14 February 2012

මාරයාට පෙනි පෙනි නැවතත් ගුවන් අනතුරක්..ජීවිත හානි නැත...

මේවා ලියන්න ගියාම බලන අය හිතයි යකෝ මූ ඉන්න හරියෙන් යන එක හෙන බයානකයිනේ කියලා..ඒත් මං මොනවා කරන්නද දෙයියනේ.. මෙව්වා රිපෝට් කරන්න මටම වෙන එකයි කණගාටුවට කාරණාව..ඒත් අකමැත්තෙන් උනත් මගේ මාධ්‍ය මෙහෙවර කරන්න මට වෙලා තියෙනවා...

කවුරුත් දන්නවනේ මං මේ වෙනකොට සියැසින්ම ගුවන් අනතුරු දෙකක් දැක ගන්න ලැබුන පුද්ගලයෙක් කියලා.. එයින් එකක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ධාවනපථය තුලදීම සිද්ධ වෙච්ච පුහුණුවීම්වල යෙදුණ ප්‍රහාරක යානයක්..අනිත් අවස්ථාව මේ මෑතකදී වෙච්ච යක්කල ගුවන් අනතුර..මොන හේතුවකටද මංදා ඔය දෙකම දෑසින් දැක ගන්න මට සිද්ධ උනා..ඒ අස්සේ තමා මේකත් උනේ...හැබැයි මේ වතාවේ අනතුරින් කාටවත් හානියක් උනේ නැහැ.. සිද්ධිය උනේ මෙහෙමයි...

වේගයෙන් පියඹා ආව යානයන් දෙකක් මගේ අවට ගුවනේ කිහිප විටක්ම ගුවන් කරණම් ගසමින් එකිනෙකට ළඟින් පියාසර කලා... සාමාන්‍යයෙන් මේ හරියේ ඕක නිතරම සිද්ධවෙන සුළභ දසුනක් හින්දා මං ඒ හැටි ගණන් ගත්තේ නැහැ.. ඒත් ඉතිං කවුද අකමැති ඔය පියසර සරඹ බලන්න..ඉතිං මාත් මුර කුටියේ මගේ ආසනේ වාඩි වෙලා ඉන්න ගමන්ම ඕක දිහා බලං හිටියා..ඒත් එක පාරටම නොසිතූ යමක් සිද්ධ උනා...

ඒ වෙලේ යානා දෙකම පොළවට බොහෝම සමීපයෙන් පියාසර කරමින් තිබුණේ..එක් වරම ඇඳි ආව යානා දෙකෙන් එකක් අතරමග තිබූ බාදකයක් හඳුනා ගත නොහැකිව වේගයෙන් විත් එම බාදකයේ ශබ්ද නගමින් හැපී ඇඳ වැටෙනවාත් සමඟම පිටු පසින් ආව යානාව කෙසේ හෝ වේගය පාලනය කර ගනිමින් බාධකයේ නොහැපී ආපසු හරවාගෙන ගොස් බේරුනා..

මං වහාම බැළුවා හැුන යානාවට මොකද උනේ කියලා...මේ තියෙන්නේ ඒක...
අවුලක් නැහැ බොහෝම තදින් හුස්ම අල්ලනවා..මං හිතන්නේ ආව වේගෙට පපුවමයි වැදෙන්න ඇත්තේ..ඒ හින්දා මං ලං වෙන්න ගියේ නැහැ..මං ළං උනොත් මේකා තවත් බය වෙලා හෘද ස්පන්දන වේගය දරාගන්න බැරිව මැරෙන්න පුළුන් නිසා මං මගේ පාඩුවේ හිටියා...

කොහොම හරි එහෙම පැය බාගයක් විතර හිටිය කුරුල්ලා පස්සේ පැත්තකට ඇදිලා ගිහින් මුල්ලක හැංගිලා හිටියා..මේකත් එක්ක කරණම් ගගහා හිටිය අනිකා ගාඩ් රූම් එක ඉස්සරහා ෆැෂන් වැලේ ඉඳගෙන මං දිහාත්..මෙයා හැංගුන තැනත් දිහා මාරුවෙන් මාරුවට බලං හිටියා...

ඇත්තටම උන් දෙන්නම මටවත් මාත් එක්ක රාජකාරි කරන අනිත් කෙනාටවත් ඒ හැටි බයක් නැහැ.. උන් දෙන්නා දැන් කාලෙක ඉඳන් මේ ඉස්සරහ ෆැෂන් වැල් ගාලේ කූඩු හද හද ඉන්න ජෝඩුවක්... උන් කූඩු හදනවා.. මෙතන ඉන්න ලෙනෙක් ඒ කූඩුව කඩනවා.. එකම වලියයි... ඒ ලේනා එහෙම කරන්නත් හේතුවක් තියෙනවා.. ඒ තමා මෙච්චර කාලයක් අපි ඌට කන්න දුන්නා..ඒත් දැන් මේ කුරුළු ජෝඩුව ආවට පස්සේ උගේ බත් පංගුවට තවත් හවුල් කාරයෝ දෙන්නෙක් ආව කේන්තියට තමා ඌ මුං දෙන්නට ගේම දෙන්නේ... ඉතිං අපේ වැඩේ ඔය වලිය බේරන එකයි... කුරුල්ලෝ දෙන්නා එහෙ මෙහෙ වෙනකල් ඉඳලා ලේනා දුවං ඇවිත් කූඩුව හප කරනවා.. ඒක දැක්කොත් උන් දෙන්නා ඇවිත් පිහාටු පුම්බගෙන ලේනා වටේ කැරගෙනවා..අපි ඉතිං හීන් කෝට්ටක් තියං ලේනව එලෝනවා..ඌත දන්නවා මලාට ඌට ගහන්නේ නැහැ කියලා..ඉතිං ඌ අපිව තඹේකට ගණන් ගන්නේ නැහැ.. කොහොමද අප්පා මේවා බේරන්නේ...
ඔය උඩිං ඉන්නේ ලේන් යාළුවා තමා...ඌටත් උඩින් පේනවාද වැහි කුරුළු කූඩුවක් තියෙනවා.. පේන්නේ නැත්තං පහළ පින්තූරේ බලන්නකෝ...
පේනවද..ඒ තමා වැහි කුරුළු කූඩුව..අර තක්කඩි ලේනා ඒක ඇතුලටත් රිංගලා ඉන්න හැටිත් පේනවනේ... මූ එක්ක කිසිම දෙයක් බේරගන්න බැහැ...ඔය වැහි කුරුළු කූඩුවේ හිටිය යාළුවන්ටත් ඒ දවස්වල මේකා හරියට කෙනෙහිළිකං කලා..දැන්නං උන් නැහැ..ඉතිං මූ ඒකෙත් අයිතිකාරයා වගේ තමා...

හප්පා මං කියන්න ආවේ මොනවද..අන්තිමට කියන්න උනේ මොනවද නේද..මගේ රාජකාරි ස්ථානේ තියෙන සුන්දර පරිසරය ගැන රචනාවක් ලියන්නයි වෙන්නේ මෙහෙම ගියොත්.. ඒ හින්දා දැන් ඒක නවත්තලා මෙන්න මං යනවා.. ආ ඊට කලින් ඔන්න පහළීන් දැම්මා අර යාළුවා හැප්පුන බාදකය.. ඒ තමා මගේ කාමරේ ඇතුලේ වීදුරු ජනේලය...මූ හැප්පුනේ ගාඩ් රූම් එක ඇතුලෙමනේ... ඉතිං හිතා ගතෑකිනේ මුං අපිව ගණන් ගන්නේ නැහැ කියලා..කොයි වෙලෙත් මේක ඇතුලෙත් පියාඹනවා...එහෙම ගිහින් තමයි දඩොස් ගාලා ඔන්න ඔකේ වැදුනේ...

හැබැයි බය වෙන්න එපා..පැය දෙහෙකට විතර පස්සේ ඌත් පියාඹලා ගියා... දැන් ඕක වෙලා සතියක් විතර ඇති..ඒත් මං නොදා හිටියේ..බලන අය හිතයිනේ මං ඉන්න හරියේ අහස හෙන බයානකයි කියලා..ඒත් ඊයේ මගේ සීමාවෙන් පිට අනතුරක් උන විත්තිය දැන ගත්තට පස්සේ තමා බය නැතිව මේක දාන්න හිතුවේ...

66 comments:

  1. අන්න හිත හීල් කරන කතාවක්. පස්සේ ගුවන් යානය රෙපෙයාර් කරගෙන ආපහු පියාසර කරන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියේ..ඌ යහතින් ගියා..මට ඒ ටික දාන්න බැරි වෙලා ආයෙමත් පටස් ගාලා දැම්මා..ඒ දාලා බලනකොටත් අයියා මේක කියවලා කමෙන්ට් කරලත් ඉවරයි...

      Delete
  2. ඇන්දා කියහංකෝ :D

    ReplyDelete
    Replies
    1. හික් හික්..අඩුම ගානේ උඹ ඒක ඇත්තටම කිව්වා..ඒකත් මදෑ...

      Delete
  3. මේක නං අමු කෙප්පයක්ද කොහෙද?..

    මම නම් අහුවුනේ නෑ..පිංතූර බලන්න පහළට කරපු හින්දා බේරුනා..

    ReplyDelete
    Replies
    1. :D:D:D
      කාටද ඉතිං කියන්නේ...

      Delete
  4. මොකද බං අර වීදුරුව සුදු කරල තියෙන්නෙ. එහා පැත්තෙ ගෑල්ළමයෙක්වත් හිටියද?

    ReplyDelete
    Replies
    1. එකක්නං කමක් නැහැ කියහංකෝ...

      Delete
  5. මම හිතුවෙ මේ පාර වැටුන මිග් එකටත් මාරෙ අයියගෙ සම්බන්දයක් තියෙනව කියල ;)

    ReplyDelete
    Replies
    1. අනෙ අප්පච්චියෝ නැහැ... මේ පාර මං ඒකෙන් බේරිලා...

      Delete
  6. මාරයියා යන යන තැන් වල මාරයියාගේ හිසට ඉගලින් ගමන් කරන වස්තූන් බිමට කඩං වැටීමේ අවධානමක් තියෙනවයි කියලා මිනිස්සු කතා වෙනවා ඇහුනා :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං බය නැතිව කියන්නේ
      "අපේ ඔළුවට උඩින් කපුටෙක්වත් යන්නේ නැහැ කියලා.."

      Delete
  7. ඔය බිත්තියෙ සුවර් එකටම මාරයා අයියගෙ වැඩපොලේ විස්තරේ අහුවෙන සාක්ෂියක් ඇති. හා බොරුද මං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හපොයි මොන විස්තරද..අනික දැන් මෙතනට අපේ බ්ලොග් ලියන කියවන කීප දෙනෙක්ම ඇවිත් ගෙහුන් තියේ..ආයේ ඉතිං මොනවා කියලා හංගන්ටද නගා.. ඕනනං අර තිස්ස අයියගෙන් අහලා බලන්ට මං කිව්වයි කියලා...

      Delete
  8. මාර අනතුරක්නේ.
    හප්පා කියන්නත් දෙයක් තියනවාද. මාරයානේ දැකලා වාර්ථා කරන්නේ....
    ඇත්තට අර වීදුරුව පාට කරලා ඇයි...:P

    ReplyDelete
    Replies
    1. එහා පැත්තේ වෙනම සීන් කෝන් එකක් තියේනේ..එව්වා පෙන්නලා ඇහැකිද බොලාට...

      Delete
  9. එහෙනම් මූට ඉහලින් කාක්කෙක්වත් පියාඹන්න අකමැති හේතුව මේකයි....:D

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපන්.උඹව කුරුළු හමුදාවෙන් පන්නන්න හේතුවත් මේකම නේද ?

      Delete
    2. එහෙම හරි වැඩේ වෙනවනං එච්චරයිනේ...:D

      Delete
    3. යකඩෝ මං මේකට උත්තර බඳිනකොටම තව අවලං පුරස්නයක් අහලා නේද..මූව කොටියම කාපිය...

      Delete
  10. පත්තරේ දාන්න ඕන කථාවක් මේකනම් :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් හිතන් ඉන්නේ බලලා ඉවර කොරපු එහෙක වාටියකවත් මේක දාන්ටයි කියලා...

      Delete
  11. මාරය කියන්නෙ නිකන්ය.. අනිත් උන්ට මාරකේ..

    ReplyDelete
  12. ඕක අර අබේපාල මාමගෙ ලේන එහෙම නෙවි නේද ?

    ReplyDelete
  13. කොටියම කාපිය.... අර මිග් එකට මාර බැල්ම වැටිලා කියලයි මම හිතුවෙ.

    ReplyDelete
  14. අඩේ මාරයියා නිකං බර්මියුඩා තිරිකෝණෙ වාගෙ ඩයල් එකක්නේ.

    ReplyDelete
    Replies
    1. දුකේ බැහැ දෙයියනේ..මටමයි වෙන්නේ...

      Delete
  15. Replies
    1. අඩේ අර මාරක පස්සෙන් පන්නන චිත්තර පටි වගයක් තිබුනේ ඔහොම නමකින් නේද..

      Delete
  16. මම හිතුවෙම අර වැටිච්ච මිග් එක කියලා ඇන්දා ඇඳිල්ලක් කියලා වැඩක් නෑ හපෝයි..... මේවා ඇවිල්ලා මාර ලණු

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඔන්න ඕකනේ මෙච්චර වැදගත් දෙයක් වාර්ථා කොරලත් කියන කතා මං අහන්නේ...:D

      Delete
  17. මම හිතුවෙත් මිග් එකට මාර ප්‍රහාරයක් කියලා....!

    ReplyDelete
    Replies
    1. හපොයි මං මේ බිම ඉඳන් ගල් වලින් ගහන්ට කියලද..?

      Delete
  18. මම යන ප්ලේන් එකක් නං කවදාවත් තොගෙ ඔළුවට උඩින් යන්ඩ දෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. අඩෝ බොලාට කොහොමත් මගේ ඉහට උඩින් යන්න මං තියන්නේ නැහැ ඩෝ...:D:D:D

      Delete
  19. පියාඹා ගෙන එනකොට මාර බැල්මට් එක දකින්න ඇති.. කුරුල්ලා කලාන්තෙ දාලා එතනම දොහ් ගාලා වැටෙන්න ඇති.. වැටිලා ඉන්න විදියෙන්ම කියතහැකි..සෑහෙන්න බයවෙලා තියෙනවා කියල :DD

    ReplyDelete
  20. මුර කුටියේ පියාසැරූ කුරුල්ලාට මාරයා විශ වායු ප්‍රහාර එල්ලකරයි

    ReplyDelete
    Replies
    1. ඕනයියා දාන කමෙන්ට් වල අකුරු මාරු කරලා බලන්නමයි හිතෙන්නෙ ..මොකෝ මන්දා?

      Delete
  21. ඇති ඔයින් ගියා.......

    ReplyDelete
  22. පියාසර නිලධාරි ලෙෆ්ටිනනට් වැහි කුරුල්ලා ඉක්මනින්ම මාරයටා ගේමක් දෙන්න ලෑස්ති කරන්න,,ලේනටත් එක්කම

    ReplyDelete
  23. මං බැළුව මේ ට්‍රාන්සර් එකෙක්වත් දීලද කියල අර පලාතට. කෙහල් මල !

    අර වැදිච්ච එකාට මොනව හිතෙන්න ඇද්ද දෙයියනේ. උගෙ නහය මුක්කං වෙලා යන්න ඇති.

    ReplyDelete
  24. මාරයාට වර්චස් ප්‍රහාරයක් එල්ල කරන්න ආපු ප්‍රහාරක යානාවක්ද දන්නෑ වෙලාවට තමයි ලඟට ගියේ නැත්තේ

    ReplyDelete
  25. මාත් ලෙසටම ඇදගත්ත මිග් 27 කියල.;-)

    ReplyDelete
  26. ඇති ඔයින් ගියා... අතක් පයක් නොකැඩී....

    ReplyDelete
  27. අවදානම් කලාපයක් වගේ ...ඇයි බොලේ දැන් සත්තු වත්තක්ද මුර කරන්නේ .

    ReplyDelete
  28. කුරුල්ලගේ පින්තූරේ අතර මැද නොදා ලිවුවනම් අයියේ කතාව ඉවර වෙනකම්ම සෑහෙන්න අදිනවා මම..

    ReplyDelete
  29. මදැයි මිග් එක කඩන්වැටුන හැටි බලන්න ආවා...

    ReplyDelete
  30. පිංතූර බලන්න ඇද්ද නිසා තේරුණා මේ කියන්නේ මිග් ගැන නෙමේ කියලා :)

    ReplyDelete
  31. 'අපි ඉතිං හීන් කෝට්ටක් තියං ලේනව එලෝනවා'
    හි.. හි.. අදනේ මාරයියගේ ජොබ් එක මොකද්ද කියල දැනගත්තේ.

    ReplyDelete
  32. ඔය වීදුරුවේ පොඩි ඉස්ටිකල් මොනවා හරි අලවන්ට - නිතර කඩනා මල් වලින් මිටක් අරන් විසුරුවා වාගේ පෙනෙන්ට - බාධකයක් තියනවා කියලා තේරේවි එතකොට නිදහසේ ඉගිල්ලෙන කුරුල්ලන්ට තේරේවි ;-)

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියෙ අර ලේනා එලවන්න විදියකුත් මේ...මේ....:D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. "බලාගෙන! මෙතන වීදුරුවක්" කියලා ලිව්වනම් හරි...

      එහෙම නැත්තම් ඉස්ටිකර් තියෙනවා වීදුරුවේ එක පැත්තක් විතරක් පේන්න අලවන්න හැකි... ඒකක් ඇලෙව්වනම් එක ගලෙන් කුරුල්ලො දෙන්නයි... :D

      Delete
  33. // ජීවිත හානි නැත... //

    හිහ්.. මාර මාරයෙක් මෙයා....

    ReplyDelete
  34. වීදුරුවෙන් එලියේ මහ කාන්තාරයක් වගෙයි පේන්නේ!

    ReplyDelete
  35. ආදර්ශය:
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා පැහැදිලිව, නිරවුල්ව, විනිවිද පෙනෙන ආකාරයට තිබීම අනතුරුදායකය.

    ReplyDelete
  36. දඩ බඩ ගාලා බැලුවේ මාරයා පෝන් එකෙන් පිංතූර ටිකක් ගහලා ඇති කියලා බලන්න....බැලින්නං වෙන සීන් එකක් නේ....

    ReplyDelete
  37. බිම වැටුණු යානාව ආපහු කරදරයක් නැතුව ගුවන්ගත කලා කියල අහන්න ලැබීම සතුටක්.....

    ReplyDelete
  38. මම හිතුවෙ MI27 එකත් කඩා වැටුනේ කිට්ටුවට කියලා.. කෑවා සුපියල් පා...

    ReplyDelete
  39. මගේ අම්මෝ....බයියේ බෑ.... o.O...

    පේන විදියට නම් මාරයියගේ රාජකාරී ස්ථානයේ පරිසරය සුන්දරයි වගේ....

    ReplyDelete
  40. පව් අහිංසක සතා ......
    වෙලාවට මුකුත් උනේ නැත්තෙ ........

    ReplyDelete
  41. බර්මියුඩා මාර....

    මං හිතුවෙ අර දුම්මලසූරිය වෙච්ච එක ගැන කියල මුලිං බලපු ගමං

    ReplyDelete