06 June 2012

"බබා‍ට" නමක්...

කාලීන වශයෙන් වැදගත්කමක් ඇති මෙහෙම පෝස්ට් එකක් ලියන්න උනේ ඇත්තටම අද අපේ අටම්පහුරේ ලොක්කා දාලා තිබුන පෝස්ට් එකක් හින්දා තමයි... දන්නවනේ මෑන්..අළුතින් බ්ලොග් ලෝකෙට එක්කාසු වෙච්ච කතා මැෂිම.. බුවා දෙවෙනි සැරේටත් තාත්තා කෙනෙක් උනාය කියන්නේ... හැබැයි පොර කියන්නේනං ඔව්වා උන්දැගේ කැමැත්තට වෙච්ච දේවල් නෙවෙයි වගේ කියලයි.. ඒ කියන්නේ ගෙදර උදවියට ඕන හැටියටළු වැඩේ වෙලා තියෙන්නේ.. මං ඒත් කල්පනා කලේ මේ යෝධයට එහෙමවත් නිදහසක් නැති හැටි කියලයි... ගෙදර උදවියට හිතුනද හැදුවා..අ‍පේ අටාගේ මූලික එව්වා මෙව්වා ඔක්කෝම උල්ලංඝනය වෙන හැඩක් තියෙන්නේ...

හා හා ඒවා පැත්තකින් තියමුකෝ...

මේ ළගදී අපේ මලයත් දෙවැනි පාරට තාත්තා කෙනෙක් උනා..හැබැයි ඌනං කිව්වේ ඒක උගේ උවමනාවට වෙච්ච දෙයක් කියලා... අපේ මොකෝ..නෑනත් ඒක නිහඩතාවයෙන් අනුමත කොලා..ඒ කියන්නේ ඌට ගෙදරදී අතවර වෙන හැඩක් නැහැ...අටම්පහුරේ යෝධයට වගේ... හා හා ආයේ කතාව කැලේ..අපේ කටවල් හොද නැහැ අප්පා...

ඉතිං ඔය දෙවැනි පාර අපේ එකා තාත්තා උන වෙලෙත් ලොකුම කාරිය වෙලා තිබුනේ අළුත උපන් එකාට නමක් තියන එක... ඔව්වට අන්තිමේදී මේ කොහේවත් ඉන්න මටත් පැටලවෙන්න වෙනවා... මං ඉතිං කොරන්නේ ඔය වගේ වෙලාවට කේන්දරේ හදලා දීලා නමට හොඳ අකුරු දෙක තුනක් දීලා නම සකස් වෙන්න ඕන හැටිත් ඩිංගක් විස්තර කරලා දෙන එකයි..හැබැයි නං ටිකක් තෝර ගත්තට පස්සේ ඒක රෙජිස්ටර් කරන්න කලියෙන් ආයෙම මට කියලා ඒවයේ දෝෂ තියෙනවද කියලත් බලෝගන්ට කියලා කියනවා... පවුලේ වැඩනේ...

කොහොම හරි මෙදා පාර කොලුවට නං තියන්න ගියාම අපේ එකා මටත් කියනවා හොඳ නමක් දෙකක් දෙන්න කියලා... ඒත් එක්කම මේකා කියනවා හොඳ අළුත් නං ටිකක් බලහං කියලා... හත් ඉලව්වේ මං දන්නවද ඔය අළුත් නං... මං අහපි ඒ මොනවද බං ඒ කියලා...

ඇයි බං ඔය තියෙන්නේ ටිකක් අමුතුවට කියවෙන..අකුරු කරස් බරස් ගාලා කියවෙන ටිකක් ඉට්ටැයිල් නං..අර එහෙට මෙහෙට පටලෝලා තේරුමක් හොයන්න පුළුවන් ඒවා..ආන්න ඒකක් කියලා කියපි.(හත් ඉලව්වේ මට අර අහුබුදු ලොක්කා එක්ක එන කේන්තියක්...)

ඒ ටික අහලා තක්බීර් වෙලා ඉද්දී මූ ආයම කියනවා නමක් උනාම තියෙන්න ඕන අහන උන් කොර වෙලා යන්න... අපේ නං වගේ තිබිලා බැහැ කියලා... ආන්න ඒ වෙලේ මට තද උනා..ඇයි යකෝ මගේ නමට මොකද වෙලා තියෙන්නේ...

නැහැ නැහැ උඹේ නම නෙවෙයි මගේ නම බං... (අපේ මලයා උගේ උපන් නමත් හරි නැහැ කියලා පත්තරේ දැන්වීමකුත් දාලා අකුරක් අඩු කලා නෙව මෙයිට කාලෙකට කලියෙන්) ආන්න එහෙම කිව්වම තමා මං සද්දේ වැහුවේ...

ඉතිං ඒ කොහොම උනත් මං අරකට නං තියන්න ගියේ නැහැ..ඒත් ඌට දුන්න අකුරුවල "ච" යන්න තිබුන හින්දා අම්මයි මල්ලියි නංගියි තුන් දෙනාම මගේ නමම ඒකට තියන්නත් ලෑස්ති උනා..ඒත් මංම කිව්වා අන්තිමට ඕකත් මගේ තාලෙට හැදුනොත් තොපිට නිවනක් වෙන එකක් නැහැ.. ඒ හින්දා නිකං හිටු කියලා... කොහොම හරි අන්තිමට මොකක් නමුත් නමක් තියලා තිබුනා..මං හිතන්නේ අපේ අම්මම තමා ඒකත් තියන්න ඇත්තේ..උන්දෑ නං දාන්න දස්සයි... ආයේ නැත්තං මේ මට මෙහෙම නමක් දායියෑ...

චතුෂ තුෂර කුමාර...

අදටත් ලේසියෙන් එකෙක් ඒක එක පාරින් හරියට කියන්නේ නැහැ... එහෙම හරියටම මගේ නම කියන්න පුළුවන් උන් ඉන්නේ හතර පස් දෙනයි..එයින් එක්කෙනෙක් ඔය ඕට්ටේලියාවේ ඉඳන් මගේ බ්ලොග් එක බලන අපේ නගා... වැඩි හරියක් අය ඕක කියන්න ගිහින් හක්ක පන්න ගන්නවා... එහෙම බැළුවම ඒකත් දැන් කාලෙට හරියන පොෂ් නමක්... ආ හැබැයි මේ ළගකදී අපේ පිටරටක ඉන්න නගා කෙනෙක් ඔය "ච" යන්න නමට දුන්න වෙලේ දාපි නේද නගාගේ බබාට අර පොෂ් නම...ඒ කියන්නේ දැන් චතුෂලා දෙන්නෙක් ඉන්නවා ලොකෙට...

එකෙක් ඉඳලා මෙහෙමනං දෙන්නෙක් හිටියම කොහොමට හිටීද..? ඕක ඔහෙලට විතරක් නෙවෙයි මටත් තියෙන පුරස්නයක්..:D:D:D

හා හා දැන් අළුත් නං ලිස්ට් එකක් අල්ල ගන්න ආව අය මට හොඳවයින් නං දෙක තුනක් දාගෙන ආපහු යන්ටලා..මං දන්නවැයි ඔය දැන් කට්ටිය දාන බ්‍රිටැනිකා විෂ්වකෝෂණී වගේ නං දෙන්ට...

50 comments:

  1. අදත් එකද කොහෙද?

    ReplyDelete
    Replies
    1. සතුච රසතු රමාකු කියල දැම්මනං කොහොමද?

      Delete
    2. මැද්දට දෙමළ ණයන්නකුත් දාහං..:D

      Delete
    3. හප්පට සිරි .. ප්‍රසන්න අයියගෙ ස්ථිර පදිංචිය මාරයියගෙ බ්ලොගේද කෙහෙද.

      Delete
    4. ඔවු ඉතිං අපිට බ්ලොග් තියෙනව කියලැයි. :D

      Delete
    5. බලහන් ප්‍රසන්නයෝ මු කරන වැඩ.අටම්පහුරේ
      අටම් පාහුරිකා කන්දේ විදාන කියලා කොටලා ඇවිත් මෙතනත් මඩක් ගහලා

      Delete
  2. අද කාලෙ හැටියට... "චක්ගෝලය" කියන නම කොහොමද...

    ReplyDelete
    Replies
    1. අද කාලේ හැටියට නෙවෙයි සපා..එව්වා සර්‍වකාලීන නං...

      Delete
  3. මං දෙක වගෙයි...

    ReplyDelete
    Replies
    1. හූ!! අද වෙනියට දෙකත් නෑ.. :P

      Delete
    2. හත් ඉලව්වේ වෙනී අයියා... මොකදෑ උනේ...

      @බුරා...

      යකෝ මිනිහෙකුට වෙන්න තියෙන ලොකුම විපතක් උනාම හූ කියන සිරිතක් තියේද..? බොරුවට හරි මූණ හදාගෙන හයියෝ කියන්න ඉගෙන ගනින්...
      (පිටිපස්ස හැරිලා හූ කියහං..)

      Delete
    3. සි යකෝ මන් ලොග් වෙලා එනකොට අපේ සපතේරු මැදින් පැනලනේ.
      .බුරා මැනර්ස් දන්නෙ නෑ අප්පා..
      මන් හිටිය නම් බොට දාන්නෙ රතු ටීචර්ගෙ රතු චීත්ත චතුෂ තුෂර රෂාර කියලයි...

      Delete
    4. අම්මපා වෙනියගෙ දෙකට මොකෑ වුනේ මේ හදිස්සියේ?
      henryblogwalker the Dude

      Delete
    5. හදිස්සියෙ වෙච්චි එකක් නෙමෙයි. ගොබළු කාලෙම නැට්ට ගාවින් කරකවල තියල ද කොහෙද පස්සෙන් පහු කුරුවල් වෙලා වැටිල ගිහිල්ල

      Delete
  4. // එකෙක් ඉඳලා මෙහෙමනං දෙන්නෙක් හිටියම කොහොමට හිටීද..? //

    ලෝක විනාසෙ ඉක්මන් ‍වෙනවා බොලවු, වෙන මක්කා වෙන්ටදෑ..!!??

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවනං ඒක වෙන්නේ බං අර ලී කොට බොනික්කා වගේ බොරුවෙකුගේ නම තව අපි දන්න කියන එහෙකුට තිබ්බ දවසේ..හූ...

      Delete
  5. අනේමන්ද,ඇටාගෙ එකබලල අනිත්පැත්ත බැලුවාවිතරයි..මාරය්ය පත්තරෙත්දාල,,,

    ReplyDelete
    Replies
    1. එහෙම තමා..නරියත් කියලා තියෙන්නේ වේලෙන්න කලියෙන් දාහං කියලා...

      Delete
  6. අපේ නං වගේ තිබිලා බැහැ කියලා... ආන්න ඒ වෙලේ මට තද උනා..ඇයි යකෝ මගේ නමට මොකද වෙලා තියෙන්නේ...

    :D :D :D

    චතුෂ තුෂර කුමාර... = චතුර කුමාර... or චර කුමාර...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමා මට බය..ඔය නමත් දැම්මොත් එක තැනක තියනවා බොරු...

      Delete
  7. මෙය මඩක් හා මිශ්‍ර වූ ඇඩ් එකක් බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං ඕකනේ කොරන්න බැරි...

      මෙතන ඇඩ් නැහැ...තනිකරම...

      Delete
  8. මදැයි මම අළුත් නමක් හොයා ගන්න ආවා...

    බ්‍රිටැනිකා විෂ්වකෝෂණී වගේ උදාහරණ දෙක තුනක් දුන්නනං :-)

    ReplyDelete
  9. අනෝනිමස් කියන නම් හොඳයි .බ්ලොග් ලියන්නත් පුලුවන් ඉට්ටැයිල් එකට තියේ :)

    ReplyDelete
  10. මාරයින්ට නම් දාලා අපේ මාරයත් ලං වෙවි..ලේසි පාසු රාජකාරිය යැ..

    ReplyDelete
  11. අපෝ භාගෙටනෙ වැඩේ කරල තියෙන්නේ.. මං ටොපික් එක දැක්කහම හිතුව ,.. අටම් පහුර කුජීතම කරල ඇති කියලා...

    ReplyDelete
  12. මාරයා... අනුන්ගේ ළමයින්ට නම් තිය තිය හිටියා මදෑ බන්.. :P

    ReplyDelete
  13. චතුෂ කියන එකේ තේරුම මොකක්ද මාරයියේ? ඉතිරි හැරියානම් "පිණි කුමාරයා"

    ReplyDelete
  14. ආශුබෝද මහත්තයා නැති පාඩුව දැන්නේ දැනෙන්නේ!

    ReplyDelete
  15. මට පේන විදිහට ගෙදර අය මෙයාගේ පැටිකිරිය නොදන්නා ගානයි නැත්නම් මෙයාට කියාවියැ පොඩ්ඩෙක්ට නමක් තියන්න .....:P
    හොඳ වෙලාවට චතුෂ කියල නොතිබ්බේ ඇත්තටම මාරයියේ ඔය චතුෂ කියන නමේ තේරුම මොකෑ.

    ReplyDelete
  16. ඔය නම් තියෙන ඒවාට සමබන්ද වෙනවට වඩා හොදයි කට බිම උලා ගන්නවා ,මොකද මොනවා හරි පස්සේ කේස් එකක් ආවොත් යන්නේ නම තියපු එකාගේ පිටින්නේ ...

    ReplyDelete
  17. තුචෂ රතුෂ රාකුම

    ReplyDelete
  18. දැන් තියන්නෙ.. නමක් නෙවෙයි.සාහිත්‍ය ප්‍රකාශණයක්නෙ.

    ReplyDelete
  19. නමක් කළ හදියක් :D

    ReplyDelete
  20. බබා හම්බ වුනාද මාරෙ...:D:D

    ReplyDelete
  21. චතූක තුහින කම්මාර
    චරුක තුස්මිත කම්මාර
    චාලක විභව කම්මාර
    චත්මිණ නිනෙත් කම්මාර

    කම්මාර කියන කෑල්ල මාරයියගේ නමේ අගට දැම්මනම් එලම කිරි කම්මාර කියන්නේ.කම්මාර කියන්නේ කුමාර කියන එකට නේදෝ???දැන් ඉතින් නම දාන්න වෙන්නේ බබාගේ බබාට තමා

    ReplyDelete
  22. චතුමිණ , චන්දුල, චමුපති, චන්දිමාල්, .............. :D :D

    ReplyDelete
  23. ඔන්න වැඩේ බලමු! - දෙවැනි "චතූෂ" ගේ මෑණියැන්දෑ දහ අතේ මාගෙන් දිවිරීම් ගත්තා උන්දැට වැරදිලා දරුවයේ නම මාත්තෙක්ක කියවිලා - මේං මුන්දෑ පත්තරේම දාලා!

    ReplyDelete
    Replies
    1. උඹ සද්දේ වහලා හිටුකෝ අයියේ... මෙතන කවුද කින්ද මංද නැහැනේ...:D:D:D බොලා වනසන්නනේ හදන්නේ...

      Delete
  24. ඒකනේ මාරේ අයියේ අපි ඕක කෙටි කරලා C.T කුමාර කියලා කියන්නේ.. :)

    ReplyDelete
  25. මං කීපාරක් ඔය නම කියන්න හැදුවද ? කියවෙන්නෙම සතුච කුෂරතුමාර කියලමනේ .

    ReplyDelete
  26. “තනිකම ආත්මය කරගත්..
    තවත් එක කරුමක්කාරයෙක්...“

    කෙසේවෙතත්

    “වින්දනීය මනසක උරුමය ඇතුව උපන්.. “

    එකෙක් අනොත් කියලා ඉරිසියාවෙද කොහෙද...

    ReplyDelete
    Replies
    1. පලි- අනොත් උනොත් විය යුතුයි

      Delete
  27. හික්ස්.....මගෙ නමටත් හොද කතාවක් තියෙනවානෙ ඉතිං :D

    චතුෂ කියන නමේ තේරුම මොකක්ද හැබෑට?? ඈත්තටම අහන්නෙ හොදේ.

    http://nisugekatha.blogspot.com/2011/09/blog-post_13.html

    ReplyDelete
  28. සිරාවටම චතුෂ කියන නමේ තේරුම කියපන්කො.

    ReplyDelete
  29. සිරාවටම.. කලබලේ නම කිව්වොත් නම් අනිවා පැටලෙනවා..

    ReplyDelete
  30. ඔන්න වැඩේ පොඩි උන්ට නං හොයන එක තරං භාරධූර දුශ්කර කටයුත්තක් තවත් ඇත්ද?

    ReplyDelete
  31. සචින් දිරිල් උත්සර වගේ සරළ නමක් තිබ්බනම් ඉවරයි.

    ReplyDelete