01 April 2012

දඩි බිඩි ගමනින් පාසිකුඩාවට...

හදිසියේම..ඒ කියන්නේ මේ පහුගිය විසි නව වැනිදා හවස් අතේ මං ගියා නෙව ආයෙමත් චාරිකාවක්...

මාර්තු මුල ටිකක් වැඩියෙන් ඩියුටි ඇදලා තිබුන හින්දා මාසේ අවසානෙට මට දවස් තුනක් නිවාඩු ඉතිරි වෙලා තිබුන හින්දා කොහේ හරි යන්න කියලා හිතං හිටියත් ඒක යන නොයන එක වැට උඩයි තිබුනේ...ඒකට හේතු දෙකයි..එකක් මගේ ගමන් සගයෝ ටික දැන් උපරිම කාර්ය බහුල වීම සහ කැමරාවක දැඩි අවශ්‍යතාවය...

කොහොම හරි කැමරාවක් ගන්න කියලා හිතලා ලෑස්ති උනත් මං ලෑස්ති වෙනකොට ටිකක් ප්‍රමාදයි..ඉතිං කොහොම හරි පුංචි කැමරා කෑල්ලක් හෙට අනිද්දාම ලැ‍බෙන්න නියමිතයි..ඒත් එයිට කලින් මගේ නිවාඩුව ලැබෙනවා..ඉතිං කොහොම කොහොමහරි යම්දෝ නොයම්දෝ කියලා තමා හිටියේ..‍අන්තිමේදී 29 වැනිදා උදේ ගමන යෑම පැත්තකින් තියලා මං ගියා වෙන වැඩ කිහිපයකට..එකක් යාළුවෙකුට තොරතුරක් හොයලා දෙන්න..අනික අපේ ගෙදරට... අපේ මලයා දෙවෙනි වතාවටත් තාත්තෙක් වෙලානේ..මේ පාරත් කොල්ලෙක්..කොහොම හරි උගේ වේලපත්කඩෙත් හදං කට්ටියටම අවුරුද්දට අළුත් ඇදුම් එහෙමත් අරගෙන අතිං කටින් උස්සං ගෙදර ගෙහුං දවල්ට කාලා එහෙම ආපහු එන ගමන් වැලිවේරිය හරියෙදි වෙලාව බැළුවම එක හමාරයි..

ඒ පාර කල්පනා කලා ඕන මගුලක් කියලා දැන් ගෙදරට ගිහින් ලෑස්ති වෙලා ගියොත් මොකද කියලා..මට යන්න උවමනාව තිබුනේ පොලොන්නරුව පැත්තේ තමා..ඉතිං කොහොමත් පැය පහකින් යන්න හිතං ගෙදර ගෙහුං දඩි බිඩි ගාලා බඩු ටිකත් පැක් කරගෙන බයිසිකලෙත් පොඩ්ඩක් පරීක්ෂා කරලා හරි ගස්සගෙන හවස තුන හමාර වෙද්දී මං පිටත් උනා...ජීවිතේට ගිය හදිසිම ගමන...
කොහොම හරි නාරම්මල හරියෙදි බඩ ගින්නක් ආව හින්දා නැවතිලා කඩේකින් උණු උණු රෝස් පානුයි දුම් දාන මාළු හොදියි ගිලලා ප්ලේන්ටියක් එහෙම ගහලා ඉවර වෙද්දී මෙන්න බොලේ අහස හොදටම කලු කරලා..ඒ පාර හිත හදා ගත්තා නාගෙනම යමං කියලා...
කොහොම හරි කුරුණෘගලට ලං වෙද්දී වහින්න තායා ගත්තා එක සීරුවට..ඒ මදිවට කුරුණැගලින් දඹුල්ල පාරට දානකොට වාහන පෝලිමයි..බැලින්නං ගහක් කඩං වැටිලා..කොහොම හරි එහෙං මෙහෙං රිගවලා එතනිනුත් පන්නගෙන ටිකක් විතර හිමි හිමීට ගියා දඹුල්ල පැත්තට...දඹුල්ලට යද්දී වෙලාව හයයි.. බයිසිකලේට තෙල් ටිකක් එහෙම ගහගෙන ඇද්ද හබරණ පැත්තට..වැස්සනං පායලා..ඒත් හබරණ පැත්තට පාර හදන හින්දා දූවිල්ල ගන්න දෙයක් නැහැ... කොහොම හරි හිමින් හිමින් ආවා හබරණට... වැස්ස හින්දද මංදා ආයෙම බඩගිනියි වගේ.. ඒ පාර ආප්ප කාලා තේ බිව්වා හබරණින්... ඊට පස්සේ කදුරුවෙල බස් එකක් පිටි පස්සෙන් තියාගෙන ඇරියා පොලොන්නරුවට..කොහොම හරි රෑ අට වෙද්දී මං පොලොන්නරුවේ...

රෑට නවාතැන් ගත්තේ පොලොන්නරුව දුම්රිය ස්ථානේ විවේක කාමරයක... එතන කරදරයක් නැති තැන...බයික් එකත් ඉස්ටේසම ඇතුලට දාලා නාලා කරලා ගිහින් බිත්තර රොටී අරං ආවා රෑට කන්න... ගමන් මහන්සියත් එක්ක කාලා ඉවර උන හැටියේ වැටිලා නිදා ගත්තා...

ආයෙම පහුවදා උදේ නැගිටලා ගියා පරාක්‍රම සමුද්‍රය ගාවට..ඒ යද්දී තමා මේ කුඹුරුවල ගොයං කපන්න යන නඩේ දැක්කේ...
ඉර නැ‍ගගෙන එන්නේ පරාක්‍රම සමුද්‍රයට විරුද්ධ පැත්තෙන්.. ඒ හින්දා වැවේ අමුතුම පාටක් තිබුනේ...ඒ දිහා බලං ඉන්නකොට ඔන්න වැව් බැම්ම දිගේ ව්‍යායාමයට දුවන උදවිය අතරේ හිටිය එක මනුස්සයෙක් නැවතිලා වැව් බැම්ම උඩ හිටිය බලු රාලලා එක්ක කයියක් ගහහන්න ගත්තේ..ඊට පස්සේ ඒ බලු රාලලත් අර උන්නැහේ එක්ක දුවන්න ගත්තා...
පේනවනේ ඩබල..
පිටිපස්සෙන් දිව්ව හාදයගේ එක කකුලකුත් අස්පට්..ඒත් ඌත් අතාරින පාටක් නැහැ ත්‍රීවීල් එකේම දුවන්න තියා ගත්තා...

පරාක්‍රම සමුද්‍රය ගාව මට පෙනුන දේවල් බලන්න ඕනනං මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්...

ඉතිං කොහොම හරි එතන සිරි නරඹලා ආයෙම ගිහින් උදේට බඩ පිරෙන්න කෑවා පොලොන්නරුවේ ඩෙවොන් එකෙන්... බත්..නූඩ්ල්ස්..කවුපි..බණ්ඩියට හොඳ ගණන්...ගියා නවාතැන් පොලට..ගත්තා ඕන කරන අඩුම කුඩුම... කොල්ලා කෙලින්ම පාරට ආවේ කලින් හිතලා නොතිබුන ඒත් යන්න ඕන කියලා හිතේ තිබුන ගමනක් යන්න...

ඒ තමා පාසිකුඩා වෙරළ...

කලින් දවසේ කාමරේ ගන්න වෙලාවේ ස්ටේෂන් මාස්ටර් එක්ක කයියක් ගහද්දි කිව්වා පාසිකුඩාවලට ඒ හැටි දුරක් නැහැ කියලා... ඒ වෙලේ තමා ඕක ඔළුවට ආවේ..ඉතිං කිලෝමීටර් හැත්තෑ පහක් විතර ගෙවාගෙන මං ගියා පාසිකුඩා බලන්න..

පොලොන්නරුවේ ඉඳන් මඩකලපුවට තියෙන ප්‍රධාන පාර ඉටි කිරිස්... ඇරලා දාලා ගියෑකි... ඒ යන අතරේ දුටුව දේවල් සහ තව විශේෂ දේවල් තමා මේ තියෙන්නේ...


වාලච්චේනෙන් වම් පසට හැරිලා කල්කුඩා පාර දිගේ පාසිකුඩා දක්වා යන්න තියෙන කිලෝමීටර් හතනං තාම හදනවා..ඒ හින්දා ඒ ටික ටිකක් හිමින් යන්න උනා..ඒත් තව මාසයක් යනකොට ඒ ටිකත් හදලා ඉවරවෙයි මං හිතන්නේ...

අවසානෙදී මං පාසිකුඩා ගියා...ඒ සුන්දරත්වය ඔබටත් දැක බලා ගන්නට මෙන්න අවස්ථාව...


එහෙමනං ගමනේ ඉතිරි විස්තර පසුවට...

හෝව් හෝව් අමතක උනා..මේ යන ගමන් වාලච්චේනට මෙහායින් බිව්ව සරුවත් වීදුරුව...



63 comments:

  1. Replies
    1. උඹ මලයගෙ ළමයට වේලාපත්කඩේ හදන ගමං උඹේම කියල ළමයට එකක් හදන්න හිතුවෙ නැද්ද? :D
      කොහොම උනත් ගමනනං නියමයි. මාත් කැමතිම දෙයක් තමයි ඔහොම හිතුව, ලැහැත්ති උනා, ගියා ගමන් වලට.
      ඊගාව කොටසත් දාමු බලන්න.

      Delete
    2. යකෝ කොමෙන්ට එක දාන ටිකට උඩටයි යටටයි තව ෆොටෝ දෙකකුත් දාලනෙ.

      Delete
    3. පොටෝ පන්සිය ගානක් තියේ බං..ඉතිං කොහාට හරි ඔබන්න එපෑ..

      Delete
  2. ගමනට හරි යන විදිහට ලිපිය ලියලා තියෙන්නෙත් කලබලෙන් වගේ... අද යන්නන් හෙට යන්නන් කියකිය කල්මරන අපිට මේක හොඳ ආදර්ශයක්..

    හිතුනා...ගියා...

    ReplyDelete
    Replies
    1. දිග්ගස්ස ගස්ස ලියන්න ගියානං පෝස්ට් හත අටක්වත් දාන්න වෙනවා මලයා..ඒ හින්දයි කොට කරලා ලියලා දැම්මේ...

      Delete
  3. අඩේ මම තුන වත්ද ?

    ReplyDelete
  4. ඇත්තටම පාසි කුඩා වල පාසි පොඩියිද?

    ReplyDelete
    Replies
    1. කොයි පාසි ගැනද ඔය අහන්නේ..:D

      Delete
  5. මගේ බයික් ගමන් දැන් තහනම් කරලනේ ගෙදර උන්දැ... ඔය වගේ ගමනක් ඉතින් ආයේ යන්න වෙන්නෙ නෑ.. බයික් එකේ හපුතලේ ගියා අන්තිමට.. හරි ජොලි වැඩේ අප්පා.. තව විස්තර සහ පොටෝ දාන්න..

    ReplyDelete
    Replies
    1. කවුද කවුද ඔය තහනං නියෝගේ දැම්මේ..?

      Delete
  6. බඩ කලපු ආපු එකේ කල්මුනෙන් දාලා ඔහොම්ම පද්දන්න තිබ්බ නේ අපේ ඉසවුවටත්

    ReplyDelete
    Replies
    1. ඔය අහ එනවා සඳරු මලයා..පොතුවිල් එද්දි..මේ ගමන අම්පාර පැත්තට යන්න හිතක් තිබුනේ නැහැ..කොටින්ම පාසිකුඩා ගමනත් හදිසියේ තීරණය වෙච්ච එකක්...

      Delete
  7. ඊරිසියා හිතෙනව මාරයියෙ......

    ReplyDelete
  8. මටත් හරිම ඉරිසියා හිතුනා මේ නිදහස් ජීවිතේට... හිතුනා... ගියා....

    ReplyDelete
  9. අන්න ජීවිතය හැකි අයුරින් විඳින බුවෙක්. ප්‍රශ්ණ නම් කෙල කෝටියක් තිබ්බත් එකක් දෙකක් අහන්නම්කො.

    ඔය අනුරාධපුරේ දුම්රිය ස්ථානෙ විවේක කාමරයක කියන එක පොඩ්ඩක් විස්තරක් කරපං මාරෙ. ඕවයෙ පවුලකටත් ඉන්න පුලුවන්ද? හොඳයිද? ගාන සාධාරණද? පිරිසිදුයිද? රෝද හතරෙ වාහනේකින් ගියත් ඇතුලට ගන්න පුලුවන්ද?

    මනුස්සයෙකුට උදේ කෑම වෙලට බත් නූඩ්ල්ස් කවුපි ඔක්කොම කන්න පුලුවන්ද? :D

    පොළොන්නරුව මඩකලපුව පාරෙ අපිත් ගියා දෙසැම්බර් වල. මගෙ ජීවිතේට දැකලා නෑ එච්චර හරක් සංඛ්‍යාවක්.

    ReplyDelete
    Replies
    1. අනිවා හෙන්රි, ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, නුවර ස්ටේශන් වල ඉන්න පුලුවන්... සමාන්‍ය හොඳ කාමර.. ලොරියක් උනත් ඇතුලට ගන්න පුළුවන්...

      Delete
    2. මුලින්ම කියන්න ඕන හෙන්රි අයියා..මේ අනුරාධපුරේ නෙවෙයි පොලොන්නරුවේ...ඒත් අනුරාධපුරෙත් මේ පහසුකම තියෙනවා..අපි කලින් වතාවක අනුරාධපුරෙත් නැවතුනා මෙහෙමම..හැබැයි දැනට ටික දවසකට කලින් යද්දිනං එහෙ නඩත්තු හින්දා කාමර දෙන එක නවත්තලා තිබුනේ...
      දැනට මං දන්න තරමින් අනුරාධපුරේ..පොලොන්නරුවේ..නුවර..ගාල්ල මාතර..ත්‍රික්‍රනාමලය හා මඩකලපුවේ මේ පහසුකම තියේ...
      යාපනෙත් තිබිලා ඇත..කලින් වතාවක දකින්න ඇතිනේ මං දැන් එහෙ තත්වේ දාලා තියෙනවා...

      අනුරාධපුරේ එහෙමනං වාහන දාන්න පුළුවන්..ඒත් පොලොන්නරුවෙනං ඒ පහසුකම නැහැ..බයික් එකක් හින්දා මට අවුලක් උනේ නැහැ... මේක හදලා තියෙන්නේ දුම්රිය මගීන්ට හින්දා වාහන ගැන ඒ හැටි සලකා බලලා නැහැ මං හිතන්නේ..ඒත් අනිත් තැන්වල පුළුවන් ඇති...


      අර කෑම ගැන අහපු එකටනං කියන්න තියෙන්නේ මෙච්චරයි...
      "අයියණ්ඩිය බිය නොවන්න කන සැටි මම පෙන්වමි"

      Delete
  10. හැබෑටම මිනිස්සු මෙහෙමත් තකහනියේ ගමන් යනවද? හැබැයි එහෙම හදිස්සියේ යන ගමන් තමයි සුන්දරම.. බුකියේ ෆොටො ටිකත් බැළුවා..

    ReplyDelete
    Replies
    1. තව පොටෝ බර ගානක් තියේ ඉස්සරහට බුකියේ බලහං මලයා...

      Delete
  11. අපි ඉතින් හිතෙන් යන්නම් මේ අකුරු අස්සෙන් ඔය චාරිකා... නැතුව සෙට් එක ක් එක්ක මිසක්කා හිතේ හැටියට තනියෙන් ගිහින් ඕනි ඕනි විදියට කාලා බීලා නැවතිලා එන්න බැරි උනා නොවැ...හිටුකො මාත් පටන් ගන්නවා ඔය වගේ ටුවර් ටිකක්..බස් තියෙන්නෙ පාරෙ ඕනි තරම් !

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ , මම ඔහොම බස් එකේ හිතුන ගමන් කොහේ හරි ඩයල් එකක් ගැන විස්තර අහල තියෙයි , ඒත් පොර රට තොට සිරි බලන්න යන සංචාරකයෙක් නම් නෙවෙයි , ගොඩක් වෙලාවට ගෙදර මිනිස්සුන්ට ගිහින් ඉන්න තැනකින් හොයාන එන්න වෙනවා , මම කල්පනා කලේ වෙනි ටත් එහෙම සන්තැසියක් වෙයි දෝ කියලා

      Delete
    2. ඔන්න දැක්කා නේද වෙනී අයියා..උඹලා කොහොම හරි ටිකක් ජීවිතේ විඳින්න හදනකොටම මේ බුවාලා ඒකට රටේ නැති කයි කතන්දර කියනවා..උඹ සැලෙන්න එපා..කොහොම හරි යමං...

      Delete
  12. පේස්බුකියෙන් තොරණ දැක්කට.. තොරනෙ විස්තරේ බලන්ට මෙහෙ එන්ට එපැයි...

    ReplyDelete
  13. වින්චැට් කිරිල්ලියි මියුරුයි කියල තියෙන්නේ මටත් හිතුනු දේ!

    ReplyDelete
  14. අනේ ඇත්තට මාරයියේ.. ඔය බයික්කෙ තනියම යනවට වැඩිය තව එකියක් දාගෙන ගියා නම් නරකෙයි..

    ReplyDelete
    Replies
    1. අර කවුද මංදා ඔයාව එක පාරක් පුට් බයිසිකලේ දාගෙන ගියා වගේද..?

      Delete
  15. බයික් ගමන් වලට මගේ බයක් තියනවා බන් ,,ඒක නිසා ඔහොම ගමනක් මට කවදා යන්න වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ අරයා පදී...උඹ පිටිපස්සෙන් වාඩි වෙලා පලයං..:D:D:D

      Delete
  16. මාත් ඔහොම ගිය හැටි මතකයි . . . .
    මට හොද හැටි මතකයි

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි......සැබෑ සුවඳක් නෑ.... :))))

      Delete
    2. දෙන්නා සිංදු කිය කිය ඉන්න...අපි ගමනේ...

      Delete
  17. එතකොට මෙයා....ඔය දෑ කැති කරේ අමුණං යන්නෙ එව්වා මොට්ට ද? ඒත් මොට්ට එව්ව්වයින් ගොයම් කපන්න පුලුවනෑ...අනේ මන්දා, ඕක මට පෙහෙළිකාවක්.

    ReplyDelete
    Replies
    1. මොට්ට නැහැ ඩී..දෑකැත්තේ දැතිවලින් තමා ඕක කමිසේ පැටලිලා තියෙන්නේ නොවැටි...

      Delete
  18. පාසිකුඩාවට විතරක් නෙවෙයි , මේක ලියල තියෙන්නෙත් දඩි බිඩි ගාල බොහොම හදිස්සියෙන් :)

    ReplyDelete
    Replies
    1. දිග් ගස්සන්න ගියානං පෝස්ට් බර ගානක් ලියන්න වෙනවනේ මලයා...අනික කාටද වෙලාව තියෙන්නේ ඔයාකාර කියවන්නයි පොටෝ බල බල ඉන්නයි..ඒක හින්දා ටිකක් කෙටියෙන්ම දැම්මා...

      Delete
  19. ෂික් අපිට නෑනේ ඔහොම පිනක්.....

    ReplyDelete
    Replies
    1. ඔහොම කිය කිය හිටියොත් කවදාවත් නැහැ..යන්න ඕනනං උත්සහ කරන්න...

      Delete
  20. ඔහොමත් හිතෙන හිතෙන විදිහට ගමන් යනවද අප්පා...

    අවුරුදු ගානකඉන් පොලොන්නරුවෙ ගියේ නෑ.පුංචි කාලෙ තිබ්බ පොලොන්නරුව දැන් වෙනස් වෙලා. ආයෙත් යන්න කොච්චර ආසද..ඒත් ඔයාලට වගේ අපිට හිතිච්ච ගමන්, ගමන් යන්න බෑ නෙ. :((

    ReplyDelete
    Replies
    1. ඕනකමක් තියේනං යන්න බැරිත් නැහැ නිසූපා...උත්සහ කරන්න...

      Delete
  21. ඔය පරාක්‍රම සමූද්‍රය පාස් කරලා ටික දුරකින් තමා අපේ ගෙවල් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කලින් කියන්න එපෑ දෙයියනේ... මං පරාක්‍රම සමුද්‍රය පාරෙ හුගක් දුර ගියත් එක්ක ඔහේ පැදගෙන...

      Delete
  22. අනේ ඔක්කොමත් හරි අර කෑම වේල් ගැන කියද්දි තමයි ඉවසන්න බැරි........

    ReplyDelete
    Replies
    1. ඇහ්...මං කෑම ගැන කිව්වද..?

      Delete
    2. නැතුව අර උණු උණු රෝස් පානුයි මාළු හොදියි,බිත්තර රොටියි,අර පොළොන්නරුවෙ ඩෙවෝන් එකේ කෑමයි ඊටත් පස්සෙ අර සරුවත් එකයි පිස්සු හැදෙනවනෙ...

      Delete
  23. අන්න ගමන්... නියමයි...!!!

    ReplyDelete
  24. මරු අය්යේ උඹ නම් trip යනවා එල කිරි වගේ. මටත් හිතයි මෝටර් සයිකලයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ගත්තට කමක් නැහැ හැබැයි පරිස්සමට පදින්නත් ඕන...

      Delete
  25. තනියෙන් ඉන්න කාලේ අපිත් ඔහොමයි මලයා. රජා වගේ දැන් තීරණේ ගත්තා හවස් වෙනකොට රටේ අනිත් පැත්තට ගියා. ඔන්න ඔහේ කසාද නොබැඳ හිටහන් මල්ලි.. ඔය නිදහස මොකට නැතිකර ගන්නවාද ?

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි අයියේ මිනිහෙකුට ඇත්තටම ආදරේට උපදෙසක් දෙන්නේ..

      Delete
  26. මා 4 වැනි නරකයාය.

    ReplyDelete
  27. නියම ගමනක් තමා ... :)

    කොලඹ ඉදල බන්ඩාරවෙලට බයිසිකලේ මායි මහත්තයයි මහ රෑක ගියාට පස්සෙ අපි ඔච්චර දුර බයිසිකලේ යන එක අත හැරියා.. මට බැහැගන්නත් අමාරු උනා කකුල් සීතලට ගල් ගැහිලා..

    කොයි තරම් විනෝද ජනක උනත් දුර ගමන් බයිසිකල් වලින් යන එක අනතුරු දායකයි..

    ReplyDelete
  28. මේක පුදුම ට්‍රිප් යාමක්නේ. ප්ලෑන් කරලා යන ට්‍රිප් වලට වඩා හිතුවා ගියා ට්‍රිප් හොඳයි වගේ.

    ReplyDelete
  29. එළ එළ බයිසිමොටෝවේ යන ගමන්නද ෆොටෝ එක ගහ ගත්තේ...පරිස්සමින් පු‍තෝ...

    ReplyDelete