13 April 2012

මාරයාගේ මෙදා අවුරුද්ද...සහ අවුරුදු සීයා...


ඔන්න ඉතිං අළුත් අවුරුද්දත් ආවා... දැන් ටිකකට කලියෙන් වැඩ අත් අරින නැකතට හැම අතෙන්ම රතිඥ්ඥා පත්තු වෙන්න ගත්තා... මං ඉතිං මොනවා කියලා අතාරින්නද...ඔන්න ඔහේ මේකවත් ලියන්න කියලා ගත්තා...

මහ වෙනසක් නැහැ මේ අවුරුද්දත් වෙනදා වගේමයි..මම ඩියුටි...ඒකනං අවුලක් නැහැ...ගේ ඇතුලේ රිංගගෙන ඉන්නවට වඩා මේ වැඩ කරන තැනට ඇවිත් ගස් කොලං දිහා බලාගෙන ඔහේ පාඩුවේ ඉන්න මං කැමතියි...

පහුගිය අවුරුදු කිහිපයේම වගේ මේ අවුරුද්දෙත් මට අවුරුද්ද පටන් ගත්තේ මාර්තු මාසයේ අග... ඒ කියන්නේ ගෙදරට ගොඩ වෙලා එන එක... මාර්තු විසි නව වැනිදා උදෑසනෙන් කිරිබත් ගොඩ ගොහින් ගෙදර උන්දලට ඇදුම් පැළදුම් තෑගි බෝග අරගෙන එන ගමන් කඩවතින් හාල් තුනපහ එහෙමත් ඇන්න ගෙදර ගෙහුං උන්දලව බලලා දවල්ට අම්මා උයලා තිබුන බත් වලින් ඩිංගකුත් කාලා ආවා..එකම වෙනසකට තිබුනේ මේ පාර ගෙදර සාමාජික සංඛ්‍යාව වැඩිවෙලා තිබුන එකයි..ඒ කිව්වේ මලයට දැන් කොල්ලෝ දෙන්නෙක්ම ඉන්නවා..කලින් එකයිනේ හිටියේ..ඌට දැන් අවුරුදු 4ක් විතර වෙනවා..දැන් ඔන්න දෙවැනියෙකුත් ඇවිත්... කොහොම හරි මෙදා පාර මං කොලුවට ගෙනිච්ච ඇඳුම් ඌට පුංචියි වගේ... මොනවා කරන්නද ඒකා ඉක්මනට ලොකු මහත් වෙනවා නෙව...

එදා එහෙම ගෙහුන් ආපහු එන ගමනි හිතිලා තමයි අර හදිසියේම පොලොන්නරු ගියෙත්.. ඒ ඉතිං මගේ අවුරුදු පටන් ගත්ත විදිය.. වෙනදටනං මමත් මොනවා හරි ඇඳුමක් පැළදුමක් ගන්නවා අවුරුද්දට..ඒ ඉතිං අවුරුදු හින්දම නෙවෙයි ගෙදර අයට ගන්න ගියාම මටත් ගැනෙනවා..ඒත් මේ පාර ඒ මොනවත්ම නැහැ...මං හිතන්නේ මේ පාර තමා මට ඕක උනේ... අනික ඉතිං ගත්තා කියලා කොහේ අඳින්නද..මං සාමාන්‍යයෙන් ඇඳුම් හුග කාලයක් පාවිච්චි කරන කෙනෙක්...ලේසියෙන් ඒවා නාස්ති වෙන්නේ නැහැ..ඉතිං අළුතෙන් ඇඳුම් ගන්න කියලා දුවන්න දේකුත් නැහැනේ..වෙළෙන්දෝ පෝසත් කරනවට වඩා වැඩ තියේනේ... ඒත් මේ පාර මට අළුත් අවුරුද්දට කියලා සරමක් තෑගි ලැබුනා...මං හිතන්නේ ඔය මට අළුත් අවුරුද්දකට කියලා කවුරු හරි ඇඳුමක් අරං දුන්නමද මංදා පොඩි කාලේ අම්මා තාත්තා අරං දුන්නට පස්සේ... අවුරුදු 14න් පස්සේ මංම අරගෙන ඇන්දා මිස මට අවුරුද්දට ගෙදරින් ඇඳුම් ලැබිලා නැහැ...හැබැයි වෙන වෙන කාලවලදී මට ටී ෂර්ට් දෙක තුනක් එහෙම ලැබිලා තියේ දෙන්නෙක්ගෙන් විතර... මේ තමා අවුරුද්දකට ලැබුන පලවෙනි ඇඳුම... ඒක ඒ හින්දා වටිනාකමක් ඇති තෑග්ගක්...

ඊට පස්සේ ඉතිං මං කැලැන්ඩරේ බලලා අවුරුදු 12/13 කියලා හිතාගෙන හිටියා... නැකැත් වෙලාවල් කොහොමද කියලවත් දැනං හිටියේ නැහැ...ඔව්වා කිව්වම කට්ටිය මට හිනා වෙන්න පුළුවන්...වඩ්ඩගේ ගෙදර පුටුව නැහැ කියලා.. අනුන්ට නැකැත් බල බල හිටියට ඔය අවුරුදු නැකැත් ගැන හෙවිල්ලක් මගෙන් වෙන්නේ නැහැ..ඒත් මේ පාර නැකැත්වල අවුලක් තියේ කියලා කස්ටිය එහෙ මෙහෙ ‍දාලා තියෙනවා දැක්කම මටත් ඕක බලන්න හිතුනා..ඒ උනත් ඒක කෙරුනේ අන්තිමට ඊයේ රාත්තිරියේ..මදෑ කොලා...

මං හිතං හිටියේ අද උදේ වරුවෙ වෙන්න ඇති උයන පිහන කන බොන නැකැත් කියලා.. මල සේක..මෙන්න බොලේ අද රෑටනේ අවුරුදු... ඉතිං මට පාන්ද.. පාන් නෙවෙයි බත්..මං හිතං හිටියේ අද දවල් අවුරුදු කියලා ඒ හින්දා මං ඊයේ හවහම ප්ලෑන් කරලා තිබුනේ අද කහ බත් ඩිංගක් එහෙම හදන්න කියලා.. ඊයේ උදේ වැඩ ඇරිලා එද්දිම ‍අතර මග තිබුන විශේෂ අවුරුදු පොලේ තෙමි තෙමිම ඇවිදලා මං කලමනා ඇන්න ඇවිත් තිබුනේ..කොටින්ම කාලෙකින් ආයේම පාරක් මට අමු කජු ටිකකුත් ලැබුනා... ඉතිං මං හැන්දෑ කරුවල වැටෙද්දි ඒකත් උයලා තව වෑංජනයක් එහෙම හදලා සීතකරණෙට දාලා තිබුනේ.. දැන් බැලින්නං අවුරුදු රෑටනේ...

කොහොම හරි ඉතිං මං අද උදෑහැනැක්කේම නැගිටලා හිතං හිටිය විදියට උයලා කරලා ඔය උඩින් තියෙන විදියට පිඟානක් බෙදලා කාලා බීලා..තව එකක් බැඳගෙන වැඩට ආවා...

ඒ ආවට පස්සේ ඔන්න වෙනදා වගේ අවුරුදු නැතිව වේලි වෙලී ඉන්නකොට අවුරුදුත් අරං ආවා නේද මාව බලන්න අවුරුදු සීයා... ආ කට්ටිය කලබල වෙන්න එපා අවුරුදු කුමාරයා තමා...ඒත් පොර ඩිංගක් ඉතර වයසට ගිහිල්ලා.බොහෝම දුර රටක ඉඳන් මෙහාට කඩං පාත් වෙලා අවුරුද්ද කටේ තියලා මට අවුරුදුත් දීලා බුවා ගියා නොනගතේට දහම් සාකච්ඡාවකට සහභාගී වෙන්න තියෙන වග කියලා.. ඒ සාකාච්ඡාවේදී ටිකක් ගැඹුරු දේවල් සාකච්ඡා වෙන හින්දා දේශීය ශාඛ සාර ‍අවුසද පානයක් එහෙමත් තියෙන වගක් කියලා ගියේ අද රජයේ බෙහෙත් සාලා වහලා හින්දා කියලයි... කොහොම හරි අද රෑට බයි කන නැකතට ගෙදර හිටියේ නැතොත් දහම් පඩුරු පූජාවකුත් වෙන්ට ඇහැකි වගකුත් කියලා තිබුනා...

ඉතිං උන්දැත් ගියාට පස්සේ මං පොගන්න දාලා තිබුන රෙදි ටිකක් එහෙම හෝදලා දාලා මේක ඉස්සරහා වාඩි උනේ කරන්න තියෙන වැඩ ටික කරලා දාන්න හිතං උනත් ටික දවසකින් මොනවත්ම මේකේ ලියන්න උනේ නැති හින්දා ඔන්න මේකෙත් මෙහෙම කුරුටු ගෑවා.. දන් ඉතිං දවල්ට කන්න වෙලාව හරි.. අද උදේටත් අවුරුදු..දවල්ටත් අවුරුදු..රෑට හුළං තමා... අවුරුද්දේ මොන කඩද..?

හෙට උදේම ගෙහුං හිතුනොත් කිරිබත් උයනවා..නැත්තං පැත්ත වැටිලා නිදියනවා... ඔන්න අවුරුද්දට වැඩ අල්ලන්න ඔන විදිය...

39 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ.. කැමරාව හොදයි නේද? අපිට අපූරු පින්තූර ගොඩක් පේනවා ඔය පැත්තේ

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. /* වඩ්ඩගේ ගෙදර පුටුව නැහැ කියලා. */

    එක්කෝ වඩුවා ගේ ගෙදර පුටුව නැහැ, නැත්තං, වඩ්ඩා ගේ ගෙදර පුට්ට නැහැ විය යුතුයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා මාර අයියේ...!!!

    ReplyDelete
  6. "ගේ ඇතුලේ රිංගගෙන ඉන්නවට වඩා මේ වැඩ කරන තැනට ඇවිත් ගස් කොලං දිහා බලාගෙන ඔහේ පාඩුවේ ඉන්න මං කැමතියි..." මමත් නම් ඒ දේට කැමතියි අරහේම ඉන්නවට වඩා.

    අවුරුදු බත් එකේ පෙනුම නම් අර ටිකක් කාලේකට පෙර ගේ අයිති අයගෙන් ලැබුන බත් එක වගේ. වම්බටු ද කොහෙද ඒකේ තිබුනෙ හැබැයි :) කෙසේ හෝ උදේටත් මේ තඩි බත් එක ගිලලා දවල්ටත් ගිල්ලනම් රෑට නාඩා නිදියන එකයි ;)))))


    (රෑට කන්න කවුරු හරි මොනා හරි ගෙනත් දෙයි එදා වගේ.
    " කන්න පින තියේනම් ගෙදරටම එනවා" ;)

    ReplyDelete
  7. මොන නැකත්ද ??? පටන්ගන්න වෙලාව තමයි හොඳම නැකත .. :)
    මාරයියේ ... ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා. කරන කියන වැඩ සියල්ල සාර්ථක වේවා ...

    ReplyDelete
  8. අනේ මංදා, හැමෝම අවුරුදු කනකොට මාරයා විතරක් වේලුනාම හොඳද මංදා..

    කොහොම උනත්, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයෝ..

    ReplyDelete
  11. සුභ අව්රුද්දක් වේවා මාරයියේ..

    ReplyDelete
  12. මේ අවුරුද්දෙත් පවුල් රැකගන්න අයියා ඩියුටි සතුටින්ම භාර ගෙන වගේ........

    ගිය අවුරුද්දේ වගේ ප්‍රාර්ථනා කරන්න දේකුත් නැහැනේ..... ඔන්න මං ඒ කීවේ අපි කියනවා බුකියේ අයගේ ඇස් උඩ යන කෑම හැමදාම හදාන කන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා....!!!!!

    ReplyDelete
  13. මාර මචං,

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !

    වෙනදාට වඩා එක වෙනසකින් හරි අවුරුද්ද හොඳනම් එච්චරයි.
    උණ ගැනිලා, අර රුධිර පට්ටිකාද මොනවද බරපතල විදිහට අඩුවෙලා, යන්තම් ගොඩ ආවේ ඊයේ පෙරේදා නිසා, මටත් මේ වතාවේ අවුරුද්දනම් ඉස්තරම්

    ReplyDelete
  14. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  15. සුබ අලුත් අවුරුද්දක් වේවා,
    ශේහ්,කෑමඑකනම් මල්...

    ReplyDelete
  16. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ.....වැඩි වැඩියෙන් රසම රස කෑම ගෙදර ඉදේවා...!!!

    ReplyDelete
  17. සුබ අලුත් අවුරැද්දක් වේවා.

    ReplyDelete
  18. උදේට දවල්ට ඔහොම ගිල්ලහම තව රෑටත් කන්ඩ පුළුවන්ද? :D කවුද අර දුරු රටින් ආ අවුරුදු කුමාරයා? මට එක එක්කෙනා මතක් වෙනවා. :D

    ReplyDelete
  19. හැම පැතුමක්ම ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ..

    ReplyDelete
  20. සුබ අලුත් අවුරුද්දක් වේවා....ලැබුණු තෑග්ග ගැන සතුටුවෙමි

    ReplyDelete
  21. මාරයා අයියාට රසට උයන්න පුළුවන් වගේ.
    සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා.

    ReplyDelete
  22. අවුරුද්දට කිරි උතුරවනවා දැක්කා මහින්දගෙ ගෙදරනං.කොච්චර අපි ට්‍රයි කොළත් අපිට නෙමෙයි උන්දැලටම තමයි මේ අවුරුද්දෙත් උතුරන්නෙ.ඉතිං වැඩට ගිහිං ගස් කොළං දිහා බලං ඉන්න එක දාහෙං සම්පතයි නෙව.

    ReplyDelete
  23. හැබෑට අනිත් අයට වෙලාවල් බලන මිනිහා අවුරුද්ද තියෙන්නෙ කවද්ද කියලා දැනගෙන නොහිටි එක නම් පුදුමයි. මට එක දෙයක් කියාපං මාරේ. ගෙදරින් එලියට බහිනකොට මාරේ රාහු කාලය බලනවද? එහෙම ඇහුවෙ මම නම් එහෙම නොකලත් එහෙම කරන අය මම ආශ්‍රය කරන නිසයි.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    henryblogwalker the Dude

    ReplyDelete
  24. අපි දවල්ට නොකා නොනගතේ ඉද්දී මාරේ අයියා රජ කෑමක්නේ කාලා තියෙන්නේ..

    ReplyDelete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ

    ReplyDelete
  26. ලොකු කාලයක් මාර අයියා ගෙ බොලොග් පිටුව කියෙවුවා.ලිපියකට කමෙන්ට් කරන පලවෙනි වාතාව
    සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙවා අයියෙ............ රසවත් ලිපි වලින් මෙ අවුරුදදෙ දි බොලොග් පිටුව පිරෙවා.

    ReplyDelete
  27. ඔක්කොටම කලියෙන් 'සුභ අළුත් අවුරුද්දක් වේවා !!!' කියල පතනවා ...
    _____________________________________________________________

    ' වෙනදටනං මමත් මොනවා හරි ඇඳුමක් පැළදුමක් ගන්නවා අවුරුද්දට..ඒ ඉතිං අවුරුදු හින්දම නෙවෙයි ගෙදර අයට ගන්න ගියාම මටත් ගැනෙනවා..ඒත් මේ පාර ඒ මොනවත්ම නැහැ...මං හිතන්නේ මේ පාර තමා මට ඕක උනේ...'
    _____________________________________________________________

    මාර අයියා එහෙම කලේ අළුත් ඇදුම් වලට ආසාවක් නැති නිසාද? එහෙම නැත්නම් 2500 නොමැරී මාසයක් ජිවත් වීමේ පරමාදර්ශී ක්‍රියා පිලි වෙතට පටහැනි නිසාද?

    ReplyDelete
  28. එදා මම බුකියේ දෑම්මා මේ පාර අවුරුදු තියෙන්නේ 14 වෙනිදා නෙවේ 13 වෙනිදා කියලා .
    ඔයා ඒක දැකලා නැ වගේ . සමහරුනම් දැනගත්තා .

    සුබ අළුත් අවුරුද්දක් වේවා !. නිදුක් නිරෝගී සුවය ලැබේවා !

    ReplyDelete
  29. සුභ අළුත් අවුරුද්දක් වේවා මාරෙ අයිය !...

    ReplyDelete
  30. මාරයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
    අපිට තව කෑම පෙන්නීමට හැකියාව ලැබේවා !

    ReplyDelete
  31. ලැබුවාවූ මේ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉසුරුබර වසරක් වේවා... !!

    ලබන අවුරුද්දෙවත් තනියම අවුරුදු කන්නෙ නැති තැනට මේ අවුරුද්දෙ වත් වැඩ සිද්ධ වේවා.. !

    ReplyDelete
  32. මට හිතෙන්නේ ඔබා ඔය පැත්තේ විසිට් එකක් ගහල ගිහින් වගේ. හොඳයි හොඳයි අවුරුද්දේ වැඩ අල්ලන්නවත් බැරුවයී

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  33. අලුත් ඇඳුමින් පමණක් නෙවෙයි, අලුත් සිතුවිලි වලින් සිත පිරෙන, ඉටු නොවුනු යහපත් පැතුම් ඉටුකර ගන්න ධෛර්යය ලැබෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ !!!

    ReplyDelete
  34. අමතක උනානේ...

    සියළුම සයිබර් වාසීන්ට හා මාගේ සහෘදයින්ට සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  35. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
  36. මාරයා. මගේ අත්දැකීම් ටිකත් ඔයාගේ අත්දැකීම් වලට ගොඩාක් සමානයි. මම අවුරුද්ද එනවත අකමැතියි. අවුරුද්දත් අනිත් දවස් වගේ ගෙවිලා යනවනම් තමයි මම කැමති. මාරයාට සහ සියළු දෙනාට සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  37. මාරයා. මගේ අත්දැකීම් ටිකත් ඔයාගේ අත්දැකීම් වලට ගොඩාක් සමානයි. මම අවුරුද්ද එනවත අකමැතියි. අවුරුද්දත් අනිත් දවස් වගේ ගෙවිලා යනවනම් තමයි මම කැමති. මාරයාට සහ සියළු දෙනාට සුභ නව වසරක් වේවා.

    ReplyDelete