25 May 2012

හරියන්නේ නැහැ වෙන එහෙකට පයින්න ඕන...

"ලොකු හාමුදුරුවෝ.. ගස් ලබු ටිකක් කඩා ගන්නද..?"

ආවාස ගෙය පිටුපස දාන ශාලාව අසල ගස් ලබු ගස් කිහිපය පරීක්ෂා කර පැමිණ බලා "ධම්මපාල" හිමියන් මා විමසයි...

එයට හිස සලා අනුමැතිය දුන් විට ධම්මපාල හිමියනුත් ඔහුගේ හිතවත් අනිත් තරුණ භික්ෂූන් වහන්සේත් එකතුව කොහෙන් හෝ රිටක් සොයාගෙන විත් අමු ගස් ලබු කැඩීමට පටන් ගනී...

පැසුණු හෝ ඉඳුනු ගෙඩිවලට අත නොතබා ගැට තත්වයේ ඇති ගස් ලබු කඩන විට කාරණා නොදන්නා අයකු නම් සිතන්නට ඉඩ ඇත්තේ මේ දෙන්නා සිංහල අච්චාරුවක්වත් දාන්න හදනවද කොහේද කියා මිස අනෙකක් නොවේ... එම ගැට ගස් ලබු හරියන්නේ අච්චාරු දැමීමට මිස වෙන කිසිවකට නොවේ..එහෙත්...

මේ ඔවුනගේ ප්‍රියතම ආහාරයකි. අමු ගස් ලබු පොතු ඉවත් කොට සිහින් තීරුවලට කපා එයට ලුණු හා කහ යොදා වතුරෙන් තම්බා සාදන හොද්දක් වැනි දෙයක් සමඟ ඔවුන් බත් කති..නැත වළඳිති...

අධික ලෙසින් කහ යොදා ඇති එම ගස්ලබු වෑංජනය කෑමට තබා ඒ පිළිබඳ සිතීමත් පහසු නැතත්..ඔවුනට එය රාජ භෝජනයකි. ඒ ඔවුනගේ පළාතේ ඔවුනට ලැබෙන ආහාර සමඟ සසඳා බැලීමේදීය...

මෙසේ කී විට ඔබ ලංකාවේ නොයෙක් පළාත් ගැන කල්පනා කොට බලන්නට පෙළඹිය හැක...

"කොහේද යකෝ එහෙම ගස් ලබු ගැට හොද්ද රාජ බෝජන ගානට වැටෙන පළාත..?"

එහෙත් මේ කියන පළාත ඇත්තේ මේ පුංචි ලංකාව තුල නොවේ...ලංකාවෙන් පිටත දේශයකය... ඇත්තෙන්ම අප පුංචිකාලේ මේ කියනා දේශය ගැන කවි සින්දුද කිය උන වගක් සිහියේ ඇත...

"බංගලි දේශය..."

බෞද්ධයින්ට මරණයේ සෙවනැලි වැටී ඇති අවාසනාවන්ත බංගලි දේශය... මේ ඔවුනගේ රටයි... එහි කඳුකර පළාතක් වූ චිතගොං(මගේමතකයේ හැටියට) පළාතේ ඉතිරිව ඇති අසරණ ‍බෞද්ධයින්ගෙන් පැවත එන.. හැදෙන්නට නොව රැකෙන්නට මෙරටට වැඩම කල පිරිසගේ කතාවෙන් මා දන්නා ස්වල්පයයි...

බංගලි ගුවන් තොටකින් පණ බේරාගෙන ඒමට ඇති අවස්ථාව සීමිත බැවින් පා ගමනින්ම දේශ සීමා තරණය කොට ඉන්දියාව හරහා මෙරටට ඔවුන් පැමිණෙන්නේ ජීවිතය කොසේ හෝ රැක ගැනීමේ පමණක් අරමුණ ඇතිවය... මෙරටට පැමිනි පසුව කොහේ හෝ පන්සකල නැවතීමට පිළියෙල කරගත යුතුය. එයින් පසුව ශිෂ්‍යයින් ලෙසින් කොහේ හෝ භික්ෂූ අධ්‍යාපන ආයතනයක ලියාපදිංචි විය යුතුය..නැති නම් පළාතේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හිමියන් හමු වී කතා කොට හය මාසයකට සැරයක් වීසා දිගු කර ගැනීමට අවශ්‍ය අනුමැති ලිපිය ලබා ගැනීමට පිළිවෙලක් යොදා ගත යුතුය... එයින් පසුව තමා නැවතී ඇති පන්සලේ සිටිමින් ලැබෙන විදියකට වළඳා දාන මාන ආදී පින්කම්වල ගණපූර්ණය පිරවීමට එකතු වෙති.

---------------------------

පෙරදී බෞද්ධ රටක් වූ බංගලි දේශය මේ වන විට මුස්ලිම් බලය සහිත රටක් බව අමුතුවෙන් කිව යුතු නැත. එය කුමන ආකාරයෙන් වූවදැයි මා දන්නේත් නැත. කෙසේ වෙතත් මා දන්නේ එහි එක්තරා කඳුකර පළාතක තවමත් ඉතිරිව ඇති බෞද්ධ පවුල් වලින් මහණ වූ පිරිස සිය ජීවිත බේරා ගැනීමට මෙරටට එන බව පමණි. විහිළුවක් නේද..? මෙහෙ ඉන්න උන් ඔස්ට්‍රේලියා යනවා.. අරුං මෙහෙ එනවා...ඒත් ඒක තමා ඇත්ත කතාව... වරක් කැළණිය විශ්ව විද්‍යාලයීය උපාධි අපේක්ෂක හිමි නමක්ව සිට පසුව සිවුරු හැර ගිය අයකු එසේ සිවුරු හැරීමට පෙර මොවුන් කිහිප දෙනෙකු සමඟ ගොස් දේශසීමාව පැන එන තවත් කිහිප නමක් එකතු කරගෙන පැමිණි අතර ඒ ගමනේදී ලද අත්දැකීම් නිසාම එයින් පසුව ඉතාම උනන්දුවෙන් තව තවත් බංගලි හිමිවරුන්ට මෙරටට එන්නට උදව් කරන්නට වූ අතර පසුකාලීනව ඒ හිමියන් දැන හදුනා ගැනීමෙන් පසුව මා විසින්ද එම ක්‍රියාවට හැකි තරමක් උදව් උපකාර ලබා දෙන ලදි. එහිමියන් අතින් දැනගත් කරුණු වලට අනුව ඔවුන් මෙරටට පැන එන්නේ හුදු දේශපාලන රැකවරණ යන තේමාව යටතේ පැමිණ මෙහි සැප විඳින අරමුණින් නොව.. ඇත්තෙන්ම පණ කෙන්ද බේරා ගැනීමටය.. එහෙත් ඔවුන් ආ පසුව ඔවුනගේ පවුල්වලට අත්වන තත්වය ගැන කිසිවකුටත් සිතාගත නොහැක.

සිවුරක් දරාගෙන බංගලි ගුවන් තොටකින් පිට වීමට පැමිනීමත් මරුට අතවැනීමකි..වැරදීමකින්වත් සිවුරක් දරාගෙන එම ගුවන් තොටකින් නැවත ගොඩ බැස සිය පළාතට යන තෙක් යෑම එයට වඩා අනිවාර්ය මරණයකට හේතුවක් විය හැක. ඒ ගුවන් තොට තුලම ඇති ඔත්තුකරුවන්ගෙන් ලැබෙන ඔත්තු හරහා එ‍සේ යන හිමියන් අන්තවාදී මුස්ලිමුන්ට හසුව තලා පෙලා..කපා කොටා මහ මග මරා දැමීමේ හැකියාව නිසාය... එබැවින් එක්කෝ සිවුරු හැර පැමිණ මෙහිදී නැවත සිවුරු දරන්නටත්..නැත්නම් දේශසීමාව හරහා පැන ගොස් වෙනත් රටක් හරහා මෙරටට පැමිණිමත් කල යුතුව ඇත.

ඇතමුන් මෙහි පැමිණ අවුරුද්දකින් පමණ නැවත ජීවිත පරදුවට තබා සිය රටට ගොස් පැමිණෙන අවස්ථාද ඇත.ඒ එන්නේද හිස් අතින් නොව..තවත් තමා වැනිම වූ කිහිප දෙනෙකු හෝ කැඳවාගෙනය...

අද ලංකාවේ බොහෝ විහාරස්ථානවල මෙම බංගලි හිමිවරුන් වැඩ සිටින අතර එයින් ඇතමෙකුට තරමක් හොඳින් සිංහල හැසිරවීමටත් හැකියාව තිබේ..එහෙත් සිංහලෙන් ධර්මදේශනයක් වැනි යමක් කරන්නට සමත් අයකු නම් දකින්නට නොලැබුනත් ඇතැම් විට සිටිනවා විය හැකිය...

ඔවුන් ගැන සිහියට එන කතා පිළිවෙලකට පෙල ගැස්වීමට අද එතරම් කාලයක් නොමැත..හෙට උදෑසනම යොදාගත් ගමනක් ඇති හෙයින් යන්නට කලියෙන් වචන දෙකක් කොටා යන්නට සිතුන බැවින් මෙය ලියන්නට ගතිමි.

කෙසේ වෙතත් මේ වන විට ලාංකීය බුදු දහමත් අවසන් වේගන යන බැව් කිව යුතුය... ඉන්න ටිකත් පිස්සු කෙලින අතරේ..අළුතින් මහණ වන්නට අය නැති වීමත් ගැටළුවකි. එයට පිළියම ලෙසින් ‍පොඩි ඈයෝ මහණ කෙරුණද එය තවත් සසුන අනතුරේ හෙලන්නට පාර කැපීමකි. කල හැකිව ඇත්තේ එක් දෙයකි..හැකි ඉක්මනින් වෙනත් ආගමක් වැළඳ ගැනීම පමණි..නැතිනම් හෙට අනිද්දාට අපේ අයටත් වන්නේ මහ මග බෙල්ල කපා හලාල් වීමටය... මේවා කිව්වොත් ජාතිවාදීය..එබැවින් කිය කිය ඉන්නවට වඩා බේරෙන්නට පොටක් පාදා ගැනීම වඩා හොඳය..මක් නිසාද යත් අපිට කෙලවෙන දවසට අනිත් පැත්තට බණ කියන්නට දැන් අපට බණ කියන සර්ව ආගමික උතුමන්ලා එදාට හොයාගන්නටවත් නැතිවන නිසාය...

ජේ ආර් කිව්වේ තමතමුන්ගේ ආරක්ෂාව තමතමුන් සලසාගත යුතුයි කියාය... ආගමත් එක්කම දේශපාලන රුචි අරුචිකනුත් මාරු කරගත යුතුය..එහෙයින් ජේ ආර් කිව්ව දේවල්වලට ගරු කරන්නටත් හුරු විය යුතුය..

"අනේ වාසනාවන්..මාරයෝ තෝ දැන් තමා මනුස්සයෙක් වෙන්න හදන්නේ..."

__________________

පසු සටහන...

බංගලි හිමිවරුන්ට එහිදී ලැබී ඇති නම් මා පෙර කී ආකාරයේ ධම්මපාල ආදී නම් නොවේ... එම නම් අප හට උච්ඡාරනය කිරීමට අපහසු නිසා එම නම්වල තේරුම්වලට සරිලන ආකාරයේ සිංහල නම් සකස් කර ගැනීම ඔවුන් විසින් මෙහි පැමිණ පසුව කර ගනිති. ඒ සඳහාම දක්ෂයකු වූ නායක හිමිනමක් අප පළාතේ සිටි අතර එම කාරිය නිසාම උන්වහන්සේ "රෙජිස්ටාර් හාමුදුරුවෝ" යන නමට උරුමකම් කී බවත් කිව යුතුය...

81 comments:

  1. Replies
    1. බෝරා , මන් ඇයට අපහාසයක් කරන්න හැදුවා නෙවෙයි.
      ලිපිය කියෝගෙන පල්ලෙහට ආවා. අපේ ජාතියේ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝ දුකක් ඇති උනා.
      එයිට පස්සේ නැව ගිලුනත් බෑන් චූන් මේ කොමෙන්ටුව දැක්කහම ඒ ඉරණම ඉස්තීර බව වැටහුනා.
      ඒකයි. පුද්ගලික අපහාසයක් කිරීම මගේ පරමාර්ථය නොවෙයි. හිත රිදුනනම් සමා වෙන්න නලිනි.

      Delete
    2. මහසොහොන් පිල්ළියට එකඟයි ..
      මාරයා මහන්සිවෙලා ලියපු මේ ලිපියට අදාළව යමක් ලිව්වනම් නේද හොඳ .

      Delete
  2. හෙනං මම දෙක...අදමයි මෙහෙම දෙයක් දන්නෙ

    ReplyDelete
  3. මට එක වෙන්ඩ ඕනි...නැත්නම් මන් ගස් ලබු ගහක් උඩට නැගලා බහින්නෙ නැතුව උපවාසයක් කරනවා...

    ReplyDelete
    Replies
    1. ගස් ලබු ගෙඩි දෙකක් බදා ගෙනම. :D

      Delete
  4. මාරයි... බංගලියෙක් එක්ක ටෝකක් දාල බලන්න ඕනේ.


    මං කාලයක් ඉඳලා මාරය අය්යගේ පොස්ට් කියවනවා.. මේක තමයි තදින්ම වැදුණු එක...

    ReplyDelete
  5. ඔය චිතගොං සටහන් වගයක් මම පත්තරේක දැක්කා, මේ දේ අපේ රටටත් වෙයිද කියන එක සැකයක්

    ReplyDelete
    Replies
    1. ape ratatath a dema veegena ynawa saho, balanna meeta aurudu thunakata kalin muslim janagahanayai den janagahanayai, un lamai hadanne 1k 2k nevei 5-6k. nikamata sikuradata palliyak lagata yanna un ena heti balanna, kohoma salliyakda unta thiyenne kiyala, lankawe arthiketa denatat unta loku balapemak karanna puluwan

      Delete
    2. කොලුවෝ , ලංකාවේ ආර්ථිකයට ඔවුන්ට ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙලා තියෙන හේතුව දන්නවද ? ඔවුන්ගේ ජනගහනය තාම මදි. නමුත් ජනගහනයට සාපේක්ෂව බලය ඉතාම වැඩියි. ඇයි ?
      මට ඕකට හේතුව තේරුනේ ඇඹිටිල්ලන් කොල්ල කාලේ. කොළඹින් පටන්ගෙන ලංකාවේ ඕන දිසාවක ඇති ඈත නගරයකට යන්න. පසුවෙන ඕනෑම ලොකු කුඩා නගරයක කඩ සාප්පු නිරීක්ෂණය කරන්න. කඩ විදි පිටින් , පාර දෙපස සම්පුර්න නගර පිටින් මුස්ලිම් වී ඇති ආකාරය බලන්න.

      අපේ සිංහලුන් වැඩි ගානට ලෝබ කමේ සිංහලුන්ට නොවිකුණා වටිනා වෙළඳාමට සුදුසු ඉඩම් මුස්ලිමුන්ට විකුණා තව තවත් ඈත ගම් ඇතුලට සංක්‍රමණය වීමයි. (කොටින්ම කියනවා නම් අපේ පන්සලේ සභාපතිත් ගේ විකුණලා ගියේ මුස්ලිමෙකුට). වෙළඳාම අතට ගත්ත කියන්නේ ආර්ථිකය අතට ගත්ත කියන ඒකයි. එයිට පස්සේ සල්ලි. ඒ සල්ලි වලින් තව ඉඩම්. තව වෙළඳ ආයෝජන. එයිට පස්සේ උඹ වගේ අය හුල්ල්ලනවා
      පුදුම වෙනවා මුන්ට මෙච්චර සල්ලි කොහෙද කියල.

      දැන් කියයි ඉඩම් විකිනිමේදීත් සිංහලය ජාතිවාදී කරන්න හදනවා කියල. මෙහෙමයි ... සිංහලය මුස්ලිමුන්ට ඉඩම් විකුනනවා වගේම මුස්ලිමුනුත් සිංහලයන්ට බේධයක් නැතුව ඉඩම් විකුනනවා නම් එතන වරදක් නැහැ. එහෙනම් මං වැරදියි. නමුත් මුස්ලිම් මිනිසෙකුට සිංහලයෙකුට නැවත ඉඩම් විකුනන්න තහනම්. එසේ විකුණුවහොත් අනිත් මුස්ලිම් එවුන් වලිය අදිනවා. ඒ ඉඩම ගන්න වෙන මුස්ලිම් කෙනෙක් ඉල්ලලා තිබ්බ නම් වැඩේ සෝචනීයයි. පල්ලියෙන් නෙරපනවා. මේ හේතුව නිසා සිංහලයන් ලෝභකමට ඉඩ නොදී තම අනාගත දුදරුවන් වෙනුවෙන් හිතා වත් මුස්ලිමුන්ට ඉඩම් නොදිය යුතුයි, දුන්නොත් දුන්නමයි. ගියොත් ගියාමයි.

      මාරයට ඉස්තුතියි මේ ලිපිය සම්බන්ධව. සුළුවෙන් හෝ කතිකාවතක් ඇතිකිරීමට ඉඩ විවරකිර්ම සම්බන්ධව. කොමෙන්ට්ස් දැක්කහම පේනවා සිංහල බහුතරය මර නින්දේ මහ ගෙදර බලල නිදා ගන්න පිරිසක් විතරක් විත්තිය. මට හිතෙනවා ඔහුත් මේ ලිපියේ බලපෑම ගැන අවබෝධයකින් යුතුවම ඒක පල කලා කියල.

      Delete
    3. මම නොදන්න ඒවා ගොඩක් කියල දුන්නට පිල්ලි තුමාට බොහොම ස්තුතියි. විශේශයෙන්ම ඉඩම් පවරා ගැනීම් සම්බන්දව. ඒ වගේම පිල්ලි තුමෝ හොද නැතිද Nolimit, Pallu, Fashion Bug වගේ ඒවත් අපේ සමාජෙට කරන දේවල් ගැන ටිකක් කිවුවනම්. මට වඩා ගොඩක් දැනුමක් මේ සම්බන්දව තියෙන නිසා ඔබතුමා කියන්නේ අපිට මේ වෙනුවෙන් කරන්න පුලුවන් මොකක් කරන්න පුලුවන් කියලද? මේ දේවල් අහනකොට දකිනකොට ඇගේ ලේ උනු වෙනවා අම්මපා

      Delete
    4. කොලුවෝ , එම රෙදි කඩ වියාපාරයේ අයිතිකරු ලංකාවේ සිංහලයන්ට මහාපරිමාණයෙන් කුඩු පොවා අසුවී දැන් ඉන්නේ හිරේ නේද ?
      උදාහරනෙකුත් කියන්නම්කො. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ සැටලිම ගහන්න මිනිස්සුන්ට කතා කලාම සිංහල මිනිස්සු වර්ග අඩියකට රුපියල් 10 කට වැඩිය කිව්වා. මුස්ලිම් මිනිහ රුපියල් 5.50. එහෙමත් කියල කියනවා සාමි , වෙන අය කියන ඕන ගානකට වඩා අඩුවෙන් මං කරලා දෙනවා... ඉතින් හාමුදුරුවොත් සැටලිම ගහගත්තා මුස්ලිම් මිනිහට කියල. දැන් රැඩිකල් කට්ටිය කියන්න පුළුවන් මුස්ලිම් මිනිහ බිස්නස් දන්නවා. හොඳ වෙළඳාම් ක්‍රම දන්නවා. ඒකයි උන් දියුණු වෙන්නේ. ඒවගේ අයට විරුද්ධව කතා කරන අය මහා අධම බල්ලෝ කියල . මෙහෙමයි.....

      සිංහල මිනිහට බිස්නස් එකක් පටන් ගන්න පන්සලෙන් නිකං සල්ලි හම්ඹ වෙන්නේ නැහැ. බැංකු ණයක් ගත්තත් ඒකට පොලිය නොසැහෙන්න දෙන්න වෙනවා. සිංහල මිනිහ ටිකක් කල එලියට ඉන්න කැමතියි. දරුවන් අඩු වුනාට ඔවුන්ට හොඳින් සලකන , උගන්වන හින්ද ඒ අතිනුත් වියදම වැඩියි. ඇඳුම් පැළඳුම් වලටත් ලොකු ගානක් යනවා. මගුල් මරණ වලට යන වියදමත් වැඩියි. දැන්කාලේ බොහෝ දෙනා වගේ දන්සල් පොදු සමාජ කටයුතුවලට , විහාරස්ථාන නඩත්තුවට මුදල් පරිත්‍යාග කරනවානම් එකත් ලොකු වියදමක්.

      මුස්ලිම් මිනිහට ඒ මොකවත් නැහැ. සුළු බිස්නස් එකක් පටන් ගන්න තම සමාජයෙන්ම අත හිත. ඉස්ලාම් බැංකු වල පොලි නැත. ඕනනම් අඩු ගානට තමන්ගේම එකෙකුගෙන් ඉඩමකුත්. දරුවන්ට කන්න අඳින්න දෙන වියදම විතරයි. උන් ඉගෙන ගන්නේ නැහැ. උන්ව ලංකාවේ බැරිනම් පිට රට යවල හරි උගන්නන්න සල්ලි ඉතුරු කරන්න අවශ්‍ය නැහැ. ගෑනු එලියට යනකොට අබ්යා එකට යටින් ගෙදරට ඇදන් හිටිය ඇදුන් ඇඳන් ගියත් නො ප්‍රොබ්ලම්. කියන දේ තේරෙනවද මන්දා. ටිකක් වැඩි මිලක් දීල හරි සිංහල මිනිහෙක්ගේ වියාපරෙකට උදවු කරන්න. කඩේකට ගොඩ වැදුනම ඒකෙ බුදු පාන තියලද , මරිය තුමියට, ජේසුස් වහන්සේට පාන තියලද කියල බලන්න පුරුදු වෙන්න. ඒවායින් බඩු ගන්න. තම සුළු ලාභය , පහසුව අනාගත දු දරුවන්ගේ ජීවත්වීමේ මානුෂික අයිතිය උදෙසා කැප කරන්න. මෙය ජාතිවාදී වීමක් නොව තම අනාගත ජීවත්වීමට ඇති මුලික අයිතිය තහවුරු කර ගැන්මක් පමණක් බව සිහි තබා ගන්න.

      තව තියෙනවා .. ඒවා පස්සට ...

      Delete
    5. පිල්ලි තුමෝ ඔබතුමා කියන කතාව සහතික ඇත්ත. ඔව් මමත් හිතාගත්තේ අපහු ඒ කඩේකට යන්නෙ නම් නැ කියල. ඒ වගේම ඔබ තුමා කියන කතාවේ වැ‍රැද්දක් තියෙනවා එක තැනක. ඔබ තුමා කිවුවා නේද ලමයින් රට යවන කතාවක් ගැන, මම වැඩ කරන්නෙත් ඒ වගෙ ලමයි රට යවන ල0කාවේ ප්‍රසිද්ද ඒ වගේම නීත්යානුකූලව වැඩ සිද්ද කරන තැනක. එත් ඔබ තුමා දන්නවද අපෙන් මැලේසියාවට යන ලමයින්ගෙන් 80%ක් මුස්ලිම් අය, ඒකෙනුත් හොදම දේ තමයි එක මුස්ලිම් පවුලක ලමයි 4ක් ඉන්නවන්ම් ඒ හැම දෙනාටම එක වගේම හොද ඉගෙනීමක් දෙන්න බලනවා. එක අපෙ සි0හල මිනිස්සු නොදන්න දෙයක්. අපි හිතන්නේ උන් ඉගෙන ගන්නෙ නැ කියල. මම ඉගෙන ගන්නෙත් මෙ වගේ පිටරට උපාදි දෙන තැනක,ඒකෙත් මම කියපු දේ වෙනසක් නෑ. බාගෙට බාගයක් ඉන්නෙ මුස්ලිම්, ඉතින් හිතාගත්තැකිනෙ මොකක්ද වෙන්නෙ කියලා
      ඔබ තුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා අපි කොහොමද මේකට මුහුන දෙන්නෙ කියලා,ඔබ තුමා මොකද කියන්නෙ ඒ ගැන, මම මේක ලියන්නෙත් ඒ වගේම මුස්ලිම් බාගයක් ඉන්න පන්තියක ඉගෙන ගන්න ගමන්

      Delete
  6. මෙයාලා බහුතරය චිතගොං කදුකරයේ ඉන්න කදුකර ගෝත්‍රවලට අයිති උදවියයි.. ප්‍රතිශතයක් විදියට බොහොම සුළුතරයක්.. බොහෝවිට 1947 නැගෙනහිර පාකිස්ථානය විදියට ඉන්දියාවෙන් වෙන්වෙද්දී හා නැවත 1971 බංග්ලාදේශය විදියට පාකිස්ථානයෙන් වෙන්වෙද්දි සිදුවුන ජනසංහාරවලදී බෞද්ධයන් යාබද ඉන්දියාවට හෝ බුරුමයට (දැන් මියන්මාර්) පලා යන්න ඇති.. ඉතිරිවෙලා ඉන්න බෞද්ධයන්ට සිදුවෙන දේ නම් ලෝකෙටම හොරෙන් සිදුවන අපරාධ තමා.. ගම්බිම් පිටින් කපා-කොටා මරා දැමුනු අවස්ථා ගැන පවා කියැවෙනවා (සමහර අවස්ථාවලදි රජයේ හමුදාවල සහභාගිත්වයද සහිතව)..

    ReplyDelete
  7. අනේ මට නම් තේරෙන්නෙ නෑ මිනිස්සු මොකට ඔය ආගමයි ජාතියයි කුලයයි අරවයි මේවයි ල_බවල් බදාගෙන මරා ගන්නවද කියල, ඉන්න ටික කාලෙ කීයක් හරි හම්බකරගෙන පුළුවන් හැටියකට කාල බීල සමගියෙන් සතුටෙන් ඉන්නෙ නැතුව.

    ReplyDelete
  8. නුවරඅපේ ගෙවල් ලඟ පංසලක නේපාල හා බංගලි පොඩි හාමුදුරුවරු කීපදෙනෙක් ඉන්නවා. හොඳට පිරිත් බණ කියනවා සිංහලෙන්. ඒ පංසලේ නායක හාමුදුරුවෝ නොසෑහෙන්න මහන්සිවෙනවා ඒ වගේ එන අයට උගන්වන්න.

    බටහිර රටවල් වල ලංකාවේ පංසල් ඇරෙන හැටියට අපේ අයටත් අනාගතයේදි යන්න තැනක් කොහොම හරි හොයාගත්තෑකි.

    ReplyDelete
  9. අපේ ගමේ ආරමේත් ඉන්නවා බංගලි මෑණියෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න නිශාන් මුස්ලිම් අයියලත් එක්ක සහජීවනයෙන් ඉන්න පුළුවන් හැටි...

      Delete
    2. සහජීවනය..!!?? කියවලා තියෙනවද දකුණු තායිලන්තයේ බෞද්ධයන්ව ඝාතනය කරන හැටි..

      ජිහාඩ් ඉන් තායිලන්ඩ්

      Delete
    3. @බුරා: මම ඕක දැම්මෙ මෙන්න මේ ලිපිය හින්ද... :)
      http://sinhalaya-lokayata.blogspot.com/2012/01/blog-post_30.html

      Delete
    4. සාතන් මලේ මං කලින්ම ඔය ගොමස්කඩේ පල්ලෙහායින් දැම්මා

      Delete
    5. සතුටුයි ඈ ඔය ලිපිය ගැන තියෙන ප්‍රසිද්දියට :)

      මහසොහං පිල්ලිය මහත්තයෝ
      මොනා වුනත් ඕක මගේ අදහසක් විතරයි ඒක ඔයා පිලිගන්නවා නම් පිළිගන්න නැත්තම්
      ඒ ගැන අදහසක් දක්වලා යන්න එහෙම නැතුව මං නැති තැනක මට බනින එක හරි නැහැ නේද?.මුස්ලිම් වරු උනත් කරන දෙයක් කරන්නේ එලිපිටනේ ඒකනේ ඔවුන් ගැන මෙච්චර දේවල් අපි දන්නේ ඒත් සිංහලයන් හැටියට අපි ඊට වඩා දක්ෂ වෙන්න ඕන.අනික ඔය ලිපිය ගොමස්කඩයක් නෙවේ
      මොනා වුනත් ස්තුතියි ඈ

      Delete
  10. අයියා කියන්නෙ බෞද්ධ වීම ජීවිත තර්ජනයක් එල්ල වෙන්න හේතුවක් කියලාද එහෙ? අදමයි ඇහුවෙ මම මේ ගැන.

    ReplyDelete
    Replies
    1. so sorry my dear.... It is true even in Sri Lanka where majority is muslims.

      Delete
  11. අපි ජීවත්ව ඉන්න කාලෙ ලංකාවෙ මෙහෙම එකක් වෙයිද?... මේ රට දාල යන්න අදහසකුත් නැති එකේ මැරෙන්න තමා වෙන්නෙ...

    /*මේවා කිව්වොත් ජාතිවාදීය.*/ හරියටම කියල තියෙනව....

    ReplyDelete
  12. අදමමයි දන්නෙ මේ වගක් !!!!

    ReplyDelete
  13. මාත් මෙහෙම සීන් එකක් අහුවමයි.. මොනා උනත් මේ ගැන හොයල බලන්නම වෙනවා.

    ReplyDelete
  14. //අපිට කෙලවෙන දවසට අනිත් පැත්තට බණ කියන්නට දැන් අපට බණ කියන සර්ව ආගමික උතුමන්ලා එදාට හොයාගන්නටවත් නැතිවන නිසාය...//

    මාරයාගේ කටේ මසුරන් දාන්න වටිනවා.....

    අද බෞද්ධයෙක් මුස්ලිම් කෙනෙක්ට මොනවා හරි නිකමට කිව්වත් ඒක වෙවේචනය කරන්න ඕන තරම් සිංහල බෞද්ධ අයම ඉන්නවා..."අපිට මොකටද ජාති වාදේ, අපි එක පවුලක් වගේ ඉමු"..ඔහොම තමයි කියන්නේ....

    අපේ රටත් බංගලි දේශේ වගේ වෙන්න වැඩි කල් යන එකක් නෑ කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. //."අපිට මොකටද ජාති වාදේ, අපි එක පවුලක් වගේ ඉමු"//

      සිංහල දෙමල මුස්ලිම් හැමෝම සහජීවනයෙන් ඉන්න ඕනේ කියලා හිතනවානම් ඔය කීම සාධාරණයි... ඒත් ඒක එහෙම නොවේ නම් ???

      බෞද්ධයෙක් විදියට බැලුවොත් මේ හැම දෙයක්ම තණ්හාවක්, බොරුවක් !!! ඒත්, භික්ෂුන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධ ධර්මය ආරක්ෂා කරන් ආපු නිසා නේද අපිත් ඒක ඉගෙන ගත්තේ... උන්නාන්සෙලා “සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය“ කියලා බුද්ධාගමත් රැකගෙන වැඩක් නැත, නැසී යනු ඇත කියා අත ඇර දැම්මා නම් අද කෝ බුද්ධාගමක්...!
      ----------------------------------------------------

      //අනේ මට නම් තේරෙන්නෙ නෑ මිනිස්සු මොකට ඔය ආගමයි ජාතියයි කුලයයි අරවයි මේවයි ල_බවල් බදාගෙන මරා ගන්නවද කියල, ඉන්න ටික කාලෙ කීයක් හරි හම්බකරගෙන පුළුවන් හැටියකට කාල බීල සමගියෙන් සතුටෙන් ඉන්නෙ නැතුව.//

      ඉස්සෙල්ලා කිව්වා වගේ, අපිත් ඔන්නොහේ ඕන එකක් කරගත්තාවේ කියලා කර බාගෙන උන්නොත් අපෙන් පස්සේ එන්න ඉන්න උන්ට මොකද වෙන්නේ ??? බංගලාදේශේ අද වෙන එක හෙට අපේ ළමයින්ට, මුණූපුරන්ට වෙන්න බැරි කමක් නෑ නේද ? ඒ වගේ දවසක් උදාවුනොත් අනේ අපි ඒ කාලේ කරබාගෙන උන්නා නේද කියලා නාකි අපිට එදා හිතේවි...

      අද කළ යුතු දේ අද කරමු !!! මේක ජාතිවාදය වත් ආගම් වාදයවත් නෙවෙයි...!!! අපේ රටේ නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීමක් විතරයි !

      “අනාගතයේ පරදේශක්කාරයෝ මේ රටේ මහජාතිය වේවි... එදාට උඹලට වෙන්නේ උගුඩුවෝ වගේ නියව නියව ඉන්නයි...!!!“
      -අනාගාරික ධර්මපාල තුමා-

      Delete
    2. +1 චතුරංග....මම හිතන්නේ දෙවැනි කොටස DDT ට දීපු පිළිතුර වෙන්න ඕන.

      මුස්ලිම්වරුන්ටත් වඩා මම අකමැති සර්ව ආගමික බෞද්ධයින්ට. ඔවුන්ගේ දර්ශනය තමයි මම උඩින් ලිව්වේ "බුද්ධාගම සියලුම තණ්හා ආශා අත අරින්න පුරුදු කරන ආගමක් බව කියමින් වෙන දෙයක් වෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එක තමයි එයාලා හරියි කියන්නේ. එහෙම බලනකොට රහතන් වහන්සේලා ධර්ම සංඝායනා පවත්වලා, ධර්මය ග්‍රන්ථාරූට කරලා රැක ගත්තෙත් "තණ්හාව" නිසාද? ඔවුන් එදා එහෙම කළ නිසා අද අපිට මේ ටිකවත් ඉතිරියි. අනගාරික ධර්මපාල තුමා, ගුණානන්ද හිමි වගේ අය සටන් කරලා බුදු දහම රැක ගත්තේ "තණ්හාව" එහෙම නැත්නම් ජාතිවාදේ හින්දද? නැහැ...අනාගත පරම්පරා (අපි) ගැන හිතලා. අද අපි නිකම්මු වගේ බලාගෙන හිටියොත් වෙන්නේ මොකක්ද කියලා හොඳටම පැහැදිලියි.

      අනාගතේ දවසාක බෞද්ධ වූ පමණින් ඔබේ දරුවා ඝාතනයට ලක් වෙනවානම් ඔබ කැමතිද?

      සර්ව ආගමික මිත්‍රවරුනි, ජාතියට, ආගමට පක්ෂපාති වීම ඔබ දකින්නේ ජාති වාදය හැටියට නම්, ඔබේ දරුවාගේ අනාගතය ගැන ඔබට බියක් නැත්නම්, අපිට කම් නැත...එහෙත් ඒ ගැන කැක්කුමෙන් කටයුතු කරන අයටවත් බාධා නොකර එය කරගෙන යන්නට ඉඩ දෙනවානම් කෘතඥ වෙමි....

      Delete
  15. මෙයිට වසර කිහිපයකට පෙර මම ටස්කනි වල ඉන්න කාලේ දවසක හැන්ඩි කොල්ලෙක් ආවා මගේ බන්ග්ලාදේශ් යාළුවෙක්ගේ කඩේට. මගේ යාළුවා එයාගේ භාශාවෙන් මේ හැන්ඩි කොල්ලට කිවා මම ඉපදිල තියෙන්නේ ලංකාවේ කියලා. මෙන්න මූ මාත් එක්ක මට වඩා හොඳට සිංහල කතා කරනවා.
    එදා තමයි මාත් එහෙම විස්තරයක් දැනගත්තේ. එයා කලින් හාමුදුරුවෙක් වෙලා ඉඳලා. ඒ කාලේ ඉගෙන ගෙන තියෙන්නේ ලංකාවේ. ඒ කාලේ මට වඩා හොඳට සිංහලත් කතා කලා. ඒ විතරක් නෙමෙයි බෞද්ධ කතා කියපු විදියට ආගම ගැනත් හොඳ දැනුමක් තිබ්බා වෙන්න ඕනේ.
    අර බන්ග්ලාදේශ් කීවම අපිට මතක් වෙන අපිරිසිදු විදියට නෙමෙයි මෙයා ඇඳලා හෙම උන්නෙත්. බොහෝ විට ලංකාවේ ස්ටයිල් එකට. ඊටත් වඩා සංවර කමකුත් තිබුනා....

    ReplyDelete
  16. මාරයො මෙව්වා කතා කරන උන්ගේ පතූරැ අරිනනේ සීංහල උන්මයි. උන්ගෙන් 60% විතර කතෝලික,40% බෞද්ධ ,මුස්ලිම්කරණයට රට ලක්වෙන එක ගැන කතා කරන උන්ට පෙරලගන ගහනවා. තව අවුරැදු 40ක් යනකොට ලංකාව 51% මුස්ලිම් වෙනවා. කාටහරි පුළුවන්නම් අර නොර්වේවල මුස්ලිම් වැඩමුළුවට ගහපු නොර්වේකාරයා කරපු කතාව සීංහලට පරිවර්ථනය කරලා දාහල්ලා. මම දැක්කා ඒකේ සාරාශයක් කොහේහරි. 51% වෙච්ච දවසට මුන් අපිවත් මරණවා. දැනටත් තියන පෙරමග ලකූනු සුබ නැ. අපේ එවුන් අරැගේ අරකටයි , මුගේ මේකටයි ලයික් දදා ඉන්නවා,මුස්ලිම් දැල ගානට රට වටේ එලනවා.

    දෙමළ මිනිස්සු
    පන්සල් යනවා, පල්ලි යනවා, කෝවිල් යනවා

    සීංහල මිනිස්සු
    පන්සල් යනවා.පල්ලි යනවා. කෝවිල් යනවා

    එතකොට මුස්ලිම්

    ReplyDelete
    Replies
    1. එතකොට මුස්ලිම්......ගෙවල් වලට වෙලා ජාතිය බෝකරනවා..!!

      Delete
  17. මේ ඉන්නේ සර්ව ආගමික හසරක් නොදන්නා බහුබුතයෙක්
    http://sinhalaya-lokayata.blogspot.com.au/2012/01/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මං ගැන වර්ණනා කරාට :D

      Delete
  18. මාත් දැක්කා බුකියේ ශෙයාර් උන ෆොටො එකක්.. ඒකේ ස්වාමීන්වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා හමුදා ආරක්ශාව එක්ක..

    ReplyDelete
  19. බංග්ලාදේශයේ වෙන දේවල් ගැනනම් හොදටම දැනගෙන හිටියා. ඒත් එහේ ඉදං ලංකාවට හාමුදුරුවරු සංක්‍රමණය වෙන මේ ක්‍රමය ගැනනම් දැනගත්තේ අද, මාරයාගේ අතීතය ගැන "සෑහෙන්න" දැනගෙන හිටියත් මම හිතුවේ වර්තමානයේ මාරයත් "සර්වාගමික" වෙලාදෝ කියලා! මේ බ්ලොග් එකේ මේ වගේ පෝස්ට් එකක් දැක්කමයි වෙන්න ඕනේ, ජාතීවාදී, ආගම්වාදී කියන ඒවා කියයි කියලා බයෙන් හිටියොත් ජාතිය, ආගම ඉතිහාස පොත්වල විතරක් දැකගන්න ලැබෙයි තව ටික කාලෙකින්...

    මාරයෝ "බුද්ධිමත්" මිතුරෝ තරවෙන එකක් නෑ.. මාර දිඟටම ලියන්න. :)

    ReplyDelete
  20. ආයිත් දෙබරෙකට ගල් ගහල වගේ :)

    ReplyDelete
  21. මමත් මේ ගැන දැනගත්තෙ අද... මං ලංකාවෙ ඉන්දැද්දිත් බංගලි හාමුදුරුවරු ගැන දැනගෙන හිටියෙ නෑ.... මට සිඩ්නිවල බ්ලූ මවුන්ටන්වල තියෙන සිංහල පන්සලේදි නම් එක්කෙනෙක් මුණ ගැහුනා.... ඇත්තටම මං හිතුවෙ සිංහල කෙනෙක් කියලා ලොකු හාමුදුරුවො හඳුන්වලා දෙනකම්ම.... පෙනුමත් අපේ විදියයි, හොඳටම සිංහලත් කතා කරනවා... ඒ නිසා මට හිතෙනවා සමහරවිට ලංකාවෙදිත් දකින්න ඇති, ඒ උනාට වෙනසක් දැනෙන්න නැතුව ඇති කියලා...
    කතාව ගැන නම් ඇත්තටම දුක හිතුනා... ඒ අස්සෙ දලයි ලාමා ටිබෙටය අතහැරලා ගිය කතාවත් මතක් උනා...

    ReplyDelete
  22. අදයි දන්නෙ පන්සල්වල මේ තරම් බංගලි හාමුදුරුවො මොකද කියලා

    ReplyDelete
  23. මේ ගැන දැනගත්තෙ අදමනෙ.
    ලංකාවෙ පන්සල්වල ඉන්න හාමුදුරුවරු ධර්ම ප්‍රචාරය පැත්තක තියල වෙන වෙන වැඩ කරන්න යන හින්ද තමයි දැන් පන්සල්වල දානෙකට ඉල්ලන හාමුදුරුවරු ප්‍රමාණයවත් දෙන්න බැරි වෙලා තියෙන්නෙ. (අපේ පංසලේ ලොකු හාමුදුරුවන්ගේ අදහස අනුව)

    ReplyDelete
  24. ඔස්ට්‍රේලියාවේ වෙසෙන රසික සූරියාරච්චිටත්(කතන්දරකාරයා), ඇමරිකාවේ වෙසෙන අරුණිලාටත් නොපෙනන සත්‍යය මෙයයි. මේ ක්‍රියාදාමයේ ඊලග ගොදුර අපේ රට. අඩුම තරමින් මේ රටේ ඉපදුනු අපේ දරුවන් මිය යන තුරු වත් මේ රට මේ විදිහට තිබිය යුතුයි.

    අරුණිගේ බයිලා අතඇරලා කතන්දරගෙ මේ ලියපු කවි පන්තිය බලන්න. මේ කවි පන්තිය ලියපු පෑනෙන් කූරගල ගැන කවි කීයක් ලියවුනාද!

    බසින් පාලි අපි පන්සිල් පද කියමු
    සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
    කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
    පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

    ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
    එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
    යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
    ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

    උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
    සත්තම දමන්නට එන්නේ කොයි කවුද
    ඇත්තම වීඩියෝවල සටහන් වුවද
    ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද

    අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
    බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
    ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
    බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

    පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

    ගුවන් විදුලියේ හැම දිනයකම බණ
    නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
    මෙවන් පිනට බර දේසෙක හතර කොන
    රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

    ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    (රචනය-රසික සූරියආරච්චි)

    //අද බෞද්ධයෙක් මුස්ලිම් කෙනෙක්ට මොනවා හරි නිකමට කිව්වත් ඒක වෙවේචනය කරන්න ඕන තරම් සිංහල බෞද්ධ අයම ඉන්නවා..."අපිට මොකටද ජාති වාදේ, අපි එක පවුලක් වගේ ඉමු"..ඔහොම තමයි කියන්නේ....- සයුරී.//

    කතන්දරත් මේ ජාතියේ මට හිතෙන්නෙ.

    අපේ දෙමාපියන්ගේ මුදලින් ඉගෙනගෙන අපට මෙවැන්නක් කිරීම හරිම කණගාටු දායකයි.

    තමන්ගේත් තම දරුවන්ගේත් අනාගතය සුරක්ෂිත කරගත් පමණින් ඉපදුනු රටටත් ජාතියට ‍මෙවැනි දේ කරන පුද්ගලයන් නිසා කවදාහෝ කෘර මරණයකට හිමිකම් කියන්න වෙන්නේ අපේ දරුවන්ට.

    එදාට ඔවුන්ගේ පුතුන් ඒවා සාධාරණීකරණය කරලා කවි ලිව්වත් අපිට පුදුම වෙන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මේ කවි පන්තිය සමග මා දැමූ කතන්දරය සහ එයට ලැබුණු ප්‍රතිචාර මෙතනින් කියවන්න.
      http://kathandara.blogspot.com.au/2012/05/wesak-thoughts.html

      නැවතත් ස්තුතියි.

      !!!

      Delete
    2. ඉස්ලාම් යනු ආගමක් පමණක් නොවේ. එය සියලු සමාජ , ආර්ථික , දේශපාලන , නීතිමය රාමුන් කැටි කොට ගත් දර්ශනයකි. ජීවත්වීමේ ක්‍රමයකි. චූ කිරීමේ සිට , අන්‍යාගමික රටක් තුල සම්පුර්ණ වශයෙන් තමන්ගේ එම දර්ශනය ව්‍යාප්ත කිරීමේ ක්‍රමයන් එයට ඇතුලත්ය. තමන් බහුතරය වූ කල අන්‍යාගමිකයන්ට අසීමිත බදූ බර පටවා , ස්වදේශිකයන් ලෙස නොසලකා හිංසා කිරීමේ සිට (මැලේසියාව) , ethnic clensing (තායිලන්තය , බංගලාදේශය ) හා ඉන්පසුව 100% ඉස්ලාම් වූ පසු මුළු මහත් ජන සමාජයක්ම රැඩිකල් ඉස්ලාම් වාදීන්ගේ ග්‍රහණයට නතු කොට ගෙන අහිංසක රැඩිකල් නොවෙන ඉස්ලාම් ජනයාගේ පවා මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීමට හැකි (ඇෆ්ඝනිස්ථාන් ) මහා බලයක් ඉස්ලාමයේ ඇත. එසේ මහා බලයක් ගොඩ නගා ගැනීම පහසු වනසේ එය අඩිතාලමේ සිට එය සකස් කර ඇත .

      එහි නොවැලැක්විය හැකි වියප්තවාදයට විරුධව පුළු පුළුවන් විදියට පෙළ ගැසිය යුත්තේ අප සිංහල නිසා හෝ බෞධ නිසා හෝ නොව මනුෂත්වය අගයන්නන් , මනුෂ්‍ය ධර්මයන්ට ගරු කරන්නන් වන හෙයිනි. ඔවුනට ක්‍රෝධ නොකරන්න. හිංසා නොකරන්න. ආගමේ නාමයෙන් ඔවුනට කොනකපාල , හම්ඹ කියමින් අපහාස/උපහාස නොකරන්න. බෞද්ධ වුව , ක්‍රිස්තියානි වුව හින්දු ජයින වුව එමගින් විනාශ වී යන්නේ ඔබේ අද්‍යාත්මක පාරිශුද්ධියයි. නමුත් මනුෂ්‍යත්වයේ නාමයෙන් අමනුෂ්‍ය ධර්මයකට විරුද්ධව පෙළ ගැසෙන්න. එය බෞධ්‍යන්ට කැපය. රසික සූරියආරච්චි කියන්නා සේ ක්‍රෝධයෙන් , වයිරයෙන් යුතුව කැත ආගම් ජාති වාදයකින් යුතුව ආගමක් විනාශ මුඛයෙන් බේරා ගැනීමට නොව මනුෂත්වය නිසැක පරිහානියකින් බේරා ගැනීමට ක්‍රියාකිරීම බෞධයන්ට වුව වරදක් නොවේ. එයින් ඔවුනගේ බෞධත්වයට කිසිදු හානියක් සිදු නොවේ.

      මනුෂත්වය සුරැකිව ඇති තැන බුදු දහමද , අන්‍ය ආගම් හා දර්ශනද , විවිධ සංස්කෘතික හා නිවහල් අදහස්ද , පිළිවෙත්ද අනිවාර්යයෙන් සුරැකේ.

      Delete
  25. මාරයා මල්ලී,
    ඔබගේ විවරණය ඉතාම වටිනවා. කාලය්ක් සිවුරේ සිටි නිසා ඔබට මේ ගැන සජීවී අත්දැකීම් ඇති. මා මෙයට සම්බන්ධ වෙන්නේ කැලනි විශ්ව විද්‍යාලය හරහා. මම දැනට සම්බන්ධ වී සිටින්නේ මේ හාමුදුරුවරුන් සහ බුරුම හාමුදුරුවරුන් වැඩිපුරම වැඩසිටිනා ස්ථානක් සම්බන්ධවයි.
    මා මේ ගැන බොහෝ කරුණු දන්නවා. ඔබ කිව් සියල්ල ඇත්ත. නමුත් මේ ඔබ කියන්නේ මහණ වී පැන එන ස්වල්පයක් ගැන. ඔබ දන්නවාද එහි බෞද්ධ ගැහැනු දරුවෙක්ව ඉපදීමම අනාගත සමූහ දූෂණයකට භාජනය වීමට අවස්ථාවක් බව. මුසල්මානුවන් රූපයෙන් ඉතාම ශෝභමාන මෙම බෞද්ධ කාන්තාවන් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරනවා. කොටින්ම ඔවුන්ගේ ඒ දුක අවසන් එන්නේ මරණයෙන් පමණයි. මැරෙන තුරු දූෂණයට ලක් වීම සිතා බලන්න.
    මේ බෞද්ධයන්ට කිසිම මිනිස් අයිතියක් ඇත්තේ නැහැ. ඔවුන් ඉතාම දුක් සහිත ජීවිත ගෙන යන්නන්. යූ ටියුබයේ මෙවැනි වීඩියෝ තිබෙනවා.
    ඔබට පිං! මේ ගැන ලියුවාට.
    මෙහි පමණක් නෙමෙයි ඔය බොහෝ රටවල තත්ත්වය ඒකයි. ඒ නිසයි මේ බෞද්ධ රට මෙහෙමම ආරක්ෂාකර ගත යුත්තේ.

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයෝ, අද්දැකීම් බහුල පුද්ගයෙක් නිසා කෙටියෙන් අහන්නම්. මේ රට රැකගන්න පුලුවන්ද?

      Delete
    2. බුද්ධියෝ මේ රට රැක ගන්න පුළුවන්. හැබැයි අර මම මගේ පෝස්ට් එකක කිව්ව වගේ මේ රට ගැන හැඟීමක් දැනීමක් තියන ඇත්තෝ දැනමුත්තන්ගේ උපදෙස් අරගෙන යායුතු මඟ තීරණය කොරලා අහක වෙලා, ජහමනයා කූද්දගෙන පෙරටම යව් දරුවනි, පෙරටම යව් කියලා වැඩට බැස්සදාට.

      Delete
    3. ස්තුතියි වෙද මහත්තයෝ. මේ පිලිතුර වර්තමාන ප්‍රායෝගික තත්වයත් එක්ක ගලපද්දි නම් අපි ඉන්නෙ හරිම භයානක අඩියක කියලයි මට හිතෙන්නෙ....!

      Delete
    4. වෙද මහත්තයෝ .. අදහස ඉතාම හොඳයි. කිසිසේත්ම ප්‍රායෝගික නැත. හැමෝම බලං ඉන්නේ කවුරුහරි සංවිධාන හදාගෙන , මිනිස්සුන්ව නැගිට්ටෝල මහ විසාල විප්ලවීය වෙනසක් කරනකන්. නමුත් වර්තමාන
      ලංකාවේ සමාජ , දේශපාලන භාවිතයත් එක්ක ඒක කිසිසේත්ම නොවෙන දෙයක්. එහෙම උනත් සුළු කාලෙකින් හෙළ උරුමය වගේ ඒක දේශපාලනීකරණය වෙලා හෝදාපාළු වෙලා පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වෙන මගක ගමන් කරනවා.

      අනුන් කරනකම් බකන් නිලාගෙන හුල්ල හුල්ල ඉන්නේ නැතුව සුළුවෙන් හරි වෙනසක් සඳහා තනි තනිව වැඩ කලොත් ලොකු වෙනසක් වෙයි කල් යනකොට. කලයුතු වැඩ නොදනී නම් අහන්න. කියා දෙන්නම්.

      Delete
    5. මලේ, මම නම් මේ ගැන හොදින්ම දන්නවා. කළ නොකළ යුත්තත් මට වැටහෙනවා. මවිසින් දැනටත් ඒ ගැන වෙහෙසෙනවා. නමුත් මට නිතරම අර අපේ ගැමුණු කුමාරයා පැරදිලා පලා යනකොට මුණ ගැසිලා බත් කන්න දුන්නු මහළු අම්මා, එතුමා බත් කන ස්වරූපය ගැන කියූ කාරණය නිතර මතක් වෙනවා. අන්න ඒකටයි මට කනගාටුවක් ඇති වෙන්නේ.

      Delete
    6. සුදාරකෝත්පත්තිය ට අනුව , ලංකාවේ අද ජිවත් වෙන මවුපිය වරුන්ගෙන් ඒවගේ විරුවන් නැවත කිසිදිනක බිහි නොවන බව ඔබ හොඳින් දන්නවනේ. (මේ ගැන කතා කිරීම නිසා නුගත් බොහෝ දෙනා ඔබ හට අපහාස කල බවත් අහල තියෙනවා ) තියෙන බිඳෙන් කරන දෙයක් ඇරෙන්න වැඩි යමක් වර්තමාන සිංහල බෞද්ධ ජන සමාජයෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

      Delete
    7. ඔබලා වැනි තරුණයෝ දකින විට එවැනි දුර්ලභ පිංවත් දෙමාපියන් සිටින බව මට වැටහේ. ඒ ගැන පහන් සංවේගයක් මසිතේ ඇත.

      Delete
    8. ඔය කෑ ගහන යතුරු පුවරු වීරවරු එලියට බැස්සම කොහොම ඇද්ද ?

      Delete
    9. @ සිහින
      ප්‍රිය මිතුර , එම කී බෝර්ඩ් විරුවන් එසේ කෙදිරිගාමින් හෝ නිකුත් කරන්නේ තම දේශයට , තම ජාතියට , තම අනාගත පැවැත්මට ඇති ආදරය බව සිහි තබා ගන්න. ඔවුන් එලෙස වෙහෙසවන්නේ ඔබගේ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ,අනාගත හෙළයේ තමන් කැමති ආගමක් නිදහසේ ඇදහීමේ මනුෂ්‍ය අයිතිය ,හලාල් නොවී පාරේ නිර්භයව බැස යාමේ අයිතිය ,සමුහ දුෂණයට ලක්නොවී ඔබගේ මිනිපිරියන්ට ගෝනි නොපෙරවා තමන් කැමති යමකින් සැරසී පාරේ බැස යාමට ඇති අයිතිය , වෙනස් විදියට සිතීමට (පරිනාමවාදය) , ඝාතනයට ලක්නොවී තමන් කැමති ලිංගික අදහසක් (gay /lessibian ) දැරීමේ මානුෂිය වූ අයිතිය , කැමති දෙයක් ඉගෙනීමට , පාපයෙන් වැලකි සිටීමට , කැමති ආහාරයක් /පානයක් (මත් පැන්) භුක්ති විඳීම තහවුරු කර ගැනීමට බව මොහොතකට සිහිපත් කර ගන්න.

      සතුටින් ආත්මාර්ථය පෙරදැරිව වර්ථමානයේ ඇස් කන් පියාගෙන ඔබ මෙන් ජිවත් වීම පසෙක ලා ඔවුන් එසේ කරන්නේ එමගින් බඩගෝස්තරය සොයා ගැනීමට හෝ අන්කිසි වෙනත් ලාභ ප්රෝයෝජනයක් ලබා ගැනීමට නොව හුදු අනාගත අවාසනාවන්ත කුහකයන්ගෙන් පිරුණු සමාජයකට නිදහසේ ජීවත්වීමට මඳ හෝ විවරයක් ලබාදීමට බව සිහිපත් කර ගන්න. කුහක අධම ආත්මාර්ථයෙන් පිරුණු තම විනාශය තමන්ම ලඟා කරගන්නා පහත් මිනිසුන්ගෙන් යුත් සමාජයක ට එම කී බෝර්ඩ් විරුවන් කිසිදා පිය නොතැබීමට ඉඩ ඇත. ඔවුනට එලිබැස ඒ සමාජයෙන් කර ගත හැකි, ලබා ගත හැකි යමක් නැත. නමුත් සැඟවී සුළුවෙන් හෝ ඔවුන් මොර නගන්නේ මනුෂත්වය සුරක්ෂා කර ගැනීමටයි.

      ධර්මපාල තුමන්ට කෙල ගැසූ සමාජයක ඔබ වැනි අදහස් ඇත්තන් දුලබ නොවේ. එය ඔවුන්ගේ වැරැද්ද නොව ජාතියේ අවාසනාවයි.

      Delete
  26. බෞද්ධ රටවල් අතරෙ සහයෝගීතාවයක් ඇතිකරල මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න බැරිද? දැන් මුස්ලිම් රටවල් කතෝලික රටවල් අතරෙ එහෙම දේවල් තියනවානෙ (මේක දේශපාලන නායක උදවිය එහෙම පොළඹවගෙන කරන්න ඕන වැඩක්. ඒකත් පේන තෙක් මානයක කරන්න පුලුවන් කියල හිතන්න අමාරුයි )

    සරුවාගමිකකාරයො බහුතිකවාදියො කියන කරන දේවල් නම් ගණන් ගතයුතු නෑ. කාලාම සූත්‍රයේ කියන්නෙ නුවණැත්තන්ව ආදර්ශයට ගන්න කියල මිසක් මෝහයට යට වෙන්න කියල නෙවෙයි.

    ReplyDelete
  27. බොහොම ස්තුතියි මේ ලිපියට මාරයා . මුස්ලිම් දෙමල අය එක්ක සහයෝගයෙන් ඉන්න ගමන් අපේ ආරක්ෂාවත් සලසගන්න එක වරදක් නෙමේ . මානව හිමිකම් රකින අයට බංගලි දේසේ මේ සුළුතරය නිකම් මහා මුහුදක දිය බින්දුවක් වගේ ඇති . කාට කියන්නද . ,. අද ලේසියෙන්ම තලන්න පුළුවන් මුව හම තමයි සිංහල බෞද්ධ කම .කමෙන්ට් දැක්කම පේනවනේ හුඟක් දෙනෙක් මේ ගැන අහලවත් නැති බව .

    ReplyDelete
  28. මමත් අද වෙනකම් මේ ගැන දැනගෙන හිටියේ නැහැ.
    කියන්න දෙයක් නෑ. මෙතන කමෙන්ට් වලින් ඒ අදහස කියැවිලා තියෙනවා.

    මාරයා, මේ පෝස්ට් එකට බොහොම ස්තූතියි. ඉදිරියේදී වැඩි විස්තර බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  29. අනාගත දවසක, කොහේ හෝ බෞද්ධ රටක බ්ලොග් කරුවකු අතින් මෙවැනි සටහනක් අපේ ලංකාව ගැනත් ලියවේදෝයි බියකින් මුලු සර්වාංගයම කිලිපොලා ගියේය.

    මුහුද දශමයෙන් දශමය ගොඩ බිම යට කරගත්තද කිසි කෙනෙකුට එය නොවැටහේ. එය පෙන්නා දෙන්නා පිස්සකු බවට පත්වේ.

    ධර්මපාල තුමෙකුගේ ආගමනය තදින්ම රටට ඇවැසි කාලයයි මේ. ධන්ත දාතූන් වහන්සේගේ ආනුභාවයෙන් එවන් වූ ආගමනයක් ඉක්මන් වේවා !!!

    ReplyDelete
  30. මේක නම් විශිෂ්ඨ ලිපියකි මලයා ....
    අපේ ගමෙ පන්සලෙත් බංගලි හිමිවරු කීප නමක් වැඩ උන්නත් ... මම හිතාගෙන හිටියේ ඉගෙනීම සඳහා ඇවිත් කියලයි.
    හොඳට සිංහල කතා කරන ගමේ හැමෝහෙම හිත දිනාගෙන ඉන්න මේ තරුණ හිමිවරුන්ගෙ ඇත්ත කතාව දැනගත්තෙ අදයි.
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඉන්න මානව හිමිකම් වලට කෑ ගහන පකයොන්ටයි ... උන්ට පුක දෙන ලංකාවෙ ඉන්න පකයින්ටයි .. මේව පේන්නෙ නැති එකනේ පුදුමේ....

    [මම දැන් තැන්පතෙක් වෙලා ඉන්න බවත් තරහ ගන්න හොඳ නැති බවත් අමතක වුනා ඔන්න]

    ReplyDelete
  31. මාරයා......ඔබට පිං මෙවැනි කතිකාවතක් ගොඩනැගුවාට...
    මමත් දන්න පන්සල් කීපයකම බංගලි හාමුදුරුවරු කීප නමක් ඉන්නවා. හරිම හොදයි, ලස්සනට බණ කියනවා....
    අපේ රටට වේගන යන නස්පැත්තිය ගැන ඇත්තටම කතා කරපු එක හොඳයි..සිදුවිය යුත්තේ අපේ සිංහලයන්ට බුද්ධාගම පිලිබද අභිමානයක් ඇති කිරීමයි. ඒකට ඉතිං පන්සල් ම මූලිකත්වය ගත යුතුයි...! හැබැයි ඒව කවදා....කොහොම වේදැයි කවුරුවත් දන්නේ නැත.....

    ReplyDelete
  32. කාලෙකට කලින් මමත් දැක්කා බංගලි බෞද්ධයන් සමුහයකගේ හිස ගසා දමන දර්ශන දැක්වෙන වීඩියෝවක්.. මේ විදියටම අපේ එවුන හිටියොත් මේක නසරිස්තානය වෙන එකත් අපේ උන්ගේ බෙලි , කොන් කැපෙන එක නවත්තන්න බැහැ. ආගමික / වාර්ගික සහජීවනය වෙනම දෙයක්. අන්තවාදය හා වර්ගවාදය තව දෙයක්. මුසල්මානුවන් සියල්ල දුෂ්ට නැහැ, එහෙම උන් කිහිප දෙනෙක් එහෙම ඉඳිද්දී අර භයානක කුමන්ත්‍රණ රට පුරාම පැතිරෙනවා.අපේ උන් එකිනෙකාට වළ කපද්දී මුසල්මානුවෝ කටයුතු කරන්නේ තමන්ගේ වර්ගයා වෙනුවෙන්. මේ පිරිස අතරට අන්තවාදය ව්‍යාප්ත වීමේ ආදීනව අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.

    අපේ එවුන් අනිත් උන්ට දෙන්න යන්නේ නැතිව තමන්ගේ කම ඇතිව තමන්ගේ එවුන් ගැන හිතන්න පටන් ගන්නවානම් වෙනසක් වේවි. එහෙම වෙයිද?

    මාතෘකාවෙන් පිට වුනත් මේ කතාව කියන්නේ අන්තවාදයෙන් තමන්ගේම වර්ගයා පවා පීඩාවට පත්වෙන බවත්, එවැනි අයට ලංකාව ක්ෂේම භූමියක් බවට උදාහරණයක් විදියට , ඒත් ඔය අන්තවාදයෙන් ඔවුන්ගේ වර්ගයාම බොහෝ විට පීඩාවට පත් වෙනවා. මට හමු වුනු, එක් මැලේසියානු"වාසී" තරුණියක්ගේ මව බංගලි , පියා ලාංකික මුස්ලිම්. පියාගේ රැකියාව නිසාවෙන් ඔවුන් ජීවත් වෙන්නේ මැලේසියාවේ තායිලන්ත දේශසීමාව ආසන්නව. ඒ ප්‍රදේශයේ පැතිර ඇති දැඩි මුස්ලිම් අන්තවාදය නිසා ගැහැණු ළමයින්ට පාසැල් යන්න අවසර නැහැ. යන්තම් තායි භාෂාවෙන් ලිවීමට හැකියාවක් තිබුන ඇය ගැන දුක් වුන දෙමාපියන් ඇයව ඉගෙනීම වෙනුවෙන්මයි ලංකාවේ ඥාතීන් වෙත එවා තිබුනේ. ලංකාවේ ඇයට ලැබෙන නිදහස (මෙහිදීත් ලාංකික මස්සිනා ඇය පසු පසමයි)ගැන ඇය පුදුමයට පත් වෙලා හිටියේ...

    ඉඳුනිල්

    ReplyDelete
    Replies
    1. මා මගේ රටට ආගමට ජාතියට වඩාම ආදරේ වෙන්න හේතුව ගැහැණු ළමයෙක් ලෙස නිදහසේ සම අධ්‍යාපනයක් ලබන්න ගැහැණු පිරිමි වෙනසක් නැතුව යාලුවෝ ඇසුරු කරන්න ගැහැනියක් වීම පසුතැවීමක් නොවී හැදී වැඩෙන්න ඉඩකඩ ලැබුන නිසා යි

      . '' ගැහැණු ළමයෙක් නැති ගෙදර කලෙලියක් නැත යි කියන සමාජයක ඉපදුන නිසයි '' -[ දිලීප ජයකොඩි ගේ දිරි දැරියෝ පෙරවදන ]

      මට මගේ දියණියන් ඔවුන්ගේ දියණියන් මන් වගේ අභිමානයක් ලැබෙන විදිහට ඉන්න ඕන නිසා යි මේ ගැන හිතන්නේ . මගේ ළමයි පිටරක ජිවත් වුනොත් ??ඒ ඇතිද . නැහැ තව කොපමණක් දියණිවරුන් අපේ රටේ ජිවත් වෙනවද . අපි එලියට ගිය පලියට මෝඩ ආතල් ගැනීම හරිද

      Delete
  33. වටින පෝස්ට් එකක් මාරයියේ.

    මමත් ජාතිවාදය කියන දේට නම් කැමතිම නෑ. හැබැයි එහෙමයි කියල බෞද්ධ ආගමට මේ වෙන දේවල් බලාගෙන ඉන්නත් බෑ. අපි කොච්චර ජාති වාදය ඕන නෑ කිව්වත් සමහර (හැමෝම නෙමෙයි) මුස්ලිම්වරුන් හදන්නේ මේ රටත් බදාගෙන කන්න. ඒක නැහැයි කියනවා නම් ඉතින් විහිළුවක්. කරන්න ඕන මොකක්ද කියලා නම් තේරෙන්නේ නෑ, හැබැයි මෙහෙම ගියොත් ලංකාවෙත් බෞද්ධ ආගම ඉතුරු වෙන්නේ නෑ කියන දේ නම් පැහැදිලියි.

    බලාගෙන මාරයියේ මේවා කියන්නේ. මේකේ ඉන්නවා හෙන රැඩිකල් ඩයල්. ඕව කිව්වම උන්ට සෑහෙන තරහ යනවා.

    ReplyDelete
  34. //."අපිට මොකටද ජාති වාදේ, අපි එක පවුලක් වගේ ඉමු"//

    සිංහල දෙමල මුස්ලිම් හැමෝම සහජීවනයෙන් ඉන්න ඕනේ කියලා හිතනවානම් ඔය කීම සාධාරණයි... ඒත් ඒක එහෙම නොවේ නම් ???

    බෞද්ධයෙක් විදියට බැලුවොත් මේ හැම දෙයක්ම තණ්හාවක්, බොරුවක් !!! ඒත්, භික්ෂුන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධ ධර්මය ආරක්ෂා කරන් ආපු නිසා නේද අපිත් ඒක ඉගෙන ගත්තේ... උන්නාන්සෙලා “සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය“ කියලා බුද්ධාගමත් රැකගෙන වැඩක් නැත, නැසී යනු ඇත කියා අත ඇර දැම්මා නම් අද කෝ බුද්ධාගමක්...!
    ----------------------------------------------------

    //අනේ මට නම් තේරෙන්නෙ නෑ මිනිස්සු මොකට ඔය ආගමයි ජාතියයි කුලයයි අරවයි මේවයි ල_බවල් බදාගෙන මරා ගන්නවද කියල, ඉන්න ටික කාලෙ කීයක් හරි හම්බකරගෙන පුළුවන් හැටියකට කාල බීල සමගියෙන් සතුටෙන් ඉන්නෙ නැතුව.//

    ඉස්සෙල්ලා කිව්වා වගේ, අපිත් ඔන්නොහේ ඕන එකක් කරගත්තාවේ කියලා කර බාගෙන උන්නොත් අපෙන් පස්සේ එන්න ඉන්න උන්ට මොකද වෙන්නේ ??? බංගලාදේශේ අද වෙන එක හෙට අපේ ළමයින්ට, මුණූපුරන්ට වෙන්න බැරි කමක් නෑ නේද ? ඒ වගේ දවසක් උදාවුනොත් අනේ අපි ඒ කාලේ කරබාගෙන උන්නා නේද කියලා නාකි අපිට එදා හිතේවි...

    අද කළ යුතු දේ අද කරමු !!! මේක ජාතිවාදය වත් ආගම් වාදයවත් නෙවෙයි...!!! අපේ රටේ නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීමක් විතරයි !

    “අනාගතයේ පරදේශක්කාරයෝ මේ රටේ මහජාතිය වේවි... එදාට උඹලට වෙන්නේ උගුඩුවෝ වගේ නියව නියව ඉන්නයි...!!!“
    -අනාගාරික ධර්මපාල තුමා-

    ReplyDelete
  35. වටිනා ලිපියක් අයියේ
    මටත් හුගක් වෙලාවට මේදේ හිතිලා තියෙනවා අහන්න දකින්න ලැබෙන දේවල් නිසා.මුස්ලිම් ආගමේ ලොකු ව්‍යාප්තියක් තියෙනවා. සිංහල මිනිස්සු ළමයි 2ක් හදද්දී එයාලා දුසිම් භාගයක් විතර හදනවා. ඇරත් අපේ ආගමේ අය සල්ලි වලට නොයෙකුත් වාසි උඩ ආගම මාරුකරනවා. පාවලා දෙනවා. ඉතිං බුදුන් වැඩිය අපේ දේශයේ පැවැත්ම ගැන හිතා ගන්න අමාරුයි.
    අහන්න තියෙන්නේ ‘ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්නේ‘‘ කියලා තමයි...

    ReplyDelete
  36. http://www.divaina.com/2012/05/27/feature04.html
    පත්තර පිටු අතර ඇත්තේ පෙරවදනක් ද?

    ReplyDelete
  37. මාරයියේ..බලන්න අර ගස්ලබු හොද්ද හදල දාන්න පොටෝ එකක් මුණුපොතේ..!:D:D:D:D

    ReplyDelete
  38. මාරයා මාරයි.. පික්සු හැදෙනවා.. අද තමයි දන්නේ

    ReplyDelete
  39. http://www.buddhistchannel.tv/index.php?id=70,8963,0,0,1,0
    මේ ගැණ යම් සැකයක් ඇත්නම් මෙතැන බලන්න.

    ReplyDelete
    Replies
    1. උන්ට ලියුම් යවන ඒක නිකං හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේ. පුළු පුළුවන් කට්ටිය බෝඩරේ හරහා ඉන්දියාවට පැනල එනවා. රාජතාන්ත්‍රික ප්‍රශ්න ඇතිවෙන හිංද ඉන්දියානු රජය ඔවුන්ව රාජතාන්ත්‍රික විදියට පිලි නොගත්තත් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඔවුන් සාමාන්‍ය ඉන්දියානුවන් විදියට ප්‍රධාන නගර වලට ඇවිල්ල ජීවත් වෙනවා. නීති ප්‍රශ්න නැහැ. දරුවන් සාමාන්‍ය විදියට පාසල් වලට යනවා. භාෂා ප්‍රශ්නයයි , ඉස්ලාම් ආගමෙන් කරන ඉගෙනීමට වැටකඩොලු බැඳීමයි හිංද ඔවුන් බොහොමයක් (99%)මල පොතේ අකුර නොදන්නා නුගතුන් . ඒක හිංද වැඩි පුරම කරන්නේ ගෙවල් වල මෙහෙකාර වැඩ. එක ගෙදරක දවසට පැය 2 ගානේ මාසෙකට වැඩකරන්න රුපියල් 100 යි.

      Delete
  40. අපිට හැකි තරම් මුස්ලිම් නිෂ්පාදන,මුස්ලිම් ආයතන වර්ජනය කිරීම හා ඒ පිලිබදව අනෙක් අය දැනුවත් කිරීම හැකි ඉක්මනින් කලයුතු දෙයකි.මුස්ලිම් අන්තවාදයට පිලිතුර ඔවුන්ට තේරෙන ආකාරයෙන් දිය යුතුය.ඉතාම වටිනා කාලෝචිත පෝස්ට් එකක් මාරයියේ..

    ReplyDelete
  41. හොඳ පොස්ට් එකක් හා වටිනා කමෙන්ට් (පලවෙනි ඒක නැතුව) ටිකක්. මේ දේ ගැන මිට වඩා සමාජ දැනුවත් කල යුතුයි

    ReplyDelete
  42. බංගලි දේශයේ කඳුකරයේ වෙන මේ මහා බෞද්ධ සංහාරය ගැන දැනගෙන හිටියත් මේ තරම් බෞද්ධ හිමිවරු පිරිසක් ලංකාවට සංක්‍රමණය වෙනවා කියල දැනගෙන හිටියේ නැ. ඇත්තටම මේ හිමිවරුන්ගේ මුලිකම අරමුණ ජීවිතය බේරාගැනිමනම් ආගම මාරුකරලා බංගලි දේශයේම ජිවත් වන්න තිබුන. නමුත් බංගලි හිමිවරුන් බෞද්ධකමත් රැකගෙන ජීවිතය රැකගන්නයි මෙසේ සංක්‍රමණය වෙන්නේ. අපේ සමහර හිමිවරු බෞද්ධකම විකුණන් කද්දී ජීවිතය දෙවැනිකොට බෞද්ධකම රැකගන්න බංගලි බෞද්ධයෝ හරිම වටිනවා. මාරයාගේ කලින් ලිපියක තිබුන, ලොකු ගල් අතර සක්ක ගල් දාල බඳින බැම්මක, මේ ලිපිය නම් බරම බර ලොකු ගලක්. මාරය මේ ලිපිය දාපු එක ගොඩක් වටිනවා.

    ReplyDelete
  43. අපේ කැම්පස් එකේ බංගලි හාමුදුරුවරු කීප දෙනෙක්ම ඉන්නවා. හැබැයි ඒ අයගෙන් හුඟක් අය උපාධිය අවසන් කරලා සිවුරු හරින්න හිතාගෙන ඉන්න අය.

    බංගලි හාමුදුරුවරු ගැණ කිව්වොත් හුඟක් භාෂා ඉගෙන ගන්න එයාලා දක්ෂයි. අපේ බැච් එකේ ඉන්න බංගලි හාමුදුරු කෙනෙක්ට බංගලි, හින්දි, සිංහල, ඉංග්‍රීසි, ජර්මන්, කොරියන් කියන භාෂා සෙට් එකම පුලුවන්.

    කොහොමද ෂඩ් භාෂා පරමේෂ්වර :D

    ReplyDelete
  44. මාරයා, දැන්මම පනින්න ඕනේ නෑ. තව කල් තියෙනවා ඔක්කොම මුස්ලිම් වෙන්න. ඒ නිසා දැනට අපේ ඔය සර්ව ආගමික උතුමන්ලා වගේ ඇහැ කන පියාගෙන හිටියම ඇති.

    ReplyDelete
  45. නොදන්න කරුණු ගොඩාක් කියල දුන්නට බොහෝම ස්තූතියි සහෝ....ජය වේවා....

    ReplyDelete
  46. මෙය මට අලුත්

    ReplyDelete
  47. මුස්ලිම් ආගම කියන්නෙ අන්තවාදීව අදහන එමෙන්ම අන්තවාදී නොවීද ඇදහිය හැකි එහෙත් එසේ ඇදහීමට ලක් නොවන ආගමක්.ඔවුන් අනිකුත් ආගම් තුරන් කර දැමීමට කටයුතු කරන බවත් සත්‍යයක්.

    මට තේරෙන්නේ නැත්තේ මිනිස්සු තමන් විශ්වාස කරන එහෙත් තහවුරු වී නැති ප්‍රවාදයක් පෙරදැරි කරගෙන තවකෙකුගේ ජීවිතයක් නැති කිරීමට හෝ හිංසනයට ලක් කිරීමට පෙළැඹෙන්නේ මන්ද කියා ය.

    ශෝචනීයම සිදුවීම වන්නේ ලෝකයේ අවිහිංසාවාදීම ආගමක් වන බුදුදහම අදහන්නන්ද ක්‍රමයෙන් ඒ ම්ලේච්ඡත්වයටම ඇද වැටෙමින් තිබීමය.විශ්වාස නැතිනම් ඉහත කොමෙන්ටු කියවා බලන්න.

    ReplyDelete