03 April 2012

ගම්පොල ගෑනු ළමයි පොලොන්නරු ආවා වගේ...




කස්ටිය දන්නවනේ මේ දවස්වල මං ලියාගෙන යන්නේ පහුගිය දොහේ හදිසියේම පොලොන්නරුවට දිරා මාර් වීම ගැන විස්තරේ කියලා... ඉතිං මේ ඒකේ ඊ ලග කෑල්ල...

ඔන්න මං පොලොන්නරු ගියේ 29 වැනිදා හවස් අතේ..පහුවදා පාන්දර පරාක්‍රම සමුද්‍රය අසල හිමිදරි සිරි අසිරි නරඹලා එයින් පස්සේ නැගෙන හිර වෙරළට..ඒ කියන්නේ පාසිකුඩා වෙරලටත් ගිහින් මුහුදේ නාලා කරලා ආයෙම ඇවිත් පොලොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරය එහෙමත් බලලා ඒ පිටි පස්සේ තිබුණ දීප උයනත් බලන්ට යෙදුණා නෙව... දැන් එතැන ඉඳන්...

දීප උයන බලලා අහවර වෙලා මං ආයේමත් වංගියක් ගියා පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම දිගේ එහෙම ගෙහුන් වැවට මුහුණ ලා තියෙන පොත්ගුල් විහාරය බලන්ට යෙදුණා...

මේ පොතුගුල් වෙහෙර ලග තමා අර අපි දන්න පොලොන්නරුවේ සුවිශේෂී ලාංජනය තියෙන්නේ... කාට උනත් පොලොන්නරුව කිව්ව ගමන් මතකෙට එන අර රූපේ..ඕකට අපි ඉස්සර කිව්වේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ගස් ලබු කන පිළීමේ කියලා... ආයේ ඉතිං බොරුවක් කියන්ට ඕනයෑ..ඒක ඒ වගේම නෙව...ඔය බලන්ටකෝ..
ඒත් ඉතිං ඔය ගැන එක එක මතිමතාන්දර තියේ... අප‍ට හිටපු පැරණීම පුරාවිද්‍යාඥයෙක් වෙන එච් සී පී බෙල් මහත්තයා කියන්නේ මේක මහා පරාක්‍රමබාහු රජතුමන්ගේගේ පිළීමයක්ය අතේ තියෙන්නේ පුස්කොල පොතක් හෝ විය ගහක්ය කියලා...

එතකොට අපේ පරණවිතාන මහතැන් කියනවළු ඔය ඉන්නේ පුලස්ති හෝ කපිල කියන ඉසිවරයාය.. අතේ තියෙන්නේ පුස්කොල පොතක්ය කියලා..

ඒ අස්සේ අපේ වර්ථමාන චක්‍රවර්ති උන්නාන්සේ වෙච්ච එල්ලාවල හාමුදුරුවෝ කියනවා කියන්නෙත් මේ ඉංතේරුවෙන්ම කිං පරාක්‍රමබාහුය..අතේ තියෙන්නේ ඔරිමජිනල් විය ගහක්ය කියලා...දැන් අහන්ට එපා විය ගහ මොකක්ද කියලා..එහෙම ඇහුවොත් බොලාවත් බඳින්ට වෙන්නේ ඒකටම තමා...

ඉතිං කොහොම උනත් ඔන්න ඕක වගේම මෙතන පැරණි චෛත්‍යයක්ය කියලා හිතිය හැකි පස් ගොඩැල්ලකුත් පෙනෙන්ට තියේ...

එතකොට මෙතන තියෙන ඊ ළග දේ තමා පොත් ගුල් විහාරය... මේක ටිකක් පිරිවෙන් සංකීර්ණයක් වගේ දෙයක්...මේ මධ්‍යයේ තියෙනවා ගෙඩි ගෙයක් වැනි ගොඩනැගිල්ලක්..එහි යම්කිසි දෙයක් තබා පූජා සැලකිලි පැවැත්වූ බවක් කියැවෙනවා... මේ ගොඩනැගිල්ල වගේ කුඩා පරිවාර චෛත්‍ය හතරකුත් තිබීම හරහා මධ්‍යයේ තිබූ දේ වටිනා පූජා වස්තුවක් ලෙස සැලකිය හැකියි... ඕකේ එක එක මතිමතාන්තර තියේ එයින් එකක් තමා මහායාන බුදු දහමේ ඇති සද්ධම්ම පුණ්ඩරීක සූත්‍රය සඳහන් පොත්වහන්සේය කියන එක... මං ඉතිං ඔව්වා දන්න එකක්යෑ...

ඉතිං ඔය ටික බලලා ඉවර වෙනකොටම හවස හයට කිට්ටුයි... ඔය වෙලාවේ ඔතනට ආව තව පිරිසක් හිටියා..ඒ ගම්පොල පැත්තේ බාලිකා විද්‍යාලයක ලොකු පංතියක දැරිවියෝ ටිකක්..එකම එක ගුරු මහතෙක් විතරයි මේ කට්ටිය එක්ක ඇවිත් හිටියේ... කොහොම උනත් ළමයි ටික හොඳ සතුටෙන් ඉන්න වගක් පේන්න තිබුනා..කට්ටියම පරාක්‍රම සමුද්‍රයේ නාලා කරලා කොණ්ඩ කඩාගෙන බොහෝම සැහැල්ලුවෙන් හිටිය වග පැහැදිලිවම පෙනුන කාරණාවක්... ඇත්තටම ඔය අධ්‍යාපන චාරිකා එක්ක ගියාම ගුරුවරු මක් කරලවත් ළමයින්ට නාන්න දෙන්නේ නැති එක එපා වෙන වැඩක්..ඒක හොඳ ආරක්ෂක පියවරක් උනාට ගමනක සතුට නැති වෙන්නත් ඒක බලපානවා..එහෙම ඕනවට වඩා බය වෙන්න යන්නේ නැතිව අනතුරක් නැති තැනක් හොයලා නාගන්න දුන්නම මොනවා වෙනවද..? කොහොම හරි මේ ළමයි ටිකත් එහෙම නාලා කරලා සතුටෙන් හිටියට මොකද පස්සේ බැලින්නං එක දවසේ චාරිකාවක් ආව ළමයින්ට ඒ වෙනකොටත් පොළොන්නරුව පුරාවිද්‍යා නටඹුන් හරියකට බලන්න වෙලා නැහැ...හනේ සංසාරේ..මං ඉතිං ඒ කට්ටියත් එක්ක ආව ගුරුතුමා එක්කත් පොඩ්ඩක් කතා බස් කරලා ආයේම එන්න පිටත් උනා..ඒ ළමයි පරාක්‍රමබාහු රජ මාළීගේවත් නොබලා ආපහු ගම් රටවල් බලා ගියා මං හිතන්නේ.. ඔන්න ගමන්...

මේ වෙනකොට ඉර බැහැගෙන යන හින්දා මං ටක් ගාලා දුවලා ගිහිං වැව් බැම්මට වෙලා ඒ දර්ශන ටිකක් එහෙම පෝටෝ ගහං ටික වෙලාවක් එතන වාඩි වෙලා ඉදලා ආයේම ගියා මගේ නවාතැනට...ගෙහුං නාලා කරලා පොඩි හාන්සියක් දැම්මා රෑට කන්න යන්න කලින්..හත් ඉලව්වයි ලයිට් ගියා කියහංකෝ... අන්තිමේදී හොඳ වෙලාවට මං ගෙනිහිං තිබුණ ටෝච් එකත් අරගෙන මං පයින්ම ටවුම පැත්තට ගියාම ජෙනියක් දාලා ලයිට් වැඩ කරපු හෝටලේකට ගෙහුන් රෑට හොඳවැයින් ප්‍රයිඩ් රයිස් පාරක් දැම්මා..කොහොම හරි කෑම එකේ මගක් යනකොට ලයිට් ආවා...මං ඉතිං ටවුම පුරා ටිකක් එහෙ මෙහෙ ඇවිදලා කරලා ආයෙම ඇවිත් වැටිලා නිදා ගත්තා..ඕං ඉතිං දෙවැනි දවසත් ඉවරයි...

ආ අමතක උනා මෙන්න පොටෝ ටික බලන්න ලින්ක් එක...

33 comments:

  1. අඩේ දැන් එතකොට ඔය පිළිමෙට වහලකුත් ගහලද? ඔය පිළිමේ කාගේද කියන එක ගැන මත කීපයක් තියනවා තමයි. උඹට මොනා නැතත් GNT නම් පේනවා.

    ReplyDelete
  2. සා මරු ට්‍රිප් එක, ගුරුතුමා එක්ක විතරද කතා බස් කලේ..??

    ReplyDelete
  3. මෙතන පොටෝ ගහන්න දෙන්නෙ නෑ නේද? අපි ගිය දවසක ඩයල් එකක් සද්ද දැම්මා පොටෝ ගහන්න එපා කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ පිළිරුවට පිටුපා ෆොටෝ ගහන්න එපා කියලයි තියෙන්නෙ

      Delete
  4. අපි ගිය දවසෙ පරාක්‍රම සමුද්‍රෙ නාන්න ගිහිල්ල බැස්ස තැනම බෙල්ල ගාවට විතර වතුර තියෙනව. ගමේ මිනිස්සුත් නාන්නෙත් එතනිං තමයි. උං කිව්වෙ වැඩිය එහාට යන් නැතිව නාගන්න කියල. මොන එහාට යාමක්ද ගියානං හොයාගන්න හම්බවෙන එකක් නෑ.

    ReplyDelete
  5. මෙ දවස්වල වෙන වැඩ නෑ වගෙ

    ReplyDelete
  6. මම කැමතිම බ්ලොග් අංගයක් තමයි මේ "මාර චාරිකා" මේවා කියවන විට එන ඊරිසියාව නම් අනේ මට ...... කොහොම හරි ඔය පුලස්ති කියලා තමයි මමත් හිතන්නේ. මොකද පුලතිසි පුරවරය හැදෙන්නෙ පුලස්ති නිසා. පුලස්ති තමා විශ්වාමිත්‍ර මුණිගේ පියා. ඒ කියන්නේ රාවණාගේ සීයා. මෙයා තමයි ලෝකෙ තිබ්බ පළවෙණිම ලෝක සෞක්‍ය සම්මේලනයේ චෙයාපර්සන් වුනේ. හොද වෛද්‍යවරයෙක් වගේම හොදම රාජකීය යක්ෂයෙක්. අතේ තිබෙන්නෙ පුස්කොළ පොතක් විය යුතුයි. මොකද උගතේ නිසා.

    ReplyDelete
    Replies
    1. මමත් පිළිගන්නෙ මේ මතය. හේතු කියන්ඩ බෑ. ඇඟිලි රිදෙනවා.

      Delete
    2. ඇයි අර Big Mad Pill ගැජට් එක තියෙන්නෙ. ඒක පාවිච්චි කරන්නකො.

      Delete
    3. මෙතන ඉන්නෙ පුලතිසි මුනිවරය තමයි. එ මහා වෙදනෙක්.රාවන රජුන්ගේ සියා.
      අතේ තියෙන්නේ 'ඕලා පතක්'.ඒ කලයේ බෙහෙත් වට්ටොරු ,අදිය ලිවිමට බවිත කල පත්‍ර.

      බෙල් මහත්තය කිව් දෙවල් නම් පිලිගන්ඩ් අමරුයි නේ..එයා අපේ රටේ පුරා වස්තු වලට කල දේ දැන් හැමෝම දන්නවනේ..

      Delete
    4. බුද්ධි - ඇඟිලි රිදෙනවා.
      Praසන්ன - ඇයි අර Big Mad Pill ගැජට් එක තියෙන්නෙ.

      හැක්...හැක්... හොක්කි හොක්කි හූ....

      Delete
  7. මේ වැඩේ හරියන්නෙ නෑ බං අයියෙ.මගෙ හිතේ දුක බොහොම වැඩි කරනවා මේ පෝස්ට් ටිකෙන්. :'(

    අනේ අගෝස්තු නිවාඩුවටවත් යන්න ඕනෙ.අතින් නිවාඩු හරි දාගෙන.

    ReplyDelete
  8. සතුටුයි ආඩම්බරයි. අපිත් ගෙදර යනවා සිකුරාදා දිහාවෙ. මාරයියා මේ වීකෙන්ඩ් එකේ ආව නම් එහෙත් ඇවිත් යන්න තිබ්බා.

    ReplyDelete
  9. සිරාවට අපිත් වට වන්දනාවෙ යන්න යන වෙලාවක උඔහැට ‍කොල් කරලා විස්තර දැනගන්නම්කෝ

    ReplyDelete
  10. එළ ට්‍රිප් එකක් වගේ ...

    ReplyDelete
  11. පොළොන්නරු එකම එක වතාවක් ගිහින් තියෙනවා. එත් වාහනෙන් බැහැලා නැහැ :(
    යන්න ඕනා. නොගිය තැන් කොච්චර තියෙනවද අයියෝ :'(

    ReplyDelete
    Replies
    1. නොදකිං... ඉතිං ඔය බලපල්ලකෝ........!!

      Delete
  12. ඔය ඉන්නේ අපේ විපක්ෂ නායක තුමා ....වෙන කවුරුවත් නොවෙයි ..

    ReplyDelete
  13. ඉර බැස යන දර්ශනයනම් සුපිරිය..

    ReplyDelete
  14. ගස් ලබුත් නොව වී ගසුත් නොව පුස්කොල පොතක්ය, මාරය ;)

    එහෙත් ඔහු පරාක්‍රමබාහු රජතුමා නොවේනම් මට එය ඉසිලිය නොහැකි වේදනාවක්ය.

    මාරය, ඔබ පාසල් යන ලමෝ ගැන වැඩි උනන්දුවක් තිබෙන බව පෙනේ ;)

    ReplyDelete
    Replies
    1. සැබවකින් .. සැබෑවැකි මාරයා පාසල් යන ළමුන් හට මාර බැල්මක් වැඩි පුර හෙලන බව පහුගිය පොස්ට් දෙක තුනෙන්ම පෙනුනි.

      Delete
  15. අර ළමයි ටික මම හිතන්නේ එන්න ඇත්තේ පාරක්‍රම සමුද්‍රයෙන් නාන්න විතරක් වෙන්න ඇති..

    ReplyDelete
  16. තනියම චාරිකාවක් යනව කියන්නෙත් මාර ජොලි වැඩක් වගේ........

    ReplyDelete
  17. හැබෑට විය ගහ කියන්නෙ මොකක්ද ?
    ඔන්න දැන් මර්වින් වගේ මාව විය ගස් බන්දවන්න යන්න එපා
    විය ගහක් හරක් 2න්නෙක් පළලයි

    ReplyDelete
  18. oya inne nissanak malla raajurroowooooooo. oya athe thiyenne tharadiyak
    tharadiye ithuru kaali dan naha hodin baluwoth pnawa eken kali tikaka kadan watil kiyala. thulabarana danna dunne eya thamai

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මාරයගෙ බඩටත් දෙයියංගෙ පිහිටෙන් අර බෙංගාල බොක්කට වගෙ මොනවා දැම්මත් ගානක් නෑ වගෙ.

    අර ඉස්කෝලෙ ලමයි නාන කේස් එක මාරේ මෙහෙමයි. මමත් ගුරුවරයෙක් හින්ද මම ඕක දකින විදිය වෙනස්. ඔය ලමයි ටිකක එක්ක ගමනක් යන එක හරියට කරනවා නම් මාර වගකීමක්. පොඩි දෙයක් වැරදුනත් හැම එකාම ඇඟිල්ල දික් කරන්නෙ එක්ක ගිය ගුරුවරුන්ට. නොගැඹුරු තැනක වුනත් දඟකාර ලමයි ටිකක් නානකොට නොසිතූ දේවල් වෙන්න පුලුවන්. අහලා තියෙනවනෙ වතුර බේසමක ගිලිලත් මැරෙන්න පුලුවන් කියලා. අන්න ඒකයි කේස් එක. ඉතින් මුන් ටික ආපහු ගිහින් බාර දෙනකල් ගුරුවරයා මාර ගින්නක ඉන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. අපිත් එක පාරක් ගෙනියල ලිඳකින් නාන්න දීලත් නාල ඉවර වෙනකල් ම ලඟ ඉඳල තමා ඇරියෙ. පොඩි හරි දෙයක් උනොත් ඉතින් ඇප නෑ. ඔය ගියපු කස්ටිය මම දන්නව. හික් හික් අපේ අක්ක කෙනෙකුත් ගියා උන්දෑගෙන් අහල බලන්න ඕනි මේ වැඩේ ගැන. කොහොමත් ඔයි ඉස්කෝලෙ ඉන්න ඉස්තිරී පරාණ ටිකනම් පොත්හෙන් විතරක් ගේම දෙන සැට් එකක් එලියට ගිහාම නම් ඉතින්........... අබ සරණයි.

      Delete
  21. මාර ගති මාරයියේ.... බුකියේ ෆොටෝ ටික උපරිමයි

    ReplyDelete
  22. සතුටුයි සතුටුයි.... අපේ ගෙවල් පැත්ත නොවැ..

    ReplyDelete
  23. මේ මාරයියෙ අනුරාධපුරේ පැත්තේ හෙම එන්ට අදහසක් නැද්ද

    ReplyDelete
  24. දැන් ඔය එක දවසෙ ට්‍රිප් එකේ නාන්න දුන්නු විපාකෙ තමයි පොළොන්නරු ඇවිල්ලත් පුරාවස්තු නොබලා ආපහු යන්න සිද්ද වුණු එක.

    මං හිතන්නෙ ට්‍රිප් එකක් ගිහාම ඒ ඒ පැත්තෙ හැටියටයි නාන කන එක බලන්න ඕන. පොළොන්නරුවෙ, අනුරාධපුරේ යන්නෙ පුරාවස්තු බලන්නනම්, ඒ වැඩේ කරගන්න ඕන; කැළේ යනවනම්, ඒක රස විඳින්න ඕඅ. එහෙම නැතුව දකින දකින මඩ වලේ බැහැගෙන නටන්න ගිහාම, අර රස විඳින්න ආව දේවල් රස විඳින්න බැරුව යනවා. කෑම ගැනත් එච්චරයි. අහු වුණු දෙයක් ඉක්මණට කාලා, ඒ පළාත රස විඳින්න වැඩි කාලයක් යොදවන්න ඕන. එහෙම නැතුව ගෙදර වගේ උයලා තියෙන තැන් හොය හොය ඇවිදලා, පිළිවෙලට ඉඳගෙන පැය ගානක් කන්න ලෑස්ති වෙන මිනිස්සුත් එක්ක ට්‍රිප් යන්න මමනම් ආස නැහැ. අනික් අතට, නාන්නම හරි, කන්නම හරි බලාගෙන යන ගමන් බිමන්වලදි, "දැන් ඇති, ගෙදර යන්න පරක්කු වෙනවා" කියලා දඟලන එකත් විහිළුවක්.

    ඉස්කෝල ළමයින්ගෙ වගකීම ගුරුවරයෙකුට තියෙන නිසා, එතුමා හොඳින්ම දන්නා ඉසව්වක නෙවෙයිනම්, එහෙම නාන්න අවසර නොදීම ගැන වරදක් කියන්න බැහැ. මොකද, ළමයි කියන දේ නාහන අය වුණොත්, නිරපරාදෙ අර ගුරුවරයට අපවාද අහන්න වෙන හින්දා. එහෙම නැතුව, සිද්ද වෙන දේවල වගකීම ළමයින්ගෙ බවට කවුරුත් පිළිගන්නවනම්, ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete