18 May 2012

නළු නිළියන් උවමනා කර ඇත...


අද උදේ ගෙදර ගියාම එක පාරට හිතුනා කොහේ හරි යන්න ඕන කියලා... උදේ උයන්නත් කම්මැලියි වගේ වේල පහම දැනිලා තිබුන හින්දා එන ගමන්ම අරං ආව තෝසේ තුන බඩ‍ට දාලා ප්ලේන්ටියකුත් හදං බීලා... ටිකක් වෙලා නෙට් එකෙත් සැරිසරලා අන්තිමට දහය පහුවේගන එද්දි නැගිටලා කැමරා පොජ්ජත් උස්සං ගියා යන්න...

කෙලින්ම අස්ගිරියට...

අස්ගිරිය කිව්ව ගමන් හිතන්න එපා නුවර කියලා..මේ අස්ගිරිය තියෙන්නේ ගම්පහ.. ඒ ගැන පොටෝ ටිකක් ඇති බුකියේ...මේ කියන්න ගියේ ඒ ගැන නෙවෙයිනේ...

කොහොම හරි ආපහු එන ගමන් නයිවලයි උඩුගම්පොලයි අතර මැද හරියෙදී පාර අයිනේ වෙළඳාම කරං යන මනුස්සයෙකුගෙන් ගත්ත කුරක්කන් කැඳ වීදුවකුත් නෙලුවා..ඒකේ රස හින්දමයි මෙහෙම හරි ලියන්න හිතුනේ.. ඉතිං ඒකත් බීලා..වේයන්ගොඩට ඇවිත් දවල්ට කාලා... අයිස් පලමකුත් ‍නෙලලා ගියා සීගිරියට...

හෝව් හෝව් අර අස්ගිරිය නුවර නෙවෙයි ගම්පහ වගේ මේ සීගිරයත් අර දඹුල්ල කිට්ටුව එක නෙවෙයි..වේයන්ගොඩ සීගිරි...

ඒ කිව්වේ සීගිරි සිනමා ශාලාවට...

ටික වෙලාවක් හෝල් එකේ මිදුලේ ෂෝ ටික එහෙම බලලා ගෙඩි රුපියල් එක සියට පණහක්ම පූජා කොරලා ටිකැට්ටුවකුත් ඇන්න ගොහින් වාඩි උනේ හෝල් එකේ හරි බරි ගැහිලා...

චිත්තර පටිය තමා "සුපර් සික්ස්"... ඊයේ තමා ඒක මෙහෙට ආවේ... ගිය පාර අර කුස බබා බලන්න ගිය වෙලේ මේකේ කෑලි දැම්මම මට මේක බලන්න හිතුනා..ආයේ වෙන එකක් හින්දා නෙවෙයි සවුන්ඩ් හින්දා... එදා අර කුස බබා ‍බල බල නිදි මරගාතේවගේ හිටිද්දී ඉන්ටෝල් එකේදී මේකේ කෑලි දැම්මා විතරයි පීකර් දෙදරන්න උනා... මට ටින් ටින් මතක් උනා... දෙදරන සුළං...

ඇත්තටම ඒ සවුන්ඩ් වල වෙනස බලන්න හිතුන හින්දම ගියා..නැත්තං හිතන්න එපා අර රශී කෙල්ලගේ කකුල් දෙක බලන්න ගියා කියලා..ආයේ එකේ ඇති බලන්න දෙයක් ඇතෑ...

කොහොම හරි ජාතික ගී දාලා දැන්වීං දාලා..සිගරට් එපා කොරෝලා..ඊ ළගට එන්න තියෙන චිත්තරපටිවල කෑලි දාලා අන්තිමට මේක පටන් ගත්තා...

අඩේ දුං විසිවෙන නැටුං ටිකක්... මෙතුවක් කාලෙකට මං සිංහල චිත්තර පටියක එහෙම සිංදුවක් දැකලා තිබ්බේ නැහැ...ඒ තරමට මරු නැටුං ටික...මට මතක් උනේ අර සායිෆ් අලී ඛාන් එක්ක දීපිකා පදුකෝන් උන්න Love aj kal ෆිල්ම් එකේ සිංදු කෑල්ලක්... ඒ තරමට නැටුං ටික නැගලා යනවා..කවදාවත් අපේ නිළියොන්ට ඔච්චර ඇඟපත හෙල්ලිල්ලක් කොරන්න බැහැ කියලා මං දන්න හින්දා ටිකක් ඇස් දෙක පිහදාලා බැළුවා කවුද මේ අළුත් හිංගල කෙල්ලෝ ටික කියලා මෙහෙම නටන..හුටා...

මේත් සුද්දියෝ ටිකක්නේ.. මදෑ මං හිතුවා දැන් අපේ උන්ටත් නැටියැකි කියලා..උන්ට තාමත් ඉස්සර වගේමයි.. යන්තං සරීර කූඩුව හොල්ලන්න විතරයි පුළුවන්.. අර සුද්දියෝ ටික හිටු කියලා වැඩ දාන අස්සේ මේ අපේ උන් ටික අතරින් පතර පෙනිලා යනවා..හැබියි ඒ පෙන්නන වෙලාවට කැමරාව අතේ තියං හිටිය එකා හෙල්ලිලාද කොහෙද..අපේ උන් ඉන්න තැන් වලදී උන් නටනවා වෙනුවට කැමරාකාරයා නටලා පින්තූර හෙල්ලෙනවා...

එයිට හපං නළුවෝ ටික..රොෂාව් රණවක..ඌ හොඳා අර ආනන්ද වික්‍රමගේගේ පුතා මොකාද..මට උගේ නම මතකත් නැහැ..ආන්න ඒකා එක්ක බානට බඳින්න...උන්ට රඟපාන්නත් බැහැ..ගහගන්නත් බැහැ..විහිළුවක් කරන්නත් බැහැ..අඩුම ගානේ නටාගන්නවත් බැහැ..උන්ට නළුවෝ හැටියට පුළුවන් අහවල් එකද කියලා හිතනවා ඇර‍ වෙන මක්ක හිතන්නද..?

අනේ ඒත් ඒ අස්සේ එක පාරට අපේ එකෙක් සුද්දියෝ එක්ක අතාරින්නේ නැතිව එකම එක කෑල්ලක් නටනවා.. අකලංක ගනේගම... අන්න බුවානං එක තැන නවනවා... ඒත් කරුමෙට ඌ චිත්තර පටියේ සුළු චරිතයක්..හැබැයි ඌ ඉන්න පුංචි පුංචි කෑල්වල කිසි අමුත්තක් නැතිව රඟපාන වග කියන්න ඕන..අර පුස් ඌරෝ ටිකට ලොකු චරිත දීලා මේකාට කොනක් දීලා...

මුල ඉඳන්ම මං බැළුවේ මේකේ කතාවක් තියේද කියලා.. බොහෝම අමාරුවෙන් හොයා ගත්තා එහෙම කතාවකුත් ඔය අහක යන ජෝකි කෑලි අතර මැදින් ගියා... හරියට අර වෙළඳ දැන්වීම් අස්සේ වැරදිලා ටෙලි නාට්ටිය පෙන්නනවා වගේ...

ඔන්න කතාව මෙච්චරයි... ක්‍රිකට් ටීම් එකක් ඉන්නවා..ඒකේ ඉන්න උන් හෙන ක්‍රිකටර්ලා වගේ පෙන්නන්න හැදුවට උන් නිකංම නිකං අර කජුවත්ත එක්සත් වගේ ටීම් එකක්... ඒකට අර ගීතා කාන්ති‍ගේ දුව ඉන්නවා අගල් 5ක ජංගියක් ඇඳගත්ත ගමන් හැම වෙලේම... ඔන්න ඔන්න දැන් කට්ටිය දුවන්න හදයි ඒක බලන්න..නිකා හිටහල්ලා බං..ඒකට වඩා හොඳ එව්වා ඔය නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි..

මුං ගහන ගහන මැච් එක පරාදයි වගේ තමා පේන්න තියෙන්නේ..කොහොම හරි මුංව කොයි වෙලෙත් පරද්දන ටීම් එකක් තියෙනවා අන්න එකේ අර සාරංග කොලුවා ඉන්නවා..පඩ ෂෝ කෝටියයි...

කොහොම හරි ඌ ගෙවල් මාරු කිරිල්ලක් හින්දා මොරටුවට යනවා..අර කිව්ව ටීම් එක ඉන්නේ මොරටුවේ..අන්තිමට සාරංගයා ඒ ටීම් එකට බැඳිලා අර කලින් ඌ සෙල්ලං කරපු ටීම් එක පරද්දන එක තමා කතාව...

ඉතිං ඒක අහවල් එකක්යෑ නේද.. මාත් අහන්නේ ඒකම තමා..

කෝටි ගණනක් වියදං කරලා හැදුවා කිව්වනේ මේක.. ඒ කෝටි ගාන වියදං කරලා තියෙන්නේ මේ නළු නිළියෝ ටිකක් පිටරට එක්ක ගිහින් සිංදු ටිකක් කැමරාකරගෙන එන්න විතරයි..ඒ ඇර වෙන වැඩක් වෙච්ච පාටක්නං නැහැ... රශී පබෝදයි.. අරුනු රාජපක්ෂයි..තවත් නිකං ලොන්තපෝල් කෙල්ලෙකුයි තමා හැම සින්දුවටම ඉන්නේ... උන් ටිකව අරං ඩිරෙක්ටරුයි කැමරාකාරයයි තව ඕනම කීප දෙනෙකුයි නිශ්පාදකගේ සල්ලි වලට විදලා රට සවාරි ගහලද කොහේද...

ලංකාවේ සිනමාවේ අහෝසිම කරලා දාන තරමට හොඳ අංගේ තමා ඔය මෙලෝ කලාවක් නැති සින්දු..ඒත් මේ ගල් බමුණෝ ඒවටමයි වැඩිය වියදං කරන්නේ...

කොහොම හරි මේකේ රඟ පෑමක් කියලා දෙයක් ඇත්තේම නැත.. ගත යුතු කතාවකුත් නැත. පිටපත බලු සරිය... විහිළු හැමදාම තියෙන එව්වමය..පයිට් දිහා හොඳට බැළුවොත් පේනවා දුෂ්ඨයෝ නිකං වැටෙනවා මිසක් නළුවා ගහලා නෙවෙයි වග...

අරුනි රාජපක්ෂගේ කකුලුයි..රශි පබෝධගේ කකුලුයි අර අනිත් නොදන්න එකියෙකුගේ බුරියයි පෙන්නනවා ඇර නිළියංගෙන් ඇති වැඩක්ද නැත... නළුවන්ගේ ගත යුත්තක්ම නැත. අර කිව්ව කෝටි ගාණ වියදං කල තැන හොයා ගත්තොත් ඒක බලනවා මීට හොඳය...

පසු සටහන...
ලව් ආජ් කල් හී නිළිය ප්‍රියංකා චොප්රා ලෙසින් සටහන් වී තිබුනි..එය දීපිකා පදුකෝන් විය යුතු අතර ඒ ගැන මුලින්ම දන්වා සිටි සමාරා නංගීටත් මෙහි කමෙන්ට් අතරෙහි ඒ බව සටහන් කල බුවාටත් ස්තූතියි...

117 comments:

  1. අපූරු විචාරෙ...

    ඉස්සර ගියෙ සීගිරි දඹුලු...දැන් යන්නෙ අස්ගිරි සීගිරි..ඒකත් නරක නෑ.

    ReplyDelete
  2. කුස පබා එක අස්සේ ගිය සුපර් සික්ස් ඇඩ් කෑලි දැකලා මමත් ඕක බලන්න යන්න තමා හිටියේ. ඒත් දැන් ඉතින් කතාව දන්නවනේ. මාර අයියට ඕක බලන්න වේයන්ගොඩ යන එකේ අතර මග තියෙන ගැමුණු ඒකෙන් විජය කුවේණි බැලුව නම් මිට වඩා හොදයි මට හිතෙන්නේ. ටිකට් ඒකත් ඔයිට වඩා ලාබයි ඒකෙ :P

    ReplyDelete
    Replies
    1. ඉස්සර අර වේයන්ගොඩ මාලු මාකට් එහා පැත්තෙ උඩ තට්ටුවක ලස්සන ෆිල්ම් පෙන්නන තැනක් තිබුනා..එතන ඔයිට වඩා හොද ඒවා පෙන්නනවා කියල මම අහල තියනවා :D:D

      Delete
    2. හපොයි ඔය උඩ තට්ටුවල පෙන්නන චිත්තරපටි හරි භයානකයි.. බැරිවෙලාවත් පොලීසියෙන් පැන්නොත් දුවාගන්ටවත් විදියක් නෑ..

      Delete
    3. ජනේලෙන් පැන්න ගමන් අයියා තුනෙයි පුවක්කඩේ වහෙලට... එතනින් රෝල් වෙලා පාරට පැන්නා.. ලක්ශෝ එක ගාවින් රේල් පාරට.. රේල් පාරෙන් ප්ලැට්ෆෝම් එකට නැග්ගනං කෙලින්ම ඉස්ටේශම ඇතුලේ... :D

      Delete
    4. ඔය කියල තියෙන්නෙ යස අපූරුවට :D:D


      ආයෙ වේයන්ගොඩ පැත්තෙ ගිය දවසක " අයියා තුනෙයි " පුවක් කඩේ තවම තියනවද බලන්න ඕන..:D

      Delete
    5. හරිනේ ඔය ඉන්නේ සෙට් එකම...

      මට මැවිලා පේනවා වාසනාවන්ත අයියා කෙනෙක් බඩු මාට්ටු වෙලා ඩෙක්.. ටීවී..වී ඇච් ඇස් පටි එහෙම පැදුරුත් එක්ක ඔළුව උඩ තියාගෙන වේයන්ගොඩ පොලිසියට දක්කගෙන යන පෝලිමේ විරිත්ත විරිත්ත යනවා...

      Delete
  3. මං හිතුවා ෆිල්ම් එක හොඳ එකක් වෙන්ටැ කියලා. සිංදු නම් පට්ට නේද හැබැයි.
    මරු විචාරේ :D

    ReplyDelete
    Replies
    1. මොකක් සිංදු පට්ට..?
      රෙද්ද ..තමා ග්‍රෑන්ඩ් මදර්ගේ... පට්ට චාටර් සිංදු ඕයි‍‍‍...

      Delete
  4. ෆට්ට විචාරයක් නේ අයියා ... සිංහල සිනමාව ගැන ඔය වගේ විචාරය කරන්න තියා ගත්තොත් අර හොද්දෙ ලුණු බලල ඉවර වෙනකොට හොද්දත් ඉවර වුණා වගේ තියෙයි. කොහොමටත් මම නම් සිංහල ෆිල්ම් බලන එක නවත්තල තියෙන්නෙ දැන්.

    ReplyDelete
    Replies
    1. මල්ලිලා විතරක් නෙවෙයි දැන්නං මටත් හිතිලා තියෙන්නේ මේවා ආයේ නොබල ඉන්න...

      Delete
  5. උඹේ විචාරය නම් පට්ටය. ලංකාවේ ගොන් ෆිල්ම් බලන අපිට ගහන්න ඕනෑය. මුන් මාකට් කරන්නේ කතාව වත් රඟපෑම් වත් නොවේය. උඹ කිව්වා වගේ අහවල් එකීගේ කකුල හා බුරියය. අහෝ අපි කවදා නම් ගත යුතු චිත්තරපටියක් බලමුද?

    ReplyDelete
    Replies
    1. මේ කපේටනං බැරි හැඩයි...

      Delete
  6. ඒ දැරිවියන් තුන්දෙනාගෙ කකුල් 12 පෙන්නනවනම් ඉතින් රුපියල් 100ක් 150ක් නම් මොකද්ද ඔච්චර...කතාවක් ඕනිම නෑ..

    ReplyDelete
    Replies
    1. 3 වැඩි කිරීම දෙක අයියා..උත්තරේ හයයි..බැල්ලියෝ නෙවෙයි ඈ...

      Delete
  7. මචං මේ ෆිල්ම් එකත් දකුණු ඉන්දියානු ෆිල්ම් එකක කාබන් කොපියක්...ෆිල්ම් එක තමයි “චෙන්නායි“.රඟපාන්නේ අලුත්ම කොල්ලො සෙට් එකක්..ලංකාවේ කොපියේ වෙනසකට තියෙන්නේ ගොන් ජෝක් ටිකක් දාලා තියන එකයි..චෙන්නායි පිල්ම් එකේ කතාව සීරියස්. ගොන් ජෝක් නෑ..අපේ සිනමාවට ගිය කල...කතාවක් නැතුව දුක් විදිනවා..

    ReplyDelete
    Replies
    1. කොපියක්වත් හරියට කොපි කරන්න තේරෙන්නේ නැති හැත්තක් බං...

      Delete
  8. අයියේ උඹ යසට ගාතෙ බලලා ඇවිල්ලා අපිට අප්පිරියා කරවනවා නේද ? එවුවා නං හඳේ . මම නම් ඕක මෙහේට ආපු හැටියේම බලන එක බලනවා ..

    ReplyDelete
    Replies
    1. සදරුවෝ මම කියපු එකේ නම් ගාතේ විතරක් නෙවෙයි කුවෙනිගේ ජංගියත් පෙන්නනවා. මතක ඇතුව ඒකත් බලපන් හොදේ...

      Delete
    2. අනේ බං එයිට හොදයි ඔය රෙපා කියන එකවත් බලහං...

      Delete
  9. මටත් දිරවන්නෙම නැති දෙයක් තමා සින්දු. ලංකාවෙ ඉන්දියාවෙ ෆිල්ම්ස් එපා වෙන්න එක හේතුවක් ඕක. ගෙදරදිනම් සින්දුවක් පටන්ගන්නකොටම මම නැගිටලා ගිහින් වෙන කරගන්න තියෙන වැඩක් එහෙම කරගෙන, ගෝසාව නැවතුණාට පස්සෙ තමා ආයෙ එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මුංගේ හිතේ අපි උන්ගේ මෙලෝ රහක් නැති සිංදු බලන්න යනවා කියලා...අපිනේ දන්නේ අපි විඳින වදයක්..අපරාදේ ඒ සින්දුවලට යන කාලය කතාවට යොදා ගත්තනං තව පැහැදිලිව කතාව ගොඩ නගන්න තිබුනා....

      Delete
  10. ඕක ලංකාවේ වැඩිම වියදමක් දරපු ෆිල්ම් එක කියන්නේ ඇයි කියන එකනම් මහා ප්‍රශ්නයක්!!මොකද නිළියන්ගේ ඇදුම් වලට එහෙම වියදමක් ගිහින්ම නැනේ!!!

    ReplyDelete
    Replies
    1. මං කලින් කිව්වේ..ඒ වියදං ගිහිං තියෙන්නේ අර නිළියෝ ටික අරගෙන උන්ට පිටරට ටුවර් දාන්න..මුං උන්ගේ ආතල් ගත්ත ඒවත් මේකට එකතු කරලා..එහෙමයි වියදං වැඩි වෙලා තියෙන්නේ...

      Delete
  11. "ඔන්න ඔන්න දැන් කට්ටිය දුවන්න හදයි ඒක බලන්න..නිකා හිටහල්ලා බං..ඒකට වඩා හොඳ එව්වා ඔය නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි.."

    ඒ කියන්නේ "ගීතා කාන්තිගෙ දුවගේ අඟල් 5 ජංගියට වඩා හොඳ එව්වා නෙට් එකේ අකුරක් ගහලා සර්ච් කලත් හොයා ගතෑකි" කියන එකද ?

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න නෙට් කිව්වළු..ආයේ නැතිව...මොකද ලින්ක් ඕනද..?

      Delete
  12. ලව් ආජ් කල් එකේ කොහෙද ඩෝ ප්‍රියන්ක චොප්‍රෙක් හිටියේ ?

    ගැණුන්ගේ කකුල් පෙන්නුවාට කමක් නැ , ගැලපෙන විදිහට . (විජය කුවේණි එකේ කුවේණි එකේ ජංගියත් පෙන්වන එකේ ඕවා මොනවද ) , කොහොම හරි උඹේ විචාරෙන් පස්සේ වැඩි වියදම් චිත්‍රපටිය බලන්න තිබුනු අදහස ටිකක් අඩු වුනා

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න හැදුවේ ඕකමයි. ඒකේ හිටියේ දීපිකා පදුකෝන් ලමයනේ.

      මදැයි වෙන්න ගෑනිත් එක්ක ‍ෆිල්ම් එකක් බලන්න යන්න හිටියා....

      Delete
    2. @බුවා...

      හැදුවා හැදුවා..ඕනනං ගිහින් බලහං බං දනට පිනට දුන්නා කියලාවත් හිතාගෙන...

      @හසිත...

      අනේ බය නැතිව ගෑල්ලමයා එක්ක යන්න මල්ලි...එහෙම තව කෙනෙක් එක්ක යනවනං මේක හොඳ චිත්තරපටියක්..මොකද අනිත් දේවල් බලන්නයි චිත්තරපටිය බලන්නයි දෙකක් බැහැනේ..මේක නොබැළුවට කමක් නැහැ බොලාට බොලාලගේ දෙයක් කරගෙන ආවැකි...

      Delete
  13. මාරෙ අයීයා උඹ අර අහිංසක චිත්තර පටි විචාරක උන්නැහෙලගෙ බඩට ගහන්ඩද හදන්නෙ. ඒ විතරක්යෑ ඇයි සිනමා කරුවොන්ගෙ.. මම ඕක බලන්ඩ කියලා හිතන් හිටියෙ.. දැන් ඉතින් ආයෙ බලයිද ?? තව කී දෙනෙක්ට ඔහොම හිතුනද දන්නෑ... :-)

    මොනවා උනත් හොඳ විචාරෙ.. මැද්දෙන් රට කජු විචාරෙකුත් ගියානම් සෝයි..

    ReplyDelete
    Replies
    1. අපරාදේ බං කාගේ උනත් සල්ලි..ඒකයි වේලපහම කියලා දැම්මේ...

      රට කජු නෙවෙයි ගොම්බෙටි වගේවත් විචාරයක් මේකට දෙන්න බැහැ...

      Delete
  14. මාරයො ඔකූන් අනුන්ගේ සල්ලි කන එක තමයි කොරන්නේ.මමත් ඔය පීල්ඩ් එකේ කොනකට එල්ලිලා හිටපු නිසා දන්නේ. ඔය වණවනට එ කාලේ බයික් එකක් පදින්ඩත් බැ.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ වණවන කියන්නේ..?

      Delete
    2. රණවක රණවක.. රොෂාන් රණවක..

      Delete
  15. හයියූඌඌ...තවත් ඔය මල සමයං වලට මොටද සල්ලි වියදම් කරන්නෙ???

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ජාති ණය...

      Delete
  16. අකලංක ඒ ගමන ක්‍රිකට් ගැහිල්ල නවත්තලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට බැහැලාද..!!??

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට.... එහෙම එකක් තියෙනවද? හෙහ් හෙ..

      Delete
    2. අකලංකට ක්‍රිකට් වලින් අනාගතයක් නැති එකේ මෙහෙම එහෙකට බැස්සටනං කමක් නැහැ..ඒත් බුවාට ‍හරි හමන් චරිතයක් නොදුන්න එකයි අවුල...

      Delete
  17. සිංහල බයිස්කෝප් එකක් බලපු කාලයක් මතක නෑ. කොහොමටත් වැඩිහරියක් සිංහල බයිස්කෝප් පටන් ගත්ත කාලේ ඉඳලා අද වෙනකම් පෙන්නන්නේ කොප්පේ ගහපුවා තමා .

    ReplyDelete
    Replies
    1. ආයේ බලන්නත් එපා අයියා... අන්තිමට බලපු පරණ ඒවායේ රසේ මතක තියං නිකා ඉන්න එක දාහෙං සම්පතයි...

      Delete
  18. අපේ සිංහල ෆිල්ම් එකක් දැක්කාම මට නම් අනේ පව් කියල හිතෙනවා..පව් ඇත්තටම.. ඒවා බලන මිනිස්සුත් පව්....එක්කෝ මුන් රඟපාන හැටි ඉගෙන ගන්න ඕනෙ..නැත්නම් බැරි මගුල් නොකර ඉන්න ඕනෙ.....
    ගොන් පාට්..ගොන් ජෝක් සහ ඇහෙනකොට වමනෙ යන සිංදු....මේවා ට සල්ලි වියදම් කරල බලන්න යන්න තරම් අපේ මිනිස්සු පිස්සොද??

    ReplyDelete
    Replies
    1. සික් ඉතරක්..කිරිල්ලි මට පිස්ස කිව්වා නේද..?

      Delete
  19. උඹ නැහැයි කිව්වට අරුණි රාජපක්ෂගේ කකුල නම් උඹට හොඳට පෙනිලා තියෙනවා.... ඒකනේ තැන් දෙකකම ඒ කකුල ගැන ලියවිලා තියෙන්නෙ.....!

    ReplyDelete
    Replies
    1. ඔය අරුණිගෙ කකුල් තොරන්න ගිම්හානිත් පොඩි තල්ලුවක් දුන්නා බොරුනම් අහලා බලන

      Delete
    2. අනේ අනේ දූමී අයියේ..බොටත් කකුල් කිව්වොත් කඩාගෙන ඇවිත් ඇති...
      යකෝ දුන්න එකසිය පණහට පෙන්නන මල දානෙවත් බලාගන්න එපෑ... ඒත් කරුමෙට මේ නෙට් එකෙන් එයිට වඩා ඒවා ඒකිගේ දැකලා තිබුනනේ කලින්... අපරාදේ ෂල්ලි...

      Delete
  20. නැටුම් ගැන කිවුවම මතක් උනේ.. ඉස්සරම කළුසුදු ෆිල්ම් වලත් අපේ අය හොදට නැටුවේ නෑනේ.. ඒත් ඒ සිංදුත් රංගනයත් නැගලා ගියා.. දැන් වගේ නෙමෙයි..

    කකුල ගැන මුකුත් නොකියමි.. මේ දවස් වල ඕන හැටියේ පාරවල් වල පේන නිසා.. ඉතාලි එවුවා.. :)

    ReplyDelete
  21. අය්යෝ ..ඇයි දෙය්යනේ මෙහෙමත් අපරාද කරන්නේ . පව් නේද . ඒ මිනිස්සු තුට්ටු දෙකක් හොයා ගන්න එකට නේද මේ බඩේ පාර . අපි ලඟදි මචන් බැලුවා . ඇත්තමයි කාලෙකින් සිංහල ෆිල්ම් එකක් බැලුවේ . ඒක නම් නියමයි .

    ReplyDelete
    Replies
    1. සිංහල චිත්‍රපටි අතරින් මමත් කැමතිම එක "මචං"

      Delete
    2. බින්දුමතී අක්කා, නලිනි අක්කා, ඔන්න ඔතන දී නම් මමත් ඕගොල්ල එක්ක එක පේලියේ වෙනවා. මම කිව්වෙ මීට කලින් මේ කතාව.

      මේ තියෙන්නෙ,
      http://ctkumara.blogspot.com/2012/03/blog-post_15.html?showComment=1331804685110#c1844707466323710503

      Delete
    3. කවුද බං බුද්ධියෝ බින්දුමතී..?:D

      ඇත්ත ඇත්ත මචං නියම ෆිල්ම් එකක්... ඒත් ඒක මෙහෙ හෝල්වල වැඩිය දුවන්න දුන්නේනැහැ ගැලෙව්වා... මචං වගේම තමා බූඩිගේ "මිල්ලෙ සොයා"

      Delete
  22. අය්යෝ මොනාට ගියාද මේ විකාරේ බලන්න . මටනම් ටීවී එකේ
    ඇඩ්ස් දානකොටත් වමනෙ යන්න එනවා .

    ReplyDelete
    Replies
    1. තඹ සතපහක් දෙන්නම් ගිහින් බලන්න

      Delete
    2. ජෝනා ගිම්හානිගෙන් කන්න වගේ හදන්නේ ඉල්ලගෙන‍..:D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඕවට රිටන් එකත් මග එනවා :D

      Delete
  23. ලංකාවේ තියන කොකත් එක වගේ තමයි. ෆිල්ම ඉන්ඩස්ට්‍රියක් ???? කිව්වට තරහා වෙන්න එපා එහෙම දෙයක් තියනවද. අනික සිංදු .... අපෝ මම හොදට කාලා තියනවා අපේ සිංදු ඉන්දියන් කාරයෝ ඉන්න තැන්වල දාල. උන් බඩ අල්ලන් හිනා වෙනවා. අපිට යන්න වෙන්නේ පොළව පලාගෙන. ඒ තරම් ලැජ්ජයි. මේකත් ඒ වගේම නැතෑ. ඔය ජනරංග කියලා තියන්නේ නියමෙට. අනික ඔය කකුල් කෑලි බලන්න ඕකට රිංගන්න ඕනයෑ. සල්ලි නොදී බලල එන්න කොච්චර නම් තියේද? අපොයි සල්ලි????

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අයියා..අපේ අම්මලා තාත්තලා බෝ කල ලෙඩනේ මේ චිත්තරපටි පිස්සුව...

      දැන්නං ඉතිං මෙව්වා බලන්න දෙන සල්ලි පිනට දුන්නා කියලා හිතාගෙන ඒ පින තාත්තට අනුමෝදන් කරගෙන තමා හෝල් එකෙන් එන්නේ...

      Delete
  24. අගෙයි "මාර" විචාර ..

    ReplyDelete
  25. උබ විතරක් කකුල් බැලුවම ඇති එතකොට නේ

    ReplyDelete
    Replies
    1. හරි හරි උඹටත් ඕනනං බලහංකෝ..මොකෝ මං එපා කිව්වද..?
      හැබැයි ඉහල උසාවියෙන් මොනවා කියයිද කියලයි මට සැක...

      මං හිතන්නේ අපේ උන්ට උඹේ මේ කොමෙන්ටුව මීටර් වෙලා නැහැ වගේ..නැත්තං මෙලාට උඹ ඇදගෙන නාලා...:D:D:D

      Delete
    2. ඈ.............................

      Delete
    3. ටොයිං...:D:D:D

      (අවස්ථාවට ඇති ගැලපීම සලකා සිහිනයගෙන් උස්සන ලදි..)

      Delete
  26. 100%යි විචාරෙට

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත්‍... හපොයි එපා...

      Delete
  27. උඹ හෝල් එක ඇතුලට යනකොට රටකජු එහෙම ගෙනිච්චෙ නැද්ද? නැත්තං අර කකුල් දැක්කට පස්සෙ උඹට කන එක අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. මේක හෙන හොට් ෆිල්ම් එකක් කිව්ව හින්දා මං කූල් වතුර බෝතලයක් අරගෙන ගියා...

      Delete
  28. මමත් හින්දි ෆිල්ම් සිංහල ෆිල්ම් වලට අකමැති මැද්දෙන් සිංදු යන නිසා. එතකොට මට එපා වෙනවා. අපේ රටේ රඟපාන්න පුළුවන් නළුනිළියෝ ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වෙන්න ඕනේ. ෆිල්ම් හදන්න ගන්නේ ලස්සන අයව වෙන්න ඇති. හැබැයි ඒ අයගේ රඟපෑමේ හැකියාව කියන්නේ... අඩන දර්ශනයක් තිබ්බොත් බලං ඉන්න අපිට හිනා යනවා!

    ReplyDelete
    Replies
    1. ඉස්සරම තිබුන හින්දි චිත්‍රපටිවල සින්දුයි දැන් තියෙන ඒවයි අතරත් ලොකු වෙනසක් තියේ..ඒ වගේමයි ඉස්සර අපේ අය ඒ හොද සින්දු කොපි කරන එකත් හරියට කලා..සමහර විට හින්දි සින්දුවට වඩා අපේ අය ගහපුවා නැගලා ගියා..ඒත් දැන් හින්දි සින්දුත් එහෙමයි අපේ උන්ගේ කොපිත් එහෙමමයි...

      ඇඩිලි ගැනනං කතා කරන්න එපා..මුංට වඩා හොදට මීගමු ගෑනු අඩනවා මල ගෙවල්වල කුලියට...

      Delete
  29. ස්තුතියි මාරයා! ඊටත් වඩා වන වනා ඉන්නැතුව කෙලින් කතා කිරීම ගැන.

    ReplyDelete
  30. කොල්ලනි..කෙල්ලනි .. පැරණි චිත්‍රපට හොයාගෙන බලාපල්ලා ..
    අන්න එව්වයෙ නම් හොඳ පිළිගන්ට පුලුවන් ජාතියෙ කතාවක් තියෙනවා වගේම අවස්ථාවට අනුකූල සින්දු තමා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පරඛ එව්වත් වැඩි හරිය ‍හින්දි කොපි තමා..ඒත් ඒවා මෙයිට වඩා හොඳ තත්වෙක තිබුනා...

      Delete
  31. කොල්ලනි..කෙල්ලනි .. පැරණි චිත්‍රපට හොයාගෙන බලාපල්ලා ..
    අන්න එව්වයෙ නම් හොඳ පිළිගන්ට පුලුවන් ජාතියෙ කතාවක් තියෙනවා වගේම අවස්ථාවට අනුකූල සින්දු තමා තියෙන්නේ.

    ReplyDelete
  32. සීගිරි දඹුලු ගිහින් කෑවේ තලගොයි නෙමේ කබරගොයි වගේ!

    ReplyDelete
  33. මෙය ඉන්දියානු දමිල චිත්‍රපටියක කොපියක්.

    චිත්‍රපටියේ නම [ chennai 60028 ]

    තිරගත උනේ 2007 අවුරුද්දෙ

    ලංකාවෙ අය දන්නෙ අනුන්ගේ දෙ කොපි කරන්න විතරයි නව නිර්මාණයක් කරන දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි..ඒත් කොපි කිරීමේත් යම් කලාවක් තියේ..මුං ඒක දන්නෙත් නැහැ...

      Delete
  34. මාරයා, සමහර විට ලංකාවේ නළු නිළියන්ට නටන්න පුහුණුවක් දෙන්න කලින් ටිකක් වේගයෙන් ඔලුව හරවන්න පුහුණුවක් දුන්නොත් හොඳ නැත්ද?

    ReplyDelete
    Replies
    1. වැදගත්ම කාරණාවක්...

      කිසිම තාත්වික ගතියක් නැහැ...අංග චලනය බලු සරි..පිටරටවල නළු නිළියෝ ඇස්වලින්..මූණේ මාංශපේශිවලින් කතා නොකර කියන දාහක් දේ තිබුනත් අපේ අයට පුළුවන් දෙබස් කියෝගෙන යන්න විතරයි..ඒකට හරියන්න ඇග පත හසුරුවන්න මලාට බැහැ...

      Delete
  35. ඔය විදියට ප්‍රේක්ෂකයා අධෛර්යමත් කිරීම නං හරි වැරදියි. කෝටි 10න් කීයක්හරි ඌත් ගන්න එපැයි. අනිත්එක රුපියල් එකසිය පනහට දෙසීයට කකුල්ම හයක්නේ. අලාභයක් නෑ.

    ඉන්ඩස්ට්‍රි එක ගැන නං දන්නෙ නෑ. හැබැයි ඉරාජ් වචන 10ක් කතා කලොත් 5ක්ම මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් ගැන කියනව.

    ReplyDelete
    Replies
    1. ඉතින් හරිනෙ ඒක උගෙ බූදලයනෙ

      Delete
    2. හක් හක් හා..ලොකු ජෝන්++++++++++++

      Delete
  36. සල්ලි වියදම් කරගෙන ඔව්ව බලන බොලාට හොඳ පාඩං.. ගල් ටික බලාගන්න ඔනෙ නං මෙන්න...

    http://srilankan-star.blogspot.com/2010/09/super-six-movie-sri-lanka.html

    සර්ච් කරලා සොයා ගත් ලිනිකුවක් බව කරුණාවෙන් සලකන්න...

    ReplyDelete
    Replies
    1. හපෝ මේ පෙන්නලා තියෙන්නේ මුං චිත්තරපටිය ගහන්න කලින් ගත්ත පොටෝ වගයක්..මේ වගේ ඇඳුම්වත්..ජවනිකාවක්වත් කොතැනකවත් නැහැ...

      Delete
  37. මමනම් තාම ජිවිතෙටම‍ ෆිල්ම් හොල් එකකට ගිහින් බලලා හියෙන්නෙ සිංහල ‍ෆිල්ම් 3යි (චෙරියො කැප්ටන්,ගාමිණි,මාතා) අනේ මන්දා මට නම් සිංහල ‍ෆිල්ම් බලන්න පුදුම කම්මැලි කමක් තියෙන්නෙ, මම නම් වැඩියෙන්ම කැමති ජපන්,චීන,කොරියන්,තායි,ඉංග්‍රිසි,ස්පැනිෂ් ‍ෆිල්ම් බලන්න... කලාතුරකින් සමහර දෙමල ‍ෆිල්ම් තියෙනව හොඳයි කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මාත් හුගක් විදේශීය ඒවා බලනවා...ඒත් තාමත් අපේ භාෂාවෙන් කෙරෙන ෆිල්ම් බලන්න පොඩි උණක් තියේ..ඒත් මුං ඒක කනවා...

      මාතා බලන්න හිතං හිටියට තාම අහු උනේ නැහැ...

      Delete
  38. ඇත්තටම දුකයි මෙ බොරු වැඩ තියන චිත්‍රපටි වලට වියදම් කරන සල්ලි මතක් උනාම. අපෙ රටෙ කොච්චර නම් හොඳ තිරපිටපත් , අධ්‍යක්ශකවරු ... සිනමාවට ඇවැසිදෙ එලියට එන්න බැරුව තියනවද. ඒවට සල්ලි නැතුව යට ගිහිල්ලා තියනවා.

    ReplyDelete
  39. මාත් බලන්න යන්න හිටියේ ඒත් පූර්විකාව කියෙව්වට පස්සෙයි මතක් වුනේ මේ මගුලත් දෙමල එහෙක කොපියක් කියලා.ෂිට් අපේ උන්ට අලුත් යමක් කරන්නම බැරිද අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. අනේ අර කිව්වත් වගේ මේකේ දෙමළ එක හොයං බලමු..මෙයිට වඩා ඒක දාහෙං සම්පතයි...

      Delete
  40. හහාහා මමනම් දැන් එන සිංහල ෆිල්ම්ස් බලන්නේ ගොඩාක් අඩුවෙන්.. විජය නන්දසිරි ඉන්න ඒවානම් බලනවා

    ReplyDelete
    Replies
    1. විජය නන්ද සිරිනං හොඳ නළුවෙක් තමා..ඒත් දැන් මිනිහවත් විහිළුවලට විතරක් කොටු කරලනේ...එක අතකින් ඒවා අවුලක්මත් නැහැ...

      Delete
  41. මමත් මේක බලන්න යන්නමයි හිතාන උන්නේ.. දැන් නම් ඉතින් ඕනේම නැ වගේ.. කොපියක් වත් හරියට කරගන්න බැරි සිංහල ‍ෆිල්ම් නම් මොකටද ඉතින්..

    තැන්ක්ස් කලින්ම කිවාට අය්යා

    ReplyDelete
    Replies
    1. මගේ සල්ලි වතුරේ ගියත් අනිත් උන් හරි බේරෙන්නේ නැතෑ කියලා තමා මේක ලියලා දැම්මේ...

      Delete
  42. සිංහල චිත්තරපටි ගැන නම් කතා කරල වැඩක් නැහැ
    නිකං ලේ පිච්චෙනවා..

    ReplyDelete
    Replies
    1. සල්ලිත් දීලා ලේත් දෙන්න වෙලා..ඒකත් අර *ක දීලා කෙලත් දෙන්න උනා වගේ...

      Delete
  43. සිංහල ෆිල්ම්ස් පෙන්නන්ට බැරිය......ශෝක් විචාරේ අයියේ.....

    ReplyDelete
  44. නෙට් එකේ තියෙන කැරපොතු පාට ඒව වගේද ලංකාවෙ කිරි එළ පාට ගාත ටික.... ලක්ෂ නමසීය විස්සට කකුල් ටිකයි බුරි ටිකපි පෙන්නුවනං ලක්ෂ දාහ පැන්නුවනං XXX එකක ගහන්න තිබුන ඕකුන්ගෙ...

    අන්න කරනවනං වැඩ.. අර ඇට්ලස් පොතේ කොල වලිං රොකට් හදල ලංකාවෙ පලවෙනි රොකට් එක හඳට යවන්න හදන කොල්ල වගේ මේක බලල අනාගතේ එහෙම එකක් කරන්න අපේ කොල්ලෙක්ටත් අදහසක් පහල වේවා.. ඒක සාර්ථක කරගන්න ඌට සක්තිය දෛර්ය ලැබේවා....!!!

    ReplyDelete
  45. //ලංකාවේ සිනමාවේ අහෝසිම කරලා දාන තරමට හොඳ අංගේ තමා ඔය මෙලෝ කලාවක් නැති සින්දු..ඒත් මේ ගල් බමුණෝ ඒවටමයි වැඩිය වියදං කරන්නේ...//

    මේ අදහසට නම් මම පට්ට ලයික්.මටත් සිංහල ෆිල්මුයි හින්දි ෆිල්මුයි එපා වෙලා තියෙන්නේ ඕවා නිසා... හැබැයි මචං ෆිල්ම් එකයි ගාමණි ෆිල්ම් එකයි නම් සෑහෙන්න හොඳයි... ෂිහ් හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ ෆිල්ම් එකක් කොරන්න ලංකාවේ එකෙක් නැති හැටි... හිටපියකෝ මමවත් කොරන්න...

    මාරයා අයියාගේ මේ විචාර නිසා සෑහෙන ගානක් පොකට්ටුවට ඉතිරි වේ.ටැංකිව් ඈ

    ReplyDelete
    Replies
    1. හින්දි චිත්‍රපටි වල සින්දු වල කලාව උපරිමයි , චිත්‍රපටි මැද්දේ සින්දු යන එක තමා සමහර අයට දිරවන්නේ නැත්තේ

      ගාමනි කියන්නේ චිත්‍රපටියක් යැ බන් , කැතට ගහපු ටෙලියක් නේ . ඒකේ සිනමාත්මක අවුල්ම කොච්චරද , උඹට ගාමනි හොඳයි නම් ඊට වඩා 100 ගුනයක් හොඳ හින්දි චිත්‍රපටි ලයිස්තුවක් මම දෙන්නම් (සාමාන්‍ය හින්දි ෆිල්ම් නොබලන උන්ට ගැලපෙන ) , මචං නම් මල් හතයි හේතුව ඒක කලේ සුද්දෙක් නේ .

      ජැකාගේ අබාත් ලංකාවේ හැටියට හොඳයි . මම නම් කැමතිම 'ගරිල්ලා මකටින්"

      සැලෝලයිඩ් පටියේ ගහපු නිසාම නැතුව එතන සිනමාවක් තියනවා , සංගීතයත් උපරිමයි , අග්නි දාහයත් නරකම නෑ

      හිරිපොද වැස්සටත් ටිකක් කැමති‍යි(රඟපාන්න බැරි ඒවා අමතක කලාම ) , ආදරණීය වස්සානෙන් ගතියක් ගන්න තිබුනා ටෙලි කැමරාවක් වෙනුවට සිනේ කැම් එකකින් ගැහුවා නම් . සෙනේෂ් හාට් එෆ් එම් වල සැහෙන්න දෙයක් කරල තිබුනා !

      Delete
    2. හිරිපොද වැස්ස ආදරණීය වස්සානේ කියන්නේ බොළඳ හීන පිරුණු ෆිල්ම් එකක්... මේවට සාපේක්ෂව ගාමණී සිය ගුණයක් හොඳයි... හාට් එෆ් එම් නම් මල ජරාවක්.ගරිල්ලා මාකටිං මට අමතක වුනා ඒක මගේ හිත් ගත්තු එකක්... හින්දි එපා නම් එපාම තමා.... හොලිවුඩ් ෆිල්ම් විතරයි මම බලන්නේ.අබා ෆිල්ම් එකේ නළුවෝ මෙලෝ රහක් නෑ ඒක ඇවිල්ලා ජැකාගේ කටේ බලේට ජනප්‍රිය වෙච්චි එකක් ෆිල්ම් එක පටං ගන්න තැනම ඉවරයි ඕකට ඔබා කියලා ගැහුවනම් ඔයිට හොඳයි....

      Delete
    3. උඹ චිත්‍රපටි ගැන කථා කරන්නේ ඒකේ කථාවෙන් විතරක් බවයි පේන්න තියෙන්නේ . නමුත් සිනමාව කියන්නේ කථාවට විතරක් නෙවෙයි . සිනමාව කියල කලා මාධ්‍ය ගැන කථා කරනව නම් කථාව අනුව චිත්‍රපට තෝරාගැනීමේ උඹේ රුචිකත්වය අත්හැරලා සිනමාවේ අනෙකුත් අංග ඇතුලු සමස්ථය ගැන කථා කල යුතුයි . සෙනේෂ් කියන්නේ සිනමාකරණය ගැන හොඳ හැදැරීමක් තියන පුද්ගලයෙක් ඔහුගේ නිර්මාණ වල තියන සිනමාත්මක ගුණයට හේතුව ඒක . ගාමනි කථාව උඹට හොඳ ඇති හැබැයි ඒකේ මෙලෝ සිනමාවක් නැ . මේ ගැන මම සම්පූර්න ලිපියක් ලියල තියන නිසා නැවත කියන්න යන්නේ නෑ

      අබා චිත්‍රපටියේ රවීන්ද්‍ර , ශ්‍රියන්ත සහ සෞම්‍යගේ රංගනය උඹ හැල්ලුවට ලක් කරන එකෙන් පේන්නේ උඹ රංගනය ගැනත් මෙලෝඅ මගුලක් දන්න එකෙක් නෙවෙයි කියලා .

      හොලිවුඩ් විතරක්න් බලන එක උඹේ කැමැත්ත හැබැයි අපේ රටේ සිනමාව දෙකේ කොලේට දාල කථා කරන්න කලින් සිනමාව ගැන හදාරල ඉඳහන් , මොකද තියන සම්පත් ප්‍රමාණය සහා වෙලඳ පොල අනුව සිංහල සිනමාවට යා හැකි සීමාවන් තුල සිනමාත්මක නිර්මාණ බිහි නොවෙනවාමය කියන්න බැ .

      Delete
    4. මට අමතක වෙච්චි යමක් ලියන්න ආවේ.... ඹබර වළල්ල ෆිල්ම් එකේ තමා නළුවන්ගෙන් නියමෙට වැඩ අරගෙන තිබ්බේ... සෞම්‍ය ලියනගේ සහ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රංගනය හෑල්ලුවට ලක්කරන්න මට කිසිම උවමනාවක් නෑ අවිවාදයෙන් සෞම්‍ය දක්ෂ නළුවෙක් ඒත් සමස්ථ ෆිල්ම් එකේ කැමරාකරණය සහ වර්ණ සංකලනය අන්තිමයි.පොටෝෂොප් පොඩ්ඩක් හරි අතගාලා තියෙනවනම් කලර් බැලන්ස් ගැන දන්නවා ඇතිනේ එහෙව් කලර් බැලන්ස් කිරිල්ලක් ඒකේ වෙලා තියෙනවද බලන්න අමුවෙන් පාට දැමීමක් ඇර...

      උවමනාවක් ඇත්නම් ලංකාවේ කරන්න බැරි දෙයක් නෑ.ෆිල්ම් හදන්න බැංකු ලෝන් අරන් ඒකෙන් ගානක් සාක්කුවේ දාගෙන දෙකයි පණහේ ෆිල්ම් හදපු රටක් මේක.ගාමිණි ඉන්න කාලේ ෆිල්ම් බලන්නත් ආසයි.හතර දෙනාම සූරයෝ නව නිර්මාණය බලු වටිනවද බලන්න.

      ෆිල්ම් එකක් බලන්න යන්නේ විචාරකයොවත් සිනමාව ගැන දැනුමක් තියෙන මිනිස්සුවත් නෙමෙයි පෘථග්ජන මිනිස්සු එහෙව් නිරුවත් ඇහැකින් මම නිර්මාණ දිහා බලන්නේ එහෙව් ඇහැට නොපෙනෙන ලස්සනක් නිර්මාණාත්මකව කොහොම බලන්නද කියලා මට තාම හිතාගන්න බෑ.කොච්චර ලස්සන දර්ශණ පසුතල තිබුනත් හරි හමං කතාවක් නැතිව සාර්ථක ෆිල්ම් එකක් එලිදක්වන්න බෑ ඒකයි මගෙ මතය.එහෙව් අතින් සිකුරු හතේ ඉස්තරම්..

      සෙනේෂ් බණ්ඩාර දිසානායක ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ උපුල් ශාන්ත සන්නස්ගලම ප්‍රකාශ කරනවා සෙනේෂ්ට ෆිල්ම් ඩිරෙක්ට් කරන්න හැකියාවක් නෑ කියලා මම ඉගෙනගත්තා ඒ වියදම් වෙච්චි සල්ලිවලින් කියලා.එහෙම මනුස්සයෙක් එහෙම කියද්දි බලන අපිටත් ඒ බොළඳ බව පෙනෙද්දි තව මොන කතාද...

      ගාමණි චිත්‍රපටිය හොඳයි කියන්න තවත් හේතුවක් උනේ රාත්‍රි දර්ශන ආයාසයකින් තොරව බලන්න හැකි වීම නිසා... තවත් TRAILER එකක් පමණක් දැකපු ෆිල්ම් අතුරින් නිම්නයක හුදකලාව කියන ෆිල්ම් එක බලන්න ආසාවකින් ඉන්නවා... ඒ වගේම ආදරයේ අංශු මාත්‍රයක් ගීතය අඩංගු ෆිල්ම් එකත් බැලීමේ ආසාවකින් ඉන්නවා...

      මම දැක්කා පත්තරේක තියෙනවා "බොක්ස් නිසා තමයි ලංකාවේ සිනමාව පවතින්නේ" කියලා.ඒ කතාවේ වරදක් නෑ මොකද මම ෆිල්ම් එකක් බලන්න ගියපු හැම පාරම ෆිල්ම් එක පට්ට පජාත වුනත් බොක්ස් ෆුල්.ඕඩියන්ස් එකෙනුත් බාගෙට බාගයක් පෙම් කෙලිනවා ඉඳලා හිටලා එකෙක් ඉන්නවා ෆිල්ම් එක බලන...

      මාතා චිත්‍රපටිය මගේ අදහස්වලට අනුව නිපදවූවක් කියලා මම හිතනවා මොකද දෘෂ්‍ය ප්‍රයෝග සහ ආලෝකකරණය දෙකක් නොවී එකක් බවට පත් කරලා තියෙනවා.මේ සිනමාවට ඉස්සරහට යන්න පුළුවන් ඒත් එහෙම බැරි උවමනාවක් නැතිකම පැහැදිලිවම.රොඩ්නි මහේන්ද්‍ර ජැක්සන් ශ්‍රියන්ත වගේ කට්ටිය රඟපාන්නේ නිරායාසයෙන් ඒත් හිත හිත රඟපාන කස්ටිය වැඩි වුනාම ෆිල්ම් එපාවෙනවා...

      මේ සම්පත් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් එහෙම කියන්නේ මූලිකවම බඹර වළල්ල සිනමා පටය නිසා... අවශ්‍ය වෙන්නේ අළුත් විදියකට හිතන ෆිල්ම් පිටින් කොපි නොකරන කාගෙවත් මුදල් බලයට යටනොවුනු එක තිර රචකයෙක් හා අධ්‍යක්ෂකයෙකු පමණයි... ඒ මගේ මතය

      Delete
    5. ඔබේ මතයට ගරු කරනවා , ඒ අදහස් අතරින් කථාව ප්‍රභල විය යුතුයි කියන කාරණය ගැන මාත් එකඟයි , නමුත් ඒක පමණක් සිනමාව නොවේය කියලයි මම කියන්නේ

      සන්නස්ගල කියන්නේ කුණු හරුප කියල ජනප්‍රිය වුන සිංහල ගුරෙක් විතරයි . සෙනෙශ් ජනමාධ්‍ය ගැන ශාස්ත්‍රපති උපාධියක් තියන නිව්යෝක් සිනමා ඇකඩමියේත් අධ්‍යාපනය ලබපු කෙනෙක් (විකියේ තොරතුරු අනුව ) , සිංහල ගුරෙක් අරෙහෙම කෙනෙක්ගේ සිනමාකරනය ගැන කථා කරන දේවල ශාස්ත්‍රීය පැත්ත සාර්ථකත්වය ගැන හිතල බලන්න

      සන්නස්ගල නිෂ්පාදනය කලේ ආදරණීය වස්සානය වෙන්න ඕනි , ඒක අසාර්ථක වුනේ සිඩි මිනිස්සු අතට ගිය නිසා , අරූ නම් නිශ්පාදනේ කලේ ඌට දුක ඇති තමා

      Delete
    6. මාත් පොඩ්ඩක් නිවිහැනහිල්ලේ කල්පනා කරලා බැලුවා අතරින් පතර හොඳ නිර්මාණ නැතුවා නොවෙයි ඒත් ඒ නිර්මාණ තෝරගන්න විදියක් නෑ ප්‍රමිතියෙන් තොර ෆිල්ම් දානකොට... ආයේ මතක්වුනේ ඉර හඳ යට ෆිල්ම් එක ඒකත් මගේ සිත්ගත් ෆිල්ම් එකක්....

      ඒ කිව්වේ හොඳ එකක්නේ මම බලපු චාටර්ම ෆිල්ම් වලින් එකක් තමා ස්වීට් ඒන්ජල්... අවශ්‍යම නැති තැන්වලට බිකිනියක් අන්දලා කෙල්ලෙක්ව(අවුරුදු 35ක විතර ඇති) පූල් එකකට බස්සන්නේ කිසිම අදාලත්වයක් නැතිව.ඇත්තටම ඒකට වඩා හොඳයි ටෙලි නාට්ටියක් බැලුවනම්.මොනා උනත් අළුතින් එකක් ආවාම මේකවත් හොඳයිද කියලා බලන්න ඔව්වට ගාටන එක අතැරගන්න බෑ තාම...

      ළමා සිනමා ගනයට වැටෙන අපේ යාළු පුංචි බූතයා,බිංදු,සරෝජා(මේකෙන් තමා ෆිල්ම් බලන්න ආසාව ඇතිවුනේ),පිටසක්වල කුමාරයයි පැංචො හතයි,පුංචි සුරංගනාවි,සිරි රජ සිරි,සමනළ තටු මේවා මම සෑහෙන්න ආසාවෙන් වැළඳගත්තු සිනමා කෘති.මේ වගේ ෆිල්ම් නිසා සිනමාව චාටර් කියන්න බෑ... මේ වගේ සුන්දර කතා තියෙන අපේ සිනමාව වැඩිහිටියන්ට හදන ෆිල්ම් අමු කොපි වුනාම තත්වයෙන් බාල වුනාමයි ප්‍රශ්න...

      සන්නස්ගල සර් ගැන දීපු ඒ අදහස නම් ඇත්ත.මම මැත්ස් කලේ ඒත් ලංකාවේ හැමෝම දන්නවා කොහොම මිනිහෙක්ද කියලා...මම ඒ අදහස දැම්මේ මම දැම්මේ උපුල් ශාන්ත සන්නස්ගලගේ වස්සාන සිහිනය කියන පොතෙන් ඒ ෆිල්ම් එක හදපු නිසා... එයින් මම වටහාගත්තේ රචකයා තෘප්තිමත් කිරීමට පවා අධ්‍යක්ෂකවරයා අපොහොසත් වී ඇති බව.... සුදුසුකම් වලින් සෙනේෂ්ට අඩුවක් නෑ මට මතකයි ඔහු වරක් කියනවා ඔහුගේ විදුහලෙන් සිනමා අධ්‍යක්ෂකවරයෙක් බිහිවෙලා නොතිබූ නිසා ඒ පිළිබඳව හැදෑරුවා කියලා...

      මම දකින්නේ ඔහුට අවශ්‍ය රාමුවෙන් පිට හිතෙන රචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයට අභියෝග කල හැකි රචකයෙක්.... ඒ දේ නොලැබෙන තාක් ඔහුගේ උපරිමය අපිට බලන්න බැරිවෙයි...

      ඔබ සමග සංවාද කරන්න ලැබීම සතුටක්.... මේ විදියට සංයමයකින් සංවාද කරන කට්ටිය අඩුයි... හොලිවුඩ් බලන්න ලේසියි ඩවුන්ලෝඩ් කරන් බලන නිසාත් හින්දි ආදර කතා වලට වඩා වෙනස් නිසාත්... ඒ මොනා උනත් අළුත් සිංහල ෆිල්ම් එකක් ආවාම ඒක ටෙස්ට් කරන්න තියෙන ආසාව නැතිවෙන්නැ.ඒත් ඒවා දැක්කම මතක් වෙනකොට හිතට එන ආවේගයකට ඒවා විවේචනය කලාට ඒක ගැරහීමක් කියලා මම හිතුවේ නෑ මෙතෙක් කල්... ඒක පැහැදිලි කෙරෙව්වාට ස්තූතියි

      Delete
    7. සරෝජා සහ සමනල තටු මාත් බොහොම ආස චිත්‍රපටි දෙකක් (අනික් ටික බලලා නැ මම හිතන්නේ ) , සාමාන්‍යයෙන් නව කථාවක් චිත්‍රපටියකට ගෙනාවහම කථාවේ නිර්මාන කරුවා සහ අදාල පොතේ පාඨකයොත් ඒක ප්‍රතික්ශේප කරන අවස්ථා තියෙයි .

      සංවාදයට එකතු වීම ගැන සතුටුයි . හින්දි සිනමාව ආදර කථා වලට සිමා වුනු යුගය නම් ඉවර වෙලා ටිකක් කල් , විමසල බැලුවොත් රස විඳින්න පුලුවන් නිර්මාණ මුණගැහේවී . මම නොබැලුවත් දෙමල චිත්‍රපටි බලන මිතුරන් නම් කියන්නේ සරම කරට ගුටිකෙලගන්න ආකෘතියෙන් එහාට ඉතාම හොඳ චිත්‍රපටි දැන් හැදෙනවාය කියලා

      Delete
  46. ලංකාවේ කලාවක් හැටියට ඉතිරි වී ඇත්තේ වේදිකා නාට්‍ය විතරයි.මාරයියේ බණ්ඩාරනායකේ ඉඳලා හිටලා පෙන්නන නාට්‍යයක් බලන්ඩ පලයං බං.පුටුනං චාටර් තමයි.ඒත් ගම්පහ අවට වෙන නාට්‍ය පෙන්නන තැනක් නෑ මම දන්න විදිහට.

    ReplyDelete
  47. මට හිතුන අද පත්තර කෑල්ල අරගත්තම ඕක බලන්න යන්න. ඒත් දැන් නම් නිකං අඬගැහුවත් යන්නේ නෑ.

    ReplyDelete
  48. මාත් ගියා
    http://maheshslife-multiaxial.blogspot.com/2012/06/blog-post_13.html

    ReplyDelete