03 May 2012

දෛවයේ සරදම්... අහෝ යූ ඇන් පී...

මෙයට තිස් එක් වසරකට(1981) ඉහතදී ‍මැයි මාසයේදී කුරුණෑගල ප්‍රදේශයේ දේශපාලන නායකයකු පෙරටු කොට ගත් කණ්ඩායමක් උතුරුකරයට යන ලදි...උඩරට නියෝජනය කල ප්‍රභල නායකයකුගේ මග පෙන්වීම මත තමා විසින් රැගෙන ගිය මැර කණ්ඩායම යොදවා යාපනයේ පුස්තකාලයට ගිනි තබා මහා අකුසලකර්මයක්ද..ජාතීන් අතර වෛරය වැඩි දියුණු කොට මහා යුද්ධයකට පාර කපන්නටද ඔවුහූ හවුල් වූහ... ඒ එදාය...

අද ඔහු එදා තමා නියෝජනය කල පක්ෂයේ උසස්ම තැනක වැජඹෙයි.. ඔහු නැවත යාපනයේ ගියේය..ඒ මෙම වසරේ මැයි මාසයේය.. ඒ අදින් තිස් එක් වසරකට පළමුව තමා කල මහා වීර ක්‍රියාව සමරන්නට නොවේ... ජාතීන් අතර එකමුතුව වර්ධනය කරන්නටය...කොතරම් අපූරුද..?

කතාව එතැනින් නිම කල හැකි වූවානං යහපති..ඒත් අතුරු කතාද ඇත.

ජාතීන් අතර සහයෝගය වර්ධනය කරන තැනදී මතු වූ ත්‍රස්ථවාදී කොඩි ප්‍රදර්ශනය කල වුන් පිළිබඳව තීන්දු දීමටද අද සිදුව ඇත්තේ ඔහුටය... එදා කල පව් මැකීමටදෝ මෙදා ඔහු අත පත් වූ නීති විරෝධී ක්‍රියාවන් කල අයට අවවාද කොට මුදා හරින ලදැයි කියැවේ...

කාලය මැවු වෙනසක අරුමේ...

පසු සටහන...

එදා එසේ නොකලේ නම් ද්‍රවිඩයින්ට මෙරට හිමි යැයි දැක්වෙන සාක්ෂි සහිත පොත් පත් එහි වූ බැවින් එම ක්‍රියාව ඉතා සාධාරණ යැයි කියන්නෝද ඇත.

එහෙත් එසේ සාධාරණ අයිතියක් ඔවුනට තිබුණි නම් එය දීමට ක්‍රියා නොකොට අද වන විට ඔවුනට හිමි අයිතිය දීමට රජයට බල කරන්නේද ගිනි තැබු අයම වීම කුමන නම් අපූරුවක්ද...

අහෝ... වසර 31ක් තුල සිදූ වී ඇති වෙනසක මහිම...

(2012/05/31 වන දිනට යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 31කි)

40 comments:

  1. වසර තිස් එකක් කියන්නේ සුළු පටු කාලයක් යැ... ඔන දෙයක් වෙනස් වෙන්න පුළුවන්.. ඒත් ඔය ලැජ්ජ නැති හාදය හෙට ඔයිට වඩා ලොකු දෙයක් කොළත් මං පුදුම වෙන්නේ නෑ ඕං

    ReplyDelete
  2. අනේ මංද?
    මදැයි ඉඳල ඉඳල පෝස්ට් එකක් දැම්ම.

    ReplyDelete
  3. ඔක්කොම එකයිනේ මාරයියේ. එක්කො මේ මීඩියා කාරයෝ කියන්නෙ බොරු. නැත්තම් ඕව අහන අපිට පිස්සු වෙන්න ඕන පහු ගිය කාලෙ වෙච්ච දේවල් එක්ක බලද්දී. හැම එකාම තම්න්ගෙ වාසියට ඕන මගුලක් කරයි. ඒවා බලාගෙන ඉන්නව ඇරෙන්න ඉතින් වෙන #$%#@..

    එළ පෝස්ට් එක මාරයියේ. කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවේ

    ReplyDelete
  4. අනේ මන්දා මාරයෝ. ලැජ්ජා නැතිකමද? ගොන්කමද? නැත්තං දේශපාලනේ කියන්නෙ ඕකටද කියලා!

    ReplyDelete
  5. හපො දෙශපාලන කතාවක් .......

    ReplyDelete
  6. කොරපු තව කොච්චර කාලකන්නි වැඩ තිබෙදැ එතුමා පෙරටු කොට..ඉතින් ඒවා මෙ සන්දියෙහිම පටිසන් දුන හොත්..අහෝ දුකකි...නෑ සැපතකි

    ReplyDelete
  7. සදාකාලික සතුරෝත් නැති මිතුරොත් නැති දේශපාලනයේ අවුරුදු 31 කට පස්සේ ඕක ඔහොම වෙච්ච එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. රෙපා හරි. දේශපාලනයේ සදාතනික මිතුරෝත් සතුරෝත් නොමැත.

      Delete
  8. එතුමා ගැනයි .. එතුමගෙ ගෝලයො ගැනයි නං ... ඉතින් කතා කරල වැඩක් නෑ...

    ReplyDelete
  9. එතුමා ගැනයි .. එතුමගෙ ගෝලයො ගැනයි නං ... ඉතින් කතා කරල වැඩක් නෑ...

    ReplyDelete
  10. ස්වාධින රූපවාහිනිය නිෂ්පාදනය කල "යාපනේ කොටි ධජය"

    "එහිදී ප්‍රශ්න කිරීම් හමුවේ එම තරුණයන් පවසා ඇත්තේ ස්වාධින රුපවාහිනී සභාපතිවරයාගේ උපදෙස් මත එසේ සිදු කල බවයි.මෙම තරුණයන් දෙදෙනා කොළොඹ සිට පැමිණ ඇත්තේද අයි.ටි.එන් මාධ්‍ය ආයතනය පැමිණි රථයෙන් වන අතර නැවත ඔවුන් කොළොඹ බලා ගොස් ඇත්තේද අයි.ටි.එන් මාධ්‍යය නඩය සමගිනි."

    Read more: http://www.gossip9.com/2012/05/blog-post_372.html#ixzz1tnrJbMzi

    http://www.gossip9.com/2012/05/blog-post_372.html

    ReplyDelete
    Replies
    1. එතුමට වැඩේ පවරන්න නිවට රාජකීය දේසපාලුවා තමා..

      Delete
  11. මේක දේශපාලන කතාවක් නෙමේ. අවුරුදු 30ක ඉතිහාසය ඇතුළෙ වුණ සමාව දෙන්න බැරි අපරාධයක් ගැන ලියවුණ, හිතන්න ඕනා ලිපියක්.

    ReplyDelete
  12. සමහරවිට දැන් උන්නැහැ හොඳ මිනිහෙක් වෙලාද දන්නෙ නෑ. දේශපාලනේදි ඔහොම තමයි.

    ReplyDelete
  13. එදා අපරාදෙට හවුල් වුණු සමහරු දත පරලොව දුක් විඳිනවා ඇති.

    ඔවුන් ගැන ලියන එකත් අපරාදයක්!

    ReplyDelete
  14. පෙරහැරේ නටන අයගෙ වැරදි පේන්නෙ අහක ඉඳන් බලාගෙන ඉන්න අයට කිව්ව වගේ...අපිත් ඉතින් අහක ඉඳන් බලාගෙන ඉන්නව...පෙරහැර යනවා...
    හැබෑට මාරයියෙ ඔයා මොනාද මේ ලියන්නෙ..? එතකොට ඕකට නෙවේද ලංකාවෙ දේශපාලනේ කියන්නෙ..???

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි ලංකාවෙ දේශපාලනේ කියන්නෙ..

      Delete
  15. මචං කඩේ යන එක ඔච්චර කුජීත විදියට යන්න එපා. ඉන්ටනෙට් තියෙන එකේ සුට්ටක් විතර කියවලා බලහංකො. "උන්" චාටර් උන් පලියට "මුන්" හොඳයි කියන්න බෑ.

    පුස්තකාලෙට නම් ගිනි තිබ්බලු. කොඩිය නම් පෙන්නුවෙ අයි ටී එන් එකට විතරලු. ආන්ඩුවේ චැනල් බලලා ඒකෙ තියෙන ඒව අකුරක් නෑර විස්වාස කරන බොලා වගේ එවුන් ඉන්නකං "උන්ටයි" "මුන්ටයි" දෙගොල්ලටම ආතල් එකේ රට කාගෙන ඉන්න පුලුවන් වෙයි.

    වැ‍රැද්ද ආණ්ඩුවල නෙමේ බං. ඒ ආණ්ඩු වලට සුදු හුනු ගාන, ඒව නිසා මරා ගන්න යන, උන්ට කඩේ යන උන් ඉන්නකම් උන් උන්ගෙ දේ කරගෙන ඉඳී.

    ReplyDelete
    Replies
    1. අන්න...ඒක නිසා තමයි ජනතාව වෙනස් කරන්න ඕන කියන්නෙ...
      ඒක නොවෙන තාක්කල් එදා මිනීමරුවන්ටයි අද පිස්සන්ටයි....එකම පිට්ටනියක එකම සෙල්ලම කරන්න පුළුවන් වෙනවා...

      Delete
  16. අපි නෑ ඕවට.අපි අහිංසකයි.

    ReplyDelete
  17. ඒ කාලෙ නෝටි වැඩ කලාට දැන් එයා හොඳ ලමයෙක් වෙලා ඇති....:D

    අනිත් එක දැනට අවුරුදු තුනකට විතර ඉස්සර හොද වැඩ කරපු අයට නරක් වෙන්න හොදයි නං නරකයා හොද වැඩක් කලාම ඇති වැරැද්ද මොකක්ද ? සුදුම සුදු සහ කළුම කළු මිනිසුන් නැත. ඇත්තේ උන් ගැන කතා කර "අළු" වන මිනිසුන් පමණි.

    ReplyDelete
  18. එතකොට මාරයෝ ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධ ජිනිවා ගිය කට්ටිය , දැන් ජිනිවා වලින් යෝජනා එනකොට මර ලතෝනි දෙන එක අර දෛවයේද මොකක්ද එකේ සරදමක් නෙවෙයිද ?

    යාපනය පුස්තකාලය ගිනි තැබීම පිටිපස්සේ හිටපු ප්‍රධාන එජාප නායකය විදිහට මම නම් අහල තියෙන්නේ වෙනත් කෙනෙක් , ඒ පුද්ගලය ජීවතුන් අතර හිටිය නම් එජාපය අද ඉන්න තත්වයට පත්වෙන්නේ නෑ

    ඔය කොටි කොඩිය කථාව උබල වගේ දේශප්‍රේමි හරක් අන්දවන්න කරපු තුප්පහි වැඩක් කියන එක පැහැදිලියි . මොකද ඔතන කොටි කොඩියක් ඉස්සුවාය කියල සම්බන්ධන්ට අවාසියක් මිසක් වාසියක් සිද්ධ වෙන්නේ නැ . ආණ්ඩුවෙන් කොටි කියල හංවඩු ගහල තියන දෙමල දේශපාලන නායකයෙක් රටේ ප්‍රධාන විපක්ෂයේ නායකත්වයත් එක්ක එකට ජාතික කොඩිය ඔසවලා ලෝකයට දෙන්න හදන පණිවුඩේ ට කරගන්න බරපතලම හානියක් තමයි ඊලාම් කොඩියක් එතනට ගාව ගන්න එක !

    ReplyDelete
    Replies
    1. ........සරදමක් නෙවෙයිද ?
      නෑ!
      .......මම නම් අහල තියෙන්නේ වෙනත් කෙනෙක්.......
      එයා දැන් මැරිලනේ. අපි මෙයාව ගනිමු.
      ඔය කොටි කොඩිය කථාව .......
      ඔන්න ඔන්න උඹල එක්ක කිසිදෙයක් කතා කරන්න බෑනේ!

      Delete
  19. ඇත්තට ම කවුද බන් ඒ .U.N.P නායකයා. සිරාවටම දන්නෙ නැති නිසය් අහන්නේ

    ReplyDelete
  20. දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සදාකාලික සතුරන්ද නැත.

    ඒ වගේමයි පාලකයෝ සිංහයන් මෙන් නිර්භීත විය යුතු අතරම සිවළුන් මෙන් කපටි විය යුතුයු කියලා මැකියාවෙලිත් කිව්වලුනේ

    ReplyDelete
  21. ටිකක් පරක්කු වෙලා ආවේ සබන් කෑල්ලක් අරන් දෙන්න . දේශපාලකයින්ට ලජ්ජා ඇති කියල ය . අවුරුදු 30 ක් කියන්නේ පරම්පරාවක් වෙන් වෙන තැනලුනේ. ඒ කාලේ පොඩි ළමයි දැන් ලොකු වෙලා . තරුණයෝ නාකි වෙලා .

    ReplyDelete
    Replies
    1. රෙදි සෝදන සබන් කෑල්ලකුත් දෙමු.. :D:D

      Delete
  22. ඔන්න මම ගානෙ වතුර එහෙනං .....

    ReplyDelete
  23. එතකොට දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ඇමති කෙනෙක් වෙලා එතන බලන්න යද්දී ...
    ඒක නෙමේ තාමත් 3500න් මාසයක් කන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කාරණය ගැන මන් දරන්නේ වෙන අදහසක් . ඔන්න කරුනව නඩු අහල වැරදිකාරයො කරලා දඬුවම් දුන්න කියමුකෝ . ''ඔන්න සාමෙට ආවමත් මෙයාල මිනිමරනවෝ '' කියල කට්ටිය කෑගහයි. එයත් දැන් හොඳ ළමයෙක් වෙලානේ . අනික සතුරාටත් මයිත්‍රී කරන්න නේ ආගම් වලින් කියන්නේ

      Delete
    2. කරුණා දැන් හොඳ ළමයෙක් නේන්නම්. යු එන් පි එකේ තමා නරක බබාලා ඉන්නේ. කේපී ටත් සල්ලි තියන හින්දා හොඳ ළමයෙක්, අපරාදේ ප්‍රබාකරන් වත් මැරුවේ ඇමතිකමක් දීලා හොඳ ළමයෙක් කරගන්න තිබ්බේ. ඔයා හිතන්නේ ඔය කරුණාගේ නඩුව කොයි කාලේ වගේ තියෙයි කියලද?

      Delete
  24. අතුල්ලලම නාගන්නවනං කොහු ලණුවක් පොල් මුඩ්ඩක් හරි වැටකොළු කොස්සක් හරි දෙන්න බැරිය.

    ReplyDelete
  25. යාපනේ පුස්තකාල සිද්ධියට සම්බන්ද ප්‍රධාන දේශපාලකයා පස්සෙ කාලෙකදි LTTE බෝම්බෙකින්ම නැති උනා කියලා මමත් අහලා තියෙනවා. කොහොම උනත් ඒකට සමබන්ධ වෙන එකෙක් රෙදි ඇඳගෙන ආයෙත් යාපනේ ගියානම් උං රෙදි අඳින්නෙ අපි රෙදි අඳින කාරණේට වෙන්න බෑ මලේ.

    ReplyDelete
  26. මහින්ද අබේසුන්දර හොඳයි වගේ......:P

    ReplyDelete
  27. මාරයා මල්ලිගේ මේ පොස්ට් එකනම් මම දන්නේ නැහැ. මොකට ලිව්වද මේක. මල්ලි මෙහෙමයි මුන් එකෙක්වත් හොද නැහැ. ඒත් ඇත්ත යුත්ත ගත්තහම නම් මේ වෙන දේවල් දිව්‍ය ලෝකෙත් වෙනවද ? අයි ටී ඇන් හොරනෑවටම පෙන්න ආවනේ මේ ජහ කොටියා. මොක වුනත් පුස්තකාලය ගිනි තිබ්බ එක නම් මේකට ගාවන්න එපා. ඒක ශ්‍රේෂ්ට නායකයෙක් දුන් උපදෙසක් වැරදි විදියට කරපු කතාවක්. ඒ වගේ තවත් වැඩක් එතුමා කලා. අර ලංසි මනුස්සයා මහැදුරු රැල්ෆ්ගේ කෙස් එක. මේවා නියම ඉලක්කයට කළ වැඩ. නමුත් අමන ගෝලයෝ ඒ වැඩවල පොඩි හිස්තැන් ඇතිකලා. තව හිතලා බලන්න.

    ReplyDelete
  28. කවුරු කොහොම කාට සුදු හුණු ගැවත්, නිල්, කොල, රතු, සියලු පක්ෂ පාට වලට අයත් ජරා ජීරණ දේශපාලන තක්කඩීන් විසින් අපේ රට විනාශ කරපු බව විතරයි මං දන්නෙ. මහා රාවණාගෙ පටන් පැවත එන විශිෂ්ථ ඉතිහාසයක් ගැන පුරසාරම් දොඩන අපි, කරදිය වල්ලෙන් එපිට අවුරුදු දෙතුන් සීයක වත් ඉතිහාසයක් නැති රටවල් එක්ක සංසන්ද්නය කරන කොට තමයි කොහෙද ඉන්නෙ කොහෙද කියල පේන්නෙ . ඒ දේ දකින කොට හිතට දැනෙන්නෙ මහා වේදනාවක්. සමාජයේ සංවේදී ප්ර ෂ්ණ, තම තමාගේ පුද්ගලික ලාභ, අපේක්ෂා, අරමුණු වෙනුවෙන් අවස්ථාවදී ලෙස හසුරුවා ගැනීමේ පාදඩ උත්සාහයේ ප්රුතිපල තමයි අද අපි භුක්තිවිඳින්නෙ. ඒ පාපතර ක්රිකයා පටිපාටිය ඔය කියන තුච්ච දේශපාලන අවස්ථාවදීන් විසින් පක්ෂ පාට භේදයකින් තොරව එකිනෙකාට නොදෙවෙනි ලෙස තව තවත් ඉදිරියටම කරගෙන යනව. අපි උන්ට කඩේ යමින් , උන්ට උඩ ගෙඩි දෙමින්, එකිනෙකාට බැණ අඬ ගහගන්න්ව. හැමදාම එච්චරයි.

    ReplyDelete
  29. මේක කියෙව්වට පස්සෙ හිතා ගත්තා..අපි ඉපදිලා නැති හා ඉතා කුඩා අවදියේ සිදුවූ වෙනත් අය පැවසූ හා කියවා අසා දැනගත් දේවල් ගැන ලියන කියන කොට දෙපාරක් හිතන්න ඕන කියලා...

    ReplyDelete