07 May 2012

නායක හාමුදුරුවන්ගේ අම්මට ...01

මේක මේ පොඩි කතාවක් ඒත් මේ කතාවට අඳාල චරිත කිහිපය ගැන කෙටි සටහනක් මුලින්ම කරලා හිටියම මට ලේසියි...

විමලරතන නායක හාමුදුරුවෝ...

වයස හතළිස් පහක්/පණහක් අතරේ ඇති... අඩි හයක් විතර උස උසටම හරියන මහත... පින් පාට..ඔව් ඔව් අර උඩුවේ හාමුදුරුවෝ වගේ බැබලෙන පාට..හැබැයි මේකපු නැහැ..හරිය...
වයස හතලිස් පහක් වෙද්දී නායක පට්ටං හම්බ වෙන උදවිය බොහෝම අඩුයි..ඒත් මේ කියන නායක හාමුදුරුවන්ට නායකකං දරන්න සුදුසුකං ඇත්තටම තිබුනා..කොටින්ම පළාතේ වැඩිහිටි හාමුරුදුවරු උනත් විමලරතන පොඩි හාමුදුරුවෝ කියන දෙයක් අහක දාන්නේ නැහැ ඒ තරමට විමලරතන හාමුදුරුවෝ දැනුං තේරුං ඇති..හිතලා බලලා වැඩ කරන..තැනේ හැටියට ඇනේ ගහන්න දන්න කෙනා...
අඩු පාඩු නැතිවා නෙවෙයි..ඒත් තමුන්ගේ චරිත ලක්ෂණ කවදාවත් පන්සල් පාලනයේදී දුර්වලකං හැටියට එළියට පනින්න නොදී වැඩ කරන්න හොඳ සමතා...

මහණ වෙලා තිබ්බේ අවුරුදු පහළවක විතර කාලෙදී..එදා ඉඳන් හොඳට බණ දහං හදාරලා පණ්ඩිත පට්ටං එහෙම ගහලා තමා හිටියේ... මහණ කමට උවමනා බෝහෝ දේවල් අඩු නැතිවම පිහිටලා තිබුනා...

මං මේ කියන කාලේ අපේ නායක හාමුදුරුවන්ට ගෝල බාලයෝ බර ගණනක් හිටියා... උන්නාන්සේගේම ගෝලයෝ හැටියට මහණ කරවපු ගෝලයින් විස්සක් තිහක් විතර හිටියා..හැබැයි මං කියන කාලේ වෙද්දී එයින් ඉතිරි වෙලා හිටියේ අට දෙනෙක් වගේ තමා.. එයිට අමතරව වෙන වෙන තැන්වල මහණ වෙලා පස්සේ ඇවිත් නායක හාමුදුරුවන්ගේ ගෝලකම ගත්ත අයත් ඒ කාලේ හත් අට දෙනෙක් හිටියා... එයිට අමතරව උන්වන්සේගේ පන්සලේ ඕනෑම දවසක හාමුදුරුවරු විස්සක් තිහක් හිටියා... ඒ අතරේ බංගලිදේශයෙන් ආව අයත් නොහිටියා නෙවෙයි... එන ඕනම කෙනෙකුට තමුන් ගාව නවාතැන් දීලා දරුවෝ වගේ හදා ගන්න නායක හාමුදුරුවෝ කවදාවත් පස්ස ගැහුවේ නැහැ... ඒවට උවමනා තරං ශක්තියක් උන්වහන්සේට තිබුනා...

උන්වහන්සේගේ පන්සල වගේ නියම විදියට හතර පේරුවක් තියෙන පන්සලක් වෙන මම දැකලා නැති තරං.. දැන් අස්සක් මුල්ලක් ගානේ පොඩි පොඩි පන්සල්නේ..ඒත් අදටත් මේ නායක හාමුදුරුවන්ගේ පන්සලේ ඉපැරණි දායක සීමාව එහෙමම රැකිලා තියෙනවා... ඉතිං දායකයින්ගෙන් අඩුවක් නැහැ... ඒ වගේම පන්සල් වත්තේ ආදායං උනත් නරක නැහැ..රජ මහා විහාරයක්නේ... පන්සලට අයිති ගම්වර තාම එහෙමමයි...ඕනම වෙලාවක කතා කරලා අපේ මහත්තයෝ මට මෙන්න මේ වැඩේ කෙරෙන්න ඕන කියලා කියන පරක්කුවෙන් ලක්ෂ ගණන් ගෙනත් උන්නාන්සෙගේ පාමුල තියන්න සැදී පැහැදීගත් ධනවත් සැදැහැවත් අය එමටයි...
ඒ වැඩි හරියක් උන්වහන්සේගේ උදව් උපකාර ලබපු උදවිය...

එහෙමම තමා හැකියාවත්... පිරිතක් වෙලාවකට පිරිත පුරන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන... එහෙම අයට භික්ෂු සමාජයේ හොඳ ඉල්ලුමක් වගේම පිළිගැනීමක් තියේ... අපේ නායක හාමුදුරුවොත් මේ පිරිත් පිරිල්ලට වගේම ධම්ම චක්කෙටත් කප් ගහපු කෙනෙක් තමා... ඇත්තටම උන්වහන්සේ සූත්‍රයක් ඇදලා පැදලා කියනකොට අහං හිටියැකි ඕන තරං වෙලාවක්... මුතු කැට වගේ දිලිසෙන කිසිම අඩුවක් නැතිව පිහිටලා තියෙන දත් පේලි පේන විදියට හොඳින් මුව විවර කරමින් නියම විදියට හුස්ම අල්ලමින් කරන පිරිත් සජ්ඣායනාව බොහෝම අපූරුයි... ඒ වගේමයි බණක් කියන්න ගියාම උනත්...

අනිත් අතින් කේන්දර වැඩ..සෙත් කවි..යන්තර මන්තර වැඩ ඔය හැම දේමත් දැනගෙන හිටියා... උවමනා වෙලාවල් වලදී ඒ ඒ දෙයින් පල පරයෝජනනත් ගත්තා...

නායක හාමුදුරුවෝ බොහොම ප්‍රසිද්ධ උන්වහන්සේගේ කට හින්දා... උන්වහන්සේගේ කට හඩ බොහෝම ඉහලයි..හිමිං කතා කරන්න බැරි තරං... ඒ වගේමයි කියුං... ඕනම හරුපයක් දිවට තොලට නොදැනී කියලා දාන්නත් දන්නවා... හැබැයි කාවවත් අමනාප නොවෙන විදියටත් ඒක හරි අපූරුවට කියලා දානවා... මේ කතාවත් එහෙමම එකක් තමා...

හරි අපි යං තව චරිතෙකට...

විමල් අයියා...

ටිකක් ඈත පළාතක දුප්පත් පවුලක දරුවන් හත් අට දෙනෙක් හිටිය පවුලක ඉපදිලා යන්තං සාමාන්‍ය පෙල දක්වා ඉගෙනගෙන උසස් පෙල ලියන්න හැකියාවක් නැතිව ඉද්දී මොන විදියකින් හරි අර මං කිව්ව නායක හාමුදුරුවන්ගේ පන්සලට ආව කොලු ගැටයෙක්... ඒ එන කාලේ පන්සලේ නායක හාමුදුරුවෝ මං ලියාපු විමලරතන නායකහාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ.. එතකොට විමලරතන හාමුදුරුවෝ තරුණයි.. කොහොම හරි මේ දෙන්නම එකට පන්සලේ හැදුනා..ඉතිං බොහෝම හිතවත්කමක් දෙන්නා අතරේ තියේ.. විමල් අයියා පස්සෙන් පහුකාලෙක විමලරතන නායක හාමුදුරුවන්ගේ රියදුරු විදියට රස්සාව කරන ගමන්ම නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම මත වගාවට බැහැලා අද වෙනකොට වාහන කිහිපයක් තියෙන තරමක් සල්ලිය බාගේ ඇති කෙනෙක්... වයස අවුරුදු තිස් අටක් විතර ඇති මයෙ හිතේ... පන්සල කිට්ටුව පාතම ගෙදරකින් කසාඳයක් බැඳගෙන එහෙම බින්න බැස්සා...

මට විම‍ල් අයියා හම්බ වෙන්නේ ඔය වගා කටයුත්තක් හින්දම තමා... මම පන්සල් ජීවිතේට බහින කාලෙදි මං නැවතුන පන්සල ගාව ඉඩමකුත් මෙවුන්දෑ වගා කලා..ඉතිං කොයි වෙලෙත් දාඩිය මුගුරු හලාගෙන වැඩ කරලා මහන්සිය නිවා ගන්න පන්සලට එනවා යනවා.. මාත් ඉතිං අපි දෙන්නටම තේ කහට ටිකක් ‍එහෙම හදාගෙන කයියට වැටෙනවා... පන්සල්වලම ඉඳලා හින්දා පන්සල් ගැන හොඳ කතා රාසියක් විමල් අයියාගේ මතක පොතේ තිබුනා.. ඒ හැම එකම මෙව්වයේ ලියන්න බැහැනේ...


හරි මෙන්න අනිත් චරිතේ...

කාන්ති අක්කා...

අක්කා කිව්වට වයස පණහකට වැඩී... අර මං කලින් කිව්ව නායක හාමුදුරුවන්ගේ වැඩි මහළු අක්කා... කසාඳ බැඳලා හිටියේ මගේ පන්සල පේන නොපෙනෙන මානේ... දරුවෝ තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්..මං කියන කාලේ වෙද්දී උන්දෑ ආච්චි අම්මා කෙනෙක්... තමුන්ගේ මල්ලි මහණ වෙලා හිටිය හින්දා අපිටත් මල්ලිට තියෙන කරුණාවෙන්ම සලකපු උන්දෑ කෙනෙක්... අඩුවල් පාඩුවක් ඇත්තං ඕන වෙලාවක හොයාලා බලලා කරවලා දෙනවා.. හැබැයි ඉතිං උන්දෑ එකතු වෙච්ච පවුල තරමක් පිරිහුණ පවුලක්... ඒ පරම්පරාව පන්සල් ආස්සරේ කොරන අය නෙවෙයි... තරමක් කිව්වා නාහන පරණ ගරා වැටුන වලව් පරම්පරාවක්...

රනිල්...

මේ කාන්ති අක්කගේ ලොකු පුතා... හරියකට ඉගෙන ගෙන නැහැ... අඩි හය හමාරකට වඩා උසයි... කෙසගයි... කොයි වෙලෙත් බීගත්ත ගමන්... හමුදාවෙන් පැනලා ඇවිත් හිටියේ..කසාද බැඳපු ගෑණි මේකවයි ළමයි දෙන්නවයි දාලා පැනලා ගියා ඉවසන්න බැරිම තැන.. මොනවා හරි අණ්ඩපාල වැඩකට ගිහින් කකුලකුත් කඩාගෙන කොර ගගහා තමා ඇවිද්දේ කලේ... අම්මයි තාත්තයි මේකගෙන් බේරෙන්න බැරි තැන ඉඩං කෑල්ලක් විකුණලා ත්‍රීවීල් එකක් එහෙමත් අරං දීලා තිබුනා...උගේ වැඩේ ඒක හැම තැනම හප්ප හප්ප ඉන්න එක තමා... හැබැයි අපරාදේ කියන්න බැහැ මං කොහේ හරි යන්න කතා කලානං මිනිහා කිසිම සද්දයක් නැතිව ඇවිත් ඉන්නවා වගේම ඒ දවස්වලට බොන්නෙත් නැහැ...එහෙම නැත්තං දවසේ කොයි වෙලේ බැළුවත් බීගෙන කුණු හරප වපුර වපුර දිග කැත්තකුත් අරං පාර දිගේ යන එක තමා කාරිය... වැරදිලාවත් ඒ අස්සේ මාව හමුබ උනානං පටස් ගාලා සරම දිගා අරගෙන කැත්ත ඇග පිටිපස්සට කරගෙන හිනාවෙලා බීපු වගක්වත් නොදැනෙන් කතා කරන්නත් දන්නවා.. ඒ වෙලාවට කියන කතා තමා හොඳම හරිය...

"ආ අපේ හාමුදුරුවනේ දැක්ක කල්..මං මේ පන්සල පැත්තේ එන්න කියලත් හිටියේ..ඈතකද වඩින්නේ..?"

"නැහැ රනිල් අයියේ මං මේ අර දිසානායක රාළහාමිලාගේ පැත්තේ යන්ට කියලා පිරිත් ටිකක් කියලා එන්න..උන්නැහේට සනීප මදී කියලා පණිවිඩයක් ලැබුනා"

"ආ ඇත්තද හාමුදුරුවනේ... මාත් මේ ලෙඩෙකුට බෙහෙත් හොයන්න යන ගමන්... ගස් පොතු ගහන්න කියලා කැත්තත් අරං යන්නේ"

කියන ගමන් කැත්ත පැත්තකින් දාලා මහ පාරෙම වැටිලා වඳින එකත් සාමාන්‍ය දෙයක්... ආයේ ඉතිං මේකා බීලා කියලා කොහොම කියන්නද..? එහෙම කතා කරලා මම ඊ ළග වංගුවෙන් නොපෙනී යනකොටම මෙන්න ආයෙමත් පටන් ගන්නවා.. නිකං නෙවෙයි...

"මට ඔය පන්සල් ලොකු නැහැ යකෝ.. මං නාලාගිරියා වගේ... අපේ මාමාත් ගණයා...මං බය වෙයිද ඕකුන්ට" කියලා... හිතාගත්තැකිද කොහොමද පුතයා කියලා...

හරි චරිත කතා ඉවරයි..ඊ ළඟට කතාව... ඒක ඊ ළග ලිපියෙන්...

42 comments:

  1. ආයෙත් පන්සල් කතාවක්,,පන්සල් කතා සීරීස් එක මතක් උනා... තව චරිත ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. දෙකට තෑග්ගක් නෑද?

      Delete
    2. මේක මේ පොඩි කතාවක් ලියන්න ගිහින් වෙච්ච වැඩක් ඩිලා..කතාව කියන්නනං කට්ටිය අදුරන්න එපෑ.. ඒත් ලියන්න ගියාම මට වෙන වෙන කතා මතක් වෙනවා..ඒකෙන් මේක දිග වැඩි වේගන ගියානේ.. තව එක චරිතයක් මේකට ඉන්නවා..ඒ කතා නායිකාව.. නායක හාමුදුරුවන්ගේ අම්මා...

      Delete
  2. ඔය රනිල් වගේ බුවෙකුට අපේ ගෙවල් පැත්තේ ගෑනියෙක් ගෙදරට කතා කරලා ගහල පැන්නුවා. දැන් මිනිහගේ කට සීල්.

    ReplyDelete
  3. අන්න ආයෙත් මේ පැත්තෙ රවුම් ගහන්න ඕනි කතා ටිකක් යන්න හදන්නෙ...පන්සල් කතා හින්දා මාරයියා අදුර ගත්ත අය විදිහට අපි ආයෙත් ඒව යනකොට මුල අමතක කරන්න හොඳ නැ නොවැ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මොනාද මාරෙ අයිය කැත වැඩ කරන්නෙ... මෙකයි අර කෑම ජාතිවල පොටෝ දාල බඩවල් අවුස්සන එකෙයි කිසි වෙනසක් නෑ... :)

    අනික් කොටස ඉක්මනට දාපියෝ...

    ReplyDelete
  6. මාර මලයෝ මේ කියන හාමුදුරුවෝ තවම ඉන්නවද? වැඩ හිටින පංසල මොකක්ද ? කොහෙද තියෙන්නෙ ?
    වන්දනාවක යන වෙලාවක ගොඩවැදිලා වන්දාමාන කරගන්න පුලුවන්නෙ නේද ?

    ReplyDelete
  7. ඔන්න හොඳ කතාවකට මුල පිරුවා මාර මලයා.

    ReplyDelete
  8. පටන්ගත්ත විතරයි මතු සම්බන්ධ කලා!

    ReplyDelete
  9. සුපියල් පා කේවා

    ReplyDelete
    Replies
    1. තොරණ බලන්න ආවට ලයිට් දාලා නැහැනේ ..ඒක ඊලඟ එකෙන්ලු

      Delete
  10. අපිත් සාවධානව කියෝගෙන යනව.

    ReplyDelete
  11. ශහ් මේක මරු කතාවක්නෙ එල එල

    ReplyDelete
  12. කමක් නෑ. අතුරු කතා ටිකත් මරු....

    ReplyDelete
  13. මේකත් අර 'ඉතුරු වෙච්චා...මල්ල පිටින්ම' වගේ එකක්ද දන්නෑ..

    ReplyDelete
  14. නියමයි මුල්ම කාලෙ ආසාවෙන් කියවපු පන්සල් කතා සීරීස් එකම මතක් උනා..ඉක්මනට ඉතුරු කොටසක් දෙසා වදාරන්න !

    ReplyDelete
  15. අඩෝව්... අපේ පැත්තෙත් ඉන්නවා යකෝව් ඔය වගේ එකෙක්...

    උගේ වැඩේ මල්ලි මහන වෙලා ඉන්න පන්සලට ගිහිං තියෙන මොනා හරි කාලා, පන්සල එහා පැත්තේ කසිප්පු පොලෙන් බීලා...

    අඩෝව්... තෝ පන්සලේ වුනාට මට කමක් නෑ යකෝව්... කිය කිය බයින එක. අපි කරන්නේ පොඩි නම එක්ක එකතු වෙලා හිනා වෙන එක...

    ReplyDelete
  16. මේක අර ටීවී වැඩ සටහනේ විදියට කඩුව ගිල්ලා වගෙනෙ. කඩුව එලියට ගන්න හැටි එන සතියෙයි කියන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
  17. පස්ටයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

    ReplyDelete
  18. ආයෙත් පන්සල් කතා ... පසුබිම විස්තර කරන විදිය බොහෝම අගෙයි ... එක හුස්මට කියෙව්වා . පස්සේ බලමුකෝ මොකෝ උනේ කියල ;)

    ReplyDelete
  19. ඉක්මනට ඉතිරි හරිය දානවා හොඳයි!

    ReplyDelete
  20. ටීවි එකේ අළුත් ටෙලියක් පටන් ගන්න කලින් යන හදුන්වාදීම වගේ.. හරි දැන් ඉන්න කට්ටිය අපි දන්නවා.. දැන් තියෙන්නේ කතාව බලන්න...

    ReplyDelete
  21. මරු. දිගටම ලියන්න. අහම්බෙන් වගේ අද තමයි මේ පැත්තේ ආවේ. නියමෙට ලියනවා.

    ReplyDelete
  22. පන්සල් කතාවක් බව දැනුනු හන්දා ඉස්සර පන්සල් කතා සෙට් එක මතක් ව්එලා කෙල පෙරාගෙන අවා. අනේ ඒත් කෝ අයියණ්ඩි කතාව නෑ නොවැ! අයියණ්ඩිට යහපතක්ම වේවා! :D

    ReplyDelete
    Replies
    1. කෙල පෙරන් අවා කිව්වා නේද? :DDDD

      Delete
    2. ඒ කතා කියවන්න තියෙන පෙරේත කමටයි කෙල පෙරාගෙන ආවේ. උඹට අමුත්තක් දැනෙන්න ඇති අපි දන්නවනේ උඹ කියවන්නේ මොනවා පෙරෙන කතාද කියලා! :D

      Delete
  23. හා..මරු මරු..

    පෙට්ටගම ඇදලා වගේ..

    ReplyDelete
  24. හම්මේ පන්සල් කතාවක් කාලෙකින්.... දාමු දාමු ඉක්මනට.

    ReplyDelete
  25. එල එල තවත් පන්සල් කතාවක්.

    ReplyDelete
  26. ටැලිෆෝං ඩිරෙක්ටරිය උස්සපු එකාට වෙච්ච දේනෙ උනේ.චරිත විතර්යි කතාව නෑ.

    ReplyDelete
  27. ඔන්න අපිත් ඇනතියා ගත්තා...

    ReplyDelete
  28. අඩේ මං පන්සල් කතා කියවලම නෑනේ. මේකේ ඉඳන් වත් කියවමු එහෙනම්

    ReplyDelete
  29. කෝ නායක හාමුදුර්වන්ගෙ අම්මට ???

    ReplyDelete
  30. ඉක්මනට ඉතුරු ටිකත් දාපිය.

    ReplyDelete
  31. අඩෙව් එල කතාව මාරෙ අයියා,,

    ReplyDelete
  32. අහන්න ආස වර්ගයේ කතාවක් යයි වගේ....

    ReplyDelete
  33. මාරයාගේ කතන්දර මල්ල ආයෙත් හලන්ඩයි යන්නේ.පහුගිය දවස්වල රස නැති එව්වාත් තිබුනා.

    ReplyDelete
  34. ඔක්කොම හොදයි...කතාවත් දාන්ට එපයි අප්පා............

    ReplyDelete