05 June 2012

600. පන්ෂලේ දුමක්...

"ඈ ආමුදුරුවෝ..මං මෙහේ නවතින්න එන්නද..?"

වත්ත වටේ ඇවිද ඇවිද ගොසින් අවසානයේදී කෙසේ හෝ තමන්ගේ උවමනාව ඉටු කරගැනීමේ අවශ්‍යතාවයෙන් ඇසූ ප්‍රශ්නයට එක එල්ලේ මා හට දිය හැකි පිළිතුරක් නොවිණි.

ආගන්තුක භික්ෂුවකට ගමනක් යන අතරවාරයේ රැයක් නැවතීමට දීම හෝ දානය හෝ ගිලන්පස සකස් කර දීමට වඩා එහි වගකීමක් ඇත. එක් අතකින් කාලයේ හැටියට පුද්ගලයා කවුදැයි නොදැන..ඔහුගේ අරමුණු මොනවාදැයි නොදැන පන්සලේ නවතා ගැනීම අනාගතයේ බරපතල ප්‍රශ්න රැසකට අතවැනීමක් විය... අනික් පසින් මොහුගේ මෙම භාෂා උච්ඡාරන විලාසයත් සමඟින් තවත් හිතන්නට දෑ තිබිණි. රටේ යුද්ධයක් තිබූ කාලයකි. මොනවා වූවත් දැන් ඇසූ පැනයට පිළිතුරක් දිය යුතුය... මඳක් කල්පනා කොට බලා දිය හැකි හොඳම පිළිතුර දීමට මා සමත් විණි.

"එක පාරටම මට මොනවත්ම කියන්න බැහැ හාමුදුරුවෝ..එකක් මං ඔබ වහන්සේව හරියටම අදුරන්නේ නැති වීම... අනික මට මේ පන්සලේ අයිතියක් නැති වීම.. මම දැනට මේක පාලනය කලාට මගේ ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නේ නැතිව මට ඒ වගේ තීරණයකට යන්න පුළුවන් කමක් නැහැ... මං හෙට දිහාවේ ටවුම පැත්තේ යන්නයි ඉන්නේ..එහෙම උනොත් මං ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නං හාමුදුරුවන්ගේ විස්තරත් කියලා..උන් වහන්සේ දන්නවා නැතෑ ඔබ වහන්සේ ගැන... ආයේ ලගදී දවසක මේ අහලින් ගියොත් ඇවිත් බලන්න මොකද තත්වේ කියලා.."

ලොකු හාමුදුරුවන් ගැන කතාව කියද්දීම ආගන්තුක හිමියන්ගේ ඇස් තරමක් පුංචි වූ ආකාරයත් තරමක් නොසන්සුන් වූ ගතියත් පැහැදිලිවම පෙනෙන්නට විය...

"ආ ගුණරතන ආමුදුරුවෝද..? ආ ආ කෙමක් නෙහෙ.."

යැයි අපේක්ෂාභංග ලීලාවෙන් කියූ උන්වහන්සේ ගිලන්පස වළඳා අවසන සිය උරමල්ලෙන් මොනවාදෝ ඇද ඇද ආවාසයේ පිටුපසට යන්නට විය... අපරාධ කාරයකු පසු පස යන පොලිස්කාරයකු මෙන් ඔහු පසුපසම යාම නොවටිනා නිසා මං ගිලන්පස සෑදූ භාජන සේදීමට ගියෙමි..මඳ වේලාවක් යද්දීම ආවාසය පිටුපසින් නැගී ආ දුම් ගඳ මා හට දැණිනි.

සිය කටයුත්ත අවසන් කල හිමියන් නැවත ආවාසයට ඇතුළු විය... ඔහු මා හා කතා කරන්නට ප්‍රථමයෙන්ම මා ඉස්සර විණි...

"හාමුදුරුවෝ සිගරට් බොනවා වගේ.."

"ආ ඔව් ඔව් මේ මේ දෙන්නේ නෙද්ද ඉෂ්ෂර ඉඳන් පුරුදු උන ඒවනේ.."

"ඒකනං එහෙම වෙන්න ඇති අපේ හාමුදුරුවෝ..ඒත් මං කල්පනා කලේ ආයේ අර කාරණාවේ ලොකු හාමුදුරුවන්ගෙන් අහන්න දෙයක් නැහැ ඔබ වහන්සේව මට මෙහෙ නවත්තගන්න වෙන්නේ නැහැ.."

"ආ ආ ඒ මොක්කද..?"

"මොකද කියන්නේ දැන් ඔය කරපු දේ නිසා තමා... මං මේ වහලා තිබුන පන්සලේ මහණ උනේ මෙතන කොහොම හරි පිළීවෙලක් කරන්න හිතං..ඒකට මට සෑහෙන්න මහන්සි වෙන්න තියෙනවා..දැනටත් මිනිස්සු ආවම මගෙන් ප්‍රශ්න අහනවා කෙලවරක් නැතිව... මෙතන කලින් හිටියනං හාමුදුරුවෝ දන්නවා ඇතිනේ මෙහෙ තිබුන ප්‍රශ්න... කලින් හිටිය අයගේ ප්‍රශ්නවලටත් මමයි උත්තර බඳින්න වෙලා තියෙන්නේ..ඒ අස්සේ හාමුදුරුවෝ වගේ කෙනෙක්ව තියා ගත්තොත් එහෙං මෙහෙං දුං දාද්දි මට ඒවටත් උත්තර දෙන්න වෙනවා..ඒක හරියන වැඩක් නෙවෙයි හාමුදුරුවෝ.."

අන්ද මන්ද වූ ලීලාවෙන් මඳ වෙලාවක් මා දෙස බලා සිටි හිමියන් සිය කුඩය හා උරමල්ල රැගෙන පන්සලෙන් පිටත්ව ගිය අතර යන දිගටම කුරු කුරු ගගා යන හඩත් තරමක් දුර යනතෙක්ම මා හට ඇසිණි...

කෙසේ වෙතත් ඊට පසුවදා ලොකු හාමුදුරුවන් හමු වූ විට මා මෙම ආගන්තුක භික්ෂුව ගැන දන්වා සිටින ලදි...

"ආ වකුගඩු උපාලිද..?"

සිනාසෙමින්ම ලොකු හාමුදුරුවන් ගත් කටටම නැවතත් මාගෙන් අසන ලදි...

----------------------------

92 comments:

  1. Replies
    1. හාමුදුරුවො පන්සලේ දුමක් දාගනම ඉන්නයි ලැහැත්ති වෙලා තියෙන්නෙ එහෙනං.

      600 සුබ පැතුම්.

      (මේව ටයිප් කර කර ඉන්න ගියානං එක නෙමෙයි විස්සවත් වෙයි. :D)

      Delete
  2. 600 සමරන්න අපිත් ආවා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා ඕං...

      Delete
    2. ඔන්න මගෙත් සුභ පැතුම්. ජය වේවා !!! කෝ පාටිය ??

      Delete
    3. ආ එව්වා තැපෑලෙන්...

      Delete
  3. 600 ට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනී අයියා...

      Delete
  4. 600 වෙනි ලිපියට මගෙනුත් සුභ පැතුම් මාරයා :)
    ඉතින් ඔය හාමුදුරුවෝ ගැන තව විස්තර ටිකක් දාන්නකො

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔව් තව කතාව ඉවර නැහැ..තාම මේ පටන් ගත්තා විතරයිනේ...

      Delete
  5. ෂඩ්ශතකලාභී ගරු සම්මානයෙන් .....................

    ReplyDelete
  6. මම යෙකද? නේ නී? ෂිකී... පොට්ටෙන් මිෂ් විලා :/

    600 ට හුරේහ්! :D ;) :P

    ReplyDelete
    Replies
    1. යේක යෙක වෙන්නනං යෙකට යෙන්න යෝන..යේක අටට යෙවිල්ලා යෙක වෙන්න බේ...
      ටැංකූ...:)

      Delete
  7. 600 ට සුභ පැතුම්......

    කථාව ඉවර නෑ වගේ.. තව කොටසක් තියනවද ?..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිව්වා..
      තව තියේ...

      Delete
  8. යේකට මගෙත් ෂුභ පැතුම්...!

    ReplyDelete
  9. මුලින්ම 600ට සුබ පැතුම්

    …මෙකෙ තව තියනවැයි ?

    ReplyDelete
  10. අපොයි දැනුයි දැක්කෙ . ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුමක් !

    ReplyDelete
  11. සුභ පැතුම් අයියේ ................

    ReplyDelete
  12. ඒ කාලේ වාගෙම ඔන්න රහට ලියනව තාමත්
    ජයවේවා මල්ලියේ!

    ReplyDelete
  13. 600 කියන්නේ සුලුපටු දෙයක්ද? මට මේ 98, 100 කොරගන්න වෙලාවක් නැති කොට. 1000ත් ඉක්මනට ලියවෙනවා දකින්න ආසයි.
    පන්සල් කතාවලින් මම මේ කතාවට හැර ඉතිරි සියල්ලටම ඉතාමත් කැමතියි. මේකට අකමැති හේතුව පසු දවසක ඔබට කියන්නම්.

    ReplyDelete
    Replies
    1. පස්සේ මොටද මං නං දැන්මම කියන්නම්
      අයි ටි එන් එකේ ටෙලි නාට්ටියක් බලනවා වගේ.විනාඩි දෙකෙන් දෙකට විරාම.
      අන්තිමට බලපු දෙයක් නැහැ
      600 ට සුබ පැතුම් :)

      Delete
    2. ලියන අයයි ඒකේ අමාරුව දන්නේ. මං අද බදාදා කතාව දා ගත්තේ ඊයේ රෑ මාර සටනක් දීලා.

      Delete
    3. @වෙදයියා...

      ඔට්ටුයි බැරුවට...:D

      කතාවේ මුල බලලා කියන්න පුළුවන් වෙයිද..?

      @ටිරාජ්...

      හක් හක් හා...

      @කතන්දර...

      ආන් ඒකනේ...

      Delete
  14. ඉස්සර වගේම දැන් කාලෙත් හාමුදුරුවරු එහෙම් මෙහෙම් දුම් දාන්න යන එක විතරක්යැ තව තව සෙල්ලම් කොරනවා නොවැ. එතකොට ඉතින් සාසනේ රැකිලා තියෙයිද ???

    600 ට සුභ පැතුම් අයියා.... 1000 ඉක්මණට පසු කිරිමට හැකිවේවා

    ReplyDelete
    Replies
    1. මහන වෙන්නෙත් පෘතඃජනයො හසිත
      දාහක් අතර හාරසියයක් වැරදි කලත් තව හයසියයක් හොඳයි.
      සාසනේ රැකීම ගැන ප්‍රශ්න කරන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඒ අය කරන සේවය ගැන.
      එක්කෙනෙක් වැරදි කල පමනිඅන් හැමෝම එහෙමයි කියන්න එපා

      Delete
    2. හැමදාමත් වගේ නිශ් අදත් නිවැරදියි...

      Delete
    3. @ නිශ්

      ඔබේ කතාව හරි. සමස්තය නෙමේ වුණත් කිරි කළයට ගොම බිංදුවක් වැටුණාම මොකක්ද වෙන්නේ කියලා දන්නවනේ...... මහණ වන්නේ පෘතග්ජනයන් වුණත් ඔවුන් මහණ වීමෙන් පසු දරා සිටින්නේ බුද්ධ චීවරය නොවැ.

      මේ මම කිව්ව දුම් දාන කතා සහ වෙන වෙන සෙල්ලම් කියපුවා මම දැනුවත්ව වෙන දේවල්......... එක පන්සලක නෙමේ පන්සල් විශාල ගණනක. ඒවා වුනත් පන්සල පවත්වා ගෙන යාම, ගමට සේවාවන් කිරීම, විශාල පින්කම් කිරිම වගේ දේවලුත් ඒ භික්ෂූන් [?] අතින් සිදුවෙනවා.....

      එතකොට ඒ භික්ෂූන් [?] සතුව සීලයක් නැතත් මහජන සුභ සාධනය විශිෂ්ඨයි..... ඒක නිසයි මම කිව්වේ සාසනයක් රැකෙයිද කියලා..... සීලය එහෙමත් නැත්නම් විනය තමා ශාසනයේ ආයුෂ තීරණය කරන්නේ

      "විනයෝ නාම සාසනස්ස ආයු"

      Delete
  15. උණුසුම් සුබ පැතුම් .....!!!!

    ReplyDelete
  16. 600 ට සුභ පැතුම් මාරයියේ.....:)))
    ඉතුරු ටිකත් ඉක්මනටම දානවා හොඳා ....

    ReplyDelete
  17. සුභ පැතුම් අයියා...

    ReplyDelete
  18. 600ට සුභ පැතුම්. ආයෙත් නැවතිලා. මෙගා ටෙලියක් වගෙ. :P

    ReplyDelete
  19. 600 ට මගෙනුත් සුභ පැතුම්!!

    ReplyDelete
  20. මැරෙනකං ලියපං....
    එච්චරයි....

    ජය වේවා!!!

    ReplyDelete
  21. එළකිරි.......1200 ත් ඉක්මනටම ඕනේ............

    ReplyDelete
  22. 600 ට සුබ පැතුම් !

    ReplyDelete
  23. අප්පා 600 ක්.. මරු...තව තවත් ලියන්න..

    මහණ වෙන්නේ අයියේ අර ගිහි බැදිම් ඔක්කොම අතැරදාලා නේද..

    ඇයි එයාට වකුගඩු උපාලි කියන්නේ..

    ReplyDelete
  24. 600 ට සුබ පැතුම්.....!

    මේ කතාව කියවද්දී මම ඉස්සර ගොඩක් අසාවෙන් කියවපු මාරයාගේ හෝරාව කියන පරණ බ්ලොග් එක මතක් උනා.... ;)

    ReplyDelete
  25. 600 ට සුභ පැතුම්....

    ReplyDelete
  26. 600 ට සුබ පැතුම් !

    කතාවනම් ලස්සනයි.

    ReplyDelete
  27. තව මදි! 1000 ලියපුවම සුබ පතන්නම්.

    ReplyDelete
  28. 600 ට සුබ පැතුම්....!!! කතාව තාම කියෙව්වෙ නෑ...

    ReplyDelete
  29. 600ට සුභ පැතුම්! ඇත්තටම මේවා පෙන්නලා දෙන එක ලොකු දෙයක් මාරයා අයියා! ගොඩක් අය ලියන්නෙ නැති පැත්තක් ගැන ඔයා ලියන එක ඇත්තටම ලොකු දෙයක්!

    ReplyDelete
  30. මොකක් හරි කොමෙන්ට් එකක් දාන්න ඕන කියල හිතුන හින්ද දැම්මා.

    ReplyDelete
  31. 600 යට සුබ පැතුම් 601 ඉක්මනට දාන්ඩ ඈ................

    ReplyDelete
  32. 600ට සුභ පැතුම්!!! ඉතුරු කෑල්ලකුත් තිද මාරයා අය්යේ??
    තියෙනවා නම් ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
  33. මාරයියා 600 පන්නපු මේ වෙලාවේ මගේ මතකයට නැඟෙනවා මීට කාලෙකට කලින් බ්ලොග් අවකාශෙන් සමුගත්තු කුමාර කියලා කෙනෙක්ව. එයා හරියටම බ්ලොග් පෝස්ට් 500න් බ්ලොග් එක නැවැත්තුවා. එයා තාමත් ලිව්වනං මේ වගේ කාලෙකදි එයත් 600 වෙනි පෝස්ට් එක දාන්න තිබ්බා! :D

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද බං 500න් නවත්තන්න වගේම බ්ලොග් එක ඩිලීට් කරන්නත් හිතං ප්ලෑන ගහං හිටියට ඒක කෙනෙකුට මාට්ටු වෙලා තදින් බලපෑම් කරලා තමා මේ දුවන්නේ... තාමත් වාරණ නීති යටතේ...

      Delete
  34. ඇයි ඒ හාමුදුරුවන්ට ඒ නම කියන්නේ.. ඒක ඊළග කෑල්ලකින් තියේවි කියලා හිතනවා..

    එහෙනම් අයියත් 600 ගැහුවා.. සුභ පැතුම් සුභ පැතුම්.. තව කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  35. 600ට සුබපැතුම්. දිගටම ලියන්න. හරිම ආසාවෙන් මේ බ්ලොග් එක කියවන්නේ.

    ReplyDelete
  36. අද බ්ලොග් කියවන්න කම්මැලි වෙලා හිටියේ . මලයා 600 ලියුව කියල ආරංචි වුනා . ඔන්න අපි දෙන්නගෙම සුබ පැතුම් . මන් තනියම සුබ පතුවොත් අසාධාරණයි . මට වඩා පරණ කියවන්නෙක් ඉඳිද්දී .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම..පැරණි රසික මහත්තයාටත් ස්තූතියි කිව්වා කියන්න...

      Delete
  37. 600ට සුභ පැතුම්..
    රසවත් දේ බෙදාගන්න කාලය ඉඩ හසර ලැබේවා..

    ReplyDelete
  38. අඩුවෙන් කමෙන්ට් කලාට වැඩියෙන් කියවල තියෙනවා.

    ඔබට තව දිගු ගමනක් යන්නට හේතුවාසනා වේවා...!!!!!!!

    ReplyDelete
  39. 600 ට සුභ පැතුම් මාරෙ අයියා!

    ReplyDelete
  40. 600ට මගෙන් උණුසම් සුබ පැතුම් අයියා

    ReplyDelete
  41. 600ට සුභ පැතුම් මාරයා අයියේ...

    ReplyDelete
  42. 600කුත් ඇවිල්ලද,,මරුනේ

    ReplyDelete
  43. මෙ අවුරැද්දේ නොවැම්බර් වලට වසර තූනක් නේ.මම හදවතින්ම සුබ පතනවා.

    බ්ලොග් කියලා ජාතියක් තියනවා කියලා දැනගත්තේ අහම්බෙන් කතන්දර කාරයාව දැකලා.කතන්දර බල බල ඉන්න කොට දැක්කා මාරයාගේ හෝරාව. ඉස්සෙල්ලම දැක්කේ බස් පලුවන්ගේ කතාවක්.පස්සේ දිගටම බැලුවා.(බැලුවට මෙව්වට බ්ලොග් කියලා කියනවා කියලවත් දන්නැ) කමෙන්ට් කරන්නේ කොහොමද දන්නෙත් නැ.පස්සේ තමයි විස්තර හොයලා දැන ගත්තේ.ඔයාගේ ඔක්කොම ලිපි මම බලලා තියනවා මම හිතන්නේ.

    ඔයාව කියවන එක මට කන්නාඩියක් ඉස්සරහා ඉදගන කන්නාඩියට කතා කරනවා වගේ.මම මේකට මාර ආසයි.දවසක් මම 9.30ට පටන් අරගන පාන්දර තූනවෙනකං බැලුවා.එදත් ඉවර කරන්න නං බැරි උනා.

    සමහරක් බ්ලොග් වල එක ලිපියක් මාර ගැඹුරැයි මට ග්‍රීක් වගේ.එයාගේ ඊලග පොස්ට් දෙක තූනම වැඩක් නැති අකූරැ ටිකක් විතරයි.ඔන්න ඊලගට මගේ වගේ කතාවක්.ආයෙත් දානවා 7වසරෙදි අහපු කූනුහරප කතාවක්.ඊලගට පාන් ගෙන්ඩ කඩේ ගිය එකක්.

    ඔයාගේ එව්වා මට නං ඔක්කොම සුපර් බඩු.

    මමත් ලියනවා දවසක 600ක් එදාට 6000ක් ලියපු මාරයෙක් මට අකූරැ දෙකක් කොටන්ඩ ඉදියි කියලා මම හිතනවා.

    මැරැන දවසකටත් බූතයෙක් වෙලා හරි මොනවාහරි ලියපන් මචෝ

    ReplyDelete
    Replies
    1. තුවාලේ දන්නේ එහෙම තුවලයක් තියෙන එකාම තමා බං... මං බොලාගේ බ්ලොග් එකත් බලන්න ගත්ත වෙලේ මට තේරුනා එක පීල්ලේ කියන එක... ඒකයි මං එක දවසක් බොට කියලා ගියේ අනිත් දේවල් වැඩක් නැහැ ලියපං කියලා... පවුල් බරින් බාධාවක් උනොත් හැර මං හිතනවා‍ උඹත් තව කාලෙකින් මේ ගානම හරි එයිට එහා හරි ලියයි කියලා..එදාටත් තව කවුරු හරි ඉඳීවි උඹේ බ්ලොග් එකටත් මේ වගේ කමෙන්ට් එකක් දාන්න..ඒත් උඹලා අපි වගේම ජාතියේ එකෙක්...

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. මගෙනුත් සුබ පැතුම් මාර තුමාට.. 600 ට ජයවේවා.. 1000 ට පාටියක් දාමු.. :)
    $Marumoos$

    ReplyDelete
  46. 600ක ගහල නොදැවී ඉන්න එක ගැන අප්‍රමානෙට සන්තෝසයි. අඩුම බෝල ගණනකින් ඊලඟ 100 ගහන්න ලැබේවා !!! බෝල ගාන කිව්වේ දවස් ගාන නෙව ආයිබෝවන්ඩ.

    ReplyDelete
  47. 600 ට සුබපැතුම් මිත්‍රයා. ඉක්මනට 700 ට යමු.

    ReplyDelete
  48. "හප්පට ෂිරි.. හෙයෂීයයි ඈ! හොඳා හොඳා....නල්ලම් නල්ලම්..."
    අපෙනුත් ශුභ පැතුම්!

    ReplyDelete
  49. 600 ට සුබ පැතුම් !

    ReplyDelete
  50. ඔන්න කාලෙකට පස්සෙ මාත් ආව 600 සුබ පතන්ඩ

    ReplyDelete
  51. ඔන්න මාරයා මල්ලි මෙගාවක් අදින්න හදනවා. හයසීයෙන් පටන් අරන් හතරක් පහක් අදියි වගේ..

    ReplyDelete
  52. 1000 හේ දී හමුවෙමු!

    ReplyDelete
  53. හෑහ්...!600ක් ...අම්මෝ..මාරයෙක්ම තමයි...සුභ පැතුම් ඈ....!
    ෂයියෝ..තවත් ඉතිරිද...කතාව..මුල ..මතකත්..නෑ වගේ...

    ReplyDelete
  54. අටර්‍මපහුර +++++++
    ("මම මේකට මාර ආසයි.දවසක් මම 9.30ට පටන් අරගන පාන්දර තූනවෙනකං බැලුවා.එදත් ඉවර කරන්න නං බැරි උනා.")
    මටත් එසේම වෙලා ඇත.

    600 ට සුභ පැතුම් අයියා...

    තවත් 600ක් ලියන්න ශක්තිය ධෙර්යය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. හසී රන්ගේ හිනාව දැක්කේ කාලෙකින්...

      Delete
  55. හප්පට සිරි ... මාරයිය වියපත් වෙලා නොවැ.

    600 ට සුභ පැතුම් ! තව තවත් ලියන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    මේ කතාකරන භාෂාව දැක්කම මට මතක් වුනේ අපේ ඔබා මාමගෙ “ෂින්න බෝල ප්‍රොබ්ලම්“ කතාව.

    ReplyDelete
  56. සුබ පතන්න හිතන් තමා ආවෙ කොරල තියෙන දේ දැක්කම ...........
    ග්‍රර් ර් ...............
    මොනා උනත් ජය.....
    601 ඉක්මනට ලියහන් ඈ.....

    ReplyDelete
  57. 600ක් ලිව්වා කිව්වම සෙල්ලංද කොල්ලෝ පිස්සු හැදෙනවා මාරයා නමටම ගැලපෙනවා... මේ කතාව කොයින් ඉවරවෙයිද කියලා තමා කල්පනා කර කර ඉන්නේ අන්තිමට ඒ හාමුදුරුවන්ගේ ලොකූ අතීත කතාවක් එයිවත්ද කියලා තමා කංපනා වෙන්නේ...

    600ට උණුසුම් සුභ පැතුම් මාරයියේ... මම කියවපු ලිපි සේරම ඉස්තරම් මේ බ්ලොගේ උපරිමයි.ජය වේවා

    ReplyDelete
  58. අප්පේ 600ක්ම ලියලානෙ....

    සුභ පැතුම් කීවා...

    ReplyDelete
  59. හපොයි...මූ 600ක් ම ලියලද....:D:D

    ඔහොම යං ..ඔහොම යං....

    සුභ පැතුම් මාර මහතානෙනි..!!!!

    ReplyDelete
  60. 600 වෙනි ලිපියට සුභ පැතූ සියළු දෙනාටත්..මේ දක්වා මා හා රැඳී සිටිමින් දිරිමත් කරනු ලැබූ සියළු දෙනාටත්...කියවීමෙන් පමණක් නොව හිත මිතුරන් හා බෙදා හදාගනිමින් කමෙන්ට් දමමින් සමීප වූ සියල්ලන්ටත් මාරයාගේ හෘදයාංගම ස්තූතිය...

    ඒ වගේම අතීතයේ මා හා රැඳී සිටි අද අප අතර නැති හිතවතුන් දෙදෙනාටත් නිවන් සුව අත් වේවා..!

    ReplyDelete
    Replies
    1. "ඒ වගේම අතීතයේ මා හා රැඳී සිටි අද අප අතර නැති හිතවතුන් දෙදෙනාටත් නිවන් සුව අත් වේවා..!"

      +++++

      Delete
  61. 600 වෙනි පෝස්ටුවට සුභ පැතුම් මාරේ අයියේ !!!

    ReplyDelete
  62. අයෂීයට ෂුබ පැතුම් ෂාමි.. අයෂීයක් ලියනවා කියන්නේ ෂාමි යේක පණ යන වෙඩක් අප්පා.. පනාක් ගාගන්න මම නෙයුන නෙයිල්ල දෙක්කනම් ෂාමි අයෂීයක් ලිව්වා මලෙව්වා කියනේ යේක යෙපා වෙන කෙලියක්..

    ReplyDelete