21 May 2012

ෆොන්සේකා මහත්තයට මගෙනුත්...

ආයේ ඉතිං කොහේ හරි යන හට්ටියක් මුට්ටියක් දැක්කොත් දූවලා ගිහින් ඒකට ඔළුව අල්ලන්න මගේ තියෙන පුරුද්ද අතෑරගන්න බැරි හින්දම ඔන්න මේකත් ලියන්න හිතුවා...

ඕන්න ෆොන්සේකා මහත්තයා නිදහස් කරලා... දැනගන්න තියෙන විදියට ප්‍රජා අයිතිය ආදී සියළුම දේ ඇතිවයි ඒ නිදහස ලැබිලා තියෙන්නේ.. ඒ කියන්නේ ජයන්ත කැටගොඩ උන්නහේ දැනට දරණ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයත් ආපහු දරන්න උනත් පුළුවන්කමක් ලැබේවී..ඒත් ඒ සඳහා ඇති නීතිමය ගැටළු තියේද කියලා මං හරියටම දන්නේ නැහැ.. කොහොම හරි ඒකත් ලැබෙනවනං හොඳයි...

හරි මෙච්චර දවසක් මහින්දට කඩේ ගිය එකා මේ හදිසියේම මොකද ෆොන්සේකා උන්නැහේට මුක්කු ගහන්න හදන්නේ කියලා කාට හරි හිතෙන්න ඇහැකිනේ..හපොයි නැත.. කොයි තරං ඇඳගෙන නෑවත්.. කස්ටිය මට වට කරගෙන නෙළුවත් මං තාමත් පරණ ගොඩේම තමා... ඒත් ඉතිං මේ වගේ අවස්ථාවක මගේ හිතට එන ඒවත් ලියල නොදා කොහොමද.. කොහොමත් මේ බ්ලොග් එක මං අටෝ ගත්තේ මගේ හිතේ ‍තියෙන දේවල් කියන්න මිස වෙන අහවල් එහෙකටයෑ...

මහින්දලා එක්ක එක පෙලට හිටගෙන හිටිය ෆොන්සේකා උන්නැහේ හිටි හැටියේ අනිත් පැත්තේ හිටිය මංගලලා එක්ක දීග ගොහින් අන්තිමට නැවතුනේ හිරේ... හිරේ ඉද්දීත් කට වැහුන නැති ෆොන්සේකා උන්නැහේ ඔන්න දැන් ආවා එළියට.. දැන් මෙතැන ඉඳලා මොකද වෙන්නේ...

කවුරු කොහොම කිව්වත් දේශපාලනේට බැස්ස එකා ආයේ ඒ මඩ වලෙන් ගොඩ ගන්න මේ සම්මජ්ජාතියේ බැහැ... දැන් ඉතිං මුන්නැහේටත් ඒ ටිකම තමා අපි කොහොම කිව්වා උනත්...

ඉතිං දැන් මේ බැස්ස මඩ වලේ නිකංම නොහිට යන්න එන්න අතක් හොයන්න එපෑ...

බුදු හාමුදුරුවෝ බුදු වෙලා ලෝකයාට නිවන් මාර්ගය පෙන්නන්ට ඕන කියන තීරනේට ආවට පස්සේ මුලින්ම හොයා බැළුවේ කාගෙන්ද ඒක පටන් ගන්නේ කියලා... එතනදී ක්‍රමයෙන් බලාගෙන ගියේ තමන්ට ඒ දන්වා මාර්ගයට එන්න උදව් උපකාර කල යාළු මිත්‍රයෝ..ගුරුවරු ආදිය ගැන.. කොහොම හරි ඒ ඒ ගුරුවරු කාලක්‍රියා කරලා කියලා දැනගත්තම අන්තිමේදී නැවතුනේ පස්වග තවුසන් ගාවින්..

දැන් ෆොන්සේකා උන්නැහෙත් තමන්ට මෙතනට එන්න උදව් කල අය ගැන පිළීවෙලින් බලාගෙන යන්න එපෑ...

ජේවීපීය...

උන්නැහේ එළියේ ඉන්නකොට තිබුන ජේවීපිය නෙවෙයි අද තියෙන්නේ..ඒක කෑලි දෙකක් වෙලා.. ඒකෙන් උන්නැහේ කලින් ආස්සරය කල ගොඩේ හිටිය ලාල්කාන්ත උන්නැහේ වේලපහම කියලා දැම්මා ෆොන්සේකා උන්නැහේට ඇහැකි දේශපාලනයක් නැති වග.. මේ ඊයේ පෙරෙදා අනුර දිසානායක ගොයියත් ඒ ටිකම වෙන විදියකට කියලා දැම්මා..කොටින්ම ෆොන්සේකා උන්නැහේලගේ කෑල්ලක් නෙවෙයි... ඒ යාළුවෝ දැන් ෆොන්සේකාට ලොකු උදව්වක් කරයි කියලා හිතන්න බැහැ තැනකට එන්න..ඕනනං ගියපාර වගේම ආයේ හිරේට යන්නනං ක්‍රමයක් හොයා දෙයි සිය කැමැත්තෙන්ම...

යූ ඇන් පීය...

එකෙත් තත්වේ හොඳ මදි... ඇතුලේ තියෙන සුනඛ පොරය නිමා වෙනකල් ගමේ රටේ ඉන්න පාක්ෂීකයින්ටත් එල්ලෙන්න වැල් නැතිව බලං ඉන්නවා... රනිල් උන්නැහේ කොහොමටවත් බෙදාගෙන කන හාදයෙක් නෙවෙයි... ෆොන්සේකා උන්නැහෙත් එහෙමම තමා.. ඒ දෙක යාදෙක නොරත රත...

සජිත් ගොයියා කොහොමත් අනිත් අයව බිල්ලට දෙන්න දෙයියා.. කරූට කොරපු ටිකම ෆොන්සේකාට නොකර ඉන්න පුතයෙක් නෙවෙයි උන්දෑ... තමුන්ට පක්සේ නායකයා වීමත් එයින් පස්සේ රටේ නායකයා වීමත් කියන හීන දෙක හැබෑ කරගන්න ඕන දෙයක් ඔට්ටුවට තියයි..එහෙම උනොත් ෆොන්සේකා උන්නැහේට වෙන්නේ ආයෙම දංගෙඩියට බෙල්ල තියන්න...

දැන් එතකොට තව කවුද ඉන්නේ..?

මට පේන හැටියටනං කලින් හිටිය සෙට් එකේ එකෙක්වත් මුන්නැහේව බාරගන්න ලෑස්ති නැහැ... රනිල් කතා කරන්නේ එයාගේ යටතේ තවත් හෙංචයියෙක් වෙන්න.. සජිත් කතා කරන්නේ කරූ වගේ බිල්ලට යවන්න... ජේවීපිය කතා නැහැ...


ඒත් රටේ යූ ඇන්පී පාක්ෂිකයෝ බහුතරයකුත්.. ජේවීපීයේ දෙතුන් දෙනෙකුත් නිදහස්මතධාරී මධ්‍යස්ථ ජන්දදායකයින්ගෙන් කොටසකුත් බලං ඉන්නවා තමුන්ට හරි හමං මාර්ගයක් නැතිව...ෆොන්සේකා මහත්තයට ඒ කොටසට නායකත්වය දෙන්න පුළුවන්..ඒත් ඒකටත් හරි හමං වැඩ පිළිවෙලක් තියෙන්න ඕන...ගිය පාර වගේ කිසිම සැලැස්මක් නැතිව මං ආවොත් දහ දහක් දෙනවා වගේ නොකියා උන්නැහේ දැන් කරන්න ඕන හමුදා දිවියේ ඉන්නකොට හොයා නොබලපු සාමාන්‍ය සමාජය දිහා බලලා ඒක අවබෝධ කරගෙන ඊ ළගට රටේ තත්වය දැන් තියෙන හැටි හොදින් සොයා බලා.. ඒ තත්වය යටතේ කල හැකි දේ ගැන සැලැස්මක් හදලා ඒකට එකතු කරගත හැකි ප්‍රයෝජනවත් මිනිස්සු ටිකක් එකතු කරගන්න එක... ආන්න ඒ විදියට කරගන්නවනං උන්නැහේටත් දේශපාලනයේ ගමනක් යන්න බැරි වෙන එකක් නැහැ... හැබැයි දවල් වැටුනු වල මග ඇරලා යන්න තරං සිහි කල්පනාවක් තියෙන්න ඕන...

උන්නැහේට කලින් ලං කරං හිටිය සෙට් එක ආපයට පාර පෙන්නන්න මිස වෙන එහෙකටනං සහයක් දෙන සෙට් එකක් නෙවෙයි.. ඒ හින්දා මේ පාරවත් තමුන්ට ගොඩයන්න පාරක් පෙන්නන අය එක්ක එකතු වීමයි වැදගත්...

ඔන්න මං කැමතිම තැන.. කස්ටියට බනින්න පොයින්ට් එක...

සරත් ෆොන්සේකා මහත්තයෝ පුළුවන්නං අල්ලන්න හෙළ උරුමේ...අන්න තමුන්ට හරියන නියම සෙට් එක... යුද්ධේ වෙලාවෙත් තමුන්ව උඩ දැම්මේ වැඩියෙන්ම ඒ අය තමා..ඒ වගේම ෆොන්සේකා මහත්තය වගේ සිංහල ජාතිවාදී කියන ලේබලේට එක පෙලට හිට ගන්න ඇහැකි අය තමා ඒ...දැන් ආණ්ඩුවේ හිටියා උනත් හරි විදියකට කතා කලොත් ඒ අයගේ සහය ටිකෙන් ටික තමුන්නැහේට දිනාගන්න බැරිවෙන එකක් නැහැ..ඒ හින්දා උත්සහ කරන්න ආන්න ඒකට... චම්පික රණවකලා රතන හාමුදුරුවෝ වගේ අයත් එක්කනං එකට හිට ගන්න තමුන්නැහේට බැරි වෙන එකක් නැහැ...

එහෙම නැත්තං ආයේම ආණ්ඩුවට..?

චී චී එහෙම හිතන්නවත් එපා... තමුන්නාන්සේව කර උඩ තියාගෙන හිටිය උන් තමුන්නැහේව මරං කයි... මේ අපි වගේ නෙවෙයි උන්දලා දෙන්න ගියාම දෙනවා නැති වෙන්නම...ඒ හින්දා ආණ්ඩුවටනං එන්න හිතන්නවත් එපා... අර කිව්ව එක ගැන හිතා බලන්න...

(අර කටුකන කතා හින්දා ටිකක් බයේ හිටියා උනත් ඇහැකිනං විමලුත් නරක නැහැ තමුන්නැහේට..එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ..මතකනේ..)

93 comments:

  1. මම නම් බලන් ඉන්නව විතරයි... හැබැයි රෑ වැටුන වලේ දවල් වැටෙන එකක් නෑ කියල හිතනව... :)

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසියි.. ලිපිය නිවැරදි කරොත් හොඳයි..

      http://www.gossiplankanews.com/2012/05/fonseka-still-in-open-prison.html

      Delete
  2. ඔය කියපු දෙගොල්ලොම උන්නැහේට නරක නැති උනත් මොනවද කරන්නේ කියන කාරනාව උන්නැහේටම භාරයි, මොලයක් කියල දෙයක් ඇතිනේ උන්නැහේටත් උනේ මොකක්ද කියල තේරුම ගන්න. නැත්තම් ඔය තරම් යුද්දයක් කරලා දිනා ගන්න පුළුවන් වෙන්නෙත් නෑ නේ. සාතන් කියනවා වගේ රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එකක් නෑ කියලා හිතාගෙන බලා ඉන්න එක තමයි අපිට කරන්න වෙන්නේ

    ReplyDelete
  3. බය වෙන්න එපා අර දීප්ති ගුනරත්න කියල පොරක් ඉන්නව
    මිනිහ ගොඩක් උගත් දාර්ශනිකය
    පොර පොන්සේකව හදල ගනී කියල තමා නාරද බක්මීවැව කියන්නෙ

    ReplyDelete
  4. මාරයාටත් මාර අදහස්නෙ පහලවෙන්නෙ,
    මමනම් හිතන්නෙ ෆොන්සේකා මහත්තයා දේශපාලනය මුලින්ම පටන්ගත්තෙ වැරදි අයත් එක්ක. ඒ අවස්තාවේ යන එන මං නැතිව හිටිය ඒ ආය ෆොන්සේකා මහත්තයාගෙ පිහිටෙන් ගොඩයන්න ට්‍රයි කරා, ඒ විතරක් නෙවෙයි, හමුදාපාලනය ගැන ඇසූ පිරූ තැන් තිබුනට, දේශපාලනය ගැන නම් එච්චර අවබෝධයක් තිබුනෙත් නෑ, ඒ වුනාට දැන් නම් ලංකාවේ දේශපාලකයෝ ගැනයි, දේශපාලනය ගැනයි හොඳ අවබෝධයක් ඇති කියලා හිතනවා, හොඳට කල්පනා කරල වැඩේට අතගැහුවොත් වරදින එකකුත් නෑ.
    "ඒත් මමනම් කැමති දේශපාලනයෙන් ඈත්වෙලා ජීවිතේ සැඳෑ සමය නිස්කලංකේ ගෙවනවනම්.." :D

    ReplyDelete
    Replies
    1. හිම්ම්...
      ඒවගේම හුගක් දෙනෙක් කියනවා වගේ ෆොන්සේකා කියන්නේ ටිකක් විතර එකදිපති පාලකයෙක්, වගේම හිතුවක්කාරයෙක්...
      (නියම දකුණේ පොරක් - හිකිස්‌)
      දැන් ෆොන්සේකාගේ තත්වෙයි ඔහුගේ ස්වාභාවික හැටියි හිතලා බලනකොට කලටිපොල් වලින් ඈත් වෙලා ඉන්න එක ගොඩක් සුභාදායකයි වගේ...
      දේශපාලනේ අවශ්‍යම නම් ම.රා. ආණ්ඩුව එක්ක එකතු උනොත් කලටිපොලේ යාම දුරක් යන්න හැකි වේවි කියල හිතෙනවා...

      Delete
  5. යූ ඇන් පීය තත්වේ හොඳ මදි... ඇතුලේ තියෙන සුනඛ පොරය නිමා වෙනකල් ගමේ රටේ ඉන්න පාක්ෂීකයින්ටත් එල්ලෙන්න වැල් නැතිව බලං ඉන්නවා... සජිත් ගොයියා කොහොමත් අනිත් අයව බිල්ලට දෙන්න දෙයියා.. කරූට කොරපු ටිකම ෆොන්සේකාට නොකර ඉන්න පුතයෙක් නෙවෙයි උන්දෑ... තමුන්ට පක්සේ නායකයා වීමත් එයින් පස්සේ රටේ නායකයා වීමත් කියන හීන දෙක හැබෑ කරගන්න ඕන දෙයක් ඔට්ටුවට තියයි..එහෙම උනොත් ෆොන්සේකා උන්නැහේට වෙන්නේ ආයෙම දංගෙඩියට බෙල්ල තියන්න...--//

    100% එකඟයි

    ReplyDelete
    Replies
    1. අනිවා...
      දැන් ලංකාවේ පිරිසිදු දේශපාලනයක් නෑ...
      තියෙන්නේ දේශපාලනයක් වගේ එකක්...

      Delete
  6. රෑ වැටුන වලේ දවලුත් වැටෙන එකක් නෑ කියලා හිතනවා...
    මොනවා උනත් අයෙමත් ඔය බලු පොරයට ගියොත් තත්වය මීට වැඩ සෝචනීය වෙන්නත් පුළුවන් හොඳ අතට හැරෙන්නත් පුළුවන්..

    සෑමා නොටියගේ පෝස්ට් එකක් දාපු කමෙන්ට් එකකට රිප්ලයි කරපු උත්තරේ මතනත් දාන්නම්...
    http://naughtysimpressions.blogspot.com/2012/05/blog-post_19.html

    හොද මිනිස්සු තමයි දේශපාලනේට ඕනි..
    ඒත් ලංකාවේ තියන දේශාපාලණ පසුබිම තුල හොද මනුස්සයෙකුට තියන ඉඩ කඩ වැලි කැටයකටත් වඩා සුලූ ප‍්‍රමාණයක්.

    හොද මිනිහෙක් ලංකාවේ දේශපාලනේට ආවොත් වෙන්නේ...
    1. පාළනතන්ත‍්‍රය තුලින් ඔහුව රූකඩයක ස්වරූපයට පත් කිරිම...
    2. එසේ නොහැකි වුවහොත් මොනයම් ක‍්‍රමයකින් හෝ ඔහුව දේශපාලණයෙන් අතුගා දැමීම..

    උදාහරණයක් කියනවා නම්
    පේ‍්‍රමදාස මහත්තයා, විජය කුමාරතුංග, ලක්ෂ්මන් කදීර්ගාමර් වගේ අයට මොකද උනේ...?
    එක්කෝ බෝම්බයක්, නාදුනන වෙඩිකක්රුවෙක්. ස්නයිපර් කෙනෙක්..
    දැන් අන්තිමට යුද අපරාධකරුවෙක්.

    තීරණය තියෙන්නේ ඔහුගේ අතේ...
    රෑ වැටුන වලේ දවල් වැටෙනවද...?
    පාලන තන්ත්‍රයේ රූකඩයක් වෙනවද...?
    නැත්නම් ගව්රවනීය පුරවැසියෙක් විදියට ඉදිරි කාලය ජීවත් වෙනවද...?

    අපිට කරන්න තියෙන්නේ බලා සිටීම පමණයි...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස වගේ මිනි මරු නුගත් ඒකාධිපතියෙක්ව විජය වගේ මානව හිතවාදියෙක් සහ කදිරගාමර් වගේ උගතෙක් එක්ක එක පෙලට තියන එක ඒ මිනිස්සුන්ට කරන අපහාසයක් මහත්තයෝ

      Delete
    2. ප්‍රේමදාස මිනී මැරුබව ඇත්ත. ඒකාධිපති බවත් හරි. නමුත් නූගත් වුණාට දැන් රටේ අහිංසක මිනිස්සු බහුතරයක් කාලා ඇදලා ඉන්නෙ ඔහු බුද්ධිමත්ව හිතලා නිර්මාණය කරපු කර්මාන්තපුර, ඇගළුම් කර්මාන්ත නිසා බව අමතක කරන්න එපා. (මෙහෙම කිව්වට මම හොද ම.රා. පාක්ෂිකයෙක්. (දැන්නම් ආයෙත් හිතන්න වෙයි වගේ) )

      Delete
    3. මම නම් ඔය මොන පාක්ෂිකයෙක්වත් නෙවෙයි , ප්‍රේමදාසගෙත් හොඳ නැතුවා නෙවෙයි . නමුත් මෙතන ඉන්න අනික් මිනිස්සු දෙන්නා ඊට වඩා ගොඩක් වටින මිනිස්සු . ප්‍රේමදාස එක්ක එක පෙලට රාජපක්ෂ උන්නැහේව තිබ්බා නම් නොම්මර එකට ගැලපෙනවා . බොහොම චූටි වෙනස් කම් ටිකක් විතරයි දෙන්නගේ තියෙන්නේ

      Delete
    4. ඔය නිර්පාක්ෂික ලේබලේට වඩා කාට හරි පක්ෂ වෙන එක හොදයි කියලයි මම හිතන්නෙ. මොකද ඔය නිර්පාක්ෂික ලේබලේ කියන්නෙ සීතාම්බර සළුවක් වගේ එකක්. මම චන්ද තුනකදී ප්‍රධාන පක්ෂ තුනට චන්දෙ දීලා තියෙනවා. (slfp, unp, jvp) වඩා වැදගත් අවස්ථාවෝචිතව කවුරු දක්වන ප්‍රතිපත්තිය හොදයිද සහ ප්‍රායෝගිකද කියලා බලන එක.

      Delete
    5. ඔයා කියන දේ මම පිලිගන්නවා නමුත් ඒ දෙන්නගෙත් වැරදි නෑ වගේ කතාවක්නම් අදහස් කරන්නෙ මම ඒක පිලිගන්නෙ නෑ.
      ප්‍රේමදාස රාජපක්ෂ වගේම ඔය පෙළට ‍‍ෆොන්සේකා මහත්තයත් ඉන්නවද කියලා අපි තාම දන්නෙ නෑ නෙ. අවස්ථාවක් දීලා බලන එකත් හොදයි.

      Delete
    6. පක්ෂ තුනකට ඡන්දෙ දුන්නා නම් මරා පාක්ෂිකයෙක් කියල කියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් . මම ඡන්දය පාවිච්චි කරන්නෙත් අවස්ථානු කූලව . ඒ මගේ දේශපාලන මතවාදයට දක්වන අනුකුලතාවයන් සහ රටේ තත්වය අනුව . ඒ ඇර අහවල් පක්ෂය පුද්ගලය කියල මට විශේෂයක් නැහැ .

      වැරදි නැති මිනිස්සු කොහෙද ඉන්නේ ,අදාල පුද්ගලයින් පිලිබඳ සාපේක්ෂ සංසන්ධනයක් ගැනයි මම කථා කරන්නේ . ෆොන්සේකා කොයි කැටගරියටද වැටෙන්නේ කියල අපිට දැන්ම කියන්න බැ .ජේ.ආර් ගේ ඉඳන් මහින්දලා දක්වා සියලු ජනාධිපතිලා අයත් වෙන කැටගරියට වඩා මහා ලොකු වෙනසක් නම් වෙන එකක් නැ . ඊට කලින් එච්චර තැනකට එන්න පුලුවන්ද බලන්න එපැයැ

      Delete
    7. මම ඒක කිව්වවෙ දැනට සාපේක්ෂව. මම වැඩිම කාලයක් අනුමත කරන කැටගරියෙ නායකයා මරා නිසයි ඒක සදහන් කලේ. ඒක එතකොට පාක්ෂික වීමක් වෙනවා. තවමත් ඒකෙ ලොකු වෙනසක් වෙලා නෑ. බොහෝ විට තවත් චන්දයකට ආවොත් වෙනස් වෙන්න පුළුවන් මේ යන ක්‍රමේ වෙනසක් නොවුනොත්.

      Delete
  7. හිරේ ඉන්න ඕන මනුස්සයෙක් නෙමේනේ . . දරුවොයි බිරිඳයි එක්ක සන්තෝෂෙන් ඉන්න ලැබෙන්න කියල තමයි මන් නම් හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙමයි...

      Delete
    2. මම හිතන්නෙ ඔයාල අහලා නැහැ එක රැස්වීමකදි අපේ ෆොන්සේකා මහත්තයා කීවා කොහොමද එයා දිනුවම මහින්ද, ගෝඨා හිරේ දාන්නෙ කියලා.(හදන හිර කූඩුවෙ දිග පළල පවා කීවා)
      පොර ඒ තරම් ලස්සන Fantacy එකක හිටියෙ.

      පොර අඬවන්න හිටියෙ මහින්දගෙ,ගෝඨාගෙ ගෑනියි, ලමයිනුය්.
      අන්තිමේදි අඬන්න වුනේ කාටද?

      Delete
  8. දේශපාලනයට ආයේ නොඑනවානම් හොඳයි කියන එක මගේත් අදහස. ඒ වුනාට එහෙම වෙන එකක් නැහැ.

    කොහොම හරි අර අහිමි කරපු දේවල් හැකි තරම් ආපහු දුන්නොත් හොඳයි නේද ? ඔක්කොම බැරිනම් ටිකක් හරි.

    ReplyDelete
  9. මාරයො මේ වගේ ලිපියක් පත්තරයකවත් දැක්කේ නැ. රටේ මිනිස්සුත් බලන්ඩ වටින කාරනා ටිකක් තියෙන්නේ.පුළුවන්නම් පත්තර පඩංගූවකට කතා කරලා මේ ලිපිය එල්ලපන්.බ්ලොග් බලන් නැති උන්ටත් දකින්න.නියමයි මචං පවතින තත්වය මලක් වගේ ලස්සනට ලියලා.මාරයාගේ හෝරාවට මම ආසා ඇයි කියලා මම දන්නැ.උඹව කියවන කොට මට ඇගට දැනෙනවා.මම කියවපු පළමු බ්ලොග් එක කතන්දර කාරයා. දෙවනි එක මාරයාගේ හෝරාව. දෙකටම මම කැමතියි.බ්ලොග් කියලා මංගල්ලයක් තියනවා කියලා මම දන්නෙත් මේ දෙක දැක්කට පස්සේ.උඹට වයස 35ක් නැ මයේ හිතේ හැබැයි උඹ අවුරැදු 65ක් ජීවත් වේලා තියනවා. උඹ පට්ට නාකී මුත්තෙක් බොල.

    ReplyDelete
  10. //ඒ හින්දා ආණ්ඩුවටනං එන්න හිතන්නවත් එපා...//

    " එන්න ?"

    පුහ්.....

    ReplyDelete
  11. maaraya iya aye ano open karapu eka gana satutui..man nam kiyanne Fonseka mahattayata Sajith ekka ekatu unoth hodai kiyala..oba tumata terenawada manda anduwata vidayaka balayai wayawastawe 2/3 balayakui labila samanya janatawa balaporotthu wena de labenawada kyana eka gana pashnayak tiyenawa..anduwa war eka kale kwe eka nisa kisima sahanayak denna amarui kiyala..dan ?????????????? parawal tika carpet kara kiyala loku loku building hadala nama gahagattata oba tuma hitanawda samanya janatawata Premadasa mahattaya karapu taram sewayak sidu una kiyala tamath,,,apita hoda shakthimath vipakshayak tiyanawa nam mewata kata kranna wath puluwan anduwata yamak dannennna eka loku deyak...aniwa Fonseka mahattayai Sajith ,Karu, Arjunala,Tiran la ekatu unoth e awashtawa pirimahei kiyala hitanawa....dukata tiyenne Pattara karayoth bahutarayak anduwatama kade yana eka..tawa Radio tv channel gana kawara kathada? vivechanayak karanna puluwan baya nati minihek wipakshe hitiyoth godak dewal hari yawe..ehama unoth asiawe ashchryath wadi ataka nowei kiyala hitanawa ..diga wadi unada manda? :D

    ReplyDelete
  12. සරත් ෆොන්සේකාMay 21, 2012 at 10:15 PM

    ඔබතුමා කියනකම් තමා මම හිටියේ. මම ඒ විදියටම කරන්නම්.

    ReplyDelete
  13. රුපියල් 2500 කින් මාසයක් තිස්සේ තණකොළ කාලා, ඉදල හිටලා මේ වගේ රටටම ඇහෙන්න තප්පුලන උඹල වගේ හරකුත් ඉන්නවා කියල නැවතත් ඔප්පු කලාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා ඕං..

      Delete
    2. I also Agree with u twice. Mr Gotabaya farm grass using with manpower of army at parliment ground to give persons such as chandrakumara.

      Delete
    3. 2500 jeewath welaa ithuru salli tika mahindage paulatama puuja korapalla mathaka athuwa..

      Delete
  14. විමල් - ප්‍රතිපත්තියක් නැති සුකරයෙක් මතකනේ?
    සරත් - හිරේ දැම්මත් වෙනස් නොවෙන ප්‍රතිපත්තියක් ඇති මනුස්සයෙක්.

    ඇයි සූකරයන් එක්ක හවුල් වෙන්නේ? තනියම හිටගන්න පුලුවන් මනුස්සයෙක්.

    ජය ශ්‍රී ! (වෙනදට වඩා හයියෙන්)

    ReplyDelete
  15. මාරයියගේ කතාව සම්පූර්න ඇත්ත..!!!!!

    ReplyDelete
  16. marayo ,hela urumeye keruwawa gena monakatada?

    ReplyDelete
  17. ජෙනරාල් හිරේ ගිය එකට "මාරයාට" නම් කාලකන්ණි සතුටක් තිබී ඇති බව පෙනේ.
    මරුවිනුයි, කුඩු කාරයොයි, මහ රජායි එක බජාර් එකකට අයිති උනාට විමලුයි ෆොන්සේකයි තවමත් එකම අත්තට නොවැටේ.

    යුද්ධයට පෙරත් මහින්ද ගොථා හා එක්ව සිටියද ඔහුගේ දේශපාලන දැක්ම මහින්ද හා නොපෑහුනි. ෆොන්සේකාට දේශපාලනය නොගැලපෙන බව මගේ අදහසයි.

    ReplyDelete
    Replies
    1. අප්පා එතකොට ෆොන්සේකා මහතා කලින් සිටියේත් (ජනදිපතිවරණ සමයේත් ) දැන් වටේ සිටින්නේත් එසේ ගැලපෙන සෙට් එකක්ද ?

      සජිත් ප්‍රේමදාස, පාලිත රංග බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, අර්ජුන රණතුංග....

      ෆොන්සේකා මහතාගේ දේශපාලනය ගැන මට ඇත්තේ නොකමත්තෙකි. මට මෙතෙක් කල් පෙනී ගොස් ඇති අන්දමට ඔහුටද දේශපාලන දර්ශනයක් කියා දෙයක් නැත. ඔහුගේ ගතිගුණ දේශපාලකයෙකුට තබා කිසිදු පුද්ගලයෙකුට සුදුසු නැත (එතකොට ඉන්නා උන්ගේ ගතිගුණ?). ඔහුට වැරදි ගොඩක්( බලය ඇති තනතුරක සිටින්නෙකුට නුසුදුසු තරම්) ඇත (යලිත් ඉන්නා උන්?).

      ඒවා පැත්තක තබමු. ඔහු රට වෙනුවෙන් වැඩ කල මිනිසෙකි. වැඩ කරන්න හැකි මිනිසෙකි. ඉතින් ඔහුව මා කියූ සෙට් එකේ තැබීම මගේ අදහස අනුව නම් අපහාසයකි.

      ප ලි: මේ සමාව දීම ගැන සිතන විට මට පෙනෙන දේ නම් සමාව දීම තුලින් ෆොන්සේකා මහතාව චන්දය ඉල්ලිය නොහැකි තැනකට කොටු කර ඇත (ශ්‍රී ලංකාවේ පවතින සාමාන්‍ය නිතිය අනුව).

      Delete
  18. දැන්නම් හොඳහැටි තෙම්පරාදු වෙලා ඇති....

    ReplyDelete
  19. බලා හිදිමි වෙන දේවල් දිහා..

    ReplyDelete
  20. මොනවා උනත් කම නෑ හරියට ලියලාදෙන එක ඒ විදියට කියෙව්වොතින් ඇති. අතින් නොදා හැගීම් එලියට නො එන විදියට

    ReplyDelete
  21. මෙවට ඇවිත් උත්තර දෙන්න කෝ බුවා

    ReplyDelete
  22. දේශපාලන ගමනක් යාමට නම් ඕනෑම කෙනෙකුට නිවැරදි දැක්මක්, හොඳ සංවිධාන ශක්තියක්, එම ක්ෂේස්ත්රය් පරිනත් කමක් අවශ්‍ය වේ. අපේ සිත්වල සිටින කුමන හෝ වීරයකු අපේ දේශපාලන නායකයා යන තැනට ඈඳා ගැනීම බොළඳ ක්‍රියාවක් ලෙසයි මා දකින්නේ. ෆොන්සේකා මහතාට තනියෙන් හිට ගත හැකි බවට පවසන සැමා මෙලෙස පවසන්නේද හැඟීම්බරව යයි මට සිතේ. එතුමාට අපි ගරු කරන්නේ එවකට තිබු දේශපාලන නායකත්වය සමග එක් වී යුද්දය නිසියාකාරව සිදු කිරීමටය. එය ජය ගත නිසා දේශපාලන ලෝකයද ජය ගැනීමට හැකි යයි උපකල්පන කර එතුමාව නාලාගිරි කරවුඋවන්ට අද කීමට ඇත්තේ කුමක්ද ?

    ReplyDelete
  23. මේක නම සිරාම කතාව. මරයටත් පහල වෙන්නෙ මාර අදහස්නේ. ඇත්තටම උන්නැහේට දැන් තියෙන්නේ හෙලඋරුමයට එකතු වෙන්න. ඊටපස්සේ හිමිට ආණ්ඩුවට යනවා. ගිහින් ජාතික උරුමයන් පිළිබද ඇමතිකම ලබා ගන්නවා. ආණ්ඩුවෙන් ඇස්.ටී.ඇෆ් අනුකන්ඩයක් උන්නැහ යටතට පත්කොරනවා. ඊටපස්සේ අර හෙලඋරුමයෙ නායක හාමුදුරුවො කියාපු දේ කොරන්නයි තියෙන්නෙ. නිදන් හාරනව.....

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ, දේශපාලනය කරන්න කලින්, සරත් ෆොන්සේකා මහත්තය දේශපාලනය කරන්න ඉගෙන්න ගන්න ඕනේ. උන්නැහේට තවම අත්දැකීම් මදි. ලංකාවට හොඳ දේශපාලනික දැක්මක් අවශ්‍යයි. ඉස්සෙල්ල ඇ ගැන හොඳ අද්යනයක් කරන්න ඕනේ. ලංකා තවම ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන ක්‍රමයේ ළදරු අවදියෙ.

      Delete
    2. ''ලංකා+ව තවම ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන ක්‍රමයේ ළදරු අවදියෙ.''
      මටනම් හිතෙන්නේ මරණාසන්න අවශ්තාවේ කියලා

      Delete
    3. අපි නිදහස ලබාගෙන අවුරුදු 75 කටත් අඩුයි. නොමේරු චන්දදයාකින්ගේ පිරිල. ඉස්කෝලේ 6 පන්තියේ ළමයින්ට චන්ද බලේ දුන්නොත් මොකෝ වෙන්නෙ. ඒ වගේ දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ. අලි, සීනු, නෙලුම් මල්, පුටු සහ තවත් අය සංදර්ශන පවත්වනකොට ප්‍රේක්ෂකයෝ අත්පුඩි ගහනවා. විචාරයක් නැහැ.
      කුඩු මුදලාලි පාර්ලිමේන්තුවට යන්න චන්දෙ ඉල්ලනව. රුපියල් 10,000 කුත් දෙනවා එක පවුලකට. ගෙදර තියෙන තරම් චන්දෙ මුදලාලිට දෙනවා. තමන්ගේ දරුව කුඩු පාවිච්චි කරන්න පුරුදු වුනාම ඊළඟ අවුරුදු 5 දී මේ ලැබුන 10,000 ට වැඩ වැඩි මුදලක් තමන්ගේ ගෙදරින් කුඩු මුදලාලිට යනව කියන එක හිතන්න මහන්සි වෙන්නෙ නැ. එහෙම හිතන්න තරම් මොලේ මෝරලා නැහැ.
      මට හිතෙන විදිහට තව අවරුදු 40ක් වත් මේ ක්‍රමය තියෙයි. අපේ ජීවිතේ අවසාන බාගයේදී නැග්මක් සහිත ලංකාවක් දකින්න පුළුවන් වෙයි. ඒ තරුණ අවදිය. මිනිස්සු හිතල මතල මහන්සි වෙලා වැඩ කරයි.

      Delete
  24. මේ හලෝ,මම ආයේ නොකිව්වයි කියන්නෙපා.මම ඉස්සර මේ බ්ලොග් එක බැලුවොත් ඇත්තන් ලිපියක් දෙකක් තියෙනවා......මයි කියවන්න.දැන් එහෙම ලිපි නෑ.එව්වා බෑ හරිද??????තමුන් මොනාහරි ලියන්නම ඕන.වෙනද මාසෙට ලිපි 20ක් 25ක් තියෙනවා.දැන් මේ බුකියෙ වචනයක් දෙකක් දාලා යනවා,එව්වා බෑ.ලිපි ඕන.නැත්නම් දන්නවනේ..................

    ~අසාධාරණය ඉවසිය නොහැකි වූ සැමදා බ්ලොග් කියවන නමුත් කමෙන්ට් නොකරන මාරයා රසිකයෙක්~

    ReplyDelete
  25. මොකෝ මාරයියෙ අද ඇනෝලට ඉඩදීලා...

    ReplyDelete
  26. ෆොන්සේකා මහත්තය ගත කරන්නෙ රාහු මහ දශාවේ සෙනසුරු අතුරු දශාවක්.. ඒත් එක්කම සෙනසුරු ඒරාශ්ටකයක් ගත කරනවා.. 2012/08/04 පස්සේ ෆොන්සේකා මහත්මය වටේ ලොකු ජන බලයක් ගොඩ නැගෙනවා.ඒත් ඒ ග්‍රහ බලය සෙනසුරුගේ වෘශ්චික රාශි ගත වීමත් එක්කම අඩු වෙලා යනවා.. 2015 කලින් ජනාධිපතිවාරණයක් පැවත් වෙනවා. ඒ ජනාධිපතිවරනයෙනුත් මහින්ද රාජපක්ෂ මහත්තය ජයග්‍රහණය කරනවා..

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා මහතාට කොහොමත් 2015 නෙමේ කවදාවත් ජනදිපතිවරණයකට ඉල්ලන්න බෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැතුව. එක තම මහින්දගේ සමාවෙ තියන කොස්ස.

      Delete
    2. ජෝතිපාල මහත්තයට රාහු මහ දශාවේ ඒරාශ්ටකය ගණන් කොරල කියන්න බැරිද මේ පාර අයි පී එල් දිනන්නේ කවුද කියල කියන්න.
      "2015 කලින් ජනාධිපතිවාරණයක් පැවත් වෙනවා, - හික් හික් මේ යන විදිහට 2015 වෙනකන් මේ රට තියේද?

      Delete
    3. ජෝතිරත්න... කණ්ඩායම් නායකයන්ගේ කේන්දර සටහන් ලබා දුන්නොත් කියන්න පුළුවන් වෙයි..

      Delete
  27. ආයෙ ඉතිං අපි මොනව කියන්නද?

    ReplyDelete
  28. මොනවා වුනත් ස.ෆො. කියන්නේ රටට අවශ්‍ය පුද්ගලයෙක්..... බල්ලෙක් දෙන්නෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ අයියා!!!!!
    සුභ අනාගතයක්......

    ReplyDelete
  29. සමස්ත සිදුවීමම සලකල බැලුවම මට නම් හිතෙන්නෙ ෆොන්සේක මහත්තය දේශපාලනේට නෑවිදින් හිටියනම් ඉවරයි කියල. කවුරු මොනව කිව්වත් අපේ රටේ බහුතරය බුද්ධිමත් ඡන්දදායකයො නෙවෙයි. දන්න කාලෙ ඉඳලම තිබුණු හැම ආණ්ඩුවක්ම “එදා වේල ටුවර්ස්“. ඡන්දදායකයොත් එහෙමම තමා. යූඑන්පී එපා උනාම ශ්‍රීලනිප ප්‍රමුඛ සභාග, ශ්‍රීලනිප එපා වුනාම යූඑන්පී. ඔතන ආයෙ ඉතින් SF ට කරන්න දේකුත් නෑ.

    ReplyDelete
  30. එදා ෆොන්සේකා මහත්තයා හිරේ යනකොට වටේ හිටපු යු.එන්.පී ජේවීපී කට්ටිය ඊයේ එතුමා නිදහස් වෙනකොට වටේ හිටියද කියලා හැමෝම දැක්කා.ෆොන්සේකා මහත්තයා බිල්ලට දීලා උන් ගොඩගියා.නියම කාලේ එනකම් එතුමා ඉවසලා හිටියානම් මීට වඩා ප්‍රතිපලය වෙනස් වෙන්න තිබුනා.

    ReplyDelete
  31. අදත් ඇදගෙන නාලා වගෙයි. මූට ඇදගෙන නාන්න තියෙන කැමැත්ත!

    ReplyDelete
  32. එහෙට ගියොත් බෙල්ල ,මෙහෙට ගියොත් බෙල්ල , ආණ්ඩුවේ හෙන්ච්යියෝ ගොඩට සෙට් උනොත් ගොඩ යන්න පුළුවන්.

    ReplyDelete
  33. බලාගෙන ඉමු මොකෝ වෙන්නෙ කියලා...

    ReplyDelete
  34. පූජාසනයේ ඔබ රඳවා ඔබට පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...

    ළඟ නොබලා දුර බැලිය යුතුයි.. ළඟ ඉන්නවුන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි...

    ReplyDelete
  35. මං කාටවත් නැහැ ..
    ඔය තපුල්ලන කාටවත් රට හදන්න අවංක උවමනාවක් , කැපවීමක් තියෙනවා කියල මට පෙන්නේ නැහැ
    විහිළුව ඒක නෙවෙයි .. මාරයා පක්සේකට කඩේ යනවා , පු* දෙනවා අරක මේක කියල බනින කට්ටිය කරන්නෙත්
    ඒකම නෙවෙයිද ? ඒකම වෙනස පක්සේ/පුද්ගලයාගේ වෙනස විතරයි. මන්දබුද්ධික කඩේ යාම එක පක්සේකට/පුද්ගලයෙක් වෙනුවෙන් කරාම නරක වෙන්නත් අනිත් පක්සේට/පුද්ගලයට කරහම හොඳ වෙන්නත් හේතුව නම් මට නොතේරේ. දෙපැත්තටම මෝඩ මිනිස්සු පෝලිමට කඩේ ගියා අවුරුදු 60 ක් තිස්සේ. රටේ යහ පාලනය , ආර්ථිකය , ජන ජීවිතය සුද්දගේ කාලෙටත් අන්තයි...
    මෝඩ චූන්

    ReplyDelete
    Replies
    1. නමුත් මාරය .. ඔබගේ බ්ලොගයේ ඔබගේ නිවහල් අදහස් පලකිරීමට ඇති පරම අයිතියට හා ඔබගේ පරිනත අදහස් වලට සත්‍යයෙන්ම ගරු කරමි. අටම්පහුර හරි .... උඹට වයස 35ක් නැ මයේ හිතේ හැබැයි උඹ අවුරැදු 65ක් ජීවත් වේලා තියනවා. උඹ පට්ට නාකී මුත්තෙක් බොල.!!

      Delete
  36. බලය ලැබුණාම ඔය මොකා වුනත් එකයි. එතන ඉඳලා බලය රුකගන්න ඕනෑ ගේමක් දෙනවා.

    අපේ උං රුවටෙනවා මහ දවාලේ.

    ඩඩ්ලි විතරයි වරද පිළිගෙන ඉල්ලා අස්වුණු එකම පොර මං අහලා තියෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ඇයි රනිල්.. 1994 එක ආසනයක් අඩුවුනු වෙලේ එකතු කරලා ගැට නොගහ අකුලං ගෙදර ගියා.. චන්ද්‍රිකා විසුරුවා හැරිය වෙලාවෙත් ව්‍යවස්ථාට ගරු කරලා කට වහන් ගෙදර ගියා..

      Delete
    2. පැරදුණාම ගෙදර නොයා නොහිටියේ නෑනේ කවුරුවත්ම?

      මං කියන්නේ ඩඩ්ලි 1952 දී වගේ කාලෙක පොලීසියෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණ වෙලේ වගකීම බාර අරගෙන අගමැතිකමින් අස්වීම ගැනයි.

      Delete
    3. රනිල් ගෙදර ගියාට එදා ගාමිණී දිසානායක හෙලිකොප්ටර් යවලා අෂ්රොෆ්ව ගෙන්නලා ආණ්ඩුවක් හදන්න හැදුවා. ඒක හරි ගියේ නෑ, අෂ්රොෆ් චන්ද්‍රිකාට එකතු වුණු නිසා.

      රනිල් ගෙදර ගියේ ගාමිණීට විපක්‍ෂනායකකම බාර දීලා යි.

      Delete
    4. ආහ්.. ඔව් ඒ විදිහට වැරද්ද් භාර අරගෙන අස්වෙන දේශ්පාලකයො ලංකාවෙ නෑ. ඒත් ගුවන්තොටට ගහපු වෙලාවෙ ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලෙ නම් අස්වෙන්න ගියා.

      Delete
    5. අස්වෙන්න ගියානේන්නං...!
      කොහෙද මේ පාක්‍ෂිකයෝ වලි දාලා විරෝධතා දාලා ඒක නැවැත්තුවානේ!

      Delete
    6. ඔව් ගමේ මිනිස්සු එතුමගෙ ගෙදර වහලෙ උඩට නැගලා පනිනවා කියලා උද්ඝෝෂණය කළානෙ ඉල්ලා අස්වුනොත් පනිනවා කියලා.
      ඒක නිසා ඇමතිතුමා ඉල්ලා අස්වුනේ නෑ.
      පස්සෙ ආරංචි වුනා තමුන්ගෙ රස්සාවත් පැත්තක දාලා නොකා නොබී උද්ඝෝෂණයට ආපු හැමෝටම රුපිය 100කුයි බත් පැකට් එකකුයි ලැබුනා කියලා..
      බලන්නකො රට ගැන හිතන ඇමතිවරු

      Delete
    7. තමන්ගේ පක්ෂය නැත්නම් නායකයා ගත්තේ තීන්දු තීරණ වලට විරුද්දව අස් වෙච්ච අය නම් 80 ගණන් වල හිටියා.

      Delete
    8. රනිල්ට ට ට්‍රයි එකක් දුන්නා නම් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරලන්න තිබුනා , මිනිහා ඇහැරෙන කොට පෙරහැර ගිහින් ,

      Delete
  37. පොන්සේකා මහත්තයාගේ දේශපාලන ජීවිතේට කේන්දර හදන්න තවමත් කල් වැඩියි!!!ඒත් ඔය කවුරුවත් නැතිව තනිවම ගමනක් යනව නම් හැමදේටම වඩා හොදයි කියල හිතෙනවා !!මොකද ඔය හැමෝම අඩු වැඩි තරමින් පිරිහුණ අ‍ය !!!!

    ReplyDelete
  38. මම නම් දන්න දේශපාලනයක් නෑ.

    ඒ මොනවා වුණත් අපේ රටේ දේශපාලකයන්ගෙ තියන බල තන්හාව සහ සරත් ෆොන්සේකා මහත්තයාට දේශපාලනේ ගැන එවකට දැනුමක් නොතිබීම නිසා ලස්සනට ලංකාවට උදා වුණ සාමයෙ මඩ ගෑවුණා හෝදන්නම බැරි විදියට. ඒ ගැන මතක් වෙද්දි දැනෙන දුක නම් කියලා වැඩක් නෑ. එක එක්කෙනාගෙ ලණු කන්නෙ නැතිව හිටියා නම් එතුමා අදත් ජාතික වීරයෙක්. අනිත් අයගෙ ආත්මාර්තකාමී කම් වලට අහුවෙලා නිකම් අපරාදෙ ජීවිතේ වටිනා අවුරුදු 2ක් නාස්ති කර ගත්තා. අපේ රටේ කොල්ලො දාස් ගාණකගෙ ලේ උඩින් අපිට හම්බුණ සාමෙට මඩ එකතු වුණා යුද්ධය ජයග්‍රහණයේදි එකට හිටපු නායකයො සාමය උදා වුණාට පස්සෙ දෙපැත්තකට බෙදිලා. එදා එතුමා දේශපාලනයට නො ආවානම් !! කියන මතයෙ මම තවමත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. එතරම් එක්මනට නොඅවානම්...

      Delete
  39. මමනම් කරන්නේ මොකද වෙන්නේ කියලා බලා ඉන්න එක. අම්මෝ දේශපාලනේ තරම් එපා කරපු වෙන කිසිම දෙයක් නෑ මටනම්..

    ReplyDelete
  40. තව එකක් ඔයා මැරුණමත් ඔයා වටේට ඉදගෙන ඔයාගේ මෝඩකම් අගය කරගෙන එකසිය ගණන් කමෙන්ට දාපු අයට ඔයාව අමතක වෙනව ඉක්මනටම,
    එතකොට ඔයා පිනක් කරගත්තෙ නැත්තං අපායෙ ඉඳියි.
    කට්ටිය මෙහෙ ඉඳන් දවස් දෙක තුනක් පණ දෙන්ට වගේ (හිට්ස් වැඩි කරගන්නත් එක්ක ) සින්ඩි පිරෙන්ට පෝස්ට් දායි,
    දැන් බලන්න අර සින්ඩි,
    ඔබා ගැන එකක්වත් නෑ,
    කාටවත් මතක නෑ,
    ඔච්චර ෆිට් කියපු මාරයටත් මතක නෑ,
    එයත් මොකද්දෝ ජෝක් එකක් දාල තිබුනෙ,
    දැන් මිනිහත් ආතල් එකේ ඉන්නවා,
    ඔහේලා වගේ උගත් මෝඩයො ගැන දුකයි,
    අපි නම් ඉතින් මැවිසුරුලා එක එක සුරුල නෙවේ,
    අට පාස් එවුන්,
    ඔහේලා මේ රටේ සල්ලි වලින් පිනට ඉගනගෙන,
    ඔක්කොම කරගෙන,
    මේකට වැඩක් කරන්නෙත් නැතුව ඔස්ට්‍රේලියාවට වෙලා ඉන්නව මදිවට මේ වගේ විකාරත් කරනවා,
    හොඳට කල්පනා කරන්න පැත්තකට වෙලා,
    තමුන්ගෙ මරණෙ ගැනත්.
    මං මේ කියපුව ගැනත්.
    මට නම් ඔහේ නිකම්ම නිකං ජෝකර් කෙනෙක්.

    කකාගේ බ්ලොගයේ කමෙන්ටුවකි.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ කමෙන්ටුව තිබු මගේ පෝස්ට් එකට ලින්ක් එක.
      http://kathandara.blogspot.com.au/2012/05/antidote-to-doubt-is-not-faith-but.html

      ;-)

      Delete
  41. මම නම් ආසාවෙන් බලන් ඉන්නෙ..ඊලඟ කළ වැද්දා කවුද කියලා...:-)
    ශුවර් එකටම රනිල් හරි, ම0ගල හරි තමයි.

    දේශපාලෙනේට තවම ෆොන්සේකා මෝරලා මදි.. හිතේ ආවේගෙට කථා කරාට, ජන රැල්ලක් වටේ හැදුනට ඒ විතරක් මදි.
    ඒකට තව ගොඩක් දේවල් ඕන.. විශේෂයෙන්ම හරිහමන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඕන.

    මොනවා වුනත් අර ක.කා කීව වගේ ඔය පුටුවට ආවම ඔක්කොම අමතක වෙලා තනිකරම ඒකාධිපතියෙක් තමය් එලියට එන්නෙ.

    මතකනෙ චන්ද්‍රිකාගෙ,මහින්දගෙ මුල් අවුරුදු 6 වගේද දෙවැනි අවුරුදු 6 ???
    ඕවා අපිට හොඳ පාඩම් .. මොකෙක්වත් අවුරුදු 6 ට වඩා තියන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව මචං. මෙච්චර කාලෙකට මම අහපු හොඳම දේශපාලන කතාව.
      */ඕවා අපිට හොඳ පාඩම් .. මොකෙක්වත් අවුරුදු 6 ට වඩා තියන්න හොඳ නැහැ./*

      Delete
    2. අවුරුදු 6 ඉවර වෙනකොට ඕක අමතක වෙන එකනෙ ප්‍රශ්නෙ.
      හැබැය් මෙතනදි චන්ද්‍රිකා, මහින්ද දෙන්නම කපටි වැඩක් කලා. ඒ තමය් මුල් අවුරුදු 6 පට්ට විදියට ජනතාවගේ හිත දිනා ගැනීම. ඒක නිසා දෙවෙනි අවුරුදු 6ටත් මිනිස්සු යැවුවා. ඒ 6 දි තමය් පරම්පරා 6කට හම්බ කරගත්තෙ සහ දැනටත් හම්බ කරමින් පවතින්නෙ. කොහොමද ටිකිරි මොලේ.

      Delete
  42. ෆොන්සේකා මහත්තයගේ අනාගත දේශපාලනය ගැන නිරීක්ෂනයකට එහා යන්න මම මේ වෙලාවේ කැමති නෑ . හැබැයි අතිතිය ගැන යමක් කියන්න ඕනි . ඔය වැරදි පැත්තට එක්තු වුනාය කියන එක සාපේක්ෂ නිරීක්ෂනයක් . තමන් අකමැති අයත් එක්ක එකතු වුනාම ඉතින් වැරදි පැත්තට එකතු වුනාය කියල කියනවා .උදාහරණයක් විදිහට මහින්ද මහත්තයා විමල්/චම්පික වගේ උන් අතැරල නිදහස් පක්ෂය (සහ පැනපු උන් ) විතරක් ඉන්න ආණ්ඩුවක් කලා නම් හොඳයි කියල මම හිතනවා . හැබැයි සරත්ට රනිල් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න තිබුන අයිතිය මහින්දට විමල් එක්ක දේශපාලනය කරන්න තියන අයිතිය වගේම එකක් තමයි

    කොහොම වුනත් එජාප ජවිපේ වගේ දෙපැත්තට යන පක්ෂ දෙකක් නැතුව එකකින් තරඟ කලා නම් (එජාපයෙන් ) ඔය ගත්ත ගානට වඩා නම් චන්ද ගන්න තිබුනා

    ReplyDelete
  43. ගම් මට්ටමේ ,බිම් මට්ටමේ ශාඛා සමිති හදන්න ඔනි. එව්ව ගොඩ නගන පාක්ෂිකයන් කෙසේ වෙතත් ප්‍රාදේශීය නායකයො එක්කවත් හොඳ රැපෝ එකක් ගොඩ නගා ගන්න ඔනෙ. උන්ගෙ මරණෙට, මගුලට, කොටහලුවට, දානෙට, පිරිතට යන්න ඔනෙ. කොයි තරම් අනුවණ අදහස් ඉදිරිපත් කළත් වටේ ඉන්න මිනිස්සුන්ට කතා කරන්න අවස්ථාවක් දෙන්න ඔනේ. අලුත් පක්ෂයක් හදාගෙන ගොඩ යන්න නම් මේවා අකමැත්තෙන් හරි කරන්න වෙනවා. නොකළොත් කරන එකා පස්සෙ මිනිස්සු එකතු වෙනවා. මේකයි ලංකාවෙ වර්තමාන තත්ත්වෙ අපි කැමති උනත් නැතත්. ජෙනරල් තුමාට කරන්න බැරිම දේවලුත් මෙව්වම තමා.... අනේ මන්ද....?

    ReplyDelete
  44. බලා සිටිමු..හැම අදහසක් දෙසම..

    ReplyDelete
  45. අනිවාර්යෙන්ම අපිට තියෙන්නේ බකන් නිලා ඉන්න එක විතරයි මොකද ඒක කරන්න එපා මේක කරන්න එපා කියලා අපි කියන ඒවා එතුමා අහයි ඈ.

    ReplyDelete
  46. කපන්න බැරි ඇත ඉඹිනවා වගේ

    ReplyDelete
  47. ෆොන්සේකා මහත්තයෝ ඔබ වහන්සේත් පරණ කෝන්තර අමතක කොරලා මහින්ද රජ්ජුරුවන්ගේ රෙද්ද ලෙවකන්න යන ලෙස කාරුණිකව යටහත් පහත්ව ඉල්ලා සිටිමි.කොච්චර මිනිස්සු බැන්නත් රජ්ජුරුවෝ ඒවා අමතක කරලා දාන්න ලෑස්තිය.ඒස් බී මැතිතුමා කළ කී දෑ සුටුස් ගාලා අමතක කළ හැටි මතකද? ඔන්නොහේ උන්නාන්සේ ළඟට ගොහිල්ලා කියන දෙයක් කොරගෙන ඉන්ඩ.මොකද නැත්තං ආයෙමත් හිරේ යන්ඩ පුළුවං නෙව.තවම චෝදනා ඉවර නෑනෙ.රෙද්ද අස්සට රිංග ගත්තම මුළු රටටම ඔය චෝදනා අමතක කරවන මන්තරේ අපේ රජ්ජුරුවෝත් අයි ටී එන් එකත් දන්නවාය.අනික ඔබතුමා විරුද්ධ පක්සෙට ගියත් යන්නේ අපිට මොනවත් කොරන්ඩ නෙමෙයි, ඔබතුමාටම මොනවා හරි කොරගන්ඩය කියලා අපි දන්නවාය.ඔන්නොහේ රජ්ජුරුවංගෙං සාටකයක් ඉල්ලලා දාගන්ඩ.ඔබතුමාලා ඔක්කොම අන්තිමට සෙට් වෙලා අපිට අධෙමුඛෙං හිනා වෙනවග අපි දන්නවාය.අපේ බඩ වියත රැකගන්ඩ වෙන්නේ අපිටමය.ඔබතුමාලාගේ බඩ රියන රකින්නේද අපිමය.

    ReplyDelete
  48. එදත් අදත් මගේ මතය මෙන්න.
    ෆොන්සේකා මහතා දේශපාලනයට ආවේ ඇමක් කෑම නිසයි. (අද ඒ බව පැහැදිලිව පෙනෙන්න තිබේ) එයින් එතුමාගේ දේශපාලන පරිචය පෙනෙන්නට තිබේ.
    යුද්ධය ෆොන්සේකාට තනියම ඉවර කරන්න හැකි වුවා නම් ඔහුට මැඩම් සැටලයිට් ගේ කාලයේ දී එය කිරිය හැකිව තිබිය යුතුයි.
    මහින්ද රාජපක්ෂට යුද්ධය තනිව කරන්නට හැකි වුවා නම් ඔහුට ඔස්ට්‍රේලියාව් සිට ෆොන්සේකා මහතා නැවත ගෙන්වා හමුදාව භාර දීමට අවැසි නොවේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි, මේක සාමුහික ප්‍රයත්නයක්, කාටවත් මේ ජයග්‍රහනය සින්නක්කර අයිති නැහැ.මහින්ද රටේ නායකයා විදියට ලොකුම පීඩනය දරාගෙන හිටපු නිසයි,ඌට ලොකුම කෑල්ල අයිති.

      Delete
  49. ඇනෝ අදහස් වලටත් ඉඩ දීම සම්බන්දයෙන් මාරයට ස්තුතිය.අපේ රටේ දේශපාලනය කොහොමත් අසුචි හැලියක් වෙලා ඉවරයි.ෆොන්සේකා මහතාටත් දේශපාලනය කරන්නේ වෙන්නේ නරා වලක බැහැගෙන තමයි.

    ReplyDelete
  50. මාරයෝ....ඔන්න මාරයාගේ මාරයා ලo වෙන කාලය. මහින්දයා සුදු වෑන් එකක් එව්වට ෆොනී එවන්නේ සුදු කෝච්චි. පරිස්සම් වුනොත් හොදා.

    Modern Patriot

    ReplyDelete
  51. දූශණයට වංචාවට එරෙහි ඉන්දියාවේ අන්න අසාරේ වැනි ව්‍යාපාරයක් ගොඩ නැගීම සරත් ෆොන්සේකාගේ ගමන වන්නේ නම්, ඔහුට යම් තැනකට රට ගෙනයාමට හැකිවනු ඇත. නැතිනම් කාලය ගෙවීමක් පමනි.

    ReplyDelete
  52. අපිනම් ඉතින් ඔය දේශපාලන කතාවලට නෑ නොවැ........

    ReplyDelete
  53. මාරයා පුතා, මම ජ්‍යෝතිෂ කෝණයකින් ප්‍රශ්ණයක් ඇහුවට කමක් නැද්ද ?
    එහෙනම් මෙන්න ප්‍රශ්ණය.
    ගුරු චන්ඩාල යෝගය කියන්නෙ මොකක්ද ?
    ඩී.එස්. සේනානායක ගෙ ඉඳල අද වෙන තුරු පහල උන දේශපාලකයන්ගෙ කේන්දර වල කී දෙනෙකුට මෙම යෝගය තිබුනද ? රටේ සංවර්ධනය පිළිබඳ ඒ ඒ අයගෙ දායකත්වය කොහොමද ?

    ReplyDelete