01 June 2012

හයියයියෝ...

හන්දියක් හන්දියක් පාසා..
වේදනා කැක්කුම් ගොඩයි...
උගුර කට කන උදර නාසා..
කිසිවකුත් මගෙ නම් නොවෙයි...
රිදෙන තරමට දැනෙන කැක්කුම්..
දිගින් දිගටම මා පෙලයි..
ලෙඩක් හැදිලා පැත්ත වැටුනම..
මගේ ලොකු කං ඉන් නිමයි...
පැත්ත වැටිලා කෙඳිරි ගෑවම..
දැනෙන සහනය අපමණයි..
කොත්තමල්ලිද පැනඩෝල් පෙති..
මගේ තනියට ලඟ ඉඳියි...
වෙව්ල වෙව්ලා උයා ගත්තොත්..
බත් කටක් කෑමට හැකියි..
එහෙම නොවුනොත් මෙහෙම ඉඳලා
හාමතේ මා මැරිල යයි...

52 comments:

  1. මොන තදයා උනත් ලෙඩ උනාම අසරණයි. ...

    ReplyDelete
    Replies
    1. හෑ මෙන්න මම එක වෙලා :))

      Delete
  2. හයියෝ..... නේන්නම්
    ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
  3. පොඩ්ඩක් හිටින් .....අල්ලගන..
    මේ දවස් වල නිවාඩුත් නැහැ..:D

    දැන්නම් ලතා ගැන හිතන්න කාලෙ හරි..

    ReplyDelete
    Replies
    1. මට ඔය "ඉක්මන් සුවය පතමි" කියන එක පේන්නෙ වෙන විදියකටනෙ..මගේ වරදක්ද මන්දා

      Delete
  4. මේ නොකිය කියන්නෙ පෙළවහක් කරගන්න කාලෙ හරි කියලද?.. ;)

    ReplyDelete
  5. .
    මාර මරණය
    අත ළඟ

    ReplyDelete
  6. හා... ඒ කියන්නේ මාරයාටත් උණ හැදිලා... අනේ හැදුන අය තමා ඒකේ රගේ දන්නේ.. තාම හන්දිපත් පණ නෑ මගේ සතියක් පහු වෙලත්. ඔන්න ඉක්මන් සුව පතනවා

    ReplyDelete
  7. ඔකනේ ඉතින් කියන්නේ හාමිනේ කෙනෙක් ගෙනාවා නම් බලා කියාගෙන ඉන්නනේ.. ( ඔන්න බනින් එපා මෙකිට මේ වෙලෙවත් කට තියන් ඉන්න බැනේ කියලා.. ) හැටිනේ..

    හා හා ..ඔය ලෙඩේට මේ බඩේ අමාරුවත් හැදෙනවද..වමනේ එහෙමත් යනවද..මොකද අපේ නංගි කෙනෙක්ටත් හැදිලා බෙහෙත් ගන් නැතුව හෙට අඩු නොවුනොත් යනවා කීවා... ඕක දැන් වයිරස් එකක්ද..

    ReplyDelete
  8. මම කිවුවා දවස් 2ක්. එක එක කෑම වල ෆොටෝ මූණු පොතේ දාන්න එපා කියලා.ඒවා දැකලා එක එක්කෙනා කෙල ගිලලා මාරයියෙ. වෙන මොකුත් නෙමේ.....

    ReplyDelete
  9. මේ මාරයියෙ.. ඕම ඉදලා හරියන්නැ බොල.. කසාදයක් කරගෙන දරුවෙක් මල්ලෙක් හදාගනින්..!

    ReplyDelete
  10. කියන්න අමතක වුණා.ඉක්මනින් සනීප වේවා!!!

    ReplyDelete
  11. අරවයින් සුට්ටක් ගත්තා නම් හරි යන්නත් ඉඩ තියනවා

    ReplyDelete
  12. හපොයි....මේ මක්කැයි...
    රේල්බස් එකෙන් ගිහින් මඩකලපුවෙන් ලෙඩක් වත් ගෙනාවද??

    ReplyDelete
  13. තනියම ඉන්න එකේ අරුමේ ඔය වෙලාවට තමයි නේද . හැබැයි ඉතින් ඉස්සර බමුණෙක් මියෝ වඳ කරන්න පුසෙක් ගෙනත් වෙච්ච වැඩේ මතකනේ . මොනවා වුනත් මට නම් ඇත්තටම කනගාටුයි . ලඟ පාතක හිතවතෙක් නැද්ද කන්න ටිකක් හදල දෙන්න

    ReplyDelete
  14. http://www.mp3theworld.com/download-rajeku-unath-mp3.html

    ReplyDelete
  15. මාරයෝ...මේ පාරනම් සොරි . කොම් තමයි

    ReplyDelete
  16. හයියෝ මාරයත් ලෙඩ උනා එහෙනං ඈ... :(
    සුව වේවා!!! සුව වේවා!!!

    ReplyDelete
  17. හයියයියෝ..ලඟක උන්න නම් කොත්තමල්ලි ටිකක් තම්බල දීලා..බත් ටිකක් උයල දෙන්න එනව..get well soon..!!

    ReplyDelete
  18. කැක්කුම් ඔක්කොම නස්නාලේපේ විස්කම් දක්වන සිද්දාලේපේ.. :D

    ReplyDelete
  19. හපූයි... මොකෑ මේ ??? :O ලෙඩ වෙලාද අයියන්ඩිස්?

    ReplyDelete
  20. මේකා...ලෙඩ ඇඳේ ඉඳනුත් පෝස්ට් දාන හැටි...597යි 600ට තව තුනායි... කමෝන්... හැබැයි ළබන සතියෙම ඔය ඉතුරු තුන දාන්න ඕන සනීප වෙලා හරිද... නැත්තං බලාගම්මු :P

    ReplyDelete
  21. දුක සැප බලන්න කෙනෙක් ලං කරගත්තා නම් ඉවරනේ අයියා

    ReplyDelete
  22. ඔහොම වෙලාවක ලතාට ටෙම්පරියකට කතා කර ගත්තට කමක් නැහැ... අට අනුවක් රෝග, නව අනුවක් ව්‍යාධි සනීප වෙයි.

    ReplyDelete
  23. මාරේ අයියේ... දැන්වත් නරකද කසාදයක් කර ගත්තනම්...

    ReplyDelete
  24. නුඹ නාඬන් .. නුඹ නාඬන් ..
    ඕව උඹට හොඳ පාඩම්.

    ReplyDelete
  25. ගැලපෙන කෙනෙක් ඉක්මනටම..හොයාගන්න...!

    ReplyDelete
  26. සල්ලි කීයක්‌ හරි දීලා වැඩට එකෙක් ගත්තා නම්?

    ReplyDelete
  27. ඉක්මනට ලෙඩදුක් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

    ReplyDelete
  28. මේ ඇත්තටම අසනීපයෙන් ඇති අවස්ථාවක් නම් , ඉක්මණ් සුව පතමි , නැතත් නිරෝගී සුවබර සහ සතුට පිරි දිවියක් පතමි ..

    ReplyDelete
  29. මං හිතන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් පල දීල. හූ හූ. හොඳ වැඩේ.

    ReplyDelete
  30. නපුරු දොස්තර නෝනේ..
    වෙද ගෙයි මහ වෙදානේ...
    කොහේවත් නැති පොඩි "ලතා"නේ..
    නැත්ද බෙහෙතක් මූට දෙන්නේ...

    ReplyDelete
  31. මාරයා අය්යේ ඇඟේ හය්ය හත්තිය දාල උයපිය
    ඉක්මන් සුව පතමි!!

    ReplyDelete
  32. හපොයි, බොට දැන්වත් හිතෙන්නේ නැද්ද අයියේ බැන බැන හරි බේත් ටික දෙන්න වළලු දාපු අතක් තිබ්බ නම් හොඳයි කියලා... අත්දැකීමෙන් බොල කියන්නේ... කියනවට බැඳලා බලහන්කෝ !!!

    සනීප වේවා !!! ජය !!!

    ReplyDelete
  33. ෂික් විතරක්.... උඹට දැන් සනීපද ? අපරාදේ....!

    ReplyDelete
  34. ඔය වගේ වෙලාවට හීනෙන් ගොක් කොළ හෙම පෙනුනොත් බඩුම තමයි. එක්කෝ උඹ නැ කිව්වට අර උඹලගේ පැත්තේ රෑට බස් හෝල්ට් එකේ ඉන්න එක්කෙනාව සිරාවටම උඹට පෙනිලා තියනවා. තොවිලයක් නටන්න වෙයි මයේ හිතේ. ඉක්මන් සුවය පතමි!

    ReplyDelete
  35. අයියෝ...:( ඉක්මන් සුවය පතනවා...!

    ReplyDelete
  36. අනේ අපොයි ගහක් ගලක් වගේ හිටිය මනුසයා මම දන්න කාලෙක මේ ලෙඩක් හැදුනාමයි !!

    ReplyDelete
  37. මටත් උන හෙම්බිරිස්සාව ... ජය වේවා දෙන්නටම :)

    ReplyDelete
  38. හයියයියෝ... සද්ද්යක් නැතිඋනාම මම හිතුවා

    ReplyDelete
  39. බිත්තර කාල වෑඩි වෙල වගේ. අනේ පව් !!!! ඉක්මනට සනීප වේවා !!

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. ඔය වෙලාවට තමයි කවුරුහරි ලග හිටියනම් හොදයි කියල හිතෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඉතින් මෙයා, ඒකට තමයි ඔය තෙපර බාන්නෙ.

      මාගේ පැලේ අඳුර (ඔක්කොම) නසන්න සිතෙනවා මනාලි(ය) ක් ගෙනෙන්න. :D:D

      Delete
  42. මූට මඩකලපු ගිහිල්ල හොඳවයින් මොකවත් කන්න හම්බඋනේ නැති එකේ පලේ තමයි ඔය.

    ReplyDelete
    Replies
    1. වැරදී වැරදී.....එහෙ ගිහිල්ලා හොඳවැයින් කාපු එකක් තමයි ඔය මෙව්වා වෙලා තියෙන්නෙ :D:D:D

      Delete
  43. ෴ ගල් අරක්කු කාලක් සෝඩා සමග කෑමට පෙර බොන්න බොන්න, සර්වාංග රෝග සුවයි ! ෴ අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි .

    ReplyDelete
  44. බොලව් මූට මේ ඇත්තෙ උණක් හෙම්බිරිසාවක් හරි වෙච්චිකොට අහවල් දේකටෙයි පරස්තාවක් කතාකරල මේකව මරාගන්න හදන්නෙ, උඹ ඔන්න ඔහොම තනියම ඇහැක් විදියකට උයාගෙන පිහාගෙන කාපං මාරයො. බැරිමනං ලතාට ඇවිල්ල යන්නෙයි කිහයං [මතක ඇතුව යන්නෙයි කියහං හරිය] හෙහ් හෙහ් .... !!

    විජහට සනීපවෙලා හයසීය ගහනු !!

    ReplyDelete
  45. වේදනා කැක්කුම් වලට සහනය පැනඩෝල්.දැන් ගිලීමට පහසු හැඩයකින්.
    ඔන්න ගිලලා දාන එකයි ඇත්තේ හික් හික්

    ReplyDelete
  46. තනියම හිට්ටා ඇති වගේ නැද්ද? දැන් කාලෙ හරි ලොක්කා...

    ReplyDelete
  47. බහුකාර්ය රෙදිසෝදන යන්තුයක් මිලදි ගන්න.

    ReplyDelete
  48. රෑට යටලී දිහා බල බල
    නිදිමරාගෙන කතා අමුණන
    දවාලේ නීරසට උයමින
    නීරසට කා රෙසිපි අමුණන
    තමුන් එක්කම කතා කරමින
    ගෙවන තනිකඩ දිවිය කෙලවර
    කරන්නට කාලය ඇවිත් ඇත..
    මාරයා මුත් බැන්ද යුතුමය..

    ReplyDelete