21 January 2012

දේවිය නැතිව වැනසුන යාපනයේ සොඳුරු නැවතුම... බයිසිමොටෝවෙන් යාපනයට...

උදෙන්ම ඩෙල්ෆ් යන්න ගොහින් ඒකට කෙලවෙලා..අවසානයේ ආපහු ඇවිත් යාපනෙන් දවල්ට තෝස කාලා..ආරම්භ කරපු ගමන.. කඳුරුගොඩ විහාරය..කීරමලේ පොකුණ..නිලාවර ළිඳ ඔස්සේ පේදුරුතුඩුවෙන් අවසන් කරලා ආපහු හැරුනේ නවාතැනට ඇවිත් වැටෙන්න කියලා... ඒත් එහෙම එද්දි යාපනයට එනකොට බිම් අඳුර වැටෙන්න තවත් සුළු මොහොතක් තියා තව එක තැනක් දැක බලාගන්න මට අවස්ථාව ලැබුනා.. ඒ තමයි යාපනය නගරයේ තවත් එක සුවිශේෂී ස්ථානයක් වෙච්ච මෙන්න මේ තැන... හඳුරන්න පුළුවන් නේද..? මං මුකුත්ම කියන්න ඕන නැහැ දිගටම බලාගෙන යන්න පින්තූර ටික.. ආලෝක තත්වයේ අයහපත් කම නිසා තරමක් පැහැදිලි නැතත් ඔය පේන හරිය ඇති වෙයි විපතක මහත ඔබට තේරුම් ගන්න...

දුම්රිය නැති ෆ්ලැට්ෆෝමය...

උඩු මාලේ නැවතුම් හලේ අද තත්වය...

මේ ඔබට පෙන්නන්ට යෙදුනේ අද වෙනකොට යාපනය දුම්රිය ස්ථානයේ තත්වයයි..යාල් දේවී දුම්රිය විනාශ කල කොටි ත්‍රස්ථයින් යාපනය නගරයේම ඇති මෙම ස්ථානයද වනසා දමා ඇත. ගලවා ගත හැකි සෑම වටිනා දෙයක්මත් ගලවාගෙන ගොස් ඇත..මේ අද එහි ඇති තත්වයයි...

උඩුමහලට නැග බැළු විට එක් කාමරයක බිම උඩට නෙරා විත් ඇති ආකාරය දැක එය ඡා‍යාරූපයට නැගුවද ආලෝක තත්වය මඳ හෙයින් එම පොටෝව පැහැදිලි නැති හෙයින් මකා දමන්නට යෙදුණි. එම නෙරීම ඇති වී ඇත්තේ කෙසේදැයි සොයා බැළු විට යට තට්ටුවේ ඇති ටිකට් කවුන්ටර කාමරය යැයි සිතිය හැකි කාමරයක සිදු වූ බෝම්බ පිපිරීමක් නිසා එසේ කොන්ක්‍රීට් තට්ටුව පුපුරා ඉහලට නෙරා ඇති වග දැක ගන්නට ලැබුණි...

මේ සියල්ල හොඳින් බලන්නටනම් දහවලක යායුතු නමුත් මා යන විට ප්‍රමාද වැඩිය..එහෙත් එම තත්වය යටතේත් මේ තරමින් හෝ දැක බලා ගන්නට අවස්ථාව ලැබීම ගැන සෑහීමකට පත් වීමි.තවත් විශේෂයෙන් සිහිකල යුතු කෙනෙකු මෙහිදී ඇත. ඒ එම ස්ථානයේ රාජකාරි කල කුඩා ආරක්ෂක නිලධාරියායි... වයස 18ක් 20ක් පමණ ඇති ‍දමිළජාතික මලයාට සිංහල අකුරක්වත් නොහැක. එසේම ඉංගිරිසියද නොහැක..මා වගේමය.. ඉතිං හස්ත මුද්‍රා ආශ්‍රයෙන් කතා කරනවාට වඩා යමක් නොවීය..

කොළුවා බොහෝ ප්‍රිය මනාපය.. එක් විටක අතේ ලියාගෙන ඇති යමක් පෙන්වා මොන මොනවාදෝ කීයයි.. පසුව තේරුම් ගිය හැටියට ඒ කියා තිබෙන්නේ මෙය නැවත සෑදීම සඳහා 18 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි පැමිණ පරීක්ෂා කිරීමට නියමිත බවය... ඒ සඳහා යම් සූදානමක් ඇති වග ඉදිරිපස නවතා ඇති යන්ත්‍ර සූත්‍ර මගින්ද.. ඒ වන විටත් රේල් පාර සුද්ධ කරමින් තිබූ යන්ත්‍රයද සලකුණු විය... කට පුරා හිනා වෙමින් රාත්‍රී මුරය සඳහා පැමිණීමට නියමිත මුර සඟයා එනතෙක් ඈත මෑත බලමින් සිටි කොළු ගැටයා ඔහුට හැකි සෑම අන්දමකින්ම එහි විස්තර කියූ අතර..අවසානයේදී උඩු මහලට ගොස් අනික් පසින් පැමිණීමටත් පාර පෙන්වන ලදි... සිංහලයින් සමඟ වෛරයක් තබා වෛරය යනු කුමක්දැයි යන්නවත් ඔහුගෙන් විද්‍යාමාන වූයේ නැත... ඉදිරිය රටේ සාමය ගැන බලාපොරොත්තු දැල්වීමට හැක්කේ මෙවැනි අය දුටු විට බව පවසා මා මෙයින් නික්ම යමි...
ඊ ළග ලිපියෙන් යාපනයේ රසවත්ම මතකය ඔබ හට ගෙනෙමි...

මෙන්න මේකට අදාල බුකියේ ඇල්බමය...

28 comments:

  1. අප්පේ මම එකද කොහෙද?

    ReplyDelete
  2. එහෙම තමයි බං ඔය දෙමළ පොඩිඋන්ගෙ හිතේ සිංහල මිනිස්සු ගැන කිසිම වෛරයක් නෑ.

    ReplyDelete
    Replies
    1. දෙකත් ඔයාමනෙ එහෙනම් මම් 3

      Delete
  3. යාපනේ 3G SIGNAL හොදට තියනව වගේ..

    ReplyDelete
  4. අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ...
    එදා වෛරෙන් නොබැඳුනානම්
    මෙදා වියෝවක් නෑ...

    තැනූ මන්දිර බිඳී වැටුනත්
    නෙතේ කඳුලක් නෑ...
    සිනහ වෙන්නට වරම් නොලදත්
    සිතේ කිලුටක් නෑ...


    සොබා දහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ...
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ...

    ReplyDelete
  5. ඊළඟ එක හිම කිරිම ගැන වෙන්නැති...

    ReplyDelete
  6. ඔය අදුරුයි කීව පොටෝ එක එලිය කරලා ගන්ඩ තිබ්බා.....

    ReplyDelete
    Replies
    1. I have some dark photos like above. How do I make it clear

      Delete
    2. See this : http://www.ehow.com/how_2102605_adjust-brightness-contrast-adobe-photoshop.html

      Delete
  7. යුද්ධයට නිරාවරණය නොවූ ඊළඟ පරම්පරාව බොහෝම සුන්දර වේවි අනිවාර්යයෙන්ම !

    ReplyDelete
  8. සිරාවටම මාරයියේ, දෙමළ ටිකකුත් ඉගෙන ගමු.

    ReplyDelete
  9. හ්ම්ම් මට ඉරිසියයි

    ReplyDelete
  10. ලංකාවේ දිගම දුම්රිය මාර්ගයේ අවසාන කෙළවර....යළිත් මැණිකේ කෙනෙක් මෙතෙන්ට සැපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.....සිරාවටම මාරයියේ....මමත් මේ ට්‍රිප නම් යනවා....:)

    ReplyDelete
  11. මම නම් ඊරිසියා නෑ....ඔය ගමන ගිහින් ආවට පස්සෙ දනිස් ...පස්ස පැත්ත....එහෙම රිදෙන්නෙ නැතුව ඇතුව ඇති නේද ?

    ReplyDelete
    Replies
    1. අහ්හ් එකත ඇත්ත :ඩි\

      Delete
  12. යාල් දේවිය ලඟදීම පරණ මහ ගෙදරට එනකන් අපි හැමෝම මග බලන් ඉම්මු... !!! යලි උපදින පරපුර එකම ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට සිතනවානම් කොච්චර සුන්දර රටක් වේවිද ?

    ReplyDelete
  13. මේ හැම දෙයක්ම සංවර්ධනය වෙලා යාල් දේව්ය ආයෙම යාපනේ යන දවසක් එනකම් අපි බලාගෙන ඉමු..

    ReplyDelete
  14. බලමු සමහරවිට කෝච්චියෙම ඔහෙට යන්න

    ReplyDelete
  15. මේක දකිනකොට අනේ අපොයි කියල හිතුනා... ඒත් ඉතින් මීටත් වැඩිය දේවල් සිද්ද උනානෙ එහෙම කියන්න.... ඒ උනාට ඇත්තටම දුකයි දකිනකොට.... බොහොම ස්තුතියි මාරයෝ... දැන් යන්න ඕන පහුගිය පෝස්ට් ටික බලන්න....

    මේ බ්ලොග් එකට රිංගන්න පුළුවන් උනේ අද... මෙච්චර දවස් ඩවුන්ලෝඩ් වෙලා පේජ් එක හිර උනා උඩ පහත් යන්න බැරි විදියට.... දිල්ගෙ, කතන්දරගෙ බ්ලොග්වලටත් උනේ ඒකමයි.... :(

    ReplyDelete
  16. ජැක්සන් ඇන්තනීගේ මහා සංචාරේ මතක් වෙනවා. මට හැමදාම ඒක බලන්න වෙන්නේ නැති වුණත් යාපනය දුම් රිය ස්ථානය පෙන්නපු දවසේ බැලුවා වගේ මතකයි

    ReplyDelete
  17. අපිට ඒ කියන්නේ කෝච්චියෙම යාපනේ යන්න පුළුවන් වෙයි වගේ... හැබැයි ඒකට තව කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද දන්නෙ නෑ... ලංකාවෙ කෝච්චි පාරවල් එච්චරම වේගෙන් හදනවනෙ....

    ReplyDelete
    Replies
    1. Onna dan awrudu 2nma hadala deela thiyanawa yanawanam...

      Delete
  18. අප්පද බොල උතුරම කවර් කරලනේ...

    ReplyDelete
  19. දේවිය නැති නැවතුම මෙච්චර විශාලයි කියල මම දැනගෙන හිටියේ නැනේ. ස්තුතිවේවා මේවා මතක් කරලා දෙනවට.

    ReplyDelete
  20. //දේවිය නැතිව වැනසුන යාපනයේ සොඳුරු නැවතුම...//

    මම ඔතනට 'යාල් දේවි' යෙන්ම ගිහිං තියෙනව. ඒ කාලේ හයරින් කාර් පෝලිමක් ඕක ඉස්සරහ ගහල තියෙනව, හැම වෙලාවේම. විශේෂත්වය ඔක්කොම 'ඔස්ටින් A 40' වර්ගයෙ.

    ReplyDelete