01 March 2012

පොලිස් යුගේ රසවතිය සුමනක්කා...

එක් දහස් නවසිය අනුව දසකයේ අග බාගයේ වගේ ටික දවසක් මං කළුතර ජීවත් උනා..කළුතරින් හැරිලා ටිකක් ඇතුලට යනකොට හම්බ වෙන පොලිස් අභ්‍යාස විද්‍යාලය තමා හරියටම තැන...ඒ හිටිය ටික දවසත් මගේ ජීවිතේට අමතකම නොවන කාලයක් තමා ඉතිං.. හා හා පුරා කියලා තුවක්කුවක් කියලා එකක් අරං වෙඩි තියන්න එහෙම ලැබෙන එක අවුරුදු දහ අටේ දහ නවයේ කොල්ලෙකුට අමතක නොවන කාලයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...

යස අගේට තිබුණ කොණ්ඩේ කොට වෙන්නම කපලා දාලා..කපලා කිව්වට කපලම නෙවෙයි බාගයක් කපලා..බාගයක් උගුල්ලලා..සමහර විට තමුන්නැහේලා දැකලා ඇති ඉස්සරම බාබර් සාප්පුවල තිබුනා අතින් ක්‍රියාත්මක කරවන අමුතු තාලේ කොණ්ඩේ කපන මැසිමක්..නැහැ නැහැ කතුර නෙවෙයි...ඒකත් අතින් කිරියාත්මක කරන මැසිමක් තමා..එහෙම බැළුවොත් අතින් කිරියා කොරවන මැසින් හුගක් තියෙනවනේ..මේක ඇවිල්ලා නිකං තණකොල කපන මැසිමක් වගේ කොණ්ඩේ කපන මැසිමක්...
දැන් වගේ ඒ දවස්වල ඔය විදුලියෙන් කිරියා කොරන කොණ්ඩේ කපන මැසින් තිබුනේ නැති කාලවල තමා ඔය මැසිමට තැන තිබිලා තියෙන්නේ..ඒත් මං ඔය කියන කාලෙනං හැම තැනම විදුලියෙන් කොණ්ඩ කපන මැසින් තිබුනා උනත් මේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කරණවෑමි තැනනං එහෙම ඒවා දැකලා නැතිවද මංදා කොණ්ඩෙට සාත්තුව දෙන්නේ අර මං කිව්ව ජාතියේ පරණ මැසිමකින්...අනේ ඉතිං අපිට දෙයියන්ගේම පිහිටයි..කොණ්ඩෙට බාබර්ගේ පිහිටයි... ඒකෙන් කොණ්ඩේ කැපෙනවට වඩා කොණ්ඩේ ඉගිල්ලෙනවා..සංසාරෙට ඕන නැහැ..

කොහොම හරි ආන්න එහෙම කොණ්ඩෙටත් මාරාන්තික වදයක් දීලා තට්ටෙට එනකල් කොණ්ඩේ කපාගෙන මාත් දැන් පොලිස් පුහුණුවට වැටිලා ඉන්න කාලේ...

ඔය කුරුළු හමුදාවට ගියාම ඒකෙදී අවි පුහුණුව සඳහා දෙන මූලිකම අවිය වෙන්නේ T-81 කියලා එකක්..ඒකත් අපි කවුරුත් දන්න කියන T-56ට වඩා වෙනසක් නැහැ..එකම බර එකම හැඩය...ඔය සුළු සුළු වෙනස්කං ටිකක් විතරයි තියෙන්නේ..
ඔය තියෙන්නේ ටී-81 එක සැහැල්ලුයි..කරදර අඩුයි...


01)ටී-56 සයිඩ් බට්
02)ටී-56 ෆික්ස්ඩ් බට්
03)ටී-56 කචල් බට්

ඔය තියෙන්නේ ටී56 මොඩ්ල් තුනක් ඕකෙන් අපි කැමතිම එක අංක එක තමා..හේතුව නඩත්තුව හා පාවිච්චියේ ඇති පහසුව..ඒත් හොදම එක තමා අංක දෙක.. අන්තිමට තියෙන කචල් බට් එක නම වගේම තමා එකේ අනිත් දේවළුත්..ඕනම නැහැ

ඒත් මේ පොලිස් පුහුණුවේදී අපිට දුන්නේ එහෙම එකක් නෙවෙයි... SLR නමින් හැදින්වෙන කාල තුවක්කු බාගයක් වගේ එකක්...කිලෝ 10ක් විතර බර අපේ උසට වඩා අගලක් දෙකක් විතර උසින් අඩු තනිකරම ලී කොටයක් වගේ බරපතල රයිෆලයක්..ඒකට එක පාර පතුරම් 10යි ලෝඩ් කරන්නත් පුළුවන් කොයි වෙලෙත් හිර වෙනවා..මිනිහෙකුට වද දෙන්න ඕනනං මෙයිට වඩා හොඳ භාණ්ඩයක් තවත් නැහැ..හැබැයි අපරාදේ කියන්න බැහැ ඔය ටී 56/81 වගේ නෙවෙයි මේක තරං ඉලක්කෙට වෙඩි තියන්න හොඳ බාණ්ඩයකුත් තවත් නැහැ අපිට හම්බ උන ඒවයින්.. ඒතරම්ම බඩු ෂුවර්... ඒත් දෙයියනේ අපිට ඒවයින් වැඩක් ඇතෑ...

ඕකේ බට් එක කඩන්න තියෙන්නේ අර පරන ෂොට් ගන්වල වගේම තමා...අගුල පන්නන්නම වෙනම කෝස් එකක් කරන්න ඕන..

ඉතිං කොහොම හරි පොල් කඳන් කරේ තියං යනවා වගේ ඔව්වත් කරේ තියං උදේ හවහා කඳු පල්ලං බැහැ බැහැ ගුටි කකා කොහොම හරි පුහුණුවත් කෙරීගෙන යනවා...

කෝස් එකේ හොඳම හරිය තමා කෑමයි නෑමයි... දෙයියනේ කියලා ගේ ගාව වෙල අයිනේ කුඹුක් ගස් හෙවනේ තිබුන අම්බලමේ ළිදෙන් හිතේ හැටියට පැය ගණන් නනා හිටිය එකාට වතුර පනිට්ටු දහයක් ඇගට දාගන්න නැති උනාම කොහොම තියෙයිද..?පණහකට විතර එක නාන ළිඳයි..අපේ උනුත් හැමදාම හවහට එතනට දුවං යන්නේ යක්කු වගේ..ගිහිං විනාඩි දහයෙන් ළිදේ වතුර ඉවරයි... අනික තියෙන්නෙත් පනිට්ටු පහයි..ඕක හුවමාරු කරං නාන්න හිටියොත් කවදාවත් නාන්න වෙන්නේ නැහැ... ඒත් අපේ බැරැක්කෙට හිමි පනිට්ටු පහට අමතරව වැඩි පුර පනිට්ටු ඇත්තෙත් නැහැ ගෙන්න ගන්න විදියකුත් නැහැ..ඉතිං මක් කොරන්නද..

මං සාමාන්‍යයෙන් කොහේ ගියත් බොහෝම ඉක්මනට එතන මට සුව පහසු විදියට හදා ගන්න එකා..මේකටත් සුළු දෙයයි කෙරුවේ... ගත්තා වෙල්ෆෙයා ෂොප් එකෙන් අගල් දහයක් විතර උස ප්ලාස්ටික් ජෝගුවක්... අර ගෙවල්වල තේ හදන්න වතුර උණු කරන ජාතියේ... ඉතිං දැන් මේක තමා මල්ටි පර්පස් භාණ්‍ඩේ...අනිත් උන් පනිට්ටුවලට පොර කනකොට මං නානවා ජෝගුවෙන්... ඊට පස්සේ හොඳට ඒක හොඳලා අරං ගිහිං පාන්දරට ඒකෙම වතුර රත් කරලා තේත් හදා ගන්නවා... පස්සේ පස්සේ කිහිප දෙනෙක් මාව කොපි කලත් මං තරඟයක් නැතිවම ඒ ජීවිතේට හුරු උනා...ඒත් පස්සෙන් පහු කාලෙක දියතලාවෙදි හයමාසයක් විතර සබන් පෙට්ටි පියනෙන් වතුර නානකොටනං හිතුනා ජෝගුවෙන් නෑව දවස්වල මොන සැපද කියලත්...එහෙම කාලත් තිබුනා නෙව..සංසාරේ...

අනිත් එක තමා කෑම..මං මේකනං මීට කලිනුත් කියලා ඇති මං හිතන්නේ..උදේට පාන් එක්ක පරිප්පු හොදි... පරිප්පු හොදි කිව්වට ආසාවටවත්..වැරදීමකින් හරි ඒ හොද්දේ පරිප්පු නැහැ..ඒත් පුසුඹෙන්නං පරිප්පු කියලා කිව්වැකි..පාන් බාගයයි..ඒ පාන් එන විදිය දැක්කම කන්න හිත හදාගන්නත් බොහෝම අමාරුයි..කලින් දවසේ හවස තුනට විතර අත්ට්‍රැක්ටරයක පිටිපස්සේ තමා ඔය පාන් ටික නිකංම නිකං බිම දාගෙන ගේන්නේ..මං හිතන්නේ ඒක උදේ වරුවේ වෙන වෙන දේවල් අදින්න දාලා හවසට පාන් අදිනවා..ගන්න දෙයක් නැහැ..නිකමටවත් ඉටිකොලේකින්වත් වහලවත් නෙවෙයි ගේන්නේ..

ඒත් ඉතිං බඩේ තියෙන ගින්දර මැකෙන්න ඕන මලදානයක් කන්න ඒ වෙනකොට හිත හැදිලා ඉවරයි...ඉතිං පරිප්පු වතුරත් එක්ක පාන් කාලා වතුර බීලා එනවා..තේ ඕනනං මුලින්ම ඇවිත් පොරකාලා ගන්න ඕන..අපේ බැරැක්කේ අයට කෑම තියෙන්නේ පොඩ්ඩක් පහුවෙලා හින්දා කවදාවත් ප්ලේන්ටි උගුරක් දකින්න ලේසි නැහැ.. ඉතිං පාන් කාලා වතුර බීලා ආයේ දුවනවා පුහුණුවට...

දවල්ට ගියාම මෙන්න බොලේ අර උදේ හොද්දෙන් හැංගුන පරිප්පු ඇට ටික තියෙනවා කෑම පිගානේ..ඔව්..පරිප්පු හින්දවලා උයලා..හොදි බින්දුවක්වත් නැහැ..ඊට අමතරව තව පොල් කුඩු සම්බලයක්..හිටි හැටියේ කටු ගොඩවල් තියෙන මාළු කූරියෙක් එහෙමත් හම්බ වෙනවා..නැත්තං ඉතිං කංකුං වගේ ජාති..මෑ කරල් එහෙම හොදි හැටියටත් ලැබෙනවා..කොහොම කලත් ජාති තුනයි උපරිම..ඒ අර පරිප්පුත් එක්ක. බත් කලින්ම පිගන් වලට බෙදලා තියෙන්නේ ආයේ මදියි කියලා කන්න හොයන්න විදියක් නැහැ..අන්තිම බත් ඇටෙත් කාලා පිගානත් ලෙවකාලයි මේසෙන් නැගිටින්නේ...

ඊ ළගට රෑ කෑම වේල... ඔව් එතකොට අපිට දෙනවා කඩල පරිප්පු හොදි එක්ක බත්..ඒකේනං ඇටත් තියේ හොදිත් තියේ..පරිප්පු වලට අමතරව මොනවා හරි එළවළුවක්.. එච්චරයි..ඒක කෑවා ආවා..කොහොම උනත් තුන්වේලටම නොවරදවාම පරිප්පු වර්ගයක් හම්බ වෙනවා හොදි වශයෙන් හරිඇට වශයෙන් හරි... ඉතිං ඔන්න ඔහොම කෑම කකා තමා ඔහේ හිටියේ...

ඒත් මේ හැම දේම අස්සේ එකම එක හොඳ දෙයක් තිබුනා..ඒ තමයි පොලිස් අභ්‍යාස විද්‍යාලයීය සිනමා ශාලාව...කොටින්ම කිව්වොත් නිරුදක කතරේ ක්ෂේම භූමිය...

ඒ දවස්වල බදදා දිනවල හවස එක ෂෝ එකක් මේකේ පෙන්නනවා... එදාට ඉතිං අපිත් වේලපහම නාලා කරලා තියෙන හොඳම ඇඳුමක් ඇඳන් දුවන්නේ ඕකට ගාල් වෙන්න...මෙතන අපිට එකම විනෝද සාගරයක් උනා...

හේතුව තමා සුමනක්කා...

ඒ දවස්වල හැමදාම ඕකේ පේන්නුවේ සුමනක්කා හිටිය ඇගේ වයිරං වගේ චිත්‍රපටිම තමා...අපරාදේ කියන්න බැහැ අපේ උන් උඩ පැන පැන හිනා වෙවී ඒවා බැළුවේ...කාම කතා රැල්ලට අයිතිවන සිනමා පටයක් බලමින් විකට ජවනිකා සහිත සිනමාපටයක් නරඹද්දී මෙන් සිනහා වෙවී බලන තැනකුත් ඇත්නම් ඒ එතැන පමණක් විය හැක...

මෝරපු ගෑණු පරාණයක් උන සුමනක්කා අවිහිංසක ළඳ බොළඳ චූටි නංගීට රඟ පාමින් කරන රංගනය දුටි විට සිනහා වනවාට වඩා යමක් ඉතිරිව තිබුනේ නැත. වඩාත්ම උද්වේගකර අවස්ථාව වූයේ සුමනක්කාට අතවර කිරීමට සල්ලිකාර දුෂ්ඨයා පැමිණෙන මොහොතයි... සැබෑ තත්වයක් යටතේදී නම් මෙවන් අවස්ථාවක ආවේගශීලී හැගීම් ප්‍රේක්ෂකයින් වෙතින් පලවිය යුතු වූවත් මෙතැනදී සිදු වූයේ එයට එහෙම්පිටින්ම වෙනස් යමකි...සිනමාශාලාවම සිනහවෙන් පිරී ඉතිරී යයි.. ඒ සිනහව කා හටද..?

සුමනක්කාටද..? නැතිනම් මෙවන් සිනමාපට සෑදූ අයටද..?මුළු මහත් සිනමා කර්මාන්තයටමද...? එතැනදී සිනහ වෙන්නේ මූලිකවම සුමනක්කාට විය හැකිය..එහෙත් එහි අයිතිය පසුව කී අය වෙතත් බෙදී නොයන්නේද..? මේ බොහෝ දෙනා කියනා පරිදි සිංහල සිනමාවේ අප්‍රසන්නම අවධියයි. එහෙත් එයට වැරදි කරුවන් වන්නේ මා හිතනා හැටියටනම් සුමනක්කා නොවේ..ඒ ඇයට ලැබෙන චරිතයයි..කවුරුවත් සුමනක්කාට කතා කොට පවුරු වළලුහී නීටා ප්‍රනාන්දුගේ වැනි චරිතවත්..පසු ගිය කාලයේ ආ සිනමාපට රොත්තක සිටි ද්‍රවිඩ නිළීයන්හට මෙන් චරිත දෙන්නේ නැත...අඩුම තරමින් දෙනවක හාමිනේට දුන් ආකාරයේ චරිතවත් ඇයට හිමි නැති...ඇයටදෙන දේ ඇතුලේ ඇය රඟනවා විනා කුමක් කරන්නද..?

මා විසින් මීට පෙර ලිපියෙන් කියූ විද්‍යා බාලන් රඟන සැබෑ කතාවක අනුසාරයෙන් නිපැයුන
The Dirty Picture නම් වූ චිත්‍රපටයේ කතාව දිව යන්නේත් සුමනක්කාගේ වන් චරිතයක් හරහා වන අතර ඒ තුලින් දකුණු ඉන්දියානු සිනමාවේ එක්තරා පැත්තක් මනාව විග්‍රහ කරනු ලබයි...එම චිත්‍රපටය දකිද්දී මට සිහියට ආවේ ඉහත කී පුහුණූකාලය තුලදී සුමනක්කාගේ රංගනයන්ගෙන් අප විනෝද වූ ආකාරය සහ අවසන සිතුනේ එහි සිල්ක්ට මෙන් අපේ සුමනක්කාට කුමක් වීදැයි කියාය...

56 comments:

  1. චිත්තරපටි විචාරයක් වගේ

    ReplyDelete
    Replies
    1. මම එකඅඅඅඅ කියන්නේ නැද්ද?

      Delete
    2. හෙ හෙ...මූ එව්වට තෑගි දෙන්නෙ නෑනෙ... :(

      Delete
    3. අර කිව්ව කතුරු ජාතිය නං මෙන්න මෙතන අඩුවට තියෙනවා :P
      https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/408505_298495190189665_193218727383979_783558_123167707_n.jpg

      Delete
  2. අපට ඒකාලෙ වගේ ෆන් නෑ අයියෙ. කට්ට උනාට පස්සෙ පට්ට ආතල්නෙ.

    ReplyDelete
  3. ඔය පොලිස් ට්‍රේනින් කොලේජ් එකට ටිකක් එහායින් (අල්විස් වත්තෙ) තමා මගෙ බෙස්ට් ෆ්‍රෙඩා හිටියෙ.. ඒ දවස්සොල මං නිතරම යනවා ඔය පැත්තෙ.. ගොහිල්ලා ක්‍රිකට් ගහලා, රිච්මන්ඩ් කාසල් එක පැත්තෙ ඇවිදලා, ෆුල් ෆන් එක දාලා තමා එන්නෙ.. :)

    ReplyDelete
  4. අයියා සැහෙන්න දුක් විදලා තියෙනවා වගේ.ඒත් ෆුල් ආතල් එකෙත් ඉදලා තියෙනවා :)

    ReplyDelete
  5. හ්ම්... Dirty Picture බාගත්තා තාම බැළුවේ නෑ....ඒකත් බලලම් අයියගේ ලිපියට කමෙන්ට් කරන්නම් තව පාරක්....

    ReplyDelete
  6. අවංකෙන් ම කියනවනං පුදුම රසවත් ලිපියක්. ඒ වුනාට එහෙම අවංක වෙන්න බෑ බං එක්කො! සැක්...... මහ වැදගැම්මකට නැති මගුලක්! :P

    ReplyDelete
  7. මං හිතුවෙ පොල් අක්කා වගේ කෙනෙක් කියලා...

    ReplyDelete
  8. සුමී අක්කි . . . සිංහල සිනමාවේ ගිනි සිළුව . . . අදටත් මට ඔය පැමෙලල කැලේ සුමී අක්කිත් එක්ක බලද්දි. උඹට කිවුවට මොකද මචං . . . ඉස්කෝලෙ යන කාලෙ ඉඳල උපාදිය අරං එලියට බහිද්දිත් අනිත් එවුවො හොරිකඩ සුද්දියො එක්ක දීගකෑවට මම නෙමේ සුමී අක්කිව අමතක කලේ . . . සුමී අක්කි සොඳුර පත්තරේට එහෙම දුන්න ඉන්ටවිවු ටික . .. මතක්වෙද්දිත් දත කට පූට්ටුවෙනව

    ReplyDelete
    Replies
    1. උඹනම් එළ කොල්ලෙක් බං.

      Delete
    2. උඹට කියන්න ඕනයා, ඒ කාලෙ ගත්ත සොඳුර පත්තර මිටිය පුච්චන්නෙ නැතිව අමාරුවෙන් හරි පරෙස්සන් කොරලා තියාගත්තනං දැන් මල් මසුරං වටිනවා.. :D

      Delete
    3. අන්න පත්තර නේද ?? 9 වසරෙ ඉන්න කාලෙ කෝට්ටෙ හන්දියෙ පොත් ගුල බුක් ෂොප් එකේ අංකල්ගෙ කනට කරල සොදුර පත්තරේ ඉල්ලුවාම මේ යකා දෙක වෙන්න කෑගහල ඇන්ටිට කීවනෙ "මෙන්න මේ දරුවට සොඳුරක් දෙන්න" කියල . . . මම සනිකෙං අතුරුදහන් . .

      Delete
  9. කියන්න අමතක උනා, අර මැසිමට කියන්නෙ කිති මැසිම කියල . . . කුරු කුරු ගාගෙන කන පිටිපස්සෙං ඕක යද්දි . . සැප කනේ, කන පොලීසියේ

    ReplyDelete
  10. ඇත්ත මාරයා අයියා! ඇත්ත! අපේ රටේ නලු නිළියෝ ඉන්නේ එක එක වර්ග වලට බෙදලා! ඉතිං මේකට යන කලක් තියේයැ?? අප්පිරියයි ඇගේ වෛරය ෆිල්ම් එක නම්! ෂික්!

    ReplyDelete
  11. ඕකට කියන නියම සිංහල නම තමා හෙයාර් ක්ලිපර් (hair clipper) කියන්නේ.
    ඔය පොලෝසියේ රස්සාවට යද්දිත් ඔහොම කෑමම ද දුන්නේ?
    කුරුළු හමුදාවේ කෑමත් (පුහුණුවේදී හා ඊට පසු) ඔහොමද?

    ReplyDelete
    Replies
    1. හමුදාවලයි පොලිසියෙ අයයි ආස්සරේ කරලා තියෙන හින්දා මම දැනගත්තු හැටියටනම් සියලු හමුදාවලින් හොඳම කෑම තිබුනෙ අපිට. බලමු මාරයා මොකද කියන්නෙ කියලා.

      Delete
  12. මදෑ පොල් අක්ක වගේ අක්කෙක් ගැන කියවන්න හිටිය... :D

    ReplyDelete
  13. කොහොමද බන් අයියෙ සබන් පෙට්ටි පියනෙන් නෑවෙ... පොල් කට්ටකටත් ඊට වඩා වතුර අල්ලනවනෙ

    ReplyDelete
  14. මට පේන්නෙ අර යෝධයා දැනටමත් පටන් අරන් ඇති පින්සල් ටික ලෑස්ති කරන්න ඇදගා දාන්න දෙනසුරාදා දවසක

    ReplyDelete
    Replies
    1. හැම දාම නෑ හැම තැනම නෑ

      Delete
  15. සබන් පෙට්ටියෙන් නෑම ආතල්. බෙලෙක් පිඟාන මැදින් තලලා බොක්ක හදාගෙන තිබුනනං ඒක පාර වැඩිපුර බෙදාගන්ඩ තිබුනා. කද්දි පිගාන බඹරෙ වගේ කැරකෙනවා තමා... ඒකට කරන්ඩ තියෙන්නෙ එක අතකින් පිගාන අල්ලෙගෙන කන එකයි

    ReplyDelete
  16. ආයුධ ටිකනම් මරු....උඹට ඉලෙක්කෙට වෙඩි තියන්නත් පුලුවන්ද ? අර SLR කියන එක නම් ෂුවර් බඩුවක් වුනාට බරපතල වැඩියි නේද ? ඔතන ඔය S කියන්නෙ සුමන කියන එකද ?

    ReplyDelete
    Replies
    1. SLR කියන්නෙ බං Self-Loading Rifle කියන එකයි.. මාරයා දාලා තියෙන ෆොටෝ එකේ හැටියට නං ඒක L1A1 එකක් වෙන්ට ඕන..

      Delete
    2. FN FAL වල කොපි...

      Delete
    3. බුරා,
      එතකොට කැමරාවෙ SLR කියල ගහල තියෙන්නෙ මොකෝ ? :-))

      Delete
    4. එතන SLR කියන්නෙ බොලං Single-lens reflex කියන එකයි.. නාකියා වුනාට තාම ඒකවත් දන්නෙ නෑ.. :P

      Delete
    5. @aka,

      FN FAL එක බෙල්ජියම් එකක්නෙ.. බ්‍රිට්ෂ් කොමන්වෙල්ත් එකට ඒකම ගැහුව වෙනම ලයිසන් එකකින් L1A1 කියලා..

      Delete
  17. මේ මාරයියේ ඔය මල්ටි පර්පස් වැඩේ තාමත් තියනවා නේ,,අර පිගාන එහෙම...
    ඇගේ වයිරං 12345 වෙනකන්ම ගියා නේද ඉස්සර මට මතකයි දංකොටුව නීලා සිනමා ඉස්සරහා සුමනා ඉන්නවා පලාතක්ම වහගෙන,අපිට එතකොට අවුරුදු 10ක්,12ක් වගේ ඊයා අර ගෑණි කියනවා ඒක බලලා...ඕවගේ අධ්යක්ශක නම් මට මතකයි තාමත් සුමනක්කගේ ශරීරයට යටින් තිබුනා,ලුවී වැන්ඩස්ටාන් කියලා...

    ReplyDelete
  18. ආයුධ පෙන්නුවට අපි බයවෙයි ඕවට.

    ඒ ආයුධවල බලේ නිසා වෙන්න ඇති මිනිස් පරිභෝජනයඋට නුදුසුදු පාන්, ආහාර හිඟය, සෞඛ්‍ය පහසුකම් නැතිකම ගැන ෙෑම පැමිණිලි නැත්තේ!

    ReplyDelete
  19. උඹල ඔය තුවක්කු දැම්මට අපිව බය කරන්න බෑ.
    මේ කතාව කියවනකොට මට මතක් උනේ Escape From Alcatraz ෆිල්ම් එක. ඒකෙ ඉන්න හිරකාරයින්ට බලන්නත් ඔය වගේ ෆිල්ම් හෝල් එකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. අර කොණ්ඩෙ ගලවන මැෂිම ගැනනං කියල වැඩක් නෑ. ඔකෙ ඇජස්මන්ට් හරියට නැති උනාම තමයි ඔය කොණ්ඩෙ උගුල්ලන වැඩේ වෙන්නෙ.

      Delete
  20. මට අයිඩින්ටි එක ලැබුන ගමන් පහුවදාම ගිහින් ඕක බැලුවා... එතකොට තිබ්බ ලමා පෙනුම නිසා වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් හෝල් ලඟට ගිහින් කී සැරයක් නම් හැරිලා ඇවිත් ඇද්ද? චිහ්....

    ReplyDelete
  21. ඇත්තරම සුමනා අක්කට මොකෑ උනේ.. සුමනා බොහෝ නිලියන්ගේ සැබෑ චරිතය තිරයේ රඟපෑවා.. තව නියම කෑල්ලක් හිටියා සමන්තා ඈපාසිංහ කියලා ටොප් එක විතරක් ඇඳගෙන ඉන්ගිරිස් පත්තරේක උන්නා කියලා මරන් කන්න හැදුවා. ඒකි රට දාලා ගියා මගේ හිතේ..

    ReplyDelete
    Replies
    1. අර ස්ප්‍රයිට් බෝතලේ කකුල් දෙක අස්සෙ ගහගෙන බීච් බංකුවක කකුල් දෙක උඩ දාගෙන වාඩිවෙලා හිටිය එක නේද උඹ කියන්නෙ ???

      Delete
  22. පොඩි කාලෙ කොන්ඩෙ කපන්න යන එක මරන්න ගෙනියනවා වගේ වැඩක් ඔය මැෂිම හින්දා. තුවක්කු විස්තරේට ස්තුතියි කිව්වා. සුමනා අක්කා ගැන නම් කිසිත් නොදනිමි. අපි හොඳ ළමයි.

    ReplyDelete
  23. අනේ අපේ පොලෝසියෙ ඈයොන්ට කන්ඩ දෙන්නෙ මෙහෙමද.. උන් ඉතින් අපිව මරන් කන එක අහන්ඩත් දෙයක්ද..

    ReplyDelete
  24. හොද පෝස්ටුව බං.
    ඉස්සෙල්ලම කොටස "මාරයාටම" ගැලපෙනව. බැරිද ට්‍රේනින් එකක් දෙන්න.
    කෑම නං මට අල්ලන්නෙම නෑ.
    කාම චිත්තරපටිවල මටනං හොදම දෙබස් කෑල්ල තමයි කෙල්ලට අතවර කරන්න පැහැරගෙන යන වෙලාවෙදි කියන "ඇතෑරපං වනචරය" කියන කෑල්ල. ඒක අනිව තියනවමනේ ඕවයේ. හිනාව බෙදීයන කතාව නං හරියට හරි.

    ReplyDelete
  25. maraya machan umba cricket gahanna awe nadda udaha ground ekata ? magul maduwe film mamath baluwa oya kale. umbawa apit set wela athi kale eth api hujj kolloo banz.

    ReplyDelete
  26. සයිට් එක බලන්න ප්‍රසන්නයි .. ඉක්මනට ලෝඩුත් වෙනවා දැන් ...
    නව ටෙම්ප්ල්ටේ ඒකට අපගේ ප්‍රණාමය ...
    ඉස්සෙල්ල මාරයට හරියන්න ... අපාය වගේ නොවැ තිබ්බේ
    ^_^

    ReplyDelete
  27. mulinma film eka balalaa hitiyanam hodai wage

    ReplyDelete
  28. අයියෝ ඔච්චර බර එව්වා ගෙනියන්න ‍‍ඔනීනෑනේ අර බුද්ධි අයිය‍ෙ වගේ දුන්නක් හදා ගත්ත නමි

    ReplyDelete
  29. ඇත්තට කෝ දැන් සුමනා අක්කා
    ආරංචියක් නැහැ නේ..............................

    ඒකාලෙ දැන් වගේ ෆෝන් වල හරි ජංජාලෙ හරි තිබ්බෙ නෑ නෙව.
    හැබැයි ඔය ෆිල්ම් සෙට් එක සිංහල සිනනමාව කෑව කියන එකට නම් මම එකඟ නැහැ ඔය ටික වත් නොතිබ්බ නම් ෆිල්ම් හෝල් බාගෙට බාගෙයක් වැහිලා ඒ කාලේ...

    ReplyDelete
  30. ඒ කාලෙ කැලැන්ඩරයකුත් ආවා නේද ඔය අක්කගෙ.. අපේ යාළුවෙක් ළඟ තිබුනා..ඒක ගහලා තිබ්බෙ නම් බිත්තියෙ නෙවෙයි ඇඳේ මෙට්ටෙ ඇතුලෙ තමයි..

    ReplyDelete
  31. කොයි සුමනද මේ? රෝයිගෙ පවුලද වෙන එක්කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. සුමනා ගෝමස් බොල.. අමරසිංහ නෙවෙයි.. :)

      Delete
    2. මං දන්න ගෝමස්... අදමයි එහෙම කෙනෙක් ගැන ඇහුවෙ 89 න් පස්සෙ සීන් එකට එන්න ඇත්තෙ

      Delete
    3. ඔවු ඔවු, 90 දශකයේ තමා.. මං ඒත් බැලුවා ඔබා අයියා වගේ කෙනෙකුට කොහොමෙයි මෙයාව මිස්වෙන්නෙ කියලා.. :D

      Delete
  32. ඔය කොන්ඩේ කපන මල දානේ නම් මතක් කරන්නවත් කැමති නෑ. අපි කියන්නේ ගිඩි ගිඩිය කියලා. ඇත්තටම ඒකෙන් 50%ක් කොන්ඩේ කපද්දී ඉතුරු ටික ගලවනවා. උඩින් කොන්ඩේ වැටෙනවා. පහලින් කඳුළු වැටෙනවා.

    ReplyDelete
  33. මටත් යාන්තමට මතකයි, ඔය මැසිම හරිම හීතලයි, ඒ මදිවට කන හරියෙ කොණ්ඩෙ කපනකොට මට චූබරකුත් එක්ක කිතියක් එනව. මට නං සුමනා අක්කව ඇල්ලුවෙම නෑ බං. උන්දැගෙ සයිස් එක ඌරෙක් වගේනෙ.

    ReplyDelete
  34. සුමනක්කව අම්තක කරන්න ඇහැකිද 90 දසකයෙ වැඩිහිටියො බවට පත් වෙච්චි අපිට???? කමෝන් සුමනා... කමෝන් මාරේ....

    ReplyDelete
  35. මම ඔය ෆිල්ම් එක බලලා නෑනේ ෂික් තාම සිංහල ඇඩල්ටස් ඔන්ලියක් බලන්නම බැරිවුනා ඔන්ලයින් ඩවුන් කරන් බලන්න වටීද දන්නෑ නේද??

    කන්න දුන්නු හැටිනම් මාරයි අර පාන් කද්දි වැලි එහෙම අහුවුනේ නැද්ද...තාමත් මෙහෙමද දන්නේ නෑ හැබැයි එයා ෆෝස් එකේනම් හොඳට කන්න දෙනවා කියලා ආරංචියි...මම කියවන්න පැනලා ආවා පොල් අක්කෙක්ගේ සීන් එකක් කියලා හිතලා...බැලින්නම් මාරයා අයියා කීප තැනකම ට්‍රේනින් ගිහිල්ලනේ

    ReplyDelete
  36. මාරයා හරි.තමිල් සිනමා කර්මාන්තයේ සිල්ක් ස්මිතා = සිංහල සිනමාවේ සුමනා ගෝමස්..,
    (මේ වගේ මස්කඩ චිත්‍රපටි වල ඉන්න නිසාද කොහෙද ඒ දවස් වල අපි කිව්වේ උන්දෑට සුමනා ගෝනමස් කියලා)

    ReplyDelete
  37. මුලින් හිතුවේ පංති පහ වත් පටං අරංද කියලා....

    ReplyDelete