06 April 2012

පොළොන්නරුවම එක මිටට...




ඕං ඉතිං පහුවදා උදෑහනක්කෙම නැගිටලා මංතුමා පිටත් වෙච්චි පොලොන්නරුවේ ඉතිරි වෙච්ච නටඹුන් එහෙම දැක බලා ගන්ට කියලා... මොන කෙහුර බලන්ටත් කලින් සුදාගින්දර නිවා ගන්ට එපැයි..හිමිදිරි පාන්දරින්ම කලින් දවසේ හවස ගෙහිං එළවළු රොටී කාලා තේ බිව්ව හෝටල් පුංචස අල්ලලා පානුයි පරිප්පුයි කොටා බාලා පෙලෙන්ටියක් එහෙම ගහලා හරියටම උදේ හයාමාර වෙද්දිම මං පුරා විද්‍යා භූමියට ඇතුළු උනා.. පොතේ හැටියටනං මේක ඇරලා තියෙන්නේ උදේ හතයි හවස හයයි වෙනකල් උනාට හයාමාරට මං ඇතුලට යන්ට යන‍කොට එතන හිටිය උන්නැහේලා ඒකට අවසර දුන්නා...

මෙතනදී මේක බලන උන්දලට කියන්ට විසේස කාරණාවක් තියෙනවා..ඒ තමා මොන ඉලව්වට ගියත් කලින් පල කියලා පරණ උන්දලා කිව්වේ නිකමට නෙවෙයි කියන කාරණාව... කවුරු හරි මේ දේවල් බලන්ට යන්ට හිතේ තියේනං හොඳට මතක තියා ගන්ට කස්ට දවාලේනං මේවා බලන්ට යන එක ඒ හැටි හොඳ දෙයක් නෙවී..යනවනං හැකි තරම උදෙන් රිංගන්ට ඕන..ඒකට හේතු කිහිපයක් තියේ..එයින් පලවෙනි එක තමා ඉර අව්ව... දහවල වෙනකොට ගිනි අවුව..දාඩිය මුගුරු හලාගෙන ඔව්වා බලන්ට යන එක ලේසි වැඩක් නෙවෙයි...දවල් දහය දහයාමාර වෙද්දී නටඹුන් බැලිල්ල එපා වෙනවා..ඒ තරමට අවුව සැරයි.. ඉතිං උදේම රිංගන එක හොඳා.. අනික තමා හොඳ පිංතූර ටිකක් ගන්ට තියෙන අවස්ථාව..ඒකට උත්තර ඔය උදවියට ලැබෙයි මං දැන් දාන පින්තූර දැක්කම..එක මනුස්ස පරාණයක්වත් නැතිව මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන්වල පින්තූර ටිකක් ගන්ටනං පාන්දර නොගිහින් බැහැ... නැත්තං නවය දහය වෙනකොට සෙනග පිරෙන්ට ගත්තම කිසිම විදියකින් කැමරාවක් අල්ලන්ට බැහැ මිනිස් පරාණයක් අහු නොවෙන විදියට...
ඒ වගේමයි පරිසරයේ තියෙන අලංකාරය... උදැහැනැක්කේ ගස් අතරින් යන්තමට වැටෙන හිරු රැස් අතරින් ඒ වෙනකොටත් වියැලෙන්න නොහිතපු තණ මත වැටුන පිණි පලස උඩින් පාද තියාගෙන නිවි හැනහිල්ලේ මේ දේවල් දකිමින් ඒ ඒ තැන්වල සුන්දරත්වය ඇස් දෙකින් උරා ගනිමින් අතීතයත් එක්ක බද්ධ වෙලා සිහින ලොකේක පාවෙන්ට මේ උදෑසන හරිම වටිනවා... ඒ හින්දා මං කියනවට එකම එක පාරක් හරි කලින් දවසේ ගෙහුන් පොලොන්නරුවේ නැවතිලා පහුවදා උදෑහැනැක්කෙම යන්ට මේවා බලන්ට..අත්දුටුවයි සත්තයි කිසිම කෙනෙක්ට ඒ ගමන ජීවිතේට අමතක වෙන එකක් නැහැ... දැන් මං මේ හැම එකක් එක්කම ගෙනාව පුංචි පුංචි තොරතුරු උනත් මං කොහේවත් ලියං ආව ඒවා නෙවෙයි..එතනදී තිබුන විස්තර පලකවල තිබුන මං හිමිං සීරුවේ කියවපු දේවල්... හරිම ලස්සනට මතකේ හිටිනවා ඒ නිසංසක පරිසරයත් එක්ක...

හරි එහෙමනං අපි පිළිවෙලකට බලාගෙන යමු මම දැකපු දේවල්...












ඊ ළගට තියෙන්නේ මටත් හරියටම විස්වාස නැති



ඔය තැන් හැම එකක්ම බොහෝම අපූරුයි..ඔතනින් දළදා මළුවේ ඇති පොලොන්නරුව වට දාගෙය සහ ථූපාරාම පිළීම ගෙයත්..නිශ්ශංක ලතා මණ්ඩපයත් වගේම...
ඇතුළු නුවර තියෙන වෛජන්ති ප්‍රාසාදයත්...
ආළාහණ පිරිවෙන් බිමේ ඇති ලංකාතිලක විහාරයත්..බද්ධසීමා මාලකයත්...
එතනින් ගිහාම ඈතින්ම තියෙන තිවංක පිළිම ගෙයත් නැරඹන්නම වටින දේවල්..එතකොට ගල් විහාරය ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ...
හැබැයි ඔය තැන්වලින් මං ආසම තැන පබළු වෙහෙර තමා..ඒක මෙහෙම කිව්වට වැඩක් නැහැ..එතනට ගිහිල්ලා අර මං පෙන්නලා තියෙන කුඹුක් හෙවනේ ඉඳන් වෙහෙර දිහා බලලම ඉන්න ඕන...

ඔන්න යාන්තං ඒ ටික ඉවරයි..හිමිං සීරුවේ නිවී හැනහිල්ලේ බලන්නයි තියෙන්නේ... ඔන්න පහතින් තියෙනවා යන කෙනෙකුට පාර හොයා ගන්න නියම මැප් එක..සම්පූර්ණ පොලොන්නරු බිමේම...

1-පොත්ගුල් වෙහෙර
2-දීප උයන
3-සීත මාළීගය
4-කෞතුකාගාරය
5-දළදා මළුව
6-අංක දෙක ශිව දේවාලය
7-ඇතුළු නුවර
8-පබළු වෙහෙර
9-අංක එක ශිව දේවාලය
10-මැණික් වෙහෙර
11-රංකොත් වෙහෙර
12-ආළාහණ පිරිවෙන
13-ගල් විහාරය
14-දෙමළ මහා සෑය
15-නෙළුම් පොකුණ
16-තිවංක පිළීම ගෙය
17-නයි පෙණ විහාරය

33 comments:

  1. හුරේ මම එක මම එක.... තෑග්ග දෙනු තෑග්ග දෙනු! :ඪ්


    පස්සෙ එඤ්ඤං කියවන්ට :D

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං තෑග්ග එපා කිව්වනේ...

      Delete
  2. විනාඩි 5න් මුලු පොලොන්නරුවෙම ගියනේ ඈහ්...

    ReplyDelete
    Replies
    1. මැගී අක්කගේ නූඩ්ල්ස් වලට හුග දෙනෙක් කැමති කාලේ මේවා තමා අල්ලලා යන්නේ...

      Delete
  3. හුරේ මම හතර........

    ReplyDelete
    Replies
    1. දැන් බලපං ගැනලා...හතරද හයද කියලා...ඕනනං එයිටත් පහලට යවන්න පුළුවන්..:D:D:D

      Delete
  4. මේ විස්තරනං පොළොන්නරු යන අයට මාරම වටිනවා. ස්තුතියි කිව්වා!

    ReplyDelete
    Replies
    1. මේවායින් කාට හරි ප්‍රයෝජනයක් වෙනවනං ආන්න ඒකයි මටත් වටින්නේ...

      Delete
  5. පොලොන්නරුව ඔබේ දෑතට :)

    ReplyDelete
    Replies
    1. හැබෑට එහෙමත් හොඳයි තමා...

      Delete
  6. මමත් ආස මේ විදිහට මූනු නැති පොටෝ වලට තමයි. මමත් පොලොන්නරු ගිය වෙලාවක බොහොම අමාරුවෙන් මේ වගෙ පොටො ටිකක් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හුග වෙලාවට මෙහෙම අහු වෙනවා අඩුයි...ඒත් දැන් දන්නවා සිස්ටම් එක...

      Delete
  7. එක මිටට ?? අප්සට් වගේ :(

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ වෙලා තියෙන්නේ...

      Delete
  8. ඉතින් මේ අවසාන කොටසද? ආපහු ගමනෙදි වෙච්ච රසවත් සිදුවීම්, පොලීසියෙන් දඩ කෑම් හෙම නැත්නම් වැඩක් නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. තව එක කොටසකින් ඉවර කරනවා හෙන්රි අයියේ..තව මේ ගමනේ විය හියදං පැති වගේ දේවල් එහෙමත් කියන්ට එපෑ...

      Delete
  9. පුදුම වටිනා රසවත් ලිපි පෙළක් මාරයියේ පින්තූර එක්ක ලැබෙන වටිනාකම මිල කරන්න බෑ ඕවා බලන්න ගියත් මේ තරම් ලස්සනට දකින්න බැරිවෙන්න ඉඩ වැඩියි තනියෙන් යෑම කොයිතරම් ගතිද කියලත් හිතෙනවා...

    රිටිගල ගිහින් දාලා තිබුනු පොටෝ මතක් වෙනවා මාරම ගති මේ වගේ ලිපි... දැන් මාරයියා නොගියේ කොහෙද?? දඹදිව විතරයි මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. හපොයි හරියට බැළුවොත් තව නොගිය දිහාස් ඉහේ කෙස් ගානට... අඩුම ගානේ පොලොන්නරු ගියාට හිතේ හැටියට මින්නේරියයි..ගිරිතලෙයි බලා ගන්න උනේ නැහැ..ඒ මදිවට කවුඩුල්ල වැවයි මැදිරිගිරියයි අනිවාර්යයෙන්ම බලන්න ආයේ යන්න ඕන...
      දැනට ඉදිරි කාලේ යන්න හිතං ඉන්න තැන්...

      පාහියන්ගල..මන්නාරම..බත්තලංගුණ්ඩුව...ලාහුගල හරහා අම්පාර...මීමුරේ...නිලාවේලි...අනෙ අම්මෝ..තව කොච්චර තියේද..ඔය කිව්ව ටිකවත් මේ අවුරුද්ද ඇතුලත පුළුවන් උනොත් ලොකු දෙයක්...

      Delete
  10. වටිනා විස්තර ටිකක් මාරයියේ. උදෙන්ම ගත්ත පින්තූර ටිකත් කියල වැඩක් නැහැ. වැදගත්ම දේ මුලින්ම ලියවිලා තියනවා. මං මේ කිව්වේ කෑම ගැන.

    ReplyDelete
    Replies
    1. නංගියේ බුදු හාමුදුරුවොත් කිව්වේ "සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා" කියලා...

      Delete
  11. ෆොටො ටික බැළුවා.. ඒත් ඒවට කමෙන්ට් කරන්න මට බැරි එක ගැන අප්සට්..

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි දිනේෂ් මලයා...ඒවාට කමෙන්ට් කරන්න පුළුවන් විදියට සෙටින්ග්ස් හදලා ඇත්තේ...

      Delete
  12. ෆොටෝ ටිකනම් ඉස්තරම්. උදේ පාන්දර ගන්න ෆොටෝ රන් වන පාට හිරු රැස් හින්ද ලස්සනට එනවා...
    facebook එකට දාන වෙලේ නරකෙයි picasa එකට හරි flicker එකට හරි දැම්ම නම් ? :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත උදේට සයිඩ් එකෙන් වැටෙන අවු රැල්ලෙන් සෑහෙන්න වැඩක් ගතෑකි...

      මේකනේ ටිරාජ් මලයි..ම‍ගේ මේ බ්ලොග් එක වගේම තමා ඔය ෆේස් බුක් පිටුව මං කරගෙන යන්නෙත්... ඒ දෙකම මට පහසු විදියට කරං යන්නේ..ඒත් ඔය කිව්ව අනිත් ඒවායේ වැඩ ටිකක් කරදරයි මට...

      Delete
  13. එළ ගිය අවුරුද්දේ ගියා ඔය වටේම.....

    ReplyDelete
  14. ඔය දෙමල සෑය කියලා දාලා තියෙන පින්තුරේ හරිද මන්දා
    මම අහල තියෙන හැටියට ඔය සෑය දැනටමත් පස් කන්දක් වෙලා, ඒකනිසා තවම ප්රවතිසංස්කරණය කරලා නැහැ. ඔය බෝර්ඩ් ලෑල්ල තියෙන තැන ලගින්ම තියෙන කන්ද තමයි දෙමල මහා සෑය
    දෙමල මහා සෑය කියන නමත් පරණ එක්ක නෙමෙයි. පරණවිතාන මහත්තයා ප්රමතිසංස්කරණ කටයුතු කරන කලේ, වැඩි හරියක් දෙමල කම්කරුවන් තමයි වැඩ කලේ. ඒ අය තාම සරීර අවශ්යස තාවයට ගිහින් තියෙන්නේ ඔය කන්දට. කොහොමවත් ඔය වැඩේට ඔතනට යන ගමන නවත්ත ගන්න බැරිවෙලා තියෙනවා. ඔතන තියෙන්නේ දෙමල ප්රැබුවරයකුගේ සොහොනක් කියන එක ප්රේචාරය කරලා තිමයි වැඩේ බේරගෙන තියෙන්නේ. ඔය සිද්දිය තමයි දෙමල සෑය කියන නමට මුලික උනේ කියල තමයි මම අහල තියෙන්නේ

    ReplyDelete
  15. ඒත් එක්කම තව කතවක් තමයි ඒ කාලේ ඕක මුදුනට නැග්ගහම දෙමල රට හෙවත් තමිල්නාඩුව පේනවා කියන කථාව. එතරම් උසට තිබුනා කියල තමයි කියන්නේ. නමුත් මේක ටිකක් පිළිගන්න අමාරු කථාවක්

    ReplyDelete
  16. කෝ බං උඹ ඔය හෝටල්වලින් කාපු කෑමවල පින්තූර මේකට දාල නෑනෙ.
    කොහොම උනත් නියම පෝස්ට් එකක්.

    ReplyDelete
  17. මාරයා,
    මේක අදාල නැති එකක් කමක් නෑ. ඇත්තටම බටුවන්ගල අරුණට මොකද උනේ කිසිම විස්තරයක් දන්නෙ නෑ. පොඩි කෙලි පැටියෙකුගෙ බ්ලොග් එක දැකලයි උඹට ලියන්න හිතුනෙ.

    ReplyDelete
  18. මාරයා අයියේ.....අයියා කිව්වට තරහා නැතුව ඇති නේද? කොහොමත් මම තවමත් පොඩි කොල්ලනෙ. ඔන්න කොහොමිං කොහොම හරි මාරයාගේ මාර වෙලාවට මමත් ඔන්න මේ මාර බ්ලොගේ බලන්ඩ සෙට් උනා.ඇයි බොලේ රට වටේම ගොහින් නොවැ.අර ජැක්සන් අංකල් වගේ කොරමුද මොකක් හරි වැඩසටහනක්......

    ReplyDelete
  19. ඇස්වහක් කටවහක් නැහැ සුපිරි පෝස්ට් එක . ඇත්ත තමයි අපි පොඩි කාලේ ඔය ගමන් යද්දී ඔන්න මහා පාන්දර කළුවරේ යන්න පටන් ගන්නවා . පරක්කු වෙන උනුත් අහුලන් ගමන පිටත් වෙද්දී එලිය වැටිලා . ගිනි අව්වේ තමයි නටඹුන් බලන්නේ . සංසාරේ එපා වෙනවා

    ReplyDelete