09 March 2012

ආදරනීය මහින්ද අයියේ...

සමහරු කියන විදියට උඹ මගේ බ්ලොග් කටුව බලනවාය.ඒක එහෙමයැයි මටනං විස්වාස කොරන්නට බැරිය.ඒත් උඹ වැරදිලාවත් මේක බලනවානං කියා සිතා මෙසේ ලියමි.

අමුතුවෙන් කියන්ට ඕනෑ නැතිය..මේ බ්ලොග් අවකාසේ මගේ හෑල්ල කියවන උන් මං උඹට මනාප විත්තිය සහ සුද්දෙන්ම දන්නවාය.එයට කේන්ති ගත් උන් මට පළු යන්නට බනිනවාය.ඒත් කම් නැත.එවුන්ගෙන් වැඩි හරියක් බනින්නේ හිතේ ඇති කේන්තියට වගත් මං හොඳටම දන්නවාය.උන්ගේ කේන්ති යන්ට බොට බනින්ට බැරිනං මට හරි බැනලා හිත් සුද්ද කරගන්නවානං මං මනාපය.අනික් අතින් එහෙම බැන්නට මගේ ඇගේ පතේ වදින්නේ නැති නිසා මටද කාරියක් නැතුවාය..ඒත් මේක ලියන්ට හිතුනේ නොලියාම බැරි නිසාය.

අයියේ උඹ තෙල් ගණන් ඇරිය එක මේ මලයාටත් නොදැනුනා නොවේය..ඒත් එය ඉවසාදරාගත හැකිය.මං මගේ මහන්සියෙන් හම්බ කොරං කන එකාය.තව ඩිංගක් මහන්සි වෙලා කීයක් හරි වැඩිපුර හොයා ගත්තාම මට ඒ වැඩි උන වියදම හොයා සපයා ගැනීම ඒ හැටි දෙයක් නෙවෙය.මට එසේ වූවාට අනිත් උදවියට එහෙම යැයි සිතන්නට බැරිය.උන්ට ගෑණු දරුවෝ ඉන්නවාය.කන්න අදින්නට දෙන්න අය ඉන්නවාය.උන් ගෙවල් හදන්නට ඕනෑය.වාහන ගන්නට ඕනෑය.ඒ අතරේ කීයක් හරි ඉතිරි කරන්නට ඕනෑය.එහෙයින් රට්ටු අඩන එකේ වරදක් නැතිය.ඒ හින්දා ඒ ගැන හොයා බලන්නට ඇහැකිනං හොඳය...

හැබැයි අයියේ මේ බ්ලොග් අවකාසයේ මතේ බලලා උඹ ඕනෑවට වඩා බය වෙන්ටත් උවමනාවක් නැත.මේකත් අපේ කාලගුණ දෙපාර්තමෙන්තුව වගේය.කාලගුනේ කට්ටිය වහිනවා කිව්වනං එදාට කට්ටෙට පායනවාය..පායනවා යැයි කිව් දවසට කුඩයක් නැතිව එළීයට බැහීම පට්ට මෝඩ කමකි..ආන්න එකේම අනික මේකය... මෙතන මතේ උඹට බර වැඩි වෙච්ච දාට උඹ අම්බානකට බය වෙන්ට ඕනෑය..ඒ කියන්නේ සිංහල සයිබරය බොට පක්ෂ වූ දාට ගම් ගොඩවල්වල උන්ට උඹ තිත්ත කඳුරු ගානට වැටී ඇති බව හොඳින්ම දැන ගත යුතුය.ඒ හැර මේ සයිබරය දිහා බලා උඹ වෙන ආකාරයකට බයක් හැකක් ඇති කර ගන්ට ඕනෑ නැතිය.

මං දන්න මනුස්සයෙක් හිටියේය.උන්නැහේ නිතරම චන්දේ දුන්නේ හන්දියේ කඩේ චූටි මහත්තයා චන්දේ දෙන පැත්තට විරුද්ධවමය.එයට හේතුව ඇසූ විට උන්දෑ මට කිව්වේ..

"අනේ පොඩි එකෝ මුදලාලිට හොඳ ආණ්ඩුවක් ආවොත් එදාට එදා වේල හම්බ කරං කන අපි නට්ටං වෙනවා..මුදලාලි දෙන්නේ උන්දැට අපිව හූරං කන්ට පුළුවන් එවුන්ට මිස වෙන අයට නෙවෙයි..ඒ හින්දා වෙන මොනවා නැතත් චුටී මහත්තයා දෙන පැත්තට විරුද්ධ පැත්තට දුන්නම හොඳටම ඇතිය"

කියාය..ආ‍න්න ඒ තියරිය සිහියේ තබා ගත්තාට කමක් නැත.මං මුදලාලි කෙනෙක් නෙවෙය..අහක ඉදන් මෙතනට කඩං පාත් වෙච්ච ගං කබරයෙක්ය.එහෙයින් මගේ මතය සයිබරයේ ජනප්පිරිය මතය නොවේය. ඒ හින්දා ඒ මතයයි මගේ මතයයි දෙකක් වග සිහියේ තියා ගං...

ඉතිං අයියේ මං මේක ලියන්ට හිතුවේ වෙන කරණාවක් නිසා නොවේය..පොඩි කාරණාවක් මතක් කොරලා දෙන්ටය...අයියේ උඹ තෙල් ගණන් ඇරියම මං හිතුවේ මේ පැතිවල අනිත් හැම දේම හිටු කියලා ඉහල යයි කියාය..බස් ගාස්තුත් පාන් ගෙඩියත්..විදුලි බිලත් ඉහල ගියේය..එව්වා ටිකක් පහල දාන්ට පුළුවන්නං හොදය...ඒත් මේ කාරණාව ඊටත් වඩා වැදගත්ය..

අයියේ එලොළු හිටු ගාලා බහිනවාය...අනේ බුදු අයියේ පොඩ්ඩක් හොයලා බලලා ඒ ගැන යමක් කොරනවානං හොදය... ගිනි ගණන්වලට එලොලු කන්නට මෙන්ම ලාබෙටම එලොලු කන්නටත් මට බැරිය.ඒ මං ලාබෙට කෑවා වගේ නෙවෙ..එව්වා දුක් මහන්සියෙන් හිටෝලා අපට කන්ට ටික ‍සරි කොරලා දෙන ගොයි මහත්තුරු ගැන සිහිපත් වෙන නිසාය.

අයියේ මොන මගුලක් හරි කරලා මෙව්වටත් සාමාන්‍ය මිල පරාසයක් හදුන්වලා දෙන්ට කටයුත්තක් කලොත් හොදාය.නැත්තං අහිංසක ගොයියන්ට වහ කන්නට වෙනවාය..වැරදීමකින්වත් ඒකටනං ඉඩ තියන්ට හොද නැතිය.අයියට කලින් හිටිය චන්දිරිකා නෝනාට වස් වැදුනෙත් වී ගොයියෝ මැහි තෙල් බී කනේරු ඇට ගිල මිය යෑම මිස වෙනකක් නොවේ යැයි මට සිතේ... උපන් පොලවට ණය නැති ගොයියන්ට ගින්දරක් දෙන එක යුතු නැතිය.අතරමැදි මුදලාලිලා ටික ආණ්ඩු මට්ටු කොට ගොයියන්ට යන ගාත පිලිවෙලක් කොරන්ටත් අපිට සාධාරණ ගානකට එලෝලු ගන්ටත් තිබුනානං බොහොම හොදය.

ආයෙමත් කියන්නේ අයියේ ගොයි මහත්තුරුන්ට විපතක් වෙන්ට තියන්ට එපාය..වී ගොයියයි..එලෝලු ගොයියයි අනිකුත් බව බෝග වවන උනුයි දෑහ මෙන් බලා ගැනීම උඹේ වගකීමයි...මක් නිසාද කියනවනං අද උඹ ඔතන ඉන්නේ අන්න ඒ මිනිස්සුන්ගේ ආශීර්වාදයෙන් මිස මේ බ්ලොග් අවකාසයේ ආශීර්වාදයෙන් නොවන නිසාය..මේකේ ආශීර්වාද ලත් උන් කවදාවත් චන්දෙකින් දිනන්නේ නැත..ඒ හින්දා මෙතන ආශීර්වාද නැතිවාට කමක් නැත..අන්න ඒ මිහි පිට දෙවිවරු ටික බලා ගනින් මගේ අයියා... එහෙමනං මං මෙතනින් නවතින්නං ටිකක් හොයා බලා කටයුතු කොරහං උඹට සියළු දෙයි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි...

මට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්වහන්සේලාගේ පිහිට ආරස්සාවත් මදි වේය...

91 comments:

  1. මොන ගොයියෝ කොහොම උනත් පාං ගොයියෝ රුපියල් පහකට ඇර තිබිණ....

    අහනවානම් මෙන්න සෑර් කථාව... කොරනවානම් මෙන්න සෑර් වැඩ.....

    මෙච්චර හිත්මනාපකම් තියෙන එකා කී දේත් නාහනවානම් මහින්ද අයියේ අහවල් කෙංගෙඩියකටද බන් උඹ....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++මෙච්චර හිත්මනාපකම් තියෙන එකා කී දේත් නාහනවානම් +++++++++++++++++

      Delete
    2. මෙච්චර හිත්මනාපකම් තියෙන එකා කී දේත් නාහනවානම් බොට ඊලගට හොම්බෙන් තමා යන්න වෙන්නේ.

      Delete
    3. අහන නාහන එක නෙවෙයි වැඩේ..මේවා බලනවද කියන එකයි..:D

      Delete
    4. මාරයියාට ගැලපෙනම බඩුවක් හම්බ උනා. කැමති එකක් ගන්න පුළුවන්. හැක් හැක් හැක්
      http://bios.weddingbee.com/pics/134306/palmbags.jpg

      Delete
  2. අම්මට සිරි.... බඩුම තමයි..... මම එක බොල....... :D

    ReplyDelete
    Replies
    1. අභිත අයියාටත් ලෙඩේ හැදිලා..

      Delete
    2. අභීත එක තමා..:D

      දේවා මල්ලි ඕක ලෙඩක්නං ඒ ලෙඩේ තිබුනේ මේකේ නෙවෙයි මුලින්ම..ඒත් ඒක මෙතනට ආවම තමා සමහරුන්ට පොඩි මෙව්වා එකක් ආවේ ඒ ගැන...:D

      Delete
    3. පට්ට ඇත්ත... "එක" හැපනිං උනේ මේ බ්ලොග් එකේදි... ඒකේ දෙකක් නෑ.....

      Delete
    4. බ්ලොග් එකේ අයිතිකාරයට ප්‍රශ්නයක් නොවෙන ගොඩක් දේවල් අනික් අය ප්‍රශ්නයක් කරගන්නා අවස්තාවල් ගොඩක් මම මේ බ්ලොග් එක හරහා දකිනවා....

      Delete
  3. මහින්ද අයියා අපෙ වයසෙ ඉද්දි අපිවගෙ ඉන්න ඇති බන්.. මට තෙරෙන විදියට දැන් පොර කැමති වුණත් පොරට හෙල්ලෙන්න බැහැ.. බලය අතෙ තිබුනට නූල් ටික තැන් තැන් වල තියන්නෙ.. මහින්ද අයියාට මමත් ශප් එක.. එත් පොරගෙ කිසි අවංක ගතියක් මට පෙන්නෙ නැහැ නෙ.. එකයි සීන් එක... මෙක බලනවා නම් පොර.. කියහන්.. මමත් මතක් කරා කියලා.. සරත් අංකල්ට කරපු වැඩෙට මම කැමති නැහැ කියහන්.. මල්ලිට දෙකක් ඇනලා මල්ලිව හදාගත්ත නම් මම පොරගෙ පැත්තෙ කියහන්.. :D:D

    ReplyDelete
    Replies
    1. මමත් කලිං මහින්ද අයියාගේ පැත්තේ උන්නාට දැන්නම් පැත්ත පලාතවත් බලන්නේ නැත. බඩු මිල පැත්තකට දාමු. අඩුම ගානේ රටේ නීතියවත් හරියකට ක්‍රියාත්මක කරන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ? මැති ඇමතිලා ලෝකෙටම පේන්න හොර වැඩ කරනකොට පොලීසිය උන්ව ආරක්ෂා කරනවා. අර කිව්ව ආස්චර්යය මේකදැයි සිතා ගන්නට බැරිව මම මඤ්ඤං වී සිටිමි! :D

      Delete
    2. පොඩ්ඩක් හිටහං රවා..මුලින්ම මේක කියවනවද කියලා බලන්න එපෑ...

      පූසා කියන කතාව ඇත්ත... හැබැයි ඔය කිව්වට අපිත් කොච්චර නීති කඩනවද..?ලොකු උන් එහෙමයි..අපිත් මෙහෙමයි...හැබැයි අපි නිතරම ඇගිල්ල දික් කරන්න කැමතියි...

      Delete
    3. අපි ඉතින් වැඩිම උනොත් පාරේ යද්දී කරන වැරද්දක්නේ. කුඩු ගෙන්නන ඒවා මිනී මරණ වැඩ මිලියන ගණන් වලින් මාටියා ගහන ඒවා එක්ක බලද්දී අපි කරන වැරදි නිකන් පොඩි ළමයි කරන දඟ වැඩ වගේනේ ..

      Delete
  4. අර කීවාත් වාගේ උඹ අහක ඉඳන් මෙතනට කඩා පාත් වෙච්ච ගං කබරයෙක්ය. ඒ නිසා අපේ කොමෙන්ටු වලට අපටම උත්තර දීගන්නට සිදුව ඇත. අඩුම ගණනේ උත්තර දිය නොහැකි සාධාරණ හේතුවක් වත් අපට පෙනෙන්නට දැමිය යුතු බවට යෝජනා කරමි.

    ReplyDelete
    Replies
    1. යකෝ මට කියලත් එක වැඩක්ද..?:D

      Delete
  5. අනික ඊලඟට කීවාත් වාගේ ගොවි මහත්තුරු අපිට අමතක කිරීමට බෑය. උන්ටත් කාලා ඇඳලා ඉන්නට හැකි තත්තයක් තිබිය යුතුමය. අපිටත් එහෙම විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැම දේම බැලන්ස් කිරිල්ලනං ලේසි නැහැ..එහෙම වෙනවනං හොදයි..

      Delete
  6. එළවලු වලින් කරන්ට් එක නිපදවන්න පුලුවන් වුනොත් නියමයිය එතකොට බිල අඩු වෙන එක සිකුරුය එලවලු ගනන් වැඩිකරනවාට වඩා ඒ ක්‍රමය හොඳයිය....පාන් නැත්තම් කේක් කාපල්ලා යැයි ජනපති ආර්යාව නොපවසනු ඇතැයි විස්වාස කරමි....

    කමෝන් මාරයියේ එල ආ

    ReplyDelete
    Replies
    1. මට නං ඕක ප්‍රස්නයක් නොවේය. මොකද මට පාං තිත්තය. ජනපති ආර්යාව අරම කියනවානං මං හෙන කැමතිය.

      Delete
    2. එයිට නරකද එලොලු වලින් පාන් හදන්න කිව්වනං

      Delete
  7. මාමේ මං පොඩි එකෙක්ය.කොම්පීටරේ ඔන් කොරන් ඉද්දි අම්මා බනිනවාය 'යකෝ ඕක ඕෆ් කරපන් මෙහෙන් බිල නගිනවා ' කියලා
    අනේ මාමේ ලයිට් බිල අඩු කොරලා අම්මගේ බැනිල්ල නවත්පන්කෝ.එහෙම කරනවා නම් ඊලග මොන චන්දෙ ආවත් මගේ චන්දෙ නුබට
    මීට
    නිශාන් පුතා

    ReplyDelete
    Replies
    1. අයියා මේක බැළුවොත් කොමෙන්ට්ද කියවනවා ඇත.එහෙම උනොත් මේකටද මොනවා හරි කොරනවා ඇත.

      Delete
  8. ගෑස් සමාගම ඉල්ලපු පලියට ඒවා වැඩි කරන්න වෙනවනම්
    පිටි සමාගම් ඉල්ලුවාම ඒවත් වැඩි කරන්න වෙනවනම්
    ගැමුණු අයියා කියන කියන විදියට බස් ගාස්තුත් වැඩි කරන්න වෙනවනම්
    මහරජතුමාගේ විධායක බලතල කොයිබටද???
    -----------------------
    මේ වගේ එකක් බුකියේ දාලා තිබුනා සෝක් ප්‍රස්නේ...හැබැයි ඉතින් මාත් මහින්ද මාමාට මනාපයි මොන මගුල වුනත්

    ReplyDelete
  9. මාරය ගොය්යො ගැන කියනව දැකල මටත් පුල් ත්‍රිලක් ඇතිවුනා. මොකද මමත් එක් කාලයක පුල් ටයිම් ගොයියෙක් නිසා සහ දැනටත් පාට් ටයිම් ගොයියෙක් නිසා. ඒත් උඹේ මහින්ද අයිය අපේ තාත්තගෙ ගොවි විශ්‍රාම වැටුපට නං කෙලිය. දෙනව කිවුවට තාම දුන්නෙ නෑ. ඒ ගැනත් කියල බැලුවොත් හොදයි. එලවලු මිල ගැනනං කියන්න තියෙන්නෙ වෙනදත් මේ කාලෙට ටිකක් මිල අඩුයි. හැබැයි වවපු එලවලු විසිකරන්න උනේ නං නෑ. තෙල්වලින් එලවළු වලට වෙච්ච බලපෑම දැන්ම කියන්න බෑ. ඒකට එලවළු මිල සාමාන්‍ය තත්වයට එනකන් ඉන්න වෙනව.
    මොනව නැතත් රටේ තියන මහ පරිමාණ හොරකං ටික නැතිකරන්න පුළුවන් නං මමත් ඔබතුමාගෙ පැත්තෙ. දැනට එහෙම නොවන නිසා මට නිල් කොල රතු උඹල එකෙක්වත් ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. අවකාසේ ගොයි මහත්තුරුත් ඉන්නා බව දැන ගැනීමට හැකිවීම ගැන අපට හෙන සතුටුය. කියා තියෙන්නේ සහතික ඇත්තය. මටත් ඔය පාට පාට එවුන් එකෙක්වත් ඕනෑ නැත.

      Delete
    2. පාටෙන්නං මටත් වැඩක් නැත.ඒත් ලොකු අයියාට ලෙංගතුය.
      ගොයි විශ්‍රාම වැටුපේ අවුල ගැන ලිව්වද රාජ්..?

      Delete
  10. මේ ටිකේ අපි කළුවරේ ඉඳන් වෙජිටබල් සැලඩ් කනවාය. මාත් මතක් කොලා කියපන්ය.

    ReplyDelete
    Replies
    1. මාත් කරුවලේ ඉඳම් වෙජිටබල් කෝසස් කමින් බ්ලොග් බලනවාය . නැත්නම් ගෙදරින් බැනුම්ය .

      Delete
    2. අද දවසේ හොඳම කමෙන්ට් එකද මන්දා....:D

      Delete
    3. සැලඩ් විතරක්ම කන්න එපාය..සුප්ද හොදය..:D
      ඒ දෙකටම ලයිට් උවමනාම නැත...

      Delete
  11. මං මොනවද කියන්නේ???

    ReplyDelete
  12. අම්මට උඩු මහරාජානෙනි කියාගෙන හිටපු එකාට දැන් මහින්ද අය්යා වෙලා ..හොඳා හොඳා

    උබලගේ ගම් පලාත් ගැන නම් දන්නේ නෑ , හැබැයි අපේ ගම් පලාත්වල තත්වය හැටියට නම් මහින්ද අය්යට තිබුන භක්ති ආදරය දැන් නෑ ගොඩ දෙනෙක්ගෙ හිත්වල , දේශප්‍රේමෙන් වහගෙන ඉන්න හෙලුව ටික ටික පේන්න පටන් අරන් , හැබැයි අයිටීන් එකේ ගොම තරිප්පු කථා බලන ගැනු පරාන නම් පෙර පරිදිමයි . ඊලඟ වාසිය අලි පක්ෂෙ උන් කුලල් කා ගන්න නිසා මහින්දට විකල්පයක් මිනිස්සු නොදකින එක

    ReplyDelete
    Replies
    1. //ඊලඟ වාසිය අලි පක්ෂෙ උන් කුලල් කා ගන්න නිසා මහින්දට විකල්පයක් මිනිස්සු නොදකින එක//
      හ්ම්ම්...ලොකුම ප්‍රශ්නේ...

      Delete
    2. ඒක ඇත්ත අලියො කෙලින්නෙ පිස්සුනෙ...

      Delete
    3. හපොයි රජ පට්ටං දුන්නේ මං නොවේය.අයියා පට්ටම මගෙනි.එය තවමත් සුරක්ෂිතය...

      අලි පක්සේ කුලල් කා ගත්තාට අවුලක් නැත උන්දලාට සයිබරයේ රජවිය හැක.ඒ පට්ටංද සුරක්ෂිතය...

      Delete
  13. හිටපන් මාරයියේ තාම කලගුණ සලකන්න පටන්ගත්ත විතරයි....

    ReplyDelete
    Replies
    1. අනික් අය ආවානං කන්න වෙන කෑම දන්නා නිසා මේ හොදාය...:D

      Delete
  14. මාමේ මට දිනන මැච් බලන්ට ඕනෑය. ඒක හින්දා මාමාවත් ඇමතිගොල්ලවත් ෆයිනල් බලන්ට පිට්ටනියට යන්ට එපාය. ගෙදර ඉඳන් ටීවි එකෙන් බලලා දින්නට පස්සේ ටීම් එකම ගෙන්නවාගෙන පාටියක් දැම්මොත් හොඳය. එතකොට අම්මිටත් සතුටුය. බන්ඩියටත් සතුටුය.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒ කතාවටනං මාත් ලැයික්ය.

      Delete
    2. අම්මප කිරිපුතා ! උන්දැලා සීරීස් එක නොබලා ෆයිනල් වලට විතරක් වැඩියාට වැඩක් නැතිය. උන් මැච් නොබලාම ඉන්නේ නම් මං ගොඩාක්ම ලැයික් ය !!!

      Delete
  15. අපි වවමු... අපිම කමු !

    ReplyDelete
    Replies
    1. වවන්නම ඕන නැහැ බං..අහල පහල ගස් හූරමු..අපි කමු...:D:D:D

      Delete
  16. මාරයා අයියේ ... මහින්ද අයියාට මිනිසුන් අමනාප වී ඇත්තේ තෙල් ගණන් ගිය නිසාවත් , එලොලු මිල අඩුවී
    ගොවියන් ඒවායින් පුට්බෝල් ගැසීමට පටන් ගත් නිසාවත් දේශපාලන පලිගැනීම් නිසාවත් නොවේ. රටට
    යම්කිසි ඵලදායි දියුණුවක් වන බව පෙනේනම් ඒ සියල්ල ඉවසා සිටීමට තරම් බොහෝ මිනිසුන් බුද්ධිමත්ය...

    බලයත් තිබී , හැකියාවත් තිබී , මිනිසුන්ගේ කැමැත්තත් සහයෝගයත් තිබියදී , අම්බරුවන් 225 (හැබැයි ඉතින් අමතක කරන්න හොඳ නැහැ ඒ අම්බරුවෝ යැව්වේ අපිම කියල ) ක් වටේ තියාගෙන ඇස් කන් වහගෙන උඹල ඕනදෙයක් කරගනිල්ල මට මොකෝ වගේ ඉන්න එකට තමයි මිනිස්සුන්ට තද වෙලා ඉන්නේ. අපරාදේ රටේ ඇත්තටම පැහැදිලි පරිවර්තනයක් (ආර්ථික හා සමාජීය පැත්තෙන් ) යුද්දෙන් පස්සේ කරන්න තිබිච්ච අවස්ථාව මහින්ද අයිය නැති කර ගත්ත .... දැන් නම් ඉතින් පිරිහිමම (මහින්ද අයියටත් , රටත් ) තමයි ඉතින් ....

    ReplyDelete
    Replies
    1. තද වෙන මිනිස්සුන්ට කවදත් තද වී සිටිති.කාලෙකට වේදිකාව සකස් වී නැති විට උන් ඒ තදය නොපෙන්නා සැගවී සිටිති.ඉඩ ලැබුනු ගමන් පැන තදය පෙන්වති. එහෙත් තවමත් එසේ තද නොවන අය ඕනෑ තරම් ඇත.මක් නිසාද යත් කියනා තරම්ම කරන්නට ලේසි නැති බව හොදින්ම දන්නා නිසාය.
      ඇද කෙලින් කරන්නට කොනක සිට පටන් ගැනීම කල හැකි මුත් එසේ ඇදේ ඇරෙන්න ගත්ත විට කට්ටිය ඇදේ අරින්න අරින එකාට එකෙන්ම අරිනා විට අද තදේ පෙන්න අයත් අරින උන්ට හුරේ දමනා නිසාය.වරද වරදමය..එහෙත් එය හදන්නට අත තබනා එක හිමිහිට මිස එක් වරම කල නොකිය...එසේ කිරීම සියතින් බෙල්ල කපා ගැනීමකි.තද වී සිටින බව පෙන්වන අයට උවමනාද එයමය..තද නොවනා අය තේරුම් ගෙන සිටින්නේද එයමය...

      Delete
    2. අනේ යකෝ මාරයෝ ..කරන්න ඕනි නම් , ඔය විධායක බලය තියාගෙන කරන්න බැරි එකක් නෑ . කොනක ඉඳන් හෙමීට ඇද අරින්න ගත්ත උත්සාහයක්වත් කියහන් මේ දෙවෙනි පාර පත්වුනාට පස්සේ . අඩුම තරමේ රටටම පේන්න ගඳගස්වන කැලණියේ බල්ලාටවත් කරපු දෙයක් තියනවද ? මහ දවල් පාර මැද මිනිමරපු උන්ට ආයෙමත් පාර්ලිමෙන්තුව හරහා නිවාඩු දුන්නේ මොකටද ? අධිකරණයෙන් වරද කාරයො කරපු උන්ට ජනාධිපති සමාව දුන්නේ ඇයි ? හෙජින් ,බාල තෙල් වංචා කරපු උන්ට දීපු දඬුවම මොනවද ?

      ශ්‍රි ලංකන් එකත් පාඩුවට යත්දි මිහින් ලංකා එකෙන් තවත් මිලියන දහස් ගණන් නැති කරන්නේ උඹ හම්බ කරපු සල්ලිද ? චිනුන්ගේ ණයට අරන් හදපු නොරොච්චොලේ හදපු දවසේ ඉඳන් කැඩිලා ඇයි ?

      තියන ණය මදිවට චිනෙන් ණයට අරන් කුලුණු හදන්නේ , ලංකාට තියන එකම අඩුව කුලුණුද?

      දවසට නැව් හාරසිය ගණන් එනව කිව්ව හම්බන්තොට වරායට අඩුම ගානේ වානිජ නැව් 40ක් වත් ආවද ?

      එක පැත්තකින් ආර්ථික වර්ධනය වෙනවා අර්බුධයක් නැහැ කියන ගමන් , පොලි අනුපාත වැඩි කරන්නේ , රාජ්‍ය ආයතන වල සියලුම වැය ශීරිෂ වලින් මුද්ල් ඉතෘ කරන කියන්නෙ ,සහනාධාර කප්පාදු කරන්නේ කබ් රාල් කාරයගේ ආතල් ගන්නද

      උඹට ඕනි විදිහකට කඩේ පලයන් ඒත් , එක පාරටම කරන්න බෑ , කොනක ඉඳන් කරන්න ඕනි වගේ මෝඩ පාට් දානකොට මොකුත් නොලියා බලා ඉන්නත් බෑ

      Delete
    3. මොකුත් නොලියා ඉන්න එපාය...අර පලවෙනියට දැම්ම එක වගේ ලාවට ලියන්නත් එපාය..මෙන්න මෙහෙමම ලියන්න ඕනය...මෙහෙම එව්වා අහන්න බලං ලිව්වාම අතගාලා ගියාම නිකං කෑවේ නැහැ නැහැ වගේය...
      මෝඩයා මෝඩ පාට් නොදා වෙන මොනවා දාන්නද..:D

      Delete
    4. මාරයා අයිය වටෙන් ගොඩෙන් කියන්න හදන දේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුව. ඇත්ත පත්වෙලා තියෙන ජරාජීර්ණ තත්වේ හැටියට ලේසි පුතෙකුට නම් දැන් ඇද අරින්න අමාරුයි. එක තැනක් අරිනකොට තව හතර පස් පලකින් වක් වෙනවා...
      අනේ මන්ද .. සක්කරයා ආවත් බැරිවෙයි වගේ
      නමුත් , මේ කාලේ තද වෙලා කෑ ගහන මිනිස්සු ගැන අයියගේ විග්‍රහයේ අඩුපාඩු මට නම් පෙනේ. මෙහෙමයි ඒක ....
      අර කොහෙන් කැපුවත් කොළ , රතු කට්ටිය හා ඩොලර් වලට කෑ ගහන කට්ටිය මේ දවස්වල වැඩිය කෑ ගහන්නේ නෑ. චන්දයක් පේන මානෙක නැතුව ඒ ගොල්ලන්ට කෑ ගහන්න ඕන කමක් නැහැ. අවස්ථා වාදියෝනේ . අනිත් එක ඒ වගේ කට්ටිය ඔක්කොම එකතු වෙලා ලංකාව පෙරලන්න ලතෝනි දීලත් පහුගිය ජනාධිපතිවරණෙ දිනුවේ නැහැ නේ. එක ඒ අය දන්නවා. ඒක හින්ද බොරුවට කෑ ගහන්න යන්නේ නෑ මේ දවස්වල. ඔය ප්‍රව්ර්ති සාකච්චාවක් තියල පොඩි සද්දයක් දානවා විතරයි. මේ කාලේ ඇත්තටම තද වෙලා කෑ ගහන්නේ ඇත්තටම මහින්ද අයියට බොක්කෙන් සපෝට් කල , ජනාදිපතිවරනේදී උන්නැහේට සබැ වෙනසක් බලාපොරොත්තුවෙන් චන්දෙ දීපු
      රටට ආදරේ කරන අය. කැපුවහම එක එක පාට නැති (රතු ලේ පාට ඇරෙන්න ) මධ්‍යස්ත කට්ටිය.

      වෙනස තියෙන්නේ මේකයි ... එක එක දේශපාලන බලාපොරොත්තු , ඩොලර් බලාපොරෝතුවෙන් , වාසි බලාගෙන ආණ්ඩු පෙරලන්න බලන් ඉන්න අය මොන විදියට කෑ ගැහුවත් මද්‍යස්ථ කට්ටිය ගේ සපෝට් එක තියෙනවා නම් උඩින්ම දිනන බව පහුගිය ජනාධිපතිවරණෙන් පෙනුනනේ. හැබැයි ඉතිහාසේ පෙන්නන විදියටනම් (77) මේ මධ්‍යස්ත කට්ටියගේ විලාප නැසූ කන්ව සිටි ආණ්ඩු වලටනම් ගෙදර යන්න උනේ රෙදිත් නැතුව පස්ස දොරින්.
      ඕන් ඕකයි මට පේන විදිය ....

      Delete
  17. උඹ කාල ඇඳල ඉඳපන් අයියෙ නිකං ලියුං ලියල නම කැත කරගන්නෙ නැතුව... :)

    ReplyDelete
    Replies
    1. ආයේ කැත වෙන්න දෙයක් නැතිය... නමේ ලස්සනෙන් ඇති වැඩක්ද නැතිය...

      Delete
    2. මේකනෙ බන් අයියෙ, උඹ තැනක කියල තිබුන වගේ මාසෙට තව එක කේන්දරයක් වැඩිපුර බලයි... මාත් මම වෙනද කරපුවට වඩා ටිකක් වැඩිපුර වැඩ කරල ‍ජාමෙ බේරගනී... එත් ඉතිං මෙව්ව ලියල මොකටද බන් අපි කාගෙවත් ලේ පුච්චන එක හරි අපේ ලේ ටික පුච්චගන්න එක හරි කරන්නෙ...

      දුමී අයිය කියන විදිහට ජොලියට කතාවක් ලියන් ඉමු බන් අයියෙ... නිකං මොකටද අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන්නෙ?...
      (*අන්න ලියුමට උත්තරයක් ඇවිත්...)

      Delete
  18. මම ඊලග චන්දේ නම් මහින්ද අයියට දෙන්නේ නෑ ලංකාවේ හිටියොත්, රනිල් අංකල්ට දෙන්න හිතුවත් ඒකත් හරි යන වැඩක් නෙමේ වගේ මට දැනෙනවා,,,ඔන්න ඔහේ කාටවත් දෙන්නේ නෑ කියන්ට

    ReplyDelete
    Replies
    1. // මහින්ද අයියට//

      //රනිල් අංකල්ට//

      මහින්ද අය්යා , රනිල් අන්කල්ට වඩා වැඩිමල් හැබැයි (අවුරුදු 4කින්)

      එකම වෙනස මහින්ද අය්යා කොන්ඩෙයි රැවුලයි ඩයි කරගෙන අය්යා පාට් එක දාගෙන ඉන්නවා , රනිල් අන්කල් සුදු කොන්ඩේ එහෙමම තියෙන්න ඇරලා අන්කල් පාට් එකෙන් ඉන්නවා

      Delete
    2. අඩෝ ඩිලා..අංකල් අංකල් ගාන්න එපා..දැනට‍ අවුරුදු හත අටකට කලින් අපිට බ්‍රේස්ලට් දෙන්න හැදුව අයියට...

      Delete
    3. හික්ස් රනිල් අංකල් කොන්ඩේ ඩයි නොකිරීම සහ පේශල් නොකිරීම හින්දා එයැයි නිකන්ම අංකල් උනා ඒක කරන්න දෙයක් නෑ බුවා......

      මාරයියේ ඒ කාලේ මම රනිල්ට කැමැත්තෙන් හිටියා එතකොට මට චන්දෙවත් නෑ.මම මේ දක්වා ලකුනු කරලා තියෙන්නේ එක ජන්දයයි,ඒක මම දුන්නේ බුලත් කොලේට

      Delete
  19. ඇත්ත.. ගොවියෝ ටික ආරක්ශා උනොත් තමයි අනිත් හැම දෙයක්ම කර ගන්න පුළුවන් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඕනෑම නායකයකු විසින් පලමුව ගොවියා රැක ගතු යුතුමය...අනිත් උන් ඉන්නේ එයට දසමයක් හෝ මෙහායිනි.

      Delete
  20. මට පේන හැටිම්යටනම් මාරයාට ඉන්ටර්නැෂන්ල් එන්.ජී.යෝ එකක් සල්ලි දීලාය.....! ඌ මහින්දට පේන්න අල්ලපු කඩේට යන්නෙ ඒ නිසාය.....! අනික මෙච්චර බඩු වැඩි වෙලා තියෙන මේ වෙලේ, වට්ටක්කයි බතුයි කාලා ඉන්න සාම්නාය්‍ය ජහමනයා ගැන නොසිතා, එලෝලුත් වැඩි කරන්න යැයි ඉල්ලන්නේ මුන්දෑ හට මුං කැවිලාදැයි සිතේය....!

    ReplyDelete
    Replies
    1. මේ..................මූ නේද බං අර යලටයි මහටයි පෝස්ට් දාන ගොයියා?

      Delete
    2. දූමී අයියේ.. සද්දේ වහලා හිටුය..අපිත් කීයක් හරි හොයා ගන්ට ඕනෑය...

      Delete
  21. මේ ලියුං බලන්න ඒ අයියට වෙලාවක් නෑ අප්පා දැං....ඉස්සර නං එහෙම නෑ...

    ReplyDelete
    Replies
    1. කියෙව්වා නැතෑ අමනාපයක් නැතුවාය...

      Delete
  22. හරිම කාලෝචිත ලියමනක්ය... මහින්ද 'අයියා' නිසා මේ කියන කාරණා කාරණ නොසලකාහරින එකක් නැත! මාරයා වැනි පාක්ෂිකයෙක් කියන දෑ වත් නොසලකා හරින්නේනම් 'අයියා' ජනතා නායකයෙක් වන්නට හැකියාවක් නැත...

    හැබැයි මාරයාට සුළු සුළු දේවල් ටිකක් අමතක වී තිබේය. ඒවා සුළු කාරණා නිසා එච්චර ගණන් ගන්න වටින්නේත් නැත... 'අයියා'ගේ චූටි මල්ලීගේ චූටි අත්වැ‍රැද්දකින් හලාවත කොල්ලෙක් සුරලොව ගියේය! මීට කලින් ක‍ටුනායක ද ඒ වැනිම චූටි අත්වැ‍රැද්දක් සිදුවිය!! 'අයියා' ගේ උපදේශකට වෙඩිතබා මැරූ කුඩු දුමියා, මේ චූටි මල්ලි විසින් රට යැව්වේය... ඒ මදිවාට 'අයියා'ගේ ලොකු අයියා ඊයේ ඌට තව මාස 3 කට නිවාඩුද දී තිබේය!!!

    මේවා 'අයියා' දන්නවා වන්නට බැරිය... අයියා ඇල්වතුරත් බොන්නේ නිවලා නිසාය! දන්නවානම් මේවා මෙහෙම වෙන්නේ නැත. කෙසේ වෙතත් මාරයා මේවා දන්නා නිසා 'අයියා'ට කියා යවන්නට යුතුකමක් තිබුනේය... මොකද චන්ද්‍රිකා නෝනාට කලින් හිටපු ඇත්තොන්ගෙන්ද ඉගෙනගන්නට දේවල් ඇති නිසාය!

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වොත් ඊ ලගට ඒවාද කියන්නම්ය...

      Delete
  23. අපි පතෝල හොදියි බතුයි කන එකත් නැති කරන්ඩයි මේකා යන්නෙ..

    මහින්ද මාමගෙ ගොවි සහන ගැන නම් මගෙ බ්ලොගියෙත් කිව්වා..

    ReplyDelete
    Replies
    1. ෂැහ්..පතෝල හොඳ නැතිය..ඇල්වතුර කිසිම අගුනයක් නැත...

      Delete
  24. මහින්ද මාමාට එලෝලුවත්, වී වත් වැඩක් නැත. එතුමාට වැදගත් වන්නේ එතුමාගේ සාටකයට පාට දුන් කුරහන්ය.
    ඇත්තටම දැක් කුරක්කන් කිලෝ එකක් කීයක් විතර වෙනවද කියා කවුරුන් හෝ සඳහන් කරන්න.

    ReplyDelete
    Replies
    1. හුටාය..ඒවා දන්නේ නැතිය...

      Delete
  25. ආදරණීය මහින්ද අයියේ . . .
    මම නම් කියන්නේ පැස්ටෝල් මිල අඩුම සුපියල් පන්සීයක් කරන්න ඕනෑ කියායි - එතකොට අපි පයින් යන්න පටන් ගන්නවාය . . . එහෙම කොලාම අපිට කොකා පෙන්න්න උන්ට උන්ගේ තෙල් විකුනා ගන්න බැරුව ඒවා බීලා මැරෙන්න හිතේය . . .

    අනෙක් අතට වැඩි කොරපු මිලටත් අපේ මාරයා වගේ තුන්වෙනි පංතියේ අයටත් (මාරයා තුමා ම කියන හැටියට) තෙල් ගන්න ඇහැක් කියලා කියා ඇතිකොට වැඩිපුර ඉන්න දෙවෙනි පන්තියට බැරි කොමක් කොහෙත්ම තියෙන්න බැරිය . . .

    ඒ නිසා තව සුපියල් සීයකින් විතර ඩිංගිත්තක් වැඩි කලාට කමක් නැතිය . . එහෙම කොල්ලා හම්බුවෙන සල්ලි වලින් අපි කොළඹ ඇස්ටින් මාටින් කාර් රේස් තියමු හොඳේ . .

    කාන්තාර රටක හරි ඉන්න උන්ට පාරවල් අතුගාලා හරි උන්ගේ පවුල් වලට තුන් වෙලම නැතත් එකක් හරි බඩට යමක් ඔබ්බවන්න ඇහැක් නිසා ආදරනීය අයියාට පුක උඩ දාගෙන කතිරේ ගහලා මදිවට ඕන නම් අයියාම වැඩි කරමු මිලට තියෙන තෙල් ටිකකුත් ගාලා කැමැති දෙයක් කොරන්නයි කියලා රෙද්ද උස්සන ජනතාව දැක්කාම කාලකන්නි සතුටක් එන නිසා අපිට ඒ සතුට දිගටම විඳින්න අර මං කිව්වහේ තව ඩිංගිත්තක් තෙල් මිල වැඩි කරන්න කියා ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතිය . . .

    මෙයට කාලයක් අයියා වෙනුවෙන් ඉන්දියන් හා වෙන ජාතීන් එක්ක මරා ගන්න ගිය යුද්දෙන් පස්සේ මැරවින් මල්ලීව එලෙව්වේ නැති තරහටත් මහජන මුදල් වලින් පුක් බෝල් ගහන තරහටත් අයියා එක්ක තරහින් ඉන්න දුකා . .

    හික්ස්

    ReplyDelete
    Replies
    1. මහින්ද අයියේ,
      මෙන්න මේ දුකා කියන දේත් සලකා බැළුවනං හොඳය.මේකා අයියා වෙනුවෙන් සෑහෙන්න මරාගෙන ඇති බවක් කියනවාය.හැබැයි ඒ ඉන්දියන් කාරයින් සමඟය.කරුමෙට අපි ඒවා දැක්කේ නැතිය.මාත් මේකා ගැන හිතං හිටියේ වැරදියටය...උඹත් අයියේ මේකා ගැන වැරදයට හිතන්නට එපාය.අපිත් එක්ක උඹට විරුද්ධව මරාගන්ට ආවාට මේකා අන්තර්ජාතික වශයෙන් උඹට සපෝට් කර ඇති වග කියා තිබෙන නිසා මූට සැලකිය යුතුමය...ඒ හින්දා ඔය කියනා ඒවාත් කොලාට කම් නැත.අයියේ කාලගුනෙත් අමතක කොරන්ට එපාය..
      මීට නැවතත් මාරයා මල්ලි...

      :D

      Delete
    2. සිරි දේසේ ඉඳගෙන බෑන් කීන් මූන් ගේ, ඔබාමාගේ පඹයෝ පුච්චන හිංගලෙන් ඇමෙරිකාවට බනින මාරයා මල්ලිලාගේ තුන්වෙනි පන්තියේ ආතල් එක වෙනුවෙන් අර පැස්ටෝල් එහෙම තව ගාන වැඩි කරලා අපිට කාලකන්නි සතුටක් ලබන්න ඉක්මනට ඉඩ ලබා දෙන්න කියන එක මතක් කොල්ලා කියලා යවපන් ඈ . . හික්ස්

      Delete
  26. පළමු වතාවට අද තමයි මෙහේ ආවේ.මක්ක කියන්නද මන්දා.අපේ අහ පහුකරගෙන අයියා උඩින් යනවා බලං වට්ටක්කා ඇට හප හපා අපි ඔහේ ඉන්නවා.මේ රට අපිටත් අයිතිද මන්දා? අපි මේ රටේ ද මන්දා?

    ReplyDelete
  27. පළමු වතාවට අද තමයි මෙහේ ආවේ.මක්ක කියන්නද මන්දා.අපේ අහ පහුකරගෙන අයියා උඩින් යනවා බලං වට්ටක්කා ඇට හප හපා අපි ඔහේ ඉන්නවා.මේ රට අපිටත් අයිතිද මන්දා? අපි මේ රටේ ද මන්දා?

    ReplyDelete
  28. පෝස්ට් එක, ඇති දැනට වැටී කොමෙන්ට් සහ පිළිතුරු සියල්ල කියවන ලදී.

    ReplyDelete
  29. හ අපි ඉදිරියෙදී බලමු අය්යා මෙක බැලුවද කියලා

    ReplyDelete
  30. අයිය කියෝල ඕයි. . . අන්න අරහෙ උත්තරත් ලියල

    ReplyDelete
  31. අයියෝ මහින මේ ක බලයිද?

    ReplyDelete
  32. කතාව සෙටිෆිකෙට් ඇත්තය. ....යන විදිහට ගියොත් මටත් දවසක හොම්බෙන් යන්නට සිදුවෙනවාය.

    ReplyDelete
  33. අනේ මහින්ද මාමේ ඔය ඔක්කොටම කුද ගහ ගන්න කියල ඔයා හම්බන්තොට මූද අයිනෙන් ඕකිඩ් වගාවක් පටන් ගන්නකෝ..........

    ReplyDelete
  34. සතියක් පාසා ජනාධිපති සම්බන්ධව පළවෙන සියලුම ලිපි හොයලා කියවන්න නිලධාරියෙක් පත් කරලා තියෙනවා කියලා කවුරු හරි දවසක් කිව්වා වගේ මතකයි.

    එහෙම නම් මේ වෙද්දී මහින්ද "අයියා" මේ ලිපිය වගේම කමෙන්ට්ස් ටිකත් කියවලා ඇති :)

    ReplyDelete