26 February 2012

යන අතක පල...

වචනයක් ඇමුණුමත් මහා වදයක් වෙලා..
හිස් වෙලා හිස් වෙලා මගේ හිත හිස් වෙලා..
කලක් මෙහි තිබු හැඟුම් කොහේදෝ පා වෙලා..
අද නැතේ කිසි දෙයක් හදවතම හිස් වෙලා..

දුකින් පිරි සිහිනයක රැඳී උනි පෙර දිනක..
ඒ දුකත් කාලයා විසින් ඇත නසා අද..
හදවතේ කිසිත් නැත..හිස් කමක් පිරී ඇත..
ඒ නමුත් දුකක්නැත..ජීවිතේ හිස්ය අද..

හෙට දිනක් ගැන සිතා පලක් නැත වෙහෙසිලා..
මොන දෙයක් වූ නමුත් පෙර දිනේ ගත වෙලා..
පෙර දිනත් හෙට දිනත් මට පලක් නැත තවත්..
අද දිනේ දිවි ගෙවමි හෙටක් ගැන නොම සිතමි...

43 comments:

  1. මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ - බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ...වගේ සීන් එකක්ද මාරයියේ !

    ReplyDelete
  2. හික්ස් නම තමා මරු ඔන්න ඔහේ යන අතකට පල නේද මාරයියේ..

    ReplyDelete
  3. සුපිරි අදහස... ජීවත් වෙන්න සුදුසුම විදිහ මචන්......

    යන අතක පල.... :D

    ReplyDelete
  4. ඔය විදියට ජීවත් වෙන එක හැමදාටම ප්‍රායෝගිකද මන්දා ....

    ReplyDelete
  5. හැමදාම ජීවිතේ ගෙවෙන්නේ එක ලෙසට
    හිස් බවක් දැනෙන මුත් ගෙවී යයි ඉක්මනට
    කෑ ගසන ලෙසින් ඔබ 'යන අතක පල' ලෙසට
    යමුද අපි ට්‍රිප් එකක් තනිකමට කෙළවෙන්ට

    හිස් බවද හැඟීමකි ඇතිවෙන්නෙ එය හිතේ
    ඔබට පමණක් නොවේ මටද එය ඇති වෙතේ
    හැඟුම් මැඩලිය හැකිය ලියා ඇත අර පොතේ
    හිස් බවට හේතු කිම? වරදක් ද අපෙ අතේ

    තනිකමද හරි සැපකි මාරයා කියන කල
    දැං තනිව හිටිය ඇති අපි උඹට කිව්ව බොල
    තාම උඹ තරුණයෙකි ගැලපෙනා වයස කල
    දීගයක් කරගනිං තනිකමට වෙන්ට කෙල

    ඔය කියන හිස් බව වෙලාවකට මටත් දැනෙනව මාරයියේ. ඕක නැතිවෙලා යයි. සුනිල් එදිරිංහ මහත්තයගෙ සින්දු කීයක් විතර තියේද අයිය ගාව?

    ReplyDelete
  6. මාරයියේ පෙලවහක් කාරිය කරගත්තානම් ඔය සිතුවිලි සුටුස් ගාලා වෙනස් වෙනවා මොනවද ඔට්ටු? :D

    ReplyDelete
  7. ඔහොම හරි යන්නේ නෑ මාරයියේ..පෙර දවස කොහොම් උනත් හෙට ගැන හිතමු.. නරකද දැං හොද කෙනෙක් හොයා ගත්තනම්...

    ReplyDelete
  8. ඇත්තටම හිත හිස් වෙලා වගේ තමා ලියවෙන්නෙම නෑ අප්පා දැන්.. :(

    ReplyDelete
  9. හා . . ඔහොම කිය කිය ඉඳල එක පාරම කියපංකො බලන්න . . . මචං මම බැන්ද කියල

    ReplyDelete
    Replies
    1. මූ ඒකටද මන්ද මේ හිස් කතා කිය කිය තටමන්නෙ! :)

      Delete
  10. ගෙවීගිය ජීවිතය
    හිස්...
    පතන සැනසුමකුත්නෑ..
    ලබාපු දිනුමකුත් නෑ..
    මමත් නොදන්න
    දෙයක් ගැන,හිත හිත
    මම...
    තාම..මගබලා ඉන්නවා....

    ReplyDelete
  11. අර ඔමාර් ඛයියාම් කියන කවියත් ඔය ගැන ලියල තියෙනවනේ.

    ඊයේ ගෙවී ගොසිනි
    හෙට උදාවී නැත
    සුරාවද නුරාවද සමග හිඳ
    නොම තැවී ගෙවමු අපි ජීවිතය.

    මම ඔය ගැන ලිව්වෙ මෙන්න මෙතන
    http://aayubovanda.blogspot.com/2012/02/blog-post_20.html

    ReplyDelete
  12. මේවට සීරියස් කොමෙන්ට් දාන්න ගිහින් නිකං කතා අහන්න වෙයිද දන්නෙ නෑ.ඒ හින්දා මම ලතා ගැන කතා නොකරන්න තීරණය කලා....
    මොනවද දන්නෙ නෑ මේ දවස් වල හීනෙන් පේන්නෙ...

    ReplyDelete
    Replies
    1. තනිකං දෝසෙ ඉවස ගන්න බැරි තැනද අර ලී පෙට්ටියක් හදලා මූණු පොතේ දැම්මෙ..:D
      අනේ මන්ද....

      Delete
    2. ඒක නිකං තනිකමට හදලා දාපු එකක් වෙන්ට බැහැ. :D

      Delete
    3. ඔවු ඒක මුගෙ මොකක්හරි යටිකූට්ටු වැඩක් වෙන්න ඕන.

      Delete
  13. මම හිතුවා අර අල්මාරි පෙට්ටියක් හදලා දැම්මෙ අනාගතේ සරු කරගන්න උපයන සල්ලි දාලා වහලා තියන්න කියලා :D

    ReplyDelete
  14. මොකෑ අප්පා උනේ අද??? මොකක් හරි අලකලංචියක්වත් උනැයි?
    ඔය තනිකම මටත් දැනෙනවා හාමිනේ ගෙදර ගිය දවසට....කලේ පැන් නැත වගේ සීන්....:-)

    ReplyDelete
    Replies
    1. කලේ පැන් නැත නෙමෙයි බොලවුනේ

      කලේ පැන් ඇත - නැවුම් රහ නැත
      මොකද මන්දා ලිඳට වූයේ
      පුළුස්සාගත් රොටිය කරවීය
      මොකද මන්දා ලිපට වූයේ
      හදාගත් ලුණු මිරිස රහ නැත
      මොකද මන්දා දිවට වූයේ
      -සුනිල් එදිරිසිංහයන්

      Delete
    2. හරි හරි බොල....ප්‍රින්ටින් මිස්ටේක් එකක්...සමාව භජනය කරව්!
      කලේ පැන් තිබ්බත් වක්කරලා දෙන්නෙත් උන්දැමනේ...:-)

      Delete
    3. හරි හරි ඕං භජනය කරා. පොඩ්ඩක් හිටු ඒ පැත්තෙ එනකං!

      Delete
    4. පටං ගනිපිය බ්ලොග් එකක්! මදෑ නෑගං යන්න හැදුව. සැක්..

      Delete
    5. බ්ලොග් පටන් ගන්න????? හප්පේ හිතලාවත් නෑ....අනික් උන්ගේ ඒවා කියවලා ඔය මල් පාරක් හරි මඩ පාරක් ගහන එක ආතල් ඔක්කොටම වැඩිය....:-)

      Delete
  15. ඔහොම හිතෙනවා මටත්... සමහර වෙලාවට.. ආයිත් හරියනවා.. මනුස්ස ස්වාභාය ඕක...

    ReplyDelete
  16. මාර සීන් එක..... ආ සොරි, අමතක වුණා. මාර හැඟුම්බර, සංවේදී කවි පෙළක්. ;-)

    ReplyDelete
  17. සිරාවටම, අතීතයත් අනාගතයත් නැති වර්තමානය..'අත්හැරීමේ' පටන්ගැන්ම නේද?

    ReplyDelete
  18. අර බජාජ් කඩේ කෙල්ල එක්ක මොකක්ද පල හිලව්වක් තිබුනා නේද පහුගිය ටිකේ...එක පාරටම මේක ප්ලෑනක් වගේ.....

    ReplyDelete
  19. ඒ පාර මොකක් උනාද මේ

    ReplyDelete
  20. ජීවිත තරාදිය
    නැතිව ඔබ පෙම් දේවිය
    ම පසට බරවිය
    අරා අන් පස
    සම බර කරනු මැන

    කඳු ගනන් කවි
    සාගරය තරම් මදු විත
    කෙලක් වුව පුරඟනන්
    නොතරම්ය, තරාදිය බරය තවම මා පස

    රණ්ඩු කර කර
    දබර කර කර
    මුදා ගනු මැන
    මා, මේ මල පාලුවෙන්

    ReplyDelete
  21. උණු රෝල්ස් එක්ක සීතල අයිස්ක්‍රීම් කාල හිටිය මනුස්සය නේද මේ. අනේ සංසාරේ....

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. අද නම් සෑහෙන අප්සෙට් වගේ

    ReplyDelete
  24. කෙළි පොඩ්ඩ තරහ වී
    සිත දුකින් මිලින වී
    හෙටක් ගැන වොරි නොවී
    කියන හැටි මූ කවී.....

    තනිකමට, දුප්පත්කමට, ලෙඩට දුකට ආදරය කරන්නේනම් ඒවා නැති වූ කල ඔබට සතුටක් දැනේවි.
    නූතන ආප්තෝපදේශ.

    ReplyDelete
  25. අප්පච්චියේ මේ යසට හිටිය කොලුවට මොකෑ උනේ.

    ReplyDelete
  26. මාරයියා ලස්සන කයියක් පද බැඳලා තියෙන්නෙ..

    ReplyDelete
  27. ඔය වගේ ලෙඩ වලට තණමල්විල වෙද මහත්තයගෙන් බේත් ගත්ත නං බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කොමෙන්‍ටුවක් දැක්කත් ඇති...

      Delete
  28. ඔය විදිහ තමයි හොදම...ඒත් රටේ ලෝකේ එවුන් කියන්නේ වෙන කතාවක්නේ.....

    ReplyDelete
  29. මොකෝ අප්පේ මේ...තනිකං දෝසෙ ඉහට ගහලා වත්ද...?

    ReplyDelete
  30. දෝරෙ ගලා යන සන්තෝසෙවත්, හදවතට දැනෙන හිස්කමවත් හැමදාම එකම විදියට තියෙන්නෙ නෑ සහෝ... හෙට අනිවාර්යෙන්ම වෙනස් දවසක්... ඒ ගැන හිතන්නෙ නැතිව ඉන්න එක හිතට සහනයක්... ඒ වගේම ගෙවන මේ මොහොතෙ තමන්ගෙ හිත පිරෙන්න කරන්න පුළුවන් උපරිමේ කරන්න...

    ReplyDelete
  31. හිටි ගමන් ඔහොම වෙනවා බන් . . .ටික දවසකින් ආපහු හරියනවා . . ඔන්න බලපන් . . .

    ReplyDelete
  32. අයියෝ දුක හිතෙනවා නොවැ

    ReplyDelete