23 February 2012

අමරණීය වීමේ රහස දැන හුන් පුද්ගලයා...

"හාමුදුරුවනේ මං මේ ලෝකෙට පහළ උනේ මිනිස්සු මරණයෙන් මුදවන්න..මල මිනී වලට පණ දෙන්න...ඒක මට පුළුවන් වැඩක්...හරිනං මට ආණ්ඩුවෙන් මේකට අවස්ථාව දෙන්න ඕන..මං විතරයි ඒ රහස දන්නේ...ඒත් කෝ මට කවුරුවත් අවස්ථාවක් දෙන්නේ නැහැනේ..මට ඔය ලංකාවේ මැරෙන මිනිස්සුන්ගේ මිනී ටික එකතු කරලා දෙන්න. ඒවා තියා ගන්න තැනක් දෙන්න..මං සති දෙකෙන් ඒ අයට ආයෙම පණ දෙනවා. මේවා බොරු නෙවෙයි.හැබැයි ඒ මිනී එම්බාම් කරන්නේ නැතිව ඕන..එහෙම දෙනවනං මං කියා දෙන්නං ඒ රහස..දොස්තරලටත් කියා දෙන්න මට පුළුවන්..."

ඉඩක් දුන් ගමන් ඔහු කියවාගෙන යයි... මා අසා සිටිමි..වැදගත් වැඩක් පලක් නැති වේලාවකට මෙම කතාව අසා සිටීම එතරම් අපහසුවක් නැත..අතර මැදින් උවමනා නම් ප්‍රශ්නද නැගිය හැක. නමුත් ඒවාට ඔහු විසින් දෙනු ලබන පිළීතුරු මා විශ්වාස කරනවා යැයි ඔහුට ඒත්තු ගැන්විය යුතුය..නොඑසේ නම් ස්වල්ප වේලාවකින් ඔහුගේ ස්වරය උච්ච වේ.. එවිට ඔහු කියනවාට වඩා අණ කරනවාක් වැනි ගතියක් පැහැදිලිව දක්නට ඇත..

මේ මා විස්තර කරනු ලැබුවේ මල මිනිසුන්ටත් පණ දිය හැකි යැයි කියනු ලබන අයකු පිළීබඳවයි.. හෙතෙම මා අවසාන වතාවට දුටුවේ මීට වසර 3කට හෝ හතරකට පමණ ඉහතදීය...ඔහුව මා හට මුණ ගැසුණේ මීට වසර 8කට පමණ පෙරදීය... මේ ඔහුගේ කතාවයි...

එවකට මා නිවස හැර පියා ගොස් පන්සලේ ජීවිතය ගත කරමින් සිටි කාලයයි.. එම විහාරස්ථානය වැඩි කල එළීයක් නොමැති ජන ශූන්‍ය ස්ථානයක් වූ බැවින් ඉඳ හිට හෝ එයට ගොඩ වදිනා අය පිළීබඳව මතකය බොහෝ තදින් මතකය වැළද ගන්නා බව අමුතුවෙන් කිය යුතු නොවේ..මෙම පුද්ගලයාද එවැන්නෙකි...

එවකට වයස අවුරුදු විසි පහක් තිහක් අතර පමණ වේ යැයි සිතිය හැකි පෙනුමක් තිබූ ඔහු දැක්මට ප්‍රසන්නය.. සිහින් කෙසඟ සිරුරත්..නිතරම තෙත් ගතියෙන් යුතු තෙල් ගානා ලද කැරළී ගැසුන කොණ්ඩයත්..තළෙලු ගතිය ඉක්මවා යන්නා වූ මඳක් සුදු පැහැ ශරීරයත්..නිහඬ සන්සුන් පෙනුමත් ඔහු සතුය... එක් වරක් දුටු විටම සිතක යම් පැහැදීමක් ඇති කරවීමට ඔහුගේ මෙම බාහිර ගති ස්වභාවය ඉවහල් වේ..

කිසි දිනක ඔහු සුදු පැහැ කමිස හැර අන් පාටක් පාවිච්චි කරනවා මා දැක නැත... කඩා හැලෙන දුහුල් සුදු කමිසයත් කළු කලිසමත් හම් පටි සහිත පාවහන් යුගලයත් ඔහුගේ නිල ඇඳුම වැනිය... නිතරම පිරිසිදු පෙනීමක් සහිත මෙම තරුණයා පන්සලට එන්නේ දහවල් කාලයේ ඉර මුදුන් වන්නට ආසන්න වද්දීය... ඒ පැමිණී විගස කිසිවකු හා කතා බහක් නැතිව පාවහන් යුගල පන්සලට ඇතුළු වන තැන තණ කොල බිස්ස මත ගලවා දමා බිමට හැරවුන දෙනෙතින්, සන්සුන් ගමනින් බෝ මළුව කරා ඇවිද යන අතර වැරදීමකින් හෝ අප කිසිවකු ඉදිරියට පැමිණයේ නම් හිස ඔසවා බලා මඳ සිනහවක් පා නැවතත් හිස පාත් කොටගෙන ඉදිරියට ඇදෙයි.

පන්සලට පැමිණී පසුව පැයක් දෙකක් පමණ වේලාවක් ඔහු බෝ මළුවේ රැඳී සිටියි..පළමුව බෝ මළුව ඉදලක් ගෙන අමදින ඔහු කිසිදු දිනක බෝ මළුවෙන් පිටත පෙදෙසක් ඇමදීමට උත්සහ කරනවා මා දැක නැත. ඔහුටම අයිති ප්‍රදේශයක් මෙන් සලකුණූ වූ බිම් කඩ මැනවින් අතු පතු ගා දමා එතැන් පටන් වට කිහිපයක් දොහොත් මුදුන් තබාගෙන බෝධිය වටා පැදකුණු කරනු ලබයි..ඉන් අනතුරුව බෝ මළුව අයිනේ පිහිටා ඇති විහාරගෙයි බැම්මට පිට දී බිම වාඩි වී සෑහෙන වේලාවක් බෝධිය දෙස බලාගෙන නිසොල්මනේ සිටිනු ලබයි.. අනතුරුව කිසියම් මොහොතක එයින් හිටි හැටියේ නැඟී සිට නැවතත් සිය පාවහන් යුවලත් පැළඳගෙන පිටව යයි.

මසකට තුන් හතර වතාවක්වත් මෙම තරුණයා දැක්මට හැකියාව ඇතත් ඔහු කාගේ කවුදැයි කියා අප කිසිවකුත් දැන සිටියේ නැත.. දිනක් අහම්බෙන් මෙන් විලී අයියා පන්සලට පැමිණ සිටි දිනක මොහුව දැක ඔහු පිළීබඳව යම් විස්තරයක් කරනා ලදි...

"පන්සල් ආවට හාමුදුරුවනේ ඔය ළමයා ආගමේ.. ඒත් මං හිතන්නේ පල්ලි යන්නේ නැහැ. ඉස්සර බස් හතරක් පහක් හිටං තිබුණා.. පස්සේ කසාඳත් බැන්දා..එයින් පස්සේ මොනවා හරි අවුලක් උනා..දැන්නං බසුත් නැහැ..මොනවා නමුත් කරදරයක් වෙලා"

එයින් එහාට යමක් විලී අයියා දැන සිටියේත් නැත. අප සොයන්නට ගියේත් නැත. පන්සලක් යනු ඕනෑම කෙනෙකුට ක්ෂේම භූමියක් විය යුතු තැනකි. මා පවා එම ක්ෂේම භූමියේ සරණ ලැබූවෙක්මි. එහෙයින් මොහුටද එයට බාධාවක් නොවීය... මෙසේ වසර කිහිපයක්ම ගෙවී ගියත් ඔහු හා අප අතර කතාවක් නොවීය...

කලකට පසුව මා විසින් පන්සලේ චෛත්‍යය ගොඩනැංවීමේ කර්තව්‍යයට අත ගසා සිටියදී බෝ මළුවේ යම් කිසි ප්‍රදේශයක් එම කාර්යයට යොදා ගැනීමට සිදු වීම නිසා එම දිනවල බෝ මළුවත් තරමක් හැඩි වී තිබුනේ චෛත්‍ය කර්මාන්තයට පැමිණී අය විසින් එයට ඇවසි උණ දඩු හා ලී කැබලි වැනි දේද එම අවට ප්‍රදේශයේ විසුරවා දමා තිබූ බැවිනි.. එසේ වූ දවසක නැවතත් මා පෙර කී තරුණයා පන්සල් පැමිණියේය...

තමාට හුරු පුරුදු වතාවත් කිරීමට තරම් අවට පරිසරය යෝග්‍ය නොවන බව තේරුම් ගත් ඔහු වෙනදා මෙන් මළුව ඇමදීමක් නොකොට ටික වේලාවක් බෝ මළුවේ සිට ආවාසය පැත්තට එන්නට විය..එවිට මා සිටියේ ආවාසය ඉදිරි පිට මට හුරු පුරුදු හාන්සි පුටුවේ වාඩි වී හාන්සි පුටුවේ ඇඳි දෙක හරහා තබා ගත් ලෑල්ලක තබාගෙන මොනවා හෝ නමුත් ලිපියක් සකස් කරමින්ය... කවදාවත් නැතිව මෙම නිහඩ තරුණයා ආවාසය කරා එනු දුටු පසුව කරමින් තිබූ වැඩය පසෙක තබා ඔහු වෙත අවධානය යොමු කලෙමි.

කිසිදු චකිතයකින් තොරව එක එල්ලේ මා වෙත පැමිණ දණ බිම තබා වැඳ නමස්කාර කොට නැවතත් සිටගෙන දෑත් ඉදිරිපසට කොට බැඳගෙන සිටි ඔහුට මා විසින් වාඩි වීමට යැයි ඉදිරිපස වූ කෙටි බැම්ම පෙන්වන ලදි..පන්සලට එන කවුරු නමුත් මා හා සමඟ සාකච්ඡා කරනුයේ මෙම ස්ථානයේ සිටයි..ඔහුත් ඒ ආකාරයෙන් එහි වාඩි වී කතා කරන්නට පටන් ගත්තේය...

"හාමුදුරුවනේ පන්සලේ අළුත් චෛත්‍යයක් හදනවා වගේ නේද..?"

"ඔව් මහත්මයා..කාලෙක ඉඳන් කරන්න තිබුන දෙයක් පහු වෙලා පහු වෙලා කොහොම හරි දැන් කරන්න කියලා පටන් ගත්තා..මේ මහත්තයා..." යැයි තරමක් දීර්ඝව අදිමින් කතා කලේ ඔහු හට කතාවට අවස්ථාව දෙමිනි..එම අවස්ථාව ඔහු විසින් ලබා ගන්නා ලදි..

"හාමුදුරුවනේ මං මේ ළග ගමක..හුග කාලෙක ඉදන් මෙහෙ එනවා. මගේ හිත හරි නැති වෙලාවට මෙහෙ ඇවිත් ටිකක් හිටියම හිතට හරි සැහැල්ලුයි..මට හුගක් දේපල තිබුණා කලින්..වාහන හත අටක්..වී මෝල්... එහෙමත් තිබුණා..දැන් කාලෙකට කලින් මං බැන්දා..ඒ මාත් එක්ක යාළු වෙලා අවුරුදු පහක් විතර හිටිය ගමේ දුප්පත් ගෑණූ ළමයෙක්ව..ඒත් හාමුදුරුවනේ මට පොඩි අසනීපයක් තිබුනා... අන්තිමේදී ඒ ගෑණු කෙනා මාව දාලා ගියා..අන්තිමට මං දවසින් දවස වැටුනා..පස්සේ මගේ වාහන හැම දේම විකුණන්න උනා..දැන් තේ කොල බිස්නස් එකක් කරනවා මේ බලන්න මගේ කාඩ් එක.."

යැයි කියා හැඳ සිටි කමිසයේ උඩ සාක්කුවෙන් කොල පැහැති කාඩ් පතක් ගෙන මා අතට දී නැවතත් කියවාගෙන යන්නට විය.මා එම කාඩ්පත පරීක්ෂා කර බැළු අතර එය ඔහුගේ තේ කොල ව්‍යාපාරයට අදාලව මුද්‍රණය කරන ලද්දක් බව පැහැදිලි විය...

"බලන්න හාමුදුරුවනේ මං අවුරුදු ගාණක් යාළු වෙලා හිටියේ..ඔය කෙල්ලව බැන්දා කියලා මගේ නෑදෑයෝ හැමෝම මාත් එක්ක තරහා උනා..ඒත් මං ඒකිව අතෑරියේ නැහැ..ඒත් පස්සේ මගේ කරුමෙට මට මේ ලෙඩේ හැදුනා..මට ලිංගික අප්‍රාණිකත්වය හාමුදුරුවනේ... ඒකට බෙහෙත් ගත්තා..ඒත් හොද වෙන්න පරක්කු උනා..අන්තිමට මේ ගෑණී මාව දාලා ගියා..මට කවුරුවත් නැතිව ගියා..."

මෙසේ කියා ගෙන යන්නට වූ ඔහු කතාව අවසන් කොට මාගේ අතේ තිබූ කාඩ්පත නැවත ලබා ගන්නා ලදි... වේලාවේ හැටියට මා ඔහු හට හිත හැදෙන ලෙස කරුණු කිහිපයක් කියන්නට යෙදුණ අතර ඕනෑම මොහොතක පැමිණ පන්සලට වී වතාවත් කර ගන්නා හැටියටද පවසන ලදි...

එදා පිටව ගිය ඔහු නැවත ආ දිනක දාන වේලාව ආසන්න වූ අතර කෑම කාලාදැයි ඇසූ විට "නැහැ හාමුදුරුවනේ" කී හෙයින් පන්සලේ සිටි අයකු ලවා කෑම කන්නට අවස්ථාව සැලසූ අතර එයින් පසුව වෙනදාට වඩා ලග ලග ඔහු පන්සල‍ට ඇදෙන්නට විය..එසේම මා නැතත් පන්සලේ සිටින අයකු ලවා කෑම ඉල්ලාගෙන කන්නටත් පුරුදු විය. එයින් කිසිවකුටත් කරදරයක් නැති හෙයින් කිසිවකුත් ඒ ගැන කිසිවක් කීවේද නැත..

මෙසේ ගතවද්දී මොහු නිතරම මා සමඟ හෝ පන්සලට පැමිණ සිටින අය සමඟත් කතා බහට වැටෙන්නට වූ අතර ඔහුට ඇති අසනීපය ගැන සැම දෙනා හටම කියන්නටද පටන් ගෙන තිබුණි.එය දැන ගත්තේද අහම්බෙනි.. දිනක් දහම් පාසලේ උසස් පන්තිවල සිටි පිරිමි ළමෝ කිහිප දෙනෙක් මොහු සමඟ කතා බස් කොට සිට මා කරා පැමිණ තරමක් අමුතු ආකාරයෙන් සිටිනු දක්නට ලැබුනු නිසා "මොකද කට්ටිය නිකං හොරගල් අහුලන්නේ" යැයි විමසූ විට තරමක් පසු බාමින් මෙන් කියා සිටියේ..

"හරි වැඩේනේ හාමුදුරුවනේ අර අයියා එක්ක කතා කරකර හිටියා එයා කියන්නේ එයාට නගි*** නැහැයි කියලා... ඉතිං අපි මොනවා කරන්නද..ඒකම කිය කිය ඉන්නවා... අපි මාරුව දාලා ආවා..." ඔවුන් කියනු ලැබුවේ තරමක් කුහුලත්..සිනාවත් මුසු ස්වරයකින් වූ නිසා ලෙඩෙකුට සිනහ වීම හොද මදි බව පමණක් කියා ඔවුන් පිටත් කොට පෙර කී තරුණයාට කතා කොට තමාට ඇති අසනීපය හැමෝටම කිය කියා ඇවිදින්න ඕන නැති බවත් එය නූවමනා දෙයක් බවත් පැවසූ විට

"ඉතිං හාමුදුරුවනේ මං කිව්වේ ඇත්තනේ..මට නගි** නැහැනේ"

"හරි මහත්මයා ඒකට වෛද්‍යවරුන්ට කියලා බෙහෙත් කරනවා ඇර මේ හැම කෙනාටම කිව්වට වැඩක් නැහැනේ..ඒ හින්දා එහෙම කරන්න ඕන නැහැ" යි කියා සිටිය මුත් වෙනදාට වඩා ඔහුගේ අමුත්තක් දක්නට ලැබිණ...

පසුව එන්න එන්නම මොහුගේ තත්වය වෙනස් වූ අතර මා නැති අතරතුර වේලාවල්වලදී පැමිණ බලෙන් මෙන් ආහාර ඉල්ලීමටත්..ඔහුගේ කතාව පන්සලේ සිටින අයට කිය කියා සිටින්නටත් වී තිබිණි.

පසුව වේලාවක් බලා කිසිවකුත් නැති මොහොතක ඔහුට කතා කොට මේ සම්බන්ධව කියා එසේ නොකරන ලෙසත් සමහර දින වල පන්සලේ කෑම නැති වේලාවල්වලදී කරදර නොකරන ලෙසත් දන්වා ඔහුට අවශ්‍ය නම් දන්නා හඳුනන වෛද්‍යවරයකු මුණ ගස්සවා දෙන්නටත් කතා කලෙමි.

පුද්ගලයා කෝප වූ සෙයක් පෙන්වන්නට විය..

"හරි මගුලක්නේ..මටනේ අසනීපේ තියෙන්නේ...අනික මට කන්න දෙන එක කොච්චර පිනක්ද..මට නගි** නැහැනේ... බුදු හාමුදුරුවන්ට කන්න දෙනවට වඩා මට දෙන එක පින් සිද්ධ වෙන වැඩක්..අනික මං මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ නිකං නෙවෙයි මේ ලෝකේ බේරා ගන්න..ඕනම මැරෙන මිනිහෙකුට පණ දෙන්න මට පුළුවන්... හාමුදුරුවෝ හරිනං මට උදව් කරන්න ඕන ඒකට..අර දන්නවා කිව්ව දොස්තරට කියලා මට ඉස්පිරිතාලවල මැරෙන මිනිස්සු ටික ඉල්ලලා දෙන්න..මං ඒ අයට පණ දෙනවා.."

යැයි අළුත් කතා රාශීයක් කියන්නට විය.පසුව කෙසේ හෝ තරමක් ඔහුව සන්සුන් කොට පිටත් කර හැරි අතර එයින් පසුව ඔහු සමඟ කතාව තරමක් ප්‍රවේශමෙන් කරන්නට සිතා ගතිමි.

එයින් පසුවද වරින් වර මා සොයාගෙන පැමිණ ඔහුගේ අළුත් දහම මා හට දේශනා කරන්නට ගත් අතර ඔහුට රිසි දෙයක් කියා ගන්නට ඇර මා නිහඩව සිටින්නට ගත්තේ ඔහුට එයින්වත් යම් සහනයක් ලැබේ යැයි සිතූ බැවිනි.. මේ කතාව බහ ඇර වෙන කිසිදු බාහිර වෙනසක් ඔහු තුලින් විදයාමාන නොවීය... සාමාන්‍ය හැසිරීම ඉතාමත් සන්සුන් වූ අතර..දින දෙක තුනකට සැරයක් පමණ පැමිණ මා වෙත දේශනා කරනු ලබන අමරණීය දහම මා අසා සිටියේ නම් එය අවසන ඔහු සන්සුන්ව පිටත්ව යයි.. කුමන හෝ කරුණක් නිසා මට ඔහු හා සමඟ කතා කරන්නට ඉස්පාසුවක් නොවිණි නම් ඔහු පන්සලේ සිටින වෙන කිසිවකු සොයා ගොස් තම දහම දේශනා කරනු ලබයි..එහෙත් එහිදී ඔහුගෙන් පෙරලා නැගෙන ප්‍රශ්න නිසා කෝපයට පත්වන ඔහු අවට සිටින්නවුන්ට බැණ පිටත්ව යයි..

දිනක් මා කුමන හෝ වැඩක යෙදී සිටියදී මොහු පැමිණ දාන ශාලාව පැත්තේ ගෝරණාඩු කරනවා ඇසී එහි ගිය කල විලී අයියා සමඟ පැටලී සිටියේය... ඒ වන විට දාන ශාලාවෙහි කන්නට කිසිවක් නොතිබූ බව මා දැන සිටියෙමි. එහෙත් ඔහු කෑම ඉල්ලා විලී අයියාටත් එහි සිටි කුඩා හිමි නමකටත් තර්ජනය කරයි...

"මම තමයි බුදු හාමුදුරුවෝ.. කෝ මට කන්න නැද්ද මේ පන්සලේ..මං එන්න කලින් ඇයි අනිත් අය කෑවේ.." ආදී වශයෙන් කතා කියන්නට වූ අතර විලී අයියා මා දෙස බලා
"හාමුදුරුවෝ තමයි මේ නැති ලෙඩ දාගෙන තියෙන්නේ" යැයි කියා මා හට කියා
"මං මේක බලාගන්නං හාමුදුරුවෝ යන්න ගිහින් වැඩ ටික බලා ගන්න" යැයි කියූ පසුව එහි නාස්ති කිරීමට තරම් වේලාවක් නැති හෙයින් මා එයින් ඉවතට ගියෙමි...

පසුව වේලාවක මා හට මොහු ගැන සිහිපත් වී සොයා බැළුවද ඔහු පන්සලට ආ වගක් නොදිටිමි..එහෙයින් අන් අයගෙන් විමසා සිටින ලද කල්හී විලී අයියා විසින් මොහුගේ නෑදෑයින්ට පනිවිඩයක් යවා මොහුගෙන් ඇති කරදරය ගැන දන්වා ඇති අතර ඔවුන් විසින් මොහුව ප්‍රතිකාර සඳහා යවා ඇති වග පමණක් දැන ගන්නට ලැබිණී..එයින් පසුව මේ වන තෙක් ඔහු මා හට හමු වී නොමැත... එහෙත් ජීවිතේ හමු වූ අමතක නොවන චරිත අතරට මෙම අමරණීය රහස දැන හුන් තැනැත්තාත් එකතු වී ඇත...

109 comments:

  1. අපරාදෙ...අමරණිය වෙන්න තිබුන අවස්තාවක් නූලෙන් ගහල ගිහින්..කොහෙද පින නෑ....

    ReplyDelete
    Replies
    1. මං මේකේ දැම්මේ නැතිවට මං අහ ගත්තා බං..උඹටත් ඕනද..?

      Delete
    2. නෑ...මට ඒක නං ඕන නෑ.. පුලුවන්නං ඇවිත් අර බල්ලට කිරිදුන්න පොස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දීපං...අමරණීය වුනා වගෙ තමයි..:D

      Delete
    3. සමහර දෝලනය වෙන පන්දු තියෙනවා ගහන්න හොඳ නැහැ..නිදැල්ලේ යන්න හරින්න ඕන..:D:D:D

      Delete
    4. අනේ කොල්ලෙක් බල්ලෙකුට කිරි දීල වෙච්ච චෙයක්.

      Delete
    5. මාරයා බල්ලට තේ දුන්නා වාගේ කියල ප්‍රස්ථාව පිරුලක් හදමු.

      Delete
  2. මං ඉතිං කට කැපුවත් ඇත්ත කියන කොලුව නෙව. මේ පෝස්ට් එකනම් මෙලෝ රහක් නෑ බං....

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත මචං..මෙලෝ රහක් නැති විත්තිය මාත් පිළී ගන්නවා..ඒත් මේ මනුස්සයා ගැනත් ලියලා තියන්න ඕන කියලා මං දැන් හිත හිත හිටියේ අවුරුද්දක විතර වෙලේ ඉදලා..අදයි ඒක ඒ උනාට ලිය උනේ...

      Delete
    2. හරි මං ඉතිං බැන්නෙ නෑනෙ. හා හා හිනා වෙමු පොඩ්ඩක් බලන්ට

      Delete
    3. බැන්නත් මොකද බං උඹනේ..දැන් ඔය කතාවේ ඉන්න බුවත් මොනවා කිව්වත් මං ගනන් ගන්නවයෑ..:P

      Delete
  3. මිනිහට පොඩ්ඩක් අවුල් වගේ නේද. නගි** නැති එක ගැන කල්පනා කරලමද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ එක අසනීපයක් හින්දා මිනිහට ජීවිතේ හුගක් දේවල් නැති වීම හරහා වෙච්ච දෙයක්...අපිට පිටින් ඉඳන් කියන්න පුළුවන් අපොයි ඕක මොකක්ද කියල උනත්..ඒත් වෙච්ච කෙනෙක් එහෙමත් ලේසියෙනි ලිං කටෙන් එලීයට එන්නේ නැහැ...

      Delete
    2. ඇත්ත සම්පූර්ණ. තුවාලෙ තියෙන පුද්ගලයට තමයි රඟ. මුළු ජීවිතයම ටින් ටොයිං වෙනවා ඒ වගේ පුරස්න වලදී. සමාජය තෙරුම් ගන්නෙ නැහැ. ඔව්න් විහිළුවක් බවට පත් වෙනවා. ඉතින් මිනිස්සු පිස්සො වෙනවා. පව්, දුකයි ඒ වගේ අයටත්.

      Delete
    3. ඔව් ඇත්තටම මේ පෝස්ට් එක උනත් වෙන විදියකට ලියන්න ඕන තරං ඉඩකඩ තිබුනා..මේ මනුස්සයව විහිළුවක් බවට පත් කරලා..එහෙම උනානං මේකට මීට වඩා පණ ගහලා එන ගතියක් ගන්න තිබුනා..ඒත් කොහොමද එහෙම ලියලා සතුටු වෙන්නේ?

      Delete
    4. අනිවාර්යෙන්ම අයියේ..මේ වගේ මිනිස්සුන්ට අනුකම්පා කරනව මිසක් විහිළුවකට ගන්න ගියොත් ඒක අපටත් පව්

      Delete
  4. කියන්න එයාගෙ රහස දැනගත්තනම්. ඒක් නොදාපු එකෙන් පොස්ට් එක සම්පූර්ණ වෙන්නෑ :))

    ReplyDelete
    Replies
    1. එහෙමත් ලේසියෙන් කියල පුළුවන්ද ඒ රහස...:D:D:D

      Delete
    2. අමාරුවෙන් කියන්න නිවාඩුව. හදිසි නෑ :P

      Delete
  5. පොඩි පරීක්‍ෂාවක් කළා නං ලෙඩේ සුව වෙන්නත් ඉඩ තිබුණා!

    ReplyDelete
    Replies
    1. නොදන්න වෙදකොමට ගොහින් වරිගෙ නහගන්ට බැහැ නොවැ

      Delete
    2. කකා කියන්නෙ මාරෙ බිම තියන සත පනහක් දනිස් නමන්නෙ නැතුව ඇහිදුනව වගේ හිටියනං හරි කියලද ???

      Delete
  6. ඕං ඕක තමා කියන්නෙ වාහනේ ගන්ඩ කලින් ට්‍රයල් පාරක් දාලා බලන්ඩ කියලා කොහෙද අපේ උන් කීවට අහන එකක් යැ පස්සෙ කියයි බ්‍රේක් ඩවුන් කියලා..................!

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නවනේ බං ට්‍රයල් පාරක් නොදා වාහන නිකං මල් වගේ තියං ඉන්න උන්..අන්තිමේදී පදින්න ගිය වෙලේට තමා බකට් එක...

      Delete
  7. මට හිතෙන හැටියට හාමුදුරුවො මානසික ලෙඩේ වැඩි කරල. ඔය විදිහට ලෙඩ හොඳ කරන්නත් වැඩි කරන්නත් පුලුවන් මගෙ හිතෙ. මට නම් මේක ගොඩාක් හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුන කියවං යද්දි. කිසිම ප්‍රතිචාරයක් නැතුව. මිනිහ කියන දේ පිළිගන්නව වගේ හිටියම. තව තව මනෝ ලෝක වලට මිනිහව ඇදිල යනව. ඒක හැටියක් මේ වගේ අයගෙ. ඒ වෙලාවට අපි කරන්න ඕන ඒ මානසිකත්වයෙන් පිටට යන දෙයක් කියන එක. හැබැයි ක්‍රමානුකූලව. අර කිව්වත් වගේ සමහර අයට හරි යනවා. සමහරුන්ට ඒකත් හරි යන්නෙ නෑ

      Delete
    2. මම ඔය සම්බන්ධව දැනීමක් ඇති කෙනෙක් නෙවෙයිනේ... කරන්න පුළුවන් එකම දේ කවුරු හරි දෙයක් කියනකොට ඒක අහගෙන ඉන්න එක විතරයි..ඒකෙන් එයාට සහනයක් ලැබේනං එහෙමයි..එහෙම නොවුනොත් ඒකට මොනවා කරන්නද...

      Delete
    3. එකම ලෙඩේ තියෙද්දි කොහොමද දැනීමක් නෑ කියන්නෙ ???

      Delete
    4. ඕනෙ +++++++++++++++++++++ (බස් නැති නිසා මෙතනවත් දාන්ඩ හික් හික්)

      Delete
    5. මෙහෙමයි, මටත් හිතුනට තමයි කිඋවෙ. මම හිතන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලින් 50%ක් විසඳෙනව කවුරු හරි එක අහගෙන ඉන්නවා නම්. හැබයි, කියන්න ගත්තම කියන්න ලැජ්ජ වෙනව සමහරු. එතකොට අහන කෙනගෙ අතේ තමයි විසඳුම තියෙන්නෙ....
      කියන්න තියෙන දෙ ඔක්කොම කියන්න ඕනෙ වගේම, අහනවානම් අහන්න තියෙන දේත් ඔක්කොම අහන්න ඕනෙ.

      Delete
  8. Replies
    1. දෙපැත්තෙ තියෙන තීරු දෙක තමයි චා. ඒකත් තද පාට උනානං එල.

      Delete
    2. දෙන්නටම බොහෝම ස්තූතියි..දොඩන් කිව්ව වෙනසත් කලා...

      Delete
  9. මාරයියෙ...මටත් හමූඋනා මෙහෙදි ලංකාවෙ ඇන්ටි කෙනෙක්..එයා මොකක්ද අමුතු ආගමක් අදහන කෙනෙක්..මට කිව්ව පිලිකාවක් තිබුන කෙනෙක්ට ඩොක්ට කිව්වලු එයාව දැන් සුව කරන්න අමාරුයි පිලිකාව ඇඟ පුරාම ගිහින් කියල..ඊට පස්සෙ එයාල කට්ටිය යාඤ්ඤා කරල ඒ ලෙඩා ටක් ගාල හොඳ උනා කිව්ව...ආයෙමත් කවුද මිනිහෙක් මැරුනලු..මිනිය එම්බාම් කලාට පස්සෙත් එයාලා යාඤ්ඤා කර කර ඉන්නකොට එම්බාම් කරපු කට්ටියත් ලඟ ඉන්නකොටම මැරුන මිනිහ නැගිට්ටලු...මම ඊට පස්සෙ පන එපා කියල දිව්ව......!!

    ReplyDelete
    Replies
    1. අප්පා.. එහෙම ආගමේ නාමයෙන් ලෙඩ හොඳ කරන..මීනි නැගිට්ටවන කට්ටිය පහුගිය කාලේ මෙහෙ යසට හිටිය අය දෙතුන් දෙනෙක් මරාගත්තා කියලනං දන්නවා...

      Delete
  10. මම හිතන්නේ මිනිහට ඔය හැකියාව එන්න ඇත්තේ අර නගි*** එකෙන් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. අම්මපා..එහෙමද දන්නෙත් නැහැ...

      Delete
  11. අයියෝ අපරාදේ..
    මේ එක නෙමෙයි මාරයියේ පොස්ට් එකේ අකුරු පොඩි වැඩිද මන්දා

    ReplyDelete
    Replies
    1. වර්ණට හතළිස් ඇඳිරියවත්ද..? මේ බලන්ටකෝ නිකං ජිල් බෝල වගේ ලස්සනට ලොකුවට අකුරු ටික දිලිහි දිලිහි තියෙන්නේ...

      Delete
    2. දැන් ලොකු කරලා තියෙන්නේ :/

      Delete
  12. ආ දැන් නම් හොඳට පේනව මාරය කිසි අවුලක් නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් එදා අමිල කිව්ව වගේ ඊයේ තවත් ෆයර් ෆොක්ස් භාවිතා කරන කෙනෙකුගෙන් පැමිණීල්ලක් ආවා..ඒ පාර වෙනස් කරලම දැම්මා..ඒත් මං දැක්කා පහළ පූස් මලයා මොනවද මංදා කියනවා..

      Delete
  13. මේ තත්වය මානසික රෝගයක ලක්ෂණ කියලයි මටනම් පේන්නේ. ඒ වගේ කෙනෙක්ට හිනාවෙනවාට වඩා එයාලව මානසික වෛද්‍ය වරයෙකුට පෙන්වනවානම් ඒක ලොකු පිනක්. දැන් හැම දිස්ත්‍රීක්කයකම මානසික රෝග සායන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් පස්සෙන් පහු මෙයාව ඒ පැත්තට යොමු කෙරෙව්වා..දැන් තත්වෙ නම් නොදනී...

      Delete
    2. ඕකත් කලින් කියන්න තිබුනෙ.

      Delete
  14. ඒ වගේ කාත් කව්රුත් නැති මානසික රෝගියෙක් සිටිනවා නම් ඔහුව පිස්සන් කොටුවට බාර දීමයි සුදුසුම වැඩේ.නැත්තම් ලිංගය පරික්ෂා කිරීමට තරුනියන්වද පාවිච්චි කරන්න ඉඩ තියෙනවා බලෙන් වගේ.

    ReplyDelete
    Replies
    1. භයානකම තත්වය ඔය අවසානෙට කියපු මට්ටමට ඒම තමා...

      Delete
    2. නිශාන්,
      පිස්සන් කොටුව කියන නම පාවිච්චි කරන්න එපා මචං . . . කරුනාකරල මානසික රෝහල කියන නම පාවිච්චි කරපං . . . . මම කියන දේ උඹට විහිලුවක් වගේනං දවසක් හරි එතනට අඩිය තියල බලපං

      Delete
    3. පිස්සන් කොටුව තියෙන්නෙ දියවන්නාවෙන් වටවෙලා ඒකට යන්න ලේසියෙන් බෑ

      Delete
    4. ඕනයගේ කතාව හරියට හරි... මගේ ශීර්ෂ ප්‍රණාමය..

      Delete
  15. මිනිහට මම හිතන්නේ කිවුවට වඩා ලොකු අසනීපයක් තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. ඒකනං හරියටම කියන්න බැහැ.

      Delete
  16. බුදු වෙලනේ උන්නේ.. නිවන් යන්න ඇති.. කාළෙකින් රස වෑහෙන පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. නිවාගෙන ගියාද පත්තු කොරගෙනම ගියාද කියලා දෙයියෝ තමා දන්නේ...
      බොහෝම ස්තූතියි...

      Delete
  17. මට මේක කියවද්දී "අරලිය මල් ආරාමය" මතක් උනා..

    ReplyDelete
    Replies
    1. මාත් බොහෝම ආසා කතා පොත් ටිකක්...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. සා... පාට පාට ඇඳුමක් අන්දල තියෙන්නේ. කතාව නං අමුතුයි. අමුතු හැඟීම් ඇතිවුනා කියෝනකොට.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අළුත් උනා..
      ස්තූතියි

      Delete
  20. Replies
    1. ලිනක්ස් පාවිච්චි කරන තවත් කෙනෙක් දැකීමත් සතුටක් හැකිනම් www.siyabas.lk වෙතට ගොස් ලිනක්ස් සඳහා වන සිංහල පැකේජය ටර්මිනල් එක හරහා ඉන්ස්ටෝල් කරගන්න...මේ සඳහා වැඩිදුර තොරතුරු සඳහා මෙතැනට පිවිසෙන්න

      http://samanalayagelinuxpituwa.blogspot.com/2011/12/linux_08.html

      වැඩේ අබ්ලික් නම් නැවත දැනුම් දෙන්න.මේ වගේ දේවල් වලට සප් එකක් දීමට සෑහෙන්න කැමැත්තෙමි... මාරයියේ ඇඩ් එකට අමනාප වෙන්න එපා හොඳේ..

      Delete
    2. සිංහල පැකේජ් එක ඉන්ස්ටෝල් කරලයි තියෙන්නේ! අනිත් සේරම බ්ලොග් කිසිම අවුලක් නැතිව පේනවා. මේ බ්ලොග් එකේ විතරයි මේ අවුල. උඹට අවුලක් නැතිව පේනව්ද මචං? මට තව ලින්ක්ස් පාවිච්චි කරන කෙනෙක් කිව්වා මාරයියාගේ බ්ලොග් එක පේන්නේ නෑ කියලා. එයාටත් පේන්නේ මට පේන විදිහටමයි.

      Delete
    3. හප්පා..මොනව කොරන්නද මංදා..කලින් ෆයර් ෆොක්ස් කස්ටියට අවුලක් කිව්වා..දැන් ලිනක්ස් අවුලක්..මටනං දැන් වහ බොන්ටයි වෙන්නේ...
      දවල් වෙලා බලන්නං කොතන හරි අවුලක් වෙලාද කියලා...බොහෝම ස්තූතියි පුස් මලයා...

      Delete
    4. මට නම් එලකිරි වගේ පේනවා.... මම උබුන්ටු 11.10 එකට gnome shell එක දාගෙන තියෙන්නේ... කලිනුත් අවුලක් වුනේ නෑ හැබැයි මේං මට පේන හැටි... ඔයා ෆෙඩෝරාද පාවිච්චි කරන්නේ??

      http://3.bp.blogspot.com/-cWL7moiqh0E/T0d7et6FfUI/AAAAAAAAAJk/Fispj83o-ew/s1600/Screenshot+at+2012-02-24+17:19:48.png

      මොකක්ද අවුල.... මාරයියේ sett decoder එකත් දාලාම බලන්න හරියයිද දන්නේ නෑ...

      Delete
    5. ආ.... දැන් හරි මචං! මාරයියා මොකක්හරි විපර්යාසයක් කරලා තියෙන පාටයි. දැන් ඔය අපූරුවට පේන්නේ.....
      උදව් කළාට ස්තූතියි මචං! :)

      Delete
    6. මට වින්ඩෝස් පාවිච්චි කරද්දි මාරයගෙ බ්ලොග් එක පේන්නෑ . . . මොකක් හරි අවුලක්ද ????

      ප.ලි.
      වින්ඩෝස් පාවිච්චි කරද්දි මට පේන්නෙ මුහුදයි අලුතෙං හදන බිල්ඩිං කීපයකුයි විතරයි

      Delete
    7. ඕනයා අයියාගේ ගෙවල් තියෙන්නේ මුහුද අයිනෙද ඈ...???

      Delete
    8. @ඕනෙ - උඹ අර Windows එක්ක ෆ්‍රී දෙන "curtains" පාවිච්චි කරන්නෙ නැද්ද????

      @ගැමියා - ඕනෙ අයිය නැවතිලා ඉන්නෙ උම්බලකඩ වේලන වාඩියකනෙ බං දනෙ නැද්ද???

      Delete
    9. ඕනයියේ වින්ඩෝස් නෙමෙයි බං කොම්පියුටරයක් පාවිච්චි කරලා මාරයියාගේ බ්ලොග් එ බලපන්! :D

      Delete
    10. @අලුත් කොල්ලා,
      ශැහ් . . උඹ කියනකං මතක් උනේ නෑ . . . වහාම ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ

      Delete
  21. අයියෝ කියලා කියන්න තමයි මට නම් තියෙන්නෙ!

    ReplyDelete
  22. මේක කතාවක්ද නැත්තම් ඇත්ත සිද්ධියක්ද මාරයියේ නගින්නැති වුනාම අමරණීය වෙනවා ඇති එහෙනම් ඒත් එහෙම උනාම ඉඳලා වැඩක් තියේ යෑ

    ReplyDelete
  23. ආයෙත් මම ආසාවෙන් කියවපු පන්සල් කතා මතක් උනා,මේ විලී ආපු ගමන්....මොනා කරන්නද අපිට බාගයයි නේ කියවන්න ලැබුනේ...
    බ්ලොග් එකට අලුත් ඇදුමක් අන්දලා වගේ නේද?
    අර රෝගය හින්දා මානසික ලෙඩෙක් වෙලා අර පොරට දැන් මොනා වෙලාද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දැන්නං මොනවා වෙලාද දන්නේ නැහැ..සමහර විට අසනීප දෙකම හොඳ කරං හොඳින් ඇති..නැත්තං ඉතිං...?

      පොඩි අළුත් වෙනසක් කරලා බැළුවා ඩිලා...

      විලී අයියාව මතක කට්ටිය තාම ඉන්නවා නේද එහෙනං...

      Delete
  24. මාරයා ඒ ලෙඩේට බේත් කරනවා කියලා ආරංචියට ඌ ඇවිල්ලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හපොයි මං ඔව්වට නැහැ..ඒකට අල්ලන්න ඕන අපේ මහ වෙදනව...

      Delete
    2. මාරය කරන්නෙ ඒකට කෙම් ප්‍රතිකාර . . උඩ කකාගෙ කොමෙන්ට් එක බලන්න

      Delete
    3. හික් හික් දැං නේ දැක්කේ කෙම.....

      Delete
  25. යෑස්... අලුත් එකාට රස නෑ කිවුවට මටනං රහයි...

    ReplyDelete
    Replies
    1. අඩෝ පොඩි මෑන්. උඹටත් නගි** නැති කරගන්න ඕනෙද?? (රස නෑ කියහං)

      Delete
    2. තැන්කූ පොඩ්ඩා...

      අඩෝ අළුතා ඇද්ද බොට...?

      Delete
  26. ඒ කියන්නෙ මාරය දැන් අමරණීයයි.
    අර වෙන්නැති වැඩේ දහම් පාසලේ හිටපු ගෑනු ළමයින්ට කිව්වනං තමයි වැඩේ.
    අලුත් ඇඳුමනං ලස්සනයි.

    උඹත් බුද්ධිය වගේ මැජික් පෙන්නනවද?
    මේක ලියනකොට (හිස්තැනක්) හරියටම (හිස්තැනක්) ලේබලය... (හිස්තැනක්.)
    හැබැයි හයිලයිට් කළාම පේනව.

    ReplyDelete
    Replies
    1. දැන් මේකෙ ඉංග්‍රීසි අකුරු ඕනවට වඩා බෝල්ඩ් වෙලා බං.

      Delete
    2. දැන්නං ඔක්කොම ගානට තියෙනව.

      Delete
  27. මෙච්චර වෙලා කමෙන්ට් බොක්ස් පේන්නේ නැතුව තිබිල දැන් හරි ගියා ..

    ReplyDelete
    Replies
    1. වයසේ වැරැද්ද ගිම්හානි...කණ්නාඩි කුස්ටමක්වත් ගන්ට වෙයි වගේ දැන්..:D

      Delete
  28. අහක යන නයි රෙද්ද පල්ලෙ දාගන්න එක එදා ඉඳලම තිබිල තියෙනව මූට.

    ...........................................................................................................
    ...........................................................................................................
    ...........................................................................................................
    :) :)

    ReplyDelete
  29. මාරයා අයියේ... ටෙම්ප්ලේට් එක නම් මල් හතයි... එළ ඈ...

    පෝස්ට් එක ගැන කියනවා නම්, හොඳ පාඩම් !!!

    ReplyDelete
    Replies
    1. ඒකටත් තැන්කූ..මේකටත් තැන්කූ...

      Delete
  30. වෙලාවට අමරණීය වෙන රහස දැන ගන්න හම්බ වුනේ නැත්තෙ.නැත්නම් ලංකාවෙ ජනගහනය කොහොම වෙලා තියෙයිද??? o_O

    ReplyDelete
    Replies
    1. ආන්න එකයි මාත් ඕක අහගන්ට උනන්දු නොවුනේ..

      Delete
  31. මාරයගෙන් අමරණීය වෙන්න අහන එවුන්ට පික්ෂුද ?

    ReplyDelete
    Replies
    1. එතකොට අර මගෙන් හොරෙන් ඇහුවේ මොකද..?අහ් ඒක කියන්ට එපා කිව්වා නේද?

      Delete
  32. අම්මෝ F5 ඔබලා ඔබලා යන්තම් මේ දැනුයි කමෙන්ට් බොක්ස් එක ආවේ. මොකද මන්දා මෙච්චර වෙලා පෙන්නුවේ නෑ.
    අම්මෝ අමරණීය වෙනවට වඩා හොදා මැරෙන එකනම්.

    ReplyDelete
  33. \\.මට නගි** නැහැනේ"\\
    අනේ ඔය මනුස්සයගෙ නැහැයි කීව තරු දෙක තුන හොයාල දුන්න නම් ඉවරයිනෙ මාරයා මල්ලියෙ

    ReplyDelete
  34. එහෙනං මේකයි ලෙඩේ...වෙන එකෙක් පිටින් යවන එක හරි නැහැ බං

    ReplyDelete
  35. අපරාදේ...අපූරු චෑන්ස් එකක්නෙ ගහලා ගියේ....

    ReplyDelete
  36. කාලෙකින් ආපහු පන්සල් කතාවක්...
    උඹගේ කතා වලින් හැමදාම වගේ හොඳ පන්සල් කතා තමා

    මේ මනුස්සයා සනීප වෙන්න කලින් අජරාමර වෙන්න ක්‍රමේ අහගන්න එපැයි බං
    අපරාදේ නියම චාන්ස් එක මිස් කර ගත්තේ

    ReplyDelete
  37. මම අහල තියනවා එක අංශයකින් අබාධවුණාම තව අංශයකින් ඒකට හිලව්වෙන අලුත් හැකියාවක් ලැබෙනව කියලා .සමහර විට මනුස්සයට පණ දෙන්න පුළුවන් ඇති....කට්ටිය සෙට්වෙලා පොරව හොයමුද?

    ReplyDelete
  38. මගේ යාළුවො දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගැණු ළමයෙක්. මෙයා කසාද බැඳපු මහත්තයට නගි***නැ. බැඳපු දවසට පහුවෙනිදම කසාදෙ අතහැරියා. දික්කසාද වුනා. අනෙක් යාළුවා පිරිමි ළමයෙක්. මෙයාටත් නගි***නැ. හැබැයි මෙයාගේ බිරිඳ මෙයාව අතහැරියේ නැ. මානසික උපදේශනයකට යොමු කරා. මාසෙකින් විතර හොඳටම හොඳ වුනා. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්න සතුටින් ජීවත් වෙන පවුලක්. මාරයා කියන පන්සලට ආපු එක්කෙනාටත් හොඳ බිරිඳක් හම්බ වුණානම් සමහරවිට සනීප වෙන්න තිබුණා. ඌ පව්.

    ReplyDelete