04 April 2012

2500න් කන්න පුළුවන්ද..? මාරයාගේ අත්දැකීමෙන්...



තැටිය රත් උන වෙලාවට ඕන රොටිය පුච්චන්න... බන්ධුල ලොක්කා තැටිය රත් කරලා ඒක ගින්දර පාටටම හැරෙව්ව වෙලාවේ මං හිතුවේ පාමංකඩ කරුණානායගම් ගොයියා තලයි තැලිල්ලක් කියලා තැටියේ පලු යන්නම.. කොහේද ඊට හොඳයි අනිත් පැත්තෙන් දෙකේ පන්තියේ ළමයෙක් දැම්මනං... පාමංකඩ කරුණානායගම් තැටියට තෙල්දාලා රස්නේ අඩු කලාද මංදා..ඒත් ඉතිං දැන් තමා හොඳම වෙලාව රොටිය පුච්චන්ට...

හරි මුලින්ම කියන්න ඕන මං දන්නේ නැහැ රටේ ලොකේ ලොකු ලොක්කෝ කොහොම කනවද කියලා.. ඒත් මං ආස්සරේ කරන පොඩි මිනිස්සුන්ගේ විය හියදං ගැනනං පොඩි අවබෝධයක් මට තියේ... ඒත් ඔය දෙපක්සේ ගැනම මං කියන්න යන්න ඕන නැහැ..මං මගේ කෑම ගැන කිව්වම කතාව කම්මුතුයි... මොකද මහින්ද අයියට කඩේ යනවට අමතරව මං මට උයා පිහා ගන්න බඩු මුට්ටු මිලට ගන්න අහල පහල සිල්ලර කඩේකට.. ඉරිදා පොළට ඒ වගේම මාසෙකට දවසක්වත් නිට්ටඹුවේ ෆුඩ් සිටියට හරි නිහාල් සුපර් එකට හරි ගොඩ වැදෙනවා.. මොකද ඔය තුන හතරෙන්ම ලාබෙට ගන්න පුළුවන් මොනවද නුපුළුවන් මොනවද කියන එක ගැන මට හොඳ අවබෝධයක් තියෙන හින්දා... ඒ ඒ දේවල් ලාභයටත් කොලිටියටත් ගන්න පුළුවන් තැනකින් ගැනීස තමා මගේ පුරුද්ද... ඉතිං මං මේ කතා කරන්නේ මගේම අත්දැකීම් උඩ පිහිටලා මිසක ඔය ආර්ථීක විජ්ජාව ගැන කප් ගහපු..ඒත් හත් අවුරුද්දකින්වත් බඩුවක් ගන්න කඩේකට නොගිය මැති ඇමැතිවරුන්ගේ විපක්ෂ මංතිරිලාගේ දර්ශනයෙන් නෙවෙයි...

සාමාන්‍යයෙන් මට හාල් කිලෝ එකෙන් වේල් 6ක් කන්න පුළුවන්... ඕනනං වේල් හතරෙන් උනත් ඉවර කරන එක මට මහ කජ්ජක් නෙවෙයි..ඒත් එහෙම කාලා දවස් දෙකෙන් බඩ ගෙඩිය කල ගෙඩිය වගේ වේගන එන හින්දා එහෙම කන එක අල්ලලා දාලා දැන් ටික කලක් වෙනවා.. ඒ වගේමයි කිලෝ එකෙන් වේල් අටක් කන්නත් බැරි නැහි..ඒත් එතකොට ඊ ළග වේලට කලින් අතර මැද බඩගිනි වෙනවා..කාලත් බඩගින්නේ ඉන්න පුළුවන්යෑ මහත් වෙන එක අඩු කරන්න කියලා.. ඉතිං වේල් හය තමා ගාණ... ඒත් හරියටම කිව්වොත් හාල් ග්‍රෑම් 150ක් තමා නියම ගාන කෙනෙකුට කන්න සුදුසු..හැබැයි ඒකට සරිලන්න අනික් එළවළු පලා වර්ග මස් මාළුත් යහමින් යෙදෙන්න ඕන... ඉතිං ඔය මැන මැන කෙරිලි වෙන්නේ නැති හින්දා කොහොම හරි හාල් කිලෝවෙන් වේල් හයයි කතාව ඉවරයි...

එතකොට මං සාමාන්‍යයෙන් සුදු කැකුළු සම්බා හාලට වගේම සාමාන්‍ය සම්බා හාලටත් කැමතියි... හැබැයි අර ස්ටීම් සම්බානං නෙවෙයි.. ඒක හෝදන්න ගියාම අතේ තෙල් වගේ ගතියක් හිටින නිසා මං ගන්නේ අර ටිකක් අව පැහැයක් ගත්ත පොලිෂ් නොකල සම්බා තමා ඉඳ හිට ප්‍රයිඩ් රයිස් එකක් හදනකොට ඒ වෙනුවෙන් ගන්න කීරී සම්බා ටිකකුත් ගෙදර කොයි වෙලෙත් තියා ගන්න එක පුරුද්දක්... මේ දවස්වල සුදු කැකුළු සම්බා සහ සම්බා මිල රුපියල් 66ත් 72කත් අතර වගේ තියෙනවා.. කීරි සම්බානං 90 ට ගතෑකි සමහර තැන්වල 100ටත් තියෙනවා... කොහොම උනත් හාල් කිලෝ 15ක් ගත්තොත් මට මාසෙකට යනවා රුපියල් 1050ක් විතර...

ඊ ළගට පොල්... ඉස්සරනං හිටු කියලා පොල් නාස්ති කලත් දැන් මට වැඩේ ගානට අහු වෙලා තියෙන්නේ...කොහොම උනත් මාසෙකට පොල් ගෙඩි 08ක් විතර යනවා..ඒ කියන්නේ ගෙඩියක් 30 ගානේ තිබ්බොත්...240 යි (මේ දවස්වල මෙහෙ පොල් 25ත් 35ත් අතර ඇත.මං ගන්නේ මධ්‍යම ප්‍රමාණයෙන්..)

මාසෙකට බිත්තර 20ක්නං කැවෙන එක වලක්වන්න බැහැ.. බිත්තරයක් රුපියල් 9 යේ ඉදලා 11 වෙනකල් තියෙනවා..මං ඊයේ ගත්තෙත් 10 ගානේ.. ඒ කියන්නේ 200යි...

කරවල මගේ කෑමේ අනිවාර්ය අංගයක්... හාල් මැස්සෝ දෙසිය පණහක් රුපියල් 80ක් වගේ වෙන්නේ.. මං ආස කරන කීරමින් තොණ්ඩයෝ රුපියල් 90ට පොලේ තියෙනවා... බල කරවල ‍සීය 60 ක් වගේ තමා මතක.. කොහොම උනත් පොලේ ගිය වෙලාවක රුපියල් තුන්සීයක කරවල ගත්තම මට මාසයකට ඇති... ඊ ළග පාර ගිය වෙලේට ඕනනං ඒ ගන්න විදියත් ගණනුත් මං ටක්කෙටම දාන්නං.. එතකොට කරවල වලට 300 යි

ඊ ළගට එළවළු.. මේ දවස්වල කෝකත් පන්සීය 30යි 40යි... මට එළවළු ගන්නකොට රුපියල් 15ක ප්‍රමාණය සෑහෙනවා...ඒ කියන්නේ ග්‍රෑම් 200ක් වගේ... හැබැයි මාසේ දවස් 30ම එළවළු භාවිතා වෙන්නේ නැහැ..ඔය අල පරිප්පුවලටත් කලක් යන්න එපෑ.. ඒ හින්දා දවස් 25කට එළවළු ගත්තොත් 375ක් වගේ...

පරිප්පු රුපියල් 100කත්.. අල රුපියල් 100කත් ගත්තම ඒ ටිකත් ඇති..එතකොට අල පරිප්පු දෙකටම 200යි.

ඊ ළගට මාළු... මං සාමාන්‍යයෙන් මස් මාළු දෙක පස්සේ හුගක් එළවන්නේ නැහැ..ඒ කන්න අකමැත්තක් හින්දම නෙවෙයි..ආයේ බොරු උපාසක ටෝක් වැඩක් නැහැනේ.. මට ඔය දෙක උයන්න ඒ හැටි කැමැත්තක් නැහැ.. ඒත් මාසෙක තලපත් දෙසිය පණහක් වගේත් පොඩි සොසේජස් පැකට් එකක් එහෙමත් ගැනෙනවා... තලපත් මේ දවස්වල පන්සීය 320ත් 340ත් අතර තියෙනවා... ඉතිං ඔය දෙකටත් මාසෙකට රුපියල් 300ක් විතර අහක් කලාම ඇති.මස්නං ගෙන්නේ එහෙමත් දවසක... ඕක ගෙනත් කප කප උයනවට වඩා ලේසියි රුපියල් 60ක් දීලා දැල් කඩෙන් මස් එකක් අරං එනවා...

ඉතිං ඊ ලගට පලා වර්ග ගැන..මොකද මගේ කෑම වේලේ අනිවාර්ය අංගයක් ඒක..ඒත් එතනදී පොඩි දෙයක් කියන්න ඕන ඒවට මට වියදං වෙනවා අඩුයි.. ඔය ගොටුකොල මිටියක් එහෙමත් නැත්තං කොළ ගෝවා ගෙඩියක් ගත්තොත් ඇර මට මඤ්ඤොක්කා කොල.. වැල් කොහිල දළු.. කතුරුමුරුංගා කොල.. ෆැෂන් ෆෘට් කොල..එතනින් ගිහාම ජපන් බටු කොල කිරි මදු වැල් කොල.. මෑ දළු..වගේ දේවල් ඕන තරං නිකං ලැබෙනවා... ඒ කියන්නේ ඒවා මං වැඩ කරන තැන ඕන පදං ඔහේ වැවෙනවා..මං එව්වට සාත්තුවක් එහෙම දෙනවා... ඉතිං ඔය ගොටුකොල වගේ දේවල්වලට ගියොත් ඇර මට මාසෙකට රුපියල් 50කට වඩා ඔව්වට වියදං වෙන්නේ නැහැ..ඒත් කෑම පිඟානේ එක අංගයක් ඔය විදියෙන් පිරි හැහෙනවා.. ඒ හින්දා අනිත් අය කොල කඩෙන් ගන්නවනං ඔව්වට වෙනම ගානක් එකතු කරන එකයි ඇත්තේ..ආයේ බොරු මොකටද..?

එතකොට ඊ ලගට දුරු මිරිස් ,තුනපහ ,ලුනු ,ලූණු ,අමුමිරිස් ,තක්කාලි ,පොල් තෙල්,සෝස්.. වගේ දේවල්වලට යනවා තව රුපියල් 400ක් විතර මාසෙකට...ඔය ඉතිං උපරිම කිව්වේ..ඔයිට අඩු මිස වැඩි නැහැ...

ඊ ළඟට ගෑස්..මගේ ගෑස් සිලින්ඩරෙන් මාස දෙකක් කවර් කලෑකි..ඒ කියන්නේ ගෑස්වලට මාසෙකට 170ක් වගේ...

ඒ කියන්නේ ඔය ටිකට රුපියල් 3285ක් වගේ වෙලානේද..?ඒත් ඔය ගණන් රවුං කිරිල්ලෙන් ඔච්චර වැඩි උනා මිස ඇත්තටම ඕක තවත් ටිකක් අඩු වෙනවා...

ඕකට තව එකතු වෙන්න ඕන සීනි කිලෝවක්..නෙස්ටමෝල්ට් පැකට් එකක්.. ටී බෑග්.. කෝපි.. බිස්කට් වගේ දේවල්... හැබැයි මං ටිකක් තේ බොනවා අඩු කෙනෙක්.. සාමාන්‍යයෙන් මට සීනි කිලෝව පිටි පැකට් එක මාස දෙහෙකටත් ඇති වෙන වෙලාවල් තියේ...ආන්න ඒ ටිකත් එකතු වෙලා කොහෙන් කොහොම කැරකුනත් මට මාසෙකට කාලා..තේ බීලා ඉන්න 3500ක්නං යනවා ආයේ ඒකේ දෙකක් නැහැ... මං සාමාන්‍යයෙන් මගේ බජට් එකෙන් ඔය ගාන අහක් කරනවා කෑමට... ඔන්න ඇත්තම කතාව... මංදන්නේ නැහැ ඔය මං කාලාද නොකාලද කියලා.. ඒත් බතකුයි එළවළුවකුයි කරවල බිත්තර මාස් හෝ මාළු එක්ක පලා මැල්ලුමකුත් එක්ක මං බත් ඩිංග ගිලිනවා... එයිට වඩානං ඕන කියලා මට හිතෙන්නේ නැහැ..ඒත් ඒක එහෙම නොවන අය ඉන්නවා කියන එක මං දන්නවා..කෑම වේලකට එළවළු තුනක්..මස් මාළු.. අනිවාර්යයෙන් තිබිය යුතු අයගේ වියදම මෙයිට වැඩියි කියන එකත් බොරුවක් නෙවෙයි..ඒකේ ඇති වැරද්දකුත් නැහැ..තමන්ට තියෙන නිසා සහ තමන්ට ඕන නිසා එහෙම කන එකේ මොන වරදක්ද..? ඒත් මගේ කෑමනං ඔහොම තමා... හැබැයි එකක් කියන්න ඕන 3500න් මං හොඳට කලා ජීවත් වෙනවා...

එතකොට මේ බන්ධුල ගොයියා කියන්නේ මොකක්ද.. 2500න් බැරිද..?

පුළුවන්...කවුද බෑයි කියන්නේ..එහෙම බැහැ කියනවනං මං ඒකත් ඔප්පු කරලා පෙන්නන්නං...හැබැයි කනවා බොනවා ඇර අර ජීවත් වෙනවායි කියන වචනෙන් දාන්න පුළුවන් වෙයිද මංදා...කන්න පුළුවන් ඉන්නත් පුළුවන්... හැබැයි ජීවත් වෙනවදනං මංදා...

තව ඕකට එකත් කරන්න දෙයක් තියේ... මගේ යටතේ වැඩ කරපු මනුස්සයෙක් හිටියා උන්නැහේ මාසෙකට 12000ක් පඩි ගත්තා.. ඒ අරගෙනත් ළමයි දෙන්නෙකුට කාන්න අදින්න දෙන ගමන් උගන්නලා මෑනුත් හොඳට අඩියක් පුඩියක් එහෙම දවස ගනේ ගහලත් හිටියා...මෑන්ගෙන් මං අහපුවම ඕක කරන්නේ කොහොමද කියලා මෑන් ගණන් හදලා පෙන්නුවා ගෙදර වියදම යන හැටි... ඒකේ හැටියට වැඩිම වියදං යන්නේ බාල කෙල්ලට පන්ති යන්න..ඉගෙන ගන්න දේටයි..කෑමට හතර දෙනාටම වියදං කරන්නේ මාසෙටම 5000යි..හැබැයි පොල් වත්තෙන්..එළවළු පලාත් වැඩි හරියක් වත්ත පිටියෙන්ම තමා... හාල් ගන්නේ නැහැ කුඹුරු තියෙන අයගෙන් මෑන් වී අරං කොටව ගන්නවා... පොරගේ ගෑනි එහෙං පිටිංම වත්ත පිටිය හා කුස්සියට කලමණාකරණයේ කප් ගහපු අටේ පන්තියට ඉස්කොලේ ගිය උන්දෑ කෙනෙක්... එහෙම බුවාලත් නැත්තේ නැහැ... ආ හැබැයි කියන්න ඕන මෑන් හෙන අලියා... මොකද පොර ඔහොම කන ගමන් හවසට සීයක කසියා ගහලා මහින්දට පලු යන්න බැන බැන "ඩී එස් සේනානායක"ගේ ගුණ කිය කිය ඇවිදිනවා.. පොරත් සේනානායක කෙනෙක්..ගමත් දැදිගම කිට්ටුව...

ඉතිං කොහොම උනත් ඔන්න මගේ පැත්තෙන් මං මාසේ වියදම දකින හැටි මේ දවස්වල...

අන්තිමට ඉතිං බන්ධුල උන්නැහේ ගැනත් කියන්න එපෑ... ඔය ගොයියම තමා රනිල් උන්නැහේගේ ආණ්ඩුවේ ඉන්න ගමන් රින ධන උනා කියලා කෑ ගැහැවුවෙත්... ඒ දවස්වලත් අපිටනං වෙච්ච ධනයක් දැනුනේ නැහැ.. ඒ හින්දා ඒ කාලේ වගේම අදටත් ඔය ගොයියා කියන දේවල් ඒ හැටි කනකට අරගෙන බැහැ..එයිට හොදයි අර අපේ සේනානායකගේ පවුලගෙන් ආර්ථීකේ ගැන අහනවා...

පසු සටහනකි...

මේකේ කාට කාටත් ලොකු අවුලකට වගේ තිබුනේ මෙන්න මේකනේ...

මං පාවිච්චි කරන්නේ ආන්න ඒක..ඕකේ ලිප බොහෝම අරපිරිමැසුම් දායකයි..හොඳින් දැල්ල පාලනය කරන්න පුළුවන්..ඒ වගේම ගෑස් ලිපක වැදගත්ම අංගයක් වන මහ බොහෝ දෙනා නොදන්න දෙයක් තමා ගෑස් ලිප යටින් තියෙනවා වාතය යම් ප්‍රමාණයකට මිශ්‍රවීම පිණිස පොඩි කව්ළුවක්..ඕක අරින්න වහන්න පුළුවන්..ඒත් හුග දෙනෙක් දන්නේ නැතිව ඒක වහලම තියෙනවා..ඉතිං හිටු කියලා ගෑස් පිච්චෙනවා... මගේ ලිපේ ඕක වහන්න බැහැ..කොයි වෙලෙත් විවෘත වෙන්ට් එකක් තියෙන්නේ.. පොඩ්ඩක් අද ගිහිල්ලා ලිපට යටින් බලන්න දන්නේ නැති අය.. මේක මේ පෝස්ට් එකට අදාල කරුණක් නෙවෙයි..ඒත් හුග දෙනෙකුට තව කීයක් හරි ඉතිරි කර ගන්න පිටුවහලක් වේවී කියලා හිතලා දැම්මේ..

ඔය දැල්ල පාලනය කිරීමට තියෙන නොබ් එකට යටින් පොඩි ආධාරකයක් තියලා මං හුගාක් වෙලාවට ඉතාමත් සියුම් දැල්ලකුත් පාවිච්චි කරනවා..ඒ නොබ් එක ගානටම ලොක් කරලා තියා ගන්න...ඒ හරහා මැටි ඇතිළියේ උයන කොට අඩු රස්නයකින් වැඩි වේලාවකින් උයන දේවල් හදා ගන්න පුළුවන්...තව හුගාක් දේවල් තියෙනවා විස්තර කරලා දෙන්න..ඒත් මේ වර්ගයේ ලිප් ඔයාලා පාවිච්චි කරනවා අඩු හින්දා තේරුමක් නැහැ.. කොහොම උනත් මං දර ලිපක් පාවිච්චි කලත් ඒක කලමණාකරණය කරගන්න හොඳින් දන්නවා... නාස්තිය කියන දේ මගේ පොතේ නැත...

ඔය ගෑස් එක දැනට මාස හත අටකට කලින් 260කට තිබිලා දැන් 340ක් වෙලා තියෙනවා... මට ඒකෙන් දවසකට බතකුයි මාළු දෙහෙකුයි හදා ගෙන දවස් 55ක් විතර ඇද්දෑහැකි ගේමක් නැතිව..හරියට ගෑස් එක ඉවර වෙන දවස මට අනුමාන කරන්නත් පුළුවන්...

මේ ටික කිව්වේ කට්ටියට තිබුන ලොකුම අවුල පැහැදිලි කරලා දෙන්නයි..බොහෝම ස්තූතියි...

104 comments:

  1. Replies
    1. මං මේ කල්පනා කලේ කන්නෙ නැතිව අනික් වැඩ ටික ඔය 2500 න් කරගත්තන් ඉවරයිනෙ කියලයි.

      Delete
  2. මාරේ අයියා උඹ කෑම කන පිඟාන මට දියංකොයි බං ටික දවසකට ..

    ReplyDelete
    Replies
    1. නලිනි එක ප්‍රසන්න දෙක එතකොට ........මම කීයද ?

      y – y1 = m(x – x1)
      y – (4) = ( – 2/3 )(x – (–2))
      y – 4 = ( – 2/3 )(x + 2)
      y – 4 = ( – 2/3 ) x – 4/3
      y = ( – 2/3 ) x – 4/3 + 4
      y = ( – 2/3 ) x – 4/3 + 12/3

      y = ( – 2/3 ) x + 2

      = 3 . //

      අඩේ ඒ කියන්නේ මම 3වෙනියා !

      Delete
    2. උඹ බංදුලගෙ ක්ලාස් ගියාද බං.

      Delete
    3. අඩේ මටත් කියල දීහන්කෝ සඳරුවෝ ඔහොම ගණන් හදන්න.:D

      Delete
    4. ඒ සදරුවො මටත් කියලා දියංකෝ ගණන් ටිකක්..

      Delete
    5. සඳරුවගේ සමීකරණය බලලා මට තාම කැරකිල්ල වගේ..

      මූ බන්දුලයට හින්ට් එකක් වත්ද ගැහුවෙ ?

      Delete
    6. අනේ මටත් ගණන් ටිකක් කියාදීපන්කෝ ........... මට මේ ටික හදාගන්න බෑ

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මාරයියේ අති විශිෂ්ඨයි ....

    ReplyDelete
  5. ගෑස් සිළින්ඩරය 340/= යි ද? පොඩි එකක් ද?

    ReplyDelete
    Replies
    1. යකෝ මේ මාත් අහන්ඩ හිටියේ ඔය ගෑස් ගන්නෙ කොහෙන්ඩ කියලා.. මේ ඔටු පුරේවත් ඔච්චර ලාබෙට ගෑස් නැහැ බොලව්..

      මාරෙ අය්යෙ බැරිය අඔටත් ඔය තැන පොඩ්ඩක් කියන්ඩ..

      Delete
    2. යන්තම් රත්කරගන්නවා ඇත්තෙ :)

      අපේ ගෙදර ගෑස් ගේන්නෙත් නෑ ගණන් නිසා.. දර වලින් උයන්නෙ..බලනකොට ගෑස් ලාභයිනෙ...

      Delete
    3. අනේ මන්ද ඉතින් ෆොටොවකුත් දාල තියෙද්දි...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේකේ ප්‍රින්ට් අවුට් එකක් ගත්තා නිවාඩු ගෙනිහින් අම්මටයි තාත්තයි පෙන්නන්න . .

    ඇයි යකඩෝ අර මාතලන්ගේ පෝස්ට් එකේ කිව්වත් වගේ මම 20,000ක් යවල, මහගේ කුලියට දීලා ගන්න 8,000ත් අරගෙන, නංගිගෙනුත් තව මාසෙකට 5,000ක් අරගෙනත් දෙන්නම කියන්නේ ජීවත් වෙන්න අමාරුයි පුලුවන් නම් 20,000 වෙනුවට 25,000ක් වත් එවන්න කියලා . .

    මේ ලිපියේ ප්‍රින්ට් අවුට් එකකුත් අරගෙන අර බන්දුල සර්ගේ වීඩියෝ එකත් ඩවුන් ලෝඩ් කරගෙන ගිහින් පෙන්නලා 20,000 අඩු කරනවා මෙදා සැරේ 10,000ට . . .

    මේ උගත් මිනිස්සු මෙහෙම ගනන් හිලවු එක්ක කියද්දී. . .දෙමවුපියෝ දරුවන්ට උනත් බොරු කියනව කියලා තේරුනාම තරහ යන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බන්ධුලයා කැලේ ... ඊලඟ පාර කැබිනට් සංශෝධනේට කලින් ලොක්කා මාරයව ජාතික ලයිස්තුවෙන් අරන් වෙලඳ ඇමති පොස්ට් එක දෙනවලු , ජොනියව මාරයගේ යටතේ නියෝජ්‍ය ඇමති කරනවලු , රනිල් ලොක්කා සේනානායකගේ පවුල හොයාගෙන ගිහිල්ලු රවියා එලවලා කවදා හරි පිහිටෝන ආණ්ඩුවක වෙලඳ ඇමති කම දෙන්න

      Delete
    2. ප.ලි- එක සාස්තර කාරයෙකුට බැංකු අධ්‍යක්ෂක කමක් දීලා තියන එකේ , මාරයාව මහ බැංකුවේ සභාපති කරන්නත් බැරි නෑ, එතකොට අර උඩ යන රුපියල ගැන දාපු තියරිත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නේ

      Delete
  8. තැන්කූ මාරයෝ . . . විහිළුවට කෝචොක් එකට නෙමේ සිරාවට තැන්කූ . . .

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මාරයියේ... මේක කින්ඩියට කියලා තියෙන්නේ.:D :P

      Delete
    2. හරි අයියෙ එහෙනම් මම විරුල්ස් එකේ වැඩ කරන්න ලංකාවට යන්න ලෑස්තියි.
      මාසෙකට පඩිය 5000ක් තිබුනනම් වැඩිත් එක්ක

      Delete
  9. මේව ඇහුවම ඇගේ මාළු නටන්නේ, දෙදාස් පන්සීයෙන් මැරෙන් නැතුව මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියන දේසපාලුවන්ට ඒ ගානෙන් වරුවක්වත් ඉන්න බැරි එකට.

    අපැහැදිලි තැනක් ඇත. රුපියල් 340කට ගෑස් සිලින්ඩරයක් ගන්නේ කොහොමද? ඒගානට ලැබුනත් පොඩි එකක් වෙන්න ඇති. මාස 2 කට පිරිමහින්න පුළුවන්ද????

    අපිට ජීවන වියදම ගොඩක් දැනෙන්න හේතුව තමයි ප්‍රවාහන, විදුලි බිල්, පොඩි එඋන්ට යන මුදල සහ අනෙකුත් දේ වලට යන මුදල ගොඩක් වැඩිවීම. කඩෙන් වේල් දෙකක් විතර කන්න වෙන පුද්ගලයෙකුටනම් වැඩේ තවත් බරපතලයි.

    ඇත්ටම මාරයා තුන් වේලම උයාගන්නවද??

    ReplyDelete
    Replies
    1. පසු සටහනින් කියවෙන්නෙ...

      Delete
  10. "එයිට හොදයි අර අපේ සේනානායකගේ පවුලගෙන් ආර්ථීකේ ගැන අහනවා..." සහතික ඇත්ත.

    අර දුන්බලයයි, සතොස කාපු එකයි ගාමන්ට් වල බත් පැකට් එක ගැන කිව්වනේ.. මම ළඟදී ගියා අවිස්සාවේල්ල පැත්තේ ගාමන්ට් එකකට, දවල් කෑම කැන්ටිමෙන්. බත් පැකට් එකේ සයිස් එක ඔය එළවලු රොටියක් විතර ඇති.. හැමතැනම එහෙමමයි කියන්නත් බැහැ, ඒත් ඔය අඩුවට කෑම විකුණන කැන්ටින් බොහොමයක කෑම ඔය වගේ තමයි. ප්‍රමාණයත්, කොලිටියත්.. ඇරත් රවියා කියපු විදියටම ඔය වගේ කැන්ටින් සියල්ල කරන්නේ අදාල ආයතනයේ ගෙවීම්/සහනාධාර මත. කැම්පස් / හොස්ටල් කෑම ගැන ඒවගේ හිටපු එවුන දන්නවා.

    ReplyDelete
    Replies
    1. කැම්පස්වල කෑම ගැන නං බන්දුලයා පට්ට පචයක් අතෑරියේ...

      අපි හිටපු කාලේ එලවළු තුනක් එක්ක බත් එක රු. 7/- යි පේරාදෙණියේ... හොඳට කෑවත් රු. 20/- යන්නේ නෑ! ඒ අවුරුදු 5-10 කට ඉස්සර...

      දැං ඔය කිව්ව ගානට කෑම දෙනවා ඇති..., හැබැයි කැන්ටින් කාරයට විදුලිය, වතුර විතරක් නෙවෙයි ගෑසුත් කැම්පස් එක ගානේ දෙනවා!!! එහෙම දීලා තමයි ඔය ගානට කෑම එක දෙන්නේ... අනික දෙන කෑම එකෙත් ඔය කිව්ව කොලිටිය නැති බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

      අනික් අතට කැන්ටින් කාරයට එලවළු, හාල්, පොල් ටික හම්බෙන්නේ අපි ගන්න ගානට නෙවෙයිනේ... බන්දුලම කිව්වේ හාල් ගන්නේ රු, 40/- ට කියලා!

      Delete
  11. මාරයා ඔය කියන්නේ තුන්වේලටම උයාගන්න යන වියදමද? රුපියල් 340/- ගන්නේ පොඩි ගෑස් සිලින්ඩරයක්ද? ඒකෙන් මාස දෙකක් ගෙවන්න පුලුවන් එක නම් මරු... මමයි බිරින්දෑයි, පුංචි එකයි ඉන්න ගෙදර මාසෙකට රු. 2040/- ගෑස් සිලින්ඩරයක් යනවා!

    ReplyDelete
  12. මම නම් හිතුවෙම මාරයියා 2500ට ගාන හදලා කියාවි කියලා.:P බැලින්නම් 3500ක් ගිහින් නේ.:) :D

    ReplyDelete
  13. ගෙවල් හදන්නෙ නැද්ද?? ජංගි විතරයිද මිනිස්සු අඳින්නෙ..මගුලකට මරනෙකට යන්නෙ නැද්ද...අනේ මන්ද...

    ReplyDelete
  14. ඔබ තනි පුද්ගලයෙක් ලෙස මෙහෙම කියනවා නම් අපි හිතමු ඔබට යන වියදම රුපියල් 3000/= කියා මගේ ගෙදරත් වැඩිය කන්නේ ඔබ කියූ ආකාරයටම තමා. මම ඔබගේ බුකි පිටුවේ දකින විශේෂත්වයත් එයයි. ඉතාම අපූරුවට යමෙක් ආහාරයක් ගත යුත්තේ කෙසේද කියා ඉන් කියවෙනවා. කෙසේ නමුත් ළමයි දෙන්නෙක් හෝ එක් අයෙක් සිටින පවුලකට මේ වියදම මෙයිට වඩා තුන් හතර ගුණයකින් වැඩි වෙනවා. අම්ම තාත්තා නොකා නොබී දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන හැටි මම ද්න්නවා. මගේ දුවට පොත් ගන්න ගියහම සමහර පියවරු පොත් නොගෙන පොත් සාප්පුවේ කවුරුත් වැඩිය නැතිවෙනකම් කාලෙ මරනවා. මම මගේ ඇස් දෙකට දැකලා තියනවා දරුවො දෙන්නට පොත් ගන්නේ ටික ටික. එහෙමයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ හොර යක්කු මේවා කියලා මොන ආතල් ගන්නවද මට නම් තේරෙන් නැහැ. ඔය කරුණානායගම් කියන්නේ කොහොම මිනිහෙක්ද කියලා අපි කවුරුත් දන්නවනේ. බන්ධුල ගැන ඔබ කියා ඇති දේ මමත් අනුමත කරනවා.

    මේ පිස්සන්ගේ සිගිති කථා ගැන ඔබ ගේ ලිපිය ඉතාම හර බර ඇනලිසීස් එකක් කළා. ස්තුතියි.

    ReplyDelete
  15. ඇත්තටම මේ ආණ්ඩුවේ උවමනාව ජනතාවගේ ජිවන තත්වය උසස් කිරීම නෙමේ කොහොම හරි ජිවත් කරවීම කියල මේකෙන් පෙන්නන්නේ. නැත්නම් මාරයා උනත් මෙච්චර ගණන් හදල පෙන්නයිද? 70 - 77 වගේ කාලයක් ඉස්සරහට එයි මෙහෙම යනකොට

    ReplyDelete
  16. මට හිනා වෙන්න තේරෙන්නේ නැහැ..

    උබ දුර ගමන් ගිය නිසා ටිකක් විවේක ගනින්...

    ReplyDelete
  17. බෑ බෑ අයියේ.. තව 1000කින් වියදම අඩු කරන්න ඕන.. එතකොටනේ බන්දුල සර් කියපු දේ හරි යන්නේ..

    ReplyDelete
  18. හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියන්නෙ මේවට තමා :D :D

    ReplyDelete
  19. උඹව යවන්න තිබ්බේ විවාදෙට

    රනිල්ගේ කාලේ රින ධන වුනා තමයි (ඒකට බන්ධුලගේ සම්බන්ධයක් තිබුනද නම් මම දන්නේ නෑ ) , ඒක උබලට නොදැනෙනුනාට රටට දැනුනා , එහෙම නොවුනා නම් ඔය දේශප්‍රේමි උන්නාන්සෙලාට යුද්ධ කරන්න වෙන්නේ අහවල් එකෙන් තමයි , රටේ ආර්ථිකයට ඇත්තට සිද්ධ වෙන යහපතක් නොදැනුනාට , ගොඩබිම හාරලා ණයට හදපු වරාය වලට නැව් එන්නේ නැති කොට බලහත්කාරයෙන් නැව් යවල පිස්සු කෙලියත් රටේ මාර සංවර්ධනයක් වෙනවා කියලා සමහර බත් කන හරක්ට නම් දැනෙනවා ,

    ReplyDelete
  20. බන්දුලයා පාර්ලිමන්ට් එකෙන් පිනට කාලා ගෙදර ගිහින් කන්නෙ නතුව ඇති, එතකොට කොහොමත් 2500 තියා සත පහක් වත් යන්නෙ නැහැනෙ....

    ReplyDelete
  21. මාරෙ අයිය ඉතිං තනියම ඉන්න උයන් පිහන් කන මිනිහ කියල දන්න නිසා මේක පිළිගන්නව... ඒත් අයිය නොමිලේ ගන්න පලා ටික අනිත් මිනිස්සුන්ට නොමිලේ ලැබෙන්නෙ නෑනෙ (වවන්නෙ නැති හින්ද) ඒ වගේම තමයි අර ගෑස් එක ඇතිද?...

    3500 ය වත් සාමාන්‍ය මනුස්සයෙක්ගෙ කෑමට ඇතිවෙයි කියල මම හිතන්නෙ නෑ... ඒත් අද ගොඩක් දෙනාගෙ ජීවන වියදම වැඩි වෙලා තියෙන්නෙ නාස්තියයි, පුළුවන් ප්‍රමාණයට වඩා වියදම් කරන්න ක්‍රමයි හොයන් තියෙන හින්ද කියන එකයි මගේ අදහස...

    ReplyDelete
  22. රෑං පෙත්ත කැරකෙනවා
    පාන් පෙත්ත උඩ යනවා
    බන්දුලයා සුරංගනා
    කතා කියනවා

    :D

    ~උපුටා ගැනීම- බුකියෙනි~

    ReplyDelete
    Replies
    1. ඕක 2002-2004 කාලේ දිවයින පත්තරේ තිබුණු එකක් (කින් බානට් වෙන්න ඕන) මට මතක හැටියට සුට්ටක් වෙනස් කරලා...ඔරිජිනල් එක තිබුනේ මෙහෙමයි

      රෑං පෙත්ත කැරකෙනවා
      පාන් පෙත්ත උඩ යනවා
      චොක්සි අපිට සුරංගනා (එතකොට චොක්සි නේ බජට් හැදුවේ)
      කතා කියනවා

      බන්දු සර් ලග හිටියත් අපිට සෙතක් නැතුව වගේ
      එදා වගේ නෑ
      ......(මේ ටික මතක නෑ)

      ලොකු පුටුවට ගියාට පසු මෑන්ස් හුගක් වෙනස් වෙලා (මෑන්ස් කියන්නේ බන්දු සර් තමා)
      එදා වගේ නෑ
      එදා හෙලපු හිගන බැලුම් දැන් හෙලන්නේ නෑ

      Delete
  23. ඇස් ඇල් ඇෆ් පී ආන්ඩු ආවම් ජනතාව ලෙවකනවා පාලකයෝ බඩ පැලෙන්න කන ගමන් රටත් කනවා.. යූ ඇන් පී ආන්ඩු ආවම මිනිස්සුත් කනවා බොනවා ආතල් ගන්නවා. ඒ උනාට අපේ කාලකන්නින්ට ඒක අමතක වෙලා ආයිත් ලෙවකන්නම යනවා. 1994 ඉඳලා මේ ආන්ඩුව මේ රටට දුන්නේ යුද්දේ දිනා දීපු එක විතරයි. හැබයි යූ ඇන් පී හිටියනම් රටෙන් 2/3 ක් කොටියට දෙනවා. දැන් උන් ජාති ආලේ විකුනගෙන බඩ පැලෙන්න කනවා. අපි දිනපු රටේ ඉඳන් ටී වී එකේ යන කෑම ජාතී බල බල දත් මිටි කනවා.

    ReplyDelete
    Replies
    1. :) හැබැයි යූඇන්පි ආණ්ඩුව කලේ ගාමිනි දිසානායක නම් යුද්ධේ දිනනවා විතරක් නෙවෙයි යාපනේ පදිංචි කරන්න සිංහල මිනිස්සු තොග පිටින් මෙහෙන් ගෙනියන්න වෙනවා , බොහෝ විට ජිනිවා, දරුස්මාන් ඇතුලු හත්පොලේ ගාගැනීම් වලින් තොරව

      Delete
    2. මේ ආන්ඩුවේ මිනිහෙක් ඉන්නවද ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙන්න. යුද්දේ කාළේ ෂේප් එකේ කිටියේ යූ එන් පී යෙන් ගිය රෝහිත බෝගොල්ලාගම නිසා. ජී එල් කියන්නේ ළෝක නායකයන්ට දිරවන්නේ නැති චරිතයක්.

      Delete
  24. ඔය 3500න් කන හැටිනෙ. ඒ පාඩම ඉගෙන ගත්තා. ඉතුරු සල්ලි වියදම් කරන සහ ඉතුරු කරන විදිහ ගැන පාඩමක් ඊලඟ පෝස්ටුවෙන් ඕනෙ

    ReplyDelete
  25. 2500න් කාලා නොමැරී ඉන්න පුලුවන් යසට

    ReplyDelete
  26. අනිත් ප්‍රශ්න අමතකවෙන්න වැඩකට නැති 2500 කතාව තව ටිකක් Promote කරමු. ඔය බම්බුව ගැන කතාකලා කියලා වැඩක් තියෙනවායැ

    ReplyDelete
  27. බන්දුල 2500 ට කන අතර මාරයා 3500 ට කයි.
    ඒ අතරම රටේ දුප්පත් අහිංසකයින් බොහෝ දෙනෙක් හරියකට කෑමක් බීමක් නොගන්නා බැවින් උන්ගේ වියදම ඊටත් වඩා අඩුය...

    බන්දුලයා එතුමන්ගේ කෑම වියදම ගැන කතා කර ඇති අතර මාරයා තමන්ගේ කෑම වියදම ගැන කතා කර ඇත. මෙතන ඊට වඩා වැඩි යමක් නැත. ජීවත්වීම යනු කෑම පමනක්ම නොවන නිසා මේවා ආර්ථික විග්‍රහ ලෙස වරදවා තේරුම් නොගත යුතුය.....
    මාරයා මෙය විශේෂ යනුවෙන් ලෙබල් නොකර මාර සරණිය යටතේ පල කලා නම් ඉතා අගනේය.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. නියමම පෝස්ට් එක.....
    ප්‍රායෝගිකයි ! මාරයියට ප්ලස් ගොඩක් දාමි ++++++++++++++

    ඔයා මැහුම් පන්ති ගිහින් තියනවා. මේ මැස්ම නම් හොඳට දන්නව (අරපිරිමැස්ම) :-) හිකිස්

    ReplyDelete
  30. කියෙව්වා....

    ජය වේවා!!!

    ReplyDelete
  31. ගෑස් වලට ගියා කියපු ගාන තමයි මටත් අවුල්...
    එහෙම නැත්නම් කුඹුරෙන් හාල් ලැබෙන, තමන්ගේ ඉඩමෙන් පොල් ගෙඩි ටික ලැබෙන, පළා වර්ග ටික, කොස් පොලොස් අහල පහළින් ලැබෙන, අපේ ගෙදර උදවිය මීටත් වඩා අඩු ගානක් තමයි මාසෙකට කෑමට වියදම් කරන්නේ(එක අයෙකුට)
    මම මෙතන කියන්නේ කෑමට යන ගාන ගැන විතරයි... ;)

    හොදි වර්ග දෙකකුත් පළා වර්ගයකුත් එක්ක කන බත් වේල ගැන මම සතුටුයි,
    ඒත් හැමෝටම එහෙම කන්න බැරි වෙන්න පුළුවන්
    ඒ වගේම හැමෝටම කුඹුරේ හාල්, පොල්, නොමිලේ පළා වර්ග කොස් පොලොස් ලැබෙන්නේ නැති බව අමතක කරන්නත් හොඳ නැහැ....

    ReplyDelete
  32. මරු අප්පා මෙහෙම වියදම් අඩුනම් මමත් එන්න හිතන් ඉන්නේ ඒත් මට මොන්ටේරෝ එකක් ගන්න ඕනා එතකන් බෑ එන්න,,,නොකෑබ්වත් මට මොන්ටේරෝ එකක යන්න ඕනමයි

    ReplyDelete
  33. 2500න් කාලා නෙවේ ලෙව කාලා ඉන්න ඇති..බන්දුල ගොයියගේ අම්මා මුත්තට පිං අනුමෝදන් වෙන්න ඇති මේ දවස් ටිකේ...

    ReplyDelete
  34. නැන්දම්ම ගෙදර උයනකං මාසෙට පනස්දාහක් ගෙදර වියදමට දුන්නත් මදි බං

    ReplyDelete
    Replies
    1. කටක් ඇරලා මටත් කියන්න බැරුව ඉන්නේ මචෝ...සර්වන්ට් කෙනෙක් ගත්තනං ලාබයි මටත්...හික් හික් ....මේවා දන්නවනං මේ පාර වස දෙයි මට...

      Delete
    2. හිටු නැන්දට මේල් එකක් දාන්ට..

      Delete
    3. සෑම්,
      හෙක් හෙක් කසාද බැඳල නැන්දම්මව ගෙදර නවත්තගත්තදාට උඹට තේරෙයි මල්ලියේ අපේ දුක. . . . .

      Delete
  35. බන්දුලට පිස්සු වෙන්න බෑ කොහොමටත්.
    මාරයටත් පිසුසුයි කියන්න බෑනෙ.
    හැබැයි මටනම් පිසුසුද මංද?

    ReplyDelete
  36. අපි කන හැටි ලිපා දනී කීවලු.. කොහොම හරි ගොන් කතාවක් වටේ හැමෝම ගියා ඒ අස්සේ ඔක්කොම බඩු වල ගණන් උඩ ගියා..

    ReplyDelete
  37. මේකත් බලන්න (දැන්වීමකි)-Jayasri-
    http://meeghaya.wordpress.com/2012/04/01/%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%94%E0%B6%BD-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9C%E0%B7%9A-2500%E0%B6%BA/

    ReplyDelete
  38. ඊ ළඟට ගෑස්..මගේ ගෑස් සිලින්ඩරෙන් මාස දෙකක් කවර් කලෑකි..ඒ කියන්නේ ගෑස්වලට මාසෙකට 170ක් වගේ...

    මේක නං වැරදිලා වගේ නේද? 340ට ගෑස් තියේද? මේක එක්දහස් ගාණක් වෙන්න ඕනේ මාසෙකට වියදම.......... එහෙම වුනොත් මාරයෝ 4000+ වෙනවා ඔයාගේ වියදම.......

    මාරයාත් බන්ධු සෑර්ගේම ගෝලයෙක් කියලා ඔප්පු වුනා වගේ මට පේන්නේ......... :D

    ReplyDelete
  39. ඔන්න කාට කාටත් බලා ගන්න මං මේ පෝස්ට් එකට පසු සටහනකුත් එකතු කලා... විශේෂයෙන්ම රන්දිකාට එහෙම වැදගත් වෙයි..:D

    ReplyDelete
    Replies
    1. :) අන්න එහෙම පැහැදිලි කරලා කියන්න එපැයි........ කවුද දන්නේ ඔයා හින්නිකිතර ගෑස් සිලින්ඩරයක් භාවිතා කරනවා කියලා....... ඒත් අනේ මන්දා ඔය ගෑස් වැය වීම නං විශ්වාස කරන්නත් අමාරුයි...........

      Delete
    2. හත් ඉලව්වේ ඔච්චර හැම දේම පැහැදිලිව කිව්ව මට ඕකට විතරක් බොරු කියලා තෑගි ගන්නයෑ...:P
      විශ්වාසම නැත්තං ගෑස් එක මාසයයි කියලා දා ගංකෝ...ඒත් මොකෝ...

      හැබැයි මට පේනවා ගෘහණීයෝ ටික කලබල වෙලා වගේ කියලා.. මේක බලලා සුවාමි පුරුෂයෝ ටික "මුං අපේ සල්ලි කනවා" කියලා මෙවුන්දලට බැණ අඩ ගහයි කියලා..:D:D:D

      හිටු මං වාසනාට කියන්න අයියේ මේකි ගෑස් බොනවා කියලා..:P

      Delete
    3. මක් කිව්වා.......... අනේ අනේ සූටි මල්ලියේ...... ඒ අයියාත් මගේ වයස ම තමයි........ හික් හික්


      කියලාම බලන්නකෝ........... ආර්ථිකේ ඔහුගේ අතේ............... හික් හික් මං නැහැ ඔය බැරි වැඩ වලට අත දාන්නේ.......

      Delete
    4. යකෝ කතාකරන්නේ ගෘහස්ථ බැංකු ගැන...:D

      ආ ඒක තමා අර රැවුල කපන්න තහනං කරලා තියෙන්නේ පොඩි එකා වගේ පේන්න ගනී කියලා බයට...:D:D:D

      Delete
    5. එදිනෙදා කටයුතු ගැන බලා ගැනිල්ලයි ගෘහස්ථ බැංකුවයි අමාත්‍යාංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ....... (වැස්සකටවත් ඒ පැත්තේ එන්නේ නැහැ වගේ හිටියට මොකද ඒවත් කියවනවා එහෙනං..... හා හා හොඳා හොඳා... )

      මේ සූටි මල්ලී, කොහොමත් වර්ග අඟලට සැවුල් ගස් දෙකක් තුනක් ගානේ තියෙන ඈයෝ එයාගේ සැවුල ගැන හරියට කල්පනා කරනවා තමයි...... :D :D :D

      Delete
    6. ඔන්න ඕකනේ කියන්නේ..ගිහිං බලුකෝ ඒකේ මගේ කොමෙන්ට් එකක් එහෙමත් නැද්ද කියලා..මං මීටරයක් හයි කොරලා තියෙන්නේ මට ගෝචර වෙන දේවල් තෝර බේරලා කියවන්ට දෙන්ට කියලා...ඒකට අහු උනා ඒක...මට පේන්නේ බොලා තමුන්ගේ පෝස්ට් වලට වැටෙන කොමෙන්ට් බලලත් නැද්ද කොහේද..:P

      මක් කිව්වා..වර්ග අගලට ගස් දෙක තුනක්...

      මෙන්න රවෝ..බුද්ධියෝ...උඹලට මොනවද කියනවා මේ උන්දෑ...

      Delete
    7. හා හා...... දාන්ට ඇති කොමෙන්ට් එකක්........ හැබැයි අයියේ දාලා තියෙන්නේ ඇනෝනිමස්........ වගේ මට පේන්නේ....... :D

      Delete
    8. හෑ...මං කොමෙන්ට් කොරලා නැද්ද..?

      වෙන්ට බැහැනේ..මට හොඳට මතකයි මං ඔය ගැන මොනවා හරි කිව්වා..ඇනෝනං වෙන්ට බැහැ කීයටවත්..පොඩ්ඩක් බලපිය ස්පෑම් ගොන්නකට ගෙහුන්ද කියලා..එහෙමත් නැත්තං ෂුවර් එකට බුකියේ දාපු ලින්ක් එහෙකවත් ‍කියෙව්වද දන්නේ නැහැ..

      Delete
    9. ස්පෑම් යන්නත් බැරි නැහැ, නිදහස් සිතුවිලි බලන්න ඇති කවුද බොලේ මේ නාදුනන්නා කියලා...... :D නැහැ බං අයියේ ස්පෑම් නැහැ....... අල්ලලා දාහං බං...... ඒක නෙමෙයි දැන් තියෙන ගැටළුව........ 12.5 එක අච්චර ගාණක් වෙලා, 5 එක 340ක් වුනේ කොහොමද? අනේ මන්දන්නේ නැහැ ඇත්තටම දන්නේ නැහැ........ කියලා දිහංකෝ

      Delete
    10. ඔන්න තනෝජා අක්කා ඇවිල්ලා හෝ ගාලා බණිනවා........ 5 නෙමෙයිලු 2.5යිලු.......... එහෙනං ප්‍රශ්නයක් නැද්ද කොහිද....... :D

      Delete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. කට්ටියට වැරදිලා ඔය Bandula කියලා තියෙන්නේ පවුං 2,500 ක් ගැන.

    ReplyDelete
    Replies
    1. පවුං ද ගවුම්ද කතන්දර අයියේ ??

      ගෑනු ගවුම් උස්සන් හොයනවලු බන්දුවව !

      Delete
  42. තොට කිවුවයි කියලා හිතාගනින් .................................................

    ReplyDelete
  43. පට්ටයි.....
    මට එපා උණා මේක කියවලා.....

    ReplyDelete
  44. මාසෙට බිත්තර 20 ක් .. වැඩි නැද්ද මන්ද

    ReplyDelete
  45. මාරයා අයියා තනිකඩයෙකි ! අනෙක දමා ඇත්තේ කෑම ගැන විතරය ! තමන්ගේ පවුලේ හැටියට මාරයා අය්යාගේ සමීකරණය යොදා (බැරි වුනොත් සඳරුව අමතන්න) වැඩිකර බලන්න !

    ReplyDelete
  46. මාරය පාවිච්ච් කරන්නෙ 12.5 ගෑස් සිලින්ඩරයක් නෙවි. කිලෝ 5 එකක් නේද? ඒකයි ගාන 340/-

    ReplyDelete
    Replies
    1. කිලෝ 5 එකක් ඒ ගාණ වෙලා 12.5 එක ඒ ගාණ වුනේ කොහොමද? ඇත්තටම නොදන්න කමට අහන්නේ........ කිලෝ 5 තුනක් ගන්න එක වඩා හොඳ වෙයිද 12.5 එකක් ගන්නවට වඩා?

      Delete
    2. කිලෝ 5 නෙවෙයි රන්දුනා..මේ 2.5

      Delete
    3. අඩේ මං මේ කොමෙන්ට් එක දැක්කේ නැහැ අයියේ........... ඒත් ගාණ පොඩ්ඩක් අවුල් නේද?

      5x340 = 1700
      12.5 එක 2000+ නේද? මං දන්නේ නැහැ අපේ ගෙදර නිල්පාට සිලින්ඩරයක් තියෙන්නේ.......... ඒක නං 2000+. එහෙම බැලුවහම ඔය පොඩි සිලින්ඩර් ගන්න එක කරදරයි වුනත් ලාභයි වගේ

      Delete
    4. මාරය මලේ කඩේකට වත් කථා කරලා ගාන බේරුම් කරල දෙනකම් අතාරියි කියල තමයි බය...

      Delete
    5. @තනෝජා අක්කා...

      හරි යන්නේ නැහැ..හරි යන්නේ නැහැ අක්කේ..මේක ලේසියෙන් බේරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි.:D:D:D

      @රන්දුනා...

      අනේ බුදු නංගියේ පලයං ළගම තියෙන ලාෆ් ගෑස් පොයින්ට් එහෙකට..නැත්තං කෝල් එකක් දාහං අරුංදට..කියහං "මේ ගිහිල්ලා බලං එනවා ගණන් කොහොමද කියලා ලාෆ් ගෑස් කිලෝ දෙක හමාරේ සිලින්ඩරේ" කියලා...
      ඒ මදිවට ගණනුත් හදලා..එව්වට අල්ලගං අර සඳුරුවාව..දැක්කනේ උගේ සූත්තරේ...මගෙ තොල කටත් වේලුනා...

      Delete
    6. බුහ්හ්......හ.....හා........ හා...... හා......

      තනිකම ආත්මය කරගත්.. වින්දනීය මනසක උරුමය ඇතුව උපන්.. තවත් එක කරුමක්කාරයෙක්ගේ තොල කට වේලිලා........

      බුහ්හ්......හ.....හා........ හා...... හා......

      Delete
    7. :D:D:D

      ඉතිං හිතාගංකෝ විවාහය ආත්මය කොට ගත් වාසනාවන්තයාගේ කොහොම වේලිල්ලක් වේලෙනව ඇද්ද දවසකට..:P

      Delete
    8. අඩේ අප්පා වේලුනත් මොකද විවාහය ආත්මය කරගත්ත වාසනා වන්තයෙක්නේ........

      මේ තනිකම ආත්මය කරගත්.. තවත් එක කරුමක්කාරයෙක් වේලෙ‍න වේලිල්ල දැක්කහම................. පව් කියලා හිතෙනවා අප්පා......

      තල වේලෙන්නේ තෙල් හින්දන්න, මී බෙටි වේලෙන්නේ.......... :D

      Delete
  47. වරදකට කියනවා නෙමෙයි ..
    මරය අයිය කියුව එක ඇත්ත ..
    ලංකාවේ 99% ගෘහණියන්ගේ අරපිරිමැස්ම නං අන්තිමයි දැන්
    වසර 50 -100 කට කලින් තිබ්බ ඒ ගුණාංග ඔක්කොම දැන් කානුපල්ලේ හෝදගෙන ගිහිල්ල
    ගෑනු දරුවෝ ඉස්සර පැය කීපයක් හරි කුස්සියේ ඉඳගෙන අම්මලාගෙන් වැඩ / අරපිරිමැස්ම ඉගෙනගත්ත
    දැන් කාලෙ ඉතින් 24/7 ටියුෂන් නේ ..
    අන්තිමට ගෙදර වැඩ දන්නෙත් නැහැ .. ඉගෙනගත්ත උලවුවකුත් නැහැ

    බන්දුල , රවී ගැන නම් ඉතින් මොනවා කියන්නද .. දෙන්නම එක පක්සේ අයනේ ...
    "එක්සත් රට කන පක්ෂය"

    ReplyDelete
    Replies
    1. බන්ධුල දේශපාලනය පටන් ගත්තේ සහ වැඩි කාලයක් හිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් නෙවෙයි , දන්නේ නැත්නම් හොයල බලන්න

      රවි කරුණානායක කියන්නේ එක්සත් ජාතික පක්ෂය කන්නන්ගෙන් පෙරමුණේ ඉන්න ඩයල් එකක්(ජයලත් ට පමනක් දෙවෙනි වෙන ) , හැබැයි පොරත් දේශපාලනය පටන් ගත්තේ එජාපයෙන් නෙවෙයි !

      Delete
    2. පටන් ගත්තේ ඒකෙ නොවුනට රටේ මිනිස්සුන්ට ඇගට දැනෙන්න වැඩ කොරන්න පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂේ ඉන්න කොට තමා

      Delete
    3. කවුද, රවිද ? බන්දුලද ?

      රවි ගැන නම් කථාව ඇත්ත , බන්දුල නම් මම දන්න දවසේ ඉඳලම දෙන්නේ ඔය වගේ ආතල්

      Delete
  48. අයියගේ කථාව සුපිරි.... ඒත් දැන් ගිනිපෙට්ටියකුත් රු.9.00 වෙනවා. ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවොත් හොද නැද්ද?

    ReplyDelete
  49. හැබැයි කොහොම හරි ඔය ගාන 2500 කරගන්න බලන්න ....... බන්දුලයා වෙනුවෙන්.

    ඒකා දැක්කා නම් මේක .......... උඹට 1000 න් මාසේ කන්ඩ කියලා දෙනවා ෂුවර් (උගේ අර ආර්ථික විජ්ජාව දාලා)

    ReplyDelete
  50. අපේ ගෙදර උන්දැ ෂුවර් එකටම යටිමඩි ගහනව ඇති දෙන සල්ලි බොරු බිල් දාල.

    ReplyDelete
  51. ගෑස් සිලින්ඩරේ තමයි මේ පෝස්ට් එකේ සේවා නූල.
    අර ටිප්ස් ටිකත් කියමු මාරේ. අපි ඒවා ලොකු ගෑ සිලින්ඩර් වලට ආදේශ කරගන්න්නම්. ඒ හැරත් ඔය ජාතියෙ එකක් ගන්න මාත් හිතුවා ගමන් යනකොට වාහනේ දාගෙන යන්න.


    henryblogwalker the Dude

    ReplyDelete
  52. මං නාසා එකට ලියුමක් දාල අර රොකට් වල යන ඈයො ගන්න බඩගින්නට ගන්න පෙති සැට් එකක් ගත්තා... ඔක්කොටම (මාසෙට) තැපැල් ගාස්තුවත් එක්ක යන්නෙ ඩොලර් 200 (200*123 = 2460 - කොම් බැංකු වාර්තාව 06/04/2012)

    ඈයි අලුත් දෙයක් නොකර හැමදාම බත් කකා ආණ්ඩුවට බනින්නෙ ඕගොල්ලා?????? වැරදියි නේද

    "THINK OUTSIDE THE BOX AND MAKE A DIFFERENCE"

    ReplyDelete
    Replies
    1. 200*123 = 24600....mama hithanne oya apahu anduwata banninna patan gathanam hodai wagee....mokada pasal adyapanaya hariyata deela na ne :P

      Delete
  53. මම නම් මාර අයියගේ මේ ලිපිය ගැන දකින්නේ අවංකවම නොලියපු එකක් කියලයි, ඇත්තටම හොදයි මාර අයියා ජිවත් වෙන බොහොම අල්පෙජ්ජ ජීවිතය. එත් අද අපි ජිවත් වෙන ලෝකෙත් එක්ක හැමෝටම ඔය කියන විදියට ජිවත් වෙන්න බෑ.
    හැමෝටම මාර අයියා යනවා වගේ පොලට යන්න / වෙන වෙනම කඩවල් වලට යන්න වෙලාවක් නෑ , උදේ ගිය මිනිහ එන්නේ රෑට,
    අනිත් ඒක පොඩ්ඩක් හිතුවොත් නරකද මේ ඇමති වරු ප්‍රචලිත කරන්න යන චින්තනේ මොකද්ද කියල , ' අඩුවටම තියෙන දෙයක් කාල , නොමැරී ඉඳපල්ලා' කියන ඒක නෙවෙයිද.

    මාරේ අයියේ ඔයවගේ හැමෝම තනිකඩ නෑ , ගොඩක් ය දෙකඩ (කඩ + කඩ ) , තව පැටවූ ඉන්න අය, එහෙව් පව්ලක අවශ්‍යතාවය අර කිව්වා වගේ ' කාල බීල නොමැරී ජිවත් වීම' කියන එකම නෙවෙයි , ඉතින් මම හිතන්නේ ඔයා මේ ලිපිය කොලේ වහලා ලියපු එකක් කියලා , තමා සහ තමාගේ බඩ ගැන විතරක් හිතන , බහුතරයක් ගැන නොහිතන ඇමති කෙනෙක් වගේ ...

    ReplyDelete
  54. මරු ආර්ථික විශ්ලේෂණයක් මාරයියේ හැබැයි ඉතිං වැඩේ කියන්නේ ස්ත්‍රි පරාණයක් හිටියනම් මාරයියට මෙහෙම ෂේප් වෙන්න බැරිවෙනවා ආයේ ඒකේ දෙකක් නෑ..... හැබැයි එහෙම වුනු දවසක මේ බ්ලොගත් නැතිවෙයිද මංදා.... පුළුවන්නම් අයියේ උයන්න බැරි එකියක්ව හොයාගන්න

    ReplyDelete
  55. ahuwata tharaha wenna epa MARAYA...aththatama mase wiyadama keeyada???

    ReplyDelete