මෙන්න පොට් එක... බලන්න හොඳට හොල්මන පේනවද කියලා...
මේ තමා පහුගිය දවස්වල අත්තනගල්ල පැත්තෙන් ආරංචි උන හොල්මන නිතර ගැවසෙන තැන...
ඔය හොල්මං කතාව සරුවට නැගලා යන හින්දා මාත් ගියා පහු ගිය දවසක ඒ පැත්තේ..ඇයි යකෝ ජීවිතේට ඔහොම එකක් බලාගන්න ලැබෙනවයි කියලයෑ... මං ගියේනං රෑ දහයට විතර..පැත්ත පළාතේ බලු බල්ලෙක් නැහැ..ඒත් ඉඳ හිට වාහනයක් දෙකක් යනවා.. ඒ යන්නෙත් නැට්ටට පාගලා..මං හිතන්නේ හොල්මං කතාව දන්න හින්දා වාහනේට ගොඩ වෙයි කියලා... හැබැයි ඔහොම යද්දි යන්තං සුදු පාටක් දැක්කත් ඇති බය වෙලා ගිහින් කාගේ හරි තාප්පයක් ඉඹ ඉඹ ඉන්න...

මේ හොල්මං කතාව තියෙන්නේ ගොරකදෙණිය පාරේ..බොනෑගල ආසන්න ප්‍රදේශයේ..හරියටම කිව්වොත් අර කෆීර් දෙක වැටුනේ..ආන්න ඒ කිට්ටුව..තමුන්නැහේලා දන්නවනේ මං ඉස්සර හිටියේ ඔය හරියේනේ..ඒකනේ කෆීර් දෙක වැටුන වෙලේ මං හිටු කියලා ඒ පොවුර්තිය ගෙනාවේ...
හොඳට බලා ගන්න මෙන්න මැප් එක...

ඔය රතුපාට පුංචි තිත් දෙක තියෙන්නේ කෆීර් දෙක වැටුන තැන්..එතකොට ලොකු රතු තිත තමා හොල්මන යැයි සැක කරන අයගේ ගේ පිහිටි හරිය...රෝස පාටින් දැක්වෙන්නේ මං කලින් හිටිය ගේ... එතකොට කොල පාට පුංචි රවුම තමා ඔය උඩින් තියෙන බස් නැවතුම..මගේ වැඩ පොලත් හොයාගන්න පුළුවන් වෙයි මං හිතන්නේ හොඳට බැළුවොත්.. එතකොට පින්තූරේ තරමක් තද පැහැයෙන් දැක්වෙන්නේ මේ හොල්මන සක්‍රීය ප්‍රදේශය තමා..හරිනේ ඔන්න සිතුවම් සහිත හොල්මං වාර්ථාකරණය...හැමදාම නැහැ හැමතැනම නැහැ...
ඉතිං ඔය කියන හොල්මන ගැවසෙනවාය කියන බස් නැවතුම අසල ප්‍රදේශයේ ටිකක් ඇවිදලා බලන්න ඕන කියලා මට හිතුනේ ඔය හරියේ මමත් නිතර ගැවසුන හින්ද තමා... මං උදේ හවා වැඩට යන එන තැනනේ ඔය..ඔය කියන ගෑණු ළමයත් හැමදාම වැඩට යන්න බස් එකට නැග්ගේ ඔය බස් නැවතුමෙන් තමා..මං දැකලත් ඇති..ඒත් හරියටම නිච්චියක් නැහැ..දන්නවනේ ඉතිං මං ඔය බස් හෝල්ට් ගානේ ඉන්න ගෑණු ළමයි දිහා බල බල යන කෙනෙක්යෑ ආයිබෝං..හා නැද්ද හා...
ඉතිං මේ හොල්මං කතාව නැගලා යනකොට අහල පහල දන්න අය වෙච්චි අපි එපෑ හොයලා බලන්න..ඉතිං මාත් අදහස් කොලා මේකත් හොයලා බලන්න.. ආන්න එහෙම හිතලා මං කරුණු රැස් කලා..ඒකට හොඳම කෙනා තමා රමණි අක්කා..දන්නවනේ ඒ කවුද කියලා..දන්නේ නැත්තං මෙතනින් බලා ගන්න කවුද ඒ කියලා..
ඉතිං මේ හොල්මං කතාව ගැන හොයාගන්න ඕන වෙලා මං දවාලේ රමණි අක්කට කෝල් කලා..උන්දෑනං කිව්වේ දැකපු අය ඉන්නවා උනත් තාම උන්දැටනං හම්බ උනේ නැහැ කියලයි... හැබැයි හැම එකාම පාරේ යන්නේ පරාණ බයේ හින්දා දැන් උන්දැටවත් හවහට කඩේකට යන්න හැටියක් නැහැ කියලා... කොටින්ම මේ ළගකදී පොලිසියේ දෙන්නෙකුත් බයික් එහෙක නැගලා කතාවක් දාගෙන ඇවිත් එක පාරටම රමණි අක්ක වංගුවෙන් මතු වෙලා දැක්ක පාර හොල්මන මතක් වෙලා මෙන්න යකෝ අර ගෑණි කියාගෙන ඇරලා දාලා ගිහිං..ටික දුරක් යද්දී ආයෙම තේරිලා බයික් එක ස්ලෝ කරලා හිනා වෙවී ගිහින්...
ඉතිං කොහොම හරි මේක යට තියෙන්නේ අර මෙයිට ටික දවසකට කලියෙන් නුවර එළියේදී මිය ගිය යුවළගේ කතාව තමා..මතකනේ අර කාමරේ හීතල නැති වෙන්න බාබකිවු උඳුනක් කාමරෙන් තියාගෙන ඉඳලා ඒකේ දුම විෂ වෙලා මලයි කිව්වේ.. ආන්න ඒ ජෝඩුවේ ගෑනු ළමයා තමා මේ හොල්මන් කරන්නේ කියලයි කියන්නේ..හැබැයි ඒ කතාවට හරියන්න තව හුගක් කතා තියෙනවා උනත් කාටවත් අපහාස කරන්න ඕන කමක් නැති හින්දා ඒවා ලියන්න විදියක් නැහැ. කොහොම උනත් ගෙදරට යා ගන්න බැරි හින්දා ඒ අවටම සරනවා කියලයි කියන්නේ...
ඉතිං මාත් රෑ ජාමේ ගියා අහම්බෙන්වත් මටත් හම්බ උනොත් කියලා හිතං... ඉතිං දහයට කිට්ටුව ගිහින් එකොලාමාර විතර වෙනකල් ඒ හරියේ එහෙට මෙහෙට කැරකිලා ආයේම ඇවිත් ඔය කියන බස් හෝල්ට් එක අහලත් බලං උන්නා උන්නා..ම්හූ.. මං හිතන්නේ එදා නිවාඩු දවසක්ද කොහේද..? බැරිම තැන මං එතන පොටෝ එකක් ගහං ආපහු ආවා... ඒත් ඇවිත් බලද්දිනේ දැක්කේ මේ පොටෝ එකේ හොල්මන ඉන්නවනේ.. ඔයාලා හොඳට බලන්න... පේනවද කියලා...

අර ඉන්නෙ වැඳගෙන.... හුරේයි මම එක
ReplyDeleteඋඹ මනුස්ස ගනේද කොහේද...
Deleteඇයි මම හරි නේද? හෙහ් හෙ..... ගනේ නං හරියට මතක නෑ රුධිර ගනේ නං ඹ් ධන ද කොහෙද හෙහ් හෙ....
Deleteනැහැ මේක පේන්නේ මනුස්ස ගනේ උන්ට විතරයි..හොල්මනක්නේ බං...
Deleteමනුස්ස ගනේ අය මෙතනට ගිහින් බලන්න :D:D
Deletehttps://www.facebook.com/photo.php?fbid=10150901508723166&set=p.10150901508723166&type=1&theater
දැන්නං ඉතිං ලකී ලෑස්ති වෙන්නේ අර අයථා කැමරා ගණුදෙනුව ගැන පොස්ට් එකක් දම්ම ගන්න...:D
Deleteo rh positive thibena aya 1000 ekay.
Deleteholmanak bethakatawath hoyaganna apahasu raassa ganaye ayta.
Deleteමාරයෝ, උඹට හොල්මනුත් බයකොට ගෑල්ලමයි ගැන මොන කතාද?
ReplyDeleteඕක තමා දන්න කියන හුග දෙනෙක් කිව්වේ...
Deleteබුදු අම්මෝ මෙන්න ෆොටෝ ගහන හොල්මනක්...මන් දුවනෝ.....
ReplyDeleteඔය සරම ඇඳගෙන දුවහං..පාරේ යන අනිත් උන් දුවයි පට යක් සන්නියට බය වෙලා...
Deleteරෙදි නැතුව දුවන කොට හොල්මනුත් බය වෙනවලු කියලයි මන් අහලා තියෙන්නෙ...
Deleteකොහොමද රෙදි නැතිව අර රැවුලත් එක්ක දුවද්දී පෙනුම...
Deleteමං කිව්වේ උඩු රුවුල...
මම දෙවෙනියාද ?
ReplyDeleteමාරයාට බයේ හොල්මන චුත වෙලා....
හැබැයි අර සුපර් සික්ස් එකේ රියල් හොල්මන් ඉන්නවා(ලු) නේද?
හපොයි මම 4
Deleteහපොයි ඉඳුනිල්..ලේසි නැහැ නේද..?
Deleteසුපර් සික්ස් එකේ ඉන්නවා අර බහුබූතයෝ එකේ හොල්මන...
අන්න හරි. ඔය කිව්වහම මට මතක වුනේ. මමයි බල්ලයි ගිටා බහු භූතයෝ බලන්න.. ආපිට එන ගමන් බල්ලා කීවෙ , "මේ හු_ත වැඩක් නැහැ බං , අර හු_තිගේ බුරිය විතරයි බලන්න තිබුනේ" (සමාවෙන්න ඒ බල්ලාගේ කතා ව්‍යවහාරය)
Deleteබල්ලා රියල් පොරක්නේ...
Deleteහැබැයි බං ඇත්තටම බහුබූතයෝ තව හොඳයි... එකේ පබෝධා මොනවම හරි දෙයක් කරනවා...
උඹල බහුබූතයො එකේ බූතයො බලන්න ගියාට මම දැක්ක තැනක කියල තියෙනව බහුබූතයො කින්නෙ බුරියට කියන තව නමක් කියල....
Deleteඅනික් හොඳම වැඩේ තමයි ෆිල්ම් එක රිලීස් වෙන්න කලින් නලින්ගෙ පැණි කොමඩු ගෙඩිය සින්දුවට ඕකෙ තිබුන සින්දුවෙන් විශුවල් එකක් හදල තිබුන එක.... නලින්ගෙ සින්දුවට ඒක මරුවට ගැලපුනා... ෆිල්ම් එකේ තිබුන සින්දුවට ඒ විශුවල් එක අපි ගලපගෙන බලන්න ඕන (මෙලෝ රහක් නෑ..)
හොඳ වැඩේ උඹට..රටේම බල්ලොයි පූසොයි කුරුල්ලොයි එළුවොයි පොටෝ ගහලා ඉවර වෙලා ඒ මදිවට ගියා තව හොල්මන් පොටොත් ගන්න..මොනව වුනත් යමක් කමක් තේරෙන හොල්මනක්.:D
ReplyDeleteඅනික ඔය පරණ ඉලව් කැමරාවට දැන් හොලමනක්වත් මූණ දෙන්න එයිද ?:D
වංචාකාරයෝ..බොරු කාරයෝ...:D:D:D
Deleteහොහ් හොහ්..
ReplyDelete"දන්නවනේ ඉතිං මං ඔය බස් හෝල්ට් ගානේ ඉන්න ගෑණු ළමයි දිහා බල බල යන කෙනෙක්යෑ ආයිබෝං..හා නැද්ද හා...?"
හොල්මන උනත් කල්පනා කරන්න ඇති "මූට මාව පෙනුනත් වැඩක් නෑ, ඔන්න ඔහේ නොපේනීම ඉන්නවා.." කියලා. :D
අම්මපා එහෙමවත් උනාද..?
Deleteඔන්න බලමු ගෑණු ළමයි දිහා නොබලන එකේ අවාසිය..අද ඉඳන්වත් බලන්න පටන් ගන්න ඕන...
අර වැඳගෙන ඉන්න උන්දැද බං..!? බොලාටත් ඉතිං කෙල්ලෙක්නං, හොල්මන් කරනවා කිවුවත් ටක් ගාලා යනව නේ බලන්න.. :p
ReplyDeleteහොල්මනක් බලන්න ආසා නැත්තේ කවුද බං..වැඩි හරියක් අපි ගෑණු ළමයින්ව දකින්නේ පණ ඇති හොල්මං වගේ කොට මෙහෙම පණ නැති එකක් දකින එකෙත් පොඩි මෙව්වා එකක් තියේනේ...
Deleteබුදු අම්මෝ.............. මට බය හිතෙනවෝ...... කලු පාට පසුබිමේ මුණක් විතරක් තියන කලු හොල්මනක් මගෙ දිහා බලන් ඉන්නවෝ..........
ReplyDeleteඔය ඉතිං..නංගි බොම්බෙ ලුකිං කල්කටා වෙලානේ...
Deleteඔන්න වාසනාව! ෂුවර් එකටම ඔය කිට්ටුව නිධානයක් ඇති. ඔය මේ දවස්වල හොල්මන් ඩියුටි කරන්න පටන් ගන්නෙ නිධන් තියන පැතිවල. මිනිස්සු හොල්මනට බයේ ගෙවල්වල ඉන්න අතරෙ රෑ වෙච්චි වෙලාවක හොල්මන නිධානෙත් අරන් මාරුවෙයි. කොරන දෙයක් ඊට කලින් කරගත්තොත් ගොඩ .... : )
ReplyDeleteමේ පැත්තෙත් නිදන් ගල්නං එමටයි...ඒත් මේ වෙනකල්නං එහෙම තත්වයක් අහන්න දකින්න නැහැ...
Deleteඅපොයි...,
Delete//ඒත් මේ වෙනකල්නං එහෙම තත්වයක් අහන්න දකින්න නැහැ...//
බලපංකෝ... තව ටිකදවසකින් ආරංචිවෙයි.
මාරයො ගාවට හොල්මන් ඒවියැ......
ReplyDeleteනගාලත් එන එකේ මං බැළුවේ මේක විතරක් නොඒවිද කියලයි..:D
Deleteමාරයට තමන් මාරයා බව අමතක වෙච්ච තවත් එක් අවස්තාවක් මේක..
ReplyDeleteමේ පින්තූරෙන් හොල්මන දැකපු නැති අය කන්නාඩියක් ඉස්සරහට යන්ඩ..... නිකම්ම පෙනෙයි... හිහ් හිහි..
අන්න නියම ක්‍රමේ..අර වෙනී අයියා යන විදියටම ගියානං ෂුවර් බය වෙනවා...
Deleteහ්ම්ම්ම්....ආපහු එනකොට බයික් එකේ බර වැඩි වගේ ගතියක් දැනුනේ නැද්ද? :)
ReplyDeleteඒකට ඉතිං බයික් එක කර තියං ඇවිදින්න එපැයි..මං මේකේ නැගලනේ ගියේ..::P
Deleteගෑණු හොල්මනක් කොහොම උනත් මට පේන්නේ බස් හොල්ට් එකම කොන්ක්‍රීට් හොල්මනක් වගේ...බලපන් එකේ තියෙන ගුප්ත ස්වභාවය.... අම්මෝ මේ මං බයවෙලා.....
ReplyDeleteයකඩෝ මං තව හොඳ හරිය කිව්වේ නැහැනේ.. ඔය බස් හෝල්ට් එකේ ඉඳන් මීටර් දෙසීයක් පිටිපස්සේ තමා කනත්ත..අර පේන මඳුරු දඟර කොම්පැනියේ අල්ලපු වත්ත... මිනිය එතන හොල්මන මෙතන...
Deleteචික් විතරක්, හොල්මනකටවත් පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ මේකා...!
ReplyDeleteඔය ඉතිං..මං දැන් බොට මොන වරදක් කලාටද මෙහෙම ආඬපාලි දොඩන්නේ..?
Deleteමල සන්තෑසියක් තව පොඩ්ඩෙන්!! හොල්මන ආවා නම් එහෙම මාරයා අයියා දුවන විදිය මට මැවිලා පේනවා!
ReplyDeleteබයික් එකා දාලා දුවන්න මේ මං..හුහ් එව්වා හඳේ..යන අහක ඒකත් කරේ හරි තියං තමා...:D:D:D
Delete"මාර ගවේෂණ" කියලත් ලේබලයක් දාන්න වෙයි වගේ.
ReplyDeleteමැප් එකනං එල :)
හැබෑවටම මේක දාන්න ලේබලයක් නැතිව මං කල්පනා කොර කොර හිටියා නෙව විනාඩි දෙක තුනක්ම...
Deleteඅර මොනවද ගණ වල අයට හොල්මන් පෙන්නේ නැහැලුනේ... හිකිස් මටත් පෙන්න්නේ නැනේ අයියා...
ReplyDeleteහැබැයි ඉතින් මගේ පෙනිමේ අවුලක්ද දන්නේත් නැ..
සිරාවට තමන් කවුද කියලා අමතක උන තැනක් නේද?
මමත් රාක්ෂ ගණ ඒකවත් හරහට හිටියද කියලා හිතෙනවා...
Deleteමේ ඒරියා එක අධි ආරක්ෂිත කලාපයක් කරන්න ඕනි , එහෙන් ප්ලෙන් කඩා වැටෙනවා ඒ මදිවට හොල්මන් සැරිසරනවා ඔක්කොටම හපන් මාරයෝ ගිහින් හොල්මන් වල පොටෝ ගහනවා
ReplyDeleteමං අර හොල්මන සක්‍රීය ප්‍රදේශය කලු කරන ගමනුත් ඕක හිතුවා...
Delete//මං ඔය බස් හෝල්ට් ගානේ ඉන්න ගෑණු ළමයි දිහා බල බල යන කෙනෙක්යෑ ආයිබෝං..හා නැද්ද හා...//
ReplyDeleteඇත්ත...ඇත්ත.....
හොල්මනටත් හිතෙන්න ඇත්තෙ එහෙමමයි.....ඒකයි පෙනෙන්න ඇවිත් නැත්තෙ...
නැහැ නැහැ මං පස්සේ හොයලා බැළුවා...එදා හොල්මනගේ නිවාඩු දවසළු...
Delete"අත්තනගල්ලේ හොල්මන් ගැහැනිය" කියල හෙඩිම දැක්කම පොඩ්ඩක් ගැස්සිලා හිටිය...
ReplyDeleteහොහ් හොහ්..මට හිතා ගතෑකි..ෂුවර් එකට අර අරයව සිහිපත් වෙන්න ඇති... සපා අයියා ගැස්සුනාට මොකද මේ පැත්තේනං බලු නට්ටක්වත් දැන් ගැස්සෙන්නේ නැහැ ඒ කෙනා සිහි උනාට...
Deleteමේ උන්නැහැ උඹලා ඕක විහිළුවට ගත්තට ඔය වෙලාවේ හොල්මන ඉඳලා තියෙන්නේ මාරයාගේ දකුණු පැත්තට වෙන්න, හරි පුළුවන්නම් නැහැ කියහල්ලා බලන්න... මාරයෝ ගහන එකේ හැම පැත්තටම ෆෝටෝ කෑළී ටිකක් අරගන්නෙපැයි, 2ක් හොදටෝම මදි.....
ReplyDeleteගත්තා ගත්තා හදා කොහොම හරි පොටෝ හතලිස් ගානක් අරං ආවා..ඒත් කලුවරේ ඒ හැටි පැහැදිලි ඒවා තිබුනේ නැහැ..මං හිතං හිටියේ මට ඇහැට නොපෙනුනත් මොන මගුලක් හරි වෙලා පොටෝ එහෙකට හරි අහු උනොත් කියලා හිතෙන හිතෙන හැම අතටම ගැහුවා..මොන..එකකවත් නැහැ...
Deleteෆේස් ටු ෆේස් මාරයා ලගට එන්න බය වෙන්න ඇති.. මම අහලා තියෙනවා මැරුනට පස්සේ ඒ ආත්මේ අරන් යන්න මාරයා නියෝජිතයෙක් එවනවලු.. යන්න අකමැති අය හැංගෙනවලු.. ඒ නිසා මාරයා දැකලා හැංගෙන්න ඇති..
ReplyDeleteඅම්මපා මේකි එහෙමවත් හිතලා හැංගුනාවද්ද..?
Deleteහොල්මන හැංගිලා ඉඳලා කැමරාව මානනකොට එලියට ඇවිත් නේ :) හොල්මන් උනත් ෆොටෝ ගන්නවාට ආසා ඇති
ReplyDeleteදැන් කාලේ හොල්මනුත් ප්‍රසිද්ධියට කැමතියි නගේ... (මේ ඒක නෙවෙයි මගේ කලින් පෝස්ට් එකේ කමෙන්ට් ටික හිමිහිට කියවලා බලමුකෝ... එකෙක් හරි අපූරු කමෙන්ට් එකක් දාලා තියේ...)
Deleteදැක්කා දැක්කා අල්ලගන්නම්කො කනෙන් මම ;)
Delete:)
Deleteමාරයා .. මාරයි ...හොල්මන් මරයි ....
ReplyDeleteමරන්නවත් දකින්න එන්න එපැයි...
Delete"මුන්නැහේලා දන්නවනේ මං ඉස්සර හිටියේ ඔය හරියේනේ..ඒකනේ කෆීර් දෙක වැටුන වෙලේ මං හිටු කියලා ඒ පොවුර්තිය ගෙනාවේ... "
ReplyDeleteමෙතන පොඩි වැරදීමක්. ඒකනෙ කෆීර් දෙක වැටුනෙ වෙන්න ඕනෙ..
නෙද්දකිං ඉතරක්..:D
Deleteමාරයියේ... මම නම් දේව ගනේ.. ඒ වුනාට හොල්මනනම් දැක්කා... සුදු පාට සාරියක් ඇදලා හිටියනම් තවත් තාත්විකයි...
ReplyDeleteඒ ඉස්සර කාලේ හොල්මං මල්ලියේ..දැන් එහෙම හොල්මං නැහැ..එව්වා උනත් කාලේ තාලේ හැටියටයි...
Deleteහොල්මන් කෙල්ල කෙසේ වෙතත් සයිබර් කෙල්ලො ටිකට ගෙදර හොයා ගන්න නම් පාරේ මැප් එක දාලා කොල්ලා ;) සොරි සොරි.. අංකල් :P
ReplyDeleteහරි හරි බං..උඹ ලී මෝල ගැනයි හයිබ්‍රිඩ් ගැනයි දානකොට අපිත් මොනවාම හරි කරන්න එපෑ..හා නැද්ද මං අහන්නේ..?
Deleteමාරයියේ නිකං බොරු වැඩ කරන්න එපා. ඔයා බයනං ඕවට නොගිහින් ඉන්න. පොඩි ළමයෙක් උනත් දන්නවා හොල්මං එන්නේ රෑ12න් පස්සේ කියලා. ඔයා බොරුවට 11.30 වෙනකං ඉඳලා බයට ආපහු හැරිලා ඇවිත් මෙතන බොරු කියනවා! :D :D
ReplyDeleteපූෂා සමඟ එකඟ වෙමි
Deleteයකෝ මේ හොල්මන වැඩි හරියක්ම පෙනිලා තිබුනේ රෑ දහයට කිට්ටුව... ඒකයි ටයිම් අල්ලලා ගියේ...
Delete(යකෝ ලෝක විනාසේ සිද්ධ වෙනවයි කියන එක දැන්නං මට ෂුවර්... මෙන්න නයි මුගටි එකඟතාවයෙන් වැඩ කරන්න අරං..)
:P:P:P
හික් හික්.. මාරයා අයියා දැක්කම හොලමන බය උනාද දන්නේ නෑ..
ReplyDeleteමට නම හොල්මනක් පෙන්නේ නැතෝ..
ආයේ දෙකක් නැහැ මල්ලි රාක්ෂ ගනේ...
Deleteහොල්මන් ගෑණිටත් උඹ ෂුවර් නැතුව ඇති ඒකයි ඒකි එලියටවත් බහින්න නැත්තෙ වරදිලාවත් ඒකි එතන හිටිය නම් ඔන්න තව ටික දවසකින් ආරංචි වෙයි බඩ දරු අම්ම කෙනෙක් හොල්මන් කරනව කියල..හොඳ වෙලාවට මෙහෙම උනේ හහ් හහ්
ReplyDelete(මනුස්සකම/හොල්මන් අඩවිය)
ඔය කතාව තමා හුඟ දෙනෙක් කියන්නේ...
Deleteඋඹ එ පැත්තේ කරක් ගහනවා කියලා හොල්මන දැන් එලියටවත් බහින් නැලු
ReplyDeleteඑහෙම හරි ඒ කරදරේ අහවරනං ඒකත් මදෑ...
Deleteමේකා ඒ ගමන හොල්මනකටවත් තමංගෙ පාඩුවේ හොල්මං කරගෙන ඉන්න දෙන්නැති හැටි!! ඕවා හොල්මං අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, හරිද? හොල්මං මූන්ට ගහන්න ඕනෙ පෙස්සමක්..
ReplyDeletehenryblogwalker the Dude
දේශද්‍රෝහියා... එන්ජීඕ කාරයා... අඩෝව්...
Deleteමාරයියේ උබ පාරේ ඔය වෙලාවට යද්දී නිකමටවත් ඔය හොල්මන උබේ බයික් එකට නගින්න අත දැම්මොත් මොකෝ කරන්නේ
ReplyDeleteකොහොමත් මං ගමන් බිමන් යනකොට පාර තොටේදී අත දාන අයව දාං යන එකා වෙච්චි..බැහැයි කියන්න ඇහැකියෑ...
Delete(අන්න මං උඹට ගේම සෙට් කලා..දැන් උත්තර හොයාගං..මෙතන පුරස්න අහ අහ ඉන්නේ නැතිව...)
තනිකඩ පිරිමියෙක් ඉස්සරහට හොල්මනක් ආවොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියන්න බැරි හින්ද හොල්මන තමන්ගෙ ස්වයං ආරක්ෂාව සලසගන්න ඇති.
ReplyDeleteඔය පැත්තෙත් එහෙම වෙන්ටෑ...
Deleteමම ඔය හොල්මන නෑ කියන්නෙත් නැතුව, ඊයෙ රෑ අපේ සෙට් එකක් මාව මරන් කන්න හැදුව ඕක තියෙනවමයි කියල.... උන් කිව්ව කාරණා, ;)
ReplyDelete1) ඕක ගැන හොයන්න ගිය පොලිසියෙ උනුත් බය වෙලා
2) කෙල්ලව බයික් එකේ තියන් ගෙදරට ගෙනත් දාන උන් ගෙදර දොරට තට්ටු කලාට පස්සෙ බඩු මිසින්... ගෙදර උන් අර බයික් පොර හරි කාව හරි උදේ වෙනකම් නවත්තන් ඉඳල ගෙදර යවනව
3) කෙල්ලගෙ මරණෙ ගැන සැකේට ඒ ගෙදර මිනිස්සු මලගිය උදවිය ගෙන්නන තැනකට ගිහින් මෙයාව ගෙන්නලලු... වැඩේ කරන් යද්දි කට්ටඩියට සිහි නැතිවෙලාලු... ඉතිං ගෙන්නපු මලගිය පරාණෙ යවාගන්න විදිහක් නෑලු...
තව වෙන වෙන හොල්මන් කතා ගියා... මාරෙ අයිය කියල තියෙන හොල්මන ගැන තව අහන්න ගියා නම් මගේ සරීර සෞඛ්‍යට හොඳ නොවෙන්න තිබුන හින්ද ඇහුවෙ නෑ... :)
ඔය අහපු කතා ටික ඔක්කෝම මාත් ඒ විදියටම ඇහුවා... කොහොම උනත් මොනවාම හරි දෙයක් නැති වෙන්නත් බැහැ...ඒත් මටනං කිසි දෙයක් පෙනුනේ නැහැ..නිකං ඉන්න එකේ ගිහින් ආවනං නරකද..?
Deleteරහස් පරීක්ෂක මාරසිංහ... :-)
ReplyDeleteමැප් එක නං පස්ට..
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ආයෙත් උලව් සම්පතක් ගැන කියනවා..එපා යකෝ..:D
Deleteඈ බං උබට ඒකිව හමූඋනේම නැද්ද හික් හික්
ReplyDeleteනැහැ නෙව...
Delete"මාරයා මාරපරික්ෂාවක"
ReplyDeleteමාරය ව දැක්කහම ......... හොල්මනත් බයවෙන්න ඇති මොකද හොල්මන වුනත් ගැනු හොල්මනක්නෙ ..... මොකද ශුවර් නැහැනෙ....... හදිස්සියේ රැ හොල්මන ගැන මාරයා ට හිතක් පහල වුනොත්...... ඇම්ඩට මොහිනී හම්බුනා වගෙ වෙයි...හි හ් හි හ්....... නියම ලිපියක්.... ඔබට ජය....
සිකේයියා මෙන්න කිව්වා කතාවක්...
Deleteඅපි ස්කුබි ඩූ බලන නිසා හොල්මන් වලට බය නැත..
ReplyDeleteමං නං ඉස්සර ගෝස්ට් බස්ටර් එහෙමත් බැළුවා...
Deleteබොට ෂුවර් ද ඔය මහ රෑ ගැහුවෙ පොටෝ විතරමයි කියල...
ReplyDeleteආයෙත් අහලා...
Deleteඅර මෑද තියෙන පෝස්ටරේ නම් කවුදෝ ඉන්නවා...එයාද?
ReplyDeleteහීහී... රමණි අක්කාට පොලිසිය බය වෙලා ගිය සිද්ධිය නම් නියමයි....
කෝ..එහෙම පෝස්ටරයක් පේනවද..?
Deleteකො බං හොල්මන??/ O.o
ReplyDeleteඇයි පෙනුනේ නැද්ද..? සොරි තමා එහෙනං බොලා රාක්ෂ ගනේ...
Deleteමේකයි කේස් එක. උඹ යන්න කළින් මේකෙ යනවා කියලා පබ්ලිෂ් කළානෙ. ඉතින් තෝ වගේ එකෙක් එනකොට හොල්මන්වත් ඉඳියි ද බං.
ReplyDeleteඒ කියන්නේ හොල්මන ෆේස් බුක් එන එකක්..?
Deleteආහ් මං දැක්කා අර බස් හෝල්ට් එක උඩ යන්තම් එබී බලන් ඉන්න එක්කෙනා ගැන නේද ඔය කියවන්නේ.
ReplyDeleteහරියටම හරි..මෙච්චර වෙලා එකෙක්වත් ඒක දැක්කේ නැහැ... මං මේ බල බල හිටියේ එකෙක් හරි ඒක දකී කියලා...
Deleteඇත්තටම තනියෙන් ද...? ගියේ...
ReplyDeleteඑක්ක යන්න කියලවත් තව කවුරුවත් ඉන්න එකක්යෑ.. අනික තනියම මිස ඩබල් දාලා ගෙහුං හොල්මං බැලියැකිද..?
DeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..මාරයාගේ හිත හයිය ඇති, නැත්නම් මාරයට විතරක් හොල්මන් නොපෙනී තියෙන්න බැහැනේ...
ReplyDeleteදෙයියෝ තමා දන්නේ...
Deleteහෆ්ෆටසිලි......
ReplyDeleteසිලි දත් අහනවා..සිලිම තමා...
Deleteෆ්ලෑෂර් එක නැතුව ගත්තනම් පෙනෙයි!
ReplyDeleteඅන්න ඒකනං මට අමතක උන කාරණයක්...
Deleteඅනේ මලේ මං වැඩිහිටියෙක් හැටියට උඹට අවවාදයක් දෙන්නම්.. ඔය නන්නත්තාරේ යන හොල්මන් ගෑනු පස්සේ යන්නේ නැතුන් හොඳ කෙල්ලක් ගෙදරට අරන් වරෙන්කො.. ඔහොම ගියොත් උඹේ හොඳ කල වයස ගෙහින් උඹට හොල්මනක්ම තමයි ගෙනෙන්න වෙන්නේ ..
ReplyDeleteදැන් ඉන්න තරමක් ඉන්නෙත් හොල්මං කොට කොහොමද අයියේ එහෙම නැති එකක් හොයා ගන්නේ..?
Deleteමට නම් මෙලෝ හොල්මනක් මෙහි පේන්නේ නැත. රාක්ෂ ගනයේ නිසා වෙන්න ඇති.
ReplyDeleteආ රාක්ෂ ගනනං ඉතිං කොරන්ට දෙයක් නැහැ...
Deleteකෝ අප්පේ හොල්මනක්????
ReplyDeleteඇහ් නිසූපට නොපෙනෙන්න විදියක් නැහැනේ...
Deleteහොල්මනක් නම් දැක්කේ නැත. රමණි අක්කගේ සිද්ධිය නම් පට්ටයි ආහ් :) හොල්මනක් බලාගන්න මාත් සැහෙන ආසාවකින් ඉන්නේ....!!!!! :D
ReplyDeleteමේක දැක්කේ නැත්තං ආයේ වෙන එකක් පෙනෙයි කියලා හිතන්න බැහැ...
Deleteඔන්න මාරයා හොල්මනකට ට්‍රයි කොරන්ඩයි යන්නෙ..............මාර හොලමං සුසංයෝගයෙං මොක්කු ඉපදෙයිද දන්නෑ.
ReplyDeleteමං බොට කිව්වයි කියලා හිතාගං..හැහ්
Deleteඔන්න මාත් ඔය ගැන ලිව්වා.මේකට ලින්ක් කොළා.මාරයා අයියගෙන් ලින්ක් කරන එක ගැන අවසර ගන්ට ජොතිෂ්යකාර්යාලයට ඊයක් එව්වා.අවසර දෙන්ඩෝ....
ReplyDeleteහා හා ඕන එහෙකට ලින්ක් කර ගන්ට...
Deleteපොඩි හොල්මන් බලන්න ලොකු හොල්මනක් ගියාම පොඩි හොල්මන් "හොල්මන්" වෙලා අතුරුදහන් වෙනවා
ReplyDelete:D
DeleteTeshan
ReplyDeleteමැරුනම අපටත් බැරිද හොල්මනක් වෙන්න
මට නම් ඒ ෆොටෝ එකේ මුකුත් පෙන් නැහැ.
ReplyDeleteමර අයියේ,මේකෙ කොතනද හොල්මන් නංගි ඉන්නේ.???????
ReplyDelete