15 April 2012

තුවක්කුවක් ලාබෙට...




ඔව් මාත්තුරුකාව දැක්ක ගමන් කාට උනත් එකක් තිබුනනං හොදයි කියලා හිතෙනවනේ.. මේ කාලේ ඕකක තියෙන එකත් පොඩි කික් එකක් තමා..ඒ හින්දා මම තීරණය කොලා මගේ දැනීම උපයෝගී කොරගෙන මේ උදවියට කියා දෙන්න අඩු වියදමෙන් තුවක්කුවක් සාදා ගන්නා අන්දම...


කොහොමත් මං කැමතියි දන්න කියන දෙයක් කාට උනත් කියා දෙන්න..ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තීරණය කරන්න ඕන තමුන්නැහේලා.. තුවක්කුවකින් විය හැකි අනතුරු ගැන මං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ..ඒ හින්දා කැමතිනං හදා ගන්ට..නැත්තං නිකා ඉන්ට..හදා ගත්තත් ඒක ප්‍රවේශමට පරිහරණය කොරන්ට වග බලා ගන්න...

කොයි තුවක්කුවෙත් වගේම මේකත් ක්‍රියා කරන්නේ වායුවක් ආධාරයෙන් තමා... හරි අපි දැන් බලමු අපට උවමනා දේවල්... දැන්නං ‍කොයි දේත් ගණන් හින්දා මේකටත් සුළු මුදලක් වැය කරන්න අපට සිද්ධ වෙනවා..හැබැයි මෙච්චර ලාබෙටනං ඔහේලට කොහෙන්වත් තුවක්කුවක් සල්ලි වලට ගන්න වෙන්නේ නැහැ කියලත් මං ටක්කෙටම කියනවා...

අපිට උවමනා වෙනවා මේකට මූලික වශයෙන්ම බැරල් එක සඳහා අගල් තුන්කාලක පමණ විශ්කම්භයක් ඇති බටයක්... ඒ කියන්නේ බට ලීයක්...

තව උවමනා කරනවා හොඳ සිහින් කෝටුවක්..මේ කෝටුව සඳහා මල්කෑර හෝපේර ලීයක් වගේ දෙයක් සුදුසුයි.. අනිවාර්යයෙන්ම මෙය ශක්තිමත් විය යුතුයි වගේම අර අපි ගන්න බට ලීයේ ඇතුලත සිදුරෙන් රිංගවිය හැකි වෙන්නත් ඕන...

ඊ ළගට හොඳ කැපෙන පිහියක්... කියත් පටියකුත් තිබුනනං වැඩේට හොඳටම හොඳයි..

අන්තිමට අපිට උවමනා කරනවා මේකට උණ්ඩ..ඒ සඳහා අනුමත වර්ගය වෙන්නේ කිරිල්ල ගෙඩි තමා...සමහර පැති වලනං කොහි කිරිල්ල කියලත් කියනවා...

අනුමත දේ නැත්තං ඉතිං මොනවා කරන්නද ගත්තා කඩදාසි ටිකක්..දැම්මා වතුරේ..පෙගුනට පස්සේ ඒවා ගුලි කරලා කඩල ඇට ප්‍රමාණයේ බෝල හදා ගත්තා..එතකොට උණ්ඩක් සූදානම්...

මෙන්න ක්‍රමය...

මුලින්ම බට ලීයෙන් කෑලි දෙකක් කපා ගන්න ඕන මේ පේන විදිය‍ට.. එයින් එක කැබැල්ලක් කුඩාවට උවමනායි..එහි එක් පැත්තක පුරුකක් සිටින ලෙසත් කපා ගත යුතුයි.. දිග අඟල් 3ක් තිබුනනං ඇති...
අනිත් කැබැල්ල අඟල් හයේ සිට අඟල් දහයක් දක්වා ගත හැකියි..එය තමුන්ගේ කැමැත්ත අනුවයි..හැබැයි මතක තියා ගන්න දිග වැඩි වෙන්න වෙන්න අපිට දිග කෝටුවකුත් ඕන වෙනවා කියලා...ඒ කැබැල්ල පුරුක් රහිත සිදුර සහිත වෙන්න ඕන...

දැන් ඔහොම කපා ගත්තම මේ පහත පෙන්නලා තියෙන විදියට තමා තියෙන්න ඕන.. අංක 1න් පෙන්නන්නේ කැබලි දෙක..අංක 2න් එම කැබලි ඇතුලත සිදුර තිබිය යුතු ආකාරය.. අංක තුනෙන් පේන්නේ කැබලි දෙක එකට තිබ්බම තියෙන දුර හා අංක 4න් පෙන්නනවා අ‍පි ගන්න කෝටුව කොච්චර දිග විය යුතුද කියලා..

හරියටම කිව්වොත් මේ බට කැබලි වල කුඩා කැබැල්ලට කෝටුව රිංගවූ පසුව අනිත් දිග කැබැල්ලට වඩා මිලි මීටර 7ක් විතර කොට වෙන්න ඕන...පැහැදිලියිනේ...


ඊ ළගට කරන්න තියෙන්නේ කෝටුව කුඩා බට කැබැල්ලට හොදින් සවි කර ගැනීමයි... එහිදී කෝටුවත් සිදුරත් අතර ඇති හිඩස්වලට කුඩා ලී පතුරු දමා තද කල හැකියි... මේ පේන විදියට...

ආන්න එහෙම හිර කර ගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ කෝටුව දිග බටය තුලින් රිංගවා හොඳින් මැන එම දිග බටයේ සිදුරට වඩා මිලිමීටර් හතක් පමණ කොටට සිටින සේ මේ කෝටුව කපා දමන්න...දැන් තුවක්කුව සූදානම්...



දැන් තියෙන්නේ වෙඩි තියන්ටයි..ඒක කරන්නේ මෙහෙමයි... ඔය අංග 6 න් පේනවා වගේ දිග බටයේ දෙපැත්තටම කිරිල්ල ගෙඩි දෙකක් හෝ කඩදාසි ගුලි දෙකක් හිර කරන්න ඕන... මතක තියා ගන්න දෙපැත්තෙන් ඇනලා බැහැ..සෑම විටම තුවක්කු බටේ සිදුරු තරමක් විශාල පැත්තක් තියෙනවා..ආන්න ඒ පැත්තට එක උණ්ඩයක් දාලා අපේ අර කෝටුවෙන් ඒ උණ්ඩය අනිත් පැත්තට තල්ලු කරන්න ඕන..එතකොය ඒ උණ්ඩය බටේ ගානට හැදිලා හොඳින් අනිත් පැත්තේ සිර වෙනවා... දෙවනුව දෙවැනි උණ්ඩය මහත පැත්තට ඇතුළු කල යුතුයි.. ආන්න එහෙම කලාට පස්සේ නැවතත් අර කෝටුව සහිත කෑල්ලෙන් ඒ පසුපස උණ්ඩය තල්ලු කල විට උණ්ඩ දෙක අතර ඇති වාත පීඩනය හින්දා ඉදිරිපස ඇති උණ්ඩය වේගයෙන් පිටතට ඇදිලා යනවා.. ඔන්න ඔච්චරයි කාරිය...

අපි අර කෝටුව සහිත කැබැල්ලට අච්චුක්කූර කියලා හඳුන් වනවා...එතකොට අච්චුක් කූර පොඩ්ඩක් කෙටිව තියන්නේ ඇයි කියලත් කියන්න එපෑ..ඒක දිග බටේ ගානටම දිගට තිබුනොත් උණ්ඩ දෙකම එලියට පනිනවා..ඒත් දැන් සිද්ධ වෙන්නේ ඒක අවසාන කටේ නවතින එකයි.. පැහැදිලියි නේද හොඳටම...

හරි ඔන්න දැන් තුවක්කු ලාබෙට හොයං ආව අය මට බැන බැන යන්න එපා..මේකත් තුවක්කුවක් තමා..අපි වැඩි දෙනෙක් ජීවිතේ මුලින්ම හදාපු තුවක්කුව මේකයි.

සමහර විට මූට පිස්සුද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කවුරුත් දන්න ඒවා දාන හින්දා..ඒත් මේවා අදට දාන පෝස්ට් නෙවෙයි අනාගතේට දාන ඒව්වා..කවදා හරි බට තුවක්කුව හදන්න නොදන්න ළමයි මේවා බලලවත් හදා ගන්නේ නැතෑ... කරුණාකරලා ඔය කස්ටිය උන්ට තුවක්කුවක් හදා ගන්ටවත් බට ගහක් දෙකක් ඉතිරි කරනවනං හොඳයි... ඕනම මිදුලක උවමනාවක් ඇත්නං කරදරයක් නැතිව වවන්ට ඇහැකි දෙයක් බට පඳුරක් කියන්නේ... වෙසක් එකට කූඩුවක් තනන්ටත් බට ගහක් තිබුනනං ඇහැකි නෙව... අද මෙව්වා සූටි දේවල් කියලා හිතුවට අදට වඩා හෙටට මේවා තමුන්නාන්සෙලට ඕන වෙයි..ආන්න එදාට මාරයගේ බ්ලොග් එක හොයලා ළමයින්ට කියවන්න දීලාවත් ඇඟ බේර ගමු...

ආ ගූගල් අයියටත් තැන්කූ මට පොටෝ ටිකක් හොයලා දුන්නට...චිත්තරනං ඉතිං මහා චිත්තර ශිල්පී මංතුමාගේ තමා... කොහොමද නිකං පණ පිහිටෝලා වගේ නේද..?මං මේ මගේ තියෙන නිහතමානී කොමට නොකිව්වට මොකද අර කෙහෙල් කොටුවේ කොලුවත් මයෙන් තමා ඔය චිත්තර පාට කරන හැටි එහෙමත් අහගන්නේ..ඒත් ඉතිං උන් ඕවා කියන්නේ නැහැ... නැතිව ඒකට හැරෙන්ටවත් ඇහැකිද මයේ මේ චිත්තර එක්කලා..හැක් හැක්...

එහෙනං මං ගියා ඕං...(කෙහෙල් කො‍රොට්ටා මේ පැත්තේ ආවොත් මං ගමනක් ගියා කියහල්ලා..)

එහෙනං මං ගියා ඕං...

55 comments:

  1. Replies
    1. හුරේ.. මාරයියාගේ පෝස්ට් එකකට පලමු කොමෙන්ටුව දැමීමේ ප්‍රීතිය සමරමින්.. හියැක් හූ....
      ටුයිටර් දෙයියෙක්... කොහි කිරිල්ල ගෙඩියක් කාපු කාලයක් මතක නෑ. ඉස්සර අපේ ගෙට එහා ලොකු පොල් වත්තෙ ඕව තිබ්බා. දැං ඒකටත් වැටක් ගහල. පයින්ඩ බෑ...

      Delete
    2. අගනා බට තුවක්කුවක් තෑගි... එය ලබා ගැනීමට කවරය ලියූ මුද්දරයක් තැපෑලෙන් එවන්න...

      Delete
    3. මොකක් කිව්වා....කවරය ලියූ මුද්දරයක් ????

      Delete
  2. මාරයා උනත් තවම කරන්නේ බබා කාලේ කරපු වැඩ නේ

    ReplyDelete
    Replies
    1. හේ හේ කාලෙකට පස්සේ මම දෙක වෙලා :P

      Delete
    2. බබා කාලේ විදියට ඉන්න තියෙනවනං මොන ෂෝක්ද අප්පා...

      Delete
  3. මේ තුවක්කුව සාර්ථකවීමේ එක රහසක් තමා හැමවිටම බැරල් එකේ සිදුර එක පැත්තක් අනිත් පැත්තට වඩා කුඩා වීම, ඒ කියන්නෙ බුලට් එක දාන පැත්තට වඩා පිටවෙන පැත්තෙ සිදුර කුඩා වීම.. එතකොට තමා බුලට් එක වැඩි වේගයකින් වැඩි දුරක් යන්නෙ.. මේකට කරන්න ඕන හොදම දේ තමා බැරල් එක කපනකොට මස්ල් එක පැත්ත බටපුරුකට කිට්ටුවෙන් කපාගැනීම.. (ඕන්න මං විශේෂඥ යුධ උපදෙස් දුන්නා)

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ ත්‍රස්ථවාදී..:D

      Delete
  4. මෙන්න චූටි උපදෙස් ටිකක්
    උණ බටේ ඇතුලේ තියෙන කුඩු ගතිය යන්න එකපාරක් විතර වතුරෙන් හොදන්න හොද ස්මූත් බෝර් එකක් එන්නේ එතකොට තමා
    උණ බටේ මද ගින්නෙන් ටිකක් තවා ගත්තනම් හුගක් කල් ඇද ගහන් නැතිව පාවිච්චි කරහැකි .. හැබැයි මේකට පුරුදු කාරයෙක් වෙන්න ඕනි නැත්නම් තවන්න යද්දිම ඇද ගහයි බටේ
    අච්චු කූරෙ මිටට සෙට් වෙන තැනට රබර් බෑන්ඩ් එකක් දාන්න .. එතකොට අච්චු කූර හිර වෙන් නෑ ඉක්මනට රීලෝඩ් කරන්නත් පුලුවන්
    තව උන්ඩ ලෝඩ් කරන ක්‍රම තියෙනවා එව්වා ඉතින් කරලම පෙන්නන්න ඕනි :D

    ReplyDelete
    Replies
    1. බටේ ඉස්සරහිනුයි පස්සෙනුයි කම්බි හරි රබර්පටි/ඔට්ටපාලු දාලා එතුවොත් ටිකක් ලොකු කිරිල්ල ගෙඩි දාන්න පුළුවන්.. එතකොට හිරට යන නිසා උණ්ඩේ වේගේ වැඩි...සද්දෙත් වැඩී...

      ලොකු කිරිල්ල ගෙඩි දාද්දී බටේට තදකරලා අක්චු කූරේ මිට පැත්තෙන් තලන්න ඕනේ... මේකම තව දියුණු කරල වතුර තුවක්කුවක් හදන්නත් පුළුවන්...

      වෙඩිල්ල තියන්න ඕනේ කිරිල්ල ගෙඩිය බටේ කාලක් විතර ඇතුළට හෙමින් තල්ලු කලාට පස්සේ... නැත්තම් බටේ දිග වැඩි තුවක්කු වල අච්චු කූර කැඩෙන්න පුළුවන්...

      (විශේෂඥ යුධ උපදෙස් 3)

      Delete
    2. බලං ගියාම මුං ඔක්කෝම එකයිනේ...එහෙං පිටිං ත්‍රස්ථවාදී...

      Delete
  5. මමත් ඉස්සර නිවාඩු කාලෙට කලිසමේ එල්ලගෙනමයි හිටියේ බට තුවක්කුවක්,,,මම තුවක්කු 3ක් රබර් පටි දාලා හදාගෙන ඉන්නේ,එතකොට 3ම ලෝඩ් කරලා ප්‍රහාර එල්ල කරනවා,, ඒ කාලේ යුධ සෙල්ලම් කලේ කරද්දී උණ බට තුවක්කුව ඕනමයි නේ..
    තව ශබ්දය වැඩි කරලා වෙනස් කරන්න පොඩි සයිලන්සරයක් හයි කරන්න පුලුවන්,අමු පොල් කොළයක් ඉදිරි කට වටේට ඔතලා

    ReplyDelete
    Replies
    1. මාත් ඔහොම කල හැටි මතකයි..මට හොඳ හැටි මතකයි...

      Delete
  6. පොඩිකාලෙ මතක් උනා මාරයියේ...ආයෙ දවසක හදලා බලන්න ඕනා :-)

    ReplyDelete
    Replies
    1. ඉඳහිටවත් පොඩි කාලෙට යන්න ඕන මලයා..අදට වඩා ඒ දවස් හොඳයිනේ...

      Delete
  7. හහ්. කාලෙකට පස්සෙ අතීතයට ගියා. මගෙත් ෆේවරි‍ට් භාණ්ඩයක් තමයි ඕක(ඉස්සර). අපේ පැතිවල කිරිල්ල ගෙඩි නෑනේ. අපි කලේ වතුරෙන් පොගවාගත් පත්තර පිටු වලින් බුලට් එක හදන එකයි. ඕකෙ තියරිය වෙන්නෙ ඉස්සෙල්ල ඇතුල් කල බුලට් එකයි පස්සෙ ඇතුල්කල බුලට් එකයි අතර තියන වාතයේ තෙරපීම නිසා පලමුවැන්න වේගයෙන් විසිවීම.

    මාරය දන්නවද ඕකෙ අනිත් වර්ෂන් එක තමයි වෝටර් ගන් එක. ඒක හදන්නෙ මෙහෙමයි. අච්චුකූර ඔය විදියමයි. පොඩි වෙනසක් කරන්න ඕන. ඒ තමයි අච්චුකූරෙ ඉදිරියෙන් අගලක් විතර ප්‍රමාණයකට රෙදි පටියක් ඔතාගන්න ඕන.

    තුවක්කුවෙ ඉදිරි කෙලවර කපන්නෙ එක් පුරුකක් පන්නල. ඒ කියන්නෙ ඉදිරි කෙලවරින් සංවෘතයි. ඊට පස්සෙ මිලිමීටරයක විතර සිදුරක් ඒකෙ හදාගන්නව. වැඩේ එච්චරයි. අච්චුකූරෙ අග තියන රෙදිකැබැල්ල වතුරෙන් පොගවල සෙට් කරගත්තම සිරිංජයකින් වගේ වතුර උඩට ඇදල විදින්න පුළුවන්. අපි පොඩි කාලෙ වෝටර් ගන් උනේ ඕව.

    ReplyDelete
    Replies
    1. මං මේක ලියද්දිම හිතුවේ වතුර තුවක්කුවක් ගැනත් ලියන්න ඕන කියලා... ඒකට රාජ්ගේ කමෙන්ට් එක වටිනවා..අපි ඉස්සර කලේ එස්ලෝන් බට කෑල්ලකට සිද්ධාලේප මූඩියක් ඉස්සරහින් ගහලා ඒකේ හිලක් විදලා..යකඩ කෑල්ලක් රත් කරලා මූඩියයි බටෙයි පාස්සනවා...

      Delete
  8. හප්පට ඒ කාලේ කිරිල්ලා නැත්නම් ගම්බිරිස් කියලා කිව්වාලු :DDD

    ReplyDelete
    Replies
    1. හික් හික් හොද්දට දාන්නේ අහවල් එකද යකෝ ගම්මිරිස්වලින් වෙඩි තිබ්බම...

      Delete
  9. කොහි කිරිල්ල නැත්නම් පාවට්ටා ඇට ගන්නත් පුලුවන්.මම නම් පුංචි කාලේ පාවිච්චි කලේ පාවට්ටා ඇට.

    ReplyDelete
    Replies
    1. පාවට්ටා කොල සුරුට්ටුව නං මගේ ෆේවරිට් භාණ්ඩයක් අදටත්..ඒත් ඇට ගැනනං ඒ හැටි මතකයක් නැහැ...

      Delete
  10. අපේ ගෙදර ආවොත් ගල් බට දෙන්නම් ගමකට..

    විශේෂඥ උපදෙසුත් අරන් ආයෙම හදලා බලන්න ඕනා...

    ReplyDelete
  11. ලොකු උණ බම්බුවකින් කාල තුවක්කුත් හදන්න හැකි

    ReplyDelete
    Replies
    1. අවුරුද්දට එහෙම එව්වත් හැදුවා...

      Delete
  12. කියන්න අමතක වුනා.. සිරාවටම තුවක්කු ගැන ඉගෙන ගන්න පුළුවන් මේ බ්ලොග් එකෙන්

    ReplyDelete
    Replies
    1. ඒකනං වටින බ්ලොග් එකක් තමා..මාත් දිගටම බලං යනවා...

      Delete
  13. Airsoft Gun :D
    අපිනං ඕවට කීවේ කෙල මෝල් කියලා (පත්තර කෑලි හපලා හපලා නේ දාන්නෙ)

    ReplyDelete
    Replies
    1. අපේ ජුංඅලගේ මල්ලි ඒ කිව්වේ අර රතනයා..ආන්න ඌත් කිරිල්ල හොයන්න කම්මැලි කමට ඔය කෙල මෝල් කෙලිය එකෙක් තමා...

      Delete
    2. ලේසිම වැඩේනෙ... කොහොම හරි සෙල්ලම ඉවරවෙද්දි දෙපැත්තෙංම පත්තර කොල කිලෝවක් හමාරක් කාලා... :D

      Delete
  14. //අද මෙව්වා සූටි දේවල් කියලා හිතුවට අදට වඩා හෙටට මේවා තමුන්නාන්සෙලට ඕන වෙයි//

    ඇත්තටම මාරේ අයියේ, මේවා දන්න අයටත් අමතක වෙන්න කලින් මෙහෙම අලුත් කරන එක හොඳා ! 2000 න් පස්සේ පරම්පරාවේ කී දෙනෙක් බට තුවක්කු හදන්න දන්නවද මන්දා ? දැන් උන්ට ඔයිට වඩා ‘පොෂ්‘ තුවක්කු තියෙනවනේ !

    ඉස්සර අපේ අයියලා අපිට සිංගල් බැරල් බට තුවක්කු හදලා දීලා, ඒ ගොල්ලෝ බට 5-6 තියෙන මල්ටි බැරල් හදාගන්නවා. මල්ටි බැරල් තුවක්කු වල තියෙන අවුල තමා, බුලට් ලෝඩ් කරලා ගොඩක් වෙලා තියන්න බැරි කම ! ගොඩාක් වෙලා ගත වුනාම කිරිල්ල ගෙඩිය වේලිලා තෙත් ගතිය යනවා. ඊට පස්සේ හරියට Air Pressure වෙන්නේ නෑ. චුස් ගානවා විතරයි !!!

    කිරිල්ල නැති කාලෙට අපි පොඩි සිදුරු තියෙන බට තුවක්කු හදලා ගඳපාන ගෙඩිත් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි බට තුවක්කු ෆීල්ඩ් එකේ Grade A බුලට් එක කිරිල්ල තමා !!!

    මාරයියට තැන්කූ වේවා මේ වගේ මෙව්වා එකක් දැම්මට ! තව ටික දවසක් ගොහින් මේ බට තුවක්කුවත් එල්ලගෙන ‘හොරා පොලිස්‘ සෙල්ලම කොරන හැටිත් උඹටම කියලා දෙන්න වෙයි ඕං !!! ජය !!!

    ReplyDelete
    Replies
    1. මාත් අයියා කෙනෙක් වශයෙන් මල්ටි බැරල් පාවිච්චි කල එකෙක්මි..තවත් ඇති අවුලක් නම් අච්චුක්කූරු සමබර නොවීම හරහා කූරු කැඩී යෑමේ ප්‍රවණතාවයයි...:D

      ඇත්තටම ඔව් මලේ... මේවා ඕන වෙනවා දවසක අනිවාර්යයෙන්ම...

      Delete
  15. හප්පට සිරි, ප්‍රවීන චිත්‍ර ශිල්පී සහ චිත්‍රෝපදේශක යුධෝපදේශක සැහැල්ලු යුධ අවි සැළසුම් ශිල්පී මාරයාගේ තවත් පැතිකඩක්!! පෝස්ට් එකවගේමයි කමෙන්ට් ටිකත්. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ, අපිට කියන්න දෙයක් ඉතුරු කරලත් නෑ.

    අර කෙහෙල් කො‍ටුවෙ එකා සරම උස්සගෙන උල් පිහියක් ඉනේ ගහගෙන ඔය පැත්තට කඟවේනා වගෙ එනවා දැකලා මම කරුණු කාර නා කියාදීලා ආපහු යැව්වා, අලුත් අවුරුද්දෙනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  16. මම නම් අර මිට ටයි කඳේ මැදටයි හොඳට ඔට්ටපාලු ඔතල තමා ගන්නෙ... ලිස්සන්නෙත් නෑ ... බටලීයෙ බූවට අත මැදෙන්නෙත් නෑ...

    ReplyDelete
  17. මගේ අතෙත් ඉස්සර බට තුවක්කුවක් වරදින්නේ නැහැ...
    අපිනම් පාවිච්චි කලේ බලුදං කියල ගෙඩි වර්ගයක්, ඒවා නැති වෙලාවට කඩදාසි කොල ගුලිත් පාවිච්චි කොලා... තව හීං බෝවිටියා ගෙඩි එහෙමත් පාවිච්චි කලා.
    බලුදං බුලට් එකකින් පාරක් වැදුනට පස්සේ තියෙන සනීපෙ කියල වැඩක් නැහැ, වැදිච්ච තැන ඉදිමිලා රතු පාටට පල්ලකුත් එනවා.
    ඒ කාලේ මතක් වෙද්දී ආසාවේ බැහැ බං.
    ගොඩක් ස්තුතියි අපිව අතීතෙට අරගෙන ගියාට...:)

    ReplyDelete
  18. අපි නොදන්න බට තුවක්කු !

    ReplyDelete
  19. මේක නං හරි අපූරු පෝස්ට් එකක්

    ඔය ගමන්ම අර පොල්කොල රූං පෙත්තක් , කුරුම්බැට්ටි මැසිමක් එතකොට රබර් ඇට හෙලිකොප්ටරයක් වගේ එකක් හදන හැටිත් කියල දුන්නනං...

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි ඩී දමන්නට අමතක වුනා

      Delete
  20. අනේ ලොකු අයියේ ඔය ගමන් බට වෙඩිල්ල හදන හැටිත් කියල දුන්නනම්

    ReplyDelete
  21. මාර අයියා .. බට තුවක්කුව භාවිතා කලේ ඉස්සර ගමේ කොල්ලෝ දැන් ගමේ ඉන්න පොඩි එවුන් ගල්කටස් නැමති ගෙදරදීම සාදා ගත හැකි ගල් විදින අවිය තමා සෙල්ම් කරන්න ගන්නේ . ඕකෙන් යන කඩදහි ගුලිය වගේ නෙවේ ඒකෙන් එක ගලක් වැදුනොත් ඉදිමෙනවා ..

    උඹට ස්තූතියි බං පොඩි කාලේ මතක් කරලා දුන්නට .. අපි බං ඒ කාලේ ඕක හැදුවේ පෑන් බට වලට ඉස්පෝක් කම්බිය දාලා .. බුලට් එක වුණේ ගඳපාන ගෙඩිය ..

    පට්ට ආතල් බං ඒ කාලේ

    ReplyDelete
  22. මම මේ තුවක්කුවක් කියලා තියෙද්දි හිතුවේ ෆොටෝ එකක් ගැන විචාරයක් කියලා.. :)

    ඔක හදාගන්න බැරි කාලේ එක එකා ලගට ගිහින් ඇඹරුන හැටි මතක් උනා..

    ReplyDelete
  23. මං කොලේ පත්තර පිටු අරගෙන තෙමෙන්ට දාන එකයි. කෙල වලට වඩා හොදයි...

    ඈ බං මාර අයියේ.. උණ ඩුංගුවකුත් හදමුදැ?

    ReplyDelete
  24. මටත් හිතයි හදන්න බට තුවක්කුවක්. ඉන්නවා සෙට් එකක්ම උන්ට වෙඩි තියන්න....DDD

    ReplyDelete
  25. උන්ඩ වලට ක්‍රිල්ල ගෙඩි අමතරව බලු දං ගෙඩි දාන්නත් පුලුවන්... අච්චු කූරට මල්කෑර කෝට්ටට අමතරබ බෝබු කෝට්ටත් ගතෑකි.. ඔය කොයි කෝට්ටත් ගැට නැති එකක වෙන්න ඕනෙ.. බරල් තුනක් එකට තියල රබර් පටි වලින් බැදපු තුවක්කුවක් තිබුන මගේ ගාව.. ඒක මල්ටි බැරල් එකක්.. :D

    ReplyDelete
  26. අපිත් හැදුව ඔය තුවක්කුව . තැන්කිවු මතක් කලාට . අපේ අය්ය ඔය වගේ ඒවා හදන්න හරි හපන් . අපිට ඉතින් සෙල්ලම් බඩු කියල තිබුනේ ඕව තමයි කිරිල්ල ගහක් දැක්ක කාලයක් මතක නැහැ . මෙලෝ රහක් නැතත් කිරිල්ල ගෙඩි හපල හපල විසිකරනවා . අතීතේ මතක් වෙද්දී සතුටුයි දුකයි .

    ReplyDelete
    Replies
    1. බින්දි කිරිල්ල ගහක් ලගකදී දැක්කේ නැහැ කිව්වා..ආ එහෙනං මෙන්න...
      http://www.facebook.com/photo.php?fbid=2607320400639&set=a.2607164636745.89074.1783813709&type=3
      මං හිතන්නේ ඕක කලින් දැක්කට අමතක උනා නේද..?

      Delete
  27. මේකෙන් වෙඩි තිබ්බොත් මැරෙයිද බන්

    ReplyDelete
  28. නියම වෙපන් එකක් තමයි අපෙත් ඒ කාලෙ ඕක.
    කිරිල්ල නං මෙහේ තියෙනව. ඒත් බට තුවක්කු හදන එකෙක්නං හොයාගන්න නෑ.

    ReplyDelete
  29. ඔය තියෙන්නේ හමුදාවකටම හරියන්න තුවක්කු...... අද කාලේ අර මෙලෝ රහක් නැති සද්ද තියන තුවක්කු වගේද ඕවා...... හැබැයි ප්ලාස්ටික් බෝල විදින තුවක්කුත් තියෙන්නේ කිසි රහක් නැති........

    වතුර තුවක්කුව නම් දැකලා නෑ. කාල තුවක්කු කියන්නේ ලොකු උණ බට වලට අර දුම් වෙඩි තියන්න හදන එකද????

    ReplyDelete
  30. අපිට නොතිබුනු වායු රයිෆල්....මෙහෙමවත් දැක්ක මදැයි....අවස්ථාවක් අහුවෙච්ච පළවෙනි වතාවෙම හදන්න ඕන...අඩුගාණෙ ට්‍රයි එකක්වත්...

    ReplyDelete
  31. සික් අවුරුදු කටේ මට මඟ ඇරිච්ච ලිපි දෙක තුනෙක් මු රටට ඇත්ත එලි කරලා එහෙනං... ඩූඩියා මට කේලම කිව්වත් එන්න වෙලාවක් තිබුනේ නෑ....... දැන්නෙ කේස් එක එලි වේගෙන එන්නෙ......

    ReplyDelete
  32. මේ පෝස්ට් එක දැකලා ඔන්න හමුදාවට ගේන සියළුම අවි නවත්තලා කිරිල්ල තුවක්කු දෙන්න යනවලු.කැම්පස් කොල්ලනේ කෙල්ලනෙ පරිස්සං වෙයවු.කිරිල්ල වාරය මග ඇරලා පිකට් කරන්න පලයවු.

    අම්මෝ මාරයාගේ අත් දෙකේ සුදු......

    ReplyDelete