06 March 2012

කොමෙන්ටුවක් ණයයි...

මේ දවස්වල මාත් එක්ක රාජකාරිය කරන ගුණේ අයියගේ පවුලට සනීප නැති හින්දා ගුනේ අයියා ලොකු කට්ටක් කනවා.පහුගිය මාසෙන් බාගයක්ම වගේ උන්දැගේ පවුලව රාගම නවත්තලා හිටියේ. ඉතිං මං එක දිගටම ඩියුටි හිටියා.ඒ ගෑණු මනුස්සයගේ වකුගඩුවල ගල් වගයක් හැදිලා ඒවා නහරයකට ඇතුල් වෙලා මොකක්ද මංදා අවුලක්..ඉතිං ඒ හින්දම සෑහෙන තරමක ශල්‍යකර්මයකුත් කරන්ට උනා..එයිටත් එහා ඒ වෙනුවෙන් කල පරීක්ෂණ ටික...

කොහොම හරි මේ හින්දම ගුණේ අයියට එක දිගට වැඩ කරන්න විදියක් තිබුනේ නැහැ..පහුගිය පෙබරවාරි මාසේ පලවෙනිදා ඉදන් හත් වෙනිදා වෙනකල්ම එක දිගටම මං ඩියුටි ඇදලා ඊට පස්සේ අර මනුස්සයගේ තත්වේ සාමාන්‍ය අතට හැරුනට පස්සේ මම දහවල් කාලෙටත් ගුනේ අයියා රෑ කාලෙටත් ආදී වශයෙනුත් පුළුවන් විදියට රාජකාරිය කලා..කොයි තරං වැඩ තිබුණත් මං ඒ එකක්වත් නොකියා ගුණේ අයියට ඕන විදියටම ඩියුටිය ඇද්දා..මෙහෙම වෙලාවකට නැත්තං අයේ මොන වෙලාවකටද එහෙමවත් උදව්වක් කරන්න වෙන්නේ..

එයින් පස්සේ මට ඕනනං එක දිගට මාසේ අන්තිමට නිවාඩුවක් අරගන්න පුළුවන්කම තිබුනා උනත් එහෙම ගත්තනං අර මනුස්සයට පවුලට සාත්තු සප්පායම් කරන්න වෙන්නේ නැති හින්දා ඒ අදහසත් අතෑරලා දාලා උන්දැට පහසු වෙලාවල් හැම එකම ඩියුටි දීලා මං අතරින් පතර ඇවිත් ඩියුටිය කඩලා දුන්නා..නැත්තං මාසේ අන්තිමට ගුණේ අයියට පඩිත් නැහැනේ..ඔය දෙකම කොහොම හරි බැලන්ස් කරන්න ගියාම මට නිවාඩුත් නැහැ අන්තිමට...නැත්තං හිතං හිටියේ මේ මාසේ අග කොහේ හරි දුරක ඇවිදින්න යන්න නෙව..ඒ හැම දේම පැත්තකට දාලා ඉන්න උනා..

එහෙම තියෙද්දි ආයේ වංගියක් ඊයේ ගුණේ අයියගේ පවුලව ඉස්පිරිතාලේ නවත්තන්න කියලා තිබුන හින්දා මම ඊයෙත් වැඩට හිර උනා. නැත්තං කල් ඇතිවම මං හිතං හිටියේ ඊයේ වෙන දෙයක් කරන්න..ඒත් ඒක හබක් උනා..

.............................

මීට වසර අටකට පමණ කලියෙන් මාර්තු මාසේ මං හිටියේ පන්සලට හිර වෙලා..එතකොට මහණ වෙලා නැහැ..ඒත් පන්සලේ හිටිය හාමුදුරුවරු හැමෝම වගේ ඒ මේ අත ගියාම මං මාසයක් දෙකක් විතර එක දිගටම පන්සල බලා කියාගෙන එතන මුර කොරං හිටියා.. එහෙම ඉදලා අන්තිමට පස්සේ මැයි මාසේ වගේ දවසක මට අපේ ගමේ ගෑණු ළමයෙක්ව හම්බ උනා..ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ එයිට ටික දවසකට කලියෙන් තාත්තා මිය ගොහිං කියලා..මං හිටිය තැන දැනං හිටියත් ඒ වගක් මට දැනුම් දෙන්න අම්ම කටයුතු කලේ නැහැ..සමහර විට මල්ලිගේ බලපෑම හින්දා වෙන්නත් පුළුවන්..කොහොම හරි මං අදටත් දන්නේනැහැ තාත්තව වල දාපු තැනවත්...

අපේ ගමේ කනත්ත අක්කර දහයකට වඩා වැඩියි..ඒ අතරින් අපේ සීයව වල දාපු ඉසව්ව මට යන්තමට වගේ කියන්ට අදටත් පුළුවන්..උන්දෑ මැරිලා තිබුනේ එක්දහස් නවසිය හතලිහේ දසකේ..ආච්චි අම්මා මලේ අසූව දසකයේ..ඒත් මට උන්දෑ වල දාපු තැනත් යන්තම් මතකයි.. අපේ දෙවැනි මහප්පාගේ වලනං සුටුස් ගාලා හොයා ගන්ට පුළුවන්..ඒක සිමෙන්තියෙන් බැඳලා තියෙන්නේ...උඩ කොන්කිරිට් ලෑල්ල කළු ගැහිලා එහෙ මෙහෙ වෙලත් තිබුනා...ඒ මරනේ වෙලා තියෙන්නේ හැත්තෑව දසකයේ අග භාගයේ.. ලොකු මහප්පා නැති උනේ අනූව දසකයේ..කනත්තේ මැදට වගේ වෙන්ට තිබුන කජු ගහට ඩිංගක් මෑතින් තමා උන්දැව වල ලෑවේ..මට ඒ තැනත් මතකයි..ඒත්..අපේ තාත්තා ඒ කනත්තෙම කොතැන වලලෑවද කියලා මං අදටත් දන්නේ නැහැ...

කොහොම හරි ඊයේ හිතං හිටියේ මොනවා හරි දෙයක් උන්දෑ සිහි කොරලා කොරන්නට කියලා..මොකද ඊයේ තමා තාත්තා මිය ගිය දවස යෙදිලා තිවුනේ..මාර්තු පස් වැනිදා...ඒත් රාජකාරියට කොටු උනායින් ඒක කරන්ට උනේ නැහැ.. ඒ අවු අස්සේ තමා තිස්ස අයියා උන්දැගේ තාත්තගේ උපන් දිනේ සැමරුම සිහි කොරලා තිබුනේ..ඒ ලිපිය කියවන කොට මං හිටියේ හුගක් දේවල් ගැන හිත හිත..

අර මනුස්සයගේ පවුල අසනීප වෙලා ඉද්දී මට කියන්ට විදියක් තිබුනේ නැහැ අද මං නිවාඩු ගන්නවා කියලා..ඒ හින්දා මං ඔය වගක්වත් නොකියා හිටියේ. මොනවා උනත් ජීවත් වෙලා ඉන්න කෙනෙක් ගැන හිතන්ට එපෑ මල ගිය උදවිය වඩා... ඉතිං මං සද්දේ වහලා උන්නා...ඒත් අර ලිපියත් එක්ක මගේ හිතත් කොයි කොයි අතේනං දිව්වද..? ඒ මදිවට තිස්ස අයියගේ අප්පච්චිත් මගේ තාත්තත් අතර කියන්ට ගැලපිලි රාසියයි.. ඒ විතරක් නෙවෙයි ඒ පොස්ට් එකේ දාලා තිබුන පොටෝව වගේම පොටෝවක් අපේ ගෙදරත් තියෙනවා තාත්තා තරුණ කාලේ ගත්ත එකක්..එකම පෙනුමේ..එකම ඉට්ටැයිල් එකේ..එකම විදියේ ඩබලක්..ඔය ඔක්කෝමත් එක්ක ලියන්ට දේවල් දාහක් හිතේ ඇති උනත් දෙතුන් වතාවක් දගලලත් මට ඒක කරන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ..

ඉතිං ඊයේ හවස ගෙදර ඇවිත් අද දවසම නිවාඩු හින්දා ලොකුවට නැතත් බත් මුල් තුනක් විතර බදින්න ලක ලෑස්ති කොලා... ඒත් ලොකු දේවල් නෙවෙයි..අලයි කීරමින් තොණ්ඩයොයි තක්කලියි එකට දාලා තාත්තා උයන විදියටම හොද්දක් හදලා..ඊයේ හවස කඩං ආව මඤ්ඤොක්කා කොල මැල්ලුං හදලා..බිත්තර තම්බලා...මාළු බැද්දා... කොහොම හරි දවාලේ කොළඹ යන්ටත් තිබුන හින්දා ඒ ගෙනියන්ට ඕන කලමනාත් හරි ගස්සං.. බත් මුල් තුනත් අරං ගෙහුං නිට්ටඹුවේ ඩිපෝව කිට්ටුව හිටිය සුදුසුයි කියලා හිතුන කෙනෙකුට දුන්නා ගෙදර අයත් එක්ක කන්ටය කියලා... එයිට වඩා ලොකු දේවල් කොරන්න මට පුළුවන් කොමක් නැහැ. ඊට පස්සේ කොළඹ ගියා..ඒ ගෙහුං ඇවිදින් දැන් තමා නාලා බත් කාලා මෙතන වාඩි වෙලා දවසේ කියවන්ට තිබුන දේවල් කියවලා අහවර කොරලා මේක ලියන්ට ගත්තේ.. දැන් ඒ ඔක්කෝම හරි...

තිස්ස අයියේ ඔන්න ඕකයි කතාව... ඉතිං කියහංකෝ කොහොමද උඹ කිව්වට මං කොමෙන්ටු ලියන්නේ කියලා...මේ ඒ ණය කොමෙන්ටුවට හිලව්වට ලියපු එකක් හරිද..?

44 comments:

  1. තිස්ස අය්යගෙ පෝස්ට් එක මමත් කියවලා, කල්පනා කර කර හිටියා. ඒත් කල්පනා කරන හැම එකම කමෙන්ටුවක් විදිහට දාන්න බැහැනෙ.
    මේකටත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියෙන්නෙත් මේ ටිකමයි.... තිසාගෙ පෝස්ට් එක කියවල දුක සතුට මිශ්‍ර හැඟීමක් ඇතිවුනා... ඒක එහෙමම වීඳගෙන හිටිය මිසක් එල.. පට්ට.. වගේ කොමෙන්ටුවක් දාන්න හිත හදාගන්න බැරිවුණා... මාරෙ අද හිත හුඟක් බර කලා...

      Delete
    2. මටත් ඒක තේරෙන්නේ මේක කියෙව්වම... නලිනි / සපා...
      අපි අසම්පූර්ණ මිනිස්සු.. යහගුණ වාගෙම නුහුගුණත් හිත්වල වැඩවල තියේ...
      ඒත් කාගෙත් මනුස්සකම ඉස්මතුවෙන මේ වගේ එව්ව කියවන්න මම කැමතියි..
      තාත්තලගේ යහගුණ වලට අපි එකතුකරගත්තු එව්වත් දාල බැටන් රිලේ එකක වාගේ ඊලඟ පරම්පරාවට දෙන්න ඕනෑ... නැත්නම් මේ ලියන කියන එව්වයේ මොකක්ද පලේ?

      බත් මුල් කිහිපයක් බැඳල එහෙම දෙන එක කොච්චර දෙයක්ද? වේලක් දෙකක් බඩගින්නේ උන්න කෙනෙක් හොඳටම දන්නව ඒකේ වග...

      පුතාලගෙ වැඩ ගැන තාත්තල නොදැන ගත්තත්, තාත්තලගෙ වැඩ ගැන පුතාල නොදැන ගත්තත්, දෙගොල්ලම ලෝකේ හැසිරෙන හැටියෙන් දෙගොල්ල ගැනම මිනිස්සු නිගමනයකට එනව... එතැන අවුලක් නැත්නම් ඉතින් "අතිජාත" භාවය රැකුණ කියල පුතාලට සතුටු වෙන්න පුලුවන්...

      Delete
    3. @තිස්ස දොඩන්ගොඩ,
      "තාත්තලගේ යහගුණ වලට අපි එකතුකරගත්තු එව්වත් දාල බැටන් රිලේ එකක වාගේ ඊලඟ පරම්පරාවට දෙන්න ඕනෑ..."
      සම්පූර්ණ ඇත්ත. ගොඩක් වටිනා කියමනක්.

      Delete
  2. මල ගිය අය අමුතුවෙන් සිහි කරන්න ඕන නැහැ අපිට ගොඩක් ලග අය අපේ හිතේ හැමදාම ඉන්නවනේ.මල දවසම වෙන්ට ඕන නැහැ මතක් වෙන මතක් වෙන විදියට ඔය පුළුවන් විදියකට මල ඇත්තාට පින් අයිති වෙන්න මොනවා හරි කොරා නම් අහවරයි.

    ReplyDelete
  3. යාළුවා වෙනුවෙන් කරන කැප කිරීමත් පින් අයිති වෙන දානයක් නේ මාරයියේ.

    ReplyDelete
  4. තමන්ගේ අය වෙනුවෙන් ලොකුවට දෙයක් කරන්න බැරි උනත් පුංචියට හරි කරන දෙයක් ගොඩක් වටිනවා..

    ReplyDelete
  5. මටත් උනේ නලිනිට වෙච්චි එකමයි, අන්තිමේ සුභ පතලා නිකම් හිටියා, මල්ලිගේ තාත්තාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරන්නම්

    ReplyDelete
  6. පින් සිද්දවෙන වැඩ දෙකක්නෙ. ඒ පින් තාත්තට අනුමෝදන් කරන්න.

    ReplyDelete
  7. හ්ම් ඔයා යුතුකම කළානෙ

    ReplyDelete
  8. ඔය කරපු පින් ඔක්කොටම වඩා වටිනවා.

    ReplyDelete
  9. තාත්තෙකුගේ අගය පුතෙකුට තරම් නෑ වෙන අනෙක් අයෙකුට දැනෙන්නේ..

    ReplyDelete
  10. අයියා මේ කරන උදව්වම ඇති මම නම් හිතන්නේ නෑ කවුරුවත් මේ තරම් කැපවීමක් කරයි කියලා

    ReplyDelete
  11. බගෙට ඉතිරි වෙලා තිබුන හොඳ වැඩක් ඉවර කර ගන්න උඹ ඊයෙ මුල් වෙලා කටයුතු කලානෙ මාරෙ..ඒ ගැන හිතල සතුටු වෙයන්...
    මටත් මේ ගැන මීට වඩානං කියන්න බෑ..සමහර විට මමත් කොමෙන්ට් එකක් ණය වෙයි.

    ReplyDelete
  12. අයියා යාලුවා ගැන හිතපු එකම ලොකු දෙයක්නේ! ඇත්තටම පුදුමයි අයියා තාම තාත්තගෙ සොහොන දන්නෙ නෑ කියනකොට!

    ReplyDelete
  13. තිබුන ඉඩත් එක්ක බැලුවම අයිය කරපු දේ හොඳටම ඇති.

    ReplyDelete
  14. හ්ම්..... හරියටම මේ දවසයි කියල දවසක් නැති වුණාට අවුලක් නෑ මං හිතන්නේ. යාලුවෙක් වෙනුවෙන් කරපු කැප කිරීමයි, මනුස්සයෙක්ගෙ බඩගිනි නිවපු එකයි, ලස්සන ලිපිවලින් සුවහසක් පාඨක ජනයාගේ හිත් පිනවන එකයි වගේ ඒ පිං ටික හොඳටම මදෑ... ඔබේ පියතුමාටත් ඔබටත් හොඳක් ම වෙන්න. තාත්තට නිවන් සුව ප්‍රාර්ථනා කරාවි මම වගේ ම මෙතන ඉන්න අනිත් හැමෝම. හොඳ වැඩ ගොඩක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  15. "කොමෙන්ට් ණය දීමෙන් මිතුරුකමත්, කොමෙන්ටුත් සුරැකේ"

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මමත් තිස්ස සහෝගේ පොස්ට් එකත් මේ පොස්ට් එකත් කියෙව්වා.. මේ පිලිබදව කිසිත් නොකියමි... මොකද කියන්ඩ ගත්තොත් ඉවරයක්‌ නැති නිසා..
    ඔබතුමාගේ අප්පච්චි බුදුන් දැක නිවන් දකිත්වා

    ReplyDelete
  18. තිස්ස අයියාගේ පොස්ට් එකට බොහෝම අමාරුවෙන් වචන ටිකක් ගලපා ගත්තා. මේක නම් ඊටත් වඩා දුෂ්කර දෙයක්, පොස්ටුව කියවලා ඔහේ බලා උන්නා විතරයි.

    දරුවෙකු අතින් ඉටුවෙන හැම හොඳ වැඩකින්ම ලබන යහපතක් වෙත් නම් ඉන් දෙමාපියනට සැලකිය යුතු කොටසක් එකතුවෙනවා, එය ජීවතුන් අතර ඉන්නා කාළයේ වගේම අපේ ඇස්වලින් එපිට ගියාට පසුවත් එහෙමයි. මල්ලියේ, දින වකවානු අනුව කරන්න බැරි වුනත් නුඹ නිහඬව කරන කොටසින් එය නිතිපතා ඉටුවෙනවා ඒකාන්තයි.

    (ඕං මාත් කොමන්ටු කිහිපයකට ණයකාරයෙක් වුනා)

    ReplyDelete
  19. ලොකු උනහම මොකද පුංචි උනහම මොකද..දානය දානයමයි..

    ReplyDelete
  20. මම දන්නේ හිත හොදින් දෙන කොයි දෙයිනුත් අපිටත් පිනක් ලැබෙනවා,මළගිය ඇත්තන්ටත් පිනක්

    ReplyDelete
  21. අදත් ලිපිය කියෙව්වාම හිත බර වෙන ගතියක් දැනුනා . කොහොම උනත් ඔබට හැකි අයුරින් ඔබෙ යුතුකම ඉටු කර තියෙනවා . පියාණන්ට නිවන් සුව පතනවා.

    ReplyDelete
  22. මම මෙච්චර දවසක් හිතන් හිටියේ වැරදියට එකට සොරි හොදේ. මටත් ඔයාලගේ තාත්තගේ අවසාන දවසට යන්න බැරි උනා. මම එතකොට කළුතර ට්‍රේනින් කොලේජ් එකේ කවුරුත් මට කිව්වෙත් නැහැ. එත් මම හත් දවසේ දානෙට ආවා. ඔයාලගේ අම්ම මට කිව්වා ඔයාලගේ අයිය තාත්තගේ මරෙනෙට වත් අවේ නැහැ කියල ඒත් මම හිතුවේ ඇයි එහෙම කලේ කියල. අද මට එකට උත්තරේ ලැබුන. නැති උන එයාල වෙනුවෙන් මම නම් හැමදාම පින් දෙනවා. ඉස්සර නම් මට හරි දුකයි එයාලගේ දානෙට යන්න බැරි උන මරෙනෙට යන්න බැරි උන කියල. ඒත් දැන් මම ජීවිතේ තේරුම් ගන්න පටන් අරන් තියෙන්නේ. බොහෝ විට මම මරුන දවසක මගේ ලග මගේ කියල කවුරුත් නැති වෙයි. නොදන්නා රටක නොදන්නා මිනිසුන් අතර මවත් වල දැවී නේද? ඉස්සර මම හැමදාම කියපු දෙයක් තමයි කවද හරි මවත් තාත්ත ලගින්ම ඒ කජු ගහ ලගම තියන්න කියල. අද එක හීනයක් විතරයි. එක නිසා මම මගෙන් ගන්න පුළුවන් දේවල් අරන් අනිත් මිනිස්සුන්ව ජීවත් කරවන්න කියල කැමැත්ත දීල තියෙන්නේ. ජීවිතේ ඔහොම තමි. ගිය මාසේ 11 වෙනිදට අපේ තාත්ත නැති වෙලා අවුරුදු 19 ක්. කාලය ගිය ඉක්මන් නේද. ඔයාලගේ තාත්ත නැති වෙලා මාර්තු වලට අවුරුදු 9 ක්. අනික් බාප්පා නැති වෙලා ලබන මාසෙට 15 ට අවුරුදු 6 ක්. ආච්චි නැති උන දවසත් ලබන මාසේ 15. ඒ දෙන්නවම මතක් කරලා පිනක් කරන්න හොදේ. මම ඉන්න ලග තියෙනවා තායි පන්සලක්. මමත් මෙහෙ ඉදන් මට පුළුවන් දෙයක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ හමු වීමම කොමෙන්ට් එකේ ණය හිලාව්ව ගෙවෙන්න ලියපු පෝස්ට් එක වෙනුවෙන් හොඳටම ඇති නේද මාරයා

      Delete
  23. මේකටත් රිප්ලයි දෙන්න වෙන්නේ පෝස්ට් එකකින්...

    ReplyDelete
  24. බත්මුල් තුන තුන් දෙනෙකුට දෙන්නේ නැතුව එක්කෙනෙකුට දුන්නේ ඇයි කියලා මම දවසක් තිස්සේ හිතුවා... අද උදේ තමයි ක්ලික් උනේ...

    තාත්තාට නිවන් සුව පතමි...

    ReplyDelete
  25. කැලැන්ඩර් කොලේ ඉලක්කම් එහාට මෙහාට උනාට කමක් නැ මාරේ. යාලුවෙක් අමාරුවේ වැටුන වෙලාවේ උදව් කරපු එක නියම දවසට දානෙ දෙන එකට වඩා උතුම් කියල ජීවත් වෙලා හිටියනම් තාත්ත උනත් පිළිගනියි.

    ReplyDelete
  26. මාරයා දෙයියෙක්නේ..

    ReplyDelete
  27. උඹගේ පෝස්ට් එකෙන් වගේම තිස්ස අයියගේ පෝස්ට් එකෙනුත් හදවත බරවෙන ගතියකුත් ලොකු අඩුවකුත් හිතට දැනෙන්න ගත්තා ආපහු... :(
    වැඩිය දෙයක් කියන්න බැහැ, හිතන්න ගොඩක් දේවල් හිතට ආපු නිසා පොඩ්ඩක් තනිකම හොයාගෙන යන්න ඕනේ
    පියාණන්ට නිවන් සුව ලැබේවා.....!

    ReplyDelete
  28. දානයකදී දෙන දේට වඩා දෙන සිතුවිල්ල තමයි වැදගත් මගේ හිතේ.

    ReplyDelete
  29. මාරයා මහන වී සිට ඇති නිසා උඹට බණ කීමට අවශ්‍ය නැත. පියාණන්ට නිවන්සුව පතමි.

    ReplyDelete
  30. ඔබේ පියාණන්ට නිවන් සුව ලැබේවා.....!

    ReplyDelete
  31. මගේ කොමෙන්ට් එකත් පොතට දාගනින්....................................

    :( :( :(

    ReplyDelete
  32. කියෙව්වට මේ දවස්වල ලියන්න ඉස්පසුවක් නෑ.. හැමෝම වගේ මාත් එහෙමම ප්‍රාර්ථනා කරන්නම්
    !

    ReplyDelete
  33. මෙි පැත්තේ ඇවිත් ගියාට අද තමයි කොමෙන්ටුවක් දාන්නේ. ඒකට තරහා වෙන්න එපා. මාරයා අයියේ මොනවා උනත්, ඔයා ඉතා සංවෙිදිව ලියලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ හිතවත් ගුණේ අයියා වෙනුවෙන් ඔයා කරපු දේත් අගය කරනවා. ඒ අයියාගේ නෝනටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!!!

    ReplyDelete
  34. මහින්ද මාමාට බනින්න එපාය. මන්ද රනිල් අයියා ආවානම් සිදු වෙන විපතට වැඩ මේ දේවල් හොද නිසාය. ජාතියේ ආඩම්බරකාර තාත්තාට අපි නම් ආදරෙයි ය.

    ReplyDelete