22 March 2012

ඔබේ බ්ලොගය මගේ ඇසින්..මාර කොමෙන්ට්ස්...

මේක ලියන්න පටන් අරං දැන් සෑහෙන කලක් වෙනවා..ඒත් මොන මොන හේතු හින්දා හරි පබ්ලිෂ් කලේ නැහැ..ඒත් අද හිතුනා ඔන්න ඔහේ යන "හිත"කින් යන්න ඇරලා දානවා කියලා... මේ ඉතිං ඔබ තමුන්නාන්සේලාගේ බ්ලොග් කියවද්දි මගේ හිතට නැගුන අවංක අදහස් තමා ඕං...කලින් ලියලා තිබුන විස්සකට තවත් පහලවක් එකතු කරලා 35ක් වෙන්න ලිව්වා... තවත් 15ක් වගේ තියේ ලියන්න..ඒ ටික පස්සෙන් පහු ලියඤ්ඤං..තරහක් අමනාපයක් ගන්න උවමනාවක් නැහැ... ඒත් බනින්න ඕනනං බැන්නට කමක් නැහැ..මං මගේ නෙවේ වගේ ඉඤ්ඤං... ඒත් හැමෝගේම බ්ලොග් ගැන ලියවිලා නැතිව ඇති..මට මේ ඒ ඒ වෙලේට සිහියට ආව ඒවා තමා...


මූ ගැනයි..මුගේ ලිපි ගැනයි කියන්න වචන නාස්ති කරන්න ඕන නැහැ..මුල ඉදන් මේ වෙනකල්ම දවසින් දවස දියුණු වෙන ලිවීමක් තියෙන කොල්ලෙක්... අපේ ජාතියෙම ගමේ බයියෙක්.ඒත් ඒ ගමේ කම ලිවීමට ආභරණයක් කරගෙන..දුක සතුටක් කරගෙන අකුරු කරන අදට වඩා හෙට ලෝකයේ තැනක් තියෙන එකෙක්...සිංහල බ්ලොග් හරහා සාමාන්‍ය ජන සමාජයට යන පලවෙනි ලේඛකයා වෙන්න ඉඩක් ඇති කොල්ලෙක්...


මේකත් ඉතිං අහු වෙච්ච දවසේ ඉදන් කියවගෙන යන එකක් තමා... තාම මේ වෙනකල්නං නරකයි එහෙමත් නැත්තං මෙලෝ රහක් නැහැ කියලා කියන්න ලිපියක් අහු උනේම නැති..සෑම සටහනකින්ම වෙනම ලෝකයකට කියවන එකාව කුදලගෙන යන්න ඇහැකි බ්ලොග් එකක්... ඇබ්බැහිවන සුළු බ්ලොගයක්...


කියවන්න මෙලෝ දෙයක් නැතිව හිටිය කාලේ මේක අහු උනාම ඉතිං දවස ගානේ කියවන්න මොනවා හරි ලැබුනේ මෙතනින් තමා... කාලෙකට ලියවෙන ලිපි බොහෝම රසවත් වගේම හිටි හැටියේ කාලයක් තිස්සේ මං කියවන්න උනන්දු නොවන ආකාරයේ ලිපි යනවා උනත් පොදුවේ ගත්තම සිංහල බ්ලොග්වල සුවිශේෂම ලකුණක් ඇති බ්ලොගයක්...


මේ බ්ලොග් එක කියවපු මුල් දවසේ ඉඳලා ‍අද මේ වෙනකල්ම මගේ වැඩිම කැමැත්ත දිනාගත්ත බ්ලොග් එක කියලා නොකිව්වොත් ඒක පට්ටපල් බොරුවක්... ම‍ට කවදහරි සිංහල බ්ලොග්වලින් මං කැමතිම එක තෝරන්න කිව්වොත් කතා දෙකක් නැහැ මේක තමා ඒ.


මේ මෑතකදී තමයි මේක කියවන්න සෙට් උනේ. වයස හා අත්දැකීම් එක්ක එන පරිණත බව හරහා සුපිරියටම ලියැවෙන බ්ලොග් එකක්...


දැන් වැඩිය ලියවෙන්නේම නැති උනත් වටින කියන බ්ලොග් එකක්... පණ්ඩිත වදන් නැති සරල වදනින් ලියඋන කියවා තේරුම් ගත හැකි..රස විඳිය හැකි බ්ලොගයක්...


අනිවාර්යයෙන්ම කියවනු ලබන තවත් බ්ලොග්යක් තමා. මේක ලියන උන්දැට කාලෙන් කාලෙට එක එක පිස්සු හැදෙනවා. එතකොට ඒ ඒ කාලෙට අදාල ලිපි තමා යන්නේ..ලිපි කියෙව්වම තේරුම් ගතෑකි මේ දවස්වල තත්වේ කොහොමද කියලා. කොහොම උනත් එක තැනක පල් නො‍වී ලියන අය අතරින් එකෙක්.

චිත්තරවලට ඇති අසමාන හැකියාවෙන් පරයෝජන අරං ලියන ටොපේ ටොප් එකක් තමා.. පොඩි කාලේ අපි වගේම අණ්ඩපාලයෙක් වෙච්ච සමකාලීන සගයෙක්.ඒ වගේම ඌටත් මටත් පොදු වෘත්තීය අත්දැකීම් ටිකක් තියෙන හින්දා කියවන්න අමතක නොකරන එකක් තමා


මං මේකට කැමති උනේ ටිකක් විතර වෙනස් සමාජ අත්දැකීම් ඇති එකෙක්ගේ බ්ලොගයක් නිසා. ගම් බයියෙක් කොළඹ ඇවිත් ඊට පස්සේ කොළඹට හැඩ ගැහිලා කොළඹ උන්ටත් වඩා කොළඹ ගති ලක්ෂණ ආරෝපණය කරගෙන ලෝකේ වටේ අත්දැකීම් ඇතිව කියං යන කතන්දර කියවනකොට ඒකේ තියෙනවා අමුතුම ගතියක්...
(හුටස් මූ බ්ලොග් එකත් වහලද කොහේද..ඌටත් ජයසිරි මංගලං..:D)


මේකට මං කැමති උනේ ඒ කාලේ ගිය කතාවක් හින්දා..."එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" ඒක තමා කතාව..සුපිරිම කතාවක්...ඒත් දැන් කාලෙකින් එහෙම ලිපි ඌ ලියලා නැහැ.ඒත් තාමත් පුරුද්දට කියවනවා.ආයේ කවදා හරි ඒ වගේ ලියයි කියලා හිතාගෙන...


මේක කියවන්නේ මොකටද කියලා මටත් හිතා ගන්න බැහැ..ඒත් ඉතිං මොන කරුමෙකට හරි මං මේකත් කියවනවා..දැන් ඕනනං ඕකා කියයි මං ඕක කියවන්නේ උගේ කරුමෙට කියලා...


මේ බ්ලොග් එකට මං කැමති මේකිත් මගේ රටාවට සමාන රටාවකින් ලියන හින්දා..ඒකෙත් නැති කුණු හරපයක් නැහැ..කලවං බ්ලොග් එකක්...


තාක්ෂණික කරුණු ගැන හොඳම ලිපි ලියැවෙන බ්ලොග් එකක්...ඒත් ඉඳහිට ඌ ආදරේ ගනයි වෙන වෙන බහු බූතයි ලියන්න යනවා..එව්වා කියවන්නං ටිකක් අමාරුයි..ඒත් තාක්ෂනික ලිපි ලිවීමේදීනං මෙච්චර හොදට පැහැදිලිව ලියන්න හැකි එකෙක් නැති තරං...


පරක්කු වෙලා කියවන්න යන බ්ලොග් එකක්...ඒකට හේතුව ලිපිය විතරක් කියවලා මදි වීම නිසයි. මේක ලියන බින්දි හොඳට දක්ෂයි ගිනි තියන්න..උන්දැ ඇවිත් පිදුරු ටික ලං කරනවා..ඊට පස්සේ එතනට එන එවුවෝ හොදට ගිනි තියනවා..ගින්නේ රඟ හොඳටම බලන්නනං ටිකක් පරක්කු වෙලා යන්න ඕන..නැත්තං අතරමැදින් ගිහින් අපිත් ගින්නට මැදි උනොත් ලේසියෙන් දාලා එන්න බැරි වෙනවා..එහෙට මෙහෙට ගිනි පිඹ පිඹ ඉන්නවා ඇර. මේක වැඩි හරියක්ම අධ්‍යාපනික වටිනාකමක් ඇති බ්ලොගයක්.


එකේ නමවත් මට හරියට මතක නැහැ..මට මතක හිටින්නේ ඔහොම තමා..මං ඉස්සර ඉඳලම ආස වැඩක් තමා මල ගෙවල්වල එක්කාසු වෙන පරණ සීයලා කියන පුරසාරං කතා අහං ඉන්න එක... අපරාදේ කියන්න බැහැ ඔබා අයියත් ආන්න ඒ වගේ..අතේ පැල කරලා පණ පිහිටුවලා පඳුරු වටේ තලලා කියන්න දන්නවා..ඒක කියවන එකත් නිකං මල ගෙදරක නයිටක් ගහනවා වගේ වැඩක්...එපා වෙන්නේ නැහැ...


පුදුමාකාර දිරියවන්ත පුංචි නංගි කෙනෙක්ගේ බ්ලොගයක්. කියෙව්වොත් තේරෙනවා කොහොමද කියලා...


මේකත් මෑතකදී ආරම්භ උන පර්යේෂණාත්මක බ්ලොග්යක්..ඌ ලියනවට වඩා අපිව උගේ මානසික පරීක්ෂණ වලට යොදාගන්න බලනවා. කාට හරි ඕනනං පර්යේෂණාගාර මීයෙක්වගේ වෙන්න..අන්න තැන ගිහින් උගේ කූඩුවේ ලැග්ගැකි.


මේත් වයසට වඩා පැසුණු ලිවීමේ ලක්ෂණ ඇති කෙල්ලෙක් ලියන කියවිය හැකි හොඳ බ්ලොගයක්..ඒත් ඒ කෙල්ලටත් වෙච්ච දෙයක් නැද්ද මංදා...


මේකත් ටිකක් විතර බින්දිගේ නෙළුම් විල වගේ. අධ්‍යාපන සාගරයක්. ඒත් බින්දිගේ තරම් පසු කතා ගොඩ නැගෙනවා මදි.ඒකට හේතුව සමහර විට මේක ලියන දිනේශ් ටිකක් තදින් ඉන්න එක කියලයි මට හිතෙන්නේ.


තොපිට ඕනනං බලපියවු ජාතියේ බ්ලොගයක්... මේක ටිකක් විතර හිතේ තියෙන ආසාවල් ලිවීම හරහා තෘප්ත කරගන්නා ආකාරයේ ලිවීමක් දකින්න පුළුවන් බ්ලොගයක්...


මුං දෙන්නගේම ලිපිවලට මං ආස උනත් කියවනවා අඩුයි.ඒකට හේතුව ඒ බ්ලොග් දෙකම මොන හේතුවකටද මංදා ලොඩ් වෙන්නේ සෑහෙන්න වෙලා අරං... අරූගේ මාළු ටැංකියේ ගැජට් බැජට් වැඩියි..පූසගේ වීදුරු ගෙයිනං වෙන මොකක් හරි ලෙඩක් තියේ..අනික ඒකට ගිහිං කියවන්න බැළුවම වැඩි හරියක් වෙලාවට තියෙන්නේ කවියක් ලියපු පොටෝවක්... මලාට ඕකේ පොටෝ මට එක පාර පෙන්නේ නැහැ...තුන් හතර පාරක් දගලලා තමා බලා ගන්න ඒන..ඉතිං කණගාටුවෙන් උනත් අත ඇරෙන අවස්ථා වැඩියි.


මේකත් කියවන බ්ලොග් එකක්..ඒ වෙන මොකටවත් නෙවෙයි ඒ ඒ කාලෙට රනිල් මහත්තයගේ ගෝලයෝ සෙට් එක හිතන කල්පනා කරන හැටි පොඩ්ඩක් දැන හැදිනගන්න..ඉස්සරනං ලංකාදීපේ ගුරුදා විග්‍රහය කියෙවුවා..දැන් මේක කියෙව්වමත් ඒ අත්දැකීම ගතෑකි.


මේකත් ඉස්සර එක දිගටම කියෙව්වා.ඒත් දැන් දැන් මේකි ලියන ඒවා තේරුම් ගන්න මං වගේ එහෙකුට අමාරුයි. ඒ තරමටම මේකි බර බර වචන ලියනවා... ඒ හින්දා ඒක කියවන එක ඔළුව මඤ්ඤං වෙන වැඩක්. ඒත් අතරින් පතර ඔළුව දාලා බලනවා අදවත් සිංහලෙන් ලියලා තියේද කියලා බලන්න...එහෙම නැති කොට ආපහු එනවා.


නැගලම ගිය බ්ලොග් එකක්... ඒත් ලියාගෙන ආව ටිප් ටොප් කතාවක් හදිසියට ඉවර කරලා කැලේ පැන්නා පැන්නමයි වෙච්ච දෙයක් නැහැ.


හැකි හැම වෙලේම කියවනවා..ඒත් අර වර්ඩ්ප්‍රෙස් බ්ලොග්වල තියෙන මැන්ටල් ගති ලක්ෂණ හින්දා රතුහාලේ බත් කනවා වගේ අමාරුවෙන් කියවන්න වෙලා තියෙන්නේ.හැබැයි හිතට වදින්නම ලියන්න දන්න එකෙක් මේකත්.


හප්පා එහෙමත් වටින කියන අධ්‍යාපනික බ්ලොගයක්..නොබලා කොහොමද..?


මේක ලියන බීටලයටත් අකුරු හොඳට ලියන්න පුළුවන්.මූටත් ටිකක් විතර අර ලියන්නගේ ලෙඩේ තියෙනවා.


ආවට ගියාට කවුරුවත් කියන පලියට නෙවෙයි අත්දැකිම් එක්ක ලියන මනුස්සයෙක් වග පේන හින්දා කියවන්න හිතෙන බ්ලොග් එකක්.


මේකට බ්ලොග් හැට හුට හමාරක් තියෙන හින්දා කෝකද කියලා කියන්න මටවත් මතක නැහැ.ඒත් පණ පිහිටුවලා ලියන්න හොඳට හැකියාව තියෙන එකෙක් තමා. හිටි හැටියේ ඉඳලා හිටලා අපබ්‍රංශ වචනයක් දෙකක් තියෙනවා උනත් ඒවා මග ඇරලා කියවගෙන ගියාම අවුලක් නැහැ...


සරත් අයියා..වයසක වගේම පැහුණ නිවුන මනුස්සයා... නිවිහැනහිල්ලේ කියවන්න වටින බ්ලොග් එකක්...


මේ තුන්දෙනාම හොඳ පරණ ගීත ගැන ලියන්න දක්ෂතාවයක් ඇති අය...තුන්දෙනාට තියෙන්නේ ආර තුනක්...


‍මේ බ්ලොග් එක ගැනත් කියන්න තියෙන්නේ අර සරත් අයියගේ එතකොට හෙන්රි අයියගේ දයිල් බතී ගේ වගේ වයසත් එක්ක ලබාපු අත්දැකීම් මත පන්නරය ලබපු අයගේ ඇති සුවිශේෂ ලක්ෂණ සහිත ලිවීමේ හැකියාව හොඳින්ම පිහිටලා තියෙන අයෙක්...

167 comments:

  1. අඩේ මෙකෙ මම එක.

    ReplyDelete
    Replies
    1. මෙකෙ දෙවෙනි කොටසක් තියෙනවද?

      Delete
    2. :D

      තව ටිකක්නං තියේ..ඒත් මේ දැනට බැනගෙන යන හැටියට ඒ ටික දාලා ඉවර වෙනකොට මට මැරුං කන්නත් ඇහැකි වෙයි වගේ...

      Delete
    3. Praසන්னගේ වාර්තාගත බ්ලොග් එක ?

      Delete
    4. ඒ ගැන කතා කරන්න එපා ඉඳුනිල්... ඒක තමා මං වැඩිම කමෙන්ට් ගානක් එකම ලිපියකට දාපු බ්ලොග් එහෙකට තියෙන්නේ...අන්න බ්ලොග්...

      Delete
    5. මටත් දැනගන්න ඕන උනේ ඒක ගැන කතාකරයිද කියල තමයි.

      Delete
    6. ඒක ගැන මං වෙනම පෝස්ට් එකක් දාන්න හිතං හිටියේ..දැන් ඕන වෙන්නේ නැහැ නේද..?

      Delete
  2. මෙතන තියන සමහර බ්ලොග්ස් වලට මම තාම ගිහින් නෑ . ගිහින් බලන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ගිම්හානිටත් අහු නොවුන බ්ලොග් තියේද..?ඇහ්

      Delete
  3. තොට හොඳ නයිටක් ගස්සන්නන් හෙට අනිද්ද ලංකාවට ආවම

    ReplyDelete
    Replies
    1. දැන්ම හදිසි වෙන්ට ඕන නැහැ... තව ටික දවසක් ඔහොම යං..මේ ඉස්සරහ දවස්වල නිවාඩුත් නැහැ ගම්පහ පැත්තේ සතියක් නයිට් ගහන්න තරං..:D

      Delete
  4. වෙලාවට මගේ බ්ලොග් එක නැත්තේ... පොඩි සැකයක් වගේ එකකුත් එනවා හිතට....

    ReplyDelete
    Replies
    1. තව එකක් මාරයා... ලින්ක් ටිකත් දුන්නනම් බලන උන්ට වැඩක් වෙයි හැබැයි....

      Delete
    2. ඔන්න ලින්ක් ටික දාගෙන ආවා

      Delete
  5. මම නං ඉතිං නිදහස් ආර හරි සමනල ආර හරි තමා..

    ReplyDelete
    Replies
    1. ලේ බොන විදිය වෙන්ටෑ...

      Delete
  6. අනේ මාරයා මලේ.. කොච්චර දෙයක්ද මේ ලපටි මගේ බ්ලොග් එක ගැන ලිවුව එක.. අර වයසක පැහුණ නිවුන කියන ටික අපේ හාමිනේට පෙන්නන්න ඕනා.. වයසක කියන එක ලිවුවේ කොහොමද හෆොයි මේ තාම ලපටි වයසේ ඉන්න මාව දකින්නෙත් නැතුව ?

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කමක් නැහැ දුන්න ගානේ හැටියට ඔන්න ලිව්වා...ඒත් හාමිනේ අර ඔබාට ඔබී කිව්වා වගේ පැන්ෂන් කතාවක් එහෙම කිව්වොත් අපි නැහැ...

      Delete
  7. වැදගත් දෙයක් ලියපන්කො බන්

    නැත්තන් කියවල පොඩ්ඩක් හිනාවෙන්න හරි පුලුවන් දෙයක් හරි

    ReplyDelete
    Replies
    1. පලයං බං විහිළු නොකර...

      Delete
  8. ලින්ක් ටිකත් දැම්මා නම් තමයි වටින්නේ.. අපිටත් ගිහින් බලන්න පුලුවන් නේ..

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා..ඔන්න දැම්මා

      Delete
  9. Link tikath dammanam.

    Nithara nobalana blog keepayak ma thiye..

    ReplyDelete
  10. ගොඩාක් බ්ලොග් ගැන කියලා තියෙන කරුණු ටක්කෙටම වගේ හරි කියලා හිතෙනවා.. කියවපු නැති බ්ලොග් එහෙමත් නැතුවම නෙවෙයි.. අර කිවුවත් වගේ දිගුවකුත් දාලා තිබුණා නම් තවත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. ලින්ක් දැම්මා ඔන්න... අහු නොවුන ඒවා තියෙනං කියෝලාම බලමු

      Delete
  11. රතුහාලෙ බත් තමයි බොලං ගුණ ඔය වයසට,

    අර නිහාල් අයියයි සරත් අයියයි නං හරි තැන්පත් නිවිච්ච මනුස්සයො දෙන්නෙක් නැද්ද මං අහන්නෙ ;) තා ඩිංගන් අමතක වෙනව, ඇයි එතකොට ඔබයිය. එයාගෙ පන්දමත් දැන් නිවිල නේද ? :D

    ReplyDelete
    Replies
    1. කෝටුකිතයියත් 22 වෙනිදටවත් අහු වෙන්න ඉඩ තියෙනව

      Delete
    2. නවමා ඔන්න පරිස්සං වෙයං පන්දම නිවුන කට්ටියට අහුවෙන්න ඉඩ තියේ...

      නිවුනා කිව්වම උඹ විතරයි ඒක හරියට තේරුං ගත්තේ..උන්දලා හිතං ඉන්නේ ඒක හෙන ගරු නම්බු දීලා කොරපු කතාවක් කියලා..හැක් හැක්...

      රතු හාල් ඉපේයියා බං...මං කැමතිම නැත...

      Delete
    3. ඔබයි මායි අන්තිම පේලියට ලියපුවා කියවනකන් ඔහොම හිතමු සහෝ !

      Delete
    4. අන්තිම පේලිය මං කියෙව්වේ නැති එකක් නෙවයි බොල...සරා ඇන්ඩ් සනාලා මාත්දන්නවා..තව ඕනනං කිව්වැකි..ඒත් මොකටද..:D:D:D


      (හැබැයි දැන්නං කියවනවා අඩුයි..ඒකට හේතුව ඉතිං දැන ගන්න ඕනත් ඒකේ ඉන්න ඇම්ඩන්..නැහ් ඇඩ්මින්ලා තමා...)

      Delete
    5. මොනව කියන්නද බොල තරුණ පරපුරට ආදුර්සෙට ගන්න හොඳ හොඳ ලිපි දාල ඇති.

      Delete
    6. ඔව් ඔව් සෑහෙන්න ආදර්ශ ගතෑකි තමා...අන්න ආදර්ශ ගත්ත උන් වැඩිදුර අධ්‍යයන කටයුතු වලට 33 කාමරේට ඇරලා...

      Delete
  12. සම්හර ඒවානම් මම ඇහුවෙත් අදයි.. කිව්වත් වගේ ලින්ක්ස් ටික දුන්න නම් ගිහින් බලන්ඩ තිබුනා..

    ඔය තියන ඒවයෙන් මම දැනට කියවන්නේ 05 යි..

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවත් කියවලා බලන්න මලයා..මලයගේ බ්ලොග් එක මට මාට්ටු උනෙත් මේ ලගකදී..දැන් ඉඩ තියෙන හැටියට ඒක කියවන ගමන් ඉන්නේ...

      Delete
  13. මම අම්බානට සතුටුයි..මගේ එක මාරයා අයියා නොබලන එක ගැන..ඒ අහවල් හේතුවක් ද මන්දා

    ReplyDelete
    Replies
    1. උඹ බ්ලොග් එකක් ලියනවද බං නීනුවෝ...?

      Delete
  14. පට්ටයි....
    බලපු නැති බ්ලොග් දෙක තුනයි තියෙන්නෙ ඒ ටිකත් වහාම බලන්න ඕනෙ......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බලන්ට...
      කිරි පුතත් ගානකට ලියං එනවා පේනවා..ඒත් තවම කොනක ඉදන් කියවන්න උනේ නැහැ අතරින් පතර කියෙව්වේ... වෙලාවක් අල්ලලා ඔක්කෝම කියෙව්ව දවසක මේ වගේම වචනයක් කියඤ්ඤං...

      Delete
  15. නැති කුණුහරුපයක් නෑ කියන්ට එපා අයියෝ. ඒකෙ කුණුහරුප නෑ බං අයියෙ. තැන්කූ ඈ මගේ බ්ලොගෙත් දැම්මට

    ReplyDelete
    Replies
    1. කුණුහරප නැහැ කියන්ට එපා බං..එන්ට එන උනුත් හැරිලා යයි..:D:D:D

      Delete
  16. අඩේ මගේ බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යන බවක් මට කවුරුත් කිව්වේ නෑ නොවැ!
    අනේ කට්ටියම වීදුරු ගෙවල් කියන මගේ බ්ලොග් එකට යන්න. ගිහින් බලලා මට කියන්න ලෝඩ් වෙන්න වෙලා යනවද කියලා...
    (මාරයියේ කොහොමද මගේ ටිකිරි මොළේ? :D)

    ReplyDelete
    Replies
    1. බොගෙ ටිකිරි මොළේ දාන්ඩ ඕනේ ඇලේ

      Delete
    2. අන්න මල්ලි නියම වැඩකාරයෙක්... මොලේ ප්‍රවේසං කොරගනින්...:D

      Delete
  17. මේ සෙට් එක දැක්කම මට මතක්වුනේ,
    ඉස්සර රේඩියෝ එකෙත් ගිය "නිවේදක තෝරයි" කියන ගීත එකතුව ගැනයි.

    මේ බ්ලොග් ටික නම් මම අනිවාර්යයෙන්ම ගිහින් බලනවා.

    ReplyDelete
    Replies
    1. ‍මේසන් බාසුන්නැහේගේ අඩවියත් මට ලගදිම සෙට් වෙච්ච එකක් නෑර කියවන එකක් තමා ඕං...

      Delete
  18. මේකෙ තියන එව්වගෙං බාගයක්වත් තාම කියෝල නැහැනේ දෙයියනේ! හොඳයි ලින්ක් දාපු එක..

    ReplyDelete
    Replies
    1. එහෙමනං කියවලම බලමුකෝ..එව්වා කොහොමද කියලා...

      Delete
  19. ස්තූතියි මාරයාට මගේ බ්ලොගය ගැනත් සඳහන් කලාට. ඇත්තටම මා නිහතමානීව ආඩම්බර වෙනවා බ්ලොග් ලෝකයෙ පතාක යෝදයෙක් ලෙස මා සලකන ඔබ වැනි කෙනෙකුගෙන් එවැනි ශුභවාදී කෙටි සටහනක් දයල් බතී බ්ලොගය ගැන තැබීම පිලිබඳව.
    ලියන අපිට එය ධෛර්‍යක් බව කියනු කුමටද?

    ReplyDelete
    Replies
    1. හොඳයි කියලා පේන දේ හොඳයි කියන්ට එපෑ..ඒත් අරෙහෙම වනන්ට යන්ට එපා..මට නිකං මොකක්ද මොකක්ද වගේ..

      Delete
  20. ලින්කු දාපු එකනම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. පණ යන වැඩක් අප්පා ඒක...

      Delete
  21. මාරයා මුලින්ම කමෙන්ට් එකක් දාපු දවසත් මේ වගේම සතුටක් ඇති වුනා . ඇයි වදේ අද රස්සාවට ගියේ නැද්ද . උදේ යස අපුරු ලිපියක් තිබුනා . මටත් ඒ වගේම හිතෙන නිසා ඇට්ටි හැලෙන කමෙන්ට් එකක් දාන්න හිටියේ හවසට . බැලින්නන් තව පොස්ට් එකක් දාල . අසෙනිය කුසුමට නම යෝජනා වෙලා තිබුන බ්ලොග් සමහර ඒවාට ගිහින් බැලුව . හරිම ලස්සන බ්ලොග් තියෙනවා . එත් වැඩිය කියවන බවක් පේන්නේ නැහැ . විශේෂයෙන් පරිවර්තන බ්ලොග් එක . පරිවර්තන කියවන්න ආස අයට. මාත් හිතන් උන්නේ ඒ බ්ලොග් වල ලින්ක් දාන්න කියල . දැන් මාරතුමා පටන් ගත්තු නිසා නරකද මෙතනම ඒ ලින්ක් ටිකත් අත ඇරියොත් .අවසරය පරිදි . මුන්ද කැමති නැහැ අවසර නැතුව ලින්ක් දානවට . ඉඩක් ලැබුන වෙලාවේ පලක් ගන්න එකයි හොඳ .

    ReplyDelete
    Replies
    1. අද ඕන ලින්ක් එකක්..:D

      වැඩ වැඩ..අපි වැඩ..මං මේ ලියලා පබ්ලිෂ් නොකරපු පෝස්ට් හත අටක් තිබුලා ඒවා ඩිලීට් කලා..ඒ ගමන් මේක අහු උනේ ඔන්න ඔහේ දාලා දැම්මා...කලින් එකනං අද ලිව්වේ

      Delete
  22. ලින්ක් ටික දැම්ම නිසා හොදයි.ගිහින් බලන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. ඉංජිනේරු නෝනලා ඕනවට වඩා ලේසිය හොයනවා..:D

      Delete
    2. මොන ලේසියක්ද අප්පා..කියවන්න කියලා බ්ලොග් කීයක්ද?ඒ වගේම කමෙන්ට් කරන්න.ඉතිං යන එන ගමන් තමා අලුත් ඒවා හොයා ගන්නෙ.

      Delete
    3. ඒකනං එහෙම තමා නගේ...

      Delete
  23. අනේ මගේ සත්තරන් වගේ ඉන්න පාඨකයො අතලොස්සට මීයො කියන්ඩ එපා අෆ්ෆා... :DD

    ReplyDelete
    Replies
    1. අමතක කරන්ට එපා ඒ ගොඩේ මාත් ඉන්නවා කියලා..:D

      Delete
  24. බොහොම වටින සරල වචන මාත්‍රික විමසුමක්. සමහර බ්ලොග් අඩවි මම දැනගත්තෙත් මේ ඔබගේ ලිපියෙන්.ඒකට බොහොම ස්තූතිවන්ත වෙනවා.ඔබට දැනෙන හැටි සහ මට දැනෙන හැටි රුචිකත්වය අනුව වෙනස්වුනත් බොහොමයක් මේ අඩවි ඇත්තටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වචන ටිකට මං කැමතියි මලයා..

      "ඔබට දැනෙන හැටි සහ මට දැනෙන හැටි රුචිකත්වය අනුව වෙනස්වුනත්"

      මේ වෙනසට ගරු කරන්න පුළුවන්නං මෙතන සාමකාමීව තියෙයි...

      Delete
  25. මාරේ අයියා උඹ මගේ බ්ලොග් එක බලන බව මම දන්නේ මම බ්ලොග් ලියන්න ගත්ත පලවෙනි දවසේම තමා .උඹ තමා මගේ බ්ලොග් එකට දෙවනියා විදිහට කමෙන්ට් එකක් දැම්මෙත් . ඉතින් උඹ තමා මට පටන්ගත්ත බ්ලොග් එක ඇදං යන්ඩ හයිය දීපු එකා .. අද වෙනතුරු මේ ලියන්නේ උඹලා දුන්නු සප් එක නිසා තමයි ..

    තෑන්ක්වේවා බං !!

    ReplyDelete
    Replies
    1. සංතෝසයි බං මලයෝ අද බොලා ඉන්න තැන දැක්කම...

      ඒ අස්සේ හිනාකාලා මැරෙන වැඩත් වෙනවා නේද බං..:D:D:D

      Delete
    2. ලීක් කොරන්ඩ එපා දෙයියා!! ...

      Delete
    3. මොකද්දෑ බොලේ ඒ සීන්කෝන් එක ???

      Delete
    4. චීන ෆෝන් සීන් එකක් අහම්බෙන් දැක්ක බ්ලොගේක. ඒකවත්ද ?

      Delete
    5. බොලාටත් ඕන නැති කෙහුරක් නැහැ නේද..?

      ඒත් ඉතිං මං කියන්නේ නැහැ කිව්වොත් නැහැම තමා..කොටින්ම අම්පාරේ යන බස් එකෙදී මූට කිසිම දෙයක් වෙලා නැහැ ඕං..කවුරුවත් අහන්නත් එපා..මං කියන්නෙත් නැහැ..:D:D:D

      Delete
    6. සඳරු...? අම්පාර බස්... ? හුටස් !!!

      Delete
    7. ඕං බලහං ඉතින් ...රුවිතෙටමයි හිතන්නේ !!

      Delete
    8. ඔන්න මමනං මලයෝ අර බස් එකේදි සිද්ධ වෙච්ච හුටපටේ ගැන කෙල බිඳක් බිම හැළුවේ නැහැ...

      Delete
  26. මෙන්න බොලේ මාරයා මාව මුරුංග අත්තට නග්ගනවෝ.....:D

    ගොඩක් ස්තූතියි බං උඹේ වචන ටිකට...! උඹේ ලියවිල්ලත් එක හේතුවක් තමයි මටත් ලියන්න ආසාව ඇති උන....!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කරන්න බැරි... නග්ගන වෙලාවට නැගහංකෝ කිව්වම අහලා හොද එකා වගේ... ගහ කපන්න තව වෙලා තියේ...:D:D:D

      උඹ මගුලක් කතා කරනවා..ඇත්තටම මට තවමත් තනියම හිනා යනවා අර වෙඩින් එකේ කබරයාගේ සීන් එක සිහි උනාම...

      Delete
    2. මඟුලක් කතාකරනව. මේ අලිය කොහෙ යවන්නද මුරුංග ගහේ. ඕනෙමනං යැව්ව ඇහැකි පත රූස්ස නුග හගකට. ඒත් කරටියටම නං බැරිවෙයි !!

      Delete
    3. හාල්මැස්සෝ, සාලයෝ ඉතින් කොහොමත් කොරල් අස්සෙ මිසක් මුරුන්ගා ගස් උඩ නගින්නෙ නෑනේ....!

      Delete
    4. මෑණියන්ට සිරි...හාල් මැෂ්ෂෙක් අලියෙකුට ගේම ඉල්ලල නේද..?

      Delete
    5. අඩෝ නවමලෑ සීය කෙනෙක් ඩ්‍රිංකල් එක දාල මොහොමඩ් අලීට චැලේන්ජ් කරල තියනව ඒ කාලෙ . . .එහෙවු පරපුරක කොල්ලෙක් නවම කියන්නෙ

      Delete
    6. හැබැයි කොහොම උනත් ඒ පාර නවමගේ සීයනං බේරිලා තියෙන හැඩයි..මොකද දැන් නවම ඉන්නේ ඒ හින්දානේ..හැබැයි මෙදා පොටේනං කොහොම වෙයිද කියන්න දන්නේ උඩ ඉන්න ***තමයි..

      Delete
  27. ඇට මැස්සාගේ බ්ලොග් ඒක තමයි මම හොයා හොයා හිටියේ.දැන් එකාත් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඕක හොයන්න ඔය හැටි අමාරු උනේ මක්කැයි..අර සින්ඩිවල යන්නේ හිටු කියලා...

      Delete
  28. බොට මගේ බ්ලොග් එක කියෝන එක නතර කොරන්ට වෙයි . . මොකෝ මේ කපේදි ආයි ඒ ජාතියේ කතා මගෙන් ලියවෙනවා බොරු මේ තිය වැඩ රාජකාරී එක්ක . .

    ReplyDelete
    Replies
    1. බලමු කොයි වෙලේ හරි රාජකාරි දමලා ගහලා බකං නිලාගෙන වෙලාවකුත් එන්නේ නැතෑ..

      Delete
    2. // දුකා-

      මේකට මං කැමති උනේ ඒ කාලේ ගිය කතාවක් හින්දා..."එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" ඒක තමා කතාව..සුපිරිම කතාවක්...ඒත් දැන් කාලෙකින් එහෙම ලිපි ඌ ලියලා නැහැ.ඒත් තාමත් පුරුද්දට කියවනවා.ආයේ කවදා හරි ඒ වගේ ලියයි කියලා හිතාගෙන... //

      එක වරකට දහස් වාරයක් එකගයි.. අපට කවදා ආයෙත් ඒ දුකාව දකින්න ලැබේද මන්දා..

      Delete
    3. දුකා අයියා . .
      බයවෙන්න එපා . . ඔයාට තව ටිකයි තියෙන්නෙ ඔබාගෙ වයස අල්ලන්න. එතකොට ලියන්න වෙලාව ලැබෙයි

      Delete
    4. මං ඉස්සෙල්ලම සිංහල බ්ලොග් එකක් කියලා කියෙව්වෙ දුකා අයියගේ ඔන්න ඔය කතාව තමයි. ආයේ ඒ වගේ කතා ලියනවනම් හොඳයි..

      Delete
    5. හප්පොච්චියේ . . .දැන් නම් හිතෙනවා ඔහොම කියද්දී ආපහු ඒකේ ඉතුරු ටිකත් ලියන්ට . .

      ඕනයා . . එහෙනම් බොටයි මටයි දෙන්නටම එකට හිටු කියලා සෙට් වෙලාම ලියන්න ඇහැක් වෙයි . . බොලා මට වඩා අවුරුදු තුනක්ද කොහෙදනේ බාල . .

      Delete
    6. ආන්න එහෙම ප්‍රේක්ෂකයින්ට කන් දීහං...

      ඔව් තොපි දෙන්නට එකට ලිව්වැකි..හෙල්මට් එහෙකට පින් සිද්ධ නොවෙන්න තව පොඩ්ඩෙන් වෙන්ඩ මස්සිනාලා කියලත් කවුද මංදා කියලා තිබුනා මං දැක්කා...:D

      Delete
  29. අහ් මට කියන්ට අමතක උනා උඹ මගේ බ්ලොගේට එන හේතුව මම බොගේ බ්ලොගේට එන හේතුවම වගේ තමා . . මම එන්න අදවත් පන්සල් කතාවක් හරි ඒ වගේ කතාවක් ඇද්දෝයි කියලා හොයා බලන්ට . . .

    ReplyDelete
    Replies
    1. කිසිම දෙයක් ස්ථීර නැහැනේ දුකා..කොයි වෙලේ හරි දාන්න පුළුවන් මට්ටමේ හැම දෙයක්ම එළීයට එයි...

      Delete
  30. තැන්කූ මාරයියේ....කියවන්න වටින බ්ලොග් සෙට් එකක්ම තියෙන්නෙ...පොඩි විවේකෙකුත් ලැබීගෙන එන එකේ...ඒවත් කියවන්ඩ ඕනේ... :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් මාරයියේ.....නහය ගාවටම ගිලෙන්න වැඩ තිබුනනෙ... :((

      Delete
    2. අපරාදේ නේද..? තව ඩිංගක් ඉහලටම ආවනං..:P

      Delete
  31. නොකියවපු දෙක තුනක් තියනවා! ගිහින් බලන්න ඕන!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් බලහං මලයා...

      Delete
  32. එළ එළ... බ්ලොග් සෙට් එකක්ම තියේ කියවලා නැති. වෙලා තියෙන විදියට කියවන්න ඕන...

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන විදියට කියවන ගමන් අර ලියං ගිය එකත් ලියනවා හොඳයි...

      Delete
  33. වැඩේ නියමයි, දැන් යන කතරගමක දැනගෙන යතහැකි. මාරයා අපේ අහ ඇවිත් නැද්ද? නැත්නම් අපි හොද වැඩිද? හිහ් හිහ්!!

    ReplyDelete
  34. අඩේ මාරයියා සුපිරිම බ්ලොග් ටික තොරගෙනනේ.ඒත් මං දන්න තරමින් මගේ වචනයෙන් කියනවා නම් තව පරිණත අදහස් තියෙන බ්ලොග් ටිකක් මේ යායේ තියෙනවා අවාසනාවකට ඒවා මාරයියට මීටර් වෙලා නැද්ද කොහෙද.

    එන්න එකතු වෙන්න අපි අපිට බ්ලොග් සින්ඩිය වෙත
    www.api-apita.blogspot.com

    ReplyDelete
    Replies
    1. මීටර් නොවිච්චත් ඇති..මීටර් වෙලා එච්චරම හිතට නාල්ලපුවත් ඇති.. මේ ඉතිං පට පට ගාලා මතක් වෙන හැටියටනේ ලියං ගියේ...

      මෙයාකාර සින්ඩි මොනවා කරන්ටද මංදා..:D:D:D

      Delete
  35. අපිව අමතක වෙලාද මන්ද :(

    ReplyDelete
    Replies
    1. කිරි අප්පච්චියේ නලින් මල්ලි..:D
      උඹව අමතක කරලා කොහොමද..?

      Delete
  36. මම මේ පෝස්ට් එක බුක්මාර්ක් කර ගත්තා.. තවමත් නොගිය බ්ලොග් දෙක තුනක්ම තියෙනවා.. මාර උදවුවෙන් ඒ පැත්තටත් යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. මලයට මිස් වෙන බ්ලොග් ලේසියකට නැහැ නේද..මං හුග වෙලාවකට දකිනවා හුගක් බ්ලොග්වල මලයගේ කමෙන්ට් තියෙනවා...

      Delete
    2. ඔව් ඔව් අයියේ.. මම ලියනවට වඩා කියවන්න ආසයි.. මොකද ඉගෙන ගන්න දේවල් තියෙන නිසා ඒ හැම එකකම.. ඒත් මේ ඇට මැස්සා සත් සමුදුර වගේ ඒවට මම කලින් ගිහින් නෑ..

      Delete
    3. සත් සමුදුර අනිවාර්යයෙන්ම කියවිය යුතු එකක්..මලයට ඒක මේ හරහා අහු උනානං ඒකම ඇති මට මේ පොස්ට් එක ගැන සතුටු වෙන්න

      Delete
  37. එල එල සමහර බ්ලොග් වලට ගියෙත් දැන් තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ මග ඇරෙන ඒවා කොයි තරං තියේද?

      Delete
  38. නොගිය තැන් තියෙනවා යන්ට ඕනේ ෆලෝවක් දාලා අලුත් ඒවා බලනවා..

    ReplyDelete
  39. වටිනෝ වටිනෝ මම මාතෘකාව දැක්කම හිතුවේ මාරයියා මාරයියගේ බ්ලොග් එක විවේචනය කරලා ලිපියක් දාලාවත්ද කියලා....මෙතන බාගෙට බාගයක් මම ගොහින් නෑනේ අප්පා....මේ අගෝස්තු පහුවෙනකන් ඉවසන්ට බ්ලොග් ලියන ඈයෝ මම මේ ලිපිය බුක්මාක් කරගෙන පන්නන්නකන්

    ReplyDelete
    Replies
    1. පික්ෂුද..මං මොකටද මගේ බ්ලොග් එක විවේචනය කොරන්ට මහන්සි වෙන්නේ.. එව්වට මං වෙනම බ්ලොග් එහෙකට ගෙවලා තියෙන්නේ...:D:D:D

      හප්පා බුක් මාක් දාපුවා මගෙත් ඇත කිහිපයක්ම තව...

      Delete
  40. ඒයි මාරයිය.. මන් එච්චර බරසාර එව්ව ලියන්නෙ නෑ බොලේ.. :) හිකිස් ....

    ReplyDelete
    Replies
    1. අහ් එච්චරටම බරනං නැහැ..ඒත් නගේ ඉඳ හිටවත් සිංහලෙනුත් ලියහංකෝ අපිටත් කියවන්න බලන්න..:D

      Delete
    2. හිකි හිකි. මේ දවස් වල ග්‍රීක පන්තියකට යනවනෙ :)

      Delete
  41. අනේ පලයන් යකෝ ..........

    අවාමෙතන අපිව ගස් නග්ගවන්න .. :DDDD

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං අතු අගිස්සේ ඉන්න එකා කොහේ නගින්නද..?
      හෙක් හෙක්...
      මේ දවස්වල ධර්මෙන් වැඩලු නේද..?:P

      Delete
  42. ඉස්තූතියි.. ඉලක්කම් පොල්ල වැඩ...

    අර බ්ලොග් එක උවමනාවෙන්ම හලලා නේද... නරක සොරා... :)

    ReplyDelete
    Replies
    1. හලලා තියෙන ඒවා හලලම තමා බං තියෙන්නේ...

      Delete
  43. මමත් උබේ ඔය ලිස්ට් එක පස්සේ පන්නන එකෙක්,,අර දරුණු බ්ලොග් වගයක් තියනවා ඒවට කමෙන්ට් කරන්න බයයි, ඒක නිසා කමෙන්ට් කරන්නේ නෑ,,උබේ බ්ලොග් එකට ඉතින් මමත් දිගු කාලයක් ඉදන් වහ වැටිලා ඉන්න එකක්...ඔය ලිස්ට් එකේ මහා ඕනේ නැති එකාලා දෙන්නා තමා වැපයි,මරනයයි,,,අනේ බන් අර පොඩි එකී ගැන හොයලා බලන්න විදිහක් නෑ ,අන්තිමෙදී මමත් නවත්තලා දැම්මා හොයලා බලන එක

    ReplyDelete
    Replies
    1. ඩිලා ගැන මං නොදන්නවද..?

      ඕය ඩබල ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න එපා බං..උනුත් අර හැරී පෝටර්ගේ හතුරා වගේ තමා...නමවත් කියන්න හොඳ නැහැ..:D:D:D

      පොඩි එකීට වෙච්ච දේ මට හොයා ගන්නත් බැරි උනා බං...ඔය කොයි වෙලේ හරි මතු වෙන්නේ නැතෑ...

      Delete
  44. අඩේ මාරේ අයියා එහෙනම් තාමත් මගේ බ්ලොගේ කියවනවා??
    සතුටුයි ඈ.......

    ReplyDelete
    Replies
    1. ඒක කියවන එක මං කවදාවත් නවත්තලා නැහැ නගේ... කොටින්ම මේ බ්ලොග්වලදී මං දැක්ක අමතක නොවනම කවිය තමා අර උඹේ බ්ලොග් එකේ තිබුන මැස්සගෙ කවිය...

      Delete
  45. ඔන්න මාරයෝ ඉස්‍ඉසසෙල්ලාම ‍‍‍බොහෝම ස්තුතියි කිව්වා සත් සමුදුරටත් ඉඩක් ලබාදුන්නට. ඇත්ත සත් සමුදුරේ පසු කතා නම් ‍ගොඩනැගෙනවා ටිකක් අඩුයි තමයි. ඒකට මේ හේතුව එනම් ටිකක් තද ගතියක් තියෙනවා කියන කතාවත් ඇත්තක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ තද ගතිය තිබුනේ මේ රටේ සමහර දේවල් ගැන කතාකරන කොට හා ඇතැම් දේවල් ගැන පාඨක මිතුරන්ම දක්වන පරිනත නොවන අදහස් වලදී කිව්වත් වරදක් නැහැ. කොහොමවුනත් ඕනෑම දෙයක විනය පවත්වාගෙන යන්නත් ටිකක් ආඥාදායක ස්වරූපයක් ඕනෑ කියලත් කියලා තියෙනවානේ :D) හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා. මම නියෝජනය කරනවායයි කියන අධ්‍යාපනය හා සම්බන්ධ කැටගරිය එතරම් ජනප්‍රිය කැටගරියක් නොවීමත් ටිකක් පසුකතා ගොඩ නොනැගෙන්න හේතුවක් වෙන්නට ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව් සාමාන්‍යයෙන් අධ්‍යාපනික බ්ලොග්වල පසු කතා ගොඩ නැගෙනවා අඩුයි..ඒත් හොඳින් කල්පනා කරලා කටයුතු කලොත් ඕනම දෙයකට කතිකාවක් හදන එකත් අපහසු නැහැ..එතනදී පොඩ්ඩක් බ්ලොග් එක තමන්ගේය කියන එක අමතක කරලා පිටින් ඉඳන් බැළුවනං පට පට ගාලා අහු වෙනවා සංවාදයක් ඇති කරවන්න මගක්..කොහොමටත් අධ්‍යාපනික ලිපි කියවද්දි ඔහේ තොරතුරු ගොඩක් කියවලා සද්ද නැතිව ඉන්න තමා හුග දෙනෙක් පෙළඹෙන්නේ..ඒත් ඒ ඇතුලේ අනිත් අයටත් ප්‍රශ්න කරලා දැන ගන්න අවස්ථා හදලා දෙන එකත්..අනිත් අය විසින් දෙන තොරතුරු ගැනත් අවධානය යොමු කරන එකත් වැදගත් කියලයි මට හිතෙන්නේ..කොහොම උනත් ඔබේ බ්ලොගය දැනුම් ආකරයක්...

      Delete
    2. ස්තූතියි! ඔබ ලබා දුන් උපදෙස ගැන ඇත්තටම සිතිය යුතුයි. තවත් විවෘතව බැළුවොත් පසු කතිකාවතක් ඇති කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා මමත් අනුමාන කරනවා. ඒ වගේම ඒ ඒ අය අතරේ කතා බහක් ඇති වෙන්න අවස්ථාවන් ඇති කිරීමෙන් තවත් අළුත් මාතෘකා ග්‍රහණය කරගැනීමේ අවස්ථාවත් උදාවෙතැයි සිතනවා...

      Delete
    3. ඔව් ඇත්තටම ඒ ගැන උනන්දු වීම වැදගත් මොකද ඔබ ලියන ආකාරයේ ලිපිවලට වැඩිම වටිනාකමක් එන්නේ ලිපියට යටින් යන කාතාබහක් හරහායි..මං ඒක හුගක්ම දකිනවා බින්දිගේ නෙළුම් විල හරහා... විහිළු තහළු මැද කමෙන්ට් හරහා ඇදී යන කතාබහ විශාල ආලෝකයක් දෙනවා. ඔබ වැනි හුගක් මහන්සි වෙලා කරුණු එකතු කරලා මහප්‍රාණ නැතිව අපට තේරෙන සරල භාෂාවෙන්ම ලියන කෙනෙකුගේ ලිපි කතා බහට ලක් නොවීම අපරාදයක්.

      Delete
  46. නියමයි මාරයියේ... දන්නැති අයට, අළුත් අයට දැනගන්නත් එක්ක ලින්ක් එක්ක වර්ණනාවක් දාපු එක හොඳා... මමත් දන්නැති දෙක තුනක් තියේ... ගිහින් බලන්න ඕනේ...

    දෙවැනි කොටහකුත් තියේද ? තිබ්බොත් හොඳ නොවෙද ???

    ReplyDelete
    Replies
    1. දෙවැනි කොටසක්නං ගේන්න ඕන තමා..තව මග ඇරුන කිහිපයක් තියේ ලියන්නම ඕන..

      Delete
  47. මාරු ඈ.. මාත් ඔය බ්ලොග් ඔක්කටම වගේ ගිහින් තියෙනවා..

    ReplyDelete
  48. ලගකදි බ්ලොග් කියවන්න ගත්ත මගේ කියවීම් ලිස්ට් එකේත් මෙතන තියෙන ඒවයින් 24ක් තියෙනවා අනිත් ඒවටත් ගිහින් බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. තව 11යිනේ මගෑරිලා තියෙන්නේ..ඒකත් කියෝමු

      Delete
  49. අපිට බොහොම වැදගත් පෝස්ට් එකක්......

    ReplyDelete
  50. මාරෙ මල්ලිත් කරන්නෙ මාර වැඩනෙ. ඔන්න මමනං නැග්ග ගහේ කරටියටම. මේකෙ තියෙන වටිනාකම මගෙ බ්ලොග් එක පටන් අරන් තවම අවුරුද්දක්වත් නැතිවත් (මාස නවයයි) මේ ලැයිස්තුවට ඇතුලත් වෙන්න ලැබීම.

    මම මාරයාගෙ බ්ලොග් එක ගැන හිතන දේ මගෙ බ්ලොග් එකේ බුලි පෝස්ට් එකට (අඩෝව්, මෙන්න මූ හුලං ගහනවෝ!) මාරේ දාපු කොමෙන්ට් එකට මම දීපු පිළිතුරේ තියෙනවා. ඒක කෙටියෙන් කිව්වොත් මාරයා ලබලා තියෙන අත්දැකීම් ගොන්න සාමානයයෙන් එක ජීවිත කාලයක් ඇතුලත කෙනෙකුට ලබන්න අමාරු තරම්. අන්න ඒක තමයි මාරයාගෙ සහ මාරයාගේ හෝරාවේ මම දකින විශේෂය.

    මාරයාගෙ සහ කතන්දරගෙ දෙන්නාම ගැන මට තියෙන පොදු චෝදනාව තමයි අපි අමාරුවෙන් දාන කොමෙන්ට් වලට බොහෝවිට පිළිතුරක් නොදීම. හරියට ගහකට ගලකට හුඹහකට කතා කරනවා වගේ! ඔන්න ඇත්තම ඇදලා ඇරියා.

    ස්තුතියි මාරෙ මල්ලි

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. නග්ගන වෙලාවට නැගහං අයියා ඉවක් බවක් නැතිව...:D

      අර චෝදනාව ගැන කියනවනං ඒක ඇත්ත කියලා පිළිගන්න වෙනවා..ඒත් හිටි හැටියේ මේ අද පෝස්ට් එක වගේ අතරින් පතර එකක් තෝරගෙන එක දිගට කතා කරන වෙලාවළුත් නැත්තේ නැහැ..මේ මැතක ඉඳන් තමා මටනං ඔය දේ කරන්න උනේ..නැත්තං ඉස්සර එකක් නෑර උත්තර ලිය ලිය හිටියා..දැන් ඉතිං ටිකක් එයිට වඩා වැඩ පටලන්නේ...

      Delete
  51. හිස් අහසට සුභ පතන්න කෝල් කලහම තමයි දැන ගත්තේ මට බැනලා තියෙනවා කියලා. මේක විජාතික බලවේගයක්... :D

    මාර අයියේ... කතාව මගදි නැවැත්තුවේ හිතකින් නෙමෙයි. ඒ දවස් වල ලියන්න විදිහක් තිබුනේ නැහැ. හැමෝම අහනවනේ ලියන්නෙ නැද්ද කියලා. ඒක නිසා කතාව තාවකාලිකව නැවැත්තුවා. ආයෙත් තව මාසෙකින් විතර පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඉතින් මටත් ආයෙත් කතාව මුල ඉඳන් කියවලම තමයි ලියන්න පටන් ගන්න වෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. විජාතික බලවේගනං අපිත් එව්වට විරුද්ධයි...ඕනනං පාන් කකා උපවාසයක් කරමු...

      මුල ඉදලා බැරිනං අග ඉදලා හරි කියෝලා ඒක පටන් ගත්තනං තමා හොඳ..:D

      Delete
  52. අඩේ.. මේකෙ මගේ blog එක ගැන නෑ නේ!

    ReplyDelete
    Replies
    1. ඒක දාන්නත් හිතලා..ආයේ හිතුනා කට්ටිය පවුල් සංස්ථාවලට මං කත් අදිනවා කියන සුපුරුදු චෝදනාවෙන් මට දමා ගහයි කියලා..ඒ හින්දා සුපුරුදු විදියට මං ස්ත්‍රී පාර්ෂවේට තැන දුන්නා..සොරි ඩොට් කොම් මචං..:D

      Delete
  53. හපොයි...ගොඩක් තියනවනේ මම නොගියපු එව්වා...බලමුකෝ...

    ReplyDelete
  54. ඔබාගෙයි, බනියගෙයි විස්තරේ නම් පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. ඇයි බං වැපා ගැන දාපු එකේ මොනවා හරි අඩුවක් තිබුනද..?:D

      Delete
  55. මම මෙහාට එන්නෙ කලාතුරකින් නෙ.. අපි ඉතිං පුංචි ඈයෝ නෙ... ලොකු තැන්වලට එන්න බයයි..:p

    කියවපු නැති බ්ලොග් හුඟාක් තිබ්බා.. ස්තූතියි!!!

    ReplyDelete
    Replies
    1. අඩේ තවත් හිතුවක්කාරියෙක්ද..මොකද මංදා මේ ලමයි මේ හැටි හිතුවක්කාර වෙන්නේ..මට කියවන්න අහු වෙලා නැහැ වගේ..බලලම කියන්නංකෝ...

      Delete
  56. නියමයි!!!
    නොගිය ඒවටත් ගියා...
    දාලා තියෙන විස්තර නං සුපිරි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කිව්වා...

      Delete
  57. කෝ මේකේ තව බ්ලොග් එකක් අඩුයිනෙ?? :D :D :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්මයි..අර කළුකුමාව මරපු කෙල්ලගේ බ්ලොග් එක නේද..:P:P:P

      Delete
  58. ලින්ක් ටිකත් තිබ්බනම් ගිහිල්ලම බලන්න තිබ්බා. මාත් ඔය කිව්ව ඒවගෙන් ගොඩක් ඒවට ගිහින් නෑ.බ්ලොග් බලන් එකත් කමෙන්ට් දාන එකත් ලේසි වැඩක් නෙමෙයි නේද...

    ReplyDelete
    Replies
    1. හැම බ්ලොග් එහෙකම නමට ලින්ක් දාලා තියෙන්නේ.

      Delete
  59. මේ ටිකේ කොරන්නෙම කියවන එක හින්ද මේ ලැයිස්තුව වටිනවා. මගේ රීඩරේ තියන බ්ලොග් ගොඩක් මේකෙත් තියනවා. ස්තුතියි.. ඔබ වැනි ප්‍රවීනයෙක්ගේ අගය කලයුතු වටිනා වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ ටිකේ කියවන්න වෙලාව තියෙනවා කියන එකයි නේද..?

      Delete
  60. මගේ බ්ලොගේ ගැනත් දාලා නෑ...සික්..!!!

    ReplyDelete
  61. මාරය මගේ බ්ලොග් එක කියවන්නේ නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. මුලදිම දාපු ලිපියක් නැත්තං දෙකක් විතර කියෙව්වා. ඊට පස්සේනං ගිය කාලයක් මතක නැහැ.

      Delete
  62. 34ට වෙනකන් බලාපොරොත්තු තියන් හිටියේ අයියෝ 35 කියවද්දී නම් බලාපොරොත්තු සුංවුනා අනේ.....

    ReplyDelete
  63. බ්ලොග් ලිස්ට් එක නම් හුඟක් වටිනවා. මම කියවන බ්ලොග් වගේම නොකියවපු බ්ලොග් කීපයකුත් තිබුණා. ඒවත් කියවන්න ඕනේ... ස්තූතියි මාරයා....

    ReplyDelete