29 February 2012

චිත්තරපටි පිස්සුව...

සිරිත් පරිදිම එදිනත් කාඩ් බඩු පෙට්ටියත් පාපැදියේ බැඳගෙන වෙළදාමේ ගිය තාත්තා සුපුරුදු වේලාවට වඩා තරමක් පමා වී පැමිණී මුත් එහි වෙනසක් මා හට නොදැණිනි..ඒ ඇතැම් දවස්වලත් මෙසේ සුපුරුදු වේලාව ඉක්මවා ඔහු නිවසට පැමිණෙන බැවිනි..එවිට ඒ සඳහා කියන්නට ඔහුට හේතු කාරණා ඇති බව කුඩා එකකු වූ මාහට වැටහී තිබූ නිසාවෙනි...

"අද ටිකක් දුර පදින්න උනා..
අතරමගදී වැස්සක් කඩං පාත් වෙලා කඩේකට වෙලා හිටියා..
අළුත් පාරක් ඇල්ලුවා...
කලින් දාපු බඩු වගයක සල්ලි එකතු කරන්න ගියා.."

මේ ආදී කරුණු නිසා මෙසේ ඉඳ හිට ප්‍රමාද වන බැවින් එදිනත් සිදු වූ ප්‍රමාදයෙහි මහ වෙනසක් මටවත් ඒ වන විට වයස අවුරුදු දෙක හමාරක් පමණ වූ කුඩා මලණුවන්ට හෝ නොදැණිනි..එහෙත් අම්මාගේ යම් වෙනසක් දක්නට ලැබිණී... ඇය වෙනදාට වඩා යම් නොයිවසිල්ලකින් සිටින බැව් තේරුණත් ඒ කුමක් නිසාදැයි නොවැටහිණී... කෙසේ හෝ තාත්තා පැමිණ පැයක් පමණ ගත වූ පසුව අම්මා වෙනදාට වඩා අමුතු යමක් කරන ලදි...

"අද අපි තාත්තාගෙන් කතාවක් අහ ගමු...මම හැමදාම කතා කියනවනේ.."

සීම දිනකම සවස හය හය හමාරවන විට තියෙන දෙයක් රෑට කා වළං පිඟන් සෝදා අවසන රාත්‍රී හත හත හමාර පමණ වන විට අප දෙදෙනාට කතන්දර කියා දීම අම්මාගේ සිරිතය..ඒ සඳහා ඇගේ කතන්දර මල්ලෙහි නිමා වොන කතා දහස් ගණනක් තිබිණී...අද එකින් එක වෙන්කොට සිහියෙහි නැති මුත් එකම කතාව නැවත නැවත නොව හැමදාම ඇය සතුව අප හට දීමට අළුත් කතාවක් තිබිණී... ඇත්තෙන්ම ඒ අතින් ගත් කල අප කොතරම් හිස්දැයි වැට‍හෙන්නේ එසේ දරුවකුට කතා කියා දීමට තරම් කතා රැසක් අප සතුව ඇද්දැයි සිතනා විටදීය..මගේ මලයාටත් දැන් වයස අවුරුදු 4ක පමණ කුඩා එකෙකු සිටී..ඒ අතින් ඔහු තවමත් වාසනාවන්තය.. ඒ අපේ අම්මාගේ කතා මල්ල අද නැවතත් ඔහු වෙනුවෙන් විවෘතව ඇති බව දන්නා නිසාය... පොඩි එකා උගේ දෙමාපියන්ට වඩා සිය ආච්චි අම්මා‍ගේ ඇගේ එල්ලී ගත් ගමන්මය...පසු කාලයකදී සද්ධම්මරතනාවලිය..ථූපවංශය..හිතෝපදේශය ආදී කතා පොත් කියවන්නට මා හට ලැබුණු විට අම්මාගේ කතා පෙට්ටියේ රහස මා හට විවෘත වූ මුත් එවැනි කතා රැසක් ඇය මතකයේ තබා ගත්තේ කොහොමදැයි මට තවමත් පුදුමයට කාරණාවක්ය..

එදින් කවදාවත් නැති ආකාරයට අම්මා අපට කතා කීම වෙනුවට තාත්තාට කතන්දර කීමට අවස්ථාව දීම තරමක් පුදුමයක් වූවත් එයට එකඟ වූ අප තාත්තා බිම පැදුරක් එලා ඒ මත විසුරවා ගත් නොයෙකුත් කලමනා එකතු කර ගනිමින් කාඩ් බඩු පැකට් කරමින් සිටි තැනට ගොස් එහිම පැත්තකින් වාඩි වූ අතර තාත්තාගෙන් අම්මා කල ඉල්ලීම පරිදි තාත්තා එදා අපට කතාවක් කියන්නට විණී...

තාත්තාට කතා කියා හුරු නැත.එහෙත් ඔහු තරමක් අසීරුවෙන් හෝ කතාව කියන්නට ඉදිරිපත් විය...

"ඔන්න කොල්ලෙක් ඉන්නවා...අපි හිතමුකෝ ඒ කොල්ලා විජය කුමාරතුංග කියලා.."

කියමින් එතැන් පටන් කතාවට අපත් දන්නා නළු නිළීයන් කිහිප දෙනෙකු එකතු විය..කතාව නළු නිළීයන්ගේ අනුසාරයෙන් ඇදී යන්නට විය...කෙසේ හෝ දිග කතාවක් අවසානයේ සතුටු වූ සිතින් යුතුව අප නින්දට ගියෙමු...

එයින් සති දෙකකට පමණ පසුව අම්මා අපට චිත්‍රපටයක් පෙන්වීමට රැගෙන ගියාය... අම්මාත් කුඩා උන් වූ අප දෙදෙනාත් උඩහ ගෙදර අක්කාත් අපේ නඩයට අයත් විය..තාත්තා එදින කාඩ් බඩු වෙළඳාමේ නොගොසින් කඩේ නතර විය...

කෙසේ හෝ ගම්පහ පබ්ලික් හෝල් සිනමා හලට එදා ගිය ගමන එවකට මා ගිය අති දීර්ඝ ගමන් වලින් එකක් බැව් හොඳින් මතකය..මල්ලීව වඩාගෙන යායුතු වූ අතර මා අක්කාගේ අතේ එල්ලී ගියෙමි..අක්කාගේ අනිත්අතේ අම්මා විසින් රැගෙන ගිය ලොකු බෑගය විය...ඒ බෑගයට තාත්තා කෑම බීම ජාති දමා දුන් බව හොඳින් දැන සිටි හෙයින් මා සිටියේ කුමන හෝ මොහොතක එම මල්ල විවෘත වන තුරුය.

කෙසේ හෝ විශාල පෝලිමක දාඩිය පෙරාගෙන සිට අවසන අපි සිනමා ශාලාවට ඇතුළු වීමු... කරුමෙක මහත මා හට අසුනක් නොවීය..එවකට අවුරුදු පහකට ආසන්න වූ මා හට ටිකට් නොගත් හෙයින් හෝ කුමන හෝ හේතුවක් මත චිත්‍රපටය නරඹන්නට සිදු වූයේ අම්මාටත් අක්කාටත් අතර මැද වූ පුටු ඇන්ද මත වාඩි වීගෙනය...අතුරු සිදුරු නැතිව සෙනග පිරී ඉතිරී ගිය සිනමාශාලාවේ අතරින් පතර වූ විදුලිපංකා එහි තුල සිටින්නන්ගේ දාහය පළවා හැරීමට සමත් නොවීය..කෙසේ වෙතත් නවතම අත්දැකීමක් වූ මෙය මා ඉතා ආසාවෙන් මෙන්ම කායික පීඩාවන්ගෙන් යුතුව අත්විඳිමින් සිටියෙමි.

මහ හඩින් දමා තිබූ ජෝතිපාල හා ඇන්ජලීන්ගේ ගීත කිහිපයක් අවසන සීනු හඩවල් කිහිපයකටත් පසුව සිනමා තිරය වසා තිබූ තිරපට විවෘත වී වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය වූ පසුව චිත්‍රපටය ඇරඹිණ... මා පුටු ඇන්ද මත වාඩි වී අපහසුවෙන් යුතුව ඉදිරිපස වූවන්ගේ උරහිස් අතරින් අපහසුවෙන් චිත්‍රපටය නැරඹූවෙමි...

කතාව ඇඳී යන්නට විය..සිනමාව මා හට අළුත් අත්දැකීමක් වූවද මෙම සිනමාපටය මා හට යම් හුරුපුරුදු ආකාරයක් දැනුණි...එක්වරම කතාවට විජයගේ රූපය ආ විට ඒ කුමක්දැයි මට අවබෝධ උනි...මේ මීට සති දෙකකට පමණ පෙරදී තාත්තා විසින් අපට කියා දෙනු ලැබූ කතාව විය...

ඒ එක්දහස් නවසිය අසූව දශකයේ තිරගත වූ විජය කුමාරණතුංගයන් රඟ පෑ කුමන හෝ සිනමාපටයක් එදා අප විසින් නැරඹුවෙමි..එහි නම මා හට මතකයක් නැත..සමහර විට එය මමයි රජා හෝ වෙන කුමක් හෝ විය හැක...එහෙත් නිච්චියටම මතකයක් නැත...මාළු පාන් කමින් ඔරෙන්ජ් බාර්ලි බොමින් පුටු ඇන්ද මත වේදනාවෙන් හිඳිමින් එදා චිත්‍රපටයක් නැරඹූ බවත්..එය එයිට කලියෙන් තාත්තා විසින් තනියම ගොස් නරඹා පැමිණ පසුව අපටත් එය බලන්නට යන්නට සැලැස්වූ වගත් පමණක් මතකයේ ඇත...

ඇත්තෙන්ම ඒ දවස්වල පවුලේ ආදායම ගෙන ආ ප්‍රධාන ආදායම් මාර්ගය වූ සිල්ලර කඩය දිනක් හෝ වසා දමා පවුල පිටින් සිනමාපටයක් නැරඹීමට යාමට හැකියාවක් නැති හෙයින් තාත්තා කලිනුත්..පසුව අපත් එය නැරඹූ බව පමණක් මට පසු කාලයක අවබෝධ විය...එය එතරම්ම දුෂ්කර කාලයක් විය.එහෙත් ඒ සියළු දුෂ්කරතා මැද සිනමා පටයක් නැරඹීමට තරම් උණක් අම්මාටත් තාත්තාටත් තිබීම ගැන ඇත්තෙන්ම මා අද සතුටු වෙමි...

එයින් පසුව සිනමාවත් සමඟ බැඳුන කතා කිහිපයක්ම මාගේ ඇත..ඒ අතර අමතක නොවන සිදුවීම් බොහෝ ඇත..ඒ අතර තුර මෙවැනි කතාද ඇත...ඒ කෙසේ වෙතත් අදටත් සිනමා ශාලාවකට ගොස් බැල්කනියේ ඉදිරිපසම පෙලෙහි වාඩි වී ඉදිරියේ ඇති සිමෙන්ති බැම්මට කකුල් තබා ගෙන රට කජු හපමින් සිනමාපටයක් නැරඹීමට මා අදත් බොහෝ කොටම ආසා කරමි... පළමු සිනමා අත්දැකීමේ ඇති වේදනාව මතකයේ ඇති නිසා හැකි සෑම විටම මෙම ස්ථානය තෝරා ගන්නේ පහසුවෙන් සිනමාපටය නැරඹිය හැකි හොඳම තැන මේ බැව් දන්නා නිසාය... සිනමාව ගැන මතකය හිටි හැටියේ අවදි වූයේ ඊයේ දිනයේ අන්තර්ජාලය හරහා බා ගත කොටගෙන නැරඹු සිනමාපටයක් නිසාය...

මේ එම සිනමාපටයයි...මහා උසස් යැයි ලේබල් ඇලවීමට මා සුදුස්සකු නොවන මුත් හිතට අල්ලලා ගිය නිර්මාණයක් ලෙස හැදින්විය හැකි කතාවකි...



බැළුවට පාඩු නැහැ

126 comments:

  1. යකෝ පුටුවෙ වාඩි උණානං වෙන්නෙ මකුණු කකා ඉන්නනෙ. ඊට වැඩිය හොඳයිනෙ පුටු ඇන්ද උඩ ඉන්න එක.
    බොලාගෙ තාත්ත රැඟුම් පාලක මණ්ඩලේ එහෙම වැඩ කළේ නැහැ නේද? :D

    ReplyDelete
    Replies
    1. මෙයා මගුලක් කතා කරනවා...පුටු ඇන්දක් උඩ වාඩි වෙලා හිටුකෝ පැය දෙක තුනක් ඒකේ රග තේරෙන්න‍...

      අපොයි නැහැ තාත්තා ඔය පාලක වැඩ තියා මොන රැඟමක්වත් නැහැ

      Delete
    2. අත පය නං දෙක දෙක තියනව . . එකක් නැත්තං එකක් . . ඒ උනාට තියෙන එකම පුකෙං පුටු ඇන්දක් උඩ පැය තුනක් ඉන්න බෑ ප්‍රසන්න

      Delete
    3. ඔන්න ඔය වැදගත් කාරණාව ප්‍රසන්නට නොතේරෙන හේතුව තමා මටත් හිතාගන්න බැරි...

      Delete
    4. ඇයි ඒකෙත් දෙපැත්තක් තියෙනවනෙ. මාරු කර කර ඉන්න බැරියැයි.

      Delete
    5. ඒ පාර දෙපැත්ත මාරු කරන්න කතා කරනවා අනේ මංදා මේකා මොනවා කොරන්න හදනවද කියලා..:D:D:D

      Delete
  2. චිත්තරපටියක් බලපු කාලයක් මතක නෑ
    ෆිල්ම් හෝල් එහෙක

    ReplyDelete
    Replies
    1. තාක්ෂණයේ දියුණුව හා අන්තර්ජාලයේ බලපෑම...

      Delete
    2. මොන පිස්සුද බං.. ලංකාවෙ චිත්‍රපට කර්මාන්තයෙ කඩාවැටීම, වෙන මොකවත් නෙවෙයි.. ආයෙනං ජීවිතේට ෆිල්ම් හෝල් එකකින් ෆිල්ම් එකක් නොබලන්න හිතාගත්තු මං මෙහෙ ආවට පස්සෙ අපූරුවට හෝල්වලට යන්නෙ.. මං ඉන්ටනෙට් එකෙනුත් බලනවා, හොද ෆිල්ම් එකක්නං හෝල් එකෙනුත් බලනවා..

      Delete
    3. ඒකත් එකක් ඒත් ජාලෙන් මෙච්චර පහසුවට බාන්න නොතිබ්බනං මං හෝල්වලට ගෙහුං බලන දෙක තුනකුත් මට ගෙදරට වෙලා බලන්න උනා...

      Delete
  3. ඔය අසු ගනන් වල අග ආපු චිත්‍රපටිනං එකක් නෑර මමත් බැලුවා..ඒ කාලෙ රංචු පිටින් චිත්‍රපටි බලන්න ගියහැටි නම් හරිම සුන්දර මතකයක්. විජය මියගියාට පස්සෙ ආපු මුල්ම් චිත්‍රපටි වෙච්ච මමයි රජා, නොම්මර 17 චිත්‍රපටි දෙකනම් බලන්න පුදුම සෙනගක් පබ්ලික් හෝල් එකේ හිටියෙ....ඒ කාලෙ සිහිවෙන කොටනං මොකක්ද මන්දා දුකක් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ඉල්ලං කෑවා...දැන් බලහං මං කිව්වේ අම්මා එක්ක ගිහිං පුටු ඇන්ද උඩ ඉදගෙනයි මං අසූව දසකේ චිත්තර පටි බැළුවේ..බොලා ගිහින් තියෙන්නේ ඒ දවස්වලම රංචු පිටිං කල්ලි ගැහිලා..මං එහෙම ගියේ අනූව දසකේ අග බාගයේ..ඕවා ඔහොම කිව්වම සමහරු ගණන් හදනවා ටික් ටික් ගාලා...

      ඇත්තටම ඒ කාලේ බොහෝම සුන්දරයි..ඔය විදියට කල්ලි ගැහිලා හැමදාම සෙනසුරාදා නවයයි තිහ බලන්න ගම්පහ හෝල් තුනෙන් එහෙකට හරි..කිරිබත්ගොඩ හෝල් දෙකෙන් එහෙකට හරි නැතිම උනොත් විතරක් කඩවත රුවනි එකටත්..පසුව දාපු කඩවත නිකාඩෝ හෝල් එකටත් රිංගපු කාලේ තමයි ජීවිතේ සැහැල්ලුවෙන්ම හිටිය කාලේ...සමහර කතා කියන්න ගියොත් ඒවත් වැඩිහිටියන්ට පමණයි චිත්තර පටි ගානට වැටෙන හින්දා කියන්ට හැටියක් නැහැ...

      Delete
    2. නොම්බර 17 ආවේ ජයන්ත හෝල් එකට වගේ මට මතක.( දැන් රන්ජන් ලංකා තියන තැන තිබුනේ )

      Delete
    3. අහල තිබුනට මට කවදාවත් ඔය ජයන්තා කියන හෝල් එකට යන්න වෙලා තිබුනේ නැහැ.තිබුන තැන දැනං උන්නෙත් නැහැ..පබ්ලික් එකයි..මේකලා එකයි දැන් ඔය නයෝමි කියලා තියෙන්නේ අන්න ඒකටයි තමා ගිහිං තිබුනේ..මං ඒත් හිතං හිටියේ නයෝමි කියන්නේ පරණ ජයන්තා හෝල් එකට කියලයි...

      Delete
  4. අපේ පියතුමත් දවසක් තනියම රිංගල තිබුන මහරගම අනූෂා එකට මධුසිහින බලන්න... ගෙදර ඇවිත් සින්දු කෑලි කියනකොට මාට්ටු...

    මම නම් මුලින්ම බලපුව විදිහට මතක නොම්මර 17 යි(විජේ කියනව කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියල) රණබිමේ වීරය කියන එකයි.. ඒකෙ ජීවන් ‍එනව ට්‍රේල් බයික්කයක් පැදන්... ඒ දෙකම බැලුවෙ මහරගම නැෂනල් එකේ :)

    ReplyDelete
    Replies
    1. මධු සිහින කිව්වේ මිහිඳුම් සිහින ෆිල්ම් එකේ දෙවෙනි කොටස වෙන්න ඕන මගේ හිතේ..මං ඔය ෆිල්ම් දෙකටම කැමතියි...විශේෂයෙන්ම ඒකේ විජ‍යගේ චරිතෙටත් වඩා අර අහිකුණ්ටිකයින්ගේ රැහේ සින්නගේ චරිතෙට...

      අප්පා ට්‍රේල් බයික් පිස්සුව අපිටත් ඔළුවට ගැහැවුවේ ඔය කාලේ තමා...ජීවන් එක්ක තමා ඔය බයික් ආවේ වැඩි හරියක්...
      රංදෙණිගල සිංහයා මතකද..? අර තඩි බඩවල් දෙකක් හප්ප ගන්න සීන් එහෙම...

      Delete
    2. ඔවු ඔවු, මිහිදුම් සිහින එකේ දෙවෙනි එක තමා.. මං චූට්ටං එකා කාලෙ පලවෙනි එක බැලුවා මතකයි අපේ පොඩිමාමා කාරයත් එක්ක ගොහිල්ලා.. දෙවෙනි එක මිස්වුනා කොහොමින් කොහොම හරි..

      Delete
  5. මමත් හෝල් වල චිත්‍රපටි බලලා තියෙන්නෙ එකක් දෙකක් විතරයි. යංතං තමයි මතක. හැබැයි ඉතින් ඒ අත්දැකීම අද ගෙදර බලනවා වගේ නෑ. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පහසුවට බලන්න පුළුවන් හින්දා අපි ගෙදර ඉඳන් ෆිල්ම් බැළුවට හෝල් එහෙකට ගිහිං එතන තියෙන අමුතුම තත්වයත් එක්ක බලනවා වගේ කිසිම ගතියක් නැහැ ගෙදර ඉදන් ෆිල්ම් බැලිල්ල...

      Delete
  6. දුෂ්කරතා වැඩි කාළෙට හැමදේම අඩු පාඩු එක්ක වුණත් මිනිස්සු කරනවා

    දුෂ්කරතා අඩුවෙන්න අඩුවෙන්න, කාලයයි හැමදේම නාස්තිවෙලා මිනිස්සු කම්මැළිවෙන එක තමා වෙන්නේ කියල මටත් හිතෙනව

    රසඥතාවය, නිර්මාණශීලිත්වය ඔය කොයි දේටත් එහෙමයි...

    මේ බ්ලොග් එකේ මුල් කාලේ පොස්ටුයි දැන් ඒවායි ගැන කතෲට මොකද හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. //දුෂ්කරතා වැඩි කාළෙට හැමදේම අඩු පාඩු එක්ක වුණත් මිනිස්සු කරනවා//
      සම්පූර්ණ ඇත්ත තිස්ස අයියා..


      //මේ බ්ලොග් එකේ මුල් කාලේ පොස්ටුයි දැන් ඒවායි ගැන කතෲට මොකද හිතෙන්නේ?//
      තිස්ස අයියා මොන අදහසකින් මේක ලියුවද මම දන්නෙ නැහැ..ඕක " දැන් එවා " කියලා generalize කරන්න නම් බැහැ නේද..? උදාහරණයකට ගත්තොත් අද පොස්ට් එකෙන්නං මම ඉස්සර හිටියා මාරයාව දකිනවා.. පන්සලේ කතා තුල තිබුන කුතුහලය නැතිවීම හැර වෙන අඩුපාඩුවක් මම දකින්නෙ නැහැ. ඉඳලා හිටලා කම්මැලි වැඩකට නැති පොස්ට් නැතිවම නෙවෙයි. ඒත් ඒක දැන් විතරක් කරන දෙයක් නෙවෙයිනෙ..

      Delete
    2. මම මේ බ්ලොග් එකේ සියුම් රූපාන්තරනයක් දකිනව ලකී - එහෙම කීමෙන් මේක ස්ථිතික වියයුතුයි කියල මම බලාපොරොත්තු වෙන්නේ නෑ - ඒත්...

      අපි බලමු කතෲ ගේ අදහස

      Delete
    3. //මේ බ්ලොග් එකේ මුල් කාලේ පොස්ටුයි දැන් ඒවායි ගැන කතෲට මොකද හිතෙන්නේ?//

      මමත් මේ ප්‍රශ්නෙ අහනවා...


      දැන් උඹ පොල්ල උස්සන් එන්න එපා මගේ බ්ලොග් එක බොට මොකද කියල අහගෙන. දැනුන හින්දා අහන්නෙ..

      Delete
    4. රූපාන්තරනය - වෙනස් වීම - Modification
      ස්ථිතික - වෙනස් නොවන - static
      හපොයි..ආයෙත් නං තිස්ස අයියට මොනවත් කියන්නෙ නෑ...කියන දේවල් තේරුං ගත්තෙ මධුර එකත් බලලා..:D

      Delete
    5. උත්තර ලියනවට වඩා හිතන්න තියෙන කොමෙන්ට් පේලියක්...

      මෙහෙම කියන්නම්කෝ..මං බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් කලේ මං එදිනෙදා ඉන්න විදියටම ලියනවට අමතරව අතරින් පතර අතීත කතා ලියන එක...ඒ වගේම ඒ හැටි තෝරා බේරාගෙන ලිවීමක් කියලා දේකුත් කලේම නැහැ...

      ඒත් දැන් ටිකක් අර එදිනෙදා ජීවත් වෙන විදිය ගැනනං ලියවෙනවා අඩුයි..ඒ කියන්නේ ඔන්න ගෙදර ආවා ඉව්වා නෑවා කෑවා වගේ දින චරියාව ලියවෙනවා අඩුයි..ඒ ඇත්තටම දැන් කාලෙකින් මට නිදහසේ එහෙම වැඩ කරන්නවත් උනේ නැති හින්දා විතරක්මත් නෙවෙයි ඒක හුග දෙනෙකුට කරදරයක් කියලා හිතුන හින්දා...එහෙම වෙනසක්නං තියේ..

      ඊට පස්සේ ඉතිං අතීතේ හාරඅවුස්සන එකත් ඒ දවස්වල වේගෙන් කරගෙන ගියාට දැන් ඉතිං අවුස්සන්න තියෙන්නේ යටම තියෙන තට්ටුවනේ..උඩ තට්ටු හාරන්න පහසුයි...ඒත් යට තට්ටුවට යද්දි ඒවා ටිකක් තදින් වැලලිලා තියෙන්නේ..ඉතිං ඉස්සර වගේ ළග ළග හාරන්න වෙන්නේ නැහැ. ඇත්තටම මං දන්න විදියට හුග දෙනෙක් මේ බ්ලොග් එකේ කැමති උනේ ඒ අතීතේ අවුස්සන කොටස්වලට.. ඒවා අඩු වීම කියන්නේ වෙනසක් වගේ දැනෙන්න පුළුවන් තමා.. ඒත් මක් කරන්නද..? මට අතීත තියෙන්නේ එකක් විතරයිනේ..

      අනිත් දේ තමා දැන් මං ලියනවනං ඉතිරි වෙලා තියෙන්නේ ටිකක් දරුණූ දේවල්...ඒවත් මට ලියන්න පුළුවන්..ඇත්තටම මගේ අකමැත්තකුත් නැහැ..ඒත් මං එතනදී ටිකක් විතර කල්පනාකාරී වෙන්න ඕන නේද..?ඒ මං ගැන හිතලා නෙවෙයි..මොකද ඇත්තටම ඔය මොනවා ලිව්වත් මට අවුලක් නැහැ..මොකද මං හම්බ කරගත්තොත් මං කෑවා..නැත්තං බඩගින්නේ..මේකේ පෝස්ට් වලින් මාව බඩගින්නේ තියන්න කාටවත් බැහැනේ..
      ඒත් ඒ දේවල් බාරගන්න කියවන අය කොහොම ලෑස්ති වෙයිද..?

      උදාහරණයක් විදියට මං දැන් පටන් ගත්තොත් ගෑණූ සම්බන්ධ අත්දැකීම් පෙලක් අළුත් ලේබලයක් යටතේ ලියන්න ඒක තිස්ස අයියා කොහොම දකීද..? කියවන්නන්ගේ පැත්තෙන්නං හෙන මාකට් එකක් එයි..ආයේ කතා දෙකක් නැහැ පන්සල් කතා කියන තේමාව දෙවැනි තැනට දාලා ඒක එකට එයි...(මං විශ්වාස කරන විදියට තාමත් මං ලියපු ඒවයින් වැඩිම අවධානයක් තිබූ තේමාව උනේ පන්සල් කතා..එයින් පහලටයි බස් පළු කතා සහ ජුංඅල ඉන්නේ..කෑම බීම චාරිකා හැම දේම මගේ සක්ක ගල්..)
      ඒත් තිස්ස අයියා හිතනවද මං ඒ තේමාව යටතේ ලියන එක හොඳයි කියලා...මොකද නොලියා ඉන්න එක ලේසියි ලියන්න පටන් අරං සීරු මාරුවට තෝරා බේරාගෙන ලියනවට වඩා...ටිකක් හිතන්න ඕනද එපාද..? බොන්න ඕන පුරස්නයක් නේද..?(බොන්නේ නැති වීමත් නොකිව්වට ලොකුම හේතුවක් මේකට හරිනේ)

      Delete
    6. කට්ටිය කියවන්න ආස මොන වගේ දේවල්ද කියන එක ගැනයි..ඉල්ලුමට සැපයුම දිය යුතුද කියන එකයි ගැන තිස්ස අයියටත්..ලකීටත්..නිශ්ටත් මං අමුතුවෙන්ම කියන්න ඕන නැහැනේ..සජීවී උදාහරණ පහු ගිය කාලෙදි දකින්න තිබුනා ඕන තරං..මමත් ඒ තරම්ම දරුණුවට නැති උනත් පෝස්ට් 3ක් ගිය මාසේ අවසානෙදි ලියලා පෙන්නුවා ඒ වගේ පැත්තට දැම්මම කොච්චර නැගලා යනවද කියලා..ඒත් නැගලා යෑමට උවමනාවක් නැති නිසාත් උදාහරණ වශයෙන් කීප දෙනෙකුට පෙන්නවන්නට උවමනා වූ නිසාත් ලිව්වා මිස මට ඇත්තටම එහෙම උවමනාවක් නැහැ.(ඔබා අයියා කතා කල වෙලාවකත් මං ඔය ගැන කිව්වා)මං වැරදියි කියලා හිතනවද තිස්ස අයියා..?

      හුගක් වෙලාවට මං කැමති මෝඩයගේ පාට් එකේ ඉන්න.එතකොට ප්‍රශ්න අඩුයි...ගොං කතා කිය කිය ඉන්න එකෙන් කාටවත් හානියක් වෙනවට වඩා ලොකු ලොකු දාර්ශනික කතා හරහා වෙන්න පුළුවන්කම තියෙනවා...ඒ හින්දා ගොංකතාවලින් දවස ගෙවාගෙන ඉන්න එක හොඳ හින්දයි මෙහෙම යන්නේ...

      පැහැදිලිවම වෙනසක් පේන්නත් පුළුවන් මේ බ්ලොග් එකේ..එතනදී තිස්ස අයියවත් නිශ්වත් කියන දේ මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ..කොහොමටත් නිශ්ගේ කමෙන්ටු ගැන මං මුල පටන්ම හොඳින් දන්නවා..කොතනදීවත් පිට කහ කහ ඉන්න ජාතියේවත් පන්න පන්න හූරන ජාතියේවත් නෙවෙයි හොඳයි නං හොඳයි කියන්නත්..නරකයි නං එතනදීම නරකයි කියලා සුහද විදියට අහක් වෙන්නත් නිශ් දන්නවා කියන දේ මං තේරුම් අරං ඉන්නේ..තිස්ස අයියාගේ වෙනස කාගෙවත් හිත රිද්දන්න පොඩ්ඩක්වත් අකමැති වීම මත අකමැතිනං සද්දේ වහලා නිකං ඉන්න එක. ඉතිං මෙතනදී දෙන්නම කතා කලාම ආයේ කියන්න දෙයක් නැහැ එතන දෙයක් තියෙනවා...

      එතකොට ලකී කියන කතාවට හැරුනම ඒ ගැන කියන්න තියෙන්නේ මං රටාව වෙනස් කරලා නැහැ...තාමත් මේ බ්ලොග් එකේ ස්ථාවර ගතියක් නැහැ..මං ලියන්නේ අහවල් එකය කියලා එක පැත්තකට වර්ගීකරණය කරන්න බැහැ..අද බණ කතාවක් කියලා හෙට මැල්ලුමක් ගැන දාලා අනිද්දට දන්න කියන ලගම හිතවතෙකුට විතරක් මඩක් ගහලත් පෝස්ට් එකක් දායි..ඊ ළග දවසේ කොහේ හරි යන පොටෝ එකක් අරං ඇවිත් හිතට එන කතා ටිකක් කියලා ආතල් එකක් ගනී..එහෙම නැතිව මං ලියන්නේ බණ කතා විතරයිවත්..මං ලියන්නේ කෑම බීම ගැන විතරයි කියලවත්.නැත්තං මං අනිත් අයට මඩ ගහන පෝස්ට් විතරයි ලියන්නේ කියලවත් රාමුවක එදා හිටියෙත් නැහැ..අදටත් එහෙම නැහැ... එකම දේ ලියන ලිපි ප්‍රමාණය තරමකින් මේ මාසේ අඩු උනා... ඒ වගේම පහුගිය මාස කිහිපයේ ඉදලා තරමක් එදිනෙදා ජීවිතේ ගැන ලියනවා අඩු උනා...ඒත් තාමත් අර පරණ පුරුදු රටාවෙම මිස අමුතු ගතියක් ඇවිත් කියලනං මට පේන්නේ නැහැ...

      තිස්ස අයියට හරි නිශ්ට හරි ඒ වෙනස එන්නේ කොතනින්ද කියලා පොඩ්ඩක් මට පෙන්නන්නං පුළුවන්නං මං බලන්නං මොකද වෙලා තියෙන්නේ කියලා..කොහොමටත් මං කියන දේ අහනවා අඩු එකෙක්..ඒත් කවුරු හරි කියන දේ අහන්න ගත්තම ඒක ආයේ හොඳින්ම අහනවා..තිස්ස අයියා කියන දේ කවදත් මං අහනවා..(කියන දේවල් නොකරන එක වෙනම කතාවක් හරිද?) නිශ්ගේ කොමෙන්ටුවල තියෙන දේවල් ගැන හොඳ විශ්වාසෙකුත් මට තියෙනවා...
      ලකීට අමුතුවෙන් කියන්න ඕන නැහැ මොකද උන්දෑ මට ගෙදරටම ඇවිත් එක පාරක් චෝදනා කල වෙලාවක මං ටිකක් වැරදි පැත්තට ලියන හේතුව ලකීට පැහැදිලි කලා මං හිතන්නේ...ඒ පැහැදිලි කිරීම දන්න හින්දයි ලකී මේක මේ තරමින් අවබෝධකරගෙන කතා කලේ... එහෙම නොවුනනං සමහර විට බොලා තුන් දෙනාම එක පැත්තක් වෙන්න තිබුනා...

      අවසාන වශයෙන් මේක ටිකක් එකතු කරලා කියනවනං ලියන දේවල් යම් තරමකින් පාලනය වීමක් සිදු වෙන හින්දා සමහර දේවල් ලියවෙන්නේ නැති කමත්... ඉද හිට එකක් දෙකක් අනිත් පැත්තට ලියන්නේ ආදර්ශමත් ළමයා වීම මහ වදයක් වීම නිසාත් මං ගැන කවුරුවත්ම සුදු චරිතයක් හැටියටවත් කළු චරිතයක්වත් හැටියට දකිනවට අකමැති නිසත්..හැබැයි ඔය දෙකම මං ගාව තියෙනවා..ඒත් මං අළු නං නෙවෙයි..තාමත් සුදු වෙන්න ඕන තැනදී සුදුත්..කළු වෙන්න ඕන තැනදී කළුත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති එකෙක්..

      මේක පෝස්ට් එකක් හැටියටත් දාන්න තිබුනද මංදා..:D

      දැන් ඕනමනං තිස්ස අයියට කියන්න පුළුවන් මේක අදිසි හස්තයක බලපෑමක් මත සිදු වූ වෙනසක් කියලත්...:D:D:D

      Delete
    7. "වය ධම්මා සංඛාරා"

      සම්මා සතියෙන් යුතුව යමෙක් ලියත්ද, එයට උදාහරනයක් ලෙස මේ පෙන්වමි..

      බලාපොරොත්තු වෙච්චි උත්තරේ ලැබුනා.. [ඒත් ඒක උඹේ කටින්ම ගන්න ඇතිවූ මජර ආසාවක් නිසා පොඩි උත්තේජනයක් කලේ..]

      නිර්මිතයන්ගෙන් බැහැරව ලියන හැමටම මුහුණ දෙන්නට වෙන දෙයක් - ඒත් වටින්නේ ඒ ගැන මෙළෙස සවිඥාණකව හිඳීම යැයි සිතමි...

      තවත් වටයකින් උඹ ගැන පැහැදීම වැඩි වුණා..!

      ජය..!

      Delete
    8. මචං ලකී ඔන්න තව වචන ටිකක් තියේ හොයලා බලහං මේ යෝධයා ඒ පාර මොකක්ද කිව්වේ කියලා..:D

      Delete
    9. අම්මෝ . . . තිස්ස අයියගෙ අන්තිම කොමෙන්ට් එක කියෙවුවම නිකං තෝන්තුයි වගේ

      Delete
    10. නිර්මිතයන්ගෙන් බැහැරව තිස්ස අයියා සමග වචන කීපයක් කතා කිරීමේ මජර ආසාවක් මටත් ඇතත් එතුමන්ගේ වාග් විලාශය විමසන කල්හි මෙසේ සවිඥාණකව සිටීම පංචස්කන්ධයට ගුණදායකයි සිතමි...:DDD

      Delete
    11. බය වෙන්න එපා ලකියා..බුවා ඔහොම ලිව්වට කතා කරනකොට ඔය හංගං ඉන්න ශබ්ද කෝශ පොත් ටික උස්සන් එන්නේ නැහැ එතකොට එහෙම්පිටිම්ම තියෙන්නේ අර මජර භාෂාව විතරයි..දැන් ඔය දාපු කමෙන්ට් ටික දානකොටනං සන්තකේට තියෙන පොත්පත් ඔක්කෝම දිග ඇරගෙන තමා ඔය ගලප ගලප ලියන්නේ..

      @ඕනයා...
      දැන් උඹ හිතන්නේ අපිට ඔය කිව්ව ඒවා තේරුණයි කියලද..?ඇත්තටම නැහැ ඒත් තේරුණා වගේ ඉන්න වෙනවා..මොකද නැත්තං ඕක පැහැදිලි කරන්න කියලා තව කොමෙන්ට් එකක් දැම්මොත් තුන් මාසයක් අපිට වෙනම ඉසකුඩිච්චි දාන්න වෙනවා..එයිට වඩා හොදයිනේ නිකං කසාය බීපු ගොළුවෝ වගේ ඉන්න එක..නැද්ද මං අහන්නේ..?

      Delete
    12. හොඳ කලු ගලක් නැත්දෑ ලඟපාතක...!!

      එක්කෝ මම ලකියගේ උගුලක අහුවුණා ;-)

      Delete
    13. TD බොන්න බැරි වචන ලිය ලිය ඉන්නවා. අපිට නිකං හායි පාරක්වත් නෑ දැන් :(

      Delete
    14. හත් දෙයියනේ...!!! D Cat නේද? ඕ.. අද දවසෙම ඒ පැත්තෙ ගියේ නෑ..

      "හායි" අප්පේ..!!!

      Delete
    15. අපිව අමතක කරලා, ඒකයි. සිහ්! :/

      Delete
    16. හරි මේන් මේකයි කියලා කියන්න බැහැ ඒත් මොකක්දෝ දැනුනා. මොකද බොහෝ විට කියවීමෙන් බලාපොරොත්තු වෙන්නෙ වින්දනයක්. එතනදි උඹේ ලියවීම් වල හොඳ රහක් තිබ්බ.
      ඒකෙ අඩුවක් දැනුනා. උඹේ අන්තිම යාපනේ චාරිකාවයි උඹම ලියපු අර සුනාමි ගේ හදන්න ගියපු චාරිකාවයි ආයේ පුලුවන් වෙලාවක කියවල බලහන් බොටත් මොනාහරි හිතෙයි

      මම ටිකක් දීර්ග පැහැදිලි කිරීමක් කරන්නම් පස්සෙ දැන් වෙලාව නෑ

      Delete
    17. කාටහරි පුළුවන්නම් තිස්ස අය්යා කියන දේවල් සිංහලෙන් පැහැදිලි කරන්න.

      Delete
    18. තිස්ස අයියටනං අපලයි වගේ මේ දවස්වල...

      Delete
  7. ෆිල්ම් හෝල් එකකට අන්තිමට ගියේ ජනවාරි මාසේ එතුමයි මෙතුමයි බලන්න...බලාගෙන යද්දි තේරුණා ඒක face off කියන ෆිල්ම් එකේ කතාවත් කොපි කරලා ගහපු කොමඩියක් කියලා...මේ අවුරුදු දෙකක කාලේ තුල මගේ හිතට හොඳින්ම අල්ලලා ගියපු ෆිල්ම් තමයි "බඹර වලල්ල","හායි හායි අපේ යාළු පුංචි භූතයා","ඉර හඳ යට" අනික්වා මෙලෝ රහක් නෑ ඒ ෆිල්ම් වල දැක්කේ පටන් ගන්නකොට නම් දාපුවයි ඉන්ටර්වල් එකයි අන්තිමට නම් දාන එකයි හි හි.....ගාමණිත් එල මාතා තාම නොබැලුවෙමි

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ ආව ෆිල්ම් වලින් බඹර වළල්ල හොඳ එකක් තමා..ඒත් අර කුඹුරක දුවන තරඟයක් දාලා තිබුන කෑල්ලටනං මට ඒ හැටි මනාපයක් නැහැ..මං තාමත් හොයනවා එහෙම දෙයක් ඇත්තටම ඒ පළාත්වලවත් වෙනවද කියලා..මං දන්න කියන පළාතකනං එහෙම තරඟ නැහැ..ඒක මොන අරමුණකින් ඒකට එබුවද කියලයි මට තේරෙන්නේ නැත්තේ..එතනදී ඇර අනිත් හැම ටිකම හොඳයි..අනිත් එක තමා ඒ වගේ ෆිල්ම්වලට සින්දු ඕනද කියන එක... සාමාන්‍ය මට්ටමේ එහෙකට සින්දු පහයි ෆයිට් පහයි දැම්මට අවුලකුත් නැහැ..ඒත් මොන මගුලකටද මංදා අපේ උන් සින්දු ඕනම නැති ඒවටත් සින්දු රිංගවනවා...

      කොපි කිව්වමනං මෙහෙමනේ වෙන්නේ.. ඉංගිරිසි එක එයිටත් වඩා හොදට කොපි කරලා උන්ගේ තාලෙට දකුණූ ඉන්දියාවේ හදනවා..ඒකම කොපි කරලා හරි හඩ කවලා හරි දෙමළ එක තරමටම නැතත් වෙනස් විදියකට උතුරු ඉන්දියාවේ හැදෙනවා හින්දි වලින්..
      ඔය ඔක්කෝටමත් පස්සේ අපේ උන් අර තුන හතරම අරගෙන එකක් හදනවා..හැබැයි අර එහෙකවත් තිබුන ගති ලක්ෂණ ඒකේ නැහැ..කොටින්ම වියදං යයි කියලා හිතෙන සීන් අපේ ක්‍රමේට හැදුවම ඉතිරි වෙන්නේ සැකිල්ල විතරයි..එතකොට පේනවා මේ අර සරුංගලේම තමා වෙන පාටකින් අලවන්න ගිහිං තියෙන්නේ කියලා..

      මට අබා බලන්න තාම බැරි උනා.. ඒ ඇර දැන් හිතං ඉන්නේ මාතා බලන්න ඕන කියලා..අනිත්වනං හෝල් එකෙන් හරි ගෙදරදිම හරි බලන්න ලැබුනා..

      Delete
  8. මේකත් අර කියාගෙන ආව කතාවෙ කොටසක්ද ?

    ලඟදි බැලුව මෙහෙදි ' බඹර වළල්ල '

    ReplyDelete
    Replies
    1. හරියටම බැළුවොත් ඔව්..ඒත් ඒ ලේබලේටම දැම්මේ නැහැ මොකද මේක ටිකක් එයින් මෙහාට පැන්න හින්දා...

      බඹර වළල්ල ඔහේ බලලා වැඩක් නැහැ අයියා..සූරිය වැව පැත්තේ ගෙහුන් බලන්න ඕන..ඒත් දැන් ඒ චරිත අතීතෙට එක්කහු වෙලා...

      Delete
  9. හිතට දැනෙන්න ලියලා තියනවා, දැන් ලංකාවෙ සිනමාවයි එදා සිනමාවයි ගත්තාම අහසට පොලොව වගේ ......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං මේ පෝස්ට් කලේ මං ලියපු ටිකෙන් බාගයයි..තව බාගයක් මේකේ තියෙනවා..ඒත් ලියං යනකොට මට හිතුනා දිග වැඩී කියලා..ඒ පාර මං කපන්න පුළුවන් තැනින් මේක කැපුවා... නැත්තං ඔය වෙනස්කං ගැනත් ටිකක් හරි කියවෙන්න තිබුනා...

      Delete
  10. කාලෙකින් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බැලුවේ නැහැ නේන්නම්....
    දැන් ගොඩ වෙලාවට ජාලයේ තියෙන ඒවානේ බලන්නේ... :(

    මටත් අද වගේ මතකයි මුලින්ම හෝල් එකකට ගිහින් බලපු ෆිල්ම් එක
    ඒකෙ නම විරාගයද කොහෙද, සනත් හිටපු ෆිල්ම් එකක්

    ReplyDelete
    Replies
    1. විරාගය...මාටින් වික්‍රම සිංහයන්ගේ නවකතාවට තිස්ස අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් විශාල සාධාරණයක් කෙරුණ චිත්‍රපටයක්..මාත් දෙවතාවක් බලලා තියේ ඒත් දැන් සෑහෙන්න කාලෙකට කලියෙන්..දැන්නං ආසයිත් එක්ක ආයේ පාරක් බලන්න තියේනං...

      Delete
    2. මාරයත් ටිකක් අරවින්ද වගේ චරිතයක් නේද

      Delete
    3. මාරයා අරවින්ද වගේ..???????
      මම මේ කල්පනා කලේ මාරයටද නැත්නම් අරවින්දටද ඔය අපහාස කරන්නෙ කියලා..තිත් දෙකයි ඩී

      Delete
    4. හපොයි නැහැ..කොහොමටවත් නැහැ..මං අරවින්දට ඒ හැටි කැමැත්තක් නැහැ..මං එදා ඉඳලා කොපි කලේ මහානාමව..:D

      කොටින්ම කව්රු හරි ෆුල්ටොස් එකක් දාලා දුන්නත් මංනං නෙවෙයි හයේ එව්වා ගහන්න ට්‍රයි කරන්නේ..පන්දුව පිත්තටම ලබාගෙන පිටිය දිගේ ඇදී යන්න සලස්වනවා මිසක්..එහෙව් එකේ කොහොමද මං අරවින්ද වගේ වෙන්නේ..:D:D:D

      Delete
  11. අක්කගෙ හරි අම්මගෙ හරි ඔඩොක්කුවෙ ඉන්නෙ තිබ්බනෙ කොල්ලො, කට්ට කන්නෙ නැතිව.

    මගේ පළමු ප්‍රතම බයිස්කෝප් එක කලු සුදු එකක්: "ඉන්දුට මල් මිටක්" ද කොහේද. හිචිචි කාලෙනම් මමත් බොහොම ආසාවෙන් චිත්තරපටි බැලුවා. ලොකු වෙනකොට ඒ ආසව නැති උනා. දැන් ඉඳලා හිටලා තෝරලා බේරලා ජාත්‍යන්තර එකක් බැලෙනවා.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා. ඔය කකුල් උඩ දාගෙන සිමෙන්ති බැම්ම ජරා කරන එකනම් වැරදියි මෙයා.

      Delete
    2. ඒ පාර මෙයත් වෙඩිමක් කතා කරනවා..පුටු ඇන්ද උඩ ඉඳගෙනත් මං කරවැල් කොකා වගේ ඉස්සි ඉස්සි බැළුවේ..ඔඩොක්කුවක වාඩි උනානං මට පලන්න වෙන්නේ ඉස්සරහ සීට් එකේ පුටු ඇන්ද විතරයි..:D

      "මගේ පළමු ප්‍රතම බයිස්කෝප් එක කලු සුදු එකක්: "ඉන්දුට මල් මිටක්" ද කොහේද."

      එහෙම දැක්කම මං මේ කල්පනා කලේ ඔයා එකේ රඟ පෑවදෝ කියලයි..ඒක තමා එහෙනං මං එදත් කිව්වේ ඔයා නිකං නිළීයෙක් වගේ කියලා...මට එහෙම පෙනුමක මතකයක් තියේ..:D:D:D

      ඕනම දෙයක් වැරදියටමනේ අල්ලගන්නේ..ඒකට කියන්නේ සිමෙන්ති බැම්ම ජරා කරනවා කියලා නෙවෙයි අප්පා..ඒකට කියන්නේ මගේ පාදස්පර්ශයෙන් සිමෙන්ති බැම්ම ශුද්ධවූ ස්ථානයක් කරනවා කියලයි...
      ඇත්තම කිව්වොත් ඒකේ තිබ්බම අපේ කකුල් ජරා උනත් බැම්මනං ජරා වෙන එකක් නැහැ ඒ තරමට ෂුවර්...

      Delete
    3. හෙහ් හෙහ්...මට ෂීන් එක මැවි මැවි පෙනවා සී ටී පිලිම් එක බලපු හැටි. :ඵ්

      ඔව් ඔව්, ඔය කියන්නෙ අර නීටා ගැන නෙද? ඒ කාලෙ රඟපාන්න ආසවකුත් නම් තිබ්බට, රඟ නොපෑවෙමි :D

      "ඇත්තම කිව්වොත් ඒකේ තිබ්බම අපේ කකුල් ජරා උනත් බැම්මනං ජරා වෙන එකක් නැහැ ඒ තරමට ෂුවර්"
      ඒකනෙ, මම කිව්වෙ. ඔය ඉස්සෙල්ලා ගිය ගෙම්බන්ගෙ වැඩනේ. සික්!

      Delete
    4. ඕඕ, මටත් පෙන්නන්න බෑ ඔය බැමි උඩයි, පුටු උඩයි කකුල් තියන් ෆිල්ම්ස් බලන ගෙම්බො.

      Delete
    5. ‍කාන්තා පාර්ෂවය එක්කාසු වෙලා මගේ මානව හිමිකං උල්ලංඝනය කොරන්න හදනවද මංදා...:D

      Delete
  12. පබ්ලික් හෝල් එකේ බැල්කනියේ තිබුනේ පුටු 7 පෝලිම් තුනක්.ටිකට් තුනක් විකුණගන්න උන්ට හැමදාම බෑ. බැල්කනියට නගින එකත් සොල්දර ගෙදරක හොරකමේ යනවා වගේ වැඩක්. එක හින්ද මාරෙ පොඩිකාලේ පුටු ඇන්දේ ෆිල්ම් එක බලපු එක හොදයි . මීරිගම ,නිට්ටබුව ,ගම්පහ ,කඩවත ,කිරිබත්ගොඩ ,අලුව්ව (ජීවනී ) එක පවා, 90 දශකයේ නොවැටී සිටීමට අපත් සමග ඔබ ඉන්න ඇතී....... .

    ReplyDelete
    Replies
    1. අර පුටු තුනේ කතාවනං විශ්වාස කරන්නත් අමාරුයි... මොකද ඒ පුටු තුනේ ඉන්න අයට එක ටිකට් පතක මුදලට චිත්‍රපට කිහිපයක්ම නැරඹීමේ හකියාව ලැබෙන හින්දා මංනං හිතන්නේ ඒක ඒ හැටි අමාරුවක් වෙන්න බැහැයි කියලයි...

      අම්මේ ඔව් සිනමා කරුමාන්තේ රැක ගැනීමට අපේ සෑහෙන දායකත්වයක් තිබුනා...

      Delete
  13. මාත් හිච්චි කාලෙ ගෙදර කට්ටියත් එක්ක ගිහින් ජුරාසික් පාක් බැලුවා.
    අප්පොච්චියේ උන්ගෙ ලොකු.........
    ගෙදර අයත් එක්ක ගිහින් බලපු අන්තිම චිත්‍රපටිය තමයි ඒක.

    ReplyDelete
    Replies
    1. කිරිපුතාගේ කොමෙන්ටුව ස්පෑම් ගොඩට ගෙහුන් තිබිලා හොයාගෙන ආවේ දැන්...

      ජුරාසික් පාක් මාත් දෙපාරක් බැළුවා..ඒ ගම්පහ නයෝමි එකේ..එක වංගියක් අම්මයි මල්ලියි නෑදෑ‍වෙන අක්කලා තොගේකුයි එක්ක..ඊට පස්සේ සතියකින් විතර යාළුවෝ එක්ක ගිහිල්ලත් බැළුවා...

      Delete
  14. පුදුමෙ කියන්නේ මමත් මේකම ඊයෙ DOWNLOAD කරලා බැලුවනේ.... හැබැයි තවම මට බලල ඉවර කරන්න තරම් වෙලාවෙක් ලැබුනේ නෑ... දැනට භාගයක් විතර තමයි වැඩ අස්සට බැලුවේ... හැබැයි මේ චිත්‍රපටියේ ඇතුලතින් දිවෙන කතාවයි අපි සිනමාවේ යතාර්ථය ගැන අහලා තියන කතායි අනුව.... අපි ලස්සනට දකින සිනමාව පසුපස එතරම් සුන්දර නෑති බවත් ඇත්තටම තියෙන්නේ තිත්ත දෙයක් බවත් වැටහෙනවා....

    ReplyDelete
    Replies
    1. මම නම් ඕක බලලා අදත් තුන් හතර පාරක් බැළුවා කතාවේ අන්තිම ටික..ඒ කියන්නේ අර වැල්ලේ සිල්ක් කියලා ලියන තැන ඉදන් ඉස්සරහට තියෙන විනාඩි දෙක තුන...

      Delete
  15. ඒ කාලේ ෆිල්ම් බලපු හැටි මතක් වෙන කොට ආතල් තමා...පොඩි කාලේ ෆිල්ම් බලනකොට හුඟක් වෙලාවට ට්‍රේලරුයි ෆිල්ම් එකයි කලවම් වෙනවා...
    සිංහල ෆිල්ම් එකක මගේ මුල් මතකය සුජීවා එහෙම නැත්නම් එදත් සූරයා අදත් සූරයා...නුවර වේල්ස් එකේ හරි වෙම්බ්ලි එකේ හරි බැලුවේ. අංගුලිමාල ෆිල්ම් එකත් මතකයි වගේ.

    ReplyDelete
    Replies
    1. මගේනං කැමතිම ෆිල්ම් එක ඒ කාලේ "මාතලං"..හැබැයි හෝල් වලින් නෙවෙයි බැළුවේ ගමේ පන්සලෙයි ඉස්කෝලෙයි මොන උත්සවේ තිබුනත් ඒ දවස්වල කට්ටියක් ඇවිත් බණ මඩුව හරි ඉස්කොලේ සාලාවක් හරි වට කරලා රුපියල් දෙකට පහට ටිකට් කඩලා පෙන්නුවා..මගෙ අම්මේ ඒක බලන්න කට්ටිය තිබුන උනන්දුවක්..

      Delete
  16. මට මතකයි අපේ ලොකු අම්මත් ඔහොම කතා කිව්ව අපිට.. ඒවා දැන් එකක්වත් මතක නැති වීම අපේ දරුවන්ගේ අවාසනාව..

    ඉස්සර අපිට තිබුන රූප පෙට්ටිය තමයි ඔය කතා.. ඒ කතා අහලා හිතෙන් මවා ගත්තු රූප, අපේ හිතේ රජ උනා.. පස්සෙ පස්සේ රූපවාහිනිය අපිව ආක්‍රමණය කලාට පස්සේ ඒ ඔක්කොම නැතුව ගියා කියලා තමා මට හිතෙන්නේ.. අර වීරයො හිටපු තැන්වලට සුපර් මෑන්ලා, ස්පයිඩර් මෑන්ලා රිංග ගත්තා..

    දැන් අපි හිස් මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. අකුරක් පාසා ඇත්ත...

      ඉස්සර ඔය තැන්වල හිටියේ වීර පුරන් අප්පු..කැප්පෙටිපොල..ගෝඨයිම්බර..මද්දුම බණ්ඩාර...වීදියේ බණ්ඩාර.. ටිකිරි කුමරු..දුටු ගැමුණු..නීල මහා යෝධයා වගේ අය..ඒත් දැන් එයාලා මොන වීරයෝද..?එහෙම කලේ කවුද..?

      Delete
  17. ඇඩෝව්.. මාරයා.. කෝ මූ? අහ්. සමාවෙන්ඩ මං දැක්කෙ නෑ. කැත වැඩ නොකර අපේ ප්‍රස්න වලට උත්තර දීපංකො මාරයියේ! බලාප කලිං පෝස්ට් එක පාලු වෙලා.

    ReplyDelete
    Replies
    1. දැන් බලහං බං මං මෙතන මේකට උත්තර බදින්නත් පැය දෙකක් තිස්සේ දගලනවා..ඒත් තාම ඉවරයක් නැහැ..ඉතිං කොමේයි කියහංකෝ කලින් ඒවටත් උත්තර බඳින්නේ...

      Delete
  18. ජීවන්ගෙ කාලෙං පස්සට සිංහල ෆිල්ම් බැලුවනං ලුවී ගොයිය හදපු සීරීස් එක විතරයි. මට මතක ඇති කාලෙක බලපු පලවෙනි ෆිල්ම් එක, "ඔබටයි ප්‍රියේ ආදරේ" නාරම්මල ඉන්ද්‍රානි එකෙං බැලුවට පස්සෙ වැඩිම ෆිල්ම් ගනනක් බැලුවෙ නුගේගොඩ කුයින්ලන් එකෙං . . පට්ටම ආතල් එකක් තිබුනෙ 90 ගනන් වල අන්තිම කාලෙ කුයින්ලන් එකේ ෆිල්ම් බලද්දි . . . . මුලු පලාතටම හිටි වවුලො ලගින්නෙ කුයින්ලන් එකේ සීලිමේ

    ReplyDelete
    Replies
    1. අඩෝ මං කලින් ‍රිප්ලයි එහෙකත් කිව්වේ මේ පෝස්ට් එකෙන් බාගයයි කියලා..අනිත් බාගේ ඔය ලුවී අයියගේ සම්මාදම ගැන තියේ..විශේෂයෙන්ම සුමන අක්කා ගැන..මේක උඹ දාලා තියෙනවා දැක්කම ඇති වෙච්ච සතුටටයි පෝලිම පැනලා ඇවිත් උත්තර බදින්න හිතුනේ...

      Delete
  19. මම හා හා පුරා කියලා තනියෙන් බලන්න ගිය ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම් එක __________ . කළුවරට ඇස් හුරු වීගෙන එන කොට ළඟ ඉන්න එකා දිහා බැලුවම, ඒ ඉස්කෝලේ සෞඛ්‍ය සර්.. බුවාට මෙලොව සිහියක් නැති අතර තුරේ, මම හෙමීට පිටිපස්සේ පේළියකට මාරු වුනා.

    කස්ටිය එක්ක ගිය වතාවක, අන්තිමේදී අපි ඕ.ඩී.සී. එකෙන් එලියට එන කොට , අපේ එකෙක්ගේ පියතුමෙක් බැල්කනියෙන් බහිනවා.. මොනවා වුනත් ඌට ගෙදරදී කියලා තියෙන්නේ, "තෝ ඉස්සර වෙලාම ඉගෙන ගෙන හිටු, බයිස්කෝප් බලන්න කලින්" කියලා විතරලු..

    ReplyDelete
    Replies
    1. අන්න බලහං නියම තාත්තෙක්..උන්නැහේ ඉගෙනගෙන ළමයිත් හදලා ඉවරවෙලා තමා ඒවා බලන්න ගිහිං තියෙන්නේ..ඒත් දැන් ඉන්න පුතාලා කරන්නේ මුලින්ම ඒවා බලලා ළමයි හදලා පස්සේ ඉගෙන ගන්න... සික් ඉතරක්...

      ඇයි බං උඹ එදාම අර සර්ට දණ ගහලා වැන්දේ නැත්තේ..බලහං ගුරුවරු උනාම එහෙම නේද ඉන්න ඕන..අතිං වියදං කරං හරි තමංගේ විසයට අදාල බාහිර කරුණූ එක්කාසු කරලා උඹලගේ දෑස පාදන්න ඕන නේද..? දැන් කොහේද එහෙම ගුරුවරු...උඹලා වාසනාවන්තයි ඒ අතින් එහෙම කැපවීමෙන් වැඩ කරපු ගුරුවරු ලබන්න...

      Delete
  20. රටකජු පොතු දාන්නේ කොහේද?

    ReplyDelete
    Replies
    1. අපොයි පොතු තියෙන එව්වා නෙවෙයි..පොතු ඇරලා බැදපුවනේ අරං යන්නේ..ඒවා ලේසියි...

      Delete
  21. මමත් ඉස්සර ඉඳන්ම චිත්‍රපටි පිස්සෙක් . මම පොඩි කාලෙ උන්නෙ පුංචි බොරැල්ලෙ. හැමදාම බදාදට බොරැල්ලෙ ලිඩෝ එකෙ හරි රිට්ස් එකේ හරි 9.30 ෂෝ එක වරද්දන්නෙ නැ. එදාම රෙඩියෝ එකෙ "වජිරා" ගුවන් විදුලි නාටකය 9.30ට ප්‍රචාරය වෙනවා.ඒකත් අතහරින්න බැරි හන්දා , අපිට තිබුන ලොකුම හයි ෆයි භාන්ඩෙ තමා රේඩියො කැසට් රෙකොඩර් එක. ඒකෙ පැයක් පටිගතවෙන්න දාලා යනවා. 9.15ට දැම්මම 10.15 වෙනකන් පටිගතවෙනවා. බොරැල්ලට යන්න විනාඩි 15ක් හොඳටම ඇති. ඒ දවස්වල සතියට මොකක් හරි හොඳ චිත්‍රපටියක් ඔය සිනමා ශාලා දෙකෙන් එකක තියනවමයි. (දැන්නම් ඕවයෙ එන්නෙම වැඩිහිටියන්ට පමනයි ඒවා) ඒත් දැන් නම් සිනමා ශාලාවලට ගිහින් බලනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඈ බං ජෝං අයියේ තව එකක් අඩුයි නේද..? කට ඇරලා කියහංකෝ ඉස්කෝලෙන් පැනලා රූබී එකේ 10.30 බලන්න 10.45ට ගිහින් වාඩි වෙන හැටිත්...:D

      Delete
    2. ඇත්තටම රූබි එකෙ 10:30 බැලුවෙ බිග් මැච් එකට කලින් දවසක විතරයි. එදත් බැලුවෙ Garden of Eden. අපි බයයි බන් 10:30 යන්න ඇයි "මෝසා" 10:30 ඉවර වෙනකොට හෝල් එක ඉස්සරහ ඉන්නවනෙ. ඒහන්දා සිකුරාදා හවස 3:30 රූබි නැත්නම් ඔලිම්පියා නම් ශුවර්.

      Delete
    3. චෑ චෑ.. බොලා බලලා තියේද රූබි එකේ රෑ 9.30 ෆිල්ම් එක..?? අපි හොස්ටල් එකෙන් පැනලා ගිහිල්ලා බලලා තියේ.. :D

      Delete
  22. පෝස්ට් එකනම් බැලුවා . කමෙන්ට්ස් කිසි දෙයක් බලන්න බැරි උනා . චිත්‍රපටිනම් දැන් හෝල් වලට ගිහින් බලනව හරිම අඩුයි . පොඩි කාලෙනම් අම්මා , තාත්තා එක්ක යනව හොඳ චිත්‍රපටි බලන්න . අපි ලොකු වින්දනයක් ලැබුව ඒ කාලේ පවුලේ සියළු දෙනා එක්ක ගිහින් හොඳ විනෝදයක් ලැබුව . දැන් චිත්‍රපටි බලන්න යන්නෙත් නෑ . පවුලේ සාමාජිකයො දෙන්නෙක් ඇත්තෙත් නෑ . දුකයි මතක් වෙනකොට .

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඔහොම තමා...මටත් තාත්තව කවදාවත් ෆිල්ම් එකක් බලන්න එක්ක යන්න බැරි උනා..ඒත් තුන්රෝද රියක් මුලින්ම ගත්තට පස්සේ මං අම්මවයි මල්ලිවයිනං කීප වතාවක්ම එක්ක ගියා චිත්තරපටි බලන්න...

      Delete
  23. මම මුලිංම ඔය වගේ ගියෙ දලුගම කන්ට්‍රාස් එකට ඉස්සර අපේ පවුලම යනවා රෑට පයින්ම සතියකට දෙකකට පාරක්.

    තාම අමතක කරල නෑ ඒකනම් මායි හාමිනෙයි හැම සතියෙම මෙහෙ තියෙන චිත්‍රපටි ශාලාවකට රිංගල මොකක් හරි එකක් බලනවමයි. අන්තිමට බැලුවෙ ෂර්ලොක් හෝම්ස් 2වෙනි එක :)

    ReplyDelete
    Replies
    1. ඇයි මාරෙ රේඩියෝ එකේ ගිය නාට්‍ය. ඉස්සර ස්වදේශීය සේවයෙ යනව රෑ 8ට රහස් පරික්ෂක කතාවක්. මුවන් පැලැස්සත් ඇහුව හැම සතියෙම නොවරදවා

      Delete
    2. අඩේ සරලොක් ගොයියගේ දෙවැනි කොටහකුත් ඇවිත්ද..?මට අහු උනේ නැහැ නෙව...
      මුවන් පැලැස්ස විතරද ඇයි යකාගේ වංගුව..ගුවන් විදුලි රඟ මඩල..බවර්ගේ අනුග්‍රහයෙන් යන කතා ටික..හප්පා...ටාන්සිස්ටර් රේඩියෝව වට කරගෙන ඇහුවේ..ඒක වෙනම කතාවක් නෙව...

      Delete
  24. මම හෝල් එකකට ගියේ පලවෙනි පාරට මොකද්ද පාලම කියලා චිත්‍රපටියක් බලන්න විජය හිටියා ඒකේ,,මම හිතන්නේ විජය මැරිලා එතකොට,,, මතකද ඔය ගුවන් විදුලියේ චිත්‍රපටි ඇඩ් දානකොට හෝල් වල නම් ලිස්ට් එක කියාගෙන යනවා,,ඒක නම් මරු කිවිල්ලක් මතක් වෙද්දී හිනා යනවා,,තව චිත්‍රපටියක් ආව ගමන් ඒකේ ඇඩ් දාගෙන ගම වටේ ලවුඩ්ස්පීකර් බැදගෙන වාහනයක් යනවා. මට අදටත් පොඩි මතකයක් තියනවා ඒකේ කිවුවේ ජීවන්,සබීතා චන්ඩිකාර කරූ රගන චිත්‍රපටියේ නම කියලා, සිංදු 8යි පයිට් 5 දින 50 පසු කලා කියලා හෙන හෑල්ලක් කියාගෙන අපේ ගම හරහා ගියා,,හිනා යනවා බන් ඒවා මතක් වෙද්දී...

    ReplyDelete
    Replies
    1. පාලං ගැන කිව්වමනං මතක් උනේ පාලම යටයි..දෙමෝදර පාලමයි..ඒත් ඔය දෙකේම විජේ හිටියේ නැහැ මං හිතන්නේ..

      මාත් ආසම කෑල්ලක් තමා ඔය ඇඩ් අහං ඉන්න එක..ඒත් ගැමුණු විජේසූරිය නැති උනායින් පස්සේ ඒකත් කොට උඩද මංදා...

      අපේ පැතිවල ඔය කරත්ත/වාහන සීන් එකනං තිබුනේ නැහැ ඒ අතින් උඹලාට තව ආතල් සෙට් වෙලා තියෙන හැඩයි...

      Delete
  25. මේක මෙහෙම දැම්මට බන් මම යාලුවෝ සෙට් එකත් එක්ක ආදරණීය වස්සානය 4 පාරක් බැලුවා හෝල් එකෙන්,පන්ති කට් කරලා ගිහින්

    ReplyDelete
    Replies
    1. ආදරණීය වස්සානය නේද..?
      මේ දවස්වල මං දන්න දෙන්නෙක් ආයමත් එහෙම එකක් පෙන්නනවා...
      :D:D:D

      Delete
  26. හැම සතියකටම දෙපාරක් හෝල් එකේ යාළුවෝ එක්ක එක දවසයි කෑල්ල එක්ක එක දවසයි එන හැම ෆිල්මි එකක්ම කට පාඩමි මතක් වෙන කොට නිකන් ඇඩෙනවා ඇඩෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. දෙපාරක් ගියාට මොකද ඕකෙන් එක දවසයිනේ හරියට චිත්තර පටිය බලන්න වෙන්නේ..:D

      Delete
  27. අපෝ කොල්ලොත් එක්ක ෆිල්ම් බැලිල්ලනම් ෆුල්ම ආතල් වැඩක්.. ඔන්න ඒක කියනද්දී මතක් උනේ අපි උසස්පෙල කාලේ ඉන්ග්‍රීසි තිබ්බ දවස් වල තමා ඔය ආකාස කුසුම් පික්චැර් එකත් හෝල්වලට ආවේ අපිත් ඉතිං ගියා ඕක බලන්න ඉංග්‍රීසි පේරර් එක ඉවර කරලා එහෙම මොකද ඒකේ බෝර්ඩ් එකේ දාලා තිබ්බේ අතිශයෙන්ම වැඩිහිටියන්ට පමනයි කියලා..අ අපිටත් ඉතිං මෝල් නේ ගියා තමා ෆිල්ම් එක පුරාම තියෙන්නේ ක්ලබ් එකයි ගෙයකුයි ට්‍රීවීල් එකකුයි.. පස්සේ තමා අර බෝර්ඩ් එකේ වැඩේ තේරුනේ... ඒ ෆිල්ම් එක තේරෙන්නේ වැඩිහිටියන්ට විතරයි කියලා තිබිල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චිත්තරපටියක් හොදට දුවවන්නනං අනිවා ඒකට කොහොම හරි ඔය වැඩිහිටියන්ට පමණයි කියන ලේබලේ අලෝගන්ටම ඕනෑ...

      Delete
  28. :( අපේ ගෙදරින් ෆිල්ම්ස් බලන්න එක්ක ගියෙ නෑ. පස්සෙ කාලෙක මංම තමා අම්මලව බලෙන් ඇදගෙන ගියෙ ෆිල්ම්ස් බලන්න. මුළින්ම එහෙම ගිය දවසක, අපිට පිටිපස්සෙන් පේළියෙ හිටිය කෙනෙක් කිව්වා මගෙ ළඟ තිබුණු සීට් එක උඩට දාන්න කියලා. (මං හිතන්නෙ ඒක එයාලගෙ කාට හරි රිසර්ව් කරන්න.) මං ඉතින් ඒ කැටයම් නොදන්න නිසා සීට් එක ගලවලා උඩට දෙන්න හැදුවා. :D ඒක ගලවගන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට..:D
      වැරදිලාවත් ගැලවිලා ආවනං දඩත් ගෙවලයි එන්න වෙන්නේ චිත්තරපටි බැළුවා මදිවට...

      සමහර අය චිත්තරපටි බැලීම නුසුදුසු දෙයක් හැටියට සලකපු කාලයකුත් තිබුනා..තවත් අයට ගෙවල්වල තියෙන ප්‍රශ්නත් එක්ක එහෙම දේකට යොමු වෙන්න වෙලාවක් නැති කමත් ඇති..ඒ අතරේ තවත් සමහරු ආසම නැහැ පැය දෙක තුනක් එක තැනකට වෙලා ඒකක් දිහා බලං ඉන්න..ඉතිං එහෙම මොනවා හරි හේතුවක් යෙදිල පොඩි කාලේ චිත්තර පටියක් බලන්න උනේ නැති අය ඕන තරං ඉන්නවා... මොනවා උනත් පුළුවන් වෙච්ච ගමන් එහෙම ගිය එකත් අම්මලාව කොහොම හරි එක්ක ගිය එකත් වටිනවා...අඩුම ගානේ ජීවිතේට එකම එක පාරක්වත් චිත්තරපටියක් බැළුවට මොනවා වෙනවද?

      Delete
  29. මාරයියගේ කතාව අහද්දී මට මගේ මාමාව මතක් වුනා.ඔහුත් කොටින්ම කිව්වොත් අදටත් චිත්‍ර පටි පිස්සෙක්.ඒ කාලේ නැන්දාට වඩා ඔහුගේ දරුවන් දෙදෙනාටයි මාත් එහි සිටියොත් මටයි සැමටම අලුත් කතා කියා දෙනවා.මේ කතා සතියෙන් සතියට අලුත් වෙනවා අපි හිතන හිටියේ ඔහු හොද කතා කාරෙක් කියලා.නමුත් දවසක් මාත් අම්මත් වත්තලට ගමනක් ගිහින් එද්දී මාමා එතන තිබ්බ ෆිල්ම් හෝල් එහෙක පෝලිමේ හිටියා.එවෙලේ ඔහු අපිව දැක්කේ නැහැ.අපි වෙනත් දවසක එහෙ ගිය වෙලේ මාමා කතාවක් කියන්න ඉදිරිපත් වුනා එවෙලෙයි මටත් කම්පනා වුනේ මොහු කොහින්ද මේ අලුත් කතා ඉගෙන ගන්නේ කියල :).ඒත් ඔහු කවදාවත් ඒවා ළමුන්ට පෙන්වන්න උත්සහ කරේ නැහැ.දැන්නම් ඔහුගේ ළමයි ලොකුයි දැන් කාලෙත් දියුණුයිනේ දැනටත් මාමා අම්බානක ලෙස ඩි.වී.ඩි. තොග පිටින් ගෙනල්ල ගෙදරම ෆිල්ම් බලන එකම තමා වැඩේ.

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිවලට හුරු උනාමත් ඒක අතෑරගන්න ලේසි නැහැ..අනික ඉතිං කාටවත් කරදරයක් නැති අහිංසක විනෝදාංශයක් නෙව...

      Delete
  30. අපිත් පොඩි කාලේ චිත්‍රපටි බලන්න එක්ක ගියා .මුවන්පැලැස්ස , මොණර තැන්න, සිරිබෝ අය්යා වගේ පවුලටම බැලිය හැකි චිත්‍රපට තිබුනා ඒ කාලේ . හඳයා තමයි සිංහල සිනමාවේ ළමයින්ට කියල හැදුන හොඳම චිත්‍රපටය . අපි නම් ගියේ කඩුවෙල විජයන්ති එකට . අභිමාන් කියන හින්දි චිත්‍රපටයත් බැලුව . කාලයක් යනකන් අපේ අක්ක ''නයා කොයි ගුල් එලන්නේ'' කියා කියා සින්දුවක් කිව්වා මතකයි . ඒ එයාට ඇහුන විදිහ . ඉස්සර චිත්‍රපට බලල ලංගම බස් වල ගෙදර ආවේ . එහෙමත් කාලයක් තිබුන .
    දැනුත් අපි ෆිල්ම් බලනව . හැබැයි ඉතින් වැඩිහරිය කාටුන් තමයි . අන්තිමටම බැලුවේ ටින් ටින් .

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි..මාත් ඕක කාලයක් කිව්වනේ "නයා කොයි ගුල් කිලා ඒංගේ" කියලා..

      මේ පාර ටින් ටින් බාන්න හැදුවට ඊට කලින් මගේ නෙට් කනෙක්ෂන් එකට සොරි ඩොට් කොම් උනානේ...

      Delete
  31. කතා කියා දීම ගැන නම් ඉතින් කියල වැඩක් නැහැ . අපේ අම්මලට ආච්චිලා සියලාට පුදුම මතකයක්නේ තිබුනේ .අපේ ඔළුවල වල්පල් පිරිලානේ . හැබැයි ඉතින් පොතකින් බලල හරි කතන්දර කියාදෙනවා . කතන්දර කීම ළමයින්ට හරිම වැදගත් . එයින් පොත් කියවන්නත් හුරු වෙනවා . අනගාරික ධර්මපාලතුමා ගැන පොතක් මේ වතාවේ තෑගි ලැබුන . මන් හිතුවේ අපේ පොඩි දෝනිට තේරුම් ගන්න බැරි වෙයි කියල . එහෙම නැහැ . අපුරුවට තේරුණා . අපිට ඉතින් උදේ හවා ජාතික වීරයෝ ගැන ඇහෙන්නේ නැහැ අපේ රටේ වගේ . ඒත් ටික ටිකවත් කියා දීල තිබ්බේ නැත්නම් කවද හරි මෙයාල දන්නේ විකිපීඩියාව කියන දේ විතරනේ ..

    ReplyDelete
  32. මම නම් ඉස්සෙල්ලම ෆිල්ම් හෝල් එකකින් බැළුවේ “නැව ගිලුනත් බෑංචූන්“...

    ReplyDelete
    Replies
    1. මාත් ඕක බැළුවා හෝල් එකට ගෙහුං..ඇන්තනී සී පෙරේරා එහෙම හිටියේ..මං ආසම නළුවෙක්..වැඩියම උන්දැට කැමති අර "සොයා සොයා ආවා ඒ සෙව්ව මැණීක හම්බුණා" කියන සින්දුව දැකපු දවසේ ඉදලා තමා..

      Delete
  33. අපේ තාත්තත් මට ඒ කලේ වැඩිපුර කිව්වේ එය පොඩි කලේ කතා හා එක මවපු චරිතයක් ගැන කතාවක්. "අගලා" කියල අගලක් උස කෙනෙක් ගැන කතාවක් (මම නම් හිතන්නේ තනිවම මවපු චරිතයක්). එක එක දවසට එක එක කතා.

    මම නම් පොඩි කලේ පන බයයි කලුවරට.
    ඒ නිසා ෆිල්ම් හෝල් වලට යන්න ආස නෑ.
    හැබැයි ගෙදර අය මව එක්කන් ගිහින් තියෙනවා (මට පෙන්නන්න නෙමේ එයාලට බලන්න මගේ හිතේ. අනිත් එක මම ඒ කලේ පිට කෙනෙක් එක්ක තියල යන්නත් බෑ). ඉතින් චොකලට් දීල, අයිස්ක්‍රීම් දීල තමා එක්කන් යන්නේ. එහෙම බලපු ෆිල්ම් දෙකයි තියෙන්නේ. දෙකම හින්දි. එකක් "මධුමති", අනික "දෝස්ති" වගේ නමක් තමා මතක. ඒවා බැලුවේ නෑ ගියාට, ලයිට් නිවපු වෙලාවේ ඉදන් අඩලා නිදාගෙන ටිකක් බලල ආවා.

    ReplyDelete
    Replies
    1. අඟලා කියන්නේ අර ළමයි නැති වයසක යුවලකට හම්බ උන අරුම පුදුම දරුවාගේ කතාව නේද..?අර ඉඳි කටුවක් කඩුවක් කරගෙන ලොකේ වටේ යන්නේ..

      මධුමතී කියන්නේ මං අදටත් හුගක්ම ආසා චිත්‍රපටයක්...විශේෂයෙන්ම වෛජන්ති මාලාගේ නැටුම් එක්ක ගීත ටික අමතක වෙන්නේ කොහොමද..?
      දෝස්ති ෆිල්ම් එකත් ලංකාවේ හිටං කාලයක්ම දුවපු නියම ෆිල්ම් එකක් නෙව...

      Delete
    2. ඔය ෆිල්ම් ගැන තේරුමක් ඇති වයසක නෙමේ මම ඒ කලේ හිටිය. අවුරුදු 5 වත් නැතිව ඇති.

      අගල ගැන කතා නම් එකෙන් තම තාත්ත හදන්න ඇත්තේ. හැබැයි චරිතේ විතරයි ඉම්පොර්ට්ඩ්. අනිත් ඔක්කොම මෙහෙ ඒවා මට මතක හැටියට.

      Delete
  34. ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ අයියේ.. අන්තර්ජාලයනෙ ඩවුන්ලෝඩ් කරන් ගෙදර සැපට ඉදන් බලන්න පුරුදු වෙලා.. අයියගේ කතාව කියවද්දි මතක් උනේ අපේ අයියත් හොරෙන් ෆිල්ම් එකක් බලන්න ගිහින් ඒ ෆිල්ම් එකම බලන්න ආපු අපේ තාත්තට මාට්ටු වෙලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. හුටස්..අයියද කපෝති තාත්තද..?

      හැබැයි අපේ තාත්තා මටයි මල්ලිටයි මුලින්ම චිත්තර පටියක්තනියම බලන්න යන්න දෙනකොට මට වයස 10ක් නැත්තං 11ක් විතර ඇති..අර උඩින් මං දීපු ලින්ක් එහෙක ඒ කතාවත් තියේ...

      Delete
    2. කපෝති උනේ අයියා.. මොකද මෑන් ඉස්කෝලේ කට් කරලනේ ගිහින් තිබුනේ..

      Delete
  35. හෝල් එකට ගිහින් බලන එකෙයි ගෙදර ඉඳන් බලන එකෙයි ලොකු වෙනසක් තියෙනවා වුනත් ගෙදර ඉඳන් බලන එක කොයිතරම් ලේසියිද....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හුගක්ම ලේසියි තමා..ඒත් ඒ බැලිල්ලෙයි ටෙලියක් බැලිල්ලෙයි වෙනසක් නැහැ..චිත්තරපටියක් නියම විදියට බලන්නනං ඉතිං හෝල් එහෙකම බලන්න ඕන...

      Delete
  36. මම ඉස්සෙල්ලම ෆිල්ම් එකක් කියල බැලුවේ ජුරාසික් පාර්ක්. ඉස්කෝලේ ගුරුවරයෙක් උන තාත්තට සල්ලි තිබුනේ නැහැ අපිට ෆිල්ම් බලන්න යන්න දෙන්න. මම ෆිල්ම් එක බලන්න යන කලේ තාත්ත නැහැ. අපේ අම්මටත් සල්ලි තිබුනේ නැහැ අපිට දෙන්න. අය්යා කැම්පස් අක්ක සහ මම ඉස්කෝලේ. අක්කලව ඉස්කෝලෙන් එක්කගෙන ගිහින් තිබුන. එයාට ටීච සල්ලි දීල. මම යාළුවොත් එක්ක ෆිල්ම් එක බැලුවේ මගේ ඉස්කෝලේ පරණ පොත් හන්දියේ කඩේට විකුණලා ඒ සල්ලි වලින් ටිකට් එක රු 14.00. රටකජු කන්නවත් සල්ලි නැහැ. යාලුවෙක් ඇවිත් හිටිය එයාගේ පුංචි අම්මත් එක්ක. එයාල රටකජු පැකට් එකක් අරන් දුන්න මතකය්. ඊට පස්සේ ඉස්කෝලේ උගන්නන කාලේ ඉස්කෝලේ ඇරිලා යාලු ටීචලත් එක්ක මීරිගම ස්ටේෂන් එකට සාරියත් පිටින් දුවල කෝච්චියේ නැගල ගම්පහට ගිහින් ෆිල්ම් බලපු කලේ මරු.මතකයන් සුන්දරය්. ඒ වගේම දුක්බරය්. අද සල්ලි තිබුනට යන්න හිතෙන්නේ නැහැ. හරි පාළුවක් මූසල කමක් හිත පුරාම පැතිරිලා. ජීවිතේ හරි පුදුමය් නේද?

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ඒ දවස්වල...ඒත් දැන්වත් ඒ කාලේ බැරි උන දේවල් කරන එකෙත් ලොකු විනෝදයක් තියේ...කම්මැලි නොවී යනවා බලන්න...

      චමිලට මතකද ලූතේරේ කියලා හින්දි ෆිල්ම් එකක්..සනී ඩියොල් එක්ක ජුහී චව්ලා හිටිය..?

      Delete
    2. මොකෝ නැත්තේ මට තවම කතාව කියන්න පුළුවන් මුල ඉදන් අගටම. දැන් ඉතින් මට බනිනවා මමය් හින්දි ෆිල්ම් බලන්න පුරුදු කලේ කියල.. අපේ පොඩි කලේ මට තවම අමතක නැහැ හොදේ..

      Delete
    3. ආයේ නැතිව..:D
      තමුසේ තමා ඔය හින්දි ෆිල්ම් බැලිල්ලයි..ඒ මදිවට අර සඳරේණූ පත්තරේයි වගේ ලෙඩ මට බෝ කලේ..නැත්තං කොච්චර හොඳට හිටිය අහිංසක ළමෙක්ද මං..:D:D:D

      Delete
    4. මෙන්න බලාපල්ලකො මෙතන අයියා නගා ඇවිලෙන හැටි..:D

      නගා කැමති නැද්ද දන්නෙ නැහැ බ්ලොග් එකක් ලියන්න...මේ අහන්නෙ ඇත්තටම..........

      Delete
    5. මේ ලකියත් නිකං එක්සත් ජාතීන්ගේ සාම මහ ලේකං වගේ..නැති ගිනිමයි අවුලන්නේ...

      Delete
    6. :D මාරයා සඳරේණු කියවලා.

      Delete
    7. අනේ මන්ද බෝ පැලයක් වගේ හිටිය මේ කොල්ලව මමනේ නරක කරලා තියෙන්නේ බැලුවම නේද

      Delete
    8. ගෙදර තිබුන බ්ලැක් ඇන්ඩ් වය්ට් ටී වී එකේ ෆිල්ම් බලල පහුවෙනිදා විබාගෙටත් ගියා නේද
      එත් ඉතින් අපි අගේට පාස් උනේ දැන් කලේ ලමය් පොතෙමය් ඉස්කෝලේ මගේ ලමය් දැක්කම ඉස්සර හරිම දුකය් අපේ වගේ ලස්සන ළමා කාලයක් නැහැ නේද අපි කොච්චර නම් පිස්සු කලාද?

      Delete
    9. මාරයා සන්දරෙනු විතරක් නෙමේ සුවඳ කියල පත්තරයක් තිබුනේ එකත් අපි බැලුව නේද හලොඕ සතියේ බදාදා වෙනකොට කොහොම හරි සල්ලි එකතු කර ගත්තනේ.. බ්ලොග් එකක් ලියන්න දැම්ම නම් විදියක් නැහැනේ පුළුවන් උන වෙලාවක ලියන්නම්

      Delete
    10. ඇයි බොලා එතකොට 'අරලිය' පත්තරේ බැලුවෙ නැත..?? සඳරේණු, සුවඳ පත්තර දෙකටම වඩා මටනං අල්ලලා ගියේ අරලිය.. :)

      Delete
  37. මම මුලින්ම බැලුවෙ මුවන් පැලැස්ස ෆිල්ම් එක..ආසාවෙන් බැලුවා මතකයි..

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ එක්දහස් නවසිය කීයේ විතරද වෙනී අයියා..?

      Delete
  38. මං නම් මුලින්ම ෆිල්ම් හෝල් එකක බැලුවෙ "හදයා" ෆිල්ම් එක.ටී.වී. එකේ මුලින්ම බැලුවෙ "ඒක් පූල් දෝ මාලි" ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. යකඩෝ හඳයා මම බැළුවෙත් ටෙලිවිසොන් එකෙන් නෙව..නිසූපා අක්කා වාසනාවන්තයි ඒ අතින්..:D

      Delete
  39. මේකලා එකට අල්ලපු ගෙදර ඉන්නේ අපේ අක්කා කෙනෙක්. අපි එයාලගේ ගෙදර දාල තියෙන නම "මේ දැන් කලා"

    ඔය වයසෙදි හැම චිත්‍රපටියම බලනවා. සමහර හෝල් අද නෑ.. ගාමිනි මරදාන, සෙයිස්තාන් ග්‍රෑන්ඩ්පාස්, අසෝකා ග්‍රෑන්ඩ්පාස්, ක්‍රවුන් මරදාන, මුවිටෝන් දළුගම, එම්පයර් කොළඹ 2, වගේ ඒවා. අපේ තාත්තා පිචැර් නාට්ටි පිස්සෙක්..

    කොල්ලා කාලෙත් සෝ බලන්න ගියා. ඒවා එකක්වත් මතක නෑ. අනේ මන්දා ඇයි කියලා...

    ReplyDelete
    Replies
    1. සමහර හෝල් තිබුනට දැනුත් නෑ වගෙ තමා

      Delete
  40. මේ අර විද්‍යා බාලන්ට හෙන කේස් ඇති වුන ෆිල්ම් එක නේද? ස්තූතියි ලින්ක් එකට!

    ReplyDelete