07 February 2012

මාරයාගේ බයිසිමොටෝ චාරිකාවේ අවසානය අරාලි තුඩුවෙන් යාපනය කොටුවට...

0-යාපනය කොටුව
1-කඳුරුගොඩ
2-කීරමලේ
3-නිලාවර ළිඳ
4-පේදුරු තුඩුව
5-පුන්කුඩුතිව් ජැටිය
6-ඩෙල්ෆ්
7-අරාලි තුඩුව

කොළ පැහැති තිත-නල්ලූර් කෝවිල/නවාතැන්පල/රියෝ අයිස්ක්‍රීම්...

----------------------------------------------
ඉතින් දැන් කියන්න ඉතිරි වෙලා තියෙන්නේ ගමනේ අවසන් කොටස පමණයි... ඩෙල්ෆ් ඉඳන් ආපසු බෝට්ටුවේ පැමිණ නැවතත් පුන්කුඩුතිව් ජැටියට පය ගහන විට වේලාව සවස තුන හමාරට පමණ ආසන්නයි... නැවතත් යාපනයට පැමිණ සූදානම් වී ආපසු ඒමට වේලාව මදි වෙන බව තේරුණ නිසා එදා රෑත් යාපනේම ඉන්න තීරණය කරලා හෙමි හෙමින් ආපසු බයික් එකේ නැගලා අවට සිරි බලමින් එන විට අතර මගදී හම්බ වෙන හතරමං හන්දියක් තිබුනා..එයින් දකුණු පසට හැරී ආවොතින් යාපනයටත්..වම් පසට හැරුනොත් කයිට්ස් බලාත් යා හැකි අතර කෙලින්ම ගියහොත් අරාලි තුඩුවටත් යා හැකියි..

අරාලි තුඩුව... නම කියූ විට ඔබට යම් කිසි සිදු වීමක් යන්තමින් වගේ සිහියට නොනැගෙනවා නම් ඒ ඔබ අනූව දසකය ආසන්නයේ උපන් අයකු විය හැකියි...එහෙත් අඩුම තරමේ 1986 වසරටවත් කලින් උපත ලද අයකුට යම් මතකයක් නැගෙන්නේ නැත්නම් එය අවාසනාවක්...

"මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව..."

මෙයින් දශක දෙකකට ඉහතදී මුළු මහත් ජාතියක් නෙත් දල්වාගෙන බලා සිටි වීර චරිතය... උතුරුකරය පුරාවට ගිනි ඇවිලී සිටි සමයක එම ගින්න මැඩපවත්වා යුද්ධය දිනා රට සාමකාමී තත්වයකට ගෙන ආ හැකියැයි සියළුම ශ්‍රී ලාංකිකයින් විසින් විශ්වාසය තබා තිබූ මනුස්සකමින් පිරි චරිතය... බිය ගැන්වීමෙන්..අණ කිරීමෙන්නොව ආදරයෙන් හා විශ්වාසයෙන් සුළු සෙබලාගේ පවා සිත දිනාගෙන ඔවුන්ව පෙරට මෙහෙය වූ කොබ්බෑකඩුව සෙනෙවියා අවසන් ගමන් ගිය ස්ථානය හැටියට අරාලි තුඩුව ආසන්න ප්‍රදේශය වැදගත් ස්ථානයක් බව සිහිකටයුතුයි...

1992 අගෝස්තු මස 08 වැනිදා දිනයෙහි ඔහුත් ඇතුළුව තවත් ආරක්ෂක හමුදා සාමාජිකයින් දස දෙනෙකු ලක් මාතාවට අහිමි කරවන ලද එම ස්ථානයට යෑමට නම් මා ගමන් කල යුත්තේ එම ඉදිරියටම වැටී ඇති මාර්ගය ඔස්සේයි... රාත්‍රිය යාපනයේම ගෙවන්නට නියමිත බැවින් එම ස්ථානයත් දැක බලා ගැන්මට සිතා කෙලින් පාරේම ගිය මට කිලෝ මීටර් කිහිපයක් යද්දීම එම සිදුවීම වෙනුවෙන් ගොඩ නංවා ඇති ස්මාරකයත්..
එම සිදු වීමෙන් පසුව අඳාළ බෝම්බ පිපිරවීම ගැන පරීක්ෂණ පැවැත්වීම පිණීස පුපුරවා හරින ලද ආදර්ශ රථයන්හී සුන් බුනුත් දැක බලා ගන්නට හැකි වූ මුත් මේ එම ඛේදවාචකය සිදු වූ ස්ථානයම නොවන බව දැන ගන්නට ලැබිණී.. නියම තැන තව දුරින් පිහිටා ඇති බවත් තවමත් එහි යෑමට මාර්ගය සකස් වී නැති බවත් විශේෂයෙන්ම බෝක්කු කිහිපයක්ම විනාශ වී ඇති නිසා ඒ දක්වා යා නොහැකි බවත් දැනගෙන ආයෙමත් හැරුනා යාපනේ කොටුව ටිකක් බලා ගන්න හිතාගෙන...

ඒ එන අතර මගදී කලපුවේ මට පිටු පසින් හිරු බැසගෙන යමින් තිබූ දර්ශනයත් බොහෝම සුන්දර දසුනක් උනා.. මට පුළුහං හැටියකට ඒකත් පොටෝ කිහිපයකට එක්කාසු කරගෙන ඇවිත් තමා මේ පොටෝව හැදුවේ..මං ඉතිං පොටෝ සාප්පු වැඩ ඒ හැටි නොදන්න හින්දා වැඩි වැඩ නොදා පොටෝ ටික කපලා මෙන්න මෙහෙම බට් කලා.. බලන්න ඒ පරිසරය යන්තමින්වත් හිතේ ඇඳ ගතෑකිද කියලා...
ඉතින් ඒවා බලාගෙන ආපහු එනකොට හොඳටම කරුවල වැටිලා..ඒ කළුවරේම යාපනය කොටුවටත් රිංගලා බැළුවා උනත් එහිදී ගත්ත පොටෝනං කිසිම පැහැදිලි ගතියක් නැහැ...ඒත් යන්තං තියෙන එකක් දෙකක් ඔන්න තියෙනවා බලා ගන්න...


ඉතින් ඊට පස්සේ සුපුරුදු විදියට නවාතැනට ඇවිත් නාලා කරලා කලින් දවසේ වගේම ගියා "රියෝ" එකට..උණු උණු එළවළු රෝල්ස් සමග අයිස්ක්‍රීම් කන්න... ඒ ගැන අමුතුවෙන් ලියන්න ඒන නැහැනේ.. මං කලින් රියෝ එක ගැන දාපු පෝස්ට් එකෙන් ඒ හැම දේම කිව්වනේ...

එදා ඉතින් හොඳට වැටිලා නිදා ගත්තා.. පහුවදා පාන්දරම නැගිටලා ආපහු එන්න පිටත් උනා... හවස් වෙද්දී මම ආපහු මගේ නවාතැනේ.. ඔන්න එහොමයි මගේ සුන්දර යාපනය චාරිකාව නිමා කලේ...

උඩින්ම තියෙන්නේ මගේ යාපනය ගමනේ ගමන් මාර්ගය... පැහැදිලියි නේද..? එහෙමනම් තවත් ලිපියකින් මම මේ ගමන ගැන කෙටි සමාලෝචනයක් ගෙන ඇවිත් මේ චාරිකාව සම්බන්ධ සටහන අවසන් කරන්නම්.. ඔබට දැන ගත යුතු විශේෂ යමක් ඇත්නම් අහන්න මම ඒ ගැනත් ඊ ළග ලිපියෙන් කරුණු දක්වන්නම්...

41 comments:

  1. නියමයි..ඒත් කෝ අර ස්තුති කතාව....

    ReplyDelete
    Replies
    1. අර බං අවසානෙට දාලා තියෙන්නේ තව එක ලිපියක් එනවා කියලා..කොහේද ඉතිං එව්වා පේනවයෑ දැන්...

      Delete
    2. ආහ්.....හරි..හරි..මම නිකමට වගේ මතක් කලේ...වැඩ වැඩිකමට ඕව් අමතක වුනොත් එහෙම උඹට මේ වගෙ ගමනක් යන්න පාර හදල දුන්න අයට කරන අසාධාරණයක්නෙ.........

      ( මම කියන්නෙ පාර හදපු කොන්ත්‍රාත් කාරය ගැන එහෙම නෙවෙයි)

      Delete
    3. හරි හරි මචං..ඔය පාරවල් මුලින්ම හදපු සුද්දන්ගේ ඉඳන් පටන් ගන්නං...

      Delete
  2. නියමයි තමයි.
    උණු රෝල්ස් සමග සීතල අයිස්ක්‍රීම්.

    ReplyDelete
    Replies
    1. එළම තමා... නියමෙට ගැලපෙනවා

      Delete
  3. නවාතැන ගැන පොඩි විස්තරයක් දැම්මනං... යන කෙනෙක්ට කතා බහ කොරල සෙට් කරගන්න

    ReplyDelete
  4. මාරයාගේ තවත් චාරිකාවක අවසානය........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එත් මේ අවසානයම නොවේ...

      Delete
  5. මේන් මේක ආයෙ වෙනස් කරල... ඇයි ඒ ?

    ReplyDelete
  6. එක චාරිකාවක් අවසන් . කවදද ඊලඟ චාරිකාව?

    ReplyDelete
    Replies
    1. ළගදීම බලාපොරොත්තු වන්න...

      Delete
    2. Gimhani
      මෙයා ඊලගට යනවා ලොකු ගමනක්. දන්නවද ඒක දවස් හතරෙන් යන්න මේ දවස්වල ප්ලෑන් අදිනවා.ඔන්න කාටවත් කියන්න එහෙම එපා මම කිව්වා කියල නම්.

      Delete
    3. මොන පිස්සුද මොකට ප්ලෑන් අදින්න මහන්සි වෙනවද..අර ගූගල් මාමලා අච්චර ලොකු සිතියං ඇදලා දීලා තියෙනකොට...

      (ගිම්හානිත් බුකියේ ඉන්නවා බට්ටියේ...)

      Delete
  7. අර ඉර බහින පින්තුරෙ ගන්න 'පැනෝරැමික් ' පින්තුර ගන්න පුළුවන් කැමරාවක් තිබ්බ නං පුළුවන්ලු.

    ReplyDelete
    Replies
    1. මොන පැනෝද ඔබා අයියේ..මගේ ජංගමේ තියෙන මෙගා පික්සල් 2කේ කැමරාවෙන් තමා ඔය හරිය කොලෙත්...ඒකේ ඔය පැනෝ නැහැ..එහෙම තිබ්බනං බොලාලට පැනෝ බඩ යනකල් පොටෝ බලන්න වෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ...

      Delete
  8. කොබ්බෑකඩුව මහත්තයා මැරෙන එක යන්තමින් තමයි මතක..ඒක නිසා මැරුනෙ යාපනයේදි කියලා විතරයි දැනගෙන හිටියෙ..අද තමයි හරියටම තැන දැනගත්තෙ..

    මාර යාපන චාරිකාවට ස්තුතියි..ඇත්තටම නොගියත් ගියා වගේ කියන්න පුලුවන් විස්තර ටිකක් දැන් දන්නවා..

    ReplyDelete
    Replies
    1. බොහෝම සතුටුයි මේ ලිපිවලින් මොනම හරි ප්‍රයෝජනයක් උනානං...

      Delete
  9. එහෙනම් ස්තූතියි විස්තරේට... ජීවිතේට යාපනේ ගිහින් නැති උනාට දැන් ගොඩක් දේවල් දන්නවා..

    ReplyDelete
  10. මම හිතාගෙන උන්නෙ අතන ඩෙන්සිල් මහත්තය මැරුනු තැන කියල.. කවරෙක්වත් ඇත්ත කතාව කිව්වෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ෂැගිත් එතනට ගිහින් තියෙනවද..?

      මටත් ඕක දැනගන්න වෙන්නේ නැහැ ඔහේ ඒක බලලා ආපහු ආවනං..ඒත් ඒ දවස්වල පත්තරවල ගිය පින්තූරවල තිබුන භූ දර්ශනවලට වඩා මෙතන සෑහෙන වෙනසක් තිබුන හින්දා සැකේට වගේ එතන ආරක්ෂාවට දාලා ඉන්න භටයෙකුගෙන් අහපුවාම තමා ඔය විස්තරේ කිව්වේ...එහෙම නැත්තං මාත් ඔහේ එතන කියලා හිතං ආවනං මං දන්නෙත් ෂැගී දන්න ටිකම තමා...

      Delete
  11. නියමයි මාරයියේ....එල එල....:)

    ReplyDelete
  12. ට්‍රිපක් ගිහින් යාපනේ සම්පූර්ණෙන්ම වගේ කවර් කරපු මම ඇරුනම ඊලඟට දැක්කේ උඹ.... ඒ සාර්තකත්වය මම හිතන්නේ තනියම ගියපු නිසාත් බයික් එකේ ගියපු නිසාත් වෙන්න ඇති... නැත්නම් ගොඩාක් දෙනෙක් ඔය තැන් වලින් එකක් හරි මිස් කරගෙන එන්නේ... බොහෝ දෙනෙකුට මිස් වෙන්නේ පේදුරු තුඩුව හෝ ඩෙල්ෆ් දූපත.. තව පැය කිහිපයක් වැය කරගෙන නන්දිකඩාලුත් ගිහින්ම ආවනම් තමයි සුපිරිම... මොකෝ ආයෙම යනවා කියන්නෙත් වෙනමම කතාවක්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් ආපහු යනවනං තව මාස හත අටක්වත් පන්නලා තමා යන්න වෙන්නේ..ඒත් මං හිතං ඉන්නේ ත්‍රිකුණාමලය පැත්තෙන් ගිහින් පුල්මුඩේ හරහා නන්දිකඩාල්වලට/මුලතිවු පැත්තට සංචාරයක් දාන්න..ඒකයි ඒ ටික යාපනේ ගමනට එකතු නොකලේ...

      Delete
  13. නියමයි අයියේ... අයියා දෑසින් විදගත්ත ඒ සොදුරු චාරිකාව අපිවත් මේ අකුරු අතරින් එක්කන් ගියාට ස්තූතියි ඔන්න..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මලයටත් ඇවිත් මේවා කියවලා බලලා වචනයක් හරි කියලා යනවටත්...

      Delete
  14. මට නම් ඉරිසියයි.... මරු අත්දැකීම බන් අයියේ ඕක නම්... තනියම යන්න හිත නොදෙන එකනේ වැඩේ...

    ReplyDelete
  15. මරු අය්යේ කොටු පවුරයි අහසයි දැක්කම මතක් වෙන්නෙ රොබින් හුඩ්. අය්යෝ යාපනේ යන්න ඕන ...

    ReplyDelete
  16. අපාරදේ ටුවර් එක ඉවරයිද?. :( තවත් ඔය වගේ ටුවර් එකක පෝස්ට් ඉක්මනටම දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියා

    ReplyDelete
  17. මාරයියේ අපි ලංකාවට ආවාම මේ පාර යාපනේ යනවාමයි..ඔයත් එනවද අපිත් එක්ක යන්න?

    ReplyDelete
  18. ආයෙත් අයිස්ක්‍රිම්. අපෝ ඕව තිත්තයි.

    ReplyDelete
  19. ෂික්: මම තාම ගිහින් නෑනේ....

    ReplyDelete
  20. මාරයා.. මේ සෙට් එකම කියෙව්වහම නොකියම බැරි දෙයක් තමා.. උඹ ඇවිදින්න වගේම ඒව වාර්තා කරන්නත් එක වගේ හපන් වග... බොලා ඉතින් ඉන්නෙ වැරදි ට්‍රේඩ් එකේ වග නම් හැමදාම හිතුන දෙයක්නෙ... නරකද ෆ්‍රීලාන්ස් පත්තර වාර්තා කරන්න හෙම හිතල බැලුවොත්..

    ReplyDelete
  21. එළ ට්‍රිපක්නේ ගිහිල්ලා තියෙන්නේ...ආසයි අප්පා යන්න...ඒත් මේ දරු මල්ලෝ එක්ක යනවනං ලොරියක් අරං යන්න වෙන්නේ...බේත්, හේත් ,ඇදුං, කමෝඩ් හප්පේ.....

    ReplyDelete
  22. මට නම් කියන්න තියෙන්නෙ එකයි. උඹ නම් මාරේ ජීවිතය විඳිනවා. විඳවනවා නෙවෙයි, පරෙස්සමෙන් වරෙං මලේ.

    henryblogwalker the Dude

    ReplyDelete
  23. සුන්දරයි.. වගේම ඔයා ගැන ඊරිසියයි... මං හිතන්නේ මේ ගමනෙ විශේෂය ඔයා බයික් එකේ ගිය එක.. ලොකු වාහනේකින් ගියා නං අවට සිරි නරඹන එකට පොඩි හරි බාධාවක් වෙනව...

    අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්තට තෑන්ක්ස්... ගමන් විස්තර කියවද්දි මාත් යාපනේ ගියා තරමට හිතුන...

    ReplyDelete
  24. ළඟදිම දවසක යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ යාපනේ චාරිකාවක...ඒත් මල්ලි මේ ලිපි ටික කියවලා විඳපු මනෝචාරිකා රසය නම් ගන්න වෙන්නෙ නෑ කොහොමටත්. මොකද මොන වාහනෙක ගියත් දවසක් දෙකක් යනකන් මට දැනෙන තෙහෙට්ටුව නිසා..ඒ නිසාමයි මේ චාරිකා සටහන මන් හරිම කැමැත්තෙන්ම කියෙව්වෙ.. ඉඩක් ලැබිච්ච ගමන් ආයිමත් මුල ඉඳලම කියවනවා..

    ReplyDelete