18 February 2012

බ්ලොග් ලියන එකත් හරියට මේ වගෙයි...

බ්ලොග් ලියන එකත් හරියට කොයි වගේද කියලා කිව්වොත් ඒකත් හරියට කළුගල් බැම්මක් බඳිනවා වගේ වැඩක්...

කළු ගල් බැමි දැකලා ඇතිනේ කවුරු කවුරුත්..නැත්තං ගිහිං හොයාගෙන බලන්ට...

සාමාන්‍යයෙන් දැන් ඔය අපි ගෙයක් දොරක් හදන්න යනකොට එකේ අත්තිවාරම එහෙමත් නැත්තං සිංහල වචනේ මං හිතන්නේ ෆවුන්ඩේෂන් එක බදින කොට වගේම පස් කඩා වැටෙන අනාරක්ෂිත ස්ථානවල එම තැනෙහි ආරක්ෂාව සඳහාත් කළු ගල් බැමි බැදෙන වෙලාවල් තියෙනවා.

ඉතිං ඔය පුරාණ පන්සල්වල.. බලකොටුවල..රජමාළිගාවල එහෙමනං කළුගල් බැමි බැඳපුවා දකින්න තියෙනවා සමහරක්.. එවානං බැඳලා තියෙන්නේ හතරැස් කොරපු ගල් කුට්ටිවලින්..ඒ දවස්වල හොඳ ගල් කැපුං කාරයො හිටියට දැන් ඉන්නේ කියුං කාරයෝ මිසක් එහෙමට කැපුං කාරයෝ නොවෙන හින්දද කොහේද අද කාලෙක එහෙමත් තැනක තමා ඔය වගේ හතරැස් සුමට කළු ගල් බැම්මක් බැ‍ඳෙන්නේ.. නැත්තං ඉතිං කොහේත් බැමි බැ‍‍ඳෙන්නේ ගානකට මිම්මකට නැති රළු මුහුනත් තියෙන කළු ගල්වලින්ම තමා... මං මේ කියන්ට යන්නේ අන්න එහෙම ගල් බැඳීම ගැනයි...

මං කියන්ට ගියේ මේ නිර්මාණ කාරියත් හරියට ඔය ගල් බැඳිල්ල වගේ කියලයි.. ඇයි එහෙම කියන්ට හේතුව කළු ගල් බැම්මක් බඳිද්දී ඒකට ‍ලොකු ලොකු ගල් වගේම පොඩි පොඩි සක්ක ගලුත් ඕන කරනවා... ලොකු ගල්වලින් ඉක්මනට බැම්ම බැදෙනවා වගේම ලක්ෂන ගතියත් සවි ශක්තිමත් පෙනුමත් ඇති කෙරෙනවා..පුංචි පුංචි බොරළු කැට වගේ දේකින් ඒ වගේ ශක්තිමත් ස්වභාවයක් අපිට පේන්නේ නැහැ..ඒත් අපි නොහිතන කාරණයක් තමා ඔය ලොකු ලොකු ගල් සවිශක්තියට පිහිටවා ගන්න උපකාරී වෙන්නේ සක්ක ගල් කියන එක...

සක්ක ගල් කියන්නේ පොඩි පොඩි ගල් පතුරු කෑලිවලට... නියමිත හැඩයක් තැනි ලොකු කළු ගලක ටිකක් හරි සමතල පැත්තක් තෝරගෙන ඒක බැම්මේ පිටතට පේන පැත්තට තියලා බැම්ම බඳිනකොට ඒ ගල නියමිත ආකාරයට රඳවගන්නවෙන්නේ සක්ක ගල් ගහලා..එහෙම නොවුනොත් ඒ ගල පෙරලිලා වැටෙනවා.. ඉතිං පොඩි පොඩි ගල් වලින් සක්ක ගහලා තමා අන්තිමට බඳාම හැන්දක් ගහලා අර ලොකු ගල සක්ක ගලුත් එක්කම බැම්මට සවි කර තබන්නේ.මේ බදාම පාරත් ගල් අතර ඇති හිඩස් හොයාගෙන ඒ අස්සට හොදින් කැවුනම තමා බැම්මේ සවි ශක්තිය නියමිත ආකාරයට රඳා පවතින්නේ... ඒ අනුව නියම විදියට බැම්මක් බැ‍ඳෙන්න නම් ලොකු ගල්..සක්ක ගල් වගේම හොඳින් බඳාම කැවීමත් වැදගත්...ඒක ඉතිං හොඳට කෙරෙන්නේ ඒ ඒ බාස්ගේ හැටියට තමා...

බ්ලොග් ලිවිල්ලත් ඒ වගේ තමා...

සාමාන්‍යයෙන් ලොකු කළු ගලකට පොඩි පොඩි සක්ක ගල් රාශියක් එකතු උනාම හයියට හිටිනවා වගේ ඉතාඋසස් නිර්මාණ..ලිපි අතරට සාමාන්‍ය මට්ටමේ නිර්මාණ තියෙන්නත් ඕන.. ඒවයින් වෙන්නේ අර සමස්ථ බ්ලොග් එකම එක්තරා අන්දමක ස්ථාවර තත්වයකට පැමිණිමයි..ඒ අතරට කමෙන්ට් කරුවන්ගෙන් වදින බඳාම පාරවලුත් ආවම බැම්ම සම්පූර්ණයි.

ලොකු ලොකු ගල් හැටියට බොහෝම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන ලිපි වගේම... සක්ක හැටියට ඔය සාමාන්‍ය ලිපිත්..ඒ අතරට බදාම වගේ සවිවන කමෙන්ටුත් එකතු උනානං වැඩේ සාර්ථකයි..ඒක තමා බ්ලොග් එකක් දීර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි හොඳම විදිය.

අපිට කාටවත්ම කවදාවත්ම බැහැ සීයයට සීයක් හොඳම නිර්මාණ විතරක් ඉදිරිපත් කරන්න... ලෝක ඉතිහාසයේ හිටිය ඕනම නිර්මාණ කරුවෙක්ට ප්‍රශස්ථ වගේම දුර්වල නිර්මාණ ගැනත් අතීතයක් තියෙනවා..ඒ සාමාන්‍ය ස්වභාවය... වැදගත්ම දේ ඒ හැම දෙයක් අතරින්ම තමන්ගේ ගමන යෑමයි..එහෙම නැත්තම් බැම්ම බැඳිමයි...

එහෙම නැතිව මං ලියන්නේ හොඳම හා ප්‍රබුද්ධ ලිපි පමණයි කියලා හිතුවොත් ඒක ලේසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..සක්ක නැතිව ලොකු ලොකු ගල්වලින් විතරක් බැමි බැන්දොත් එහි ශක්තිය අඩුයි වගේම එක්තරා උසකදී බැම්ම පෙරලෙන්න තියෙන හැකියාව වැඩියි.. මොකද අපි හොඳම ඒවා කියලා විතරක් ලිය ලිය ඉඳලා කොයි වෙලේ හරි අපි හොඳයි කියලා හිතං මහන්සිවෙලා ලියන දේකට නිසි ඇගයීමක් නැති උන දවසට අර මෙච්චර දවසක් ලියං ඇවිත් හදාගත්ත හැම දේම නැති උනා වගේ දෙයක් තමුන්ට දැනෙන් පුළුවන් නිසා...

එහෙම නොවෙන්නනං හොඳ වගේම සරල ලිපිත් ලියවෙන්න ඕන..එතකොට ඒ දෙවර්ගෙටම ලැබෙන ප්‍රතිචාර දිහා බලලා වැඩිය ඇගට නොගෙන තමන්ගේ ගමන යන්න හැකියාව ලැබෙනවා...තමුන්ගේ ලේඛන හැකියාව හොඳින් පවතින කාලවලදී වගේම යම් යම් ආකාරයකින් දුර්වල වෙලා තියෙන කාලවලදිත් වැඩි අපහසුවක් නැතිව වැඩේ ඇදගෙන යන එක එහෙම උනාම ඒ හැටි දෙයක් නෙවෙයි...

හොඳ නිර්මාණ පවුරක් බැඳීමත් කළු ගල් බැම්මක් බැඳිමත් දෙකම එක වගේ වැඩක්ය කියලා මට හිතුනේ ඔන්න ඔය හින්දයි...
.........................................

සැලකිය යුතුයි. ගඩොල් හා බ්ලොග් ගල් බඳින්නන්ට අඳාල නොවේ..:D

.........................................

තවත් පුංචි කතාවක් කියන්නං...

විවිධ දේවල් කරන පිරිසක් ගෙන්වලා එකම කාරයක් බාර දුන්නා කියලා හිතන්න..උදාහරණයක් හැටියට පිළිරුවක් හදන්න කිව්වා කියලා...

ලී වඩුවා එය ලී කොටයකිනුත්..ගල් වඩුවා ගලෙනුත් හදන කොට පාන් බක්කරේ ඒකම පිටි මෝලියෙනුත් කරනවා...අන්න ඒ වගේ මං දන්න දේට අනුව එපෑ මගේ උපහැරණත්...දැන් කියහල්ලාකෝ අවලං කතා..:D:D:D

64 comments:

  1. Replies
    1. තාම මට සක්ක ගල් ටික හොයාගන්න බැරිඋනා. :D

      Delete
    2. මොකට කියනවද අර වැදිල තියන කොමෙන්ට් තොගේ දකිද්දි ???

      Delete
    3. හික් හික් හික්... :D

      Delete
  2. මේකනම් වෙනී අයියාගේ ලිපිය දැකලා ලිව්ව එකක්ද මන්දා :D
    අපේ බැමි වලනම් තියෙන්නේ සක්ක ගල් විතරයි! :D

    ReplyDelete
  3. සෑහෙන්න වටිනවා අදහස් ටික.

    ReplyDelete
  4. ගල් විශේෂඥ මාරයා...

    ReplyDelete
  5. මන් බදාම පාරක් දැම්මා හොදේ.....

    ReplyDelete
  6. පොඩි කරනාවක් අහන්නද මාරෙ??

    ඔය ගල් බඳින්න කලින් ගල් කපන්න ඕනෙද?? :p

    ReplyDelete
  7. අපි බඳින්නේ මොන ගල් ද...?
    (තෝ ඉතිං මං ඉඳලා හිටලා දාපු සක්ක ගලටත් බදාම දාලා තිබුණේ නැහැනේ..

    ReplyDelete
  8. සේරමත් හරි, අර මං දන්න දේට අනුව එපෑ මගෙ උපහැරණත් කියන එක තමයි මට තේරෙන්නෙ නැත්තෙ...

    ReplyDelete
  9. මාරයා එන පොට හොඳ නෑ.....! කොහෙට හරි ගල් ලෝඩ් එකක් බාන්න හරි බාල හරි තමයි මූ මේ මරු කියවන්නෙ....! ඒ අස්සෙ බේකරි කතාවකුත් කිව්වා නේද ?

    ReplyDelete
    Replies
    1. අයිය කියන්නෙ පාං කරවෙලා කියලද ????

      Delete
  10. ඔය සක්ක ගල් වලට වැලි ගල් එහෙම තියලා බදිනවා නෙවේ .................!

    ReplyDelete
  11. මාරේ අයියේ අපි නම් බැම්ම බඳින්නේ “බ්ලොග්“ ගල් වලින්... !!! :P

    ReplyDelete
  12. "ලී වඩුවා එය ලී කොටයකිනුත්..ගල් වඩුවා ගලෙනුත් හදන කොට පාන් බක්කරේ ඒකම පිටි මෝලියෙනුත් කරනවා...අන්න ඒ වගේ මං දන්න දේට අනුව එපෑ මගේ උපහැරණත්"

    කෝ මේකෙ උදාහරණෙට අරං තියෙන්නෙ මැල්ලුං නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඕඕ, ඒ දෙකෙන් එකක් නැතුව මේක කොහොමද මෙයාගෙ උදාහරණයක් වෙන්නෙ? මේක ෂුවර් එකට කොපියක්!

      Delete
  13. බ්ලොග් ගඩොල් නැද්ද?

    ReplyDelete
  14. //ඒ දවස්වල හොඳ ගල් කැපුං කාරයො හිටියට //

    වලගම්බා රජ්ජුරුවන්ට දෙක වෙන්න පොරක් තාම ඉපදිලා නෑ . . . බලන්නකො එතුමා රට පුරා කපල තියන ගල් තොගේ

    ReplyDelete
    Replies
    1. ඇයි ......... මාමා කපන ඒවා.

      Delete
    2. ........ මාමාගේ පුතා තමා ලංකාවේ මෙතෙක් හොදම ගල් කැපුම් කාරය.:D

      Delete
  15. මම දන්නෙ මෙච්චරයි! ගල් සෙල්ලම එච්චර හොඳ දෙයක් නෙමේ කියලා කපුටත් කියලා තියෙනවා

    ReplyDelete
  16. මාරයා කබොක් ගල් තාම කපලා නෑ වගෙ....
    ඒවයිනුත් යස අපූරුවට බඳින්න පුලුවන් ..
    හැබැයි අර සක්ක නම් ඕනෑ ම වෙනවා.

    ReplyDelete
  17. මොකද කවුරුහරි ලඟකදී හිත රිදෙන්න මොනාහරි කිව්වද උඹේ ගල් බැම්ම ගැන
    කට්ටිය තම තමන්ට පුළු පුළුවන් විදිහටනේ තමන්ගේ බැමි බැඳ ගන්නේ...
    නැද්ද බං මාරයා

    ReplyDelete
  18. යකඩෝ බලොග් ලියන්නෙත් ආයෙ හරියටම ඔරලෝසුවට.... "මේක ලියනකොට මාරයාගේ හෝරාව හරියටම 12:01" අනේ මාරයියේ මාත් කාලයක් බැමි බැන්දා, අන්තිමට බැම්ම තිබ්බ ඉඩමත් නෑ ඉඩමට යන පාරත් නෑ.... ඕං "www.sahan.me" ආපහු පටංගන්න ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා.... ම්හු

    ReplyDelete
  19. ප්‍රවීණයෙක්ගේ දැනමුතුකම් පිළිගන්න එපෑ.

    ReplyDelete
  20. ගල් සහා සක්ක විතරයි වගේ ඕං බදාම පාරකුත් දැම්මා

    ReplyDelete
  21. ඔන්න එහෙනම් මගෙනුත් බදාම පාරක්. නියම ප්‍රමිතියට හදපු බදාම :D

    ReplyDelete
  22. හොඳ වටින කතාවක්නේ. එතකොට මං චිප් ගල් වලට මැටි ගහල හදපු බැම්මට මොකක් වෙයිද?

    ReplyDelete
  23. මේ දවස්වල එහාට මෙහාට වැදිච්ච ගල් වල හැටියට බැමි ගහන්න බැරියැ මදි නොකියන්න...

    ReplyDelete
  24. අර කියන්නැහෙ ගල්,වැලි, සක්ක, බදාම නොගෙන මැල්ලුම්, බිත්තර, එළවළු, වගේ උයන පිහින ජාති වලින් කීව නම් කතාව ටිකක් පිළි ගන්නත් තිබුනා :DD

    ReplyDelete
  25. මමත් බ්ලොග් ලියන එක නවත්තල දැම්මෙ මාරය අයිය ඔය කතා කරල තියෙන දේ සමබර කරගන්න බැරි උන නිසා තමයි. මට මේනියාවක් තියෙනව හැමදේම පුලුවන් හොඳම විදියට කරන්න. එහෙම නැතිනම් මගේ හිතට ලොකු හිස් බවක් දැනෙනවා. මහන්සිවෙලා ලිව්වත්, ගුණාත්මක දෙයක් දෙන්න උත්සාහ කරත්. ඒවා කවුරුවත් බලන්නෙ නැතිනම්..මගේ උත්සාහයේ වත් කාලය කා දැමීමේවත් තේරුමක් නැති වෙනව.

    අයියා ඔය කතා කරල තියෙන දේ මගේ බ්ලොග් එක දිහා බැලුවම හොඳින් පේනව..

    මම මුලින්ම ලියන්න ගත්තෙ වෙබ් අඩවි නිර්මාණකරනය ගැන පාඩම් මාළාවක්..මම එක දිගට මට පුලුවන් ඉහලම ගුණාත්මක බාවයෙන් ලියාගෙන ගියා..එහෙත් පාඨකයින් එනවා යනවා..අඩුම තරමේ මිනිත්තුවක් වත් මගේ බ්ලොග් අඩවියේ ගතකරල නැහැ..මම ඒකෙන් තේරුම් ගත්තා මම දෙන දේ තේරුමක් නැහැ කියල..

    ඉන් පසුව මම කැමති ‍එහෙත් බ්ලොග් කරුවන්ට වැදගත්වන ලිපි ලියන්න ගත්ත එම ලිපිත් අසාර්තක උනා..ඉතින් මගේ බ්ලොග් ලියන්න තිබුනු උවමනාව ටිකෙන් ටික ගලිහිලා ගිහිල්ල බ්ලොග් එක පාළුවට ගියා...

    ReplyDelete
  26. ගල්ම ඕනෙද ? පොල් වලින් බැරි වෙයිද ඔය බැම්ම බඳින්ඩ.........

    ReplyDelete
  27. වැදගත්ම ප්‍රශ්නෙ ඔබා අයියගෙන් ! :DD

    ReplyDelete
  28. මම නම් මේ දක්වා ලියල තියන හැමදේම ඒ මොහොතෙ හිතට එන දේවල් අනුව , මගේ මතය ප්‍රකාශ කල යුතුයි කියල හිතෙන තැනකදි ලියලා දාපුවො . ඒ ලියත්දි මේ ලිපිය හරබර එකක් , මේක බ්ලොග් එක ලස්සන කරන්න , මේක පාඨකයො අද්දගන්න ආදී වශයෙන් වෙන් කිරීමක් තිබුනේ නැ , මහන්සි වෙලා ලියපු සමහර ලිපි අවධානයට ලක්වුනේ අඩුවෙන් , ඒත් ඒවා නොලිය ඉන්නේත් නැ . යමක් හොයල බලල ලියන්න වෙනවා නම් එහෙම ලියන්නත් , ආතල් එකේ හිතට එන දෙයක් ඔහේ ලියල දාන්නත් තමයි ඉදිරියටත් බලාපොරොත්තුව . මගේ බ්ලොග් කරණය තුල "කලාවක්" භාවිතා නොවෙන නිසා ඒකට මම බ්ලොග් කලාවය කියල නම් කියන්නේ නැ , හැබැයි ඕනිම කලාමාධ්‍යක් ගත්තොත් ඔය ගම් බැමි තියරිය නියම කලාකරුවන්ට අදාල නැ , මොකද කලාකරුවෙක් තමන්ගේ නිර්මාණ මාවත නිර්මාණශීලිව මිසක් ගැලරි මට්ටමේ විකාර වලින් වෙනස් කරන්නේ නැහැ

    ReplyDelete
  29. ඕකට කියන්නේ සිංහල වචනේ බවුන්ඩේසම නේ! අපේ බැම්ම නම් හයිය වෙන්නෙම නෑනේ, තියෙන්නෙ ම සක්ක ගල්!!!!

    ReplyDelete
    Replies
    1. මං මේ පහලට කියවං ආවේ ලහිරු කවුරු හරි කියා නැත්නම් මතක් කරන්න - හරියට හරි
      බවුන්ඩේසම තමා සිංහල වචනේ

      Delete
  30. මෙලෝ දෙයක් තේරුනේ නැනේ.....කියන දෙයක් සරල සිංහලෙන් කියපන්කෝ....හැම තැනම ගල්නේ

    අද මට වැඩිද මන්දා...

    ReplyDelete
  31. අහ් හා ......
    ලොක්කා සහතික ඇත්ත කියලා තියෙන්නෙ .......
    ලියන්න ඕන හිතට එන දෙයක් බලන්න කිව්වත් වගේ ........

    ReplyDelete
  32. ඒත් මම හැමදාම කල්පනාකලා මේවට "බ්ලොග්" කියලා නම දාලාතියෙන්නේ ඇයි කියලා.. ගූගල් මාමා සක්ක වලට කියන නම දන්නැති හින්දා " බ්ලොග් " කියලා දාන්ඩ ඇති එහෙනම්..

    ReplyDelete
  33. මොනවා උනත් මාරම වටින පෝස්ට් එකක් අයියේ.. අළුති එන අයට සෑහෙන වටින උපදෙසක් මේක..

    ඔන්න මමත් බදාම පාරක් ගැහුවා..

    ReplyDelete
  34. මාරයියේ...මාරයියේ........මට සක්ක ගල් කෑලි ටිකක් හොයල දෙන්නකෝ......

    ReplyDelete
  35. ඇත්තම ඇත්ත.. ගල් ගැන ලිව්වට. සුදු ගල් ගැන ලියලා නෑ. බලන්න ඒකෙන්ම පේනවා මේ ලිපියත් එච්චර උසස් නීර්මාණයක් නෙමෙයි කියලා... :)

    ReplyDelete
  36. ඔබ කියන දේ හරි..
    subhashine.blogspot.com/

    ReplyDelete
  37. මට ගල් ගැන එච්චර දැනිමක් නෑ,මොකද මන් ඔය ගල් කෝස් එකට නෑනෙ,මට මාරයා සෙට් උනේ දැනට සති 2 කට විතර කලින්,කොච්චර ඇන්ගට වැදුනද කිව්වොත් මේ ටිකේ නිදි මරන් මාරය කියවනව මුල ඉන්දන්,දැනට පෝස්ට් 300 ක් විතර කියවල ඉවරයි,ඒනම් මාරයට යන යන තැන ගල්ම සෙට් වෙවා කියල ප්‍රාර්තනා කරනවා....

    ReplyDelete
  38. මට ගල් ගැන එච්චර දැනිමක් නෑ,මොකද මන් ඔය ගල් කෝස් එකට නෑනෙ,මට මාරයා සෙට් උනේ දැනට සති 2 කට විතර කලින්,කොච්චර ඇන්ගට වැදුනද කිව්වොත් මේ ටිකේ නිදි මරන් මාරය කියවනව මුල ඉන්දන්,දැනට පෝස්ට් 300 ක් විතර කියවල ඉවරයි,ඒනම් මාරයට යන යන තැන ගල්ම සෙට් වෙවා කියල ප්‍රාර්තනා කරනවා....

    ReplyDelete
  39. මාත් බැලුව මොකද්ද මේ ගල් සීන් එක කියල. හ්ම්.. හොයාගන්න ඕනෙ එක එක ජාතියෙ ගල් ටිකක්.

    ReplyDelete
  40. ආආ..... නියම වටිනා උපදෙස් ටිකක්නෙ.. ඔබතුමාවගේ ජේෂ්ඨ උත්තමයෙක්ගෙන් මෙහෙම වටිනා අදහස් ටිකක් අහන්න ලැබීම අහෝ මාගෙ කිනම් වාසනාවක්ද?? :D නියමයි !!!

    ReplyDelete
  41. අගනා උපදෙසට මගෙනුත් බදාම පාරක් !

    ReplyDelete
  42. අපේ පැත්තේ කිව්වේ ගල් වැටි බඳිනවා කියලා...හැමෝටම මේක කොරන්නෙ බෑ...එක වැස්සෙන් හේදිලා යනවා හරියට සක්ක ගල් ටික වැදුනේ නැත්තං...

    ReplyDelete
  43. ඇත්ත අයියේ මහ බැමි හැදෙන්න පුංචි ගල් මහ ගොඩක් ඕනෙ.

    ReplyDelete
  44. මඳක් ගැඹුරට හිතන්න වේලාවක් ලැබිල වගේ. යාපනේ සවාරියේ ප්‍රතිපලයක් මහිතේ.
    කෙසේ වුවත් පොඩි දර්ශන කෑල්ලට මගේ ප්‍රනාමය.

    ReplyDelete
  45. හ්ම් හ්ම් .මාරසරනියෙන් ගල් වැටි බැඳීම ගැන පාඩමක් . කතාව නම් ඇත්ත වගෙයි මටත් හිතෙන්නේ

    ReplyDelete
  46. හොදා හොදා.... ඔහොම බැදගෙන යමුකෝ....

    ReplyDelete
  47. බොල මාරයියේ! ගල් වැටි බැඳිල්ල විතරක් ඇතිය? දැං වත් කසාදයක් බැඳපිය!

    ReplyDelete
  48. හයියෝ මමනම් ඔන්න ඔය ගල් සබ්ජෙක්ට් එකට නෑ ඕං...

    ReplyDelete
  49. අළුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තු වෙලේ අයියා වගේ ඇසූ පිරූ වැඩිහිටියන්ගේ උපදේශ කොතරම් නම් වටීද. එළ එළ.

    ReplyDelete
  50. නියම උපදේසෙ මාරයෝ...
    ඔන්න මාත් ගැහුවා පොඩි බදාම පාරක්.... :D

    ReplyDelete
  51. ඔය උඩින්ම කමෙන්ට් කරල තියෙන්නේ අද මේ බ්ලොග් අවකාශෙ ඉන්න ජනප්‍රියම බ්ලොග් කරුවෙක්... අන්න ඉගෙන ගන්න බ්ලොග් ලියන හැටි හික් හික්

    ReplyDelete
  52. කවුද මන්දා දාලා තිර්‍බබා උඩින් පොල්වලින් බැරිද කියලා.පොල් නං රොක්ලන්ඩි තමයි .මාරයා කැමති එවට

    ReplyDelete