සාමාන්‍යයෙන් ගිහි අයකු පැවිදි කිරීමේදී එම තැනැත්තාට ආචාර්යයන් වහන්සේ නමක් සිටිය යුතුය... අප සාමාන්‍ය ව්‍යවහාරයේදී අහවල් හාමුදුරුවන්ගේ ලොකු හාමුදරුවෝ අසවල් හාමුදුරුවෝ යැයි කියන්නේ ඒ අනුවය... බොහෝ දෙනෙක් නොදන්නවා උනාට පැවිදි කිරීමකදී මෙන්ම උපසම්පදා කිරීමකදී තවත් වැඩිහිටි ධර්මධර විනයධර භික්ෂුවක් එයට සහභාගී කරවා ගනී... උපාධ්‍යායන් වහන්සේ යන නමින් හැඳින්වෙන මෙම තනතුර හුදෙක් නාමික තනතුරක් මෙන් පෙනුනද එහි ඇත්තෙන්ම ඉතා වැදගත්කමක් ඇත.
ප්‍රාදේශීය වශයෙන් සාසනය පැතිරීමේදී මහණකමෙන් සුදුසුකම් ඇති අය විසින් ගෝලයින් පැවිදිකලද ඇතැම් විට එම හිමිවරුන්ට ශිෂ්‍යයින් පුහුණු කරවීමේ හෝ බණ භාවනාවට වැඩිදුර උපදෙස් දීමට හෝ හැකියාව අඩු විය හැක. එවැනි තත්වයන් යටතේ උපාධ්‍යායන් වහන්සේ වන උගත් භික්ෂුවගේ රැකවරණය ශිෂ්‍ය හිමිනමට හිමිවේ. ශිෂ්‍යයා සම්බන්ධ විනය කර්මවලදීද මෙම උපාධ්‍යායන් වහන්සේගේ මැදිහත් වීම සිදුවේ.
මේ අනුව ඕනෑම භික්ෂුවකට ආචාර්යයන් වහන්සේ නමක් මෙන්ම උපාධ්‍යායන් වහන්සේ නමක්ද වෙයි. ඇතැම් විට පැවිදි වන විටත් නැතහොත් උපසම්පදාවේදී හෝ එසේ උපාධ්‍යායන් වහන්සේ නමක් හිමි වෙයි. මේ ලියන මා හටද පැවිද්දේදී මාගේ ලොකු හාමුදුරුවන් වහන්සේ ආචාර්යන් වූ අතර උපාධ්‍යායයන් වහන්සේ වූයේ ඉතා උගත් නැණවත් මෙන්ම පහසුවෙන් හමු නොවනා තරමේ සිල්වත් නායක තෙරුණ්වහන්සේ නමකි. පසුව උපසම්පදාවේදී නැවතත් ආචාර්යත්වය ලොකු හාමුදුරුවන්ටත් උපාධ්‍යායන් වහන්සේ ලෙසින් නුවර මල්වතු විහාරයීය නායක තෙරුණ්වහන්සේ නමක් ලැබුණි. මේ සාමාන්‍ය තත්වයයි..
එහෙත්...
අපගේ තලල්ලේ හිමියන්ට සිය පැවිදි ගුරුවරයා ගැන මතකයක් නැත... සියක් නමක් පැවිදි කරවීමේදී ඒ සඳහා මුල් වන හිමිවරුනුත් බොහෝමයක් වෙති. ඒ අතුරෙන් තමාව පැවිදි කල අය හා ඊට මුල් උන අය මතක තබා ගැනීමට තලල්ලේ හිමියන්ට නොහැකි වී ඇත.. එහෙයින් කවුද තමන්ව මහණ කලේ කියා ඇසූ විට "පේමදාස මාතියායි ෂිරිෂේන කුරෙයි මාතියායි" යනුවෙන් කියන්නට පුරුදුව ඇත...
ඒ අනුව අප විසින් එකල කියන්නට යෙදුනේ උපාලි හිමියන්ගේ ආචාර්ය හා උපාධ්‍යායන් වන්නේ ප්‍රේමදාස හා කුරේ යනුවෙන්ය... ලෝකයේ ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වී පැවිදි වූ අය නැත..එසේම පැවිද්දන්ට ගිහියන් ආචාර්ය උපාධ්‍යාය වන්නේත් නැත... විහිළුවක් වූවද මේ අප දන්නා ඒ එකම අවස්ථාව වෙයි. වරද කාගේද..? එය සෙවීමෙන් ඇති පලක්ද නැත...
දැන් අප නැවතත් හැරෙමු අපගේ තලල්ලේ හිමියන් වෙත... මෙම කතාව කියවන බොහෝ දෙනෙකුට තිබෙනා ගැටළුවක් වන්නේ කොහොමද "තලල්ලේ උපාලි" හිමියන් "වකුගඩු උපාලි" බවට පත් වූයේ යන්නයි... ඒ මෙසේයි...
පැවිදි වී කාලයක් ගත වී යන අතරතුරේදී උපාලි හිමියන්ට කාගේ හෝ මාර්ගයෙන් වකුගඩුවක් දන්දෙන්නට අවස්ථාව උදා වී ඇත. එය ලබා ගැනීමට උවමනා වී තිබුනේ තරමක් ධනවත් පවුලක අයකුට වූ අතර ඒ කාලය වන විට ලංකාවේ අදාල ශල්‍යකර්මය කෙරුනේ නැත..(මා හිතන්නේ දැන් නම් ලංකාවේත් වකුගඩු බද්ධය සිදු වනවා කියාය.)එකල ඒ සඳහා ඉන්දියාවට යා යුතුව තිබිණි. කෙසේ හෝ අදාල ධනවතා ඉන්දියාවට ගොස් තිබුනේ තමාට වකුගඩු ප්‍රධානය කිරීම සඳහා වකුගඩු දීමට ඉදිරිපත් වූ තිදෙනෙකු පමණ සිය වියදමෙන්ම එක්කාසු කොටගෙනය...
එසේ තිදෙනෙකු රැගෙන ගොස් තිබුනේ හදිසියකින් හෝ අවසාන පරීක්ෂණයකදී එක්කෙනෙකුට හෝ ප්‍රශ්නයක් මතු වූවහොත් අනිත් කෙනෙක් ලවා වකුගඩුවක් ලබා ගැනීමේ අවස්ථාව සලකාය..කෙසේ හෝ අවසානයේ ඒ සඳහා වූ පරීක්ෂණ වලින් උපාලි හිමියන්ට වඩා සුදුසු වකුගඩු දායකයකු ඒ අතර සිටීම නිසා උපාලි හිමියන්ට වකුගඩුව දන් දීමට සිදු වී නැත...
නමුත් "ගියේ දෙන්නට නිසා නොදී එන්නට බැහැ" යැයි සිතූ උපාලි හිමියන් ඒ වන විට තවත් වකුගඩු බද්ධයක් සඳහා ඉන්දියාවට ගොස් සිට රැගෙන ගිය වකුගඩු දායකයාගේ යම් නොගැලපීමක් නිසා බලාපොරොත්තු සුන් කරගෙන සිටි අයකුට සිය වකුගඩුව පරිත්‍යාග කොට ඇත... ඒ අනුව කෙසේ හෝ අවසානයේදී තලල්ලේ උපාලි හිමියන් සිය ශරීරාංගයක් තවත් අයකුට ජීවිතය රැක ගැනීමට උපකාර වීම පිණිස දන් දී ඇත... මෙම වකුගඩු දන්දීම එවකට පුවත්පතකත් පල වී තිබූ අතර උපාලි හිමියන් ලග එම පත්‍ර කැබැල්ලද නිතරම රැඳී තිබෙයි...
කෙසේ හෝ සිය කාර්යය නිමා කොට ලංකාවට පැමිණ ටික කලක් යන විට මුලින් මුලින් සිය ප්‍රතිකාර සඳහා මාසිකව යම් මුදලක් ලබා දීමට උපාලි හිමියන්ගේ වකුගඩුව ලබා ගත් අයගේ පවුලේ උදවිය කටයුතු කර තිබූ අතර..පසුව ටිකෙන් ටික එය මග හරින්නට පටන් ගෙන ඇත... එහෙත් ඉන්දියාවේදී එම පවුලේ උදවිය උපාලි හිමියන් හට පොරොන්දු වී ඇත්තේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය බෙහෙත් සඳහා ඔවුන් වියදම් කරනා වගයි. එහෙත් සිය කාරිය කර ගත් පසු වසරක් ඉක්ම යත්ම ඔවුන් එය පැහැර හරින ලදි..මෙහිදී ප්‍රථමයෙන් කී ධනවතාද තමාට උපාලි හිමියන්ගේ වකුගඩුව ලබා ගන්නට උවමනා නොවූවද හැකි විටදී උපාලි හිමියන්ට සිය සතුටින්ම ආධාර කොට ඇත... ඒ තමාට වකුගඩුව දන් දුන් අයටද වියදම් කරනා ගමන්මය...
අවසානයේදී උපාලි හිමියන් නන්නත්තාර විය..ඒ අනුව ඔහුට සිදු වූයේ සිය මාසික ඖෂධ වට්ටෝරුව පිණිස ආධාර එකතු කරන්නටය... ඒ සඳහා පෙර කී පත්තර දැන්වීම ඔහුට මහෝපකාරී වූ අතර ටික දිනක් යන විට ආධාර එකතු කරනා වැඩේද රස වැටී ඇත.. පසුව පුරුද්දක් සේ මෙම ආධාර එකතු කිරීම හරහා දන්නා කියන අය විසින් ක්‍රමයෙන් හිමියන් මග හරින ලද අතර හිමියන් වැඩ සිටින පන්සල්වල නායක හිමි වරුන්ටද ඒ පිළිබඳව දැනුම් දෙන්නට පටන් ගෙන ඇත... එවිට ඇයි උපාලි උවමනාවටත් වඩා මුදල් හොයන්නේ බෙහෙත් වලට යැයි කියමින් කියූ විට උපාලි හිමියන්ට දෙන්නට උත්තරද ඇත... එයින් එකක් වූයේ බෙහෙත් විතරක් මදි මාසයකට බියර් බෝතල් කිහිපයක් බොන්නටත් වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි කියන්නට වී ඇත.
ඇත්ත වශයෙන්ම මෙම බියර් කතාවේ අග මුල මා නොදනිතත් වකුගඩු දන් දුන් කිහිප දෙනෙකුම මාසයකට යම් පමණකින් බියර් පානය කරනා වග දනිමි. මෙසේ වද්දී උපාලි හිමියන්ට එතරම් කාලයක් එක් විහාරස්ථානයක රැඳී සිටීම අපහසු වූ අතර ලංකාව පුරාම කලින් කලට එක එක පැතිවලට යමින් උන්වහන්සේ ජීවත් වෙයි. කොහේ ගියත් එක දිගට තුන් මාසයක් එක පන්සලක වැඩ සිටීමටත් උන්වහන්සේට නොහැක. කුමන හෝ අන්දමේ ගැටළුවක් සාදාගෙන එයින් පිටව යයි..නැවතත් කාලයකට පසු පැමිණෙයි..උන්වහන්සේගේ ගති සොබාවය දන්නා විහාරාධිපති හිමිවරුන් ආ පසු ආ කල්හී ඔන්න එහේ හිටපුවාවේ යනුවෙන් පවසා ඉන්නට හරින්නේ කෙහොම කලත් ටික දවසකින් යන බව දන්නා නිසාවෙනි.
අදටත් ලංකාවේ කොහේ හෝ තැනක උන්වහන්සේ සිය සුපුරුදු ජීවන රටාව ගත කරනවා වන්නට පුළුවන..සමහර විට මේ වන විට අපවත් වී තිබෙන්නටත් පුළුවන..ඒ මං අවසාන වතාවට උන්වහන්සේ දකිනා කාලය වන විට දිය වැඩියා රෝගය තද බල ලෙසින් උන්වහන්සේව පීඩාවට ලක් කර තිබූ බැවිනි. මා දුටු මුල් කාලයේදී මෙන් නොව එම කාලයේදී උන්වහන්සේ පිදුරු ගසක් සේ කේඩෑරීව ගොසි තිබිණි... පෙරදී පිරී තිබු මුහුණේ හකු පාඩා මතු වී ඇට සැකිල්ල මතුවන්නට මෙන්ද දක්නට විය... එහෙයින් දැනට වසර හතරකට එහාදී දුටු උපාලි හිමියන්ගේ අද වන විට තත්වය කෙසේදැයි කිව නොහැක..
කෙසේ වූවද ජීවත්ව සිටියදීම සිය ශරීරයේ කොටසක් කලගුණ නොදත් අසත්පුරුෂයකුට දන් දීමට උන්වහන්සේ කටයුතු කර තිබූ අතරම එම අසත්පුරුෂයින්ගේ ක්‍රියා කලාපය හේතුකොටගෙන අනුනට අත පාමින් ජීවිතය රැක ගන්නටත් සිදුව තිබිණ.. එයින් පසුව ක්‍රමක්‍රමයෙන් ඔහුගේත් වැරදි ගති සිරිත් මතුව ඒම නිසා කල පින්කමේ පිරිසුදු කමට හානියක් වූවත් එයට සම්පූරුණ වැරදිකරු ඔහුයැයි කීමට හැකිදැයි කල්පනා කොට බැලිය යුතුය.. සියල්ලෝ ජීවිතයට ආසා කරති... එය රැක ගැනීමට කල හැකි සෑම දෙයක්ම කරති.
ඇතැම්හු හොඳින් සිටියදී සිත් සේ ජීවත් වෙති..හොඳින් තිබෙන ශරීරාංග දිය වෙන තෙක්ම අරක්කු සිගරට් වල එල්ලී සිටිති. එහෙත් අවසන ඒ හරහාම අසනීප වූ කල්හී තමාගේ වරද නිසා මිය යෑම බාර නොගෙන තවත් අයකුගේ ශරීරයෙන් කොටසක් ඉල්ලා සිටිති. ඒ හරහා එතෙක් හොඳින් ජීවත් වූ අයකුගේද ජීවිතයට සදාකාලික තර්ජනයක් උරුම කර දෙයි. අවසන අඩුම තරමේ හැකියාව තිබියදී ඒ තමාගේ ජීවිතය වෙනුවෙන් කැප වූ අයට ජීවිතය රැක ගැනීමට පිහිටක් නොවෙයි... දෙයක් දුන් පසුව ආයේ එම දේ දුන් අයගෙන් පෙරලා ප්‍රති උපකාර බලාපොරොත්තු නොවිය යුතු බව සැබෑය.. එහෙත් එයින් එසේ පෙරලා උපකාර කිරීම නරකයැයි කියැවෙන්නේ නැත.. එහෙත් සැබෑ තත්වය එසේය.. මරණ මංචකයේදී හැම පත්තරේම දුක කියා දැන්වීම් දමන..දායකයකු ඉදිරිපත් වූ විට තමාගේ පණ බේරා දුනි නම් සිය දිවි ඇත් තෙක්ම දාසකම් කරන්නටත් කැමති යැයි හඩා වැලපෙන බොහෝ අය තමාගේ කාරිය සිදු වූ පසුව කල හොඳ අමතක කරන්නේ නම් එයට කුමක් කියමුද..? එවැනි දුර්ජනයින් ජීවත් වූවාට වඩා මිය ගියේ නම් යහපත් යැයි කෙනෙකු කීවහොත් එහි වරදක් දැකිය හැකිද..?
පෞද්ගලිකව මාගේ මතය නම් තමාගේ අයහපත් පුරුදු නිසා සිදුවන දේකින් මරණය තමාට අත වනයි නම් එයට තවත් අයකුගේ ජීවිතය අනතුරේ හෙලා තම ජීවිතය රැක ගැනීමට තැත් කිරීම අපරාධයකි. ස්වාභාවික හේතූන් මත එසේ අසනීප වූයේ නම් ඒ පිළිබදව සානුකම්පිතව බැලිය යුතුය. මේ ලියන මාත් කලින් කලට තදින් බීමට ඇබ්බැහි වූ අයකු වන අතර මට වූවද ඇගේ කෑල්ලක් දිය වූවහොත් හොඳම දේ මරණය බාරගෙන අන් අය අනතුරේ නොහෙලා සිටීම විනා මගේ වරදට තවත් අයකුට දඩුවම් විඳිමට අවස්ථාව උදා කරවීම නොවන වග තදින් විශ්වාස කරමි...
මෙම මතයට ඇතැම් අය විරුද්ධ වන්නට පුළුවන.. එහෙත් ඒ මා අවංකව දරණ මතයයි.. බොහෝ විට එවැනි වැරදි පුරුදු නිසා සිය ශරීරයට හානි පමුණුවා ගත් අය අවසන කියා සිටින්නේ තම දූ දරුවන් ගැන සිතා තමාට පිහිට වන ලෙසයි.. එහෙත් ඒ අය පිළීබඳව රටේ අනිකුත් අය සිතනවාට පෙර තමා ඒ පිළිබඳව සිතා කටයුතු කලා නම් කොපමණ අගනේද..? එහෙයින් තමාගෙන් රැකෙන්නට අය සිටී නම් කරුණාකර ඔවුන් ගැන සිතා තමන් සකස් වන්නට සිතා ගන්නවා විනා තමාගේ වරදට ලෝකයාට දුක් දෙන්නට සූදානම් නොවන්න.. නැතහොත් වන්නේ තව තවත් උපාලි හිමිවරුන්ට සිය අවයව දන් දෙන්නටත් පසුව ඔවුනගේ ජීවිත රැක ගැන්මට මහ මහ සිගාකන්නටත්ය..එවැනි තත්වයන්ට ඔවුන් පත් කරනවාට වඩා ඔබලා වැනි ආත්මාර්ථකාමීයකු මිය යෑම ලෝකයට ලොකු පාඩුවකැයි මා සිතන්නේ නැත...එයට වඩා අර පරිත්‍යාගශීලියා ලෝකයට දස දහස්ගුණයකින් වටී... මෙය තරමක් දරදඩු අදහසක් යැයි කියන්නට හැකි මුත් එය එසේමය...
---------------------------------------
තලල්ලේ හිමියන්ගේ අහිකුණ්ටික ගැහැණු බිය වද්දන මංතරේ ගැන මී ළග ලිපියෙන් බලාපොරොත්තු වන්න...
.
ReplyDeleteමේ පාර එක ඩුබායි වලටලු ඈ ;දිව
Deleteමොකද ලකී අයිය තිතක් විතරක්.
Deleteඑයා එක...! ඔයා දෙක, මම තුන...!
Deleteහිටහල්ලා කෑලි ටික කොටස් වශයෙන් ගලෝලා දෙන්ට...
Deleteඔය කිව්වට දුමිට තුනත් අහිමි වෙලා වගේ..
Delete.
.
.
නෑ මම කිව්වෙ දුමියා ඇත්තටම හතරනෙ
දෙක නැති උනා කිව්වමත් පුදුමයි..මොකද නමට කියන්නෙත් බෝල කලු විල දුමී කියලා..:D
Deleteදුමි අය්ය මගේ දෙක නැති කරලනේ
Deleteහිත කරදර කරගන්න එපා කොළුවො. වෙන දෙකක් ගනිං.
Deleteකව්ද යකෝ මගේ දෙක ගත්තේ.. ?
Deleteඋඹ ඔය අන්තිමට කියල තියෙන ටිකනං ඇත්තම තමයි. මොකද ඔය මොකක් හරි අවයවයක් බද්ධ කරගත්තත් ඊට පස්සෙ ජීවිත කාලෙටම බෙහෙත් වලට සෑහෙන ගානක් වියදම් කරන්න වෙනව. එතකොට ඒ මනුස්සයට දරුවො රකින්න නෙමෙයි දරුවන්ට හිඟාකාල හරි ඒ මනුස්සයව රකින්න වෙනව. පොඩි ළමයෙකුට වගේනං කමක් නෑ. නැත්තං ඔය බද්ද කරන එක බොරු වැඩක් කියල තමයි මං නං හිතන්නෙ.
ReplyDeleteහැම කෙනාම තමුන්ගේ ජීවිතේ රැක ගන්න ආසයි තමා..ඒත් ඇත්තටම එතනදී හුගාක් ආත්මාර්ථකාමී වෙනවා මිනිස්සු...
Deleteකතාවට කියන්නේ හැම ජීවිතයක්ම වටිනවා කියලා උනත් ඒක එහෙමමද කියලා කල්පනා කරලා බලන්නත් ඕන...
තමන් විසින්ම අත හරින්න අවශ්‍ය තැන දි අත හරින්න ඕන. ඒත් වෙන්නේ අත හැර යා යුතු එවුන් වසන්ට පින තියෙන එවුන්වත් මරාගෙන ජීවත් වෙන්න දගලන එකයි. කෙටියෙන් කිව්වොත් ලෝක ධාතුවට වාතයක් නොවී චුතවෙන එක හොදයි.
Delete..
ReplyDeleteකඳුළු කතාවක්..:D:D:D
Deleteෂික්, මම හිතුවේ දෙකත් ඩුබායි වලට කියලා.....!
ReplyDeleteසෝචනීයයි...:D
Deleteදෙකත් ඩුබායි වලටම තමයි..
Delete..ඔය මී ගොඩයා එහෙ එකෙක්..
හැම කෙනෙක්ගෙම අපි නොදකින පැත්තක් තියනවා..සමහරුන්ගෙ හොඳ හැංගිලා නරක පේනවා.තවත් අයගෙ නරක සැඟවිලා හොඳ පේනවා...අවාසනාවකට වගේ වකුගඩු උපාලිගෙ නරක වැඩියෙන් පෙනිලා කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteතමන්ගේ ශරීරාංගයක් දන් දෙනවා කියන එක හැම කෙනෙකුටම කරන්න පුලුවන් කියල් මම හිතන්නෙ නැහැ.
ඔව් කලු හෝ සුදු නෙවෙයි හුග දෙනෙක් අළුයි...
Delete"අවාසනාවකට වගේ වකුගඩු උපාලිගෙ නරක වැඩියෙන් පෙනිලා "
තව ඉවරමත් නැහැ... සමහර විට මට මේක යම් සීමාවක ඉඳන් ලියන්න වෙන හින්දා හරියටම මෙහෙමයි කියලා කියන්නත් බැරි වෙයි...
මාරය කතාවකුත් කියල විවාදයකට පොටකුත් අවුලුවගෙන තියෙන්නෙ.
ReplyDeleteහ්ම් .. එහෙනම් ඒකයි මේ වකුගඩු උපාලිය කිව්වෙ.
වකුගඩු උපාලි කියලා උන්වහන්සේට අපහාස කරන එකත් හොඳ මදියි මට හිතෙන්නේ. ඒ පරිත්‍යාගය කරලා තියෙන්නේ හොඳ හිතින්මයි. නැත්නම් අර ධනවතාට ගැලපෙන්නේ නැත්නම් වකුගඩුවත් බේරාගෙන ආපහු එන්න තිබුනා නෙව.
ReplyDeleteමම 69! කතාව කියෙව්වා. සෙනසුරාදා හවස හෙන කම්මැලිකමේ හිටියේ. කතාව කියෝලා පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඔක්කොම හිතට ගත්තා. ප්‍රස්ණ අහලා වැඩැක් නෑ. මේකේ ඇඩ්මින් ඒවට උත්තරේ දෙන්නෙ හිතුනොත් විතරනෙ.....
ReplyDeleteකවුද බුද්ධි 69 කතාවෙ ඉන්නෙ ?
Deleteමට පෙනෙනා ලෙසට බුද්ධි 69 ට කැමතියි වගේ. හෙහ් .. හෙහ් ...
Deleteඑකට දෙකඑ ඕගොල්ල පොර කන එකේ මම 69 වෙන්ඩ හිතුවෙ....:D
Delete69 ට කවුද අකමැති!
Deleteහප්පා ඒ පාර මෙතන හැට නවයේ කණ්ඩායමක් හැදෙයි වගේ.. කාකා ප්රමුඛ බුද්දිගේ 69 ය..:D:D:D
Delete69 දිනේවා! 96 නොවේවා!!
Deleteබහුතරයක් වකුගඩු , හෘදයාබාධ සහ විවිධාකරා ලෙඩ රෝග වලට භාජනය වෙලා තම්න් අසරන වුනහම අනිත් අයගේ පිහිට පතලා කරන ඉල්ලීම් දවසකට 5-50ත් අහ්ටර දිනපතා පුවත්පත් වලින් ඇහැ ගැටෙනවා.. දෙන්න පුළුවන් වෙලාවල් වල දෙනවා උනත්..අර කීව වගේ ඔය සමහර අයගේ සමහර ලෙඩ හදා ගන්න ඒ ගොල්ලන්ගෙ ජීවිත කොයිතරම් නම් නොසැලකිල්ලෙන් ගත කරන්න ඇද්ද කියලා හිතෙන කොට..අපි ආධාර දෙන්න ඕනිද කියලත් හිතෙනවා..ඒ නොසැලකිල්ලෙන් ගත කරන කාල වල තමන්ගෙ ආදරණීයයන් කොයිතරම් කියන්න පෙන්නලා දෙන්න ඇද්ද මේ ප්‍රතිපල වෙයි කියලා.. ඒත් අහන්න නෑ.ඒකනෙ වෙන්න ඇත්තෙ..ඒවත් නොසලකලා සමාජයටත් වදයක් වෙමින් කාලා බීලා ලෙඩ උනහම ඒවට අපි ආධාර කරන්නත් ඕනිද කියන විචාරය ඔළුවට නෝනවාම නෙවෙයි විටින් විට..
ReplyDeleteතවත් එක් ජීවිතයක්..........
ReplyDeleteමේ කතාව කලු සුදු කලවම් උන කතාවක්.
ReplyDeleteබොහෝම හොද කතාමාලාවක්නේ බලාගෙන ගියහම "වකුගඩු උපාලිගේ "විස්තරේ,...
ReplyDeleteඅයිත් කියල වැඩක් නෑ පට්ටයි හලෝ
ReplyDeleteණයට දීමෙන් මිතුරාත් මුදලත් දෙකම නැති වේ.
ReplyDeleteපිනට දීමෙන්????
මම හිතන්නේ මෙයට වෛද්‍ය වරයෙකු පිළිතුරු සැපයිය යුතුයි කියා.මොකද කිව්වොත් ළමා රෝහලේ ඉන්නවා ළමයි ගොඩක් වකුගඩු ප්‍රතිකාර ගන්න. ඒ අය මොනවා කාලා බීල හැඩුනු ලෙඩද මේ? මම කිව්වෙ "වකුගඩු" ලෙඩ ගැන. "අක්මාව" ගැන නොවෙයි.
ReplyDeleteමේකට වෛද්‍ය අදහසක් හෙට නැත්නම් අනිද්දාට ලැබේවි.
Deleteඑතෙක්...
"පෞද්ගලිකව මාගේ මතය නම් තමාගේ අයහපත් පුරුදු නිසා සිදුවන දේකින් මරණය තමාට අත වනයි නම් එයට තවත් අයකුගේ ජීවිතය අනතුරේ හෙලා තම ජීවිතය රැක ගැනීමට තැත් කිරීම අපරාධයකි. ස්වාභාවික හේතූන් මත එසේ අසනීප වූයේ නම් ඒ පිළිබදව සානුකම්පිතව බැලිය යුතුය."
ස්වාභාවික හා පරිසරයේ ඇති වස විස වලින් වූ හානි නිසා වූ රෝගීන් පිළිබඳව නොවන බව දක්වා ඇත.. මා මෙතනදී පැහැදිලිවම කියා ඇත්තේ "තමාගේ අයහපත් පුරුදු නිසා සිදුවන දේකින්" යනුවෙනි. අක්මාව පමණක් නොව වකුගඩුවලටද බීමේ ආනිසංස පැමිණේ.
ඔබේ බොහෝ කතාවල මෙන් මෙහිහිදීත් යම් සඟවුනු කතාවක් ඇතැයි මට මුලින්ම සිතුනා. එය බොහෝ දුක්බර එකක් වේයැයි මම සිතුවේ නැහැ. නමුත් සංසාරේ..... හැටි..... මොනවා කරන්නද..
ReplyDeleteවෙද අයියා මේ කතාව මං පටන් ගන්නකොට කිව්ව දෙයක් තියේ..ඒක මං අවසානෙට අහන්න බලාපොරොත්තු වෙනවා...
Deleteවකුගඩු රෝග හැදෙන්නෙ බොන අයටම නෙවෙයි.බොන එකයි වකුගඩුවයි අතර සම්බන්ධයක් නම් තියනවද දන්නෙ නෑ.හැබැයි වතුර වලින් මේ රෝග හැදෙන්න ලොකු බලපෑමක් කරනවා.මේක හොඳටම කියල දෙයි මැද පෙරදිග හරි අනුරාධපුර පොලොන්නරුව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවොත්,සමහර අය ප්රවේනියෙන්ම වකුගඩු රෝග අරන් එනවා.ඒ අය තමා ගොඩක්ම ළමා රෝහලේ ඉන්නෙ.ඉස්සර නම් ලංකාවෙ වකුගඩු පරිත්‍යාග කරන්න දුන්නෙ හදිසි අනතුරුවලට ලක්වුන අයට.ලක්වෙන්න කලින් පොරොන්දු දෙන්න පුලුවන් ඇස් වලට වගේ.දැන් කොහොමද දන්නෙ නෑ
ReplyDeleteමා දන්නා ආකාරයටනම් වකුගඩුව දන් දෙන තැනැත්තාට බෙහෙත් දෙන්නේ නැත ඒ බෙහෙත් අනවශ්‍ය නිසාය. මගේ මල්ලීට වකුගඩුව දන්දුන් මගේ අක්කා ගෙදර ආවේ නිරෝගී කෙනෙක් හැටියටයි. ඇය එක බෙහෙත් පෙත්තක් වත් ගෙදර ආවාට පසු ගිලලා නැත. නමුත් අනුන්ගේ වකුගඩුවකින් ජීවත් වෙන අයට නම් සදාකාලික බෙහෙත් ඕනැවේ. මුල් මාසයේදී රුපියල් 25000 හෝ 30000 උවමනාය. අතුරු ආබාධ ඇතිනම් තව ඕනැ වේ. දැන් නම් එතරම් බෙහෙත් අනවශ්‍ය නිසා එතරම් වැය වන්නේ නැත.
ReplyDeleteමගේ මල්ලී කවදාවත් මත් පැන් පොදක් වත් කටේ තියපු කෙනෙක් නොවෙයි. අයියලා නම් උත්සව අවස්තා වල බොනවා මා දැක ඇත. රජරට පලාතේ හුඟ දෙනෙකුට මේ රෝගය ඇති බව සොයා ගෙන තිබෙනවා. සමහර විට අපි නොදන්නා කාරනා වලට වෙන්ටත් පුලුවන.
මොනවා උනත් උපාලි හිමියන්ට මෙසේ සැලකූමිනිසුන් ඊලඟ ආත්මෙක නැවත ණය ගෙවාවි. වකුගඩු උපාලි නමින් ගිහියෙකුත් සිටිනවා. ඔහු වකුගඩුවක් බද්ධ කල අයෙක්. ඔහු ප්‍රසිද්ද ක්‍රීඩකයෙක් http://sundaytimes.lk/030817/plus/2.html
වකුගඩුවක් දන් දුන් පලියටම බෙහෙත් අනවශ්‍ය වීම ඇත්ත උනත් එවැන්නකු වකගඩු දෙකක් ඇතියකු තරම් නිරෝගී සම්පන්න නොවිය හැකියි. එබැවින් ආබාධයන්ට ලක්වීමේ අවධානම වැඩියි නේද? මාත් අසා ඇති පරිදි වකුගඩු දැන් දුන් බොහෝ දෙනෙකුට ජීවිත කාලය පුරාවට බෙහෙත් බොන්න වෙනවා.
Deleteවෛද්‍යවරයෙකු තමා මේ ගැන හරියටම කියන්න දන්නෙ.
Deleteවකුගඩු දන්දීම ගැන මාගේ අත්දැකීම් ඇත්තේ පත්තරවල හා ජනමාධ්‍යයේ යන දේවල්වලට වඩා වකුගඩු දන්දුන් බොහෝ පිරිසක් සමීපව ඇසුරු කිරීම හේතුවෙනි.(අවාසනාවට එයින් වැඩි පිරිස භික්ෂූන් වහන්සේලාය...සැම විටම සසුනේ ඇද දකින්නන් නොදකින එක් පැත්තකි මේ..)
Deleteමා දැන හුන් අය ගෙන් සියල්ලම පාහේ දන්දීම සිදු කල අවස්ථාවේ පටන් මාස කිහිපයක් යන තුරුම අනිවාර්ය බෙහෙත් වට්ටෝරුවක හිමිකම ලැබූ අයයි. කල් යත්ම එයින් සමහරු ක්‍රමයෙන් බෙහෙත් වලින් ඈත් වෙයි. ඒ ඇතැම් විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය හා ප්‍රතිශක්තිය ස්වභාවයෙන්ම ඉතා ශක්තිමත් වීම නිසාය. ඇතමකු හිතුවක්කාරකම නිසාය..(එසේ බෙහෙත් නවතා එයින් පසුව දියවැඩියාව ප්‍රධාන රෝගී තත්වයන්ට හසුවූ අයත් කිහිප දෙනෙකු දැන සිටියෙමි) එසේ නොමැති නම් වකුගඩුව ලබා ගත් අය සේම දුන් අයද නිරන්තර බෙහෙත් ගැනීමක් සිදු කරනු ලබයි. වකුගඩුවක් දුන් පසු කවුරුන් කෙසේ අර්ථකථනය කලත් ඔහුත් එතැන් පටන් ශරීරයේ කෑල්ලක් අඩු වූ අයකු වේ. සාමාන්‍යයෙන් තනි වකුගඩුවකින් පුද්ගලයෙකුට ජීවත් විය හැකි වූවද ඒ වකුගඩු දෙකක් ඇති අයකු මෙන් සාමාන්‍ය ආකාරයෙන් නොවේ. එතැන් පටන් ඔහුත් ජීවිත තර්ජනයට ලක් වූ අයකු වේ.
ඊ ළග කාරණාව ඊමේල් කවිකාරි අක්කා මට ඔය තැනැත්තා පිළිබඳව ඊමේලයක් පවා එවූ විට මම පැහැදිලිව උත්තර එව්වානේ ඒ අදාල කෙනා නොවන වග...
Deleteපැහැදිලිවම සිහියේ තබා ගන්න කතාවේදී පුද්ගල නාම මෙන්ම වෙනත් නාමයන්ද ඒ ඒ පුද්ගලයින්ට කිසිසේත්ම හානියක් නොවන ලෙසත්..කතාව පවත්වා ගැනීමට අවශ්‍ය ලෙස එයට සමීපව යන ආකාරයෙන් තබා ඇති බවත්... කිසිවකුගේ නම් ගම් ඇද දමා ඔවුන් අපහසුතාවයට පත් කිරීම සුදුසු නැති වග මා තදින් අදහමි. එසේම එම නම් ගම් ටක්කෙටම නොදුන්නත් කතාවට අබමල් රේණුවකවත් හානියක් නොවන පරිදි ඊට සුදුසු සමාන්තර නාමයන් භාවිතා කරමි.
වැරදිලාවත් මං දෙන නම් ගම් ඔස්සේ හොය හොය යන්න එපා කවදාවත් අදාල කෙනාව ඔබලාට හොයා ගන්න බැහැ. ඊට නාස්ති කරන ඔබේ කාලය අපරාදේ..:D
මාගේ නෑදෑ වෙන භික්ෂූන් වහන්සේ කෙනෙකුත් අවුරුදු ගනනකට පෙර වකුගඩුවක් දන්දුන්නා. එතකොට අපි පොඩියි. ඒ භික්ෂුවගේ අයියත් අක්කත් දොස්තර වරු. ඔවුන්ගේ පවුලේනම ගනේගොඩ. දැන් ඒ භික්ෂුව වනගත ආරන්යක වැඩ වසනවා. කියන්නට තරම් කරදරයක් නැහැ. අපේ අක්කවත් මල්ලිවත් මහනුවර රෝහලේ ඉන්දැද්දි බලාගත්තෙ මම. අක්කට ICU එකේදි වේදනා නාශක දුන්නා. වාට්ටුවෙදි සේලයින් බට ගලවා දැම්මා. අවුරුදුපතා චෙක් අප් එකකට යනවා. දෙය්යන්නෙ පිහිටෙං එයාටත් කියන්න අවුලක් නැහැ.අක්කටත් මල්ලිටත් පැය 24ක් යනතුරු තදට නින්දකට දමල තිබුනෙ වේදනාව නොදැනෙන්ට. ගෙදර යනකොට අක්කට බෙහෙත් දුන්නෙ නැහැ. ඇය ගෙදර ඇවිත් සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගෙන හිටියා. අපි වැඩි හොඳට අක්කගෙ වකුගඩුවේ ක්‍රියාකාරිත්වය මාස 6කට වරක් පරීක්ෂන මගින් බලාගන්නවා. මොකද ඇය තමා අපේ පවුලේ සතුට ආපසු ගෙනත් දුන්නේ. ඇය අපට කොච්චර වටිනවාද කියා කියන්ටවත් අපි ඇයට කොච්චර ආදරේද කියන්ටවත් වචන නැහැ.
Deleteඔබ කියන දෙයට එකඟයි. මහ නුවර රෝහලේ නිතර දකින්ට ලැබෙන දර්ශනයක් තමයි තරුණ නිරෝගී හිමි වරු වකුගඩු දන්දීමේ පරීක්ශන වලට වඩින එක
බේත් බොන්න ඕනෙ කථාව ඇත්තයි.එහෙම බෙහෙත් නොබීවොත් තනි වකුගඩුවෙන් ජීවත් වෙන නිරෝගී පුද්ගලයාගෙ ඉතිරි වකුගඩුව නරක් වීමේ අවදානමක් තියෙනවා
Delete@ වර්ණ - මොනවද ඇත්තට අපේ අක්කට ලංකාවෙ මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරිෆ් වත්, වෛද්‍ය තිලක් අබේසේකර වත්, කොළඹ මහ රෝහලේ ඒ.එල්.එම්. නසාර් වෛද්‍යතුමා වත්, චුලා හේරත් වෛද්‍යතුමන් වත්, Consultant Nephrologist, Apollo Hospital, Dr. Surjit Somaiya වත් නොදෙන බෙහෙත කියා දැනගන්ට කැමතියි.
Deleteසමහරවිට අලුත් යමක් විය හැකියි. එවැනි තැනක් ගැන දන්නවානම් අප හට දැනුම් දෙන්න. අපේ අක්කාටත් එය ලබා දෙන්නට අපි කැමතියි.
මාර අදහසට මගේ ප්‍රණාමය!
ReplyDeleteමිනිස්සු එන්න එන්නම පිරිහෙනව. දැං දැං මනුස්සයෙක්ට උදව් කරන්න වෙලා තියෙන්නෙත් බයෙන් සැකෙන්...
ReplyDeleteමාරයා කියලා තියෙනෙත් මාර කතාවක් තමයි.
ReplyDeleteඇත්තටම වකුගඩු දන් දුන්න අයත් දිගටම බෙහෙත් බොන්න ඕනෙද?
වකුගඩුව ලබාගත්ත කෙනා නම් එහෙම කරන්නෙ වකුගඩුව ශරීරය මගින් ප්‍රතික්ශේප වීම වලක්වන්නනෙ.
අර කවිකාරි කිව්වා වගෙ වකුගඩු රෝගීන් බොහොමයක් නරක ගති පැවතුම් නිසා රෝගී වෙච්ච අය නෙවෙයි. අපි එලවලු එක්ක කන කෘමිනාශකත් මේකට සෑහෙන්න දායක වෙනවා වෙන්න පුලුවන්.
henryblogwalker the Dude
@ Dude, Don't let these myths confuse you.
Deleteමං හිතන්නේ හෙන්රි අයියා එහෙං මෙහෙං අහුලගන්න තොරතුරුවලට කන් දෙනවට වඩා ඒ දේ කරන්න හිතං ඉන්නවනං දුන්න අය කිහිප දෙනෙකුගෙන් අසා දැන ගැනීමත් වෛද්‍යවරයකුගෙන් විමසා සිටීමත් යන කාරණා දෙකම සම්පූර්ණ කරගන්න ඒක වඩා වැදගත්... (ඔතනදී තව එකක්..සමහරු ඉන්නවා ඕක දීලා ඒක ටිකක් වීරක්‍රියාවක් ලෙසින්ම අනිත් අයට හගිස්සවන්න හදන අය..එයාලා ඇතැම් විට තමාට ඇති සැබෑ අපහසුකම් සගවන්න පුළුවන්.. ඒ හින්දා ඒ තාර බර ටික ඇරලා අහගන්න)
Deleteඩුඩ් අයියාගේ කතාව එක් අතකින් සාධාරණිකරනය කරන්න පුළුවන් මෙහෙම...
Deleteඅනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල කෘමිනාශක ඉසින යන්ත්‍ර එහෙම සෝදන්නේ ලඟ තියෙන ඇලවල් දොලවල් වලින් වෙන්න පුළුවන්.එතකොට ඒ වතුර විශාල පරිමාණයෙන් බීමට ගත්තොත් කෘමිනාශක සුළු ප්‍රමාණයක් හෝ ශරීරගත වෙන්න පුළුවන්.අනික මේ ළඟදී සෑහෙන්න රාවයක් ගිය එක්තරා රසායනික සංයෝගයක් නිසා සෘජුවම වකුගඩු ආබාධ හැදෙන්න පුළුවන් හොඳින් අන්තර්ජාලය පිරික්සුවොත් ඒ ගැන දැනගත්තැකි....
ඒ පැතිවල වතුරේ තියෙන කිවුල ගතිය නිසා වකුගඩු රෝග ඇති වෙනවා කියලත් කියනවා. පහුගිය දවස් වල වැව් මාලු කන්න එපා කියලා රාවයක් පැතිර ගියා. ඒක ඉවර උනාට පස්සෙ වැව් වල තියෙන එක්තරා ඇල්ගී වර්ගයක් නිසා මෙහෙම වෙනවා කියලා තිබුණා. මොනා උනත් රජරට පළාතෙ ඉස්පිරිතාලෙකට ගියොත් වැඩිහරියක් ඉන්නෙ වකුගඩු රෝගීන්. බඩවල් ඉදිමිලා බලන්න දුකයි. ඒ මිනිස්සු ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නෙ ඉස්පිරිතාලෙ.
Delete“ඉස්සර ඉඳන්ම මගෙ කැමැත්තක් තිබුණා වකුගඩුවක් දන් දෙන්න ඕන කියලා. මම වකුගඩුව දන් දුන්නේ කතෝලික තරුණියකට. එම පරිත්‍යාගයේදී ඉන්දියාවට ගියේ මා ළඟ තිබු මුදලින්. මම ඒ අයගෙන් කිසිම මුදලක් අය කරගත්තේ නැහැ. කවදහරි දවසක මේ පරිත්‍යාගය කරන්න ඕන කියන බලාපොරොත්තුව තිබුණු නිසා මම ඊට අවශ්‍ය මුදල් ටික ටික එකතු කරලා තිබුණා. මම ඒ අයගෙන් ගමන් වියදම් ගත්ත නම් ඒක පරිත්‍යාගයක් වෙන්නේ නැහැ.
ReplyDeleteවකුගඩුව දන් දීලා අවුරුදු පහක් විතර වෙනවා. මාස කිහිපයක් ඒ වෙනුවෙන් පරිස්සම් වුණා. මම දැන් බෙහෙත් බොන්නෙත් නැහැ. බුදුසරණින් මේ වනතුරු මට හෙම්බිරිස්සාවක් කැස්සක්වත් හැදිලා නැහැ. මගේ ඊළඟ බලාපොරොත්තුව අක්මාවෙන් කොටසක් දන්දීමයි.”
නිවන් දකින්නට නොව ජීවිත සුවපත් කරන්නට පෙරුම් පුරණා අමිලසිරි හිමියෝ
http://www.silumina.lk/2011/07/10/_art.asp?fn=as1107101&p=1
"මම දැන් බෙහෙත් බොන්නෙත් නැහැ. බුදුසරණින් මේ වනතුරු මට හෙම්බිරිස්සාවක් කැස්සක්වත් හැදිලා නැහැ. "
Deleteමෙතන යටින් කියැවෙන කතාව තේරෙනවද..?
දැන් බෙහෙත් බොන්නේ නැහැ... ඒ කියන්නේ... කලින් බිව්වා සහ ඇතැම් විට දැන් බෙහෙත් නවතා ඇත්තේ කුමන නිර්දේශයක් මතද යන්න නැහැ... ඒ කියන කතාවෙන්ම ටිකක් තේරෙන්නේ නැද්ද දැන් බෙහෙත් නොබොන එක ටිකක් උලුප්පන්න කතාව කියනවා කියන දේ..
"බුදු සරණින් අසනීප නොසෑදෙන වග කියන්නේ එසේ නැතිනම් එවැනි ලෙඩවලට දැන් පාර කැපී ඇති බව නොවන බව විශ්වාසද..? ඔතන තියෙන්නේ ප්‍රතිශක්තිය අඩු වීම පිළිබඳ කතාව.."
බේත් අවශ්‍ය වකුගඩුව බද්ධ කළ රෝගියාටයි. ඒ වකුගඩු ශරිරයෙන් ප්‍රතික්ෂේප වෙන්නත් ඉඩ කඩ තියෙනවා.
ReplyDeleteමට වකුගඩුවක් දන් දුන්නු කෙනේක් රෝහලේදීම හමුවුණා. පුදුමාකාර හැඟීමක් ඇතිවුනේ ඔහු හා කතා කරන කොට. ඒ වකුගඩුව දී තිබුණේ තමන්ගේ බිරිඳ ගේ මාමා (බිරිඳගේ අම්මාගේ මල්ලී) ට යි.
"පුදුමාකාර හැඟීමක් ඇතිවුනේ ඔහු හා කතා කරන කොට."
Deleteඒක ඇත්තයි... ඒත් හැඟීම් විතරක් අනාගතේ සුරක්ෂිත නොකරන තැනදී තමා ප්‍රශ්න එන්නේ..මගේ අරමුණ ඒ පාර්ශවය ස්පර්ශය කිරීමයි...
කාකාට මේ ගැන ගෙදරදීම දැනුවත් වෙන්න හැකියාව තියේනේ...
ලංකාවෙ තත්වෙට වඩා ඉන්දියාවෙ තත්වෙ බරපතලයි. දරුවන්ට දෑවැද්ද හොයන්ටත් මවුපියො ඇඟේ කැලි දන්දෙනවා.
ReplyDeleteමා මැරුණු පසු අවයව දන්දීමකට ලියා තියෙනවා. ඒනිසා මගේ දරුවන් දැනුවත් කර තිබෙන්නෙ මරණයට පෙර මා රෝහලට ගෙන ගොස් අවශ්‍ය උපකරන වලට සම්භන්දකරන්ට කටයුතු කරන්ට ය කියා. අවුරුදු පහලොවක් තිස්සේ මාවකුගඩු රෝගීන් හා ගැටෙමින් ජීවත් වෙනවා. මගේ අත්දැකීම අනුව නම් පවුලේ කෙනෙකුගේ වකුගඩු ලබාගත් අයට කරදර අඩුයි.
අනිවාර්යෙන්ම වකුගඩුවක් දන්දුන්න කෙනෙක් බෙහෙත් බොන්න ඕනේ වකුගඩුව ගත්තු කෙනා ඒ වියදම් දරන්න ඕනේ.අපේ ගෙදරට අල්ලපු ගෙදර ඇන්ටිටත් වකුගඩුවක් බද්ධ කලා.එයාට මළගෙවල් වල යෑම අදටත් තහනම් කරලා තියෙන්නේ වෛද්‍යවරු ඒ මදිවට හෙම්බිරිස්සාවක් හැදුනත් සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා.එයාලා වකුගඩුව දන්දුන්නු කෙනා දෙන පුංචි දැනුම් දීමකට පවා උපකාර කරනවා අදටත්... වකුගඩුව බද්ධ කරලා දැන් අවුරුදු 5ක්...
ReplyDeleteමොනා උනත් මාරයියේ අන්තිම හරියේ කියලා තියෙන කරුණු හරි වැදගත්...
කවුරුත් වැරදි නැත. සියල්ලෝම ඒ ඒ අවස්ථාවන්වලදී තමන්ට නිවැරදියි යැයි හැඟෙන දේ සිදු කරති
ReplyDeleteමාරයියා අන්තිමට ලියලා තියෙන ටික තමයි ගොඩක්ම හිතට දැනුනේ.. ඇත්තටම හාමුදුරුවන්ගෙන් වකුගඩුව ගත්ත මිනිස්සු හරියට උදවු කලානම් මේ හාමුදුරුවන්ගේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බා නේද කියලා හිතෙනවා..
ReplyDeleteවකුගඩු හෝ මොනවා හෝ..ගන්න යන අය..දෙන අයට දෙන්න ඉස්සෙල්ලා කරන සැලකිල්ලයි දුන්නට පස්සෙ තියෙන කෙටිකාලීන සහ දිගු කාලීන සැලකිල්ලයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා.. දෙන අය යමක් බලාපොරොත්තු විය යුතු නෑ කොහෙත්ම.. ඒත් ලබන්නාගේ ජීවිතය රැකෙන්නෙ ඒ දීමෙන්ම නම්..අඩුම තරමේ ඒ රැකෙන ජීවිතයට කඳුලක හරි යුතුකමක් තියෙන්න ඕනි යම් දේකට..මිනිස්සු බහුතරයක් ඒ තරම් කෘතඥ නෑ..
ReplyDeleteමොන තරම් අඩුපාඩු තිබුනත් වකුගඩුවක් නොදන්නා කෙනෙකුට දන්දීම කොයිතරම් ශ්‍රේෂ්ට ක්‍රියාවක්ද ?
ReplyDelete