29 May 2012

රේල් බසයෙන් මඩකලපුවට...


රේල් බස් දැකලා තියේද..? මෙන්න මුළින්ම දැකලා නැති අයට බලා ගන්න...
හරිද..බලා ගත්තද..ඔන්න ඕක තමා රේල් බස් එක කියන්නේ... ‍ඔය රේල්ලු ගැන වැඩි විස්තර දන්නේ අපේ කෝච්චියා නොහොත් ගෙහාන් චන්දික මලයා තමා.. ඌට තියෙන්නේ රේල් උණක්.. කොටින්ම කිව්වොත් මං මේ ගමන යනකොටත් මෙන්න මේකා ඉන්නවා කැකිරාව ස්ටේසොමේ රේල් පීලි උඩ ඇවිද ඇවිද කොච්චියකට කැමරාවෙන් කුරුමානං අල්ල අල්ල...

ඉතිං මං කියන්ට ගියේ ඒක නෙවෙයි නෙව...

ඔන්න පහුගිය දවසක මාත් ගියා ආයෙම රේල්ලුවෙන් චාරිකාවක්..ඇත්තටම යන්න හිතං හිටියේ කිරිගල්පොත්ත කන්ද නගින්ට..ඒත් ඒ ගමන ඔන්න මෙන්න කියලා වැස්ස කඩං වැටුන නෙව.. ඒ පාර ගමන යන්න හිතං හිටිය දවසට කලින් දවසේ රාත්තිරියේම තීරණය කොලා කිරිගල්පොත්ත අතෑරලා වැස්ස නැති පැත්තකට යන්න කියලා... අන්තිමට තීරණය උනේ මඩකලපුවට කෝච්චියෙන්...

ඒත් කෙලින්ම එක පාරින්ම මඩකලපුවට කෝච්චියෙන් නොයා පළමුවන දවස පොලොන්නරුවට ගොහින් එහෙ නැවතිලා පහුවදා උදේ හතයි කාලට තියෙන රේල් බස් එකෙන් මඩකලපුවට යන්න තමා ප්ලෑන ගැහුවේ..මෙයිට කලියෙන් පොලොන්නරු ගිය වෙලාවේ මේ කියන රේල් බස් එක දැකලා තිබුනා උනත් මේකේ යන්න අවස්ථාවක් ලැබිලා නැති හින්දා ඒ අත්දැකීමත් අර ගන්න හිතලා තමා ගමන මෙහෙම දෙකට කඩා ගත්තේ...

මේ රේල් බසය ගල්ඔය ඉඳන් මඩකලපුව දක්වා දිනපතා ධාවනය වෙනවා..ගල් ඔයෙන් උදෙන්ම පිටත් වෙන මේක උදේ හතයි කාලට පොලොන්නරුව ස්ටේසමට එනවා..එතැන ඉදන් හැම තැනම නවත්ත නවත්ත මේක කොහොම හරි උදේ දහයට විතර මඩකලපුවට ගියා.. මේක හදලා තියෙන්නේ බස් දෙකක් දෙපැත්තට මුහුණ ලා බද්ධ කරලා.. ඒ කියන්නේ දෙපැත්තටම එන්ජින් තියෙනවා.. ඕන අතකට එළවන්න ඇහැකි.. ඒ වගේම ඩැයිබර් උන්නැහේලත් දෙන්නෙක් ඉන්නවා... එක පැත්තකට යද්දී පිටිපස්සේ එන්ජිමේ ඉන්න ඩැයිබර මහත්තයා කොන්දොස්තර රාජකාරියට බහින්න ඕන...

මොකක් කොන්දොස්තර..? රේල්ලුවට...?

ඔව්...

මේකට කොන්දොස්තර කෙනෙක් ඕන කරනවා...ඇයි මේකට අත දාලා නවත්තලා නැග්ගහැකිනේ.. අර අපි දන්න කෝච්චි වගේ ස්ටේෂන් වල ඉතරක් නවත්තන එකක් නෙවෙයි මේක.. ඕන කෙනෙකුට අතර මැදදී අත දාලා බස් එකක් නවත්තන්නැහේ මේක නවත්තලා නැග ගතෑකි.. ඒ වගේම බෙල් කරලා ඕන තැනකින් බහින්නත් ඇහැකි... ඒ හින්දා අතර මගින් නගින අයට ටිකට් දෙන්න එපෑ..ඒකටයි කොන්දොස්තර කෙනෙක් ඕන කරන්නේ.. මෙන්න බලමුකෝ මේ රේල් බස් එකෙන් දෙන ටිකට් එකක්..මම බස් එකට ගොඩ වෙච්ච මනුස්සයෙකුගෙන් ඉල්ලගෙන පොටෝවල් ගත්තා ඔහෙලට පෙන්නන්ට හිතාගෙන...
දැක්කා නේද..?

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම මාත් ගියා රේල් බස් එකෙන් මඩකලපුවට...
ඔය තියෙන්නේ මනංපිටිය පාලම මැද්දෑවෙන් යද්දී ගත්ත එකක්...

මේ පහතින් තියෙන්නේ එක පැත්තක රියදුරු අසුනක්...
ඔය ඉන්නේ මමත් නිකං මේකේ අයිතිකාරයා වගේ...

---------------------

හදිසියේ ගියා උනත් ගිය ගමන් අතරින් වටිනම ගමනක්..ඒ වගේම මං මගේ ජීවිතේල ලංකාවේ දැක්ක ලස්සනම දරුශනය දැක්කේ මේ ගමනෙදි තමා..ඒ මඩකලපුව ලයිට් හවුස් එකේ උඩටම නැගලා ඒ අවට ප්‍රදේශය දැකපු එක.. එච්චර ලස්සන හරියක්නං මේ කපේට දකින්න ලේසි නැහැ... තාම ඒ පැත්තට සංචාරකයින් එන පාටක් නැහැ..මං හිතන්නේ තාම ප්‍රසිද්ධ කරලා නැතිව ඇති..තාම තැනින් තැන සංවර්ධන කටයුතු කෙරෙමින් තියෙන හින්දා...ඒත් හදලා ඉවර උනාම සහ සංචාරකයින්ට අහු උනාට පස්සේ සල්ලි උල්පතක් වෙන බවටනං කිසිම සැකයක් නැහැ... වැඩි දවසක් නොයා අපට මඩ කලපුව නෙවෙයි ඒකට කියන්න වෙන්නේ රත්තරං කලපුව කියලානං තමා ඕං...

මඩකලපුව පැත්තේ යන අයට උදව් විය හැකි සටහනක් උවමනානං පල කරන්න පුළුවන් නවතින්න පුළුවන් තැන් ගැන හා දුරකථන අංක සහිතව... ඒ ගැන උනන්දුවක් තියෙන අය හිටියොත් ඒක කරන්නං...

මෙන්න ඒ ලස්සනෙන් ටිකක් ඔයාලට බලා ගන්න..වැඩි පුර පින්තූර වෙනදා වගේම මූණු පොතෙන් බලාගතෑකි...
හිතා ගන්නවත් පුළුවන්ද මේ ලංකාව කියලා...

මඩකලපු නගරය වටා...
ළමා උයන්...
ප්‍රධාන බස් නැවතුම්පොල...
මඩකලපුව දුම්රිය ස්ථානය...
කල්ලඩි පාලම අසල කලපුවේ සිටින ජෙලි ෆිෂ්...
මඩකලපු ද්වාරය...

එහෙමනං ගිහින් බලන්න...මඩ නැති ඒත් "මඩකලපුව"

138 comments:

  1. මේ ඕං කියන්ට එපා අර රේල් බස් එක ඉස්සරහ ඉන්න පිංතූරේ ගත්තේ ගෝරිල්ලා කියලා ඈ......... :D

    ReplyDelete
    Replies
    1. ඇයි ගෝරිල්ලෝ උස යන්නේ නැද්ද..?

      Delete
  2. සිරාවටම මාර ලස්සනයි මාරයියේ.... ඒක නෙමේ වැඩේ මේ අතරමග නතර කරනවා කියන රේල් බස් එක එක පාරට නවත්තන්න පුළුවන්ද?? ඒ කියන්නේ පට්ට හිමින්ද යන්නේ.... එතකොට ඒකේ රෝද වෙනුවට තියෙන්නේ කෝච්චි රෝදද??

    මාරම ලස්සන දර්ශන ටිකක් තමා මඩකලපු ගිහින් තියෙනවා ඒත් මෙහෙම දැක්කේ නෑනේ බොලේ

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්ණ ටික මටත් ආව.

      Delete
    2. ගැමියා මලේ මේක බස් එන්ජිමක්නේ.. ඉතිං ඕන තැනක බ්‍රේක් කරලා නවත ගත්තෑකි සාමාන්‍ය බස් එකක් වගේම... යන්න ගත්තමත් පැය‍ට කිලෝ මීටර් 60ත් 80ත් අතර වේගයකින් කිසිම අමාරුවකින් තොරව යනවා... සාමාන්‍ය කෝච්චියකට වඩා සුවපහසු ගතියක් තියෙනවා..ගැස්සීම අඩුයි... බස් රෝද වෙනුවට කෝච්චි රෝද හයි කරලා තියෙන්නේ...

      දෙන්නටම උත්තර හරි නේද?

      Delete
  3. රේල් බස් ගැන අහල තිබුණට මම නම් ගිහින් නෑ. දවසක ගිහිල්ල බලන්න ඕන. වෙරළ බඩ මාර්ගෙත් යනවද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මාතර ගාල්ල ගියා, දැන්නම් නෑ.

      Delete
    2. මම දැන් අවුරුදු ගානකට කලින් මේකක් දැක්කා හුණු පිටියෙදි..ඊට පස්සේ මේ දැක්කමයි..මේකනං කිසිම අවුලක් නැතිව දිනපතා ධානවය වෙනවා...

      Delete
  4. ඇත්තටම ලංකාවද ...? කියල හිතෙනව...
    යන්න හිතෙනව සවාරියක් ..,අවශ්‍ය විස්තර, දෙන්න.. මාරයා..
    වාහනයකින් ගියොත් ලේසිද...?
    මේව නම් මාර සොයා ගැනීම්... තමා

    ReplyDelete
    Replies
    1. තව එකක් බයක් හැකක් නැතිව ඉන්න පුලුවන්ද...? මුස්ලිම් අය නේද.. වැඩිපුර ඉන්නෙ..

      Delete
    2. තමුන්ගේ වාහනයක යනවනං වඩාත් හොදයි..පාරවල් හදලා තියෙන්නේ..ඒත් කෙටි ධාවනයට බස් අඩුයි වගේ පෙනුනේ... ඒ හින්දා තමන්ගේ වාහනයක යන එක කාලය ඉතිරි ක‍රගෙන වැඩි ස්ථාන කිහිපයක් නැරඹිමට පහසුවක් වෙයි..මං තව පෝස්ට් එකක් පසුවට දාන්නම් සංචාරය කරන්න හිතං ඉන්න අය වෙනුවෙන්..ඒකෙදී දැන ගන්න ඕන දේවල් අහලා තියන්න..මං ඒ කරුණු එකතු කරලා ලියන්නම්...

      මුස්ලිම් අය වගේම දෙමළ අයත් එක ගානට ඉන්නවා..ඒත් කිසිම තැනක යන්න එන්න කරදරයක් නැහැ. මං කිලෝ මීටර් ගානක් පයින් ගියා... ඒ අයට තියෙන්නේ ජීවන සටනක්... හැම කෙනාම මොනවා හරි කරනවා... පාරේ යන එන අය ගැන හොය හොය ඉන්නවා අඩුයි...

      Delete
  5. මාත් කවදාවත් ගිහින් නැති පලාතක් . කොච්චර සුන්දර ස්ථාන තියනවද අපේ රටේ අපි දැකල නැති .

    ReplyDelete
    Replies
    1. ගිම්හානිලට ඊ ළග ගමන මෙහාට දා ගතෑකිනේ...

      Delete
  6. මම තාම ගියේ නෑනෙ උතුරු නැගෙනහිර පැත්තේ. :-(
    දැන්නං මට යන්නම ඕනා.. :-)

    ReplyDelete
    Replies
    1. කිය කිය ඉඳලා බැහැ හිතුනා ගියා... දැන් ලංකාව ඇවිදින්න හොඳයි...

      Delete
  7. ඇත්තටම ෆොටෝ ටිකනං මාර ලස්සනයි.
    ඔය ලයිටි හවුස් එකේ ඕනම කෙනෙකුට නගින්න දෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා.. දහවල් කාලයේ දෙනවා..උදේ දහයත් දෙකත් අතර වගේ පුළුවන්..ඒත් මං නැග්ගේ හවස හයට කිට්ටු වෙන්න... කොළඹ ඉඳලම ආවේ මේක නගින්න කිව්වම අනිත් අයට හොරෙන් දැම්මා ඇතුලට... මහත අයටනං නගින්න බැහැ...ඉනිමං තියෙන්නේ..ඇතුලේ තට්ටු 8ක් විතර තියෙනවා... අන්තිම කපොල්ලට නගින තැන තියෙන්නේ අඩි එක හමාරේ වගේ හතරැස් කොටුවක් විතරයි... ඒකෙන් රිංගන්න බැරිනං හැරිලා එන්න වෙනවා... මංනං එකෙනුත් නැගලා වටේ බලන්න ඇහැකි තට්ටුවටත් රිංග ගත්තා...

      Delete
    2. පොහ් ... මෙයා මේ නොකිය කියන්නෙ එයාට ස්මාට් බොඩි එකක් තියනව කියල. අපි අහුවෙයි ඕවට. :-)

      Delete
    3. නැතිව නැතිව..හෙහ්...

      Delete
    4. යකෝ මම මහත නෑ බං.

      Delete
    5. අඩේ .. ප්‍රසන්න අයියා මම කීවේ මාරය ගැන. එයා කතාව අස්සෙ තෙලක් බෙදපු නිසා.

      Delete
  8. යන්න හිතාන උන්නට යන්න බැරි උන ගමනක්.

    ඉක්මනට වෙලාවක් හදා ගන්න ඕනි

    ReplyDelete
    Replies
    1. අගෝස්තු අවසාන වෙනකල් යන්න පුළුවන්..එතකල් එහෙට පෑවිල්ල තියෙනවා...

      Delete
  9. මාරයියා ටිකට් ගත්තේ නැතුවවත්ද ?

    මම බස් එකට ගොඩ වෙච්ච මනුස්සයෙකුගෙන් ඉල්ලගෙන පොටෝවල් ගත්තා ඔහෙලට පෙන්නන්ට හිතාගෙන

    ReplyDelete
    Replies
    1. මේකනේ ඉඳුනිල්... මං ටිකට් ගත්තේ ස්ටේසමෙන්නේ... අර ටිකට් දෙන්නේ ස්ටේෂන් නැති තැන්වලින් අත දාලා නගින අයට...

      Delete
    2. හරි හරි. ස්ලිම් බොඩියක තියෙන වටිනාකම ප්‍රසන්නගේ කමෙන්ටුවට දාපු පිළිතුරෙන් පැහැදිලියි. බය නැතිව කියන්න පුළුවන් මට ඔතන උඩටම යන්න පුළුවන්..

      Delete
    3. ඔව් ඔව් රාමේ..මන්ද පෝෂණ අයටත් රිංගන්නනං ඇහැකි එතනින්..ඒත් අර ඉනිමං ටික දිගේ යෑම...? සෝකාන්තයක් නේද?

      Delete
    4. ඒක තමයි මෙයා හැමදාම බිත්තර ගිල්ලේ

      Delete
  10. ඇත්තටම පොටොස් ටික දෑක්කාම යන්නම තමයි හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ‍අනේ බං අර ලයිට් හවුස් එකට පේන තරං ලොකු පදාසයක් පොටෝවකට ගන්න විදියක් නැහැ..ඒක දකින්න එතනටම යන්න ඕන...

      Delete
    2. මාර මලයා අපූරු කැමරාවක් අරං තිබුනෙ ඒකෙ නැද්ද vedio facility තව panorama facility තව ඔය කැමරාවත් එක්ක CD එකක් තිබුනෙ නැත්ද ඔය poto edit කරන්න පුලුවන්.

      Delete
  11. මම මීට අවුරුදු 2කට විතර කලින් ගියා. ඊට වැඩිය දැන් මාර දියුනුයි වගේ. මාර අයිය මඩකලපුව කොටුව ඇතුලට එහෙම ගියේ නැතෙයි???

    ReplyDelete
    Replies
    1. දැන් සෑහෙන්න දියුණුයි... තවමත් හදාගෙන යනවා හැම තැනම..තව අවුරුද්දක් යද්දිනං ටිප් ටොප් එකට තියෙයි...

      ඉරිදනේ ගියේ කොටුව වටෙන් බලන්න උනේ..වහලා හින්දා..කොහේද ඒක අස්සේම කච්චේරි දාගෙනනේ...

      Delete
  12. මම මේ රේල් බස් එකේ බදුල්ලෙ ගිහින් තියනවා. 7 පාරක් පීලි පැන්නා එන ගමනේදි. කොහොමින් හරි එයාලා විනාඩි 10-15 ආයෙ පීල්ලට දාගන්නවා. පැය 20ක් ගියා බදුල්ලෙ ඉදන් ආයෙ කොළඔ එන්න.

    ඊට පස්සෙ මේක කොළඹ අවට හෝ කදුමාර්ගවල ධාවනය වෙනවා දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක සැහැල්ලු වැඩි හින්දා කඳුකරයටනං ඔරොත්තු දෙන්නේ නැතිව ඇති..ඒත් අර වගේ පැත්තකට ටොප්... කිසිම අතුරු ආන්තරාවක් නැතිව පිඹලා යතෑකි...

      Delete
    2. හත් පාරක් මොකක්ද - මාහෝ බ්ලොග් පෝස්ට් එකක් දාන කොට කී ගමනක් පීලි පනිනවද - අපි නිසාම හොඳා!

      Delete
  13. කලින් දාපු පොස්ට් එක ඒ පැත්තේ උන් දැකල තිබුනනම් විනාසයි. රේල් බස් ගමනනම් මරු. ඕක ලංකාවේ හදපු එකක් කියල අහල තියනවා .

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ එහෙට ගියාම මං සර්වආගමික සහජීවනේ ගැන භක්තිමත්ව කතා කරනවා..:D:D:D

      මේක ලංකාවෙම වැඩක් වෙන්නනං ඕන තමයි... ඒ ගති ලක්ෂණ පේන්ට තියේ...

      Delete
    2. ඔව් ඔය බස්එක කෝච්චියක්කලේ රත්මලාන දුම්රිය අංගනයේ කටිටිය කියලා ලාවට මතකයි.

      Delete
    3. දැන් හරියටම මතක් උනා ඕක ඉස්සෙල්ලාම හැදුවේ.1996 අවුරැද්දේ කියලා තමයි මට මතක. කෙටිදුර ධාවනයට කියලා ඒ දවස්වල හෙණ සද්දයක් එක්ක එලියට දැම්මා. අවශ්‍යය සියලුම වෙනස්කම් කරලා හැදුවේ ලංකාවේ.දුම්රිය දෙපාර්ත මේන්තූවේ කෂ්ටිය. මුල් දවස්වල ඔව්වට ටයරැත් තිබ්බා.අවශ්‍ය වේළාවට ටයර් පාත් කරලා රේල් පාරෙන් අහකට අරගන තාර පාරේ දුහන්ඩ පුළුවන් කමක් තිබුනා.දවස් දෙක තූනක් රාගම කොටුව අතරත් දිහුවා.

      Delete
    4. රේල් බස් තාක්ෂනේ හොයාගත්තෙ බස් හදන්න පටන් ගත්තෙ ලංකාවෙ උනාට ඔය මාරස් ගියපුව ඉන්දියාවෙ හදාපුවලු

      Delete
    5. මේවා ලංකාවෙ හදපුවා.

      Delete
  14. පුත්තලම - හලාවත රේල් බස් එකක් තිබුනා. ඒ කාලේ මම ගිහිල්ලා තිබුනා. හැබැයි ඒ කාලේ අතර මඟ නැවැත්තුවෙත් නෑ ටිකට් දුන්නෙත් නෑ. ටිකට් ගන්න ඕනේ ස්ටේෂමෙන්.

    එකේ හිටපු එන්ජින් මාස්ටර්ලා දෙන්නා දවසක් හරි වැඩක් කලා. දෙන්නා දෙපැත්තට ඇද්දුවා. බස් දෙක ඇඳී............ලා ගිහිල්ලා ආයි එකට වැදුනා. එදයින් පස්සෙ වෙන්ඩැති එක්කෙන් මාස්ටර් වෙද්දි අනිත් කෙනා කොන්දොස්තර මහත්තයා වෙන්නෙ නේද මාරයා?

    ReplyDelete
    Replies
    1. යකෝ මට මතක් උනේ අර දොස්තර හිත හොඳගේ ඔළු දෙකේ එළුවා‍‍...

      Delete
    2. පුත්තලම - හලාවත පාරෙ රේල් බස් තාම යනව. මම ඊයෙත් දැක්කා

      Delete
    3. ඕක හදන කොට මම රත්මලානේ CGR එකේ Training Mechanical Engineer විදියට වැඩ කළා. Eng විජේසේකර තමය් මේක design කරලා තිබුනේ. අපි ඒ දවස් වල කිව්වේ "බලු පුට්ටුව" කියල

      Delete
  15. ෂා......ආස හිතෙන ගමනක් වගේ.ඒත් ඉතිං මෙහෙම බලනවා මිසක් කවදා යන්න ලැබෙයිද මන්දා???

    ReplyDelete
    Replies
    1. ඇයි නිසූපා ගම් පළාතේ යද්දි බැරියෑ‍‍...

      Delete
  16. හරිම ලස්සන පලාතක්.කවදා හරි ඒ පැත්තේ ගිහින් රේල් බස් එකකත් යන්ට ඔනි.

    ReplyDelete
  17. දැන් මේකේ එක වෙන්න දඟලන්න ඕනි නැති වෙයි එකේ ඒවා අම්බානක තියෙයි නේ , ඔය රේල් බස් කතන්දරේ මම දැකල තිබුනට බෙල් ගහල නතර කරන එක දන්නේ අද ,ඔය වැඩේ අනික් දුම් රිය වලට බාධාවක් වෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මේකෙන් අනිත්වාට බාධාවක් නැහැ..මේ ටයිම් එකට තව එක කෝච්චියයි මේ පාරේ යන්නේ..ඒ තමා මඩකලපුවේ සිට කොළඹ යන එක්ස්ප්‍රස් එක.. මේක ගිහින් පූනානි ස්ටේෂන් එකේ ටිකක් නවත්තගෙන ඉන්නකොට අරක ඇවිත් මාරු වෙලා යනවා...

      Delete
  18. අඩේ අප්පා මම ඉස්සර කුරුනෑගලින්ද කොහේදෝ ඔහොම එක්ක ගියා. ආස්යිස් අම්මා ඒකෙ ආඩම්බර. එත් එතකොට මග නතර කරේ නෑ. ස්ටේෂන් එකෙන් ටිකට් දුන්න. මඩකලපු දිහා යන්න ඕනේ. දැන් දෙයියනේ කියල යුද්දෙත් නැති හින්දා යන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ හැම තැනටම අත්හදා බලලා අන්තිමට මේක හරි ගිහින් තියෙන්නේ ගල්ඔය/මඩකලපු පාරට තමා...

      දැන් සංචාරයට ලංකාව අන්තිම හොඳයි...

      Delete
  19. hmmm...nice place..am there since while there LTTE activities..& now very good place..

    ReplyDelete
    Replies
    1. යකෝ ඉංගිරිසි කල වැද්දෙක් මේ දුටුවමයි...

      Delete
    2. Maaarayo...Seriously i dnt understand to use Sinhala Keyboard machan..that's y comment like this..
      anyway...i hv many Experience in Batti. & Many more in Here(SL)..try to Go nelumpokuna hot wate wells ASAP. nice place..not yet populated with our stupid local travelers..

      Delete
    3. http://www.google.com/transliterate/Sinhalese http://www.google.com/transliterate/Sinhalese මෙන්න මේක දාගනින් කලවැද්දෝ.

      Delete
  20. සිරා ගමනක් මේක නම්.. ගිරාඳුරුකෝට්ටෙන් එහාට මම ඔය පැත්තට තාම ගිහින් නෑ.. අර නවතින තැන් වල විස්තරත් එක්ක දාන පොස්ටුව ඉක්මනට දාන්න ඈ...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං ඒක ළග එනවා...

      Delete
  21. Didn't visit Augam Bay or Nelumwewa Hot water Wells?

    ReplyDelete
    Replies
    1. නෙළුම් වැවක්නං නොදනී..හැබැයි ආරුගම්බේනං ගෙහුං තියේ දැනට අවුරුදු ගානකට කලියෙන්...

      Delete
  22. බෙල් ගහලා නවත්තන්න බස් හෝල්ටුත් තියෙනවද? දුර ගමන් කෝච්චියෙ යන එනකොට එපා වෙන්නෙ හැම ඉස්ටේසමේම නවත්තන්න ගියාම.. ඒ මදිවට අතරමගත් නවත්වනවානම්.. අනේ අප්පේ එපා වෙයි..

    මට නම් එපාම වුනු ගමන පුත්තලම-ජාඇල කෝච්චිය හැම ඉස්ටේසමේම නැවැත්තුවා මදිවට අනික්වට ඉඩදෙන්න රිවසුත් කරනවා..

    ReplyDelete
    Replies
    1. බෙල් එක ගැහුවම ඒ ආසන්නයේම ඇති පාරක් හෝ නිවාස මණ්ඉියක් වගේ තැනකින් නවත්තනවා.

      මේ නවත්ත නවත්ත යෑමනං ඒ හැටි අවුලක් නැහැ... ඒ කෝච්චිය වෙනම කතාවක් කියනවා..ගිහින්ම බලන්න ඕන...

      Delete
  23. මාරයාගේ හෝරාව කියවන්න පටන් අරන් අදට දවස් 5යි... ගූගල් රීඩර් එකෙන් ලිපි 200ක් කියවල ඉවර කරා. දිගටම එකතු වෙලා ඉන්න බලාපොරොත්තු වෙනවා.. වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා..... ජය වේවා!!

    ReplyDelete
  24. අඩේ අප්පේ මේ ලංකාවද. මරු චාරිකාව ඈ ඕන් !!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බැරි තරං තැන් තිබුනා මේ ඇත්තටම ලංකාවද කියලා.. .

      Delete
  25. ඇත්තටම ලංකාවද කියලා හිතෙනවා ..ඔයාත් මරු එක්කෙනා..රට වටේම කරක් ගහනවා..

    ඇහ් අයියේ මෙකේ මේ ටිකට් එකේ තර්ඩ් ක්ලාස් කියලා ගහලා තියෙන්නේ ෆස්ට් ක්ලාස් හිටන් තියෙනවද..

    ReplyDelete
    Replies
    1. අහ් මෙයා කොහෙන්ද ආවේ එක පාරට..?ඈ නිම්ශා නගේ කොයි අතද ගෙහුං හිටියේ..?

      ඔයා ලෝකේ වටේ කරක් ගහද්දි අපි ඉතිං මේ ලුණු පොල් කට්ට වටේවත් දුවන්න එපැයි...

      මේකේනං ඉතිං ෆස්ට් ක්ලාස් වෙන්නේ ඩැයිබර්ගේ සීට් එක තමා ඉතිං..:D:D:D

      Delete
    2. අම්මපා මේකා මෙව්වා අහන ලස්සන..තමුන් අයියණ්ඩි වෙච්චි.. දැනුයි අහන්නේ මක්කේයි උනේ කියලා...නඟා වෙච්චි මට කුඩම්මාගේ සැලකිලි ...(අනිත් නඟාලා ගැන ත් බලන්ට එපැයි ;) ..)

      හික් හික්.. නැ අයියෝ ගිය ටිකේ ලංකාවේ උන්නානේ ටික කලක්.. එක එක අතුරු අන්තරා උනා.. ඔන්න මේ දැන් තමා සැනසිල්ලේ ඉන්නේ.. ආයේ ඉතින් මේ නිවාඩුව ඉවර වෙලා ලංකාවට ගිය ගමන් ...වාශ්ප වෙයිදෝ මන්දා..හෙට ගැන කියන්න කාට පුලුවන්ද..

      Delete
  26. මටත් ලංකාවෙ යන්න බැරිවුන තැන් දෙක තමා ජැෆ්නා යි, බැටි යි.. අනිත් හැමතැනම වගේ කොයින් කොහොමින් හරි ගිහින් තියෙනවා.. ඒත් ඔය ගමන් දෙක යන්න දැන් ඉතිං ලංකාවට එන ටයිම් එකක්ම අල්ලගන්න එපායැ බං..

    අර රේල් බස් හැමතැනම නවත්තන සීන්ස් එක මාත් දැනං උන්නෙ නෑ.. සමහරවිට ඒ පැත්තෙ බස් අඩුකම නිසා මේ වැඩේ කරනවා ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් බුරා... ඒ පැත්තට කෙටි දුර ධාවනයට බස් ඒ හැටි නැහැ..කෝකටත් තෛලේ මේක තමා...

      ආව වෙලාවක කොහොම හරි ගාටලා එමු...ගියාට පාඩු නැහැ...

      Delete
  27. I didn't see these places even though I have been there :O... Bdw Great Article about Batticaloa and Rail Buses... Never heard about Rail Buses before... Good to learn :)

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ඈ...

      (මොනවා කිව්වද මංදා..?):D

      Delete
  28. පින්තූර ටිකනම් මරේ මරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා ඕං...

      Delete
  29. ෂිහ්, සෑහෙන්න පරක්කුයි. :D

    ReplyDelete
    Replies
    1. අපරාදේ... මේක දැම්මේ දවල්නේ..එතකොට ඔයා වැඩ...:D

      Delete
    2. ඊලඟ එක දාන්න කලින් කියන්න හොඳද? :D

      Delete
  30. ආ මාරයියේ.. මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙමෙයි.. ටිකට් එකක් මොකො නැග්ග මනුස්සයෙක්ගෙන් ඉල්ලල අගත්තේ.. අයියා ටිකට් නැතුව හොරෙන්ද ගියේ???

    ReplyDelete
    Replies
    1. මං ගත්තේ ස්ටේෂමෙන් දෙන සාමාන්‍ය ටිකට් එකක්නේ මලේ... මේ අතර මැදදී නිකුත් කරන ඒවා...

      Delete
    2. ඒක මිසක්... තරහා අවසර.. අතර මැද නැග්ග කෙනෙක්ගෙන් ඉල්ලලා ෆොටො දාපු නිසා හිතුවේ එහෙම.. :)

      Delete
    3. ආන්න එහෙම මිසක්...:D

      Delete
  31. මාර ලස්සන ගමනක් . ගිය අවුරුද්දේ බෙල්ජියන් කාරයෙක් ලංකාවට එන්න කලින් මගෙන් ඇහුව මඩකලපුවේ කිමිදෙන්න යන හැටි . චිකේ ලොකු වලක් හාරන් ගිලා බහින්න හිතුන මට . දැන් නම් කෙලින්ම මාරයාව තමයි අල්ලලා දෙන්නේ . කොහොමත් අර ඇද වෙච්ච ක්ෂිතිජය බලන්න කට්ටිය එයි . සිංගප්පුරු යාලුවෙක් ලයික් කරලා තිබුන පින්තුරේට D

    ReplyDelete
    Replies
    1. මදෑ පැනෝරාමා කල හදියක්...

      Delete
  32. ෆොටෝ ටික බලා ගෙන බලා ගෙන ගියා..නිවීහැනහිල්ලෙ කතන්දරෙ ඇවිත් බලන්න ඕනි..ආයි ඉතින් අපි ගියා වගේ තමයි..ලෙසටම ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. යකෝ වෙනී අයියේ බොරු කියන්නත් හොඳ පලපුරුද්දක් තියෙන්න ඕන.. බලහං මුලදී කියනවා පොටෝ බැළුවළු..කතාව නිවිහැනහිල්ලේ කියවන්න ඕනළු..ඒත් එක්කම ඒක ලෙසටම ලියලාත් තියේළු..අනේ මංදා බං උඹලා කොයි වල යන්නද කියලා..:D

      Delete
  33. නියපොතු කෑම නරක පුරුද්දකි!

    ReplyDelete
    Replies
    1. එතකොට අයියා ඉල්ලං කෑම..?

      Delete
  34. මනම්පිටිය රේල්-බස් පාලම කියන්නේ මම් ආසම පාලම් වලින් එකක්. ඒ පාලමේ රේල් බස් එකකින් යනවා කිව්වම මරු නේ.

    දැන් ඔය රේල් බස් පාලමේ වාහන යන්නේ නෑ මහිතේ. වෙනම පාලමක් හදලා තියෙනවා වාහන වලටම.

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනම අළුත් පාලමක් තියේ... අර පාලමේ පොටෝ එකේ පැත්තකින් ඒකත් පේන්නේ...

      Delete
  35. මම මඩකලපුවට ගිහින් තියෙනව මීට අවුරුදු 12 විතර කලින් මයෙ හිතේ අපේ තාත්ත හමුදා නිළසධාරියෙක් නිසා ලේසිය උනා ගමන... අප්ප ඒත් දැන් ලස්සන.. අනිවාර්යෙනම යනව ආයෙ... ලගකදි ගියොත් විස්තර හගන්න බැරිය මාරෙ අයියාගෙන්...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 12ක් කියන්නේ සෑහෙන වෙනස්කං වෙච්ච කාලයක්...

      Delete
  36. පොටෝ එක දැක්ක ගමන් හිතුවේ රේල්ගේට්ටුවක් කඩාගෙන රේල්පාරට පැන්න ප්‍රයිවට් බස් එකක් කියලා!

    ඒක නෙවේ...කවුද ඇනෝ කෙනෙක් කොහෙදෝ බ්ලොගේක ඇනුම් පද කියලා තිබුනා මාරයා බයිස්කෝප් බලනවා එහෙ මෙහෙ රස්තියාදු ගහනවා කියලා :-)

    ReplyDelete
    Replies
    1. ඔව්වනං අයියා කාට කියන්න බැරිද..? ඒ කිව්ව ඇනෝ සහ පවුලේ උදවිය සමහර විට තාම ඇඩූ කඳුලෙන් වෙන්න ඇති..සමහර විට තාමත් ගෙදර වළඳක් ලිප තියලා නැතිව ඇති. අන්න මිනිස්සු. ඒත් මොනවා කරන්නද මං ඉන්න ටිකේ කාලා බීලා ඇවිදලා ජීවිතේ විඳින්න කැමති එකෙක්.. එහෙම නැතිව අර කිව්ව ඇනෝ වගේ සෝක කාලයක් පනවගෙන ජීවිතේ පුරාම අඩ අඩ ඉන්න කෙනෙක් නෙවෙයිනේ...

      ඔබා අයියා ආස්සරේ කරපු උන් දන්නවා ඔබා කවුද කියලා... ඔය ටික උන්දෑ දැක්කනං හෙහ් හෙහ් ගාලා හිනාවෙනවට සැක නැහැ...

      උන් ජීවත්‍ වෙන්නෙත් නැහැ..අනිත් උන් ජීවත් වෙනවා දැකලා සතුටු වෙන්න දන්නෙත් නැහැ..කුහක කමට ඇනෝ කියන හෙවනැල්ල අස්සේ හැංගිලා බව් බව් ගානවා විතරයිනේ... සොරිම තමා... මේ මං ජීවත් වෙන විදිය... මේක නවතින්නනනං මං මැරෙන්න ඕන...

      ඔබා අයියා කාලා ඇදලා හිනාවෙලා සංතෝසෙන් මැරුනා වගේම මමත් යන දවසට සතුටින් යන්න පුළුවන් විදියේ ජීවිතයක් ගෙවනවා.. එහෙම නැතිව හැංගිලා බව් බව් ගගා අනුන්ටත් දුක දිදී..තමනුත් ඇතුලෙන් පැසව පැසව විඳවන්නේ නැහැ...:D

      පුළුවන්නං ඒ කියාපු කෙනාට ඇත්ත නමින් ඇවිත් ඔය ටික කියන්න කියන්නකෝ...අපිට බලාගන්නත් එක්ක උන්දැගේ සෝක මූඩ් එක...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාරයා මල්ලි....අපි ඉන්නේ කුහක ලෝකෙක...ඉතින් ඔය වගේ අයගේ තමන්ගේ කුහකත්වය ප්‍රදර්ශණය කරන්නේ ඇනෝ ඇවිත්.

      මං මෙගැන ලියලා අනවශ්‍ය ප්‍රශ්ණයක් ඔළුවට දැම්මනම් සමාව භජනය කරන්ඩ හොඳේ!

      Delete
    4. කේලම් කියන්න පුරුදු වෙන්න එපා ළමයො පොඩි කාලෙ ඉඳන්ම. ;-)

      Delete
  37. අපිත් ආසයි ඔය පැත්තෙ ගොහින් එන්න. ඇහැකි නං නවතින්න පුළුවන් තැන් (ඒ තැන් වල දුරකථන අංකත් දෙන්ට පුළුවන් නං හොදා), තව ඔය අහා බලන්න තියන දේවල් වගේ විස්තර ටිකක් කියන්ට

    ReplyDelete
  38. ඉරිසියාවේ පැලේන්ඩ යනවා මාව

    ReplyDelete
    Replies
    1. යකෝ මට මේ කියන්න ලැජ්ජාවේ හිටියේ ,මටත් ඉරිසියයි බන් : මේක රටවටේ යනවා හොල්මන් බලන්න යනවා.

      Delete
  39. ඔය බෙල් ගහලා නවත්තලා බැහිල්ල ඒ පලාතට විතරක් හදාගත්ත දෙයක් පොඩි (පොඩි?) දේශපාලන බලපෑමකුත් එක්ක. ඕනෙනම් පොල්ගහවෙල දුම්රියපොලෙන් හවස 5 ට විතර මහව යන රේල් බස් එකට නැගලා බලන්න ඒ නීතිය තියනවාද කියා.

    ඔබේ විස්තරය බොහොම ඉහලයි. ඉස්සර ඔය ලයිට් හවුස් එකේ හිටිය එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කාරයෝ. ඔය කළු පාලමෙන් එහාට යාම අභියෝගයක්. කොහොම හරි අපි ඒ අභියෝග ජයගත්තා. හැබැයි දැන් තව තර්ජනයක් තියනවා. ඔය සුන්දර වෙරල තීර නිදහස් සංචාරකයන්ට අහිමිවී හෝටල් කාරයින්ගේ බූදලයක් වීමේ බරපතල තර්ජනයක් තිබෙනවා. ඊට පස්සේ රැල්ල පාගන්නත් සල්ලි ගෙවන්න වෙයි. ඒවා පසුපස ඉන්නෙත් කුප්පීදු දේශපාලුවෝ.

    මෙවැනි ලිපි තවත් ලියා සංචාරයට මිනිසුන් උනන්දු කරවන්න.
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බොහෝම වැදගත් විස්තරයක්..

      ඒ වගේම ඔබේ බ්ලොගයත් මං එකක් නෑර කියවනවා.. ටික දවසක ඉඳන් හිතං ඉන්නවා ඔබේ බ්ලොග් එකත් ඇතුළුව අපේ ගාමිණි අයියගේ වගේ අත්දැකීම් සහිත කට්ටියගේ බ්ලොග් කිහිපයක් ගැන අනිත් අය දැනුවත් කරන්න..හෙට අනිද්දටම ඒකත් කරලා දාන්නං...

      Delete
  40. මඩකලපු නම් කීපවාරයක් ගියා.. දැන් සෑහෙන්න දියුණු වෙලා වගේ. ඒ පැත්තට ආශ්චර්යයද කොල්ලෝ?

    ReplyDelete
  41. අම්මපා අයියේ මට උඹ ගැන ඉරිසියා හිතෙන තරම්...

    ReplyDelete
  42. රේල් බස් එකේ ගමනයි, ලයිට් හවුස් එකේ ඉඳල ගත්ත පින්තුර ටිකයි මාරයි.

    ReplyDelete
  43. මාරයා අයියා රේල් පාරේ බස් දැක්කට මහපාරේ කොච්චි දැකලා නෑ නෑ හූ හූ...

    ReplyDelete
  44. මමත් මඩකලපුවට ගියා 2011 ජනවාරි මාසේ. අපි ගං වතුරට කොටු වුනා. ඒත් කොහොම හරි බඩගාලා පැන ගත්තා. ගං වතුරේ ගත්ත වීඩියෝ වගයක් තියෙනවා වගේ මතකයි. කලපුව පිරුණාම හරියට මුහුද ගොඩ ගලනවා වගේ. මගේ රස්සාවට පින් සිද්ද වෙන්න මම ලංකාවේ හතර කොනටම බඩ ගාලා තියෙනවා. මේ වගේ ලස්සන දකින්න බැරි වුන එක ගැන නම් දුකයි.

    ReplyDelete
  45. මාරයා එහෙනම් රේල් බස් එකෙනුත් ගිහින් වගෙයි නේද. ලස්සන ෆොටෝ ටිකක්. මං මේ බැලුවේ මොකක් හරි ෆොටෝ එකක් අඩුයි වගේ.....:D

    ReplyDelete
    Replies
    1. පවු හරිහමන් කඩයක් හම්බ වෙලා නෑ වගේ ....:D

      Delete
    2. ඇයි අර බිත්තරයක් එක්ක බත් පිඟානක් තිබුණෙ.

      Delete
  46. කම්මල දුන්නු Software එකෙන් තමා මේක ගොඩ දා ගත්තේ thank Bro.

    දෙන් අයෙත් මේ කියන්නේ මාරයට.. මචන් මාරයා අය්යා..මම ඔය පැත්තේ හොදට කරක් ගහල තියෙන්නේ.. මාරු තැන් ටිකක් තියෙනවා ඔහේ යනවනම්..මීටපස්සේ යන්න කලින් පොඩි පොස්ට් එකක් දාල යන ඉසවුව කීවොත් මේ රටේ බලන්න තියෙන එල ඉසවු කියන්නම්..
    ඊට කලින් කියන්න ඕනෙනේ මම මේවා දන්නේ කොහොමද කියල.. මේ රටේ බොහොම පුරසිද්ද දුරකථන සමාගම් බොහොමයක අදාළ ඉස්තාන පරික්ෂාව කොරන්න යන්නේ අහවලා තමා..එකය් මේ තරම් උජාරුව...

    ReplyDelete
    Replies
    1. ආ ඔය ඇවිත් තියෙන්නේ හිංගලෙන්ම... ජොබ් එකට ඇවිදින්න ලැබෙනවා කියන්නේ නියම වැඩක් නෙව...ඒත් වැඩි හරියක් උන් එහෙම ජොබ්වලට කැමති නැති එකනේ කරුමේ...

      ආරංචිය වටිනවා..විශේෂයෙන්ම මට ගමන්වලදී එන ගැටළු තමා බලන්න තිබුන තැන් අතහැරෙන එක හා නවතින්න සුදුසු තැන් හොයා ගැනීම..මීට පස්සේ මං උවමනා උන ගමන් කතා කරන්නම්..බොහෝම ස්තූතියි...

      Delete
  47. මමත් කීප පාරක්ම රේල් බස් එක දැකලා තිබුණත් තාම යන්න බැරිවුණා.අර මනම්පිටිය පාලම උඩින් යන එකනම් නියමයි වගේ.ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ පාලම උඩින් ගමන විශේෂයි..ඒ වගේම පාලමත් විශේෂයි...

      Delete
  48. මූණු පොතේ නළුවගෙ පින්තූරෙ මුලින් දකිද්දි හිතුවෙ නළුවා සුපුරුදු පරිදි දඬුමොණරෙන්ම ගිහින් කියලා. පස්සෙනෙ දැක්කෙ අමුතු වාහනේක ගිහින් කියල.
    ඒක නෙමේ, මාරයියෙ අනිත් අයගෙ ටිකට් ඉල්ලන්න වෙන්නෙ නෑනෙ, ඔයාටම කියල ටිකට් එකක් ගත්තානම්

    ReplyDelete
    Replies
    1. නළුවට වැස්ස හරහට හිටියනේ නංගියේ... නැත්තං යන්න හිටියේ මඩකලපු නෙවෙයි දඩු මොණරෙන්ම හෝටන් ප්ලේස්..ඒත් පස්සේ යන්න හිටිය ගමනක් ඉස්සරහට දාන්න උනා වැස්ස හින්දා..ඒකත් කෝච්චියේ... බයිසි මොටෝව නැති පාඩුව දැනුනා අම්බානක..(කට්ට අවුවේ පයින් එහෙ මෙහෙ ගාටනකොට)

      Delete
  49. හිටපල්ලකො මේ මළ හෝන්තු ඉගෙන ගැනිල්ල ඉවර වෙනකං.යනවා ලංකාව වටේම.ගිහිං හැම තැනම ෆොටෝ ගහලා දානවා බ්ලොගේ......

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගැනිල්ල කියන එක කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි මලේ..එහෙම හිතුවොත් කවදාවත් යන්න වෙන එකක් නැත..මෙව්වත් ඉගෙන ගැනිලි ගොඩටම දාගත්තනං...

      Delete
  50. අපිත් යන්න ඕනේ මඩකලපු....

    ReplyDelete
    Replies
    1. මං තිස්ස අයියටත් කිව්වා..ඒ එක්කම අක්කලවත් මතක් කලා.. මේක කට්ටියට හොඳ ගමනක් වෙයි...

      Delete
  51. අර නංගිලගෙ පින්තූර ටික කෝ?

    ReplyDelete
    Replies
    1. කොයි නංගිලගෙද හැබෑට..?

      Delete
  52. මලේ මඩකලපුවෙ පැරණි ඔලන්ද කො‍ටුවකුත් තියෙනවා. අයෙත් ගිය වෙලාවක බලන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක පිටින් බලලා ආවා අයියේ..එදා ඒක වහලා..ඉරිදනේ...

      Delete
  53. ඕං අද තමා මේ පැත්තට එන්ට ඉස්පාසුවක් හම්බ වුනේ. රේල් බස් ඉතින් අපේම නිස්පාදනයන් නෙව. කෝච්චි ගමන් අඩුපාලාත් වලට තමා මෙවුව යොදවන්නෙ. හලාවත-පුත්තලම, ගල්ඔය-ත්‍රීමලේ සහ මහව කුරුණෑගල තමා දැනට රේල් බස් දුවන්නේ.

    අඩේ එදා අයියා තමා අත වැනුවෙ කියල මම හරියටම සුවර් කොරගත්තෙ දැනුයි. හදිසියට නිනව්වක් නැතුව ගියා. එහා පැත්තෙ මලිතිත් හිටියා අයියා දකින්න නැතුව ඇති. :)

    කාලෙකින් නොදැක්ක එන්ජිමක් මට එදා කැකිරාවෙදි හම්බ වුනා නෙව. මමයි මලිතියි එදා ගල්ඔය ගියා. :)

    ReplyDelete
    Replies
    1. ආ ඔය ඇවිත් ඉන්නේ හාදයා...

      ඇත්තටම මාත් එක පාරට අදුරගත්තේ නැහැ..මං බල බල ආවේ අර එහා පැත්තේ නවත්තලා තිබුන කෝච්චි පෙට්ටියක ෂර්ට් නැතිව විගඩං කර කර හිටිය සෙට් එක දිහා..මං හිතන්නේ දුම්රිය සේවකයින් වෙන්න ඕන.. ඒක බලලා ටිකක් ඇස් ඉස්සරහට යද්දී තමා එකෙක් කැමරාවකුත් අතේ තියං ඇන්ජිමක එහෙට මෙහෙට කුරුමාණං අල්ල අල්ල යනවා දැක්කේ.. ඒත් එක්කම මං කල්පනා කලේ අපේ කෝච්චියාගේ ජාතියේ එකෙක් වෙන්ට ඕන කියලා... ආයේ ඒ සැනින්ම තමා උඹේ අර නිල ඇඳුම වගේ දැකලා හුරු පාට දෙකේ ඉරි ඉරි ටී ෂර්ට් එක සිහියට ආවේ.. එතකොට තමා "අඩේ මේ මූම තමානේ" කියලා මීටර් උනේ..එතකොට මං පරක්කු වැඩියි..කෑ ගහලා නම කියලා අත වනන්න විතරයි වෙලාව තිබ්බේ..නැත්තං උඹ එතන කැමරාව මානනවා මං පොටෝ එහෙකට ගහං ඇවිත් උඹවත් උඩ යන්න ඒක දානවා...:D:D:D

      Delete
    2. හැබෑට. මම උඩ ගියා ඒ තරම් දිහාක මගෙ නම කිය කිය කෑ ගැහුවම. :D
      එදා ඒ මම කැමරාව අල්ල අල්ල හිට්ටේ වැන්කුවර් කියන අවුරුදු 50ක් පරණ එන්ජිමකට. ඒක යන්න අවසර තියෙන්නෙ උඩරට පාරෙ විතරයි. ඒත් මේ දවස්වල පොඩ් අවුලක් හන්දා පොර උඩහ යන්නෙ නැහැ. :D

      Delete
  54. තව දෙයක්. මම රේ රේල් බස් එකේ යන්න තමා එදා ගල්ඔය ගියේ. ඒත් ආපහු එන්න වෙන්නෙ රෑ බෝ වෙලා නිසා මම ආපහු ආවා. මලි කෙල්ල එක්ක රෑ පානෙ ගමන් බිමන් හොඳ නැහැනේ :D

    ReplyDelete
    Replies
    1. ඇහ් ඒ මොකද..මලී කෙල්ලට රෑට වෙස් මාරු වෙනව වද්ද..? අර ඩ්‍රැකියුලට වගේ..:D:D:D

      Delete
    2. ඇයි බොල. තාම ලැයිසොන් නැහැනේ :P

      Delete
  55. ගල්ඔය- මඩකලපු රේල් බස් එක අමතක වුනානේ :D

    ReplyDelete
  56. ආහා එදා එතකොට අයියාට අතවැනුවා කිවව්වේ මේයානේ......:D
    ජෙල් ෆිෂ් නම් මරැ....ආසයි බලන්න යන්න එක දවසින් එන්න පුලුවන්නම් :D

    ReplyDelete
  57. මඩකලපු ගිහින් තියෙනවා.. ඒත් රේල් බස් එකේ මඩකලපු ගිහින් නෑ.. ගිහින් එන්ඩ ඕන.. :)

    ReplyDelete