11 February 2012

යාපනේ ගමනේ පසු කතා සහ ගමනට ආරක්ෂාව දුන් පලවෙනි දෙයියා...

මට යාපනේ යන්න හිතුනේ අද ඊයෙක නෙවෙයි..මං පුංචි කාලේ පාඩං පොතක ආඩියා ළිඳ ගැන දාලා තිබුන පාඩමක විස්තරයි..යාපනේ අය වතුර අපතේ නොයවා ඒවා කානු දිගේ යන්න සලස්සලා වගාවන් කල හැටි ගැන කියෙව්ව දවසෙමයි..ඒත් එතකොට මං හිච්චි එකා.. ඉතිං කවුද මාව යාපනේ අරං යන්නේ..ඒ මදිවට යුද්දේ...

එහෙම යටපත් වෙලා තිබුනට අතරින් පතර කියවන්න ලැබුන පොත්පත්වල යාපනය ගැන කියවෙද්දී ආයෙමත් ඒ ආසාව වරින් වර උත්සන්න උනා..ඒ වගේම සමහර සිනමාපට නැරඹීමේදීත් ඔය අමාරුව ඔළුවට ගැහැවුවා..මට නම මතක නැති ගාමිණී ෆොන්සේකා දෙමළ වැසියෙක් විදියට රඟපාපු..විමල් කුමාරද කොස්තා බොක්කෙන්ම උන්නැහේව ආරස්සා කොරපු සීන් ටිකක් එහෙම ගිය සිනමා පටයක් මට යාන්තමට වගේ මතකයි..ඒක දැක්කමත් ආයේම යාපනේ ගැන මගේ හීන නලියන්න ගත්තා..ඒත් ඒ එකක්වත් හරියන දේවල් නොවී තිබුනේ යාපනේ යුද්දේ හින්දා ආයේ එහෙ යන්න විදියක් කවදාවත්ම නොලැබෙයි කියලා හිතෙන තරමටම යුද්දේ දවසින් දවස වැඩි උන හින්දයි...

ඔය අතරේ එක වංගියක් රනිල් උන්නැහේ අගමැති වෙච්ච වෙලාවේ කොහොම හරි ගිවිසුම් පොජ්ජක් මංදෝ කරලා අපේ අයට යාපනේ යන්න ඉඩ පාදලා දුන්නා..අපේ අයත් හෝ ගාලා ඒ දවස්වල ගියා..ඒ අතරේ මටත් කිහිප දෙනෙක්ම කතා කලා යාපනේ යන්න..එතකොටනං මං හිච්චි එකෙක් නෙවෙයි..ඉතිං මං යාපනේ යන්න හිතා ගත්තා..ඒත්... යාපනේ ගිහින් ආව උදවිය ඕමන්ත මුර පොලවල්වල රස්තියාදුවයි.. හරියට වෙනම රටකට යන විදියට තමුන් උපන් රටේම ඔළු පාත් කරං ගිහින් ඇවිත් ඒ ගැන වේදනාවෙන් කතා කල හැටියි දැක්කම ආයෙමත් මගේ ඒ ගමනේ සිහිනය මං අමතක කරලා දැම්මා... මොකද ඊට වර්ෂ කිහිපයකට කලින් මං බම්බල පිටිය වැල්ලවත්ත හරියේ රාජකාරි කරපු කාලයක් තිබුනා...

ඩග්ලස් දේවානන්ද..සිද්ධාර්ථන් ආදී උදවියගේ ගෙවල් වලින් චපාති කාලා ඒ ගෙවල්වලම පැදුර එළාගෙන වැටිලා නිදාගෙනත් තිබුණා.. කොළඹදී ඔවුන් හිටියේ අපිට දෙවෙනි වෙලා නෙවෙයි..ඇත්තටම කිව්වොත් කොළඹදිත් අපි කලේ ඔවුන්ව ආරක්ෂා කරපු එකයි.. ඒ වගේම වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් ඉන්නා සාඩම්බර විලාසයට අපිටවත් කොහේවත් ඉන්න පුළුවන්ද කියලා හිතෙන තරමට ඔවුන් සිංහලයින් අතරේ නිදහස භුක්ති වින්දා.. ඔවුන්ට තිබුන එකම කරදරය කොටි විතරයි... අපිට වෙලා තිබුනේ ඔවුන්ව කොටින්ගෙන් ආරක්ෂා කරන්න...

ඒත් ඒ නිදහස අපිට නැත්තං උතුරුකරේ ඇවිදිද්දී.. හරියට නිකං හොරු ටිකක් වගේ ඒ පැත්තෙදී ඔළුව පාත් කරං ගමන් කරන්න වෙනවනං... සිරිපාදේ ගියාම වගේ..එහෙම නැත්තං කතරගම ගියාම වගේ කට පරිස්සං කරගෙන පේ වෙලානං ගමන් කරන්න වෙන්නේ මං මොකටද එහෙම ගිහිල්ලා... ඉතින් ඒ ගමනත් එතනින් හබක්...

ඒත් යාන්තං පහුගිය කාලේ දෙකට නැවුන සාමයක් නැතිව බයක් හැකක් නැතිව උතුරුකරේ යන්න පුළුවන් තත්වයක් ආයෙමත් අපිට උදා කරවලා දුන්නා..එයින් පස්සේ තමා මගේ යාපනය ගමන ගැන උනන්දුව දවසින් දවස වැඩි උනේ... ඉතින් යාපනේ යනවා උනත් තියෙන දුරයි..ඒ කට යන වියදමයි බැළුවම පොඩි වැටුපක් ගන්න මං වගේ උන්නැහේ කෙනෙකුට ඒක ලේසි නැහැ.. ඒ හින්දා අඩුම වියදමකින් මේ ගමන යන්නත්.. පුළුවන් උපරිම තරමින් ඒ ඒ තැන් බලන්නත් මේ ගමන සැලසුම් කරන්න ඕන උනා... එතනදී මං දැක්ක ලාබම විදිය තමා මගේ බයිසි මොටෝවෙන් මේ ගමන යෑමේ ඇති වාසිය...

කොහොමටත් මට බයිසිකල් පැදීමේ උණක් හැමදාමත් තිබුන හින්දා දුර කොච්චරද කියන එක ඒ හැටි වැදගත් නැහැ... ඇත්තටම දුර ගමන් වලදී බයික් එකේ යෑම මං බොහෝම ආසාවෙන් කරන දෙයක්.. හුගක් අය මේක අපහසු කටයුත්තක් විදියට දැක්කා උනත් මට මේ තරම් පහසු ගමනක් තවත් නැහැ... හොඳට හුළං වැදි වැදි.. පාරේ ඉදිරිය වගේම දෙපස දර්ශනත් පැහැදිලිව දර්ශනය වීම... කැමති ඕනම තැනක නැවතිලා යෑමට හැකි වීම ආදිය හරි අපූරුයි.. විශේෂයෙන්ම ලොකු පිරිසක් එක්ක වාහනයක යෑමේදී ඒ ඒ අයගේ අවශ්‍යතා මත අපිත් හැඩ ගැහෙන්න ඕන..ඒත් මෙහෙම යද්දී මට ඕන තැනක නැවතිලා ඕන දෙයක් කන්න පුළුවන්..ඒ කන දේ ගැන සෞඛ්‍ය පරීක්ෂණ..ගුණාගුණ බලන්න කවුරුවත් නැහැ... ආස හිතුන දේ අරගෙන කෑවා..

ඒ විතරක්ද ඇයි ගමනකදී විදින්න වෙන ලොකුම අපහසුව..මුත්‍රා බර.. අනේ අම්මෝ..එහෙම දුකක් තවත් නැහැ..පිරිසක් එක්ක ගියාම වගේ නෙවෙයි මෙහෙම ගියාම ඔය පොඩ්ඩක් පාළු පැත්තක් අල්ලලා නවත්තලා හිතේ හැටියට බර සැහැල්ලු කරං යන්න තියෙන එක තමයි මං දකින ලොකුම පහසුව.. බස්වල එහෙමනං දුර යන්න මං ආසම නැත්තේ ඔය අපහසුව නිසයි...

ඒ විතරක්ද ඇයි වියදම... බොහෝම අඩුයි නෙව... ඔයාලට කියන්න මේ ගමනට මට බයිසිකලේට තෙල් ගහන්න උනේ රුපියල් 2800ක විතරයි... එයිනුත් සීයයක විතර තෙල් ඉතිරි වෙලා තිබුනා... ගමනේ සම්පූර්ණ දුර කිලෝමීටර් 1200ක්.. ඒ කියන්නේ කිලෝ මීටරයට රුපියල් 2 යි සත 34ක් වගේ තමා උපරිම ගිහින් ති‍යෙන්නේ..ඒ වගේම ලීටරයකට කිලෝ මීටර් 60ක් වගේ වැඩ කරලත් තියෙනවා.. කොහොමත් යනකොට යන්න පුළුවන් තැන්වල 80ත් 90ත් අතරේ වගේ වේගෙකින් ගිය හින්දා තෙල් පිච්චෙනවා වැඩියි මිසක නැත්තං මගේ බයිසි මොටෝ පැටියා ලීටරයකට 70ක් විතර වැඩ කොරනවා...ඉතිං මේ ගිය වේගෙත් එක්ක ඔය ගාන ඇති හොඳටම...

එහෙම බැළුවම බයිසිමොටෝව තරං තව වෙන මොකක්ද ඕකට හරියන වාහනේ..?

ඉතිං කොහොම හරි මං බයිසි මොටෝවෙම යාපනේ ගියා..බොහෝම නිදහසේ..සැහැල්ලුවෙන්... හැබැයි ඒ වගේම අවධානයෙන්...බයිසිමොටෝවක යනකොට වට පිට සිරි නරඹනවා වගේම පාර ගැනත් අනිත් වාහන ගැනත් අවධානය හොඳින් තියාගෙන ය්නන ඕන..මොකද අනිත් වාහනවලට වඩා අනතුරකදී විය හැකි අලාභ හානි අනිවාර්යයෙන්ම වැඩි නිසා... ඉතිං අවධානමට පෙර අවධානය තියාගත්තම හොඳටම හොඳයි...ඉතිං මාත් බයික් එකේ යාපනේ ගියා හීන මව මව හිටිය විදියටම...

ඉතිං ගමන් වියදම වගේම කෑම බීමටත් ඒ හැටි වියදමක් ගියේනං නැහැ...

12 වෙනිදා උදේට නිට්ටඹුවෙන් (බුෆේ) කෑවා..රුපියල් 100 යි...
දවල්ට අනුරාධ පුරෙන් ප්‍රයිඩ් රයිස් කෑවා..රුපියල් 200 යි
රෑට යාපනෙන් කොත්තු කෑවා 250 යි

13 උදේ පුන්කුඩු තිවු වලින් වඩේ කෑවා..රුපියල් 30 යි
දවල්ට යාපනෙන් තෝස කෑවා.. රුපියල් 60 යි
රෑට රියෝ එකෙන් රෝල්ස් කාලා අයිස් ක්‍රීම් කෑවා...මං හිතන්නේ 300ක් වගේ යන්න ඇති..රෝල්ස් 3යි අයිස් ක්‍රීම් තුනයි වගේනේ...

14 උදේ යාපනෙන් පානුයි පරිප්පුයි කෑවා..රුපියල් 60යි
දවල් ඩෙල්ෆ් ගිහින් යාපනෙන්ම අරං ගිය පානුයි පොල් සම්බෝලයි එක්ක ඩෙල්‍ෆ් වලින් ගත්ත උළුඳු වඩේ කෑවා..රුපියල් 80 යි
රෑට ආයෙමත් රියෝ එකෙන් කලින් දවසේ වගේම රෝල්ස් සහ අයිස්ක්‍රීම්..ඒකටත් රුපියල් 300ක් වගේ තමා..

15 උදේ කිලිනොච්චියෙන් ඉදි ආප්ප.. පරාට බිත්තර ආදියට රුපියල්150 යි
දවල් බත් කන්න තරං බඩ ගින්නක් ආවේ නැහැ උදේ පරාට කෙටුව කෙටිල්ලට..අතර මගදී නැවතිලා ෂෝටීස් කාලා තේ බිව්වා...රුපියල් 80 යි

ඔය ටිකට අමතරව අතර මගදී ගත්ත වතුර බෝතල්..බඩ ඉරිගු..පලතුරු..තේ..වගේ දේවල් එක්ක ගත්තම ඔක්කෝම වියදම 1800ක් විතර යන්න ඇති... දවස් හතරකට...

ඊ ළගට නවාතැන්..මෙන්න මේක තමා බරපතල වියදමකට එන්නේ..මොකද ලංකාවේ බොහෝමයක් නවාතැන් පොලවල්වල අපි වගේ තනිකඩ සංචාරකයින් ගැන ඇති අවධානය අඩුයි... යන යන තැන තියෙන්නේ ඩබල් රූම්... ඉතිං අපි තනියම ගියත් ඩබල් රූම් එකක ගාස්තුව දරන්න වෙනවා..මං නැවතුන උදයන් ලැගුම් හලේ උනත් එහෙමයි..හැබැයි එතන බොහෝම පිරිසිදුයි.. ඒ වගේම සුහදශීලී තරුණ මහත්මයෙක් හිටියා සිංමල හොඳින් කතා කල හැකි... මං කල් ඇතිවම තැන හොයාගෙන කතා කරලා ගිය නිසා නවාතැන් සම්බන්ධ ගැටළුවක් ආවේ නැහැ.. එක් අයකු ගියත්..දෙදෙනෙකු ගියත් ඔවුන් දෙන්නෙත් ඩබල් රූම් එකක් තමයි..එහි පැය 24කට ගාස්තුව 1500යි..ඒත් එක්කම සේවා ගාස්තු හැටියට තවත් සියයට දහයක් එකතු වෙනවා..ඒ කියන්නේ 150ක්..එතකොට දවසකට කාමරයට රුපියල් 1650ක් වෙලා...

ඒ වගේම එහි තිදෙනෙකුට නැවතිය හැකි කාමරවල මිල පැය 24කට සේවා ගාස්තුත් සමග 2425ක් වෙනවා..
පස් දෙනෙකු සඳහා වූ කාමරයක් පැය 24ක් සඳහා සේවා ගාස්තු ඇතුලත්ව 3300 ක් පමණ වෙනවා... මේ ටික අසා දැන ගෙන ඉදිරිපත් කලේ යන කෙනෙකුට දැනුවත් වීම සඳහායි...

ඉතිං මං යාපනේ දවස් තුනක් හිටිය හින්දා මගේ ගාන 1650X3= රුපියල් 4950 යි... බලමුකෝ ඒකෙත් හැටි නේද..? කන්න බොන්න යන්න එන්න යන ගානට වඩා යනවා නවතින්න.. ඒ කොහොම උනත් පොදුවේ ගත්තම නවාතැන් (4950)... ප්‍රවාහන(2800)... කෑම(1800) ට ඩෙල්ෆ් ගමනේ ලොරියේ හවුලත් ආවම සම්පූර්ණ රුපියල් 10000/=ක් විතර තමා උපරිම ඔය ගමනට වියදං උනේ...

සම්පූර්ණ දවස් 4ක ගමනක් හින්දා දවසකට කොහොමත් රුපියල් 2500ක් විතර වියදං වෙලා තියෙනවා... ඔන්න එහෙං පිටිංම විස්තරේ...

එතකොට මං ගමන ගැන කියන්න ඕන හැම දේම කියලා ඉවරයි නේද..?තව ඉතිරි පුංචිම පුංචි දෙයයි.. ඒ තමා ස්තූති කිරීම්...

බයක් හැකක් නැතිව යන්න එන්න පුළුවන් විදියට වාතාවරණය සකස් කර දීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකයින්ටත්... අරක්ෂක ලේකම් තුමා ත්‍රිවිධ හමුදාපතිතුමන්ලා.. පොලිස්පතිවරයා හා සිවිල් ආරක්ෂක බලකා අණදෙන නිලධාරී වරු ඇතුළු සියළුම ආරක්ෂක අංශ සාමාජිකයින්ටත්... යුද්ධය දිනවීම පිණිස එක වදනයකින් හරි ආධාර අනුබල දීපු.. ඒ වෙනුවෙන් කැපවීමෙන් සහය පල කල සියළුම රට වැසියන්ටත් බෝහෝමත්ම ස්තූතියි...

ඒ වගේම මෙම ගමන සඳහා ලක ලෑස්ති වෙන අවස්ථාවේ පටන් ආපහු ගිහිං එනකල්ම හොයා බැළු වචනයකින් හරි දිරිමත් කරවපු.. සියළු දෙනාටමත්.. වගේම තොරතුරු සොයා සපයා දීපු බ්ලොග් හිතවතුන් සියළු දෙනාටමත් ස්තූතියි.. ඒ අතරින් සියළුම සිතියම් සකස් කර දීමෙන් හා නැරඹිය යුතු තැන් පිළිවෙලින් යොදා ගමන් මාර්ගය සකස්කල.. නවාතැන් සොයා සපයා දීම ආදී දහසකුත් එකක් වැඩ මෙන්ම බයිසිමොටෝවේ යෑම ගැන උරණව දෙ‍ස් දෙවොල් තැබූ කෙනාටත්... යාපනය ගමන රසවත් කල රියෝ අයිස්ක්‍රීම් ගැනත් තවත් නවාතැන් පලවල් පිළීබඳවත් දැනුවත් කල ගිම්හානි සොයුරියටත් විශේෂයෙන්ම ස්තූති කල යුතුමයි..

ඒත් සමගින් අවසාන වශයෙන් මෙතෙක් ඔබ නොදත් යමක් හෙළී කල යුතුමයි...

මේ ළගදී තවත් මා පිළීබඳව ආදරයෙන් කටයුතු කරන හිතවත් බ්ලොග් අඩවියකින් හෙළිදරවු කර තිබූ ආකාරයට මෙම ගමනට ජනාධිපතිතුමාගේ හෝ ආරක්ෂක ලේකම් වරයාගේ හෝ විශේෂ ආරක්ෂාවක් නොලැබුන මුත් ඇත්තටම මුළු ගමනටම ආරක්ෂාව සැපයූ එක් අයකු සිටියා.. අන්න ඒ ආරක්ෂාව පිළීබඳව සහතිකය මතයි මෙම ගමනම බයක් හැකක් නැතිව ගෙහුන් එන්ට ලැබුනේ..ඒත් ඒ ආරක්ෂාව පිළීබඳව සහතිකය මට ලැබුනේ ගමන යන්න කලින් දවසේ රාත්තිරියේ තමා...

"හලෝ..කවුද මේ.."

"ආ මල්ලි මං මේ පලවෙනි අයියා"

"අහ් මොකද අයියේ හදිසියේ.."

"නැහැ මල්ලි දැන් හෙට උඹ අර ගමන යනවා නේද..?"

"ඔව් අයියේ යන්න තමයි හදන්නේ.."

"හරි මල්ලි මං මේ හදිසියේ කතා කලේ මේ ටික කියන්න..උඹ බය නැතිව පලයන් මල්ලි..මගදී මොනවම හරි අවුලක් උනොත් පටස් ගාලා පලයන් ළගම තියෙන රජයේ කාර්යාලයකට හරි..හමුදාවේ හරි පොලිසියේ හරි කෙනෙක් ඉන්න තැනට.. ගිහින් කියහං මගේ නම..අහවල් දේවස්ථානයේ වැඩ ඉන්න අහවලා ගේ යාළුවෙක් කියලා.. උඹට ඕන තැනකින් සප් එක ලැබෙයි..ඕන වෙලාවක මට කෝල් කරහං...ඔය හැම තැනම ඉන්නවා මාව දන්න අය..උඹට ඕන තැනක බය නැතිව පලයං..කිසිම අවුලක් නැහැ.."

අප්පද බොල එහෙමත් ආරක්ෂාව ගැන සහතිකයක් ලැබේනං මොකට බය වෙනවද..? මාත් ඉතිං හිතේ ෆිට් එකෙන් ගමන ගෙහුං ආවේ ඔන්න ඔය පලවෙනි අයියාගේ හයිය අරං තමා.. ඇත්තටම ඌනං අයියෙක් නෙවෙයි දෙයියෙක්... මෙහෙම බලගතු අයියලා ඉන්නවනං තවත් මොනවද..?

ඕවා නොදන්න උන් එක එක කතා කිව්වට මං මක්ක කොරන්නද නේද ආයිබෝං...එහෙනං ගෙහුන් එඤ්ඤං..ඊ ළග ගමනෙදි ආයේ හම්බවෙමු මාර චාරිකා සමඟින්...

පසු සටහනකි...
බයික් එකේ සයිඩ් බොක්ස් ගැන තොරතුරු ලබා දුන් ඕනයටත් ගමනේදී දුරකථනයේ බැටරිය ආරෝපණය කර ගැනීමට අවශ්‍ය උපකරණය ලබා දුන් ලකිටත් විශේෂ ස්තූතිය...

73 comments:

  1. Think its Sarungale 1980s film

    ReplyDelete
    Replies
    1. ඔව් සරුංගලේ තමා..තැන්කූ වේවා කිව්වා..

      Delete
    2. අධ්‍යක්‍ෂණය - සුනිල් ආරියරත්න
      නඩරාජා - ගාමිණී ෆොන්සේකා
      නංගී - ෆරීනා ලායි
      සිංහල පෙම්වතිය - වීනා ජයකොඩි
      කොස්තා ගේ බිරිඳ ශ්‍රියානි අමරසේන.

      ඇඬෙන කතාවක් ඒක.

      Delete
  2. ස්තුති කතාවත් අහල ඉවරයි. එහෙනං ඉතිං ඊළඟ චාරිකාවත් ඉක්මනට යන්න ලැබේවා කියල පතනව.
    යකෝ අර නවාතැන්පලේ බාත්රූම් එක විතරක් උනත් ඇතිනෙ නැවතිලා ඉන්න. :D

    ReplyDelete
    Replies
    1. අනියාර්යයෙන්ම ලගදිම නැගෙනහිර යන්නයි හිතං ඉන්නේ...
      අඩේ ඒකේ නවතින්න බඩ අප්සට් යන්න එපෑ...

      Delete
  3. ස්ටූටි කතාවත් ආවා එහෙනම්,, කොහොමත් මාරයට රහසිගත ආරක්ශාවක ලැබුනු කතාව ඇත්ත එහෙනම්, පලවෙනි අයියා එසේ මෙසේ වැඩ කරෞවෙක් නෙමේ එහෙනම්,සුපිරි වැඩකරුවෙක්..
    මොන දේශපාලන මතවාදයක හිටියත් උබ වගේම අර මිනිස්සුන්ට මමත් ඔලුව පාත් කරනවා ඔය සාමය සම්බන්දයෙන් ජනාධිපතිතුමාට,ඒකට හේතුවක් උනේ මමත් සාම ගිවිසුම වෙලේ මඩු ගිහින් බලු උනු බලු වීමට,පිටරටකදී උනත් මම කවදාවත් එහෙම බලු වෙලා නෑ අපේම රටේදී අපි බලු උනු විදිහ මතක් වෙද්දී ඒ මිනිස්සුන්ට හදවතින්ම ස්තූතී කරන්නම වෙනවා ආයේ ඒකේ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වගේ ඒ අත්දැකීම ලබපු අය කියන කතා ඇහුවම යන්න හිතෙන්නේ නැහැනේ ඩිලා...බොහෝම ස්තූතියි ඔය වචන ටිකට...

      Delete
  4. උඹ් පරිස්සමෙන් ගිහින් ආපු එකම මදෑ

    ReplyDelete
    Replies
    1. අහ් හූටස්..තෝව අමතක උනානේ යකෝ... ඔහෙ හිටු...

      Delete
  5. හැබැයි සිරාවටම ලොක්කා බ්ලොග් කියවනවා නම් විශේෂ ආරක්ෂාවක් දීලා යාපනේ එක්ක යනව විතරක් නෙවෙයි , අර 150+ සෙට් එකකට ඔබාගෙන දෙතුන් පාරක් රට රාජ්ජවලත් (ඉරානය , ලිබියාව, බුරුමය..etc ) එක්ක ගොහින් මෙලහකට

    ReplyDelete
    Replies
    1. උන්දෑ මේවා කියවන්නේ නැහැ බුවා..නැත්තං අඩුම ගානේ මෙලහකට කෝල් එකක් හරි දිලා දුක සැප අහනවනේ..කෝ..ආසාවටවත් නැහැනේ..:D:D:D

      Delete
  6. මාර (චාරිකා)එකවුන්ට්ස්....

    ReplyDelete
  7. 10000කුයි බයිසිකල් එකකුයි තිබ්බ නම් යාපනේ ගිහින් ආවහැකිනේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්...නවාතැන් තව අඩුවට හොයා ගතෑකිනං ඔච්චර ඕනත් නැහැ

      Delete
  8. අප්පේ...ගිහින් ආවා මදෑ... රුපියල් 10000ට නරකම නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. හපොයි නරක නැහැ...දවස් 4ක ගමනකට ඔයිට වඩා වෙන මොනවද..? අනික ඕක දෙන්නෙක් ගියානං ඒත් වැඩි වෙන්නේ කෑම වියදම විතරයි..එහෙම උනානං එක්කෙනෙකුට 6000කින් ඔය ගමන යන්න තිබුනා...

      Delete
  9. මාර චාරිකාවලට ජයවේවා... මාරම ආසාවෙන් කියවපු ලිපි පෙලක් මාරයියෙ...

    ReplyDelete
  10. //ගාමිණී ෆොන්සේකා දෙමළ වැසියෙක් විදියට රඟපාපු..//
    'සරුංගලේ ' වෙන්න ඕනෙ.

    //මගේ බයිසි මොටෝ පැටියා ලීටරයකට 70ක් විතර වැඩ කොරනවා...ඉතිං මේ ගිය වේගෙත් එක්ක ඔය ගාන ඇති හොඳටම...//
    මගෙ දැනුමෙ හැටියට නං 70 - 90 අතරෙ තමා, 30 - 50 අතරෙ ස්පීඩ් එකට වඩා අඩුවෙන් ඉන්ධන දහනය වෙන්න ඕනෙ. හැබැයි ධාවනේ කරපු ගියරය ආදියත්, වාහනේ ඉන්ධන පධතියේ කාර්යක්ෂමතාවයත් ඒකට බලපානවා. 90 ට වැඩිය ස්පීඩ් කළා නම් ඉන්ධන දහනය චුට්ටක් වැඩි වෙන්න ඉඩ තියෙනව. බයිසිකලේ ඉහළම ගියරයේ 70 - 90 අතරෙ ධාවනය කළා නම්, යක්කල - කොළඹ ට්‍රැෆික් අස්සෙ දුවනවට වඩා හොඳ තත්ත්වක් තමා පෙන්නන්න ඕනෙ. ඔය කියන ස්පීඩ් එකෙන් ඉහළම ගියරයේ ගිහිල්ල වැඩියෙන් ඉන්ධන පිළිස්සුනා නං, හොඳ කාර්මිකයෙක් ලවා ඉන්ධන පද්ධතිය පරීක්ෂා කරල අවශ්‍ය අලුත්වැඩියාව කර ගන්න එක දිගු කලක් ගැන හිතන කොට වියදම අතින් වාසි දායක වෙයි. මම කිව්වටම නෙමේ, මේ ගැන දැනුම් තේරුං තියෙන කෙනෙකුගෙන් අහල බලන්න.

    P.S.
    නවාතැන නං හොඳටම හොඳයි වගේ, බොට තන්ගච්චි කෙනෙක්වත් හොයා ගන්න බැරි වුනාද පාලු මකන්න ?

    ReplyDelete
    Replies
    1. ඉන්ධන දහනය ගැන ඔබා අයියා කියපු කතා ටික වටිනවා..
      ඔතනදී අයියේ උපරිම වේගෙන් ගිය ටික විතරක් නෙවෙයි තඹුත්තේගම ඉඳන් අනුරාඹ පුරේට යනකල්ම හිමින් යන්න උනේ පාර හදන හරියේ..අයේ ඒමන්ගෙන් පස්සෙත් එහෙම හුගක් තැන් විටින් විට හම්බ උනා..ඒ වගේ තැන් වලදී අඩු ගියර්වල යන්න උනා..එතනදී තෙල් පිච්චුනා වැඩියි..ඒ වගේම මේ ඉන්දියන් බයික්වල 40ත්50ත් අතර වේගෙන් යනවනං තමා ලී‍ටරේ‍ට උපරිම කිලෝමී‍ටර් 90ක දුරක් ගන්න පුළුවන්..ඒක තමා එයාලා අනුමත කල ගණන..50 පැන්න ගමන් පිච්චෙනවා වැඩියි.. දැනට ලංකාවේ තියෙන ජපන් බයික්වල කොච්චර හොද තත්වයේ තිබුනත් 60ක් වැඩ කරන බයික් හොයාගන්න නැහැ...

      යකෝ ඔය බොලාගේ බ්ලොග් එකේ ලියකෝ මෙන්න මෙහෙම වැදගත්වෙන කාරණා ටිහිකුත් අතරින් පතරට..

      Delete
  11. තව පොඩ්ඩෙන් වෙනිය අමතකම වෙනව, යකෝ අපි මූට සැලකුව මදිනෙ, ලංකාවට එන්න ඉස්සෙල්ල ඊයක් යවල ඉස්සර ගහපු මඩ එහෙම දාන්න සමාවට භාජනයක් හදා ගන්න වෙයි වගේ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. අපි මේ බයේ ගැහි ගැහි ඉන්නෙ අයියෙ උඹේ වයසවත් නොසලකා කියපු , ගහපු මඩවල කොම්බුවක් ඇලපිල්ලක් වත් උඹට මතක තියේ කියලයි අප්‍රේල් එනකොට...

      Delete
  12. තවත් ලිංක් එකක් දාල තිබුන දැක්ක ඒක හොයා ගන්න නං බැරි වුනා, වැඩිය හොයන්න මාන්සි වුනෙත් නෑ, ගමනට උදැල්ල දාපු කෙනෙක් කියල හිතුන නිසා

    ReplyDelete
  13. මටත් ආසයි මව්බිම වටේ ම යන්න. හිටුකො තව ටිකක් ලොකු වෙනකං! මං මේ කල්පනා කරේ පට්ට කෑමක් නෙව මේ මනුස්සය... නෑ මං කිව්වෙ මේ මාරය කාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බත් ගොඩක් කාහං බට්ටා මලේ..ඉක්මනට ලොකු වෙන්න...

      Delete
  14. හප්පට සිරි.. කෑම ඔච්චර ලාබද බොල..

    ReplyDelete
    Replies
    1. මෙහෙට වඩානං ලාබයි බං..කොත්තු රොටී ඇර අනිත්වා...

      Delete
  15. ස්තූතියි.. උඹේ බ්ලොග් එකේ මතක හිටින ලිපි පෙලක්...

    ReplyDelete
  16. අගේ ඇති ගමන නෙව අය්යේ....එක පේලියට කියවං ගියා ඕන්

    ReplyDelete
  17. තාම මට යන්න බැරිඋනානේ............ :(

    ReplyDelete
    Replies
    1. දන් යන්න ක්‍රමයක් කල්පනා කරමු...

      Delete
  18. ස්තූතියි..............

    ReplyDelete
  19. අර කෙනාටත් , දෙයියාටත් මගෙත් ස්තූතිය...

    එතකොට උඹ කියන්නෙ අර ආරක්ෂාවට නිළධාරි දෙන්නෙක්ම ආයුධත් එක්කම පරිවාර මෝටසයිකලයකින් උඹත් එක්ක ගිය කතාව බොරු කියලා..නිකන් හිටපන් බොරු නොකියා...

    ReplyDelete
    Replies
    1. ගමනට ජංගම දුරකථන ආරෝපණ අනුග්‍රය ලබාදුන් බොටත් ස්තූතියි ඈ...

      හික් හික්...එව්වා දූෂමාන ආරංචි බං...

      Delete
  20. බයිසිමොටෝ ගමන හැබෑම ලාබයිනෙ බොලේ.... ඒ උනාට ඉතින් යන ගමනක් අපට නම් යන්න වෙන්නෙ ළමයි බමයි එල්ලගෙනනෙ... ආයෙ කොහේ යන්නද ඉතින්.... ගමනේ සියළුම විස්තර පලකළාට ගොඩාක් ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. අපොයි ලමයි බමයි එල්ලගෙන ගමන් යෑම පොඩිඋන්ට ලොකු හිංසාවක්... අපිට වඩා ළමයින්ට දුර ගමන් හරි අමාරුයි...

      Delete
  21. Replies
    1. මොකද අයියා..:D:D:D

      මං උඹට කියලා ඇති වැඩේ දෙනවා කියලා කල් ඇතිවම...

      Delete
  22. හ්ම්ම් 10000 න් බේරුනා ඇති

    ReplyDelete
    Replies
    1. දවස් 4ක් හිතේ හැටියට යන්න 10000ක් කියන්නේ ඒ හැටි ගානක්ද..?

      Delete
  23. මාරයිනෙ මාරයියෙ........එතකොට අර අපි නුවර එලි පැත්තට ගියාම අපේම මිනිස්සු හොටෙල් මිල ගනන් කියන්නෙ හරියට අපි නිකම් අඟහරු ලෝකෙන් ආවා වගේනෙ...

    ReplyDelete
    Replies
    1. නැහැනේ නංගි..නුවර එළිය තියෙන්නේ අඟහරු ලොකේ කියලයි එහෙ උන්දලා හිතං ඉන්නේ..ඒකයි එච්චර ගනන් කපන්න හදන්නේ...හැබැයි හෙව්වොත් තාමත් ලාබ වගේම සුවපහසු තැන් තියෙනවා..ඒත් අපේ අය ඇහුවත් කියන්නේ ගණන් වැඩි තැන්වලටම පාරවල් තමා...

      Delete
  24. ෂහ් ගමන වගේම තමයි වියදමුත් මාරයි ඒ විතරක් යැ කෑම බීම මාරම මාරයි දුකක් කරදරයක් නැතිව ගිහින් ආවා මදැයි

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්..ගමනනං කිසිම කරදරයක් නැතිව ගෙහුං ආවා...

      Delete
  25. ඔය අතරේ එක වංගියක් රනිල් උන්නැහේ අගමැති වෙච්ච වෙලාවේ කොහොම හරි ගිවිසුම් පොජ්ජක් මංදෝ කරලා අපේ අයට යාපනේ යන්න ඉඩ පාදලා දුන්නා..අපේ අයත් හෝ ගාලා ඒ දවස්වල ගියා..ඒ අතරේ මටත් කිහිප දෙනෙක්ම කතා කලා යාපනේ යන්න..එතකොටනං මං හිච්චි එකෙක් නෙවෙයි..ඉතිං මං යාපනේ යන්න හිතා ගත්තා..ඒත්... යාපනේ ගිහින් ආව උදවිය ඕමන්ත මුර පොලවල්වල රස්තියාදුවයි.. හරියට වෙනම රටකට යන විදියට තමුන් උපන් රටේම ඔළු පාත් කරං ගිහින් ඇවිත් ඒ ගැන වේදනාවෙන් කතා කල හැටියි දැක්කම ආයෙමත් මගේ ඒ ගමනේ සිහිනය මං අමතක කරලා දැම්මා...
    1000% Agree................ !!

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම ලැබුන කෙනෙක් හැඩයි...

      Delete
  26. අයියා සතුටින් ගිහින් ඇවිත් ඒ ගමන අපිවත් එක්කන් ගිය එක ගැන අපිත් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මලයා...

      Delete
  27. මේ දැන් හම්බ වුනා, උදැල්ල දාපු කෙනාව, දොස්තර නෝන නොවැ. මට මතකයි ඔය අදහස ඉදිරිපත් කරපු වෙලාවෙ දොස්තර නෝන කිව්ව ඒව. බොරුත් නෙමේනෙ.

    ReplyDelete
    Replies
    1. බොරු නෙවෙයි..බොරු නෙවෙයි..එතනදී කලේ එහෙං පිටිංම මානසිකව වට්ටලා අත පය කැඩීමට තැත් කිරීමක්..ඒත් එව්වා කොහේද මාත් එක්ක...:D:D:D
      ඒත් ඉතිං එයා නොහිටියනං ගමන මෙච්චර හොඳට ගෙහුං එන්ට වෙන්නේ නැහැ..ඒ තරමට මේකට කර ගහලා උදව් කොලා..බැන බැන උනත්....

      Delete
  28. විශේෂ නිවේදනයයි - මාරයා අනුගමනය කර යාපනයේ සංචාරය කිරීමට බලා සිටිනා අහිංසක බ්ලොග් පාඨකයින් වෙතටයි
    ------------------------------------------------------

    ප්‍රවාහන වියදම් සඳහා මාරයාට වැයවූ පැට්‍රෝල් ලීටර ගනන සොයාගෙන ලීටරයකට 12 බැගින් එකතු කර වියදම සාදාගන්න , ඩීසල් වාහනයක් නම් කලින් ඇස්ත මෙන්තුවට වඩා ලීටරයකට රු 35 බැගින් එකතු කර නව ඇස්ත මෙන්තුව සකසන්න . එමෙන්ම උලුඳු වඩයේ සිට සියලුම භාණ්ඩ හා සේවා මිල සුලු වශයෙන් වැඩි වීමට ඉඩ කඩා ඇති බැව් සලකන්න

    ReplyDelete
    Replies
    1. මාත් අද උදේම කලේ ඕක ගණන් හදලා බලන එකයි... තව රුපියල් 245කින් වියදම වැඩි වෙනවා තෙල්වලට විතරක්...අනිත් ඒවටත් එකතු කලාම තවත් ඔක්කෝම ගාන 500කින් විතර වැඩි වෙයි තමා...

      Delete
    2. ඉක්මනට යන්ට වෙයි වගේ දවස් ගාණට වියදම 500ක් වැඩි වෙලානෙ..

      Delete
  29. විස්තර ටිකට බොහොම ස්තුතියි
    දවසක යාපනේ ගියොත් ප්‍රයෝජනයක් වෙන්නේ නැතෑ...
    මමත් සාම සාකච්ජා කාලේ ඔය පැත්තේ යන්න ලැබිච්ච අවස්ථා මගඇරියේ උඹ කියපු හේතු නිසාම තමයි
    හැබැයි ඊට පස්සේ තාමත් මට එහේ යන්න වෙලාවක් ලැබුනේ නැහැ :)

    ReplyDelete
  30. අපරාදෙ, මං හිතුවෙ "කිලිනොච්චි රෝහලේ ඇති නාඳුනන යතුරුපැදිකරුවෙකුගේ මළ සිරුර හඳුනා ගැනීම පිණිස" මෙහෙන් කාට හරි තව ට්‍රිප් එකක් යන්න වෙයි කියලා. :P

    ReplyDelete
  31. කල්‍යාණ මිත්‍ර සේවනය ඔය අනිත් සේවන වලට වඩා බොහොම වටිනාවානේ..

    ReplyDelete
  32. යකො පළවෙනි අය්යට අපි සලකනව මදිනේ... ඈ...

    ReplyDelete
  33. හප්පා මේ තියෙන්නේ විස්තරේ ආයි අඩු නැතුව....මම දැක්කා කොහෙද තියෙනවා බයික් එකේ සීට් එක යට බත්කොළ වගේකුයි රබර් බෑන්ඩ් පැකට් එකකුයි තිබුනා කියලා......

    ReplyDelete
  34. මාරයා මල්ලි ඕකට තමයි කියන්නේ තනිකඩයාගේ නිදහස කියලා. ඔය ගමන අපිට යන්න නම් ඉතින් පෙරුම් පුරන්න එපාය..

    ReplyDelete
  35. හා හා ඉක්මනට පල නැගෙනහිර..................!

    මාත් යන්ට ඉන්නෙ ඊට කලින් ගිහින් ඇවිත් ලියහන් විස්තරේ

    ReplyDelete
  36. පහුගිය ටිකදොහේම සද්දයක් නැතුව ඇවිල්ල කියවල ගියා විතරයි. බොහොම ආසාවෙන් කියවපු සංචාරක සටහනක්

    ReplyDelete
  37. මම ආසාවෙන් ඇවිත් ඇවිත් කියවපු සංචාරක සටහනක්. කලින් පාර සාමෙට මුවා වෙලා හිටි වෙලේ එහෙ යන්න ගිහින් හරියට වෙනම රටකට යන්න වගේ විසා පාස් ගන්න ගිහින් හිටිය වෙලාවේ හිතුනු ටික...... යුද්ධෙ නිමා නොකරන්න අපිට යාල්පානම දකින්න වෙන්නේ වෙනම රටක් හැටියට. එකේ ගරුත්වයනම් ඒ අදාළ ඇත්තන්ට යා යුතුමයි. ඒ වගේම මැරෙන බව දැන දැනත් වෙඩි උන්ඩේට පපුව දීල අපිට ඔය පැත්ත දකින්න දුන්න මුර දෙවතවන්ටත් ඔය පිං අත්වෙන්න ඕනේ.

    ReplyDelete
  38. මුළු සංචාරක සටහනේ වැදගත්ම ලිපිය තමා මේක.....ගොඩක් ස්තූතියි මාරයියේ මේ ගැන දැනුවත් කරාට..... :)

    ReplyDelete
  39. අඩේ මට මේක මිස්උනේ කොහොමද?. මාත් හරි ආසයි ඔහොම ගමනක් යන්න. කොහේද තාම බැරි උනානේ යන්න. බයික් ගමනකට තියන උන හොඳවෙන්න ඔහොම ගමනක් යන්නම ඕනි.

    ReplyDelete