19 March 2012

යුරේකා...හිත තියෙන්නේ කොතැනද..?

මේක මං හොයා ගත්තා කියලා මේවෙනකොට දන්න කිහිප දෙනෙක් ඉන්නවා..ඒත් හැමෝටම මගේ මේ පණ්ඩිතභාවය ප්‍රදර්ශනය කරන්න ඕන හින්දා මං මේක බ්ලොග් එකේ දාන්න හිතුවා..:D
නැත්තං කට්ටිය හිතන්න පුළුවන් මං මෙලෝ දෙයක් නොදන්න මැට්ටෙක්ය කියලා..කරුමෙට වගේ මගේ මේ සොයා ගැනීම වෙන එකෙක් කලින් කරලනං මට ඒකට කරන්න දෙයක් නැහැ..අම්මපා මං මේක අළුතෙන්මයි හොයා ගත්තේ ඔන්න..බොරු නැහැ වංචා නැහැ හරිය..?

ඉතිං මං මේක මූණු පොතේ මගේ යාළුවන්ට පැහැදිලි කරලා දීපු විදියම මෙතනත් දාන්නංකෝ..ආයේ මොකටද මේක ලිය ලිය ඉන්න තවත් කාලේ නාස්ති කරලා මං වගේ පණ්ඩිතයෙකුට මේ වාගේ හිතන්න තියෙන වෙලාව නාස්ති කරන්නේ..ඒක ජාතික අපරාදයක් නෙව...

මේ කතාව අපේ යාළු මිත්තරයෝ එක්ක ඇති උනේ වෙන කතා ගොඩක් මැද්දේ..ඒ කතා මැද්දේ මේකට හේතුව උනේ අපි කවුරුත් වැසිකිලි ගියාම අනිත් වෙලාවල් වලට වඩා හිතේ සැහැල්ලුවකින් ඉන්නවාය කියන කාරණය තමා...ඉතිං මෙන්න මාර පණ්ඩිතගේ අති උත්කුරුස්ට සොයා ගැනීම...


"සාමාන්‍යයෙන් අංශබාග රෝගීන්ට ඉබේ මල පහවෙනවා... ඒකට හේතුව එයාලට ශරීරය පාලනය කර ගන්න බැරි වීමඑහෙම නැත්තං අපි කොයි වෙලෙත් අපේ ශරීරය පාලනය කරගෙනයි ඉන්නේඒ කියන්නේ අපි නිදාගත්තත් අපි අවධියෙන්.. නැත්තං නියම ක්‍රමේට ගත්තම අපිට නිදා ගත්තමත් මල පහ වෙන්න එපෑ.. නිතරම ඒත් ඉඳහිට විශේෂ රෝගී තත්වයක් මත හෝ හීනෙන් කරන දෙයක් නිසා හෝ..(උදාහරණ=** සහ කොස් ගස) එහෙම උනත්සාමාන්‍යයෙන් අපි හැම දේම හිර කරං පාලනය කරං ඉන්නේඒක කවුරුත් දන්න දෙයක්නේඒත් අපිටත් නොදැනී ඒ පාලනය යටතේ අපේ හිතත් හිර වෙලා ඇත්තේ වැසිකිලි ගිහින් ගුද මාර්ගයේ පේශි ලිහිල් කිරීමත් එක්කම අපි කාගේ උනත් හිතටත් පුදුම සැහැල්ලුවක් ලැබෙනවාඒ හින්දා මං මේ දැන් හොයා ගත්තා අපේ හිත තියෙන්නේ කොතනද කියලා...ඔව් හිත තියෙන්නේ පුකේ"

දැන් මේක බලලා සමහරු කියයි නැහැ අපේ කෙසේ වෙතත් මාරයගේ මොලේ තියෙන්නෙත් එතනය කියලා...ඒකට අවුලක් නැහැ...දැන් මං හොයා ගත්ත විදියට හිත තියෙන්නේ ඔතන හින්දා එහෙම හිත් තියෙන උදවිය හිතන දේවල් ඔහොම තමා...:D:D:D

පසු සටහන...

** සලකුණෙන් දක්වා ඇත්තේ අපේ සහෝදර බ්ලොග්කරුවකු වන අතර ඔහුගේ ඉල්ලීම පරිදි නම ඉවත් කරන ලදි..ඒත් ඉතිං ඔය කොස් ගස් හීනෙන් පෙනීම සම්බන්ධ බ්ලොග්කරුවා සහ ඔහුට ඉන් සිදුවන දේ දන්නෝ දනිති

54 comments:

  1. ඇති යන්තම් දැන්වත් තේරුණා......!

    ReplyDelete
  2. හිත හොරකං කලා තමයි කියල සින්දුවල තියෙන්නෙ එතකොට කවුරු හරි පුක හොරකං කරං ගිහිල්ලද??

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන්..සමහරුන්ට හිත යන්නෙත් ඔය පැත්තට නෙව...

      Delete
  3. කුමාර අයිය වෙලාවට නම දාන්නෙ නැතුව ** දෙකක් දැම්මෙ නැත්තන් හැමෝම දැනගන්නව

    ReplyDelete
    Replies
    1. මං ඉතිං හිතලා කල්පනා කරලා කරන හින්දා හොදයි රුචා මල්ලි..:D

      Delete
    2. ඒත් අපි දන්නවා හොඳේ :D

      Delete
    3. හා හා ගිම්හානි කට කට !!

      Delete
  4. මෙච්චරකල් සින්දුවල වියංගාර්තෙන් පුක ගැනමනෙ කියල තියෙන්නෙ

    ReplyDelete
  5. අම්මපල්ල උඹේ මොලේ තමයි මොලේ. මොකුත් හිතන්න නං යන්නෙ නෑ.

    ReplyDelete
  6. අප්පා ....මේක බලල මගේ පුක ගිය දුර........ කෙල්ලන්ගේ වටකුරු,ගැස්සෙන ,පැද්දෙන හිත් වලට " රෙන පුකට මොන ඇක්ෂන් ද බෝල " කියල කර්කශ වදන් පාවිච්චි කලාම ඒ හිත් කොච්චර රිදෙන්න ඇත්ද ?

    ReplyDelete
  7. දැන් මාරයා මුලින්ම බලපන් උබ ඇදුම් ඇදන්ද ඉන්නේ කියලා.

    ReplyDelete
  8. මාරය අද ස්පෙෂල් සුරුට්ටුවක් ඇදල වගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්පෙෂල් සුරුට්ටුවක් කිව්වේ මලකට වෙන්න ඇති....

      Delete
  9. "මුරකරුවාගේ ලොකු ටෝක නොහොත් පරුමකලාගේ වර්ථමානය..." - බලාගෙන ගියාම මේකේ ලියලා තියෙන්නේ හිත ඇතිවෙච්ච හැටි නේද?

    ReplyDelete
  10. කොස් ගස් හීනෙන් පේන්නෙ මගෙ හිතේ ලී මෝල් කාරයන්ට...

    ReplyDelete
  11. ආහ්... දැන් එහෙනම් එක එක්කෙනාගෙ හිත් වල සයිස් එකත් දැන ගන්න පුලුවන් නෙ. :D

    ReplyDelete
  12. එතකොට පුක හෝදන්නේ. හිත පිරිසිඳුව තියා ගන්න වෙන්ටෑ

    ReplyDelete
  13. හික්.......හිත පුකේ තියං උන්නත් පුක හිතේ තියන් උන්නත් වැඩි වෙනසක් නෑනෙ බොල බලං ගියාම. හැබෑටම මේ තකහනියක් උඹ මොටෝ හිත තියන තැන හොයන්න ගියේ. කවුරුවත් උඹෙ හිත ඉල්ලුවද? ඉල්ලුවත් දැං ඔය තියන තැනේ හැටියට කොහොමෙයි බං රට්‍ටුන්ගෙන් කතා නාහ දෙන්නෙ ???

    ReplyDelete
  14. මදැයි දැන්වත් තේරුනා.....

    ReplyDelete
  15. ආපෝ... මගේ හිත නම් කාටවත් දෙන්නෙ නෑ මම :)

    ReplyDelete
  16. මාරයි මාරේ....... දැන් බය නැතුව හිත ඉල්ලන්න පුලුවනි. ''හිත දෙනවද..... වෙඩි කනවද......''

    ReplyDelete
  17. මාරයියාට චෝදනාවකුත් තියෙනවා නේද කාටද හිත දෙනවා කියලා...

    ReplyDelete
  18. හිත මනමාල කම් කරයි................

    ReplyDelete
  19. පුක ඇත්නම් පත කුඩාද කියලා හිංගලේ කියමනකුත් තියනවා නේ මාරයියේ

    ReplyDelete
  20. හිතේ කහටක් තියාගන්න එපා කියන්නෙ, සනීපාරක්ෂක උපදෙසක් එහෙනං!

    ReplyDelete
  21. මේකට නම් සියවසේ හොඳම සොයාගැනීමට හිමි සම්මානය ලැබෙන්න ඕන. උත්කෘෂ්ඨයි මාරයියේ, උත්කෘෂ්ඨයි!

    ReplyDelete
  22. මාත් එකෙන්ම අනුමත කරනවා ඈ :P

    ReplyDelete
  23. හිත තියෙන්නෙ කොතනද? හිත යනු කුමක්ද? වගෙ ප්‍රශ්ණවලට උත්තර හොයන්න මේ උගත්තු කියන කට්ටිය කොච්චර තර්ක විතර්ක කරලා පර්යේෂන කරලා ඇත්ද? අපරාදේ කාලය. මාරයාගෙන් ඇහුවානම් වැඩේ ගොඩනෙ.
    බලපල්ලකො කොයි තරම් තර්කානුකූලවද ඒ නිගමනයට ඇවිත් තියෙන්නෙ කියලා. ඇත්ත කියාපං මාරේ ඔය සොයාගැනීම කලෙත් වැසිකිලියෙ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක නේද? ඒ මොකද මටත් ඔයවගෙ නිදහස් අදහස් පහල වෙන තැනක් තමයි ඕක.
    දැන් පොඩි අවුලකට තියෙන්නෙ වැඩිය තටමන්න බයයි, ඉස්සර වගෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  24. එතකොට එක සිත දෙතැනක නතර වෙලා කියන්නේ......##

    ReplyDelete
  25. හම්මේ තමා අමුලික ඇත්ත දාලා තියෙන්නේ.. ගොඩක් එවුන්ට කියවෙන්නෙත් ගිහින් ආවට පස්සේ පුදුම සැහැල්ලුවක් දැන්නෙනේ කියලත්නේ

    ReplyDelete
  26. මගෙ විනෝදාංශයක් සංශෝදනය කරන්න වෙයි වගේ . . . . නිකං ඉන්න වෙලාවට "හිත" කැසීම කියල

    ReplyDelete
  27. මොන හිතක් ද... ?

    ReplyDelete
  28. මාරයා බොන්නවත් පටං අරංද....අර අකුණ වැදුනෙත් හිතට නේද පොඩි කාලේ.....

    ReplyDelete
  29. එතකොට අර මෙහෙම සිංදුවක් තියෙනවනේ... මාර ප්‍රශ්ණෙ එහෙම හිතපුවාම වෙන්නේ...

    එක සිත දෙතැනක නතර වෙලා
    ඔබේ සිතයි, මගේ සිතයි,
    දෙසිතම එකම සිතක් වීලා.
    ඔබේ ලඟයි මගේ ලඟයි
    එක සිත දෙතැනක නතර වෙලා....

    ReplyDelete
    Replies
    1. හයියෝ දැන් ඉතින් හිත කියලා ගෑවිච්ච සිංදුවක් අහන්න වෙන්නේ නෑ...තාම හිනාව නවත්තගන්න බෑ......

      හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක
      ලියාගන්න සින්නක්කර
      නිදන් කරන්නට මං මගෙ සෙනෙහස
      අහංකාර ඔය හිත යට....

      Delete
    2. මේකත් එලට එනවා

      නුඹට හිතැති නුඹ හිත නැති
      හිතක් හඬනවා...
      නුඹ හිත නැති උනත් නුඹෙන්
      හෙටක් පතනවා...
      හිතැති හිතක් හඬනවා

      Delete
    3. ඇයි මේව..

      හිත හංකිති කවමින් මට තුරුළු වෙලා
      මිණි කිංකිනි හඬකින් ඔබ තොඳොල් වුනා..

      .......


      හිත නාඹර තාලෙට වෙල් එලි වල නැටුවා...
      එන හිමිදිරි සුළඟට මගෙ හිත කිති කැවුනා..

      Delete
    4. අපොයි දෙය්යනේ... දැන් නම් ආයෙ සින්දුවක්වත් අහන්ට වෙන්නෙ නෑ හිනා නොවී....

      Delete
  30. සමහරු කියන්නේ මොලේ නේද ඔතන තියෙනවා කියල . එතකොට මොලෙයි හිතයි කියන්නේ එකක් වෙන්න ඇති . දැන් යුරේකා කියල දුවන කොට කට්ටිය හිත දකින්න ඇති .

    ReplyDelete
  31. මේව්ව සින්දු වලට ආදේශ කරන එකනම් මහ අජූත වැඩක් අප්ප
    මහ සවුත්තු තේරුම් එන්නේ :-(

    ReplyDelete
  32. මාරයා අයියගේ හිතට අකුණු ගහපු හන්දා එතන දැන් තියෙන්නේ ප්ලැටිනම්ලුනේ ඒ කියන්නේ මාරයියගේ හිත ප්ලැටිනම්

    ReplyDelete
  33. ඒ කියන්නේ මාරයා මලය කේන්දර බලන්නේ ඔලුවෙන් හිටගෙනයි..

    ReplyDelete
  34. "සිත මනමාලකම් කරයි"... කියන්නෙ...

    ReplyDelete
  35. කන්ග්‍රැට්Z මාරයියේ... කාටද ආඩම්බර...

    යුරේකා කියල පාර දිගේ දුවද්දි අයියගෙ හිත හැමෝම දකින්න ඇති නේද...

    ReplyDelete
    Replies
    1. හිත දැක්කට පස්සේ කට්ටිය මොනවගේ අදහස්ද දන්‍නෑ කිව්වේ???

      Delete
  36. විශිෂ්ට ගණයේ සොයා ගැනීමක්නෙ හෆ්ෆේ... උත්කෘෂ්ටයි ! උත්කෘෂ්ටයි !! උත්කෘෂ්ටයි !!!

    ReplyDelete
  37. මේ මොන "හිත"ක් ද මේ කියන්නේ... මාරයා හිත පෙන්නගෙන පාර දිගේ දිවුවද යුරේකා කියල???? :D :D

    ReplyDelete
  38. ඒක තමා හිත හරිම මුරන්ඩුයි කියල සිංදුවක් තියෙන්නේ !

    ReplyDelete
  39. මාර කේස් එක දැන් හිත කියන වචනේ දාලා මොනවත් ලියන්නත් බයයි. කමක් නෑ ඕන හිතක් කියලා මෙහෙම කියන්නම්. දැන් මේ සොයා ගැනීමට පේට්න් බලපත්‍රය ගත්තොත් හොදයි නේද?

    ReplyDelete
  40. මාර සොයා ගැනීමක්නේ අප්පේ මේක......

    ReplyDelete
  41. හිත හරියටම පාවිච්චි කරලා හොයාගත්ත අපූරු සොයාගැනීමක්නේ බන්. කවුරුවත් හානි කරන් පුළුවන් පරිස්සම් කරගනින්...:D

    ReplyDelete
  42. ඕකනෙ බං උබලත් එක්ක බැරි. අවුරුදු ගානක් බලන් හිටිය මගෙ හිත තියෙන්නෙ කොතනද කියල හොයාගන්න... දැන් බලාගෙන ගියාම ඔක්කොටම කලින් මගෙ පුක තියෙන්නෙ කොහෙද කියල හොයාගන්නත් වෙනවනේ....

    ReplyDelete
  43. මාරයගෙත් හිතට එන අදහස් හැබෑට

    කාලෙකට කලින් පොත් සෙට් එකක් කියෙවුව මිනිස් සිතේ හාස්කම් කියල . අරුණි අක්කගෙ තාත්ත ලියපුවා

    ReplyDelete