14 March 2012

කිසිදා හෙලි නොකල මගේ ආදර හුටපට...

ඇත්තටම ඒ කාලේ කොයි තරම් සුන්දරද..? එයාව දකිනකොට මට ඒ දවස්වල කරන්ට් එකක් වදිනවා වගේ..මට තේරුමක් නැහැ මොනවා වෙනවද කියලවත්... ඒත් මං දැනං හිටියා මම එයාට හෙනට කැමතියි කියලා...ඇත්තටම ඒක කිසිම නරක අදහසකින් ඇති උන කැමැත්තක් නෙවෙයි... එදා විතරක් නෙවෙයි අදටත් ඒ රූපේ ඉඳ හිට දකින දවස් තියෙනවා...ඒ දැක්කමත් මට උන් හිටි තැන් අමතක වෙනවා... ඇත්තටම මං එයාට ආදරේ කලා... මට ඕන උනා ලොකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න මම එයාට ආදරෙයි කියලා..ඒත් ලෝකයා මට මොනවා නොකියාවිද... අද වගේනං මං ඒ ගැන ඒ හැටි හිතන්නේ නැහැ... ඒත් ඒ දවස්වල මං පුංචි කොල්ලෙක්... ඔය වගේ දෙයක් බය නැතිව කියනවා තියා ඒ ගැන හිතනකොටත් ඇග හීතල වෙලා යනවා..

කොටින්ම මං ඒ දවස්වල එයිටත් කලින් තව එක කෙල්ලෙකුට ආදරේ කලා..මට ඒක කියා ගන්න කෙනෙක් නැති හින්දා මම කලේ කොපි පොතක පිටුවක් පුරාවටම "*** මම ඔයාට ආදරෙයි" කියලා ලියලා ඒ පොත් පිටුව චූටියට නවලා සිලි කොල කෑල්ලක ඔතලා අපේ ගේ ඉස්සරහා ළිඳ ගාව තිබුන හාතවාරියා වැල් ගාලට පොඩ්ඩක් එහායින් වලක් හාරලා අර සිලි කොලෙන් එතුව කොලේ තියලා ඊට උඩින් හිල් නැති පොල් කටුවක් තියලා වහලා පොල් කටුව වැහෙන්නම පස් දාලා තද කරපු එකයි..සමහර විට ඒක තාම එතන තියේද දන්නේ නැහැ...ඉතිං ඔන්න ඔහොම කාලෙක මං කොහොමද මේ ආදරේ ලෝකෙටම ඇහෙන්න කියලා කෑ ගහන්නේ.. ඉතිං මං සද්ද නැතිව හිටියා...

ඒත් මං අදනං කියනවා කියලම හිතුවා...ඕන එකෙක් ඕන මගුලක් හිතපුවාවේ... මේ ඉන්නේ එයා...
කොහොමද දැක්කත් හිත පිරෙනවා නේද..?ඔව් මේ තමා

"හින්දි සිනමාවේ කඳුළු බින්දුව විරුදාවලී ලත් නර්ගීස්..."

සමහර විට ඔයාලා අඳුරනවත් ඇති..සමහර අයනං අහලවත් නැතිව ඇති... හරියටම කිව්වොත් හින්දි නළු "සංජය දත්"ගේ මව.."සුනිල් දත්"ගේ බිරිඳ...

ඉතිං රට්ටු මොනවා නොකියාවිද අනුන්ගේ ගෑණියෙකුට ආදරේ කරනවයි කිව්වම..ඊටත් ලොකු ළමයිත් ඉන්න අම්මා කෙනෙකුට..ඒත් කමක් නැහැ කියමුකෝ හිච්චි කොළුවෙක් වෙච්ච මං ඒ වෙනකොටත් මිය පරලව ගිහින් හිටිය ගෑණු පරානෙකට ආදරෙයි කිව්වම..ලෝකයා මොනවා නොකියයිද... ඒත් ඒක ඇත්ත...


ඇත්තටම මං මෙහෙම පෝස්ට් එකක් ලියන්න නෙවෙයි හිටියේ..ඒත් අද හදිසියේ වෙනත් වැඩකට දෙයක් හොය හොය ඉන්නකොට මට හම්බ උන පින්තූර කිහිපයක් නිසයි මේ මතකය අවදි උනේ... ඒ පොටෝව තමා මේ පහතින් තියෙන්නේ...
කවුද මේ...මේ තමා යුගයක් වශී කල ඒ අසහාය නිළීය "වහීඩා රෙහෙමාන්" ඔය වයසක අම්මා කොහොම යුගයක් වශී කරන්නද කියලා හිතුවට බලන්න පහත පින්තූර ටික...


ඒ කාලේ හිටිය අග්‍රගණ්‍ය නිළියක්..ඒත් දැක්කා නේද අද ඒ රූපයේ ස්වභාවය...ඒත් එක අතකින් හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ ඉන්න කෙනා දිහා බැළුවම තමා...
දැක්කම නිකං බය හිතෙනවා වගේදත් මංදා...ඒත් ඔය ඉන්නේ දසක කිහිපයක් හින්දි තිරය දෙවනත් කල අසහාය නිළීයක්... භාරත ගී වින්දර ගෙන එන රංජිත් එදිරිසිංහ මහත්මයා අදටත් ඔය නිළීය ගැන කියනකොට ඇස්වලට කඳුළු උනනවා...ඔහුගේ වචන වලින්ම කියනවා නම්

"එදා රිදී තිරය දෙවනත් කල හින්දි සිනමාවේ ගිනි සිළුව...වෛජන්තිමාලා..."

මං හිතන්නේ හුග දෙනෙක් දේව්දාස් බලලා ඇති... ඒත් අළුත් නිශ්පාදනය..එකේ මධුරි ඩික්සිත්ගේ චරිතය පැරණී දේව්දාස් චිත්‍රපටයේ රඟන්නේ වෛජයන්තිමාලා තමයි... ඒ විතරක් නෙවෙයි පැරණි හින්දි රසිකයින් අදටත් ආදරයෙන් සිහිපත් කරන මධුමතී වගේ සිනමා පටවලත් වෛජයන්තිමාලාගේ ගිනි පුපුරු විසිවෙන නැටුම් බලන්න පුළුවන්...මේ ඉන්නේ එදා වෛජයන්තිමාලා...


කොහොමද වෙනස..කාලය මැවු වෙනසක අරුමේ තමා නේද..?එහෙම බැළුවම නර්ගීස් එක අතකින් සුවිශේෂයි... ඇය මිය ගියේ අඩු වයසින්... ඒ හින්දා ඇයගේ රූපය තවමත් හිත්වල රැඳී තියෙන්නේ එදා විදියටම තමයි...

බලන්න මේ පහතින් තියෙන පින්තූරේ...ඇය තවමත් තරුණයි...

49 comments:

  1. ඒ කාලෙනේ ඉන්න තිබ්බේ..!!

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද..? අපි පරක්කු උනා...

      Delete
    2. ඇයි ඔය දැනුත් ඉන්නෙ.

      Delete
  2. අඩු වයසින් මැරෙන එක කොහොමත් හොඳයි. වෛජයන්තිමාලා කියන නම අහල තිබුණට රූපෙ දැක්කෙ අද තමා. නර්ගිස්වත් දැක්කෙ ළඟදි. :D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඕනවට වඩා ඕනම නැහැ...
      නර්ගීස්ව නේද..:D:D

      Delete
    2. නර්ගිස් ටිකක් වෙනස් අනික් අයට වඩා, කර්ල් කොණ්ඩෙයි පුංචි ඇස් දෙකයි නිසා. අනික් අය හැමෝගෙම කූරු කොණ්ඩයි විසාල ඇස් දෙකයි පුංචි කටයි. එකම වගෙ. අඳුනන්න බෑ.

      Delete
    3. කට පුංචි ගෑණු ලමයින්ට මාරයා අයියා කැමතිද? නැත්නම් මේ නිළියට විතරක්ද කැමති....

      Delete
  3. Replies
    1. භාරත ගී වින්දන කියනකොට මතක් උනේ පන්තියක සර් කෙනෙක් කියපු එකක්

      එකෙක් ඉන්නවා එක චැනල් එකක උගෙන් උගේම උපන්දිනේ ඇහුවත් උට මතක නැතුව ඇති ඇති ඒත් හින්දි චිත්‍රලපටියක නමක් කිවිවොත් ඒකට වතුර ඇදපු උන් පවා කියයි

      ඔන්න දැන් මට බනියි මන් මොනා කරන්නද මන් කියපුවා නෙමෙයි මෙවිවා

      Delete
    2. භාරත ගී වින්දන මම ආසාවෙන්ම බලපු වැඩසටහනක්. දැන්නං ඒක පැත්තෙවත් බලන්නෙ නෑ. ඒකෙ සිංදු පෙන්නනවට වැඩිය තියෙන්නෙ බයිල දැං. ඊට වැඩිය හොඳයි සුබානි රාත්.

      Delete
    3. ප්‍රසන්න . . . . ඩ්‍රිංකල් එක දාල ප්‍රෝග්‍රෑම් එක කරද්දි වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන් ???

      Delete
  4. හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි නේද?... නර්ගීස් මදර් ඉන්ඩියා... වෛජයන්තිමාලගෙ දුම් විසික් වෙන නැටුම් තියෙන්නෙ අම්බපාලි එකේලු... මම නම් ඒකෙ ටිකයි බලල තියෙන්නෙ...

    මම නම් වැඩියම කැමති සහිරා භානුට...

    ReplyDelete
  5. මේ අයියෙ මං නැති ටිකට උඹ අම්භානෙක ලියලානෙ O_o

    ReplyDelete
  6. මාත් ඔය නිලියට කැමතියි දැන් ඉන්න සෙක්සි නිළියොත් කවදාහරි ඔයවගේ වෙනවනේ ඉතින්.ලෝක සොබාවය

    ReplyDelete
  7. මටනම් ඔය හින්දි ෆිල්ම් දිරවනෑ...අපේ ෆිල්ම් කන්ඩත් බෑ.. අනේ මංදා මොනා කරන්ඩද කියලා..

    ඔක්කොම නිලියෝ අඩු වයසෙන් මැරුනනම් පස්සේ අර වගේ නෝන්ඩි වෙන්නේ නැහැ නේද..

    ReplyDelete
  8. කාලය මැවු වෙනසක අරුමේ,දැන් බලපන් මාරයියේ උබ උනත් කන්නාඩි කුට්ටමකුත් දාගෙන දැන්ම

    ReplyDelete
  9. ඕක තමයි කියන්නෙ
    පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා...
    ජීවිතේ වෙනස් කරන්න බෑ....

    ඇල්කෙමියා

    ReplyDelete
  10. අනේ ඉතින් මක් කරන්නද? ඕවා විතරක් නෙමේ බං ඔය අපිට දැන් ගණන් උස්සන ඒවත් කවද හරි ඔහොම තමා

    ReplyDelete
  11. ඔය 70 ගණන් වල කට්ටිය නේද? දැන් කාලේ ෆොටෝත් එක්කම දැම්ම එක හොඳයි. ලෝක සොබාවය අවබෝධ කරගන්නත් එක්ක.

    ReplyDelete
  12. දැන් කාලෙ නිලියන්ගෙත් මේකප් එක නැත්තම් ඔච්චර තමයි.

    ReplyDelete
  13. නාමෙ නොදිරනා.. කුණු කය දිරනා.. අරුමෙකි සෝබා. සංසාරේ...

    ReplyDelete
  14. මන් දන්නෑ බං මට මේව තේරෙන්නෑ.. මං ෆිල්ම් බලන්න එච්චර ආසාවක් නෑ.. මට ප්‍රශ්නෙ අපි කියන දේ උඹට තේරෙන්නෙ නැති එකයි...!

    ReplyDelete
  15. රුක්මනී ගැන අදහසක් ඇති වුනේ නැත්ද?

    ReplyDelete
  16. ලේසි පහසු ඇත්තන්ට යැ මෙයා පෙම් කරල තියෙන්නෙ,

    ReplyDelete
  17. මං නං ආස බිපශා බාසු ට....

    ReplyDelete
  18. 'මගේ ආදර හුට පට' කිව්වාම මම දුවගෙන ආවෙ බලන්න....කෝ මං ගැන ලියල නෑනෙ...:DDDDD

    ReplyDelete
  19. වෛජන්තිමාලාට මම ගොඩාක් ආසයි. මාත් බුකියේ දාලා ඇති මේ වගේ පින්තූර ටිකක්. මේ ඉතින් ලෝක ස්වභාවයනෙ . අපි කාටත් උරුමයි.

    ReplyDelete
  20. මට බැන්නට පේනවා නේද හින්දි ෆිල්ම් වල රගේ.. මමත් ඔහොමයි හීන දැක්ක එක දවසක් මම හීනෙන් දැක්ක සල්මන් ඛාන් පායන කලෙක ගුණතිලක අය්යලගේ ලිදට ආවා වතුර ගෙනියන්න.... ඒ කලේ මම හරිම මෝඩයි අප්පා.. ඕක අපේ ගෙදර අයට කියල සැහෙන කාලයක් අය්යයි අක්කයි මට හිනා උන මතක් කර කර ... ඒ උනාට මමනම් ආදරේ කලේ අමීර් ඛාන්ට දැන්නම් ජෝන් එබ්‍රහිම් ට ... හි හි හි :-)

    ReplyDelete
    Replies
    1. මේ සලමන් ඛාන් ගුණතිලක අය්යලගේ ලිඳට වතුර ගන්න ආපු එක නම් පට්ට :)

      Delete
    2. සල්මන් ඛාන්ගෙ හීනෙනම් මරු. :D

      Delete
    3. @ නලිනි චන්දිමා මට ඔයාව හොදට දැකල පුරුදුයි. එත් කොහෙදිද කියන්න මතක් වෙන්නේ නැහැ. ඔයට මාව දැකල පුරුදුද. ඔය පොත් කියවන නිසා තව ලස්සන පොත් තියෙනවා කියවල බලන්න. " මිනුසුන් අතර", "එමා බොවාරි" "තුන් අවුරුද්ද" කියවල බලල හොද නරක කියන්න. මාර අයිය නම් කියවල තියෙනවා නේද..

      Delete
  21. සියලු දේ නැසෙන සුළුයි නේ මාරය්යේ.... ඔය නිලියෝ විතරක් නෙමේ මේ site එකේ ටිකක් පහලට යන්නකෝ, ඉන්න නළුවා "එදා සහ අද " හැටි දැක්කම,මට අනේ හපොයි කිය වුණා. http://gusnyc.com/blog/tag/arnold-schwarzenegger/

    ReplyDelete
  22. අනිච්චේ දුක්කේ :)

    ReplyDelete
  23. හපොයි බොලේ, උඹ නූටාන්වයි ෂර්මිලා තාගෝර්වයි අමතක කරලානේ.. :)

    ReplyDelete
  24. උඹට වෙන ආදරේ කරන්න කෙනෙක් හිටියෙම නැද්ද?

    ReplyDelete
  25. මම බලං ඉන්නෙ ඕනය මේවගේ පෝස්ටුවක් දානකං. එතකං මගේ කැමතිම ලිස්ට්එක දාන්න බෑ.

    ReplyDelete
    Replies
    1. සිරාවටම දාන්නද ???

      Delete
  26. මටනම් අර ෆොටෝ එක දැක්ක ගමන් හිතුනා ඒ ඉන්නෙ වෛජන්තිමාලා කියලා.මොනවා වුනත් ශේප් එක ඇස් දෙකේ දිස්නෙ එහෙම වැඩිය වෙනස් වෙලා නෑ නෙ.

    ඒත් දැන් ඉන්න අයනම් ඔච්චර වෙනස් වෙන එකක් නෑ.ප්ලාස්ටික් සර්ජරි එහෙම කරගෙන තරුණ පෙනුම තියා ගන්න හදයි.

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. අවංකවම කියනවනම් දැන් ඉන්න අයට වඩා ඉස්සර හිටිය අය ලස්සනයි..

    ReplyDelete
  29. නර්ගීස් ඛාන්, වයිජයන්තිමාලා, එහෙම මතක් කොරාපු බොට, ගයිල්මාලා අමතක වුනා එහෙනං ඈ...මතකනෙ 'හිංගියේ ජලක් ජලක් ' එකේ ඇට්ටින්

    ReplyDelete
  30. නර්ගීස් තමා ලස්සනම

    ReplyDelete
  31. සික්..ඉන්දියානු වාදියෝ...දේශද්‍රෝහියො...ඉතින් රටක සිනමාවක් දියුණු වෙයිද මම අහන්නෙ..:D:D

    ReplyDelete
  32. අඩු වයසින් හරි අකාලේ හරි මැරුණු කලාකාරයෝ හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙනවානේ. එල්විස් ප්‍රෙස්ලි, බොබ් මාලේ ලංකාවේ ජෝතිපාල, විජය කුමාරතුංග

    මේ කීප දෙනෙක් විතරයි තව කට්ටිය ඉන්නවා

    ReplyDelete
  33. මමනං එදත් අපේ සුමී අක්කිට . . . අදත් අපේ සුමී අක්කිට . . . හෙටත් අපේම සුමී අක්කිට . . .

    සිංහල සිනමාවේ ගිනි සිළුව . . . . !!!

    ReplyDelete
  34. cha cha wade kathayi mama hithue umba maha maya , yasodara, prajapathi, ambapali, wage ayata love karanna athi kiyala

    ReplyDelete