14 April 2012

ඌරුවල ඓතිහාසික වළගම්බා රාජ මහා විහාරය...



ආයෙත් අවුරුද්දේ ඔන්න මං වැඩ ඇල්ලුවා තවත් එක මාර චාරිකාවකින්ම...

අද උදේ වැඩ ඇරෙන ගමන් මගේ අනිත් සඟයා වෙච්ච ගුණේ අයියා ඊයේ කුටිගල ආරණ්‍යයට ගිය වගත් එහි ඇති නිස්කලංක පරිසරය ගැනත් කරපු වර්ණනාව හින්දා උදේම ඒ පැත්තට යන්න කියලා හිතාගත්තා..කරන්න වැඩක් තියෙන්නත් එපායෑ.. ඉතිං ගෙදරට ගෙහුන් උදේට කාලා බීලා නවය හමාරට විතර එළියට බැහැලා ගියා කුටිගල...

එතන හොඳ නිවාඩු පාඩු තැන..ඒත් භාවනා කරන අයට සුළු හෝ හිරිහැරයක් නොවිය යුතු හින්දා මං වැඩි වෙලා නොයිද ආවා..ඒ එන ගමන් මගේ හිතේ තිබුණා ඌරුවල යන්න...

ඔය ඌරුවල පන්සල කිව්වම මට කියන්න කාරණා දෙකක් තියේ..එකක් තමා මං පොඩි එකා සංදියේ..ඒ කිව්වේ හිච්චා කාලේ එකම එක වංගියක් මං ඕකට ගෙහුන් තියේ... ඒ ඔය වෙසක් එකට හරි පොසොන් එකට හරි බයිසිකල් වලින් ඇවිදින්න යද්දී... ඉස්සර අපේ ඔය වටේට අහු වෙන්නේ දෙල්ගොඩ/වැලිවේරිය/පිළකුත්තුව/මාළිඟාතැන්න/වාරණ/අත්තනගල්ල කියන ප්‍රදේශ හරහා ඇවිත් නිට්ටඹුවට දාලා එතනින් ආයෙම නුවර පාර දිගේ ඇවිත් වීදිය වත්තේ ඇනිකට් එකෙන් නාලා කිරිබත්ගොඩ හරහා මාකොළට ඇවිත් ගෙදරට ඒම තමා.. ගමනෙදි දෙතැනකදී නාන්න අහු වෙනවා..එකක් අත්තනගල්ලේ පන්සල ගාවින්..අනික වීදියවත්තෙන්... දන්සල්නං හැම තැනමනේ... ඉතිං නාලා කාලා ෂපාන් එකේ උදේ පිටත් උන අපි රෑ කළුවරේ ගෙදර එනවා...

ෂපාන් එකේ කිව්වට මොකද ඉතිං ඒ එනකොට පුක නැහැ... ඔය පුට් සයිකල් පාගපු උදවිය දන්නවා ඇති නෙව ඇයි ඒ පුක නැති වෙන්න හේතුව කියලා... කොහොම හරි අන්තිම ටික එන්නේ පස්ස සීට් එක උඩ නොතියා පැත්තට හැරි හැරි ඇඹරි ඇඹරි..ඒ තරමට සනීපේ...ආන්න ෂපාන්...

ඉතිං ඔය ගමනකදී එකම එක වතාවක් අපි ඌරුවල පන්සලට ගෙහුන් තිබුනත් මගේ මතකේ ඌරුවල පන්සල ඇඳිලා තිබුනේ පිළිකුත්තුවම හැටියටයි... මොනවා හෝ වයර් මාරු විල්ලක් හින්දා මට ඕක ටැපලිලා තිබුනා...

ඉතිං මේ ළගකදී මගේ යාළුවෝ දෙන්නෙකුත් ඇන්න සියනෑ කෝරළයේ තියෙන වලගම්බා විහාර ටිකක් පෙන්නන්න යද්දී මං හීනෙන් වගේ තිබුන මතකයට අනුව උන්දලා දෙන්නව පිළිකුත්තු විහාරයට එක්ක ගියා..ඒ ගෙනියනකොට මං කිව්වේ මේකේ ගල උඩ බලකොටුව වගේ බැඳලා හරි ලස්සනයි..උඩ ගල් තලාව පිට්ටනිය වගේ කියලා රහ කර කර..අප්පට උඩු..යනවා යනවා එහෙම තැනක් පිළිකුත්තුවේ නැහැ..අර දෙන්නා මාව මරං කෑවේ නැති ටික විතරයි..කොහොම හරි මගේ වැදගත් යාළුවෝ දෙන්නා ඒ ගිය මහන්සියට වැදගත්කං බල්ලට දාලා අපතයෝ දෙන්නා පොළවේ ගැහුවා වගේ අර කන්ද මුදුනේ දපන්න ගත්තා මහන්සි අරින්න.. දැන් මට හෙන අස්පැට් එක මේ වෙච්ච දේට... ඒ පාර එන ගමන් ඌරුවල පන්සල කියන බෝඩ් ලෑල්ල ලඟින් හරවන්න හිතුනත් අරුන්දලා දෙන්නා හිටිය විදියට ආයේ කඳු නග්ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ... ඉතිං එදා ආපහු ආවේ වෙලාවක තනියම හරි ගෙහුන් බලන්න ඕන කියලා හිතේ තියාගෙනම තමා...

ඉතිං අද මේ පිටත් උන ගමන කෙලින්ම ගියා ඌරුවල... ඔන්න කාට හරි මෙතනට එන්න ඕනනං ඒ හැටි අමාරුවක් නැහැ හොයා ගන්න...කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියෙන් දකුණු පැත්තට ඇති ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසලින් වැටුන වතුරුගම පාරේ කිලෝමීටර් හතක් වගේ තමා එන්න තියෙන්නේ...


ඔන්න මං යන කෙනෙකුට හොයා ගන්න පහසු වෙන්න ලින්ක් එකත් දැම්මා...

ඇත්තටම බොහෝම ලස්සන පරිසරයක් මෙතන තියෙනවා... පහත මළුවෙන් ඉහල මළුවට ගියාම එතනින් ආයෙමත් අනිත් පැත්තට කන්ද බැහැලා ආයෙම විශාල ගල් තලාවක් මතට නැගෙන්න පුළුවන්..ඒ ගල් තලාව විශාල ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙනවා... නිදහසේ දවසක් ඉන්න පුළුවන් තැනක්..

ගස්කොලං..අවට පරිසරයේ සුන්දරත්වය නරඹමින් නිදහසේ ඉන්න කියාපු තැන...
හැබැයි පෝය දවස්වලටනං ටිකක් සෙනග ඉන්න පුළුවන්... මෙතන උඩට නැග්ගම මාළිගාතැන්නේ උඩ තියෙන චෛත්‍යය පවා බොහෝම අපූරුවට පේනවා...
ඉතින් වැඩි විස්තර කුමටද... මෙන්න ලින්කුව යන්න බලන්න හිතේ හැටියට...


22 comments:

  1. තැන නම් මරු... ඒත් ඉතිං ප්‍රශ්නෙ මේක පන්සල් සීමාවට අයිති වෙලා සංවරව හැසිරෙන්න ඕන කියන නීතිය බලපානවද කියන එකේ...

    ReplyDelete
    Replies
    1. යකෝ පන්සලකට ගියාම සංවරව හැසිරෙනවා ඇර වෙන මගුලක් නටනවැයි... කෙල්ලෝ අරං ගිහිං නඩලං නටන්න ගත්තොත් පොලිසිය ලවා කසාඳ බන්දවා දීමත්..බීලා ගියොත් වටේ උන්ගෙන් බඩ පුරා ගන්නත් පුළුවන් කම තියේ.. එහෙම නැතිව නරඹන්න යන්න කිසිම කරදරයක් නැහැ... පාඩුවේ පින්තූර එහෙම අරගෙන ඇවිදලා ආවැකි...

      Delete
    2. ආපෝ අපි ඔහොම නරක උන් නෙමෙයි... හැබැයි ට්‍රිප් යනව නම් සංවර වෙන්න කියන නීතිය නැති තැනකට තමා යන්නෙ :)

      Delete
  2. හුරේ.......... මාරයියා අලුත් කැමරාවෙන් වැඩ පටන් අරන්

    ReplyDelete
    Replies
    1. පටන් ගත්තා පටන් ගත්තා..:D

      Delete
  3. නියම විස්තරයක් සහ ස්ථානයක්.. ස්තූතියි...

    ඔය උලව් බුකිය නැතුව වෙන තැනක් නැද්ද ඔය පින්තුර දාන්ඩ.. ශිඃ කවදාවත් ඔය දාන පින්තූර මට බලන්ඩ හම්බෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ...ෆේස් බුක් එකවුන්ට් එකක් නැහැ කියලනං කියන්න එපා දැන්..

      Delete
    2. ඒක තමා වෙන මොකක්ද ?

      Delete
  4. මාරයියෙ..මම මේ ගොඩක් දවසක් ඉඳන් අහන්න උන්නෙ ඔයාගෙන් මේක....ඔයා දුර ගමන් යනවනෙ නිතරම..ඔය යන අතර මගදි නිදහස් තැනක නතර වෙලා ටෙන්ට් එකක් එහෙම ගහන් ඉන්න..කෑම උයා ගන්න පුලුවන්ද? මොකද කෙනෙක් කිව්ව අතර මග ගින්දර පත්තු කරන්න දෙන්නෙ නැහැ කියල...ඒක ඇත්තක්ද??

    ReplyDelete
    Replies
    1. එහෙම ලංකාවටම බලපාන නීතියක් නැහැ නංගි..ඒත් රක්ෂිත ප්‍රදේශවල බැහැ... හෝටර්න් තැන්නෙත් බැහැ..හේතුව අපේ උන් කැලෑ ගිනි තියන හින්දා..ඒත් ඔය පාරක් අයිනේ ඉඩක් තියෙන තැනක එහෙම කරන්න බැරිකමක් නැහැ...ඒත් මංනං එහෙම කරලා නැහැ..තවම මට එහෙම කරන්න පහසුකම් නැහැ..ඒත් හිතං ඉන්නවා එහෙම කරන්නත්...

      Delete
    2. කියන්න දේවල් ගොඩක් තියෙනවා... කියාගන්න මට බෑ බෑ,... ♫♪

      Delete
  5. පිළිකුත්තු විහාරය,මේකද මම හොය හොය හිටිය තැන,,මේක ගම්පහ දිස්ත්‍රික්කේ,කැළයක් එක්ක තියන ලෙන් විහාර සංකීර්ණයක්ද,තව පොකුණකුත් තියනවා.. මේ ඒක නම් පොඩ්ඩක් දැනුවත් කරන්න මාරයියේ

    ReplyDelete
    Replies
    1. ඩිලා හොයලා තියෙන්නේ පිළිකුත්තුව තමා‍‍...මං බුකියේ දාලා ඇති වාරණ පින්තූර වගයක්...මේ පිළිකුත්තුවටයි මාළිගා තැන්නටයි මැද්දෙන් තියන තැනක්...

      Delete
  6. ඕයි තියෙන්නේ ලෙසටම . අලුත් කැමරාවෙන් අලුත් අවුරුද්දට වැඩ අල්ලලා ^_^

    ReplyDelete
    Replies
    1. ඉස්ඉස්සෙල්ලම හොඳ තැනකින් වැඩ අල්ලන්ට එපැයි...

      Delete
  7. අර අඩමානෙට තියෙන ගල් කුල කයිකාවල විහාරයෙ තියෙන එක වගේ. ඒ කාලෙ අපේ අය හිතලම ඔහොම ගල්කුළු ගෙනත්, හතුරු හමුදා එනතුරු හිර කරල තියන් හිටි තැන් වෙන්න ඕනෙ මේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේකත් එහෙමම තමා..කයිකාවල තිබුන එකටත් වඩා මේක පෙරලන්න ලේසියි වගේ...

      Delete
  8. උඹල මේ පැත්තෙ ඇවිල්ල බඹරගලත් පලයං. ඒකත් නියම තැනක් තමයි.

    ReplyDelete
    Replies
    1. මට ගමන් මාර්ගය දීහං ප්‍රසා පැහැදිලිව...

      Delete
  9. මම ගිහින් නෑ නොවැ.. අළුත් කැමරාව සුපිරියි කියලා අර මල් වල ලගින් ගත්ත ෆොටෝ වලින් පේනවා..

    ReplyDelete
  10. පිළිකුත්තුව, වාරණ, මාළිගාතැන්න කවර් කරේ අවුරුදු 15දි විතර...

    පිළිකුත්තුව නම් නියමයි.. පිළීකුත්තු අඹ කියලා වෙනම අඹ ජාතියකුත් තියෙනවා ඒ හරියේ..

    දවසක් වළගම්බා මාමාගෙ ලෙන් ඔක්කොම කවර් කරන්න ඕනා..

    ඌරාපොළ තියෙන්නෙත් ඔය හරියෙද මාරයියේ...

    ReplyDelete
  11. ගම්පහ ඉඳලා ගම්පහ ඔක්කොම තැංවලට ගිහිං නෑ කිව්වම ලැජ්ජයි වගේ.මොනවා කොරන්නද ලබා උපං හැටි නොවැ

    ReplyDelete