
පහු ගිය අළුත් අවුරුද්ද දවසේ වැඩ පොලට වෙලා අවුරුදු නැතිව වේලී වේලී ඉන්න නියමිතව ඉන්නකොට උදේ පාන්දරම මාව හොයං ඇවිත් දෝත පුරා අවුරුදු කැවිලි පෙවිලි තෑගි බෝග උස්සං ඇවිත් වතුර එකක්වත් නොබී පැය කිහිපයක්ම කතා කර කර ඉඳලා හිනා වෙවී ඉඳලා යන්න පිටත් උනේ ආයේ ලබන අවුරුද්දේ එන්න මාරයා මල්ලි කියාගෙන.. ඒත් ආයේ ලබන අවුරුද්දක අපට එකතු වෙලා කතා කරන්න වෙන්නේ නැති බව ඒ වෙලාවේ අපි දෙන්නම හිතුවේ නැති උනත්... දැන් ඒක එහෙම වෙලා තියෙනවා...
මරණය මට අමුතු දෙයක් නෙවෙයි... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නිසා දුකක් හිතේ තිබුනත්..ජීවිතේ හැම දේම හරි විදියට විඳලා ඒ ජීවිතේ දුකක් නැතිව අවසන් කරන්න ලැබෙන අල්පයක් වූ පින්වන්තයින් අතරට එකතු වීමත් ලේසියෙන් කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි.. ඒ අතින් ගත්තහම අයියේ උඹ පින්වන්තයි.. ඒ වගේම පැරදුන එකෙක් නෙවෙයි... අන්තිම කාලේත් කොල්ලෙක් වගේ ජීවත් උන..හැම එකාටම පුළුවන් හැටියට උදව් කරගෙන සතුටින් ඉඳලා දුකක් නොවිඳ ඔය ගිය ගමන ගැන තැවෙන්න දෙයක් නැති තරං...
කියන්න දේවල් කොතෙක් ඇතත් දැන් ඒකට වෙලාව නෙවෙයි...
හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!
පසු සටහන...
දැනට දැන ගන්නට ඇති පරිදි ඕස්ට්‍රේලියාවේදී අද දින (2012/05/13) උදෑසන ව්‍යායාමය පිණිස ඇවිඳිමට ගොසින් සිටියදී සිය වැඩිමහළු දියණියගේ නිවස අසලදීම හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් සනත් (ඔබ්සවර්) අයියා.. අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ සොයුරිය විසින් දැනුම් දෙන ලදි... අවසන් කටයුතු පිළිබඳව වැඩි විස්තරයක් දැනට නැතත් එය එරටටදීම සිදු කරනු ඇතැයිද ගම්පහ පිහිටි සොයුරියගේ නිවසේදී ඒ වෙනුවෙන් පින්කමක් යෙදෙනු ඇතැයිද දැනට කිව හැක... ඒ පිළිබඳව පවුලේ ඥාතීන් විසින් බ්ලොග් හිතවතුනටත් දැනුම්දීමක් කරන්නට හැක...
ඔබ්සර්වර් මාමාට නිවන් සුව අත්වේවා !!!!!!!!!!
ReplyDeleteනිවන් සුව අත්වේවා !!
ReplyDeleteඔබා මාමා නැති එක සිංහල බ්ලොග් ලෝකෙට මිල කරන්න බැරි පාඩුවක්.
Deleteසිකා - උඹ කොහෙද මෙච්චර කල අන්තරස්ධාන වෙලා හිටියේ?
.ඔබා අයියේ ඔබට නිවන් සුවයම හිමි වේවා..!
ReplyDeleteනිවන් සුව අත්වේවා !!
ReplyDeleteආදරනීය ඔබා අන්කල්.
ReplyDeleteනිවනින් සැනසේවා!!!!
උදැසනම ලැබුන ශෝකජනක ආරංචියෙන් හදවත මොහොතකට නතර වූවා සේ දැනිනි.
ReplyDeleteඔබා අයියේ ඔබට නිවන් සුවයම අත්වේවා..!!
නුඹගෙ ආදරණීය සිනහව අප හදවත් තුල සැමදාමත් රැඳි තියේවි.
නිවන් සුව ලැබේවා !
ReplyDeleteඅපේ ඔබා මාමාට නිවන් සුවයම අත්වේවා!!! මටත් කියලා ගියේ ඊළඟ අවුරුද්දේ මේ පැත්තේ එනවා කියල.... මොනවා කරන්නද ඉතින්? ජිවිතේ හැටි.... :(
ReplyDeleteහැබැහින් හමු නොවුණත් ඔන්ලයින්වත් කතා කරල නොතිබුණත් පෝස්ට් කමෙන්ට් අතරෙ මම හඳුනගත්තු සැහැල්ලුම මනුස්සයෙක්. සරල ජීවිතයක රස හොඳට විඳපු කෙනෙක්. තවත් ලබන්න දේවල් නෑ...
ReplyDeleteඔහු දිනුම්!
හිතා ගන්න බෑ මේ හදිස්සියේ මොනාද උනේ කියලා ඔබා මාමේ., දිව්‍යලෝකේ ඉඳං මේ සටහන කියවයි කියලා හිතනවා. මගේ අන්තිම පොස්ටුවටත් කමෙන්ට් කරා ඔබා මාමා, හරිම දුකයි. ඉපදෙන හැම බවයෙත් අපේම ඔබා මාමා වෙලා ඉපදේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.... :( ඔබට මොක් සුව ... :'(
ReplyDeleteනිවන් සුව අත්වේවා
ReplyDeleteදයාබර ඔබා අයියාට හෙවත් සනත් අයියාට නිවන් සුව අත්වේවා.
ReplyDeleteමරණය කාටත් පොදු දෙයක් වුවත් දයාබර ඊමේල් කවිකාරීගේ ඇමතුමෙන් මම උදේම තැති ගත්තා. නමුත් මාරයා මල්ලී සහ ඕනයාගේ ස්තිර කෙරුමෙන් ඒ සිද්ධිය ඇත්තටම සිදු වී ඇතිබව දැනගත්තා. පසුව නැවත ලියමි. එතෙක් මගේ කනගාටුව විජේවර්ධන පවුල වෙත.
ඔබට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteමම බ්ලොග් ලෝකයට ආවට පස්සෙ අහපු දුක්බරම පුවත . ආදරනීය ඔබා මාමෙ ඔබට නිවන් සුව !
ReplyDeleteඔබා මාමාට නිවන් සුව!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව.!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව අත්වේවා !!!
ReplyDeleteමොකක්ක බොලේ මේ...? මේ සිරාවටම නේද...? ආයි යකෝ මේ මිනිස්සුන්නටම මෙහෙම වෙන්නේ අහ්හ්...? නිවන් සුව ඔබ මාමේ...!!
ReplyDeleteසාතිශය සංවේගය.......
ReplyDeleteඔබා මාමට නිවන්සුව අත්වේවා!!!
අයියෝ..." සත්තයි කුණුහරුප නෙමෙ" කියලා දාද්දී කවුද හිතුවේ ඒ අන්තිම ලිපිය කියලා.. හැමදාම අපිව සතුටින් තැබූ අවසාන ලිපියෙනුත් කා වෙනුවෙන් හෝ සේවයක් කිරීමත සිතූ ඔබා මාමේ..ඔබගේ මතු ජීවිතය යහපත් වේවා !! සසර කෙළවර අමා මහ නිවනට පත්වේවා !!
ReplyDeleteඔබා මාමෙ, ඔබට නිවන් සුව.........!
ReplyDeleteඔබා අයියාට සුව අත්වේවා!!!විජේවර්ධන පවුල වෙත මගේ කනගාටුව.
ReplyDeleteසොදුරු මිනිසෙකුගේ නික්මයාම.ඔබට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව!!!
ReplyDeleteසයිබර් යායට ගියාම තියෙන දේ දැක්කත් විස්වාස කලේ නැහැ සිංහල බ්ලොග් කියවන්නෙක් විදියට හදවතින් වැලදගත්ත චරිතයක් කවදාවත් හමුවෙලා කතාකරලා නැතිවුනත් ලඟම හිතවතෙක් විදයට දැනුනා. ඒනිසා හිතට ලොකු දුකක් දැනෙනවා.
ReplyDeleteඔබා අය්යට නිවන් සුව!
ඔබා මාමාට නිවන් සුව අත් වේවා...!!!!
ReplyDeleteසනත් ඔබට නිවන් සුව!
ReplyDeleteපන නම් තණ අග පිණි බිඳු වැන්නේ
අද අද එයි මරු පින්කර ගන්නේ.
blog comment atharin dana hadinagath adaraneeya oba mamata niwan suwa!
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteමා මේ දැන් සනත් විජේවර්ධන ගේ දියණියස සමග කතා කළා.
ReplyDeleteබ්ලොග් ලිවීම සහ ඒ මහින් ඇතිවූ සියළු මිතුරු සම්බන්ධකම් ගැන තම පියා ඉතාමත්ම සන්තෝශයෙන් හිටි බව ඇය මට කීවා.
පරමායුෂ නොගෙවා මිය යාම ඥාති මිත්‍රාදීන්ට දුකක් වුනත් මෙලෙස රෝගී දුක් නොවිඳ, සිතේ සතුටින් ම මොලොව හැර යන්න ලැබීමත් එක්තරා වාසනාවක්.
නුදුටු මිතුර, ඔබට නිවන් සුව!
සහතික ඇත්ත - මටත් එහෙම්මම තමා හිතුනේ මහත්තයෝ
Deleteඑතුමට සගමොක් සැප පතමි
අනේ හිතාගන්නවත් බැහැ..ඔබා මාමෙ ඔබට නිවන් සුව !
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබ්සර්වර් නමින් අප හා බ්ලොග් ලොව එකතු වූ සනත් මහතාණෙනි ඔබට නිවන් සුව !
ReplyDeleteලොකු පොඩි, අලුත් පරණ, හැම සිංහල බ්ලොග් ලියන්නෙකුගෙම හිතවතා...කාගෙවත් හිත නොරිදෙව්ව... හැමෝම වචනෙකින් හරි සතුටු කරපු දයාබර බ්ලොග් සහෘදයා... ඔබා අයිය මාමා.... ඔබට නිවන් සුව... !!!
ReplyDeleteසොදුරු හිතවතාට නිවන් සුව පතමි !
ReplyDeleteශෝකය පැවසිමට වචන ගොනු කර ගන්නටද නොහැකියි .
අයියෝ... ඇයි දෙයියනේ මේ වගේ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නෙ. මම, මිගාරගෙ වෙසක් කූඩුව කතාවෙ ඔබා මාමගෙ කමෙන්ට් එකට රිප්ලයි කරන්න කියල හිතන කොටම හරියටම ඔබා මාමගෙ කමෙන්ට් එක ඉස්සරහින්ම මේ අවාසනාවන්ත පුවත සඳහන්වුණු මාරයගෙ බ්ලොග් එකේ ලිංක් එක තිබුණ. මම මුලින් හිතුවෙ මේක විහිළුවක් කියල.
ReplyDeleteසනත් අංකල්ගෙ මාතර හිටපු යාළුවෙක් ගැන අහල තිබුණු එකට මම මේල් එකක් දැම්මා. අප්‍රේල්වල ලංකාවට ආවම මාතර එනව, ඒ ගමන් මුණගැහෙමු කියල මට රිප්ලයි එකකුත් එවල තිබුණ. ඒත් වෙන ප්‍රශ්නයක් නිසා ඒ අවස්ථාව මගහැරුණා. ලබන අවුරුද්දෙ අනිවාර්යෙන්ම ඔහුව මුණගැහෙන්න ආසාවෙන් මම හිටියෙ.
කවදාවත් ඔහුව දැකල කතාකරල නැතිවුණාට මේ ප්‍රවෘත්තිය ඇහුවම ළඟම හිතවතෙක් වෙන්වෙල ගියා වගේ පුදුම කණගාටුවක් ඇති වුණේ. ඒ තරමටම ඔහු සිංහල බ්ලොග් අවකාශයෙ හැමෝටම ෆැමිලියර් වෙල. ඒ සරල සුන්දර මනුස්සය ආයෙත් අපි අතරට එන්නෑ කියල හිතෙන කොට ......... මොනව ලියන්නද මන්ද?
ආදරණීය සනත් අංකල්... ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!
ඔබ්සවර් මහත්මයා ඇත්තටම ඔබ දිනුම්!
ReplyDeleteඔබට නිවන්සුව අත්වේවා!
ඔබා අයියේ..නිවනින් නිවෙනා තුරු ඔබ අප සමඟ මෙවන් සොයුරු, මිතුරු සබඳතාවයකින් බැඳේවා !
ReplyDeleteඔබා මාමාට නිවන් සුව!!!
ReplyDeleteසොඳුරුසිත
ReplyDeleteඅදනිසලයි
ඔබතුමාට නිවන්සුව අත්වේවා...
ඇත්තේන්ම අදහාගත නොහැකි සිද්දියකි....නමුත් සත්‍යය එයයි..ආවානම් යන්නට සිදුවේ...අදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව පතමි...
ReplyDeleteමිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වූ ආදරණීය සහෘදයෙක් ......එතුමන්ගේ ඒ අව්‍යාජ සිනාව ඇතුලේ ගොඩාක් දේවල් හැංගිලා තිබුනා ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුවම අත්වේවා!!
ReplyDeleteහැබැහින් දැකල කතා කරල නැති උනත් හිත හොඳ මිනිහෙක් වග සයිබරය හරහා තේරුම් අරං හිටියෙ. මෙච්චර ඉක්මනින් වෙන්වෙලා යයි කියල හිතාගන්න බෑ.
ReplyDeleteමාරය කියල තියෙනව වගේ පැරදිච්ච මනුස්සයෙක් නෙමෙයි.
ආදරණීය සනත් අයියේ ඔබට නිවන් සුව..!
සනත්ගේ කිට්ටුවන්තයන්ට මගේ ශාතිෂය සංවේගය!
ReplyDeleteMay u attain Nibbana....
ReplyDeleteඔබා අයියාණ්ඩිට නිවන් සුවය ලැබේවා!
ReplyDeleteනිවන් සුව ඔබා මාමෙ.ආයිත් අපි අතරටම එන්න :(
ReplyDeleteහදවතින් හැමදාම තරුණ වී සිටි, සොඳුරු බ්ලොග් සහෘදයානනි, ඔබට නිවන් සුව....!
ReplyDeleteඅවරුදු උත්සවයේදී හම්බුවෙලා කතා කරද්දී කව්ද හිතුවේ ඔබා මාම එක්ක කතා කරන්න ලැබෙන අන්තිම අවස්ථාව ඒක කියල.ඒ වාගේ නිහතමානී පුද්ගලයෙක්ගේ නික්මයාම ඇත්තටම දුකක්.
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා!
ඔබට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteමේක දැක්කාම මට ඇස් අදහාගන්න බරිව ගියා.. හරිම කනගාටුදායකයි..
ReplyDeleteඔබා මාමේ... ඔබට නිවන් සුව අත් වේවා...
එක පාරටම, හිත විශ්වාස කරන්නත් කැමති නෑ. එත්.. කිසිදාක නොදැකපු මිතුර, ඔබා මාමේ..ඔබට නිවන් සුව.
ReplyDeleteඔබා මාමේ ..
ReplyDeleteඔබට නිවන් සුව..!!!!!! :(((((((((
සිඳු කියලා කෙනෙක් බ්ලොග් ලෝකයෙ ඉන්නවා කියලාවත් ඔබා මාමා දැනගෙන ඉන්න නැතුව ඇති. ඒත් මගේ බ්ලොග් රෝලෙත් ඔබා මාමා ගෙ බ්ලොග් එක තිබුණා. ඔබා මාමා ගැන අහපු දැකපු දේවල් වලින් දැනුණෙ ජීවිතේ ඉතාම සැහැල්ලුවෙන් ගත කරපු කෙනෙක් කියලා. දන්න අයගේ කමෙන්ට්ස් වලින් පේනවා හොඳ ගති ගුණ තිබුණු කෙනෙක් කියලාත්. බ්ලොග් ලෝකෙට ආවට පස්සෙ මම ඇහුව දුක්බරම පුවත මේ. ඔබා මාමාට නිවන් සුව ලැබේවා !!
ReplyDeleteමේ සැරේ ලංකාවට ආපු වෙලාවේ.ඔබ්සර්වර්ට වුනු පොරොන්දුවක් ඉෂ්ට කරන්නට හැකි වීම සතුටට කරුණක්. පරණ නවයුගය සඟරා මඟ බලාන හිටියේ ඔබ්සර්වර් එනකම්.කොහොම හරි ඒ සඟරා ටික අරන් යන්නම ඔබ්සර්වර් ඇවිත් ගියා. නැවතත් ඒවා ගෙනවිත් දෙන්න ඕනි කියලත් ගෙනවිත් දෙන්නත් ,එහෙම නැතිනම් කොහොම හරි එවන්නත් ඇහුවා මතකයි.
ReplyDelete“ මම සනත් “ කියලා කියලා කතා කරද්දි තක්බීර් වුනු මම “ මම අර ඔබා “ කියද්දි ,මට හිනහත් ගියා මතකයි.
“ නවයුගය සඟරා ටික කියෙව්වා. ආපහු එවන්න ක්‍රමයක් කියන්න “
“ එපා ඒව මම දුන්නේ ආපහු ගන්න නෙමෙයි.තියා ගන්නමයි “
“ බොහොම ස්තූතියි “ ඔබටත් අප හා ගෙවූ සුන්දර කාලයටත්... අපිව සිනාවෙන්ම තබා ගැනීමට ගත් ලියවිල්ලටත් බොහොම පිං.
බ්ලොග් කරුවෙක් කිසිදවසක මිය යන්නෙ නැහැ. ලියපු දේවල් බ්ලොග්කරුවෙකු සදා ජීවත්කරනවා.එහෙම බැලුවම ඔබා අදටත් හෙටටත් අප අතරමයි.....
ඔබ්සර්වර් ඔබට නිවන් සුව අත්වේවා......
සිංහල බ්ලොග් ලෝකයේ සදාතනික තරුණයා. මතු යම් දිනයෙක නිවන් දක්නාතුරා, සිනහවෙන්ම පිරුණු ජීවිත උරුම වේවා.
ReplyDeleteසිබරයේ පමණක් දැනසිටි, කිසිදා නොදුටුවත් යහපත් මනුස්සයෙක් හදිසියේ වෙන්ව යාම වේදනාවකි ඔබා මාමේ නුබට අජරාමර නිවන් සුව පතමි ..!!!!
ReplyDeleteජීවිතේ මහ පුදුම දෙයක්... කියන්න්න දේවල් හිතාගන්න බෑ.. සරල... සුන්දර මනුස්සයෙක්...අපි හමුවෙලා දින කීයද.. ඔබා මාමෙ ඔබට නිවන් සුව....
ReplyDeleteඔබා මාමාට නිවන් සුව අත් වේවා...!!!!
ReplyDeleteමාරය.. මම ඉන්නෙ අන්කල් ගෙ ගෙදර,, ඊයෙ හවස ඇති වෙච්ච සුහද කතාවකදිත් අන්කල් උඹව මතක් කලා.. උබ ගැන මට විස්තර කිව්ව.. උබේ හොඳ කිව්ව
ReplyDeleteකොහොම විශ්වාස කරන්නද?
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන්සුව..මාමා අපේ හිත්වල හැමදාමත් ඉදී..
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබා අයියාට නිවන් සුව පතමු!
ReplyDeleteසොඳුරු රසවතානෙණි ඔබට නිවන් සුව!!!
ReplyDeleteහැම විටම සිනහවෙන්…සැහැල්ලුවෙන් සිටි වියපත් තරුණයා….සැහැල්ලුවෙන්ම ඒ ගමනත් ගිහින්
ReplyDeleteඔබා අයියෙ ඔබට සුබ සැන්දෑවක්…..
ඔබා මාමාට නිවන් සුවයම අත්වේවා!!!
ReplyDeleteසදා නොවෙනස්වූ සොඳුරු මිනිසෙක්!
ReplyDeleteඔබා ඔබට නිවන් සුව අත්වේවා....:(
ඔබා මාමේ ඔබට නිවන් සුව...!
ReplyDeleteනිවන් දක්නා ජාති දක්වා අපි අතරම යලි යලි ඉපදේවා!
අද උදේ නැගිට්ටේ රෑ තිස්සේ ක්ලබ් ගානේ ගිහින් ටිකක් ඈලි මෑලි වෙලා. ඇඳේ ඉඳන්ම දැක්කේ ෆේස්බූක් එකේ වෙනිගේ ස්ටේටස් එක.
ReplyDeleteලින්ක් එකින් එකට ඔබාව හෙව්ව මට මේ හීනයක් නෙමෙයි කියලා ක්ශනයකින් වැටහුනා.
මට තාමත් හිතාගන්න බෑ.
මට හමු වූ/හමුවෙන්න හිතපු මිනිසුන් අතර ඔහු මුලටම හිටියා. ඒ තරමට සදාකාලික මිතුරුකමක් ඔහු අපිට දුන්නා. ඔහු අමරණීයයි. මේ තරමට කිසිවකුගේ වියෝවකින් මා කම්පා වෙලා නෑ.
මොනවා කියනන්ද කියලා හිතා ගන්න බෑ. ඒත් මල් ටිකක් හරි යවන්න පුළුවන් කමක් කවුරු හරි හදලා දෙනවා නම් ස්තුතියි බොහෝම.
ඔබා මාමාට නිවන් සුව ලැබේවා...!!!
ReplyDeleteඔබ මෙලොව හැර ගියත් ඔබගේ මතකය සදා කල් අප සමග රුදෙනු ඇත ඔබට අජරාමර නිවන් සුව අත් වේවා!
ReplyDeleteඔබ වෙන්ව ගිය පුවත අසා වේගයෙන් දිවයන ලෝකය මදකට නතරවුනි. සැබවින්ම ඔබේ මේ හදිසි වියෝවීම ඉමහත් දුකකි !
ReplyDeleteඔබට නිවන්සුව ලැබේවා!!!!!!!!!!
සනත් විජෙවර්දන මහතා ගෙ වියෝව සිංහල බ්ලොග් අවකාශයේ විශාල හිදැසක් නිර්මණය වනු ඇත. ඔහු කල සේවයට ප්‍රණාමය!
ReplyDeleteඔබට නිවන් සුව අත්වේවා....
ReplyDeleteමගේ බ්ලොග් එකේ දාපු පළවෙනි කොමෙන්ට් එකත් අන්තිම එකත් මට අද වගේ මතකයි... ඔබා මාමවත් ඒ වගේ හැමදාම මතකයේ රැඳෙයි... ඒත් අපිට බේරගන්න අවස්ථාවක් නොතියාම ගිය එක ගැන මම තරහයි.. ඔබා මාම මට කවදාවත් මැරුණු මිනිහෙක් නෙමෙයි... ඔහු හැමදාම ජීවත් වේවි.. අනිවාර්යෙන්..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම ඔබා මාමාව අදුරගත්තෙ අවුරුදු උත්සවයෙදී,එතුමා සමග වචන කීපයක් කතා කිරීමට ලැබීම සතුටකි....එහෙත් අප සැම උපතේදී රැගෙන එන්නේ එක් දෙයකි....එය ඔබා මමාට මෙන්ම අප සැමටද උරුම වුවකි.ඉතින් ඔබා මාමේ අපි නැවත හමුවෙමු මතු භවයක සන්සාරේ.............. !!!!!!!!!ඔබා මාමාට නිවන් සුව ලැබේවා!!!!!!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ නම් අදහා ගත නොහැකි පුවතකි. කඳුළු පිරි දෙනෙතින් පතමි ඔබට නිවන් සුව. තව බොහෝ දේ ඇතත් ලිවීමට සිත් නොදේ...
ReplyDeletehenryblogwalker the Dude
ජීවිතේ ගැන මහා කලකිරීමක් දැනෙනව....ඔබා මාමට නිවන් සුව අත්වේවා..!
ReplyDeleteහොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියනවනෙ.......
ReplyDeleteකිසි දිනක හමු නොවුනත් කමෙන්ට්, බ්ලොග් හරහා අප හිනැස්සවූ ඔබා, ඔබට නිවන් සුව!
ලබන පාර ලංකාවට ආවහම ගිරිතලේ එන්න කියලා ආරාධනා කළහම, ' අනිවා ... ඩෙෆා ..' කියලා එන්න පොරොන්දු උනා. ඔබා අය්යේ මම එනම් බලාගෙන ඉන්නවා, ලබන ආත්මෙදි හරි.
ReplyDeleteඔබට නිවන් සුව !
වචනෙකින් දෙකකින් කියන්න බැරි තරම් සුන්දර මනුස්සයෙක් . මගේ තාත්ත නැති වුන වෙලාවේ දැනුන දුක අදත් එලෙසම දැනුනා . අන්තිම දවස වෙනකම්ම අපිව හිනහ ගස්සපු ආදරණිය ඔබා මාමාට නිවන් සුව ලැබේවා . සැහැල්ලුවෙන් ගිය ජිවන ගමන සැහැල්ලුවෙන්ම අවසන් කරන්න ඇති .
ReplyDeleteකිසිදා දෑසින් නුදුටු නමුත් අදහස් වලින් දැන හදුනා ගත් ඒ සොදුරු මිනිසාට නිවන්සුව පතමි.......
ReplyDeleteමේ වෙලාවෙ කියන්න දේවල් හිතට එන්නෙ නෑ. සිංහල බ්ලොග් අවකාශෙ හිටපු වැඩිහිඩියෙක්, දැනුම් තේරුම් තියෙන කෙනෙක් යන්නම ගිහිල්ල. අදින් පස්සෙ ඔබා මාමගෙ බ්ලොග් එකට ගියාමත් ඉලංදාරියගෙ බ්ලොග් එකට ගියාම එන හැඟීමම හිතට ඒවි...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!
ඒම සහ යාම අතර ඇති නියමයක් නැති කාල පරාසයකදී කල කී දෑ මතකයක්ව නියමයක් නැති කාලයේ සරන්නන්ට ඉතිරි කර අපට යාමට සිදුවේ.නිවනට පෙර ඇති පඩි හතරේදී කවමදාක හෝ යලි හමුවේවා.කෙලවර අමාමහ නිවනින් සැනසේවා!!!
ReplyDeleteඉතාම දුක්බර ආරන්චියක්.
ReplyDeleteඔබා මාමට නිවන් සුව පතනවා!!!!
ඔබට නිවන් සුව ලැබේවා. සනත් අයියා ඔබ සදාකල් අප හදවත් තුල ජිවත් වෙනු ඇත .මා ලියු අද නොලියන blog එකේ පළමු comment දැමුවේ ඔබයි අයියේ.
ReplyDeleteගස් ගල් වගේ ඉන්න මේවගේ හොඳ මිනිස්සු මෙහෙම යන්නෙ ඇයි. අපිව කොච්චර හිනැස්සුවාද? අත්දැකීම් වලින් පිරිච්ච ඔබවගේ දිරිය පියෙකුගේ සමුගැනීම, ඒ කතා තවදුරටත් අහන්න නොලැබෙන අපේ අවාසනාව.
ReplyDeleteඔබට නිවන් සුව!
මම දැනුයි මේ නිවුස් එක දැනගත්තෙ මචෝ.. මට අදහාගන්න බැරිවුනා ඇත්තටම, එකපාරටම කදුළු පිරිලා ඇස් දෙක බොද වෙලා ගියා මේක ඇත්තක් කියලා තේරුම් ගත්තාම.. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ මචං..
ReplyDeleteඔබා, ඔබට නිවන් සුවයම පතන්නම් සොදුරු මිත්‍රයා..!!
ඇත්ත, හොඳ මිනිස්සුන්ට ආයුශ අඩුයි. කවදාවත් දැකල කතා කරල නැති උනත් බොහොම සුන්දර නිහතමානි අවන්ක මනුස්සයෙක් කියල දන්නව. මේ තියෙන කොමෙන්ට්ස් කියෙව්වම ඒක තහවුරු වෙනව. ඔබට නිවන් සුවය පතමි.
ReplyDeleteහැමතැනම සුදුකොඩි, මට අගක් මුලක් හොයාගන්න බැරිව ඉන්නකොට මේක දැක්කෙ,
ReplyDeleteකිසිදිනෙක හමුවෙලාවත්, කතාකරලාවත් නැතිවුනාට ගොඩක් දුක හිතුනා...
"ඔබ්සවර්" නොහොත් සනත් අයියාට නිවන් සුව පතමි!!!
උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteඒ සොදුරු සයිබරයේ මිනිසා , ඔබා මාමේ ඔබට නිවන් සුව.
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!
ReplyDeleteඔබා මාමට සාමකාමී මරණයක් අත් වූ බව දැනගත්තේ මාරයාගේ මේ පෝස්ට් එකෙන්. අප හැර යාම ගැන දුක් වුනත් ඇත්තටම ඒ ගිය විදිහ ගැන සතුටුයි.
ReplyDeleteඔබට නිවන් සුව අත්වේවා!
සයිබර් අවකාශයේ දුටු සොඳුරුම අව්‍යාජ මිනිසෙක්... හිතවත් වීමට දැක කතා කිරීමටම අවශ්‍ය නොවන බවට හොඳම උදාහරණය..
ReplyDeleteආදරණිය ඔබා අයියේ.. ඔබට නිවන් සුව..
"ආදරණීය ඔබා මාමේ....
ReplyDeleteඅවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
:'("
"ආදරණීය ඔබා මාමේ....
ReplyDeleteඅවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
:'("
හිතාගන්නවත් බෑ... අවුරුදු උත්සවේ මුල්ම හමුවීම අවසන් හමුවීමම වෙයි කියලා කීයටවත් හිතුවේ නෑ... කියන්න දෙයක් හිතාගන්න බෑ මාරයියේ ඔබා මාමට නිවන් සුව පතනවා හැර... මේ දේ අහලා කම්පා නොවුනු කෙනෙක් නැතිව ඇති.නිතර බනින ඇනෝ කොමෙන්ට් දාන අය පවා...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා !
ReplyDeleteගොඩක් දුකයි.ඔබා මාමට නිවන් සුව
ReplyDeleteඔබා මාමාට නිවන් සුව අත් වේවා!!!
ReplyDeleteමා නිතර කමෙන්ට් නොකරත් බ්ලොග් අඩවි විලින් හදුනාගත් සොදුරු පුද්ගලයෙක් "ඔබ්සවර් අයියාට නිවන් සුව පතමි.
ReplyDeleteඅනේ මම මේක දැක්කෙ සඳරුගෙ ෆේස් බුක් එකෙන්.. මට අදහා ගන්න බැරි උනා... මට හරිම දුකයි.. ඇස් දෙකට කඳුලු එනවා... කවදාවත් දැකලා කතා කරලා නැති උනාට ඔබා මාම ගැන ලොකු පැහැදීමක් හිතේ තිබුනා.. ඔබා මාමේ, "ඔබට අමා මහ නිවන් සුව අත් වේවා"!!!
ReplyDeleteඔබා අයියාගේ හදිසි මරණය අහලා හරි කණගාටුවක් දැනුනා.ඔබා අයියේ ඔබට නිවන් සුව ලැබේවා...
ReplyDeleteආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව.....
ReplyDeleteමෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!
ReplyDeleteහ්ම්.. නිවන් සුව මාමේ... :/ එදා අවුරුදු උත්සවෙ මව බයිට් කරපු විදිය මතක් වෙනකොට එන දුක කියලා ඉවර කරන්න අමාරුයි..
ReplyDeleteහිතා ගන්න බෑ... හැබැහින් නොදැකපු... කතානොකල කෙනෙක් වෙන් වෙලා ගියහම දුකක් දැනුනු පලමු අවස්ථාව... ඒ බ්ලොග් ලෝකයේ ඔබ මගේ සමීප මිතුරෙක් නිසා වන්නට ඇති... වයස් පරතරය නොදැනුනේ ඒක නිසා වෙන්න ඇති. මම බ්ලොග් කියවන්න පටන් ගත් දවසේ මුලින්ම මතකයේ රැඳුනු චරිතය ඔබයි...
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව ලැබේවා....!!!
යලිත් සිංහල බ්ලොග් ලෝකය සරසන්න අප අතරම යලි ඉපදේවා...
එදාට අපි මාමලා වෙලා ඉදිවී... නැවත හමුවන තුරු..........................................................
ඔහුට නිවන් සුව අත්වේවා..යලිත් අප අතරම ඉපදේවා!!
ReplyDeleteඅඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක් පමණයි.
ReplyDelete------ ඔබා මාමාට බුදුසරණයි ----------
ඔබා මමාට නිවන්සුව අත්වේවා... !
ReplyDeleteරූපය දිරයි නාමය නොදිරයි.....
ReplyDeleteඔබා සදාතනිකව අප හදවත් තුල රැදෙනු ඇත..
ඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDeleteමරණයෙන් වෙන්වී යාම දුකක් වෙන්නේ වෙන්ව යන්නාට නොවේ.. වෙන්වීමත් හිතේ කැටි කරගෙන ජීවත් වෙන්නාටයි.. අපි ඒ දුක කලක් අර ගෙන යාවි..දුක උනත් සදාකාලික නැහැ.. ඊට පස්සේ හරියට අපේ අම්ම තාත්තා සොඳුරු මතකයක් වෙලා සිහිනෙන් ගෑ සුවඳක් වෙලා හදවතේ තැන්පත් උනා වගේ ඔබත් අපේ හදවත්වල ජීවත්වේවි..
ReplyDeleteගිහින් එන්න ඔබා. ගිහින් එන්න..
ආදරනීය ඔබා මාමට නිවන් සුව අත්වේවා....
ReplyDeleteඔබට නිවන් සුව ලැබේවා ඔබා මාමේ......
ReplyDeleteහීනයක් වගේ.. ඔබා මාමට නිවන් සුව අත්වේවා..
ReplyDeleteආදරණීය ඔබා මාමෙ ඔබට නිවන් සුව
ReplyDeleteවිශ්වාස කරන්නත් බෑ ....... ඔබා මාමාට නිවන් සුව අත්වේවා.... :(
ReplyDeleteආදරණීය ඔබා මාමාට නිවන් සුව ලැබේවා.....!!!!!!!
ReplyDelete***බ්ලොග් කරුවෙක් කිසිදවසක මිය යන්නෙ නැහැ. ලියපු දේවල් බ්ලොග්කරුවෙකු සදා ජීවත්කරනවා.එහෙම බැලුවම ඔබා අදටත් හෙටටත් අප අතරමයි.....***
ReplyDeleteසොඳුරු සිත මෙහෙම කියලා තිබුනා. මේක සහතික ඇත්ත. ඔබාගෙන් පස්සෙ ඔබා මාමා ආසාවෙන් කරපු බ්ලොග් එක, ඔබා මාමාට උපහාරයක් වශයෙන් පවුලේ කෙනෙක් හරි (සුදුසුම තැනැත්තී ඔහුගෙ ප්‍රිය බිරිඳ )දිගටම කරනවනම් අපි ගොඩක් කැමති.
ඔබා මාමේ ...ඔබට නිවන් සුව...
ReplyDeleteමෙම පෝස්ටුව බැලු සියළුම දෙනා වෙත...
ReplyDeleteඔබා අයියා වෙනුවෙන් එම ඥාතීන් විසින් කරනු ලබන පින්කමක් දැනට සූදානම් වෙමින් පවතින අතර ඒ ගැන අවසාන තීරණයක් ලද වහාම ඒ ගැන දන්වා බ්ලොග් පෝස්ටුවක් මී ළග පැය 24 ඇතුලතදී අභීත එදිරිසිංහගේ බ්ලොගයේ පල කිරීමට නියමිත බැවින් ඒ ගැන අවධානයෙන් සිටින්න...
ස්තූතියි...
ඒක හොදයි මචං.. හැමෝම එකතු වෙලා ඔබා මාමා වෙනුවෙන් යමක් කරමු..
Deleteසැන්දෑව එළඹීමත් එක්කම විවේකයක් ගන්නට ඉඩ සැලසිලා......
ReplyDeleteරාත්‍රිය උදාවුණත් නැවතත් පසු දින හිරු පායාවි.
අලුත් දවසක් උදාවේවි.....
එතෙක් ඔබට සුභ රාත්‍රියක් ඔබා මාමේ....................
This comment has been removed by the author.
Deleteහමුවන්නට හිටියත් බැරිවිය. කවදාහෝ හමුවෙමු. එතෙක් අයුබෝවන්....සුභ ගමන්!
ReplyDelete"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ReplyDeleteලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ"
සයිබරයේ සොඳුරු නිරීක්ෂකයාණෙනි ඔබට නිවන් සුව!!
ඔබට නිවන් සුව ඔබා මාමේ....
ReplyDeleteආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව.
ReplyDeleteඔබා මාමාට නිවන් සුව අත් වේවා...!!
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ..
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව අත් වේවා !! .
ReplyDeleteජීවිතේ සම්පූර්ණ කරගෙන සන්තෝසෙන් ජීවත්වුනු සහ අනෙකුන්ද සතුටු කිරීමට කටයුතු කළ සහෘදයෙකුගේ නික්ම යෑම.
ReplyDeleteමම එන්න කලින් ඔහු ගිහින්...
ReplyDeleteඔබා මාමාට නිවන් සුව !