සිතා සිටි නමුත් සවියක්
නොමැති ලෙස මගේ
කවි ගඟ සිඳීලා ගොසින්..
කලක් උන් නමුත් බල බල
අනේ නැහැ ඉතිං තව පල
මෙලෝ විදියකින් කවි පද
ගොතනු බැහැ ඉතින්...
ලියාලා මෙතෙක් කල් මම
බ්ලොගේටම තිබූ දම දම
අනූ නවයකුත් පිරිලා
බොහෝ කල් ගිහින්...
දන්න දන්න විදියට පද
මෙන්න මෙහෙමවත් බැද බැද
සීයකුත් පේලි කවි අද
ලිවුව දැන් ඉතින්..
මම එකද ?
ReplyDeleteනූලයි දශම කාලෙන් බේරිලා...
Deleteඑහෙනම් .. තත්පර කීපෙකින්..
Deleteජස්ට් මිස් ද කෙස්ගස් කිව්වළු..හැබැයි ප්රසන්නට...
Deleteමම එක..
ReplyDeleteඒ පොඩ්ඩට දෙක වෙලානෙ.
Deleteමේක කවියක්ද සිංදුවක්ද බං.
Deleteඇති යන්තං මේක කතන්දරයක්ද කියලා ඇහුවේ නැතිවා...
Deleteඅද අරුං උඹට හූ කියනවා දෙකක් නැහැ..:D
බක බක ගනව මිස කමෙන්ට් නෑ නෙ
ReplyDeleteඅපේ හිත මිත්තරකං වලට ඔය බක බක ඇති මලයා..එව්වෑ තියෙනවා පිටු ගණන් නොලිය උනාට හොඳ ලෙන්ගතු කොමක්...
Deleteලියන්නට සිතා කවියක්
ReplyDeleteසිතා සිටි නමුත් සවියක්
නොමැති විය උපතින්
ලියා නැත එකඳු කවියක්..
උස්සලා උස්සලා ඒ ඩිංගට පද උස්සලා..:D:D:D
Deleteethi oyin giya athak payak nokedi.එල එල 200ක් ගහම් මගෙ ගානේ Lotus එකෙන්.
ReplyDelete200ක ලෝටස් එකෙන් ගැහුවොත් එකසිය එකත් අදම ලියවෙයි..:D
Deleteපන්සල් දිවිය... (55)
ReplyDeleteබස් පළුවන්ගේ කතාව (16)
මාර බණ... (16)
ජුංගේ කතා... (7)
අපේ කතාව... (4)
ඉස්කොලෙත් ගියා... (4)
ඔන්න ඔය මාතෘකා ඉස්සරහිනුත් සීයෙ ඉලක්කන් වැටුනා නම් මල් මසුරං....
අන්නහරි නිශ් අයියේ අතරමැද දමා ගියපුවා මතක් කරන්ට...... හික්ස්....
Deleteඔන්න මාරාභියෝග.
Deleteකාෆියව් මාව..:D:D:D
Deleteහුම්ම්ම්.......
ReplyDeleteඒ කියන්නේ අපිත් මේ පල් හෑලි කවි පන්ති 100ක් කියෝලා කියන එකනේ...... හික්ස්....
ආගිය දා පටන් භවනට බිය මැද්දේ
කවි පද ලිව්වේ ඉස්සර නම් රෑ මැද්දේ
ඒකත් ලිව්වේ දමමින් ගොරවන සද්දේ
අතරට ඇසෙයි පෙරලෙන බෝතල් සද්දේ
දැන් නැත ඇසෙන්නේ ගොරවන මාර හඬ
ඒ විතරක්ද නෑ දැන් බෝතලේ හඬ
සිය වෙනි පදේ කියවන විට අනේ අද
අපිත් ඉතිං සියයක් බැලුවනේ සිතෙයි මට..........
හිකිස් මං හිතන්නේ කාලෙකට කලින් අයියා එක්කම අර තරඟෙට කලින් කවි ලිව්වට පස්සේ මේ ලීවමයි.
එදා පටං මෙහි ආ ගිය නගාලට...
Deleteපිං සිදු වෙන්න තව කවි ලියවුනා මට..
ඒ මදිවාට මිතුරෙක් පෙර දිනේ සිට..
ලගින් ඉඳන් කවි පද මැතිරුවා මට..
මිතුරත් නොමැත පෙර හිටි බෝතල් අස්සේ...
නඟාලටත් වැඩ වැඩි විය ඒ අස්සේ..
අයියා තනි වෙලා මේ බ්ලොග් පිටු අස්සේ..
කවියක් ලියන්නට උනේ අද ජරමර අස්සේ..
අඩේ මාර කවි සීයයි... මාරයි... :)
ReplyDeleteතැන්කූ පොඩ්ඩා...
Deleteකවි ලියන්නත් මූඩ් එක ඕනෙ. මගෙ නම් කවි මූඩ් එකට හෙන වැදිලද කොහෙද මේ දවස් වල.
ReplyDeleteඅර පැහෙන්න තියලා තියෙන වයින් බෝතලේ ඇරපු දවසට මූඩ් එක එයි මං හිතන්නේ..:D:D:D
Deleteසීයක් තියා කාලක් මින් නැත බලලා
ReplyDeleteමොනවා කරන්නද නෑ මට කල් වේලා
එනමුත් පතමි ලියන්ට තව කවි බෝමා
පෑනට නොව ඇඟිලි තුඩට ජය බෝමා
හැකි හැකි සෑම විට ඇවිදින් මේ පැත්තේ..
Deleteඅක්කා දමා යනවා නොවැ මහ සද්දේ..
කාලක් උනත් බැලු එක වටිනව අක්කේ...
බොහොමත් ස්තුතියි ආවට මේ පැත්තේ...
සතුටුයි ඈ
ReplyDeleteස්තූතියි ඈ...
Deleteපොතක් ගැහුවොත් නරකෙයි... ජයවේවා....
ReplyDeleteහප්පා... අතේ නාස්ති කරන්න සල්ලි තිබ්බනං ඒකත් ජොලි වැඩේ...
Deleteජය වේවා මාරයෝ
ReplyDeleteඅම්මේ කාජල් නංගි... දැක්ක කල්...ස්තූතියි ඈ..අජේ මල්ලිවත් මතක් කලා කියන්ට...
Deleteමංනං කොහොමත් කවි කියවන්න කැමති නෑ. හොඳ වෙලාවට, ඔයා ලියල තියෙන එක කවියක්වත් මට පේන්නෙත් නෑ.
ReplyDeleteඔයාට නොපෙනෙන තරමට හොඳයි ඒවානං...:D:D:D
Deleteෂාහ් මාරයි!!! ජය!! :-)
ReplyDeleteබොහෝම ස්තූතියි ඈ...
Deleteමේ සීයයම නෑනේ මම බලලා
ReplyDeleteඅපරාදේ මුල් කාලේ අත ඇරුනා
වෙලාවක් කලාවක් තිබුනොත් ඉතුරු වෙලා
ඇත්තමයි මම මේ සියයම බලනවා..
ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම් අයියේ..
මල්ලිත් ඉතිං හොද කයිකාරයානේ...
Deleteමං එකපාරටම දැක්කේ වෙරි මරගාතේ ගැහැව්වා සීයක් කියලයි.
ReplyDeleteඔය 100න් 90ක් විතර වෙරි මරගාතේ ගහපුවා තමා ඇත්තටම...
Deleteතව 100ක් ලියන්න ශක්තිය ලැබේවා
ReplyDeleteතැන්කූ මචං...
Deleteකවියක් ලියවිලා කියන්නේ... අර අවුරුදු සීයගේ මැජික් අරිෂ්ඨෙ වත්... ම්ම්... අනේ මන්දා ???
ReplyDeleteකොයි වෙතත්, කවි පෝස්ටුම 100 ක් පළ කොරනවා කියන්නෙත් ලේසි නෑ බොලව් ! මම තාම පෝස්ට් 100 ක් වත් දාලා නැති කොට මෙන්න මුන්දෑ කවිම 100 ක් දාලලු !!! එළ එළ, තව තවත් කවි ලියැවේවා !!!
හපොයි නැහැ අරිෂ්ඨෙ නැතිව ලියාපු එකක්...
Deleteඒක තිබුනනං මෙහෙමද ලිය වෙන්නේ...:D:D:D
තැන්කූ කිව්වා මලයටත්...
ඔක්කොගෙන්ම මට නම් වැඩියන්ම හිතට ඇල්ලුවෙ මේක...
ReplyDelete// උඩත් යටත් අතරේ දෝලනය වෙලා..
වැඩක් නැති දෙනෙත් යුග සදහට පියලා..
මෙතෙක් කලක් ගෙවු දිවිමග කලකිරිලා..
වවුලෙකු විදුලි රැහැනේ එල්ලිල මැරිලා.. //
.......
තව වෙන තැන්වල කොමෙන්ට්වලට ලියවිච්ච කවිත් නැතෑ සීයට එහා... මේ වගේ...
// අතකින් දොස්තරය අතෙකින් පොත් ගුළුය..
අනික් අතින් තනිවම සපතේරුවය..
ගින්න තැබූ අය අසලක දැන් නැතිය..
බින්දි කලේ අමු කැලයක් නැසීමය.. //
අර උඩ තියෙන කවිය මටත් බොහෝම වටින කියන මතකයක් ඇති එකක් සපා...
Deleteදෙවැනි එක ගැන කියනවනං ඉතිං හොහ් හොහ් හොහ් තමා...අපොයි එහෙමත් ලිපියක්...
ඇත්තටම ගෑල්ලමයි බර ගානකගේ බ්ලොග්වල කමෙන්ට් තීරවල ඇති මේ 100ට වඩා මං ලියාපු කවි...
(කන්න වෙන වැඩ)
කවි කෝටියක් ලියන්න ශුභ පැතුම්!
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි දයාල්...
Deleteකවියෙන්ම කමෙන්ට් කරන්න ට්රයි කලේ, ම්හු.. හරි යන්නේ නෑ. ආවේම නෑ.:) මෙහෙම අමුවෙන්ම සුභ පතල යන්නම් මාරයියේ.
ReplyDeleteකයි පද නැතිවට මොකද කසුන් මල්ලි..ඔය ටික මදෑ ගමකට...
Deleteකවි ලියන්නනම් බැහැ.
ReplyDeleteඒත් මගේ සුබ පැතුම පිලිගනින්...
බාර ගත්තා බාර ගත්තා..ලොකු පුතාත් මේ තැන්කූ එක බාර ගන්ට...
Deleteසුබපැතුම් මාරේ අයියේ ..
ReplyDeleteතැන්කූ වේවා මලයා...
Deleteමට නම් දැන් කවි ලියවෙන්නෙම නෑනේ....
ReplyDeleteසුබ පැතුම් මාරේ අයියේ...
එහෙම කාල එනවා නංගි...මමත් මේ කාලෙකින් ලිව්වේ...
Deleteබොහෝමත්ම ස්තූතියි නගාටත්...
මාරයියේ 200ක් ගහමු....උණුසුම් සුභපැතුම්...
ReplyDeleteජය වෙවා!!!
ReplyDelete