18 April 2012

මාරයාගේ පට්ටං...මේ වෑයම පොරක් වෙන්ටයි...

මේක හරියන වැඩක් නෙවෙයි... මං සෑහෙන්න ඉවසුවා..ඒත් අන්තිමට මටත් තව මර්වින් කෙනෙක් වෙන්න මේ සමාජේ බල කලා...
මිනිස්සු යක්කු කරන්නේ මේ සමාජේ..මේක හරිම කූර සමාජයක්... අන්තිමේදී මමත් තීරණය කලා හොඳින් බැරිනං නරකින් හරි මේක ඉවරයක් කරන්න...ඇයි යකෝ අපි ඔටුවොද හැමදාම ඉවසං ඉන්න..අනිත් උන්ට හොඳනං අපිට නරකද..?

කලින් වතාවක මෙහෙමම වැඩක් තමා මර්වින් අයියත් කලේ..හැබැයි එයින් පස්සේ මෑන්ට රටේ ලෝකේ උන් කොයි තරං බැන්නත් පොර කරපු වැඩේ තිතට වැඩ කලා...අදටත් ආසාවටවත් එයින් පස්සේ අර ටයිටල් එක ඉස්සර වාගේ උළුප්ප උළුප්ප පාවිච්චි කරන්න යන්නේ නැහැ..ඒ තරමට මර්වින් අයියා වැඩේ නෝන්ඩි කරලා දැම්මා...(පස්සේ පොරත් නෝන්ඩි උනා තමා..ඒත් ඒ නෝන්ඩි වෙන වාරයක් ගානේ පොරගේ අර ටයිටලෙත් නෝන්ඩි උනා... පොර ඕක ගත්ත දවස්වල කිව්ව කතාව හුගක් දෙනා අමතක කලා හෝ බලෙන් අමතක කරගත්තා..මොකද ඒ කතාව ඇත්ත උනත් බුවාට බයින්න ඒක මතක තියා ගැනිල්ල පාඩුයි නෙව...)

හරි වැඩි කතා ඕන නැහැ..මෙයින් පස්සේ මංතුමා ඇවිල්ලා නිකංම නිකං මාරයා නෙවෙයි..මගේ නමට යටින් මෙන්න මේ විදියේ අකුරු සැට් එකක්ම තියෙයි...ඇයි යකෝ අපි කිරෙන් බාල වෙලායෑ.. අර මගේ මතක ලියන ප්‍රියා මහත්තයගෙන්වත් අහගෙන මං මේ ටික මගේ ජීමේල් ගිණුමෙත් අලවන්න ඕන..එතකොට මං මේල් එකක් එවුවම බොලා කාට උනත් මගේ රැස්මාලාව බලා කියාගන්ට ඇහැකි...
ස්තූතියි
මෙයට

K.V.C.T.K.Kekulawala(Maraya)
C.S.O.
Lanka security (pvt)ltd.
M.D.
Thushara jothisha(pvt)unltd.

M.B.B.S.(sri lanka)
G.B.M.S(sri lanka)
W.D.P.(sri lanka)
H.S.A.(sri lanka)
H.Y.K.S.(SLAF)
B.P.(C.T.B)
N.E.K.S.(FB)
I.A.V.(sri lanka)
K.S.W.G.(Google blog)


තව හුඟක් ජාති තියේ..මතක් වෙන වෙන හැටියට එක්කහු කරන්න ඕන...වරෙල්ලකෝ මීට පස්සේ ඉංගිරිසි අකුරු නමට යටින් අලවගෙන..ඕන එකෙකුට දෙන්නේ හොම්බෙන් යන්ට...(හුටා මේක දැක්ක ගමන් මගේ අර ඩිග්රි දුසිම් බාගේ යාළුවා මට නෙලයිද මංදා..:D:D:D)

කොහොම උනත් ඔව්වායේ තේරුං හොයාගන්න පුළුවන්නං අන්න ඔහෙලත් යමක් කොමක් දන්න උදවිය කියලා මටත් හිතුවෑකි...

65 comments:

  1. Replies
    1. 1 උනාමද කොහෙද :))))

      Delete
    2. M.B.B.S.(sri lanka) :o
      දොස්තර කෙනෙක් ඈ සෙල්ලම් නැහැ :)

      Delete
    3. 1 වෙලත් වැරදි උත්තරේ දුන්න හින්දා තෑග්ග අහිමි වෙනවා..:D:D:D

      Delete
    4. මේසන් බාස්ට බදාම සප්ලයි

      Delete
  2. MBBS මේසන් බාස්ලට බදාම සප්ලයි නේද ?

    ReplyDelete
    Replies
    1. CSO Chief Secutity Officer
      MD Managing Director

      Delete
    2. ආ ඒ දෙකත් හරිය කියමුකෝ...

      Delete
    3. GBMS මට හිතෙන්නෙ ගරාජ් බාස්ලට මජං සප්ලයි වගේ වැරදිද මන්දා ?

      Delete
    4. මල මගුලයි..උඹ යකෙක්නේ...

      Delete
  3. තේරුම් මොනාද මෙව්වයේ? ඕක නියම විදිහට ලියන්නෙ මෙහෙමයි නේද?

    K.V.C.T.K.Kekulawala(Maraya)
    C.S.O.Lanka security (pvt)ltd., M.D.Thushara jothisha(pvt)unltd., M.B.B.S.(sri lanka),G.B.M.S(sri lanka),W.D.P.(sri lanka),H.S.A.(sri lanka), H.Y.K.S.(SLAF), N.E.K.S.(FB),I.A.V.(sri lanka), K.S.W.G.(Google blog)

    ReplyDelete
    Replies
    1. තැන්කූ බුද්ධියා...ඔහොම තමා එන්න ඕන..අරෙහෙම දැම්මේ කට්ටියට පැහැදිලිව කියෝ ගන්න...

      Delete
    2. තැංකූ මං මොකටද සහෝ :P.... මේ දවස් වල ඒවා හම්බුවෙනවා ගෙදර ගෙනියන්ඩත් එක්කලා.... සහෝට කියන්ඩ මම මේ සහෝගෙ බට තුවක්කු පෝස්ට් එක කියවනවා ඩුඩියා දුන්නු ඔත්තුවකට.....

      Delete
    3. ඒකනං එච්චරටම හොඳ ඔත්තුවක් නෙවෙයි වගේ...:D:D:D

      Delete
  4. ko ban CTB amunala nane ... athe gahagena hitiya kurullath amunapan mekata.

    ReplyDelete
    Replies
    1. අතේ ගහපු කුරුල්ලා ඉන්නවා..අර කිව්වත් වගේ සීටීබී අතෑරිලානේ..හිටු හිටු ඒකත් දාන්න...

      Delete
  5. පෝය ළගද මන්දා :D :D

    M R K Y (SL)

    ... ... කඩේ යාම
    ඒකත් දා ගනින්...

    ReplyDelete
    Replies
    1. ඒක දාන්නේ උන්දෑ මට කීයක් හරි ගෙවනවනං විතරයි බං...

      Delete
    2. @ලකී!
      M R K Y (SL)
      ++++++++++++

      Delete
    3. හෙන ආතල් නේද බං..හික් හික්...

      Delete
  6. හනේ අම්මේ මෙව්වනම් කියල වැඩක් නෑ - සමහරුන්ගේ නේම් කාඩ්, බිස්නස් කාඩ් බැලුවම ටයිටල් දෝරේ ගලනව - ඩිප්ලෝමා එහෙමත් දානවා - මේක මේ ඉන්දියාවටයි අපටයි පොදු ගුණාංගයක්ද මන්ද - ඒත් ලංකාවේ පෞද්ගලික අංසවල වැඩ කරන ගොඩක් අයට මේ අවුල නෑ - නමයි සම්බන්ධ වෙන්න පුලුවන් විදිහයි විතරයි තියෙන්නේ - මේකත් ටිකක් විතර හීනමානයක් කියලයි මට හිතෙන්නේ - ඒ මොකවුනත් CSO & MD කියන ටයිටල් නම් මරු..!!!

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද බං අයියේ ඒ කතාව... මේ ඊයේ පෙරේදා අර වාසනා අක්කත් උපාධියක් අරං තිබුනේ නමට එල්ලන්න... ඉතිං අපිට තියෙන එව්වා එල්ල ගත්තම නම්බුයිනේ මං අහන්නේ..හා නැද්ද හා..?

      Delete
  7. සෙල්ලන් පොරක් නෙවයි එහෙනම් ..!!

    ReplyDelete
  8. M.B.B.S. නම් මමත් ගත්තා අපේ ගේ හදන කාලේ.
    මෙච්චර තියෙන එකේ නැද්ද P.P.D.D.K.එකක්. :D
    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. පමාවුනා මේ පැත්තේ එන්න.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නංගි..අර කිව්ව අමුතු පට්ටම නංගිට තියේද?

      Delete
  9. Replies
    1. තේරුම කියහං ඉතිං...

      Delete
    2. ෆේස් බුක් එකට දැම්මා ඕන් .. මෙතන දාන්න හිත හදාගන්න බැරි උනා . . .:D

      Delete
  10. අනේ හෆොයි ආපු පළවෙනි දවසෙම බය කලානෙ.
    …තරහ අවසර අයියාතුමනි
    කමෙන්ට් කරාට ඕන් ඔය එකක් වත් මට නම් නෑ. කමක් නැද්ද මංදා

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර බය උනත් කමක් නැහැ..නැත්තං තත්තෙට හොඳ නැහැනේ..මෙව්වා දාන්නේ ඉතිං බය කරන්නමනේ...:D:D:D

      Delete
  11. අප්පා එසේ මෙසේ කෙනෙක් නෙවේ බලනකොට . දැන්නම් කතා කරන්නත් බයයි වගේ .

    ReplyDelete
    Replies
    1. ආන්න හරි..බය වෙන්නලා..නැත්තං මෙච්චර පට්ටං එල්ලන එකේ තේරුමකුත් නැහැනේ...හික් හික්...

      Delete
  12. ඇයි බං HSDPA (Mobitel/Dialog), GPRS, CDMA, DCSL වගේ ඒවා නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැම කෙනාටම තියෙන එව්වා රහ මදි බං...
      බලහං අර දෙවැනි එක එහෙම ගති නේද ඔව්වට වඩා...

      Delete
    2. ඇයි byk!!!! උඔ එකේ නේද ගමන් යන්නෙ......

      Delete
    3. එහෙමනං මේක වෙන්ට ඕන B.Y.K.H.(India)කියලා තමා

      Delete
  13. හෙහ් හෙහ්....මාර පට්ටං තොගයක්නෙ බොල තියෙන්නෙ :-)
    බැයිද අපිට 1ක් 2ක් දෙන්ඩ?

    ReplyDelete
    Replies
    1. මෙව්වා එහෙම ආවට ගියාට දෙන්න බැහැ මලේ...බොටත් ඕන එකක් එල්ලා ගං...

      Delete
  14. මාර චාරිකා චක්‍රවර්තී (M.C.C.)

    ReplyDelete
  15. අඩේ මාරේ අයියා කැකුලාවල කෙනෙක්ද ?

    ඔය නම තියන දොස්තර මහතැන් කෙනෙක් හිටියා මීරිගම ටවුන් එකේ. බෝතලේ පැත්තට හැරෙන හන්දියෙ. ඉස්සර අපි ගමේ ගිහින් අසනීප උනොත් ඉතින් එතුමගෙ පිහිට තමයි. තාම ඉන්නවද දන්නෑ.. අදුරනවද දන්නෑ.. එහෙම නැත්තම් MBBS කියලා තියෙන හින්දා එතුමමද දන්නෙත් නැහැ. :-) එහෙමනම් ඉතින් මාරයට සැහෙන වයසක් වෙන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. කැකුලාවල කියන්නේ ගමක් මල්ලි..අපි එහෙං ඇවිත් විසිරුණ අය..ගම තියෙන්නේ ඔය අලව්ව කටුපොත පැත්තට වෙන්න...

      Delete
    2. මාරයත් කාලයක් බෝතලේ පැත්තට හැරිලා හිටියා මම හිතන්නෙ

      Delete
    3. පස්ට කෙමෙන්ටුව..හික් හික්

      Delete
  16. Replies
    1. R.I.C.(Sri Lanka) නං තිබුනද කොහේද..ඔය මක්කැයි..?

      Delete
  17. මාරයියේ අනේ මටත් කියහංකෝ ඕවා ගන්න විදිහක්,,උප්පැන්න සහතිකෙයි,ඕලෙවල් සහතිකෙයි විතරයි දැනට මට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හරි හරි තව ටික දවසකින් කසාඳ සහතිකෙත් ලැබුනම ඔය 3ක්ම තියෙන්නේ අයියටත්..... හික්ස්.......

      Delete
    2. ඔය හාවි කිව්ව විදියට කරහං ඩිලා..තව එකක් අනිවා ෂුවර්...

      Delete
    3. හා පැටිස් කෙල්ල කිවුවේ කතාවක්,,බොලත් අපිට කෝචොක් කරන්න අරගෙන නේ ඒ පාර,, ඒත් ඉතින් 1යි නේ බන් හම්බෙන්නේ

      Delete
  18. තව අඩුයි වගේ....
    CC
    mara saraniya.

    BKCW - භාව කලා චක්‍රවර්තී

    PCW - ප්‍රවීණ ඡායාරූප විචාරක

    ඒ වගේ එව්වත් දාන්ට......

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒ ටිකත් එල්ලන්න ඕන තමා...

      Delete
  19. මගේ යාළුවෙක් ඉන්නවා, මිනිහගේ කාඩ් එකේ තියෙනවා "ප්‍රාදේශීය සභා අපේක්ෂක" කියලා...

    ReplyDelete
    Replies
    1. යකෝ මටත් එහෙනං ඇහැකිනේ දාන්න එහෙම මාත් ඉල්ලුවානේ එක පාරක්..හොඳ වෙලාවට ඒක මතක් කලේ...

      Delete
  20. මීට පස්සේ මාරයා මහත්තයා හරි සර් කියලා හරි කතා කරන එක හොදයි වගේ... :)

    ReplyDelete
  21. ගෙදර උන්දැව ගෙන්න කලින් මටත් තිබුන මේ වගේ ටයිටල් ගොඩක්, හැබැයි මේ වෙද්දී ඉතුරු වෙලා තියෙන්නේ එකම එකයි .
    G.G.B. (Sri Lanka)

    G.G.B. = ගෑනිට ගූ බයයි

    ReplyDelete
  22. පෝයත් පහු උනා විතරයි. ... අනේ මන්දා
    වෙදනා මාමේ ... ඉහ කුඩිච්චියකට උවමනා අඩුම කුඩුම මොනවයි ???
    :)

    ReplyDelete
  23. හොඳ වෙලාවට ඉංග්‍රීසි හෝඩියෙ අකුරු 26 ක් විතරක් තිබුණෙ.

    ReplyDelete
  24. හරියට කිරිකට මැච්වල ඇඩ් දානවා වගේ නම පේන්නෑ පට්ටංවලට වැහිලා.

    ReplyDelete