15 March 2012

කුස පබා ගැන මගේ විචාරය...

ඔන්න ඉතිං මට ඊයේ හරි වැඩේ උනේ...

දවල් හිටි හැටියේ වතුර කැපුවා නෙව මේ පැත්තේ... ඒ හින්දා උයන එකත් කොට උඩ..ඒ පාර දවල්ට කඩේකින් කෑම එකක් කන්න ගියා..ඒක කාලා එනකොට අසූ හාර දහට දාඩිය දාලා..දැන් ඉතිං ඇග නාගන්නවත් විදියක් නැහැ..ඇගේ දාඩිය පිටින් නින්දක් දාන්නත් බැහැ... ඉතිං මං තීරණය කලා චිත්තර පටියක් බලන්න යන්න... එහෙං මෙහෙං හොයලා බැළුවා..මට කිට්ටුව පාතම තියෙන හෝල් එක තමා ඉතිං වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාව..කොහොම හරි ඕකේ පෙන්නන්නේ මොකක්ද කියලා හිතලා අන්තර් ජාලයේ කරක් ගැහුවට මොකද කියන්න සංතෝසයි හරි හමන් එක සයිට් එකක් නැහැ විස්තරයක් දැන ගන්න..කොටින්ම කිව්වොත් චිත්තරපටි සංස්ථාවේ වෙබ් එකත් නමට විතරයි ඒකේ මෙලෝ මල දානයක් නැහැ..ඒක වැඩ කරන්නෙත් නැහැ..

ඉතිං අන්තිමට අපේ ‍බ්ලොග් සගයෙක් වෙච්ච රුචා මල්ලිගේ උපදෙස් මත පත්තරේකින් බලන්න කියලා හිතුවට අද ඊයේ ගෙනාපු පත්තරත් ගෙදර නැහැ.. ඒ පාර පට්ට පරණ ලංකාදීපයක් හොයා ගත්තම එකේ තිබුනා සීගිරි සිනමා ශාලාවේ ටැලිපෝං අංකේ... ඒ පාර කතා කලා ඒකට..හරි ඒක වැඩ...

"මොනවද අද පෙන්නන්නේ...?"

"කුස පබා.."

"කීයටද තියෙන්නේ..?"

"දෙකයි තිහට.."

"ටිකට්වල ගණන් කොහොමද..?"

"යට 125 යි උඩ 175යි.."

හරි ඒ ටිකත් හරි..ඔන්න මං දඩි බිඩි ගාලා ගියා..බත් කාලා ආපහු හැරුණ අතට ආයේ මොනවත් කන්න බැරි උනත් යමින් ගමන නිට්ටඹුවෙන් රුපියල් පණහක රට කජුත් අරං ගියා...

යනකොට බල්ලෙක්වත් එළීයේ නැහැ...මං ඉතිං රුපියල් 10ක් ගෙවලා බයිසිකලෙත් පාක් එකට දාලා ඇතුලට කඩාගෙන ගියා... ඇද්දා පන්සීයේ කොලයක්..

"දෙන්න බැල්කනි ටිකට් එකක්.."

කවුන්ටරේ හිටිය හිච්චි කොලුවා දුන්නා ටිකට් එකක්..ඉතිරි තුන්සීයකුත් එක්ක..ඇහ්..

"මල්ලි කීයද බැල්කනි...?"

"දෙසීයයි"

ඔව් මේකේ ගහලත් තියෙනවා 200යි කියලා..මං හිතන්නේ මම ගෙදර ඉඳන් මෙතනට එන ටිකට සිනමා ගාස්තු වැඩි වෙලා..හා ඒකත් කමක් නැහැ කියමුකෝ..මං ගියා උඩට..අතර මගදී පොරක් මගෙන් ටිකට් එක ඉල්ලගෙන ඒකෙන් කෑල්ලකුත් ඉරා ගත්තා... ඉතිං මං ගිහින් කොහොම හරි දොරත් ඇරගෙන ඇතුලට ගියා..

බුදු අම්මේ පට්ට කරුවල..ඒ මදිවට ක‍ට හඩවලුත් ඇහෙනවා බර ගානක්..මං එක පාරට අන්ධකාරෙට ගිය හින්දා මට මොන මල දානයක්වත් පේන්නේ නැති උනාට මෙච්චර වෙලා කරුවලේ හිටිය උන්ගේ ඇස් දැන් අඳුරට හුරු වෙලා ඇති හින්දා උන්ට මාව පේනවා ඇති එකසිය ගානට කියලා හිතලා..මාත් අයියා වගේ හිමි හිමිං ඉස්සරහට ගියා...පුටු අතපත ගාන්න යන්නත් බැහැ කලුවරේ මොනවා අහු වෙයිද කියලා කවුද දන්නේ..ඒත් මං දන්නවා බැල්කනියේ ඉස්සරහට වෙන්න කවුරුවත් වැඩිය නැහැ කියලා..හැම එකාම ඔකේ පිටිපස්සට රිංගන එකනේ වැඩේ... ඉතිං මං ඉස්සරහටම ගිහින් සැකෙන් සැකෙන් වගේ දකුණු පැත්තේ සීට් එහෙක වාඩි උනා ඕන මගුලක් ඕන ඔඩොක්කුවක් කියලා..

හරි අවුලක් නැහැ මං වාඩි උන තැන කවුරුවත්ම නැහැ..ඉතිං අතේ තිබුන හෙල්මට් එකත් හිමිහිට අනිත් සීට් එකෙන් තිබ්බා..ඒකත් හරි ඒකෙත් මොකෙක්වත් නැහැ...ඔය ටික කලේම එස් අකුර තොල් දෙකේ හිර කරගෙන..ඒ කිව්වේ සොරි කියන්න බලාගෙන...කවුද දන්නේ එකපාරට අනිත් පැත්තේ කවුරු ඉඳිද කියලා..නිකමටවත් නොදකින් කුපාඩියා..අවලමා වනචරයා වගේ වචන ඇහුනොත් එහෙම.. ඉතිං කොහොම හරි මං ඔන්න දැන් සිනමා ශාලාවේ හරි බරි ගැහිලා වාඩි උනා..එහෙම වාඩි වෙලා චිත්තරපටිය බැළුවා..ඒත් හත් ඉලව්වේ මෙතනත් පට්ට රස්නෙයි..නිකමටවත් ෆෑන් එකක් කැගෙන හඩක්වත් නැහැ..ඒත් ඉතිංමොනවා කරන්නද දුක සේ අදුරෙම චිත්තර පටිය බලන්න ගත්තා..කොහොම කොහොම හරි පලවෙනි හමාර ඉවර වෙලා ඉන්ටවල් එකත් ආවා කියමුකෝ..ඔන්න එක පාරට හතර අතින් ලයිට් පත්තු උනා..හත් ඉලව්වේ කෝ මේ කන ගාව කතා කරනවා වගේ සද්ද ඇහුන සෙනග..?

බලු බල්ලෙක් පේන්න නැහැ..ඔළුව හැම තැනම කරකවගෙන යනකොට මෙන්න මගේ පිටි පස්සේ ඈත කෙලව‍රේ එකම එක ජෝඩුවක් ඉන්නවා බිරංතට්ටු වෙලා...උන් ඉන්න තැන එක ෆෑන් එකක් වැඩ..උන් හිටිය පැත්තට විරුද්ධ පැත්තෙත් එකක් ඔහේ කැරකෙනවා.. ඒ පාර මං ඒ ෆෑන් එක යටට ගිහින් හෙල්මට් එක එහෙම තියලා ගියා වතුර බෝතලයක් ගේන්න එළියට...

උඩ තට්ටුවේ පොඩි ආපනශාලාවක් තිබුනට ඒකේ කවුරුවත්ම නැහැ...ඉතිං මං පහලට බැස්සා..ඒ බහිනකොට වයසක මනුස්සයෙක් ඉදලා කැන්ටිමට යන්නනං මේක මැද්දෙන් යන්න කියලා..ඉතිං මං හෝල් එක මැද්දෙන් අනිත් පැත්තට මාරු උනා..අප්පේ මෙන්න එතනනං සෙනග ඉන්නවා..ඔඩීසී එකේ කට කපලා සෙනග... සෙනග කිව්වට ඉස්කෝල ළමයි යුනිෆෝම් වලින්ම අවිත් බර ගානක්.. තව ඉතිං එක එක ජාතියේ අය..ඔඩීසී එක ඇර දෙවෙනි පංතිය පලවෙනි පන්තියේ එහෙමනං මැස්සෙක්වත් නැහැ..ඉතිං මං ගිහින් වතුර බෝතලයකුත් ඇන්න ඇවිත් තව වෙලා තියෙන හින්දා මගේ යාළුවෙකුටත් කෝල් එකක් එහෙම අරං ආයේ බැල් ගහන හඩ ඇහිලා දිව්වා ඇතුලට..කොහොම හරි එතැන හිටන්නං දාඩිය නොදා චිත්තර පටිය බැළුවා...

කුස පබා කොහොමද..? ඕක ඉතිං හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නේ..ඉතිං මාත් චිත්තරපටිය බලපු පැය ගානේදී මට හැගුන..හිතුන දේවල් ටික කියලා දාන්නං...

"රට කජුවල තෙල් ගතියනං ටොප්..ඒත් ලුනු ටිකක් වැඩියි වගේ..වතුර තිබහා වෙනවා ඉක්මනට.. හැබැයි හොදට බැදුන කරපිංචා කොල ටිකකුත් යහමින් දාලා තිබුන හින්දා හොඳ ටේස්ට් එකක් තියේ... නරකම දේ තමා මේ උරේ යට එකතු වෙන පොතු..මිරිස්කුඩු ලුනු කුඩු එහෙම අතේ ගෑවෙන එක...

ඇත්තටම ඇයි මේවා තවරලා ඉවර වෙලා වැඩි හරිය අහක් කරන්නේ නැත්තේ..?"

අහ් හුටා මං මේ කියවන්නේ මොනවද..? ඒත් ඉතිං ඇත්තටම කුස පබා ගැන විචාරය කියලා මට ලියන්න තියෙන්නේ ඔහොම තමා... ඒකට වඩා රටකජු ගැන විචාරයක් ලියන්න පුළුවන්...

ඔය අතරේ මගෙන් අපේ මල්ලි කෙනෙක් ඇහුවා "අයියේ කොහොමද පබාගේ බුරිය" කියලා...?
ඒකට කියන්න තියෙන්නේනං මෙච්චරයි.. මේවා බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන්න හදන චිත්තරපටි මල්ලියේ.. අපි ඒක දිහා බලන්න ඕන බෝධිසත්ව චරිත දිහා බලන විදියට... යසෝදරා දේවිගේ පූර්ව ආත්මවල බුරිය දිහා බලන්න යන්න හොද නැහැ...

සුනිල් ආරියරත්න ගොයියා යසෝධරා දේවීගේ පෙර භවයේ චරිතේ උන්දැගේ මෙලෝ රහක් නැති සින්දු කෑලිවලට නැටෙව්වට මට ඇහැකිද එහෙම කැතට බලන්න..සික්...

අනික ඒක පේන්න තිබුනෙත් නැහැ... ඇඳුම් නිර්මාණ ශිල්පියා මොනවා නැතත් ඒක වැහෙන විදියට තමා වැඩි හරියක් ඇඳුම් නිර්මාණය කරලා තිබුනේ..ඉතිං යන්තං පෙනෙන අවස්ථා ආවත් අපි කරන්න ඕන හිත සංවර කරගෙන සර්ධාවෙන් යුතුව චිත්තර පටිය බලන එක තමා..ඒ හින්දා මල්ලියේ එහෙම දේවල් අහන්න එපා හොඳද..?

ඔන්න ඔහොමයි ඔය ගැන මට කියන්න තියෙන්නේ...

පසු සටහන...

වීනා ජයකොඩිව පබාට ගත්තනං ජැක්සන්ට නියම විදියට ගැලපෙන වගනං නොකියා බැහැ... රවීන්ද්‍රව කුසට ගත්තනං ජැක්සන්ට වඩා ගැලපෙන වගත් නොකියා කොහොමද..? මං හිතන්නේ මුළු චිත්‍රපටියටම චරිත දෙකයි හරි අයට දීලා තිබුනේ..ජයම්පතී කුමාරයට හිටිය රොෂාන් රණවකයි.. කුදීට හිටිය චාන්දනී සෙනෙවිරත්නයි...අනිත් හැම දේම කෝලං විතරයි...
තව එකම එකයි සඳහන් කල යුත්තේ..ඒ තමා නාමාවලිය යද්දි යන ගීතය..ඒක කියන්නේ එඩ්වඩ් ජයකොඩි... සින්දු කතන්දර කරන්න දන්න උදවිය බොහෝමයක් අතරේ කතන්දරයක් සින්දුවක් කරන එකනං ටිකක් විතර අපූරු වැඩක්..

අවුලක් නැහැ...
ටිකට් එක 200යි
බයික් පාකින් 10යි
රටකජු 50යි
වතුර බෝතලේ 40යි
ඔක්කෝම 300යි...

ඔන්න සිංහල සිනමාවේ අභිවෘද්ධියට මාත් දායක උනා ඈ...

68 comments:

  1. ඇත්තටම විෂිශ්ඨ විචාරයක් ඉදිරිපත් වෙලා තියෙනවා.ඒක ගැන සතුටුයි..මේ වගේ විචාරකයින් අපේ හෙල සිනමාව ඉදිරියට ගෙනයන්නට මහගු ලෙස දායක වෙනවා ඇති..

    ReplyDelete
  2. ශුවර් එකටම බලන්න ඇත්තේ කුසගේ නහය වෙන්න ඇති...:P
    මොනවා නැතත් අපූරු විචාරය.

    ReplyDelete
  3. විචාරයනම් හරිම අපූරුයි. එතකොට රට කජුත් ගෙනියන්න ඕනිද ඒක බලන්න?

    ReplyDelete
  4. ඉන්ටෙර්නෙට් එකේ ලංකාවේ හෝල් වල දර්ශන වේලාවන් ගැන විස්තර ??
    මරය අයිය බීලද හිටියේ ???

    ReplyDelete
  5. රටකජු විචාරය මරුය !!!

    ReplyDelete
  6. //අපි ඒක දිහා බලන්න ඕන බෝධිසත්ව චරිත දිහා බලන විදියට... යසෝදරා දේවිගේ පූර්ව ආත්මවල බුරිය දිහා බලන්න යන්න හොද නැහැ...//

    මේක නම් පට්ට කථාව මාරයෝ !

    කුසපබා චිත්‍රපටියේ මෙලෝ රහක් නැති වග දැනුන නිසාමයි නොගියේ , චිත්‍රපටියකට ගීතයක් දාන්න ඕනි රසමවන්න මිසක් රස මරන්න නෙවෙයි , අපේ කට්ටිය කරන්නෙම අනික් පැත්ත (උදය කාන්ත , සෙනේශ් බණ්ඩාර ඇරුණාම ) . රහක් තියන ගිත වුනත් පමණට වඩා වැඩි වුනොත් හරි වැරදි විදිහට භාවිතා කලොත් හරි ඒත් වාතයක් , ගොඩක් හින්දි චිත්‍රපටිවල ඔය අවුල තියනවා

    ReplyDelete
  7. අයියා කියලා තිබුණු බොහෝ කරුණු සමඟ මාත් එකඟයී
    චිත්‍රපටියේ තිබුණු චරිත ගැන කියපු කතාවත් ඇත්ත තමයි...
    ඒ වගේම තවත් අසාර්ථක තැන් කිහිපයක්ම මාත් දැක්කා
    ඒකෙන් විශේෂම දේ තමයී "භාෂාව" මේ කාලේ කතා කරන විදිහ හා හැම දෙම මිශ්‍ර වෙලා නිසා මට චිත්‍රපටියේ සාර්ථකත්වයක් නම් දකින්න ලැබුනේ නැ...
    ඇත්තටම කුදිගේ චරිතය නම් සුපිරි..........

    ReplyDelete
  8. රටකජු විචාරය නං පංකාදුයි. කුසපබා ගැන මම දැක්ක හොදම විචාරය ඇනෝනිමස් එකට චමිල දාපු මෙන්න මේක,
    "මං නන් කියන්නෙ කුස රජතුමාට ජැක්සන්ව ගත්ත එක කමක් නෑ. හැබැයි පබාවතීට වීනා ජයකොඩිව අරගෙන ජයම්පතී ට රවින්ද්‍රව ගන්ඩ තිබ්බෙ. එහෙනන් චරිත ටික පර්ෆෙක්ට් :)
    මේක නිකන් තාත්තයි දුවයි වගේනෙ"

    ReplyDelete
  9. මාරයියේ රොෂාන්ට දැන්වත් හරියකට රඟ පාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්නෙ

      Delete
  10. ඕකට බැදපු සුදුලූනු ටිකකුත් කලාවන් කොරල තිබ්බනම් ? තව බියර් කෑන් දෙකකුත් තිබ්බනම් නියම විචාරයක් වෙන්න තිබුන ....

    ReplyDelete
  11. එහෙනං ඒකත් කැපුවා!

    ෆිල්ම් එකක් බලලා ඉවර උනාම ලොකු හුස්මක් අරගෙන ආයෙත් පාරක් බලන්න ඕනේ කියලා හිතෙනවනම් ඔන්න මගෙ හිතට අල්ලලා ගිය ෆිල්ම් එකක්... වැඩේ කියන්නෙ එහෙම ඒවා හේන........... අඩුයි. ටිං ටිං බැලුවා ගිය සතියෙ... ඒක ඉවර වෙද්දි නං එහෙම හිතුනා. හින්දි ෆිල්ම් වල ලගාන් කීප සැරයක් බැලුවා. සිංහල ෆිල්ම් වලින් මම එදත් අදත් කැමති වැඩිම පාරක් බැලුවේ නං "මචං...." ඒක බලලා ඉවර උන හැම වාරකෙම. එකේ කොතනක හරි මමත් ඉන්නවා කියලමයි හිතනේනෙ....!

    රටකජු විචාරය මරු!!! පිටු ගණං දිග චිත්‍රපටි විචාරයට වැඩිය... අනික තේරුං ගන්ඩත් ලේසියිනෙ...

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොටුවෙ පොඩි එකෝ, ඕක නං හොඳ ලෙඩක් නෙමේ

      Delete
    2. කෝකද මං කරුනු ගණනාවක් කියලනේ තියෙන්නෙ.... මහත්තයා කියන්නෙ මොකක් ගැනද? :P

      Delete
    3. මාත් කැමතියි මචං ෆිල්ම් එකට. ඒකෙ හොඳ තාත්වික ගතියක් දැනෙනවා මට...! තාම මට බලන්න හම්බුනේ එක පාරයි.. ඒත් බොලේ මං දැක්කෙ නෑනේ ඒකෙ බුද්ධි අයියා ඉන්නවා. තව පාරක් බලන්ඩ ඕනෙ..

      Delete
    4. බට්ටා ඒකෙ හැම තැනම ඉන්නෙ අපි වගේ අය.... හෙහ් හෙ..... අර මුලින්ම කකුලට චූ කරන බල්ලත් එක්කම....:P රඟපාන හැමදෙනාගෙම හැකියාවේ උපරිමය අරගෙන තියෙනවා කියලා මට හිතෙනා ඒක බලද්දි....:D:D:D:D

      Delete
    5. මචං මගේ ආසම චිත්‍රපටියක් 10 වතාවකට වඩා බලලා තියනවා.. ඔය චිත්‍රපටිය කෙරුනේ සුද්දෝ එක්ක ඒකනේ ඕක හොදට හැදුනේ,,මහේන්ද්‍ර එක සැරයක් පත්තරේකට කියලා තිබුනා, රගපෑව අමාරුම චිත්‍රපටිය කියලා,මොකද සුද්දා ඒක්ක වැඩ කරද්දී එකම රූප රාමුව 10 පාර ගත්තු වෙලාවල් ආවලු.

      Delete
    6. ඩිලා පොඩ්ඩක් හිතහංකෝ... ලංකාවේ හොඳම නළු නිලි සෙට් එකක් අරං හැදුව පිල්ම එකේ එකම රූප රාමුව සුද්දට 10 සැරයක් ගන්න උනානම් ඔය රොෂාන්ලා අනර්කලීලා දාලා සුද්දෙක් පිල්ම් එකක් හැදුවොත් ඌට හැමදාම එකම රූප රාමුව තමයි කරන්න වෙන්නේ! :D

      Delete
    7. හි හි බුද්ධි අයියා ඕක කිව්වාම මට මතක් වුනේ හොටෙල් එකේ සිප් එක ඇරගෙන එලියට ආපු කොල්ලව....

      Delete
  12. මට සිරාවටම හිතුනා මේ විචාරේ රටකජු ගැනත් ඇති කියලා.:D මම නම් ඕක තාම බලලා නෑ.

    ReplyDelete
  13. මටනම් බලන්න වුනේ නැහැ, ඒත් අහපු දේවල් වල හැටියට අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ කියලයි හිතුනේ.නිෂ්පාදකලම දුසිමක් විතර ඉන්නවා කියන්නේ . මගේ කලින් බොස් , ඔය එක නිෂ්පාදකයෙක්ගේ ඥාතියෙක් , බුවාත් ඉන්නවාලු ඔකේ දොරටුපාල චරිතයකට ..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ නියම කමෙන්ට් එකක්

      Delete
    2. කිංඩියක්ද මංදා... ?

      Delete
  15. මගේ ජීවිතේදී කියවපු හොඳම චිත්‍රපටි විචාරයයි මේ..

    ReplyDelete
  16. අර ෆොටෝ විචාර කරලාකරපු සේවය වගේමයි . චික් මේක බැලුවට පස්සේ මිනිහෙක් ඔය චිත්‍රපටිය තියෙන හෝල් ගාවින් වත් යයිද . හැබැයි රටකජු වෙළෙන්දන්ට නම් හොඳ කලක් යයි .

    ReplyDelete
  17. උඹේ විචාරෙනං මරු හතයි. ඇත්තටම රටකජු නොගිනිච්චනං මොනවගේ දෙයක් මෙතන ලියැවෙයිද?

    අර හොල්එක අතුගාන එකාට කීයක්වත් දීල ආවද?

    ReplyDelete
  18. මොකද කියන්නේ ෆුල් ටයිම් විචාරය දෙන්න පටං ගමුද :D

    ReplyDelete
  19. //"අයියේ කොහොමද පබාගේ බුරිය"//
    අම්මෝ හොද වෙලාවට එහෙම ඇහුවෙ

    නිකන්වත් කුසගෙ නහය කොහොමද කියල ඇහුවනම් අනාතයි :D

    ReplyDelete
  20. උඹ ෆිල්ම් එක බැලුවෙ සීගිරි එකේ නේද අයියෙ?... ඒකෙ දැන් බැල්කනිත් තියෙනවද?...

    උඩ බුවා කියල තියෙනව වගේ යසෝදරා දේවිගේ පූර්ව ආත්මවල බුරිය දිහා බලන්න යන්න හොද නැහැ කියන කෑල්ල තමයි පට්ටම :)

    ReplyDelete
  21. අදමයි මේ පැත්තට ආවේ. මරු විචාරය. කුස පබා බලන්න යන එක දිනෙන් දිනම කල් යන්නේ මේ වගේ විචාර දැකලමයි.මාරයා ඉන්නේ මම දන්න කියන පැත්තකනේ. අපේ ආච්චි අම්ම ඉන්නේ වේයන්ගොඩ - උදම්මිට නොවැ. එකම පාරක් මමත් ඉස්කෝල නිවාඩුවකට එහෙ ගිහින් ඉද්දි ඔය සිනමා ශාලාවේ චිත්තරපටියක් බලලා තියෙනවා. නමනම් මතක නෑ දැන්

    ReplyDelete
  22. මට නම් ඔය පස කුබා බලන්ඩ යන්ඩ වෙන්නෙ නැති නිසාම මේ විචාරය කියවා අමන්දානන්දයට පත් වීමි..

    ReplyDelete
  23. රටකජුනං මාර රහයි වගේ...

    ReplyDelete
  24. මමනම් තාම බලල නැහැනේ ඕක

    ReplyDelete
  25. අම්මෝ ඇති යන්තම්. තව පොඩ්ඩෙන් කුස පබා බලන්න ගිහින් කීයකට හරි තට්ටු කරගන්නවා. ඊට වඩා හොඳයිනෙ ටොරන්ට් එකක් බාගෙන ගෙදෙට්ට වෙලා බලන එක. ඉස්සරනං හොඳ සිංහල චිත්‍රපටි සෙට් එකක් ආවා. දැන් අඩුම ගානෙ ඒකක් වත් නෑනෙ.

    ReplyDelete
  26. ඒ කියන්නේ හොර කොපියක්මයි මට නම් බලන්න හිතෙන්නම,සිංදු සෙට් එක නම් ලැබුනා. ඒ උනාට ලංකාවේ නිළි හිගය පූජා පුරෝනවා,පූජට මොනවත් කියන්න එපා මාරයියේ.
    රොශා ඒ කියන්නේ දැන් රගපාන්න අරගෙන එහෙනම්,,

    ReplyDelete
  27. රොෂාන් එක්ක මේගොල්ලන්ට ඉරිසියාව :D :D

    ReplyDelete
  28. ජැකා ගැලපෙයිද? මම පෞද්ගලිකව අකැමැති.. ඕවර් ඇක්ටිං ඇන්ඩ් ඕවර් ටෝකිං ‍නොවැ..

    ReplyDelete
  29. අපි නම් බැලුවෙ නෑ. දැන්නං බලන්නෙත් නෑ. තැංකූ මාරයෝ.හාමුදුරුවරු නම් බලලා "පට්ටයි" කිව්වෙ නැති එක විතරයි.අපි මුලින්ම ‍දැනෙන පෝස්ට් එකක් දැම්මේ ඒ ගැන. එතකොට අපි සංඩිවල හිටියේ නෑ.

    ReplyDelete
  30. මොකද කියන්නෙ.. ආයෙමත් සුමනා අක්කාව සෙට්කරන් ෆිල්ම් ටිකක් ගහන්න කියමුද..?? :D

    ReplyDelete
    Replies
    1. එකෙන්ම බැලුව තමා එහෙනං

      Delete
  31. මමත් තාම බලල නෑ..

    ReplyDelete
  32. මම අහන්න ගිය ප්‍රශ්නේ අයියගේ මෙන්න මේ කොටස නිසා අහන්නේ නෑ

    "අපි ඒක දිහා බලන්න ඕන බෝධිසත්ව චරිත දිහා බලන විදියට..."

    ReplyDelete
  33. පට්ට මාරයා අය්යා... ඔය කියන විධියට කෙල්ලෙක් එක්ක යන්න හොඳයි වගේ.. ;-)

    ReplyDelete
  34. පබාගේ බුරිය ගැනවත් වීණා ජයකොඩි ගැනවත් තාම නම් මට මොකුත් කියන්න බැහැ ගිහින් බලලා ඇවිත්ම කියන්නම්කෝ

    ReplyDelete
  35. අපේ ගොඩක් සිනමා අධ්‍යක්ෂකවරු හිතන්නේ , සින්දු 15 , ෆයිට් 50 , ගොන් පාර්ට් විහිලු 60 , විසිල් 100 , බල්ටි 250 දාපුවම ෆිල්ම් එක ගොඩ කියලා.


    Blog : www.thunsitha.tk

    ReplyDelete
  36. හරි නැති සිංහල චිත්‍රපට වලට බනින එක වැරද්දක් නෙවෙයි. නමුත් අමතක කරන්න එපා ඔහොම හරි චිත්‍රපට හැදුනේ නැත්තම් සිංහල සිනමාව අභාවයට ගිහිල්ලා ගොඩක් කල් බව.

    ඕකට හොඳ විසඳුමක් මම දෙන්නම්. දැන් ලංකාවේ ගොඩක් තරුණ පරපුර කෙටි චිත්‍රපට හදනවා. ඉතින් පොඩ්ඩක් ගූගල් දෙය්යන්ගෙන් හරි යූටියුබයෙන් හරි අහලා බලලා ඒවාත් රසවිඳින්න.

    ReplyDelete
  37. @ Buddhi,
    //සිංහල ෆිල්ම් වලින් මම එදත් අදත් කැමති වැඩිම පාරක් බැලුවේ නං "මචං...." ඒක බලලා ඉවර උන හැම වාරකෙම. එකේ කොතනක හරි මමත් ඉන්නවා කියලමයි හිතනේනෙ....!//

    ReplyDelete
    Replies
    1. අනිවා..... ඕකේ චරිත ටිකක් මම ඇට් කරලත් තියෙනවා.... වෙලාවට මගින් ෆිල්ම් එක නැවතුනා... අපරාදේ එහෙම නොවුනා නම් අද මං කොහිද?

      Delete
    2. එහෙනං අද උඹ ඉතාලියෙ බුද්දියා

      Delete
    3. කොයි චරිතෙද බුද්ධි ඇක්ට් කලේ........... අර චතුරිකා පීරිස්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ චරිතේ එහෙම නෙමෙයිනේ....... :D

      Delete
    4. ඕන මැන්ටල්,
      අන්න යමක් කිව්වම තේරෙන මිනිස්සු.
      .........

      රන්දිල්,
      අපොයි නෑ.... එච්චර දිගනං මක්කොරන්න බැරිද?

      Delete
    5. මචං බලන්න ඉඳ ගත්තේ මායි මයේ එක්කෙනායි එයැයිගේ අම්මායි මල්ලියි නංගියි හතර පස්දෙනා............ කවුද දන්නේ මේකේ ඔයි වගේ කොටස් තියෙයි කියලා........... එක තැනකදී කිහිප දෙනෙක් උඩ බලාගනිද්දි, තවත් කෙනෙක් අතින් කට වහගනිද්දි, තව කෙනෙක් ෆාස්ට් ෆෝවර්ඩ් කරන ලදී. එබැවින් ඔබතුමාගේ පිළිතුර සලකා ගැනීමට නැවත බලන්නට සිදුවන බවක් පෙනේ..........

      Delete
  38. අඩේ බලන්න යන්න හිතනකොටම ඔහොම විචාර දෙන එක හරිද මන්දා....:((((

    ReplyDelete
  39. අපොයි.... බලන්න යන්න ඉන්නකොටම ඔහොම විචාරයක් දුන්නාම බලන්න යන්නවත් හිතෙන්නෙ නෑනෙ.. :((

    ReplyDelete
  40. ඇයි බං උඹට දෙකේ වඩේ අරං යන්න නොහිතුනේ.... එහෙනං අපි අද අහන්නෙ වඩේ විචාරයක් නෙව. අපේ නරක වෙලාවම් මිසක් වෙන මොකක්ද...

    උඹ නොදන්නවට කියන්නෙ, පබාවතීගෙ බුරිය මහ විසාලයිබං, පාං කාලක් කන්න හොදි දාගන්න ඇහැක් තරං.. හෙහ් හෙහ්

    කොහොම උනත් රට කජ්ජෙන් හරි කමක් නෑ උඹෙ අර ලම්භන පිරීතිය ඔද වැඩීගියානං එච්චරයි.

    ReplyDelete
  41. මේ ෆිල්ම් එකේ දෙබස් දානකොටයි සිංදු දානකොටයි මම දැනගත්තා මේක මෙලෝ රහක් නෑ කියලා බොලේ බැලින්නම් මාරයා අයියටත් එහෙම්ම වෙලානේ වෙලාවට රටකජු අරන් ගියේ නැත්තම් අයියටත් බුරි හොය හොය තමා ඉන්න වෙන්නේ...නියම විචාරයක් එලකිරි...මාතා බලන්න තැනක් නැද්ද ඔය පැත්තේ??

    ReplyDelete
  42. රට කජුත් හෙන ගනං නේ අප්පා.....

    ReplyDelete
  43. දෝම් තනන නන දෝම් තනන නන දෝම්ත දීම්ත දෝම් තනන නන :p

    ReplyDelete
  44. සේරමට ම හපං චිත්‍රපටයට සම්බන්ධ කට්ටිය සේරම පේලියට හිටගෙන අපි මෙහෙම එකක් හැදුවා ඇවිත් බලන්න කියලා කියන ටීවි ඇඩ් එක....... සුනිල් ආරියරත්න මහත්මයාත් කොස් පුතාගේ ගැට වලට අහුවෙනවානේ. අපි තාම මේ ෆිල්ම් එක බලලා නැහැ. ඒත් මට හිතෙනවා මේ සුනිල් ආරියරත්න මහත්මයාගේ නම විතරයි අධ්‍යක්ෂණය කොස්පුතාගේ කියලා...........

    මේ දවස්වල දොරමඬලාවේ මොන මාතෘකාව කථා කලත් කුස පබා ගැන කියනවා. එක වැඩසටහනක් එහෙම පිටින් ම කුස පබාට වෙන් කරලා තිබුනා..........

    ReplyDelete
  45. මේ පෝස්ට් එකේ නම වෙනස් වෙන්න එපැයි

    කුස පබා ගැන මාර විචාරය...

    ReplyDelete
  46. රජ ඇඳුම් ඇඳගෙන අපි උඹලා කතා කරනව වගේ දෙබස් තියන ෆිල්ම් එකක්.

    ReplyDelete
  47. කුස පබා

    බලංට කුස පබා චිත්තරපටිය අලූත්
    පානංපත්තුවේ ඉඳලා මං ආවා
    පෝලිං එහෙම මහ ලොකුවට තිවුනෙ නැත
    මං නං කුසගෙ නාහේ ඉතරයි දැක්කේ

    රහක් නැති අතේ ආපහු බලපි මම
    කබල් දෙමල චිත්තරපටියක්ම තමයි
    සරුංගලේ නං හොඳටොම ඉහල ගියා
    ඒක කොලේ ගාමිනි ලොක්කලූ නේද?

    චිත්තරපටි හදංට නං රිහි යංට
    අග මුල දැනං ගෙවඩින්නට එපැයි බොටා
    පත්තරඔලිං පතු= විදහං නටන කොට
    පිඩි ගැටයි හාචි කොටෙයි එලියේය

    පානංපත්තුවේ ඩිංගිරි අම්මා

    ReplyDelete
  48. මම නම් චිත්‍රපටි බලන්නෙම නෑ.වියදම් කරන මුදලට ඒවා පාඩුයි.ඒත් ඩී වී ඩී එකකින් කවදාවත් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන එකේ ගතිය ලැබෙන්නෙ නෑ.ඒත් රුපියල් පනහක් දීල වුනත් සිංහල චිත්‍රපටියක් බලන එක අපරාධයක්

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete