28 March 2012

මාරයා කසාඳ බැඳි වගයි...

ඇත්තම කියනවනං මේ බ්ලොග් එක පටන් ගත්තත් හරි අද තමා මට අමාරුම ලිපිය ලියන්න වෙලා තියෙන්නේ.. ඇත්තටම මේක මං පහුගිය දවස්වල හංගං හිටිය කතාවක්.. ඒත් අද මට ඒක කියන්න වෙලා තියෙනවා.. මේක ලියන්නේ නැතිව හංගං හිටිය එක වැරදියි තමා.. ඒත් එහෙමයි කියලා හැම දේම ඩොග් ගාලා එළියට දාලත් බැහැනේ. ඒ හින්දා ඕක මං පහුගිය කාලේ නොකියා හිටියා උනත් අද හදිසියේම ඇති උන තත්වයක් මත මූණු පොතේ ගෲප් මැසේජ් එහෙකදී මගේ කටින් මේක පැන්නා. එයින් පස්සේ ඒක හංගං ඉඳලා තවත් වැඩක් නැහැනේ ඒ හින්දා අන්තිමේදී මං තීරණය කලා ඒක කියලා දාන්න.

දැන් මේක අහලා මගේ බ්ලොග් එක කියෝන පැංචියෝ ටික.. නගාලා ටික අදින් පස්සේ මේ බ්ලොග් එක බලන්නේ නැතිව යයි කියලත් මං මේක ලියනවයි කියලා කිව්වම මගේ හිතවතුන් කිහිප දෙනෙක්ම මට අනතුරු ඇගෙව්වා... සමහරු වහ ‍බොයි කියලත් කිව්වා.. ඒත්... මොනවා කරන්නද මං අසරණයි... මට මේක දැන් නොකියා බැරි තැනට වැඩ සැලැස්සිලා තියෙන්නේ... සමහර විට කවුරු හරි හිතන්න පුළුවන් මේක මේ කෙප්පයක් කියලා.. ඒත් මං කියන්නේ ඒක ඇත්තක්.. මං කසාඳ බැන්දා.. ඒක තවදුරටත් රහසක් නෙවෙයි... ඒක උනේ මෙහෙමයි...

ඇත්තටම මේක සිද්ධ උනේ මගේ නොතේරුම් කමටයි අපේ අම්මගේ ඉල්ලීමටයි තමා...

දැන් කියන්න තියෙන්නේ කාවද බැන්දේ කවදද බැන්දේ කියලනේ.. බැඳලනං දැන් ටික කාලයක් වෙනවා බැන්දෙනං මගේ නෑනව.. ඔව් මගේ ඇවැස්ස නෑනව.. මේක සිද්ධ උනෙත් අපේ දෙපාර්ශවයේම වැඩිහිටි කැමැත්ත ඇතිව..විශේෂයෙන්ම අපේ අම්මගේ...

මගේ තාත්තාගේ ඥාති සහෝදරියකගේ දූරු දෙන්නෙක් හිටියා දෙන්නා නිවුන්නු... අපි ඉතිං නමක් කියලා කතා කරන එකක්යෑ.. දෙන්නගෙන් එක්කෙනෙක් ලොක්කි.. අනිත් කෙනා පොඩ්ඩි.. එහෙම තමා මුළු ගමම ඒ ළමයි දෙන්නව හඳුනගෙන තිබුනේ.. හැබෑම ලස්සන ගෑණු ළමයි දෙන්නා... හිනා උනත් ඇති ගමටම සිරියාවයි...

ඉතිං ඔය දෙන්නා ඇඳුම් මහගන්න එතකොට ‍කොහේ හරි යන්න සාරියක් අන්දගන්න එහෙම ආවේ අපේ අම්මා ලගට තමයි.. ඔය ආව වෙලාවට එයාලගේ මිම්ම ගන්න ටේප් එක අල්ලන්න.. එතකොට සාරි අන්දන්න කටු ගහන්න.. පොට හදන්න එහෙම උදව් කරන්න මටත් සිද්ධ උනා.. ඇත්තටම ඒ දවස්වල මං ඔය නෑනා මස්සිනා කතාවක් දැනං හිටියෙත් නැහැ.. මම ඔය සාරි අන්දවන්න උදව් කරන්න ලැජ්ජාවෙන් වගේ ඉද්දී අම්මම තමා කිව්වේ මේ පිට කවුරුවත්යෑ උඹේ නෑනලා දෙන්නනේ මොකට ලැජ්ජා වෙනවද කියලා.. ඒ විතරක්නං බැරියෑ කවද හරි උඹ තමා නෑනලව බඳින්න ඕන කියලා.. ඒක කිව්වම මාව කරකෝලා අතෑරියා වගේ උනත් කෙල්ලෝ දෙන්නටනං කිසිම ගානක් තිබුනේ නැහැ.. උන් දෙන්නම කැමතියි මාව බඳින්න...

මොනවා උනත් අම්මගේ කැමැත්තට ඉඩ දෙන්න ඕන කියලා හිතුන හින්දා අන්තිමේදී මං බැන්දා..හැබැයි ඒ වෙලාවේ තව ප්‍රශ්නයක් ආවා.. ඒ තමා මේ නිවුන්නු දෙන්නාම මාව බඳින්න දඟලපු එක.. ඒත් කොහොම හරි අම්මා මගෙන් අහුවා ලොකු පුතේ උඹට ඕන ලොක්කිවද පොඩ්ඩිවද කියලා..?

මං හුගක් කල්පනා කලා.. දෙන්නම එක වගේ..ඒත් ලොක්කි ටිකක් රතුයි පොඩ්ඩිට වඩා... පොඩ්ඩිගේ හීනියට වගේ වස පාටක් තිබුනා.. ඒත් ලොක්කි එහෙම නැහැ.. ඒ විතරක්යෑ හිනා වෙද්දි කම්මුලුත් වල ගැහෙනවා.. පෙනුම නිකං දෙළුම් ගෙඩියක් වගේ... ඒ විතරක් නෙවෙයි මං හොඳටම දන්නවා ඒ වෙනකොටත් ඒකි මටත් හුගක් ආදරෙයි කියලා... මාව අහු උනාම මගේ ඔළුව අත ගානවා හිටි හැටියේ මූණ ඉඹිනවා... ඉතිං මං කොහොම හරි ලොක්කිව බඳින්න තීරණය කලා..ඉතිං තීන්දු කලාට පස්සේ ආයේ කල් යවන්න ඕන නැහැනේ.. ඉක්මනටම අපේ මඟුල පොඩි චාරිත්‍ර වාරිත්‍ර කිහිපයකින් පසුව කෙරුණා...

අන්තිමේදී මහන්න ආව ගවුම්වල වැඩ ඉවර වෙලා අළුත බැඳපු මනමාලයවත් වඩාගෙන මනමාලි ගියා... ගිහින් මාමලගේ ගෙවල් ගාවදී මනමාල මහත්තයව ඒ කියන්නේ මාව බිමින් තිබ්බා.. මම ඒ වෙනකල් එයාව මං බැදලා තිබුන පුංචි කොහු ලණුව ඉනෙන් ලෙහාගෙන "මං යනවා ලොක්කියේ" කියලා ආපහු ගෙදර ආවා... උන් දෙන්නා හිනා වෙවී ගෙට ගියා...ඔන්න ඔච්චරයි ඒ කසා‍ඳේ වග... දැන් හරිනේ..ඔන්න මං ඇත්තම කිව්වා එක අකුරක් නෑර...

153 comments:

  1. Replies
    1. යකෝ බ්ලොග් එක කියවල කොමෙන්ට් එක දාගන්න ගිය වෙලාව.
      යකෝ මූ රිලවියො දෙන්නෙක් ද කොහෙද බැඳගෙන තියෙන්නෙ.

      Delete
    2. ඔව් මෙන්න තවත් ජයග්‍රාහකයෙක්..:D:D:D

      මොකක්ද අර වෙලා ගියයි කිව්වේ..මට ඒක මීටර් උනේ නැහැ නෙව...

      අඩෝ ම‍ගේ සූටි නෑනලා දෙන්නට අනං මනං කියලා මාට්ටු වෙන්න එපා...

      Delete
    3. නෑ බං. බ්ලොග් එක කියවල ඉවරවෙනකොටම වැඩක් ආව. ඒක කරල ඉවරකරල කොමෙන්ට් දානකොට දහයක් විතර වැටිල.

      හොඳ සූටි.

      Delete
  2. Replies
    1. තෑගි දෙන්නේ පලවෙනියට විතරයි...:D

      Delete
  3. බැන්ද ගමන් ලෙහාගෙනනෙ ඉතින්

    ReplyDelete
    Replies
    1. හිටිංකෝ මගේ පළමු දික්කසාඳය කියලත් තව පෝස්ට් එකක් දාන්න මේකම අල්ලලා...

      Delete
  4. පටන්ගද්දිම දැනගත්ත මේකා අන්දන්න තමයි යන්නෙ කියල...

    ReplyDelete
  5. Replies
    1. උඹලට ඉතිං අපි ඇත්ත කතාවක් කිව්වම හික් හික්ම තමා..ෂික්..:D

      Delete
  6. නොදකින් ..මදැයි කේක් කන්න කට උලුක් කොලා..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ එහෙම වෙන්ට ඕන නැහැ ලගම කඩෙන් අරං ගිල්ලට අපේ අමනාපයක් නැතිවා...

      Delete
  7. Replies
    1. ප්‍රමාද වැඩී...පලවෙනියා විතරයි අද තේරුවේ...

      Delete
  8. හප්පා.. කතාවේ අන්තිම හරියට එනකන් හොල්මන් වෙලා හිටියේ. අපරාදේ මු අමාරුවේ වැටිලා නැනේ.

    ReplyDelete
    Replies
    1. උඹලත් බලං ඉන්නේ අපට කෙලවෙනකල්ම තමා නේද?

      Delete
  9. මේකනම් ටිකක් ප්‍රෙහේලිකාවක්. මට නම් අහුවුනේම නැහැ. පැහැදිලි මඳි. ඒත් මේ බැදිල්ල කසාද බැදිල්ල නම් නෙමේ. අපෝ වැඩ තියනවා. පස්සේ කල්පනා කරන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ වෙදයියට හිස කුඩිච්චියක්ම දාන්ට කාලේ හරි වගේ..:D

      Delete
  10. Replies
    1. ගණනුත් වරද්දගෙන හනේ මංදා...

      Delete
  11. Replies
    1. මම 12 හියැක් හූ............

      Delete
    2. යකෝ 12 කියන්නේ නරියෙකුට හිමි තැනක්ද..? තෝ හූ කියන්ට තිබාගත්තේ..?

      Delete
  12. අපිව ඇන්දුවට කටට ආපු වචනේ ලියලා දාන්නමයි කියලා ලොග් උනේ. ඒත් නිහඬ වෙන එක ගුනයි. :D

    ReplyDelete
    Replies
    1. මෙතන නිහඩ උනාට අපිට අතන තිබේ . දෙමු රිටර්න් එක :D

      Delete
    2. හරි දැන් කට්ටියම කියන්ට බලන්ට මං එතනවත් මෙතනවත් එක අකුරකින්වත් බොරුවක් කියා තියේද කියලා..නැහැනේ...

      Delete
  13. රුපියල් පා කේවා පලයා.... මේ දවස්වල බ්ලොග් ලියන පොරවල් හොරෙන්ම කසාද රෙජිස්තර් කරන නිසා මමනම් හිතුවා මාරයටත් බඩු හරි කියලා.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් මිනිස්සු දැන් හොරෙන්ම තමන්ගෙ අතිතයෙ තිබුන භයානක අපරාධ ලොකයෙන් වසන් කරන්න බ්ලොග් ඩිලිට් කරලා දාලා... ප්‍රොෆයිල් මකලා.. හෙන වැඩ මෙව්වා... බලන් ඉන්න හිතට අමාරුයි.. කොච්චර වුණත්..

      Delete
    2. රවයියා++++++++++++ :D

      Delete
    3. රවා පිස්සුද බන් උන් බිසී ඒකයි....................:D

      Delete
    4. නොදකින් මුං ටික..මේ පෝස්ට් එක අල්ලං අරූගේ ලෝකය වනසන්ට හදනවා නේද..සික්...

      යකුනේ මං බුකිය වැහුවෙත් නැහැ..බ්ලොගේ හැංගුවෙත් නැහැ..:D:D:D

      Delete
  14. Replies
    1. පරණවිතාන මහතැන් ගෙන්නන්ට වෙයි මයෙ හිතේ...

      Delete
  15. උඹ ගාව ලුණු ගොරක මදි මාව තම්බන්න.

    ReplyDelete
    Replies
    1. අච්චරු දැම්ම බිලිංවල ආයේ මොනවා කියලා තම්බන්ටද අයියා.. කොහොමත් එකයි..:D:D:D

      Delete
  16. සමහර වෙලාවට හිතෙ හංගගෙන ඉන්න දෙවල් එලියට දාන්න හිතෙනවා. සමහරු ඒවා බ්ලොග් පොස්ට් විදියට එලියට දානවා. සමහරු හීනෙන් කියෝනවා අනෙ මන්දා ....අනේ මෙ බ්ලොග් පොස්ට් එක නෑනට දැකගන්න ලැබේවා !

    ReplyDelete
    Replies
    1. නෑනා දැන් මෙව්ව බලලා මොනවා කොරන්ටද..ආන්න දැන් උන්ගේ දූරුත් දීග ගිහින්...

      Delete
  17. සිකේ මමත් ආවනේ කෙලගෙන...

    ReplyDelete
    Replies
    1. ආවා වගේම කෙල අරගෙන යන්න බුද්ධි... එක පාරක් අයිස් පෙට්ටියක් කැන්දා ආපු කෙනානේ මෙයා............

      Delete
  18. මම 28...
    සික් ඉතරක් මූ කලින් කීවානම් හරිනේ...:D

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං දැන් උඹත් කියන්නේ මං කෙප්පයක් ඇද බෑවා කියලද..නැහැනේ...

      Delete
  19. මම නම් දැනගත්ත මොකක් හරි මගඩියක් කියලා

    ඔය බ්ලොග් ලියන උන් බැන්දට මේන් කියල කියයි:D:D

    ReplyDelete
  20. Replies
    1. පූස් මල්ලි පුලුහන් නම් ගැනල මං කීයද කියලත කියහන්කො

      මන් දැනන් හිටියෙ නෑ නේ බන් කොමෙන්ට් කරනකොට මම එක මම දෙක මම විසිවෙනියට කොමෙන්ට් කරන්නෙ කියලා කියන්න ඕනි කියල...........

      Delete
    2. උඹ නොදන්න කොච්චර මෙව්වා තියේද බං... අරං වරෙං කොපි පොතයි පැන්සල් කොටයයි...

      Delete
    3. @ නිශ්,

      මටත් උනා විසිවෙනියට.. මටත් උනා විසිවෙනියට..
      මටත් උනා විසිවෙනියට.. පෝලිමෙ ඉන්න.. :)

      Delete
  21. මට තේරෙන්නේ නෑ...! :(

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ...අර වෙදයියට දාන ඉසකුඩිච්චියෙන්ම ටිකක් දෙන්ට වෙයිද මංදා...

      Delete
  22. මම දැන ගත්තා කෙප්පයක් කියලා. මොකෝ මාරයාගෙ පෝස්ට් මම ඉස්සලා කියවන්නෙ අගින්... හෙහ්..මරු ලිවිල්ල..

    ReplyDelete
    Replies
    1. හරි හරි අපි කියන්නේ කෙප්ප... අනිත් අය තමා .."මට පරක්කු වෙනවා මං යන්නං අයියලා.." කියලා අපට කොලේ වහලා කලින් ගිය අය පස්සේ පන්නන්නේ..:D:D:D

      Delete
    2. මටත් ඒක කරන්න හිතුනා නේරංජි. ඒත් භාව කම්පනේ මෙව්වා වෙන්නෙ නෑනේ එතකොට. ඒ හංදා කාගෙන කියෙව්වා මුල ඉඳලා....හෙහ්හෙ......

      Delete
  23. මට බෑ ගනින්න මම කීය හරි,,සික් වෙඩිමක් බලන්න ආව මදෑ

    ReplyDelete
    Replies
    1. හරි බං අපි මේක නැතිවට අනිත් වෙඩිම ගමුකෝ..එතකොට බැරියෑ අපිටත් බලන්න..:D

      Delete
  24. මොන මගුලක් කතා කරනවද මන්දා.....! තියෙන වැඩ ටිකත් ගසලා බසලා දාලා මදැයි මුගේ මගුල ගැන කියෙව්වා.....!

    තෝව වැඳිරියෙක්ම බැඳපිය....!

    ReplyDelete
    Replies
    1. සංසාරේ... අයියම නේද දවසක් කිව්වේ මං බැන්ද ජාතියේම කෙනෙක් උඹත් හොයා ගනින් කියලා..අනේ මංදා... මේක දැක්කොත් අක්කණ්ඩි මොන විජ්ජුම්බරයක් අල්ලයිද කියලා...

      Delete
  25. Replies
    1. නෑ... ලොකු නෑන හරක විකුණල, අර ලනුව ලෙහපු කථාවකුත් අග හරියෙ තිබ්බෙ.

      Delete
    2. කෝ අර දාලා තිබුන එක..මුගේ වැඩේම දානවා මකනවා...

      Delete
  26. හික්ස්ස්....මේකා නෑනව බැදගන්න හීන දකිනව.

    ReplyDelete
    Replies
    1. මොන හීනද..? දැන් උන්ගේ ළමයිත් බැඳලා...

      Delete
  27. Replies
    1. හිටහං මේකට කමෙන්ට් ගයින මැසිමකුත් හයි කරලා බලන්ට...

      Delete
  28. නෑනා මස්සිනාව බඳින්න ඕනේ කියන එකට නම් මම පට්ට විරුද්ධයි මාර කෙලියක්නේ යකෝ ඒක.... මැදක් කියවන් එද්දි හිතුනා මේ හදන්නේ අන්දන්නද කියලා ඒත් මේ ඇත්තක්ද කියලා මුලින්ම හිතාගෙන බ්ලොග් එක කියවන්න බැස්ස හන්දා දිගටම කියෙව්වා... අන්තිම ඡේදේ හතර පස් පාරක් කියෙව්වා ඒ මොකක්ද ඒ වෙලා තියෙන්නේ??මේක කොයි කාලේ වෙච්චි එකක්ද මාරයියේ නැත්තම් මාරයියව වඩාගෙන යන්න ලොක්කි යෝධියක් වෙන්න එපැ

    ReplyDelete
    Replies
    1. මේක වෙනකොට මට අවුරුදු 4ක් විතර ඇති..උන් දෙන්නා දීග දෙන වයසේ කෙල්ලෝ...

      Delete
  29. මං මෙච්චරටම දුර්වලයිද අප්පා :( තේරුම් ගන්න බැරි

    ReplyDelete
    Replies
    1. තව පාරක් අන්තිම ඡේදේ කියෙව්වනං...

      Delete
  30. අනිත් එක බ්ලොග් එකක්වත් කියවන්නේ නැතුව ආවේ මේ පැත්තට සුභ ආරංචිය හංදා.. කොහේද ඉතින්.. මම මේ මාරේ අයියාගේ ජාතික ගීයේ මුල් පේලි ටික ලියන්න කියලා හිතන් හිටියේ.. :) අයියා මේක ඉරිදට දන්න තිබුනේ.. හොදම දවසනේ..

    ReplyDelete
    Replies
    1. හික් හික්... ජාතික ගීය නේද..?

      Delete
  31. මේ ටයිටල් එක වෙන ඕනි බ්ලොග් එකක තිබුනා නම් , සුභ පැතුම කොටාගෙන ඒක කොපිත් කරගෙන තමා එන්නේ , ඒත් ඉතින් මාරයා මෙහෙම එකක් ලිව්වාම බුදු ශුවර් මොකක් හරි අසම්බන්ධ හුන්නස්ගිරියක් ගැන තමයි ලියන්නේ කියලා

    48

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන එකත් මදෑ අප්පා...

      Delete
  32. Replies
    1. කොහොමද බං මේ ගාන ගැන්නේ...දැන් 20ට වඩා ඉහලට ගනින්න පුළුවන්ද..?

      Delete
  33. ?????????????????????තේරුනේ නැත.

    ReplyDelete
    Replies
    1. වසරේ හොඳම ටියුබ් ලයිට් සම්මානය සඳහා නිර්දේශ කරන නම් ගොන්නට ඔන්න ඇතුලත් කලා..:D

      Delete
    2. @ JHOTHISHALANKA

      පොරොන්දම් බලල නෙවෙයි බැඳල තියෙන්නෙ. ඒකයි මේ :-p

      Delete
  34. අයියෝ .. නෑනලව ඇන්දුවා මදිවට අපිවත් ඇන්දුවනේ ....

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ වරදක් කලත් හිතකින් නොවේ...

      Delete
  35. දුසිමකින් එකක් නීත්‍යානුකූල වුනු සිද්ධියක් නෙවෙයිනේ?

    ReplyDelete
    Replies
    1. හපොයි නැත..
      අහ් පොඩි නිවැරදි කිරීමක්නං වෙන්න ඒන..දුසිම වැරදිය...

      Delete
  36. හාපෝ ලේ නෑයෝ බඳින්න හොඳ නැහැලු නේ.

    ReplyDelete
    Replies
    1. එහෙමළු නේද..? හොඳ වෙලාවට අපි ලෙහා ගත්තේ...

      Delete
  37. Replies
    1. උඹලා ගයින්නේ උඩටද පහලටද හරහටද බං..?

      Delete
  38. අපසාදේ...මාරයියා ගොඩ ගිහින් කියල හිතුවේ.. දැන් බැලුවම ගොඩේ ගොඩ නේ.


    මම කි වෙනියැයි ? :p

    ReplyDelete
    Replies
    1. මොන අපසාදයක්ද නංගි..අයියා බේරිලා..

      බපලුට දැන් කී වෙනියා වෙන්නද ඕන..?

      Delete
  39. එදා බෙල්ලේ බැදපු කොහු ලණුවකින් නෑන පොඩ්ඩ මාර පැටියාව ඇදගන යන හැටි කොහොමට වෙන්න ඇද්ද

    ReplyDelete
  40. අපි අහුවෙයි ඕවට.......

    ReplyDelete
  41. දැන් බැන්දයි කියලා නොකියා හිටියේ මේකට එන ගැහැණු ළමයි ටික එන්නේ නැති වෙයි කියලා හිතලාද.. හෆොයි අර සුපර් ස්ටාර් වල වගේ :පි. අපොයි බොලව් මුලින් කියුවනම් තෑග්ගක් එවන්ට තිබුනා. පරක්කු වෙලා කියුව නිසා නො තෑගී.. :/
    හිහි .. ජය වේවා. නියමයි. සතුටින් හැමදාම ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. යකෝ ඒ පාර මේක බොලිවුඩ්වල කට්ටියත් බලනවද..? අනේ අර අමිතාබ් සීයව මතක් කලහයි කියහං අයියා...

      Delete
    2. ජැකලීනා හාමිනේට එහෙම මේ පැත්තට එන්න දෙනවා නෙවෙයි!!! පිටගම් ගියානම් එහෙම ඉන්ට කියන්න.

      Delete
  42. ම්හ්.... මදැයි කොළා.... බැඳපු ගමන් ලිහලනේ...

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව අර කවුදත් කිව්වයි කිව්වේ

      "බැන්දොත් නොලිහා බැරිය"
      "නොලිහිව්වොත් ආයේ බඳිනු බැරිය" කියලා..

      Delete
  43. හිකිස්‌.... නියම කසාදේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.. නගාලටත් එහෙම නියම ක්‍රමයක් හොයා ගත්තනං හොඳයි නේද..?:P

      Delete
  44. :D නිකංයැ දෙමවුපියො අර නම තියල තියෙන්නෙ. ඒ කාලෙ ඉඳලම....

    ReplyDelete
  45. Replies
    1. හිතේ සීය ගහන්න වෙන්න ඇති...:D

      Delete
    2. හපෝ නෑ, ෆුල් ට්‍රයි සංසාරෙන් ඉක්මනට එගොඩ වෙන්න

      Delete
    3. ඒ උත්සහය සාර්ථක වේවා කියලා පතනවා මාමා!

      Delete
  46. මොනවා වුනත් මාරයියා මොලේ ඇති වැඩක් කරලා තියෙනවා....හි හි හි

    ReplyDelete
    Replies
    1. ලෙහුව එක වෙන්ට ඇති මයෙ හිතේ..:D:D:D

      Delete
  47. ඔබා අයියා ගයින්ඩ දන්නවනම් මන් 102 හුරේ.... :DD

    ReplyDelete
  48. ඉතින් මලයා ... පච හල හලා ඉන්නේ ...
    දැන්වත් ඇත්තටම බැඳපියකෝ .....
    [කාලෙත් දැන් හරි නෙව]

    ReplyDelete
  49. අප්පේ මාර අයියා මාරක පිම්මක් පැනල නොවැ ........මේක බොන්න ඕන පුරස්නයක් ..දෙන්නම එක වගේ නම් මාරයත් කම්මුතුයි ......

    ReplyDelete
  50. මේකව හරක් කබේකින් ගැට ගහන්න තිබ්බේ..

    ReplyDelete
  51. හරි මගුලක්නේ මේක....

    ReplyDelete
  52. මාර පැටියා ලොක්කිව තෝරා ගත්තම පොඩ්ඩි නෑනාට හොඳටෝම දුක හිතෙන්න ඇති. පාආආආආආඅව්

    මාරය අපිව ඇන්දුවට එ වෙලේ මාරය ඇන්ඳුනා නේද ? හරි තමයි මම ලොක්කි නෑනව කසාද බැන්දා තමයි කියල. ඇත්ත කියපන් වඩාගෙන යද්දි මොනවද හිත හිත ගියේ ?

    ReplyDelete
  53. මරයියේ හදපන්කො කෙරෙමයක් මේ කමෙන්ට් එකත් එක්ක ඉලක්කම වැටෙන.. මේ හරි කෙලියක්නෙ..

    මේ මම කීයද දන්නෑ නේද.. ? ;-)

    ReplyDelete
  54. අපිව මේ වගේ මුලාවක දැම්ම තෝ හෙලුවෙං හන්දියක හිටෝල තලන්න ඕනෙ වේලාපු හරකගෙ අහවල් එකෙං !!

    ReplyDelete
  55. මදැ ඉතින් මාරයා අයියා අමාරුවේ වැටිලා කියලා ආරංචි වෙලා බලලා යන්න ආවා,....... (ලිහලා යන්න හොදේ)

    මම එතකොට 125 ද?

    ReplyDelete
  56. ඔන්න මාරයිය නෑනව නෙවෙයි පොල්ගහක බැන්දා වුණත් මකුළු පැංචි නං බ්ලොග් එක බලන්ට එන එක අතාරින්නෙ නෑ හරී....ඒ වෙන පැංචියො... :P

    ඒත් ඉතින් මේ දිග නයෙක්නෙ මාරයිය ඇරල තියෙන්නෙ... :D

    ReplyDelete
  57. මං නම් දැනගෙනමයි ආවෙ අලි කෙප්පයක් කියලා.. මේ මාරයා දැන් එන්න එන්න කෙප්ප ගහන එක වැඩි හරියේ.. නිකං මිනිස්සු මුලා කරලා බ්ලොග් එකට අද්ද ගෙන හිට් වැඩි කරගන්නවා.. මේ මෝඩ කෙල්ලො ටිකත් මෙව්වට ඇන්දෙනවා.. අනේ සංසාරේ...

    :P :P

    ReplyDelete
  58. වඩාගෙන යනකොට කකුල් දෙක බිම ගෑවෙන්ඩත් ඇති.. .. ඇති ඔයින් ගියා. මන් හිතුවා මාරයගේත් හොඳ කාලේ ඉවරයි කියලා.

    ReplyDelete
  59. මම අන්තිමයා. අහන්න හිටපු ප්‍රශ්නෙටත් උත්තර දීලා. නිඋඅම ඇන්දිල්ල..

    ReplyDelete
  60. යකඩෝ මෙහෙමත් අන්දනවද මිනිස්සුන්ව........

    ( හුරේ..!!!මමයි අන්තිමයා...)

    ReplyDelete
  61. අඩේ මම හිතුවෙ ඇත්තටම බඩුම තමා කියලා ......

    ReplyDelete
  62. ඇත්තටම හිතුවේ වලේ වැටිලා කියලා...

    ReplyDelete
  63. මම නම් හිතුවා ශුවර් එකටම කෙබරයක් තමා කියලා.:)))
    අපි රැවටෙයි ඕවට....

    ReplyDelete
  64. ඇන්දිල්ලෙන් ඇන්දිල්ල හොඳ ඇන්දිල්ලලු මාර අයියගෙ ඇන්දිල්ල.............

    ReplyDelete
  65. ඉස්සර එක දැන් අන්තිම......

    අයියේ අන්තිමයට තෑගි නැතෙයි???????????

    ReplyDelete
  66. මමත් ඇත්තටම හිතුවේ වලේ වැටිලා කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ දුව මේ දවස් වල කථාවක් කියනවා,

      අම්මේ........ නලියා උඩ්ඩ පැන්නලා පැන්නලා මිද්දි තිත්තයි කිව්වා........

      :D :D :D

      Delete
  67. එතකොට ඔයාලගෙ නැන්ද ඔය සත්තුත් එක්ක සෙල්ලම කලේ කොයි කාලේ වගේද ?

    ReplyDelete
  68. මේක මාර මගුලක්නේ..!!!!!

    ReplyDelete
  69. හුරේ...... මම අන්තිමයා වුනෝ......... ඒත් මම මාරයාගෙ මුලින්ම කියෙව්වෙ මේ කෙප්පෙ තමා... එලම තමා........

    ReplyDelete
  70. බොලවු මේ මාරයා එක බොරුවක්වත් කියලා නෑ. සමහර දේවල් නොකියා ඉඳලා විතරයි. මේකත් අර ඇම්ඩා වගේ බව නෑනලා දන්න නිසා වෙන්න ඇති ලනුව ලෙහෙලා ගෙටවත් ගන්නෙ නැතුව ආපහු එව්වෙ.:D :D

    henryblogwalker the Dude

    ReplyDelete
  71. මේක අප්‍රේල් පලවැනිදා වැටෙන්න දාපු පෝස්ට් එකක්ද බං

    ReplyDelete
  72. ඇඳ ගත්තේ නැත...
    ලැව් ගින්නට සර්වාන්ගේම පිච්චිච එකා ගිණිකුරටත් බය බව දන්නා නිසා
    තව කාලෙකට ඔය වලට පනින්නේ නැති බව දැනගෙනම තමයි කියෙව්වේ
    හැබැටම මේ දවස්වල හැමෝම හිටු කියල බඳිනවා .. අද තිබ්බ බ්ලොග් හෙට අන්තරස්දාන වෙලා :)

    ReplyDelete
    Replies
    1. අඩේ 20000 කොමෙන්ටුව මගෙන් නේද ?? :D
      ඔන්න කාටවත් ආයි තියන්න බැරි රෙකොර්ඩ් එකක් තිබ්බා :P

      Delete
  73. හෆ්ෆාආආ...මගෙ ඇඟේ ලේ ටික වතුර වේගන වේගන ආවා....හ්ම්ම්ම්ම්ම්...එහෙනම් කමක් නෑ................

    ReplyDelete