08 April 2012

පරණ කෑල්ල ඉද්දිම අළුත් එකක් සෙට් උනා... ෆිට්ම තමා...

අද උදැහැනැක්කේ තමා මේක උනේ..උදෑහැනැක්කේ කිව්වේ පාන්දර හතරාමාරට විතර...

දෙක හමාරට විතර නැගිටලා ලෑස්ති වෙලා පාන්දරම ගියා කටුණායක ගුවන්තොටට..ඒ ගෙහුන් ටික වෙලාවක් අවට සිරි අසිරි බල බල උන්නා..කොහොම හරි ගුවන් තොටේ මේ පැත්තට මං ආවේ අවුරුදු විසි පහකට විතර පස්සේ වෙන්න ඕන..

පුංචිම කාලේ දෙවංගියක් මං මෙහෙ ඇවිත් තියේ..ඒ අම්මා රට යන හැටි බලන්න..ඒත් ආපහු එනකොට අපි අම්මව එක්ක එන්න ගියේ නැහැ කවදාවත්..අම්මා ගෙදරටම ඇවිත් ආවා කියනකල් අපි දන්නේ නැහැ..ඒ හැමදාමත් සිද්ධ වෙන හැටි... පුංචිම කාලේ මට මතකයි එක පාරක් ඔහොම ආව වංගියක්අපිට ආපහු එන්න විදියක් තිබුනේ නැහැ... අම්මව එක්කගෙන ගියේ වෑන් එහෙක කියලා මට මතකයි..ඒත් ආපහු ඒකෙම යන්න උනේ නැහැ..මං හිතන්නේ වෑන් එකේ අයිති කෙනා හුග වෙලාවක් ඉන්න බැරි හින්දා ආපහු යවලා අපි තුන් දෙනා අම්මා යනකල්ම බලං හිටියා... ඒත් අම්මා යන හැටියක් ඇත්තටම අපි දැක්කේ නැහැ... අර නැරඹුම් ඉසව්වට වෙලා අපි ආසාවෙන් ඈත පේන එහෙ මෙහෙ යන ප්ලේන් දිහා බලං හිටියා ඇස් ලොකු කරගෙන... මොකක් හරි ප්ලේන් එහෙකට අර වාහනයක හයි කරපු පඩි පේලිය හේත්තු කරලා සෙනග නගිනකොට අපි බලං ඉන්නවා ඒ නගින ගොඩේ අම්මා ඇති කියලා හිතාගෙන...යන්තමට හරි අම්මා ඇඳගෙන ගිය තැඹිළි පාටයි සුදු පාටයි සාරියට හුරු පාටක් පෙනුනොත් ඒ අම්මම තමා... ඒත් ටික වෙලාවකින් තාත්තා කියනවා

"නැහැ ඒක නෙවෙයි යන්න තියෙන ප්ලේන් එක" කියලා...ඉතිං අපි ආයෙමත් බලං ඉන්නවා...කොහොම හරි අම්මා ගියා කියලා තාත්තා කිව්වේ අපි එහෙම පැය ගානක් බලං හිටියට පස්සේ...ඇත්තටම පැය ගානක් කිව්වට ඒක කොයි තරං දිග වෙලාවක්ද කියලා මට තේරුමක් නැහැ..අවුරුදු හත අටක ළමයෙකුට මොන තේරුමක්ද ඒ දවස්වල කාලය ගැන...

කොහොම හරි අන්තිමේදී ආපහු එන්න බස් නැතිව මමයි තාත්තයි මල්ලියි කටුනායක බස් ස්ටෑන්ඩ් එකේ බිම නිදා ගත්තා කියලා මතකයි... ඒ වගේම උස කණු උඩ කැරකෙන ලයිට් වගයක් ඒ දවස්වල තිබුනා කියලත් මතකයි.. ඔය වගේ මතක මැද්දේ එළිය වැටීගෙන එනකොට ආව බස් එහෙක අපි තුන්දෙනා කුණු දූවිලි නාගෙන නැගලා ආව හැටිත් තවමත් මතකේ තියෙනවා... ඒ බොහෝම අමාරු දවස් අපේ ජීවිතවල...

කොහොම හරි ඒ දේවලුත් එක්ක කල්පනාවේ පැටලි පැටලි මං බලං හිටියා පිටවීමේ දොරටුවෙන් පිටත් වෙලා එන නානාප්‍රකාර ගැහැණු මිනිසුන් දිහා.. ඒ වගේම දොරටුව අසල දෑස් දල්වාගෙන හිදිනා උදවිය දිහා.. ඒ හැමෝටම අපිට වගේම මොනවා හරි කතාවක් ඇති නේද කියලා හිතනකොට මට ඇඩුනේ නැති ටික විතරයි...

කොහොම හරි මම ගියේ කෙනෙක්ව හම්බ වෙන්න..ඒ මට දෙන්න අරගෙන එන දෙයක් ලබාගන්න... අවසානෙදි යාළුවා ආවා..එක පාරින්ම මාව දැක්ක ගමන් මෑන් අත වැනුවම මං පුදුමත් උනා යන්තං පොටෝ දැකලා තිබුනට තත්පරෙන්ම මිනිහෙකුට මාව අදුරගන්න පුළුවන්දත් කියලා අර සෙනග කන්දරාව මැද්දේ..කොහොම හරි උන්නැහේ දකුණු පළාතේ ඈත පිටිසර තියෙන තමුන්ගේ ගෙදර බලා යන්න කලියෙන් මට ගෙනාපු දේ ලබා දුන්නේ අපේ අරාබිකරයේ යාළු මිත්තර ඔටු රැළගේම චරිත කතාවලට දුඹුරු පාට වතුර මුසු උන පස් තවර තවරා.. ඒ කතා ඉස්සරහට කියවෙන්නේ නැතෑ...

ඉතිං කොහොම හරි අද අළුතෙන්ම මට හම්බ උනා දේ තමා මේ...
ඔන්න මගේ අළුත් යාළුවා

කොහොමද භාණ්ඩේ..?

ඇතත්ටම ඔය යාළුවා මගේ අතට ලැබුනේ මගේ සහෘදයින් දෙතුන් පලකගේම සමූහ උත්සහයක ප්‍රතිඵලයක් වශයෙන්...මට කැමරාවක් ගන්න ඕන කියපු ගමන්ම මුලින්ම මට පතුරු යන්න බැනලා තමා එකෙක් වැඩ ඇල්ලුවේ..ඒ වෙන එකක් හින්දා නෙවෙයි කලින් කිව්වේ නැහැ කියලා... ඒ අපේ තිස්ස අයියා... බැනලා ඉවර උනාට පස්සේ උන්දැම පටන් ගත්තා වැඩේට කරගහන්න..එතැන ඉදලා මට තිබුනේ ඔය කියන කියන ඒවාට ඔළුව හොල්ල හොල්ල ඉන්න විතරයි..තිස්ස අයියයි අපේ සිහින මලයයි පටන් ගත්තා කැමරාවක් තෝරන්න...මට ඔව්වා තේරෙන්නේ නැති හින්දා මං ඔහේ ඔටුවා වගේ උන් දෙන්නා කියවන ඒවා බලං හිටියා... මං දැනං හිටියේ මෙගා පික්සල් 8ක්වත් තියෙන ඔප්ටිකල් සූම් එක 5ක්වත් තියෙන එකක් කිය කිය ඉන්න විතරයි..උන් දෙන්නා අහන අහන වෙලාවට ඒක කියනවා ඇර වෙන කිසිම දෙයක් මං කිව්වේ නැහැ...

ඔතන තව කේස් එකක් තිබුනේ මං ඕක මුංදලට කිව්වේ පොලොන්නරු යන්න දවස් හතර පහක් තියලා... ඒත් මං ඕක කියන්න දවසකට විතර කලියෙන් මගේ නවාතැන්පලට හූවක දුරින් ඉන්න වාසනාවන්තයෙක් තමන්ගේ සුපුරුදු මාස දෙකකට සැරයක් වත්ත පිටිය සුද්ධ කරන්න එන ගමන පිටත් වෙලා.. කලින් කිව්වනං උන්දෑ ගෙදර එද්දි අරං එන රෙදි හෝදන සබන් කිලෝ පහයි උදළු විසිකැති එක්කමයි මේකත් දාලා එවන්න තිබුන කියලා තමා කිය කිය බැන්නේ...ඒත් උන්දෑ එන වග මට කියලා නොතිබුන හින්දා මට ඔය වගක් කලිපනා උනේ නැහැ.. ඒ පාර තිස්ස අයියා තමුන්ගේ වැඩ පැත්තක දාලා කවුරු හරි ලංකාවට කඩං පාත් වෙන කෙනෙක් හොයන්න ඇවිද්දා මාර්තු 29 වෙනිදට කලියෙන් කැමරාවක් එවන්නය කියලා... ඒත් ඒකට හරියන කෙනෙක් හොයාගන්න අපිට බැරි උනා... කොහොම හරි අන්තිමේදී අද ලංකාවට ගොඩ බහින්න සූදානමින් ඉන්න දකුණේ පිටිසර පළාතක හාදයෙක්ව හොයා ගන්න පුළුවන් උනා...

පස්සේ මේ වැඩේ ඔය දකුණු පළාතේ උන්දැට කිව්වම මෑනුත් ඔය මොනවා නැතත් පොටෝ කන්න දස්සයෙක් හින්දා ඔන්න දැන් මෑනුත් දැන් කැමරාවක් තෝරන්න එකතු උනා... අන්තිමේදී මං අර කලින් කිව්ව ගේ දෝර අස්පස් කරලා රෙදි ටික හොදලා එහෙම යන්න ආව වාසනාවන්තයත් ආපහු ගෙහුං අත්වල කරගැට හොඳ වෙන්නත් කලියෙන් අර ඩබලටම එකතු වෙලා කැමරා තෝරන්න සැට් වෙලා තිබුනා... අන්තිමේදී පැය ගණන් මුං ටික රණ්ඩු වෙවී ඉඳලා අවසානෙදී ඔන්න ඕක තෝරගෙන තිබුනා... කලින් අපේ සිහින මලයත් ඕකම තෝරලා තිබුන හින්දා ඇත්තටම බලද්දි ඕක හතරදෙනෙකුගේ තේරීමක්...

ඉතිං ඔන්න ඔහොම කතා ගොඩක් මැද්දේ අවසානෙදි අද මට ඔය යාළුවා හම්බ උනා...ඒත් ඒ විතරක් නෙවෙයි ඕය කැමරා කතාව ආරංදි උනාම තවත් ඔටුදේ සේ වැසියෙක් ඕකට එකතු වෙලා උන්දෑ ගානේ මට තවත් ගැජමැටික් එකක් එවලා තිබුනා... ඔය තියෙන්නේ ඒකත් එක්ක කැමරාව තමා...

හොඳා නේද ඒ ජිගිරිමයිට් එකත්...

ඒ විතරක් නෙවෙයි ඕකත් එක්ක තව හරි අපූරු දේකුත් ලැබුනා..ඒක පුරාණ බ්‍රාහ්මීය හා නාගර අක්ෂරවලට සංස්කෘත ටිකක් වෙන්න කලවං වීමෙන් සැදුන හඳුනාගත නොහැකි අමුතුම භාෂාවකින් ලිය උන තීරු ලිපියක්..ඇත්තටම කිව්වොත් ඒකේ දිග අර මං කලින් වංගියක දාපු නිශ්ශංක මල්ල රජ්ජුරුවන්ගේ ගල් පොත කිව්ව සෙල් ලිපියට වඩා ටිකක් දිගයි... කොහොම හරි අවුරුදු ගාණකට පස්සේ සිංහලෙන් ලිපියක් අත් අකුරෙන් ලිව්වා කියලා තමා ඒකේ අවසානෙට යන්තං වගේ කියලා තිබුනේ...මං කෝකටත් කියලා ඒක අරං තිබ්බා පුරාවිද්‍යා දෙපාර්ථ මේන්තුවට යවලා ඒකේ තියෙන වැඩි විස්තර පස්සේ අහ ගන්න කියලා...ඉතිං ඕක එව්වේ කකුල්වලට බොහෝම ආස කෙනෙක්..ඒකනේ ඔය කකුල් තුනක්ම තියෙන එකක් එව්වේ... හැබැයි හොඳ වෙලාවට ඕකට සපත්තු ඕන වෙන්නේ නැහැ...

කොහොම උනත් මගේ හීනේ හැබෑ කරලා දුන්න හිතවතුනි නුඹලාට මගේ හදවත පතුලෙන්ම ස්තූතියි... දැන් ලෑස්ති වෙයල්ලා ඇස්වල පොට යනකල්ම පොටෝ බලන්න... මෙච්චර කාලයක් අර පුංචි ෆෝන් කැමරාවෙන් තොපිලට දුන්න වදේ අමතක කරලා මේකගන්න උදව් කලානං දැන් ඉතිං බොලාලට සිද්ධ වෙන විපත ගැන හිතා ගන්න වෙන්නෙත් බොලාලටම තමා...

ඉතිං අවසාන වශයෙන් තව එක දෙයක් කියන්න ඕන..ඒ තමා මං මෙච්චර කාලයක් වැඩ ගත්ත මගේ පුංචි යාළුවා..ඇත්තටම මහා ලොකු දේවල් නැතත් මං උයන පිහන දෙයක්..යන එන ගමනකදී දකින දෙයක් පින්තූරෙකට ගන්න මට උදව් කල මගේ දුප්පත් හිතවතා..උඹටත් හැමදාමත් ස්තූතියි... ජීවිතේ ලස්සන කරන්න මෙච්චර දවසක් උදව් කලාට...
ඔන්න ඉස් ඉස්සෙල්ලම අළුත් යාළුවගෙන් පරණ යාළුවව ගත්තා...

71 comments:

  1. අද තෑග්ග මට :D
    කමෙන්ට් පසුවට

    ReplyDelete
  2. අම්මා නැතුව ජීවත් වෙන පොඩි ළමයෙකුගේ ජීවිතය ගැන හිතන කොටත් මට දුකයි!

    ReplyDelete
    Replies
    1. :( හ්ම්ම්ම් ඇග්‍රීඊඊඊඊඊ!!!!

      Delete
    2. අම්මා නැතිව ජීවත් වෙන පොඩි ලමයි ගැන මටත් හරි දුකයි.....

      හැබැයි මාරයා ගැන නං දුක නෑ...ඌ දැන් ලොකුයිනෙ..:D

      Delete
  3. මලේ සුබ පැතුම්!

    නෙරංජලා සරෝජනීගේ සින්දුවක් මතකයට ආවා

    කොත්තිලක්කු පහන තිබේ පෙට්ට ගමක් යට
    කුප්පි ලාම්පුව හිමි වී ඇත මුලු තැන් ගෙට
    අලුත ගෙනා ලාම්පුවේ එළිය දකින විට
    අයියණ්ඩිගෙ හිතට සතුට වැඩි වෙයි හරියට...

    //ඒ වගේම දොරටුව අසල දෑස් දල්වාගෙන හිදිනා උදවිය දිහා.. ඒ හැමෝටම අපිට වගේම මොනවා හරි කතාවක් ඇති නේද කියලා හිතනකොට මට ඇඩුනේ නැති ටික විතරයි...//

    මල්ලියේ මේ වචනවල ගැඹුර බොහෝය; ඒ මිනිසුන් දකින හැම වෙලාවකම හිතෙනවා ඉරිතැලුණ පොළවක පැල්ම කාලයත් එක්කම තව තවත් ගැඹුරටම කිඳා බහිනවා නොවෙද කියා.

    ReplyDelete
    Replies
    1. ඩීන් මැතිඳුනි,
      කොත්තිලක්කු පහන යනු කුමක්දැයි අපට කියා දෙනු මැනවි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පූජාවන් සඳහා පාවිච්චිකරන පොල්තෙල් තිර දල්වන පිත්තල ලාම්පුවට දෙමළ බසින් කියන්නේ කුත්තුවිලක්කු (kuthuvilakku) කියලයි. මං හිතන්නේ මලයාලම් (කේරළ බාසාවෙනුත්) කියන්නේ ඒ විදියටම.

      කොත්තිලක්කු පහන ඒ දමිල වචනයෙන් හැදුන එකක් වෙන්න ඕනේ.

      ගීතයේ යෙදුම අනුව කුප්පි ලාම්පුව මුලුතැන්ගෙට, මෙතෙක් කල් පූජාව එළිය කර කොත්තිලක්කු පහන තල්ලුවෙලා පෙට්ටගම යට, අලුත ගෙනා ලාම්පුවේ එළිය ගොඩාක් වැඩි (හින්දා වෙන්න ඇති)...

      Delete
    4. සින්දුව අහන්න, ලින්ක් එක මෙන්න:

      http://www.infolanka.com/miyuru_gee/seventy/s390.ram

      Delete
    5. මාත් හෙන ආස සිංදුවක් ඕක... ඔය සිංදුවේ කියවෙන්නෙ ගැහැණු තුන් දෙනෙක් ගැණයි..

      කොත්තිලක්කු පහන කියන්න ඒ ගෙදර අම්මා... ඇය දැන් වයසකයි දුරුවලයි එක තන් වෙලා...

      කුප්පි ලාම්පුව... ගෙදර නංගි... ගෙදර දිර වැඩපල කරන්නෙ...

      අලුත ගෙනා ලාම්පුව අයියෙගෙ අලුත් බිරිඳ... අම්මට නංගිට වඩා අයියා දැන් කැමති තමන්ගෙ බිරිදට බිරිද කරන දේ තමයි අගේ.. මෙච්චර කලක් අම්ම නංගි කරපු දේවල් ගැන ඔහුට මතකයක් නෑ...

      Delete
    6. නියම සින්දුව..
      එතකොට දැන් මේ සින්දුව කියන්නේ ඒ නංගි නේහ්..!!!

      Delete
  4. එල කිරිස්..... සුභපැතුම් මගෙන්.....! අනේ දෙයියේනේ අපිට නෑනේ ඔය වගේ යාළුවෝ.....! හලේ මමත් හරි ආසයි අනේ කිරි කිරිස් කැමරාවකට.......!

    ReplyDelete
    Replies
    1. දුමී අයියේ ... පොස්ට් එකක් දාන්නේ නැද්දෝ??????

      Delete
  5. මාරයෝ, අර පරණ භාණ්ඩේ විකුණනවනන් කියහං.....!

    ReplyDelete
    Replies
    1. යකෝ දුමී අයියෙ, comment කර කර ඉන්නැතිව Post එකක් දාහංකො..

      Delete
    2. දුමී අයියෙ,අද මේ ලිපියෙන් ඒකෙ පින්තූරෙ දැකලා සොෆ්ට්ලොජික් එකෙන් ඇවිල් තෑග්ගකුත් දීලා ඉල්ලාගෙන ගිහින්, Nokia කෞතුකාගාරෙ තියන්න :D

      Delete
  6. කවුද බන් අද ගොඩ බැස්ස හාදයා . . අපි දන්න කියන කවුරු හරිද . ?

    අර අම්මා රට ගිය කොටස කියවද්දී අම්බානක දුක හිතුනා බන් . . .

    ReplyDelete
  7. එලකිරි! සෝ හැපී ෆෝර් යූ, මාර්ස් බෝයි :)
    දැන් එල එල පින්තූර බලතෑකි නී අපිට...

    ReplyDelete
  8. hoda hoda balamu ehenam aluth photo

    ReplyDelete
  9. කාන්තාවන් අනුන්ගේ කුණු හෝදන්න රට රටවල්වල යන එකට මම කොහෙත්ම ආසා නෑ මම යන අයව නවත්තන්නමයි බලන්නේ.... යන අය විතරක් නෙමේ මෙහෙ ඉන්න ඈයන්ටත් අපා දුක් විඳින්න වෙනවා රට කෙරුවාවෙන්...

    සංතෝසයි පට්ට කොලිටි ෆොටෝ රොත්තක් බලන්න හම්බුවෙන පාටයි...

    ReplyDelete
  10. පට්ට බාන්ඩයක්නෙ හම්බවෙලා තියෙන්නෙ.
    දැන් ඉතිං මු බුකියෙයි බ්ලොග් එකෙයි අපිට බලල ඉවර කරන්න බැරි වෙනකං ‍පොටෝ පිරෙවුවාම තිස්ස අයියයි ඔය අනික් සෙට් එකයි තමයි වග කියන්න ඕන. :D

    ReplyDelete
  11. ගැජමැටික් එක නම් මරු...

    දැන් ඉතින් ඇතිවෙන්න පොටෝ ගහලා දැම්මෑකි..

    ReplyDelete
  12. අර රට යන කොටස මටත් වැදුනා,,මොකද අම්මයි,,තාත්තයි දෙන්නම ඒ විදිහට පිට වෙද්දී කොහොමද දැනෙන්නේ...කොහොමහරි ජය වේවා අලුත් කැමරාවෙන්,ලස්සන පොටෝ බලන්න ලැබේවා,,පොඩි දෙයක් තියනවා කියන්න,,ගස් ගල් පාරවල් බලලා ඇති වෙලා බන්,,උබ විතරයි මේ විදිහට නටබුන්ස් පොටෝස් දාන්නේ,,,ඔය ගමන් වල ඒවා දාපන් ඔය කැමරාවෙන්

    ReplyDelete
  13. අපේ හාමිනේ නම් කලින්ම කිව්ව... ෆෝන් එකෙන් ඔච්චර හරියක් කලානම් කැමරාවක් ගත්තම කොහොම පොටෝ ඇල්ලිල්ලක් අල්ලයිද කියල...

    අර විජට්ටුවත් හොඳා තමා... අරෙහෙ මෙහේ ගියාකීවට අන්තර්ජාලෙන් පොටෝ අරන් දානවද කවුද දන්නෙ.... ඕක ඉතින් කොහේ හරි වැටක පටලවල තමනුත් පසුබිමට වැටෙන්න පොටෝ කෑල්ලක් අල්ලගන්න බැරිය....

    .............

    පුංචි කාලෙ අම්ම රටගිය එක ගැන කියවපුවහම නිතර ලංකාවෙ ගුවන් තොටුපොලේදි දකින කඳුලු පිරිච්චි අම්මලගෙ ඇසු ත් ... වෙන්නෙ මොකක්ද කියලවත් තේරුමක් නැතුව හිස් බැල්මෙන් බලා ඉන්න පුංචි දරුවන්ගෙ මුහුණුත්.... මතක් වුණා

    ReplyDelete
  14. නියමයි..නියමයි...දැන් යන්ඩකෝ රට වටේ පොට යනකම්ම..අපිට තව තව කොලිටි ෆොටෝ බලතහැකි..

    ReplyDelete
  15. එල එල මාරයියේ.. දැන් වෙනදට වඩා මාර චාරිකා හොද ෆොටො එක්ක බලත හැකි..

    අර රට ගිය කතාව හිතට වැදුනා අයියේ..

    ReplyDelete
  16. දුකයි සතුටයි දෙකම දැනුන ලිපියක්. ඔය ගැජමැටික් එක 22වෙනිදා ඇන්න එන්ට.

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවගෙන් ගත්තු හොද කලාත්මක ෆොටෝ ටිකකුත් ඊලගට දාන්න..

      Delete
  17. අර අම්මා රට යනකොට මාරයියා කියවු දෙවල් අත්දැකපු කෙනෙක් මමත්... ඇත්තටම ඒටික කියවද්දිනම් මටත් ඇසට කදුලක් ඉනුවේ මම නොදැනමයි...

    කොහොම උනත් කැමරාවනම් සුපිරි භාන්ඩයක් වගේ..

    ReplyDelete
  18. අළුත් යාළුවා ගැන සන්තෝෂයි. කලින් අරන් තිබුන පින්තුර වල හැටියට මම හිතුවේ පරණ යාළුවා ඔයිට වඩා ඇඩ්වාන්ස් එකක් කියලා. බලාගෙන යන කොට පරණ යාළුවත් සිරා වැඩකාරයෙක්නේ. අර ගැට ගැට හිටියන කකුල් තුනේ භාණ්ඩෙත් මරුනේ. ඕනි තැනක පටලවන්න පුළුවන්. රටගිය කතාවට නම් දුක හිතුන. අම්ම රට ගිය පොඩිඑවුන් දෙන්නෙක් එක්ක නොහිතපු විදිහට බස් ස්ටෑන්ඩ් එකේ නිදාගන්න වුනාම ඒ තාත්තට කොහොම අසරණ කමක් දැනෙන්න ඇද්ද ? සිරාවටම ඇස්වලට කඳුළු ආව බං.

    ReplyDelete
  19. mageth ekka hitapu yaluwo godakage ammala rata hitiye.ithin un godak welawata api ekka sathuten hitiyata hith athulen puduma widiyata widawanawa apita danuna.uba gana hari dukai ban.aluth kaallata magen subapathum.parissamata balaganin

    ReplyDelete
  20. ඕඕ, අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙලා. :D

    ReplyDelete
    Replies
    1. @ නලිනි චන්දිමා

      වතුර විදින කැමරාවක්

      Delete
  21. ඔලුවට වැදුන පොස්ට් එකක්, පොඩි එකෙක් වගේ මාර අයියා අර තෑග්ගට ආස කරන හැටි මැවිලා පෙනුනා, මොනවා උනත් මාළුවෝ ගොඩක් ඉන්න කාලෙක නියම යාළුවො ටිකක් මාර අයියට ඉන්නවා. .., අම්මා නැතුව / දුරස් වෙලා හැදෙන පොඩි කාලේ ගැන කියද්දී / මතක් වෙද්දී දුක හිතෙනවා උපරිමෙන්ම.

    ReplyDelete
  22. පෙර කල පින් ඇති බව මංගල කරුණකි. මෙවන් මිතුරන් ලැබෙනුයේ ඒ මංගලානුභාවයෙනි.
    වාසනාවන්! වාසනාවන්!

    ReplyDelete
  23. සුබ පැතුම්.... 22 වෙනිදාට අළුත් යාළුවා දකින්න ලැබේවායි පතමි...

    ReplyDelete
  24. බබාට අලුත් සුප්පුවක් ලැබිල . හොඳා හොඳා ..දැන් මේ පොටෝ විචාරය කරන්නේ කවුද . එයා පොර්ට් එක ගැන මටත් ඈත මතකයක් තියෙනව . දුරින් නෑ වෙන නැන්දා කෙනෙක් රට යද්දී අපි සේරම ලොකු වෑන් එකක ගියා ඇරලවන්න . දහයක්ද විස්සක්ද මෑතක නැහැ . අම්ම රට ගිය එක නරකම අත්දැකීමක් නේද . ඒත් අත්දැකීම් ගොඩක් එකහු වුන ජිවිතේ දිහා බලද්දී දැන් දුක් වෙන්න දෙයක් නැහැ වගේ

    ReplyDelete
  25. මතකය බොහොම ඇතට ගියා. ගුවන් තොටුපලේ ඔය අත්දැකිම මටත් තියෙනවා, වෙනසට තියෙන්නේ ලා කොලපාට සාරියක්

    ReplyDelete
  26. හරි දැන් ඉතිං දැළි පිහිය හමු වුණා වගේ තමයි. කොහොම හරි උඹට හොඳ යාළුවො ඉන්නවා.

    ReplyDelete
  27. හිටුකො මීට පස්සෙ අපි කමෙන්ට් කරන්නම් බොගෙ පොටෝ වලට

    ReplyDelete
  28. දුකයි...කොමෙන්ට් එක කොටා ගන්න බැරි තරම් දුකයි...

    වෙලා තියන විනාසෙයි , වෙන්න යන විනාසෙයි මතක් වෙනකොට හිත වාවන්නෙ නෑ :D

    ReplyDelete
  29. අලුත් කෑල්ලනම් සිරා ඈ... එහෙමැයි කියලා පරණ එක අමතක කරනවා එහෙම නෙවේ ඈ,,,

    ReplyDelete
  30. එතකොට අයියගේ ෆොටෝ වලට විචාර ලියන්නේ කවුද? මෙච්චර කාලෙකට අයියනේ ෆොටෝ වලට විචාර ලිවුවේ...

    හුග කාලෙකින් මේ පැත්තේ ආවේ
    වෙනස් වෙලා නේ...

    ReplyDelete
  31. පරණ කෑල්ලත් නරකම නැහැ වගේ. දැන් ඔය අලුත් කෑල්ලේ mp කීයද? කකුල් 3කුත් තියන නිසා ටිකක් පරිස්සම් කරගන්න වෙයි.

    ReplyDelete
  32. ඕක දැක්කාම නම් මටත් ආස හිතුනා ඒත් අපිට කොයින්ද බූල් බල්ලෝ.
    අයියාට නම් පට්ට යාළුවො ටිකක් නොවැ ඉන්නේ? මට නම් එහෙම එකෙක්වත් නැහැ :)

    ReplyDelete
  33. මාරයා අයියා... ඇත්තටම අළුත් භාණ්ඩෙි නමි එල... ඒකට වචන නමි නැහැ, අනිත් එක මෙචිචර කාලෙකට උපකාර කරපු නොකියා ෆොන් එකත් මතක් කරපු එකෙන් තමයි කතාව තවත් මගේ හිතට වැදුනේ. ඉතිං ඉස්සරහට අයියාගේ ෆොටෝ කැලී කිහිපයක්ම බලන්න වාසනාව අපි ඔක්කෝටම ලැබෙවී කියලා හිතනවා.

    ReplyDelete
  34. අඩේ මේක ඇවිල්ලත් එක්ක.. සෝක් ඈ.. දැං ඉතිං පැල් බැඳන් සූම් කරන්නයි තියන්නෙ එහා වත්තෙ පොල් ගහයි රෙදි වැලයි ජනේලෙයි ඔය ඔක්කොම... :D

    ReplyDelete
    Replies
    1. එහෙනං අපිට 18+ පොටෝ ටිකක් බලාගන්න පුලුවං වෙයි.

      Delete
  35. මාරයා අයියා අඬ අඬා උන්නේ පැනරෝම ගන්න කැමරාවත් නෑ කියලා... දැන් තියෙන්නේ එළ කිරි භාණ්ඩයක්... හැබැයි මේ, 10X Zoom එක්ක් අල්ලපු ගෙවල් වල ගෑනු ලමයි ගැන පැපරාසි ෆොටෝ ගන්නවා හෙම නෙවෙයි !!!

    සුභ පැතුම් මාරයියේ... අර Tripod එක ගැන විස්තර දැනගන්න විදියක් තියේ ද ???

    ReplyDelete
  36. හේ හේ.... වසලා හමාරයි...බුකිය ෆොටෝ වලින් වැහිලා යයි...

    @ Chathuranga Perera
    ඕකට කියන්නේ ගොරිල්ලා පොඩ් කියලා.. අඩියක් විතර තමා උපරිම උස තියෙන්නේ. මේක බලන්න

    ReplyDelete
  37. සුබ පැතුම් අයියා

    ReplyDelete
  38. අඟලක් වානේ නැතුවම හාරන ඌරු
    වියතක් වානේ ලැබුනොත් දෙරණත ගෝරූ
    උණුසුම් සුබපැතුම් :)

    ReplyDelete
  39. එල ට්‍රයි පොඩ් එකක් එවලා තියන්නේ .... ඕන තැනක අටවා ගන්න නියමයි

    ReplyDelete
  40. කැමරාව හිට්ටන ත්‍රිපාදේ නම් හිතට ඇල්ලුවා. අඩේ මං මෙහෙම එකක් දැක්කමයිනේ.
    දෙමව්පියෝ රට යන කතා නම් කියල වැඩක් නෑ අප්පා.

    ReplyDelete
  41. මට ඇඬිල පස්සෙ හිනාවක් ගියා බං.

    අරවැයිං ට්‍රයිපෝඩ් එකක් නං දැක්කමයි. ඒක මරු බඩුව. කැමරාවත් දෙවෙනි නෑ. වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබේවා !!

    ReplyDelete
  42. අනේ මම නං ඔය කැමරා ගැන දන්නේ නෑ. තිස්සය්යා කිව්ව මාරයට කැමරාවක් හොයල යවන්න ඕනැ කියල. එතකොට මං ෆුල් අන්දොස් උනා.අහලවත් නැති මොකක්ද එකක්! පස්සේ මම ටක් ගාල ගූගල් එකට ගිහින් බැලුව කැමරා කියන්නේ මොකක්ද කියල. ඒකත් බලාගෙන තිස්සයියගෙනුත් බැනුං අහගෙන මැද පෙරදිග ටවුමෙ කඩ සාප්පු විතරක් නෙවේ පිටිසර බද ඉඳි අතු කඩවල පවා සෙව්ව මාරයට ඔබින කැමරාව.
    දින ගනන් මේක හොයන කොට අන්තිමට කඩවලට කට්ට්යට හැමෝම දැනුවත් උනා මේ ගැන. වෙන එකක් තියා කඩ කාරයො ලෑස්තිවෙලා හිටිය අපි එනකල්. සමහරු අහනව " ආ..... මාරයගේ කැමරාව නේද හොයන්නේ..... එන්න එන්න " කියල.
    කොහොම කොහොම හරි කට්ට කාල මේක ගත්ත.
    එව්ව මෙව්ව වෙන අස්සේ තිස්සයියා එයා සතු අධි තාකෂණික උපකරණ වලින් ඒ රටේ අගනුවර ඉඳන් අපිව මොනිටර් කලා හරි කැමරාවද ගන්නේ කියල බලන්න.
    ඒ අස්සෙ හොඳ "කකුල්"" ( කුකුල් නෙවේ ) අය්ය කෙනෙක් මොකක්දෝ අපි ඇහැටවත් නොදැකපු කකුල් තුනක් වගේ එකක් ගෙනැත් දුන්න මාරයාට දෙන්න කියල ෆොටෝ ගහනකොට වැටේ ගහන්න කියල. වැටේ ගහල ගන්න ඕනැ ෆොටෝ මොනවද කියල මාරය දන්නව කියලත් කිව්ව.
    මං ඉතින් ඔකත් අරන් තොටුපොලෙන් එලියට බහිනකොට මෙන්න මාරය ඉන්නව රෑ නිදි මරාගෙන එතන. මිනිහ නිකං ඉඳල නෑ. එතනින් ඔය එලියට එන බවලත් උදවියගේ ට්‍රොලි එහෙමත් තල්ලු කරල ලොකු සපෝට් එකක් දීල තියෙනව පව්නෙ කියල.

    ReplyDelete
  43. පිංවත්නි,

    මාරයාගේ දුක්බර ෆෝන් රාජයා දුටුවෙහිද? :D :D :D

    ReplyDelete
  44. කොහොම හරි අන්තිමේදී ආපහු එන්න බස් නැතිව මමයි තාත්තයි මල්ලියි කටුනායක බස් ස්ටෑන්ඩ් එකේ බිම නිදා ගත්තා කියලා මතකයි...

    පව් පුංචි දරුවෝ දෙන්නා.......... :(

    ReplyDelete
  45. මම මේ පෝස්ට් එකෙනුත් උඹේ මනුස්සකම දුටුවා .. එච්චරයි...

    ReplyDelete
  46. මම අහන්න හිටපු ප්‍රශ්නෙට උත්තරේ අන්තිමට දීල..

    මාතලන් කිව්ව වගේ මනුස්සකම කියන්නේ ඕක. මම ඉස්සරම පාවිච්චි කරපු පෝං එක තාම මගෙ ලග..දුකයි ඇත් කරන්න..

    ජය !

    ReplyDelete
  47. අප්පද බොල දැං ඉතිං මාරයා සයිබර් අවකාසෙ පොටෝවලිං පුරෝලා පුරෝලා ඩේටා දාන්න වෙන ඉඩ නැති උනාම ඇමරිකාව ලංකාවටම ජංජාලෙ තහනං කලාපයක් කොරයිද දන්නෑ.

    ReplyDelete
  48. ඔයකකුල් තුනේ ගැජමන්ට් එකට කියන්නෙ ගොරිල්ලාපොඩ් කියල. ගොඩක්ම බැක් පැකර්ලට (එහෙමම නොවුනට උඹත් ඊට කිට්ටුවෙන් යන එකෙක්නෙ) ප්‍රෙයා්ජනවත් භාන්ඩයක් . . වැටක උනත් අටවන්න හැකියිනෙ

    ReplyDelete
  49. අඩේ...මමත් ආසම භාණ්ඩයක්...ආසාවෙ බැරුවා.
    සුභ පැතුම් මාරයියා!!

    ReplyDelete
  50. එලකිරි මාරයියා..
    දැන් ඉතින් මූනු පොත ෆොටෝ වලින්ම පිරෙන්නෙ නැතැයි..
    ෆෝන් කැමරාව තිබිල එහෙම නං,මේකෙන් මොනා නොකරයිද...
    එල..

    ReplyDelete
  51. දැන් ඉතින් මාරයියා ගෙ බයික් එකටත් වැඩ වැඩි වෙයි. මටත් ආසයි අර වගේ කකුල් 3ක් ගන්න නම්. සුබ පැතුම්....!!!!

    ReplyDelete
  52. සුභ පැතුම මාරේ. උඹ නම් හරිම ලක් කාරයා. අර දුමී කිව්වා වගේ අපිට නෑනෙ ඔහොම යාලුවො. මට නම් ආසා හිතුනු හැම දේම මටම ගන්න උනා. තෑග්ගක් දුන්නොත් ඉතින් මගෙම පවුලෙ අය දීපු එකක් තමයි.
    අර කලින් දාලා තිබ්බ ෆෝටෝස් අර ෆෝන් එකෙන් ගත්තා කියලා විස්වාස කරන්නත් අමාරුයි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  53. සුබ පැතුම් මාරේ....
    උඹ කළින් දාපු ෆොටෝ වල තත්ත්වය බැලුවහම ඒවා අර ෆෝන් එකෙන් ගත්තද කියලා හිතා ගන්නත් බැහැ
    ඒ තරම් හොඳ යාලුවෙක් අමතක කරන්න හොඳ නැහැ නේන්නම්...

    රට යන එකේ දුක රට යන කෙනාට වගේම ගුවන්තොටුපොළට වෙලා සුසුම් හෙලන දෙගොල්ලන්ටම පපුවේ ගැඹුරටම දැනෙනවා බං...

    ReplyDelete
  54. සුභ පැතුම් ඔන්න මගෙනුත්!!!

    ReplyDelete
  55. මාරයෝ...
    හැමදාම වැටට උඩින් එබිලා උඹේ පොස්ට්ස් කියවලා ගියාට අද නම් මොනව හරි ලියන්නම හිතුනා.
    ඔය මාතෘකාව ගැන ඇහෙනකොට නම් මට හැමදාම ඇහැට කඳුලක් එනවා . මොකද මගේ අම්මත් හරිම අඩුවයසකින් අපිව දාලා ලෝකෙන්ම සමුගත්තා. ඒ වගේම දරුවො තනිකරලා දාලා දුරු රටකට ගියාම දැනෙන දුක මමත් අවුරුදු 2-3ක්ම විඳලා තියනවා.

    කොහොම හරි උඹේ අලුත් ගජන් පින් එකට සුභ පැතුම්.
    දැන් ඉතින් කරපින්චා වල නටු පේන සයිස් එකටම ෆොටෝ අරන් දාන්න බැරියැ හදන කෑම වල.

    ReplyDelete