12 May 2012

මාත් හදනවා ළමයෙක්...

මාත් හදනවා ළමයෙක්..
මාත් හදනවා ළමයෙක්..

ඒ මොකටද..?

මොකටද කියලා අහන්නේ..?
මේ ලෝකෙට සේවය කරන්න නෙව..

ආ ඒක හොඳයි...
එතකොට ඒ ළමයා ලොකු වෙලා
ලෝකෙට සේවයක් කරයි...


ඔව් ඔව් ඔව්..
මාත් හිතන්නේ එහෙමයි..
ඔහු ලෝකෙට පහනක් වෙයි..
ලෝකෙට හරි එළියක් වෙයි..
බොහොම හොඳට ඉගෙන ගනී..
ලොකු රස්සාවකුත් කරයි...
ලොකු පඩියක්..
ගේ දොරවල්..
යන්ට එන්ට කාර් එහෙම...

හනේ වාසනාවන්...
එහෙම ළමෙක් හැදුම හොඳයි...
එතකොට ඒ ළමයා ලෝකෙට සේවයක් කරයි..
පාරේ යන හඩු බල්ලන් අල්ලාගෙන නාවයි ඔහු..
පාර දිගේ හොඳ හෙවනට ගස් වැල් හිටවන්නෙ නැතෑ...
ගෙවල් පාරේ කානු එහෙම සුද්ද කරලා තියා ගනී..
අහල පහල අයට නිතර කන්න බොන්න හෙමත් දේවී..
ලොකු පඩියක් ගන්නව නෙව...
නිතර නිතර දොල දන්දෙයි..
යාන වාහනත් ඇති එකේ
ලෙඩට දුකට පිහිටක් වෙයි..
ඔය ළමයගේ කාර් එකේ ලෙඩ්ඩුන්ටත් ආ ගිය හැකි..

මොම් මොම් මොම්..මොන පිස්සුද..
කාර් එකේ කුණු ගෑවෙයි..
පාරේ කානු සුද්ද කෙරුම
ඔහු හට හිමි දේ නොම වෙයි..
කුණු බල්ලන් නාවන්ට
හිතුවද හෙම පිස්සු කියලා...
ගස් වැල් හිටවන්නට නෙව
ආණ්ඩුවක් අපට ඇත්තේ..
මගේ පුතා ඔය වාගේ වැඩ කරන්න
පිස්සු හැදිලා නැහැ නෙව තව..
පාරේ යන එන උන් හට කන්න දෙන්න
ඒ අහවල් එහෙකටදෑ..
කානු කපන එක ලැජ්ජයි..
එව්වා ළමයට අකැපයි...

හා..ඒකත් එහෙමද..?
එතකොට ඔය ළමයට උගන්වන්න ලේසි නැහැනේ..
නම ඇති හොඳ පාසලකට දාන්න එහෙමත් වෙයි නෙද..?
ඒත් ඉතිං මේ කාලේ එව්වා ලේසිත් නැහැනේ..

එහෙම කියලා කොහොමද මම..
මම හදනා මැණික් පහන..
බොරු ඇඩ්රස් දාලා..
පගාව හෙම දීලා..
මොන විදියෙන් හරි ළමයා..
දාගන්නව ගන්නවමයි...

අගෙයි අගෙයි හරිම අගෙයි...
අන්න එහෙම කෙරුම වටියි..
ලෝකේට සේවයක් කරන
ළමයගේ ඉගෙනුම ඇරඹුම
ඔය කිව් විදියටම යසයි...
ඉතිං ඉතිං තව විස්තර
කියමුකො ඔය මැණික් පහනේ...

කියන්නනං කොයි තරංද
මං හදනා මැණික් පහන...
ලෝකෙට ඇති ලොකුම එළිය...
අහස උසට මාළිඟාව...
අතට පයට දැසි දස්සෝ...

ආ ආ ආ.. ලෝකෙට වැඩ කරන්න දැන්
එහෙම නැතිව කොහොමද දැන්..
මාළිඟාව තිබිය යුතුයි..
දැසි දස්සොත් සිටිය යුතුයි...
මාළිඟාව ලස්සන ඇති...?

ඔව් ඔව් ඔව් නැතිව නැතිව...
එය හදාවි ඉස්තරම්ව..
හොඳම විදියේ ලී යොදාලා..
වටින වටින ගලින් බැඳලා..
උඩට යටට වියන් බැඳලා..
ගේ වටේට තොරණ් ගහලා...

එහෙම ගෙයක් හදන්න දැන් ලේසි නැහැනේ මේ කාලේ..
කොහේ තියෙන ලී දැඩු දැයි හිතන්නවත් බැහැ රාලේ...

එහෙම කියල කොහොමද අපි...
ගේ තියෙන්න ඕන යසට..
ඕනමනං හොර පාරෙන්
කැලෑ කපල ලී ගෙනේවී..
ඒවා දාලා ගේ හදාවි..
අනිත් ටිකත් එහෙම තමයි..
කොහොමින් හරි එහෙම ගෙයක්
නැතිව හැකිද අපේ දරුවට...

ඒක ඇත්ත ඒක ඇත්ත..
ලෝකේට ඇති මැණික් පහන..
හොඳ ගේකම ඉන්න ඕන..
කැලේ තියෙන ගහක් කොලක්
කැපුවා කියලා මොන පාඩුද..?
නිකං තියෙන ගගේ වැල්ල
හෑරුවාට මොන දෝෂද..?

අන්න අන්න ඒක ඇත්ත...
ළමය යසට හැදෙන්නෝන..
කවදා හරි අපේ දේපල
මේ වාගෙම රකින්නෝනේ...
එහෙම ළමෙක් හදන අපිට
රට්ටුන් වැඳ පුදන්නෝනේ...

ලෝකෙට සේවය කරනා
අරමුණ මිස අපේ යහපත
නෙවෙයි ඔන්න බලන්නෙ අපි...
අපේ දේපල රැකීමවත්...
තව තව ගොඩ ගැහීමවත්...
අනුන් හූර කෑමටවත්...
ලොකු කං කියවන්නටවත්..
එහෙම නෙවෙයි මේ වෑයම...
ලෝකෙට සේවය කරනා
වටින ළමෙක් හැදුමටමයි...
යසයි යසයි බොහොම යසයි..
ඔහොමම කරගෙන යං දැන්..
ලෝකෙට වැඩි කලක් නොයා
ලොකු සේවය වෙයි නියමෙට..
ගස් වැල් ටික කපලා..
ගංගා හින්දවලා...
අනිත් එකා කපලා..
වස්තුව ගොඩ ගහලා..
හොද තැනකින් බැඳලා..
ඌත් හදයි තව දරුවෙක්..
වෙන මොකටද...
ලෝකෙට සේවය කරන්න...


48 comments:

  1. Replies
    1. මං කිව්වෙ ළමය හදන්නෙ ?

      Delete
    2. 'සත්තයි කුනු හරපයක් නෙවේ'

      Delete
    3. අනිවාර්යෙන්ම කුණුහරපයක් නෙමෙයි...

      Delete
  2. හිතක් පහල වෙලා වගේ...

    ReplyDelete
  3. මැටිවලින්ද බං.. අනික බදින්නෙත් නැතිව.. :)

    ReplyDelete
  4. ඔය රේස් එක ඇත්ත මචන්....

    මමනම් මේකෙන් කරන්නෙ ලමයාව ලොකු ඉස්කොලෙකට දාන එක විතරයි.... ඊට පස්සේ ඉතිරි ටික උට ඕනෑ හැටියකට කරගනියි...

    සුභ උපන් දිනයක් වේවා මාරස්....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සුභ උපන්දිනක් ???? අද මාරයාගේ උපන්දිනයද ? ......

      ඒක එහෙමනම් ඕං සුබ පැතුවා...

      "සුභ උපන්දිනක් වේවා"

      Delete
  5. අනේ මන්ද ? මාර මලයාට නුහුගුනේ වත්ද ? මහ වෙදනා වත් මේ පැත්තෙ ආවානම්හරි. නැත්නම් ඉතිං පනිවිඩයක් යවලාවත් ගෙන්නාගන්න වෙයි.

    ReplyDelete
  6. ලෝක විනාසය අත ළඟයි!
    මරු අදහසක්!

    ReplyDelete
  7. හතර අතේ නෙලල... ආණ්ඩුවෙන් කෙසේ වෙතත් මහජනතාව සුදු වෑන් එවනව උඹට දැන්...

    ReplyDelete
  8. හදන්න මහන්සි නොවී කාව හරි අරන් හදා ගනින් මල්ලි...

    ReplyDelete
  9. තනියම පුළුවන් වෙයිද මන්දා....
    උදව්වටවත්.. :-)

    ReplyDelete
  10. ඕකට කියන්නේ චක්කරේ!

    ReplyDelete
  11. ඔක්කොටම කලින් සුභ උපන් දිනයක්!!!!

    ඔය එකක්වත් හිතන් නැතුව මගේ ළමයා ලොකු පාසලකට දමා ගත්තා. ඒත් ඒකී හොදට ඉගෙන ගන්න නිසා මම කැමති වුනා. හැබැයි මට ඒ වැඩේට ගිය වියදම රුපියල් 2400/= විතරයි. අදටත් මගේ දුවගේ පාසලේ ලිපිනය නුගේගොඩ ලිපිනයමයි. කිසිම ඇමැත්තෙක් හමු වුනෙත් නැහැ. බොරු ලිපිනයනුත් නැහැ. ළමයට බොරු ඉගැන්නුවෙත් නැහැ.

    මම කළේ වෘත්තීය මට්ටමෙන් දෙන පාසැල් අයදුම්පතක් දැමීමත් මා සම්බන්ධ ආයතන කීපයක ලිපි රැගෙන ඒමත් පමණයි. වැඩේ ගොඩ.

    ළමයෙක් හදනව නම් හදන්න ඕනෙ දෙන්නා දෙමාල්ලන්ගේ කැමැත්තට මිසක අනික් අය අහනවට නෙමේ. ඒ නිසා මාර මලයට කැමති නම් අපට මොකෝ. ළමය ලැබුන දාක සැන් පවුඩර් ටිකක් අරන් එන්නම් බලන්න.

    ඒත් තාම ළමයට අම්මෙක්...........

    ReplyDelete
    Replies
    1. මූට හරියන මාර දුවෙක්???????????? ලොකු ප්‍රශ්නයක්.

      Delete
  12. සුභ උපන්දිනයක් මාරයෝ

    ReplyDelete
  13. අනේ කොච්චර දෙයක්ද ඔහොම හිතුන එක .
    මමනම් පාර්ථනා කරනවා නිවුන්නු ලැබෙන්න කියලා .
    ඔන්න එහෙනම් සුභ උපන් දිනයක් ! කියලත් පතනවා .

    ReplyDelete
    Replies
    1. සිව් නිවුන්නුද...:P

      Delete
  14. හැපි බර්ත් ඩේ....... :D :D

    ReplyDelete
  15. ඉදලා හිටලාවත් මෙහෙම පෝස්ට් එකක් දාපං මචං....
    මේකේ සිරා රහක් තියෙනවා....

    ජය වේවා!!!

    ReplyDelete
  16. මගේ ගානෙ ළමය නාවන බේසම. :D

    සුබ උපන් දිනයක් වේවා ! බිත්තර වලින් සරු වේවා....!

    ReplyDelete
  17. කවියට යටින් සැඟවුනු ලස්සන උපහාසයක්...

    අද මාර අයියගෙ උපන්දිනේද?
    සුභ උපන් දිනයක් මාරයෝ.... හි හි

    ReplyDelete
  18. යදෙව් සිල්වා මංගල අධ්‍යක්ෂකවරුන්ව මතක් වෙනවා.. නොමියෙමි..... විවේචනය සාධාරනයි

    ReplyDelete
  19. ඇත්තටම අද උපන් දිනේද? එහෙනම් සුභ උපන්දිනයක් වේවා!!!
    අනේ මන්දා. ඒත් ලස්සනයි පෝස්ට් එක.

    ReplyDelete
  20. අනේ ලතාටත් ඔහොමම හිතෙනවනම්.....

    හැබෑටම අද උපන්දිනේද... දැන් තිස් හතද තිස් අටද :

    ජයෙන් ජය !!!

    ReplyDelete
  21. උපන් දිනේලු.....
    සුබ එකක්ම වේවා.....
    ළමයා හදන වියාපුරුතිය පටන් අරන්ද තියෙන්නේ.....:D

    ReplyDelete
  22. බබාට නමක් හෙම ඕන නම් කියන්න . D ..එව්වයින් කමක් නැහැ ..සුබම සුබ උපන් දිනයක් වේවා ..පතන්නේ අපේ මුළු පවුලම .

    ReplyDelete
  23. කියපං කියපං..
    ඔහොම ගියොත් ළගදිම බබා හම්බවෙයි..:D:D

    ReplyDelete
  24. සුභ උපන්දිනයක් වේවා. දරුවෝ වැඩි වැඩියෙන් ලැබේවා :පි

    ReplyDelete
  25. සුභ උපන් දිනයක් මාරයියේ.....මාත් හදනව එකෙක්..!!

    ReplyDelete
  26. බැඳලාවත් නැති මනුස්සය ළමයි හදන්නේ කොහොමද කියල බලන්න මේ දුවගෙන ආවේ...:D

    ReplyDelete
  27. කවිය කියවද්දි හිනා ඉතින් මේක තමා දැන් කාලෙ වෙන්නෙ.
    අයියා හිතන්න හුගක් දේ ඉතිරි කරලා හිනාවත් එක්කම.

    …ඔන්න අයියා මගෙනුත් උපන්දිනයට සුභ පැතුම්!!

    ReplyDelete
  28. සුබ උපන්දිනක් අයියා
    අපි දන්නවා නොබැන්දට අහල පහළ ළමයි ඉන්නවා කියලා :D

    ReplyDelete
  29. සුභ උපන් දිනයකට ආසිරි!

    (ඕනෙම නං හදාගන්න එකනෙ ඇත්තෙ...)


    henryblogwalker the Dude

    ReplyDelete
  30. ළමය ලෝකෙට කෙසේ වෙතත් හත්මුතු පරම්පරාවටම සේවය කර ගනියි මයෙ හිතේ...
    ...
    සුභ උපන්දිනයක් වේවා මාරයියේ!

    ReplyDelete
  31. ඔන්න උපන්දිනේ දැනගත්තේ අනුන්ගෙ කොමෙන්ට්වලිං උනාට අහිතක් හිතන්න එපා.සුභ උපන් දිනයක් වේවා කිව්වා. ඕක තමයි වැඩේ.ළැමයිංගෙ ඔළුවලට උන්නතිකාමේ දාන්නෙ දෙමව්පියො.ළමයට නෙමෙයි දෙමව්පියන්ටයි ඕනෙ ඌ අමනයෙක් වෙන්න.

    ReplyDelete
  32. සුබ උපන් දිනයක් මාර අයියේ...

    අදහස හොදයි, ඉස්සෙල්ල පවුල් පන්සල් වෙලා ඉන්නකො..;)

    ReplyDelete
  33. හරිම ලස්සන ලිවිල්ලක්!

    පමා වෙලා හරි සුබ උපන්දිනයකුත් වේවා.

    ReplyDelete
  34. අඩේ අප්පේ....උපන්දිනෙත් පහු වුනාද බං අයියේ..???
    පහු වුන සුභ උපන්දියනයක් වේවා....

    ReplyDelete
  35. ජොලියට කියවල දාන්න නෙවෙයි, කියවල ගැඹුරින් හිතන්න කාරණා ගොඩක් තියෙනවා... අදමනෙ මම මේ පැත්තට ආවෙ... මාරයා මාරයිනෙ... හිත් ගන්නා අදහස්, ලිපි, කවි ගොඩක් තියෙන බ්ලොග් එකක්. මාර සතුටුයි මේ පැත්තට පාර හොයා ගන්න ලැබුණට...

    ReplyDelete