න ඕනද..?

      Delete
    3. @මාධව,
      ගූ කන්න ඕනෙද බොල ගූ ඇඹුලයි කියලා කියන්න...?

      @මාරයා,
      අහපු පුරස්නෙට උත්තර දීපන්. රත්ගමයා මීට කලින් ඉඳුල් නැති පැත්ත පාවිච්චි කරනවනං, පොල් අක්කට වෙන්න ඉඳුල් තියෙන පැත්ත පාවිච්චි කරන්න නෙමෙයිද ?

      Delete
  16. සිරා කතාව. මම ෂොපිං බෑග් සීන් අහල තියෙනවා.

    අපේ කොල්ලෙක් කට සිහින් මල් වාස් එකකුත් භාවිත කලා ආදේශක විදිහට !

    ReplyDelete
    Replies
    1. යකෝ මල් වාස් එක ගත්තේ ප්‍රතිවිරුද්ධ උපකරණයේ ආදේශකය විදියටද..? නැත්තං ඔය බත් කොලෙන් කරන දේට ආදේශකයක් විදියට..අම්මපා එහෙම ගත්තනං අනිත් පාර්ශවේ අදහන්ට වටිනවනේ බං..

      Delete
  17. මාරයියේ මාරයි මාරයිය......තාමත් අර තුනී බත් කොල පාවිච්චිය දඩ ගහන සීන් එක තියෙනවද ඈ....මට මේ නිකමට කංපනාවට ආවා බැලුම් බෝලයක් වගේ එකක් පාවිච්චි කොලා නම් සුපිරියි නේද කියලා....අර වෙසක් කාලෙට පුම්බලා දිග නයි හදන බැලුම් තියෙන්නේ.....කොහොමද නව සොයාගැනීමක්ද බලන්න මේක

    ReplyDelete
    Replies
    1. ලිස්සන්නේ නෑනේ බැලුම්! ඒකට මොකෝ කරන්නේ! හිකිස්!

      Delete
    2. අනේ මංදා ඒ දවස්වලනං උඩ දාගෙන දඩ ගැහැවුවා..ඒත් දැන්නං හා හූවක් නැහැ ඒවා කඩවල්වලත් තියෙනවා..ඒත් මං ඒ දවස්වලම අර මයික්‍රෝන අනුමත ගාන තියෙන කොලේ ගන්න පුරුදු උනා කෑම ඔතන්න..ඒ හින්දා අරක ගැන ඒ හැටි විස්තරයක් දන්නේ නැහැ..හැබැයි ඒක වගේ මේ ගලකම කොලේනං හරියන එකක් නැහැ ඕකට ඒ හින්දා මල්ලි ගන්නවනං තුනී එකම ගන්ට ඈ..?

      යකුනේ බැළුම ආයේ තිබ්බ ගානටම ඇකිලෙන්න බලනවනේ..හොඳට හිටී...

      Delete
    3. රෙද්දෙ මයික්‍රෝන් 20.. දැන් පොලිතින්වල ඇති මඟුලක් නෑ..
      ඒකෙන් වුනේ පොලිතින් කවර ගණන් ගිය එක විතරයි..දැන් 20ත් නෑ..ඒක බලන් වුනුත් නෑ..

      Delete
  18. මාරයි අයියා! නියම කතන්දරය!

    ReplyDelete
  19. හපොයි.. මාරයාට වෙච්ච දෙයක්.....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් කොටුව කඩං පැන්න හෙන නොවැදුන කුකුළා...

      Delete
    2. ඔය කුකුල්ළු කියන කතා ගනන් ගන්න එපා බං...

      Delete
  20. ඉතින් බන් ඔය සත දහයේ ඒවා ෂුවර් නැති බඩුනේ... risky වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔය කෝකද බං රිස්ක් එකක් නැති වැඩක් උනේ..? කොලේ විතරක්ද..?
      එව්වයේ ගානක් නැහැ අරූට...

      Delete
  21. හා බෙටි මොකටැයි?

    ReplyDelete
    Replies
    1. මං ඒත් කල්පනා කලා මොකද ඔය පුරස්නේ පරක්කු කියලා...
      හා බෙටිත් හොද ආදේශකයක් දුම්කොලවලට..දුම් කොලවලටත් වඩා අර පුෂ්ප පූජාවට.. මොකද හාවා කන්නේ උදුපියලියනේ...හා බෙටි නැති දවසට උදුපියලිය කොටලා ඉස්ම ටිකක් මිරිකලා වේලලා ගන්න උනුත් ඉන්නවා...

      Delete
  22. සතා සීපාවගේ බෙට්ටත් ආරස්සා කොරන.

    හේ හේ

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාවට මුල් තැන නෙව...

      Delete
  23. එක දවසක් හරි පොල් අක්කත් බත් කොලේ හොද පැත්ත පාවිච්චි කරානේ :D.

    ReplyDelete
    Replies
    1. එකේ හොඳක් නරකක්නං උන්දැට දැනෙන්නවත් නැතිව ඇති...

      Delete
  24. ඒ කියන්නේ.. පොල් අක්කා හැමදාම ඔය පනිශ්මන්ට් එක කනවද ?.. පුදුමයි.. දිගටම ආවා..

    ReplyDelete
    Replies
    1. මං කිව්වනේ මලයා..අඩ සියවසක අත්දැකීම්.. කුරුළු හමුදාව පිහිටෙව්වේ රැජිනගේ කාලේ...
      රෝයල් කුරුළු හමුදාව...

      Delete
  25. ආදේශක භාණ්ඩ භාවිතයේදී පූර්ණ ආදේශක භාණ්ඩ භාවිතයම මැනවි ! කියලා ඉගෙන ගෙන නැති හැටි.. අෆොයි !

    ReplyDelete
    Replies
    1. පූර්ණ අදේශක භාණ්ඩයක නමක් දෙකක් කියහන්කො බන්.:D:D:D:D

      Delete
    2. අහ් ඔය ඉන්නේ ඒ සම්බන්ධ ඉස්පැසලිස්ට්..රාජයියාගේ අදහස මොකද ලන්ච් ෂීට් ගැන..?

      Delete
  26. මයික්‍රෝන ගනන අඩුවෙන් තියන ලන්ච් ශීට් තහනම් කරපු එක නම් බොහොම හොඳයි....

    ReplyDelete
    Replies
    1. ඒත් වැඩක් නැහැ අප්පා තාමත් තියෙනවා..

      ඒත් ඔහොමම කියන්න එපා ලොක්කා..බලන්න අර රත්ගමයා එහෙමනං කොහොමද වේල පිරිමහගන්නේ..?

      Delete
  27. අපරාදේ...මේව කලින් දැනන් හිටියනම් හමුදාවේ අයට කොන්ඩම් විකූණන බිස්නස් එකකට අත ගහනවා. ඕවැයි හොදම ඒවා ෆාමසි වල ගනන් වුනාට තොග මිල හරි අඩුයි නෙව.ඉස්සර අපි පොඩි පන්තිවල ඉන්න කොට අපේ පන්තියේ ළමයෙක් ඔයින් පෙට්ටියක්ම ස්කොලෙට ගෙනවා.(උගේ අම්මා පවුල් සෞඛ්‍ය සේවිකාවක්) අපි ඒවා බැලුම් බෝල වගේ පුම්බනවා දැකල මිස් කෙනෙක් උගේ අම්මව ඉස්කෝලෙට ගෙනල්ල අවවාද කලා පොඩි ළමයින්ට අහුවෙන්න ඕව තියන්න එපා ක

    ReplyDelete
    Replies
    1. "ඕවැයි හොදම ඒවා ෆාමසි වල ගනන් වුනාට තොග මිල හරි අඩුයි නෙව."

      කොහොමද එහෙම හරියටම කිව්වේ..අන්න කඩයිම් ප්‍රශ්නය..?:D:D:D

      Delete
  28. අතීනෙ මතක් වෙද්දි ඇඩෙන්නෙ තනි ඇහැට.

    01. අර ඈත පේන පොල් වත්තක හිටපු ටුවින්ස් නංගිලාව උඔට මතකද?

    02. ඔය පොල් අක්කගෙ ගණුදෙනු වලට ලන්ච් ශීට් විතරක් නෙමේ සබන් කොලත් පාවිච්චි කොලා කියලා උඔ දන්නැතුව ඇති. හවස් ජාමේ යන කට්ටිය පොල් ගනුදෙනු කරලා වැටෙන් එහා එන්න පොල් අක්කට පොල් සල්ලි වෙනුවට දෙන්නෙ සබන් කොලලු. අක්කට මුණු මතක නැනේ හවස් වෙලානෙ. අනික හුඟක් කදවුරු ආසන්නයේ පොල් අක්කලා හිටියා කියලා කොල්ලො කියනවා මම අහලා තියෙනවා.

    03. කෆීර් ඩියුටි ගැන කතා වගයක් මටත් තිබේ.... වැඩේ කියන්නෙ ඒවා කියන්න තරම් ශුවර් නෑ... එච්චරට බූවාලා මට ඒවා කිව්වෙ.....

    04.වැදගත්ම ප්‍රස්නේ! උඔ සතියට කීදෙනෙක් බුකවුට් කරලා යවනවද කොසු ඉදල් කොප්ප කාරිය ගේන්ඩ කියලා...හැක් හැක්.......

    ReplyDelete
    Replies
    1. 01-කොයි පැත්තෙද මචං..කදි** පැත්තෙද? නැත්තං අර ක්වාටස් වලින් එළීය පැත්තෙද..? මේන් ගාඩ් රූම් එක පැත්තෙද..?මට හරියටම නිච්චියක් නැහැ බං..

      02-ඔව් ඔව් හැම කඳවුර අවටම හිටියා නේන්නං...දියතලාවේ ඇර..එහෙම හිටියනං පොල් ලෙලිත් නැහැ..උන්දලගේ...

      03-බොලාටත් සෙක්ෂන් ඩියුටි අහු උනාද බං කෆීර් එක පැත්තේ..අඩේ මං හිතුවේ තොපි සැපටම හිටියා කියලා..නොදකින් මට පේන්න බැහැ ඉස්සර තොපේ උන්..කාලා බීලා සැපට වන වන යනවා..අපි නහිනවා කියලා..සමහර උන් බං මවලා කියන්නේ ඒත් ඒ උන් දැකපුවත් නෙවෙයි...

      04-ඒ ගැනනං අහන්න එපා..මුංගේ වැඩේ කීයක් හරි හොයාගත්ත ගමන් මීගමු යන්න දගලන එකමයි...ඒ යන එන හැටියට කොසු ඕන නැහැ කොහු කෙන්ද ගනේ ගෙනාවත් මසෙකට කොසු සීයයක් හමාරක් බදින්න තිබුනා..බුකවුට් විතරද? ඇයි වැටපාස් දාලා අරින උන්...

      ඇත්තටම ඔය කාලේ තමා ජීවිතේ හොදම ටික බං...

      Delete
    2. 01. ඉස්කූල් එක පැත්තෙං පල්ලෙහාට
      02. හැක් හැක්.... එහෙනං උන්දැලැට පොල් ගෙඩිය පොටෝ කොපි ගහල ගෙදර කොපියක් තියලා තමා එන්ඩ වෙන්නෙ. පස්සෙ බලාගන්ඩ.
      03.අපි කොලේ උන් කියන එව්වා අහපු එක. කෙලින්ම සෙක්ෂන් වලට ආපු එව්වො කුරුලු මීට් එකෙන් තේරුනාම පුල් එකට දානවා. පස්සෙ උන් තමා හවසට පැවිලියන් එකේ තියාගෙන අපිට තෙල බෙදන්නෙ.
      04.අපිනං රෝඩ් රන් කියලා ගාඩ්රූම් එකෙන් ම දුවගෙන යනවා. ෆ්‍රන්ට් එකේ තියෙන සැලුන් එකේ තමා ගෙදර යන ඇඳුං තියෙන්නෙ... නියමයි තමා ඒ කාලේ... අපිත් කලේ රතා වගේ හැමදේටම හිනා වෙච්ච එක. මොන පනිස්මන්ට් එක දුන්නත් කරනවා. පස්සෙ හිනා වෙනවා....මතක් වෙද්දිත් පුදුමයි බං....

      Delete
  29. හත් දෙයියනේ ඇහුවමයි මෙහෙම කතාවක්. මස් හොඳිත් එක්ක කවල වෙලා හයියෝ... කතාව මරු... කමෙන්ට් ටිකත් මරු... ඈ බන් අයියේ.. උබ එහෙම ගියේ නෑ ??

    සැ.. මටත් ඕනි නැති එකක් නෑනේ

    ReplyDelete
  30. කටුණායක මෙහෙමනං යාපනේ ක්‍රිෂාන්තිලට උන දේ ගැන කවර කතාද!

    ReplyDelete
    Replies
    1. මේවා ඉතිං ගණුදෙනුනෙ..... හොරකම් නෙමේ !

      Delete
  31. භාණ්ඩ වලට සරිලන සේවාවක් කරනන ඇති නේ,බෙටි කතාව නං අදමයි ඇහුවේ.

    ReplyDelete
  32. මාරයි නේ!

    මගේ ගජයෙක් හිටිය මේ වගේම දෙයක් පාවිච්චි කරන. පිටකොටුවෙදී හදිස්සියට ගන්නේ සිලි සිලි මල්ලක් ලු. අද වෙන කන් මම ඒ කතාව විස්වාස කරේ නැහැ. එත් බොලේ දැන් නම් වැඩේ ඇත්ත වගේ.

    ReplyDelete
  33. රත්ගමයත් මරු ජොකිය. රබර් පටි එහෙමත් අරන් යනවා ඇති හික් හික් හික්

    ReplyDelete
  34. ඔය කියන භාන්ඩ සේවා හුවමාරුව සිද්දවෙන්නෙ කොහෙද අනෙක් අයට නොපෙනෙන්න?

    ReplyDelete
  35. අපි මේවට කොමෙන්ට් දාන්නෙ නැහැ.......

    ReplyDelete
  36. අපි තාම චූටියි....

    ReplyDelete
    Replies
    1. බලාගන . . . නඩුව පරදියි

      Delete
  37. රත්ගමයට එදා වෙනස දැනුනට පොල් අක්කට ඒ වෙනස දැනුනද දන්නේ නෑ...

    ReplyDelete
  38. ඕවාට තමයි දේශීය නිෂ්පාදන කියන්නේ..කොහෙද ඉතින් කවිරුත් අත දෙන්නේ නැහැනේ

    ReplyDelete
  39. රත්ගමයා කිව්වම මම හිතුවේ අපේ ''ඉකේයිය රත්ගමයා'' කියලානේ.
    මූ එතකං වෙන එකෙක් නෙ.
    හැබැයි ඔය බත්කොල කතාව නම් ඇහුවමයි.

    ReplyDelete
  40. මේ අර ආචාරිය බ්‍රවුසර තුමාගේ වැඩක්ද?

    ReplyDelete
  41. ශ්‍රී ලාංකීය අභිමානය.. යකඩෝ ඔය කියන හැටියට ඕක නිකම් අර කැළණි පාලම අස්සේ පොල් ලෙල්ලක් ගියා වගේ කතාවක් නේ..

    ReplyDelete
  42. ඊට කලින් රත්ගමයට කටදැලිල්ල හැදිල තිබුනෙ නැද්ද...

    එච්චර හරියකට වෙලා නැතුව ඇති මයෙ හිතේ...

    ReplyDelete
  43. එක බත් කොලේකට පොල් ගෙඩි කීයද දන්නෙ නෑ...

    ReplyDelete
  44. ලාංකීය අභිමානය රක්ශා දුන් කුරුලු හමුදාවේ සියලු ගෞරවයන්ගෙන් සාධාරන කොටසක් පොල් අක්කාටද, හාවන්ටද අයත් විය යුතුය.

    ලාංකීය අනන්‍යතාව විකසෙත කෙරෙන විකල්ප භාවිතාවන්වල විද්යාත්මක පදනම් සෙවීමට පාර්ලිමේන්තුවට , සොරි, ජනපතිට වගකියන, කොමිසමක් පත්කල යුතුය

    වැලිකඩ හිරේ ඉන්නා මනුශ්යන්ටද මල් පොඩ්ඩක් වවාගන්නට ඉඩක් දිය යුතුය, මන්ද ඒ නරකාදියේ මල් නැතුව කෝම ඉන්නද

    ReplyDelete
  45. මම හිතන්නේ ඔය ඉල්ලුම් සැපයුම් (භාණ්ඩ-සේවා හුවමාරුව) ගැන හොඳට අධ්‍යයනය කරලා වෙන්න ඇති කටුනායක සහ මිගමුව පැත්තේ ඇඟලුම් සහ වෙනත් කර්මාන්ත ශාලා ගොඩක් දැම්මේ. මමත් අවුරුදු 3 ක් මීගමුවේ කම්හලක වැඩ කරපු නිසා පරිසර අත්දැකීම් එමටයි. එක අතකට ඉල්ලුමට සැපයුම කියන්නේ බොරුවට තරහ අරගෙන දඟලන්න ඕනේ දෙයක් නෙවෙයි නේ. සැපයුම හරියට නැති වුනොත් නේ ඔය අපරාධ සහ අපචාර වෙන්නේ.

    ReplyDelete
  46. මම මුලින් හිතුවේ බ්ලොග් ලියන රත්ගමයට වෙච්ච සීන්කෝන් එකක් කියනවා කියලයි.

    ReplyDelete
    Replies
    1. හප්පා ගිය වංගියෙත් මේ බුවා හින්දා රත්ගමයා ලොකු කට්ටක් කෑවා..

      Delete
  47. අපිටත් තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේ :))

    ReplyDelete
  48. මේ කතාවනම් මරු යැයි කිව යුතුය. මට අම්ම්බානක තනියම හිනා. ඒ හන්දම එළ!

    ReplyDelete
  49. ප්‍රශ්න 3ක් තිබේ...

    1. ඇස් කලාපෙ කියන්නේ කදිරාන පැත්තද?
    2. හා බෙටි වේලන්නේ ඇයි?
    3. පොල් අක්කා සේවාවන් සැපයුවෙ පොල් හුවමාරුවටද?

    මං අහල තියෙනව අපි පොඩි කාලෙ හොරෙන් පොල් අහුලන්න ඔය කුරුළු හමුදා වැටෙන් එහාට පැනපු කට්ටිය බිම් බෝම්බ වලට අහු වෙනව කියල.. ඒ කතාව ඇත්තද අයියෙ? සමහර දවස් වලට ඔය බෝම්බ සද්ද තරමක් දුරින් හිටියත් අපිට ගෙදරටම ඇහෙනව...

    ReplyDelete
    Replies
    1. 1-ඔව්..ඒත් ඕකට කියන්නේ ඇස් නෙවෙයි වෙන අකුරක්..මං ඒක දැම්මේ නැහැ...
      2-හා බෙටි වේලලා ඒක කුඩු කරලා පන්දම ඔතා ගත්තම තණමල්විලට පොඩි අභියෝගයක් එල්ල කරන්න පුළුවන් නිසා..
      3-මුදල් තියෙනං මුදලට තමා මං දන්න විදියට..එත් අපේ උන් කවද්ද සල්ලි වියදං කලේ ඔහොම එහෙකට..අනික අච්චර පොල් තියෙද්දිත්...

      ඔය හරියේනං බෝම්බ තිබුනේ නැහැ ඒ දවස්වල.. පස්සේ කොටි ගැහැව්වට පස්සේනං ආරක්ෂාව උපරිම තර කලා...මං ඔහේ හිටිය අවුරුදු එකහමාරක විතර කාලෙදිනං එකෙක්නත් එහෙම අහු උනේ නැහැ..කොල්ලන්ව වැට පාස් යවන්නෙත් ඔය පැත්තෙන්නේ..

      Delete
  50. වඩාත්ම ආරක්ෂාකාරීව වැඩේ කරගැනීමට නම් . . . . ඩබල් කොන්ඩම් මෙතඩ් එක පාවිච්චි කරන්න . . .

    ක්‍රමය:
    එක කොන්ඩමයක් පලඳින්න
    එය මදක් තෙමා ඒ මත මිරිස්කුඩු ස්වල්පයක් ඉසින්න
    එයට උඩින් දෙවන කොන්ඩමය පලඳින්න

    වැඩ කරන ආකාරය:
    ඇතුලෙ එක කැඩුනොත් කොල්ල දනී
    පිට එක කැඩුනොත් කෙල්ල දනී

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම වැඩේ ...!!!

      Delete
    2. හැක් හැක් හැක්... පස්ට...........

      Delete
  51. හදිස්සියට ග්ලවුස් පිහිට තමා ඉතිං....දවස් පහට ඇඟිලි 5 ම තියෙනවනේ......

    ReplyDelete
    Replies
    1. හිල් නැති බැලුමක් එහෙම නරකද

      Delete
  52. අහිංසක රත්ගමයගෙ නම පාවිච්චි කර කර මාරෙ ජීවිත කතාව ලියනව වගේ... හැක් හැක් හැක්........

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුළුවන්......

      Delete
  53. මොකක් හරි අමන අදොම පොස්ට් එකක් ඇරියම අපිත් එතන..හෆොයි... දැන් ඉතින් කොල්ලො තව දුරටත් ෆාමසි ඉදිරිපිට ඇතුලෙ කස්ටිය අඩු වෙන තුරු ඇඹරි ඇඹරි ඉන්න එක නවත්තයි...

    ReplyDelete