12 June 2012

හෙලුප් එකක් දීහල්ලා..අයියා අනාතයි...

ලොක්කා සෑහෙන අවුලක ඉන්නේ.. ඔන්න මුල ඉදන්ම කියන්නංකෝ කතාව...

මං මුලින්ම නෙට් ආවේ ලංකා බෙල් ෆෝන් එකක් ආධාර කරගෙන... ෆෝන් එකෙන් කේබල් එකක් කොමාට අමුණලා..ඒ කේබල් එකත් එක්ක දුන්න සී එහෙකින් සොෆ්ට් වෙයාර් එහෙකුත් දාගෙන.. එක එක අංක හැට හුට හමාරක් ගහලා බොහෝම අමාරුවෙන් හදා ගත්ත ලයින් එකක්... මාස දෙක තුනකට සැරයක් ආයෙම සොෆ්ට් වෙයාර් එක අහක් කරලා මුල ඉදන් දාන්න ඕන..මොකද නැත්තං හිටු ‍කියලා ලෙඩ දෙනවා.. ඒ දවස්වල පාවිච්චියත් ඉතිං දන්න එකම වෙබ් බ්‍රව්සරේ වෙච්ච වින්ඩෝස් එක්කම එන ඉන්ටකෝ නෙට් එක්ස්ප්ලෝර් අයියා තමා...

හැබැයි මාසෙකට යන වියදම ඉතා අඩුයි... දවසකටම පිච්චෙන මෙගා බයිට් ගාන දහයයි දොලහයි... ඇයි ඉතිං එක පිටුවක් ලෝඩ් වෙන්නත් විනාඩි 5ක් විතර යනවනේ... මං ඉතිං අළුත් පේජ් එකක් ඕපන් වෙන්න දාලා තේ එකක් එහෙමත් හදං එනවා..
----------------------
ඊ ළගට මං ගත්තා මොබිටෙල් අප්පුහාමිලගෙන් නෙට් පහසුකං.. ඒ අර මගේ හෑන්ඩ් ෆෝන් එකට කේබල් එකක් මාට්ටු කරලා ඒක හරහා... ඒ දවස්වල සතියකට රුපියල් සීයයි..200MBයි..ඒක ඇති හොඳටම මගේ වැඩ වලට... ඒ කියන්නේ මගේ පාවිච්චිය මාසෙකට රුපියල් හාරසීයයි..800MB යි... යන්තං වේල පිරිමහ ගත්තා.. හැබැයි ඒ වෙනකොට මං ඉන්ටකෝ නෙට් එක්ස්ප්ලෝර් අයියා එලෝලා ගූගල් ක්‍රෝම් අයියව දාත්තා.. අර ඉන්ටකෝ නෙට් අයියට වඩා සුළු මෙගා බයිට් ගානක් වැඩි පුර යනවා වගේ තේරුනත් ක්‍රෝම් අයියා හරි හුරු බුහුටියි... පහසුයි... කොටින්ම කියන්න වරදක් ඇත්තේම නැති තරං...ඒත්...

ඔන්න මං පස්සෙන් පහු ගත්තා ඩයලොග් අප්පුහාමිලගෙන් පැකේජ් එකක්... ඒක 2GBකනෙක්සොමක්.. මාසෙට බිල එනවා බදුත් එක්ක රුපියල් 900ක් විතර... වැඩිපුර 1GB ගන්නවනං තව රුපියල් 360ක් විතර එකතු වෙනවා බදුත් එක්කම... හැබැයි අපරාදේ කියන්න බැහැ 2GB පාවිච්චි කරලා ඉවරයි කියලා බෙල්ල කැපුවා වගේ කපන්නේනං නැහැ..ඔහේ වැල මදුල වගේ ඇදි ඇදි හරි කනෙක්ෂම දුවනවා... හැබැයි පට්ට ස්ලෝ...ඒත් ඉතිං ඔහේ මාසේ ඇදගතෑකි...හැබැයි අපරාදේ කියන්න බැහැ උන්දලා ටික දවසකින් අර ගනන් වලටම තව වැඩිපුර 1GB දුන්නා.. ඒ කියන්නේ දැන් 3GB පැකේජ් එකක් තියෙන්නේ...

ඔහොම තමා මේ ලගක් වෙනකල් දිව්වේ.. ඒත් මේ ලගකදී ඉදන් මට හෙන අවුලක්...

වෙනදා මං දවසකට 100MB ක් විතර තමා පාවිච්චි කරන්නේ.. ඒ ඉතිං දවස පුරාම ඔන් ලයින් ඉදලා..මූණු පොත/ජීමේල් එකවුන්ට් එක/ගූගල් රීඩරේ එහෙම නිතරම ඕපන් කරපු ගමන්ම තියලා... ඒ අතරට තව හම්බවෙන බ්ලොග් බැලිල්ලත් තොරතුරු හෙවිල්ලත් වගේ සාමාන්‍ය කටයුතු කරන ගමන්ම..එහෙම කරලත් මට 100MB පනින්නේ එහෙමත් දවසකදී තමා..ඉතිං මාසෙකට ගානට ඇති 3GB පැකේජ් එක ගානට සෙට් වෙනවා...

ඒ උනාට මේ ලගකදී ඉදන් හිටි හැටියේ මගේ දෛනික MBභාවිතය හිතාගන්න බැරි මට්ටමට ඉහල ගියා... සමහර දවස්වලට 200MB ආයේ දවසක 300MB...ඔන්න ඔහොම හිටු කියලා MBකන්න ගත්තා..හැබැයි මං වෙනදා වගේම තමා නෙට් භාවිතය... ඒ අතරේ තව වැඩක් සිද්ද වෙන්න ගත්තා ඒ තමා හිටි හැටියේ බ්‍රව්සරේ හුගක් ස්ලෝ වෙන එක.. මාත් ඉතිං හැම තැනම හොයලා හොයලා හේතුව අල්ලගත්තා.. ඒක අහුඋනේ වින්ඩෝස් ටාස්ක් මැනේජර් අයියගෙන්.. මෙන්න අර වගේ ස්ලෝ වෙන වෙලාවට එකේ පෙන්නනවා ගූගල් ක්‍රෂ් හැන්ඩ්ල් ද මොකක්ද කියලා ප්‍රෝගෑම් එකක් රන් වෙනවා.. මං ඉතිං ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ඒක ආව ගමන් ඒක උඩ ක්ලික් කලා..එබුවා ඩිලීට් බටොන් එක..එතකොට එන මොකක්ද මංදා වින්ඩෝ එක ඔකේ කලා..අන්න වැඩේ ගොඩ..අරක මැකෙනවා.. ආයෙම ස්පීඩ් එක යථා තත්වයට පත් වෙනවා... ඒත් අර MBකන එක නවතින්නේ නැහැ..

මට පේන විදියට මොන මගුලක් හරි කොයි වෙලෙත් මගේMB ටික වළඳනවා මටත් හොරාම.. අන්තිමට මං අද උදේ දැඩි තීරණයක් ගත්තා... ඒ තමා ක්‍රෝම් අයියව පැන්නීම.. ඔව්..උන්දැව පන්නලා මං දාගත්තා අර ගිනි නරියව.. දැන් තියෙන්නේ ඒකා.. ඒත් හත් ඉලවුවේ මූ හෙනට පික්ෂු කෙලිනවා.. එක පාර ටැබ් දෙක තුනක් ඕබන් කර ගත්තම මවුස් පොයින්ටරෙත් යන්නේ පැන පැන..ඒ කියන්නේ ස්ලෝ... කො‍හොම හරි දගලලා මේකේ පෙනුමයි බුක් මාක් ටිකයි හරි ගස්ස ගත්තා උනත් මේ ස්ලෝ විල්ල හරියන්නේ නං නැහැ.. අනිත් එක තමා මං අර නෙට් ස්පීඩ් එක මයින් මීටරෙන් බැළුවම මුංදැත් සෑහෙන වේගෙන් කාගෙන කාගෙන යනවා MB ටික.. හපොයි මගේ MB ටික..

දැන් ඉතිං මං කල්පනා කොරන්නේ මොකද කොරන්නේ කියලා... ආයෙම ක්‍රෝම් අයියට එන්න කියන්න හිතයි..මොනවා උනත් ඌ ලස්සනට පිළිවෙලට වැඩ කලා..ඒත් MB කන එකට හේතුවක් හොයා ගන්න බැහැ... අර හිටි හැටියේ එන අමුතු ප්‍රෝගෑම් එක මොකක්ද කියලා හොයාගන්නත් බැහැ... මට දැන් සංසාරේ එපා වේගන එන්නේ මේ උලව්ව හින්දා... ඇක්ස්ප්ලොර් අයියයි ක්‍රෝම් අයියයි ගිනි නරියයි ඇරුනම මං දන්න වෙන වෙබ් බ්‍රව්සර් ඇත්තෙත් නැහැ... හයියෝ මං අනාථයි...

මේ පුරස්න ටිකට උත්තර දන්න එකෙක් ඉන්නවනං හනේ කියා දියල්ලා..අයියා නන්නත්තාර වෙලා ඉන්නේ මේ මොහොතේ...
(ලොකු පැකේජ් එහෙකට පලයං/අළුත් කොමෙක් ගනින් වගේ උත්තරනං එපා මේං වැන්දා...)

95 comments:

  1. අනේමන්දා,ඔක්කොමඑකයිවගේ

    ReplyDelete
  2. lokka .. aya format karala ganda .. eke thama lasima wade..

    ReplyDelete
  3. වෛරස ප්‍රශ්නයක් වගේ පේන්නේ.

    ReplyDelete
  4. මගේ කලා ඥානේ හැටියට මට පේන්නෙ වයිරසයක් විත්තිය. ඊට වඩා කියන්න තේරෙන්නෙ නෑ. අනේ මන්දා මම නං ඕවා බලන්නෙම නෑ. ස්ලො වුනාමයි තේරෙන්නෙ.... මාසේ අන්තිම නේද කියලා. මටත් හිතෙන්නෙ ෆෝමැට් කොලොත් හොදා කියලා. මං දන්න එකම බේත එච්චරයි ඹ්ං....!

    ReplyDelete
  5. ක්‍රෝමව ගලවල ආයෙත් දාල බලපන් මාරයියේ .....
    ඔහොම වෙනවා සමහර වෙලාවට ...

    ReplyDelete
  6. google chrome වල තියන case එක තමයි අපි tab එකක් ඕපන් කරන්න කරන්න අලුතෙන් process එකක් පටන් ගන්නවා.වෙන browser වල කොච්චර tab open කරත් එක process එකයි දුවන්නේ. ඒක නිසා ටැබ් 7-8 ක් ඕපන් කරාම කම්පීතරේ crash වෙන්නේ . අකිල

    ReplyDelete
    Replies
    1. මචෝ computer එක නම් crash වෙන්නේ නෑ හැබැයි slow නම් වෙනවා. chrome වලට ටිකක් වැඩිපුර RAM ඕනේ.

      Delete
  7. ම්ම් අයියාගෙ ලැපේ රැම් එක මදි FF වලට.. පරණ වර්ශන් එකක අනුමත කරමි!
    සිංහල වලට එහෙම හොද සහයක් දක්වනවා FF, මට ක්‍රොම් අල්ලන්නෙ නැහැ.. ඒක නිසා ඒ ගැන දන්නෙ නැ.. මොකක් හරි වයිරස් එකක් වැඩ කරනව කියලා හිතෙනවා ලැපෙ..
    ඔය trojan horse වගේ එකක්ද දන්නැ.. ඒම උනොත් ඒක එවපු එකා කෙන්දර විස්තර ටික හේම උස්සයි ඇ..!!

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මේක කෙරුවොත් නං මාරයා ඉවරෙටම ඉවරයි ඕං......!

      Delete
  9. අයියලා අන්කල් ලා අප්පුහාමිලා එක්ක සෙල්ලම් කරන එක අඩුකරලා ඇන්ටි යෙක් ගෙදරට එක්ක වරෙන් මාරයෝ.

    ඇන්ටිවයිරසයක් ගැන කිව්වේ.

    ReplyDelete
  10. මාරයාගේ MBකන මාරයා! කිව්වනං හරි.
    මං ඔය ටැක්නිකල් නං දන්නෙ නෑ. උඹට පුළුවන් නං අපේ ඔපීසියට වරෙන්. මම මැසිමක් සෙට්කරල දෙඤ්ඥං ඇතිවෙන්න බ්ලොග් ලියන්න. :-)
    ගිනි නරිය නං ඔය කියන තරං අවුලක් නෑ. මම පාවිච්චි කරන්නෙත් ඒක. අපේ ස්ලෝ කනෙක්ෂන් එකට කියාපු බඩ්ඩ. ටැබ් 5ක් විතර ලේසියෙන් ඕපන් කලෑකි.

    ReplyDelete
    Replies
    1. මගේ ගානේ මහජනයාගේ වියදමෙන්ද?

      Delete
  11. මමත් පාවිච්චි කරන්නේ ක්‍රෝම මස්සිනා. මෑන් මට නම් හොදයි. හැබැයි අර ඇනෝ ඇවිත් අකිල කියපුදේ හරි.. හොදම දේ නැවත වෛරස් චෙක් කරන්න. මට නම් එයිට වඩා දන්නේ ෆෝමැට් කොරන්න විතරයි. මේකට අපේ මිත්‍ර අයි ටී කප්පිත්තෝ දෙන පිළිතුර අපිටත් වැදගත් වෙයි

    ReplyDelete
  12. ඒ අතරට තව හම්බවෙන බ්ලොග් බැලිල්ලත් තොරතුරු හෙවිල්ලත් වගේ සාමාන්‍ය කටයුතු කරන ගමන්ම..

    බ්ලොග් බලන්න අයියෙ, තොරතුරු හොයන්න යන්න ඒපා............... :D

    ReplyDelete
  13. මමත් හිතන්නේ හොද වෛරස් ගාඩ් එකක් දා ගත්තනම් හරි.

    ReplyDelete
  14. mara ayiye samahara wita automatic updates weda karanawada danne ne. windows update ehema wenawanam oya case eka wenawa. tikak balanna automatic updates on karalada kiyala

    ReplyDelete
  15. මාත් පාවිච්චි කරන්නෙ ගිනි නරිය. හැබැයි උඹ කියනව වගේ ටැබ් ඕපන් කලාට ස්ලෝ වෙන්නෙ නං නෑ.

    ඔය වගේ කේස් එන වෙලාවට මං කරන්නෙත් ෆෝමැට් පාරක් දාන එක තමයි. ඔය මොකක් හරි වයිරස් කේස් එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මම නම් අවුරුදු 3කින් මගෙ කොම්පීතරේ ෆොමැට් කලෙ නෑ. ෆෝමැට් කරනවා කියන්නෙ හරිම අපරාදයක් හරියට නොදන්න පලාතකට කුලියට යනවා වගේ

      Delete
  16. හරබර බරසාර උත්තර තාම මග වගේ :)

    ReplyDelete
  17. මමනම් කියන්නේ මාරයා අයියා අලුත් කැමරාවක් අරගෙන එකේ පින්තුර බුකියට අප්ලෝඩ් කරනවානේ. ඒ නිසා තමයි වැඩිපුර මෙගාබයිට් ප්‍රමාණයක් යන්නේ. මොකද අලුත්කමරාවේ පින්තුරේක බයිට්ස් ගැන වැඩි.

    ReplyDelete
    Replies
    1. meka nam wenna puluwan, photo upload karanna oni wunama
      Picture converter 1k dala file size 1 adu karala karanam goda thama

      Delete
  18. අපොයි ඉතින් කොහොම උදව් කරන්නද. අඩුම ගානේ උයන පිහන හැටි ගැන ඇහුවනම් මොනවා හරි කියන්න තිබ්බ... මේ නරි ගැන අපි මොනාද දන්නේ.. :D සොරි ඈ..

    ReplyDelete
    Replies
    1. හරි කියමු බලන්න තිබ්බටු ඇඹුල් තෙලට උයන හැටි

      Delete
    2. ඔන්න ඕකනෙ උඹලත් එක්ක බැරි... අහපංකො පරීප්පු හොද්දක් හරි හාල් මැස්සො බැදුමක් හරි ගැන..

      Delete
  19. මමත් සෑහෙන කල් ඉඳල ක්‍රෝම් තමයි. මාරයියා යූ බටේ වීඩියෝ බලනව නේද ? සෑහෙන්න ඩේට යනව ඒ වැඩේට. ඒකත් පොඩ්ඩක් බලන්ඩ...

    ReplyDelete
  20. බල බල ඉන්න එපා. අලුත් කොමෙක් අරගනින්

    ReplyDelete
  21. මම නම් කොහොමත් පාවිච්චි කරන්නේ ක්‍රෝම් තමයි. ගිණි නරියාව මම අයින් කලේ 3 වෙනි එකෙන්ම වෙන්න ඕනා. ඒකෙ ටැබ් 3/4 ඕපන් කරද්දි වැඩක් කරලා හමාරයි.
    GoogleCrashHandler.exe එකෙන් වෙනවා කියලා ගූගල්ලා කියන්නෙ මෙහෙම දෙයක්.

    "GoogleCrashHandler.exe runs continuously on your computer if you’ve selected to send anonymous usage statistics and crash reports to Google for certain Google software, like Google Chrome. It helps send crash details to Google when your Google software unexpectedly shuts down. We use this data to help determine how to prevent these errors from happening in the future."

    ඒක නවත්වන්න ක්‍රෝම් එකේ setting ගිහින් (chrome://chrome/settings/) ගිහින් Automatically send usage statistics and crash reports to Google එකේ ටික් එක අයින් කරන්න.

    වැඩිදුර විස්තර මෙතනින් ගන්න.

    රොයිලි෴
    wordpress ලොග් වෙලා කමෙන්ට් දාන්න බැරිද? මට preview බලද්දි එන්නෙම anonymous කමෙන්ට් එකක් විදියට. :(

    ReplyDelete
  22. මමත් ගිනිනරියම තමා. දැන් දැන් ඒක ඕනවට වැඩී. ඒ වුණාට මට අනිත්ව දිරවන්නෙ නෑ. මම නම් සමහර වෙලාවට ටැබ් 10 - 12 ක් ඕපන් කරනව මොන මඟුලක්වත් නෑ. යසට තියනව.
    හිටී ගමන් ආපු ලෙඩක්නම් මටත් හිතෙන්නෙ වයිරස් කතන්දරයක් තමා. හිත හිත ඉන්න එපා පට් පට් ගාල ෆෝමැට් පාරක් දාන්න අයිය. ඊට පස්සෙත් ලෙඩේ එමම නම් නැවත සිතන්න වෙනව. තරිඳු කියන්න වගේ වින්ඩෝස් අප්ඩේට් රන් වෙනව වෙන්නත් පුළුවන්. ඒ වුනාට ඒව ඉන්ස්ටෝල් වෙනව නම් සට් කරනකොට ඕන් කරනකොට එහෙම නැවත සෙටප් වෙනව. කොහොමටත් වින්ඩෝස් අප්ඩේට්නම් ඩිසේබල් කරන්න එපා. check for updates but let me choose whether to download and install them ඔප්ෂන් එක තෝරන්න. පස්සෙ ඇක්ටිවේෂන් එකේ ටික් මාක් එක අයින්කරල අනිත්ව ඉන්ස්ටෝල් කරන්න. කෝකටත් හොඳ වයිරස් ගාර්ඩ් එකක් දාගෙන අප්ඩේට් කරන් ඉන්න. අයිටී ඩොක්ටර්ස්ල ඇවිත් ඔය ප්‍රශ්නෙට බෙහෙත් නියම කරයි. කෝ මේ කෂ්ටිය ....

    ReplyDelete
  23. මම නම් කොම්පීටර් පොරක් නෙමේ. ඒත් මල්ලි උඹට හොරෙන් පොඩි ප්‍රෝගෑම් එකක් සෙටි වෙලා එක එක දේවල් බානවා ඇති. කෝටත් අර කිව්වා වගේ ෆෝමැට් පාරක්දැම්මා නම් නිවාරණයි. සමහර විට ටාස්ක් මැනේජර් එකේ ඇති මොනවද වැඩ කරන ප්‍රෝග්‍රෑම් කියලා. ඒවත් බලපන්.

    ReplyDelete
  24. කියල තියන විස්තර අනුව වයිරස් ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා , මාරයගේ කොම්පිටරේ ගැන නොදැන හරියටම කියන්න බැරි වුනත් ගිනි නරියා හිර වීම මෙමරි අවුලක් විය හැකියි (ගිනි නරියා වර්ශන් එක අලුත් සහ පරිඝකය ඉතා පරණ නම් )

    හොඳම දේ වින්ඩෝස් අලුතෙන් දාන එකයි , ඊට පස්සේ ක්‍රෝම් දාල ටික දවසක් මොනිටර් කරන්න වෙයි ආයෙමත් වැඩේ වෙනවද කියලා

    ReplyDelete
  25. මටනම් ක්‍රෝම්ම තමයි.. මම වෙලාවකට ටැබ් දහයක් විතර ඕපන් කරගන වැඩ කරනවා.. ගිනි කසයා වගේ වැඩ. ( ඉඳලා හිටලා පොඩි පොර වෝර්නින්ග් පාරක් දෙනවා බර වැඩියි අඩු කරපන් කියලා, එච්චරයි. )

    ඔය mb කන එකනම් මොකක්ද දන්නෑ... විරසකයක් වෙන්ඩ පුලුවන්...

    ReplyDelete
  26. මාරෙ අයියේ,

    ලෙඩා නොබල හරියටම බේත් කියන්ඩ බෑ. Task Manager එකේ Process ටැබ් එකේ පින්තූරයක්වත් තිබ්බනං ලේසියි. ඒත් එකපාරටම ෆෝමැට් නොකර මෙන්න මේ සොප්ට්වෙයා කෑල්ල දාල බලන්න.

    http://www.iobit.com/advancedsystemcareper.html

    ඕකෙ තියෙනව Deep Clean කියල එකක්. කරල බලන්න. හරියන්න ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ ටූල් එකක් වගේ මත් මගේ ලැප් එක ස්කෑන් කලා ලැප් එකෙ ස්පීඩ් එකේ වෙනසක් තෙරෙනවා හොදට

      Delete
  27. කෝ බොලව් මෙහෙව් වෙලාවටවත් නැති අයි.ටී ලොක්කො, මුං කොයි වල ගොහින්ද ?

    ReplyDelete
  28. මම නම් මතක ඇති කාලේ ඉදන් ගිනි නරියා.... අවුලක් නම් නෑ කිසි.

    මට හිතෙන්නේ වයිරස් අවුලක් වගේ අයියේ

    ReplyDelete
  29. අදාල කාරනේ ගැන මෙලෝ තාක්සනික දැනුමක් නැත...රෝග ලක්සන වල හැටියට මැල්වෙයාර් එකක් ඇතුල් වී ඇති හැඩයි...

    හොඳ ඇන්ටිවයිරස් එකකින් ෆුල් ස්කෑන් එකක් කොරල බලමු...

    ReplyDelete
  30. මචො මට හිතෙන්නෙ මොකක් හරි මැල්වෙයා එකක් ඇති http://www.bleepingcomputer.com/download/combofix/
    වගෙ ටූල් එකක් දාලා බලන්න මේක තමයි මම ඔය වගෙ ඒවට පාවිච්චි කරන්නෙ ට්‍රයි කරලා බලන්න

    …සමහර විට ඔයාව කවුරුහරි හැක් කරලාද දන්නෙ නෑ. මොකද ඔයාට වැඩිහරියක් ඉන්නෙ යාලුවොනේ.

    ReplyDelete
  31. මම BM වෙච්චි නිසා ඔය MB එක්ක කිසිම ඇයි හොදයියක් නෑ අනේ...
    සොරි අයියේ. මගේ මේ සම්බන්ධ දැනුම ගැන අයියා දන්නවනේ....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  32. ccleaner කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා එකේ ඇති tools කියලා තැනක් එකෙනුත් ඇතුලට ගියාම ඇති startup කියලා එකක්.එකේ ඇතුලේ ඇති ගූගල් අප්ඩේට් කියලා එකක් අන්න එක සිලෙක්ට් කරලා diseble කරානම් හරියයි සමහර විට

    ReplyDelete
  33. සොරි මචං...මම දන්නෙත් නැහැ..කොම්පීතර් ගැන...!

    ReplyDelete
  34. මමත් ක්‍රොම් අයියේ..මට නම් එක තමා හොද.. ඔය කොම්පියුටර් ගැන දැනුම නම් මගේ 0...

    ReplyDelete
  35. පොඩි වයිරස් චෙකින් එකක් දාගෙන, වින්ඩෝස් අප්ඩේටින්.. අනන් මනන් ඔටෝ අප්ඩේටින් සර්විස් නවත්තලා ගේමට බහින්න... එතකොට හරි. මගේ ඩෙස්ක්ටොප් එකේම දාගෙන තියෙනවා අප්-ඩවුන් මීටර් එකක්. ඒකෙන් මට හැම වෙලාවෙම නෙට් එකේ විස්තර බලාගන්න පුළුවන්... අයියා කැමතිනම් ඒක ගැන විස්තර කියන්න පුළුවනි....

    ReplyDelete
  36. ඔන්න මගේ සත පහ
    chrome වැඩ කර කර තිබී හිටි හැටියේ වැඩ කිරීම නවතා crash වීමට පටන් ගෙන තියෙන නිසා මෙය chrom වල ප්‍රශ්නයක් වීමට බැරිය. සාමාන්‍යයෙන් chrome ගොඩක් system resources (පරිගණක දේපල :P) භාවිතා කරයි. එහි දත්ත කෑමද ගොඩක් වැඩියි , හැම උලව්වකටම ගූගල් දෙයියන් විමසන නිසාය.

    ඔබගේ කොම්පිතරයට වැළඳී ඇත්තේ malware නමින් හඳුන්වන සන්නිපාත රෝග තත්වයයි. botnet නම් ක්‍ෂද්‍ර ජිවියෙකුගෙන් වුනු ඇබැද්දියක් විය හැක. net භාවිතය වැඩි වී ඇත්තේ මේ ජීවියා ජංජාලයේ සිටින අනිත් උගේ යහළුවන් සමග තොර තෝංචියක් නැතුව මල් කඩන බැවිනි.
    සුව කිරීමට අපහසු නැත. නමුත් හොඳ දොස්තරයෙක් උවමනාය.අර මිටි පහරට සත 10 යි. ගහන්න ඕනේ තැන ගැන කියුවට ඩොලර් ලක්ෂයයි කියුව කතාවේ වගෙයි. ලෙඩා නොබලා බෙහෙත් දීම අපහසුයි .
    windows වල run තීරුවේ msconfig කියා කොටා විවුර්ත වෙන වින්ඩෝවේ , startup items යටතේ ඇති සියල්ල ඉවත් කරන්න.
    මැෂිම restart කරන්න
    හරි ගියත් නැතත් සියලුම anti virus ඉවත් කර මෙය දමා (http://www.avast.com/en-au/free-antivirus-download ) , virus දත්ත apdate කර මුළු පධතියම scan කරන්න.
    දුර සිට උදව්වක් කරන්න කැමති කෙනෙක්ට මෙය පාවිච්චි කල හැක http://www.teamviewer.com/en/index.aspx

    ReplyDelete
  37. ෆෝමැට් කරන්න එපා මචං.....
    ඒක ජාතික අපරාධයක්. ඔය ලෙඩේට ෆෝමැට් කරනවා කියන්නේ නිකං "හෙම්බිරිස්සාවට හදවත් සැත්කමක් කරලා සනීප කරරන්න හදනවා" වගේ වැඩක්....
    ඕක වෛරස් එකක්මනං, ෆෝමැට් කරලා වින්ඩෝස් අලුතෙන් දැම්මා කියලා හරියන්නේ නැහැ.
    මොකද අනිත් පාටිෂන් එකක වෛරස් එකේ බැකප් ෆයිල් එකක් තිබීමේ සම්භාවීතාවය ඉතා වැඩියි.
    අනික ෆෝමැට් කරලා ආයෙත් වින්ඩෝස් දාලා, ඊට පස්සේ අනිත් සොෆ්ට්වෙයා කෑලි දාලා, ඔක්කෝම කරලා ගන්නකොට වෙලාව හරි....

    විසදුම් කීපයක් තිබේ...

    1. ඇන්ටිවෛරස් කෑල්ලක් දාගෙන ස්කෑන් කරලා බලන්න වෛරස් ගැටළුවක්ද කියලා... ගොඩක් වෙලාවට උං අල්ලනවා... ක්‍රැක් කරපු ඇන්ටිවයිරස් එකක් හෝ ට්‍රයල් වර්ෂන් එකක් වෙලාවේ හැටියට වැඩේ ගොඩදාලා දෙයි. හැබැයි පුතෝ, ක්‍රැක් කරපු ඇන්ටිවෛරස් කියන්නේ "පොලිසියට හොරු පැනලා" වගේ තමා...

    2. කොම්පියුටරේ ඔන් කරලා තියෙන වෙලාවට ටාස්ක් මැනේජර් ගිහිං බලහං දන්න ප්‍රොසෙස් වලට අමතරව වෙන රන්වෙන ප්‍රොසෙස් මොනාද කියලා. ඔයාගේ යූසර් එකවුන්ට් එකෙන්. ඔය රටේම තියෙන සොෆ්ට්වෙයා කෑලි ඉන්ට්ටෝල් කරගෙන තියෙනවනං, ගොඩක් ඒවා කොම්පීටරේ ඉස්ටාට් වෙනකොටම ලෝඩ් වෙන විදියට තමා හදලා තියෙන්නේ.
    උදාහරණ :- Yahoo Messenger, Windows Live Messenger, Adobe Reader, Skypeත් මේ වගේ තමා

    ඒවගෙන් ඒ වෙලාවට අනවශ්‍ය ඒවා නවත්තලා දාපං ටාස්ක් මැනේජර් එකෙන්ම. එතකොටත් මෙමරි නිදහස් වෙනවා යම් තරමකට.

    3. වෙබ් බ්‍රව්සරේ පරණ වර්ෂන් එකක් දාලා බලන්න.
    උදාහරණ :- Fire Fox නම් 10ට අඩු එකක්. අනිත් ඒවාගෙත් අවුරුද්දකට විතර කළිං ආපු එකක්. (මේක රෙකමන්ඩ් කරන්නේ නං නෑ...)

    4. අයියා කොම්පියුටරේ පාවිච්චි කරලා කරන වැඩ සැළකුවාම (මාගේ නැණ පමණින්),
    සිංහලෙන් බ්ලොග් ලිවිල්ල,
    අන්තර්ජාල ගතවීම,
    ඡායාරූප සැකසීම,
    සිංදු ඇහීම - වීඩියෝ බැලීම...
    වගේ දේවල් නම්,

    ලිනක්ස් OS එකකට මාරු උනොත් හොදයි කියලා හිතෙනවා.
    ලිනක්ස්වලදී ගොඩක් පරණ කොම්පියුටරේකින් උනත් එළටම මම ඔය කළින් කිව්ව වැඩ ටික කරන්න පුළුවනි කිසිම ගේමක් නැතුව.
    ඒවා විතරක්ම නෙමේ, තව ගොඩක් වැඩ කරන්න පුළුවනි...
    වෛරස් පුරස්නෙකුත් ඇත්තේම නෑ...
    ක්‍රෝම්, Fire Fox දෙකම ගින්දර වගේ වැඩ....
    OS එක දැම්මට පස්සේ ආයේ සොෆ්ට්වෙයා දදා දවස නාස්ති කරගන්න ඕනෙත් නෑ...
    වාසි ගොඩයි...
    හාඩ් එකේ ලොකූ ඉඩක් ඕනෙත් නෑ... යන්තමට 20GB තියෙනවනං ඉහටත් උඩිං.
    මට හිතෙන්නේ හොදම ඔප්ෂන් එක තමා වින්ඩෝස් තියාගෙන ලිනක්ස් කෑල්ලකුත් දාගන්න එක.
    ඒකෙන් ප්‍රශ්න අඩුයි.
    ටෙක්නිකල් සපෝට් සදහා අමතන්න ඕනේ කාවද කියන එක ඔයා දැනටමත් දන්නවා...

    5. ඔය මොකක්වත් සෙට් වෙන්නේ නැත්තං ඉතිං කරන්න තියෙන්නේ ෆෝමැට් කරන එකම තමා. හැබැයි ඒක මොනවගේද කියලා උඩිංම කිව්වා...

    සුදුසු දෙයක් බලලා කරන්න.
    සපෝට් එකට අපි ඉන්නවා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //ලිනක්ස් OS එකකට මාරු උනොත් හොදයි කියලා හිතෙනවා.‍‍\\
      මං හිතුව අයිය කොහෙන් හරි කැරකිලා කැරකිලා අන්තිමට ඕක කියයි කියල.

      Delete
    2. රනාගේ ideas හොදයි හැබැයි 3 වෙනි එක නම් ක‍රන්න යන්න එපා. එකේ අතුරු ප්‍රතිපල මීටත් වඩා case වෙන්න පුළුවන්.

      Delete
    3. // ඕක වෛරස් එකක්මනං, ෆෝමැට් කරලා වින්ඩෝස් අලුතෙන් දැම්මා කියලා හරියන්නේ නැහැ. මොකද අනිත් පාටිෂන් එකක වෛරස් එකේ බැකප් ෆයිල් එකක් තිබීමේ සම්භාවීතාවය ඉතා වැඩියි.//
      ඒක නම් එහෙම තමයි. ඒ නිසා මම නම් කරන්නෙ වයිරස් කතන්දරයකට මැෂින් එක ෆෝමැට් කළොත් වින්ඩෝස් දාල ඉවර වුණ ගමන් අනික් පාටිෂන් මොනවත් ඕපන් කරන්න කලින් වයිරස් ගාඩ් එකක් දාල අප්ඩේට් කරගෙන හාඩ් එකම ෆුල් ස්කෑන් කරනව.
      සැලකිය යුතු වයිරස් එකක් මැෂින් එකේ රන් වෙනව නම් ඒක අල්ලන්න, වයිරස් එක රන්වෙද්දි වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්කරල ස්කෑන් කරන එක ඒ තරම් සාර්ථක නෑ මම හිතන්නෙ. ඔය පොඩි වයිරස් ප්‍රෝග්‍රෑම් එකකට නම් ඒක හරියන්න පුලුවන්.
      කොහොමටත් නිතර නිතර හාඩ් එක ෆෝමැට්කරන එක නම් හොඳ නෑ තමයි. අනිත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන එකත් වාතයක් තමා. ඒ වුනාට මොකක් හරි ගැටළුවක් ආවම දන්න වැඩ ටිකක් දමල හරියන්නෙ නැත්නම් ඒ වෙනුවෙන් කාලය කකා හිත අමාරුවෙන් ඉන්නවට වඩා හොඳම විසඳුම ෆෝමැට් කරන එක. මට නම් ඒකෙ තියන ලොකුම වදේ ඔය වින්ඩෝස් හා අනෙක් අප්ඩේට්ස්ටුයි තව ඔය මට ඕන හැටියට සෙටින්ස් හදා ගැනිල්ලයි තමා.

      Delete
    4. නෑ එක නෙමෙයි ක්‍රමය බැකප් එක තියන හාඩ් ඩිස්ක් එක හරි පෙන් එකහරි හොඳ ඇන්ටි වයිරස් සොෆ්ට්වෙයර් එකක් තියන කොම්පීතරයකින් සුද්දකරන එක

      …හැබැයි ෆොර්මැට් කරන එක මමනම් අනුමත කරන්නෙ නෑ . මම කලිනුත් කියුවා වගෙ ඒක හරියට කවුරුත් අදුනන්නෙ නැති පලාතක කුලියට යනවා වගෙ වැඩක්

      Delete
    5. ඔව්, ලොකු ජෝන් කියන ක්‍රමේ සාර්ථකයි තමයි. වැරැද්ද තියෙන්නෙ ඔය වැඩේ කරගන්න තව කාගෙ හරි මැෂින් එකක් ඕන වෙන එක. අපේ වැඩේ ඔය මොකෙක්ගෙ හරි මැෂින් එකක් සෙට්කරගෙන කරගත්ත කියමුකො. මගේ කරුමෙකටමද මන්ද ඊට පස්සෙන් ද අරූ කෝල් කරනව මචං මගේ මැෂින් එක අරමයි මෙහෙමයි, මෙච්චර දවසක් හොඳට තිබුණ කියල. එතකොට ඉතින් කරගත්ත ගොන්කම කියල හිතෙනව. අපේ වාහෙලත් එක්ක ඔය වැඩේ කරන්න බෑ බං. මම නම් මැෂින් එකේ මොකක් හරි අවුලක් වෙච්ච වෙලාවක අඩු තරමෙ රැම් එක චෙක් කරගන්නවත් ඔය එක එකාගෙ උදව් ඉල්ලන්නෙ නෑ. රෙපයාර්කරන ෂොප්වලට යන්නත් බෑ. උං ගාන කපනව ඇඟට පතට නොදැනි. අපි අහක බලන් දාන වින්ඩෝස් දාන්නත් උන් 1500 ක් ගන්නව.

      Delete
    6. ඇත්ත. ඕක කරගන්න කොම්පීතර නොදන්න එකෙකුට දීලා බැ කොම්පීතර නොදන්න එකෙකුගෙ එකකට ගැහුවොත් අර කීව්වා වගෙ අහගන්න වෙනවා. හැබැයි ඒ ගැන හරියට දන්න එකෙක්නම් එහෙම කියන්නෙ නෑ.

      …හැබැයි රෙපෙයාර් කරන ශොප් වල ගානක් ගන්න එකට නම් මොකුත් කියන්න බෑ මොකද ඒක උන්ගෙ JOB එක. අපි සමහරවිට යාලුවන්ගෙ කොම්පීතර හදනවා ඒවට සල්ලි ගන්නෙ නෑ අපි හදන්නෙ යාලුකමට.ඒත් එතකොට ඒ හදාදෙන යාලුවට ඒ කටයුත්තෙ වටිනාකමක් නෑ සමහරවිට රෙපෙයාර් කරන තැනකට ගිහින් "අපො මෙක මට අරූට කියලා නිකන් කරගන්න පුලුවන් " කියලා කියනවා.

      …මගෙ යාලුවෙකුට 2002 දි විතර internet cafe එකක් දාන්න ඕන උනා.මගෙන් ඇහුවා Proxy server එකක් දාලා දෙන්න පුලුවන්ද කියලා. මට පුලුවන්කම තිබුනත් මම මාත් එක්ක වැඩකරපු කෙනෙකුට වැඩේ අරන් දුන්න. (එයා මට වඩා Junior) ඒත් ඒ වැඩෙට රුපියල් 10000ක් ඒ දවස්වල ගත්තා. ඒ සර්වර් එක එයාගෙ රූම් එකේ තියාගෙන කැබිනට් එකකට දාලා ලොක් කරලා තිබුනෙ. ඒ ජොබ් එකට නියම වටිනාකමක් හම්බ උනා. ඕක මම කලානම් එන උන්ට ඉන්ටෙර්නෙට් යන්නත් ඕක දෙයි.

      …(මට කොම්පීතර රෙපෙයාර් ශොප් එකක් නැතිබව කරුනාවෙන් සලකන්න)

      Delete
  38. සෑහෙන්න උපදෙස් හම්බවෙලා තියෙන එකේ ඒ අනුව කොරලා බැලුවා නම් හොඳයි. ඒත් එක්කම වෙන බ්‍රවුසරයක් දවසක් විතර ටෙස්ට් රන් එකක් දාල බලන්න එතකොට බ්‍රවුසර් අවුලක්ද නත්නම් වෙන ගිනි විජ්ජුම්බරයක් කියලා හොයාගත්තහැකි. ඔපෙරා කියන බ්‍රවුසරේ දවකට විතර ටැස්ට් කොරලා බැලුවානං.http://www.opera.com/

    ReplyDelete
  39. මේක බලන්න

    http://www.networkzindia.com/2009/10/google-crash-handler-stop-it-running.html#axzz1xZRiioJZ

    ReplyDelete
  40. මගෙ කොම්පීතර දැනුමෙ හැටියට මට පේන්නෙ මාරයියා අලුත් කොම්පීතරයකුයි, මවුස් එහෙකුයි ගත්තානම් වැඩේ ගොඩ වගේ

    ReplyDelete
  41. මට පෙන්නෙත් මැල්වෙයාර් එකක් හරි ට්‍රොජන් අශ්වයෙක් තමයි ඔය ගේම දෙන්නේ ඉතින් නිකන් හම්බූ වෙන වයිර්ස් ගාර්ඩ් එකකුයි මැල්වෙයා බයිට් කියන එකයි දාලා ෆුල් සුද්දයක් දුන්නා නම් වඩේ ගොඩ යයි
    අවීරා වයිරස් ගර්ඩ් එක මෙතනින් ගන්න
    http://www.avira.com/en/avira-free-antivirus

    මැල්වෙයාර් බයිට් එක මෙතනින් ගන්න
    http://www.malwarebytes.org/
    දෙකම ඉන්ස්ටෝල් කරලා ලයිව් අප්ඩේට් එකකුත් දීලා මැල්වෙයාර් බයිට් කෙන් ෆුල් ස්කෑන් එකක් දෙන්න අප්සට් ප්‍රොගෑම් මොනා හරි තියේ නම් අල්ල ගනී
    හිටියොත් පැත්ත පලාතේ තියා ගන්න එපා මකලා ම දාන්න

    ReplyDelete
    Replies
    1. අනික තමයි ගිනි නරියගේ අලුත්ම සංකරණය පට්ටම ස්ලොව් මත් අප්ඩටෙ කරගෙන නෑවා ඉන්න ගිණි නරියා අයින් කරලා 3.16 වගේ එකකුත් දාගෙන බලන්න

      Delete
  42. onna okata daganin aiyee maxthone web browser eka..chrome eke chash eka gannawa wadi tab 5,6 open unoth patta slow...gininariya wikara wadi..IE aluth virson fast but samahara site wada karanne.operath hodai ..safaree gana danumak nee

    ReplyDelete
  43. මාරේ අයියේ, බයිට් කන ලෙඩේට හොඳම කෙනා තමා OPERA බ්‍රව්සර් එක.. ස්පීඩ් එකත් හොඳයි... 75% ක් විතරම ඩේටා ඉතිරි කරනවා... දාගෙන බලන්න.

    http://www.opera.com/

    සමහර විට මැල්වෙයා එකක් ඇවිල්ලද දන්නෑ... මේ antimalware එක දාගෙන ස්කෑන් කරලා බලන්න.

    http://www.malwarebytes.org/products/malwarebytes_free

    ReplyDelete
  44. 600 පැන්නට පස්සේ නේද ආවේ ලෙඩේ ?
    ඇස්වහ වතුර ටිකක් මතුරලා ලැප වටේට ඉස්සනම් කොහොමෙයි ?

    ReplyDelete
  45. අප්පට සිරි, කෝකියෝ ගොඩයි නෙව. දැන් මාරයට හිතෙනව ඇති කරගත්ත ගොං කමක් කියල, තනියම ගොඩ දාගන්නෙ නැතුව. හෙහ් හෙහ් ....

    ReplyDelete
  46. ඔපෙරා දාගන්න. එක ස්පීඩ්. MB කන්නෙත් නෑ. එකේ cache කොරන විදිහ හොඳ නිසා හුඟක් එව්වා cache කරගන්නවා. මම අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කොරන්නේ එක.

    ReplyDelete
  47. boot time scan එකක් කරලා බලන්න කෝකටත් , avast වලින් කරන්න පුළුවන්..

    ReplyDelete
  48. අය්යා මට නං හිතෙන්නේ Windows Automatic Updates ඔන් කරලා වගේ එකට ගොඩක් MB ගානක් ගන්නවා පොඩ්ඩක් එකත් බලන්න.

    ReplyDelete
  49. වැල බලන එක නවත්තපන් කොල්ලො...

    ReplyDelete
  50. ලංකාවේ ඉන්නෙ ඉන්න තරමක් හොරු!
    උඹේ GB අතුරුදහන් වෙනව නම් උඹේ බිලට කොම්පැනියෙ කොල්ලෙක් හරි උගේ කෙල්ල හරි අත දිග ඇරල ෆේස් බුක් යනව ඇති.
    හේතුව කියල කනෙක්සොන් එක වහාම කැන්සල් කරපං

    ReplyDelete
    Replies
    1. අනේ ගොන් වහන්ස. නුඹ වහන්සේ වැඩ වසන්නේ කිනම් දීපයකද?

      දන්නා තරමින් මාරයාගේ ඔය කියන කොම්පැණියේ වැඩකරන පොඩිම කොල්ලොත් ලක්ෂ 2ක් විතර පඩි ගන්නවා. අපේ ර0ගයා වගේ. ලොකු උන් ගැන කවර කතාද? ඕක තමයි ල0කාවේ වැඩිම පඩි ගෙවන තැන. මේ අහින්සක මාරයාට උන් කරදර කරන ඒකක් නෑ. ඔය කියලත් තියෙන්නේ කනෙක්ෂන් එක කපන්නෙත් නෑ කියලා

      උඹේ තියෙන්නේ 'හච්' එකක්ද? අපිටනම් ඉතින් දුප්පත් ටෙලිකොම් තම්යි.

      Priyantha S.

      Delete
  51. උත්තර වලින් මට රොයිලි ගේ කතාවට එකඟ විය හැක... ට්‍රෝජන් එකක් විය හැකි මුත් මොකක්දෝ හේතුවකට මට එය නොසිතේ. ෆොර්මැට් කිරීම නොකීරීම පිලිබඳව මගෙ අත්දැකීම නම් වින්ඩෝස් ඔර්ජිනල් ද නැද්ද මත පදනම් වන බවයි. හොර කොපි පාවිච්චි කලපු කාලෙ මාස තුන හතරකට සැරයක් අනිවාර්යෙන්ම ෆෝර්මැට් කලෙමි. දැන් අවුරුදු තුනක් තිස්සෙ ඔරිජිනලයක් පාවිච්චි කරමි.

    අවුරුදු ගනනාවක් තිස්සේ නරියාව පාවිච්චි කරමි. ඩයලොග් 3GB එකක් මට හොඳටම සෑහේ. මගේ මෙමරිය 3GB ය. මාර මෙමරිය පිලිබඳව තතු දෙන්නේ නම් තව සිතා බැලිය හැකිය.

    රොයිලිව අනුමත කරමි. රනා පොඩ්ඩක් සැර වැඩිය. මේ මට හිතෙන හැටිය..

    ReplyDelete
  52. අපි නම් ඉතින් 20mb එක්ක අන්ලිමිටඩ් හැප්පෙන නිසා ඕක එච්චර දැනෙන්නේ නෑ.. ඒ නිසාම ඉතින් මගෙන් උපදෙස් අරන් අයියට වැඩක් නෑ... :)

    ReplyDelete
  53. වෛරස් චෙක් කරගන්න මාරයියේ.වෛරස් ගාඩ් එකක් වගේම ෆයර් වෝල් එකකුත් දාගන්ඩ..
    zone alarm හොඳයි

    ReplyDelete
  54. හනේ අප්පේ මාර අයියටත් වෙන්නේ මාර වැඩ තමයි. පොරශ්නෙට උත්තරයක් මං දන්නේ නැනේ අප්පා.

    ReplyDelete
  55. මේක web browser එකේ ප්‍රශ්නයක් වෙන්න හැකියාව හුගක් අඩුයි. මුලින්ම කරන්න ඔනේ වයිරස් තියේද කියලා බලන එක තමා.

    DDT කියලා තියන කතාව ඇත්ත. වයිරස් තියන computer එකකට වයිරස් ගාඩ් දැමීම වැඩක් නැති වැඩක්. මොකද තියන වයිරස් එක අර අලුතෙන් install කරන වයිරස් ගාඩ් එක වෙනස් කරගන්නවා අල්ලන්නේ නැති වෙන්න. (අත්දැකීමෙන් කියන්නේ)

    ෆොමැට් කරනවා කියලා C drive එක විතරක් ෆොමැට් කිරීම වැඩක් නැති වැඩක්. එහෙම ෆොමැට් කරනවා නම් සම්පුර්න හාඩ් එකම ෆොමැට් කරලා. වින්ඩොස් දාලා වෙන කිසිම pen drives, external hard disks, CD, DVD කිසිම දෙයක් දාන්නේ නැතුව. මුලින්ම වයිරස් ගාඩ් එකක් දාල අප්ඩේට් කරන්න ඔනේ.

    ෆොමැට් නොකර ගොඩින් බේරගන්න නම් rescue disk එකක් පාවිච්චි කරන්න වෙනවා.

    RESCUE DISK

    මුලින් ඔක download කරලා CD එකකට write කරගන්න.

    මෙතන කියලා තියන විදියට කරන්න. වයිරස් ප්‍රස්නේ විසදෙනවා.

    Click Here

    ReplyDelete
  56. හනෙ හප්පේ...

    උදේ ඉඳන් මලා..තාමත් මැරෙනවා...

    වෛරස් ගාඩ් හැට හුට හමාරක් බානවා දානවා ස්කෑන් කොරනවා.. ඒත් කියන්න දුකයි වෛරස් අහු වෙන්නේම නැහැ..මං කියන්නේ ආසාවට එකෙක් අහු වෙයංකෝ හරි හරි ඒක තමා හේතුව කියලවත් මට හිත හදා ගන්න..කොහේද අහු වෙන්නෙම නැහැ.. හැබැයි අර මැල්වෙයා බයිට් කාරයට මොනවද මංචා ෆයිල් 5ක් අහු උනා..එව්වා කම්මුතු කොලා...

    අපේ ගරුක මලයයි රොයිලියයි ටිරාජ් මලයයි සෑහෙන උපදෙස් මාලාවක් ලැබෙන්ට සැලැස්සුවා..ඒ අනුව අර ගූගල් ක්‍රෂ් උලව්වනං අහවර කරගත්තා... රනාත් මුල ඉදන්ම ගොඩ දාන්න උදව් කලා.. ඒත් අර සිහිනයා කිව්ව කතාව මාත් හිතුවා කියලා නොකිව්වොත් ඒක හරි මදිනේ..:D:D:D

    කොහොම උනත් දැනට උගත් පාඩම්...

    සියළුම බ්‍රව්සර්වලට වඩා Opera පහසුය..වේගවත්ය..කරදරලස්ය..එහෙත් කොස්සක් ඇත...උන්දැට සිංහල හරියකට බැරිය.. මා පාවිච්චි කරනා විජේ‍සේකර ගොයියාව උන්දෑ අදුරනවා හොරය..කොම්බු කැලේය... නැත්තං මල් හතයිය..මෙගාබයිට් කනවා තියා හිතන්නේවත් නැත..එපමණට එය මට අල්ලා ගියේය... එහෙත් සිංහල අවුල නිසා පාවිච්චි කිරීමට නොහැකිය...

    ක්‍රෝම් හැමඅතින්ම නම්‍යශීලිය..වේගවත්ය..එහෙත් මෙගා බයිට් වළඳයි...

    ගිනි නරියා..ඌ ගැන කතා කරන්න ගියොත් රනා මට නෙලනවාය..ඒ හින්දා ඒක අල්ලලා දාමු...

    කොහොම උනත් අද උදේ ඉඳන් මේ වෙනකල් මේක ගැන උනන්දුවෙන් තම තමුන් දන්න කියන හැම දෙයක්ම ලෝබ නැතිව කියා දුන් හැමෝටමත් බොහෝම ස්තීතුයි.. ඒ වගේම මට විතරක් නෙවෙයි මං හිතන්නේ මේ පෝස්ට් එකේ කමෙන්ට් හරහා හුග දෙනෙක් මොන මොනවා හෝ ඉගෙන ගන්නට ඇතැයි සිතමි... ඒවත් ලොකු පිංකංය... ඉංගිරිසී හරහට ඉගෙනගෙන කොමාලා අතපත ගාන මං වගේ උන් තව නැති වෙන්නට බැරිය.. බොලාලා මට තේරෙන භාෂාවෙන් ලිව්ව දේවල් මගේ බෝට්ටුවේම ඉන්න හුග දෙනෙකුට ආධාර උපකාර වේවායි පතමි..

    හැමෝටම දහස් වාරයක් ස්තූතියි...

    හා දැන් ආයෙමත් බාපන්..දාපං ස්කෑන් කොරපං...

    ReplyDelete
    Replies
    1. ලෙඩේ තාමත් තියෙන හැඩයි... :D
      රටේ නැති ඇන්ටි වරස් සියල්ල දැමීමෙන් වලකින්න. වින්ඩෝස් registry එක ගොඩ ගන්න බැරි ලෙස නරක් වී යාවි. antivirus වල detection rate ( ඇල්ලීමේ හැකියාව ) එතරම් හොඳ නැත. නිකන් දෙන එව්වා නම් එයිටත් නරකය. malware නම් අහු නොවෙන ගානය. ඒවගේ වරදක් නෙවෙයි. හදන හදන වරස් එක පරික්ෂනාගාරයට ගෙන කපා කොටා බලා ප්‍රතිජීවක නිකුත් කිරීමට කල් ගත වන නිසාය. හැම වෙලේම virus ඉදිරියෙනි.
      Chrome වල extension තිබේ නම් ඒවා සියල්ල disable හෝ ඉවත් කර බලන්න.
      Chrome ->Window -> Extensions

      හැකි නම් මෙය කර බලන්න
      http://googlesystem.blogspot.com.au/2010/02/google-chrome-safe-mode.html

      පහත ස්ථාන වල සැකකටයුතු ජීවින් විසිය හැක. ඒවායේ ඇති සියල්ල delete කර දමන්න
      c :\Windows \Temp
      c :\Windows \prefetch
      c :\Documents And Settings \*profile name*\Local Settings \temp
      hard disk එක right click කොට disk clenup යන්න. එය scan කොට ඉවර වූ පසු එහි ඇති සියල්ල තෝරා delete කර දමන්න
      programs මේනුවේ start up මේනුවේ යමක් ඇත්නම් ඉවත් කර දමන්න (Start->[All] Programs->Startup )
      msconfig බේත දී ලෙඩේ සුව නොවූ බව පෙනේ. ඒ නිසා වැඩිය ඒ ගැන නොලියමි. හැබැයි ගොඩක් ලෙඩ වලට අපුරු බේත...
      මෙය වීමට ලඟදි බාගෙන install කල පිස්සු software (ගේම් , screen savers , mouse pointers , )ඇත්නම් ඒවා ඉවත් කර දමන්න. program files ෆෝල්ඩරයෙන්ද delete කර දමන්න...

      Delete
    2. මම හිතන්නෙ අර කියපුවා බාලම මෙ මාසෙ කෝටා එක ඉවර ඇති

      Delete
    3. Chrome ගේ නෙට් අධි භාවිතය ගොඩ දෙනෙකුන්ට ඇති ප්‍රශ්නයක් බව පෙනේ.
      http://www.grumpymiddleagedman.co.uk/2012/04/18/google-chrome-using-too-much-bandwidth/
      භාවිතය පහසු හා වේගවත් කිරීමට නිතර යන පිටු load කොට තියා ගන්න නිසා නිරපරාදේ MB වැය වෙයි.
      Netlimiter ( http://www.netlimiter.com/) දා ගෙන මොන programs කොච්චර නෙට් පාවිච්චි කරනවාදැයි විමසිල්ලේ සිටින්න. මෙකල ගොඩක් අයට brodband ඇති නිසා නෙට් භාවිතය අවම කිරීමට පියවර ගැනීමට බ්‍රවුසර් නිෂ්පාදකයන් එතරම් උනන්දු නැත. ඔවුන් වේගය හා වැඩ කෑලි වලට වඩා ප්‍රමුකත්වයක් දෙයි.
      පැකේජ් එක වැඩි කර ගන්නවා ඇරෙන්න ලෙඩේට බේත් නැති හැඩයි.

      Delete
  57. හැමෝම උත්තර දීලාය.... මට අළුතින් කියන්න මුකුවත් නැත.... chrome විතරයි මට නම් අල්ලන්නේ ඒකෙ තරම් ආතල් එකේ වැඩකරන්න අනික් එව්වාගේ මට නම් බෑ...

    ReplyDelete
  58. අනේ සමාවෙන්න මමනම් ඕවා ගැන දන්නේ නැත ....උපකාරයක්‌ කිරීමට නොහැකිවිම පිළිබද බලවත් ශෝකය ...

    ReplyDelete
  59. මැෂින් එක දකින්න නැතිව දෙන්න තියෙන එකම පිළිතුරයි.(දැනෙන පේන විදියට වෛරස් වගේ)
    * වටිනා කියන දේවල් බැකප් කරගෙන මුළු හාඩ් එකම ෆෝමැට් කරනු.
    * ගැලපෙන ඕ.එස් එක දාලා මුලින්ම වෛරස් ගාඩ් එකක් දමනු.සීරියල් ක්රැක් කරන්න දන්නෙ නැත්නම් ලෝභ නැතිව කැස්පර්ස්කි වගේ එකක් සල්ලි වලට අරගෙන දාන්න.ඊට පස්සේ පරණ විදියට වැඩ කරගන යනු.හැබැයි ලෙඩේ වෙලාවෙ ගහපු පෙන් වගේ දේවල් නැවත පාවිච්චි කරන විට පලමුව වෛරස් ස්කෑන් කරල සුද්ද බුද්ද කරගන්න ඕන.

    ඕක තමයි මේ වෙලාවෙ කරන්න තියෙන ලේසිම හා පහසුම වැඩේ.

    * වැඩි පණ්ඩිත මහප්‍රාන නැතිව ලෙඩේට සරල තේරෙන විදියට බෙහෙත් ගන්න ඕනනම් හැක්ක්‍රිස්,රතී(රතීගෙ දිනපොත),සදරු(හිස් අහස) වගේ කෙනෙක්ව සම්බන්ධ කර ගන්න.

    ReplyDelete
  60. ඔපෙරාවක් ද ගන්නවා නම් සුද්දගේ ඉංගිරිසි ඒවා නැතුව කේමදාස මාස්ටර්ගේ අග්නි වගේ එකක් දා ගන්න....

    ReplyDelete
  61. මාරයෝ ඔය උඹට පලදෙන්නේ අපේ කෙල්ලට දාන්ඩ කැතමකැත නමක් දුන්න පාපකර්මය තමයි.

    රණා කියන එක හරියට හරි.
    දාපන් බං ලීනක්ස් , පට්ටයි,
    මම දැන්මේ කොටන්නේ 2002 හදපු කොම්පීතරයකට හන්තාන 14/7 කියන ලීනක්ස් එක දාගන,

    ටිකක් පාවිච්චි කරලා බලහන්.

    වීන්ඩොස් වලට කරන්ඩ ඔන කරන හරිය උඹට කට්ටිය කියලා තියෙන්නේ.

    මට නං ලේසිම වැඩේ තමයි අළුතින් දාන එක

    ReplyDelete
    Replies
    1. මම හන්තාන ඩවුන්ලෝඩ් කරන්න ගිහින් නානවා. නැද්ද විකල්ප එහෙම? කොහෙන්හරි සල්ලි වලටවත් ගන්න? ඩෙස්ක්ටොප් එකේ දාල බලන්න ඕනේ. ලැප නම් ලයිසන් වින්ඩෝස් හින්දා ෆෝමැට් කොරන්නේ නැත.

      Delete
  62. මේක ගොඩක් වෙලාවට මැල්වෙයාර් එකක් වෙන්න ඕන. Format කරන කතාවනම් කරන්න එපා. ඒක නිකං අර කව්ද කිව්ව වගේ සෙම්ප්‍රතිශ්‍යාවට ඔපරේෂන් එකක් කරනවා වගේ අපරාදයක්. මේකට හොඳම වැඩේ තියෙනවා Free Download SW එකක් ComboFix කියලා. ඒක අරගෙන ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරන්න. බොහොමයක් වෙලාවට වැඩේ ගොඩ යනවා. නැත්නම් ටාස්ක් මැනේජර් ගිහිල්ලා අන්වෝන්ටඩ් ප්‍රෝග්‍රෑම්ස් හොයලා RegEdit එකට ගිහිල්ලා ඒවා බලලා එකින් එක නවත්තන්න ඹ්න. ඒත් මුලින්ම ComboFix එක බලලා ඉන්න.

    අනිත් එත් Chorme එකේ යුසේජ් එක ටිකක් වැඩි වුනත් දැන් තියෙන හොඳම එක. FireFox නම් පාවිච්චි කරන්න එපා සෙකුරිටි මදි. මාස්ටර් පාස්වර්ඩ් එකක් සෙට් කරලා නැත්නම් ඕනම පාස්වර්ඩ් එකක් බලන්න පුළුවන්. මාස්ටර් පාස්වර්ඩ් එක තිබුණත් ඒක එච්චරට පවර්ෆුල් මදි කියලා තමයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  63. මටනම් opera කියන බ්‍රව්සර් එක තමයි අල්ලලා ගිහින් තියෙන්නේ...
    ඒ තරම් ලොකු ස්පීඩ් එකක් නැති ඉන්ටර්නෙට් ලයින් එකකින් පවා මම කරදරයක් නැතුව ටැබ් 10 ට වඩා හැමදාම ඕපන් කරගෙන ඉන්නේ...
    වයිරස් මොනවා හරි තියෙනවනම් එව්වට පිලියමක් යොදාගෙන ඊටපස්සේ Opera දාල බලන්න නිකමට වගේ... ;)

    මෙන්න මේ තරම් ටැබ් ප්‍රමාණයක් මම අනිවාර්යයෙන් හැමදාම වගේ ඕපන් කරනවා කිසි අවුලක් නැතුව...

    http://i47.tinypic.com/u4uie.jpg

    ReplyDelete
  64. මටත් හිතෙන්නෙ අයිය වයිරස් චෙක් කරගත්තොත් හොඳයි කියල.....මොකද මාත් පාවිච්චි කරන්නෙ ක්‍රෝම් එක....මටනම් ඒක එළම කිරි....කිසිම අවුලක් නෑ......

    ReplyDelete
  65. මොකක්වත් වයිරස් එකක්නම් නෑ මට පේන විදියට. ඔය තියන ටුල් බාර් ටික අහක් කරගත්තනම්. මගේ හිතේ බැබිලෝන් ටුල් බාර් එකයි තව මොක හරි දෙක තුනක් ඇති. ඔව්වා බයිට් කාබයිට්.. මොන බ්‍රවුසරේ ගත්තත් වැඩක් නෑ ටුල් බාර් ටිකයි ඇඩෝන් ටිකයි හරියට නැත්නම්.

    ReplyDelete
    Replies
    1. තව දෙයක්, කිසිම පිටස්තර ටුල් එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් වලකින්න. මොකද ඒ ටුල්ස් වලින් කරන්නෙත් අපිටම කරගන්න පුළුවන් පොඩි පොඩි වැඩ නිසාත් ටුල්ස් වලින් තවත් වයිරස් හෝ මැල්වෙයා වලට ගේට්ටු හැර දීමක් සිද්ධවෙන නිසාත්. තව විස්තර ඕනේ නම් මගේ මේල්ලුවට ඊයක් එවන්න.

      Delete